යෙදුමෙන් කියවන්න

තිකං

913. තත්‍ථ කතමානි තීණි අකුසලමූලානි : ලොභො දොසො මොහො.

913. එහි තුන් අකුශලමූලයෝ කවරහ යත්: ලෝභ ය, ද්වේෂ ය, මෝහ යි.

තත්‍ථ කතමො ලොභො: යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො ඉච‍්ඡා මුච‍්ඡා අජ‍්ඣොසානං ගෙධො පරිගෙධො සඞ‍්ගො පඞ‍්කො එජා මායා ජනිකා සඤ‍්ජනනී සිබ‍්බනී ජාලිනී සරිතා විසත‍්තිකා සුත‍්තං විසටා ආයූහනී දුතියා පණිධි භවනෙත‍්ති වනං වනථො සන්‍ථවො ස‍්නෙහො අපෙක‍්ඛා පටිබන්‍ධු ආසා ආසිංසනා ආසිංසිතත‍්තං රූපාසා සද‍්දාසා ගන්‍ධාසා රසාසා ඵොට‍්ඨබ‍්බාසා ලාභාසා ධනාසා පුත‍්තාසා ජීවිතාසා ජප‍්පා අභිජප‍්පා ජප‍්පනා ජප‍්පිතත‍්තං ලොලුප‍්පං ලොලුප‍්පායනා ලොලුප‍්පායිතත‍්තං පුච‍්ඡඤ‍්චිකතා සාදුකම්‍යතා අධම‍්මරාගො විසමලොභො නිකන‍්ති නිකාමනා පත්‍ථනා පිහනා සංපත්‍ථනා කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා රූපතණ‍්හා අරූපතණ‍්හා නිරොධතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා ඔඝො යොගො ගන්‍ථො උපාදානං ආවරණං නීවරණං ඡදනං බන්‍ධනං උපක‍්කිලෙසො අනුසයො පරියුට‍්ඨානං ලතා වෙවිච‍්ඡං දුක‍්ඛමූලං දුක‍්ඛනිදානං දුක‍්ඛප‍්පභවො මාරපාසො මාරබළිසං මාරවිසයො තණ‍්හානදී තණ‍්හාජාලං තණ‍්හාගද‍්දුලං තණ‍්හාසමුද‍්දො අභිජ‍්ඣා ලොභො අකුසලමූලං, අයං වුච‍්චති ලොභො.

එහි ලෝභය කවරෙ යත්: යම් රාගයෙක්, බලවත් රාගයෙක්, අනුනයෙක්, අනුරෝධයෙක් (කැමැත්තෙක්), නන්‍දියෙක්, නන්‍දිරාගයෙක්, චිත්තයාගේ බලවත් රාගයෙක්, ඉච්ඡායෙක්, මූර්ඡායෙක්, ගිලගැනීමෙක්, ගිජුබවෙක්, බලවත් ගිජුබවෙක්, රාගසඞ්ගයෙක්, පඞ්කයෙක්, (අදනා හෙයින්) එජායෙක්, මායායෙක්, (ජනනාර්‍ත්‍ථයෙන්) ජනිකායේක්, සඤ්ජනනියක්, (හිවනාර්‍ත්‍ථයෙන්) සිබ්බනියක්, ජාලිනියක්, සරිතාවක්, විසත්තිකායෙක්, සූත්‍රයෙක්, (විස්තෘත බැවින්) විසටායෙක්, ආයූහනියක් (රැස්කරනුවක්), ද්විතියිකාවක්, ප්‍රණිධියෙක්, භවනෙත්තියෙක් වන (බලවත්තෘෂ්ණා)යෙක්, වනථයෙක්, සන්‍ථවයෙක්, ස්නේහයෙක්, අපේක්‍ෂායෙක්, ප්‍රතිබන්‍ධුයෙක්, ආශායෙක්, ආශිංසනයෙක්, ආශිංසිතබවෙක්, රූපාශායෙක්, ශබ්දාශායෙක්, ගන්‍ධාශායෙක්, රසාශායෙක්, ස්ප්‍රෂ්ටව්‍යාශායෙක්, ලාභාශායෙක්, ධනාශායෙක්, පුත්‍රාශායෙක්, ජීවිතාශායෙක්, ජල්පයෙක්, අභිජල්පයෙක්, ජල්පන අයුරෙක්, ජල්පිත බවෙක්, පුනපුනා අරමුණු අදනා බවෙක්, පුනපුනා අරමුණු අදනා අයුරෙක්, පුනපුනා අරමුණු ඇදගත් බවෙක්, නඟුටසලන බවෙක්, මිහිරිකැමැති බවෙක්, අධර්‍මරාගයෙක්, විෂමලෝභයෙක්, කැමැත්තෙක්, කැමැති අයුරෙක්, ප්‍රාර්‍ත්‍ථනායෙක්, අභිලාශයෙක්, මොනොවට ප්‍රාර්‍ත්‍ථනායෙක්, කාමතෘෂ්ණායෙක්, භවතෘෂ්ණායෙක්, විභවතෘෂ්ණායෙක්, රූපභවයෙහි තෘෂ්ණායෙක්, අරූපභවයෙහි තෘෂ්ණායෙක්, නිරෝධ (උච්ඡේදදෘෂ්ටි)යෙහි තෘෂ්ණායෙක්, ශබ්දයෙහි තෘෂ්ණායෙක්, ගන්‍ධතෘෂ්ණායෙක්, රසතෘෂ්ණායෙක්, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක්, ධර්‍මතෘෂ්ණායෙක්, ඕඝයෙක්, යෝගයෙක්, ග්‍රන්‍ථයෙක්, උපාදානයෙක්, ආවරණයෙක්, නීවරණයෙක්, ඡදනයෙක්, බන්‍ධනයෙක්, උපක්ලේශයෙක්, අනුසයෙක්, පර්‍ය්‍යුත්‍ථානයෙක්, තෘෂ්ණාලතායෙක්, විවිධෙප්සායෙක්, දුඃඛමූලයෙක්, දුඃඛනිදානයෙක්, දුඃඛප්‍රභවයෙක්, මාරපාශයෙක්, මාරබිලියෙක්, මාරවිෂයයෙක්, තෘෂ්ණානදියක්, තෘෂ්ණාජාලයෙක්, තෘෂ්ණා නමැති බලුදමෙක්, තෘෂ්ණාසමුද්‍රයෙක්, අභිධ්‍යායෙක්, ලෝභසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘ලෝභ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො දොසො: අනත්‍ථං මෙ අචරීති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරතීති ආඝාතො ජායති, අනත්‍ථං මෙ චරිස‍්සතීති ආඝාතො ජායති, පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං චරි අනත්‍ථං චරති අනත්‍ථං චරිස‍්සතීති ආඝාතො ජායති, අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි අත්‍ථං චරති අත්‍ථං චරිස‍්සතීති ආඝාතො ජායති, අට‍්ඨානෙ වා පන ආඝාතො ජායති, යො එවරූපො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස බ්‍යාපත‍්ති මනොපදොසො කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං බ්‍යාපත‍්ති බ්‍යාපජ‍්ජනා බ්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති දොසො.

එහි ද්වේෂය කවරෙ යත්: මට අවැඩක් කෙළේ යයි ආඝාතයෙක් උපදී. මට අවැඩක් කරා යයි ආඝාතයෙක් උපදී. මට අවැඩක් කරන්නේ යයි ආඝාතයෙක් උපදී. මාගේ ප්‍රියමනාපයහට අවැඩක් කෙළේ ය. අවැඩක් කර යි. අවැඩක් කරන්නේ ය යි ආඝාතයෙක් උපදී. මාගේ අප්‍රියඅමනාපයහට වැඩක් කෙළේ ය, වැඩක් කර යි, වැඩක් කරන්නේ ය යි ආඝාතයෙක් උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාතයෙක් උපදී. චිත්තයාගේ යම් මෙබඳු ආඝාතයෙක් බලවත් ආඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත් දූෂ්‍ය බවෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධ අයුරෙක් ක්‍රෝධ කළ බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් දූෂිත බවෙක් ව්‍යාපත්තියෙක් ව්‍යාපත්ති අයුරෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වදන් ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ද්වේෂ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො මොහො: දුක‍්ඛෙ අඤ‍්ඤාණං දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං, අපරන‍්තෙ අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං, ඉදප‍්පච‍්චයතා පටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණං. යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං වුච‍්චති මොහො. ඉමානි තීණි අකුසලමූලානි.

එහි මෝහය කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීම ය, දුඃඛසමුදයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම ය, පූර්‍වාන්තයෙහි නො දැනීම ය, අවරාන්තයෙහි නො දැනීම ය, පූර්‍වාන්තාවරාන්තයෙහි නො දැනීම ය, ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි නො දැනීම යි. යම් මෙබඳු නො දැන්මෙක්, නො දැක්මෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘මෝහ’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශලමූලයෝ යි.

914. තත්‍ථ කතමෙ තයො අකුසලවිතක‍්කා: කාමවිතක‍්කො: ව්‍යාපාදවිතක‍්කො විහිංසාවිතක‍්කො. තත්‍ථ කතමො කාමවිතක‍්කො: කාමපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- මිච‍්ඡා සඞ‍්කප‍්පො, අයං වුච‍්චති කාමවිතක‍්කො.

914. එහි තුන් අකුශලවිතර්‍කයෝ කවරහ යත්: කාමවිතර්‍ක ය, ව්‍යාපාදවිතර්‍ක ය, විහිංසාවිතර්‍ක යි. එහි කාමවිතර්‍ක කවරෙ යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘කාමවිතර්‍ක’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ව්‍යාපාද විතක‍්කො: ව්‍යාපාදපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති ව්‍යාපාදවිතක‍්කො.

එහි ව්‍යාපාදවිතර්‍ක කවරෙ යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍ක ය, විතර්‍ක ය, මිථ්‍යාසංකල්ප යි. මේ ‘ව්‍යාපාදවිතර්‍ක’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො විහිංසාවිතක‍්කො: විහිංසාපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති විහිංසාවිතක‍්කො. ඉමෙ තයො අකුසලවිතක‍්කා.

එහි විහිංසාවිතර්‍ක කවරෙ යත්: විහෙසාප්‍රතිසංයුක්ත වූ තර්‍ක ය, විතර්‍ක ය, මිථ්‍යාසංකල්ප යි. මේ ‘විහිංසාවිතර්‍ක’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශල විතර්‍කයෝ යි.

915. තත්‍ථ කතමා තිස‍්සො අකුසලසඤ‍්ඤා: කාමසඤ‍්ඤා ව්‍යාපාදසඤ‍්ඤා විහිංසාසඤ‍්ඤා. තත්‍ථ කතමා කාමසඤ‍්ඤා: කාමපටිසංයුත‍්තා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, අයං වුච‍්චති කාමසඤ‍්ඤා.

915. එහි තුන් අකුශලසංඥාවෝ කවරහ යත්: කාමසංඥා ය, ව්‍යාපාදසංඥා ය, විහිංසාසංඥා යි. එහි කාමසංඥා කවර යත්: කාමප්‍රතිසංයුක්ත වූ සංඥායෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘කාමසංඥා’ යි කියනු ලැබේ.

සත්‍ථ කතමා ව්‍යාපාදසඤ‍්ඤා: ව්‍යාපාදපටිසංයුත‍්තා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, අයං වුච‍්චති ව්‍යාපාදසඤ‍්ඤා.

එහි ව්‍යාපාදසංඥා කවර යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘ව්‍යාපාදසංඥා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා විහිංසාසඤ‍්ඤා: විහිංසාපටිසංයුත‍්තා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං. අයං වුච‍්චති විහිංසා සඤ‍්ඤා. ඉමා තිස‍්සො අකුසලසඤ‍්ඤා.

එහි විහිංසාසංඥා කවර යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘විහිංසාසංඥා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් අකුශල සංඥා’ යි.

916. තත්‍ථ කතමා තිස‍්සො අකුසලධාතුයො: කාමධාතු, ව්‍යාපාදධාතු, විහිංසාධාතු. තත්‍ථ කතමා කාමධාතු: කාමවිතක‍්කො කාමධාතු ව්‍යාපාදවිතක‍්කො ව්‍යාපාදධාතු විහිංසාවිතක‍්කො විහිංසාධාතු.

916. එහි තුන් අකුශලධාතූහු කවරහ යත්: කාමධාතු ය, ව්‍යාපාදධාතු ය, විහිංසාධාතු යි. එහි කාමධාතු කවර යත්: කාමවිතර්‍කය කාමධාතු වෙයි. ව්‍යාපාදවිතර්‍කය ව්‍යාපාදධාතු වෙයි. විහිංසාවිතර්‍කය විහිංසාධාතු වේ.

තත්‍ථ කතමො කාමවිතක‍්කො: කාමපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති කාමවිතක‍්කො.

එහි කාමවිතර්‍ක කවරෙ යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘කාමවිතර්‍ක’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ව්‍යාපාද විතක‍්කො: ව්‍යාපාදපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති ව්‍යාපාදවිතක‍්කො.

එහි ව්‍යාපාදවිතර්‍ක කවරෙ යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ව්‍යාපාදවිතර්‍ක’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො විහිංසා විතක‍්කො: විහිංසාපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති විහිංසා විතක‍්කො. ඉමා තිස‍්සො අකුසලධාතුයො.

එහි විහිංසාවිතර්‍ක කවරෙ යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘විහිංසාවිතර්‍ක’ යි කියනු ලැබේ. මොහු තුන් අකුශල ධාතූහු වෙත්.

917. තත්‍ථ කතමානි තීණි දුච‍්චරිතානි: කායදුච‍්චරිතං වචීදුච‍්චරිතං මනොදුච‍්චරිතං. තත්‍ථ කතමං කායදුච‍්චරිතං: පාණාතිපාතො අදින‍්නාදානං කාමෙසු මිච‍්ඡාචාරො, ඉදං වුච‍්චති කායදුච‍්චරිතං.

917. එහි තුන් දුශ්චරිතයෝ කවරහ යත්: කායදුශ්චරිත ය, වාග්දුශ්චරිත ය, මනෝදුශ්චරිත යි. එහි කායදුශ්චරිතය කවරෙ යත්: ප්‍රාණඝාත ය, අදත්තාදාන ය, කාමමිථ්‍යාචාර යි. මේ ‘කායදුශ්චරිත’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං වචීදුච‍්චරිතං: මුසාවාදො පිසුණාවාචා ඵරුසාවාචා සම‍්ඵප‍්පලාපො, ඉදං වුච‍්චති වචීදුච‍්චරිතං:

එහි වාග්දුශ්චරිතය කවරෙ යත්: මෘෂාවාද ය, පිශුනවචන ය, පරුෂවචන ය, සම්ඵප්‍රලාප යි. මේ ‘වාග්දුශ්චරිත’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං මනොදුච‍්චරිතං: අභිජ‍්ඣා ව්‍යාපාදො මිච‍්ඡාදිට‍්ඨි, ඉදං වුච‍්චති මනොදුච‍්චරිතං.

එහි මනෝදුශ්චරිතය කවරෙ යත්: අභිධ්‍යා ය, ව්‍යාපාද ය, මිථ්‍යාදෘෂ්ටි යි. මේ ‘මනෝදුශ්චරිත’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං කායදුච‍්චරිතං: අකුසලං කායකම‍්මං කායදුච‍්චරිතං, අකුසලං වචීකම‍්මං වචීදුච‍්චරිතං, අකුසලං මනොකම‍්මං මනොදුච‍්චරිතං. තත්‍ථ කතමං අකුසලං කායකම‍්මං: අකුසලා කායසඤ‍්චෙතනා අකුසලං කායකම‍්මං, අකුසලා වචීසඤ‍්චෙතනා අකුසලං වචීකම‍්මං, අකුසලා මනොසඤ‍්චෙතනා අකුසලං මනොකම‍්මං. ඉමානි තීණි දුච‍්චරිතානි.

එහි කායදුශ්චරිතය කවරෙ යත්: අකුශල වූ කායකර්‍ම කායදුශ්චරිත ය, අකුශල වූ වාක්කර්‍ම වාග්දුශ්චරිත ය, අකුශල වූ මනඃකර්‍ම මනෝදුශ්චරිත යි. එහි අකුශල කායකර්‍ම කවරෙ යත්: අකුශල වූ කායසඤ්චේතනා අකුශලකායකර්‍ම වෙයි. අකුශල වූ වාක්සඤ්චේතනා අකුශලවාක්කර්‍ම වෙයි. අකුශල වූ මනස්සඤ්චේතනා අකුශල මනඃකර්‍ම වේ. මොහු තුන් දුශ්චරිතයෝ යි.

918. තත්‍ථ කතමෙ තයො ආසවා: කාමාසවො භවාසවො අවිජ‍්ජාසවො. තත්‍ථ කතමො කාමාසවො: යො කාමෙසු කාමච‍්ඡන්‍දො -පෙ- කාමජ‍්ඣොසානං, අයං වුච‍්චති කාමාසවො.

918. එහි තුන් ආස්‍රවයෝ කවරහ යත්: කාමාස්‍රව ය, භවාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි. එහි කාමාස්‍රව කවරෙ යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් ... කාමයෙහි ගැලී බැසැගැන්මෙක් වේ ද, මේ ‘කාමාස්‍රව’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො භාවාසවො: යො භවෙසු භවච‍්ඡන්‍දො -පෙ- භවජ‍්ඣොසානං, අයං වුච‍්චති භවාසවො.

එහි භවාස්‍රව කවරෙ යත්: රූපාරූපභවයන්හි (භවප්‍රාර්‍ත්‍ථනා විසින්) යම් භවච්ඡන්‍දයෙක් ... භවයෙහි ගැලීමෙක් වේ ද, මේ ‘භවාස්‍රව’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාසවො: දුක‍්ඛෙ අඤ‍්ඤාණං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජාසවො. ඉමෙ තයො ආසවා.

එහි අවිද්‍යාස්‍රව කවරෙ යත්: දුඃඛයෙහි නො දැනීමෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යාස්‍රව’ යි කියනු ලැබේ. මොහු තුන් ආස්‍රවයෝ යි.

919. තත්‍ථ කතමානි තීණි සංයොජනානි: සක‍්කායදිට‍්ඨි විචිකිච‍්ඡා සීලබ‍්බතපරාමාසො. තත්‍ථ කතමා සක‍්කායදිට‍්ඨි: ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති රූපවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා රූපං රූපස‍්මිං වා අත‍්තානං, වෙදනං -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා විඤ‍්ඤාණං විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං. යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච‍්චති සක‍්කායදිට‍්ඨි.

919. එහි තුන් සංයෝජනයෝ කවරහ යත්: සත්කායදෘෂ්ටි ය, විචිකිත්සා ය, ශීලව්‍රතපරාමර්‍ශ යි. එහි සත්කායදෘෂ්ටි කවර යත්: මෙලොව (බුද්ධාදී) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු (සතිපට්ඨානාදී) ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් (ආගමාධිගමරහිත) පෘථග්ජන තෙම රූපය ආත්ම වශයෙන් (ආත්ම දෘෂ්ටියෙන්) දකී. ආත්මය රූප ඇත්තෙකැ යි හෝ ආත්මයෙහි හෝ රූපය ඇතැ යි රූපයෙහි හෝ ආත්මය ඇතැ යි, වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම වශයෙන් දකී. ආත්මය විඥානය ඇත්තකැ යි හෝ ආත්මයෙහි හෝ විඥානය ඇතැ යි විඥානයෙහි හෝ ආත්මය ඇතැ යි (ආත්මදෘෂ්ටියෙන්) දකී. යම් මෙ බඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... වරදවාගැන්මෙක් වේ ද, මේ ‘සත්කායදෘෂ්ටි’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා විචිකිච‍්ඡා: සත්‍ථරි කඞ‍්ඛති විචිකිච‍්ඡති, ධම‍්මෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, සඞ‍්ඝෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, සික‍්ඛාය කඞ‍්ඛති විචිකිච‍්ඡති, පුබ‍්බන‍්තෙ සඞ‍්ඛති විචිකිච‍්ඡති, අපරන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, පුබ‍්බන‍්තාපරන‍්තෙ කඞ‍්ඛති විචිකිච‍්ඡති, ඉදප‍්පච‍්චයතා පටිච‍්ච සමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු කඞ‍්ඛති විචිකිච‍්ඡති. යා එවරූපා කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො, අයං වුච‍්චති විචිකිච‍්ඡා.

එහි විචිකිත්සා කවර යත්: ශාස්තෘහු කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා (අරමුණෙහි ක්ලාන්ත වීම) කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අවරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තාවරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදංප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරේ. යම් මෙබඳු සැකයෙක්, සැක කරන අයුරෙක්, සැක කළ බවෙක්, චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් (සිතහිරිගැසීමෙක්) වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො සීලබ‍්බතපරාමාසො: ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධි වතෙන සුද‍්ධි සීලබ‍්බතෙන සුද‍්ධීති යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච‍්චති සීලබ‍්බතපරාමාසො ඉමානි තීණි සංයොජනානි.

එහි ශීලව්‍රතපරාමර්‍ශ කවරෙ යත්: මෙසස්නෙන් බැහැර මහණබමුණන්ගේ ශීලයෙන් ශුද්ධි ය, ව්‍රතයෙන් ශුද්ධි ය, ශීලව්‍රතයෙන් ශුද්ධි යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශීලව්‍රතපරාමර්‍ශ’ යි කියනු ලැබේ. මොහු තුන් සංයෝජනයෝ යි.

920. තත්‍ථ කතමා තිස‍්සො තණ‍්හා: කාමතණ‍්හා භවතණ‍්හා විභවතණ‍්හා. තත්‍ථ කතමා භවතණ‍්හා: භවදිට‍්ඨිසහගතො රාගො සාරාගො චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති භවතණ‍්හා.

920. එහි තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: කාමතෘෂ්ණා ය, භවතෘෂ්ණා ය, විභවතෘෂ්ණා යි. එහි භවතෘෂ්ණා කවර යත්: භවදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත්රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා විභවතණ‍්හා: උච‍්ඡෙදදිට‍්ඨි සහගතො රාගො සාරාගො චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති විභවතණ‍්හා. අවසෙසා තණ‍්හා කාමතණ‍්හා.

එහි විභවතෘෂ්ණා කවර යත්: උච්ඡේදදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘විභවතෘෂ්ණා’ යි කියනු ලැබේ. අවශේෂ තෘෂ්ණාව ‘කාමතෘෂ්ණා’ යි.

තත්‍ථ කතමා කාමතණ‍්හා: කාමධාතු පටිසංයුත‍්තො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති කාමතණ‍්හා. රූපධාතු අරූපධාතු පටිසංයුත‍්තො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති භවතණ‍්හා. උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති විභවතණ‍්හා. ඉමා තිස‍්සො තණ‍්හා.

එහි කාමතෘෂ්ණා කවර යත්: කාමධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘කාමතෘෂ්ණා’ යි කියනු ලැබේ. රූපධාතු අරූපධාතු ප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ. උච්ඡේදදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘විභවතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු තුන් තෘෂ්ණා යි.

921. තත්‍ථ කතමා අපරාපි තිස‍්සො තණ‍්හා: කාමතණ‍්හා රූපතණ‍්හා අරූපතණ‍්හා. තත්‍ථ කතමා කාමතණ‍්හා: කාමධාතු පටිසංයුත‍්තො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති කාමතණ‍්හා.

921. එහි අන්‍ය වූ ද තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: කාමතෘෂ්ණා ය, රූපතෘෂ්ණා ය, අරූපතෘෂ්ණා යි, එහි කාමතෘෂ්ණා කවර යත්: කාමධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘කාමතෘෂ්ණා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා රූපතණ‍්හා: රූපධාතුපටිසංයුත‍්තො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති රූපතණ‍්හා.

එහි රූපතෘෂ්ණා කවර යත්: රූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘රූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අරූපතණ‍්හා : අරූපධාතුපටිසංයුත‍්තො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති අරූපතණ‍්හා. ඉමා තිස‍්සො තණ‍්හා.

එහි අරූපතෘෂ්ණා කවර යත්: අරූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අරූපතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් තෘෂ්ණා’ යි.

922. තත්‍ථ කතමා අපරාපි තිස‍්සො තණ‍්හා: රූපතණ‍්හා අරූපතණ‍්හා නිරොධතණ‍්හා. තත්‍ථ කතමා රූපතණ‍්හා: රූපධාතුපටිසංයුත‍්තො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති රූපතණ‍්හා.

922. එහි අන්‍ය වූ ද තුන් තෘෂ්ණාවෝ කවරහ යත්: රූපතෘෂ්ණා ය, අරූපතෘෂ්ණා ය, නිරෝධතෘෂ්ණා යි, එහි රූපතෘෂ්ණා කවර යත්: රූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘රූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අරූපතණ‍්හා: අරූපධාතුපටිසංයුත‍්තො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති අරූපතණ‍්හා.

එහි අරූපතෘෂ්ණා කවර යත්: අරූපධාතුප්‍රතිසංයුක්ත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අරූපතෘෂ්ණා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා නිරොධතණ‍්හා: උච‍්ඡෙදදිට‍්ඨි සහගතො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති නිරොධතණ‍්හා. ඉමා තිස‍්සො තණ‍්හා.

එහි නිරෝධතෘෂ්ණා කවර යත්: උච්ඡේදෘෂ්ටිසහගත වූ රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘නිරෝධතෘෂ්ණා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් තෘෂ්ණා’ යි.

923. තත්‍ථ කතමා තිස‍්සො එසනා: කාමෙසනා භවෙසනා බ්‍රහ‍්මචරියෙසනා. තත්‍ථ කතමා කාමෙසනා: යො කාමෙසු කාමච‍්ඡන්‍දො -පෙ- කාමජ‍්ඣොසානං, අයං වුච‍්චති කාමෙසනා.

923. එහි තුන් ඒසනාවෝ කවරහ යත්: කාමේසනා (කාමගවේෂණරාගය) ය, භවේසනා ය, බ්‍රහ්මචරියේසනා යි. එහි කාමේසනා කවර යත්: පඤ්චකාමගුණයෙහි යම් කාමච්ඡන්‍දයෙක් ... කාමයන් ගිලගැනීමෙක් වේ ද, මේ ‘කාමේසනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා භවෙසනා: යො භවෙසු භවච‍්ඡන්‍දො -පෙ- භවජ‍්ඣොසානං, අයං වුච‍්චති භවෙසනා.

එහි භවේසනා කවර යත්: රූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් ... භවය ගිලගැනීමෙක් වේ ද, මේ ‘භවේසනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා බ්‍රහ‍්මචරියෙසනා: සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා -පෙ- නෙව හොති. න න හොති තථාගතො පරම‍්මරණාති වා යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච‍්චති බ්‍රහ‍්මචරියෙසනා.

එහි බ්‍රහ්මචරියේසනා කවර යත්: ලෝකය ශාස්වතැ යි හෝ ලෝකය අශාස්වතැයි හෝ ... සත්ත්‍ව තෙම මරණින් මතු නොම වෙයි නොද නොවේ ය යි හෝ යම් මෙඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘බ්‍රහ්මචරියේසනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා කාමෙසනා: කාමභවො, තදෙකට‍්ඨං අකුසලං කාය කම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, අයං වුච‍්චති කාමෙසනා.

එහි කාමේසනා කවර යත්: කාමභවය තදේකස්ථ (එය හා එක්ව සිටි) අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘කාමේසනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා භවෙසනා: භවරාගො තදෙකට‍්ඨං අකුසලං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, අයං වුච‍්චති භවෙසනා.

එහි භවේසනා කවර යත්: භවරාග ය, තදේකස්ථ වූ අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘භවේසනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා බ්‍රහ‍්මචරියෙසනා: අන‍්තග‍්ගාහිකාදිට‍්ඨි තදෙකට‍්ඨං අකුසලං කායකම‍්මං වචීකම‍්මං මනොකම‍්මං, අයං වුච‍්චති බ්‍රහ‍්මචරියෙසනා. ඉමා තිස‍්සෙ එසනා.

එහි බ්‍රහ්මචරියේසනා කවර යත්: අන්තග්‍රාහකදෘෂ්ටිය තදේකස්ථ වූ අකුශල කායකර්‍ම ය, වාක්කර්‍ම ය, මනඃකර්‍ම යි. මේ ‘බ්‍රහ්මචරියේසනා’ යි කියනු ලැබේ. මොහු ‘තුන් ඒසනා’ යි.

924. තස‍්ස කතමා තිස‍්සො විධා: ‘සොය්‍යොහමස‍්මී’ති විධා. ‘සදිසො හමස‍්මී’ති විධා ‘හීනොහමස‍්මී’ති විධා. ඉමා තිස‍්සො විධා.

924. එහි තුන් විධා (මානය) කවරහ යත්: මම් ශ්‍රේෂ්ඨයෙමි විධායෙක. මම් සදෘශයෙමි විධායෙක. මම් හීනයෙමි විධායෙකි. මොහු තුන් විධා යි.

925. තත්‍ථ කතමානි තීණි භයානි: ජාතිභයං ජරාභයං මරණභයං. තත්‍ථ කතමං ජාතිභයං: ජාතිං පටිච‍්ච භයං භයානකං ඡම‍්භිතත‍්තං ලොමහංසො චෙතසො උත්‍රාසො, ඉදං වුච‍්චති ජාතිභයං.

925. එහි තුන් භය කවරහ යත්: ජාතිභය ය, ජරාභය ය, මරණභය යි. එහි ජාතිභය කවරෙ යත්: ජාතිය පිණිස භයෙක් භයානකයෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘ජාතිභය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං ජරාභයං: ජරං පටිච‍්ච භයං භයානකං ඡම‍්භිතත‍්තං ලොමහංසො චෙතසො උත්‍රාසො, ඉදං වුච‍්චති ජරාභයං.

එහි ජරාභය කවරෙ යත්: ජරාව පිණිස බියෙක් බිය අයුරෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘ජරාභය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං මරණභයං: මරණං පටිච‍්ච භයං භයානකං ඡම‍්භිතත‍්තං ලොමහංසො චෙතසො උත්‍රාසො, ඉදං වුච‍්චති මරණභයං. ඉමානි තීණි භයානි.

එහි මරණභය කවරෙ යත්: මරණය පිණිස බියෙක් බිය අයුරෙක් තැතිගැන්මෙක් ලොමුදහගැන්මෙක් චිත්තයාගේ උත්‍රාසයෙක් වේ ද, මේ ‘මරණභය’ යි කියනු ලැබේ.

926. තත්‍ථ කතමානි තීණි තමානි: අතීතං වා අද‍්ධානං ආරබ‍්භ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, අනාගතං වා අද‍්ධානං ආරබ‍්භ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති, එතරහි වා පච‍්චුප‍්පන‍්නං අද‍්ධානං ආරබ‍්භ කඞ‍්ඛති විචිකිච‍්ඡති නාධිමුච‍්චති න සම‍්පසීදති. ඉමානි තීණි තමානි.

926. එහි තුන් තමස්හු (අඳුරු) කවරහ යත්: අතීතකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙ යි, එහි අධිමුක්ත නො වෙ යි, නො පහදී. අනාගතකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙ යි, එහි අධිමුක්ත නො වෙයි, නො පහදී. මේ ප්‍රත්‍යුත්පන්නකාලය හෝ ඇරබ සැක කෙරෙ යි, විචිකිත්සා කෙරෙයි, එහි අධිමුක්ත නො වෙයි, නො පහදී. මේ තුන් තමස්හු වෙත්.

927. තත්‍ථ කතමානි තීණි තිත්‍ථායතනානි: ඉධෙකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී හොති එවංදිට‍්ඨි ‘යං කිඤ‍්චායං පුරිසං පුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා සබ‍්බන‍්තං පුබ‍්බෙකතහෙතූ’ති.

927. එහි තුන් තීර්‍ත්‍ථායතනයෝ කවරහ යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙබඳු දෘෂ්ටි ඇත්තේ යි: (කෙබඳු ද යත්) ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල පූර්‍වකෘතහේතුයෙන් විඳී’ යයි.

ඉධ පනෙකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී හොති එවංදිට‍්ඨි. ‘යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා සබ‍්බන‍්තං ඉස‍්සරනිමංමාණහෙතූ’ති.

තව ද මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි: ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල ඊෂ්වරනිර්‍මාණහේතුයෙන් විඳී’ යයි.

ඉධ පනෙකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී හොති එවංදිට‍්ඨි ‘යං කිඤ‍්චායං පුරිසපුග‍්ගලො පටිසංවෙදෙති සුඛං වා දුක‍්ඛං වා අදුක‍්ඛමසුඛං වා සබ‍්බන‍්තං අහෙතුඅප‍්පච‍්චයා’ති. ඉමානි තීණි තිත්‍ථායතනානි.

තව ද, මෙ ලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසේ කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි: ‘මේ සත්ත්‍ව තෙම යම් කිසි සුඛවේදනාවක් හෝ දුඃඛවේදනාවක් හෝ උපේක්‍ෂාවේදනාවක් හෝ විඳී නම් ඒ සියල්ල හේතු රහිත ව ප්‍රත්‍යය රහිත ව විඳී’ යයි. මොහු ‘තුන් තීර්‍ත්‍ථායතනයෝ’ යි.

928. තත්‍ථ කතමෙ තයො කිඤ‍්චනා: රාගො කිඤ‍්චනං දොසො කිඤ‍්චනං මොහො කිඤ‍්චනං. ඉමෙ තයො කිඤ‍්චනා.

928. එහි තුන් පලිබෝධ කවරහ යත්: රාගය පලිබෝධයෙක, ද්වේෂය පලිබෝධයෙක, මෝහය පලිබෝධයෙකි. මොහු තුන් පලිබෝධයෝ යි.

929. තත්‍ථ කතමානි තීණි අඞ‍්ගණානි: රාගො අඞ‍්ගණං දොසො අඞ‍්ගණං මොහො අඞ‍්ගණං. ඉමානි තීණි අඞ‍්ගණානි.

929. එහි තුන් අඞ්ගණයෝ (තියුණු කෙලෙස්) කවරහ යත්: රාගය අඞ්ගණයෙක, ද්වේෂය අඞ්ගණයෙක, මෝහය අඞ්ගණයෙකි. මොහු තුන් අඞ්ගණයෝ යි.

930. තත්‍ථ කතමානි තීණි මලානි: රාගො මලං දොසො මලං මොහො මලං. ඉමානි තීණි මලානි.

930. එහි තුන් මල කවරහ යත්: රාගය මලයෙක, ද්වේෂය මලයෙක, මෝහය මලයෙකි. මොහු ‘තුන් මල’ වෙත්.

931. තත්‍ථ කතමානි තීණි විසමානි: රාගො විසමං දොසො විසමං මොහො විසමං, ඉමානි තීණි විසමානි.

931. එහි තුන් විෂමයෝ කවරහ යත්: රාගය විෂමයෙක, ද්වේෂය විෂමයෙක, මෝහය විෂමයෙකි. මොහු ‘තුන් විෂමයෝ’ යි.

932. තත්‍ථ කතමානි අපරානිපි තීණි විසමානි: කායවිසමං වචීවිසමං මනොවිසමං. ඉමානි තීණි විසමානි.

932. එහි අනෙකුදු තුන් විෂමයෝ කවරහ යත්: කායවිෂම ය, වාග්විෂම ය, මනෝවිෂම ය. මොහු ‘තුන් විෂමයෝ’ යි.

933. තත්‍ථ කතමෙ තයො අග‍්ගී: රාගග‍්ගි දොසග‍්ගි මොහග‍්ගි, ඉමෙ තයො අග‍්ගී.

933. එහි තුන් ගිනි කවරහ යත්: රාග ගිනි ය, ද්වේෂ ගිනි ය, මෝහ ගිනි යි. මොහු තුන්ගිනි වෙත්.

934. තත්‍ථ කතමෙ තයො කසාවා: රාගකසාවො දොසකසාවො මොහකසාවො ඉමෙ තයො කසාවා.

934. එහි තුන් කසට කවරහ යත්: රාගකසට ය, ද්වේෂකසට ය, මෝහකසට යි. මේ තුන් කසට වෙත්.

935. තත්‍ථ කතමෙ අපරෙපි තයො කසාවා: කායකසාවො වචීකසාවො මනො කසාවො. ඉමෙ තයො කසාවා.

935. එහි අනෙකුදු තුන් කසට කවරහ යත්: කායකසට ය, වාක්කසට ය, මනඃකසට යි. මේ තුන් කසට වෙත්.

936. තත්‍ථ කතමා අස‍්සාදදිට‍්ඨි: ඉධෙකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා එවංවාදී හොති එවංදිට‍්ඨි ‘නත්‍ථි කාමෙසු දොසො’ති. සො කාමෙසු පාතව්‍යතං ආපජ‍්ජති. අයං වුච‍්චති අස‍්සාදදිට‍්ඨි.

936. එහි ආස්වාදදෘෂ්ටි කවර යත්: මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘වස්තුකාමසේවනයෙහි දොස් නැතැ’ යි මෙසෙයින් කියනසුලු වෙයි. මෙ බඳු දෘෂ්ටි ඇත්තේ යි. හෙතෙම වස්තුකාමයන්හි (කෙලේශකාමය) පරිභෝග කළයුතු බවට පැමිණෙ යි. මේ ‘ආස්වාදදෘෂ්ටි’ යයි කියනු ලැබේ.

තත්‍ථ කතමා අත‍්තානුදිට‍්ඨි, ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො අරියානං අදස‍්සාවී අරියධම‍්මස‍්ස අකොවිදො අරියධම‍්මෙ අවිනීතො, සප‍්පුරිසානං අදස‍්සාවී සප‍්පුරිසධම‍්මස‍්ස අකොවිදො සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති රූපවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා රූපං රූපස‍්මිං වා අත‍්තානං. වෙදනා -පෙ- සඤ‍්ඤං -පෙ- සඞ‍්ඛාරෙ -පෙ- විඤ‍්ඤාණං අත‍්තතො සමනුපස‍්සති විඤ‍්ඤාණවන‍්තං වා අත‍්තානං අත‍්තනි වා විඤ‍්ඤාණං විඤ‍්ඤාණස‍්මිං වා අත‍්තානං, යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච‍්චති අත‍්තානුදිට‍්ඨි.

එහි ආත්මානුගතදෘෂ්ටි කවර යත්: මේ ලෝකයෙහි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූ, සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්මවශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය රූප ඇත්තකැ යි හෝ රූපය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය රූපයෙහි ඇතැ යි හෝ දකී. වේදනාව ... සංඥාව ... සංස්කාරයන් ... විඥානය ආත්ම වශයෙන් විපරීතදෘෂ්ටියෙන් දකී. ආත්මය විඥානය ඇත්තකැයි හෝ විඥානය ආත්මයෙහි ඇතැ යි හෝ ආත්මය විඥානයෙහි ඇතැ යි හෝ විපරීතදෘෂ්ටියෙන් දකී. යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ආත්මානුගතදෘෂ්ටි’ යයි කියනු ලැබේ.

තත්‍ථ කතමා මිච‍්ඡාදිට‍්ඨි: නත්‍ථි දින‍්නං නත්‍ථි යිට‍්ඨං -පෙ- යෙ ඉමඤ‍්ච ලොකං පරඤ‍්ච ලොකං සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති. යා එවරූපා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විරියෙසගාහො, අයං වුච‍්චති මිච‍්ඡාදිට‍්ඨි. සස‍්සතදිට‍්ඨි අස‍්සාදදිට‍්ඨි, සක‍්කායදිට‍්ඨි අත‍්තානුදිට‍්ඨි, උච‍්ඡෙද දිට‍්ඨි මිච‍්ඡාදිට‍්ඨි.

එහි මිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන් දැයෙහි විපාක නැත, පූජායෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙ ලොව ද පරලොව ද තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ’ යි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘මිථ්‍යාදෘෂ්ටි’ යයි කියනු ලැබේ. ශාශ්වතදෘෂ්ටි ආස්වාදදෘෂ්ටි වෙයි, සත්කායදෘෂ්ටිය ආත්මානුදෘෂ්ටි වෙයි, උච්ඡේදදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටි වේ.

937. තත්‍ථ කතමා අරති: පන‍්තෙසු වා සෙනාසනෙසු අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු වා අධිකුලෙසු ධම‍්මෙසු අරති අරතිතා අනභිරති අනභිරමණා උක‍්කණ‍්ඨිතා පරිතස‍්සිතා, අයං වුච‍්චති අරති.

937. එහි අරති කවර යත්: ප්‍රාන්තසේනාසනයන්හි හෝ අන්‍යතරාන්‍යතරඅධිකුශලධර්‍මයන්හි හෝ යම් නො ඇල්මෙක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරමණයෙක් උකටලී බවෙක් උද්වේගයෙක් වේ ද, මේ ‘අරති’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා විහෙසා: ඉධෙකච‍්චො පාණිනා වා ලෙඩ‍්ඩුනා වා දණ‍්ඩෙන වා සත්‍ථෙන වා රජ‍්ජුයා වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන සත‍්තෙ විහෙඨෙති, යා එවරූපා හෙඨනා විහෙඨනා හිංසනා විහිංසනා රොසනා විරොසනා පරූපඝාතො, අයං වුච‍්චති විහෙසා.

එහි විහෙසා කවර යත්: මෙ ලොව ඇතැමෙක් අතින් හෝ කැටින් හෝ මුගුරින් හෝ සැතින් හෝ රැහැනින් හෝ එක්තර එක්තරයෙකින් සත්ත්‍වයන් පෙළ යි. යම් මෙබඳු පෙළීමෙක් වෙසෙසින් පෙළීමෙක් හිංසනයෙක් විහිංසනයෙක් රොෂ කිරීමෙක් වෙසෙසින් රොෂ කිරීමෙක් මෙරමා නැසීමෙක් වේ ද, මේ ‘විහෙසා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අධම‍්මචරියා: කායෙ අධම‍්මචරියා විසමචරියා වාචාය අධම‍්මචරියා විසමචරියා මනසා අධම‍්මචරියා විසමචරියා, අයං වුච‍්චති අධම‍්මචරියා.

එහි අධර්‍මචර්‍ය්‍යා කවර යත්: කායික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා ය, වාචසික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා ය, මානසික අධර්‍මචර්‍ය්‍යා ය, විෂමචර්‍ය්‍යා යි. මේ ‘අධර්‍මචර්‍ය්‍යා’ යි කියනු ලැබේ.

938. තත්‍ථ කතමා දොවචස‍්සතා: සහධම‍්මිකෙ වුච‍්චමානෙ දොවචස‍්සායං දොවචස‍්සියං දොවචස‍්සතා විප‍්පටිකූලගාහිතා විපච‍්චනිකසාතතා අනාදරියං අනාදරතා අගාරවතා අප‍්පතිස‍්සවතා, අයං වුච‍්චති දොවචස‍්සතා.

938. එහි දුර්වචස්කතා කවර යත්: ප්‍රඥප්තශික්‍ෂාපදයක් කියනු ලබන කල්හි යම් දුර්වච කමෙක් දුර්වචකර්ම ඇති බවෙක් දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් විරෝධග්‍රාහයෙහි මිහිරි බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද, මේ ‘දුර්වචස්කතා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා පාපමිත‍්තතා: යෙ තෙ පුග‍්ගලා අස‍්සද‍්ධා දුස‍්සීලා අප‍්පස‍්සුතා මච‍්ඡරිනො දුප‍්පඤ‍්ඤා. යා තෙසං සෙවනා නිවෙසනා සංසෙවනා භජනා සංභජනා භත‍්ති සම‍්භත‍්ති තං සම‍්පවඞ‍්කතා, අයං වුච‍්චති පාපමිත‍්තතා.

එහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් සැදැහැ නැත්තාහු දුසිල් වූවාහු අල්පශ්‍රැත වූවාහු මසුරු වූවාහු නුවණ නැත්තාහු වෙත් ද, ඔවුන් පිළිබඳ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් භක්තියෙක් හාත්පසින් භක්තියෙක් ඔවුන් කෙරෙහි නැමුණු බවෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා නානත‍්තසඤ‍්ඤා: කාමසඤ‍්ඤා ව්‍යාපාදසඤ‍්ඤා විහිංසා සඤ‍්ඤා, අයං වුච‍්චති නානත‍්තසඤ‍්ඤා. සබ‍්බාපි අකුසලසඤ‍්ඤා නානත‍්තසඤ‍්ඤා.

එහි නානාත්‍වසංඥා කවර යත්: කාමසංඥා ය, ව්‍යාපාදසංඥා ය, විහිංසාසංඥා යි. මේ ‘නානාත්‍වසංඥා’ යි කියනු ලැබේ. හැම අකුශලසංඥා නානාත්‍වසංඥා යි.

939. තත කතමං උද‍්ධච‍්චං: යං චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවුපසමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති උද‍්ධච‍්චං.

939. එහි ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් උඩඟු බවෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ විසුරුණු බවෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං කොසජ‍්ජං: කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනොදුච‍්චරිතෙ වා පඤ‍්චසු වා කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං කුසලානං ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනට‍්ඨිතකිරියතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො, ඉදං වුච‍්චති කොසජ‍්ජං.

එහි කෞසීද්‍යය - කුසීත බව කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජන ය, පුනපුනා විසර්‍ජන ය, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකස් කොට නො කරන බව ය, නිරතුරු නො කරන බව ය, නො පිහිටි ක්‍රියා ඇති බව ය, හැකුළුණු පැවැතුම් ඇති බව ය, බහාතැබූ කුශලච්ඡන්‍ද ඇති බව ය, බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බව ය, ආසේවන රහිත බව ය, නො වැඩීම ය, බහුල නො කිරීම ය, නො පිහිටීම ය, අනුයෝග නො කිරීම ය, ප්‍රමාද යයි. මේ ‘කෞසීද්‍ය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං පමාදො: කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනොදුච‍්චරිතෙ වා පඤ‍්චසු වා කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං කුසලානං ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනට‍්ඨිතකිරියතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො, යො එවරූපො පමාදො පමජ‍්ජනා පමජ‍්ජිතත‍්තං, අයං වුච‍්චති පමාදො.

එහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජන ය, පුනපුනා විසර්‍ජන ය, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකස් කොට නො කරන බව ය, නිරතුරු නො කරන බව ය, නො පිහිටි ක්‍රියා ඇති බව ය, හැකුළුණු පැවැතුම් ඇති බව ය, බහාතැබූ කුශලච්ඡන්‍ද ඇති බව ය, බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බව ය, ආසේවන රහිත බව ය, නො වැඩීම ය, බහුල නො කිරීම ය, නො පිහිටීම ය, පුනපුනා නො යෙදීම ය, ප්‍රමාදය යි. යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.

940. තත්‍ථ කතමා අසන‍්තුට‍්ඨිතා: ඉතරීතරචීවරපිණ‍්ඩපාත සෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි පඤ‍්චහි වා කාමගුණෙහි අසන‍්තුට‍්ඨස‍්ස භිය්‍යොකම්‍යතා. යා එවරූපා ඉච‍්ඡා ඉච‍්ඡාගතං අසන‍්තුට‍්ඨිතා රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති අසන‍්තුට‍්ඨිතා.

940. එහි අසන්තුෂ්ටිතා කවර යත්: ඉතරෙතරචීවරපිණ්ඩපාතසේනාසනග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයන්ගෙන් හෝ පඤ්චකාමගුණයෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බව ය. යම් මෙබඳු ඉච්ඡායෙක් ඉච්ඡාගතයෙක් නො සතුටු බවෙක් රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අසන්තුෂ්ටිතා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අසම‍්පජඤ‍්ඤතා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං වුච‍්චති අසම‍්පජඤ‍්ඤතා.

එහි අසම්ප්‍රජන්‍යතා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්ප්‍රජන්‍යතා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා මහිච‍්ඡතා: ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි පඤ‍්චහි වා කාමගුණෙහි අසන‍්තුට‍්ඨස‍්ස භිය්‍යොකම්‍යතා. යා එවරූපා ඉච‍්ඡා ඉච‍්ඡාගතං මහිච‍්ඡතා රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති මහිච‍්ඡතා.

එහි මහෙච්ඡතා කවර යත්: ඉතරෙතරචීවරපිණ්ඩපාතසේනාසනග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාරයන්ගෙන් හෝ පඤ්චකාමගුණයෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බව ය. යම් මෙබඳු ඊප්සායෙක් ඊප්සාගතයෙක් මහේච්ඡබවෙක් රාගයෙක් බලවත් රාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘මහෙච්ඡතා’ යි කියනු ලැබේ.

941. තත්‍ථ කතමං අහිරිකං: යං න හිරීයති හිරීයිතබ‍්බෙන න හිරීයති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං වුච‍්චති අහිරිකං.

941. එහි අපත්‍රපා කවර යත්: යමෙකින් ජුගුප්සා කළ යුත්ත ජුගුප්සා නො කෙරේ ද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීම ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අපත්‍රපා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං අනොත‍්තප‍්පං: යං න ඔත‍්තප‍්පති ඔත‍්තප‍්පිතබ‍්බෙන න ඔත‍්තප‍්පති පාපකානං අකුසලානං ධම‍්මානං සමාපත‍්තියා, ඉදං වුච‍්චති අනොත‍්තප‍්පං.

එහි අනොත්තප්පය කවරෙ යත්: යමෙකින් බියවියයුත්තට බිය නො වේද, ලාමක අකුශලධර්‍මයන්ට පැමිණීමට බිය නො වේ ද, මේ ‘අනොත්තප්පය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පමාදො: කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනොදුච‍්චරිතෙ වා පඤ‍්චසු වා කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං කුසලානං ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනට‍්ඨිතකිරියතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො, යො එවරූපො පමාදො පමජ‍්ජනා පමජ‍්ජිතත‍්තං. ඉදං වුච‍්චති පමාදො.

එහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුනපුනා විසර්‍ජනයෙක් කුශලධර්‍මයන්ගේ වැඩීමට සකස් කොට නො කරන බවෙක් නිරතුරු නො කරන බවෙක් නො පිහිටි ක්‍රියා ඇති බවෙක් හැකුළුණු පැවැතුම් ඇති බවෙක් බහාතැබූ කුශලච්ඡන්‍දය ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවනය නො කිරීමෙක් නො වැඩීමෙක්, බහුල නො කිරීමෙක්, නො පිහිටීමෙක්, අනුයෝග නොකිරීමෙක්, ප්‍රමාදයෙක් වේද, යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.

942. තත්‍ථ කතමං අනාදරියං: යං අනාදරියං අනාදරතා අගාරවතා අප‍්පතිස‍්සවතා අනද‍්දා අනද‍්දායනා අනද‍්දායිතත‍්තං අසීල්‍යං අචිත‍්තීකාරො, ඉදං වුච‍්චති අනාදරියං.

942. එහි අනාදරිය කවරෙ යත්: යම් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් නො ගැන්මෙක් නො ගන්නා අයුරෙක් නො ගත් බවෙක් ආචාර රහිත බවෙක් ගරු නො කිරීමෙක් වේ ද, මේ ‘අනාදරිය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා දොවචස‍්සතා: සහධම‍්මිකො වුච‍්චමානො දොවචස‍්සායං දොවචස‍්සියං දොවචස‍්සතා විප‍්පටිකූලගාහිතා විපච‍්චනිකසාතතා අනාදරියං අනාදරතා අගාරවතා අප‍්පතිස‍්සවතා, අයං වුච‍්චති දොවචස‍්සතා.

එහි දුර්වචස්කතා කවර යත්: ප්‍රඥප්තශික්‍ෂාපදයක් කියනු ලබන කල්හි යම් දුර්වචකමෙක් දුර්වචකර්ම ඇති බවෙක් දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් විරෝධග්‍රාහයෙහි මධුර බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද , මේ ‘දුර්වචස්කතා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා පාපමිත‍්තතා: යෙ තෙ පුග‍්ගලා අස‍්සද‍්ධා දුස‍්සීලා අප‍්පස‍්සුතා මච‍්ඡරිනො දුප‍්පඤ‍්ඤා. යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා පටිසෙවනා භජනා සංභජනා භත‍්ති සංභත‍්ති තං සම‍්පවඞ‍්කතා, අයං වුච‍්චති පාපමිත‍්තතා.

එහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් අශ්‍රාද්ධ ද, දුශ්ශීල ද, අල්පශ්‍රැත ද, මාත්සර්‍ය්‍යයෝ ද, දුෂ්ප්‍රාඥයෝ ද, ඔවුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් පුනපුනා සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් (ඔවුන් කෙරෙහි) භක්තියෙක් හාත්පසින් භක්තියෙක් ඔවුනට නැමුණු බවෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.

943. තත්‍ථ කතමං අස‍්සද‍්ධියං: ඉධෙකච‍්චො අස‍්සද‍්ධො හොති. න සද‍්දහති බුද‍්ධං වා ධම‍්මං වා සංඝං වා. යං එවරූපං අස‍්සද‍්ධියං අසද‍්දහනා අනොකප‍්පනා අනභිප‍්පසාදො, ඉදං වුච‍්චති අස‍්සද‍්ධියං.

943. එහි ශ්‍රද්ධා නැති බව කවරෙ යත්: මෙ ලොව ඇතැමෙක් ශ්‍රද්ධා නැත්තේ වෙයි. බුදුන් හෝ දහම් හෝ සඞ්ඝයා හෝ නො හදහයි. යම් මෙබඳු ශ්‍රද්ධා නැති බවෙක් නො හදහන අයුරෙක් නො පිවිස ගැන්මෙක් නො පැහැදීමෙක් වේ ද, මේ ‘ශ්‍රද්ධා නැති බව’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අවදඤ‍්ඤුතා: පඤ‍්චමච‍්ඡරියානි: ආවාසමච‍්ඡරියං කුලමච‍්ඡරියං ලාභමච‍්ඡරියං වණ‍්ණමච‍්ඡරියං ධම‍්මමච‍්ඡරියං. යං එවරූපං මච‍්ඡෙරං මච‍්ඡරායනා මච‍්ඡරායිතත‍්තං වෙවිච‍්ඡං කදරියං කටුකඤ‍්චුකතා අග‍්ගහිතත‍්තං චිත‍්තස‍්ස, අයං වුච‍්චති අවදඤ‍්ඤුතා.

එහි අවදඤ්ඤුතා (වචනඥ නො වන බව) කවර යත්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාස මාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. යම් මෙබඳු මාත්සර්‍ය්‍යයෙක් මාත්සර්‍ය්‍ය අයුරෙක් මාත්සර්‍ය්‍ය කළ බවෙක් (ස්වකීය සම්පත්) ව්‍යාප්ත කරනු කැමැති බවෙක් තදමසුරු බවෙක් කටුකභාවයෙක් හැකුළුණුසිත් ඇති බවෙක් සිත නො විදහාගත් බවෙක් වේ ද, මේ ‘අවදඤ්ඤුතා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං කොසජ‍්ජං: කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනොදුච‍්චරිතෙ වා. පඤ‍්චසු වා කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පදානං කුසලානං ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනට‍්ඨිතකිරියතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධුරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො, ඉදං වුච‍්චති කොසජ‍්ජං.

එහි කෞසීද්‍යය කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුනපුනා විසර්‍ජනයෙක් කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස සකසා නො කරන බවෙක් සතතයෙන් නො කරන බවෙක් නො නිමි ක්‍රියා ඇති බවෙක් හැකුළුණු පැවතුම් ඇති බවෙක් බහාතැබූ කුශලච්ඡන්‍දය ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ආසේවන රහිත බවෙක් අභාවනයෙක් බහුල නො කිරීමෙක් නො පිහිටීමෙක් අනුයෝග රහිත බවෙක් ප්‍රමාදයෙක් වේ ද, මේ ‘කෞසීද්‍ය’ යි කියනු ලැබේ.

944. තත්‍ථ කතමං උද‍්ධච‍්චං: යං චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවුපසමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති උද‍්ධච‍්චං.

944. එහි ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් උද්ධත බවෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ වික්‍ෂේපයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අසංවරො: ඉධෙකච‍්චො චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොති අනුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍ථාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය න පටිපජ‍්ජති න රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛුන්‍ද්‍රියෙ න සංවරං ආපජ‍්ජති, සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මං විඤ‍්ඤාය නිමිත‍්තග‍්ගාහී හොති අනුබ්‍යඤ‍්ජනග‍්ගාහී, යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣා දොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය න පටිපජ‍්ජති න රක‍්ඛති මනින්‍ද්‍රියං මනින්‍ද්‍රියෙ න සංවරං ආපජ‍්ජති, අයං වුච‍්චති අසංවරො.

එහි අසංවර කවරෙ යත්: මෙ ලොව ඇතැමෙක් ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත ව වාස කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමකඅකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙ යි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් ගහා ... දිවින් රසක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘතව වාස කරන්නා වූ මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. මනින්‍ද්‍රිය නො රකි යි. මනින්‍ද්‍රියෙහි සංවරයට නො පැමිණෙයි. මේ ‘අසංවර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං දුස‍්සීල්‍යං: කායිකො වීතික‍්කමො වාචසිකො වීතික‍්කමො කායිකවාචසිකො වීතික‍්කමො, ඉදං වුච‍්චති දුස‍්සීල්‍යං.

එහි දුශ්ශීල බව කවරෙ යත්: කායිකව්‍යතික්‍රම ය, වාචසිකව්‍යතික්‍රම ය, කායිකවාචසිකව්‍යතික්‍රම යි. මේ ‘දුශ්ශීල බව’ යි කියනු ලැබේ.

945. තත්‍ථ කතමා අරියානං අදස‍්සනකම්‍යතා: තත්‍ථ කතමෙ අරියා: අරියා වුච‍්චන‍්ති බුද‍්ධා ච බුද‍්ධසාවකා ච, යා ඉමෙසං අරියානං අදස‍්සනකම්‍යතා අදට‍්ඨුකම්‍යතා අසමෙතුකම්‍යතා අසමාගන‍්තුකම්‍යතා, අයං වුච‍්චති අරියානං අදස‍්සනකම්‍යතා.

945. එහි ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව කවර යත්: එහි ආර්‍ය්‍යයෝ කවරහ යත්: බුදුවරු ද බුද්ධශ්‍රාවකයෝ ද ආර්‍ය්‍යහ යි කියනු ලැබෙත්. යම් මේ ආර්‍ය්‍යයන්ගේ නො දැකීම කැමැති බවෙක් නො දක්නට කැමැති බවෙක් ඔවුන් වෙත නො එළඹෙනු කැමැති බවෙක් ඔවුන් හා එක්වන්නට නො කැමැති බවෙක් වේ ද, මේ ‘ආර්‍ය්‍යයන් නො දක්නා කැමැති බව’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා සද‍්ධම‍්මං අසොතුකම්‍යතා: තත්‍ථ කතමො සද‍්ධම‍්මො: චත‍්තාරො සතිපට‍්ඨානා චත‍්තාරො සම‍්මප‍්පධානා චත‍්තාරො ඉද‍්ධිපාදා පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච බලානි සත‍්ත බොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො, අයං වුච‍්චති සද‍්ධම‍්මො. යා ඉමස‍්ස සද‍්ධම‍්මස‍්ස අසොතුකම්‍යතා අසවනකම්‍යතා අනුග‍්ගහෙතුකම්‍යතා අධාරෙතුකම්‍යතා, අයං වුච‍්චති සද‍්ධම‍්මං අසොතුකම්‍යතා.

එහි සදහම් නො අසනු කැමැති බව කවර යත්: එහි සද්ධර්‍ම කවරෙ යත්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක්ප්‍රධාන ය, සතරඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්චබල ය, සප්තබෝධ්‍යඞ්ග ය, ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්‍ග යයි මේ ‘සද්ධර්‍ම’ යි කියනු ලැබේ. යම් මේ සද්ධර්‍මය නො අසන්නට කැමැති බවෙක් නො අසනු කැමැති බවෙක් උගන්නට නො කැමැති බවෙක් දරන්නට නො කැමැති බවෙක් වේ ද, මේ ‘සදහම් නො අසනු කැමැති බව’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා උපාරම‍්භචිත‍්තතා: තත්‍ථ කතමො උපාරම‍්භො: යො උපාරම‍්භො අනුපාරම‍්භො උපාරම‍්භනා අනුපාරම‍්භනා අනුපාරම‍්භිතත‍්තං උඤ‍්ඤා අවඤ‍්ඤා පරිභවො රන්‍ධගවෙසිතා. අයං වුච‍්චති උපාරම‍්භ චිත‍්තතා.

එහි උපාරම්භ සිත් ඇති බව කවරෙ යත්: එහි උපාරම්භ කවරෙ යත්: යම් උපාරම්භ (නින්‍දාපූර්‍වදෝෂාරෝපණ)යෙක් පුනපුනා උපාරම්භයෙක් උපාරම්භ අයුරෙක් පුනපුනා උපාරම්භ අයුරෙක් පුනපුනා උපාරම්භ කළ බවෙක් පහත්කොට සිතීමෙක් අවඥායෙක් පරිභවයෙක් රන්ධ්‍රගවේෂී (සිදුරු සොයන) බවෙක් වේ ද, මේ ‘උපාරම්භ සිත් ඇති බව’ යි කියනු ලැබේ.

946. තත්‍ථ කතමං මුට‍්ඨසච‍්චං: යා අසති අනනුස‍්සති අප‍්පටිස‍්සති අසරණතා අධාරණතා පිලාපනතා පම‍්මුස‍්සනතා, ඉදං වුච‍්චති මුට‍්ඨසච‍්චං.

946. එහි මූඪස්මෘති කවර යත්: යම් නො සිහි කිරීමෙක් පුනපුනා නො සිහි කිරීමෙක් අබිමුව ව සිහි නො කිරීමෙක් සිහි නො කරන අයුරෙක් නො දරන බවෙක් (අරමුණෙහි) ඉල්පෙන බවෙක් ප්‍රමොෂ බවෙක් වේ ද, මේ ‘මූඪස්මෘති’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං අසම‍්පජඤ‍්ඤං: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, ඉදං වුච‍්චති අසම‍්පජඤ‍්ඤං.

එහි අසම්‍යග්ඥාන කවරෙ යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්‍යග්ඥාන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො චෙතසො වික‍්ඛෙපො: යං චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවුපසමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, අයං වුච‍්චති චෙතසො වික‍්ඛෙපො.

එහි චිත්තවික්‍ෂේප කවරෙ යත්: චිත්තයාගේ යම් උද්ධත භාවයෙක් නො සන්හිඳීමෙක් චිත්තයාගේ විසිරීමෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘චිත්ත වික්‍ෂේප’ යි කියනු ලැබේ.

947. තත්‍ථ කතමො අයොනිසො මනසිකාරො: අනිච‍්චෙ නිච‍්චන‍්ති අයොනිසො මනසිකාරො, දුක‍්ඛෙ සුඛන‍්ති අයොනිසො මනසිකාරො. අනත‍්තනි අත‍්තාති අයොනිසො මනසිකාරො, අසුභෙ සුභන‍්ති අයොනිසො මනසිකාරො, සච‍්චවිප‍්පටිකූලෙන වා චිත‍්තස‍්ස ආවට‍්ටනා අන්‍වාවට‍්ටනා ආභොගො සමන‍්නාහාරො මනසිකාරො, අයං වුච‍්චති අයොනිසො මනසිකාරො.

947. එහි අයෝනිසෝමනසිකාර කවරෙ යත්: අනිත්‍යයෙහි නිත්‍ය යනු අයෝනිසෝමනසිකාර ය, දුඃඛයෙහි සුඛ යනු අයෝනිසෝමනසිකාර ය, අනාත්මයෙහි ආත්ම යනු අයෝනිසෝමනසිකාර ය, අශුභයෙහි ශුභ යනු අයෝනිසෝමනසිකාර යි, සත්‍යයනට විලෝම විසින් හෝ චිත්තයාගේ ආවර්‍ජනයෙක් පුනපුනා ආවර්‍ජනයෙක් ආභෝගයෙක් සමන්‍වාහාරයෙක් මනසිකාරයෙක් වේ ද, මේ ‘අයෝනිසෝමනසිකාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා කුම‍්මග‍්ගසෙවනා: තත්‍ථ කතමො කුම‍්මග‍්ගො: මිච‍්ඡා දිට‍්ඨි මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවාචා මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසති මිච‍්ඡාසමාධි, අයං වුච‍්චති කුම‍්මග‍්ගො. යා ඉමස‍්ස කුම‍්මග‍්ගස‍්ස සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සංභජනා භත‍්ති සම‍්භත‍්ති තං සම‍්පවඞ‍්කතා, අයං වුච‍්චති කුම‍්මග‍්ගසෙවනා.

එහි කුත්සිතමාර්‍ගසේවන කවරෙ යත්: එහි කුත්සිතමාර්‍ගය කවරෙ යත්: මිථ්‍යාදෘෂ්ටි ය, මිථ්‍යාසංකල්ප ය, මිථ්‍යාවචන ය, මිථ්‍යාකර්‍මාන්ත ය, මිථ්‍යාආජීව ය, මිථ්‍යාව්‍යායාම ය, මිථ්‍යාස්මෘති ය, මිථ්‍යාසමාධි යි. මේ ‘කුත්සිතමාර්‍ග’ යි කියනු ලැබේ. යම් මේ කුත්සිතමාර්‍ගයාගේ සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් හාත්පසින් භජනයෙක් එය කෙරෙහි භක්තියෙක් හාත්පසින් භක්තියෙක් එයට හාත්පසින් නැමුණු බවෙක් වේ ද, මේ ‘කුත්සිතමාර්‍ගසේවන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං චෙතසො ච ලීනත‍්තං: යා චිත‍්තස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනං ලීයනා ලීයිතත‍්තං ථිනං ථියනා ථීයිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති චෙතසො ච ලීනත‍්තං.

එහි චිත්තයාගේ ලීනත්‍වය කවරෙ යත්: චිත්තයාගේ යම් අකල්‍ය බවෙක් අකර්‍මණ්‍ය බවෙක් එලෙන බවෙක් හාත්පසින් එලෙන බවෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකිළුණු බවෙක් චිත්තයාගේ තදයෙක් තද අයුරෙක් තද වූ බවෙක් වේ ද, මේ ‘චිත්තයාගේ ලීනත්‍ව’ යි කියනු ලැබේ.

තිකං.

ත්‍රික යි.