යෙදුමෙන් කියවන්න

4: චතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

(4:) චතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා

(4:) චතුක්කනිද්දෙසවණ්ණනා

චතුක‍්කනිද‍්දෙසෙ තණ‍්හුප‍්පාදෙසු චීවරහෙතූති ‘කත්‍ථ මනාපං චීවරං ලභිස‍්සාමී’ති චීවරකාරණා උප‍්පජ‍්ජති. ඉතිභවාභවහෙතූති එත්‍ථ ඉතීති නිදස‍්සනත්‍ථෙ නිපාතො; යථා චීවරාදිහෙතු එවං භවාභවහෙතූතිපි අත්‍ථො. භවාභවොති චෙත්‍ථ පණීතපණීතතරානි තෙලමධුඵාණිතාදීනි අධිප‍්පෙතානි. ඉමෙසං පන චතුන‍්නං තණ‍්හුප‍්පාදානං පහානත්‍ථාය පටිපාටියාව චත‍්තාරො අරියවංසා දෙසිතාති වෙදිතබ‍්බා.

චතුක්ක නිද්දේසයෙහි තෘෂ්ණා ඉපදීමෙහි චීවර හේතු එහි මනාප සිවුරක් ලබමියි සිවුරු කරුණු උපදී. ඉති භවා භව හෙතු මෙහි ඉති යනු නිදර්ශනාර්ථයෙහි නිපාතයකි. චීවර හේතුවෙන්ම භවාභව හේතුද යන අර්ථයයි. භවාභවො යන මෙහි ප්‍රණීත ප්‍රණීතතර තෙල් මීපැණි ආදිය අදහස් කෙරේ. මේ තණ්හා උපාදාන සතර ප්‍රහාණය පිණිස පිළිවෙලින්ම චතුරාර්යවංශය දේශනා කරන ලදැයි දතයුතුය.

අගතිගමනෙසු ඡන්‍දාගතිං ගච‍්ඡතීති ඡන්‍දෙන පෙමෙන අගතිං ගච‍්ඡති, අකත‍්තබ‍්බං කරොති. පරපදෙසුපි එසෙව නයො. තත්‍ථ යො ‘අයං මෙ මිත‍්තො වා සන්‍දිට‍්ඨො වා සම‍්භත‍්තො වා ඤාතකො වා ලඤ‍්ජං වා පන මෙ දෙතී’ති ඡන්‍දවසෙන අස‍්සාමිකං සාමිකං කරොති – අයං ඡන්‍දාගතිං ගච‍්ඡති නාම. යො ‘අයං මෙ වෙරී’ති පකතිවෙරවසෙන වා තඞ‍්ඛණුප‍්පන‍්නකොධවසෙන වා සාමිකං අස‍්සාමිකං කරොති – අයං දොසාගතිං ගච‍්ඡති නාම. යො පන මන්‍දත‍්තා මොමූහත‍්තා යං වා තං වා වත්‍වා අස‍්සාමිකං සාමිකං කරොති – අයං මොහාගතිං ගච‍්ඡති නාම. යො පන ‘අයං රාජවල‍්ලභො වා විසමනිස‍්සිතො වා අනත්‍ථම‍්පි මෙ කරෙය්‍යා’ති භීතො අස‍්සාමිකං සාමිකං කරොති – අයං භයාගතිං ගච‍්ඡති නාම. යො වා පන භාජියට‍්ඨානෙ කිඤ‍්චි භාජෙන‍්තො ‘අයං මෙ මිත‍්තො වා සන්‍දිට‍්ඨො වා සම‍්භත‍්තො වා’ති පෙමවසෙන අතිරෙකං දෙති, ‘අයං මෙ වෙරී’ති දොසවසෙන ඌනකං දෙති, මොමූහත‍්තා දින‍්නාදින‍්නං අජානමානො කස‍්සචි ඌනකං කස‍්සචි අධිකං දෙති, ‘අයං ඉමස‍්මිං අදීයමානෙ මය‍්හං අනත්‍ථම‍්පි කරෙය්‍යා’ති භීතො කස‍්සචි අතිරෙකං දෙති, සො චතුබ‍්බිධොපි යථානුක‍්කමෙන ඡන්‍දාගතිආදීනි ගච‍්ඡති නාම. අරියා එතාය න ගච‍්ඡන‍්තීති අගති, අනරියා ඉමිනා අගතිං ගච‍්ඡන‍්තීති අගතිගමනං. ඉමං ද‍්වයං චතුන‍්නම‍්පි සාධාරණවසෙන වුත‍්තං. ඡන්‍දෙන ගමනං ඡන්‍දගමනං. ඉදං දොසාදීනං අසාධාරණවසෙන වුත‍්තං. සකපක‍්ඛරාගඤ‍්ච පරපක‍්ඛදොසඤ‍්ච පුරක‍්ඛත්‍වා අසමග‍්ගභාවෙන ගමනං වග‍්ගගමනං. ඉදං ඡන්‍දදොසසාධාරණවසෙන වුත‍්තං. වාරිනො විය යථානින‍්නං ගමනන‍්ති වාරිගමනං. ඉදං චතුන‍්නම‍්පි සාධාරණවසෙන වුත‍්තං.

අගති ගමනයෙහි ඡන්‍දාගති ගච්ඡාති ඡන්‍දයෙන් ප්‍රේමයෙන් අගතියට යයි. නොකළයුතු දෙයක් කරයි. අනිත් පදවලද මෙම නයයි. එහි යමෙක් මේ තෙමේ මගේ මිත්‍රයෙක් දුටු මිත්‍රයෙක් දැඩි මිත්‍රයෙක් නෑයෙක් හෝ අල්ලස් හෝ මට දේ යයි. අස්වාමිකයෙක් ස්වාමියෙක් කරයි. මෙය ඡන්‍දා ගතියයි. යමෙක් මේ මගේ වෛරක්කාරයෙකුයි ප්‍රකෘති වෛර වශයෙන් හෝ උපන් අවස්ථාවේ උපන් ක්‍රෝධ වශයෙන් හිමියෙකු අහිමියෙක් කරයි. මෙය දෝෂා ගතියයි. යමෙක් මෝඩබව මුළා බැවින් මොනව හෝ කියා අහිමියෙක් හිමියකු කරයි. මෙය මෝහා ගතියයි. යමෙක් මේ රාජ විශ්වාසය දිනුවේ හෝ විසම පුද්ගලයෙක් නිසා හෝ මට අනර්ථයක් කෙරේයයි බියෙන් අහිමියෙක් හිමියකු කරයි මෙය භයෙන් අගතියට යෑමකි. යමෙක් යමක් බෙදන අවස්ථාවේ කිසියම් දෙයක් බෙදන්නේ මේ මගේ මිත්‍රයෙක් යහළුවෙක් කියා ප්‍රේම වශයෙන් අතිරේකයක් දෙයි. මේ මගේ වෛර කරුවෙකු දෝෂ වශයෙන් අඩුවෙන් දෙයි. මෝමූහයෙන් දෙන නොදෙන හැටි නොදන්නේ කිසිවකුට අඩුවෙන් කිසිවෙකුට වැඩියෙන් දෙයි. මොහුට නුදුන්නොත් මට අනර්ථයක් කරන්නේ යයි බියවී කිසිවෙකුට අතිරේකයක් දෙයි. ඒ සතර දෙනාම අනුක්‍රමයෙන් ඡන්‍දාදි සතර අගතියට යයි. ආර්යයා මේ අගතිවලට නොයයි. අනාර්යා මේ අගතිවලට යයි. අගතිගමනං මේ දෙක සතරදෙනාටම සාධාරණ වශයෙන් කියන ලදි. ඡන්දයෙන් යෑම ඡන්‍දගමනං වේ. මෙය දෝසාදීන්ට අසාධාරණ වශයෙන් කියන ලදි. සමපක්‍ෂයන්ට ප්‍රේමයෙන් ද විපක්‍ෂයන්ට දෝෂයෙන් ද නොමාර්ග වශයෙන් ගමන වග්ගගමනං මෙය ඡන්‍ද දෝෂ දෙකම සාධාරණ වශයෙන් කියන ලදි. ජලය මෙන් පහත් තැනට ගමන වාරිගමනං වේ. මෙය සතරදෙනාටම සාධාරණ වශයෙන් කියන ලදි.

විපරියාසෙසු අනිච‍්චාදීනි වත්‍ථූනි නිච‍්චන‍්තිආදිනා නයෙන විපරීතතො එසන‍්තීති විපරියාසා, සඤ‍්ඤාය විපරියාසො සඤ‍්ඤාවිපරියාසො. ඉතරෙසුපි ද‍්වීසු එසෙව නයො. එවමෙතෙ චතුන‍්නං වත්‍ථූනං වසෙන චත‍්තාරො, යෙසු වත්‍ථූසු සඤ‍්ඤාදීනං වසෙන ද‍්වාදස හොන‍්ති. තෙසු අට‍්ඨ සොතාපත‍්තිමග‍්ගෙන පහීයන‍්ති. අසුභෙ සුභන‍්ති සඤ‍්ඤාචිත‍්තවිපල‍්ලාසා සකදාගාමිමග‍්ගෙන තනුකා හොන‍්ති, අනාගාමිමග‍්ගෙන පහීයන‍්ති. දුක‍්ඛෙ සුඛන‍්ති සඤ‍්ඤාචිත‍්තවිපල‍්ලාසා අරහත‍්තමග‍්ගෙන පහීයන‍්තීති වෙදිතබ‍්බා.

වීර්යයෙන් සෙවීමෙහි අතිච්ඡාදි වස්තු නිච්ච භය ආදි නයින් විපරීත වශයෙන් සොයන්නේ විපරියෙසා වේ. සංඥාවෙන් විපරියෙසා සඤ්ඤා විපරියෙසා වේ. ඉතිරි දෙකෙහිද මෙම නයයි. මෙසේ මේ සතර වස්තු වශයෙන් මේ සතර වස්තුවෙහි සංඥාදීන් වශයෙන් දොළහක් වේ. සෙසු අට සෝතාපත්ති මාර්ගයෙන් ප්‍රහීණ වේ. අසුභවෙහි සුභයයි චිත්ත විපර්යාසය සකෘදාගාමි මගින් තුනී වෙයි. අනාගාමී මාර්ගයෙන් ප්‍රහීණ වේ. දුකෙහි සැපයයි සංඥාව අරහත් මගින් ප්‍රහීණ වේයයි දතයුතුය.

අනරියවොහාරෙසු අනරියවොහාරාති අනරියානං ලාමකානං වොහාරා. දිට‍්ඨවාදිතාති ‘දිට‍්ඨං මයා’ති එවං වාදිතා. එත්‍ථ ච තං තං සමුට‍්ඨාපිකචෙතනාවසෙන අත්‍ථො වෙදිතබ‍්බො. සහ සද‍්දෙන චෙතනා කථිතාතිපි වුත‍්තමෙව. දුතියචතුක‍්කෙපි එසෙව නයො. අරියො හි අදිස‍්වා වා ‘දිට‍්ඨං මයා’ති දිස‍්වා වා ‘න දිට‍්ඨං මයා’ති වත‍්තා නාම නත්‍ථි; අනරියොව එවං වදති. තස‍්මා එවං වදන‍්තස‍්ස එතා සහ සද‍්දෙන අට‍්ඨ චෙතනා අනරියවොහාරාති වෙදිතබ‍්බා.

අනාර්ය ව්‍යවහාරයෙහි අනරිය වොහාරා යනු අනාරිය වූ ලාමකයින් ව්‍යවහාරයයි. දිට්ඨවාදිකා යනු මා විසින් දකින ලදැයි මෙසේ කියන බව. මෙහි ඒ ඒ හටගත් චේතනා වශයෙන් අර්ථය දතයුතුය. සහ බේදයෙන් චේතනා කියන ලදි. දෙවන චතුක්කයෙහිද මෙම නයයි. ආර්යයා නොදැක හෝ මවිසින් දකින ලදැයි දැක හෝ මවිසින් නොදක්නා ලද්දේ යයි කියන ලද්දේ නම් නොවේ. අනාර්යාම මෙසේ කියයි. එහෙයින් මෙසේ කියන්නාගේ සහ ශබ්දයෙන් මේ චේතනා අට අනාර්ය ව්‍යවහාරයයි දතයුතුය.

දුච‍්චරිතෙසු පඨමචතුක‍්කං වෙරචෙතනාවසෙන වුත‍්තං, දුතියං වචීදුච‍්චරිතවසෙන.

දුශ්චරිතවල පළමු චතුක්කය චේතනා වශයෙන් කියන ලදි. දෙක වචී දුශ්චරිත වශයෙන් කියන ලදි.

භයෙසු පඨමචතුක‍්කෙ ජාතිං පටිච‍්ච උප‍්පන‍්නං භයං ජාතිභයං. සෙසෙසුපි එසෙව නයො. දුතියචතුක‍්කෙ රාජතො උප‍්පන‍්නං භයං රාජභයං. සෙසෙසුපි එසෙව නයො.

බියෙන් පළමු චතුක්කයෙහි ජාතිය නිසා උපන් බිය ජාති භයං වේ. සෙස්සෙහිද මෙම නයයි. දෙවන චතුක්කයෙහි රජුගෙන් උපන් බිය රාජභයං වේ. සෙස්සෙහිද මෙම නයයි.

තතියචතුක‍්කෙ චත‍්තාරි භයානීති මහාසමුද‍්දෙ උදකං ඔරොහන‍්තස‍්ස වුත‍්තභයානි. මහාසමුද‍්දෙ කිර මහින්‍දවීචි නාම සට‍්ඨි යොජනානි උග‍්ගච‍්ඡති. ගඞ‍්ගාවීචි නාම පණ‍්ණාස. රොහණවීචි නාම චත‍්තාලීස යොජනානි උග‍්ගච‍්ඡති. එවරූපා ඌමියො පටිච‍්ච උප‍්පන‍්නං භයං ඌමිභයං නාම. කුම‍්භීලතො උප‍්පන‍්නං භයං කුම‍්භීලභයං. උදකාවට‍්ටතො භයං ආවට‍්ටභයං. සුසුකා වුච‍්චති චණ‍්ඩමච‍්ඡො; තතො භයං සුසුකාභයං.

තුන්වන චතුක්කයෙහි චත්තාරි භයානි යනු මහා සමුද්‍රයෙහි ජලයට බසින්නයි කියන ලද බියයි. මහා සමුද්‍රයෙහි වනාහි මහින්ද රැල්ල නම් හැටයොදුනක් උඩට නැගෙයි. ගංගා රැල්ල පනස් යොනක්ද රෝහණ රැල්ල හතලිස් යොදුනක්ද උඩ නැගේ. මෙබඳු වූ දියරැලි නිසා උපන් බිය ඌමිභයං නම් වේ. කිඹුලු බියෙන් උපන් බිය කුම්භීල භයං නම් වේ. දියසුලිවලින් උපන් බිය ආවට්ටභයං. සුසුකා යනු චණ්ඩ මත්ස්‍යකැයි කියනු ලැබේ. උගෙන් වන බිය සුසුකාභයං

චතුත්‍ථචතුක‍්කෙ අත‍්තානුවාදභයන‍්ති පාපකම‍්මිනො අත‍්තානං අනුවදන‍්තස‍්ස උප‍්පජ‍්ජනකභයං. පරානුවාදභයන‍්ති පරස‍්ස අනුවාදතො උප‍්පජ‍්ජනකභයං. දණ‍්ඩභයන‍්ති අගාරිකස‍්ස රඤ‍්ඤා පවත‍්තිතදණ‍්ඩං, අනගාරිකස‍්ස විනයදණ‍්ඩං පටිච‍්ච උප‍්පජ‍්ජනකභයං. දුග‍්ගතිභයන‍්ති චත‍්තාරො අපායෙ පටිච‍්ච උප‍්පජ‍්ජනකභයං. ඉති ඉමෙහි චතූහි චතුක‍්කෙහි සොළස මහාභයානි නාම කථිතානි.

සතරවන චතුක්කයෙහි අත්තවාදානුභයං යනු පව්කම් කරන්නාට තමන්ට තමන්ම කියා ගැනීමේ උපදින බිය අත්තානුවාද බිය වේ. පරානුවාදභයං යනු අනුන්ගේ කීමෙන් උපදින වේයයි. දණ්ඩභයං යනු ගිහියාට රජු විසින් පවත්වන දඬුවම පැවිද්දාට විනය දඬුවම් නිසා උපදින බිය. දුග්ගති භයං සතර අපායන් නිසා උපදින බිය. මෙසේ මේ චතුක්ක සතරින් සොළොස්මහා භය කියන ලදි.

දිට‍්ඨිචතුක‍්කෙ තිම‍්බරුකදිට‍්ඨි (සං· නි· 2.18) නාම කථිතා. තත්‍ථ සයංකතං සුඛදුක‍්ඛන‍්ති වෙදනං අත‍්තතො සමනුපස‍්සතො වෙදනාය එව වෙදනා කතාති උප‍්පන‍්නා දිට‍්ඨි. එවඤ‍්ච සති තස‍්සා වෙදනාය පුබ‍්බෙපි අත්‍ථිතා ආපජ‍්ජතීති අයං සස‍්සතදිට‍්ඨි නාම හොති. සච‍්චතො ථෙතතොති සච‍්චතො ථිරතො. පරංකතන‍්ති පච‍්චුප‍්පන‍්නවෙදනතො අඤ‍්ඤං වෙදනාකාරණං වෙදනත‍්තානං සමනුපස‍්සතො ‘අඤ‍්ඤාය වෙදනාය අයං වෙදනා කතා’ති උප‍්පන‍්නා දිට‍්ඨි. එවං සති පුරිමාය කාරණවෙදනාය උච‍්ඡෙදො ආපජ‍්ජතීති අයං උච‍්ඡෙදදිට‍්ඨි නාම හොති. සයංකතඤ‍්ච පරංකතඤ‍්චාති යථාවුත‍්තෙනෙව අත්‍ථෙන ‘උපඩ‍්ඪං සයංකතං, උපඩ‍්ඪං පරෙන කත’න‍්ති ගණ‍්හතො උප‍්පන‍්නා දිට‍්ඨි – අයං සස‍්සතුච‍්ඡෙදදිට‍්ඨි නාම. චතුත්‍ථා අකාරණා එව සුඛදුක‍්ඛං හොතීති ගණ‍්හතො උප‍්පන‍්නා දිට‍්ඨි. එවං සති අයං අහෙතුකදිට‍්ඨි නාම. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

දිට්ඨි චතුක්කයෙහි තිම්බරූසක දිට්ඨිය කියන ලදි. එහි සයං කතං සුඛ දුක්ඛං යනු වේදනාව ආත්ම වශයෙන් බලමින් වේදනාව විසින්ම වේදනාව කරන ලදැයි උපන් දෘෂ්ටියයි. මෙසේ ඇතිකල්හි වේදනාව පෙරත් පැවතුනේ යයි පැමිණීම යන මෙය ශාස්වත දෘෂ්ටි නම් වේ. සච්චතො ථෙතතො යනු සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන්. පරං කතං වර්තමාන වේදනා වශයෙන් අන්‍ය වේදනා කරණයක් වේදනාව ආත්මය වශයෙන් බලමින් වෙනත් වේදනාවක් විසින් මේ වේදනය කරන ලදැයි උපන් දෘෂ්ටිය. මෙසේ ඇතිකල්හි පෙර කරන වේදනාව උච්ඡේදයට පැමිණේයයි මෙය උච්ඡේද දෘෂ්ටි නම් වේ. සයං කතංච පරංකතංචාති යනු කියන ලද අර්ථයෙන්ම අඩක් තමා විසින් කරන ලදැයි අඩක් අන්‍යයා විසින් කරන ලදැයි ගැනීමෙන් උපන් දෘෂ්ටිය. මෙය ශාස්වත උච්ඡේද දෘෂ්ටි නම් වේ. සතරවැන්න හේතුවක් නැතිවම සැපදුක් ඇතිවේයයි ගැනීමෙන් උපන් දෘෂ්ටියය. මෙසේ ඇතිකල්හි මෙය අහේතුක දෘෂ්ටි නම් වේ. මෙහි සෙස් යට කියන ලද නයින් ප්‍රකට අර්ථ ඇත්තේය.

චතුක‍්කනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

චතුක්ක නිද්දේසයයි.