යෙදුමෙන් කියවන්න

10: දසකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

(10:) දසකනිද‍්දෙසවණ‍්ණනා

(10:) දසකනිද්දෙසවණ්ණනා

දසකනිද‍්දෙසෙ කිලෙසා එව කිලෙසවත්‍ථූනි. ආඝාතවත්‍ථූනි පනෙත්‍ථ “අනත්‍ථං මෙ අචරී”තිආදීනං වසෙන අවිකොපෙතබ‍්බෙ ඛාණුකණ‍්ටකාදිම‍්හිපි අට‍්ඨානෙ උප‍්පන‍්නාඝාතෙන සද‍්ධිං වුත‍්තානි.

දසක නිද්දේසයෙහි කෙලෙස්ම කිලෙස වත්‍ථුනි වේ. මෙහි ආගාත වස්තු වනාහි අනත්‍ථං මෙ අචරී යනාදි වශයෙන් කෝප නොවිය යුත්තෙහි කනු කටු ආදි අස්ථානයෙහි උපන් ආඝාතය සමානයි කියන ලදි.

මිච‍්ඡත‍්තෙසු මිච‍්ඡාඤාණන‍්ති පාපකිරියාසු උපායචින‍්තාවසෙන පාපං කත්‍වා ‘සුකතං මයා’ති පච‍්චවෙක‍්ඛණාකාරෙන උප‍්පන‍්නො මොහො. මිච‍්ඡාවිමුත‍්තීති අවිමුත‍්තස‍්සෙව සතො විමුත‍්තසඤ‍්ඤිතා. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

මිථ්‍යා ආත්මයෙහි මිච්ඡා ඤාණං යන පාප ක්‍රියාවල උපාය චින්තා වශයෙන් පව්කොට යහපත් දෙයක් කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන ආකාරයෙන් උපන් මෝහ යයි. මිච්ඡා විමුත්ති යනු අවිමුක්තවම සිටියේ විමුක්ති සංඥාව සෙසු සියල්ල ප්‍රකටය.

දසකනිද‍්දෙසවණ‍්ණනා.

දසක නිද්දේසය

තණ‍්හාවිචරිතනිද‍්දෙසවණ‍්ණනා

තණ්හාවිචරිතනිද්දෙසවණ්ණනා

තණ‍්හාවිචරිතනිද‍්දෙසෙ තණ‍්හාවිචරිතානීති තණ‍්හාසමුදාචාරා තණ‍්හාපවත‍්තියො. අජ‍්ඣත‍්තිකස‍්ස උපාදායාති අජ‍්ඣත‍්තිකං ඛන්‍ධපඤ‍්චකං උපාදාය. ඉදඤ‍්හි උපයොගත්‍ථෙ සාමිවචනං. අස‍්මීති හොතීති යදෙතං අජ‍්ඣත‍්තං ඛන්‍ධපඤ‍්චකං උපාදාය තණ‍්හාමානදිට‍්ඨිවසෙන සමූහගාහතො ‘අස‍්මී’ති හොති, තස‍්මිං සතීති අත්‍ථො. ඉත්‍ථස‍්මීති හොතීතිආදීසු පන එවං සමූහතො ‘අහ’න‍්ති ගහණෙ සති තතො අනුපනිධාය ච උපනිධාය චාති ද‍්විධා ගහණං හොති. තත්‍ථ අනුපනිධායාති අඤ‍්ඤං ආකාරං අනුපගම‍්ම සකභාවමෙව ආරම‍්මණං කත්‍වා ‘ඉත්‍ථස‍්මී’ති හොති; ඛත‍්තියාදීසු ‘ඉදංපකාරො අහ’න‍්ති එවං තණ‍්හාමානදිට‍්ඨිවසෙන හොතීති අත්‍ථො. ඉදං තාව අනුපනිධාය ගහණං. උපනිධාය ගහණං පන දුවිධං හොති – සමතො ච අසමතො ච. තං දස‍්සෙතුං එවස‍්මීති ච අඤ‍්ඤථාස‍්මීති ච වුත‍්තං. තත්‍ථ එවස‍්මීති ඉදං සමතො උපනිධාය ගහණං; යථා අයං ඛත‍්තියො, යථා අයං බ්‍රාහ‍්මණො, එවං අහම‍්පීති අත්‍ථො. අඤ‍්ඤථාස‍්මීති ඉදං පන අසමතො ගහණං; යථායං ඛත‍්තියො, යථායං බ්‍රාහ‍්මණො, තතො අඤ‍්ඤථා අහං හීනො වා අධිකො වාති අත්‍ථො. ඉමානි තාව පච‍්චුප‍්පන‍්නවසෙන චත‍්තාරි තණ‍්හාවිචරිතානි. භවිස‍්සන‍්තිආදීනි පන චත‍්තාරි අනාගතවසෙන වුත‍්තානි. සෙසං පුරිමචතුක‍්කෙ වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. අස‍්මීති සස‍්සතො අස‍්මි. සාතස‍්මීති අසස‍්සතො අස‍්මි. අසස‍්මීති සතස‍්මීති වා පාඨො. තත්‍ථ අත්‍ථීති අසං; නිච‍්චස‍්සෙතං අධිවචනං. සීදතීති සතං; අනිච‍්චස‍්සෙතං අධිවචනං. ඉති ඉමානි ද‍්වෙ සස‍්සතුච‍්ඡෙදවසෙන වුත‍්තානීති වෙදිතබ‍්බානි. ඉතො පරානි සියන‍්තිආදීනි චත‍්තාරි සංසයපරිවිතක‍්කවසෙන වුත‍්තානි. තානි පුරිමචතුක‍්කෙ වුත‍්තනයෙනෙව අත්‍ථතො වෙදිතබ‍්බානි. අපාහං සියන‍්තිආදීනි පන චත‍්තාරි “අපි නාමාහං භවෙය්‍ය”න‍්ති එවං පත්‍ථනාකප‍්පනවසෙන වුත‍්තානි. තානි පුරිමචතුක‍්කෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. එවමෙතෙසු –

තණ්හා විචරිත නිද්දේසයෙහි තණ්හා විචරිතානි යන තණ්හා හැසිරීම, තෘෂ්ණා පැවැත්වීම. අජ්ඣත්තිකස්ස උපාදායා යනු අධ්‍යාත්මික ස්කන්ධ පංචකය අල්වාගෙන. මෙහි තෘතීයා වේ ෂෂ්ටි වචනයකි. අස්මීති හොති මේ අධ්‍යාත්ම ස්කන්ධ පංචකය අල්ලාගෙන තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් සමූහ වශයෙන් ගනිමින් වෙමි යයි සිතයි. එසේ ඇති කල්හි යන අර්ථයයි. ඉත්‍ථස්මීති හොතී යනාදියෙහි මෙසේ සමූහ වශයෙන් මම යයි ගැනීම ඇතිකල්හි හේතුවකින් නැතුවද හේතුවකින් ඇතැයි දෙගුණ කොට ගනී. එහි හේතුවකින් නැතැයි අනිත් ආකාරයකට පැමිණ ස්වකීය භවයම අරමුණුකොට මෙසේ වෙමියි සිතයි. ක්‍ෂත්‍රියාදීන් කෙරෙහි මේ ආකාරය මම යයි මෙසේ තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් වේ යයි යන අර්ථයයි. මෙය හේතුවකින් තොර ගැනීමය. හේතුවකින් ගැනීම වනාහි සමත අසමත වශයෙන් දෙයාකාරය. එය දැක්වීමට එවස්මීතිච අඤ්ඤාථාස්මීතිච කියන ලදි. එහි එවස්මීති මෙය සමාන වශයෙන් හේතුවකින් ගැනීමය. මේ ක්‍ෂත්‍රියෙකි. මේ බ්‍රාහ්මණයෙකි. මෙසේ මමද අර්ථ වේ. අඤ්ඤථාස්මීති මෙය අසමාන වශයෙන් ගැනීමයි මේ ක්‍ෂත්‍රියා මේ බ්‍රාහ්මණයා මම එයින් වෙනත්ය හීන හෝ අධි හෝ යයි අර්ථ වේ. මේ වර්තමාන වශයෙන් තණ්හා සතරේ හැසිරීමයි. භවිස්සන්ති ආදිය සතර වනාහි අනාගත වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද නයින් අර්ථය දතයුතුය. අස්මී ශාස්වත වශයෙන් වෙමි. සාතස්මී අසාස්වත වශයෙන් වෙමි. සතස්මී හෝ පාඨයකි. එහි ඇත යන විය. නිත්‍ය යන්නට අධි වචනයකි. ගිලෙයි යනු සතංවේ අනිත්‍යයට අධි වචනයෙකි. මෙසේ මේ දෙක සාස්වත උච්ඡේද වශයෙන් කියන ලදැයි දතයුතුය. මෙයින් පසුව සියං යනාදි සතර සංසය පරිවිතක්ක වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද අයුරින්ම අර්ථ වශයෙන් දැනගත යුතුය. අපාහං සියං යනාදි සතර මම වන්නෙමියි මෙසේ ප්‍රාර්ථනා කල්පනා වශයෙන් කියන ලදි. ඒවා පෙර චතුක්කයෙහි කියන ලද පරිද්දෙන් දැනගත යුතුය.

ද‍්වෙ දිට‍්ඨිසීසා චත‍්තාරො, සුද‍්ධසීසා සීසමූලකා; තයො තයොති එතානි, අට‍්ඨාරස විභාවයෙ.

දිටු හිස් දෙකෙක් වේ - සතරකි මුල් පිරිසිදු තුන තුනය මේවා - අටලොසයයි දැක්විණී

එතෙසු හි සස‍්සතුච‍්ඡෙදවසෙන වුත‍්තා ද‍්වෙ දිට‍්ඨිසීසා නාම. අස‍්මීති, භවිස‍්සන‍්ති, සියන‍්ති, අපාහං සියන‍්ති එතෙ චත‍්තාරො සුද‍්ධසීසාඑව. ඉත්‍ථස‍්මීති ආදයො තයො තයොති ද‍්වාදස සීසමූලකා නාමාති. එවමෙතෙ ද‍්වෙ දිට‍්ඨිසීසා, චත‍්තාරො සුද‍්ධසීසා, ද‍්වාදස සීසමූලකාති අට‍්ඨාරස තණ‍්හාවිචරිතධම‍්මා වෙදිතබ‍්බා.

මේවායෙහි සාස්වත උච්ඡේද වශයෙන් කියන ලදි. දිට්ඨීසීස නම් දෙකකි. අස්මී යන්න වන්නේය. වූයේය මම වෙමිද වන්නෙමි. මේ සතරය. සුද්ධ සීසමය. ඉත්‍ථස්මි ආදිය තුන තුන යයි දොළසකි. සීස මූලකය නම්ය. මෙසේ මේ දිට්ඨි සීස දෙක සුද්ධ සීස හතර සීසමුල දොළහ යයි දහඅට තෘෂ්ණාව හැසිරෙන ධර්මයයි දතයුතුය.

ඉදානි පටිපාටියාව තෙ ධම‍්මෙ භාජෙත්‍වා දස‍්සෙතුං කථඤ‍්ච අස‍්මීති හොතීතිආදි ආරද‍්ධං. තත්‍ථ කඤ‍්චි ධම‍්මං අනවකාරිං කරිත්‍වාති රූපවෙදනාදීසු කඤ‍්චි එකධම‍්මම‍්පි අවිනිබ‍්භොගං කත්‍වා, එකෙකතො අග‍්ගහෙත්‍වා, සමූහතොව ගහෙත්‍වාති අත්‍ථො. අස‍්මීති ඡන්‍දං පටිලභතීති පඤ‍්චක‍්ඛන්‍ධෙ නිරවසෙසතො ගහෙත්‍වා ‘අහ’න‍්ති තණ‍්හං පටිලභති. මානදිට‍්ඨීසුපි එසෙව නයො. තත්‍ථ කිඤ‍්චාපි අයං තණ‍්හාවිචරිතනිද‍්දෙසො, මානදිට‍්ඨියො පන න විනා තණ‍්හාය, තස‍්මා තදෙකට‍්ඨවසෙන ඉධ වුත‍්තා. තණ‍්හාසීසෙන වා පපඤ‍්චත‍්තයම‍්පි උද‍්දිට‍්ඨං. තං උද‍්දෙසානුරූපෙනෙව නිද‍්දිසිතුම‍්පි මානදිට‍්ඨියො ගහිතා. තණ‍්හාපපඤ‍්චං වා දස‍්සෙන‍්තො තෙනෙව සද‍්ධිං සෙසපපඤ‍්චෙපි දස‍්සෙතුං එවමාහ.

දැන් පිළිවෙල ඒ ධර්ම බෙදා දැක්වීමට කථඤ්ච අස්මීති හොති යනාදිය අරඹන ලදි. එහි කිඤ්චි ධම්මං අත්‍ථකාරිං කරිත්‍වා රූප වේදනාදියෙහි කිසි එක් ධර්මයකුදු අවිනිබ්භොග කොට එක එකින් ගෙන සමූහ වශයෙන් ගත්තේය යන අර්ථයය. අස්මීති ඡන්‍දං පටිලභති යනු පංචස්කන්ධයන් නිරවශේෂයෙන් ගෙන (අහං) මම යයි තෘෂ්ණාව ලබයි. මනා දිට්ඨිවලද මෙම නයයි. එහි මේ තෘෂ්ණාව හැසිරෙන නිර්දේශය මාන දිට්ඨි හැර තෘෂ්ණාව. එහෙයින් තදේකාර්ථ වශයෙන් මෙහි කියන ලදි. තෘෂ්ණා ශීර්ෂයෙන් හෝ පපඤ්ච තුනද දක්වන ලදි. එය උද්දේසනම් අනුරූපයෙන්ම විස්තර කරන්නට මාන දිට්ඨි ගන්නා ලදි. තෘෂ්ණාව ප්‍රපඤ්චයක් වශයෙන් දක්වමින් එය සමග සෙසු ප්‍රපංච දැක්වීමට මෙසේ කීහ.

තස‍්මිං සති ඉමානි පපඤ‍්චිතානීති තස‍්මිං “අස‍්මීති ඡන්‍දං පටිලභතී”තිආදිනා නයෙන වුත‍්තෙ පපඤ‍්චත‍්තයෙ සති පුන ඉමානි “ඉත්‍ථස‍්මීති වා”තිආදීනි පපඤ‍්චිතානි හොන‍්තීති අත්‍ථො.

තස්මිං සති ඉමානි පපඤ්චිතානි එහි අස්මීති ඡන්‍දං ලබයි ආදි නයින් කියන ලද්දේ ප්‍රපංච තුන ඇතිකල්හි නැවත මේ ඉත්‍ථස්මී යනාදිය ප්‍රපංච වේ යන අර්ථයයි.

ඛත‍්තියොස‍්මීතිආදීසු අභිසෙකසෙනාමච‍්චාදිනා ‘ඛත‍්තියො අහං’, මන‍්තජ‍්ඣෙන පොරොහිච‍්චාදිනා ‘බ්‍රාහ‍්මණො අහං’, කසිගොරක‍්ඛාදිනා ‘වෙස‍්සො අහං’, අසිතබ්‍යාභඞ‍්ගිතාය ‘සුද‍්දො අහං’ , ගිහිබ්‍යඤ‍්ජනෙන ‘ගහට‍්ඨො අහ’න‍්ති ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. එවං ඉත්‍ථස‍්මීති හොතීති එවං ඛත‍්තියාදීසු ඛත‍්තියාදිප‍්පකාරං අත‍්තනි උප‍්පාදයිත්‍වා ‘ඉත්‍ථංපකාරො අහ’න‍්ති හොති.

ඛත්තියොස්මී යනාදියෙහි අභිසේක සේනා අමාත්‍යාදියෝ මේ ක්‍ෂත්‍රියෙකි මම. මන්ත්‍ර අධ්‍යයන කරන පුරෝහිතාදියෙන් බ්‍රාහ්මණයෙකි මම. කෘෂි ගවපාලන ආදියෙන් වෛශ්‍යයෙකි මම ගිහි ලක්‍ෂණවලින් ගෘහපතියෙකි මම. මේ නයින් අර්ථ දතයුතුය. මෙසේ ඉත්‍ථස්මීති හොතී මෙසේ ක්‍ෂත්‍රියාදියෙහි ක්‍ෂත්‍රියාදි ආකාර තමා කෙරෙහි උපදවා මේ ආකාර මම වේ.

යථා සො ඛත‍්තියොතිආදීසු ‘යථා සො අභිසෙකසෙනාමච‍්චාදිනා ඛත‍්තියො, තථා ‘අහම‍්පි ඛත‍්තියො’ති ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. දුතියනයෙ ‘යථා සො අභිසෙකසෙනාමච‍්චාදිනා ඛත‍්තියො, නාහං තථා ඛත‍්තියො; අහං පන තතො හීනො වා සෙට‍්ඨො වා’ති ඉමිනා නයෙන අත්‍ථො වෙදිතබ‍්බො. භවිස‍්සන‍්තිආදිනිද‍්දෙසාදීසුපි එසෙව නයො.

යථා සො ඛත්තියො යනාදියෙහි හේ අභිසේක සේනා අමාත්‍යාදියෝ ක්‍ෂත්‍රිය වේ. එසේ මමද ක්‍ෂත්‍රියෙකැයි මේ නයින් අර්ථ දතයුතුය. දෙවන නියෙහි යම්සේ හේ අභිෂේක සේනා අමාත්‍යාදියෙන් ක්‍ෂත්‍රිය වේ. එසේ මම ක්‍ෂත්‍රියෙකු නොවේ. මම වනාහි එයින් හීනය. උසස්ය හෝ මේ නයින් අර්ථය දතයුතුය. භවිස්සන්ති ආදි නිර්දේශවලද මෙම නයයි.

එවං අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය තණ‍්හාවිචරිතානි භාජෙත්‍වා ඉදානි බාහිරස‍්ස උපාදාය තණ‍්හාවිචරිතානි භාජෙතුං තත්‍ථ කතමානීතිආදිමාහ. තත්‍ථ බාහිරස‍්ස උපාදායාති බාහිරං ඛන්‍ධපඤ‍්චකං උපාදාය. ඉදම‍්පි හි උපයොගත්‍ථෙ සාමිවචනං. ඉමිනාති ඉමිනා රූපෙන වා…පෙ… විඤ‍්ඤාණෙන වා. අවසෙසං පන උද‍්දෙසවාරෙ තාව වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

මෙසේ අධ්‍යාත්මිකයාගේ අල්ලා ගැනීමෙන් තෘෂ්ණාව හැසිරෙන හැටි බෙදා දැන් බාහිරව ගෙන තෘෂ්ණාව හැසිරෙන ආකාරය බෙදීමට තත්‍ථ කතමානි යයි යනාදිය කීහ. එහි බාහිරස්ස උපාදාය යන බාහිර ස්කන්ධ පංචකය ගෙන මෙතැනද තෘතීයාර්ථයෙහි ෂෂ්ඨී වචනයි. ඉමිනා මේ රූපයෙන් හෝ........විඤ්ඤාණයෙන් හෝ අවසේසය උද්දේස වාරයෙහි කියන ලද නයින්ම දතයුතුය.

නිද‍්දෙසවාරෙ පන අවකාරිං කරිත්‍වාති විනිබ‍්භොගං කත්‍වා. ඉමිනා අස‍්මීති ඡන්‍දං පටිලභතීතිආදීසු ඉමිනා රූපෙන වා…පෙ… විඤ‍්ඤාණෙන වාති එවං පඤ‍්චක‍්ඛන්‍ධෙ එකදෙසතො ගහෙත්‍වා ඉමිනා ‘අහ’න‍්ති ඡන්‍දාදීනි පටිලභතීති එවමත්‍ථො වෙදිතබ‍්බො.

නිද්දේස වාරයෙහි අවකාරිං කරිත්වා විනිබ්භෝග (වෙන්කර) කර ඉමිනා අස්මීති ඡන්‍දං පටිලභති ආදියෙහි මේ රූපයෙන් හෝ.......විඤ්ඤාණයෙන් හෝ මෙසේ පඤ්චස්කන්ධයෙහි ඒක දේශයක් ගෙන මෙයින් මම ඡන්‍දාදිය ලබමි යයි මේ අර්ථය දතයුතුය.

ඉමිනා ඛත‍්තියොස‍්මීතිආදීසු ‘ඉමිනා ඡත‍්තෙන වා ඛග‍්ගෙන වා අභිසෙකසෙනාමච‍්චාදිනා වා ඛත‍්තියො අහ’න‍්ති එවං පුරිමනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. ඉමිනාති පදමත‍්තමෙව හෙත්‍ථ විසෙසො.

ඉමිනා ඛත්තියොස්මීති ආදියෙහි මෙ ඡත්‍රයෙන් හෝ කඩුවෙන් හෝ අභිසේක සේනා අමාත්‍යාදියෙන් හෝ මම ක්‍ෂත්‍රියෙක් වෙමිය යන පෙර නයින්ම අර්ථය දතයුතුය. ඉමින් යන පදය පමණක් මෙහි විශේෂයයි.

යථා සො ඛත‍්තියොතිආදීසුපි ඉමිනාති වුත‍්තපදමෙව විසෙසො. තස‍්මා තස‍්ස වසෙන යථා ඛත‍්තියො, එවං අහම‍්පි ඉමිනා ඛග‍්ගෙන වා ඡත‍්තෙන වා අභිසෙකසෙනාමච‍්චාදිනා වා ඛත‍්තියොති එවං යොජෙත්‍වා සබ‍්බපදෙසු අත්‍ථො වෙදිතබ‍්බො. ඉමිනා නිච‍්චොස‍්මීති පඤ‍්චක‍්ඛන්‍ධෙ අනවකාරිං කත්‍වා රූපාදීසු එකමෙව ධම‍්මං ‘අහ’න‍්ති ගහෙත්‍වා ‘ඉමිනා ඛග‍්ගෙන වා ඡත‍්තෙන වා අහං නිච‍්චො ධුවො’ති මඤ‍්ඤති. උච‍්ඡෙදදිට‍්ඨියම‍්පි එසෙව නයො. සෙසං සබ‍්බත්‍ථ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

යථා සො ඛත්තියො ආදියෙහිද ඉමිනා යයි කියන ලද පදයම විශේෂයි. එහෙයින් ඒ ආකාරයෙන් ක්‍ෂත්‍රියෙක් වේද මෙසේ මමද කඩුවෙන් හෝ ඡත්‍රයෙන් හෝ අභිසේක සේනා අමාත්‍යාදියෙන් හෝ ක්‍ෂත්‍රියෙකැයි මෙසේ යොදා සියළු පදවල අර්ථ දතයුතුය. ඉමිනා නිච්චොස්මි පංචස්කන්ධයෙන් වෙන්කොට රූපාදියෙහි එකම ධර්මයක් මම යයි ගෙන මේ කඩුවෙන් හෝ ඡත්‍රයෙන් හෝ මම නිත්‍යයයි ස්ථිර යයි හඟී. උච්ඡේද දෘෂ්ටියෙහි මෙම නයයි. සෙසු සියල්ල කියන ලද ආකාරයෙන්ම දතයුතුය.

ඉති එවරූපානි අතීතානි ඡත‍්තිංසාති එකෙකස‍්ස පුග‍්ගලස‍්ස අතීතෙ ඡත‍්තිංස. අනාගතානි ඡත‍්තිංසාති එකෙකස‍්සෙව අනාගතෙ ඡත‍්තිංස. පච‍්චුප‍්පන‍්නානි ඡත‍්තිංසාති එකෙකස‍්ස වා පුග‍්ගලස‍්ස යථාලාභවසෙන බහුනං වා පච‍්චුප‍්පන‍්නෙ ඡත‍්තිංස. සබ‍්බසත‍්තානං පන එකංසෙනෙව අතීතෙ ඡත‍්තිංස, අනාගතෙ ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නෙ ඡත‍්තිංසාති වෙදිතබ‍්බානි. අනන‍්තා හි අසදිසතණ‍්හාමානදිට‍්ඨිභෙදා සත‍්තා. අට‍්ඨතණ‍්හාවිචරිතසතං හොතීති එත්‍ථ පන අට‍්ඨසතසඞ‍්ඛාතං තණ‍්හාවිචරිතං හොතීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

ඉති එවරූපවති අතීතානී ඡත්තිංසො එක් එක් පුද්ගලයාගේ අතීතයෙහි තිස්හය අනාගතානි ඡත්තිංසා එක එක පුද්ගලයාගේ අනාගතයේ තිස්හය පච්චුප්පනෙ ඡත්තිංසා එක එක පුද්ගලයාගේ යථාලාභ වශයෙන් බොහෝ හෝ වර්තමානයෙහි තිස්හය සියළු සත්ත්වයින්ට වනාහි ඒකාන්තයෙන්ම අතීතයෙහි තිස්හය අනාගතයෙහි තිස්හය වර්තමානයෙහි තිස්හය යයි දතයුතුය. තෘෂ්ණා මාන දෘෂ්ටි අසදෘෂය අත්‍යන්ත ප්‍රභේද සත්ත්වයෝ ඇත. අට්ඨ තණ්හා විචරිතසතං හොති මෙහි වනාහි එකසිය අටක් තෘෂ්ණාව හැසිරෙන ලද වේයයි දතයුතුය. සෙසු සියල්ල ප්‍රකට අර්ථ ඇත්තේය.

තණ‍්හාවිචරිතනිද‍්දෙසවණ‍්ණනා.

දිට‍්ඨිගතනිද‍්දෙසවණ‍්ණනා

දිට්ඨිගතනිද්දෙසවණ්ණනා

දිට‍්ඨිගතනිද‍්දෙසෙ බ්‍රහ‍්මජාලෙ වෙය්‍යාකරණෙති බ්‍රහ‍්මජාලනාමකෙ වෙය්‍යාකරණෙ, දීඝනිකායස‍්ස පඨමසුත‍්තන‍්තෙ. වුත‍්තානි භගවතාති සත්‍ථාරා සයං ආහච‍්ච භාසිතානි. චත‍්තාරො සස‍්සතවාදාතිආදීසු “තෙ ච භොන‍්තො සමණබ්‍රාහ‍්මණා කිමාගම‍්ම කිමාරබ‍්භ සස‍්සතවාදා සස‍්සතං අත‍්තානඤ‍්ච ලොකඤ‍්ච පඤ‍්ඤාපෙන‍්ති චතූහි වත්‍ථූහී”තිආදිනා (දී· නි· 1.29-30) බ්‍රහ‍්මජාලෙ වුත‍්තනයෙනෙව පභෙදො ච අත්‍ථො ච වෙදිතබ‍්බොති.

දිට්ඨි යන නිද්දේසයෙහි බ්‍රහ්මජාල වෙය්‍යාකරණො යන බ්‍රහ්මජාල නම් ප්‍රකාශ කිරීමෙහි දීඝනිකායේ පළමුවන සූත්‍රාන්තයෙහි චුත්තානිභගවතා ශාස්තෲවරයා විසින් තමාම ගැටී වදාරන ලදි. චත්තාරො සස්සත වාදා යනාදියෙහි පින්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කුමකට පැමිණ කුමක් අරබයා සාස්වතවාදය සාස්වතද ආත්මයද ලෝකයද පනවත්. සතර වස්තුවලින් යයි ආදියෙන් බ්‍රහ්මජාලයෙහි කියන ලද නයින්ම ප්‍රභේදද අර්ථයද දතයුතුය.

සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දාහත්වන ඛුද්දක වස්තු විභංග නිද්දේසයයි.