එකකං
847. තත්‍ථ කතමො ජාතිමදො: ජාතිං පටිච‍්ච මදො මජ‍්ජනා මජ‍්ජිතත‍්තං මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති ජාතිමදො.
847. එහි ජාතිමද කවරෙ යත්: ජාතිය නිසා මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානනාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘ජාතිමද’ යි කියනු ලැබේ.
848. තත්‍ථ කතමො ගොත‍්තමදො: ගොත‍්තං පටිච‍්ච -පෙ- ආරොග්‍යං පටිච‍්ච -පෙ- යොබ‍්බනං පටිච‍්ච -පෙ- ජීවිතං පටිච‍්ච -පෙ- ලාභං පටිච‍්ච -පෙ- සක‍්කාරං පටිච‍්ච -පෙ- ගරුකාරං පටිච‍්ච -පෙ- පුරෙක‍්ඛාරං පටිච‍්ච -පෙ- පරිවාරං පටිච‍්ච -පෙ- භොගං පටිච‍්ච -පෙ- වණ‍්ණං පටිච‍්ච -පෙ- සුතං පටිච‍්ච -පෙ- පටිභානං පටිච‍්ච -පෙ- රත‍්තඤ‍්ඤුතං පටිච‍්ච -පෙ- පිණ‍්ඩපාතිකත‍්තං පටිච‍්ච -පෙ- අනවඤ‍්ඤත‍්තිං පටිච‍්ච -පෙ- ඉරියාපථං පටිච‍්ච -පෙ- ඉද‍්ධිං පටිච‍්ච -පෙ- යසං පටිච‍්ච -පෙ- සීලං පටිච‍්ච -පෙ- ඣානං පටිච‍්ච -පෙ- සිප‍්පං පටිච‍්ච -පෙ- ආරොහං පටිච‍්ච -පෙ- පරිණාහං පටිච‍්ච -පෙ- සණ‍්ඨානං පටිච‍්ච -පෙ- පාරිපූරිං පටිච‍්ච මදො මජ‍්ජනා මජ‍්ජිතත‍්තං මානො මඤ‍්ඤා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස අයං වුච‍්චති පාරිපූරිමදො.
848. එහි ගොත්‍රමද කවරෙ යත්: ගෝත්‍රය නිසා ... ආරෝග්‍යය නිසා ... යෞවනය නිසා ... ජීවිතය නිසා ... ලාභය නිසා ... සත්කාරය නිසා ... ගරුකාරය නිසා ... පුරස්කාරය නිසා ... පිරිවර නිසා ... භෝගය නිසා ... වර්‍ණය නිසා ... ශ්‍රැතය නිසා ... ප්‍රතිභානය නිසා ... රාත්‍රඥතාව නිසා ... පිණ්ඩපාතික බව නිසා ... අවඥා නො කිරීම නිසා ... ඊර්‍ය්‍යාපථය නිසා ... ඍද්ධිය නිසා ... යශස නිසා ... ශීලය නිසා ... ධ්‍යානය නිසා ... ශිල්පය නිසා ... ආරෝහය නිසා ... පරිණාහය නිසා ... සටහන නිසා ... පරිපූර්‍ණ බව නිසා මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානනාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘පාරිපූරීමද’ යි කියනු ලැබේ.
849. තත්‍ථ කතමො මදො: යො මදො මජ‍්ජනා මජ‍්ජිතත‍්තං මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති මදො.
849. එහි මද කවරෙ යත්: යම් මදයෙක් මත් අයුරෙක් මත් වූ බවෙක් මානයෙක් මානාකාරයෙක් මානය කළ බවෙක් උන්නතියෙක් උන්නාමයෙක් ධ්වජයෙක් සම්ප්‍රග්‍රාහයෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මද’ යි කියනු ලැබේ.
850. තත්‍ථ කතමො පමාදො: කායදුච‍්චරිතෙ වා වචීදුච‍්චරිතෙ වා මනො දුච‍්චරිතෙ වා පඤ‍්චසු වා කාමගුණෙසු චිත‍්තස‍්ස වොස‍්සග‍්ගො වොස‍්සග‍්ගානුප‍්පාදානං කුසලානං වා ධම‍්මානං භාවනාය අසක‍්කච‍්චකිරියතා අසාතච‍්චකිරියතා අනට‍්ඨිතකිරියතා ඔලීනවුත‍්තිතා නික‍්ඛිත‍්තඡන්‍දතා නික‍්ඛිත‍්තධූරතා අනාසෙවනා අභාවනා අබහුලීකම‍්මං අනධිට‍්ඨානං අනනුයොගො පමාදො. යො එවරූපො පමාදො පමජ‍්ජනා පමජ‍්ජිතත‍්තං. අයං වුච‍්චති පමාදො.
850. එහි ප්‍රමාද කවරෙ යත්: කායදුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පඤ්චකාමගුණයෙහි හෝ චිත්තයාගේ විසර්‍ජනයෙක් පුන පුනා විසර්‍ජනයෙක්, කුශලධර්‍මයන්ගේ වැඩීම පිණිස නො සකසා කරන බවෙක් සාතත්‍යක්‍රියා රහිත බවෙක් අනවස්ථිතක්‍රියා බවෙක් හැකුළුණු පැවැතුම් ඇති බවෙක් බහා තැබූ වීර්‍ය්‍ය ඡන්‍දය ඇති බවෙක් බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් අනාසේවනයෙක් අභාවනයෙක් බහුල නො කිරීමෙක් නො පිහිටීමෙක් අනුයෝග රහිත වීමෙක් ප්‍රමාදයෙක් වේ ද, යම් මෙබඳු ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමත්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රමාද’ යි කියනු ලැබේ.
851. තත්‍ථ කතමො ථම‍්භො: යො ථම‍්භො ථම‍්භනා ථම‍්භිතත‍්තං කක‍්ඛළියං ඵාරුසියං උජුචිත‍්තතා අමුදුතා, අයං වුච‍්චති ථම‍්භො.
851. එහි ස්තම්භ කවරෙ යත්: යම් ස්තම්භයෙක්, තද ඇයුරෙක්, තද වූ බවෙක්, කර්‍කශ බවෙක්, පරුෂ බවෙක්, (අභිවාදනාදියෙහි) නො නැමෙන සිත් ඇති බවෙක්, මෘදු නො වන බවෙක් වේ ද, මේ ‘ස්තම්භ’ යි කියනු ලැබේ.
852. තත්‍ථ කතමො සාරම‍්භො: යො සාරම‍්භො පටිසාරම‍්භො සාරම‍්භනා පටිසාරම‍්භනා පටිසාරම‍්භිතත‍්තං, අයං වුච‍්චති සාරම‍්භො.
852. එහි සාරම්භ කවරෙ යත්: යම් කරණොත්තරකරණයෙක්, ප්‍රතිසාරම්භයෙක්, සාරම්භාකාරයෙක්, ප්‍රතිසාරම්භාකාරයෙක්, ප්‍රතිසාරම්භ කළ බවෙක් වේ ද, මේ ‘සාරම්භ’ යි කියනු ලැබේ
853. තත්‍ථ කතමා අත්‍රිච‍්ඡතා: ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි පඤ‍්චහි වා කාමගුණෙහි අසන‍්තුට‍්ඨස‍්ස භිය්‍යොකම‍්ම්‍යතා යා එවරූපා ඉච‍්ඡා ඉච‍්ඡාගතං අත්‍රිච‍්ඡතා රාගො සාරාගො අනුනයො අනුරොධො නන්‍දි නන්‍දිරාගො චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති අත්‍රිච‍්ඡතා.
853. එහි අත්‍රිච්ඡතා කවර යත්: යම්කිසි සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස - බෙහෙත්පිරිකරින් හෝ පස්කම්ගුණෙන් හෝ නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බවෙක් වේ ද, යම් මෙබඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, අතිශයින් කැමැති බවෙක්, රාගයෙක්, සාරාගයෙක්, අනූනයෙක්, අනුරෝධයෙක්, නන්‍දියෙක්, නන්‍දිරාගයෙක්, චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අත්‍රිච්ඡතා’ යි කියනු ලැබේ.
854. තත්‍ථ කතමා මහිච‍්ඡතා: ඉතරීතරචීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානප‍්පච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි පඤ‍්චහි වා කාමගුණෙහි අසන‍්තුට‍්ඨස‍්ස භිය්‍යොකම්‍යතා, යා එවරූපා ඉච‍්ඡා ඉච‍්ඡාගතං මහිච‍්ඡතා රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති මහිච‍්ඡතා.
854. එහි මහිච්ඡතා කවර යත්: යම්කිසි සිවුරු - පිඬුවා - සෙනසුන් - ගිලන්පස - බෙහෙත්පිරිකරින් නො සතුටු වූවහුගේ බොහෝ කැමැති බවෙක් වේ ද, යම් මෙබඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, මහේච්ඡ බවෙක්, රාගයෙක්. බලවත් රාගයෙක්, ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘මහිච්ඡතා’ යි කියනු ලැබේ.
855. තත්‍ථ කතමා පාපිච‍්ඡතා: ඉධෙකච‍්චො අස‍්සද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූති ඉච‍්ඡති, දුස‍්සීලො සමානො සීලවාති මං ජනො ජානාතූති ඉච‍්ඡති, අප‍්පස‍්සුතො සමානො බහුස‍්සුතොති මං ජනො ජානාතූති ඉච‍්ඡති, සඞ‍්ගණිකාරාමො සමානො පවිවිත‍්තොති මං ජනො ජානාතූති ඉච‍්ඡති, කුසීතො සමානො ආරද‍්ධවිරියොති මං ජනො ජානාතූති ඉච‍්ඡති, මුට‍්ඨස‍්සති සමානො උපට‍්ඨිතසතීති මං ජනො ජානාතූති ඉච‍්ඡති, අසමාහිතො සමානො සමාහිතොති මං ජනො ජානාතූති ඉච‍්ඡති. දුප‍්පඤ‍්ඤො සමානො පඤ‍්ඤවාති මං ජනො ජානාතූති ඉච‍්ඡති. අඛීණාසවො සමානො ඛීණාසවොති මං ජනො ජානාතූති ඉච‍්ඡති. යා එවරූපා ඉච‍්ඡා ඉච‍්ඡාගතං පාපිච‍්ඡතා රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති පාපිච‍්ඡතා.
855. එහි පාපිච්ඡතා කවර යත්: මෙලොව ඇතැමෙක් ශ්‍රද්ධා රහිත වූයේ ම, ශ්‍රද්ධා ඇතියෙකැ යි ජන තෙම මා දනී ව යි කැමැති වෙ යි. දුශ්ශීල වූයේ ම, සිල්වතෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. අල්පශ්‍රැත වූයේ ම බහුශ්‍රැතයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. ගණයා කෙරෙහි ඇලුණේ ම විවික්තයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. කුසීත වූයේ ම රුකුළුවැර ඇතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. මුළාසී ඇතියේ ම එළඹසිටිසිහි ඇතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. අසමාහිත වූයේ ම සමාහිතයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. නුවණ නැතියෙක් වූයේ ම නුවණැතියෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. ක්‍ෂීණාස්‍රව නො වූයේ ම ක්‍ෂීණාස්‍රවයෙකැ යි ජන තෙම මා දනීව යි කැමැති වෙයි. යම් මෙ බඳු ඉච්ඡායෙක්, ඉච්ඡාගතයෙක්, පාපේච්ඡ බවෙක්, රාගයෙක්, බලවත් රාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘පාපිච්ඡතා’ යි කියනු ලැබේ.
856. තත්‍ථ කතමං සිඞ‍්ගං: යං සිඞ‍්ගං සිඞ‍්ගාරතා චතුරතා චාතුරියං පරික‍්ඛත‍්තතා පාරික‍්ඛත‍්තියං, ඉදං වුච‍්චති සිඞ‍්ගං.
856. එහි ශෘඞ්ග කවරෙ යත්: යම් ක්ලේශශෘඞ්ගයෙක් ශෘඞ්ගාර (නාගරික) බවෙක් චතුර බවෙක් චාතුර්‍ය්‍යයෙක් දැඩි ශෘඞ්ගාර බවෙක් බලවත් ශෘඞ්ගාර බවෙක් වේ ද, මේ ‘ශෘඞ්ගය’ යි කියනු ලැබේ.
857. තත්‍ථ කතමං තින‍්තිනං: යං තින‍්තිනං තින‍්තිනායනා තින‍්තිනායිතත‍්තං ලොලුප‍්පං ලොලුප‍්පායනා ලොලුප‍්පායිතත‍්තං පුච‍්ඡඤ‍්චිකතා සාදුකම්‍යතා, ඉදං වුච‍්චති තින‍්තිනං.
857. එහි තින්තින කවරෙ යත්: යම් කෙඳිරියක්, කොඳුරන අයුරෙක් කොඳුළ බවෙක්, ලොල් බවෙක්, ලොල් අයුරෙක්, ලොල් කළ බවෙක්, නඟුට සලන බවෙක් මිහිරි කැමැති බවෙක් වේ ද, මේ ‘තින්තින’ යි කියනු ලැබේ.
858. තත්‍ථ කතමං චාපය්‍යං: චීවරමණ‍්ඩනා පත‍්තමණ‍්ඩනා සෙනාසනමණ‍්ඩනා ඉමස‍්ස වා පූතිකායස‍්ස බාහිරානං වා පරික‍්ඛාරානං මණ‍්ඩනා විභූසනා කෙලායනා පරිකෙලායනා ගෙධිකතා ගෙධිකත‍්තං චපලතා චාපල්‍යං, ඉදං වුච‍්චති චාපල්‍යං.
858. එහි චපල බව කවරෙ යත්: සිවුරු සැරසීමෙක්, පාත්‍ර සැරසීමෙක්, සෙනසුන් සැරසීමෙක්, මේ පූතිකායයාගේ හෝ බාහිරපරිෂ්කාරයන්ගේ හෝ සැරසීමෙක් විභූෂණයෙක්, නැළවීමෙක්, හාත්පසින් නැළවීමෙක්, ගිජු බවෙක්, චපලබවෙක්, චාපල්‍යයෙක් වේ ද, මේ ‘චපල බව’ යි කියනු ලැබේ.
859. තත්‍ථ කතමා අසභාගවුත‍්ති: මාතරි වා පිතරි වා ජෙට‍්ඨෙ වා කනිට‍්ඨෙ වා භාතරි ආචරියෙසු වා උපජ‍්ඣායෙ වා බුද‍්ධෙ වා සාවකෙසු වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු ගරුට‍්ඨානීයෙසු විප‍්පටිකූලගාහිතා විපච‍්චනිකසාතතා අනාදරියං අනාදරතා අගාරවතා අප‍්පතිස‍්සවතා, අයං වුච‍්චති අසභාගවුත‍්ති.
859. එහි අසභාගවෘත්ති කවර යත්: මව කෙරෙහි හෝ පියා කෙරෙහි හෝ දෙටු බෑයා කෙරෙහි හෝ කනිටු බෑයා කෙරෙහි හෝ ආචාර්‍ය්‍යයන් කෙරෙහි හෝ උපාධ්‍යායයා කෙරෙහි හෝ බුදුන් කෙරෙහි හෝ බුදුසව්වන් කෙරෙහි හෝ අන්‍යතරාන්‍යතර ගරුස්ථානයන්හි විලෝමග්‍රාහයෙක් විරුද්ධකරණයෙන් සුඛිතවන අයුරෙක් අනාදර බවෙක් අනාදරත්‍වයෙක් අගෞරව බවෙක් දෙටු කොට නො ගැන්මෙක් වේ ද, මේ ‘අසභාගවෘත්ති’ යයි කියනු ලැබේ.
860. තත්‍ථ කතමා අරති: පන‍්තෙසු වා සෙනාසනෙසු අඤ‍්ඤතරඤ‍්ඤතරෙසු වා අධිකුසලෙසු ධම‍්මෙසු අරති අරතිතා අනභිරති අනභිරමනා උක‍්කණ‍්ඨිතා පරතස‍්සිතා, අයං වුච‍්චති අරති.
860. එහි අරති කවර යත්: ප්‍රාන්තසේනාසනයන්හි හෝ අන්‍යතරාන්‍යතර අධිකුශලධර්‍මයන්හි හෝ යම් නො ඇල්මෙක් නො ඇලෙන අයුරෙක් අනභිරතියෙක් අනභිරමණයෙක් උකටලී බවෙක් උද්වේගයෙක් වේ ද, මේ ‘අරති’ යයි කියනු ලැබේ.
861. තත්‍ථ කතමා තන්‍දි: යා තන්‍දි තන්‍දියනා තන්‍දිමනකතා ආලස්‍යං ආලස්‍යායනා ආලස්‍යායිතත‍්තං, අයං වුච‍්චති තන්‍දි.
861. එහි තන්‍දි කවර යත්: යම් මැලිවීමෙක් මැලි අයුරෙක් මැලි සිත් ඇති බවෙක් අලස බවෙක් අලස අයුරෙක් අලස වූ බවෙක් වේ ද, මේ ‘තන්‍දි’ යයි කියනු ලැබේ.
862. තත්‍ථ කතමා විජම‍්භිකා: යා කායස‍්ස ජම‍්භනා විජම‍්භනා ආනමනා විනමනා සන‍්නමනා පනමනා ව්‍යාධියකං, අයං වුච‍්චති විජම‍්භිකා.
862. එහි විජම්බිකා කවර යත්: ශරීරයාගේ යම් ජෘම්භණයෙක් විජෘම්බණයෙක් ඉදිරියට නැමීමෙක් පස්සට නැමීමෙක් හාත්පසැ නැමීමෙක් නඟාසිටුවීමෙක් ගිලන් බවෙක් වේ ද, මේ ‘විජම්භිකා’ යි කියනු ලැබේ.
863. තත්‍ථ කතමො භත‍්තසම‍්මදො: යා භුත‍්තාවිස‍්ස භත‍්තමුච‍්ඡා භත‍්තකිලමථො භත‍්තපරිලාහො කායදුට‍්ඨුල‍්ලං, අයං වුච‍්චති භත‍්තසම‍්මදො.
863. එහි භත්තසම්මද කවරෙ යත්: වැළඳුවහුට යම් භක්තමූර්ඡායෙක් භක්තක්ලමථුයෙක් භක්තපරිදාහයෙක් කය පිළිබඳ අකර්‍මණ්‍ය බවෙක් වේ ද, මේ ‘භත්තසම්මද’ යි කියනු ලැබේ.
864. තත්‍ථ කතමං චෙතසො ච ලීනත‍්තං: යා චිත‍්තස‍්ස අකල‍්ලතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනං ලීයනා ලීයිතත‍්තං ථිනං ථියනා ථියිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති චෙතසො ච ලීනත‍්තං.
864. එහි චිත්තයාගේ ලීනත්‍වය කවරෙ යත්: චිත්තයාගේ යම් අකල්‍ය බවෙක්, අකර්‍මණ්‍ය බවෙක්, එලෙන බවෙක්, හාත්පසින් එලෙන බවෙක්, හැකිළීමෙක්, හැකිළෙන අයුරෙක්, හැකුළුණු බවෙක්, සිත පිළිබඳ තද වීමෙක්, තද අයුරෙක්, තද බවෙක් වේ ද, මේ ‘චිත්තයාගේ ලීනත්‍වය’ යි කියනු ලැබේ.
865. තත්‍ථ කතමා කුහනා: ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස පච‍්චයපටිසෙධනසඞ‍්ඛාතෙන වා සාමන‍්තජප‍්පිතෙන වා ඉරියාපථස‍්ස වා අට‍්ඨපනා ඨපනා සණ‍්ඨපනා භාකුටිතා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං, අයං වුච‍්චති කුහනා.
865. එහි කුහනා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ, පාපේච්ඡ වූ, (අසද්ගුණ ප්‍රකාශ කරනු කැමැති) ආශායෙන් මඩනා ලද්දහුගේ ප්‍රත්‍යයප්‍රතිෂෙධනය යි කියන ලද කොහොන්වතින් හෝ සාමන්තජල්පනයෙන් හෝ ඊර්‍ය්‍යාපථයාගේ හෝ ආදියෙහි තැබීමෙක් තබන අයුරෙක් මොනොවට තැබීමෙක් මුහුණ හකුළුවන බවෙක් මුහුණ හකුළන අයුරෙක් විස්මය කරවීමෙක් විස්මය පැවැත්වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ ‘කුහනා’ යි කියනු ලැබේ.
866. තත්‍ථ කතමා ලපනා: ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස යා පරෙසං ආලපනා ලපනා සල‍්ලපනා උල‍්ලපනා සමුල‍්ලපනා උන‍්නහනා සමුන‍්නහනා උක‍්කාචනා සමුක‍්කාචනා අනුප‍්පියභාණිතා චාටුකම්‍යතා මුග‍්ගසුප‍්ප්‍යතා පාරිභට‍්ටතා, අයං වුච‍්චති ලපනා.
866. එහි ලපනා කවර යත්: ලාභසත්කාර කීර්තිප්‍රශංසා ඇසුරු කළ පවිටු අදහස් ඇති ආශායෙන් මඩනා ලද්දහුගේ පරාහට යම් පළමු කොට බිණීමෙක්, මනා කොට බිණීමෙක්, උසස් කොට බිණීමෙක්, හාත්පසින් උසස් කොට බිණීමෙක්, මතුමත්තෙහි බැඳීමෙක්, හාත්පසින් මතුමත්තෙහි බැඳීමෙක්, උස් කොට හැඟැවීමෙක්, හාත්පසින් උස් කොට හැඟැවීමෙක්, ප්‍රිය තෙපුල් බිණීමෙක්, යටත් ව පවත්නා බවෙක්, මුද්ගසූපය වැනි බවෙක්, දරුවන් වඩන බවෙක් වේ ද, මේ ‘ලපනා’ යි කියනු ලැබේ.
867. තත්‍ථ කතමා නෙමිත‍්තිකතා: ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස යං පරෙසං නිමිත‍්තං නිමිත‍්තකම‍්මං ඔභාසො ඔභාසකම‍්මං සාමන‍්තජප‍්පා පරිකථා, අයං වුච‍්චති නෙමිත‍්තිකතා.
867. එහි නෛමිත්තිකතා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ පවිටු අදහස් ඇති ආශායෙන් මඩනා ලද්දහුගේ මෙරමාහට යම් නිමිති කරන බවෙක් නිමිති කිරීමෙක් පහළ කිරීමෙක් පහළ කරන ක්‍රියායෙක් සමීප කොට බිණීමෙක් පර්‍ය්‍යාය තෙපුලෙක් වේ ද, මේ ‘නෙමිත්තිකතා’ යි කියනු ලැබේ.
868. තත්‍ථ කතමා නිප‍්පෙසිකතා: ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්ස පාපිච‍්ඡස‍්ස ඉච‍්ඡාපකතස‍්ස යා පරෙසං අක‍්කොසනා වම‍්භනා ගරහනා උක‍්ඛෙපනා සමුක‍්ඛෙපනා ඛිපනා සංඛිපනා පාපනා සම‍්පාපනා අවණ‍්ණාහාරිකා පරපිට‍්ඨිමංසිකතා, අයං වුච‍්චති නිප‍්පෙසිකතා.
868. එහි නිප්පෙසිකතා කවර යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කළ, පවිටු අදහස් ඇති, ආශායෙන් මඩනා ලද්දහුගේ මෙරමාහට යම් ආක්‍රෝශ කිරීමෙක්, පරිභව කිරීමෙක්, ගර්‍හා කිරීමෙක්, උස් කොට බිණීමෙක්, හාත්පසින් උස් කොට බිණීමෙක්, සිනහ කිරීමෙක්, හාත්පසින් සිනහ කිරීමෙක්, පැමිණවීමෙක්, හාත්පසින් පැමිණවීමෙක්, නුගුණ එළවන බවෙක්, මෙරමාපිටුමස් කනසුලු බවෙක් වේ ද, මේ ‘නිප්පෙසිකතා’ යි කියනු ලැබේ.
869. තත්‍ථ කතමා ලාභෙන ලාභං නිජිගිංසනතා: ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො ඉතො ලද‍්ධං ආමිසං අමුත්‍ර හරති, අමුත්‍ර වා ලද‍්ධං ආමිසං ඉධ ආහරති, යා එවරූපා ආමිසෙන ආමිසස‍්ස එට‍්ඨි ගවෙට‍්ඨි පරියෙට‍්ඨි එසනා ගවෙසනා පරියෙසනා, අයං වුච‍්චති ලාභෙන ලාභං නිජිගිංසනතා.
869. එහි ලාභයෙන් ලාභය සෙවීම කවරෙ යත්: ලාභසත්කාරප්‍රශංසා ඇසුරු කෙළේ, පවිටු අදහස් ඇතියේ, ආශායෙන් මඩනා ලදුයේ, මෙගෙන් ලද ආමිෂය එගෙට ගෙනයේ ද, එගෙන් ලද ආමිෂය හෝ මෙගෙට ගෙන ඒ ද, මෙබඳු වූ යම් ආමිෂයෙන් ආමිෂය කැමැතිවීමෙක්, සෙවීමෙක්, නැවත නැවත සෙවීමෙක්, ඒෂණයෙක්, ගවේෂණයෙක්, පර්‍ය්‍යෙෂණයෙක් වේ ද, මේ ‘ලාභයෙන් ලාභය සෙවීම’ යි කියනු ලැබේ.
870. තත්‍ථ කතමො සෙය්‍යොහමස‍්මීති මානො: ඉධෙකච‍්චො ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා මානං ජප‍්පෙති, යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස අයං වුච‍්චති සෙය්‍යොහමස‍්මීති මානො.
870. එහි මම උසස්මි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උස් කොට තැබීමෙක්, මානධ්වජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම උසස්මි යන මානය’ යි කියනු ලැබේ.
871. තත්‍ථ කතමො සදිසොහමස‍්මීති මානො: ඉධෙකච‍්චො ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා මානං ජප‍්පෙති, යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති සදිසො’හමස‍්මීති මානො.
871. එහි මම් සදෘශයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුවෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උසස් කොට තැබීමෙක්, මානධ්වජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
872. තත්‍ථ කතමො හීනොහමස‍්මීති මානො: ඉධෙකච‍්චො ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතනෙ වත්‍ථුනා ඔමානං ජප‍්පෙති, යො එවරූපො ඔමානො ඔමඤ‍්ඤනා ඔමඤ‍්ඤිතත‍්තං හීළනා ඔහීළනා ඔහීළිතත‍්තං අත‍්තුඤ‍්ඤා අත‍්තවඤ‍්ඤා අත‍්තපරිභවො, අයං වුච‍්චති හීනො’හමස‍්මීති මානො.
872. එහි මම හීනයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍ර භාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුවෙකින් අවමානය කෙරෙයි. යම් මෙබඳු වූ හීනමානයෙක්, අවමානාකාරයෙක්, අවමන් කළ බවෙක්, තමහට ගැරහීමෙක්, අධිකව ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීනකොට සැලැකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම හීනයෙමි මානය’ යි කියනු ලැබේ.
873. තත්‍ථ කතමො සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො: ඉධෙකච‍්චො සෙය්‍යො හොති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි සෙය්‍යං අත‍්තානං දහති. සො තං නිස‍්සාය මානං ජප‍්පෙති, යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති සෙය්‍යස‍්ස සෙය්‍යෙ’හමස‍්මීති මානො.
873. එහි මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යාවෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම පරහට වඩා තමා උසස් කොට තබයි. හේ එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
874. තත්‍ථ කතමො සෙය්‍යස‍්ස සදිසො’හමස‍්මීති මානො: ඉධෙකච‍්චො සෙය්‍යො හොති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි සදිසං අත‍්තානං දහති. සො තං නිස‍්සාය මානං ජප‍්පෙති. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති සෙය්‍යස‍්ස සදිසො’හමස‍්මීති මානො.
874. එහි ‘මම ශ්‍රේෂ්ඨයහට ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මානය’ කවරෙ යත්: මෙලොවැ ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම තමා මෙරමා හා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු වූ මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම ශ්‍රේෂ්ඨයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
875. තත්‍ථ කතමො සෙය්‍යස‍්ස හීනො’හමස‍්මීති මානො: ඉධෙකච‍්චො සෙය්‍යො හොති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි හීනං අත‍්තානං දහති. සො තං නිස‍්සාය ඔමානං ජප‍්පෙති. යො එවරූපො ඔමානො ඔමඤ‍්ඤනා ඔමඤ‍්ඤිතත‍්තං හීළනා ඔහීළනා ඔහීළිතත‍්තං අත‍්තුඤ‍්ඤා අත‍්තවඤ‍්ඤා අත‍්තපරිභවො, අයං වුච‍්චති සෙය්‍යස‍්ස හීනො’හමස‍්මීති මානො.
875. එහි ‘මම ශ්‍රේෂ්ඨයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් ශ්‍රේෂ්ඨ වේ ද, හෙතෙම මෙරමා කෙරෙන් තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමන් කළ බවෙක්, තමහට ගැරහීමෙක්, අධිකව ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක් තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් ශ්‍රේෂ්ඨයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
876. තත්‍ථ කතමො සදිසස‍්ස සෙය්‍යො’හමස‍්මීති මානො: ඉධෙකචෙචා සදිසො හොති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි සෙය්‍යං අත‍්තානං දහති. සො තං නිස‍්සාය මානං ජප‍්පෙති. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං -පෙ- කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති සදිසස‍්ස සෙය්‍යො’හමස‍්මීති මානො.
876. එහි ‘මම් සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමාහට වඩා තමා ශ්‍රේෂ්ඨ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
877. තත්‍ථ කතමො සදිසස‍්ස සදිසො’හමස‍්මීති මානො: ඉධෙකච‍්චො සදිසො හොති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි සදිසං අත‍්තානං දහති. සො තං නිස‍්සාය මානං ජප‍්පෙති. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං -පෙ- කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති සදිසස‍්ස සදිසො’හමස‍්මීති මානො.
877. එහි ‘මම් සදෘශයහට සදෘශයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමා හා තමා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
878. තත්‍ථ කතමො සදිසස‍්ස’හීනොහමස‍්මීති මානො: ඉධෙකච‍්චො සදිසො හොති ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි හීනං අත‍්තානං දහති. සො තං නිස‍්සාය ඔමානං ජප‍්පෙති. යො එවරූපො ඔමානො ඔමඤ‍්ඤනා ඔමඤ‍්ඤිතත‍්තං හීළනා ඔහීළනා ඔහීළිතත‍්තං අත‍්තුඤ‍්ඤා අත‍්තවඤ‍්ඤා අත‍්තපරිභවො, අයං වුච‍්චති සදිසස‍්ස හීනො’හමස‍්මීති මානො.
878. එහි ‘මම් සදෘශයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් සදෘශ වූයේ වේ ද, හෙතෙම මෙරමාහට වඩා තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා තමහට අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක්, ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් සදෘශයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
879. තත්‍ථ කතමො හීනස‍්ස සෙය්‍යෙ’හමස‍්මීති මානො: ඉධෙකච‍්චො හීනො හොති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි සෙය්‍යං අත‍්තානං දහති. සො තං නිස‍්සාය මානං ජප‍්පෙති. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං -පෙ- කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති හීනස‍්ස සෙය්‍යො’හමස‍්මීති මානො.
879. එහි ‘මම් හීනයහට ශ්‍රේෂ්ඨයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම පරහට වඩා තමා ශ්‍රේෂ්ඨ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් හීනයහට ශ්‍රේෂ්ඨයෙමි යන මානය’ යි කියනු ලැබේ.
880. තත්‍ථ කතමො හීනස‍්ස සදිසො’හමස‍්මීති මානො: ඉධෙකච‍්චො හීනො හොති, ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි සදිසං අත‍්තානං දහති. සො තං නිස‍්සාය මානං ජප‍්පෙති. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං -පෙ- කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති හීනස‍්ස සදිසො’හමස‍්මීති මානො.
880. එහි ‘මම් හීනයනට සදෘශයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම මෙරමා හා තමා සදෘශ කෙරෙයි. හෙතෙම එනිසා මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මම් හීනයහට සදෘශයෙමි යන මානය’ යි කියනු ලැබේ.
881. තත්‍ථ කතමො හීනස‍්ස හීනො’හමස‍්මීති මානො: ඉධෙකච‍්චො හීනො හොති ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි හීනං අත‍්තානං දහති. සො තං නිස‍්සාය ඔමානං ජප‍්පෙති. යො එවරූපො ඔමානො ඔමඤ‍්ඤනා ඔමඤ‍්ඤිතත‍්තං හීළනා ඔහීළනා ඔහීළිතත‍්තං අත‍්තුඤ‍්ඤා අත‍්තවඤ‍්ඤා අත‍්තපරිභවො, අයං වුච‍්චති හීනස‍්ස හීනො’හමස‍්මීති මානො.
881. එහි ‘මම් හීනයහට හීනයෙමි’ යන මානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් හීන වූයේ වේ ද, හෙතෙම මෙරමා කෙරෙන් තමා හීන කෙරෙයි. හෙතෙම එනිසා අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක් ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගර්හිත බවෙක්, තමා පහත්කොට සැලකීමෙක්, තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභවයෙක් වේ ද, මේ ‘මම් හීනයහට හීනයෙමි යන මානය’ යි කියනු ලැබේ.
882. තත්‍ථ කතමො මානො: යො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති මානො.
882. එහි මානය කවරෙ යත්: යම් මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මානය’ යි කියනු ලැබේ.
883. තත්‍ථ කතමො අතිමානො: ඉධෙකච‍්චො ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පරෙහි අත‍්තානං අතිමඤ‍්ඤති. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං -පෙ- කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති අතිමානො.
883. එහි අතිමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් මෙරමාහට වඩා තමා උසස් කොට සිතයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අතිමානය’ යි කියනු ලැබේ.
884. තත්‍ථ කතමො මානාතිමානො: ඉධෙකච‍්චො ජාතියා වා ගොත‍්තෙන වා -පෙ- අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා පුබ‍්බකාලං පරෙහි සදිසං අත‍්තානං දහති. අපරකාලං අත‍්තානං සෙය්‍යං දහති. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං -පෙ- කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති මානාතිමානො.
884. එහි මානාතිමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ ... අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් පූර්‍වකාලයෙහි මෙරමා හා සදෘශ කොට තමා තබයි. අපරකාලයෙහි තමා ශ්‍රේෂ්ඨ කොට තබයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක් ... චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මානාතිමානය’ යි කියනු ලැබේ.
885. තත්‍ථ කතමො ඔමානො: ඉධෙකච‍්චො ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා ඔමානං ජප‍්පෙති. යො එවරූපො ඔමානො ඔමඤ‍්ඤනා ඔමඤ‍්ඤිතත‍්තං හීළනා ඔහීළනා ඔහීළිතත‍්තං අත‍්තුඤ‍්ඤා අත‍්තවඤ‍්ඤා අත‍්තපරිභවො, අයං වුච‍්චති ඔමානො.
885. එහි ඔමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් තමහට අවමානය කෙරෙයි. යම් මෙබඳු අවමානයෙක්, අවමානාකාරයෙක්, අවමානය කළ බවෙක්, ගැරහීමෙක්, අධිමාත්‍ර ගැරහීමෙක්, ගැරහූ බවෙක්, තමා හීන කොට සැලකීමෙක් තමහට අවඥා කිරීමෙක්, තමහට පරිභව කිරීමෙක් වේ ද, මේ ‘ඔමානය’ යි කියනු ලැබේ.
886. තත්‍ථ කතමො අධිමානො: අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤිතා අකතෙ කතසඤ‍්ඤිතා අනධිගතෙ අධිගතසඤ‍්ඤිතා අසච‍්ඡිකතෙ සච‍්ඡිකතසඤ‍්ඤිතා, යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති අධිමානො.
886. එහි අධිමානය කවරෙ යත්: නො පැමිණියේ (සිව්සස්) හි පැමිණි සංඥා ඇති බව ය, නො කළ (මාර්‍ග) කෘත්‍යයෙහි කළ සංඥා ඇති බව ය, අවබෝධ නො කළ (සිව්සස්) දහම් හි අවබෝධ කළ සංඥා ඇති බව ය, ප්‍රත්‍යක්‍ෂ නො කළ දැයෙහි ප්‍රත්‍යක්‍ෂ කරන ලදැයි සංඥා ඇති බව යි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අධිමානය’ යි කියනු ලැබේ.
887. තත්‍ථ කතමො අස‍්මිමානො: රූපං අස‍්මීති මානො, අස‍්මීති ඡන්‍දො, අස‍්මීති අනුසයො, වෙදනා -පෙ- සඤ‍්ඤා -පෙ- සඞ‍්ඛාරා -පෙ- විඤ‍්ඤාණං අස‍්මීති මානො, අස‍්මීති ඡන්‍දො, අස‍්මීති අනුසයො. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති අස‍්මිමානො.
887. එහි අස්මිමානය කවරෙ යත්: රූපයෙමි මාන ය, රූපයෙමි ඡන්‍ද ය, රූපයෙමි අනුශය ය, වේදනායෙමි ... සංඥායෙමි ... සංස්කාරයෙමි ... විඥානයෙමි මානය, විඥානයෙමි ඡන්‍දය, විඥානයෙමි අනුශය යි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක්, සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘අස්මිමානය’ යි කියනු ලැබේ.
888. තත්‍ථ කතමො මිච‍්ඡාමානො: ඉධෙකච‍්චො පාපකෙන වා කම‍්මායතනෙන පාපකෙන වා සිප‍්පායතනෙන පාපකෙන වා විජ‍්ජාට‍්ඨානෙන පාපකෙන වා සුතෙන පාපකෙන වා පටිභානෙන පාපකෙන වා සීලෙන පාපකෙන වා වතෙන පාපකෙන වා සීලබ‍්බතෙන පාපිකාය වා දිට‍්ඨියා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා මානං ජප‍්පෙති. යො එවරූපො මානො මඤ‍්ඤනා මඤ‍්ඤිතත‍්තං උන‍්නති උන‍්නාමො ධජො සම‍්පග‍්ගාහො කෙතුකම්‍යතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති මිච‍්ඡාමානො.
888. එහි මිථ්‍යාමානය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ලාමක වූ කර්‍මායතනයෙකින් හෝ ලාමක වූ ශිල්පායතනයෙකින් හෝ ලාමක වූ විද්‍යායෙකින් හෝ ලාමක වූ ශ්‍රැතයෙන් හෝ ලාමක වූ ප්‍රතිභානයෙන් හෝ ලාමක වූ ශීලයෙන් හෝ, ලාමක වූ ව්‍රතයෙන් හෝ, ලාමක වූ ශීලව්‍රතයෙන් හෝ, ලාමක වූ දෘෂ්ටියෙන් හෝ, අන්‍යතරාන්‍යතර වස්තුයෙකින් මානය කෙරෙයි. යම් මෙබඳු මානයෙක්, මානාකාරයෙක්, මානය කළ බවෙක්, උන්නතියෙක්, උන්නාමයෙක්, මානද්ධවජයෙක් සිත නඟාගැනීමෙක්, චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ ද, මේ ‘මිථ්‍යාමානය’ යි කියනු ලැබේ.
889. තත්‍ථ කතමො ඤාතිවිතක‍්කො: ඤාතකෙ ආරබ‍්භ ගෙහසිතො තක‍්කො විතක‍්කො මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති ඤාතිවිතක‍්කො.
889. එහි ඥාතිවිතර්‍කය කවරෙ යත්: ඥාතීන් ඇරැබ ගෘහ (පඤ්චකාමගුණ) ශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ඥාතිවිතර්‍කය’ යි කියනු ලැබේ.
890. තත්‍ථ කතමො ජනපදවිතක‍්කො: ජනපදං ආරබ‍්භ ගෙහසිතො තක‍්කො විතක‍්කො මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති ජනපදවිතක‍්කො.
890. එහි ජනපදවිතර්‍කය කවරෙ යත්: ජනපදය නිසා ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ජනපදවිතර්‍කය’ යි කියනු ලැබේ.
891. තත්‍ථ කතමො අමරවිතක‍්කො: දුක‍්කරකාරිතා පටිසංයුත‍්තො වා දිට‍්ඨිගතපටිසංයුත‍්තො වා ගෙහසිතො තක‍්කො විතක‍්කො මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති අමරවිතක‍්කො.
891. එහි අමරවිතර්‍කය කවරෙ යත්: දුෂ්කරක්‍රියාප්‍රතිසංයුක්ත වූ හෝ දෘෂ්ටිප්‍රතිසංයුක්ත වූ හෝ ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘අමරවිතර්‍කය’ යි කියනු ලැබේ.
892. තත්‍ථ කතමො පරානුද‍්දයතාපටිසංයුත‍්තො විතක‍්කො: ඉධෙකච‍්චො ගිහීසංසට‍්ඨො විහරති සහනන්‍දී සහසොකී සුඛිතෙසු සුඛිතො දුක‍්ඛිතෙසු දුක‍්ඛිතො උප‍්පන‍්නෙසු කිච‍්ච කරණීයෙසු අත‍්තනා වා යොගං ආපජ‍්ජති. යො තත්‍ථ ගෙහසිතො තක‍්කො විතක‍්කො මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති පරානුද‍්දයතාපටිසංයුත‍්තො විතක‍්කො.
892. එහි පරානුකම්පාප්‍රතිසංයුක්ත වූ විතර්‍කය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ගිහීන් හා සංසෘෂ්ට වූයේ එක්ව සතුටු වූයේ එක්ව ශෝකී වූයේ සුඛිත කල්හි (තෙමේ) සුඛිත වැ දුඃඛිත කල්හි දුඃඛිත වැ වෙසෙයි. උපන් කටයුතු ඇති කල්හි තෙමේ හෝ යෙදෙයි. එහි යම් ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘පරානුකම්පාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.
893. තත්‍ථ කතමො ලාභසක‍්කාරසිලොකපටිසංයුත‍්තො විතක‍්කො: ලාභසක‍්කාරසිලොකං ආරබ‍්භ ගෙහසිතො තක‍්කො විතක‍්කො මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති ලාභසක‍්කාරසිලොකපටිසංයුත‍්තො විතක‍්කො.
893. එහි ලාභසත්කාරප්‍රශංසාප්‍රතිසංයුක්තවිතර්‍කය කවරෙ යත්: ලාභසත්කාර ප්‍රශංසා නිසා ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘ලාභසත්කාරප්‍රශංසාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.
894. තත්‍ථ කතමො අනවඤ‍්ඤත‍්තිපටිසංයුත‍්තො විතක‍්කො: ඉධෙකච‍්චො ජාතියා වා ගොත‍්තෙන වා කොලපුත‍්තියෙන වා වණ‍්ණපොක‍්ඛරතාය වා ධනෙන වා අජ‍්ඣෙනෙන වා කම‍්මායතනෙන වා සිප‍්පායතනෙන වා විජ‍්ජාට‍්ඨානෙන වා සුතෙන වා පටිභානෙන වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වත්‍ථුනා ‘මා මං පරෙ’ අවජානිංසූති. යො තත්‍ථ ගෙහසිතො තක‍්කො විතක‍්කො මිච‍්ඡාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති අනවඤ‍්ඤත‍්තිපටිසංයුත‍්තො විතක‍්කො.
894. එහි අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍කය කවරෙ යත්: මෙලොව ඇතැමෙක් ජාතියෙන් හෝ ගෝත්‍රයෙන් හෝ කුලපුත්‍රභාවයෙන් හෝ වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් හෝ ධනයෙන් හෝ අධ්‍යයනයෙන් හෝ කර්‍මායතනයෙකින් හෝ ශිල්පායතනයෙකින් හෝ විද්‍යායෙකින් හෝ ශ්‍රැතයෙන් හෝ ප්‍රතිභානයෙන් හෝ අන්‍යතරාන්‍යතරවස්තුයෙකින් අන්‍යයෝ මට නහමක් අවමන් කෙරෙත්ව’ යි එහි යම් ගෘහශ්‍රිත තර්‍කයෙක්, විතර්‍කයෙක්, මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ‘අනවඥාප්‍රතිසංයුක්තවිතර්‍කය’ යි කියනු ලැබේ.