යෙදුමෙන් කියවන්න

චතුක‍්කං

948. තත්‍ථ කතමෙ චත‍්තාරො ආසවා: කාමාසවො භාවාසවො දිට‍්ඨාසවො අවිජ‍්ජාසවො, තත්‍ථ කතමො කාමාසවො: යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමස‍්නෙහො කාම පරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං, අයං වුච‍්චති කාමාසවො.

948. එහි සතර ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව ය, භවාස්‍රව ය, දෘෂ්ට්‍යාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි. එහි කාමාස්‍රව කවර යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයන්හි ගැලීමෙක් වේ ද, මේ ‘කාමාස්‍රව’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො භවාසවො: යො භවෙසු භවච‍්ඡන්‍දො -පෙ- භවජ‍්ඣොසානං, අයං වුච‍්චති භවාසවො.

එහි භවාස්‍රව කවරෙ යත්: රූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් ... භවජ්ඣොසානායක් වේ ද, මේ ‘භවාස්‍රව’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො දිට‍්ඨාසවො: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා අන‍්තවා ලොකොති වා අනන‍්තවා ලොකොති වා තං ජීවං තං සරීරන‍්ති වා අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා. හොති තථාගතො පරම‍්මරණාති වා. න හොති තථාගතො පරම‍්මරණාති වා. හොති ච න හොති ච තථාගතො පරම‍්මරණාති වා නෙව හොති න නහොති තථාගතො පරම‍්මරණාති වා යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච‍්චති දිට‍්ඨාසවො. සබ‍්බාපි මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨාසවො.

එහි දෘෂ්ට්‍යාස්‍රව කවරෙ යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාශ්සවතයැ යි හෝ ලෝකය අන්ත ඇතැයි හෝ ලෝකය අන්ත නැතැයි හෝ හේ මැ ජීවය හේ මැ ශරීර යැ යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ යැ යි හෝ සත්ත්‍ව තෙම මරණින් මතු නො ම වෙයි නො ද නො වේ යැ යි හෝ යම් මෙබඳු දෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ට්‍යාස්‍රව’ යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ට්‍යාස්‍රව වේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාසවො: දුක‍්ඛෙ අඤ‍්ඤාණං දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං අපරන‍්තෙ අඤ‍්ඤාණං පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං, යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජාසවො. ඉමෙ චත‍්තාරො ආසවා.

එහි අවිද්‍යාස්‍රව කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීම ය, දුඃඛසමුදයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම ය, පූර්‍වාන්තයෙහි නො දැනීම ය, අවරාන්තයෙහි නො දැනීම ය, පූර්‍වාන්තාවරාන්තයෙහි නො දැනීම ය, ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම යි. යම් මෙබඳු නො දැනීමෙක් නො දැකීමෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යාස්‍රව’ යි කියනු ලැබේ. මොහු සතර ආස්‍රව වෙත්.

949. තත්‍ථ කතමෙ චත‍්තාරො ගන්‍ථා -පෙ- චත‍්තාරො ඔඝා -පෙ- චත‍්තාරො යොගා -පෙ- චත‍්තාරි උපාදානානි: කාමූපාදානං දිට‍්ඨුපාදානං සීලබ‍්බතූපාදානං අත‍්තවාදූපාදානං. තත්‍ථ කතමං කාමූපාදානං: යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දි කාමතණ‍්හා කාමස‍්නෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං, ඉදං වුච‍්චති කාමූපාදානං.

949. එහි සතර ග්‍රන්‍ථයෝ ... සතර ඕඝයෝ ... සතර යෝගයෝ ... සතර උපාදානයෝ කවරහ යත්: කාමොපාදාන ය, දෘෂ්ට්‍යුපාදාන ය, ශීලව්‍රතොපාදාන ය, ආත්මවාදෝපාදාන යි. එහි කාමොපාදාන කවරෙ යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක්, කාමරාගයෙක්, කාමනන්‍දියෙක්, කාමතෘෂ්ණායෙක්, කාමස්නේහයෙක්, කාමපරිදාහයෙක්, කාමමූර්ඡායෙක්, කාමයෙහි බැසගැනීමෙක් වේ ද, මේ ‘කාමොපාදාන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං දිට‍්ඨූපාදානං: නත්‍ථි දින‍්නං නත්‍ථි යිට‍්ඨං -පෙ- යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, ඉදං වුච‍්චති දිට‍්ඨුපාදානං. ඨපෙත්‍වා සීලබ‍්බතූපාදානඤ‍්ච අත‍්තවාදූපාදානඤ‍්ච සබ‍්බාපි මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨුපාදානං.

එහි දෘෂ්ට්‍යුපාදාන කවරෙ යත්: ‘දුන්දැයෙහි විපාක නැත, පූජායෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ’ යි යම් මෙබඳු දෘෂ්ටියෙන් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ට්‍යුපාදාන’ යි කියනු ලැබේ. ශීලව්‍රතෝපාදානයත් ආත්මවාදොපාදානයත් තබා හැම මිථ්‍යාදෘෂ්ටිය ‘දෘෂ්ට්‍යුපාදාන’ යි.

තත්‍ථ කතමං සීලබ‍්බතූපාදානං: ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධි සීලබ‍්බතෙන සුද‍්ධීති යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, ඉදං වුච‍්චති සීලබ‍්බතූපාදානං.

එහි ශීලව්‍රතොපාදාන කවරෙ යත්: මෙ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි ය යි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශීලව්‍රතොපාදාන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං අත‍්තවාදූපාදානං: ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති රූපවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා රූපං රූපස‍්මිං වා අත‍්තානං, වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති. විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා විඤ‍්ඤාණං. විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, ඉදං වුච‍්චති අත‍්තවාදූපාදානං. ඉමානි චත‍්තාරි උපාදානානි.

එහි ආත්මවාදෝපාදාන කවරෙ යත්: මෙලොව ආර්‍ය්‍යයන් නො දක්නාසුලු, ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ, ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ඇතැයි හෝ ආත්මය රූපයෙහි ඇතැයි හෝ විපරීතදෘෂ්ටියෙන් දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය විඥානයෙහි ඇතැ යි හෝ මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ආත්මවාදෝපාදාන’ යි කියනු ලැබේ. මොහු සතර උපාදානයෝ යි.

950. තත්‍ථ කතමෙ චත‍්තාරො තණ‍්හුප‍්පාදා: චීවරහෙතු වා භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, පිණ‍්ඩපාතහෙතු වා භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, සෙනාසනහෙතු වා භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, ඉති භවාභව හෙතු වා භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, ඉමෙ චත‍්තාරො තණ‍්හුප‍්පාදා.

950. එහි සතර තෘෂ්ණෝත්පාදයෝ කවරහ යත්: චීවරහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. පිණ්ඩපාතහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. සේනාසනහේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. මෙසේ භවාභව (පිණි ඉපිණි තෙල්, මිහි, පැණි ඈ) හේතුයෙන් හෝ මහණහට උපදනා තෘෂ්ණාව උපදී. මොහු සතර තෘෂ්ණෝත්පාදයෝ යි.

951. තත්‍ථ කතමානි චත‍්තාරි අගතිගමනානි: ඡන්‍දාගතිං ගච‍්ඡති දොසාගතිං ගච‍්ඡති. මොහාගතිං ගච‍්ඡති. භයාගතිං ගච‍්ඡති. යා එවරූපා අගතිගමානා ඡන්‍දගමනා වග‍්ගගමනා වාරිගමනා, ඉමානි චත‍්තාරි අගතිගමනානි.

951. එහි සතර අගතිගමනයෝ කවරහ යත්: ඡන්‍දයෙන් (ප්‍රේමවශයෙන්) අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භය විසින් අගතියට යේ. යම් මෙබඳු අගතිගමනයෙක් (අකටයුතු කිරීමෙක්) ඡන්‍දගමනයෙක් වර්‍ගගමනයෙක් (නිම්නගාමී බැවින්) වාරිගමනයෙක් වේ ද, මොහු සතර අගති ගමනයෝ යි.

952. තත්‍ථ කතමො චත‍්තාරො විපරියෙසා: අනිච‍්චෙ නිච‍්චන‍්ති සඤ‍්ඤා විපරියෙසො චිත‍්තවිපරියෙසො දිට‍්ඨිවිපරියෙසො, දුක‍්ඛෙ සුඛන‍්ති සඤ‍්ඤා විපරියෙසො චිත‍්තවිපරියෙසො දිට‍්ඨිවිපරියෙසො, අනත‍්තනි අත‍්තාති සඤ‍්ඤාවිපරියෙසො චිත‍්තවිපරියෙසො දිට‍්ඨිවිපරියෙසො, අසුභෙ සුභන‍්ති සඤ‍්ඤාවිපරියෙසො චිත‍්තවිපරියෙසො දිට‍්ඨිවිපරියෙසො. ඉමෙ චත‍්තාරො විපරියෙසා.

952. එහි සතර විපර්‍ය්‍යාසයෝ කවරහ යත්: අනිත්‍යවස්තුයෙහි නිත්‍ය යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, දුඃඛයෙහි සුඛ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අනාත්මයෙහි ආත්ම යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස ය, අශුභයෙහි ශුභ යයි සංඥාවිපර්‍ය්‍යාස ය, චිත්තවිපර්‍ය්‍යාස ය, දෘෂ්ටිවිපර්‍ය්‍යාස යි. මොහු සතර විපර්‍ය්‍යාසයෝ යි.

953. තත්‍ථ කතමො චත‍්තාරො අනරියවොහාරා: අදිට‍්ඨෙ දිට‍්ඨවාදිතා අස‍්සුතෙ සුතවාදිතා අමුතො මුතවාදිතා අවිඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදිතා. ඉමෙ චත‍්තාරො අනරියවොහාරා.

953. එහි සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: අදෘෂ්ටයෙහි (නො දුටුයෙහි) දෘෂ්ටවාදීත්‍ව ය, අශ්‍රැතයෙහි (නො ඇසුයෙහි) ශ්‍රැතවාදීත්‍ව ය, අමුතයෙහි (නො ගත් ගන්‍ධරසස්ප්‍රෂ්ටව්‍යයෙහි) මුතවාදීත්ව ය, අවිඥාතයෙහි (නො දත්තෙහි) විඥාතවාදීත්ව යි. මොහු ‘සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ’ යි.

954. තත්‍ථ කතමො අපරෙපි චත‍්තාරො අනරියවොහාරා: දිට‍්ඨෙ අදිට‍්ඨවාදිතා සුතෙ අස‍්සුතවාදිතා මුතෙ අමුතවාදිතා විඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදිතා. ඉමෙ චත‍්තාරො අනරියවොහාරා.

954. එහි අනෙකුදු සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ කවරහ යත්: දෘෂ්ටයෙහි අදෘෂ්ටවාදීත්‍ව ය, ශ්‍රැතයෙහි අශ්‍රැතවාදීත්‍ව ය, මුතයෙහි අමුතවාදීත්‍ව ය, විඥාතයෙහි අවිඥාතවාදීත්‍ව යයි. මොහු සතර අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.

955. තත්‍ථ කතමානි චත‍්තාරි දුච‍්චරිතානි: පාණාතිපාතො අදින‍්නාදානං කාමෙසු මිච‍්ඡාචාරො මුසාවාදො, ඉමානි චත‍්තාරි දුච‍්චරිතානි.

955. එහි සතර දුශ්චරිතයෝ කවරහ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර ය, මෘෂාවාද යි. මොහු සතර දුශ්චරිතයෝ යි.

956. තත්‍ථ කතමානි අපරානිපි චත‍්තාරි දුච‍්චරිතානි: මුසාවාදො පිසුනාවාචා ඵරුසාවාචා සම‍්ඵප‍්පලාපො, ඉමානි චත‍්තාරි දුච‍්චරිතානි.

956. එහි අනෙකුදු සතර දුශ්චරිතයෝ කවරහ යත්: මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මොහු සතර දුශ්චරිතයෝ යි.

957. තත්‍ථ කතමානි චත‍්තාරි භයානි: ජාතිභයං ජරාභයං ව්‍යාධිභයං මරණභයං, ඉමානි චත‍්තාරි භයානි.

957. එහි සතර භය කවරහ යත්: ජාතිය නිසා උපන් බිය ය, ජරාව නිසා උපන් බිය ය, ව්‍යාධිය නිසා උපන් බිය ය, මරණය නිසා උපන් බිය යි. මොහු සතර භය වෙත්.

958. තත්‍ථ කතමානි අපරානි චත‍්තාරි භයානි: රාජභයං චොර භයං අග‍්ගිභයං උදකභයං, ඉමානි චත‍්තාරි භයානි.

958. එහි අනෙකුදු සතර භය කවරහ යත්: රජු කෙරෙන් උපන් බිය ය, සොරු කෙරෙන් උපන් බිය ය, ගින්නෙන් උපන් බිය ය, දියෙන් උපන් බිය යි. මොහු සතර භය වෙත්.

959. තත්‍ථ කතමානි අපරානිපි චත‍්තාරි භයානි: ඌමිභයං, කුම‍්භීලභයං, ආවට‍්ටභයං, සුසුකාභයං, ඉමානි චත‍්තාරි භයානි.

959. එහි අනෙකුදු සතර භය කවරහ යත්: තරඟවැල නිසා උපන් බිය ය, කිඹුලන් කෙරෙන් උපන් බිය ය, දියසුළියෙන් වන බිය ය, සැඩමසුන් කෙරෙන් උපන් බිය යි. මොහු සතර භය වෙත්.

960. තත්‍ථ කතමානි අපරානිපි චත‍්තාරි භයානි: අත‍්තානුවාදභයං. පරානුවාදාභයං දණ‍්ඩභයං දුග‍්ගතිභයං, ඉමානි චත‍්තාරි භයානි.

960. එහි අනෙකුදු සතර භය කවරහ යත්: ආත්මානුවාදභය ය, පරානුවාදභය ය, දණ්ඩභය ය, දුර්‍ගතිභය යි. මොහු සතර භය වෙත්.

961. තත්‍ථ කතමා චතස‍්සො දිට‍්ඨියො: සයං කතං සුඛදුක‍්ඛන‍්ති සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති. පරං කතං සුඛදුක‍්ඛන‍්ති සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති. සයං කතඤ‍්ච පරං කතඤ‍්ච සුඛදුක‍්ඛන‍්ති සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති. අසයංකාරං අපරංකාරං අධිච‍්චසමුප‍්පන‍්නං සුඛදුක‍්ඛන‍්ති සච‍්චතො ථෙතතො දිට‍්ඨි උප‍්පජ‍්ජති. ඉමා චතස‍්සො දිට‍්ඨියො.

961. එහි සතර දෘෂ්ටීහු කවරහ යත්: සුවදුක් (වේදනාව) තමා විසින් කරන ලදැ යි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදි යි. සුවදුක් වේදනා පරා විසින් කරන ලදැයි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. සුවදුක් තමා විසිනුත් පරා විසිනුත් කරන ලදැයි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. සුවදුක් තමා විසින් නො කරන ලද ය, පරා විසින් නො කරන ලද ය, අධිත්‍යසමුත්පන්න ය යි සත්‍ය හෙයින් ස්ථිර හෙයින් දෘෂ්ටි උපදී. මොහු සතර දෘෂ්ටීහු වෙත්.

චතුක‍්කං.

චතුෂ්ක යි.