ඡක්කං
977. තත්ථ කතමානි ඡ විවාදමූලානි: කොධො මක්ඛො ඉස්සා සාඨෙය්යං පාපිච්ඡතා සන්දිට්ඨිපරාමාසිතා. ඉමානි ඡ විවාදමූලානි.
977. එහි විවාදමූලයෝ සදෙන කවරහ යත්: ක්‍රෝධ ය, මකු බව ය, ඊර්ෂ්‍යා ය, සඨ බව ය, පාපිච්ඡ බව ය, ස්වකීය දෘෂ්ටිය පරාමර්ශ කරනසුලු බව යි. මොහු සදෙන විවාදමූලයෝ යි.
978. තත්ථ කතමො ඡ ඡන්දරාගා ගෙහසිතා ධම්මා: මනාපියෙසු රූපෙසු ගෙහසිතො රාගො සාරාගො චිත්තස්ස සාරාගො. මනාපියෙසු සද්දෙසු -පෙ- මනාපියෙසු ගන්ධෙසු -පෙ- මනාපියෙසු රසෙසු -පෙ- මනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනාපියෙසු ධම්මෙසු ගෙහසිතො රාගො සාරාගො චිත්තස්ස සාරාගො, ඉමෙ ඡ ඡන්දරාගා ගෙහසිතා ධම්මා.
978. එහි ගෘහශ්‍රිත වූ ඡන්දරාගධර්මයෝ සදෙන කවරහ යත්: මනවඩන රූපයන්හි ගෘහශ්‍රිත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත්රාගයෙක්, මනවඩන ශබ්දයන්හි ... මනවඩන ගන්ධයන්හි ... මනවඩන රසයන්හි ... මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩන ධර්මාලම්බනයන්හි ගෘහශ්‍රිත රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මොහු සදෙන ගෘහශ්රිතඡන්දරාගධර්මයෝ යි.
979. තත්ථ කතමානි ඡ විරොධවත්ථූනි: අමනාපියෙසු රූපෙසු චිත්තස්ස ආඝාතො පටිඝාතො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස. අමනාපියෙසු සද්දෙසු -පෙ- අමනාපියෙසු ගන්ධෙසු -පෙ- අමනාපියෙසු රසෙසු -පෙ- අමනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- අමනාපියෙසු ධම්මෙසු චිත්තස්ස ආඝාතො පටිඝාතො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, ඉමානි ඡ විරොධෙවත්ථුනි.
979. එහි විරුද්ධවස්තූහු සදෙන කවරහ යත්: අනිෂ්ට වූ රූපයන්හි චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් සැඩ බවෙක් දුරුක්තියෙක් චිත්තයාගේ නො සතුටුබවෙක්, අනිෂ්ට වූ ශබ්දයන්හි ... අනිෂ්ට වූ ගන්ධයන්හි ... අනිෂ්ට වූ රසයන්හි ... අනිෂ්ට වූ ස්ප්‍රෂටව්‍යයන්හි ... අනිෂ්ට වූ ධර්මාලම්බනයන්හි චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් සැඬ බවෙක් දුරුක්තියෙක් චිත්තයාගේ නො සතුටුබවෙක් වේ ද, මොහු විරුද්ධවස්තූහු සදෙන වෙත්.
980. තත්ථ කතමා ඡ තණ්හාකායා: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. ඉමෙ ඡ තණ්හාකායා.
980. එහි ෂට්තෘෂ්ණාකාය කවරෙ යත්: රූපතෘෂ්ණා ය, ශබ්දතෘෂ්ණා ය, ගන්‍ධතෘෂ්ණා ය, රසතෘෂ්ණා ය, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ය, ධර්‍මතෘෂ්ණා යි. මොහු ෂට්තෘෂ්ණාකාය වෙත්.
981. තත්ථ කතමො ඡ අගාරවා: සත්ථරි අගාරවො විහරති අප්පතිස්සො, ධම්මෙ අගාරවො විහරති අප්පතිස්සො, සඞ්ඝෙ අගාරවො විහරති අප්පතිස්සො, සික්ඛාය අගාරවො විහරති අප්පතිස්සො. අප්පමාදො අගාරවො විහරති අප්පතිස්සො. පටිසන්ථාරෙ අගාරවො විහරති අප්පතිස්සො ඉමෙ ඡ අගාරවා.
981. එහි අගෞරවයෝ සදෙන කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ධර්මය කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. සංඝයා කෙරෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ශික්ෂායෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. අප්‍රමාදයෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. ප්රතිසන්ථාරයෙහි ගෞරව රහිත ව නිඃශ්‍රය රහිත ව වෙසෙ යි. මොහු අගෞරවයෝ සදෙන වෙත්.
982. තත්ථ කතමො ඡ පරිහානියා ධම්මා: කම්මාරාමතා භස්සාරාමතා නිද්දාරාමතා සඞ්ගණිකාරාමතා සංසග්ගාරාමතා පපඤ්චාරාමතා, ඉමෙ ඡ පරිහානියා ධම්මා.
982. එහි පරිහාණියධර්මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, සංසර්ගයෙහි ඇලුණු බව ය, ප්‍රපඤ්චයෙහි ඇලුණු බව යි. මොහු පරිහාණියධර්මයෝ සදෙන වෙත්.
983. තත්ථ කතමෙ අපරෙපි ඡ පරිහානියා ධම්මා: කම්මාරාමතා භස්සාරාමතා නිද්දාරාමතා සඞ්ගණිකාරාමතා දොවචස්සතා පාපමිත්තතා. ඉමෙ ඡ පරිහානියා ධම්මා.
983. එහි අන්‍ය වූ ද, පරිහාණියධර්මයෝ සදෙන කවරහ යත්: කම්හි ඇලුණු බව ය, කථායෙහි ඇලුණු බව ය, නිද්‍රායෙහි ඇලුණු බව ය, සඞ්ගණිකායෙහි ඇලුණු බව ය, දුබැසි බව ය, පාපමිත්‍ර බව යි. මොහු පරිහාණියධර්මයෝ සදෙන වෙත්.
984. තත්ථ කතමෙ ඡ සොමනස්සුපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, ඉමෙ ඡ සොමනස්සුපවිචාරා.
984. එහි සෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක සොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන සොම්නසට කරුණු වූ ධර්මයෙහි සිත එළවයි. මොහු සෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
985. තත්ථ කතමෙ ඡ දොමනස්සුපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා දොමනස්සට්ඨානියං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය දොමනස්සට්ඨානීයං ධම්මං උපවිචරති, ඉමෙ ඡ දොමනස්සුපවිචාරා.
985. එහි දෝමනස්සුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක දොම්නසට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන දොම්නසට කරුණු වූ ධර්මයෙහි සිත එළවයි. මොහු දෝමනස්සුපවිචාරයෝ සදෙන වෙත්.
986. තත්ථ කතමො ඡ උපෙක්ඛූපවිචාරා: චක්ඛුනා රූපං දිස්වා උපෙක්ඛාඨානීයං රූපං උපවිචරති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය උපෙක්ඛාඨානීයං ධම්මං උපවිචරති, ඉමෙ ඡ උපෙක්ඛූපවිචාරා.
986. එහි උපෙක්ඛුපවිචාරයෝ සදෙන කවරහ යත්: ඇසින් රූපයක් දැක උපේක්ෂාවට කරුණු වූ රූපයෙහි සිත එළවයි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන උපේක්ෂාවට කරුණු වූ දහම්හි සිත එළවයි. මොහු උපෙක්ඛුපවිචාරයෝ සදෙන වෙත්.
987. තත්ථ කතමානි ඡ ගෙහසිතානි සොමනස්සානි: මනාපියෙසු රූපෙසු ගෙහසිතං චෙතසිකං සාතං චෙතසිකං සුඛං, චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං, චෙතො සම්ඵස්සජා සාතා සුඛා වෙදනා, මනාපියෙසු සද්දෙසු -පෙ- මනාපියෙසු ගන්ධෙසු -පෙ- මනාපියෙසු රසෙසු -පෙ- මනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- මනාපියෙසු ධම්මෙසු ගෙහසිතං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, ඉමානි ඡ ගෙහසිතානි සොමනස්සානි.
987. එහි ගෘහශ්‍රිත සෞමනස්‍යයෝ සදෙන කවරහ යත්: මනවඩනා රූපයන්හි කාමාශ්‍රිත වූ චෛතසිකසාතයෙක් චෛතසිකසුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක්, මනවඩනා ශබ්දයන්හි ... මනවඩනා ගන්ධයන්හි ... මනවඩනා රසයන්හි ... මනවඩනා ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... මනවඩනා දහම්හි කාමාශ්‍රිත වූ චෛතසික සාතයෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේද, මොහු ගෘහශ්රිතසෞමනස්යයෝ සදෙන වෙත්.
988. තත්ථ කතමානි ඡ ගෙහසිතානි දොමනස්සානි: අමනාපියෙසු රූපෙසු ගෙහසිතං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං, චෙතො සම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං, චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, අමනාපියෙසු සද්දෙසු -පෙ- අමනාපියෙසු ගන්ධෙසු -පෙ- අමනාපියෙසු රසෙසු -පෙ- අමනාපියෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- අමනාපියෙසු ධම්මෙසු ගෙහසිතං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉමානි ඡ ගෙහසිතානි දොමනස්සානි.
988. එහි ගෘහශ්‍රිත දෞර්මනස්යයෝ සදෙන කවරහ යත්: අනිෂ්ට වූ රූපයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනායෙක්, අනිෂ්ට වූ ශබ්දයන්හි ... අනිෂ්ට වූ ගන්ධයන්හි ... අනිෂ්ට වූ රසයන්හි ... අනිෂ්ට වූ ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... අනිෂ්ට වූ ධර්මයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අසාතදුඃඛවේදනායෙක් වේද, මොහු ‘ගෘහශ්‍රිත දෞර්මනස්යයෝ සදෙන’ වෙත්.
989. තත්ථ කතමා ඡ ගෙහසිතා උපෙක්ඛා: උපෙක්ඛාඨානීයෙසු රූපෙසු ගෙහසිතං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා උපෙක්ඛාඨානීයෙසු සද්දෙසු -පෙ- උපෙක්ඛාඨානීයෙසු ගන්ධෙසු -පෙ- උපෙක්ඛාඨානීයෙසු රසෙසු -පෙ- උපෙක්ඛාඨානීයෙසු ඵොට්ඨබ්බෙසු -පෙ- උපෙක්ඛාඨානීයෙසු ධම්මෙසු ගෙහසිතං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, ඉමා ඡ ගෙහසිතා උපෙක්ඛා.
989. එහි ගෘහශ්රිතඋපේක්ෂාවෝ සදෙන කවරහ යත්: උපේක්ෂාවට කරුණු වූ රූපයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික නෛවසාතනාසාතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක්, උපේක්ෂාවට කරුණු වූ ශබ්දයන්හි ... උපේක්ෂාවට කරුණු වූ ගන්ධයන්හි ... උපේක්ෂාවට කරුණු වූ රසයන්හි ... උපේක්ෂාවට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයන්හි ... උපේක්ෂාවට කරුණු වූ ධර්මයන්හි ගෘහශ්‍රිත වූ චෛතසික නෛවසාතනාසාතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් උපේක්‍ෂාවේදනායෙක් වේද, මොහු ගෘහශ්‍රිත උපේක්‍ෂාවෝ සදෙන වෙත්.
990. තත්ථ කතමා ඡ දිට්ඨියො: අත්ථි මෙ අත්තාති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, නත්ථි මෙ අත්තාති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අත්තනා වා අත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අත්තනා වා අනත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අනත්තනා වා අත්තානං සඤ්ජානාමීති වා අස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති. අථ වා පනස්ස එවං දිට්ඨි හොති. සො මෙ අයං අත්තා වදො වෙදෙය්යො. තත්ර තත්ර දීඝරත්තං කල්යාණපාපකානං කම්මානං විපාකං පච්චනුභොති න සො ජාතො නාහොසි. න සො ජාතො න භවිස්සති. නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මොති වා පනස්ස සච්චතො ථෙතතො දිට්ඨි උප්පජ්ජති, ඉමා ඡ දිට්ඨියො.
990. එහි ෂඩ්දෘෂ්ටීහු කවරහ යත්: මාගේ ආත්මය ඇතැ යි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. මාගේ ආත්මය නැතැ යි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. (සංඥාස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මයෙන් (අවශෙෂස්කන්ධ සඞ්ඛ්‍යාත) ආත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. ආත්මයෙන් අනාත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. අනාත්මයෙන් ආත්මය දනිමි හෝ සත්‍ය විසින් ස්ථිර විසින් ඔහුට දෘෂ්ටිය උපදියි. නොහොත් යළි ඔහුට මෙබඳු දෘෂ්ටි යෙක් වෙයි: (කෙබඳු ය යත්) යමෙක් කථා කරනුයේ නම් විඳුනේ නම් ඒ ඒ තැන්හි දිගුකලක් කල්යාණපාපකකර්මයන්ගේ විපාකය අනුභව කෙරේ නම් ඒ මේ මාගේ ආත්මය වෙයි. හෙතෙම නූපන්නේ නො වූයේ ය, හෙතෙම නූපන්නේ නො වන්නේ ය, නිත්‍ය ය, ධ්රැව ය, අවිපරිණාමස්වභාව ඇත්තේ ය යි හෝ ඔහුට සත්‍ය විසින් ස්ථිර විසින් දෘෂ්ටිය උපදී. මොහු ෂඩ්දෘෂ්ටීහු වෙත්.