පඤ්චකං
962. තත්ථ කතමානි පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි: සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො කාමච්ඡන්දො ව්යාපාදො, ඉමානි පඤ්චොරම්භාගියානි සඤ්ඤොජනානි.
962. එහි පඤ්චඕරම්භාගියසංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි ය, විචිකිත්සා ය, ශීලව්රතපරාමර්ශ ය, කාමච්ඡන්ද ය, ව්‍යාපාද යි. මොහු පඤ්චඕරම්භාගියසංයෝජනයෝ යි.
963. තත්ථ කතමානි පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤොජනානි: රූප රාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා, ඉමානි පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤොජනානි.
963. එහි පඤ්චඋද්ධම්භාගියසංයෝජනයෝ කවරහ යත්: රූපරාග ය, අරූපරාග ය, මාන ය, ඖද්ධත්‍ය ය, අවිද්‍යා යි. මොහු පඤ්චඋද්ධම්භාගියසංයෝජනයෝ යි.
964. තත්ථ කතමානි පඤ්චමච්ඡරියානි: ආවාසමච්ඡරියං කුලමච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං. ඉමානි පඤ්ච මච්ඡරියානි.
964. එහි පඤ්චමාත්සර්ය්යයෝ කවරහ යත්: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යයි. මොහු පඤ්චමාත්සර්ය්යයෝ යි.
965. තත්ථ කතමෙ පඤ්ච සඞ්ගා: රාගසඞ්ගො දොසසඞ්ගො මොහසඞ්ගො මානසඞ්ගො දිට්ඨිසඞ්ගො, ඉමෙ පඤ්චසඞ්ගා.
965. එහි පඤ්චසඞ්ගයෝ කවරහ යත්: රාගසඞ්ග ය, ද්වේෂසඞ්ග ය, මෝහසඞ්ග ය, මානසඞ්ග ය, දෘෂ්ටිසඞ්ග යි. මොහු පඤ්චසඞ්ගයෝ යි.
966. තත්ථ කතමෙ පඤ්චසල්ලා: රාගසල්ලං දොසසල්ලං මොහසල්ලං මානසල්ලං දිට්ඨිසල්ලං, ඉමෙ පඤ්ච සල්ලා.
966. එහි පඤ්චශල්යයෝ කවරහ යත්: රාගශල්‍ය ය, ද්වේෂශල්ය ය, මෝහශල්ය ය, මානශල්‍ය ය, දෘෂ්ටිශල්‍ය යි. මොහු පඤ්චශල්යයෝ යි.
967. තත්ථ කතමෙ පඤ්චචෙතොඛිලා: සත්ථිරි කඞ්ඛතී විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, ධම්මෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, සඞ්ඝෙ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, සික්ඛාය කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති. සබ්රහ්මචාරීසු කුපිතො හොති අනත්තමනතො ආහතචිත්තො ඛිලජාතො, ඉමෙ පඤ්ච චෙතොඛිලා.
967. එහි පඤ්චචේතෝඛිලයෝ කවරහ යත්: ශාස්තෘන් කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ධර්මය කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. ශික්ෂාව කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නො ඇලෙයි, නො පහදී. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ නො සතුටු සිත් ඇත්තේ ගැටුණු සිත් ඇත්තේ හටගත් චේතෝඛිල ඇත්තේ වෙයි. මොහු ‘පඤ්චචේතෝඛිලයෝ’ යි.
968. තත්ථ කතමෙ පඤ්ච චෙතසො විනිබන්ධා: කාමෙ අවීතරාගො හොති අවිගතඡන්දො අවිගතපෙමො අවිගතපිපාසො අවිගතපරිළාහො අවිගතතණ්හො. කායෙ අවීතරාගො හොති. -පෙ- රූපෙ අවීතරාගො හොති. -පෙ- යාවදත්ථං උදරාවදෙහකං භුඤ්ජිත්වා සෙය්යසුඛං පස්සසුඛං මිද්ධසුඛං අනුයුත්තො විහරති. අඤ්ඤතරං දෙවනිකායං පණිධාය බ්රහ්මචරියං චරති ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්රහ්මචරියෙන වා දෙවො වා භවිස්සාමි දෙවඤ්ඤතරො වාති, ඉමෙ පඤ්ච චෙතසො විනිබන්ධා.
968. එහි පඤ්ච චිත්තවිනිබන්‍ධයෝ කවරහ යත්: වස්තුකාමක්ලේශකාමයන්හි අවිගත වූ රාග ඇත්තේ, අවිගත වූ ඡන්ද ඇත්තේ, අවිගත වූ ප්‍රේම ඇත්තේ, අවිගත වූ පිපාසා ඇත්තේ, අවිගත වූ පරිදාහ ඇත්තේ, අවිගත වූ තෘෂ්ණා ඇත්තේ වෙයි. අධ්‍යාත්මකායයෙහි අවිගතරාග ඇත්තේ වෙයි ... බහිද්ධාරූපයෙහි අවිගතරාග ඇත්තේ වෙයි ... කැමැති තාක් කුසපුරා වළඳා ශය්‍යාසුඛයෙහි ස්පර්‍ශසුඛයෙහි නිද්‍රාසුඛයෙහි යෙදුණේ වෙසෙයි. ‘මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් හෝ එක්තරා දෙවියෙක් හෝ වන්නෙමි’ එක්තරා දේවනිකායක් පතා බඹසර වෙසේ. මොහු පඤ්චචිත්තවිනිබන්ධයෝ යි.
969. තත්ථ කතමානි පඤ්ච නීවරණානි: කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථිනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං, ඉමානි පඤ්ච නීවරණානි.
969. එහි පඤ්චනීවරණයෝ කවරහ යත්: කාමච්ඡන්දනීවරණ ය, ව්‍යාපාදනීවරණ ය, ථීනමිද්ධනීවරණ ය, උද්ධච්චකුක්කුච්චනීවරණ ය, විචිකිච්ඡානීවරණ යි. මොහු පඤ්චනීවරණයෝ යි.
970. තත්ථ කතමානි පඤ්ච කම්මානි ආනන්තරියානි: මාතා ජීවිතා වොරොපිතා හොති. පිතා ජීවිතා වොරොපිතො හොති. අරහන්තො ජීවිතා වොරොපිතො හොති. දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදිතං හොති. සඞ්ඝො භින්නො හොති. ඉමානි පඤ්ච කම්මානි ආනන්තරියානි.
970. එහි පඤ්චානන්තර්ය්යකර්මයෝ කවරහ යත්: මව දිවියෙන් ගළවනලද වෙයි, පියා දිවියෙන් ගළවනලද වෙයි, රහත් දිවියෙන් ගළවනලද වෙයි, දුෂ්ට සිතින් තථාගත සිරුරෙහි ලෙහෙ උපදවන ලද්දේ වෙයි, සඞ්ඝයා බිඳුනා ලද්දේ වේ. මොහු පඤ්චානන්තර්ය්යකර්මයෝ යි.
971. තත්ථ කතමා පඤ්ච දිට්ඨියො: සඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණාති ඉත්ථෙකෙ අභිවදන්ති, අසඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණාති ඉත්ථෙකෙ අභිවදන්ති, නෙවසඤ්ඤී නාසඤ්ඤී අත්තා හොති අරොගො පරම්මරණාති ඉත්ථෙකෙ අභිවදන්ති, සතො වා පන සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤාපෙන්ති. දිට්ඨධම්මනිබ්බානං වා පනෙකෙ අභිවදන්ති, ඉමා පඤ්ච දිට්ඨියො.
971. එහි පඤ්චදෘෂ්ටීහු කවරහ යත්: මරණින් මත්තෙහි ආත්මය සංඥා ඇත්තේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. මරණින් මත්තෙහි ආත්මය සංඥා විරහිත වූයේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. මරණින් මත්තෙහි ආත්මය නෛවසංඥීනාසංඥී වූයේ නිත්‍ය වේ යයි ඇතැම් කෙනෙක් කියති. තවද විද්‍යමාන වූ ම සත්ත්වයාගේ සිඳීම විනාශය විභවය පනවත්. යළි ඇතැම් කෙනෙක් දෘෂ්ටධර්මනිර්වාණය හෝ කියත්. මොහු පඤ්චදෘෂ්ටීහු වෙත්.
972. තත්ථ කතමෙ පඤ්ච වෙරා: පාණාතිපාතො අදින්නාදානං කාමෙසුමිච්ඡාචාරො මුසාවාදො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං, ඉමෙ පඤ්ච වෙරා.
972. එහි පඤ්චවෛරයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද ය, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීම යි. මොහු පඤ්ච වෛරයෝ යි.
973. තත්ථ කතමෙ පඤ්ච ව්‍යසනා: ඤාතිව්යසනං භොගව්යසනං රොගව්යසනං සීලව්යසනං දිට්ඨිව්යසනං, ඉමෙ පඤ්ච ව්‍යසනා.
973. එහි පඤ්චව්යසනයෝ කවරහ යත්: ඥාතිව්‍යසන ය, භෝගව්‍යසන ය, රෝගව්‍යසන ය, ශීලව්‍යසන ය, දෘෂ්ටිව්‍යසන යි. මොහු පඤ්චව්යසනයෝ යි.
974. තත්ථ කතමෙ පඤ්ච අඛන්තියා ආදීනවා: බහුනො ජනස්ස අප්පියො හොති අමනාපො, වෙරබහුලො ච හොති, වජ්ජබහුලො ච, සම්මූළ්හො කාලං කරොති, කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. ඉමෙ පඤ්ච අඛන්තියා ආදීනවා.
974. එහි අක්‍ෂාන්තියෙහි පඤ්චආදීනවයෝ කවරහ යත්: බොහෝ දෙනාට අප්‍රිය වූයේ අමනාප වූයේ වෙයි. වෛරබහුල වූයේත් වද්‍යබහුල වූයේත් වෙයි. මූඪ වූයේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණේ. මොහු අක්‍ෂාන්තියෙහි පඤ්චආදීනවයෝ යි.
975. තත්ථ කතමානි පඤ්ච භයානි: ආජීවිකභයං අසිලොකභයං පරිසසාරජ්ජභයං මරණභයං දුග්ගතිභයං, ඉමානි පඤ්චභයානි.
975. එහි පඤ්චභය කවරහ යත්: දිවිවැටුම නිසා උපන් බිය ය, ගැරැහුම්බිය ය, පිරිස්හි සාරද්‍ය සඞ්ඛ්‍යාත බිය ය, මරණයෙන් වූ බිය ය, දුගති බිය යි. මොහු පඤ්චභය වෙත්.
976. තත්ථ කතමො පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා: ඉධෙකච්චො සමණො වා බ්රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි. යතො ඛො භො අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති. එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්ම නිබ්බානප්පත්තො හොතීති, ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්ම නිබ්බානං පඤ්ඤාපෙන්ති.
976. එහි පඤ්චදෘෂ්ටධර්මනිර්වාණවාදයෝ කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය පස්කම්ගුණයෙන් ඇලුණේ යුක්ත වූයේ ඉඳුරන් පිනවා ද, භවත්නි, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ වේ යයි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පනවත්.
තමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නෙ ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොති. තං කිස්ස හෙතු: කාමා හි භො අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, තෙසං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යතො ඛො භො අයං අත්තා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොතීති ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය තෝ යමක් කීයෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? භවත, කාමයෝ අනිත්‍යයහ, දුඃඛයහ, විපරිණාමස්වභාවයහ. ඔවුන්ගේ විපරිණාම සඞ්ඛ්‍යාත අන්යථාත්වයෙන් සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ උපදිත්. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.
තමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොති. තං කිස්ස හෙතු: යදෙව තත්ථ විතක්කිතං විචාරිතං එතෙන එතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො භො අයං අත්තා පරම දිට්ඨධම්ම නිබ්බානප්පත්තො හොතීති ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්ම නිබ්බානං පඤ්ඤාපෙන්ති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් ම විතර්කයෙක් විචාරයෙක් වේ ද, මෙයින් තෙල ප්‍රථමධ්‍යානය ඖදාරික ව වැටහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, මෙතෙකින් භවත, මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.
තමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොති. තං කිස්ස හෙතු: යදෙව තත්ථ පීතිගතං චෙතසො උබ්බිල්ලාවිතත්තං එතෙන එතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොතීති ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, තෙල ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් මැ මෙයින් ප්රීතිගතයෙක් චිත්තයාගේ උත්ප්ලාවනයෙක් වේ ද, මෙයින් තෙල ද්විතීයධ්‍යානය ඖදාරික සේ වැටැහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය ප්‍රීතියගේ ද විරාගයෙන් ... තෘතීයධ්‍යානයට පැමිණ වෙසේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්.
තමඤ්ඤො එවමාහ: අත්ථි ඛො භො එසො අත්තා යං ත්වං වදෙසි. නෙසො නත්ථීති වදාමි. නො ච ඛො භො අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොති. තං කිස්ස හෙතු: යදෙව තත්ථ සුඛමිති චෙතසො ආභොගො එතෙන එතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො භො අයං අත්තා සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතා ඛො භො අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානප්පත්තො හොතීති ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති. ඉමෙ පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා.
ඔහුට අනෙකෙක් මෙසේ කියයි: භවත, මේ ආත්මය ඇත් ම ය, තෝ යමක් කියෙහි නම් තෙල නැතැ යි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ නො ද වෙයි. ඊට හේතු කිම? එහි යම් මැ සුඛයෙහි චිත්තයාගේ ආභෝගයෙක් වේ ද, මෙයින් තෙල තෘතීයධ්‍යානය ඖදාරික සේ වැටැහෙයි. භවත, යම් තැනෙක පටන් මේ ආත්මය සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්මනිර්වාණයට පැමිණියේ වේ ය යි මෙසේ ඇතැම් කෙනෙක් විද්‍යමාන වූ සත්ත්වයාගේ පරමදෘෂ්ටධර්මනිර්වාණය පණවත්. මේ පඤ්ච දෘෂ්ටධර්මනිර්වාණවාදයෝ යි.