සත‍්තකං
991. තත්‍ථ කතමෙ සත‍්තානුසයා: කාමරාගානුසයො පටිඝානුසයො මානානුසයො දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො, ඉමෙ සත‍්ත අනුසයා.
991. එහි සප්තානුශයයෝ කවරහ යත්: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. මොහු සප්තානුශය වෙත්.
992. තත්‍ථ කතමානි සත‍්ත සඤ‍්ඤොජනානි: කාමරාගසඤ‍්ඤොජනං පටිඝසඤ‍්ඤොජනං මානසඤ‍්ඤොජනං දිට‍්ඨිසඤ‍්ඤොජනං විචිකිච‍්ඡාසඤ‍්ඤොජනං භවරාගසඤ‍්ඤොජනං අවිජ‍්ජාසඤ‍්ඤොජනං, ඉමානි සත‍්ත සඤ‍්ඤොජනානි.
992. එහි සප්තසංයෝජනයෝ කවරහ යත්: කාමරාගසංයෝජන ය, ප්‍රතිඝසංයෝජන ය, මානසංයෝජන ය, දෘෂ්ටිසංයෝජන ය, විචිකිත්සාසංයෝජන ය, භවරාගසංයෝජන ය, අවිද්‍යාසංයෝජන යි. මොහු සප්තසංයෝජනයෝ යි.
993. තත්‍ථ කතමානි සත‍්ත පරියුට‍්ඨානානි: කාමරාගපරියුට‍්ඨානං පටිඝපරියුට‍්ඨානං මානපරියුට‍්ඨානං දිට‍්ඨිපරියුට‍්ඨානං විචිකිච‍්ඡාපරියුට‍්ඨානං භවරාගපරියුට‍්ඨානං අවිජ‍්ජාපරියුට‍්ඨානං, ඉමානි සත‍්ත පරියුට‍්ඨානානි.
993. එහි සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ කවරහ යත්: කාමරාගපර්‍ය්‍යුත්‍ථාන ය, ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථාන ය, මානපර්‍ය්‍යුත්‍ථාන ය, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන ය, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන ය, භවරාගපර්‍ය්‍යුත්‍ථාන ය, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන යි. මොහු සප්ත පර්‍ය්‍යුත්‍ථානයෝ යි.
994. තත්‍ථ කතමෙ සත‍්ත අසද‍්ධම‍්මා: අස‍්සද‍්ධො හොති, අහිරිකො හොති, අනොත‍්තප‍්පී හොති, අප‍්පස‍්සුතො හොති. කුසීතො හොති. මුට‍්ඨස‍්සති හොති, දුප‍්පඤ‍්ඤො හොති. ඉමො සත‍්ත අසද‍්ධම‍්මා.
994. එහි සප්ත අසද්ධර්‍මයෝ කවරහ යත්: අශ්‍රාද්ධයෙක් වෙයි, අහ්‍රීකයෙක් වෙයි, පාපභීරුක නො වූයෙක් වෙයි, අල්පශ්‍රැතයෙක් වෙයි, කුසීතයෙක් වෙයි, මූඪස්මෘති ඇත්තේ වෙයි, දුෂ්ප්‍රාඥයෙක් වේ. මොහු සප්තඅසද්ධර්‍මයෝ යි.
995. තත්‍ථ කතමානි සත‍්ත දුච‍්චරිතානි: පාණාතිපාතො අදින‍්නාදානං කාමෙසු මිච‍්ඡාචාරො මුසාවාදො පිසුනාවාචා ඵරුසාවාචා සම‍්ඵප‍්පලාපො. ඉමානි සත‍්ත දුච‍්චරිතානි.
995. එහි සප්ත දුශ්චරිතයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මොහු සප්ත දුශ්චරිතයෝ යි.
996. තත්‍ථ කතමො සත‍්ත මානා: මානො අතිමානො මානාතිමානො ඔමානො අධිමානො අස‍්මිමානො මිච‍්ඡාමානො. ඉමෙ සත‍්ත මානා.
996. එහි සප්ත මානයෝ කවරහ යත්: මාන ය, අතිමාන ය, මානාතිමාන ය, අවමාන ය, අධිමාන ය, අස්මීමාන ය, මිථ්‍යාමාන යි. මොහු සප්ත මානයෝ යි.
997. තත්‍ථ කතමා සත‍්ත දිට‍්ඨියො: ඉධෙකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී හොති එවංදිට‍්ඨි. යතො ඛො භො අයං අත‍්තා රූපී චාතුම‍්මහාභූතිකො මාතාපෙත‍්තිකසම‍්භවො කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා එත‍්තාවතා ඛො භො අයං අත‍්තා සම‍්මා සමුච‍්ඡින‍්නො හොතීති. ඉත්‍ථෙකෙ සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති.
997. එහි සප්තදෘෂ්ටීහු කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත, යම් හෙයකින් රූපී වූ චාතුර්මහාභූතික වූ මාතෘපෛතෘකසම්භව වූ මේ ආත්මය කරජකායයාගේ බිඳීමෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුනේ වේ යයි, මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
තමඤ‍්ඤො එවමාහ: අත්‍ථි ඛො භො එසො අත‍්තා යං ත්‍වං වදෙසි නෙසො නත්‍ථීති වදාමි. නො ච ඛො භො අයං අත‍්තා එත‍්තාවතා සම‍්මා සමුච‍්ඡින‍්නො හොති. අත්‍ථි ඛො භො අඤ‍්ඤො අත‍්තා දිබ‍්බො රූපී කාමාවචරො කබළිඞ‍්කාරභක‍්ඛො, තං ත්‍වං න ජානාසි න පස‍්සසි තමහං ජානාමි පස‍්සාමි. සො ඛො භො අත‍්තා යතො කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා, එත‍්තාවතා ඛො භො අයං අත‍්තා සම‍්මා සමුච‍්ඡින‍්නො හොතීති, ඉත්‍ථෙකෙ සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි.: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, තෙල නැතැ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුණේ නො වෙයි. භවත, දිව්‍ය වූ රූපී වූ කාමාවචර වූ කවලීකාරාහාරය වළඳනා අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය. එය මම් දනිමි දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් කරජකායයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුනේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
තමඤ‍්ඤො එවමාහ: අත්‍ථි ඛො භො එසො අත‍්තා යං ත්‍වං වදෙසි නෙසො නත්‍ථීති වදාමි. නො ච ඛො භො අයං අත‍්තා එත‍්තාවතා සම‍්මා සමුච‍්ඡින‍්නො හොති අත්‍ථි ඛො භො අඤ‍්ඤො අත‍්තා දිබ‍්බො රූපී මනොමයො සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගී අහීනින්‍ද්‍රියො, තං ත්‍වං න ජානාසි න පස‍්සසි, තමහං ජානාමි පස‍්සාමි. සො ඛො භො අත‍්තා යතො කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති, විනස‍්සති, න හොති, පරම‍්මරණා. එත‍්තාවතා ඛො භො අයං අත‍්තා සම‍්මා සමුච‍්ඡින‍්නො හොතීති, ඉත්‍ථෙකෙ සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්ම ඇත් ම ය, තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, දිව්‍ය වූ රූපී වූ (ධ්‍යාන) මනසින් නිපන් හැම අඟපසඟ ඇති පරිපූර්‍ණ ඉන්‍ද්‍රිය ඇති අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
තමඤ‍්ඤො එවමාහ: අත්‍ථි ඛො භො එසො අත‍්තා යං ත්‍වං වදෙසි නෙසො නත්‍ථීති වදාමි. නො ච ඛො භො අයං අත‍්තා එත‍්තාවතා සම‍්මා සමුච‍්ඡින‍්නො හොති. අත්‍ථි ඛො භො අඤ‍්ඤො අත‍්තා සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනන‍්තො ආකාසොති ආකාසානඤ‍්චායතනූපගො තං ත්‍වං න ජානාසි න පස‍්සසි, තමහං ජානාමි පස‍්සාමි. සො ඛො භො අත‍්තා යතො කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති, විනස‍්සති, න හොති පරම‍්මරණා. එත‍්තාවතා ඛො භො අයං අත‍්තා සම‍්මා සමුච‍්ඡින‍්නො හොතීති, ඉත්‍ථෙකෙ සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කීයෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, තෙලෙ නැතැ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත ය’ යි ආකාසානඤ්චායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
තමඤ‍්ඤො එවමාහ: අත්‍ථි ඛො භො එසො අත‍්තා යං ත්‍වං වදෙසි නෙසො නත්‍ථීති වදාමි. නො ච ඛො භො අයං අත‍්තා එත‍්තාවතා සම‍්මා සමුච‍්ඡින‍්නො හොති. අත්‍ථි ඛො භො අඤ‍්ඤො අත‍්තා සබ‍්බසො, ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම අනන‍්තං විඤ‍්ඤාණන‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනූපගො, තං ත්‍වං න ජානාසි න පස‍්සසි තමහං ජානාමි පස‍්සාමි. සො ඛො භො අත‍්තා යතො කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා, එත‍්තාවතා ඛො භො අයං අත‍්තා සම‍්මා සමුච‍්ඡින‍්නො හොතීති, ඉත්‍ථෙකෙ සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි ද, තෙල ආත්ම ඇත, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත ය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
තමඤ‍්ඤො එවමාහ: අත්‍ථි ඛො භො එසො අත‍්තා යං ත්‍වං වදෙසි නෙසො නත්‍ථීති වදාමි. නො ච ඛො භො අයං අත‍්තා එත‍්තාවතා සම‍්මා සමුච‍්ඡින‍්නො හොති. අත්‍ථි ඛො භො අඤ‍්ඤො අත‍්තා සබ‍්බසො, විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නත්‍ථි කිඤ‍්චීති ආකිඤ‍්චඤ‍්ඤායතනූපගො, තං ත්‍වං න ජානාසි න පස‍්සසි, තමහං ජානාමි පස‍්සාමි. සො ඛො භො අත‍්තා යතො කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා, එත‍්තාවතා ඛො භො අයං අත‍්තා සම‍්මා සමුච‍්ඡින‍්නො හොතීති, ඉත්‍ථෙකෙ සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කීයෙහි ද, තෙල ආත්ම ඇත් ම ය, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි අන්‍යආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවති.
තමඤ‍්ඤො එවමාහ: අත්‍ථි ඛො භො එසො අත‍්තා යං ත්‍වං වදෙසි නෙසො නත්‍ථීති වදාමි. නො ච ඛො භො අයං අත‍්තා එත‍්තාවතා සම‍්මා සමුච‍්ඡින‍්නො හොති. අත්‍ථි ඛො භො අඤ‍්ඤො අත‍්තා සබ‍්බසො, ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගො. තං ත්‍වං න ජානාසි න පස‍්සසි, තමහං ජානාමි පස‍්සාමි. සො ඛො භො අත‍්තා යතො කායස‍්ස භෙදා උච‍්ඡිජ‍්ජති විනස‍්සති න හොති පරම‍්මරණා, එත‍්තාවතා ඛො භො අයං අත‍්තා සම‍්මා සමුච‍්ඡින‍්නො හොතීති, ඉත්‍ථෙකෙ සතො සත‍්තස‍්ස උච‍්ඡෙදං විනාසං විභවං පඤ‍්ඤාපෙන‍්ති. ඉමෙ සත‍්ත දිට‍්ඨියො.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෝ යමක් කියෙහි නම් තෙල ආත්මය ඇත් ම ය, ‘තෙලෙ නැතැ’ යි නො කියමි. එතෙකුදුවත් භවත, මේ ආත්මය මෙතෙකින් මොනොවට සිඳුනේ නො වෙයි. භවත, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත් මැ යි, එය තෝ නො දන්නෙහි ය, නො දක්නෙහි ය, එය මම් දනිමි, දක්මි. භවත, ඒ මේ ආත්මය යම් හෙයෙකින් ශරීරයාගේ භේදයෙන් සිඳේ ද, වැනැසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය මොනොවට සිඳුණේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය විනාශය විභවය පනවත්. මොහු සප්තදෘෂ්ටීහු වෙත්.