යෙදුමෙන් කියවන්න

2: දුකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

(2:) දුකනිද‍්දෙසවණ‍්ණනා

(2:) දුකනිද්දෙසවණ්ණනා

දුකෙසු කොධනිද‍්දෙසාදයො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. හෙට‍්ඨා අනාගතෙසු පන උපනාහනිද‍්දෙසාදීසු පුබ‍්බකාලං කොධං උපනය‍්හතීති අපරකාලකොධො උපනාහො නාම. උපනය‍්හනාකාරො උපනය‍්හනා. උපනය‍්හිතස‍්ස භාවො උපනය‍්හිතත‍්තං. අට‍්ඨපනාති පඨමුප‍්පන‍්නස‍්ස අනන‍්තරට‍්ඨපනා මරියාදට‍්ඨපනා වා. ඨපනාති පකතිඨපනා. සණ‍්ඨපනාති සබ‍්බතොභාගෙන පුනප‍්පුනං ආඝාතට‍්ඨපනා. අනුසංසන්‍දනාති පඨමුප‍්පන‍්නෙන කොධෙන සද‍්ධිං අන‍්තරං අදස‍්සෙත්‍වා එකීභාවකරණා. අනුප‍්පබන්‍ධනාති පුරිමෙන සද‍්ධිං පච‍්ඡිමස‍්ස ඝටනා. දළ‍්හීකම‍්මන‍්ති ථිරකරණං. අයං වුච‍්චතීති අයං උපනන්‍ධනලක‍්ඛණො වෙරං අප‍්පටිනිස‍්සජ‍්ජනරසො උපනාහොති වුච‍්චති; යෙන සමන‍්නාගතො පුග‍්ගලො වෙරං නිස‍්සජ‍්ජිතුං න සක‍්කොති; ‘එවං නාම මං එස වත‍්තුං අනනුච‍්ඡවිකො’ති අපරාපරං අනුබන්‍ධති; ආදිත‍්තපූතිඅලාතං විය ජලතෙව ; ධොවියමානං අච‍්ඡචම‍්මං විය, වසාතෙලමක‍්ඛිතපිලොතිකා විය ච න පරිසුජ‍්ඣති.

දෙවන කොටසෙහි ක්‍රෝධ නිද්දේසාදිය යට කියන ලද ආකාරයෙන් දතයුතුය. පසුගිය අනාගත උපනාහ විස්තරයෙහි ක්‍රෝධයේ මුල් අවස්ථාව උපනය්හතී වේ. පසු අවස්ථාව උපනාහ නමි. උපනය්හනාකාර පමුණුවන ආකාරය උපනය්හනා වේ. පැමිණවූ ආකාරයේ භාවය උපනය්හිතත්තං වේ. අට්ඨපනා යනු පළමු උපන් දේ අනතුරුව තැබීම. සීමා වේ. අවසානය දක්වා තැබීම. ඨපනා ප්‍රකෘති තැබීම. සණ්ඨපනා හැම අංශයකින්ම ආඝාතය තැබීම. අනුසංසන්‍දනා පළමුව උපන් ක්‍රෝධය සමග අතරක් නොදක්වා තබාගැනීම අනුප්පඛන්‍ධතා පෙර හා පසු සම්බන්ධ කිරීම. දළ්හී කම්මං ස්ථිර කිරීම. අයං වුච්චති මේ වෙළන ලද ලක්‍ෂණය වූ වෛරය අත්නොහරින කෘත්‍ය ඇත්තේ උපනාහයයි කියනු ලැබේ. එයින් යුක්ත පුද්ගලයාට වෛරය අත්හැරීමට නොහැකි වේ. මෙබඳු වූ මට මෙසේ කියන්ට නොසුදුසු යයි නැවත නැවත ලුහුබඳියි. ඇවිලගත් ගිනි පෙනෙල්ලක් මෙන් දැල්වේමය. සෝදනු ලබන වලස් සමක් මෙන් වුරුණු තෙලෙහි බහන ලද රෙදිකැබැල්ලක් මෙන්ද පිරිසිදු නොවේ.

මක‍්ඛනභාවවසෙන මක‍්ඛො; පරගුණමක‍්ඛනාය පවත‍්තෙන‍්තොපි අත‍්තනො කාරණං, ගූථපහරණකං ගූථො විය, පඨමතරං මක‍්ඛෙතීති අත්‍ථො. තතො පරා ද‍්වෙ ආකාරභාවනිද‍්දෙසා. නිට‍්ඨුරභාවො නිට‍්ඨුරියං; ‘තං නිස‍්සාය එත‍්තකම‍්පි නත්‍ථී’ති ඛෙළපාතනන‍්ති අත්‍ථො. නිට‍්ඨුරියකම‍්මන‍්ති නිට‍්ඨුරියකරණං. ගහට‍්ඨො වා හි ගහට‍්ඨං, භික‍්ඛු වා භික‍්ඛුං නිස‍්සාය වසන‍්තො අප‍්පමත‍්තකෙනෙව කුජ‍්ඣිත්‍වා ‘තං නිස‍්සාය එත‍්තකම‍්පි නත්‍ථී’ති ඛෙළං පාතෙත්‍වා පාදෙන මද‍්දන‍්තො විය නිට‍්ඨුරියං නාම කරොති. තස‍්ස තං කම‍්මං නිට‍්ඨුරියකම‍්මන‍්ති වුච‍්චති. ලක‍්ඛණාදිතො පනෙස පරගුණමක‍්ඛනලක‍්ඛණො මක‍්ඛො, තෙසං විනාසනරසො, පරෙන සුකතානං කිරියානං අවච‍්ඡාදනපච‍්චුපට‍්ඨානො.

මැකීම් වශයෙන් මක්ඛො අනුන් ගුණ මැකීමෙන් පවත්වන්නා වූද තමාගේ ඇඟේ අසූචියෙන් පහරදෙන්නා සේ අසූචිය මෙන් පළමුවම ගෑවේය යන අර්ථයයි. ඉන්පසු ආකාරයන් දෙකකින් යුත් විස්තරය කර්කශභාවය නිට්ඨුරියං වේ. ඔහු නිසා මෙපමණවත් නැතැයි කෙල ගසයි යනු අර්ථයයි. නිට්ඨුරිය කම්මං කර්කශ වීම ගිහියෙක් ගිහියෙකු භික්‍ෂු නමක් භික්‍ෂු නමක් නිසා වසන්නේ අප්‍රමාණව කිපී ඔහු නිසා මෙපමණවත් නැතැයි කියා කෙලගසා පයින් මඩින්නාක් (පාගන්නාක්) මෙන් කර්කශ භාවයෙන් යුක්ත වේ. ඔහුගේ ඒ කර්මය නිට්ඨුරිය කර්මයයි කියනු ලැබේ. මෙහි ලක්‍ෂණ වශයෙන් අනුන්ගේ ගුණ මැකීමය. ඒවා විනාශ කිරීම කෘත්‍යයයි. අනුන් විසින් කරන ලද යහපත් ක්‍රියා වැසීම වැටහෙන ආකාරයයි අනුන්ගේ දොස් කියනුයි

පළාසතීති පළාසො; පරස‍්ස ගුණෙ දස‍්සෙත්‍වා අත‍්තනො ගුණෙහි සමං කරොතීති අත්‍ථො. පළාසස‍්ස ආයනා පළාසායනා. පළාසො ච සො අත‍්තනො ජයාහරණතො ආහාරො චාති පළාසාහාරො. විවාදට‍්ඨානන‍්ති විවාදකාරණං. යුගග‍්ගාහොති සමධුරග‍්ගහණං. අප‍්පටිනිස‍්සග‍්ගොති අත‍්තනා ගහිතස‍්ස අප‍්පටිනිස‍්සජ‍්ජනං. ලක‍්ඛණාදිතො පනෙස යුගග‍්ගාහලක‍්ඛණො පළාසො, පරගුණෙහි අත‍්තනො ගුණානං සමකරණරසො, පරෙසං ගුණප‍්පමාණෙන උපට‍්ඨානපච‍්චුපට‍්ඨානො. පළාසී හි පුග‍්ගලො දුතියස‍්ස ධුරං න දෙති, සමං පසාරෙත්‍වා තිට‍්ඨති, සාකච‍්ඡමණ‍්ඩලෙ අඤ‍්ඤෙන භික‍්ඛුනා බහූසු සුත‍්තෙසු ච කාරණෙසු ච ආභතෙසුපි ‘තව ච මම ච වාදෙ කිං නාම නානාකරණං? නනු මජ‍්ඣෙ භින‍්නසුවණ‍්ණං විය එකසදිසමෙව අම‍්හාකං වචන’න‍්ති වදති. ඉස‍්සාමච‍්ඡරියනිද‍්දෙසා වුත‍්තත්‍ථා එව.

විලාසා අනුන්ගේ ගුණය දක්වා තමාගේ ගුණවලින් සමාන කෙරේ යන අර්ථයයි. පලාසයගේ ආයනම (පැමිණවීම) පලාසායනා වේ. පලාසය ද තමාගේ ජය ගෙන ඒමෙන් ආහාරය පලාසාහාරො වේ. විවදට්ඨානං විවාද කරුණ. යුගග්ගාහො යනු සමසේ කරගැසීම අප්පටිනිස්සග්ගො යනු තමා ගන්නා ලද දේ අත් නොහැරීමය. ලක්‍ෂණ වශයෙන් තරඟ කිරීමය. රස වශයෙන් අනුන්ගේ ගුණයෙන් තමාගේ ගුණ සමකිරීමය. අන්‍යයන්ගේ ගුණ ප්‍රමාණයෙන් වැටහෙන ආකාරය සහ පදස්ථානය වේ. පලාසී පුද්ගලයා දෙවැන්නාට අවස්ථාවක් නොදෙයි. සමානව දිගහැර සිටියි. සාකච්ඡා මණ්ඩලයෙහි අනිත් භික්‍ෂුවක් බොහෝ සූත්‍රවලින් කරුණු ඉදිරිපත් කළත් ඔබේ සහ මගේ වාදයෙහි මොකක්ද ඇති වෙනස? මැදින් බිඳුණු රන් බඳුනක් මෙන් අපගේ වචන එක සමාන නොවේදැයි කියයි. ඉස්සා මච්ඡරිය නිද්දේස කියන ලද අර්ථ ඇත්තේම වේ.

මායානිද‍්දෙසෙ වාචං භාසතීති ජානංයෙව ‘පණ‍්ණත‍්තිං වීතික‍්කමන‍්තා භික‍්ඛූ භාරියං කරොන‍්ති, අම‍්හාකං පන වීතික‍්කමට‍්ඨානං නාම නත්‍ථී’ති උපසන‍්තො විය භාසති. කායෙන පරක‍්කමතීති ‘මයා කතං ඉදං පාපකම‍්මං මා කෙචි ජානිංසූ’ති කායෙන වත‍්තං කරොති. විජ‍්ජමානදොසපටිච‍්ඡාදනතො චක‍්ඛුමොහනමායා වියාති මායා. මායාවිනො භාවො මායාවිතා. කත්‍වා පාපං පුන පටිච‍්ඡාදනතො අතිච‍්ච ආසරන‍්ති එතාය සත‍්තාති අච‍්චාසරා. කායවාචාකිරියාහි අඤ‍්ඤථා දස‍්සනතො වඤ‍්චෙතීති වඤ‍්චනා. එතාය සත‍්තා නිකරොන‍්තීති නිකති; මිච‍්ඡාකරොන‍්තීති අත්‍ථො. ‘නාහං එවං කරොමී’ති පාපානං වික‍්ඛිපනතො විකිරණා. ‘නාහං එවං කරොමී’ති පරිවජ‍්ජනතො පරිහරණා. කායාදීහි සංවරණතො ගූහනා. සබ‍්බතොභාගෙන ගූහනා පරිගූහනා. තිණපණ‍්ණෙහි විය ගූථං කායවචීකම‍්මෙහි පාපං ඡාදෙතීති ඡාදනා. සබ‍්බතොභාගෙන ඡාදනා පටිච‍්ඡාදනා. න උත‍්තානං කත්‍වා දස‍්සෙතීති අනුත‍්තානීකම‍්මං. න පාකටං කත්‍වා දස‍්සෙතීති අනාවිකම‍්මං. සුට‍්ඨු ඡාදනා වොච‍්ඡාදනා. කතපටිච‍්ඡාදනවසෙන පුනපි පාපස‍්ස කරණතො පාපකිරියා. අයං වුච‍්චතීති අයං කතපටිච‍්ඡාදනලක‍්ඛණා මායා නාම වුච‍්චති; යාය සමන‍්නාගතො පුග‍්ගලො භස‍්මාපටිච‍්ඡන‍්නො විය අඞ‍්ගාරො, උදකපටිච‍්ඡන‍්නො විය ඛාණු, පිලොතිකාපලිවෙඨිතං විය ච සත්‍ථං හොති.

මායා නිද්දේසයෙහි වාචං භාසති යනු පැනවීම දැනගෙනම ව්‍යතික්‍රමණය කරන භික්‍ෂුව බැරෑරුම් කාරියක් කරයි. අපගේ ව්‍යතික්‍රමණය වූ තැනක් නැතැයි උපශාන්තයකු මෙන් කියයි. කායෙන පරක්කමති යනු මවිසින් කළ පාපකර්මය කිසිවෙක් නොදනිත්වායි කයින් වත් කෙරෙයි. විද්‍යමාන දොස් වැසීමෙන් ඇස රවට්ටන මායාවක් මෙන් යයි මායා වේ. මායාවගේ භාවය මායාවිතා වේ. පව කොට නැවත වැසීමෙන් ඉකුත් වූ ඇස රාත්‍රී අච්චාසරා වේ. කාය වාක් ක්‍රියාවලින් අන්‍යාකාරයකින් දැක්වීමෙන් වංචා කෙරේ යයි වඤ්චනා නම් වේ. මෙයින් ජනයින් වංචා කෙරේනුයි නිකති නම් වේ. මිථ්‍යාවක් කෙරේ යන අර්ථයයි. මා මෙසේ නොකරමියි පව් විසුරුවීම විකිරණ නම් වේ. මම මෙසේ නොකරමියි වර්ජනය කිරීම පරිහරණා නම් වේ. කායාදි සංවරයෙන් ගුහනා වේ. සෑම අංශයකින්ම ගුහනය වීම පරිගුහනා වේ. තෘණපත්‍ර ආදියෙන් අසූචිය මෙන් කාය වචී කර්මවල පාපය වැසීම ඡාදනා වේ. සියළුම අංශවලින් වැසීම පටිච්ඡාදනා නම් වේ. මතුකොට නොදක්වයි යනු අනුත්තානි කම්මං වේ. ප්‍රකට කොට නොදක්වයි යනු අනාවීකම්මං වේ. මනාව වැසීම වොච්ඡාදනා නම් වේ. කරන ලද වැසීම් වශයෙන් නැවත පාප කිරීමෙන් පාපකිරියා යනු වේ. අයං වුච්චති මේ කරන ලද වැසීම් ඇති මායාව නමැයි කියනු ලැබේ. මෙයින් සමන්විත පුද්ගලයා අළුයට ගිනිඅඟුරු මෙන් ජලයෙන් වැසී ඇති හුල් මෙන් රෙදිවලින් වෙළූ ආයුධයක් මෙන් වේ.

සාඨෙය්‍යනිද‍්දෙසෙ සඨොති අසන‍්තගුණපරිදීපනතො න සම‍්මා භාසිතා. සබ‍්බතොභාගෙන සඨො පරිසඨො. යං තත්‍ථාති යං තස‍්මිං පුග‍්ගලෙ. සඨන‍්ති අසන‍්තගුණදීපනං කෙරාටියං. සඨතාති සඨාකාරො. කක‍්කරතාති පදුමනාලිස‍්ස විය අපරාමසනක‍්ඛමො ඛරඵරුසභාවො. කක‍්කරියන‍්තිපි තස‍්සෙව වෙවචනං. පරික‍්ඛත‍්තතා පාරික‍්ඛත‍්තියන‍්ති පදද‍්වයෙන නිඛණිත්‍වා ඨපිතං විය දළ‍්හකෙරාටියං වුත‍්තං. ඉදං වුච‍්චතීති ඉදං අත‍්තනො අවිජ‍්ජමානගුණප‍්පකාසනලක‍්ඛණං සාඨෙය්‍යං නාම වුච‍්චති; යෙන සමන‍්නාගතස‍්ස පුග‍්ගලස‍්ස කුච‍්ඡිං වා පිට‍්ඨිං වා ජානිතුං න සක‍්කා.

සාඨෙය්‍ය නිද්දේසයෙහි සඨො අසත් ගුණ දැක්වීමෙන් මනාව කතා නොකරන්නෙකි. සියළු අංශවලින් සඨ වූයේ පරිසඨො නම් වේ. යං තත්‍ථා යනු ඒ පුද්ගලයා කෙරෙහි. සඨං යනු නැති ගුණ දක්වන කෛරාටිකය සඨතා යනු සඨ ආකාරය. (නැති ගුණ දක්වන අයුරු) කක්ඛරතා අතගෑමට නොහැකි පියුම් නාලයක් මෙන් රළු පරුෂභාවය. කක්ඛරියං යනු එයටම පරියාය වචනයකි පරික්ඛත්තතා. පාරික්ඛත්තියං යන පද දෙකින් හාරා තබන ලද මෙන් දැඩි කෛරාටිකකම් කියන ලදි. ඉදං වුච්චති මේ තමාගේ අවිද්‍යමාන ගුණ ප්‍රකාශ කරන ලක්‍ෂණය සාඨෙය්‍ය නම් යයි කියනු ලැබේ. මෙයින් සමන්විත පුද්ගලයාගේ බඩ හෝ පිට හෝ දැනගැනීමට හැකි නොවේ.

වාමෙන සූකරො හොති, දක‍්ඛිණෙන අජාමිගො; සරෙන නෙලකො හොති, විසාණෙන ජරග‍්ගවොති.

වමෙන් වෙයි සූකර - දකුණෙන් එළු මුවෝ වෙත් හඬින් එළුවෙක් වේ - අඟින් ගවයෙකි මහළූ

එවං වුත‍්තයක‍්ඛසූකරසදිසො හොති. අවිජ‍්ජාදිනිද‍්දෙසා වුත‍්තත්‍ථා එව.

[missing trans]

අනජ‍්ජවනිද‍්දෙසෙ අනජ‍්ජවොති අනුජුතාකාරො. අනජ‍්ජවභාවො අනජ‍්ජවතා. ජිම‍්හතාති චන්‍දවඞ‍්කතා. වඞ‍්කතාති ගොමුත‍්තවඞ‍්කතා. කුටිලතාති නඞ‍්ගලකොටිවඞ‍්කතා. සබ‍්බෙහිපි ඉමෙහි පදෙහි කායවචීචිත‍්තවඞ‍්කතාව කථිතා.

වංක නිර්දේශයෙහි අනජ්ජවො යනු සෘජු නොවන ආකාරයයි. අනජ්ජව භවය අනජ්ජවතා වේ. ජිම්හතා යනු සඳ වක් බව මෙනි. වංකතා යනු ගෝ මූත්‍ර ඇදය මෙනි. (ගමන් කරන ගොනාගේ මූත්‍ර පාර) කුටිලතා යනු නගුලිස කෙළවර ඇදය මෙනි. මේ සියළු පදවලින් කාය වචී චිත්ත වංකතාව කියන ලදි.

අමද‍්දවනිද‍්දෙසෙ න මුදුභාවො අමුදුතා. අමද‍්දවාකාරො අමද‍්දවතා. කක‍්ඛළභාවො කක‍්ඛළියං. මද‍්දවකරස‍්ස සිනෙහස‍්ස අභාවතො ඵරුසභාවො ඵාරුසියං. අනීචවුත‍්තිතාය උජුකමෙව ඨිතචිත‍්තභාවො උජුචිත‍්තතා . පුන අමුදුතාගහණං තස‍්සා විසෙසනත්‍ථං ‘අමුදුතාසඞ‍්ඛාතා උජුචිත‍්තතා, න අජ‍්ජවසඞ‍්ඛාතා උජුචිත‍්තතා’ති.

මෘදු නොවන නිර්දේශයෙහි මෘදුභාවයක් නැති අමුදුතා වේ. මෘදු නොවන ආකාරය අමද්දවතා වේ. කැකුළු බව කක්ඛළියං වේ. මෘදු කරන සෙනෙහස නැති ඵරුස බව ඵාරුසියං වේ. පහත් පැවැත්මෙන් සෘජුව සිටි සිතේ ස්වභාවය උජුචිත්තතා වේ. එහි විශේෂණය සඳහා නැවත අමුදුතාව ගැසීම අමුදුතා සංඛ්‍යාත උජුචිත්ත භවය අජ්ජව සංඛ්‍යාත උජු චිත්තය නොවේ.

අක‍්ඛන‍්තිනිද‍්දෙසාදයො ඛන‍්තිනිද‍්දෙසාදිපටිපක‍්ඛතො වෙදිතබ‍්බා.

අක්ඛන්ති නිද්දේසය ඛන්ති නිද්දේසයට ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතුය.

සංයොජනනිද‍්දෙසෙ අජ‍්ඣත‍්තන‍්ති කාමභවො. බහිද‍්ධාති රූපාරූපභවො. කිඤ‍්චාපි හි සත‍්තා කාමභවෙ අප‍්පං කාලං වසන‍්ති කප‍්පස‍්ස චතුත්‍ථමෙව කොට‍්ඨාසං, ඉතරෙසු තීසු කොට‍්ඨාසෙසු කාමභවො සුඤ‍්ඤො හොති තුච‍්ඡො, රූපාරූපභවෙ බහුං කාලං වසන‍්ති, තථාපි නෙසං යස‍්මා කාමභවෙ චුතිපටිසන්‍ධියො බහුකා හොන‍්ති, අප‍්පා රූපාරූපභවෙසු, යත්‍ථ ච චුතිපටිසන්‍ධියො බහුකා තත්‍ථ ආලයොපි පත්‍ථනාපි අභිලාසොපි බහු හොති, යත්‍ථ අප‍්පා තත්‍ථ අප‍්පො, තස‍්මා කාමභවො අජ‍්ඣත‍්තං නාම ජාතො, රූපාරූපභවා බහිද‍්ධා නාම. ඉති අජ‍්ඣත‍්තසඞ‍්ඛාතෙ කාමභවෙ බන්‍ධනං අජ‍්ඣත‍්තසංයොජනං නාම, බහිද‍්ධාසඞ‍්ඛාතෙසු රූපාරූපභවෙසු බන්‍ධනං බහිද‍්ධාසංයොජනං නාම. තත්‍ථ එකෙකං පඤ‍්චපඤ‍්චවිධං හොති. තෙන වුත‍්තං “පඤ‍්චොරම‍්භාගියානි පඤ‍්චුද‍්ධම‍්භාගියානී”ති. තත්‍රායං වචනත්‍ථො – ඔරං වුච‍්චති කාමධාතු, තත්‍ථ උපපත‍්තිනිප‍්ඵාදනතො තං ඔරං භජන‍්තීති ඔරම‍්භාගියානි. උද‍්ධං වුච‍්චති රූපාරූපධාතු, තත්‍ථ උපපත‍්තිනිප‍්ඵාදනතො තං උද‍්ධං භජන‍්තීති උද‍්ධම‍්භාගියානීති.

සංයෝජන නිද්දේසයෙහි අජ්ඣත්තං යනු කාමභවය. බහිද්ධා යනු රූපාරූප භව වේ. කිසියම් සත්ත්වයෙක් කාම භවයෙහි ස්වල්ප කාලයක් ජීවත් වේ. එසේ වුවත් කාම භවයෙහි චුති පටිසන්ධි බොහෝ වෙති. රූපාරූප භවවල අල්පය. රූපාරූප භවවල බොහෝ කාලයක් වසති. යම්තැනක කල්පයකින් හතරෙන් කොටසක් ඉතිරි තුන් කොටසෙහි කාමභවය ශූන්‍ය වේ. හිස්ය. යම්තැනක චුති පටිසන්ධි බොහෝ වෙත්ද එහි ආලයද ප්‍රාර්ථනාද අභිලාෂද බොහෝ වේ. යම්තැනක අල්ප නම් එතැන අල්පය. එනිසා කාමභවය අජ්ඣත්ත නම් විය. රූපාරූප භව බහිද්ධ වේ. මෙසේ අජ්ඣත්ත භවයෙහි බැදීම් අජ්ඣත්ත සංයෝජන වේ. බහිද්ධ සංඛ්‍යාත රූපාරූප භවවල බැඳීම් බහිද්ධා සංයෝජන නම් වේ. එහි එක එකක් පහ බැගින් වේ. පඤ්ච ඕරම්භාගිය පඤ්ච උද්ධම්භාගිය වශයෙනි. ඔරං යනු කාමධාතුව යයි කියනු ලැබේ. එහි උත්පත්ති නිපදවීම් වශයෙන් කාමධාතු ඇසුරු කරයි යනු ඕරම්භාගිය වේ. උද්ධං යනු රූපාරූප ධාතුව යයි කියනු ලැබේ. එහි ඉපදවීම් සිදුකරන බැවින් උද්ධම්භාගිය වේ.

දුකනිද‍්දෙසවණ‍්ණනා.

දුක නිද්දේසයයි.