දුකං
895. තත්ථ කතමො කොධො: යො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං, ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං, විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති කොධො.
895. එහි ක්‍රෝධය කවරෙ යත්: යම් ක්‍රෝධයෙක් ක්‍රෝධ අයුරෙක් ක්‍රෝධ කළ බවෙක් දෝෂයෙක් දූෂ්‍ය අයුරෙක් දූෂිත බවෙක් ප්‍රකෘතිභාවය හැරීමෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදිත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් අපරිපූර්ණවචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ක්‍රෝධය’ යි කියනු ලැබේ.
තත්ථ කතමො උපනාහො: පුබ්බකාලං කොධො අපරකාලං උපනාහො. යො එවරූපො උපනාහො උපනය්හනා උපනය්හිතත්තං. ආඨපනා, ඨපනා සණ්ඨපනා අනුසංසන්දනා අනුපුබ්බබන්ධනා දළ්හීකම්මං කොධස්ස, අයං වුච්චති උපනාහො.
එහි උපනාහය කවරෙ යත්: පූර්වකාලය ක්‍රෝධය වෙයි. අපරකාල උපනාහය වේ. යම් මෙබඳු උපනාහ (බද්ධවෛර)යෙක් බදවෙර ඇති අයුරෙක් බදවෙර ඇති බවෙක් (ක්‍රෝධය) ආදියෙහි තැබීමෙක් පියවින් තැබීමෙක් පුන පුනා තැබීමෙක් අනුසන්ධානයෙක් අනුප්රබන්ධයෙක් (ගැළපීමෙක්) ක්‍රෝධය දැඩි කිරීමෙක් වේ ද, මේ ‘උපනාහය’ යි කියනු ලැබේ.
896. තත්ථ කතමො මක්ඛො: යො මක්ඛො මක්ඛියනා මක්ඛීයිතත්තං නිට්ඨුරියං නිට්ඨුරියකම්මං, අයං වුච්චති මක්ඛො.
896. එහි මක්ඛය කවරෙ යත්: යම් පරගුණ මැකීමෙක් ගුණ මකන අයුරෙක් ගුණමැකූ බවෙක් රළුවදන් ඇති බවෙක් රළුකමෙක් වේ ද, මේ ‘මක්ඛය’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පළාසො: යො පළාසො පළාසායනා පළාසාහාරො විවාදට්ඨානං යුගග්ගාහො අප්පටිනිස්සග්ගො, අයං වුච්චති පළාසො.
එහි පළාසය කවරෙ යත්: යම් යුගග්රාහයෙක් යුගග්‍රාහ අයුරෙක් (ජයාහරණයෙන්) පළාසාහාරයෙක් විවාදකාරණයෙක් සමධුර ගැන්මෙක් නො හැරීමෙක් වේ ද, මේ ‘පළාසය’ යි කියනු ලැබේ.
897. තත්ථ කතමා ඉස්සා: යා පරලාභසක්කාරගරුකාරමානනවන්දනපූජනාසු ඉස්සා ඉස්සායනා ඉස්සායිතත්තං, උසූයා උසූයනා උසූයිතත්තං, අයං වුච්චති ඉස්සා.
897. එහි ඊර්ෂ්‍යා කවර යත්: මෙරමා පිළිබඳ ලාභසත්කාරගරුකාරමානනවන්දන පූජාවන් කෙරෙහි යම් ඊර්ෂ්යායෙක් ඊර්ෂ්‍යා අයුරෙක් ඊර්ෂ්‍යා කළ බවෙක් දොස් පහළ කිරීමෙක් දොස් පහළ කරන අයුරෙක් දොස් පහළ කළ බවෙක් වේ ද, මේ ‘ඊර්ෂ්‍යා’ යි කියනු ලැබේ.
තත්ථ කතමං මච්ඡරියං: පඤ්ච මච්ඡරියානි: ආවාසමච්ඡරියං කුල මච්ඡරියං ලාභමච්ඡරියං වණ්ණමච්ඡරියං ධම්මමච්ඡරියං. යං එවරූපං මච්ඡෙරං මච්ඡරායනා මච්ඡරායිතත්තං වෙවිච්ඡං කදරියං කටුකඤ්චුකතා අග්ගහිතත්තං චිත්තස්ස, ඉදං වුච්චති මච්ඡරියං.
එහි මාත්සර්‍ය්‍ය කවරෙ යත්: මාත්සර්‍ය්‍ය පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. යම් මෙබඳු මාත්සර්ය්යයෙක්, මසුරු අයුරෙක්, මසුරු කළ බවෙක් (ස්වකීය සම්පත්තීන්) ව්‍යාප්ත කරනු කැමැති බවෙක්, තද මසුරු බවෙක්, කටුකභාවයෙක්, හැකුළුණුසිත් ඇති බවෙක්, සිත නො විදහාගත් බවෙක් වේ ද, මේ ‘මාත්සර්‍ය්‍ය’ යි කියනු ලැබේ.
898. තත්ථ කතමා මායා: ඉධෙකච්චො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා තස්ස පටිච්ඡාදන හෙතු පාපිකං ඉච්ඡං පණිදහති, මා මං ජඤ්ඤාති ඉච්ඡති, මා මං ජඤ්ඤාති සංකප්පෙති, මා මං ජඤ්ඤාති වාචං භාසති, මා මං ජඤ්ඤාති කායෙන පරක්කමති, යා එවරූපා මායා මායාවිතා අච්චාසරා වඤ්චනා නිකති විකිරණා පරිහරණා ගූහනා පරිගූහනා ඡාදනා පටිච්ඡාදනා අනුත්තානීකම්මං අනාවීකම්මං වොච්ඡාදනා පාපකිරියා, අයං වුච්චති මායා.
898. එහි මායා කවර යත්: මෙලොව ඇතැමෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට එය පිළිසන් කරනු පිණිස ලාමක වූ ඉච්ඡාවක් පිහිටුවයි. මා නො දනීව යි කැමැති වෙ යි. මා නො දනීව යි කල්පනය කෙරෙ යි. මා නො දනීව යි වචන කිය යි. මා නො දනීව යි කයින් ව්‍යායාම කෙරෙ යි. යම් මෙබඳු මායායෙක් මායාවී බවෙක් ඉක්ම පැවැත්මෙක් වඤ්චනයෙක් නිකෘතියෙක් විකිරණයෙක් බැහැර කිරීමෙක් සැඟැවීමෙක් හාත්පසින් සැඟැවීමෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් නො පහළ කිරීමෙක් නො හෙළි කිරීමෙක් පාපක්‍රියාව මොනොවට වැසීමෙක් වේ ද, මේ ‘මායා’ යි කියනු ලැබේ.
තත්ථ කතමං සාඨෙය්යං: ඉධෙකච්චො සඨො හොති පරිසඨො. යං තත්ථ සඨං සඨතා සාඨෙය්යං කක්ඛළතා කක්ඛළියං පරික්ඛත්තතා පාරික්ඛත්තියං, ඉදං වුච්චති සාඨෙය්යං.
එහි සාඨෙය්‍ය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් කෛරාටිකයෙක් හාත්පසින් කෛරාටිකයෙක් වෙයි. එහි යම් කෛරාටිකගුණයෙක් කෛරාටික අයුරෙක් කෛරාටික බවෙක් කර්කශතායෙක් කැකුළු බවෙක් (කැනසිටුවූ සෙයින්) දැඩි කෛරාටික බවෙක් පරික්ඛත්ත බවෙක් වේ ද, මේ ‘සාඨෙය්‍ය’ යි කියනු ලැබේ.
899. තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
899. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් නො දැක්මෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා භවතණ්හා: යො භවෙසු භවච්ඡන්දො භවරාගො භවනන්දි භවතණ්හා භවස්නෙහො භවපරිලාහො භවමුච්ඡා භවජ්ඣොසානං. අයං වුච්චති භවතණ්හා.
එහි භවතෘෂ්ණා කවර යත්: භවයන්හි යම් භවච්ඡන්දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නෙහයෙක් භවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවය ගිල ගැනීමෙක් වේ ද, මේ ‘භවතෘෂ්ණා’ යි කියනු ලැබේ.
900. තත්ථ කතමා භවදිට්ඨි: භවිස්සති අත්තා ච ලොකොචාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො අයං වුච්චති භවදිට්ඨි.
900. එහි භවදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් (වරදවාගැනීමෙක්) වේ ද, මේ ‘භවදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
තත්ථ කතමා විභවදිට්ඨි: න භවිස්සති අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති විභවදිට්ඨි.
එහි විභවදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් නො වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘විභවදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
901. තත්ථ කතමා සස්සතදිට්ඨි: සස්සතො අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති සස්සතදිට්ඨි.
901. එහි ශාශ්වතදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් ශාශ්වත යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘ශාශ්වතදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
තත්ථ කතමා උච්ඡෙදදිට්ඨි: උච්ඡිජ්ජිස්සති අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති උච්ඡෙදදිට්ඨි.
එහි උච්ඡේදදෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් උච්ඡේද වන්නේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘උච්ඡේදදෘෂ්ටි’ යි කියනු ලැබේ.
902. තත්ථ කතමා අන්තවාදිට්ඨි: අන්තවා අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අන්තවාදිට්ඨි.
902. එහි අන්තවද්දෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘අන්තවද්දෘෂ්ටි’ යයි කියනු ලැබේ.
තත්ථ කතමා අනන්තවාදිට්ඨි: අනන්තවා අත්තා ච ලොකො චාති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අනන්තවාදිට්ඨි.
එහි අනන්තවද්දෘෂ්ටි කවර යත්: ආත්මයත් ලෝකයත් අන්ත නැත්තේ යයි යම් මෙබඳු දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘අනන්තවද්දෘෂ්ටි’ යි කියනු ලැබේ.
903. තත්ථ කතමා පුබ්බන්තානුදිට්ඨි: පුබ්බන්තං ආරබ්භ යා උප්පජ්ජති දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති පුබ්බන්තානුදිට්ඨි.
903. එහි පූර්‍වාන්තානුදෘෂ්ටි කවර යත්: පූර්වාන්තය නිසා යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මේ ‘පූර්‍වාන්තානුදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
තත්ථ කතමා අපරන්තානුදිට්ඨි: අපරන්තං ආරබ්භ යා උප්පජ්ජති දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති අපරන්තානුදිට්ඨි.
එහි අවරාන්තානුදෘෂ්ටි කවර යත්: අවරාන්තය නිසා යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මේ ‘අවරාන්තානුදෘෂ්ටි’ යයි කියනු ලැබේ.
904. තත්ථ කතමං අහිරිකං: යං න හිරීයති හිරීයිතබ්බෙන න හිරීයති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අහිරිකං.
904. එහි අපත්‍රපා කවර යත්: යමෙකින් ජුගුප්සා කළයුත්ත ජුගුප්සා නො කෙරේද, ලාමක අකුශලධර්‍මයන්ගේ සමාපත්තිය ජුගුප්සා නො කෙරේ ද, මේ ‘අපත්‍රපා’ යි කියනු ලැබේ.
තත්ථ කතමං අනොත්තප්පං: යා න ඔත්තප්පති ඔත්තප්පිතබ්බෙන න ඔත්තප්පති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තියා, ඉදං වුච්චති අනොත්තප්පං.
එහි අනොත්තප්ප කවර යත්: යමෙකින් බියවිය (තැවිය) යුත්තට බිය නො වේද, ලාමක අකුශලධර්‍මයන්ගේ සමාපත්තියට බිය නො වේ ද, මේ ‘අනොත්තප්ප’ යි කියනු ලැබේ.
905. තත්ථ කතමා දොවචස්සතා: සහධම්මිකෙ වුච්චමානො දොවචස්සතා දෙවචස්සායං දොවචස්සියං දොවචස්සතා විප්පටිකූලගාහිතා විපච්චනිකසාතතා අනාදරියං අනාදරතා අගාරවතා අප්පතිස්සවතා, අයං වුච්චති දොවචස්සතා.
905. එහි දුර්වචස්ක බව කවරෙ යත්: ප්රඥප්තශික්ෂාපදය කියනු ලබන කල්හි දුර්වචස්ක බවෙක්, දුර්වචස්ක කමෙක්, දුර්වචස්කකර්ම ඇති බවෙක්, දුර්වචස්කතායෙක් විරුද්ධග්‍රාහයෙක් ප්රතිලෝමග්රාහයෙහි මධුර බවෙක් අනාදර බවෙක් අනාදර අයුරෙක් අගෞරව බවෙක් නිඃශ්‍රය රහිත බවෙක් වේ ද, මේ ‘දුර්වචස්ක බව’ යි කියනු ලැබේ.
තත්ථ කතමා පාපමිත්තතා: යෙ තෙ පුග්ගලා අස්සද්ධා දුස්සීලා අප්පස්සුතා මච්ඡරිනො දුප්පඤ්ඤා යා තෙසං සෙවනා නිසෙවනා සංසෙවනා භජනා සංභජනා භත්ති සම්භත්ති සම්පවඞ්කතා, අයං වුච්චති පාපමිත්තතා.
එහි පාපමිත්‍රතා කවර යත්: යම් ඒ පුද්ගල කෙනෙක් අශ්රාද්ධ ද, දුශ්ශීල ද, අල්පශ්‍රැත ද, මාත්සර්‍ය්‍ය ඇත්තාහු ද, දුෂ්ප්‍රාඥ ද, ඔවුන්ගේ යම් සේවනයෙක් බලවත් සේවනයෙක් හාත්පසින් සේවනයෙක් භජනයෙක් සම්භජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් ඔවුන් කෙරෙහි නම්රත්වයෙක් වේ ද, මේ ‘පාපමිත්‍රතා’ යි කියනු ලැබේ.
906. තත්ථ කතමො අනජ්ජවො: යො අනජ්ජවො අනජ්ජවතා ජිම්හතා වඞ්කතා කුටිලතා, අයං වුච්චති අනජ්ජවො.
906. එහි අනාර්‍ජව කවරෙ යත්: යම් අනාර්‍ජව (වඞ්කතා) අයුරෙක් අනාර්‍ජව බවෙක් ජිම්හතායෙක් වඞ්ක බවෙක් කුටිල බවෙක් වේ ද, මේ ‘අනාර්‍ජව’ යි කියනු ලැබේ.
තත්ථ කතමො අමද්දවො: යා අමුදුතා අමද්දවතා කක්ඛළියං ඵාරුසියං කක්ඛළතා කඨිනතා උජුචිත්තතා අමුදුතා, අයං වුච්චති අමද්දවො.
එහි අමාර්දව කවරෙ යත්: යම් නො මුදු බවෙක් අමාර්දවාකාරයෙක් කර්කශ බවෙක් පරුෂ බවෙක් කර්කශ අයුරෙක් කඨින බවෙක් අමෘදුතාසඞ්ඛ්යාත ඍජු සිත් ඇති බවෙක් වේ ද, මේ ‘අමාර්දව’ යි කියනු ලැබේ.
907. තත්ථ කතමා අක්ඛන්ති: යා අක්ඛන්ති අක්ඛමනතා අනධිවාසනතා චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, අයං වුච්චති අක්ඛන්ති.
907. එහි අක්ෂාන්ති කවර යත්: යම් නො ඉවසීමෙක්, නො ඉවසන අයුරෙක්, අනධිවාසනතායෙක්, සැඩ බවෙක්, නො පිරිපුන් වදන් ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘අක්ෂාන්ති’ යි කියනු ලැබේ.
තත්ථ කතමං අසොරච්චං: කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායික වාචසිකො වීතික්කමො, ඉදං වුච්චති අසොරච්චං, සබ්බම්පි දුස්සීල්යං අසොරච්චං.
එහි අසොරච්චය කවරෙ යත්: කායික වූ ව්යතික්රම (දුශ්චරිත) ය, වාචසික වූ ව්යතික්රම ය, කායිකවාචසික වූ ව්යතික්රම යි. මේ ‘අසොරච්ච’ යි කියනු ලැබේ. හැම දුසිල් බව අසොරච්ච යි.
908. තත්ථ කතමං අසාඛල්යං, යා සා වාචා අණ්ඩකා කක්කසා පරකටුකා පරාභිසජ්ජනී කොධසාමන්තා අසමාධි සංවත්තනිකා තථා රූපිං වාචං භාසිතා හොති. යා තත්ථ අසණ්හවාචතා අසඛිලවාචතා ඵරුසවාචතා, ඉදං වුච්චති අසාඛල්යං.
908. එහි අසාඛල්ය කවරෙ යත්: යම් ඒ වචනයෙක් (සදොස් බැවින්) ගඬු ඇත්තේ ද, කර්කශ (කුණු) වූයේ ද, මෙරමාහට කටුක වේ ද, මෙරමා ලගනේ ද, ක්‍රෝධයට ආසන්න වූයේ ද, සමාධිහුගේ නො පැවැත්ම කරන්නේ ද, එබඳු වචනය කියන්නේ වෙ යි. එහි යම් නො මටවදන් බවෙක් නො මොළොක්වදන් බවෙක් රළුවදන් බවෙක් වේ ද, මේ ‘අසාඛල්ය’ යි කියනු ලැබේ.
තත්ථ කතමො අපටිසන්ථාරො: ද්වෙ පටිසන්ථාරා ආමිසපටිසන්ථාරො ච ධම්මපටිසන්ථාරො ච ඉධෙකච්චො අපටිසන්ථාරකො හොති ආමිසපටිසන්ථාරෙන වා ධම්මපටිසන්ථාරෙන වා, අයං වුච්චති අපටිසන්ථාරො.
එහි අප්රතිසන්ථාර කවරෙ යත්: ප්රතිසන්ථාර දෙකෙකි: ආමිෂප්රතිසන්ථාර (ආමිෂයෙන් ඇතිරීම) හා ධර්මප්රතිසන්ථාර යි. මෙලොව ඇතැමෙක් ආමිෂප්රතිසන්ථාරයෙන් හෝ ධර්මප්රතිසන්ථාරයෙන් හෝ නො අතුරන්නේ වෙයි. මේ ‘අප්රතිසන්ථාර’ යි කියනු ලැබේ.
909. තත්ථ කතමා ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා: ඉධෙකච්චො චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණ මෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති න රක්ඛති චක්ඛුන්ද්රියං චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මා විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ න සංවරං ආපජ්ජති. යා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං අගුත්ති අගොපනා අනාරක්ඛො අසංවරො, අයං වුච්චති ඉන්ද්රියෙසු අගුත්තද්වාරතා.
909. එහි ඉන්ද්රියයන්හි අගුප්තද්වාරතා කවර යත්: මෙලොව ඇතැමෙක් ඇසින් (චක්ෂුර්විඥානයෙන්) රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්ෂුරින්ද්රියය අසංවෘත ව වාසය කරන්නා වූ මොහු අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලාමකඅකුශලධර්මයෝ ලුහුබඳනාහු නම්, ඒ චක්ෂුරින්ද්රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. චක්ෂුරින්ද්රියය නො රකියි. චක්ෂුරින්ද්රියයෙහි සංවරයට නො පැමිණෙ යි. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අසා ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්ද්රියය අසංවෘතව වාස කරන්නා වූ මොහු අභිධ්යාදෞර්මනස්යසඞ්ඛ්යාත ලාමකඅකුශලධර්මයෝ ලුහුබඳනාහු නම්, ඒ මනින්ද්රියයාගේ සංවරය පිණිස නො පිළිපදි යි. මනින්ද්රියය නො රකියි. මනින්ද්රියයෙහි සංවරයට නො පැමිණෙ යි. මේ ෂඩ්රින්ද්රියයන්ගේ යම් නො රැක්මෙක් නො රක්නා අයුරෙක් අනාරක්ෂායෙක් අසංවරයෙක් වේ ද, මේ ‘ඉන්ද්රියයන්හි අගුප්තද්වාරතා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා භොජනෙ අමත්තඤ්ඤුතා: ඉධෙකච්චො අප්පටිසඞ්ඛා අයොනිසො ආහාරං ආහාරෙති, දවාය මදාය මණ්ඩනාය විභූසනාය. යා තත්ථ අසන්තුට්ඨිතා අමත්තඤ්ඤුතා අප්පටිසඞ්ඛා භොජනෙ, අයං වුච්චති භොජනෙ අමත්තඤ්ඤුතා.
එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්: මෙලොව ඇතැමෙක් ප්රත්යවේක්ෂා නො කොට අනුපායයෙන් කෙළි පිණිස, මද පිණිස, සැරසීම පිණිස, විභූෂණය පිණිස අහර වළඳ යි. ඒ නුනුවණින් අහරවැළඳීමෙහි යම් අසන්තුෂ්ටි බවෙක් පමණ නො දන්නා බවෙක් වේ ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යි කියනු ලැබේ.
910. තත්ථ කතමං මුට්ඨසච්චං: යා අසති අනනුස්සති අප්පටිස්සති අසරණතා අධාරණතා පිලාපනතා සංමුස්සනතා, ඉදං වුච්චති මුට්ඨසච්චං.
910. එහි මූඪස්මෘති බව කවරෙ යත්: යම් නො සිහියක්, අනනුස්මෘතියෙක්, අප්රතිස්මෘතියෙක්, නො සිහි කරන අයුරෙක්, නො දරන බවෙක්, අරමුණෙහි ඉපිලෙන බවෙක්, නටසිහි ඇති බවෙක් වේ ද, මේ ‘මූඪස්මෘති බව’ යයි කියනු ලැබේ.
තත්ථ කතමං අසම්පජඤ්ඤං: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගී මොහො අකුසලමූලං, ඉදං වුච්චති අසම්පජඤ්ඤං.
එහි අසම්ප්‍රජන්‍ය කවරෙ යත්: යම් නො දැන්මෙක්, නො දැක්මෙක් ... අවිද්‍යා පරිඝයෙක්, මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අසම්ප්‍රජන්‍ය’ යි කියනු ලැබේ.
911. තත්ථ කතමා සීලවිපත්ති: යො කායිකො වීතික්කමො වාචසිකො වීතික්කමො කායිකවාචසිකො වීතික්කමො, අයං වුච්චති සීලවිපත්ති. සබ්බම්පි දුස්සීල්යං සීලවිපත්ති.
911. එහි ශීලවිපත් කවර යත්: යම් කායිකව්යතික්රමයෙක් (දුශ්චරිතයෙක්) වාචසිකව්යතික්රමයෙක්, කායිකවාචසිකව්යතික්රමයෙක් වේ ද, මේ ‘ශීලවිපත්’ යයි කියනු ලැබේ. හැම දුසිල් බව ශීලවිපත් වේ.
තත්ථ කතමා දිට්ඨිවිපත්ති: නත්ථි දින්නං නත්ථි යිට්ඨං -පෙ- යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා දිට්ඨි දිට්ඨිගතං -පෙ- විපරියෙසගාහො, අයං වුච්චති දිට්ඨිවිපත්ති සබ්බාපි මිච්ඡාදිට්ඨි දිට්ඨිවිපත්ති.
එහි දෘෂ්ටිවිපත් කවර යත්: දුන් දැයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත ... යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් ඔහු නැතැ යි යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ‘දෘෂ්ටිවිපතැ’ යි කියනු ලැබේ. හැම මිථ්‍යාදෘෂ්ටිය දෘෂ්ටිවිපති.
912. තත්ථ කතමං අජ්ඣත්තසංයොජනං: පඤ්චොරම්භාගියානි සංයොජනානි අජ්ඣත්තසංයොජනං. පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි බහිද්ධාසංයොජනං.
912. එහි අධ්‍යාත්මසංයෝජන කවරෙ යත්: ඕරම්භාගියසංයෝජන පස අධ්‍යාත්ම සංයෝජන ය, උද්ධම්භාගියසංයෝජන පස වාහ්යසංයෝජන යි.