නවකං
1006. තත්ථ කතමානි නව ආඝාතවත්ථූනි: අනත්ථං මෙ අචරීති ආඝාතො ජායති. අනත්ථං මෙ චරතීති ආඝාතො ජායති. අනත්ථං මෙ චරිස්සතීති ආඝාතො ජායති. පියස්ස මෙ මනාපස්ස අනත්ථං අචරි, අනත්ථං චරති, අනත්ථං චරිස්සතීති. ආඝාතො ජායති. අප්පියස්ස මෙ අමනාපස්ස අත්ථං අචරි, අත්ථං චරති, අත්ථං චරිස්සතීති ආඝාතො ජායති. ඉමානි නව ආඝාතවත්ථූනි.
1006. එහි නව ආඝාතවස්තූහු කවරහ යත්: මට අනර්‍ත්‍ථයක් කෙළේ යැ යි ආඝාතයෙක් උපදී. මට අනර්‍ත්‍ථයක් කෙරේ යැ යි ආඝාතයෙක් උපදියි. මට අනර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මාගේ ප්‍රියමනාපයහට අනර්‍ත්‍ථයක් කෙළේ ය, අනර්‍ත්‍ථයෙක් කෙරෙයි, අනර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මාගේ අප්‍රිය අමනාපයහට අර්‍ත්‍ථයක් කෙළේ ය, අර්‍ත්‍ථයක් කෙරෙයි, අර්‍ත්‍ථයක් කරන්නේ යැ යි ආඝාතයෙක් උපදියි. මොහු නව ආඝාතවස්තූහු වෙත්.
1007. තත්ථ කතමානි නව පුරිසමලානි: කොධො මක්ඛො ඉස්සා මච්ඡරියං මායා සාඨෙය්යං මුසාවාදො පාපිච්ඡතා මිච්ඡාදිට්ඨි ඉමානි නව පුරිසමලානි.
1007. එහි නව පුරුෂමලයෝ කවරහ යත්: ක්‍රෝධ ය, මකු බව ය, ඊර්ෂ්‍යා ය, මාත්සර්‍ය්‍ය ය, මායා ය, ශඨ බව ය, මෘෂාවාද ය, පාපේච්ඡතා ය, මිථ්‍යාදෘෂ්ටි යි. මොහු නව පුරුෂමලයෝ යි.
1008. තත්ථ කතමෙ නවවිධා මානා: සෙය්යස්ස සෙය්යොහමස්මීති මානො, සෙය්යස්ස සදිසො හමස්මීති මානො, සෙය්යස්ස හීනො හමස්මීති මානො, සදිසස්ස සෙය්යො හමස්මීති මානො, සදිසස්ස සදිසො හමස්මීති මානො, සදිසස්ස හීනො හමස්මීති මානො, හීනස්ස සෙය්යො හමස්මීති මානො, හීනස්ස සදිසො හමස්මීති මානො, හීනස්ස හීනො හමස්මීති මානො. ඉමෙ නවවිධා මානා.
1008. එහි නවවිධ මානයෝ කවරහ යත්: මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය, මම ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මාන ය, මම ශ්‍රේෂ්ඨයහට හීනයෙමි යන මානය, මම සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි යන මාන ය, මම සදෘශයහට සදෘශයෙමි යන මාන ය, මම සදෘශයහට හීනයෙමි යන මාන ය, මම හීනයහට ශ්‍රේෂ්ඨයෙමි යන මාන ය, මම හීනයහට සදෘශයෙමි යන මාන ය, මම හීනයහට හීනයෙමි යන මාන යි. මොහු නවවිධ මානයෝ යි.
1009. තත්ථ කතමෙ නව තණ්හාමූලකා ධම්මා: තණ්හා පටිච්ච පරියෙසනා, පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගො, ඡන්දරාගං පටිච්ච අජ්ඣොසානං, අජ්ඣොසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛො, ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහවිග්ගහ විවාදතුවංතුවංපෙසුඤ්ඤමුසාවාදා, අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති. ඉමෙ නව තණ්හාමූලකා ධම්මා.
1009. එහි නව තෘෂ්ණාමූලකධර්මයෝ කවරහ යත්: තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) සෙවීම ය, පර්‍ය්‍යෙෂණය නිසා ලාභ ය, ලාභය නිසා තෘෂ්ණාදෘෂ්ටිවිනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්දරාග ය, ඡන්දරාගය නිසා (මම ය මාගේ ය යන) අධ්‍යවසාන ය, අධ්‍යවසානය නිසා තෘෂ්ණාදෘෂ්ටි පරිග්‍රහ ය, පරිග්‍රහය නිසා මාත්සර්‍ය්‍ය ය, මාත්සර්‍ය්‍යය නිසා ආරක්ෂාව ය, ආරක්ෂාව හේතු කොට දඬුගැනීම ය, අවිගැනීම ය, කලහ ය, විග්රහ ය, විවාද ය, තෝ තෝ යන බස ය, පෛශුන්‍ය ය, මෘෂාවාද ය යන මොහු ය, නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ ය, යන මොහු වෙත්. මොහු නව තෘෂ්ණාමූලකධර්මයෝ යි.
1010. තත්ථ කතමානි නව ඉඤ්ජිතානි: ‘අස්මී’ති ඉඤ්ජිතමෙතං ‘අහමස්මී’ති ඉඤ්ජිතමෙතං, ‘අයමහමස්මී’ති ඉඤ්ජිතමෙතං, ‘භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං, ‘රූපී භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං, ‘අරූපී භවිස්ස’න්තී ඉඤ්ජිතමෙතං, ‘සඤ්ඤී භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං, ‘අසඤ්ඤී භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං, ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්ස’න්ති ඉඤ්ජිතමෙතං. ඉමානි නව ඉඤ්ජිතානි.
1010. එහි නව ඉඤ්ජිතයෝ කවරහ යත්: ‘වෙමි’ යන තෙල ඉඤ්ජිතයෙක, ‘මම වෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘මේ මම වෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘රූපී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘අරූපී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘සංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘අසංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙක, ‘නෛවසංඥීනාසංඥී වන්නෙමි’ තෙල ඉඤ්ජිතයෙකි. මොහු නව ඉඤ්ජිතයෝ යි.
1011. තත්ථ කතමානි නව මඤ්ඤිතානි -පෙ- නව ඵන්දිතානි -පෙ- නව පපඤ්චිතානි -පෙ- නව සඞ්ඛතානි: ‘අස්මී’ති සඞ්ඛතමෙතං, ‘අහමස්මි’ති සඞ්ඛතමෙතං, ‘අයමහමස්මී’ති සඞ්ඛතමෙතං, ‘භවිස්ස’න්ති සඞ්ඛතමෙතං, ‘රූපී භවිස්ස’න්ති සඞ්ඛතමෙතං, ‘අරූපී භවිස්ස’න්ති සඞ්ඝතමෙතං, ‘සඤ්ඤී භවිස්ස’න්ති සඞ්ඛතමෙතං, ‘අසඤ්ඤී භවිස්ස’න්ති සඞ්ඛතමෙතං, ‘නෙවසඤ්ඤීනාසඤ්ඤී භවිස්ස’න්ති සඞ්ඝතමෙතං, ඉමානි නව සඞ්ඛතානි.
1011. එහි නව මඤ්ඤිතයෝ කවරහ යත්: ... නව ඵන්දිතයෝ ... නවපපඤ්චිතයෝ ... නව සඞ්ඛතයෝ කවරහ යත්: ‘වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘මම වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘මේ මම වෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘රූපී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘අරූපී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘සංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘අසංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙක, ‘නෛවසංඥීනාසංඥී වන්නෙමි’ තෙල සඞ්ඛතයෙකි. මොහු නව සඞ්ඛතයෝ යි.