යෙදුමෙන් කියවන්න

එකකමාතිකාදිවණ‍්ණනා අට‍්ඨකථා

එකකමාතිකාදිවණ්ණනා

ඉදානි තදනන‍්තරෙ ඛුද‍්දකවත්‍ථුවිභඞ‍්ගෙපි පඨමං මාතිකං ඨපෙත්‍වා නික‍්ඛිත‍්තපදානුක‍්කමෙන නිද‍්දෙසො කතො. තත්‍රායං නික‍්ඛෙපපරිච‍්ඡෙදො. ආදිතො තාව ජාතිමදොතිආදයො තෙසත‍්තති එකකා නික‍්ඛිත‍්තා, තතො කොධො ච උපනාහො චාතිආදයො අට‍්ඨාරස දුකා, අකුසලමූලාදයො පඤ‍්චතිංස තිකා, ආසවචතුක‍්කාදයො චුද‍්දස චතුක‍්කා, ඔරම‍්භාගියසංයොජනාදයො පන‍්නරස පඤ‍්චකා, විවාදමූලාදයො චුද‍්දස ඡක‍්කා, අනුසයාදයො සත‍්ත සත‍්තකා, කිලෙසවත්‍ථුආදයො අට‍්ඨ අට‍්ඨකා, ආඝාතවත්‍ථුආදයො නව නවකා, කිලෙසවත්‍ථුආදයො සත‍්ත දසකා, අජ‍්ඣත‍්තිකස‍්ස උපාදාය අට‍්ඨාරස තණ‍්හාවිචරිතානීතිආදයො ඡ අට‍්ඨාරසකාති සබ‍්බානිපි එතානි අට‍්ඨ කිලෙසසතානි නික‍්ඛිත‍්තානීති වෙදිතබ‍්බානි. අයං තාව නික‍්ඛෙපපරිච‍්ඡෙදො.

ඉන් අනතුරුව දැන් ඛුද්දක වත්‍ථු විභංගයෙහි පළමුවන මාතෘකාව තබා තබන ලද පද පිළිවෙලින් නිර්දේශය කරන ලදි. මේ නික්‍ෂේප පරිච්ඡේදයේ මුලින්ම ජාතිමදො එක එක හැත්තෑතුනක් තබන ලදි. එයින් කොධො ච උපනාහො ච යන අකුසල මූලාදි අටළොස් දුකය, ආසව චතුක්කාදි පන්තිස් තිකයද ඔරංභාගිය සංයෝජනාදි තුදුස්දස චතුක්කය විවාද මූලාදි පසළොස් පංචකය අනුසයාදි තුදුස් දස සය කිලේස වත්‍ථු ආදි සප්ත සත ආඝාත වත්‍ථු ආදි අටෙහි අට කිලේස වත්‍ථු ආදි නවයෙහි නවකය අජ්ඣත්ති උපාදාය ආදි සතෙහි දසකය. අට්ඨාරස තණ්හා විචරිතානි ආදිය අටළොස් හය යයි සියල්ල කෙලෙස් එකසිය අටක් තබන ලද යයි දතයුතුය. මෙය නික්ඛෙප පරිච්ඡේදයයි.

(1:) එකකනිද‍්දෙසවණ‍්ණනා

(1:) එකකනිද්දෙසවණ්ණනා

ඉදානි යථානික‍්ඛිත‍්තාය මාතිකාය තත්‍ථ කතමො ජාතිමදොතිආදිනා නයෙන ආරද‍්ධෙ නිද‍්දෙසවාරෙ ජාතිං පටිච‍්චාති ජාතිං නිස‍්සාය. එත්‍ථ ච අත්‍ථිපටිච‍්චං නාම කථිතං, තස‍්මා ජාතියා සතීති අයමෙත්‍ථ අත්‍ථො. ගොත‍්තං පටිච‍්චාතිආදීසුපි එසෙව නයො. මදනවසෙන මදො. මජ‍්ජනාකාරො මජ‍්ජනා. මජ‍්ජිතභාවො මජ‍්ජිතත‍්තං. මානො මඤ‍්ඤනාතිආදීනි හෙට‍්ඨා ධම‍්මසඞ‍්ගහට‍්ඨකථායං (ධ· ස· අට‍්ඨ· 1121) වුත‍්තත්‍ථානෙව. අයං වුච‍්චතීති අයං එවං ජාතියා සති තං ජාතිං නිස‍්සාය උප‍්පන‍්නො මජ‍්ජනාකාරප‍්පවත‍්තො මානො ජාතිමදොති වුච‍්චති. ස‍්වායං ඛත‍්තියාදීනං චතුන‍්නම‍්පි වණ‍්ණානං උප‍්පජ‍්ජති. ජාතිසම‍්පන‍්නො හි ඛත‍්තියො ‘මාදිසො අඤ‍්ඤො නත්‍ථි. අවසෙසා අන‍්තරා උට‍්ඨාය ඛත‍්තියා ජාතා. අහං පන වංසාගතඛත‍්තියො’ති මානං කරොති. බ්‍රාහ‍්මණාදීසුපි එසෙව නයො. ගොත‍්තමදනිද‍්දෙසාදීසුපි ඉමිනාවුපායෙන අත්‍ථො වෙදිතබ‍්බො. ඛත‍්තියොපි හි ‘අහං කොණ‍්ඩඤ‍්ඤගොත‍්තො, අහං ආදිච‍්චගොත‍්තො’ති මානං කරොති. බ්‍රාහ‍්මණොපි ‘අහං කස‍්සපගොත‍්තො , අහං භාරද‍්වාජගොත‍්තො’ති මානං කරොති. වෙස‍්සොපි සුද‍්දොපි අත‍්තනො අත‍්තනො කුලගොත‍්තං නිස‍්සාය මානං කරොති. අට‍්ඨාරසාපි සෙණියො ‘එකිස‍්සා සෙණියා ජාතම‍්හා’ති මානං කරොන‍්තියෙව.

දැන් තබන ලද මාතෘකා පිළිවෙලින් කත්‍ථ කතමො ජාතිමදො යනාදි නයින් අරඹන නිද්දේස වාරයෙහි ජාතිං පටිච්චා යනු ජාතිය නිසා මෙහි ද පටිච්ච නවය කියන ලදි. එහෙයින් ජාතික පවතින කල්හි යනු මෙහි අර්ථයයි. ගොත්තං පටිච්චා ආදියෙහි ද මෙම නයයි. රාගය වශයෙන් මදො වේ. මත්වීම් ආකාරය මජ්ජනා වේ. මත්වීම් භාවය මජ්ජිතත්තං වේ. මානො මඤ්ඤනා යනාදිය යට ධම්මං සංගහට්ඨ කථාවෙහි කියන ලද පරිදිය. අයං වුච්චති මේ ජාතියම ඇතිකල්හි ඒ ජාතිය නිසා උපන් මත්වීම් ආකාරයෙන් පවතින මානය ජාති මදයයි කියනු ලැබේ. මෙය ක්‍ෂත්‍රිය ආදි වර්ණ සතරෙහිම උපදී. ජාති සම්පන්න ක්‍ෂත්‍රියෙක් මා හා සමාන අනිකෙක් නැත. අවසේස අය අතරකදී නැගී සිටි ක්‍ෂත්‍රියයෝ වූහ. මා වනාහි වංසාගත ක්‍ෂත්‍රියයෙකියි මානය කරයි. බ්‍රහ්මණාදියෙහිද මෙම නයයි. ගොත්ත මද නිද්දේසාදියෙහිද මේ උපායෙන් අර්ථය දතයුතුය. ක්‍ෂත්‍රියයෝද මම කොණ්ඩඤ්ඤ ගෝත්‍රයෙහිද මම ආදිච්ච ගෝත්‍රයෙහිද මානය කරයි. කාශ්‍යප ගෝත්‍රය භාරද්වාජ ගෝත්‍රය යයි මැනීම කරයි. වෛශ්‍ය ශුද්‍රයෝද තම තමන්ගේ කුලගොත් නිසා මැනීම කරයි. අටළොස් ශ්‍රේණියද එක් එක් ශ්‍රේණියක් මානය කරයි.

ආරොග්‍යමදාදීසු ‘අහං අරොගො, අවසෙසා රොගබහුලා, ගද‍්දුහනමත‍්තම‍්පි මය‍්හං බ්‍යාධි නාම නත්‍ථී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො ආරොග්‍යමදො නාම.

ආරෝග්‍යමද ආදියෙහි මම අරෝග වෙමි. සෙස්සෝ රෝග බහුලය. කුඩා ක්‍ෂණයකද රෝගයක් මට නැතැයි මද වශයෙන් උපන් මානය ආරෝග්‍ය මදයයි.

‘අහං තරුණො, අවසෙසසත‍්තානං අත‍්තභාවො පපාතෙ ඨිතරුක‍්ඛසදිසො, අහං පන පඨමවයෙ ඨිතො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො යොබ‍්බනමදො නාම.

මම තරුණය. අනිත් අයගේ ජීවිත ප්‍රපාතයක ඇති ගස් වගේය. මම පළමු වයසෙහි සිටිමි යයි මත්වීම් වශයෙන් උපන් මානය සොබ්බත මදො නම් වේ.

‘අහං චිරං ජීවිං, චිරං ජීවාමි, චිරං ජීවිස‍්සාමි; සුඛං ජීවිං, සුඛං ජීවාමි, සුඛං ජීවිස‍්සාමී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො ජීවිතමදො නාම.

මම බොහෝකල් ජීවත්වූයේ බොහෝ කල් ජීවත්වෙමි. සුවසේ ජීවත් වූයේ සුවසේ ජීවත්වෙමි යයි මත්වීම් වශයෙන් මානය ජීවිතමදො නම් වේ.

‘අහං ලාභී, අවසෙසා සත‍්තා අප‍්පලාභා, මය‍්හං පන ලාභස‍්ස පමාණං නාම නත්‍ථී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො ලාභමදො නාම.

මම ලාභියෙකි. අවසේස අය අඩු ලාභ ඇත්තේය. මට ලැබෙන ලාභවල ප්‍රමාණයක් නැතැයි මත්වීම් වශයෙන් උපදින මානය ලාභමදො නම් වේ.

‘අවසෙසා සත‍්තා යං වා තං වා ලභන‍්ති, අහං පන සුකතං පණීතං චීවරාදිපච‍්චයං ලභාමී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො සක‍්කාරමදො නාම.

අවසේස අය එහෙන් මෙහෙන් ලබති. මම වනාහි මනාව කළ ප්‍රණීත සිවුරු ආදි ප්‍රත්‍ය ලාභය යයි මත්වීම් වශයෙන් උපදිනා මානය සක්කාරමදො නම් වේ.

‘අවසෙසභික‍්ඛූනං පාදපිට‍්ඨියං අක‍්කමිත්‍වා ගච‍්ඡන‍්තා මනුස‍්සා අයං සමණොතිපි න වන්‍දන‍්ති, මං පන දිස‍්වාව වන්‍දන‍්ති, පාසාණච‍්ඡත‍්තං විය ගරුං කත්‍වා අග‍්ගික‍්ඛන්‍ධං විය ච දුරාසදං කත්‍වා මඤ‍්ඤන‍්තී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො ගරුකාරමදො නාම.

අවසේස භික්‍ෂූන්ගේ පා පිටද මැඩගෙන යන මිනිස්සු මේ ශ්‍රමණයෙකැයි නොවඳිති. මා දැකම වඳිති. ගල් කුඩයක් මෙන් ගරුකොට ගිනි කන්දක් මෙන් ඈත්ව සිටීමට සිතති යයි මත්වීම් වශයෙන් මැනීම ගරුකාරමදො නම් වේ.

‘උප‍්පන‍්නො පඤ‍්හො මය‍්හමෙව මුඛෙන ඡිජ‍්ජති, භික‍්ඛාචාරං ගච‍්ඡන‍්තාපි මමෙව පුරතො කත්‍වා පරිවාරෙත්‍වා ගච‍්ඡන‍්තී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො පුරෙක‍්ඛාරමදො නාම.

ඇතිවන ප්‍රශ්න මගේ මුවින්ම විසඳමි. පිඬු පිණිස යන්නේද මාම පෙරටුකොට යති යයි මත්වීම් වශයෙන් උපදිනා මානය පුරෙක්ඛාර මදො නම් වේ.

අගාරිකස‍්ස තාව මහාපරිවාරස‍්ස ‘පුරිසසතම‍්පි පුරිසසහස‍්සම‍්පි මං පරිවාරෙති,’ අනගාරියස‍්ස පන ‘සමණසතම‍්පි සමණසහස‍්සම‍්පි මං පරිවාරෙති, සෙසා අප‍්පපරිවාරා, අහං මහාපරිවාරො චෙව සුචිපරිවාරො චා’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො පරිවාරමදො නාම.

ගිහියෙක් වූ මම මිනිසුන් සියයක් මිනිසුන් දහසක් පිරිවරන ලද්දේ වෙමි. අනගාරික වූ විටද ශ්‍රමණයින් සියක් දාහක් පිරිවරති. සෙස්සෝ අඩු පිරිවර ඇත්තෝය. මම මහ පිරිවර හොඳ පිරිවර ඇත්තේ වෙමි යයි මත්වීම් වශයෙන් උපන් මානය පරිවාර මදො නම් වේ.

භොගො පන කිඤ‍්චාපි ලාභග‍්ගහණෙනෙව ගහිතො හොති, ඉමස‍්මිං පන ඨානෙ නික‍්ඛෙපරාසි නාම ගහිතො; තස‍්මා ‘අවසෙසා සත‍්තා අත‍්තනො පරිභොගමත‍්තම‍්පි න ලභන‍්ති, මය‍්හං පන නිධානගතස‍්සෙව ධනස‍්ස පමාණං නත්‍ථී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො භොගමදො නාම.

අවසේස අය තමන්ගේ පරිභෝග පමණක්වත් නොලබති. මට නිදන්ගත ධනයේද ප්‍රමාණයක් නැතැයි මත්වීම් වශයෙන් උපන් මානය භොගමදො නම් වේ.

වණ‍්ණං පටිච‍්චාති සරීරවණ‍්ණම‍්පි ගුණවණ‍්ණම‍්පි පටිච‍්ච. ‘අවසෙසා සත‍්තා දුබ‍්බණ‍්ණා දුරූපා, අහං පන අභිරූපො පාසාදිකො; අවසෙසා සත‍්තා නිග‍්ගුණා පත්‍ථටඅකිත‍්තිනො, මය‍්හං පන කිත‍්තිසද‍්දො දෙවමනුස‍්සෙසු පාකටො – ඉතිපි ථෙරො බහුස‍්සුතො, ඉතිපි සීලවා, ඉතිපි ධුතගුණයුත‍්තො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො වණ‍්ණමදො නාම.

වණ්ණං පටිච්ච යනු ශරීර වර්ණයද ගුණ වර්ණයද නිසා. අවසේස අය දුර්වර්ණය. අවලස්සනය. මම අභිරූපය. පැහැපත්ය. අවසේස අයට ගුණ නැත. මගේ කීර්තිය දෙව්මිනිසුන් අතර ප්‍රකටය. ස්ථවිර බහුස්සුතය. සිල්වත්ය. ධාතු ගුණවලින් යුක්ත යයි මත්වීම් වශයෙන් උපන් මානය වණ්ණ මදො නමි.

‘අවසෙසා සත‍්තා අප‍්පස‍්සුතා, අහං පන බහුස‍්සුතො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො සුතමදො නාම.

අවසේස අය අල්පශ්‍රැතය. මම බහුස්සුත යයි මත්වීම් වශයෙන් උපන් මානය සුතමදො නම් වේ.

‘අවසෙසා සත‍්තා අප‍්පටිභානා, මය‍්හං පන පටිභානස‍්ස පමාණං නත්‍ථී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො පටිභානමදො නාම.

අවසේස අය අඩු වැටහීම් ඇත්තෝය. මගේ වැටහීම් සීමාවක් නැතැයි මත්වීම් වශයෙන් උපදින මානය පටිභානමදො නමි.

‘අහං රත‍්තඤ‍්ඤූ අසුකං බුද‍්ධවංසං, රාජවංසං, ජනපදවංසං, ගාමවංසං, රත‍්තින්‍දිවපරිච‍්ඡෙදං, නක‍්ඛත‍්තමුහුත‍්තයොගං ජානාමී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො රත‍්තඤ‍්ඤුමදො නාම.

මම රත්තඤ්ඤු වෙමි. අසවල් බුද්ධ වංශය, රාජ වංශය, ජනපද වංශය, ගව වංශය රෑ දවල් පිරිසිඳීම නැකැත් මුහුර්ත යෝග දනිමියි මත්වීම් වශයෙන් උපන් මානය රත්තඤ්ඤුමදො නම් වේ.

‘අවසෙසා භික‍්ඛූ අන‍්තරා පිණ‍්ඩපාතිකා ජාතා, අහං පන ජාතිපිණ‍්ඩපාතිකො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො පිණ‍්ඩපාතිකමදො නාම.

අවසේස භික්‍ෂූන්ට අතරෙහි පිණ්ඩපාතය ලැබෙයි. මට ජාති පිණ්ඩපාතය ලැබේයයි මත්වීම් වශයෙන් උපන් මානය පිණ්ඩපාත මදො නමි.

‘අවසෙසා සත‍්තා උඤ‍්ඤාතා අවඤ‍්ඤාතා, අහං පන අනුඤ‍්ඤාතො අනවඤ‍්ඤාතො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො අනවඤ‍්ඤාතමදො නාම.

අවසේස සත්වයින්ට අවමාන කෙරේ. මට එසේ නොකොට මත්වීම් වශයෙන් උපන් මානය අනවඤ්ඤත්ති මදො නමි.

‘අවසෙසානං ඉරියාපථො අපාසාදිකො, මය‍්හං පන පාසාදිකො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො ඉරියාපථමදො නාම.

අන් අයගේ ඉරියව් නොපැහැපත්ය. මගේ පාසාදිකය මත්වී උපන් මානය ඉරියාපථමදො නමි.

‘අවසෙසා සත‍්තා ඡින‍්නපක‍්ඛකාකසදිසා, අහං පන මහිද‍්ධිකො මහානුභාවො’ති වා ‘අහං යං යං කම‍්මං කරොමි, තං තං ඉජ‍්ඣතී’ති වා මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො ඉද‍්ධිමදො නාම.

අවසේස අය තටු සිඳුණු කවුඩන් මෙනි. මම මහා සෘද්ධි ඇති අනුසස් ඇත්තෙමැයි මත්වී උපන් මානය ඉද්ධිමදො නම් වේ.

හෙට‍්ඨා පරිවාරග‍්ගහණෙන යසො ගහිතොව හොති. ඉමස‍්මිං පන ඨානෙ උපට‍්ඨාකමදො නාම ගහිතො. සො අගාරිකෙනපි අනගාරිකෙනපි දීපෙතබ‍්බො. අගාරිකො හි එකච‍්චො අට‍්ඨාරසසු සෙණීසු එකිස‍්සා ජෙට‍්ඨකො හොති, තස‍්ස ‘අවසෙසෙ පුරිසෙ අහං පට‍්ඨපෙමි, අහං විචාරෙමී’ති ; අනගාරිකොපි එකච‍්චො කත්‍ථචි ජෙට‍්ඨකො හොති, තස‍්ස ‘අවසෙසා භික‍්ඛූ මය‍්හං ඔවාදෙ වත‍්තන‍්ති, අහං ජෙට‍්ඨකො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො යසමදො නාම.

යට පිරිවර ගැනීමෙන් යසස ගන්නා ලදි. මෙහි උපඨාන මදය ගන්නා ලදි. එය අගාරික අනගාරික වශයෙන් දැක්විය යුතුය. අගාරිකයෙහි කෙනෙක් අටළොස් ශ්‍රේණිවල එකෙක් දෙටු වේ. ඔහුගේ අවසේස අය මම විසව්තර කරමි. මම විචාරමි යයිද අනගාරිකයෙහි ඇතමෙකුගෙන් කෙනෙක් දෙටුවේ. ඔහුගේ අවසේස භික්‍ෂූහු මගේ අවවාදයෙහි සිටිති. මම දෙටුවෙමිය මත්වීම් වශයෙන් උපන් මානය යසමදො නම් වේ.

‘අවසෙසා සත‍්තා දුස‍්සීලා, අහං පන සීලවා’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො සීලමදො නාම. ‘අවසෙසසත‍්තානං කුක‍්කුටස‍්ස උදකපානමත‍්තෙපි කාලෙ චිත‍්තෙකග‍්ගතා නත්‍ථි, අහං පන උපචාරප‍්පනානං ලාභී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො ඣානමදො නාම.

අවසේස අය දුස්සීලය. මම සිල්වත් වෙමි යයි මත්වීම් වශයෙන් උපන් මානය සීලමදො නම් වේ. අවසේස අය කුකුලෙක් දිය බොන කාලයකද සිතේ එකඟකමක් නැත. මම උපචාර අර්පණාලාභී වෙමි යයි මත්වීම් වශයෙන් උපන් මානය ඣානමදො නම් වේ.

‘අවසෙසා සත‍්තා නිස‍්සිප‍්පා, අහං පන සිප‍්පවා’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො සිප‍්පමදො නාම. ‘අවසෙසා සත‍්තා රස‍්සා, අහං පන දීඝො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො ආරොහමදො නාම. ‘අවසෙසා සත‍්තා රස‍්සා වා හොන‍්ති දීඝා වා, අහං නිග්‍රොධපරිමණ‍්ඩලො’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො පරිණාහමදො නාම. ‘අවසෙසසත‍්තානං සරීරසණ‍්ඨානං විරූපං බීභච‍්ඡං, මය‍්හං පන මනාපං පාසාදික’න‍්ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො සණ‍්ඨානමදො නාම. ‘අවසෙසානං සත‍්තානං සරීරෙ බහූ දොසා, මය‍්හං පන සරීරෙ කෙසග‍්ගමත‍්තම‍්පි වජ‍්ජං නත්‍ථී’ති මජ‍්ජනවසෙන උප‍්පන‍්නො මානො පාරිපූරිමදො නාම.

අවසේස අයට ශිල්ප නැත. මට ශිල්ප ඇතැයි මත්වීම් වශයෙන් උපන් මානය සිප්පමදො නම් වේ. අවසේස අය මිටිය. මම උසයයි මත්වීම් වශයෙන් උපන් මානය ආරෝහමදො නමි. අවසේස අයගේ ශරීර පිහිටීම විරූපය. පිළිකුල්ය. මගේ ශරීරය මනාපය. පැහැපත්ය යයි මත්වීම් වශයෙන් උපදින මානය සණ්ඨාන මදො නම් වේ. අවසේස අයගේ ශරීර මිටි හෝ උස හෝ වේ. මගේ ශරීරය නිග්‍රෝධ පරිමණ්ඩල වේ යයි මත්වීම් වශයෙන් උපන් මානය පරිනාහමදො නමි. අවසේසයන් ශරීර බොහෝ දෝෂ ඇත. මගේ ශරීරයේ කෙසඟක් පමණවත් දොසක් නැතැයි මත්වීම් වශයෙන් උපන් මානය පාරිපූරිමදො නමි.

ඉමිනා එත‍්තකෙන ඨානෙන සවත්‍ථුකං මානං කථෙත්‍වා ඉදානි අවත්‍ථුකං නිබ‍්බත‍්තිතමානමෙව දස‍්සෙන‍්තො තත්‍ථ කතමො මදොතිආදිමාහ. තං උත‍්තානත්‍ථමෙව.

මෙයින් මෙපමණකින් සවත්‍ථුක මානය කියා දැන් අවත්‍ථුකව නිපන් මානය දැක්වීමට තත්‍ථ කතමො මදො? යනාදිය කීහ. එය ප්‍රකටය.

පමාදනිද‍්දෙසෙ චිත‍්තස‍්ස වොස‍්සග‍්ගොති ඉමෙසු එත‍්තකෙසු ඨානෙසු සතියා අනිග‍්ගණ‍්හිත්‍වා චිත‍්තස‍්ස වොස‍්සජ‍්ජනං; සතිවිරහොති අත්‍ථො. වොස‍්සග‍්ගානුප‍්පදානන‍්ති වොස‍්සග‍්ගස‍්ස අනුප‍්පදානං; පුනප‍්පුනං විස‍්සජ‍්ජනන‍්ති අත්‍ථො. අසක‍්කච‍්චකිරියතාති එතෙසං දානාදීනං කුසලධම‍්මානං භාවනාය පුග‍්ගලස‍්ස වා දෙය්‍යධම‍්මස‍්ස වා අසක‍්කච‍්චකරණවසෙන අසක‍්කච‍්චකිරියා. සතතභාවො සාතච‍්චං. න සතතභාවො අසාතච‍්චං. න සාතච‍්චකිරියතා අසාතච‍්චකිරියතා. අනට‍්ඨිතකරණං අනට‍්ඨිතකිරියතා. යථා නාම කකණ‍්ටකො ථොකං ගන‍්ත්‍වා ථොකං තිට‍්ඨති, න නිරන‍්තරං ගච‍්ඡති, එවමෙව යො පුග‍්ගලො එකදිවසං දානං වා දත්‍වා පූජං වා කත්‍වා ධම‍්මං වා සුත්‍වා සමණධම‍්මං වා කත්‍වා පුන චිරස‍්සං කරොති, න නිරන‍්තරං පවත‍්තෙති, තස‍්ස සා කිරියා අනට‍්ඨිතකිරියතාති වුච‍්චති. ඔලීනවුත‍්තිතාති නිරන‍්තරකරණසඞ‍්ඛාතස‍්ස විප‍්ඵාරස‍්සෙව අභාවෙන ලීනවුත‍්තිතා. නික‍්ඛිත‍්තඡන්‍දතාති කුසලකිරියාය වීරියඡන්‍දස‍්ස නික‍්ඛිත‍්තභාවො. නික‍්ඛිත‍්තධුරතාති වීරියධුරස‍්ස ඔරොපනං, ඔසක‍්කිතමානසතාති අත්‍ථො. අනධිට‍්ඨානන‍්ති කුසලකරණෙ පතිට‍්ඨාභාවො. අනනුයොගොති අනනුයුඤ‍්ජනං. පමාදොති පමජ‍්ජනං. යො එවරූපො පමාදොති ඉදං අත්‍ථපරියායස‍්ස බ්‍යඤ‍්ජනපරියායස‍්ස ච පරියන‍්තාභාවතො ආකාරදස‍්සනං. ඉදං වුත‍්තං හොති – ය‍්වායං ආදිතො පට‍්ඨාය දස‍්සිතො පමාදො, යො අඤ‍්ඤොපි එවමාකාරො එවංජාතිකො පමාදො පමජ‍්ජනාකාරවසෙන පමජ‍්ජනා, පමජ‍්ජිතභාවවසෙන පමජ‍්ජිතත‍්තන‍්ති සඞ‍්ඛං ගතො – අයං වුච‍්චති පමාදොති. ලක‍්ඛණතො පනෙස පඤ‍්චසු කාමගුණෙසු සතිවොස‍්සග‍්ගලක‍්ඛණො, තත්‍ථෙව සතියා විස‍්සට‍්ඨාකාරො වෙදිතබ‍්බො.

පමාද නිද්දේසයෙහි චිත්තස්ස වොස්සග්ගො යන මෙපමණ ස්ථානයෙහි සිහියෙන් නිග්‍රහ නොකොට සිතේ හැරීම. සිහිය නැත යන අර්ථයයි. වොස්සග්ගානුප්පදානං ඵොස්සග්ගයේ අනුප්පදානය, නැවත නැවත විසඳීම යන අර්ථයයි. අසක්කච්ච කිරියතා මේ දානාදි කුසල ධර්මයන්ගේ වැඩීමෙන් පුද්ගලයාගේ හෝ දේය ධර්මයෝ සකස් නොකිරීම් වශයෙන්. නිතරම ඇති සාතච්චං නිතරම නැති බව අසාතච්චං. නිතර නැති කිරියා ඇති බව අසාතච්ච කිරියතා. නිතරම නොකිරීම අනට්ඨිත කිරියතා. කටුස්සා ටිකක් ගොස් ටිකක් නවතී. නිතරම නොයයි. එසේම යම් පුද්ගලයේක එක දවසක් දානයක් හෝ දී පූජාවක් හෝ කොට ධර්මය හෝ අසා මහණකමක් කර නැවත බොහෝ කලකින් කරයි. නිතරම නොපවත්වයි. ඔහුගේ ඒ ක්‍රියාව අනට්ඨිත කිරියා යයි කියනු ලැබේ. ඔලීනමුත්තිතා නිතරම කිරීම් සංඛ්‍යාත පැතිරීම අභාවයෙන් සැඟවුණු ස්වභාවය. නික්ඛිත්ත ඡන්‍දතා කුසල ක්‍රියාවෙහි වීර්ය හා කැමැත්ත අතහැරීම. නික්ඛිත්ත ධුරතා අධික වීර්ය අතහැරීම. පසුබසින ලද සිත් ඇති බව අනධිට්ඨාන කුසල ක්‍රියාවෙහි පිහිටීමක් නැති. අනනුයොගො යෙදීමක් නැති. පමාදො ප්‍රමාදය. යො එවරූපො පමාදො අර්ථ ආකාර සහ ව්‍යඤ්ජන ආකාර කෙළවරක් නැති ආකාර දැක්වීම මෙය කියන ලදි. යමෙක් මුල පටන් ප්‍රමාදය දක්වන ලදි. යම් අන්‍යයෙක්ද එබඳු ආකාර එබඳු ජාතික පමාදො පමාවන ආකාර වශයෙන් පමජ්ජනා පමා වූ බැව්. පමජ්ජිතං ඒ සංඛ්‍යාවට ගිය. අයං වුච්චති පමාදො ලක්‍ෂණ වශයෙන් පඤ්ච කාම ගුණයෙහි සිහිය අත්හරින ලක්‍ෂණය. එහිම සිහිය අත්හළ ආකාරය දතයුතුය.

ථම‍්භනිද‍්දෙසෙ ථද‍්ධට‍්ඨෙන ථම‍්භො; ඛලියා ථද‍්ධසාටකස‍්ස විය චිත‍්තස‍්ස ථද‍්ධතා එත්‍ථ කථිතා. ථම‍්භනාකාරො ථම‍්භනා. ථම‍්භිතස‍්ස භාවො ථම‍්භිතත‍්තං. කක‍්ඛළස‍්ස පුග‍්ගලස‍්ස භාවො කක‍්ඛළියං. ඵරුසස‍්ස පුග‍්ගලස‍්ස භාවො ඵාරුසියං. අභිවාදනාදිසාමීචිරහානං තස‍්සා සාමීචියා අකරණවසෙන උජුමෙව ඨපිතචිත‍්තභාවො උජුචිත‍්තතා. ථද‍්ධස‍්ස අමුදුනො භාවො අමුදුතා. අයං වුච‍්චතීති අයං ථම‍්භො නාම වුච‍්චති, යෙන සමන‍්නාගතො පුග‍්ගලො ගිලිතනඞ‍්ගලසීසො විය අජගරො, වාතභරිතා විය භස‍්තා චෙතියං වා වුඩ‍්ඪතරෙ වා දිස‍්වා ඔනමිතුං න සක‍්කොති, පරියන‍්තෙනෙව චරති. ස‍්වායං චිත‍්තස‍්ස උද‍්ධුමාතභාවලක‍්ඛණොති වෙදිතබ‍්බො.

ථම්භ නිද්දේසයෙහි තද අර්ථයෙන් ථම්භ ඛලියෙන් (කිලුටෙන්) බැඳුණු වස්ත්‍රයේ මෙන් සිතේ තදබව මෙහි කියන ලදි. තද බවේ ආකාරය ථම්භතා නමි. තද බවේ ස්වභාවය ථම්භිතත්තං වේ. රළු මිනිසාගේ භාවය කක්ඛලියං. ඵරුෂ පුද්ගලයාගේ භාවය ඵාරුසියං වේ. අභිවාදන සාමීචිවලට සුදුසු වූ ඔහුගේ සාමීචි නොකිරීම් වශයෙන් සෘජුබව තැබූ සිතේ භාවය උජුචිත්තතා වේ. තද බැවින් මෘදු නොවූ බව අමුදුත්ත වේ. අයං වුච්චති මේ ථම්භ යයි කියනු ලැබේ. යමකින් සමන්විත වූ පුද්ගලයා නගුල් හිස් ගිලින ලද පිඹුරකු මෙන් වාත භරිත භස්ත්‍රාවක් මෙන් සෑයක් හෝ වැඩිමලෙක් හෝ දැක නැමෙන්නට නොහැකිය. කෙළවරින් නොයයි. මේ සිතේ ඉදිමුණු ලකුණු යයි දතයුතුය.

සාරම‍්භනිද‍්දෙසෙ සාරම‍්භනවසෙන සාරම‍්භො. පටිප‍්ඵරිත්‍වා සාරම‍්භො පටිසාරම‍්භො. සාරම‍්භනාකාරො සාරම‍්භනා. පටිප‍්ඵරිත්‍වා සාරම‍්භනා පටිසාරම‍්භනා. පටිසාරම‍්භිතස‍්ස භාවො පටිසාරම‍්භිතත‍්තං. අයං වුච‍්චතීති අයං සාරම‍්භො නාම වුච‍්චති. ස‍්වායං ලක‍්ඛණතො කරණුත‍්තරියලක‍්ඛණො නාම වුච‍්චති, යෙන සමන‍්නාගතො පුග‍්ගලො තද‍්දිගුණං තද‍්දිගුණං කරොති. අගාරිකො සමානො එකෙනෙකස‍්මිං ඝරවත්‍ථුස‍්මිං සජ‍්ජිතෙ අපරො ද‍්වෙ වත්‍ථූනි සජ‍්ජෙති, අපරො චත‍්තාරි, අපරො අට‍්ඨ, අපරො සොළස. අනගාරිකො සමානො එකෙනෙකස‍්මිං නිකායෙ ගහිතෙ, ‘නාහං එතස‍්ස හෙට‍්ඨා භවිස‍්සාමී’ති අපරො ද‍්වෙ ගණ‍්හාති, අපරො තයො, අපරො චත‍්තාරො, අපරො පඤ‍්ච. සාරම‍්භවසෙන හි ගණ‍්හිතුං න වට‍්ටති. අකුසලපක‍්ඛො එස නිරයගාමිමග‍්ගො. කුසලපක‍්ඛවසෙන පන එකස‍්මිං එකං සලාකභත‍්තං දෙන‍්තෙ ද‍්වෙ දාතුං, ද‍්වෙ දෙන‍්තෙ චත‍්තාරි දාතුං වට‍්ටති. භික‍්ඛුනාපි පරෙන එකස‍්මිං නිකායෙ ගහිතෙ, ‘ද‍්වෙ නිකායෙ ගහෙත්‍වා සජ‍්ඣායන‍්තස‍්ස මෙ ඵාසු හොතී’ති විවට‍්ටපක‍්ඛෙ ඨත්‍වා තදුත‍්තරි ගණ‍්හිතුං වට‍්ටති.

සාරම්භ නිද්දේසයෙහි එකට එක කිරීම් වශයෙන් සාරම්භො නැවත පැතිරවීම පටිසාරම්භො වේ. සාරම්භන ආකාරය සාරම්භනා වේ. පටිපථරින් සාරම්භන පටිසාරම්භන වේ. පටිසාරම්භිතයාගේ භාවය පටිසාරම්භිතත්තං වේ. අයං වුච්චති මෙය සාරම්භයයි කියනු ලැබේ. මෙහි ලක්‍ෂණ වශයෙන් එකට එක කිරීමේ ලක්‍ෂණයයි කියනු ලැබේ. මෙයින් යුක්ත වූ පුද්ගලයා එය දෙගුණකොට තුන්ගුණ කොට කරයි. ගිහියෝ එක එක ගෙවල් සැරසූ විට තව එකෙක් වස්තු දෙකක් හදයි. තව එකෙක් හතරක් තව එකෙක් අටක් දහසයක් ආදී වශයෙනි. අනගාරියෙහිද එකෙක් එක නිකායක් ගත්විට මම ඔහුට යට නොවෙමිය අනෙක් නිකාය දෙකක් ගනී. ආකාර තුනක් හතරක් පහක් වශයෙනි. සාරම්භ වශයෙන් ගැනීම නොවටී. අකුසල පක්‍ෂයෙහි මෙය නිරයගාමී මාර්ගයකි. කුසල පක්‍ෂය වශයෙන් එක් ස්ථානයක එක් සලාක බතක් දෙන කල්හි දෙකක් දෙන්ට දෙකක් දෙන කල්හි සතරක් දෙන්ට වටී. භික්‍ෂුව විසින්ද අන්‍යයෙක් එක් නිකායක් ගත්කල්හි නිකාය (ග්‍රන්ථ) දෙකක් ගෙන සජ්ඣායනය මට පහසු වේයයි විවට්ට පක්‍ෂයෙහි සිට ඊට වැඩියක් ගැනීම වටී.

අත්‍රිච‍්ඡතානිද‍්දෙසෙ යථා අරියවංසසුත‍්තෙ (අ· නි· 4.28) ‘ලාමකලාමකට‍්ඨො ඉතරීතරට‍්ඨො’ එවං අග‍්ගහෙත්‍වා චීවරාදීසු යං යං ලද‍්ධං හොති, තෙන තෙන අසන‍්තුට‍්ඨස‍්ස; ගිහිනො වා පන රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බෙසු යං යං ලද‍්ධං හොති, තෙන තෙන අසන‍්තුට‍්ඨස‍්ස. භිය්‍යොකම්‍යතාති විසෙසකාමතා. ඉච‍්ඡනකවසෙන ඉච‍්ඡා. ඉච‍්ඡාව ඉච‍්ඡාගතා, ඉච‍්ඡනාකාරො වා. අත‍්තනො ලාභං අතිච‍්ච ඉච‍්ඡනභාවො අතිච‍්ඡතා. රාගොතිආදීනි හෙට‍්ඨා වුත‍්තත්‍ථානෙව. අයං වුච‍්චතීති අයං අතිච‍්ඡතා නාම වුච‍්චති. අත්‍රිච‍්ඡතාතිපි එතිස‍්සා එව නාමං. ලක‍්ඛණතො පන සකලාභෙ අසන‍්තුට‍්ඨි පරලාභෙ ච පත්‍ථනා – එතං අත්‍රිච‍්ඡතාලක‍්ඛණං. අත්‍රිච‍්ඡපුග‍්ගලස‍්ස හි අත‍්තනා ලද‍්ධං පණීතම‍්පි ලාමකං විය ඛායති, පරෙන ලද‍්ධං ලාමකම‍්පි පණීතං විය ඛායති; එකභාජනෙ පක‍්කයාගු වා භත‍්තං වා පූවො වා අත‍්තනො පත‍්තෙ පක‍්ඛිත‍්තො ලාමකො විය, පරස‍්ස පත‍්තෙ පණීතො විය ඛායති. අයං පන අත්‍රිච‍්ඡතා පබ‍්බජිතානම‍්පි හොති ගිහීනම‍්පි තිරච‍්ඡානගතානම‍්පි.

අත්‍රිච්ඡතා නිද්දේසයෙහි යම්සේ ආර්යවංශ සූත්‍රයෙහි ලාමක අනික් අනික් අර්ථ මෙසේ නොගෙන සිවුරු ආදියෙහි යමක් යමක් ලැබීද එයින් අසන්තෝෂ වූ. ගිහියෝ හෝ රූප ශබ්දාදිය ලැබ එයින් අසන්තෝෂ වූයේ භීය්‍යො කම්‍යතා යනු විසේස කැමැත්ත. කැමතිවීම් වශයෙන් ඉච්ඡා ඉච්ඡාව. ඉච්ඡාගතං කැමතිවන ආකාරය හෝ. තමාගේ ලාභය ඉක්මවා කැමතිවන බව අත්‍රිච්ඡතා වේ. රාගො යනාදිය යට කියන ලද අර්ථය වේ. අයං වුච්චති මේ අත්‍රිච්ඡතා නම් යයි කියනු ලැබේ. ලක්‍ෂණ වශයෙන් වනාහි ස්වකීය ලාභයෙහි අසන්තෝෂය අනුන්ගේ ලාභය ප්‍රාර්ථනා කිරීම. මෙය අත්‍රිච්ඡ ලක්‍ෂණයයි. අත්‍රිච්ඡ පුද්ගලයාට තමා ලද ප්‍රණීතයද ලාමක මෙන් දැනේ. අනුන් නලත් ලාමක දේද ප්‍රණීත ලෙස හැඟේ. එක භාජනයෙහි පිසූ කැඳ හෝ බත් හෝ කැවුම් හෝ තමාගේ පාත්‍රයට දැමූවිට ලාමක මෙන් අනුන්ගේ පාත්‍රයෙහි ප්‍රණීත මෙන් හැඟේ. මේ වනාහි අත්‍රිච්ඡතාව. පැවිද්දන්ගේද ගිහියන්ගේද තිරිසනුන්ගේද ඇත.

තත්‍රිමානි වත්‍ථූනි – එකො කිර කුටුම‍්බිකො තිංස භික‍්ඛුනියො නිමන‍්තෙත්‍වා සපූවං භත‍්තං අදාසි. සඞ‍්ඝත්‍ථෙරී සබ‍්බභික‍්ඛූනීනං පත‍්තෙ පූවං පරිවත‍්තාපෙත්‍වා පච‍්ඡා අත‍්තනා ලද‍්ධමෙව ඛාදි. බාරාණසිරාජාපි ‘අඞ‍්ගාරපක‍්කමංසං ඛාදිස‍්සාමී’ති දෙවිං ආදාය අරඤ‍්ඤං පවිට‍්ඨො එකං කින‍්නරිං දිස‍්වා, දෙවිං පහාය, තස‍්සානුපදං ගතො. දෙවී නිවත‍්තිත්‍වා අස‍්සමපදං ගන‍්ත්‍වා කසිණපරිකම‍්මං කත්‍වා අට‍්ඨ සමාපත‍්තියො පඤ‍්ච ච අභිඤ‍්ඤායො පත්‍වා නිසින‍්නා රාජානං ආගච‍්ඡන‍්තං දිස‍්වා ආකාසෙ උප‍්පතිත්‍වා අගමාසි. රුක‍්ඛෙ අධිවත්‍ථා දෙවතා ඉමං ගාථමාහ –

මේ එහි වස්තුවකි. එක කෙළෙඹියෙක් භික්‍ෂුණීන් තිහකට ආරාධනා කොට පූ සහිත බත් පිළිගැන්වීය. සංඝථෙරී භික්‍ෂුණිය සියළු භික්‍ෂුණීන්ගේ පාත්‍රවල කැවුම් මාරුකරවා පසුව තමා ලද දේ අනුභව කළාය. බරණැස් රජතුමාද අඟුරුවල පැලහූ මස් කන්නෙමියි වනයට පිවිස එක් කිඳුරියක දැක දේවිය හැර ඇගේ පස්සේ ගියේය. දේවිය නැවතී ආශ්‍රමයට ගොස් කසිණ පරිකර්ම කොට අෂ්ට සමාපත්ති හා පඤ්ච අභිඤ්ඤා උපදවා සිටියාය. රජු එනු දැක අහසට නැගී ගියේය. වෘක්‍ෂයෙහි අධිගෘහිත දෙවියා මේ ගීය කීවේය.

අත්‍රිච‍්ඡං අතිලොභෙන, අතිලොභමදෙන ච; එවං හායති අත්‍ථම‍්හා, අහංව අසිතාභුයාති. (ජා· 1.2.168);

අසතුටු දැඩි ලොබින් - දැඩි ලෝබ මදයෙන් යුත් පිරිහේ අත්බවෙන් - සඳවැනි අසිතාබුගෙන්

යථා චන්‍දකින‍්නරිං පත්‍ථයන‍්තො අසිතාභුයා රාජධීතාය හීනො පරිහීනො, එවං අත්‍රිච‍්ඡං අතිලොභෙන අත්‍ථම‍්හ හායති ජීයතීති දෙවතා රඤ‍්ඤා සද‍්ධිං කෙළිමකාසි.

සඳකිඳුරිය පතමින් අසිතාබු රාජ දියණිගෙන් පැරදී හීනව පිරිහුනේ මෙසේ අත්‍රිච්ඡතා වෙනි. අති ලෝභයෙන් පිරිහුණේය. පැරදුනේ යයි දෙවියා රජුට කවටකම් කෙළේය.

කස‍්සපබුද‍්ධකාලෙපි මිත‍්තවින්‍දකො නාම සෙට‍්ඨිපුත‍්තො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො මාතරා ‘තාත, අජ‍්ජ උපොසථිකො හුත්‍වා විහාරෙ සබ‍්බරත‍්තිං ධම‍්මසවනං සුණ, සහස‍්සං තෙ දස‍්සාමී’ති වුත‍්තෙ ධනලොභෙන උපොසථඞ‍්ගානි සමාදාය විහාරං ගන‍්ත්‍වා ‘ඉදං ඨානං අකුතොභය’න‍්ති සල‍්ලක‍්ඛෙත්‍වා ධම‍්මාසනස‍්ස හෙට‍්ඨා නිපන‍්නො සබ‍්බරත‍්තිං නිද‍්දායිත්‍වා ඝරං අගමාසි. මාතා පාතොව යාගුං පචිත්‍වා උපනාමෙසි. සො සහස‍්සං ගහෙත්‍වාව යාගුං පිවි. අථස‍්ස එතදහොසි – ‘ධනං සංහරිස‍්සාමී’ති. සො නාවාය සමුද‍්දං පක‍්ඛන්‍දිතුකාමො අහොසි. අථ නං මාතා “තාත, ඉමස‍්මිං කුලෙ චත‍්තාලීසකොටිධනං අත්‍ථි; අලං ගමනෙනා”ති වාරෙසි. සො තස‍්සා වචනං අනාදියිත්‍වා ගච‍්ඡති එව. සා පුරතො අට‍්ඨාසි. අථ නං කුජ‍්ඣිත්‍වා ‘අයං මය‍්හං පුරතො තිට‍්ඨතී’ති පාදෙන පහරිත්‍වා පතිතං මාතරං අන‍්තරං කත්‍වා අගමාසි. මාතා උට‍්ඨහිත්‍වා “මාදිසාය මාතරි එවරූපං කම‍්මං කත්‍වා ගතස‍්ස මෙ ගතට‍්ඨානෙ සුඛං භවිස‍්සතී”ති එවංසඤ‍්ඤී නාම ත්‍වං පුත‍්තාති ආහ. තස‍්ස නාවං ආරුය‍්හ ගච‍්ඡතො සත‍්තමෙ දිවසෙ නාවා අට‍්ඨාසි. අථ තෙ මනුස‍්සා “අද‍්ධා එත්‍ථ පාපපුරිසො අත්‍ථි; සලාකං දෙථා”ති සලාකා දීයමානා තස‍්සෙව තික‍්ඛත‍්තුං පාපුණි. තෙ තස‍්ස උළුම‍්පං දත්‍වා තං සමුද‍්දෙ පක‍්ඛිපිංසු. සො එකං දීපං ගන‍්ත්‍වා විමානපෙතීහි සද‍්ධිං සම‍්පත‍්තිං අනුභවන‍්තො තාහි “පුරතො මා අගමාසී”ති වුච‍්චමානොපි තද‍්දිගුණං සම‍්පත‍්තිං පස‍්සන‍්තො අනුපුබ‍්බෙන ඛුරචක‍්කධරං එකං පුරිසං අද‍්දස. තස‍්ස තං චක‍්කං පදුමපුප‍්ඵං විය උපට‍්ඨාති. සො තං ආහ – “අම‍්භො, ඉදං තයා පිළන්‍ධපදුමං මය‍්හං දෙහී”ති. “නයිදං, සාමි , පදුමං; ඛුරචක‍්කං එත”න‍්ති. සො “වඤ‍්චෙසි මං ත්‍වං. කිං මෙ පදුමං න දිට‍්ඨපුබ‍්බ”න‍්ති වත්‍වා “ත්‍වඤ‍්හි ලොහිතචන්‍දනං ලිම‍්පෙත්‍වා පිළන්‍ධනං පදුමපුප‍්ඵං මය‍්හං න දාතුකාමොසී”ති ආහ. සො චින‍්තෙසි – ‘අයම‍්පි මයා කතසදිසං කම‍්මං කත්‍වා තස‍්ස ඵලං අනුභවිතුකාමො’ති. අථ නං “හන්‍ද රෙ”ති වත්‍වා තස‍්ස මත්‍ථකෙ චක‍්කං පක‍්ඛිපිත්‍වා පලායි. එතමත්‍ථං විදිත්‍වා සත්‍ථා ඉමං ගාථමාහ –

කාශ්‍යප බුදුරදුන්ගේ කාලයෙහි මිත්ත වින්දක නම් සිටු පුත්‍රයෙක් විය. හේ ශ්‍රද්ධා නැත්තේය. අප්‍රසන්නය. මව, පුතා අද පන්සලට ගොස් සිල් සමාදන් වී මුළු රාත්‍රියේම බණ ඇසුවොත් දහසක් දෙමියි කීවාය. හේ ධන ලෝභයෙන් සිල් සමාදන්ව විහාරයට ගොස් ධර්මාසනය යට බිය නැතැයි සලකා එහි මුළු රෑ නිදාසිට ගෙදර පැමිණියේය. මව පාන්දරම කැඳ හදා දුන්නීය. හේ දහස රැගෙනම කැඳ බීවේය. ඉක්බිති ඔහුට මෙබඳු අදහසෙක් විය. ධනය සොයමි නැවකින් සයුර තරණය කරමි. මෙය මව දැනගත්විට පුතේ, මේ පවුලේ හතලිස් කෝටියක් ධනය තිබෙනවා. ඔය ගමනෙන් වැඩක් නැතැයි වැළකුවාය. හේ ඇගේ වචනය නොගෙන යන්නේ විය. ඕ පෙරටුව සිටියාය. හේ කිපී මවගේ පාදයට ගසා පෙරළා ගියේය. මව නැගිට මෙබඳු වැඩක් කර ගියත් ඔහු ගියතැන සැපයක් වෙන්න මෙබඳු දෙයක් නොකරවයි කීය. නැව් නැගී ගියත් සත්වන දිනයෙහි නැව නැවතුනේය. එවිට එහි මිනිස්සු එ්කාන්තයෙන් මෙහි පවිටෙක් ඇත. සලාක දෙවයි කීහ. සලාක දෙනවිට තුන්වරක්ම ඔහුට සලාකය පැමිණියේය. ඔවුහු ඔහුට පහුරක් දී මුහුදේ දැම්මාහ. හේ එක් දිවයිනකට ගොස් විමාන ප්‍රේතීන් සමග සම්පත් අනුභව කරන්නේ ඔවුන් විසින් ඉදිරියට යන්ට එපා කියත්දීත් දෙගුණයක් සම්පත් බලන්නේ අනුක්‍රමයෙන් උරසක් මාලාවක් දරන පුරුෂයකු දැක්කේය. ඔහුගේ ඒ චක්‍රය පියුමක් මෙන් වැටහුනේය. හේ ඔහුට කී. පින්වත ඔබ පැළඳි මේ පියුම මට දෙන්න. සාමිනී මේ පියුමක් නොවේ. මෙය උරචක්‍රයකි. මා වංචා කරන්න එපා. මම පියුම් දැක නැතැයි සිතා, ඔබ රත්සඳුන් ආලේප කොට පළඳනා නෙළුම්මල මට දෙනු කැමතිද? හෙතෙම සිතීය. මේ තෙමේ ද මා කළ කර්මයට සමාන කර්මයක් කොට එහි ඵලය අනුභව කරනු කැමතිය. ඉක්බිති ඔහුට අඬගසා ඔහුගේ මුදුනෙහි චක්‍රය බහා පලා ගියේය. මෙහි අර්ථය දැන ශාස්තෲන් වහන්සේ මේ ගාථාව කීහ.

“චතුබ‍්භි අට‍්ඨජ‍්ඣගමා, අට‍්ඨහි පිච සොළස; සොළසාහි ච බාත‍්තිංස, අත්‍රිච‍්ඡං චක‍්කමාසදො; ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස, චක‍්කං භමති මත්‍ථකෙ”ති. (ජා· 1.1.104);

හතර අටවීමෙන් - අටෙන් දහසය වන්නේ දහසය දෙතිස වී - නොසතුට සක වෙතම යයි කැමති හළ මිනිසා - මත්තෙහි සක බමන්නේ

අඤ‍්ඤතරොපි අත්‍රිච‍්ඡො අමච‍්චො සකවිසයං අතික‍්කමිත්‍වා පරවිසයං පාවිසි. තත්‍ථ පොථිතො පලායිත්‍වා එකස‍්ස තාපසස‍්ස වසනට‍්ඨානං පවිසිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය නිපජ‍්ජි. සො තාපසෙන ‘කිං තෙ කත’න‍්ති පුච‍්ඡිතො ඉමා ගාථායො අභාසි –

අත්‍රිච්ඡ වූ එක්තරා ඇමතිවරයෙක් සිය විෂය ඉක්මවා පර විෂයකට පැමිණියේය. එහිදී තළා පෙළන ලද්දේ පලාගොස් එක් තවුස් අසපුවකට පැමිණ පෙහෙවස් ඉටා වැද හොත්තේය. ඔබ කුමක් කෙළේදැයි තවුසා ඔහුගෙන් විචාළේය. හේ මේ ගී කීවේය.

“සකං නිකෙතං අතිහීළයානො, අත්‍රිච‍්ඡතා මල‍්ලගාමං අගච‍්ඡිං; තතො ජනා නික‍්ඛමිත්‍වාන ගාමා, කොදණ‍්ඩකෙන පරිපොථයිංසු මං.

තම විසයට නිගා - කරමින් අත්රිච්චයෙන් දුරු රට ගොසින් එහි - මිනිසුන් අතින් බැට කා

“සො භින‍්නසීසො රුහිරමක‍්ඛිතඞ‍්ගො, පච‍්චාගමාසිං සකං නිකෙතං; තස‍්මා අහං පොසථං පාලයාමි, අත්‍රිච‍්ඡතා මා පුනරාගමාසී”ති. (ජා· 1.14.138-139);

හේ බිඳුණු සිරසින් - ලෙහෙ වැකුණු අඟපසඟින් පැමිණි සිය ගමටම - රකිමි සිල් යළි නොඑනුව අත්‍රිච්ඡ නම් නපුරා - යළි මා ගමට එව්වේ

මහිච‍්ඡතානිද‍්දෙසෙ මහන‍්තානි වත්‍ථූනි ඉච‍්ඡති, මහතී වාස‍්ස ඉච‍්ඡාති මහිච‍්ඡො, තස‍්ස භාවො මහිච‍්ඡතා. ලක‍්ඛණතො පන අසන‍්තගුණසම‍්භාවනතා පටිග‍්ගහණෙ ච පරිභොගෙ ච අමත‍්තඤ‍්ඤුතා – එතං මහිච‍්ඡතාලක‍්ඛණං. මහිච‍්ඡො හි පුග‍්ගලො යථා නාම කච‍්ඡපුටවාණිජො පිළන්‍ධනභණ‍්ඩකං හත්‍ථෙන ගහෙත්‍වා උච‍්ඡඞ‍්ගෙපි පක‍්ඛිපිතබ‍්බයුත‍්තකං පක‍්ඛිපිත්‍වා මහාජනස‍්ස පස‍්සන‍්තස‍්සෙව “අම‍්මා, අසුකං ගණ‍්හථ, අසුකං ගණ‍්හථා”ති මුඛෙන සංවිදහති. එවමෙව සො අප‍්පමත‍්තකම‍්පි අත‍්තනො සීලං වා ගන්‍ථං වා ධුතගුණං වා අන‍්තමසො අරඤ‍්ඤවාසමත‍්තකම‍්පි මහාජනස‍්ස ජානන‍්තස‍්සෙව සම‍්භාවෙතුකාමො හොති, සම‍්භාවෙත්‍වා ච පන සකටෙහිපි උපනීතෙ පච‍්චයෙ ‘අල’න‍්ති අවත්‍වා ගණ‍්හාති. තයො හි පූරෙතුං න සක‍්කා – අග‍්ගි උපාදානෙන, සමුද‍්දො උදකෙන, මහිච‍්ඡො පච‍්චයෙහීති.

මහිච්ඡතා නිද්දේසයෙහි, මහත් වූ වස්තු කැමති වේ. ඔහුගේ ආශාව මහත් නිසා මහිච්ඡ වේ. එහි භාවය මහිච්ඡතා වේ. ලක්‍ෂණ වශයෙන් අශාන්ත ගුණයට බර වේ. පිළිගැනීමෙහි සහ පරිභෝගයෙහි ප්‍රමාණයක් නැත. මහිච්ඡ පුද්ගලයා කච්ඡපුට වෙළෙන්දා පළඳින භාණ්ඩ අතින් ගෙන කිහිල්ලේ තබාගත යුතු දේ කිහිලි ගන්නා මහජනයා දකින විට අම්ම අසවල් දේ ගන්න අසවල් දේ ගන්න කියා මුවින් කෑගසයි. එසේම තමාගේ සීළයක් හෝ ග්‍රන්‍ථ පාඩමක් හෝ ධුත ගුණයක් හෝ අල්ප මාත්‍රයක්වත් නැතිව මහජනයාට ඇඟවීමට කැමති වේ. ඇඟවීමෙන් යනු කරත්ත ගණන් ප්‍රත්‍යය පිළිගැන්වුවත් ඇතියි නොකියි ගනී. තුන් දෙනෙකු පිරවිය නොහැක.

අග‍්ගික‍්ඛන්‍ධො සමුද‍්දො ච, මහිච‍්ඡො චාපි පුග‍්ගලො; බහුකෙ පච‍්චයෙ දෙන‍්තෙ, තයො පෙතෙ න පූරයෙ.

ගිනිකඳ සමුදුර ද - මහරුචි පුඟුලාද යන බොහෝ පස දීමෙන් - මෙතුන්දෙන නොපිරේමය

මහිච‍්ඡපුග‍්ගලො හි විජාතමාතුයාපි මනං ගණ‍්හිතුං න සක‍්කොති, පගෙව උපට‍්ඨාකානං.

මහිච්ඡ පුද්ගලයා වැදූ මවගේ සිත ගැනීමට ද නොහැක්කෙකි. උපස්ථායකයින් ගැන කියනුම කවරේද?

තත්‍රිමානි වත්‍ථූනි – එකො කිර දහරභික‍්ඛු පිට‍්ඨපූවෙ පියායති. අථස‍්ස මාතා පටිපත‍්තිං වීමංසමානා ‘සචෙ මෙ පුත‍්තො පටිග‍්ගහණෙ මත‍්තං ජානාති, සකලම‍්පි නං තෙමාසං පූවෙහෙව උපට‍්ඨහිස‍්සාමී’ති වස‍්සූපනායිකදිවසෙ පරිවීමංසමානා පඨමං එකං පූවං අදාසි, තස‍්මිං නිට‍්ඨිතෙ දුතියං, තස‍්මිම‍්පි නිට‍්ඨිතෙ තතියං. දහරො ‘අල’න‍්ති අවත්‍වා ඛාදියෙව. මාතා තස‍්ස අමත‍්තඤ‍්ඤුභාවං ඤත්‍වා ‘අජ‍්ජෙව මෙ පුත‍්තෙන සකලතෙමාසස‍්ස පූවා ඛාදිතා’ති දුතියදිවසතො පට‍්ඨාය එකපූවම‍්පි න අදාසි.

ඊට කථාවස්තු මෙසේය. එක් තරුණ භික්‍ෂුවක් පිටි කැවුම්වලට ප්‍රිය කරයි. ඉක්බිති ඔහුගේ මව පිළිවෙත් විමසනු ලබන්නේ මගේ පුතා පිළිගැනීමේ පමණ දනීනම් තුන්මාසයම පිටි කැවුම්වලින් උපස්ථාන කරමියි වස් එළඹෙන දිනයෙහි විමසන පිණිස පළමුව එක කැවුමක් පිළිගැන්වීය. එය අවසන් වූ පසු දෙවැන්නක්ද ඉන්පසු තුන්වැන්නක්ද තරුණයා ඇතැයි නොකියා අනුභව කෙළේය. මව ඔහුගේ ආහාරයෙහි පමණ නොදන්නා බව දැන අදම මගේ පුතා විසින් තුන් මාසයේම කැවුම් කන ලදැයි දෙවන දිනයේ පටන් එක කැවුමකුදු නුදුන්නාය.

තිස‍්සමහාරාජාපි දෙවසිකං චෙතියපබ‍්බතෙ භික‍්ඛුසඞ‍්ඝස‍්ස දානං දදමානො ‘මහාරාජ, කිං එකමෙව ඨානං භජසි? කිං අඤ‍්ඤත්‍ථ දාතුං න වට‍්ටතී’ති ජානපදෙහි වුත‍්තො දුතියදිවසෙ අනුරාධපුරෙ මහාදානං දාපෙසි. එකභික‍්ඛුපි පටිග‍්ගහණෙ මත‍්තං න අඤ‍්ඤාසි. එකමෙකෙන පටිග‍්ගහිතං ඛාදනීයභොජනීයං ද‍්වෙ තයො ජනා උක‍්ඛිපිංසු. රාජා දුතියදිවසෙ චෙතියපබ‍්බතෙ භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තාපෙත්‍වා රාජන‍්තෙපුරං ආගතකාලෙ “පත‍්තං දෙථා”ති ආහ. “අලං, මහාරාජ, අත‍්තනො පමාණෙන භික‍්ඛං ගණ‍්හිස‍්සතී”ති එකභික‍්ඛුපි පත‍්තං න අදාසි. සබ‍්බෙ පමාණයුත‍්තකමෙව පටිග‍්ගහෙසුං. අථ රාජා ආහ – “පස‍්සථ තුම‍්හාකං භික‍්ඛූසු එකොපි මත‍්තං න ජානාති. හිය්‍යො කිඤ‍්චි අවසෙසං නාහොසි. අජ‍්ජ ගහිතං මන්‍දං, අවසෙසමෙව බහූ”ති තෙසං මත‍්තඤ‍්ඤුතාය අත‍්තමනො ඉතරෙසඤ‍්ච අමත‍්තඤ‍්ඤුතාය අනත‍්තමනො අහොසි.

තිස්ස මහරජතුමාද සෑගිරියෙහි (මිහින්තලේ) භික්‍ෂූන් වහන්සේට දිනපතා දන් දෙයි. මහරජතුමනි, එක තැනක්ම ඇසුරු කරන්නේ ඇයි? වෙනත් තැනකට දන් දෙන්ට නොවටීදැයි ජානපදිකයෝ ඇසූහ. දෙවන දිනයෙහි අනුරාධපුරයෙහි මහා දානයක් දෙවීය. එක භික්‍ෂුවක් වත් පිළිගැනීමේ මාත්‍රයක්වත් නොදනී. එක එක්කෙනා පිළිගන්නා ලද භෝජනවලින් දෙතුන් දෙනෙක් දොස් කීහ. රජතුමා දෙවන දිනයෙහි සෑගිරියේ භික්‍ෂූන්ට රජමාලිගයේ දානයට ආරාධනා කෙළේය. භික්‍ෂුන් දානයට මාලිගාවට වැඩි පසු පාත්‍රය දෙනු මැනවැයි ඉල්ලීය. මහරජ, අවශ්‍ය නැත. තමාගේ ප්‍රමාණයෙන් භික්‍ෂුව ගන්නී යයි එක් භික්‍ෂු නමකුදු පාත්‍රය නුදුන්නේය. සියළු දෙනාම ප්‍රමාණයෙන් යුතුවම පිළිගත්හ. ඉක්බිති රජතුමා බලන්න. ඔබලාගේ හාමුදුරුවන් එක්කෙනෙක්වත් පමණ නොදනී. ඊයේ මොකවත් ඉතිරිවුණේ නැත. අද ගන්නා ලද්දේ ස්වල්පයකි. බොහෝ ඉතිරි විය. උන්වහන්සේලාගේ පමණ දැනීම ගැන සතුටු වූ අතර අනිත් පමණ නොදන්නන් ගැන අසතුටු විය.

පාපිච‍්ඡතානිද‍්දෙසෙ අස‍්සද‍්ධො සමානො සද‍්ධොති මං ජනො ජානාතූතිආදීසු එවං ඉච‍්ඡන‍්තො කිං කරොති? අස‍්සද‍්ධො සද‍්ධාකාරං දස‍්සෙති; දුස‍්සීලාදයො සීලවන‍්තාදීනං ආකාරං දස‍්සෙන‍්ති. කථං? අස‍්සද‍්ධො තාව මහාමහදිවසෙ මනුස‍්සානං විහාරං ආගමනවෙලාය සම‍්මජ‍්ජනිං ආදාය විහාරං සම‍්මජ‍්ජති, කචවරං ඡඩ‍්ඩෙති, මනුස‍්සෙහි දිට‍්ඨභාවං ඤත්‍වා චෙතියඞ‍්ගණං ගච‍්ඡති, තත්‍ථාපි සම‍්මජ‍්ජිත්‍වා කචවරං ඡඩ‍්ඩෙති, වාලිකං සමං කරොති, ආසනානි ධොවති, බොධිම‍්හි උදකං සිඤ‍්චති. මනුස‍්සා දිස‍්වා ‘නත්‍ථි මඤ‍්ඤෙ අඤ‍්ඤො භික‍්ඛු විහාරජග‍්ගනකො, අයමෙව ඉමං විහාරං පටිජග‍්ගති, සද‍්ධො ථෙරො’ති ගමනකාලෙ නිමන‍්තෙත්‍වා ගච‍්ඡන‍්ති. දුස‍්සීලොපි උපට‍්ඨාකානං සම‍්මුඛෙ විනයධරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡති “භන‍්තෙ, මයි ගච‍්ඡන‍්තෙ ගොණො උබ‍්බිග‍්ගො. තෙන ධාවතා තිණානි ඡින‍්නානි. සම‍්මජ‍්ජන‍්තස‍්ස මෙ තිණානි ඡිජ‍්ජන‍්ති. චඞ‍්කමන‍්තස‍්ස මෙ පාණකා මීයන‍්ති. ඛෙළං පාතෙන‍්තස‍්ස අසතියා තිණමත්‍ථකෙ පතති; තත්‍ථ තත්‍ථ කිං හොතී”ති? “අනාපත‍්ති, ආවුසො, අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්සා”ති ච වුත‍්තෙ “භන‍්තෙ, මය‍්හං ගරුකං විය උපට‍්ඨාති; සුට‍්ඨු වීමංසථා”ති භණති. තං සුත්‍වා මනුස‍්සා ‘අම‍්හාකං අය්‍යො එත‍්තකෙපි කුක‍්කුච‍්චායති! අඤ‍්ඤස‍්මිං ඔළාරිකෙ කිං නාම කරිස‍්සති; නත්‍ථි ඉමිනා සදිසො සීලවාති පසන‍්නා සක‍්කාරං කරොන‍්ති. අප‍්පස‍්සුතොපි උපට‍්ඨාකමජ‍්ඣෙ නිසින‍්නො “අසුකො තිපිටකධරො, අසුකො චතුනිකායිකො මය‍්හං අන‍්තෙවාසිකො, මම සන‍්තිකෙ තෙහි ධම‍්මො උග‍්ගහිතො”ති වදති. මනුස‍්සා ‘අම‍්හාකං අය්‍යෙන සදිසො බහුස‍්සුතො නත්‍ථි, එතස‍්ස කිර සන‍්තිකෙ අසුකෙන ච අසුකෙන ච ධම‍්මො උග‍්ගහිතො’ති පසන‍්නා සක‍්කාරං කරොන‍්ති.

පාපිච්ඡතා නිද්දේසයෙහි අශ්‍රද්ධාවන්තයා මා ශ්‍රද්ධාවන්තයකු සේ ජනයා දැනගනිත්වා යයි මෙසේ සිතන්නේ කුමක් කෙරේද? අශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධාව ඇත්තෙකැයි දක්වයි. දුස්සීලයෝ සීලවන්ත ආකාරයක් පෙන්වති. කෙසේද? අශ්‍රද්ධාවන්තයා උත්සව පවත්වන දිනයේ මිනිසුන් විහාරයට එන වෙලාවේ මුසුන ගෙන විහාරය අමදියි. කසල බැහැර කරයි. මිනිසුන් දුටු බව දැක සෑමළුවට යයි. එයද හැමද රොඩු අරන් දමයි. වැලි සමතලා කරයි. මල් ආසන සෝදයි. බෝධියට ජලය ඉසියි. ඒවා මිනිස්සු දැක විහාර වතාවත් කරන වෙන කෙනෙක් නැතිව ඇතැයි සිතා ශ්‍රද්ධාවන්ත භික්‍ෂු නමක් යයි සලකා යන වෙලාවේ ආරාධනා කොට යති. දුස්සීලයාද උපස්ථායකයින් ඉදිරියේ විනයධර භික්‍ෂූන් වෙත පැමිණ විචාරති. මා යනවිට ගොනා තැතිගෙන දුවන්නේ තණකොළ සිඳිනු ලැබීය. මා අමදිනවිටද තණකොළ බිඳුනේය. සක්මන් කරනවිටද ක්‍ෂුද්‍ර ප්‍රාණීහු මිය යති. කෙළ ගසනවිටද තණකොළ මත වැටේ. ඒ ඒ අවස්ථාවල මොකද වෙන්නෙ? ඇවැත්නි නොදැන අසිහියෙන් නොදන්නේ අනාපත්ති වේ. ස්වාමීන් වහන්ස, මට ගරුකයෙක් මෙන් වැටහේ. වහා විමසවයි කියයි. එය අසා මිනිස්සු අපගේ ආර්යයන් වහන්සේ මෙපමණකින්ද සැක කරන්නේය. අනිත් ඕලාරික දේවල් ගැන මොනවා නොකරන්නේ මෙවැනි සීලවන්තයෙක් යයි ප්‍රසන්නව සත්කාර කරති. අල්පශ්‍රැතයාද උපස්ථායකයන් මැද හිඳින්නේ අසවල් නිකාය හතරක් දරන්නා අසවල් ත්‍රිපිටකධරයා මගේ අතවැසියෝය. මා ළඟ ඔවුන් ධර්මය ඉගෙන ගන්නා ලදැයි කියයි. මිනිස්සු අපගේ ආර්යයන් සමාන බහුස්සුතයෙක් නැත. මුන්වහන්සේ සමීපයේ අසවල් අය විසින් ධර්මය ඉගෙන ගන්නා ලද යයි ප්‍රසන්නව සත්කාර කරති.

සඞ‍්ගණිකාරාමොපි මහාමහදිවසෙ දීඝපීඨඤ‍්ච අපස‍්සයඤ‍්ච ගාහාපෙත්‍වා විහාරපච‍්චන‍්තෙ රුක‍්ඛමූලෙ දිවාවිහාරං නිසීදති. මනුස‍්සා ආගන‍්ත්‍වා “ථෙරො කුහි”න‍්ති පුච‍්ඡන‍්ති. “ගණ‍්ඨිකපුත‍්තා නාම ගණ‍්ඨිකා එව හොන‍්ති. තෙන ථෙරො එවරූපෙ කාලෙ ඉධ න නිසීදති, විහාරපච‍්චන‍්තෙ දිවාට‍්ඨානෙ දීඝචඞ‍්කමෙ විහරතී”ති වදන‍්ති. සොපි දිවසභාගං වීතිනාමෙත්‍වා නලාටෙ මක‍්කටසුත‍්තං අල‍්ලියාපෙත්‍වා පීඨං ගාහාපෙත්‍වා ආගම‍්ම පරිවෙණද‍්වාරෙ නිසීදති. මනුස‍්සා “කහං, භන‍්තෙ, ගතත්‍ථ? ආගන‍්ත්‍වා න අද‍්දසම‍්හා”ති වදන‍්ති. “උපාසකා, අන‍්තොවිහාරො ආකිණ‍්ණො; දහරසාමණෙරානං විචරණට‍්ඨානමෙතං සට‍්ඨිහත්‍ථචඞ‍්කමෙ දිවාට‍්ඨානෙ නිසීදිම‍්හා”ති අත‍්තනො පවිවිත‍්තභාවං ජානාපෙති.

ගණ සංගණිකාරාමයෙහි (බොහෝ පිරිස් ඇතිව සිටීම) සිටි කෙනෙක්ද උත්සව පූජා දිනයෙහි දික් පුටුවක්ද හේත්තුවන ලෑල්ලද ගෙන්වාගෙන විහාරයේ පසෙක ගසක් මුල දිවා විවේකයෙහි හිඳියි. මිනිස්සු ඇවිත් තෙරුන් කොහේදැයි අසති. හුදකලාව වසන්නෝ හුදකලාවම සිටිති. එහෙයින් තෙරුන් මේ වෙලාවේ මෙහි නොහිඳති. විහාරයේ පසෙක දිවා ස්ථානයේ දික් සක්මනේ වෙසෙතියි කියති. හේ ද දිවස භාගය ගෙවා නළලෙහි මකුළු දැලක් අලවා පුටුව ගෙන්වාගෙන පැමිණ පිරිවෙන් දොර අසල හිඳයි. මිනිස්සු ස්වාමීන් වහන්සේ කොහේ ගිහින්ද ආවේ නොදුටුවෙමුයි කියති. උපාසකවරුනි, ඇතුළු විහාරය, ආකීර්ණය දහර සාමණේරයින් හැසිරෙන තැනක එයි. සැටරියන් සක්මනෙහි දිවා විහරණයෙන් හුන්නේ යයි තමාගේ විවේකීභාවය දැනවීය.

කුසීතොපි උපට‍්ඨාකමජ‍්ඣෙ නිසින‍්නො “උපාසකා, තුම‍්හෙහි උක‍්කාපාතො දිට‍්ඨො”ති වදති. “න පස‍්සාම, භන‍්තෙ; කාය වෙලාය අහොසී”ති ච පුට‍්ඨො “අම‍්හාකං චඞ‍්කමනවෙලායා”ති වත්‍වා “භූමිචාලසද‍්දං අස‍්සුත්‍ථා”ති පුච‍්ඡති. “න සුණාම, භන‍්තෙ; කාය වෙලායා”ති පුට‍්ඨො “මජ‍්ඣිමයාමෙ අම‍්හාකං ආලම‍්බනඵලකං අපස‍්සාය ඨිතකාලෙ”ති වත්‍වා “මහාඔභාසො අහොසි; සො වො දිට‍්ඨො”ති පුච‍්ඡති. “කාය වෙලාය, භන‍්තෙ”ති ච වුත‍්තෙ “මය‍්හං චඞ‍්කමම‍්හා ඔතරණකාලෙ”ති වදති. මනුස‍්සා ‘අම‍්හාකං ථෙරො තීසුපි යාමෙසු චඞ‍්කමෙයෙව හොති; නත්‍ථි අය්‍යෙන සදිසො ආරද‍්ධවීරියො’ති පසන‍්නා සක‍්කාරං කරොන‍්ති.

කුසීතයාද උපස්ථායකයින් මැද සිටින්නේ උපාසකවරුනි, ඔබලා උල්කාපාත වේලෙහි දකිනලදැයි කියයි. ස්වාමීනි, නොදැක්කෙමු. කුමන වේලාවේදැයි අසන ලද්දේ අපගේ සක්මන් වේලාවේ යයි කියා පොළව කම්පාවෙන ශබ්දය නොඇසුණේදැයි විචාළේය. නොඇසුවෙමුයි ස්වාමීනි, කුමන වේලාවේදැයි අසන ලද්දේ මධ්‍යම යාමයෙහි අපගේ එල්බෙන පලක ලෑල්ලෙහි හේත්තු වී සිටිනවිට යයි කියා මහා එළියක් ඇතිවුණා දැක්කෙ නැද්දැයි ඇසීය. ස්වාමීනි, කොයි වෙලාවෙදැයි ඇසූවිට මම සක්මනින් බසින වෙලාවෙ යයි කියයි. මිනිස්සු අපගේ තෙරුන් වහන්සේ තුන් යාමයෙහිම සක්මනේම සිටිති. ආර්යයන් වහන්සේ සමාන වීර්ය ඇති කෙනෙක් නැතැයි පැහැදී සත්කාර කරති.

මුට‍්ඨස‍්සතීපි උපට‍්ඨාකමජ‍්ඣෙ නිසින‍්නො “මයා අසුකකාලෙ නාම දීඝනිකායො උග‍්ගහිතො, අසුකකාලෙ මජ‍්ඣිමො, සංයුත‍්තකො, අඞ‍්ගුත‍්තරිකො; අන‍්තරා ඔලොකනං නාම නත්‍ථි, ඉච‍්ඡිතිච‍්ඡතට‍්ඨානෙ මුඛාරුළ‍්හොව තන‍්ති ආගච‍්ඡති; ඉමෙ පනඤ‍්ඤෙ භික‍්ඛූ එළකා විය මුඛං ඵන්‍දාපෙන‍්තා විහරන‍්තී”ති වදති. මනුස‍්සා ‘නත්‍ථි අය්‍යෙන සදිසො උපට‍්ඨිතසතී’ති පසන‍්නා සක‍්කාරං කරොන‍්ති.

සිහිමුළා වූවහුද උපස්ථායකයින් මැද සිටින්නේ අසවල් කාලයෙහි මම දීඝනිකාය ඉගෙන ගත්තෙ, අසවල් කාලයේ මජ්ඣිම නිකාය, සංයුත්තකය අංගුත්තරය යයි අතරතුර බැලීමක් නැත. හිතුණු හිතුණු වෙලාවේ පෙල කටට නැගෙයි. අනිත් ස්වාමීන් වහන්සේලා එළුවෝ මෙන් කට සොලවා වාසය කරතියි කියයි. මිනිස්සු ආර්යයන් වහන්සේ සමාන එළඹ සිටි සිහි ඇති කෙනෙක් නැතැයි පැහැදී සත්කාර කරති.

අසමාහිතොපි උපට‍්ඨාකානං සම‍්මුඛෙ අට‍්ඨකථාචරියෙ පඤ‍්හං පුච‍්ඡති – ‘කසිණං නාම කථං භාවෙති? කිත‍්තකෙන නිමිත‍්තං උප‍්පන‍්නං නාම හොති? කිත‍්තකෙන උපචාරො? කිත‍්තකෙන අප‍්පනා? පඨමස‍්ස ඣානස‍්ස කති අඞ‍්ගානි? දුතියස‍්ස තතියස‍්ස චතුත්‍ථස‍්ස ඣානස‍්ස කති අඞ‍්ගානි”ති පුච‍්ඡති. තෙහි අත‍්තනො උග‍්ගහිතානුරූපෙන කථිතකාලෙ සිතං කත්‍වා ‘කිං, ආවුසො, එවං න හොසී’ති වුත‍්තෙ ‘වට‍්ටති, භන‍්තෙ’ති අත‍්තනො සමාපත‍්තිලාභිතං සූචෙති. මනුස‍්සා ‘සමාපත‍්තිලාභී අය්‍යො’ති පසන‍්නා සක‍්කාරං කරොන‍්ති.

සන්සුන් නොවූ තැනැත්තාද උපස්ථායකයින් ඉදිරියේ අටුවා ඇදුරන්ගෙන් ප්‍රශ්න අසයි. කසිණය වඩන්නේ කෙසේද? කොපමණකින් නිමිති උපදීද? කොපමණකින් උපචාර වේද? කොපමණකින් අර්පණා වේද? ප්‍රථම ධ්‍යානයේ අංග කීයද? දෙවන-තුන්වන-සතරවෙනි ධ්‍යානවල අංග කීයදැයි විචාරයි. උන්වහන්සේලා විසින් තමන්ගේ ඉගෙනගත් පරිද්දෙන් කියන ලද කල සිනාසී ඇවැත්නි, මෙසේ නොවේදැයි කී කල්හි ස්වාමීනි වටී යයි තමා සමාපත්ති ලාභියකු යයි අඟවයි. මිනිස්සු ආර්යන් වහන්සේ සමාපත්ති ලාභියෙකු යයි පැහැදී සත්කාර කරති.

දුප‍්පඤ‍්ඤොපි උපට‍්ඨාකානං මජ‍්ඣෙ නිසින‍්නො ‘මජ‍්ඣිමනිකායෙ මෙ පඤ‍්චත‍්තයං ඔලොකෙන‍්තස‍්ස සහිද‍්ධියාව මග‍්ගො ආගතො. පරියත‍්ති නාම අම‍්හාකං න දුක‍්කරා. පරියත‍්තිවාවටො පන දුක‍්ඛතො න මුච‍්චතීති පරියත‍්තිං විස‍්සජ‍්ජයිම‍්හා’තිආදීනි වදන‍්තො අත‍්තනො මහාපඤ‍්ඤතං දීපෙති. එවං වදන‍්තො පනස‍්ස සාසනෙ පහාරං දෙති. ඉමිනා සදිසො මහාචොරො නාම නත්‍ථි. න හි පරියත‍්තිධරො දුක‍්ඛතො න මුච‍්චතීති. අඛීණාසවොපි ගාමදාරකෙ දිස‍්වා ‘තුම‍්හාකං මාතාපිතරො අම‍්හෙ කිං වදන‍්තී”ති? “අරහාති වදන‍්ති, භන‍්තෙ”ති. ‘යාව ඡෙකා ගහපතිකා, න සක‍්කා වඤ‍්චෙතු’න‍්ති අත‍්තනො ඛීණාසවභාවං දීපෙති.

දුෂ්ප්‍රාඥ තෙමේද උපස්ථායකයින් මැද හුන්නේ, මජ්ඣිමනිකායේ පපඤ්ච තුන බලමින් සිටිනවිට සෘද්ධිය සමග මාර්ගය පැමිණුනේය. පරියත්තිය (බුද්ධ වචනය) මට අමාරු නොවේ. පරියත්තියේ යෙදුනාට දුකින් නොමිදේ යයි පරියත්තිය අත්හැරියෙමියි ආදිය කියන්නේ තමාගේ මහා ප්‍රාඥකම දක්වයි. මෙසේ කියමින් ශාසනයට පහරදෙයි. මොහු හා සමාන මහ සොරෙක් නැත. පරියත්තිය නැත්තෙක් දුකින් නොමිදේ. රහත් නොවූවෙක්ද ගම්දරුවන් දැක ඔබලාගේ මව්පියෝ අප ගැන කුමක් කියත්ද ස්වාමීනි රහත් යයි කියති. තමා රහත් යයි ද කළ ගෘහපතියන් රැවටිය නොහැක.

අඤ‍්ඤෙපි චෙත්‍ථ චාටිඅරහන‍්තපාරොහඅරහන‍්තාදයො වෙදිතබ‍්බා – එකො කිර කුහකො අන‍්තොගබ‍්භෙ චාටිං නිඛණිත්‍වා මනුස‍්සානං ආගමනකාලෙ පවිසති. මනුස‍්සා ‘කහං ථෙරො’ති පුච‍්ඡන‍්ති. ‘අන‍්තොගබ‍්භෙ’ති ච වුත‍්තෙ පවිසිත්‍වා විචිනන‍්තාපි අදිස‍්වා නික‍්ඛමිත්‍වා ‘නත්‍ථි ථෙරො’ති වදන‍්ති. ‘අන‍්තොගබ‍්භෙයෙව ථෙරො’ති ච වුත‍්තෙ පුන පවිසන‍්ති. ථෙරො චාටිතො නික‍්ඛමිත්‍වා පීඨෙ නිසින‍්නො හොති. තතො තෙහි ‘මයං, භන‍්තෙ, පුබ‍්බෙ අදිස‍්වා නික‍්ඛන‍්තා, කහං තුම‍්හෙ ගතත්‍ථා”ති වුත‍්තෙ ‘සමණා නාම අත‍්තනො ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානං ගච‍්ඡන‍්තී’ති වචනෙන අත‍්තනො ඛීණාසවභාවං දීපෙති.

අනිකුදු හැලි රහත් පාරෝහ (අරළු) රහත් ආදීන් දතයුතුය. එකෙක් වනාහි කුහකයෙකි. ඇතුළුගැබ හැලියක් වළලා මිනිසුන් එන වෙලාවට හැලියට බසී. මිනිස්සු තෙරුන් කොහේදැයි අසති. ඇතුළු ගැබේ යයි කී කල්හි පිවිස සොයන්නේ නොදැක නික්මී තෙරුන් එහි නැතැයි කියති. තෙරුන් ඇතුළු ගැබේම යයි කීවිට නැවත පිවිසෙති. හේ සැලියෙන් නික්මී පුටුවේ හිඳ සිටී. එයින් ඔවුන් ස්වාමීනි අපි කලින් නොදැක ගියෙමු. ඔබවහන්සේ වැඩියේ කොහේදැයි ඇසූවිට ශ්‍රමණයින් තමන් කැමති කැමති තැනකට යති’යි වචනයෙන් තමන් රහත් බව අඟවයි.

අපරොපි කුහකො එකස‍්මිං පබ‍්බතෙ පණ‍්ණසාලායං වසති. පණ‍්ණසාලාය ච පච‍්ඡතො පපාතට‍්ඨානෙ එකො කච‍්ඡකරුක‍්ඛො අත්‍ථි. තස‍්ස පාරොහො ගන‍්ත්‍වා පරභාගෙ භූමියං පතිට‍්ඨිතො. මනුස‍්සා මග‍්ගෙනාගන‍්ත්‍වා නිමන‍්තෙන‍්ති. සො පත‍්තචීවරමාදාය පාරොහෙන ඔතරිත්‍වා ගාමද‍්වාරෙ අත‍්තානං දස‍්සෙති. තතො මනුස‍්සෙහි පච‍්ඡා ආගන‍්ත්‍වා ‘කතරෙන මග‍්ගෙන ආගතත්‍ථ, භන‍්තෙ’ති පුට‍්ඨො ‘සමණානං ආගතමග‍්ගො නාම පුච‍්ඡිතුං න වට‍්ටති, අත‍්තනො ඉච‍්ඡිතිච‍්ඡිතට‍්ඨානෙනෙව ආගච‍්ඡන‍්තී’ති වචනෙන ඛීණාසවභාවං දීපෙති. තං පන කුහකං එකො විද‍්ධකණ‍්ණො ඤත්‍වා ‘පරිග‍්ගහෙස‍්සාමි න’න‍්ති එකදිවසං පාරොහෙන ඔතරන‍්තං දිස‍්වා පච‍්ඡතො ඡින්‍දිත්‍වා අප‍්පමත‍්තකෙන ඨපෙසි. සො ‘පාරොහතො ඔතරිස‍්සාමී’ති ‘ඨ’න‍්ති පතිතො, මත‍්තිකා පත‍්තො භිජ‍්ජි. සො ‘ඤාතොම‍්හී’ති නික‍්ඛමිත්‍වා පලායි. පාපිච‍්ඡස‍්ස භාවො පාපිච‍්ඡතා. ලක‍්ඛණතො පන අසන‍්තගුණසම‍්භාවනතා, පටිග‍්ගහණෙ ච අමත‍්තඤ‍්ඤුතා; එතං පාපිච‍්ඡතාලක‍්ඛණන‍්ති වෙදිතබ‍්බං.

තවද කුහකයෙක් එක් පර්වතයක පන්සලක වසයි. පන්සල පිටුපසින් ප්‍රපාත ස්ථානයක එක් නුගගසක් ඇත. එයින් අරළු ඇදී බිමට පාත්වී ඇත. මිනිස්සු මාර්ගයෙන් ඇවිත් ආරාධනා කරති. හේ පාසිවුරු ගෙන අරළුවලින් බැස ගම්දොර තමන් දක්වයි. එයින් මිනිසුන්ට පසුව ඇවිත් කුමන මගකින් ආවේදැයි අසන ලද්දේ ශ්‍රමණයින් ආ මග ඇසීම සුදුසු නැතැයිද තමන් කැමති කැමති තැනකින්ම එත් යයි වචනයෙන් රහත්බව දක්වයි. ඒ කුහකයා එක් විදුකණෙක් දැන ඔහු පරීක්‍ෂා කරමියි එක් දිනක් අරළුවෙන් බස්නා ඔහු දැක පසුපසින් සිඳ ටිකක් ඉතිරි කළේය. හේ අරළුවෙන් බසිමියි පොළොවේ වැටී මැටිපාත්‍රය බිඳුනේය. හේ දැනගත්තේ යයි දැන පලා ගියේය. පවිටාගේ භාවය පාපිච්ඡතා වේ. ලක්‍ෂණ වශයෙන් නැති ගුණ පෙන්වීම් ස්වභාවයෙන් යුක්තවීම. පිළිගැනීමේද පමණ නොදනී. මේ පාපිච්ඡතා ලක්‍ෂණයයි දතයුතුය.

සිඞ‍්ගනිද‍්දෙසෙ විජ‍්ඣනට‍්ඨෙන සිඞ‍්ගං; නාගරිකභාවසඞ‍්ඛාතස‍්ස කිලෙසසිඞ‍්ගස‍්සෙතං නාමං. සිඞ‍්ගාරභාවො සිඞ‍්ගාරතා, සිඞ‍්ගාරකරණාකාරො වා. චතුරභාවො චතුරතා. තථා චාතුරියං. පරික‍්ඛතභාවො පරික‍්ඛතතා; පරිඛණිත්‍වා ඨපිතස‍්සෙව දළ‍්හසිඞ‍්ගාරභාවස‍්සෙතං නාමං . ඉතරං තස‍්සෙව වෙවචනං. එවං සබ‍්බෙහිපි පදෙහි කිලෙසසිඞ‍්ගාරතාව කථිතා.

සිංහ නිද්දේසයෙහි විඳීම් අර්ථයෙන් සිංග නම් වේ. නාගරික භව සංඛ්‍යාත කෙලෙස් සිංගය වේ. තියුණු කෙලෙස් ඇත්තාගේ ස්වභාවය සිංගාරතා වේ. ශෘංගාරය ඇතිකරන ආකාරය හෝ සිංගාරතා වේ. චතුරභාවය චතුරතා වේ. එසේම චාතුරියං වේ. පරීක්‍ෂා කරන්නේ භාවය පරික්ඛත්තතා වේ. සාරා තබන ලද දැඩි ශෘංගාර භාවයට මෙය නමකි. ඉතිරි ඒවා එහිම සමාන වචන වේ. මෙසේ සියළු පදවලින්ම කෙලෙස් සිංගාරතාවම කියන ලදි.

තින‍්තිණනිද‍්දෙසෙ තින‍්තිණන‍්ති ඛීයනං. තින‍්තිණායනාකාරො තින‍්තිණායනා. තින‍්තිණෙන අයිතස‍්ස තින‍්තිණසමඞ‍්ගිනො භාවො තින‍්තිණායිතත‍්තං. ලොලුපභාවො ලොලුප‍්පං. ඉතරෙ ද‍්වෙ ආකාරභාවනිද‍්දෙසා. පුච‍්ඡඤ‍්ජිකතාති ලාභලභනකට‍්ඨානෙ වෙධනාකම‍්පනා නීචවුත‍්තිතා. සාධුකම්‍යතාති පණීතපණීතානං පත්‍ථනා. එවං සබ‍්බෙහිපි පදෙහි සුවානදොණියං කඤ‍්ජියං පිවනකසුනඛස‍්ස අඤ‍්ඤං සුනඛං දිස‍්වා භුභුක‍්කරණං විය ‘තව සන‍්තකං, මම සන‍්තක’න‍්ති කිලෙසවසෙන ඛීයනාකාරො කථිතො.

තින්තිණ නිද්දේසයෙහි තින්තිණා යනු දොස් නැති බවයි. දොස් නගන ආකාරය තින්තිණායතා නම් වේ. දොස් නැගීමෙන් යුක්ත භාවය තින්තිණායිතත්තං වේ. අධික තෘෂ්ණා ඇත්තාගේ භාවය ලොලුප්පං වේ. පුච්ඡංඛිකතා යනු ලබන නොලබන තැන්වල වේදනාව කම්පාව පහත් පැවතුම් ඇති බව. සාධුකම්පිකා යනු ප්‍රණීත ප්‍රණීත වූ ප්‍රාර්ථනා. මෙසේ සියළු පදවලින් බලු ඔරුවක කැඳ බොන සුනඛයෙක් වෙනත් සුනඛයෙකු දැක බුරනවා මෙන් ඔබ සතුය මා සතුයයි කෙලෙස් වශයෙන් දොස් නගන ආකාරය කියන ලදි.

චාපල්‍යනිද‍්දෙසෙ ආකොටිතපච‍්චාකොටිතභාවාදීහි චීවරස‍්ස මණ‍්ඩනා චීවරමණ‍්ඩනා. මණිවණ‍්ණච‍්ඡවිකරණාදීහි පත‍්තස‍්ස මණ‍්ඩනා පත‍්තමණ‍්ඩනා. චිත‍්තකම‍්මාදීහි පුග‍්ගලිකසෙනාසනස‍්ස මණ‍්ඩනා සෙනාසනමණ‍්ඩනා. ඉමස‍්ස වා පූතිකායස‍්සාති ඉමස‍්ස මනුස‍්සසරීරස‍්ස. යථා හි තදහුජාතොපි සිඞ‍්ගාලො ජරසිඞ‍්ගාලොත්‍වෙව ඌරුප‍්පමාණාපි ච ගළොචිලතා පූතිලතාත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති, එවං සුවණ‍්ණවණ‍්ණොපි මනුස‍්සකායො පූතිකායොත්‍වෙව වුච‍්චති. තස‍්ස අන‍්තරන‍්තරා රත‍්තවණ‍්ණපණ‍්ඩුවණ‍්ණාදීහි නිවාසනපාරුපනාදීහි සජ‍්ජනා මණ‍්ඩනා නාම. බාහිරානං වා පරික‍්ඛාරානන‍්ති ඨපෙත්‍වා පත‍්තචීවරං සෙසපරික‍්ඛාරානං; අථවා යා එසා චීවරමණ‍්ඩනා පත‍්තමණ‍්ඩනාති වුත‍්තා, සා තෙහි වා පරික‍්ඛාරෙහි කායස‍්ස මණ‍්ඩනා තෙසං වා බාහිරපරික‍්ඛාරානං මණ‍්ඩෙත්‍වා ඨපනවසෙන මණ‍්ඩනාති එවමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. මණ‍්ඩනා විභූසනාති එත්‍ථ ඌනට‍්ඨානස‍්ස පූරණවසෙන මණ‍්ඩනා, ඡවිරාගාදිවසෙන විභූසනාති වෙදිතබ‍්බා. කෙළනාති කීළනා. පරිකෙළනාති පරිකීළනා. ගිද‍්ධිකතාති ගෙධයුත‍්තතා. ගිද‍්ධිකත‍්තන‍්ති තස‍්සෙව වෙවචනං. චපලභාවො චපලතා. තථා චාපල්‍යං. ඉදං වුච‍්චතීති ඉදං චාපල්‍යං නාම වුච‍්චති, යෙන සමන‍්නාගතො පුග‍්ගලො වස‍්සසතිකොපි සමානො තදහුජාතදාරකො විය හොති.

චාපල්‍ය නිද්දේසයෙහි - මදින ලද නැවත නැවත මැදීම් ස්වභාවයෙන් සිවුර සැරසීම චීවර මණ්ඩනා වේ. මැණික් වර්ණ සිවිය ඇතිකිරීම් ආදියෙන් පාත්‍රය සැරසීම පත්තමණ්ඩනා වේ. චිත්‍රකර්ම ආදියෙන් පෞද්ගලික සෙනසුන සැරසීම සෙනාසනමණ්ඩනා වේ. ඉමස්ස වා පූතිකායස්සා යනු මේ මනුෂ්‍ය ශරීරයේ, එවෙලේම උපන් සිවලාද ජරසිගාලම වේ. කලවා ප්‍රමාණ රසකිඳ වැලද කණවැල සංඛ්‍යාවට යයි. මෙසේ රන්වන් වූ මිනිස් සිරුර කුණු ශරීර යයි කියනු ලැබේ. එය කලින් කල රතුපාට කහපාට ආදි හඳින පෙරවන වස්ත්‍රාදියෙන් සෑදීම මණ්ඩනා නම් වේ. බාහිරානංවා පරික්ඛාරානං පාසිවුරු හැර සෙසු පිරකර. එසේ නැතහොත් මේ සිවුරු සැරසිම් පාත්‍ර සැරසීම් යයි කියන ලදි. ඒ පිරිකරවලින් හෝ සිරුර සැරසීම ඒ බාහිර පිරිකර සරසා තැබීම් වශයෙන් සැරසීම යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. මණ්ඩනා විභූසනා යනු මෙහි අඩුතැන් පිරවීම් වශයෙන් මණ්ඩනා ද සමේ ආලේප වශයෙන් විභූසනයයිද දතයුතුය. කෙළනා යනු ක්‍රීඩාවයි. පරිකෙළනා යනු ක්‍රීඩාවමය. ගිද්ධිකතා යනු තෘෂ්ණාවෙන් යුක්ත බව. ගිද්ධිකත්ත ඊටම වචනයකි. චපල බව චපලතා වේ. එසේම චාපල්‍යං ඉදං වුච්චතී මෙය චාපල්‍ය යයි කියනු ලැබේ. මෙයින් සමන්විත පුද්ගලයා වස් සියයක් ගියද එදා උපන් දරුවකුට සමාන වේ.

අසභාගවුත‍්තිනිද‍්දෙසෙ විප‍්පටිකූලග‍්ගාහිතාති අනනුලොමග‍්ගාහිතා. විපච‍්චනීකසාතතාති විපච‍්චනීකෙන පටිවිරුද‍්ධකරණෙන සුඛායනා. අනාදරභාවො අනාදරියං. තථා අනාදරියතා. අගාරවස‍්ස භාවො අගාරවතා. ජෙට‍්ඨකභාවස‍්ස අකරණං අප‍්පතිස‍්සවතා. අයං වුච‍්චතීති අයං අසභාගවුත‍්ති නාම වුච‍්චති; විසභාගජීවිකතාති අත්‍ථො; යාය සමන‍්නාගතො පුග‍්ගලො මාතරං පිතරං වා ගිලානං පටිවත‍්තිත්‍වාපි න ඔලොකෙති; පිතුසන‍්තකස‍්ස කාරණා මාතරා සද‍්ධිං, මාතුසන‍්තකස‍්ස කාරණා පිතරා සද‍්ධිං කලහං කරොති; විසභාගජීවිතං ජීවති, මාතාපිතූනං සන‍්තකස‍්ස කාරණා ජෙට‍්ඨෙන වා කනිට‍්ඨෙන වා භාතරා සද‍්ධිං කලහං කරොති, නිල‍්ලජ‍්ජවචනං වදති, ආචරියස‍්ස වා උපජ‍්ඣායස‍්ස වා වත‍්තපටිවත‍්තං න කරොති, ගිලානං න උපට‍්ඨාති, බුද‍්ධස‍්ස භගවතො චෙතියදස‍්සනට‍්ඨානෙ උච‍්චාරං වා පස‍්සාවං වා කරොති, ඛෙළම‍්පි සිඞ‍්ඝාණිකම‍්පි ඡඩ‍්ඩෙති, ඡත‍්තං ධාරෙති, උපාහනා ආරුය‍්හ ගච‍්ඡති, බුද‍්ධසාවකෙසු න ලජ‍්ජති, සඞ‍්ඝෙ චිත‍්තීකාරං න කරොති, මාතිමත‍්තපිතිමත‍්තාදීසු ගරුට‍්ඨානීයෙසු හිරොත‍්තප‍්පං න පච‍්චුපට‍්ඨාපෙති. තස‍්සෙවං පවත‍්තමානස‍්ස සබ‍්බා පෙසා කිරියා මාතරීතිආදීසුපි වත්‍ථූසු අසභාගවුත‍්තිතා නාම හොති.

අසභාග වුත්ති නිද්දේසයෙහි විප්පටිකූලගාහිතා යනු අනුලොම් නොවන ගැනීමය. විපච්චනීකසාතතා යනු ප්‍රතිවිරුද්ධ කරුණකින් සුව මග. අනාදරභාවය අනාදරියං වේ. එසේම අනාදරියතා වේ. අගෞරව බව අගාරවතා වේ. දෙටුබව නොකිරීම අප්පටිස්සවතා වේ. අයං වුච්චති මේ අසභාග වුත්තිය නම් වේ. විසභාග ජීවිත යන අර්ථයයි. මේ ලක්‍ෂණයෙන් යුත් පුද්ගලයා මව හෝ පියා හෝ ගිලනකු දෙස හැරීවත් නොබලයි. පියා සතු දේ ගැන මව සමගද මව සතු දේ ගැන පියා සමගද කලහ කරයි. විසභාග ජීවිත ගතකරයි. මව්පියන් සතු දේ ගැන දෙටු හෝ කනිටු සොයුරන් සමග කලහ කරයි. ලජ්ජා නැති වචන කියයි. ආචාර්යවරයාගේ හෝ උපාධ්‍යායයාගේ වත්පිළිවෙත් නොකරයි. ගිලනුන්ට උවටැන් නොකරයි. සෑයට නුදුරෙහි මල මූ පහකරයි. කෙල සොටු දමයි. වහන් නැගී යයි. බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි ලජ්ජා නොවෙයි. සංඝයාට ගරු නොකරයි. මවගේ මව පියාගේ මව ආදී ගරු කළයුත්තන් කෙරෙහි ලැජ්ජා බය නැතිව හැසිරෙයි. මෙසේ ඔහු පවත්වන සියළු කිරිය මාපිය වත්වලින් අසභාග වෘත්ති නම් වේ.

අරතිනිද‍්දෙසෙ පන‍්තෙසූති දූරෙසු විවිත‍්තෙසු වා. අධිකුසලෙසූති සමථවිපස‍්සනාධම‍්මෙසු. අරතීති රතිපටික‍්ඛෙපො. අරතිතාති අරමණාකාරො. අනභිරතීති අනභිරතභාවො. අනභිරමණාති අනභිරමණාකාරො. උක‍්කණ‍්ඨිතාති උක‍්කණ‍්ඨනාකාරො. පරිතස‍්සිතාති උක‍්කණ‍්ඨනවසෙනෙව පරිතස‍්සනා.

අරති නිද්දේසයෙහි පන්තෙසු දුර වූ විවේකයෙහි. අධිකුසලෙසු සමථ විපස්සනා ධර්මවල. අරතී ඇලීම දුරුකළා වූ අරතිතා ඇලීම් නොවන ආකාරය. අනභිරති නොඇලෙන බව. අනභිරමතා අභිරමනය නොවන ආකාරය. උක්කණ්ඨිතා උකටලී වන ආකාරය. පරිතස්සිතා කලකිරීම් වශයෙන් ආශාවෙන් පීඩිතවීම.

තන්‍දීනිද‍්දෙසෙ තන්‍දීති ජාතිආලසියං. තන්‍දියනාති තන්‍දියනාකාරො. තන්‍දිමනකතාති තන්‍දියා අභිභූතචිත‍්තතා. අලසස‍්ස භාවො ආලස්‍යං. ආලස්‍යායනාකාරො ආලස්‍යායනා. අලස්‍යායිතස‍්ස භාවො ආලස්‍යායිතත‍්තං. ඉති සබ‍්බෙහිපි ඉමෙහි පදෙහි කිලෙසවසෙන කායාලසියං කථිතං.

තන්‍දි නිද්දේසයෙහි තන්‍දි යනු ජාති අලසබවය. තන්‍දියතා අලසවන ආකාරය. තන්‍දිමනතා අලසබවින් මැඩගත් සිත. අලසයාගේ ස්වභාවය ආලස්සං වේ. අලස වන ආකාරය ආලස්සයනා වේ. අලයගේ භාවය ආලස්සායිතත්තං වේ. මෙසේ මේ සියළු පදවලින් කෙලෙස් වසයෙන් කයේ අලසබව කියන ලදි.

විජම‍්භිතානිද‍්දෙසෙ ජම‍්භනාති ඵන්‍දනා. පුනප‍්පුනං ජම‍්භනා විජම‍්භනා. ආනමනාති පුරතො නමනා. විනමනාති පච‍්ඡතො නමනා. සන‍්නමනාති සමන‍්තතො නමනා. පණමනාති යථා හි තන‍්තතො උට‍්ඨිතපෙසකාරො කිස‍්මිඤ‍්චිදෙව ගහෙත්‍වා උජුකං කායං උස‍්සාපෙති, එවං කායස‍්ස උද‍්ධං ඨපනා. බ්‍යාධියකන‍්ති උප‍්පන‍්නබ්‍යාධිතා. ඉති සබ‍්බෙහිපි ඉමෙහි පදෙහි කිලෙසවසෙන කායඵන්‍දනමෙව කථිතං.

විජම්භිතා නිද්දේසයෙහි ජම්භනා යනු සැලීමයි. නැවත නැවත සැලීම විජම්භනා වේ. ආනමතා යනු ඉදිරියෙන් නැමීමයි. පනාමතා යනු නූල් යන්ත්‍රයෙන් නැගිටි පෙහෙකරුවා කිසියම් දෙයක් ගෙන ශරීරය ඔසවයි. මෙසේ කය කෙලින්කොට තැබීම. බ්‍යාධියකං උපන් ව්‍යාධි ඇති බව. මෙසේ මේ සියළු පදවලින් කෙලෙස් වශයෙන් ශරීර ස්පන්දනය කියන ලදි.

භත‍්තසම‍්මදනිද‍්දෙසෙ භුත‍්තාවිස‍්සාති භුත‍්තවතො. භත‍්තමුච‍්ඡාති භත‍්තගෙලඤ‍්ඤං; බලවභත‍්තෙන හි මුච‍්ඡාපත‍්තො විය හොති. භත‍්තකිලමථොති භත‍්තෙන කිලන‍්තභාවො. භත‍්තපරිළාහොති භත‍්තදරථො. තස‍්මිඤ‍්හි සමයෙ පරිළාහුප‍්පත‍්තියා උපහතින්‍ද්‍රියො හොති, කායො ජීරති. කායදුට‍්ඨුල‍්ලන‍්ති භත‍්තං නිස‍්සාය කායස‍්ස අකම‍්මඤ‍්ඤතා.

භත්ත සම්මද නිද්දේසයෙහි භුත්තාවිස්සා අනුභව කිරීමෙන්. භත්තමුච්ඡා බත් ගිලන්බව. බත් වැඩිවීමෙන් සිහිනැතිවීම මෙන් වේ. භත්තකිලමතො බතින් ක්ලාන්ත වීම, භත්තපරිළාහො බත් නිසා ඇතිවන පීඩාව එවේලෙහි දැවිල්ලෙන් හටගත් වෙහෙසෙන ඉන්‍ද්‍රියන් ඇතිවේ. කය දිරයි. කායදුට්ඨුල්ලා යනු බත නිසා කයේ ඇතිවන අකර්මන්‍ය බව.

චෙතසො ලීනත‍්තනිද‍්දෙසො හෙට‍්ඨා ධම‍්මසඞ‍්ගහට‍්ඨකථායං වුත‍්තත්‍ථොයෙව. ඉමෙහි පන සබ‍්බෙහිපි පදෙහි කිලෙසවසෙන චිත‍්තස‍්ස ගිලානාකාරො කථිතොති වෙදිතබ‍්බො.

සිතේ ලීනකම දක්වන ලීනත්ත නිද්දේසය යට ධම්ම සංගහට්ඨ කථාවේ කියන ලද අර්ථයම වේ. මෙම සියළු පදවලින් කෙලෙස් වශයෙන් සිතෙහි ගිලන් ආකාරය කියන ලදැයි දතයුතුය.

කුහනානිද‍්දෙසෙ ලාභසක‍්කාරසිලොකසන‍්නිස‍්සිතස‍්සාති ලාභඤ‍්ච සක‍්කාරඤ‍්ච කිත‍්තිසද‍්දඤ‍්ච නිස‍්සිතස‍්ස, පත්‍ථයන‍්තස‍්සාති අත්‍ථො. පාපිච‍්ඡස‍්සාති අසන‍්තගුණදීපනකාමස‍්ස. ඉච‍්ඡාපකතස‍්සාති ඉච‍්ඡාය අපකතස‍්ස, උපද‍්දුතස‍්සාති අත්‍ථො.

කුහනා නිද්දේසයෙහි ලාභ සත්කාර සිලොක සන්නිස්සිතස්සා යනු ලාභය ද සත්කාරය ද කීර්ති ශබ්දයද ඇසුරු කළ ප්‍රාර්ථනා කරන්නේ යන අර්ථයයි. පාපිච්ඡස්සා තමන් ළඟ නොමැති ගුණ දැක්වීමට කැමති තැනින් තැනින් ඉච්ඡාපකතස්සා කැමැත්ත නැතිවීමක් වූවහුගේ, උපද්‍රවයට පත් තැනැත්තෝ

ඉතො පරං යස‍්මා පච‍්චයපටිසෙවන සාමන‍්තජප‍්පනඉරියාපථසන‍්නිස‍්සිතවසෙන මහානිද‍්දෙසෙ තිවිධං කුහනවත්‍ථු ආගතං, තස‍්මා තිවිධම‍්පි තං දස‍්සෙතුං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතෙන වාති එවමාදි ආරද‍්ධං. තත්‍ථ චීවරාදීහි නිමන‍්තිතස‍්ස තදත්‍ථිකස‍්සෙව සතො පාපිච‍්ඡතං නිස‍්සාය පටික‍්ඛිපනෙන, තෙ ච ගහපතිකෙ අත‍්තනි සුප‍්පතිට‍්ඨිතසද‍්ධෙ ඤත්‍වා පුන තෙසං ‘අහො අය්‍යො අප‍්පිච‍්ඡො, න කිඤ‍්චි පටිග‍්ගණ‍්හිතුං ඉච‍්ඡති, සුලද‍්ධං වත නො අස‍්ස සචෙ අප‍්පමත‍්තකං කිඤ‍්චි පටිග‍්ගණ‍්හෙය්‍යා’ති නානාවිධෙහි උපායෙහි පණීතානි චීවරාදීනි උපනෙන‍්තානං තදනුග‍්ගහකාමතංයෙව ආවිකත්‍වා පටිග‍්ගහණෙන ච තතො පභුති අසීතිසකටභාරෙහි උපනාමනහෙතුභූතං විම‍්හාපනං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං. වුත‍්තම‍්පි චෙතං මහානිද‍්දෙසෙ (මහානි· 87) –

මෙයින් පසු ප්‍රත්‍ය සේවනයෙන්, සාමන්ත ජප්පන, ඉරියාපථ සන්නිස්සිත වශයෙන් මහා නිද්දේසයෙහි ත්‍රිවිධ වූ කුහන වස්තු දක්වා ඇත. නිසා ඒවා දැක්වීමට පච්චය පටිසේවන සංඛාතෙන වා යනු මේ ආදිය අරඹන ලදි. එහි සිවුරු ආදිය නිමන්ත්‍රණය කළවිට එය ඕනෑකම ඇතිව සිහියෙන් පාපිච්ඡතාව නිසා ප්‍රතික්‍ෂේප කිරීම මෙන් ඒ ගෘහපතියන් තමා කෙරෙහි පිහිටි ශ්‍රද්ධාව ඇති බව දැන නැවත ඔවුන්ට පුදුමය අපේ ආර්යයන් වහන්සේ කිසිවක් පිළිගැනීමට කැමති නොවේ. අපෙන් මොනවාහරි ටිකක් පිළිගත්තොත් අපට මහත් ලාභයකැයි සිතා නා නා විධ උපායෙන් ප්‍රණීත සිවුරු ආදිය පිළිගන්වන්නේ ඊට අනුග්‍රහ වශයෙන් පිළිගනී. එතැන් පටන් කරත්ත අසූවකින් ගෙනවිත් දෙන්නේ යයි විශ්මය දනවන පච්චය පටිසේවන සංඛ්‍යාත කුහන වස්තුව දතයුතුය. මහා නිද්දේසයෙහි මෙය කියන ලදි.

“කතමං පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං කුහනවත්‍ථු? ඉධ ගහපතිකා භික‍්ඛුං නිමන‍්තෙන‍්ති චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙහි. සො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො අත්‍ථිකො චීවර …පෙ… පරික‍්ඛාරානං භිය්‍යොකම්‍යතං උපාදාය චීවරං පච‍්චක‍්ඛාති, පිණ‍්ඩපාතං පච‍්චක‍්ඛාති, සෙනාසනං පච‍්චක‍්ඛාති, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පච‍්චක‍්ඛාති. සො එවමාහ – “කිං සමණස‍්ස මහග‍්ඝෙන චීවරෙන? එතං සාරුප‍්පං යං සමණො සුසානා වා සඞ‍්කාරකූටා වා පාපණිකා වා නන‍්තකානි උච‍්චිනිත්‍වා සඞ‍්ඝාටිං කත්‍වා ධාරෙය්‍ය. කිං සමණස‍්ස මහග‍්ඝෙන පිණ‍්ඩපාතෙන? එතං සාරුප‍්පං යං සමණො උඤ‍්ඡාචරියාය පිණ‍්ඩියාලොපෙන ජීවිකං කප‍්පෙය්‍ය. කිං සමණස‍්ස මහග‍්ඝෙන සෙනාසනෙන? එතං සාරුප‍්පං යං සමණො රුක‍්ඛමූලිකො වා අස‍්ස සොසානිකො වා අබ‍්භොකාසිකො වා. කිං සමණස‍්ස මහග‍්ඝෙන ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරෙන? එතං සාරුප‍්පං යං සමණො පූතිමුත‍්තෙන වා හරීතකීඛණ‍්ඩෙන වා ඔසධං කරෙය්‍යාති. තදුපාදාය ලූඛං චීවරං ධාරෙති, ලූඛං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජති, ලූඛං සෙනාසනං පටිසෙවති, ලූඛං ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං පටිසෙවති. තමෙනං ගහපතිකා එවං ජානන‍්ති – ‘අයං සමණො අප‍්පිච‍්ඡො සන‍්තුට‍්ඨො පවිවිත‍්තො අසංසට‍්ඨො ආරද‍්ධවීරියො ධුතවාදො’ති භිය්‍යො භිය්‍යො නිමන‍්තෙන‍්ති චීවර…පෙ… පරික‍්ඛාරෙහි. සො එවමාහ – ‘තිණ‍්ණං සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති – සද‍්ධාය සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති, දෙය්‍යධම‍්මස‍්ස…පෙ… දක‍්ඛිණෙය්‍යානං සම‍්මුඛීභාවා සද‍්ධො කුලපුත‍්තො බහුං පුඤ‍්ඤං පසවති. තුම‍්හාකඤ‍්චෙවායං සද‍්ධා අත්‍ථි, දෙය්‍යධම‍්මො ච සංවිජ‍්ජති, අහඤ‍්ච පටිග‍්ගාහකො. සචාහං න පටිග‍්ගහෙස‍්සාමි, එවං තුම‍්හෙ පුඤ‍්ඤෙන පරිබාහිරා භවිස‍්සථ; න මය‍්හං ඉමිනා අත්‍ථො, අපිච තුම‍්හාකං එව අනුකම‍්පාය පටිග‍්ගණ‍්හාමී’ති. තදුපාදාය බහුම‍්පි චීවරං පටිග‍්ගණ‍්හාති, බහුම‍්පි පිණ‍්ඩපාතං…පෙ… භෙසජ‍්ජපරික‍්ඛාරං පටිග‍්ගණ‍්හාති. යා එවරූපා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං – ඉදං වුච‍්චති පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතං කුහනවත්‍ථූ”ති.

පච්චය පටිසේවන සංඛ්‍යාත කුහන වස්තුව කෙසේද? මෙහි ගෘහපතියෝ භික්‍ෂුවට ආරාධනා කරති. සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරවලින් පාපිච්ඡ තැනැත්තා කැමති නැති බවක් පෙන්වා බොහෝ ගනු කැමතිව සිවුරු පිණ්ඩපාත සේනාසන ගිල්නපස බෙහෙත් පිරිකර එපා කියයි. හේ මෙසේ කියයි. ශ්‍රමණයින්ට අගනා සිවුරුවලින් කිම? ශ්‍රමණයාට සරුප් වූ සොහොනෙන් හෝ කසලගොඩෙන් හෝ අවුණෙන් හෝ රෙදි කැබලි එකතුකොට සිවුරක් කොට දරන්නේය. කිම ශ්‍රමණයන්ට අගනා පිණ්ඩපාතයෙන්? ශ්‍රමණයන් සාරුප්ප වන්නේ පිඬු සිඟා යෑමෙන් පිඬ පිඬ ලබාගත් ආහාරයෙන් ජීවිත ගෙවන්නේය. කිම මහණුන්ට අගනා සෙනසුන්? ශ්‍රමණයන්ට කැපවන්නේ ගස්මුල හෝ අභ්‍යවකාශයයි. කිම මහණුන්ට අගනා ගිලන්පස ආදිය? ශ්‍රමණයෝ කැපවන්නේ පූතිමුත්ත හෝ අරළු කැබැල්ලකින් හෝ ඖෂධ කරන්නේය. ඒ අනුව රළු සිවුරු දරයි. රළු පිණ්ඩපාතය වළඳයි. රළු සෙනසුන් පරිහරණය කරයි. රළු ගිලන්පස බෙහෙත් පිරිකර සේවනය කරයි. ඒ ගෘහපතියෝ මෙසේ දනිති. මේ ශ්‍රමණයා අපිස්ය. සතොස්ය. විවේකීය. මිශ්‍ර නැත. වීර්යවන්තය. ධුතවාදීය. බොහෝසෙයින් සිවුරු ආදියෙන් ආරාධනා කරති. හේ මෙසේ කියයි. කරුණු තුනක් එකතුවීමෙන් ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා බොහෝ පින් කරති. පරිත්‍යාග කරන වස්තුව ශ්‍රද්ධාව ප්‍රතිග්‍රාහක ඔබලාට ශ්‍රද්ධාව ඇත. දාන වස්තුව ඇත. මම ප්‍රතිග්‍රාහක වෙමි. මම මෙය පිළිනොගත්තොත් ඔබලාට පින් නැතිව යයි. මට මෙයින් ප්‍රයෝජනයක් නැත. නමුත් ඔබලාට අනුකම්පා පිණිස පිළිගනිමි. ඒ උපායෙන් බොහෝ සිවුරු පිළිගනියි. බොහෝ පිණ්ඩපාත........බෙහෙත් පිරිකර පිළිගනියි. මෙබඳු වූ භාකුටිතා භාකුටියට කුහනා කුහායනා කුහිතත්ත යනාදි මෙය පච්චය පටිසේවන සංඛ්‍යාත කුහන වස්තුවයි.

පාපිච‍්ඡස‍්සෙව පන සතො උත‍්තරිමනුස‍්සධම‍්මාධිගමපරිදීපනවාචාය තථා තථා විම‍්හාපනං සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං. යථාහ – “කතමං සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථු ? ඉධෙකච‍්චො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො සම‍්භාවනාධිප‍්පායො ‘එවං මං ජනො සම‍්භාවෙස‍්සතී’ති අරියධම‍්මසන‍්නිස‍්සිතං වාචං භාසති – ‘යො එවරූපං චීවරං ධාරෙති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති; ‘යො එවරූපං පත‍්තං, ලොහථාලකං, ධමකරණං, පරිසාවනං, කුඤ‍්චිකං, උපාහනං, කායබන්‍ධනං, ආයොගං ධාරෙති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති; ‘යස‍්ස එවරූපො උපජ‍්ඣායො, ආචරියො, සමානුපජ‍්ඣායො, සමානාචරියකො, මිත‍්තො සන්‍දිට‍්ඨො, සම‍්භත‍්තො, සහායො; යො එවරූපෙ විහාරෙ වසති – අඩ‍්ඪයොගෙ, පාසාදෙ, හම‍්මියෙ, ගුහායං, ලෙණෙ, කුටියා, කූටාගාරෙ, අට‍්ටෙ, මාළෙ, උදොසිතෙ, උද‍්දණ‍්ඩෙ, උපට‍්ඨානසාලායං, මණ‍්ඩපෙ, රුක‍්ඛමූලෙ වසති, සො සමණො මහෙසක‍්ඛො’ති භණති.

නැති ගුණ දැක්වීමේ පවිටු අදහස් ඇත්තාගේම දැනුමැතිව උතුරු මිනිස්දම් අධිගම දක්වන වචන හෝ ඒ ඒ විශ්මය දනවන සාමන්ත ජප්පන සංඛ්‍යාත කුහන වස්තුව දතයුතුය. යම්සේ කීහ. සාමන්ත ජප්පන සංඛ්‍යාත කුහන වස්තුව කෙසේද? මෙහි ඉච්ඡාපකත පාපිච්ඡ වූ ගෞරව ලබාගැනීමේ අදහසින් යුත් ඇතමෙක් “ජනය මට මෙසේ ගෞරව කෙරේ යයි ආර්ය ධර්ම නිශ්‍රිත වූ වචන කියයි. යමෙක් එබඳු වූ සිවුරක් දරන්නේ තමා ඒ ශ්‍රමණ තෙමේ මහේසාක්‍ය වේයයි කියයි. යමෙක් එබඳු වූ පාත්‍රයක් ලෝහ තලියක් කෙණ්ඩියක් පෙරහන්කඩක් යතුරක් කහබහනක් වහන් යුවලක් දරයි ද ඒ ශ්‍රමණයන් වහන්සේ මහේසාක්‍ය කියයි. යමෙකුට මෙබඳු වූ උපාධ්‍යායන් වහන්සේ කෙනෙක් ආචාර්ය වරයෙක් සමාන උපජ්ඣාය සමානාචරියක මිත්‍රයෙක් සන්දිට්ඨි සම්භත්තයෙක් යාළුවෙක් සිටීද යමෙක් මෙබඳු වූ විහාරයක වසයිද අඩ්ඪ පාසාද හම්මිය ගුහා ලෙන කූටාගාරයේ අට්ටෙ (මැස්සක) මාළෙ (වටකුරු සාලාව) උදේදොසිකෙ (ගරාජය) උද්දභණ්ඩ (පැලක්) උපස්ථාන ශාලාවේ මණ්ඩපයෙහි රුක්මුල වසයිද ඒ ශ්‍රමණයා මහේශාක්‍ය වන්නේය.

“අථ වා කොරජිකකොරජිකො භාකුටිකභාකුටිකො කුහකකුහකො ලපකලපකො මුඛසම‍්භාවිතො ‘අයං සමණො ඉමාසං එවරූපානං සන‍්තානං විහාරසමාපත‍්තීනං ලාභී’ති තාදිසං ගම‍්භීරං ගූළ‍්හං නිපුණං පටිච‍්ඡන‍්නං ලොකුත‍්තරං සුඤ‍්ඤතාපටිසංයුත‍්තං කථං කථෙති. යා එවරූපා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං – ඉදං වුච‍්චති සාමන‍්තජප‍්පනසඞ‍්ඛාතං කුහනවත්‍ථූ”ති.

නැතහොත් චංචලවිය හැකි බැම හකුළුවන පුදුම වෙමින් කථා කරමින් මුඛෙ සම්බාධකයෙන් මේ ශ්‍රමණයන් වහන්සේ එබඳු වූ සාන්ත වූ විහාර සම්පත්තියක ලාභියෙකැයි එබඳු වූ ගැඹුරු සැඟවුණු තියුණු වූ වැසුණු ලෝකෝත්තර වූ ශූන්‍ය පටිසංයුක්ත වූ කථා කථාකරයි. එබඳු වූ බැම හැකිලීම් විශ්මය පලකිරීම් යන මෙය සාමන්ත ජප්පක සංඛ්‍යාත කොහොන් වතයි.

පාපිච‍්ඡස‍්සෙව පන සතො සම‍්භාවනාධිප‍්පායකතෙන ඉරියාපථෙන විම‍්හාපනං ඉරියාපථසන‍්නිස‍්සිතං කුහනවත්‍ථූති වෙදිතබ‍්බං. යථාහ – “කතමං ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථු? ඉධෙකච‍්චො පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො සම‍්භාවනාධිප‍්පායො ‘එවං මං ජනො සම‍්භාවෙස‍්සතී’ති ගමනං සණ‍්ඨපෙති, සයනං සණ‍්ඨපෙති, පණිධාය ගච‍්ඡති, පණිධාය තිට‍්ඨති, පණිධාය නිසීදති, පණිධාය සෙය්‍යං කප‍්පෙති, සමාහිතො විය ගච‍්ඡති, සමාහිතො විය තිට‍්ඨති, නිසීදති, සෙය්‍යං කප‍්පෙති, ආපාථකජ‍්ඣායීව හොති. යා එවරූපා ඉරියාපථස‍්ස ආඨපනා ඨපනා සණ‍්ඨපනා භාකුටිකා භාකුටියං කුහනා කුහායනා කුහිතත‍්තං – ඉදං වුච‍්චති ඉරියාපථසඞ‍්ඛාතං කුහනවත්‍ථූ”ති.

නැතිගුණ දැක්වීමේ පවිටු අදහස ඇත්තාගේ දැනුමැතිව ගෞරව ලැබීමේ අදහසින් ඉරියව්වලින් විශ්මය පළකිරීම ඉරියාපථ ආශ්‍රිත වූ කුහන වත්‍ථුවයයි දතයුතුය. ඉරියාපථ සංඛ්‍යාත කුහන වස්තුව කෙසේද? මෙහි ගෞරවයට කැමති වූ නැතිගුණ දක්වන ඇතැම් පවිටෙක් කැමතිවීමෙන් ජනයා මෙසේ සම්භාවනා කෙරේවා යයි ගමන මනාසේ පිහිටුවයි. සයනය මනාසේ තබයි ප්‍රාර්ථනාවෙන් යයි, සිටියි. හිඳියි. නිදයි. සමාධියෙන් මෙන් යයි. සිටියි. හිඳියි. නිදයි. ධ්‍යාන ලද්දකු මෙන් වේ. යම් ඉරියව් තබන මනාසේ තබන බැම හැකිලීම, විශ්මය වීම් යන මේවා ඉරියාපථ සංඛ්‍යාත කොහොන්වත් යයි කියනු ලැබේ.

තත්‍ථ පච‍්චයපටිසෙවනසඞ‍්ඛාතෙනාති පච‍්චයපටිසෙවනන‍්ති එවං සඞ‍්ඛාතෙන පච‍්චයපටිසෙවනෙන. සාමන‍්තජප‍්පිතෙනාති සමීපෙ භණිතෙන. ඉරියාපථස‍්සාති චතුඉරියාපථස‍්ස. ආඨපනාති ආදිඨපනා, ආදරෙන වා ඨපනා. ඨපනාති ඨපනාකාරො. සණ‍්ඨපනාති අභිසඞ‍්ඛරණා, පාසාදිකභාවකරණන‍්ති වුත‍්තං හොති. භාකුටිකාති පධානපුරිමට‍්ඨිතභාවදස‍්සනෙන භාකුටිකරණං, මුඛසඞ‍්කොචොති වුත‍්තං හොති. භාකුටිකරණං සීලමස‍්සාති භාකුටිකො; භාකුටිකස‍්ස භාවො භාකුටියං. කුහනාති විම‍්හාපනං, කුහස‍්ස ආයනා කුහායනා. කුහිතස‍්ස භාවො කුහිතත‍්තන‍්ති.

එහි පච්චය පටිසේවන සංඛතො යන ප්‍රත්‍ය සේවනයෙන් සාමන්ත ජප්පිතෙන සමීපයෙහි සිට කතා කරන්නා විසින් ඉරියාපථස්ස සිව් ඉරියව් ඇත්තාගේ අට්ඨපනා ආදී තැබීම, ආදරයෙන් හෝ තැබීම. ඨපනා තබන ආකාරය. සණ්ඨපනා අභිසංස්කරණය, පැහැදවීම් කරන ස්වභාව යයි කියන ලද්දේ වේ. භාකුටිතා පෙරට සිටි ස්වභාවය දැක්වීමෙන් බැම හැකිලීම. මුඛය හැකිලීම යයිද කියන ලද්දේ වේ. බැම හැකිලීම ඔහුගේ ස්වභාවයයි යනු භාකුටිතා වේ. භාකුටිභාවය භාකුටියං කුහනා යනු විශ්මය දැක්වීමය. විශ්මයේ මග කුහායනා වේ. කුහිතයාගේ භාවය කුහිතං වේ.

ලපනානිද‍්දෙසෙ ආලපනාති විහාරං ආගතමනුස‍්සෙ දිස‍්වා කිමත්‍ථාය භොන‍්තො ආගතා? කිං භික‍්ඛූ නිමන‍්තෙතුං? යදි එවං ගච‍්ඡථ; අහං පච‍්ඡතො භික‍්ඛූ ගහෙත්‍වා ආගච‍්ඡාමී’ති එවං ආදිතොව ලපනා. අථ වා අත‍්තානං උපනෙත්‍වා ‘අහං තිස‍්සො, මයි රාජා පසන‍්නො, මයි අසුකො ච අසුකො ච රාජමහාමත‍්තො පසන‍්නො’ති එවං අත‍්තුපනායිකා ලපනා ආලපනා. ලපනාති පුට‍්ඨස‍්ස සතො වුත‍්තප‍්පකාරමෙව ලපනං. සල‍්ලපනාති ගහපතිකානං උක‍්කණ‍්ඨනෙ භීතස‍්ස ඔකාසං දත්‍වා සුට‍්ඨු ලපනා. උල‍්ලපනාති ‘මහාකුටුම‍්බිකො, මහානාවිකො, මහාදානපතී’ති එවං උද‍්ධං කත්‍වා ලපනා. සමුල‍්ලපනාති සබ‍්බතොභාගෙන උද‍්ධං කත්‍වා ලපනා. උන‍්නහනාති ‘උපාසකා, පුබ‍්බෙ ඊදිසෙ කාලෙ දානං දෙථ; ඉදානි කිං න දෙථා’ති එවං යාව ‘දස‍්සාම, භන‍්තෙ, ඔකාසං න ලභාමා’තිආදීනි වදන‍්ති තාව උද‍්ධං නහනා, වෙඨනාති වුත‍්තං හොති. අථ වා උච‍්ඡුහත්‍ථං දිස‍්වා ‘කුතො ආගතා, උපාසකා’ති පුච‍්ඡති. ‘උච‍්ඡුඛෙත‍්තතො, භන‍්තෙ’ති. ‘කිං තත්‍ථ උච‍්ඡු මධුර’න‍්ති? ‘ඛාදිත්‍වා, භන‍්තෙ, ජානිතබ‍්බ’න‍්ති. ‘න, උපාසකා, භික‍්ඛුස‍්ස ‘උච‍්ඡුං දෙථා’ති වත‍්තුං වට‍්ටතී’ති යා එවරූපා නිබ‍්බෙඨෙන‍්තස‍්සාපි වෙඨනකකථා, සා උන‍්නහනා . සබ‍්බතොභාගෙන පුනප‍්පුනං උන‍්නහනා සමුන‍්නහනා. උක‍්කාචනාති ‘එතං කුලං මංයෙව ජානාති, සචෙ එත්‍ථ දෙය්‍යධම‍්මො උප‍්පජ‍්ජති, මය‍්හමෙව දෙතී’ති එවං උක‍්ඛිපිත්‍වා කාචනා උක‍්කාචනා; උද‍්දීපනාති වුත‍්තං හොති.

ලප නිද්දේසයෙහි ආලපනා යනු විහාරයට පැමිණි මිනිසුන් දැක පින්වතුන් පැමිණියේ කුමකටද? කිම භික්‍ෂූන්ට ආරාධනා කිරීමටද? එහෙම නම් යන්න. මම භික්‍ෂූන් වහන්සේලා රැගෙන පසුව එන්නෙමි යයි මෙසේ මුලින්ම කතාකිරීම නැතහොත් තමා දක්වා මම තිස්ස වෙමි. රජ මා කෙරෙහි පැහැදී සිටී. අසවල් අසවල් රාජමහාමාත්‍යවරු පැහැදී සිටිති යයි මෙසේ තමා ප්‍රධානකොට කථාකිරීම ආලපනා වේ. ලපනා ආසන දෙයට සිහියෙන් කියන ලද ආකාරයේ කථා කිරීම. සල්ලපනා ගෘහපතීන්ට කලකිරී බියට අවකාශ දී මනාකොට කථා කිරීම. උල්ලපනා මහකෙළෙඹියා මහා භාවිකයා, මහා දානපතිය මෙසේ උසස්කොට කතා කිරීමයි. සමුල්ලපනා හැම අංශයෙන්ම උසස්කොට කතාකිරීම උන්නහනා උපාසකවරු එබඳු කාලයෙහි දන් දුන්නා. දැන් ඇයි නොදෙන්නෙ? මෙසේ දෙනවා කියනතුරු උඩට ඔසවා කතාකිරීම උඩට බැඳීම. එසේ නැතහොත් අතේ උක් දණ්ඩක් දැක උපාසකය, කොහි සිට එන්නේදැයි අසයි. ස්වාමීනි, උක් කෙතේ සිට. එහි උක් පැණිරසද? ස්වාමීනි, වළඳාම බලන්න යයි භික්‍ෂුවට උක් දෙන්නේ යයි කීමට වටී. මෙබඳු වූ පෙලන්නා වූ කථා උන්නහනා යයිද හැම අතින්ම නැවත නැවත වෙළීම සමුන්නහනා ද වේ. උක්කාචතා යනු මේ පවුල මං ගැන පමණ දන්නෙ, ඒ පවුලෙ මොනවා හෝ දෙන දෙයක් ඇතිවුණොත් මටමය දෙන්නෙ යයි ඔසවා කීමයි. උද්දීපනය කිරීම යයි කියන ලදි.

තෙලකන්‍දරිකවත්‍ථු චෙත්‍ථ වත‍්තබ‍්බං. ද‍්වෙ කිර භික‍්ඛූ එකං ගාමං පවිසිත්‍වා ආසනසාලාය නිසීදිත්‍වා එකං කුමාරිකං දිස‍්වා පක‍්කොසිංසු. තාය ආගතාය තත්‍රෙකො එකං පුච‍්ඡි – ‘අයං, භන‍්තෙ, කස‍්ස කුමාරිකා’ති? ‘අම‍්හාකං උපට‍්ඨායිකාය තෙලකන්‍දරිකාය ධීතා, ආවුසො. ඉමිස‍්සා මාතා මයි ගෙහං ගතෙ සප‍්පිං දදමානා ඝටෙනෙව දෙති, අයම‍්පි මාතා විය ඝටෙනෙව දෙතී’ති උක‍්කාචෙති.

භික්‍ෂු දෙනමක් එක ගමකට පිවිස ආසන සාලාවේ හිඳ එක් කුමරියක දැක කැඳවූහ. ඇය පැමිණි පසු, ස්වාමීනි මේ කාගේ දුවක්ද? මේ අපේ උපස්ථායිකා තෙලකන්දරිකාගේ දුව. ඇවැත්නි, ඇගේ මව මා ගෙට ගියවිට ගිතෙල් දේනනේ කලයෙන්මය. මැයද මව මෙන් කලෙන්ම දෙන්නී යයි උස්කොට කියයි.

සබ‍්බතොභාගෙන පුනප‍්පුනං උක‍්කාචනා සමුක‍්කාචනා. අනුප‍්පියභාණිතාති සච‍්චානුරූපං වා ධම‍්මානුරූපං වා අනපලොකෙත්‍වා පුනප‍්පුනං පියභණනමෙව. චාටුකම්‍යතාති නීචවුත‍්තිතා; අත‍්තානං හෙට‍්ඨතො ඨපෙත්‍වා වත‍්තනං. මුග‍්ගසූප්‍යතාති මුග‍්ගසූපසදිසතා. යථා මුග‍්ගෙසු පච‍්චමානෙසු කොචිදෙව න පච‍්චති, අවසෙසා පච‍්චන‍්ති; එවං යස‍්ස පුග‍්ගලස‍්ස වචනෙ කිඤ‍්චිදෙව සච‍්චං හොති, සෙසං අලිකං – අයං පුග‍්ගලො මුග‍්ගසූප්‍යොති වුච‍්චති. තස‍්ස භාවො මුග‍්ගසූප්‍යතා. පාරිභටයතාති පාරිභටයභාවො. යො හි කුලදාරකෙ ධාතී විය අඞ‍්කෙන වා ඛන්‍ධෙන වා පරිභටති, ධාරෙතීති අත්‍ථො; තස‍්ස පරිභටස‍්ස කම‍්මං පාරිභටයං; පාරිභටයස‍්ස භාවො පාරිභටයතාති.

හැම අතින්ම නැවත නැවත උක්කාචනා කිරීම සමුක්කාචනා වේ. අනුප්පියභාණිතා යනු සත්‍යයට අනුරූපස හෝ ධර්මයට අනුරූපද හෝ නොබලා නැවත නැවත පියවීමට කතාකිරීම. චාටුකම්පතා යනු පහත් පැවැත්මයි. තමා පහත් තැන තබා පැවතීමයි. මුග්ග සුප්පතා මුං ව්‍යංජනය සමානය. සමහර මුංඇට නොතැම්බේ. මෙසේ සමහර පුද්ගලයකුගේ වචනවල සත්‍ය ටිකක් ඇත. අනිත් සේරම බොරුය. මේ පුද්ගලයා මුග්ගසුප්ප යයි කියනු ලැබේ. ඔහුගේ ස්වභාවය මුග්ගසුප්පතා වේ. පාරිභට්ටතා යනු පාරිභට්ටනයයි. යමෙක් කිරිමවක් මෙන් කුලදරුවන් ඇකයේ හෝ ශරීරයේ හෝ වඩාගෙන සුරතල් කරයි. ධරයි යන අර්ථයයි. ඒ පරිභවයාගේ ක්‍රියාව හෝ පාරිභට්ට වේ. පාරිභට්ටයාගේ ස්වභාවය පාරිභට්ටතා වේ.

නෙමිත‍්තිකතානිද‍්දෙසෙ නිමිත‍්තන‍්ති යංකිඤ‍්චි පරෙසං පච‍්චයදානසංයොජනකං කායවචීකම‍්මං. නිමිත‍්තකම‍්මන‍්ති නිමිත‍්තස‍්ස කරණකොසල‍්ලං.

නේමිත්ත කතා නිද්දේසයෙහි නිමිත්තං යනු කිසියම් කෙනෙකුගේ දන්දීම සඳහා කයින් සහ වචනයෙන් කෙරෙන ඇඟවීමයි. නිමිත්ත කම්මං නිමිති ඇතිකරන දක්‍ෂතාවයි.

තත්‍රිදං වත්‍ථු – එකො කිර පිණ‍්ඩපාතිකො උපට‍්ඨාකකම‍්මාරස‍්ස ගෙහද‍්වාරං ගන‍්ත්‍වා ‘කිං භන‍්තෙ’ති පුච‍්ඡිතො චීවරන‍්තරෙන හත්‍ථං නීහරිත්‍වා වාසිපහරණාකාරං අකාසි. කම‍්මාරො ‘සල‍්ලක‍්ඛිතං මෙ, භන‍්තෙ’ති වාසිං කත්‍වා අදාසි. ඔභාසොති පච‍්චයපටිසංයුත‍්තකථා. ඔභාසකම‍්මන‍්ති වච‍්ඡකපාලකෙ දිස‍්වා ‘කිං ඉමෙ වච‍්ඡා ඛීරගොවච‍්ඡා, තක‍්කගොවච‍්ඡා’ති පුච‍්ඡිත්‍වා ‘ඛීරගොවච‍්ඡා, භන‍්තෙ’ති වුත‍්තෙ ‘න ඛීරගොවච‍්ඡා, යදි ඛීරගොවච‍්ඡා සියුං භික‍්ඛූපි ඛීරං ලභෙය්‍යු’න‍්ති එවමාදිනා නයෙන තෙසං දාරකානං මාතාපිතූනං නිවෙදෙත්‍වා ඛීරදාපනාදිකං ඔභාසකරණං. සාමන‍්තජප‍්පාති සමීපං කත්‍වා ජප‍්පනං.

ඊට කථා වස්තුවක් - එක් පිණ්ඩපාතික ස්වාමීන් වහන්සේ නමක් උපස්ථායක කම්මල්කරුවකුගේ ගෙදරට ගොස් ඇයි ස්වාමීනි අසනු ලැබූ කල්හි සිවුර ඇතුලෙන් අත බැහැරකොට කුඩා පිහියකින් කපන ආකාරය පෙන්වීය. ස්වාමීන් වහන්සේ මට දන්නැව්වේ පිහියක් යයි සිතා පිහියක් හදා දුන්නේය. ඔභාසො යනු ප්‍රත්‍ය සම්බන්ධ කථාය. ඔභාසකම්මං යනු ගව පාලකයන් දැක මේ හරක් කිරිහරක්ද? මෝරු හරක්දැයි අසා කිරිහරක් යයි කීකල්හි කිරිහරක් වෙන්න බෑ. කිරිහරක් නම් භික්‍ෂූන් වහන්සේටත් කිරි ලැබෙන්නේය. මේ ආදි නයින් ඔවුන්ගේ දෙමාපියන් නිවේදනය කරවා කිරි ලබාගැනීම ඔභාස කරණ යයි. සාමන්තජප්ප සමීප කොට කතා කිරීමයි.

ජාතකභාණකවත්‍ථු චෙත්‍ථ කථෙතබ‍්බං. එකො කිර ජාතකභාණකත්‍ථෙරො භුඤ‍්ජිතුකාමො උපට‍්ඨායිකාය ගෙහං පවිසිත්‍වා නිසීදි. සා අදාතුකාමා ‘තණ‍්ඩුලා නත්‍ථී’ති භණන‍්තී තණ‍්ඩුලෙ ආහරිතුකාමා විය පටිවිස‍්සකඝරං ගතා. භික‍්ඛු අන‍්තොගබ‍්භං පවිසිත්‍වා ඔලොකෙන‍්තො කවාටකොණෙ උච‍්ඡුං, භාජනෙ ගුළං, පිටකෙ ලොණමච‍්ඡඵාලං, කුම‍්භියං තණ‍්ඩුලෙ, ඝටෙ ඝතං දිස‍්වා නික‍්ඛමිත්‍වා නිසීදි. ඝරණී ‘තණ‍්ඩුලං නාලත්‍ථ’න‍්ති ආගතා. ථෙරො ‘උපාසිකෙ, අජ‍්ජ භික‍්ඛා න සම‍්පජ‍්ජිස‍්සතී’ති පටිකච‍්චෙව නිමිත‍්තං අද‍්දස’න‍්ති ආහ. ‘කිං, භන‍්තෙ’ති? ‘කවාටකොණෙ නික‍්ඛිත‍්තං උච‍්ඡුං විය සප‍්පං අද‍්දසං; ‘තං පහරිස‍්සාමී’ති ඔලොකෙන‍්තො භාජනෙ ඨපිතං ගුළපිණ‍්ඩං විය පාසාණං ලෙඩ‍්ඩුකෙන; පහටෙන සප‍්පෙන කතං, පිටකෙ නික‍්ඛිත‍්තලොණමච‍්ඡඵාලසදිසං, ඵණං; තස‍්ස තං ලෙඩ‍්ඩුං ඩංසිතුකාමස‍්ස, කුම‍්භියා තණ‍්ඩුලසදිසෙ දන‍්තෙ; අථස‍්ස කුපිතස‍්ස, ඝටෙ පක‍්ඛිත‍්තඝතසදිසං, මුඛතො නික‍්ඛමන‍්තං විසමිස‍්සකං ඛෙළ’න‍්ති. සා ‘න සක‍්කා මුණ‍්ඩකං වඤ‍්චෙතු’න‍්ති උච‍්ඡුං දත්‍වා ඔදනං පචිත්‍වා ඝතගුළමච‍්ඡෙහි සද‍්ධිං අදාසීති. එවං සමීපං කත්‍වා ජප‍්පනං සාමන‍්තජප‍්පාති වෙදිතබ‍්බං. පරිකථාති යථා තං ලභති තථා පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා කථනං.

ජාතක භාණක වස්තුව මෙහිදී කිවයුතුය. එක් ජාතක භාණක තෙරනමක් වළඳනු කැමතිව උපස්ථායිකාවගේ ගෙදරට ගොස් හුන්නේය. ඕ තොමෝ නොදෙනු කැමැත්තී ස්වාමීනි හාල් නැතැයි හාල් ගෙනෙනු කැමතිව මෙන් අල්ලපු ගෙදරට ගියාය. භික්‍ෂුව ඇතුළු ගැබට පිවිස බලන්නේ ජනෙල් කෙළවර උක් භාජනයෙහි හකුරු මුලක් පැසෙහි ලුනුමාළු පලුවක් හැලියෙහි හාල් කලයේ ගිතෙල් දැක නික්මී හුන්නේය. ගැහැණිය හාල් නැතැයි කීවාය. තෙර උපාසිකාවෙනි, අද මට භික්‍ෂාව සම්පාදනය නොවන්නේ යයි කල් ඇතිව නිමිත්තක් දැක්කෙමියි කීහ. මොකක්ද ස්වාමීන් වහන්ස, ජනෙල් කෙළවර තබා ඇති උක්දඬුව නාගයෙක් දැක්කෙමි. ඌට පහර දෙන්නෙමියි බලන්නේ භාජනයෙහි තබන ලද හකුරු ගුල් මෙන් ගල්කැටවලින් ගසන ලද නයා පැසෙහි තබන ලද ලුනුමාලු පලුව මෙන් පෙණය ඒ ගල්කැටය දෂ්ට කරනු කැමති වූ හැලියේ හාල් මෙන් උගේ දත් කිපියා වූ උගේ කලයේ බහා ඇති ගිතෙල් මෙන් කටින් පිටවූ විසමිශ්‍ර කෙළෙ යයි. ඕ තොමෝ මුණ්ඩකයින් රැවටීමට නොහැකි යයි උක් පිළිගන්වා බත්පිස ගිතෙල් සකුරු මාලු සමගින් දුන්නාය. මෙසේ සමීපකොට ජප්පනය සාමන්ත ජප්පනයෙහි දතයුතුය. පරිකථා යනු ලැබෙන තුරු පෙරළා පෙරළා කරන කථාවයි.

නිප‍්පෙසිකතානිද‍්දෙසෙ අක‍්කොසනාති දසහි අක‍්කොසවත්‍ථූහි අක‍්කොසනා. වම‍්භනාති පරිභවිත්‍වා කථනං. ගරහනාති ‘අස‍්සද‍්ධො අප‍්පසන‍්නො’තිආදිනා නයෙන දොසාරොපනා. උක‍්ඛෙපනාති ‘මා එතං එත්‍ථ කථෙථා’ති වාචාය උක‍්ඛිපනං. සබ‍්බතොභාගෙන සවත්‍ථුකං සහෙතුකං කත්‍වා උක‍්ඛෙපනා සමුක‍්ඛෙපනා. අථවා අදෙන‍්තං ‘අහො දානපතී’ති එවං උක‍්ඛිපනං උක‍්ඛෙපනා. ‘මහාදානපතී’ති එවං සුට‍්ඨු උක‍්ඛෙපනා සමුක‍්ඛෙපනා. ඛිපනාති ‘කිං ඉමස‍්ස ජීවිතං බීජභොජිනො’ති එවං උප‍්පණ‍්ඩනා. සඞ‍්ඛිපනාති ‘කිං ඉමං අදායකොති භණථ යො නිච‍්චකාලං සබ‍්බෙසම‍්පි නත්‍ථීති වචනං දෙතී’ති එවං සුට‍්ඨුතරං උප‍්පණ‍්ඩනා. පාපනාති අදායකත‍්තස‍්ස අවණ‍්ණස‍්ස වා පාපනං. සබ‍්බතොභාගෙන පාපනා සම‍්පාපනා. අවණ‍්ණහාරිකාති ‘එවං මෙ අවණ‍්ණභයාපි දස‍්සතී’ති ගෙහතො ගෙහං, ගාමතො ගාමං, ජනපදතො ජනපදං අවණ‍්ණහරණං. පරපිට‍්ඨිමංසිකතාති පුරතො මධුරං භණිත්‍වා පරම‍්මුඛෙ අවණ‍්ණභාසිතා. එසා හි අභිමුඛං ඔලොකෙතුං අසක‍්කොන‍්තස‍්ස පරම‍්මුඛානං පිට‍්ඨිමංසඛාදනං විය හොති. තස‍්මා පරපිට‍්ඨිමංසිකතාති වුත‍්තා. අයං වුච‍්චති නිප‍්පෙසිකතාති අයං යස‍්මා වෙළුපෙසිකා විය අබ‍්භඞ‍්ගං පරස‍්ස ගුණං නිප‍්පෙසෙති නිපුඤ‍්ඡති, යස‍්මා වා ගන්‍ධජාතං නිපිසිත්‍වා ගන්‍ධමග‍්ගනා විය පරගුණෙ නිපිසිත්‍වා විචුණ‍්ණෙත්‍වා එසා ලාභමග‍්ගනා හොති, තස‍්මා නිප‍්පෙසිකතාති වුච‍්චතීති.

නිප්පෙයිකතා නිද්දේසයෙහි අක්කොසනා යනු දශ ආක්‍රෝශ වස්තුවලින් ආක්‍රෝශ කිරීමයි. වම්භනා යනු පරිභවකොට කතා කිරීමයි. ගරහනා යනු ශ්‍රද්ධාව නැත්තේය. ප්‍රසන්න නොවේය ආදි ආකාරයෙන් දෝෂාරෝපණය කිරීමයි. උක්ඛෙපනා යනු ඒව මෙහෙ කියන්ඩ එපා යයි වචනයෙන් නිශ්ශබ්ද කිරීමය. වස්තු සහිතව හේතු සහිතව හැම අංශයකින්ම උක්ඛේපනය සමුක්ඛෙපනා නම් වේ. එසේ නැතහොත් නොදෙන්නෙකුට අහෝ දානපති යයි මෙසේ උක්ඛෙපනය උක්ඛෙපනා වේ. මහා දානපති යයි මෙසේ මනා ලෙස උක්ඛෙපනය සමුක්ඛෙපනා වේ. ඛිපනා යනු මේ ජීවිතයෙන් පලේ මොකක්ද ධාන්‍ය භෝජනය මෙසේ දෙකකට නැති කතාය. සක්ඛිපනා මේ ආදායකගෙන් ඇති වැඩේ කුමක්දැයි කියයි. හේ හැම කාලයේම හැමදෙනාට නැත යන වචනය පමණක් දෙයි. මෙසේ උප්පණ්ඩනය කිරීම. පාපනා නම් නොදෙන්නාගේ නුගුණය පැමිණවීම පාපනා වන අතර හැම අතින්ම පැමිණවීම සම්පාපනා නම් වේ. අවණ්ණහාරීකා ගෙයින් ගෙට ගමින් ගමට අවණ්ණය ගෙන යන්නා. අවණ්ණ හාරිකා වේ. පරපිට්ඨිමංසිකා ඉදිරියේ මිහිරි කොට කියා අනභිමුඛයෙහි අවණ්නය කිරීම, මේ තෙමේ අභිමුඛයෙහි බැලීමට නොහැකිව පරමුඛයෙහි පිට මස් කනවා මෙන් වේ. අයං වුච්චති නිප්පෙසිකතා උණපතුරු මෙන් අනුන්ගේ ගුණ පිසදමයි. සුවඳ ජාති පිස සුවඳ සොයනවා මෙන් අන්‍යයන්ගේ ගුණ සුණුකොට මෙය ලාභ සෙවීමය.

ලාභෙන ලාභං නිජිගීසනතානිද‍්දෙසෙ නිජිගීසනතාති මග‍්ගනා. ඉතො ලද‍්ධන‍්ති ඉමම‍්හා ගෙහා ලද‍්ධං. අමුත්‍රාති අමුකම‍්හි ගෙහෙ. එට‍්ඨීති ඉච‍්ඡනා. ගවෙට‍්ඨීති මග‍්ගනා. පරියෙට‍්ඨීති පුනප‍්පුනං මග‍්ගනා. ආදිතො පට‍්ඨාය ලද‍්ධං ලද‍්ධං භික‍්ඛං තත්‍ර තත්‍ර කුලදාරකානං දත්‍වා අන‍්තෙ ඛීරයාගුං ලභිත්‍වා ගතභික‍්ඛුවත්‍ථු චෙත්‍ථ කථෙතබ‍්බං. එසනාතිආදීනි එට‍්ඨීතිආදීනං වෙවචනානි, තස‍්මා එට‍්ඨීති එසනා, ගවෙට‍්ඨීති ගවෙසනා, පරියෙට‍්ඨීති පරියෙසනා. ඉච‍්චෙවමෙත්‍ථ යොජනා වෙදිතබ‍්බා.

ලාභෙන ලාභං නිජිගිංසනතා නිද්දේසයෙහි නිජිගිංසනතා යනු සෙවීමය. ඉතොලද්ධං මේ ගෙදරින් ලද. අමුත්‍රා යනු මේ ගෙහි. එට්ඨි යනු කැමැත්තයි. ගවෙට්ඨි යනු සෙවීමයි. පරියෙට්ඨි යනු නැවත නැවත සෙවීම. මුලපටන් ලැබුණු ලැබුණු භික්‍ෂාව ඒ ඒ කුලදරුවන්ට දී අවසානයේ කිරි හා කැඳ ලැබී ගිය භික්‍ෂු වස්තුව මෙහි කිවයුතුය. එසනා එට්ඨි යනාදියෙහි සමාන වචනය. එහෙයින් එට්ඨි යන ඵසනාය. පරියෙට්ඨි - පරියේසනාය. මෙසේ යෙදිය යුතුය.

සෙය්‍යමානනිද‍්දෙසෙ ජාතියාති ඛත‍්තියභාවාදිජාතිසම‍්පත‍්තියා. ගොත‍්තෙනාති ගොතමගොත‍්තාදිනා උක‍්කට‍්ඨගොත‍්තෙන. කොලපුත‍්තියෙනාති මහාකුලභාවෙන. වණ‍්ණපොක‍්ඛරතායාති වණ‍්ණසම‍්පන‍්නසරීරතාය. සරීරඤ‍්හි පොක‍්ඛරන‍්ති වුච‍්චති, තස‍්ස වණ‍්ණසම‍්පත‍්තියා අභිරූපභාවෙනාති අත්‍ථො. ධනෙනාතිආදීනි උත‍්තානත්‍ථානෙව. මානං ජප‍්පෙතීති එතෙසු යෙන කෙනචි වත්‍ථුනා ‘සෙය්‍යොහමස‍්මී’ති මානං පවත‍්තෙති කරොති.

සෙය්‍යමාන නිද්දේසයෙහි ජාතියා යනු ක්‍ෂත්‍රියභාවාදී ජාති සම්පත්තියයි. ගොත්තෙන යනු ගෞතම ගෝත්‍ර ආදියෙන් උත්කෘෂ්ට ගෝත්‍රයෙන් කොල පුත්තියෙන මහකුල බැවින් වණ්ණ පොක්ඛරතාය වර්ණ සම්පන්න ශරීරයෙන් ශරීරයෙහි සෝභනත්වය යයි කියනු ලැබේ. ඔහුගේ වර්ණ සම්පත්තියෙන් අභිරූප භවයෙන් යන අර්ථයයි. ධතෙන යනාදිය ප්‍රකටය. මානං ජප්පෙති යන මේ ආදියෙහි කිසියම් වස්තුවකින් යෙහෙකැයි මානය පවත්වයි කරයි.

සදිසමානනිද‍්දෙසෙ මානං ජප‍්පෙතීති එතෙසු යෙන කෙනචි වත්‍ථුනා ‘සදිසොහමස‍්මී’ති මානං පවත‍්තෙති. අයමෙත්‍ථ අත්‍ථතො විසෙසො. පාළියං පන නානාකරණං නත්‍ථි.

සදිස මාන නිද්දේසයෙහි මාන ජප්පෙති යන මේවායෙහි යම්කිසි වස්තුවකින් සමාන වෙමියි මානය පවත්වයි. මෙහි අර්ථ වශයෙන් විශේෂත්වය මෙයයි. පෙලෙහි නානා කරණය නැත.

හීනමානනිද‍්දෙසෙ ඔමානං ජප‍්පෙතීති හෙට‍්ඨාමානං පවත‍්තෙති. ඔමානොති ලාමකො හෙට‍්ඨාමානො. ඔමඤ‍්ඤනා ඔමඤ‍්ඤිතත‍්තන‍්ති ආකාරභාවනිද‍්දෙසො. හීළනාති ජාතිආදීහි අත‍්තජිගුච‍්ඡනා. ඔහීළනාති අතිරෙකතො හීළනා. ඔහීළිතත‍්තන‍්ති තස‍්සෙව භාවනිද‍්දෙසො. අත‍්තුඤ‍්ඤාති අත‍්තානං හීනං කත්‍වා ජානනා. අත‍්තාවඤ‍්ඤාති අත‍්තානං අවජානනා. අත‍්තපරිභවොති ජාතිආදිසම‍්පත‍්තිනාමමෙව ජාතාති අත‍්තානං පරිභවිත්‍වා මඤ‍්ඤනා. එවමිමෙ තයො මානා පුග‍්ගලං අනිස‍්සාය ජාතිආදිවත්‍ථුවසෙනෙව කථිතා. තෙසු එකෙකො තිණ‍්ණම‍්පි සෙය්‍යසදිසහීනානං උප‍්පජ‍්ජති. තත්‍ථ ‘සෙය්‍යොහමස‍්මී’ති මානො සෙය්‍යස‍්සෙව යාථාවමානො, සෙසානං අයාථාවමානො. ‘සදිසොහමස‍්මී’ති මානො සදිසස‍්සෙව යාථාවමානො, සෙසානං අයාථාවමානො. ‘හීනොහමස‍්මී’ති මානො හීනස‍්සෙව යාථාවමානො, සෙසානං අයාථාවමානො.

හීනමාන නිද්දේසයෙහි ඔමානං ජප්පෙති යනු යට කියන මානය පවත්වයි. ඔමානො ලාමක පහත් මානයයි. ඔමඤ්ඤනා ඔමඤ්ඤිතත්තං යනු ආකාර ස්වභාව නිර්දේශයයි. හීළනා ජාති ආදියෙන් ආත්ම පිළිකුල් කිරීමෙන් ඔහීළනා යනු අතිරේක වශයෙන් හීලන කිරීමයි. ඔහීළතත්තං එහිම භාවය දැක්වීමය. අත්තඤ්ඤා තමා හීනකොට තැකීම. අත්තාවඤ්ඤ තමා අවඥා කොට සිතීම අත්තපරිභවො ජාති ආදි සම්පත්ති නවයම ලැබුවේ යයි තමාට පරිභවකොට සිතීම. මෙසේ මේ මාන තුන පුද්ගලයකු නිසා නොව ජාති ආදි වස්තු වශයෙන් කියන ලදි. ඒවායේ එකිනෙකෙහි සෙය්‍ය සදිස හීන උපදී. එහි සෙය්‍ය වශයෙන් මානය තමා උසස් වශයෙන් ඇති මානය. සදිස මානය තමා සමාන වශයෙන් සිතෙහි ඇතිවන මානය. හීනමානය තමා හීනයයි සිතින් ඇතිවන මානය.

තත්‍ථ කතමො සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීතිආදයො පන නව මානා පුග‍්ගලං නිස‍්සාය කථිතා. තෙසු තයො තයො එකෙකස‍්ස උප‍්පජ‍්ජන‍්ති. තත්‍ථ දහතීති ඨපෙති. තං නිස‍්සායාති තං සෙය්‍යතො දහනං නිස‍්සාය. එත්‍ථ පන සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මීති මානො රාජූනඤ‍්චෙව පබ‍්බජිතානඤ‍්ච උප‍්පජ‍්ජති. රාජා හි ‘රට‍්ඨෙන වා ධනෙන වා වාහනෙහි වා කො මයා සදිසො අත්‍ථී’ති එතං මානං කරොති. පබ‍්බජිතොපි ‘සීලධුතඞ‍්ගාදීහි කො මයා සදිසො අත්‍ථී’ති එතං මානං කරොති.

එහි කතමො සෙය්‍යස්ස සෙය්‍යොහමස්මි යනාදිය නව මාන පුද්ගලයන් නිසා කියන ලදි. ඒවායේ එක එකක තුන බැගින් උපදී. එහි දහති යන තබයි. තං නිස්සාය එය උසස් වශයෙන් තැබීම නිසා. මෙහි සෙය්‍යස්ස සෙය්‍යොහමස්මි යනු මානය රජවරුන්ටද පැවිද්දන්ටද උපදී. රජ රටෙන් ධනයෙන් වාහනවලින් මා හා සමාන කෙනෙක් කොහෙ සිටීද? යන මේ මානය ඇතිවේ. පැවිද්දාටද සීල ධුතංගාදියෙන් මා හා සමාන කෙනෙක් ඇත්දැයි මේ මානය ඇතිවේ.

සෙය්‍යස‍්ස සදිසොහමස‍්මීති මානොපි එතෙසංයෙව උප‍්පජ‍්ජති. රාජා හි ‘රට‍්ඨෙන වා ධනෙන වා වාහනෙහි වා අඤ‍්ඤරාජූහි සද‍්ධිං මය‍්හං කිං නානාකරණ’න‍්ති එතං මානං කරොති. පබ‍්බජිතොපි ‘සීලධුතඞ‍්ගාදීහි අඤ‍්ඤෙන භික‍්ඛුනා සද‍්ධිං මය‍්හං කිං නානාකරණ’න‍්ති එතං මානං කරොති.

සෙය්‍යස්ස සමාන මානයද මෙසේම උපදී, රජ රටින් ධනයෙන් වාහනවලින් අනිත් රජුන් සමග කිම වෙනසක් වේද?යි මේ මානය ඇතිවේ. පැවිද්දාටද සීල ධුතංගාදියෙන් අන්‍ය භික්‍ෂුවක් සමග මගේ ඇති වෙනස්කම කුමක්ද?යි මේ මානය ඇතිවේ.

සෙය්‍යස‍්ස හීනොහමස‍්මීති මානොපි එතෙසංයෙව උප‍්පජ‍්ජති. යස‍්ස හි රඤ‍්ඤො රට‍්ඨං වා ධනං වා වාහනානි වා සම‍්පන‍්නානි න හොන‍්ති, සො ‘මය‍්හං රාජාති වොහාරසුඛමත‍්තමෙව; කිං රාජා නාම අහ’න‍්ති එතං මානං කරොති. පබ‍්බජිතොපි ‘අප‍්පලාභසක‍්කාරො අහං. ධම‍්මකථිකො බහුස‍්සුතො මහාථෙරොති කථාමත‍්තමෙව. කිං ධම‍්මකථිකො නාමාහං, කිං බහුස‍්සුතො නාමාහං, කිං මහාථෙරො නාමාහං යස‍්ස මෙ ලාභසක‍්කාරො නත්‍ථී’ති එතං මානං කරොති.

සෙය්‍යස්ස හීනවෙමි යන මානයද මෙසේම උපදී. රජතුමාට රට හෝ ධනය හෝ වාහනාදිය හෝ සම්පන්න නොවේ. ඒ බව රජ යන ව්‍යවහාර පහසුව සඳහා පමණය. මම මොන රජෙක්දැයි මේ මානය උපදී. පැවිද්දාටද අල්පලාභ සත්කාර ඇති මම ධර්මකථික බහුස්සුත මහාථෙර යනු කතාවට පමණකි. මොන ධර්ම කථිකයෙක්ද මම? මොන බහුස්සුතයෙක්ද මොන මහතෙර නමක්ද මම යයි යමෙකුට ලාභ සත්කාර නැතැයි මේ මානය ඇතිවේ.

සදිසස‍්ස සෙය්‍යොහමස‍්මීති මානාදයො අමච‍්චාදීනං උප‍්පජ‍්ජන‍්ති. අමච‍්චො හි රට‍්ඨියො වා ‘භොගයානවාහනාදීහි කො මයා සදිසො අඤ‍්ඤො රාජපුරිසො අත්‍ථී’ති වා ‘මය‍්හං අඤ‍්ඤෙහි සද‍්ධිං කිං නානාකරණ’න‍්ති වා ‘අමච‍්චොති නාමමත‍්තමෙව මය‍්හං; ඝාසච‍්ඡාදනමත‍්තම‍්පි මෙ නත්‍ථි. කිං අමච‍්චො නාමාහ’න‍්ති එතෙ මානෙ කරොති.

සදිසස්ස සෙය්‍යොහමස්මි යන මානාදිය ඇමති ආදීන්ටද උපදී. ඇමතියා වනාහි රට ඇත්තෙකි හෝ භෝග යාන වාහනාදියෙන් මා හා සමාන වෙන කවරෙක් ඇද්දැයි හෝ අන් අය හා සමග මට මොනවා අඩුදැයි නා නා කාරණ වශයෙන් හෝ මට නම් ඇමති නාමය පමණක් යයි කෑම ඇඳීම් පමණක්වත් මට නැත. කිම මම ඇමතියෙක් වෙම්දැයි මේ මානය උපදී.

හීනස‍්ස සෙය්‍යොහමස‍්මීති මානාදයො දාසාදීනං උප‍්පජ‍්ජන‍්ති. දාසො හි ‘මාතිතො වා පිතිතො වා කො මයා සදිසො අඤ‍්ඤො දාසො නාම අත්‍ථි’ අඤ‍්ඤෙ ජීවිතුං අසක‍්කොන‍්තා කුච‍්ඡිහෙතු දාසා නාම ජාතා. අහං පන පවෙණීආගතත‍්තා සෙය්‍යො’ති වා ‘පවෙණීආගතභාවෙන උභතොසුද‍්ධිකදාසත‍්තෙන අසුකදාසෙන නාම සද‍්ධිං කිං මය‍්හං නානාකරණ’න‍්ති වා ‘කුච‍්ඡිවසෙනාහං දාසබ්‍යං උපගතො. මාතාපිතුකොටියා පන මෙ දාසට‍්ඨානං නත්‍ථි. කිං දාසො නාම අහ’න‍්ති වා එතෙ මානෙ කරොති. යථා ච දාසො එවං පුක‍්කුසචණ‍්ඩාලාදයොපි එතෙ මානෙ කරොන‍්තියෙව.

හීනස්ස සෙය්‍යොහමස්මි යන දාසාදීන්ටද උපදී. දාසයා මව පැත්තෙන් හෝ පියා පැත්තෙන් හෝ මා හා සමාන වෙනත් දාසයෙක් සිටිනවාද? අනිත් අය ජීවත්විය නොහැකිව බඩ නිසා දාස නම් විය. මම වනාහි ප්‍රවේණියෙන් පැමිණි නිසා උසස් වෙමියි හෝ ප්‍රවේණියෙන් ආ හෙයින් උභතෝ සුද්ධ දාසභවයෙන් අසවල් දාසයා සමග මගේ අඩුව කුමක්දැයි හෝ බඩ නිසා මම දාස භාවයට පැමිණියෙමි. මා පිය කෙළවරින් මට දාස භාවයක් නැත. කිම මම දාසයෙක්ද? හෝ මොවුන්ට මානය උපදී. දාසයන් මෙන් පුක්කුස චණ්ඩාල ආදීහුද යන මොවුන්ටද මානය ඇතිවේ.

එත්‍ථ ච ‘සෙය්‍යස‍්ස සෙය්‍යොහමස‍්මී’ති උප‍්පන‍්නමානොව යාථාවමානො, ඉතරෙ ද‍්වෙ අයාථාවමානා. තථා ‘සදිසස‍්ස සදිසොහමස‍්මී’ති ‘හීනස‍්ස හීනොහමස‍්මී’ති උප‍්පන‍්නමානොව යාථාවමානො, ඉතරෙ ද‍්වෙ අයාථාවමානා. තත්‍ථ යාථාවමානා අරහත‍්තමග‍්ගවජ‍්ඣා, අයාථාවමානා සොතාපත‍්තිමග‍්ගවජ‍්ඣා.

මෙහිද ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ට වෙමියි උපදින මානයම ඇති සැටියෙන් ඇති මානයයි. ඉතිරි දෙක ඇති සැටියෙන් වූ මාන නොවේ. එසේම සමානයට සමාන වෙමියි යන මානයද හීනයාට හීනවෙමියි උපන් මානයද යාථාව මානය වේ. ඉතිරි දෙක අයාථාව මානය. යාථාව මානය අරහත් මාර්ගය අත්හැරය. අයාථාව මානය සෝවාන් මාර්ගය අත්හැරය.

එවං සවත්‍ථුකෙ මානෙ කථෙත්‍වා ඉදානි අවත්‍ථුකං නිබ‍්බත‍්තිතමානමෙව දස‍්සෙතුං තත්‍ථ කතමො මානොතිආදි වුත‍්තං.

මෙසේ වස්තු සහිත මානය කියා දැන් අවත්‍ථුක මානය උපන් මානයමයයි දැක්වීමට තත්‍ථ කතමො මානො යනාදිය කියන ලදි.

අතිමානනිද‍්දෙසෙ සෙය්‍යාදිවසෙන පුග‍්ගලං අනාමසිත්‍වා ජාතිආදීනං වත්‍ථුවසෙනෙව නිද‍්දිට‍්ඨො. තත්‍ථ අතිමඤ‍්ඤතීති ‘ජාතිආදීහි මයා සදිසො නත්‍ථී’ති අතික‍්කමිත්‍වා මඤ‍්ඤති.

අතිමාන නිද්දේසයෙහි පුද්ගලයන් නොගෙන ජාති ආදියේ වස්තු වශයෙන්ම දක්වන ලදි. එහි අතිමඤ්ඤති යනු ජාති ආදියෙන් මා හා සමානයෙක් නැතැයි ඉක්මවා සිතයි.

මානාතිමානනිද‍්දෙසෙ යො එවරූපොති යො එසො ‘අයං පුබ‍්බෙ මයා සදිසො, ඉදානි අහං සෙට‍්ඨො, අහං හීනතරො’ති උප‍්පන‍්නො මානො. අයං භාරාතිභාරො විය පුරිමං සදිසමානං උපාදාය මානාතිමානොති දස‍්සෙතුං එවමාහ.

මානතිමාන නිද්දේසයෙහි සො එවරූපො යනු මේ යමෙක් පෙර මා හා සමානව දැන් මම ශ්‍රේෂ්ඨ වෙමි. මේ අය හීනතරයයි උපන් මානය මෙය බරෙනුත් ඉතා බරයයි මෙන් පෙර සමාන මානය ගෙන මාණාති මාන යයි දැක්වීමට මෙසේ කීහ.

ඔමානනිද‍්දෙසො හීනමානනිද‍්දෙසසදිසොයෙව. වෙනෙය්‍යවසෙන පන සො ‘හීනොහමස‍්මී’ති මානො නාම වුත‍්තො – අයං ඔමානො නාම. අපිචෙත්‍ථ ‘ත්‍වං ජාතිමා, කාකජාති විය තෙ ජාති; ත්‍වං ගොත‍්තවා, චණ‍්ඩාලගොත‍්තං විය තෙ ගොත‍්තං; තුය‍්හං සරො අත්‍ථි, කාකස‍්සරො විය තෙ සරො’ති එවං අත‍්තානං හෙට‍්ඨා කත්‍වා පවත‍්තනවසෙන අයං ඔමානොති වෙදිතබ‍්බො.

ඔමාන නිද්දේසය හීන මාන නිද්දේසය හා සමානය වෙනෙය්‍ය වශයෙන් එය හීනයයි මනී. මෙය ඕමාන නම් වේ. තවද මෙහි ඔබ ජාතිමත් කවුඩකු මෙන් ඔබත් ඒ ජාතියේය. ගෝත්‍රයෙන් චණ්ඩාල ගෝත්‍රය මෙනි. ඔබේ හඬ කාක් හඬක් මෙන් මෙසේ තමා පහත්කොට පැවතීම වශයෙන් මෙය ඕමාන යයි දතයුතුය.

අධිමානනිද‍්දෙසෙ අප‍්පත‍්තෙ පත‍්තසඤ‍්ඤිතාති චත‍්තාරි සච‍්චානි අප‍්පත්‍වා පත‍්තසඤ‍්ඤිතාය . අකතෙති චතූහි මග‍්ගෙහි කත‍්තබ‍්බකිච‍්චෙ අකතෙයෙව. අනධිගතෙති චතුසච‍්චධම‍්මෙ අනධිගතෙ. අසච‍්ඡිකතෙති අරහත‍්තෙන අපච‍්චක‍්ඛකතෙ. අයං වුච‍්චති අධිමානොති අයං අධිගතමානො නාම වුච‍්චති.

අධිමාන නිද්දේසයෙහි අප්පත්තෙ පත්ත සඤ්ඤිනා යනු චතුසත්‍යාවබෝධයට නොපැමිණ, පැමිණි සංඥා ඇති බව. අකතෙ යනු සතර මගින් කළයුතු කිස නොකළ කල්හිම. අනධිගතෙ චතුසත්‍ය ධර්ම අවබෝධ නොවූ කල්හි අසච්ඡිකතෙ සාක්‍ෂාත් නොකළ කල්හි අයං වුච්චති අධිමානො මේ අවබෝධ කළැයි යන මානය යයි කියනු ලැබේ.

අයං පන කස‍්ස උප‍්පජ‍්ජති, කස‍්ස නුප‍්පජ‍්ජතීති? අරියසාවකස‍්ස තාව නුප‍්පජ‍්ජති. සො හි මග‍්ගඵලනිබ‍්බානපහීනකිලෙසාවසිට‍්ඨකිලෙසපච‍්චවෙක‍්ඛණෙන සඤ‍්ජාතසොමනස‍්සො අරියගුණපටිවෙධෙ නික‍්කඞ‍්ඛො. තස‍්මා සොතාපන‍්නාදීනං ‘අහං සකදාගාමී’තිආදිවසෙන මානො නුප‍්පජ‍්ජති; දුස‍්සීලස‍්සාපි නුප‍්පජ‍්ජති; සො හි අරියගුණාධිගමෙ නිරාසොව. සීලවතොපි පරිච‍්චත‍්තකම‍්මට‍්ඨානස‍්ස නිද‍්දාරාමතාදිමනුයුත‍්තස‍්ස නුප‍්පජ‍්ජති.

මෙය කාට උපදීද? නූපදින්නෙ කාටද? ආර්ය ශ්‍රාවකයන් වහන්සේට නූපදී. උන්වහන්සේට මාර්ගඵල නිර්වාණ ඇති ප්‍රහීණ කෙලෙස් සහ ඉතිරි කෙලෙස් ප්‍රත්‍යවේක්‍ෂාවෙන්ම හටගත් සොම්නස් ඇත්තේ ආර්යගුණ ප්‍රතිවේදයෙන් සැක නැත්තේය. එසේ හෙයින් සෝවාන් වූවන්ට සකෘදාගාමි යයි ආදි වශයෙන් මානය නූපදී. දුස්සීලයාට ද නූපදී. හේ ආර්යගුණාදියෙහි ආශා නැත්තේය. කමටහන් අත්හළ නින්දෙහි ඇලීම් ආදියෙන් යුත් සිල්වතාටද නූපදී.

පරිසුද‍්ධසීලස‍්ස පන කම‍්මට‍්ඨානෙ අප‍්පමත‍්තස‍්ස නාමරූපං වවත්‍ථපෙත්‍වා පච‍්චයපරිග‍්ගහෙන විතිණ‍්ණකඞ‍්ඛස‍්ස තිලක‍්ඛණං ආරොපෙත්‍වා සඞ‍්ඛාරෙ සම‍්මසන‍්තස‍්ස ආරද‍්ධවිපස‍්සකස‍්ස උප‍්පජ‍්ජති; උප‍්පන‍්නෙ ච සුද‍්ධසමථලාභී වා සුද‍්ධවිපස‍්සනාලාභී වා අන‍්තරා ඨපෙති. සො හි දසපි වීසම‍්පි තිංසම‍්පි වස‍්සානි කිලෙසසමුදාචාරං අපස‍්සන‍්තො ‘අහං සොතාපන‍්නො’ති වා ‘සකදාගාමී’ති වා ‘අනාගාමී’ති වා මඤ‍්ඤති. සමථවිපස‍්සනාලාභී පන අරහත‍්තෙයෙව ඨපෙති. තස‍්ස හි සමාධිබලෙන කිලෙසා වික‍්ඛම‍්භිතා, විපස‍්සනාබලෙන සඞ‍්ඛාරා සුපරිග‍්ගහිතා. තස‍්මා සට‍්ඨිපි වස‍්සානි අසීතිපි වස‍්සානි වස‍්සසතම‍්පි කිලෙසා න සමුදාචරන‍්ති; ඛීණාසවස‍්සෙව චිත‍්තචාරො හොති. සො එවං දීඝරත‍්තං කිලෙසසමුදාචාරං අපස‍්සන‍්තො අන‍්තරා අට‍්ඨත්‍වාව ‘අරහා අහ’න‍්ති මඤ‍්ඤති, උච‍්චමාලඞ‍්කවාසී මහානාගත්‍ථෙරො විය, හඞ‍්කනකවාසී මහාදත‍්තත්‍ථෙරො විය, චිත‍්තලපබ‍්බතෙ නිඞ‍්කපොණ‍්ණපධානඝරවාසී චූළසුමත්‍ථෙරො විය ච.

කමටහනෙහි අප්‍රමාද වූ නාමරූප මෙනෙහි කිරීම් ඇති ප්‍රත්‍ය විමසීමෙන් යුත් දුරුකළ සැක ඇති ත්‍රිලක්‍ෂණයට නගා සංස්කාරයන් සම්මර්ශනය කරන වීර්යයෙන් යුත් විදර්ශනාව ඇති පිරිසිදු සීලවන්තයාට උපදී. සුද්ධ සමථලාභියාට හෝ සුද්ධ විදර්ශනා ලාභියාට උපන් කල්හිද අනතුරු තිබේ. හේ දස වසක් විසිතිස් වසක් කෙලෙස් හැසිරීම නොදක්නේ මම සෝවාන් වූයෙමි හෝ සකදාගාමි වෙමි හෝ අනාගාමී වෙමි හෝ යයි සිතයි. සමථ විපස්සනා ලාභියා රහත්වීමියි සිතයි. ඔහුගේ සමාධි බලයෙන් කෙලෙස් විෂ්කම්භනය කොට විදර්ශනා බලයෙන් සංස්කාර මනාව ගන්නා ලදි. එනිසා හැටවසක් අසූවසක් වර්ෂ සීයකිනුදු කෙලෙස් නොහැසිරේ. රහතන් වහන්සේටද චිත්තාචාරය වේ. හේ මෙසේ බොහෝ කාලයක් කෙලෙස් හැසිරීමක් නොදක්නේ අතර නොසිට මම රහත්වී යයි සිතයි. උඩමළුව වාසී මහානාග තෙරුන් මෙන් හංකතකවාසී මහාදත්ත තෙරුන් මෙන් සිතුල්පව්වේ ‘නිංකපොණ්ණක’ පියන්ගලු වැසි චුල්ල සුම්ම තෙරුන් මෙන්ද,

තත්‍රිදං එකවත්‍ථුපරිදීපනං – තලඞ‍්ගරවාසී ධම‍්මදින‍්නත්‍ථෙරො කිර නාම එකො පභින‍්නපටිසම‍්භිදො මහාඛීණාසවො මහතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ඔවාදදායකො අහොසි. සො එකදිවසං අත‍්තනො දිවාට‍්ඨානෙ නිසීදිත්‍වා ‘කින‍්නු ඛො අම‍්හාකං ආචරියස‍්ස උච‍්චතලිඞ‍්කවාසීමහානාගත්‍ථෙරස‍්ස සමණකිච‍්චං මත්‍ථකං පත‍්තො, නො’ති ආවජ‍්ජන‍්තො පුථුජ‍්ජනභාවමෙවස‍්ස දිස‍්වා ‘මයි අගච‍්ඡන‍්තෙ පුථුජ‍්ජනකාලකිරියමෙව කරිස‍්සතී’ති ච ඤත්‍වා ඉද‍්ධියා වෙහාසං උප‍්පතිත්‍වා දිවාට‍්ඨානෙ නිසින‍්නස‍්ස ථෙරස‍්ස සමීපෙ ඔරොහිත්‍වා වන්‍දිත්‍වා වත‍්තං දස‍්සෙත්‍වා එකමන‍්තං නිසීදි. ‘කිං, ආවුසො ධම‍්මදින‍්න, අකාලෙ ආගතොසී’ති ච වුත‍්තො ‘පඤ‍්හං, භන‍්තෙ, පුච‍්ඡිතුං ආගතොම‍්හී’ති ආහ.

ඒවායින් එක් කතා වස්තුවක් දැක්වීම. මාලිකවාසී ධම්මදින්න තෙරුන් වහන්සේ වනාහි පටිසම්භිදා සහිත රහත් වූ මහා ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ නමකි. භික්‍ෂු සංඝයා මහත් පිරිසකට අවවාද දෙන්නෙක්ව වැඩ විසූහ. උන්වහන්සේ එක දවසක් තමන් වහන්සේගේ දිවා ස්ථානයේ හිඳ උඩමළුව වාසී මහානාග නම් සිය ආචාර්යවරයාගේ මහණදම් කෙසේදැයි ආවර්ජනා කරන්නේ පෘථග්ජන භාවයෙහිම සිටි බව දැන මා නොගියොත් පෘථග්ජනවම අපවත් වන්නේ යයි සිතා අහසට නැගී දිවා ස්ථානයෙහි සිටි තෙරුන් ළඟ බැස වැඳ වත් දක්වා එකත්පසක සිටියහ. ඇවැත්නි, ධම්මදින්න කිම අකාලයේ පැමිණියේ? ස්වාමීන් වහන්ස, ප්‍රශ්නයක් අහගන්ටයි ආවේ.

තතො ‘පුච‍්ඡාවුසො, ජානමානො කථයිස‍්සාමී’ති වුත‍්තො පඤ‍්හාසහස‍්සං පුච‍්ඡි. ථෙරො පුච‍්ඡිතපුච‍්ඡිතං පඤ‍්හං අසජ‍්ජමානොව කථෙසි. තතො ‘අතිතික‍්ඛං තෙ, භන‍්තෙ, ඤාණං. කදා තුම‍්හෙහි අයං ධම‍්මො අධිගතො’ති වුත‍්තො ‘ඉතො සට‍්ඨිවස‍්සකාලෙ, ආවුසො’ති ආහ. ‘සමාධිම‍්පි, භන‍්තෙ, වළඤ‍්ජෙථා’ති? ‘න ඉදං, ආවුසො, භාරිය’න‍්ති. ‘තෙන හි, භන‍්තෙ, එකං හත්‍ථිං මාපෙථා’ති. ථෙරො සබ‍්බසෙතං හත්‍ථිං මාපෙසි. ‘ඉදානි, භන‍්තෙ, යථා අයං හත්‍ථී අඤ‍්චිතකණ‍්ණො පසාරිතනඞ‍්ගුට‍්ඨො සොණ‍්ඩං මුඛෙ පක‍්ඛිපිත්‍වා භෙරවං කොඤ‍්චනාදං කරොන‍්තො තුම‍්හාකං අභිමුඛො ආගච‍්ඡති තථා තං කරොථා’ති. ථෙරො තථා කත්‍වා වෙගෙන ආගච‍්ඡතො හත්‍ථිස‍්ස භෙරවං ආකාරං දිස‍්වා උට‍්ඨාය පලායිතුං ආරද‍්ධො. තමෙනං ඛීණාසවත්‍ථෙරො හත්‍ථං පසාරෙත්‍වා චීවරකණ‍්ණෙ ගහෙත්‍වා ‘භන‍්තෙ, ඛීණාසවස‍්ස සාරජ‍්ජං නාම හොතී’ති ආහ. සො තස‍්මිං කාලෙ අත‍්තනො පුථුජ‍්ජනභාවං ඤත්‍වා ‘අවස‍්සයො මෙ, ආවුසො ධම‍්මදින‍්න, හොහී’ති වත්‍වා පාදමූලෙ උක‍්කුටිකං නිසීදි. ‘භන‍්තෙ, තුම‍්හාකං අවස‍්සයො භවිස‍්සාමිච‍්චෙවාහං ආගතො, මා චින‍්තයිත්‍ථා’ති කම‍්මට‍්ඨානං කථෙසි. ථෙරො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා චඞ‍්කමං ආරුය‍්හ තතියෙ පදවාරෙ අග‍්ගඵලං අරහත‍්තං පාපුණි. ථෙරො කිර දොසචරිතො අහොසි.

අසන්න, දන්නවා නම් කියන්නෙමි යයි කී කල්හි ප්‍රශ්න දහසක් විචාළහ. ඇසූ ඇසූ ප්‍රශ්නවලට කිසි සූදානමක් නැතිව පිළිතුරු දුන්හ. ඉක්බිති ස්වාමීන් වහන්සේ නුවණ ඉතා සියුම්ය. ඔබවහන්සේ මේ ධර්මය අවබෝධ කෙළේ කවදාද? ඇවැත්නි, මෙයින් අවුරුදු හැටකට පෙරාතුවය. ස්වාමීනි, සමාධි පුහුණුවීද? ඇවැත්නි, එය බැරෑරුම් නොවේ. එසේනම් ස්වාමීන් වහන්ස, එක ඇතෙක් මවන්න. තෙරුන් වහන්සේ සුදු ඇතෙක් මැවූහ. දැන් ස්වාමීනි මේ ඇතා කන් ඔසවාගෙන වලිගය දිගහැර හොඬ මුඛයෙහි තබා බියජනක කුඤ්චනාද කරන්නේ ඔබවහන්සේ අභිමුවට එන ආකාරයට කරන්න. තෙරුන් වහන්සේ එසේ කොට වේගයෙන් එන ඇතාගේ බියජනක ආකාරය දැක නැගිට පලායාමට සැරසුනේය. රහතන් වහන්සේ අත දිගුකොට සිවුරු කොනෙන් අල්ලා ස්වාමීනි, ඛීණාශ්‍රවයන්ට ඇලීම් නම් වේදැයි කීහ. එවේලේ තමන්ගේ පෘථග්ජනකම දැක ඇවැත්නි, ධම්මදින්න, මට උදව්වන්නැයි කියා පාමුල උක්කුටිකව උන්හ. ස්වාමීනි, ඔබවහන්සේට උදව්වීමට මා පැමිණියේ නොසිතනු මැනවැයි කියා කමටහන් කීහ. තෙරුන් වහන්සේ කමටහන් ගෙන සක්මනට නැගී තුන්වන පියවරේදී අග්‍රඵලය වූ රහත්බවට පැමිණියහ. තෙරුන් වහන්සේ වනාහී දෝස චරිතයකු වූහ.

අස‍්මිමානනිද‍්දෙසෙ රූපං අස‍්මීති මානොති ‘අහං රූප’න‍්ති උප‍්පන‍්නමානො. ඡන්‍දොති මානං අනුගතච‍්ඡන්‍දොව. තථා අනුසයො. වෙදනාදීසුපි එසෙව නයො.

අස්මිමාන නිද්දේසෙයෙහි, රූපං අස්මීති මානො රූපය යයි උපන් මානය ඡන්‍දො මාන අනුගත වූ ඡන්‍දය අනුසයද එසේය. වේදනාදියෙහි ද මෙම නයයි.

මිච‍්ඡාමානනිද‍්දෙසෙ පාපකෙන වා කම‍්මායතනෙනාති ආදීසු පාපකං කම‍්මායතනං නාම කෙවට‍්ටමච‍්ඡබන්‍ධනෙසාදාදීනං කම‍්මං. පාපකං සිප‍්පායතනං නාම මච‍්ඡජාලඛිපනකුමිනකරණෙසු චෙව පාසඔඩ‍්ඩනසූලාරොපනාදීසු ච ඡෙකතා. පාපකං විජ‍්ජාට‍්ඨානං නාම යා කාචි පරූපඝාතවිජ‍්ජා. පාපකං සුතං නාම භාරතයුද‍්ධසීතාහරණාදිපටිසංයුත‍්තං. පාපකං පටිභානං නාම දුබ‍්භාසිතයුත‍්තං කප‍්පනාටකවිලප‍්පනාදිපටිභානං. පාපකං සීලං නාම අජසීලං ගොසීලං. වතම‍්පි අජවතගොවතමෙව. පාපිකා දිට‍්ඨි පන ද‍්වාසට‍්ඨියා දිට‍්ඨිගතෙසු යා කාචි දිට‍්ඨි.

මිච්ඡා මාන නිද්දේසයෙහි පාපකෙන වා කම්මායතනෙන යනාදියෙහි පාප කර්මායතන නම් කෙවුළු මසුන් මරණ වැදි ආදීන්ගේ කර්මයයි. පාප සිල්පායතන නම් මසුන්ට දැල් දමන කෙමන් ඇටවීමෙහිද මලපුඩු එලන උල් සිටුවන ආදියෙහිද දක්‍ෂ බව පාප විද්‍යාස්ථාන නම් යමින් අනුන් නසන විද්‍යා පාප ඇසීම් භාරත යුද්ධ පාණ්ඩව ආදි, ජානකී භරණාදියෙන් යුක්ත වූ ඇසීම්. පාප ප්‍රතිභාන නම් දුර්භාෂිත වූ කාව්‍ය නාටක වැලපීම් ආදි පටිභානය. පාපසීල නම් එළුසිල් ගව සිල් පාප වත් අජවත් ගොවත් පාපදිට්ඨි නම් දෙසැට දෘෂ්ටිවලය අයත් කිසියම් දෘෂ්ටියක්.

ඤාතිවිතක‍්කනිද‍්දෙසාදීසු ‘මය‍්හං ඤාතයො සුඛජීවිනො සම‍්පත‍්තියුත‍්තා’ති එවං පඤ‍්චකාමගුණසන‍්නිස‍්සිතෙන ගෙහසිතපෙමෙන ඤාතකෙ ආරබ‍්භ උප‍්පන‍්නවිතක‍්කොව ඤාතිවිතක‍්කො නාම. ‘ඛයං ගතා වයං ගතා සද‍්ධා පසන‍්නා’ති එවං පවත‍්තො පන ඤාතිවිතක‍්කො නාම න හොති.

ඥාති විතක්ක නිද්දේසාදියෙහි මගේ නෑයෝ සැපසේ ජීවත් වෙති. සම්පත් ඇත්තෝය. මෙසේ පස්කම් ගුණ යුක්ත වූ ගෙදරට ඇති ප්‍රේමයෙන් නෑයන් අරබයා උපන් සිතුවිලිම ඤාති විතක්ක නම් වේ. ක්‍ෂය වූ ව්‍යය වූ ශ්‍රද්ධා ප්‍රසන්න යයි මෙසේ පවතිනා ඤාති විතක්ක නම් නැත.

‘අම‍්හාකං ජනපදො සුභික‍්ඛො සම‍්පන‍්නසස‍්සො’ති තුට‍්ඨමානස‍්ස ගෙහසිතපෙමවසෙනෙව උප‍්පන‍්නවිතක‍්කො ජනපදවිතක‍්කො නාම. ‘අම‍්හාකං ජනපදෙ මනුස‍්සා සද‍්ධා පසන‍්නා ඛයං ගතා වයං ගතා’ති එවං පවත‍්තො පන ජනපදවිතක‍්කො නාම න හොති.

අපගේ ජනපදය සුභික්‍ෂය. සස්‍ය සම්පන්න යයි සතුටුවන සිතට ගෙහසිත ප්‍රේම වශයෙන්ම උපන් විතර්ක ජනපද විතක්ක නම් වේ. අපේ ජනපදයේ මිනිස්සු ශ්‍රද්ධාවන්තය. ප්‍රසන්නය. ඛය ගත වයගත යයි මෙසේ පවතින ජනපද විතර්කයක් නම් නැත.

අමරත්‍ථාය විතක‍්කො, අමරො වා විතක‍්කොති අමරවිතක‍්කො. තත්‍ථ ‘උක‍්කුටිකප‍්පධානාදීහි දුක‍්ඛෙ නිජ‍්ජිණ‍්ණෙ සම‍්පරායෙ අත‍්තා සුඛී හොති අමරො’ති දුක‍්කරකාරිකං කරොන‍්තස‍්ස තාය දුක‍්කරකාරිකාය පටිසංයුත‍්තො විතක‍්කො අමරත්‍ථාය විතක‍්කො නාම. දිට‍්ඨිගතිකො පන ‘සස‍්සතං වදෙසී’තිආදීනි පුට‍්ඨො ‘එවන‍්තිපි මෙ නො, තථාතිපි මෙ නො’ අඤ‍්ඤථාතිපි මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නො’ති (දී· නි· 1.62) වික‍්ඛෙපං ආපජ‍්ජති, තස‍්ස සො දිට‍්ඨිගතපටිසංයුත‍්තො විතක‍්කො. යථා අමරො නාම මච‍්ඡො උදකෙ ගහෙත්‍වා මාරෙතුං න සක‍්කා, ඉතො චිතො ච ධාවති, ගාහං න ගච‍්ඡති; එවමෙව එකස‍්මිං පක‍්ඛෙ අසණ‍්ඨහනතො න මරතීති අමරො නාම හොති. තං දුවිධම‍්පි එකතො කත්‍වා අයං වුච‍්චති අමරවිතක‍්කොති වුත‍්තං.

අමරවීම සඳහා ඇතිවන සිතිවිලි අමර විතක්ක නම් වේ. එහි උක්කුටිකයෙන් සිටීමේ වීර්යාදියෙන් දුකෙහි නිර්ජීර්ණයෙන් ආත්මයට සැප වේයයි අමර යයි දුෂ්කර කාර්ය කරන්නාට ඒ දුෂ්කර කාර්යයෙන් යුක්ත වූ විතර්කය අමර පිණිස විතර්කය නම් වේ. දෘෂ්ටිගතිකයා වනාහි ශාස්වතය. නියතවාදදැයි ආදිය විචාළවිට මෙසේද නොවේ. එසේද නොවේ. වෙනත් අයුරකින්ද නොවේ. නැත්තේ නොවේ. නැත්තේ නොවන්නේ ද නොවේ. නැතැයි වික්‍ෂේපයට පැමිණේ. හේ ඒ දෘෂ්ටියෙන් යුක්ත වූයේ විතර්ක කරන්නේ අමර නම් මත්ස්‍යයා ජලයෙන් මැරීමට නොහැකිය. එහාට මෙහාට දුවයි. ගැනීමට නොඑයි. එසේම එක ස්ථාවරයක නොසිටින බැවින් නොමැරිය හැකියයි අමර නම් වේ. ඒ දෙකම එකක් කොට අයං වුච්චති අමර විතක්කො යයි කියන ලදි.

පරානුද‍්දයතාපටිසංයුත‍්තොති අනුද‍්දයතාපතිරූපකෙන ගෙහසිතපෙමෙන පටිසංයුත‍්තො. සහනන්‍දීතිආදීසු උපට‍්ඨාකෙසු නන්‍දන‍්තෙසු සොචන‍්තෙසු ච තෙහි සද‍්ධිං දිගුණං නන්‍දති, දිගුණං සොචති; තෙසු සුඛිතෙසු දිගුණං සුඛිතො හොති, දුක‍්ඛිතෙසු දිගුණං දුක‍්ඛිතො හොති. උප‍්පන‍්නෙසු කිච‍්චකරණීයෙසූති තෙසු මහන‍්තෙසු වා ඛුද‍්දකෙසු වා කම‍්මෙසු උප‍්පන‍්නෙසු. අත‍්තනා වා යොගං ආපජ‍්ජතීති තානි තානි කිච‍්චානි සාධෙන‍්තො පඤ‍්ඤත‍්තිං වීතික‍්කමති, සල‍්ලෙඛං කොපෙති. යො තත්‍ථාති යො තස‍්මිං සංසට‍්ඨවිහාරෙ, තස‍්මිං වා යොගාපජ‍්ජනෙ ගෙහසිතො විතක‍්කො – අයං පරානුද‍්දයතාපටිසංයුත‍්තො විතක‍්කො නාම.

පරානුද්දයතා පටිසංයුත්තො යනු දයාව ප්‍රතිරූපයෙන් ගෙහසිත ප්‍රේමයෙන් යුක්තව. සහ නන්‍දී යනාදියෙහි උපස්ථායකින් සතුටුවන කල්හි සෝකවන කල ඔවුන් සමග දෙගුණයක් සතුටු වේ. දෙගුණයක් සෝක වේ. ඔවුන් සැපවත් වන කල්හි දෙගුණයක් සැපවත් වේ. දුක්වන කල්හි දෙගුණයක් දුක් වේ. උප්පන්නෙසු කිච්ච කරණීයෙසු ඔවුන්ට මහත් වූ හෝ කුඩා වූ හෝ කටයුතු පැමිණි කල්හි. අත්තනා වා යොගං ආපජ්ජති ඒ ඒ කෘත්‍ය කරන්නේ පැනවීම් ඉක්මවයි. කෙලෙස් කෝප කරවයි. යො තත්‍ථ යමෙක් ඒ හා බැඳුණු වාසයෙහි හෝ ඒ කාර්යයෙහිදී ගෙදර සම්බන්ධ විතර්කය. මෙය පරානුද්දයතා පටිසංයුත්ත විතර්කය නම් වේ.

ලාභසක‍්කාරසිලොකපටිසංයුත‍්තොති චීවරාදිලාභෙන චෙව සක‍්කාරෙන ච කිත‍්තිසද‍්දෙන ච සද‍්ධිං ආරම‍්මණකරණවසෙන පටිසංයුත‍්තො.

ලාභ සත්කාර සිලොක පටිසංයුත්තතො යනු චීවරාදී ලාභයෙන්ද සත්කාරයෙන්ද කීර්තියෙන්ද අරමුණු වශයෙන් යුක්ත

අනවඤ‍්ඤත‍්තිපටිසංයුත‍්තොති ‘අහො වත මං පරෙ න අවජානෙය්‍යුං, න පොථෙත්‍වා විහෙඨෙත්‍වා කථෙය්‍යු’න‍්ති එවං අනවඤ‍්ඤාතභාවපත්‍ථනාය සද‍්ධිං උප‍්පජ‍්ජනවිතක‍්කො. යො තත්‍ථ ගෙහසිතොති යො තස‍්මිං ‘මා මං පරෙ අවජානිංසූ’ති උප‍්පන‍්නෙ චිත‍්තෙ පඤ‍්චකාමගුණසඞ‍්ඛාතගෙහනිස‍්සිතො හුත්‍වා උප‍්පන‍්නවිතක‍්කො. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙවාති.

අනවඤ්ඤත්ති පටිසංයුත්තො යනු අන්‍යයෝ මා අවමන් නොකරන්නේ නම් තළා පෙළා කථා නොකරන්නේ නම් කොයිතරම් හොඳදැයි මෙසේ අපැහැදිලි බවින් පැතීම් සහිත උපන් සිතිවිලි යොතත්‍ථ ගෙහසිතො යමෙක් ඒ අවස්ථාවේ අන්‍යයෝ මා අවමන් නොකළහයි උපන් සිතේ පඤ්චකාම ගුණ සංඛ්‍යාත ගෙහ සිතින් යුතුව උපන් විතර්කය. සෙසු සියල්ල ප්‍රකටය.

එකකනිද‍්දෙසවණ‍්ණනා.

ඒකක නිද්දේසයයි.