යෙදුමෙන් කියවන්න

5: පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

(5:) පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා

(5:) පඤ්චකනිද්දෙසවණ්ණනා

පඤ‍්චකනිද‍්දෙසෙ යස‍්මා යෙසං සක‍්කායදිට‍්ඨිආදීනි අප‍්පහීනානි, තෙ භවග‍්ගෙපි නිබ‍්බත‍්තෙ එතානි ආකඩ‍්ඪිත්‍වා කාමභවෙයෙව පාතෙන‍්ති, තස‍්මා ඔරම‍්භාගියානි සංයොජනානීති වුත‍්තානි. ඉති එතානි පඤ‍්ච ගච‍්ඡන‍්තං න වාරෙන‍්ති, ගතං පන ආනෙන‍්ති. රූපරාගාදීනිපි පඤ‍්ච ගච‍්ඡන‍්තං න වාරෙන‍්ති, ආගන‍්තුං පන න දෙන‍්ති. රාගාදයො පඤ‍්ච ලග‍්ගනට‍්ඨෙන සඞ‍්ගා, අනුපවිට‍්ඨට‍්ඨෙන පන සල‍්ලාති වුත‍්තා.

පඤ්චක නිද්දේසයෙහි යමෙකුට සක්කාය දිට්ඨි ආදිය අප්‍රහීන නම් ඔව්හු භවාංගයෙහි උපන්නත් මේවායින් ඇද කාමභවයෙහිම හෙලයි. එහෙයින් ඔරම්භාගියානි සංයෝජනානි යයි කියන ලදි. මේ පස යන්නා නොවළක්වයි. ගිය තැනැත්තා කැඳවයි. රූපරාගාදි පසද යන්නා නොවළක්වයි. පැමිණීමට නොදෙයි. රාගාදි පහ ලගින අර්ථයෙන් සංගා නම් වේ. අනු ප්‍රවේශවීම් අර්ථයෙන් සල්ලා යයි කියනු ලැබේ.

චෙතොඛිලාති චිත‍්තස‍්ස ථද‍්ධභාවා කචවරභාවා ඛාණුකභාවා. සත්‍ථරි කඞ‍්ඛතීති සත්‍ථු සරීරෙ වා ගුණෙ වා කඞ‍්ඛති. සරීරෙ කඞ‍්ඛමානො ‘ද‍්වත‍්තිංසවරලක‍්ඛණපටිමණ‍්ඩිතං නාම සරීරං අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛති. ගුණෙ කඞ‍්ඛමානො ‘අතීතානාගතපච‍්චුප‍්පන‍්නජානනසමත්‍ථං සබ‍්බඤ‍්ඤුතඤාණං අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛති. විචිකිච‍්ඡතීති විචිනන‍්තො කිච‍්ඡති, දුක‍්ඛං ආපජ‍්ජති, විනිච‍්ඡෙතුං න සක‍්කොති. නාධිමුච‍්චතීති ‘එවමෙත’න‍්ති අධිමොක‍්ඛං න පටිලභති . න සම‍්පසීදතීති ගුණෙසු ඔතරිත්‍වා නිබ‍්බිචිකිච‍්ඡභාවෙන පසීදිතුං අනාවිලො භවිතුං න සක‍්කොති.

චෙතොඛිලා යනු සිතේ තදබව, කසලබව, කණුබව. සත්‍ථරි කංඛෙති ශාස්තෲ ශරීරයෙහි හෝ ගුණයෙහි හෝ සැක කරයි. ශරීරයේ සැක කරන්නේ උතුම් වූ දෙතිස් ලක්‍ෂණවලින් යුත් ශරීරයක් නම් ඇතිවිය හැකිද? නැතැයි සැක කරති. ගුණයෙහි සැක කරන්නේ කාලත්‍රය දැනීමෙහි සමත් සර්වඥතා ඤාණයක් ඇත්ද නැත්දැයි සැක කරයි. විචිකිච්ඡති සොයන්නේ දුකට පත්වෙයි විනිශ්චය කිරීමට නොහැකි වේ.

ධම‍්මෙති පරියත‍්තිධම‍්මෙ ච පටිවෙධධම‍්මෙ ච. පරියත‍්තිධම‍්මෙ කඞ‍්ඛමානො ‘තෙපිටකං බුද‍්ධවචනං චතුරාසීතිධම‍්මක‍්ඛන්‍ධසහස‍්සානීති වදන‍්ති, අත්‍ථි නු ඛො එතං නත්‍ථී’ති කඞ‍්ඛති. පටිවෙධධම‍්මෙ කඞ‍්ඛමානො ‘විපස‍්සනානිස‍්සන්‍දො මග‍්ගො නාම , මග‍්ගනිස‍්සන්‍දො ඵලං නාම, සබ‍්බසඞ‍්ඛාරපටිනිස‍්සග‍්ගො නිබ‍්බානං නාමාති වදන‍්ති, තං අත්‍ථි නු ඛො නත්‍ථීති කඞ‍්ඛති’.

ධමමෙ යනු පරියත්ති ධර්මයෙහිද ප්‍රතිවේධ ධර්මයෙහිද සැක කරයි. පරියත්ති ධර්මයෙහි සැක කරන්නේ ත්‍රිපිටක බුද්ධ වචනය සුවාසු දහසක් ධර්ම ස්කන්ධය ඇතිද නැතිදැයි සැක කරයි. ප්‍රතිවේධ ධර්මයෙහි සැක කරන්නේ විපස්සනාවෙන් මාර්ගය මාර්ගයෙන් ඵලය සියළු සංඛාර අත්හැරීම නිර්වාණය නම් ඇත්ද නැත්දැයි සැක කරයි.

සඞ‍්ඝෙ කඞ‍්ඛතීති ‘උජුප‍්පටිපන‍්නොතිආදීනං පදානං වසෙන එවරූපං පටිපදං පටිපන‍්නා චත‍්තාරො මග‍්ගට‍්ඨා චත‍්තාරො ඵලට‍්ඨාති අට‍්ඨන‍්නං පුග‍්ගලානං සමූහභූතො සඞ‍්ඝො නාම අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛති. සික‍්ඛාය කඞ‍්ඛමානො ‘අධිසීලසික‍්ඛා නාම අධිචිත‍්තසික‍්ඛා නාම අධිපඤ‍්ඤා සික‍්ඛා නාමාති වදන‍්ති, සා අත්‍ථි නු ඛො නත්‍ථී’ති කඞ‍්ඛති.

සංඝෙ කංඛති උජුපටිපන්න තාදි පද වශයෙන් මෙබඳු වූ ප්‍රතිපදාවකට පිළිපන් සතරමග සතරඵලයට යන අට පුද්ගලයන්ගේ සමූහයක් වූ සංඝයා ඇත්ද නැත්දැයි සැක කරයි. භික්‍ෂාවෙහි සැක කරන්නේ අධිසීල භික්ඛා අධිචිත්ත භික්ඛා අධිපඤ්ඤා සික්ඛා යයි කියති. එය ඇත්ද නැද්දැයි සැක කරයි.

චෙතසොවිනිබන්‍ධාති චිත‍්තං බන්‍ධිත්‍වා මුට‍්ඨියං කත්‍වා විය ගණ‍්හන‍්තීති චෙතසොවිනිබන්‍ධා. කාමෙති වත්‍ථුකාමෙපි කිලෙසකාමෙපි. කායෙති අත‍්තනො කායෙ. රූපෙති බහිද‍්ධා රූපෙ. යාවදත්‍ථන‍්ති යත‍්තකං ඉච‍්ඡති තත‍්තකං. උදරාවදෙහකන‍්ති උදරපූරං. තඤ‍්හි උදරං අවදෙහනතො උදරාවදෙහකන‍්ති වුච‍්චති. සෙය්‍යසුඛන‍්ති මඤ‍්චපීඨසුඛං උතුසුඛං වා. පස‍්සසුඛන‍්ති යථා සම‍්පරිවත‍්තකං සයන‍්තස‍්ස දක‍්ඛිණපස‍්සවාමපස‍්සානං සුඛං හොති, එවං උප‍්පන‍්නසුඛං. මිද‍්ධසුඛන‍්ති නිද‍්දාසුඛං. අනුයුත‍්තොති යුත‍්තපයුත‍්තො විහරති. පණිධායාති පත්‍ථයිත්‍වා. සීලෙනාතිආදීසු සීලන‍්ති චතුපාරිසුද‍්ධිසීලං. වතන‍්ති වතසමාදානං. තපොති තපචරණං. බ්‍රහ‍්මචරියන‍්ති මෙථුනවිරති. දෙවො වා භවිස‍්සාමීති මහෙසක‍්ඛදෙවො වා භවිස‍්සාමි. දෙවඤ‍්ඤතරො වාති අප‍්පෙසක‍්ඛදෙවෙසු වා අඤ‍්ඤතරො. කුසලධම‍්මෙ ආවරන‍්ති නිවාරෙන‍්තීති නීවරණානි.

චෙතසො විනිබන්‍ධා සිත බැඳ මිටියක් කොට මෙන් ගන්නේය යනු චෙතසො විනිබන්ධ වේ. කාමෙ යනු වස්තුකාම ක්ලේශකාම දෙකේ කායෙ තම ශරීරයෙහි. රූපෙ බාහිර රූපයෙහි. යාවදත්‍ථ යම් පමණ කැමති වේද එපමණ. උදරාව දෙහකං යනු උදරය පුරව. එහි උදරය අවදේහක වශයෙන් උදරාවදේහක යයි කියනු ලැබේ. සෙය්‍යසුඛෙ ඇඳ පුටු සුවය සෘතු සුවය හෝ. ඵස්ස සුඛං පෙරලී නිදන්නාට දකුණු පැත්තේ වම්පැත්තේ ඇති සුවය වේ. මෙසේ උපන් සුවය. මිද්ධ සුඛං යනු නිදිසුවය අනුයුත්තො යුත්ත ප්‍රයුක්තව වාසය කරයි. පණිධාය ප්‍රාර්ථනා කොට සීලෙනා ආදියෙහි සීලං යනු චතුපාරිසුද්ධි සීලයයි. වතං යනු වත් සමාදන්වීම තපො යනු තපස් හැසිරීමය. බ්‍රහ්මචරියං මෛථූනයෙන් වෙන්වීම. දෙවො වා භවිස්සාමි මහේශාක්‍ය දෙවියෙක් හෝ වන්නෙමි. දෙවඤ්ඤතරොවා අල්පේශාක්‍ය දෙවියෙකු හෝ වන්නෙමි. කුසල ධර්මයන් ආවරණය කරයි. වළක්වයි. නීවරණානි වේ.

මාතා ජීවිතා වොරොපිතා හොතීති මනුස‍්සෙනෙව සකජනිකා මනුස‍්සමාතා ජීවිතා වොරොපිතා හොති. පිතාපි මනුස‍්සපිතාව. අරහාපි මනුස‍්සඅරහාව. දුට‍්ඨෙන චිත‍්තෙනාති වධකචිත‍්තෙන.

මාතා ජීවිතා වොරොපිතා හොති මිනිසෙක්ම සිය ජනනී මිනිස් මව ජීවිතයෙන් තොරකරන ලද්දේ වේ. පිතා ද මනුස්ස පියා අරහා මනුස්ස රහතන් වහන්සේ දුට්ඨෙන චිත්තෙන වධක සිතින්.

සඤ‍්ඤීති සඤ‍්ඤාසමඞ‍්ගී. අරොගොති නිච‍්චො. ඉත්‍ථෙකෙ අභිවදන‍්තීති ඉත්‍ථං එකෙ අභිවදන‍්ති, එවමෙකෙ අභිවදන‍්තීති අත්‍ථො. එත‍්තාවතා සොළස සඤ‍්ඤීවාදා කථිතා. අසඤ‍්ඤීති සඤ‍්ඤාවිරහිතො. ඉමිනා පදෙන අට‍්ඨ අසඤ‍්ඤීවාදා කථිතා. තතියපදෙන අට‍්ඨ නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤීවාදා කථිතා. සතො වා පන සත‍්තස‍්සාති අථවා පන විජ‍්ජමානස‍්සෙව සත‍්තස‍්ස. උච‍්ඡෙදන‍්ති උපච‍්ඡෙදං. විනාසන‍්ති අදස‍්සනං. විභවන‍්ති භාවවිගමං. සබ‍්බානෙතානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානෙව. තත්‍ථ ද‍්වෙ ජනා උච‍්ඡෙදදිට‍්ඨිං ගණ‍්හන‍්ති – ලාභී ච අලාභී ච. තත්‍ථ ලාභී අරහතො දිබ‍්බෙන චක‍්ඛුනා චුතිං දිස‍්වා උපපත‍්තිං අපස‍්සන‍්තො, යො වා චුතිමත‍්තමෙව දට‍්ඨුං සක‍්කොති න උපපාතං, සො උච‍්ඡෙදදිට‍්ඨිං ගණ‍්හාති. අලාභී ‘කො පරලොකං ජානාතී’ති කාමසුඛගිද‍්ධතාය වා ‘යථා රුක‍්ඛතො පණ‍්ණානි පතිතානි න පුන විරුහන‍්ති, එවං සත‍්තා’තිආදිනා විතක‍්කෙන වා උච‍්ඡෙදං ගණ‍්හාති. ඉධ පන තණ‍්හාදිට‍්ඨීනං වසෙන තථා ච අඤ‍්ඤථා ච විකප‍්පෙත්‍වාව උප‍්පන‍්නා සත‍්ත උච‍්ඡෙදවාදා කථිතා. තෙසඤ‍්හි ඉදං සඞ‍්ගහවචනං. දිට‍්ඨධම‍්මනිබ‍්බානං වා පනෙකෙති එත්‍ථ දිට‍්ඨධම‍්මොති පච‍්චක‍්ඛධම‍්මො වුච‍්චති. තත්‍ථ තත්‍ථ පටිලද‍්ධත‍්තභාවස‍්සෙතං අධිවචනං. දිට‍්ඨධම‍්මෙ නිබ‍්බානං දිට‍්ඨධම‍්මනිබ‍්බානං; ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ දුක‍්ඛා වූපසම‍්මන‍්ති අත්‍ථො. ඉදං පඤ‍්චන‍්නං දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදානං සඞ‍්ගහවචනං.

සඤ්ඤී සංඥාවෙන් යුත්. අරෝගා නිත්‍ය. ඉත්‍ථෙක අභිවදන්ති මෙසේ ඇතමෙක් කියති. මෙසේ ඔව්හු කියති යන අර්ථය. මෙපමණක් සඤ්ඤීවාද සොළොස කියන ලදි. තුන්වන පදයෙන් නේවසඤ්ඤී නාසඤ්ඤී වාද කියන ලදි. සතොවා පන සත්තස්සාති යනු නොගොස් විද්‍යමාන සත්ත්වයාගේ උච්ඡේදං සිඳී අවසන්වීම. විනාසං නොපෙනීම. විභවං භවය පහව යෑම. මේ සියල්ල අන්‍යොන්‍ය සමාන වචන වේ. එහි දෙදෙනෙක් උච්ඡේද දෘෂ්ටිය ගනිති. ලාභී සහ අලාභී. එහි ලාභී දිවසින් බැලීමට හැකි චුතිය දැක උපත නොදක්නේ යමෙකුගේ චුතිය පමණක් දැකීමට හැකිවේ. උප්පත්තිය දැකිය නොහැකි හේ උච්ඡේද දෘෂ්ටිය ගනී. අලාභී කවරෙක් පරලොව දනීද කාමසැප ගිජු බැවින් හෝ ගස්වල වැටුණු කොල නැවත පැල නොවේ. ඒවා සත්ත්වයින් යයි ආදි විතර්කයෙන් උච්ඡේද ගනියි. මෙහි වනාහි තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් එසේද වෙනස්වද විකල්පනය කොට උපන් උච්ඡේද වාද සත කියන ලදි. මෙය ඒවායේ සංග්‍රහ වචනයයි. දිට්ඨධම්මං නිබ්බානං වා පනෙතෙ. මෙහි දිට්ඨ ධම්ම යයි ප්‍රත්‍යක්‍ෂ ධර්මය කියනු ලැබේ. ඒ ඒ ලැබූ ආත්මභාවයට මෙය වෙනත් වචනයකි. දිට්ඨ ධර්මයෙහි නිර්වාණ දිට්ඨධම්ම නිබ්බාණං මේ ආත්මයෙහිම දුක් සංසිඳීම යන අර්ථයයි. මෙය දිට්ඨධම්ම නිබ්බාණවාද පහ ඇතුළත් කරන ලද වචනයයි.

වෙරාති වෙරචෙතනා. බ්‍යසනාති විනාසා. අක‍්ඛන‍්තියාති අනධිවාසනාය. අප‍්පියොති දස‍්සනසවනපටිකූලතාය න පියායිතබ‍්බො. චින‍්තෙතුම‍්පි පටිකූලත‍්තා මනො එතස‍්මිං න අප‍්පෙතීති අමනාපො. වෙරබහුලොති බහුවෙරො. වජ‍්ජබහුලොති බහුදොසො.

වෙරා යනු වෛර චේතනාවයි. බ්‍යසනා යනු විනාශයයි. අක්ඛන්තියා යනු නොඉවසීමයි. අප්පියො දැකීම ඇසීම පිළිකුල් ප්‍රිය නොකළ යුතුය. සිතන්ටද පිළිකුල් බැවින් සිත එය කෙරෙහි නොපැමිණේය යනු අමනාප නම් වේ. වෙරබහුලො යනු බොහෝ වෛර ඇති. වජ්ජ බහුලො වැරදි බහුල වූ බොහෝ දොස් ඇති.

ආජීවකභයන‍්ති ආජීවං ජීවිතවුත‍්තිං පටිච‍්ච උප‍්පන‍්නං භයං . තං අගාරිකස‍්සපි හොති අනගාරිකස‍්සපි. තත්‍ථ අගාරිකෙන තාව ආජීවහෙතු බහුං අකුසලං කතං හොති. අථස‍්ස මරණසමයෙ නිරයෙ උපට‍්ඨහන‍්තෙ භයං උප‍්පජ‍්ජති. අනගාරිකෙනාපි බහු අනෙසනා කතා හොති. අථස‍්ස මරණකාලෙ නිරයෙ උපට‍්ඨහන‍්තෙ භයං උප‍්පජ‍්ජති. ඉදං ආජීවකභයං නාම. අසිලොකභයන‍්ති ගරහභයං පරිසසාරජ‍්ජභයන‍්ති කතපාපස‍්ස පුග‍්ගලස‍්ස සන‍්නිපතිතං පරිසං උපසඞ‍්කමන‍්තස‍්ස සාරජ‍්ජසඞ‍්ඛාතං භයං උප‍්පජ‍්ජති. ඉදං පරිසසාරජ‍්ජභයං නාම. ඉතරද‍්වයං පාකටමෙව.

ආජීවක භයං ජීවිත පැවැත්ම පිළිබඳ උපන් බිය. එය ගිහි පැවිදි දෙපසටම ඇති වේ. එහි ගිහියා විසින් ජීවත්වීමේ හේතුවෙන් බොහෝ අකුසල් කරන ලද්දේ වේ. ඉක්බිති ඔහුගේ මරණ සමයෙහි නිරය වැටහෙන්නේ බිය උපදී. පැවිද්දා විසින්ද බොහෝ අනෙසන කරන ලදි. ඉක්බිති ඔහු මරණාසන්න කාලයේ නිරය වැටහෙන විට බිය උපදී. මෙය ආජීවක බිය නම් වේ. අසිලොක භයං යනු ගරහයි යන බියයි. පරිසසාරජ්ජ භයං කරන ලද පව් ඇත්තාට පිරිසක් වෙත යෑමට සාරජ්ජ සංඛ්‍යාත බිය උපදී. මෙය පරිස සාරජ්ජ බිය නම්වේ. ඉතිරි දෙක ප්‍රකටය.

දිට‍්ඨධම‍්මනිබ‍්බානවාරෙසු පඤ‍්චහි කාමගුණෙහීති මනාපියරූපාදීහි පඤ‍්චහි කාමකොට‍්ඨාසෙහි බන්‍ධනෙහි වා. සමප‍්පිතොති සුට‍්ඨු අප‍්පිතො අල‍්ලීනො හුත්‍වා. සමඞ‍්ගීභූතොති සමන‍්නාගතො. පරිචාරෙතීති තෙසු කාමගුණෙසු යථාසුඛං ඉන්‍ද්‍රියානි චාරෙති සඤ‍්චාරෙති ඉතො චිතො ච උපනෙති; අථ වා පන ලළති රමති කීළතීති. එත්‍ථ ච දුවිධා කාමගුණා – මානුස‍්සකා චෙව දිබ‍්බා ච. මානුස‍්සකා මන්‍ධාතුකාමගුණසදිසා දට‍්ඨබ‍්බා; දිබ‍්බා පරනිම‍්මිතවසවත‍්තිදෙවරාජස‍්ස කාමගුණසදිසාති. එවරූපෙ කාමෙ උපගතඤ‍්හි තෙ පරමදිට‍්ඨධම‍්මනිබ‍්බානප‍්පත‍්තො හොතීති වදන‍්ති. තත්‍ථ පරමදිට‍්ඨධම‍්මනිබ‍්බානන‍්ති පරමං දිට‍්ඨධම‍්මනිබ‍්බානං, උත‍්තමන‍්ති අත්‍ථො.

දිට්ඨධම්ම නිබ්බාණ වාදයෙහි පඤ්චහි කාම ගුණෙහි යනු මනාප වූ රූපාදි පස් කාම භූමියෙහි බැඳීමෙන්. සමප්පිතො මනා වූ අර්පිත වූ, ප්‍රකටව. සමංගිභූතො සමන්නාගත වූ පරිවාරෙති යනු ඒ කාම ගුණයන්හි කැමති පරිදි ඉන්‍ද්‍රියන් සැරිසරවයි. සංචාරණය කරවයි. එහෙ මෙහි ඵලවයි. නොහොත් නලවයි. අලවයි. ක්‍රීඩාකරයි. මෙහි මිනිස් හා දිව්‍ය යයි කාමගුණ දෙපරිදිය. මහා මන්ධාතු කාමගුණ සමානව මානුසක කාම ගුණ දතයුතුය. පරනිම්මිත වසවත්ති දෙවි රජුගේ කාමගුණ සමානව දිව්‍ය කාමගුණ දතයුතුය. මෙබඳු වූ කාමයෙහි එළඹි විට පරම වූ දිට්ඨධම්ම නිබ්බාණයට පැමිණියේ යයි ඔවුහු කියති. එහි පරම දිට්ඨධම්ම නිබ්බාණං යනු (කෙළවර වූ පංචකාමයන් අනුභවය උතුම් වූ දිට්ඨ බවට නිබ්බාණය)

දුතියවාරෙ හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චා; පටිපීළනට‍්ඨෙන දුක‍්ඛා; පකතිජහනට‍්ඨෙන විපරිණාමධම‍්මාති වෙදිතබ‍්බා. තෙසං විපරිණාමඤ‍්ඤථාභාවාති තෙසං කාමානං විපරිණාමසඞ‍්ඛාතා අඤ‍්ඤථාභාවා. ‘යම‍්පි මෙ අහොසි තම‍්පි මෙ නත්‍ථී’ති වුත‍්තනයෙන උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා. තත්‍ථ අන‍්තොනිජ‍්ඣායනලක‍්ඛණො සොකො; තන‍්නිස‍්සිතලාලප‍්පලක‍්ඛණො පරිදෙවො; කායපටිපීළනලක‍්ඛණං දුක‍්ඛං; මනොවිඝාතලක‍්ඛණං දොමනස‍්සං; විඝාතලක‍්ඛණො උපායාසො.

දෙවන වර වී අභාව අර්ථයෙන් අනිච්චා වේ. නැවත පෙළීම් අර්ථයෙන් දුක්ඛ වේ. ප්‍රකෘතිය වෙනස් කරන අර්ථයෙන් විපරිණාම ධම්මො වේ. තෙසං විපරිණාමඤ්ඤථාභාවා ඒ කාමයන්ගේ වෙනස්වීම් සංඛ්‍යාත අන්‍ය අවස්ථාවකට පත්වීම. යමක් මට වූයේ නම් එය මං නැතැයි කියන ලද ක්‍රමයෙන් සෝක පරිදේව දුක් දොම්නස් ඉපදේ. එහි ඇතුළත දවන ලක්‍ෂණය සොකො වේ. එය නිශ්‍රිතව වැලපෙන ලක්‍ෂණය පරිදෙවො වේ. කය පෙළන ලක්‍ෂණය දුක්ඛං වේ. මනසෙහි කරදර ඇතිකරන ලක්‍ෂණය දෝමනස්සං වේ. ඛේදයට පැමිණෙන ලක්‍ෂණය උපායාසො වේ.

විතක‍්කිතන‍්ති අභිනිරොපනවසෙන පවත‍්තො විතක‍්කො. විචාරිතන‍්ති අනුමජ‍්ජනවසෙන පවත‍්තො විචාරො. එතෙන එතන‍්ති එතෙන විතක‍්කෙන ච විචාරෙන ච එතං පඨමජ‍්ඣානං ඔළාරිකං සකණ‍්ටකං විය ඛායති.

විතක්කිතං යනු සිතට නැගීම් වශයෙන් පවතින සිතිවිලි. විචාරිතං (අතගෑම්) පිරිමැදීම් වශයෙන් පවතින විචාරය. එතෙන එතං මේ විතක්කයෙන් විචාරයෙන් මේ ප්‍රථමධ්‍යානය ඕලාරික හා කටු සහිත මෙන් හැඟේ.

පීතිගතන‍්ති පීතිමෙව. චෙතසො උප‍්පිලාවිතන‍්ති චිත‍්තස‍්ස උප‍්පිලභාවකරණං. චෙතසො ආභොගොති ඣානා වුට‍්ඨාය තස‍්මිං සුඛෙ පුනප‍්පුනං චිත‍්තස‍්ස ආභොගො මනසිකාරොති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

පීතිගතං ප්‍රීතියම. චෙතසො උප්පිලාවිත චිත්තස්ස උප්ඵලභාව කරණං. සිතේ ඉල්පවීම ඇතිකරන චෙතසො ආභොගො ධ්‍යානයෙන් නැගිට ඒ සැපයෙහි සිත නැවත නැවත ආභොගය මෙනෙහි කිරීම (ආභොග! පරිභෝග වැළඳීම) සෙසු සියල්ල ප්‍රකටය.

පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

පඤ්චක නිද්දේසය