යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනීයං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සූත්‍රාන්ත භාජනීය

සඞ‍්ගහවාරවණ‍්ණනා

සඞ්ගහවාරවණ්ණනා

ඉදානි තදනන‍්තරෙ පටිසම‍්භිදාවිභඞ‍්ගෙ චතස‍්සොති ගණනපරිච‍්ඡෙදො. පටිසම‍්භිදාති පභෙදා. යස‍්මා පන පරතො අත්‍ථෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදාතිආදිමාහ, තස‍්මා න අඤ‍්ඤස‍්ස කස‍්සචි පභෙදා, ඤාණස‍්සෙව පභෙදාති වෙදිතබ‍්බා. ඉති “චතස‍්සො පටිසම‍්භිදා”ති පදෙන චත‍්තාරො ඤාණප‍්පභෙදාති අයමත්‍ථො සඞ‍්ගහිතො. අත්‍ථපටිසම‍්භිදාති අත්‍ථෙ පටිසම‍්භිදා; අත්‍ථප‍්පභෙදස‍්ස සල‍්ලක‍්ඛණවිභාවනාවවත්‍ථානකරණසමත්‍ථං අත්‍ථෙ පභෙදගතං ඤාණන‍්ති අත්‍ථො. සෙසපදෙසුපි එසෙව නයො. ධම‍්මප‍්පභෙදස‍්ස හි සල‍්ලක‍්ඛණවිභාවනාවවත්‍ථානකරණසමත්‍ථං ධම‍්මෙ පභෙදගතං ඤාණං ධම‍්මපටිසම‍්භිදා නාම. නිරුත‍්තිප‍්පභෙදස‍්ස සල‍්ලක‍්ඛණවිභාවනාවවත්‍ථානකරණසමත්‍ථං නිරුත‍්තාභිලාපෙ පභෙදගතං ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා නාම. පටිභානප‍්පභෙදස‍්ස සල‍්ලක‍්ඛණවිභාවනාවවත්‍ථානකරණසමත්‍ථං පටිභානෙ පභෙදගතං ඤාණං පටිභානපටිසම‍්භිදා නාම.

ඊට අනතුරුව දැන් පටිසම්භිදා විභංගයෙහි චතස්සො යනු වෙන්කිරීමය. පටිසම්භිදා යනු ප්‍රභේද යනුයි. යම්හෙයකින් අන්‍ය වශයෙන් අත්‍ථෙ ඤාණං අත්‍ථපටිසම්භිදා යනාදිය කීහ. එහෙයින් අනිකක් නොවේ. කිසියම් ප්‍රභේදයක් ඤාණයේම ප්‍රභේදයකැයි දතයුතුය. මෙසේ චතස්සො පටිසම්භිදා යන පදයෙන් ඤාණ ප්‍රභේද සතරත් යයි මේ අර්ථය සංග්‍රහ කරන ලදි. අත්‍ථ පටිසම්භිදා යන අර්ථයෙන් පටිසම්භිදා අර්ථ ප්‍රභේදවලින් යනු ලක්‍ෂණ පැහැදිලි කරන විමසීම් කරණයෙහි සමත් අර්ථයෙන් ප්‍රභේදගත ඤාණය යන අර්ථයය. සෙසු පදවලද මෙම නයයි. ධර්මප්‍රභේද වූ ලක්‍ෂණ පැහැදිලි කරන විමසීම් කරණයෙහි සමත් ධර්මයෙහි ප්‍රභේදගත වූ ඤාණය ධම්මපටිසම්භිදා නම් වේ. නිරුක්ති ප්‍රභේදවල ලක්‍ෂණ පැහැදිලි කරන විමසීම් කරණයෙහි සමත් නිරුක්ති කීමෙහි ප්‍රභේදගත වූ ඤාණය නිරුත්ති පටිසම්භිදා නම් වේ. පටිභාන ප්‍රභේදවල ලක්‍ෂණ පැහැදිලි කරන විමසීම් කරණයෙහි සමත් වූ ප්‍රතිභානයෙහි ප්‍රභේදගත වූ ඤාණය පටිභාන පටිසම්භිදා නම් වේ.

ඉදානි යථානික‍්ඛිත‍්තා පටිසම‍්භිදා භාජෙත්‍වා දස‍්සෙන‍්තො අත්‍ථෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදාතිආදිමාහ. තත්‍ථ අත්‍ථොති සඞ‍්ඛෙපතො හෙතුඵලං. තඤ‍්හි හෙතුවසෙන අරණීයං ගන‍්තබ‍්බං පත‍්තබ‍්බං, තස‍්මා අත්‍ථොති වුච‍්චති. පභෙදතො පන යංකිඤ‍්චි පච‍්චයසමුප‍්පන‍්නං, නිබ‍්බානං, භාසිතත්‍ථො, විපාකො, කිරියාති ඉමෙ පඤ‍්ච ධම‍්මා අත්‍ථොති වෙදිතබ‍්බා. තං අත්‍ථං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස තස‍්මිං අත්‍ථෙ පභෙදගතං ඤාණං අත්‍ථපටිසම‍්භිදා.

දැන් යම්සේ පටිසම්භිදාව බෙදා දක්වන්නේ අත්‍ථෙ ඤාණං පටිසම්භිදා යනාදිය කීහ. එහි අත්‍ථො යනු සංක්‍ෂේපයෙන් හේතුඵලය. එයද හේතු වශයෙන් උත්සාහ විය යුතුය, යායුතු පැමිණිය යුතු එහෙයින් අර්ථයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් ප්‍රත්‍යයයෙන් උපන් යම් කිසිවක් නිර්වාණය, කියන ලද අර්ථය, විපාකය කිරිය යන මේ පඤ්ච ධර්මය අර්ථ නය දතයුතුය. ඒ අර්ථයෙහි ප්‍රභේදගත වූ ඤාණය අත්‍ථපටිසම්භිදා වේ.

ධම‍්මොති සඞ‍්ඛෙපතො පච‍්චයො. සො හි යස‍්මා තං තං විදහති පවත‍්තෙති චෙව පාපෙති ච, තස‍්මා ධම‍්මොති වුච‍්චති. පභෙදතො පන යො කොචි ඵලනිබ‍්බත‍්තකො හෙතු, අරියමග‍්ගො, භාසිතං , කුසලං, අකුසලන‍්ති ඉමෙ පඤ‍්ච ධම‍්මා ධම‍්මොති වෙදිතබ‍්බා. තං ධම‍්මං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස තස‍්මිං ධම‍්මෙ පභෙදගතං ඤාණං ධම‍්මපටිසම‍්භිදා.

ධම්මො යනු සංක්‍ෂේපයෙන් ප්‍රත්‍යයය. එයින් ඒ ඒ දෙය විධාන කෙරේ පවත්වයි පමුණුවයිද එසේ හෙයින් ධර්ම යයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි ඵල නිපදවන කිසි හේතුවක්, ආර්ය මාර්ගය, භාසිතය, කුසලය, අකුසලය යන මේ පඤ්ච ධර්ම ධර්මය යයි දතයුතුය. ඒ ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ඒ ධර්මයෙහි ප්‍රභේදගත වූ ඤාණය ධම්මපටිසම්භිදා නම් වේ.

තත්‍ර ධම‍්මනිරුත‍්තාභිලාපෙ ඤාණන‍්ති තස‍්මිං අත්‍ථෙ ච ධම‍්මෙ ච යා සභාවනිරුත‍්ති, තස‍්සා අභිලාපෙ තං සභාවනිරුත‍්තිං සද‍්දං ආරම‍්මණං කත්‍වා පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස තස‍්මිං සභාවනිරුත‍්තාභිලාපෙ පභෙදගතං ඤාණං නිරුත‍්තිපටිසම‍්භිදා. එවමයං නිරුත‍්තිපටිසම‍්භිදා සද‍්දාරම‍්මණා නාම ජාතා, න පඤ‍්ඤත‍්තිආරම‍්මණා. කස‍්මා? යස‍්මා සද‍්දං සුත්‍වා “අයං සභාවනිරුත‍්ති, අයං න සභාවනිරුත‍්තී”ති ජානන‍්ති. පටිසම‍්භිදාප‍්පත‍්තො හි “ඵස‍්සො”ති වුත‍්තෙ “අයං සභාවනිරුත‍්තී”ති ජානාති, “ඵස‍්සා”ති වා “ඵස‍්ස”න‍්ති වා වුත‍්තෙ පන “අයං න සභාවනිරුත‍්තී”ති ජානාති. වෙදනාදීසුපි එසෙව නයො. අඤ‍්ඤං පනෙස නාමආඛ්‍යාතඋපසග‍්ගබ්‍යඤ‍්ජනසද‍්දං ජානාති න ජානාතීති? යදග‍්ගෙන සද‍්දං සුත්‍වා “අයං සභාවනිරුත‍්ති, අයං න සභාවනිරුත‍්තී”ති ජානාති, තදග‍්ගෙන තම‍්පි ජානිස‍්සතීති. තං පන නයිදං පටිසම‍්භිදාකිච‍්චන‍්ති පටික‍්ඛිපිත්‍වා ඉදං වත්‍ථු කථිතං –

එහි ධම්ම නිරුත්තාභිලාපෙ ඤාණං යන එම අර්ථයෙහිද ධර්මයෙහිද යම් ස්වභාව නිරුක්තියක් වේද එය කීමෙහි ඒ ස්වභාව නිරුක්ති ශබ්දය අරමුණු කොට ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ඒ ස්වභාව නිරුක්ති කීමෙහි ප්‍රභේදගත වූ ඤාණය නිරුත්ති පටිසම්භිදා නම් වේ. මෙසේ නිරුත්ති පටිසම්භිදාව ශබ්දය අරමුණුකොට හටගත්තේය. ප්‍රඥප්තිය අරමුණුකොට නොවේ. කුමක් හෙයින්ද? ශබ්දය අසා මෙය ස්වභාව නිරුක්ති යයිද මෙය ස්වභාව නිරුක්තිය නොවේ යයිද දැනගනිති. පටිසම්භිදාවට පැමිණි තැනැත්තා ‘ඵස්ස’ යයි කී කල්හි මෙය ස්වභාව නිරුත්තියයි දැනගනී. ඵස්සාති හෝ ඵස්සන්ති හෝ කී කල මෙය ස්වභාව නිරුක්ති නොවේ යයි දැනගනී. වේදනාදියෙහිද මෙම නයමයි. අන්‍ය වූ නාම ආඛ්‍යාත උපසර්ග ව්‍යඤ්ජන ශබ්ද මේ තෙමේ දනීද නොදනීද? යමකින් ශබ්දය අසා මෙය ස්වභාව නිරුක්තිය මෙය ස්වභාව නිරුක්තිය නොවේ යයි දනීද එයින් එයද දන්නේය. මේ පටිසම්භිදා කිස බහා තබා මේ වස්තුව කියන ලදි.

තිස‍්සදත‍්තත්‍ථෙරො කිර බොධිමණ‍්ඩෙ සුවණ‍්ණසලාකං ගහෙත්‍වා අට‍්ඨාරසසු භාසාසු ‘කතරභාසාය කථෙමී’ති පවාරෙසි. තං පන තෙන අත‍්තනො උග‍්ගහෙ ඨත්‍වා පවාරිතං, න පටිසම‍්භිදාය ඨිතෙන. සො හි මහාපඤ‍්ඤතාය තං තං භාසං කථාපෙත්‍වා කථාපෙත්‍වා උග‍්ගණ‍්හි; තතො උග‍්ගහෙ ඨත්‍වා එවං පවාරෙසි.

තිස්සදත්ත තෙරුන් වහන්සේ වනාහි බෝධි මණ්ඩලයේ දී රන් සලාක ගෙන භාෂා දහඅට අතුරෙන් කවර භාෂාවකින් කියමිද? යයි පැවරීය. එය වනාහි උන්වහන්සේ විසින් ඉගෙනගෙන සිට කරන ලද පැවරීමකි. පටිසම්භිදාවට පැමිණ කරන ලද්දක් නෙමේ. උන්වහන්සේ මහා ප්‍රඥාවන්ත බැවින් ඒ ඒ භාෂා කතාකොට උගත්හ. (සිහි නොවේද? භදන්ත සෝරත, අනදමෙත්, රාහුල, ගුණසිරි හිමිවරුන් හා මළලසේකර ආදීහු) එසේ ඉගෙනීමේ සිට මෙසේ පැවරීය.

භාසං නාම සත‍්තා උග‍්ගණ‍්හන‍්තීති වත්‍වා ච පනෙත්‍ථ ඉදං කථිතං. මාතාපිතරො හි දහරකාලෙ කුමාරකෙ මඤ‍්චෙ වා පීඨෙ වා නිපජ‍්ජාපෙත්‍වා තං තං කථයමානා තානි තානි කිච‍්චානි කරොන‍්ති. දාරකා තෙසං තං තං භාසං වවත්‍ථාපෙන‍්ති – ඉමිනා ඉදං වුත‍්තං, ඉමිනා ඉදං වුත‍්තන‍්ති. ගච‍්ඡන‍්තෙ ගච‍්ඡන‍්තෙ කාලෙ සබ‍්බම‍්පි භාසං ජානන‍්ති. මාතා දමිළී, පිතා අන්‍ධකො. තෙසං ජාතො දාරකො සචෙ මාතුකථං පඨමං සුණාති, දමිළභාසං භාසිස‍්සති; සචෙ පිතුකථං පඨමං සුණාති, අන්‍ධකභාසං භාසිස‍්සති. උභින‍්නම‍්පි පන කථං අස‍්සුණන‍්තො මාගධභාසං භාසිස‍්සති.

භාෂාව නම් සත්ත්වයා ඉගෙන ගනිති. යයි කියා මෙහි වෙයි කියන ලදි. මව්පියෝ ළමයා කුඩා කල ඇඳෙහි හෝ පුටුවෙහි හෝ හොවා ඒ ඒ දේවල් කියමින් ඒ ඒ වැඩ කරති. දරුවෝ ඒ ඒ භාෂා උගනිති. මෙයින් මෙය කියන ලදැයි කල් ගතවනවිට භාෂාවේ සියල්ලම දනිති. මව දෙමළ නම් පියා ආන්‍ද්‍රයකු නම් දරුවා පළමුව මවගේ කථා අසයි නම් දෙමළ භාෂාව කතා කරන්නේය. පියාගේ කතාව පළමුව අසන්නේ නම් ආන්ද්‍රා භාෂාව කතා කරන්නේය. දෙදෙනාගේම කථා නොඅසන්නේ නම් මාගධ භාෂාව කතා කරන්නේය.

යොපි අගාමකෙ මහාරඤ‍්ඤෙ නිබ‍්බත‍්තො, තත්‍ථ අඤ‍්ඤො කථෙන‍්තො නාම නත්‍ථි, සොපි අත‍්තනො ධම‍්මතාය වචනං සමුට‍්ඨාපෙන‍්තො මාගධභාසමෙව භාසිස‍්සති. නිරයෙ, තිරච‍්ඡානයොනියං, පෙත‍්තිවිසයෙ, මනුස‍්සලොකෙ, දෙවලොකෙති සබ‍්බත්‍ථ මාගධභාසාව උස‍්සන‍්නා. තත්‍ථ සෙසා ඔට‍්ටකිරාතඅන්‍ධකයොනකදමිළභාසාදිකා අට‍්ඨාරස භාසා පරිවත‍්තන‍්ති . අයමෙවෙකා යථාභුච‍්චබ්‍රහ‍්මවොහාරඅරියවොහාරසඞ‍්ඛාතා මාගධභාසා න පරිවත‍්තති. සම‍්මාසබුද‍්ධොපි තෙපිටකං බුද‍්ධවචනං තන‍්තිං ආරොපෙන‍්තො මාගධභාසාය එව ආරොපෙසි. කස‍්මා? එවඤ‍්හි අත්‍ථං ආහරිතුං සුඛං හොති. මාගධභාසාය හි තන‍්තිං ආරුළ‍්හස‍්ස බුද‍්ධවචනස‍්ස පටිසම‍්භිදාප‍්පත‍්තානං සොතපථාගමනමෙව පපඤ‍්චො; සොතෙ පන සඞ‍්ඝට‍්ටිතමත‍්තෙයෙව නයසතෙන නයසහස‍්සෙන අත්‍ථො උපට‍්ඨාති. අඤ‍්ඤාය පන භාසාය තන‍්තිං ආරුළ‍්හං පොථෙත්‍වා පොථෙත්‍වා උග‍්ගහෙතබ‍්බං හොති. බහුම‍්පි උග‍්ගහෙත්‍වා පන පුථුජ‍්ජනස‍්ස පටිසම‍්භිදාප‍්පත‍්ති නාම නත්‍ථි. අරියසාවකො නො පටිසම‍්භිදාප‍්පතො නාම නත්‍ථි.

යමෙක ගමක් නොවන මහ වනයෙහි උපන්නේ නම් එහි කතාකරන කිසිවෙක් නැත්තේ නම් හේ ද තමාගේ ධර්මතාවෙන් වචන උපදවමින් මාගධ භාෂාව කතා කරන්නේය. නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය යන සැමතැනම මාගධ භාෂාව ඉතා බහුලය. සෙසු ඔට්ට, කිරාත, අන්ධක, යෝනක දමිළ භාෂාදි භාෂා දහඅටක් පවතී. බ්‍රහ්ම ව්‍යවහාරය ආර්ය ව්‍යවහාර සංඛ්‍යාත වූ මේ එකම මාගධ භාෂාව නොපෙරළේ. වෙනස් නොවේ. සම්බුදුන් වහන්සේද ත්‍රිපිටක බුද්ධ වචනය භාෂාවකට නගන්නේ මාගධ භාෂාවටම නැගූහ. කවර හෙයින්ද? මෙසේ අර්ථය ගෙනහැර දැක්වීමට පහසු වේ. මගධ භාෂාවට නැගූ බුද්ධ වචනයේ පටිසම්භිදාවට පැමිණි අයගේ සෝතපථ ගමනම පමා විය. සෝතයෙහි ගැටුණු පමණින්ම සියක් නයින් දහසක් නයින් අර්ථය වැටහේ. වෙනත් භාෂාවකට බුද්ධ වචනය නැගුනේ නම් පෙළ පෙළා ඉගෙනගත යුතු වේ. බොහෝ ඉගෙන ගත් පෘථග්ජනයාගේ පටිසම්භිදාවට පැමිණීමක් නම් නැත්තේය. ආර්ය ශ්‍රාවකයකු නොවන පටිසම්භිදා ලාභියෙක් නැත්තේය.

ඤාණෙසු ඤාණන‍්ති සබ‍්බත්‍ථකඤාණං ආරම‍්මණං කත්‍වා ඤාණං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පභෙදගතං ඤාණං පටිභානපටිසම‍්භිදාති. ඉමා පන චතස‍්සොපි පටිසම‍්භිදා ද‍්වීසු ඨානෙසු පභෙදං ගච‍්ඡන‍්ති, පඤ‍්චහි කාරණෙහි විසදා හොන‍්තීති වෙදිතබ‍්බා. කතමෙසු ද‍්වීසු? සෙක‍්ඛභූමියඤ‍්ච අසෙක‍්ඛභූමියඤ‍්ච. තත්‍ථ සාරිපුත‍්තත්‍ථෙරස‍්ස මහාමොග‍්ගල‍්ලානත්‍ථෙරස‍්ස මහාකස‍්සපත්‍ථෙරස‍්ස මහාකච‍්චායනත්‍ථෙරස‍්ස මහාකොට‍්ඨිතත්‍ථෙරස‍්සාති අසීතියාපි මහාථෙරානං පටිසම‍්භිදා අසෙක‍්ඛභූමියං පභෙදං ගතා. ආනන්‍දත්‍ථෙරස‍්ස චිත‍්තස‍්ස ගහපතිනො ධම‍්මිකස‍්ස උපාසකස‍්ස උපාලිස‍්ස ගහපතිනො ඛුජ‍්ජුත‍්තරාය උපාසිකායාති එවමාදීනං පටිසම‍්භිදා සෙක‍්ඛභූමියං පභෙදං ගතාති ඉමාසු ද‍්වීසු භූමීසු පභෙදං ගච‍්ඡන‍්ති.

ඤාණෙසු ඤාණං සියළු ඤාණය අරමුණු කර ඤාණය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ප්‍රභේදගත ඤාණය පටිභාන සම්පදා වේ. මේ සතර පටිසම්භිදාව ස්ථාන දෙකක ප්‍රභේදය යයි. කරුණු පහකින් පැහැදිලි වන්නේ යයි දතයුතුය. කුමක දෙකකද? සේක භූමියද අසේක භූමියද එහි සැරියුත් මහමුගලන් මහකසුප් මහා කාත්‍යායන, මහාකොට්ඨිත යන අසූමහා ස්ථවිරයන්ගේ පටිසම්භිදාව අසේඛ භූමි ප්‍රභේදයයි. අනඳ තෙරුන් චිත්ත ගහපති ධම්මික උපාසක උපාලි ගහපති ඛුජ්ජුත්තරා උපාසිකා මේ ආදීන්ගේ පටිසම්භිදාව සේඛභූමි ප්‍රභේදයයි.

කතමෙහි පඤ‍්චහි කාරණෙහි පටිසම‍්භිදා විසදා හොන‍්තීති? අධිගමෙන, පරියත‍්තියා, සවනෙන, පරිපුච‍්ඡාය, පුබ‍්බයොගෙනාති. තත්‍ථ ‘අධිගමො’ නාම අරහත‍්තං. තඤ‍්හි පත‍්තස‍්ස පටිසම‍්භිදා විසදා හොන‍්ති. ‘පරියත‍්ති’ නාම බුද‍්ධවචනං. තඤ‍්හි උග‍්ගණ‍්හන‍්තස‍්ස පටිසම‍්භිදා විසදා හොන‍්ති. ‘සවනං’ නාම ධම‍්මස‍්සවනං. සක‍්කච‍්චඤ‍්හි ධම‍්මං සුණන‍්තස‍්ස පටිසම‍්භිදා විසදා හොන‍්ති. ‘පරිපුච‍්ඡා’ නාම අට‍්ඨකථා. උග‍්ගහිතපාළියා අත්‍ථං කථෙන‍්තස‍්ස හි පටිසම‍්භිදා විසදා හොන‍්ති. ‘පුබ‍්බයොගො’ නාම පුබ‍්බයොගාවචරතා, අතීතභවෙ හරණපච‍්චාහරණනයෙන පරිග‍්ගහිතකම‍්මට‍්ඨානතා; පුබ‍්බයොගාවචරස‍්ස හි පටිසම‍්භිදා විසදා හොන‍්ති . තත්‍ථ අරහත‍්තප‍්පත‍්තියා පුනබ‍්බසුකුටුම‍්බිකපුත‍්තස‍්ස තිස‍්සත්‍ථෙරස‍්ස පටිසම‍්භිදා විසදා අහෙසුං. සො කිර තම‍්බපණ‍්ණිදීපෙ බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා පරතීරං ගන‍්ත්‍වා යොනකධම‍්මරක‍්ඛිතත්‍ථෙරස‍්ස සන‍්තිකෙ බුද‍්ධවචනං උග‍්ගණ‍්හිත්‍වා ආගච‍්ඡන‍්තො නාවං අභිරුහනතිත්‍ථෙ එකස‍්මිං පදෙ උප‍්පන‍්නකඞ‍්ඛො යොජනසතමග‍්ගං නිවත‍්තිත්‍වා ආචරියස‍්ස සන‍්තිකං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ එකස‍්ස කුටුම‍්බිකස‍්ස පඤ‍්හං කථෙසි. සො පසීදිත්‍වා සතසහස‍්සග‍්ඝනිකං කම‍්බලං අදාසි. සොපි තං ආහරිත්‍වා ආචරියස‍්ස අදාසි. ථෙරො වාසියා කොට‍්ටෙත්‍වා නිසීදනට‍්ඨානෙ පරිභණ‍්ඩං කාරෙසි. කිමත්‍ථායාති? පච‍්ඡිමාය ජනතාය අනුග‍්ගහත්‍ථායාති. එවං කිරස‍්ස අහොසි – “අම‍්හාකං ගතමග‍්ගං ආවජ‍්ජෙත්‍වා අනාගතෙ සබ්‍රහ‍්මචාරිනො පටිපත‍්තිං පූරෙතබ‍්බං මඤ‍්ඤිස‍්සන‍්තී”ති. තිස‍්සත්‍ථෙරොපි ආචරියස‍්ස සන‍්තිකෙ කඞ‍්ඛං ඡින්‍දිත්‍වා ජම‍්බුකොලපට‍්ටනෙ ඔරුය‍්හ චෙතියඞ‍්ගණං සම‍්මජ‍්ජනවෙලාය වාලිකවිහාරං පත්‍වා සම‍්මජ‍්ජි. තස‍්ස සම‍්මජ‍්ජිතට‍්ඨානං දිස‍්වා ‘ඉදං වීතරාගස‍්ස භික‍්ඛුනො සම‍්මට‍්ඨට‍්ඨාන’න‍්ති ථෙරස‍්ස වීමංසනත්‍ථාය පඤ‍්හං පුච‍්ඡිංසු. ථෙරො පටිසම‍්භිදාප‍්පත‍්තතාය පුච‍්ඡිතපුච‍්ඡිතෙ පඤ‍්හෙ කථෙසීති.

කරුණු පසකින් පටිසම්භිදාව පැහැදිලි වන්නේ කෙසේද? අධිගමයෙන් පරියත්තියෙන් ශ්‍රවණයෙන් ප්‍රශ්න කිරීමෙන් පූර්වයෝගයෙන් යනුවෙනි. එහි අධිගමය නම් රහත් බවයි. ඊට පැමිණියහුට පටිසම්භිදා පැහැදිලි වෙයි. පරියත්තිය නම් බුද්ධ වචනයයි. එය ඉගෙන ගන්නාට පටිසම්භිදා පැහැදිලි වේ. ධම්ම සවණ නම් සකස්ව දහම් අසන්නාට පටිසම්භිදාව පැහැදිලි වෙයි. පරිපුච්ඡා නම් අට්ඨ කථාවෝය. ඉගෙන ගත් පෙලෙහි අර්ථය කියන්නාට පටිසම්භිදා පැහැදිලි වේ. පුබ්බයෝග නම් පෙර යෝගාවචර භාවය. අතීත භවයෙහි හරණ පච්චාහරණ (ගෙනයන ආපසු ගෙනෙන) කමටහන් ඇති බව. පුබ්බ යෝගාවචරයා පටිසම්භිදා පැහැදිලි වේ. එහි රහත්භාවයට පැමිණීමෙහි පුනබ්බසු කුටුම්බික ප්‍රත්‍යයයි නිස්සත්‍ථෙරස්ස පටිසම්භිදාව පැහැදිලි වූහ. උන්වහන්සේ වනාහි දඹදිව දී බුද්ධ වචනය ඉගෙන පරතෙරට ගොස් යෝනක ධම්මරක්ඛිත තෙරුන් සමීපයේ බුද්ධ වචනය ඉගෙනගෙන එන්නේ නැවට නැගෙන තොටුපලේ එක පදයක උපන් සැකය නිසා යොදුන් සිය ගණනක් පැමිණි මාර්ගය තබා ආපසු හැරී ආචාර්යයන් වහන්සේ වෙත යන්නේ එක් කෙළෙඹියෙකුගේ ප්‍රශ්නයක් විසඳීය. හෙතෙම පැහැදී ලක්‍ෂයක් අගනා කම්බිලියක් (වටිනා වස්ත්‍රය) දුන්නේය. උන්වහන්සේද එය රැගෙන ගොස් ඇදුරු තෙරුන්ට දුන්නේය. තෙරුන් වහන්සේ කම්බිලිය වෑයෙන් කපා හිඳින තැන බිම ඇතිරියක් කළහ. කුමක් සඳහාද? පශ්චිම ජනයාගේ අනුග්‍රහය පිණිසය. උන්වහන්සේට මෙබඳු සිතක් විය. අප විසින් යන ලද මාර්ගය ආවර්ජනා කොට අනාගතයෙහි සබ්‍රහ්මචාරීහු ප්‍රතිපත්ති පිරිය යුතුයයි හඟින්නේ යයි. තිස්ස තෙරහුද ආචාර්යවරයා සමීපයෙහි සැක හැර දඹකොල පටුනේ බැස සෑමලුව අමදින වෙලාවට වාලුකා විහාරයට පැමිණ හැමදූහ. උන්වහන්සේ ඇමදි තැන් බලා වීතරාගී භික්‍ෂුවකගේ හැමදීම යයි. තෙරුන් විමසීම් පිණිස ප්‍රශ්නයක් ඇසූහ.

පරියත‍්තියා පන තිස‍්සදත‍්තත්‍ථෙරස‍්ස චෙව නාගසෙනත්‍ථෙරස‍්ස ච පටිසම‍්භිදා විසදා අහෙසුං. සක‍්කච‍්චධම‍්මසවනෙන සුධම‍්මසාමණෙරස‍්ස පටිසම‍්භිදා විසදා අහෙසුං. සො කිර තලඞ‍්ගරවාසී ධම‍්මදින‍්නත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යො ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පත‍්තො මාතුලත්‍ථෙරස‍්ස ධම‍්මවිනිච‍්ඡයට‍්ඨානෙ නිසීදිත්‍වා සුණන‍්තොයෙව තීණි පිටකානි පගුණානි අකාසි. උග‍්ගහිතපාළියා අත්‍ථං කථෙන‍්තස‍්ස පන තිස‍්සදත‍්තත්‍ථෙරස‍්ස එව පටිසම‍්භිදා විසදා අහෙසුං. ගතපච‍්චාගතවත‍්තං පන පූරෙත්‍වා යාව අනුලොමං කම‍්මට‍්ඨානං උස‍්සුක‍්කාපෙත්‍වා ආගතානං විසදභාවප‍්පත‍්තපටිසම‍්භිදානං පුබ‍්බයොගාවචරානං අන‍්තො නත්‍ථි.

තෙරුන් වහන්සේ පටිසම්භිදාවට පැමිණ ඇති හෙයින් අසන අසන ප්‍රශ්නය විසඳූහ. බුද්ධ වචනයෙහි වනාහි තිස්සදත්ත තෙරුන්ටද නාගසේන තෙරුන්ටද පටිසම්භිදා පැහැදිලි විය. තිස්දත් තෙරහු වනාහි තලවෙහෙරවාසී ධම්මදින්න තෙරුන්ගේ බෑණා කෙනෙකි. ඛුරගින් රහත්බවට පැමිණියහ. මාම තෙරුන්ගේ ධර්ම විනිශ්චය ස්ථානයෙහි හිඳ අසන්නේ තුන් පිටකයම ප්‍රගුණ කළහ. ඉගෙන ගත් වෙලේ අර්ථය කියන තිස්සදත්ත තෙරුන්ට පටිසම්භිදා පැහැදිලි විය. ගතපච්චාගත වත් සපුරා අනුලෝම කමටහන දක්වා උත්සාහවත් කරවා පැමිණි අය පටිසම්භිදාවට පැහැදිලි පුබ්බ යෝගාවචරයන්ගේ ඇතුළත නැත.

එතෙසු පන කාරණෙසු පරියත‍්ති, සවනං, පරිපුච‍්ඡාති ඉමානි තීණි පභෙදස‍්සෙව බලවකාරණානි. පුබ‍්බයොගො අධිගමස‍්ස බලවපච‍්චයො, පභෙදස‍්ස හොති න හොතීති? හොති, න පන තථා. පරියත‍්තිසවනපරිපුච‍්ඡා හි පුබ‍්බෙ හොන‍්තු වා මා වා, පුබ‍්බයොගෙන පුබ‍්බෙ චෙව එතරහි ච සඞ‍්ඛාරසම‍්මසනං විනා පටිසම‍්භිදා නාම නත්‍ථි. ඉමෙ පන ද‍්වෙපි එකතො හුත්‍වා පටිසම‍්භිදා උපත්‍ථම‍්භෙත්‍වා විසදා කරොන‍්තීති.

මේ කරුණු අතර පරියත්ති සවණ පරිපුච්ඡා යන කරුණු තුන ප්‍රභේද අනුව බලවත් වේ. පුබ්බයෝග අධිගමය බලවත් ප්‍රත්‍යයකි. එහි ප්‍රභේද වේද නොවේද? වේ. එය ඔබේ නොවේ. පරියත්ති ආදි තුන පෙර විය යුතුද නැද්ද? පුබ්බයෝගයෙන් පෙර හෝ දැන් හෝ සංඛාර සම්මර්ශනය නැතිව පටිසම්භිදාවක් නැත. මේ දෙකම එකතුව පටිසම්භිදාවට උපස්ථම්භක වී පැහැදිලි කෙරෙති.

සඞ‍්ගහවාරවණ‍්ණනා.

සංගහ වාර වර්ණනාවය.

සච‍්චවාරාදිවණ‍්ණනා

සච්චවාරාදිවණ්ණනා

ඉදානි යෙ සඞ‍්ගහවාරෙ පඤ‍්ච අත්‍ථා ච ධම‍්මා ච සඞ‍්ගහිතා, තෙසං පභෙදදස‍්සනනයෙන පටිසම‍්භිදා විභජිතුං පුන චතස‍්සොතිආදිනා නයෙන පභෙදවාරො ආරද‍්ධො. සො සච‍්චවාරහෙතුවාරධම‍්මවාරපච‍්චයාකාරවාරපරියත‍්තිවාරවසෙන පඤ‍්චවිධො. තත්‍ථ පච‍්චයසමුප‍්පන‍්නස‍්ස දුක‍්ඛසච‍්චස‍්ස පච‍්චයෙන පත‍්තබ‍්බස‍්ස නිබ‍්බානස‍්ස ච අත්‍ථභාවං, ඵලනිබ‍්බත‍්තකස‍්ස සමුදයස‍්ස නිබ‍්බානසම‍්පාපකස‍්ස අරියමග‍්ගස‍්ස ච ධම‍්මභාවඤ‍්ච දස‍්සෙතුං ‘සච‍්චවාරො’ වුත‍්තො. යස‍්ස කස‍්සචි පන හෙතුඵලනිබ‍්බත‍්තකස‍්ස හෙතුනො ධම‍්මභාවං, හෙතුඵලස‍්ස ච අත්‍ථභාවං දස‍්සෙතුං ‘හෙතුවාරො’ වුත‍්තො. තත්‍ථ ච හෙතුඵලක‍්කමවසෙන උප‍්පටිපාටියා පඨමං ධම‍්මපටිසම‍්භිදා නිද‍්දිට‍්ඨා. යෙ පන ධම‍්මා තම‍්හා තම‍්හා රූපාරූපප‍්පභෙදා හෙතුතො ජාතා, තෙසං අත්‍ථභාවං, තස‍්ස තස‍්ස ච රූපාරූපධම‍්මප‍්පභෙදස‍්ස හෙතුනො ධම‍්මභාවං දස‍්සෙතුං ‘ධම‍්මවාරො’ වුත‍්තො. ජරාමරණාදීනං පන අත්‍ථභාවං, ජරාමරණාදිසමුදයසඞ‍්ඛාතානං ජාතිආදීනඤ‍්ච ධම‍්මභාවං දස‍්සෙතුං ‘පච‍්චයාකාරවාරො’ වුත‍්තො. තතො පරියත‍්තිසඞ‍්ඛාතස‍්ස තස‍්ස තස‍්ස භාසිතස‍්ස ධම‍්මභාවං, භාසිතසඞ‍්ඛාතෙන පච‍්චයෙන පත‍්තබ‍්බස‍්ස භාසිතත්‍ථස‍්ස ච අත්‍ථභාවං දස‍්සෙතුං ‘පරියත‍්තිවාරො’ වුත‍්තො.

දැන් සංග්‍රහ වාරයෙහි අර්ථ පසද ධර්මයද සංග්‍රහ කරන ලදි. ජවනය ප්‍රභේද දක්වන නයින් පටිසම්භිදාව බෙදීමට නැවත චතස්සො ආදි නයින් ප්‍රභේද වාරය අරඹන ලදි. එය සච්චවාර හේතුවාර ධම්මවාර පච්චයාකාර වාර පරියත්තිවාර වශයෙන් පඤ්චවිධය. එහි ප්‍රත්‍යයෙන් උපන් දුක්ඛ සත්‍යයේද ප්‍රත්‍යයෙන් පැමිණිය යුතු නිර්වාණයේද හේතු භාවයෙන් ඵල නිපදවන සමුදයේද නිර්වාණයට පමුණුවන ආර්ය මාර්ගයේ ධර්මන්‍යය දැක්වීමට සච්චවාරය කියන ලදි. හේතුඵලවලින් නිපන් යම්කිසිවක හේතුවේ ධර්මභාවයද ඵලයේ අර්ථ භාවයද දැක්වීමට හේතුවාරය කියන ලදි. එහිද හේතුඵල ක්‍රම වශයෙන් පිළිවෙලින් පළමුව ධම්ම පටිසම්භිදාව දක්වන ලදි. රූපාරූප භේදයෙන් යුත් ධර්ම හේතුවෙන් හටගත්තේය. ඒවායේ අර්ථ භාවයද ඒ ඒ රූපාරූප ධර්මප්‍රභේද හේතු වේ. ස්වභාවය දැක්වීම ධම්මවාරය කියන ලදි. ජරාමරණාදියේ අර්ථභාවය ජරාමරණය ද සමුදය සංඛ්‍යාත ජාති ආදියේ ස්වභාවය දැක්වීම පච්චයාකාරය කියන ලදි. පරියත්ති සංඛ්‍යාත ඒ ඒ භාෂිතවල ස්වභාවය භාෂිත සංඛ්‍යාත ප්‍රත්‍යයෙන් පැමිණිය යුතු භාෂිතයේ අර්ථ භාවයද දැක්වීමට පරියත්තිවාරය කියන ලදි.

තත්‍ථ ච යස‍්මා භාසිතං ඤත්‍වා තස‍්සත්‍ථො ඤායති, තස‍්මා භාසිතභාසිතත්‍ථක‍්කමෙන උප‍්පටිපාටියා පඨමං ධම‍්මපටිසම‍්භිදා නිද‍්දිට‍්ඨා. පරියත‍්තිධම‍්මස‍්ස ච පභෙදදස‍්සනත්‍ථං “තත්‍ථ කතමා ධම‍්මපටිසම‍්භිදා”ති පුච‍්ඡාපුබ‍්බඞ‍්ගමො පටිනිද‍්දෙසවාරො වුත‍්තො. තත්‍ථ සුත‍්තන‍්තිආදීහි නවහි අඞ‍්ගෙහි නිප‍්පදෙසතො තන‍්ති ගහිතා. අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථො, අයං ඉමස‍්ස භාසිතස‍්ස අත්‍ථොති ඉමස‍්මිම‍්පි ඨානෙ භාසිතවසෙන නිප‍්පදෙසතො තන‍්ති එව ගහිතාති.

එහිද යමකින් භාෂිතය දැන එහි අර්ථය දනී. එහෙයින් භාෂිතය භාෂිත ක්‍රමයෙන් උපිළිවෙලින් පළමුව ධර්ම පටිසම්භිදාව දක්වන ලදි. පරියත්ති ධර්මයේ ප්‍රභේද දැක්වීම සඳහා එහි ධර්ම පටිසම්භිදාව කවරේදැයි ප්‍රශ්න කිරීම් පෙරටුව පටිනිද්දේසවාරය කියන ලදි. එයි යුක්තන්ති ආදි අංග නවයකින් අවශේෂ දෙයක් නැතිව පෙල ගන්නා ලදි. මේ එම භාෂිතයේ අර්ථයයි. මේ ස්ථානයේ භාෂිත වශයෙන් සියළුම පෙල පෙන්නන ලදි.

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා.

සුත්තන්ත භාජනීය.