යෙදුමෙන් කියවන්න

1

1.

1.

1020. කති ඛන්‍ධා: කති ආයතනානි: කති ධාතුයො: කති සච‍්චානි: කති ඉන්‍ද්‍රියානි: කති හෙතු: කති ආහාරා: කති ඵස‍්සා: කති වෙදනා: කති සඤ‍්ඤා: කති චෙතනා: කති චිත‍්තානි:

1020. ස්කන්‍ධයෝ කෙතෙක් ද, ආයතනයෝ කෙතෙක් ද, ධාතූහු කෙතෙක් ද, සත්‍යයෝ කෙතෙක් ද, ඉන්‍ද්‍රියයෝ කෙතෙක් ද, හේතූහු කෙතෙක් ද, ආහාරයෝ කෙතෙක් ද, ස්පර්‍ශයෝ කෙතෙක් ද, වේදනා කෙතෙක් ද, සංඥා කෙතෙක් ද, චේතනා කෙතෙක් ද, චිත්තයෝ කෙතෙක් ද යත්:

1021. පඤ‍්චක‍්ඛන්‍ධා, ද‍්වාදසායතනානි, අට‍්ඨාරසධාතුයො, චත‍්තාරි සච‍්චානි, බාවීසතින්‍ද්‍රියානි, නව හෙතූ, චත‍්තාරො ආහාරා, සත‍්ත ඵස‍්සා, සත‍්ත වෙදනා, සත‍්ත සඤ‍්ඤා, සත‍්ත චෙතනා, සත‍්ත චිත‍්තානි.

1021. ස්කන්‍ධ පසෙකි, ආයතන දොළොසෙකි, ධාතු අටළොසෙකි, සත්‍ය සතරෙකි, ඉන්‍ද්‍රිය දෙවිස්සෙකි, හේතු නවයෙකි, ආහාර සතරෙකි, ස්පර්‍ශ සතෙකි, වේදනා සතෙකි, සංඥා සතෙකි, චේතනා සතෙකි, චිත්ත සතෙකි.

1022. තත්‍ථ කතමෙ පඤ‍්චක‍්ඛන්‍ධා: රූපක‍්ඛන්‍ධො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො. ඉමෙ වුච‍්චන‍්ති පඤ‍්චක‍්ඛන්‍ධා.

1022. එහි පඤ්චස්කන්‍ධයෝ කවරහ යත්: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මොහු පඤ්චස්කන්‍ධයහ යි කියනු ලැබෙත්.

1023. තත්‍ථ කතමානි ද‍්වාදසායතනානි: චක‍්ඛායතනං රූපායතනං සොතායතනං සද‍්දායතනං ඝානායතනං ගන්‍ධායතනං ජිව‍්හායතනං රසායතනං කායායතනං ඵොට‍්ඨබ‍්බායතනං මනායතනං ධම‍්මායතනං. ඉමානි වුච‍්චන‍්ති ද‍්වාදසායතනානි.

1023. එහි ද්වාදශායතනයෝ කවරහ යත්: චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතන ය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනායතන ය, ධර්‍මායතන යි. මොහු ද්වාදශායතනහ යි කියනු ලැබෙත්.

1024. තත්‍ථ කතමා අට‍්ඨාරසධාතුයො: චක‍්ඛුධාතු රූපධාතු චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, සොතධාතු සද‍්දධාතු සොතවිඤ‍්ඤාණධාතු, ඝානධාතු ගන්‍ධධාතු ඝානවිඤ‍්ඤාණධාතු, ජිව‍්හාධාතු රසධාතු ජිව‍්හාවිඤ‍්ඤාණධාතු, කායධාතු ඵොට‍්ඨබ‍්බධාතු කායවිඤ‍්ඤාණධාතු, මනොධාතු ධම‍්මධාතු මනොවිඤ‍්ඤාණධාතු. ඉමා වුච‍්චන‍්ති අට‍්ඨාරසධාතුයො.

1024. එහි අටළොස්ධාතූහු කවරහ යත්: චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතු ය, ශ්‍රෝත්‍රධාතු ය, ශබ්දධාතු ය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය, ගන්‍ධධාතු ය, ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය, රසධාතු ය, ජිහ්වාවිඥානධාතු ය, කායධාතු ය, ස්ප්‍රෂ්ටව්‍යධාතු ය, කායවිඥානධාතු ය, මනෝධාතු ය, ධම්මධාතු ය, මනෝවිඥානධාතු යි. මොහු අටළොස්ධාතූහු වෙත්.

1025. තත්‍ථ කතමානි චත‍්තාරි සච‍්චානි: දුක‍්ඛසච‍්චං සමුදයසච‍්චං නිරොධසච‍්චං මග‍්ගසච‍්චං. ඉමානි වුච‍්චන‍්ති චත‍්තාරි සච‍්චානි.

1025. එහි සතර සත්‍යයෝ කවරහ යත්: දුඃඛසත්‍යය, සමුදයසත්‍ය ය, නිරෝධසත්‍ය ය, මාර්‍ගසත්‍ය යි. මොහු සතර සත්‍යහ යි කියනු ලැබෙත්.

1026. තත්‍ථ කතමානි බාවීසතින්‍ද්‍රියානි: චක‍්ඛුන්‍ද්‍රියං සොතින්‍ද්‍රියං ඝානින්‍ද්‍රියං ජිව‍්හින්‍ද්‍රියං කායින්‍ද්‍රියං මනින්‍ද්‍රියං ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සුඛින්‍ද්‍රියං දුක‍්ඛින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං උපෙක‍්ඛින්‍ද්‍රියං සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං පඤ‍්ඤින්‍ද්‍රියං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං අඤ‍්ඤින්‍ද්‍රියං අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. ඉමානි වුච‍්චන‍්ති බාවීසතින්‍ද්‍රියානි.

1026. එහි දෙවිසි ඉන්‍ද්‍රියයෝ කවරහ යත්: චක්‍ෂුරින්‍ද්‍රිය ය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රිය ය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සුඛේන්‍ද්‍රිය ය, දුඃඛේන්‍ද්‍රිය ය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මොහු දෙවිසි ඉන්‍ද්‍රියයෝ යි කියනු ලැබෙත්.

1027. තත්‍ථ කතමෙ නව හෙතූ: තයො කුසලහෙතූ, තයො අකුසලහෙතූ, තයො අව්‍යාකතහෙතූ. තත්‍ථ කතමෙ තයො කුසලහෙතූ: අලොභො කුසලහෙතූ, අදොසො කුසලහෙතූ, අමොහො කුසලහෙතූ, ඉමෙ තයො කුසලහෙතූ. තත්‍ථ කතමෙ තයො අකුසලහෙතූ, ලොභො අකුසලහෙතූ, දොසො අකුසලහෙතූ, මොහො අකුසලහෙතූ, ඉමෙ තයො අකුසලහෙතූ. තත්‍ථ කතමෙ තයො අව්‍යාකතහෙතූ: කුසලානං වා ධම‍්මානං විපාකතො කිරියාව්‍යාකතෙසු වා ධම‍්මෙසු අලොභො අදොසො අමොහො, ඉමෙ තයො අව්‍යාකතහෙතූ. ඉමෙ වුච‍්චන‍්ති නව හෙතූ.

1027. එහි නවහේතූහු කවරහ යත්: කුශලහේතූහු තිදෙනෙකි, අකුශලහේතූහු තිදෙනෙකි, අව්‍යාකෘතහේතූහු තිදෙනෙකි. එහි තුන් කුශලහේතූහු කවරහ යත්: අලෝභය කුශලහේතු වෙයි, අද්වේෂය කුශලහේතු වෙයි, අමෝහය කුශලහේතු වේ, මොහු තුන් කුශලහේතූහු වෙත්. එහි තුන් අකුශලහේතූහු කවරහ යත්: ලෝභය අකුශලහේතු වෙයි, ද්වේෂය අකුශලහේතු වෙයි, මෝහය අකුශලහේතු වේ. මොහු තුන් අකුශලහේතූහු වෙත්. එහි තුන් අව්‍යාකෘතහේතූහු කවරහ යත්: කුශලකර්‍මයන්ගේ විපාක හෙයින් හෝ ක්‍රියාව්‍යාකෘතධර්‍මයන්හි හෝ අලෝභය, අද්වේෂය, අමෝහයි. මොහු තුන් අව්‍යාකෘතහේතූහු වෙත්. මොහු නවහේතූහුයි කියනු ලැබෙත්.

1028. තත්‍ථ කතමෙ චත‍්තාරො ආහාරා: කබළිඞ‍්කාරො ආහාරො ඵස‍්සාහාරො මනොසඤ‍්චෙතනාහාරො විඤ‍්ඤාණාහාරො. ඉමෙ වුච‍්චන‍්නි චත‍්තාරො ආහාරා.

1028. එහි සතර ආහාරයෝ කවරහ යත්: කවලීකාරාහාර ය, ස්පර්‍ශාහාර ය, මනෝසඤ්චේතනාහාර ය, විඥානාහාර යි. මොහු සතර ආහාරයෝ යි කියනු ලැබෙත්.

1029. තත්‍ථ කතමෙ සත‍්ත ඵස‍්සා: චක‍්ඛුසම‍්ඵස‍්සො සොතසම‍්ඵස‍්සො ඝානසම‍්ඵස‍්සො ජිව‍්හාසම‍්ඵස‍්සො කායසම‍්ඵස‍්සො මනොධාතුසම‍්ඵස‍්සො මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සො. ඉමෙ වුච‍්චන‍්ති සත‍්ත සම‍්පස‍්සා.

1029. එහි සප්තස්පර්‍ශයෝ කවරහ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස ය, කායසම්ඵස්ස ය, මනෝධාතුසම්ඵස්ස ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්ස යි. මොහු සප්තස්පර්‍ශහ යි කියනු ලැබෙත්.

1030. තත්‍ථ කතමා සත‍්ත වෙදනා: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා සොතසම‍්ඵස‍්සජා වෙදනා ඝානසම‍්ඵස‍්සජා වෙදනා ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා කායසම‍්ඵස‍්සජා වෙදනා මනොධාතුසම‍්ඵස‍්සජා වෙදනා මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා වෙදනා ඉමා වුච‍්චන‍්ති සත‍්ත වෙදනා.

1030. එහි සප්තවේදනා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මොහු සප්තවේදනා යි කියනු ලැබෙත්.

1031. තත්‍ථ කතමා සත‍්ත සඤ‍්ඤා: චක‍්ඛුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සොතසම‍්ඵස‍්සජා සඤ‍්ඤා ඝානසම‍්ඵස‍්සජා සඤ‍්ඤා ජිව‍්හාසම‍්ඵස‍්සජා සඤ‍්ඤා කායසම‍්ඵස‍්සජා සඤ‍්ඤා මනොධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා. ඉමා වුච‍්චන‍්ති සත‍්තසඤ‍්ඤා.

1031. එහි සප්තසංඥා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, සෝතසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ඝානසම්ඵස්සයෙන් උපන් සංඥා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් සංඥා ය, කායසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් සංඥා යි. මොහු සප්තසංඥා යි කියනු ලැබෙත්.

1032. තත්‍ථ කතමා සත‍්ත චෙතනා: චක‍්ඛුසම‍්ඵස‍්සජා චෙතනා සොතසම‍්ඵස‍්සජා චෙතනා ඝානසම‍්ඵස‍්සජා චෙතනා ජිව‍්හාසම‍්ඵස‍්සජා චෙතනා කායසම‍්ඵස‍්සජා චෙතනා මනොධාතුසම‍්ඵස‍්සජා චෙතනා මනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා. ඉමා වුච‍්චන‍්ති සත‍්ත චෙතනා.

1032. එහි සප්තචේතනා කවරහ යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, සෝතසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් චේතනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් චේතනා ය, කායසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා ය, මනෝවිඤ්ඤාණධාතුසම්ඵස්සයෙන් උපන් චේතනා යි. මොහු සප්තචේතනා යි කියනු ලැබෙත්.

1033. තත්‍ථ කතමානි සත‍්තචිත‍්තානි: චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං ඝානවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණං කායවිඤ‍්ඤාණං මනොධාතු මනොවිඤ‍්ඤාණධාතු. ඉමානි වුච‍්චන‍්ති සත‍්ත චිත‍්තානි.

1033. එහි සප්තචිත්තයෝ කවරහ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතුය, මනෝවිඥානධාතු යි. මොහු සප්ත චිත්තයෝ යි කියනු ලැබෙත්.