අට්ඨකං
998. තත්ථ කතමානි අට්ඨ කිලෙසවත්ථූනි: ලොභො දොසො මොහො මානො දිට්ඨි විචිකිච්ඡා ථිනං උද්ධච්චං. ඉමානි අට්ඨ කිලෙසවත්ථූනි.
998. එහි අෂ්ට ක්ලේශවස්තූහු කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ ය, මාන ය, දෘෂ්ටි ය, විචිකිත්සා ය, ථීන ය, ඖද්ධත්‍ය යි. මොහු අෂ්ට ක්ලේශවස්තූහු වෙත්.
999. තත්ථ කතමානි අට්ඨ කුසීතවත්ථූනි: ඉධ භික්ඛුනා කම්මං කාතබ්බං හොති, තස්ස එවං හොති: කම්මං ඛො මෙ කාතබ්බං භවිස්සති. කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලමිස්සති. හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඨමං කුසීතවත්ථු.
999. එහි අෂ්ට කුසීදවස්තූහු කවරහ යත්: මෙ සස්නෙහි මහණහු විසින් කළයුතු කිසෙක් වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: මා විසින් කළයුතු කිසෙක් වන්නේ ය, මා කිස කරන්නහුට කය ක්ලාන්ත වෙයි. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම වැදහොවී. නො පැමිණියහු (ධ්‍යානාදිය) ගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ පළමු වැනි කුසීදවස්තුව වෙයි.
පුන චපරං භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති: අහං ඛො කම්මං අකාසිං, කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලන්තො හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති. න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා, අනධිගතස්ස අධිගමාය, අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං දුතියං කුසීතවත්ථු.
තව ද අනෙකෙකි: මහණහු විසින් කිසෙක් කරන ලද වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි කිසක් කෙළෙමි. මා කිස කරන්නහුට කය ක්ලාන්ත විය. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ දෙවැනි කුසීදවස්තුව වෙයි.
පුන චපරං භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති, තස්ස එවං හොති: මග්ගො ඛො පන මෙ ගන්තබ්බො භවිස්සති. මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලමිස්සති, හන්දාහං නිපජ්ජාමීති, සො නිපජ්ජති. න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං තතියං කුසීතවත්ථු.
තව ද අනෙකෙකි: මහණහු විසින් මග යා යුතු වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මා වනාහි මග යා යුතු වෙයි. මා මග යන්නහුට කය ක්ලාන්ත වෙයි. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ තුන්වැනි කුසීදවස්තුව වෙයි.
පුන චපරං භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති: අහං ඛො මග්ගං අගමාසිං. මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලන්තො හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති. න විරියං ආරභති. අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං චතුත්ථං කුසීතවත්ථු.
තව ද අනෙකෙකි: මහණහු විසින් මග ගියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි. මම මග ගියෙමි. මා මග යන්නහුට කය ක්ලාන්ත විය. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සතරවැනි කුසීදවස්තුව වෙයි.
පුන චපරං භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති, න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං පඤ්චමං කුසීතවත්ථු.
තව ද අනෙකෙකි: මහණ තෙම ගමෙක හෝ නියම්ගමෙක හෝ පිඬු පිණිස සරන්නේ රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා නො ලබයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි ගමෙහි හෝ නියම්ගමෙහි හෝ පිඬු පිණිස සරන්නෙම් රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා නො ලද්දෙමි. ඒ මාගේ කය ක්ලාන්ත විය. අකර්මණ්‍ය විය, මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවී. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ පස්වැනි කුසීදවස්තුව වෙයි.
පුන චපරං භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති: අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරි. තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො මාසාචිතං මඤ්ඤෙ. හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං ඡට්ඨං කුසීතවත්ථු.
තව ද අනෙකෙකි: මහණ තෙම ගමෙක හෝ නියම්ගමෙක හෝ පිඬු පිණිස සරන්නේ රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා ලබයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි, මම වනාහි ගමෙහි හෝ නියම්ගමෙහි හෝ පිඬු පිණිස සරන්නෙම් රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජනයක් කැමැති තෙක් කුසපුරා ලදිමි. ඒ මාගේ කය ක්ලාන්ත විය, අකර්මණ්‍ය විය, (තෙත්) මෑ ඇට පිරූ කලක් වැන්න. මම් හොවිම් නම් මැනැවැ යි හෙතෙම හොවියි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සවැනි කුසීදවස්තුව වෙයි.
පුන චපරං භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො. තස්ස එවං හොති: උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො අත්ථි කප්පො නිපජ්ජිතුං. හන්දාහං නිපජ්ජාමීති සො නිපජ්ජති න විරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං සත්තමං කුසීතවත්ථු.
තව ද අනෙකෙකි: මහණහට අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මට මේ අල්පමාත්‍ර ආබාධයෙක් උපන්නේ ය. නිදන්නට කැප ඇති, මම් නිදනුයෙම් නම් මැනැවැ’ යි හෙතෙම නිදයි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ සත්වැනි කුසීදවස්තුව වේ.
පුන චපරං භික්ඛු ගිලානා වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා, තස්ස එවං හොති: අහං ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො හන්දාහං නිපජ්ජාමීති. සො නිපජ්ජති. න විරියං ආරභති, අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං අට්ඨමං කුසීතවත්ථු. ඉමානි අට්ඨ කුසීතවත්ථූනි.
තව ද අනෙකෙකි: මහණ තෙම ගිලන් ව සිට ඉන් නැඟුණේ ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියේ වෙයි, ඔහුට මෙබඳු සිතෙක් වෙයි: ‘මම වනාහි ගිලනින් නැගුනෙම් ගිලන් බැවින් නැගි නොබෝකල් ඇතියෙමි, ඒ මාගේ කය දුබල ය, අකර්මණ්‍ය ය, මම් හොවිම් නම් මැනැවැ’ යි හෙතෙම හොවියි. නො පැමිණියහුගේ පැමිණීම පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස ප්රත්යක්ෂ නො කළහුගේ ප්රත්යක්ෂ කිරීම පිණිස වීර්‍ය්‍යාරම්භ නො කෙරෙයි. මේ අටවැනි කුසීදවස්තුව වේ. මොහු අෂ්ටකුසීදවස්තූහු වෙත්.
1000. තත්ථ කතමෙසු අට්ඨසු ලොකධම්මෙසු චිත්තස්ස පටිඝාතො: ලාභෙ සාරාගො අලාභෙ පටිවිරොධො යසො සාරාගො අයසෙ පටිවිරොධො පසංසාය සාරාගො නින්දාය පටිවිරොධො සුඛො සාරාගො දුක්ඛෙ පටිවිරොධො, ඉමෙසු අට්ඨසු ලොකධම්මෙසු චිත්තස්ස පටිඝාතො.
1000. එහි කවර අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාතය වේ ද යත්: ලාභයෙහි බලවත් රාග ය, අලාභයෙහි ප්රතිවිරෝධ ය, යශස්හි බලවත් රාග ය, අයසෙහි ප්රතිවිරෝධ ය, ප්‍රශංසායෙහි බලවත් රාග ය, නින්දායෙහි ප්රතිවිරෝධ ය, සුඛයෙහි බලවත් රාගය, දුඃඛයෙහි ප්රතිවිරෝධ යයි. මේ අෂ්ටලොකධර්‍මයෙහි චිත්තයාගේ ප්‍රතිඝාතය වේ.
1001. තත්ථ කතමෙ අට්ඨ අනරියවොහාරා: අදිට්ඨෙ දිට්ඨවාදිතා අස්සුතෙ සුතවාදිතා අමුතෙ මුතවාදිතා අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදිතා දිට්ඨෙ අදිට්ඨවාදිතා සුතෙ අස්සුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ්ඤාතෙ අවිඤ්ඤාතවාදිතා. ඉමෙ අට්ඨ අනරියවොහාරා.
1001. එහි අෂ්ට අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: අදෘෂ්ටයෙහි දෘෂ්ටවාදී බව ය, අශ්‍රැතයෙහි ශ්රැතවාදි බව ය, අමුතයෙහි මුතවාදී බව ය, අවිඥාතයෙහි විඥාතවාදී බව ය, දෘෂ්ටයෙහි අදෘෂ්ටවාදී බව ය, ශ්‍රැතයෙහි අශ්‍රැතවාදී බව ය, මුතයෙහි අමුතවාදී බව ය, විඥාතයෙහි අවිඥාතවාදී බව යි. මොහු අෂ්ට අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
1002. තත්ථ කතමෙ අට්ඨ මිච්ඡත්තා: මිච්ඡාදිට්ඨි මිච්ඡාසඞ්කප්පො මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තො මිච්ඡාආජීවො මිච්ඡාවායාමො මිච්ඡාසති මිච්ඡාසමාධි. ඉමෙ අට්ඨමිච්ඡත්තා.
1002. එහි අෂ්ට මිථ්‍යාත්‍වයෝ කවරහ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවචන ය, මිථ්යාකර්මාන්ත ය, මිථ්‍යාආජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි යි. මොහු අෂ්ට මිථ්‍යාත්‍වයෝ යි.
1003. තත්ථ කතමෙ අට්ඨ පුරිසදොසා: ඉධ භික්ඛු භික්ඛුං ආපත්තියා චොදෙන්ති සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො න සරාමි න සරාමී’ති අසතියාව නිබ්බෙඨෙති. අයං පඨමො පුරිස දොසො.
1003. එහි අෂ්ට පුරුෂදෝෂයෝ කවරහ යත්: මෙ සස්නෙහි මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ නො සිහි කෙරෙමි, නො සිහි කෙරෙමි නො සිහියෙන් ම මිදෙයි. මේ පළමුවැනි පුරුෂදෝෂය වෙයි.
පුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති, සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො චොදකං යෙව පටිප්ඵරති. කිං නු ඛො තුය්හං බාලස්ස අව්යත්තස්ස භණිතෙන, තුවම්පි නාම මං භණිතබ්බං මඤ්ඤසීති. අයං දුතියො පුරිසදොසො.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘බොළඳ වූ අව්‍යක්ත වූ තාගේ කථායෙන් කිම? තො ද මා කියයුත්තකු කොට හඟනෙහි දැ’ යි චෝදකයාහට ම පටහැනි වෙයි. මේ දෙවැනි පුරුෂදෝෂය වෙයි.
පුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති, සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො වොදකංයෙව පච්චාරොපෙති. ත්වම්පි ඛොසි ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, ත්වං තාව පඨමං පටිකරොහීති අයං තතියො පුරිසදොසො.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘තො ද මෙ නම් ඇවැතට පැමිණියෙහි, තෝ පළමු කොට පිළියම් කරව’ යි චෝදකයාහට ම ප්රත්යාරෝපණය කෙරේ. මේ තුන්වැනි පුරුෂදෝෂය වෙයි.
පුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො අඤ්ඤෙනඤ්ඤං පටිචරති. බහිද්ධා කථං අපනාමෙති. කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාතුකරොති. අයං චතුත්ථො පුරිසදොසො.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ අනෙකෙකින් පිළි සොය යි. කථාව බැහැරට නම යි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ. මේ සතරවැනි පුරුෂදෝෂය වෙයි.
පුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො සඞ්ඝමජ්ඣෙ බාහා වික්ඛෙපකං භණති. අයං පඤ්චමො පුරිසදොසො.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ සඟ මැද අත්සලමින් කථා කෙරෙයි. මේ පස්වැනි පුරුෂදෝෂය වෙයි.
පුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො නෙවාහං ආපන්නොස්මි න පනාහං අනාපන්නොස්මීති තුණ්හීභූතො සඞ්ඝං විහෙසෙති. අයං ඡට්ඨො පුරිසදොසො.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ ‘මම් නො ම අවන්මි, යළි මම් නො අවන්නෙම් නො වෙමි’ තූෂ්ණීම්භූතව සඞ්ඝයා වෙහෙසයි. මේ සවැනි පුරුෂදෝෂය වෙයි.
පුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො අනාදියිත්වා සඞ්ඝං, අනාදියිත්වා චොදකං, සාපත්තිකොව යෙන කාමං පක්කමති. අයං සත්තමො පුරිසදොසො.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ සඞ්ඝයා අනදර කොට චෝදකයා අනදර කොට සාපත්තික ව ම කැමැති තැනෙක යේ. මේ සත්වැනි පුරුෂදෝෂය වෙයි.
පුන චපරං භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො එවමාහ: කිං නු ඛො තුම්හෙ ආයස්මන්තො අතිබාළ්හං මයි බ්‍යාවටා. ඉදානාහං සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති. සො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිත්වා එවමාහ: ‘ඉදානි ඛො තුම්හෙ ආයස්මන්තො අත්තමනා හොථා’ති. අයං අට්ඨමො පුරිසදොසො. ඉමෙ අට්ඨ පුරිසදොසා.
තව ද අනෙකෙකි: මහණහු මහණහට ඇවැතින් චෝදනා කෙරෙති. ඒ මහණ තෙම මහණුන් විසින් ඇවැතින් චෝදනා කරනු ලබන්නේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මුඹ වහන්සේ මා කෙරෙහි කුමට ඉතා දැඩි ව (පමණ ඉක්ම) ව්යාපෘතවවු ද? දැන් මම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙමි’ යි හෙතෙම ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි ව මෙසේ කිය යි: ‘ඇවැත්නි දැන් මුඹ වහන්සේ සතුටුසිතැති වවු’ යයි. මේ අටවැනි පුරුෂදෝෂය වේ. මොහු අෂ්ට පුරුෂදෝෂයෝ යි.
1004. තත්ථ කතමෙ අට්ඨ අසඤ්ඤීවාදා: රූපී අත්තා හොති අරොගො පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අරූපී අත්තා -පෙ- රූපී ච අරූපී ච -පෙ- නෙවරූපී නාරූපී -පෙ- අන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අනන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති. අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අන්තවා ච අනන්තවා ච අත්තා හොති අරොගො පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤපෙන්ති. නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති අසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. ඉමෙ අට්ඨ අසඤ්ඤීවාදා.
1004. එහි අෂ්ට අසංඥීවාදයෝ කවරහ යත්: ආත්මය රූප ඇත්තේ වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද, ඒ ආත්මය අසංඥී යැ යි ද පනවති. ආත්මය රූප නැත්තේ වෙයි ... රූප ඇත්තේ ද රූප නැත්තේ ද වෙයි ... නො ම රූප ඇත්තේ නො ද රූප නැත්තේ වෙයි ... ආත්මය අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද ඒ ආත්මය අසංඥී යැ යි ද පනවති. ආත්මය අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද, එය අසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් ද අනන්තවත් ද වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද එය අසංඥී යැ යි ද පනවති. ආත්මය නො ම අන්තවත් නො ද අනන්තවත් වෙයි, මරණින් මත්තෙහි නිත්‍ය වේ යැ යි ද එය අසංඥී යැ යි ද පනවත්. මොහු අෂ්ට අසංඥීවාදයෝ යි.
1005. තත්ථ කතමෙ අට්ඨ නෙවසඤ්ඤී නාසඤ්ඤීවාදා: රූපී අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අරූපී අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. රූපී ච අරූපී ච අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. නෙව රූපී නා රූපී අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති න පඤ්ඤාපෙන්ති. අනන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤී නාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. අන්තවා ච අනන්තවා ච අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤීනාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරම්මරණාති නෙවසඤ්ඤීනාසඤ්ඤීති නං පඤ්ඤාපෙන්ති. ඉමෙ අට්ඨ නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා.
1005. එහි අෂ්ට නෛවසංඥීනාසංඥීවාදයෝ කවරහ යත්: ආත්මය රූපවත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අරූපී වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය රූපීත් අරූපීත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය නෛවරූපීනාරූපී වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් නො වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය අන්තවත් ද අනන්තවත් ද වෙයි, මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවති. ආත්මය නො ම අන්තවත් නොද අනන්තවත් වෙයි. මරණින් මතු නිත්‍ය වේ යැ යි ද, එය නෛවසංඥීනාසංඥී යැ යි ද පනවත්. මොහු අෂ්ට නෛවසංඥීනාසංඥීවාදයෝ යි.