උප්පත්තානුප්පත්තිවාරවණ්ණනා අට්ඨකථා
උප්පත්තානුප්පත්තිවාරවණ්ණනා
උප්පත්තානුප්පත්තිවාරවණ්ණනා
දුතියවාරෙ යෙ ධම්මා කාමභවෙ කාමධාතුසම්භූතානඤ්ච සත්තානං උප්පජ්ජන්ති – කාමධාතුයං පරියාපන්නා වා අපරියාපන්නා වා – තෙ සබ්බෙ සඞ්ගහෙත්වා කාමධාතුයා පඤ්චක්ඛන්ධාතිආදි වුත්තං. රූපධාතුආදීසුපි එසෙව නයො. යස්මා පන රූපධාතුපරියාපන්නානං සත්තානං ඝානායතනාදීනං අභාවෙන ගන්ධායතනාදීනි ආයතනාදිකිච්චං න කරොන්ති, තස්මා රූපධාතුයා ඡ ආයතනානි, නව ධාතුයොතිආදි වුත්තං . යස්මා ච ඔකාසවසෙන වා සත්තුප්පත්තිවසෙන වා අපරියාපන්නධාතු නාම නත්ථි, තස්මා අපරියාපන්නධාතුයාති අවත්වා යං යං අපරියාපන්නං තං තදෙව දස්සෙතුං අපරියාපන්නෙ කති ඛන්ධාතිආදි වුත්තං.
දෙවන වාරයෙහි කාම භවයෙහි යම් ධර්මයක් කාම ධාතුවෙන් හටගත් සත්ත්වයන්ගේ උත්පත්තිය කාමධාතුවට ඇතුළත් හෝ ඇතුළත් නොවන හෝ ඒ සියල්ල සංග්‍රහකොට කාමධාතුයා පඤ්චක්ඛන්ධො යනාදිය කියන ලදි. රූපධාතු ආදියෙහිද මෙම නයයි. යම්හෙයකින් රූප ධාතුවට ඇතුළත් සත්ත්වයින්ගේ ඝානයතනාදීගේ අභාවයෙන් ගන්ධායතනාදිය ආයතන කෘත්‍යය නොකරයි. එහෙයින් රූපධාතුයා ඡ ආයතනානි නව ධාතුයො යනාදිය කියන ලදි. යම්හෙයකින් අවකාශ වශයෙන් හෝ සත්වෝත්පත්ති වශයෙන් හෝ ඇතුළත් නොවන ධාතු නම් නැත. එහෙයින් අපරියාපන්න ධාතුයා යයි නොකියා ඒ ඒ අපරියාපන්න ඒ ඒ අවස්ථාවේ දැක්වීම සඳහා අපරියාපන්නෙ කති ඛන්ධා? යයි කියන ලදි.