යෙදුමෙන් කියවන්න

සබ‍්බසඞ‍්ගාහිකවාරවණ‍්ණනා අට‍්ඨකථා

සබ‍්බසඞ‍්ගාහිකවාරවණ‍්ණනා

සබ්බසඞ්ගාහිකවාරවණ්ණනා

ඉදානි තදනන‍්තරෙ ධම‍්මහදයවිභඞ‍්ගෙ පාළිපරිච‍්ඡෙදො තාව එවං වෙදිතබ‍්බො – එත්‍ථ හි ආදිතොව ඛන්‍ධාදීනං ද‍්වාදසන‍්නං කොට‍්ඨාසානං වසෙන සබ‍්බසඞ‍්ගාහිකවාරො නාම වුත‍්තො. දුතියො තෙසංයෙව ධම‍්මානං කාමධාතුආදීසු උප‍්පත‍්තානුප‍්පත‍්තිදස‍්සනවාරො නාම. තතියො තත්‍ථෙව පරියාපන‍්නාපරියාපන‍්නදස‍්සනවාරො නාම. චතුත්‍ථො තීසු භූමීසු උප‍්පත‍්තික‍්ඛණෙ විජ‍්ජමානාවිජ‍්ජමානධම‍්මදස‍්සනවාරො නාම. පඤ‍්චමො තෙසං ධම‍්මානං භූමන‍්තරවසෙන දස‍්සනවාරො නාම. ඡට‍්ඨො ගතීසු උප‍්පාදකකම‍්මආයුප‍්පමාණදස‍්සනවාරො නාම. සත‍්තමො අභිඤ‍්ඤෙය්‍යාදිවාරො නාම. අට‍්ඨමො සාරම‍්මණානාරම‍්මණවාරො නාම. නවමො තෙසං ඛන්‍ධාදිධම‍්මානං දිට‍්ඨසුතාදිවසෙන සඞ‍්ගහෙත්‍වා දස‍්සනවාරො නාම. දසමො කුසලත‍්තිකාදිවසෙන සඞ‍්ගහෙත්‍වා දස‍්සනවාරො නාම.

ඉක්බිතිව දැන් ධම්මහදය විභංගයේ පෙල පළමුව මෙසේ දතයුතුය. මෙහි මුලින්ම ස්කන්ධාදීන්ගේ දොලොස් කොටස් වශයෙන් සර්ව සංග්‍රාහික නම් වාරයක් කියන ලදි. දෙවනුව ඒ ධර්මයන්ගේම කාමධාතු ආදියෙහි උත්පත්ති අනුප්පත්ති දස්සන වාරය නම් වේ. තුන්වෙනුව එහිම පරියාපන්න අපරියාපන්න දස්සන වාරය නම් වේ. සතරවනුව භූමිතුනේ උත්පත්ති ක්‍ෂණයෙහි විද්‍යමාන අවිද්‍යමාන ධම්ම දස්සන වාර නම් වේ. පස්වෙනුව ඒ ධර්මයන්ගේ භූමිඅන්තර වශයෙන් දස්සන වාර නම් වේ. සවෙනුව ගතිවල උපදින කර්ම ආයු ප්‍රමාණය දක්වන වාර නම් වේ. සත්වෙනුව අසඤ්ඤෙය්‍යාදි වාර නම් වේ. අටවෙනුව සාරම්මණ ආරම්මණ වාර නම් වේ. නවවෙනුව ඒ ස්කන්ධාදි ධර්මයන්ගේ දිට්ඨි සූත්‍රාදි වශයෙන් සංග්‍රහ කළ දස්සන වාර නම් වේ. දසවෙනුව කුසලත්‍රිකාදි වශයෙන් සංග්‍රහ කළ දස්සන වාර නම් වේ.

එවං දසහි වාරෙහි පරිච‍්ඡින‍්නාය පාළියා පඨමෙ තාව සබ‍්බසඞ‍්ගාහිකවාරෙ “අවීචිතො යාව භවග‍්ගං එත්‍ථන‍්තරෙ කති ඛන්‍ධා”ති පුච‍්ඡිතෙ “එකොති වා…පෙ… චත‍්තාරොති වා ඡාති වා අවත්‍වා පඤ‍්චාති වත‍්තුං සමත්‍ථො අඤ‍්ඤො නත්‍ථී”ති අත‍්තනො ඤාණබලං දීපෙන‍්තො පඤ‍්චක‍්ඛන්‍ධාති පුච‍්ඡානුරූපං විස‍්සජ‍්ජනං ආහ. යථාපුච‍්ඡං විස‍්සජ‍්ජනඤ‍්හි සබ‍්බඤ‍්ඤුබ්‍යාකරණං නාමාති වුච‍්චති. ද‍්වාදසායතනානීතිආදීසුපි එසෙව නයො. රූපක‍්ඛන්‍ධාදීනං පභෙදො ඛන්‍ධවිභඞ‍්ගාදීසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

මෙසේ දස වාරයකින් පිරිසිඳ පෙළෙහි පළමු සර්ව සංග්‍රාහික වාරයෙහි අවීචියේ පටන් භවාග්‍රය දක්වා අතරෙහි ස්කන්ධ කීයදැයි විචාල කල්හි එකක් යයි හෝ........සතරක් යයි හෝ නොකියා සයකදැයි නොකියා පසක් යයි කීමට අනිත් සමර්ථයෙක් නැති බැවින් තමන්ගේ ඤාණ බලය දක්වන්නේ පඤ්චක්ඛන්‍ධො යයි ඇසූ දෙයට අනුරූපව විසඳුම කීහ. ප්‍රශ්න විසඳීමෙහි සර්වඥ ව්‍යාකරණ නම් යයි කියනු ලැබේ. ද්වාදසායතනාති යනාදියෙහිද මෙම නයමැයි. රූපස්කන්ධාදීන්ගේ ප්‍රභේදය ඛන්‍ධ විභංගාදියෙහි කියන ලද නයින්ම දතයුතුය.