තතියබලනිද්දෙසො අට්ඨකථා
තතියබලනිද්දෙසො
තතිය බල නිද්දේසය
තතියබලනිද්දෙසෙ මග්ගොති වා පටිපදාති වා කම්මස්සෙවෙතං නාමං. නිරයගාමිනීතිආදීසු නිරස්සාදට්ඨෙන නිරතිඅත්ථෙන ච නිරයො. උද්ධං අනුගන්ත්වා තිරියං අඤ්චිතාති තිරච්ඡානා; තිරච්ඡානායෙව තිරච්ඡානයොනි. පෙතතාය පෙත්ති; ඉතො පෙච්ච ගතභාවෙනාති අත්ථො. පෙත්තියෙව පෙත්තිවිසයො. මනස්ස උස්සන්නතාය මනුස්සා; මනුස්සාව මනුස්සලොකො. දිබ්බන්ති පඤ්චහි කාමගුණෙහි අධිමත්තාය වා ඨානසම්පත්තියාති දෙවා; දෙවාව දෙවලොකො. වානං වුච්චති තණ්හා; තං තත්ථ නත්ථීති නිබ්බානං. නිරයං ගච්ඡතීති නිරයගාමී. ඉදං මග්ගං සන්ධාය වුත්තං. පටිපදා පන නිරයගාමිනී නාම හොති. සෙසපදෙසුපි එසෙව නයො. ඉදං සබ්බම්පි පටිපදං තථාගතො පජානාති.
තෘතීය බල නිර්දේශයෙහි මාර්ගයයි හෝ පිළිවෙත යයි හෝ මෙය කර්මයට නමකි. නිරයගාමිනී ආදියෙහි ආශ්වාද රහිත අර්ථයෙන් නොඇලීම් අර්ථයෙන් නිරය වේ. ඉහළට නොගොස් හරහට අදින ලද්දේ තිරිසන්ය. තිරිසන්ම තිරිසන්යෝනි වේ. පෙත්තාය පෙත්ති. මෙයින් පරලොව ගිය බවය යන අර්ථයයි. මනස උසස් බැවින් මනුස්ස වේ. මනුෂ්‍යයාම මනුස්සලෝක වේ. පස් කාම ගුණයේ ක්‍රීඩා කරනවා යනු අධික වූ සමාන සම්පත්තිය හෝ දේව වේ. දේවාම දේව ලෝකයයි. වාණ යනු තෘෂ්ණාවයි. එය එහි නැත යන නිබ්බාණ වේ. නිරයට යෑම නිරයගාමී වේ. මෙය මාර්ගය සඳහා කියන ලදි. පටිපදා යනුද නිරයගාමිනී වේ. සෙසු පදවලද මෙම නයයි. මේ සියළුම පිළිවෙත් තථාගත දනී.
කථං ? සකලගාමවාසිකෙසුපි හි එකතො එකං සූකරං වා මිගං වා ජීවිතා වොරොපෙන්තෙසු සබ්බෙසම්පි චෙතනා පරස්ස ජීවිතින්ද්රියාරම්මණාව හොති. තං පන කම්මං තෙසං ආයූහනක්ඛණෙයෙව නානා හොති. තෙසු හි එකො ආදරෙන ඡන්දජාතො කරොති. එකො ‘එහි ත්වම්පි කරොහී’ති පරෙහි නිප්පීළිතත්තා කරොති. එකො සමානච්ඡන්දො විය හුත්වා අප්පටිබාහියමානො විචරති. තෙසු එකො තෙනෙව කම්මෙන නිරයෙ නිබ්බත්තති, එකො තිරච්ඡානයොනියං, එකො පෙත්තිවිසයෙ. තං තථාගතො ආයූහනක්ඛණෙයෙව ‘ඉමිනා නීහාරෙන ආයූහිතත්තා එස නිරයෙ නිබ්බත්තිස්සති , එස තිරච්ඡානයොනියං, එස පෙත්තිවිසයෙ’ති පජානාති . නිරයෙ නිබ්බත්තමානම්පි ‘එස අට්ඨසු මහානිරයෙසු නිබ්බත්තිස්සති, එස සොළසසු උස්සදනිරයෙසු නිබ්බත්තිස්සතී’ති පජානාති. තිරච්ඡානයොනියං නිබ්බත්තමානම්පි ‘එස අපාදකො භවිස්සති, එස ද්විපාදකො, එස චතුප්පාදකො, එස බහුප්පාදකො’ති පජානාති. පෙත්තිවිසයෙ නිබ්බත්තමානම්පි ‘එස නිජ්ඣාමතණ්හිකො භවිස්සති, එස ඛුප්පිපාසිකො, එස පරදත්තූපජීවී’ති පජානාති. තෙසු ච කම්මෙසු ‘ඉදං කම්මං පටිසන්ධිං ආකඩ්ඪිතුං න සක්ඛිස්සති, දුබ්බලං දින්නාය පටිසන්ධියා උපධිවෙපක්කං භවිස්සතීති පජානාති.
කෙසේද? සියළු ගම්වැසියෝ එකතුව ඌරකු හෝ මුවකු හෝ දිවි තොරකර කල්හි සියළු දෙනාගේම චේතනා අනිකකුගේ ජීවිතේන්ද්රිය අරමුණුකොට ඇත්තේ වේ. එම කර්මය ඔවුන්ගේ රැස්කරන වේලාවෙහි විවිධ වේ. එකෙක් එම කරවයි. අනුන්ගේ මෙහෙයවීමෙන් කරයි. එකෙක් සමාන කැමැත්තෙන් මෙන් අයින් නොවී හැසිරේ. එකෙක් එම කර්මයෙන් නිරයේ උපදියි. එකෙක් තිරිසන් යෝනියෙහි එකෙක් ප්‍රේත විෂයෙහි උපදියි. තථාගතයන් වහන්සේ එය රැස්කරන අවස්ථාවෙහිම මේ ආකාරයෙන්ම රැස්කළ බැවින් මොහු නිරයේ උපදින්නේය. මොහු තිරිසන් යෝනි යෝනියෙහි උපදින්නේය. මොහු පේත විෂයෙහි උපදින්නේ යයි දැනගනී. නිරයේ උපදින්නේ ද මොහු අටමහ නිරයෙහි උපදින්නේය. මොහු සොළොස් උස්සද නිරයේ උපදින්නේය යයි දැනගනී. තිරිසන් යෝනියෙහි උපදින්නේද මොහු අපාදක වන්නේය. මොහු ද්විපාදක වන්නේය. මොහු චතුප්පාද වන්නේය. මොහු බහුප්පාද වන්නේ යයි දැනගනී. ප්‍රේත විෂයේ උපදිනු ලබන්නේද මොහු නිජ්ඣාමතණ්හිකයෙහි වන්නේය. මොහු ඛුපිපාසික වන්නේය. මොහු පරදත්තූපජීවි වන්නේ යයි දැනගනී. සෙසු කර්මද මේ කර්මය ප්රතිසන්ධිය ඇදගැනීමට නොහැකි වන්නේය. දුබලව දෙන ලද ප්රතිසන්ධිය උපධි යයි මේරීම වන්නේයයි දැනගනී.
තථා සකලගාමවාසිකෙසු එකතො පිණ්ඩපාතං දදමානෙසු සබ්බෙසම්පි චෙතනා පිණ්ඩපාතාරම්මණාව හොති. තං පන කම්මං තෙසං ආයූහනක්ඛණෙයෙව පුරිමනයෙන නානා හොති. තෙසු කෙචි දෙවලොකෙ නිබ්බත්තිස්සන්ති, කෙචි මනුස්සලොකෙ. තං තථාගතො ආයූහනක්ඛණෙයෙව ‘ඉමිනා නීහාරෙන ආයූහිතත්තා එස මනුස්සලොකෙ නිබ්බත්තිස්සති, එස දෙවලොකෙ’ති පජානාති. දෙවලොකෙ නිබ්බත්තමානානම්පි ‘එස පරනිම්මිතවසවත්තීසු නිබ්බත්තිස්සති, එස නිම්මානරතීසු, එස තුසිතෙසු, එස යාමෙසු, එස තාවතිංසෙසු, එස චාතුමහාරාජිකෙසු, එස භුම්මදෙවෙසු; එස පන ජෙට්ඨකදෙවරාජා හුත්වා නිබ්බත්තිස්සති, එස එතස්ස දුතියං වා තතියං වා ඨානන්තරං කරොන්තො පරිචාරකො හුත්වා නිබ්බත්තිස්සතී’ති පජානාති. මනුස්සෙසු නිබ්බත්තමානානම්පි ‘එස ඛත්තියකුලෙ නිබ්බත්තිස්සති, එස බ්රාහ්මණකුලෙ, එස වෙස්සකුලෙ, එස සුද්දකුලෙ; එස පන මනුස්සෙසු රාජා හුත්වා නිබ්බත්තිස්සති, එස එතස්ස දුතියං වා තතියං වා ඨානන්තරං කරොන්තො පරිචාරකො හුත්වා නිබ්බත්තිස්සතී’ති පජානාති . තෙසු ච කම්මෙසු ‘ඉදං කම්මං පටිසන්ධිං ආකඩ්ඪිතුං න සක්ඛිස්සති, දුබ්බලං දින්නාය පටිසන්ධියා උපධිවෙපක්කං භවිස්සතී’ති පජානාති.
එසේම සියළු ගම්වාසීහු පිණ්ඩපාතය දෙන්නාහු සියළු දෙනාගේම චේතනා පිණ්ඩපාත අරමුණෙහි වේ. ඒ කර්මය ඔවුන්ගේ රැස්කිරීම් කෙරෙහි පෙර මෙන්ම විවිධ වේ. ඔවුනතුරෙන් සමහරෙක් දෙව්ලොව උපදින්නෝය. සමහරෙක් මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නෝය. මේ ආකාරයෙන් රැස්කරන ලද බැවින් මොහු මනුෂ්‍ය ලෝකයෙහි උපදින්නේය. මොහු දේව ලෝකයෙහි උපදින්නේ යයි දැනගනී. දෙව්ලොව උපදින්නන්ද මොහු පරනිම්මිතව සම්පත්තියෙහි නිම්මාන රතියෙහි තුසිතයෙහි යාමයෙහි තාවතිංසයෙහි චාතුම්මහාරාජිකයෙහි මොහු භුම්මාදේවේසු මොහු දෙටු දෙව්රජව උපදින්නේය. මොහු මොහුට දුතියයි තතිය තනතුරු දරන්නෙක්ව උපදින්නේ යයි දැනගනී. මනුෂ්‍යයන් අතර උපදින්නේද මොහු ක්ෂත්රිය කුලයෙහි මොහු බ්‍රාහ්මණ කුලයෙහි මොහු වෛශ්‍ය කුලයෙහි මොහු ක්ෂුද්‍ර කුලයෙහි උපදින්නේය. මොහු මිනිසුන්ගේ රජවී උපදින්නේය. මොහු ඔහුගේ දෙවෙනි හෝ තුන්වෙනි හෝ තනතුරු දරණ පරිවාරකයෙක්ව උපදින්නේ යයි දැනගනී. සෙසු කර්ම අතර මේ කර්මය ප්රතිසන්ධිය ඇදගැනීමට සමත් නොවේ. දුබලව දුන් ප්රතිසන්ධිය උපධි මේරීමට වන්නේ යයි දැනගනී.
තථා විපස්සනං පට්ඨපෙන්තෙසුයෙව යෙන නීහාරෙන විපස්සනා ආරද්ධා, ‘එස අරහත්තං පාපුණිස්සති, එස අරහත්තං පත්තුං න සක්ඛිස්සති, එස අනාගාමීයෙව භවිස්සති, එස සකදාගාමීයෙව, එස සොතාපන්නොයෙව; එස පන මග්ගං වා ඵලං වා සච්ඡිකාතුං න සක්ඛිස්සති, ලක්ඛණාරම්මණාය විපස්සනායමෙව ඨස්සති; එස පච්චයපරිග්ගහෙයෙව, එස නාමරූපපරිග්ගහෙයෙව, එස අරූපපරිග්ගහෙයෙව, එස රූපපරිග්ගහෙයෙව ඨස්සති, එස මහාභූතමත්තමෙව වවත්ථාපෙස්සති, එස කිඤ්චි සල්ලක්ඛෙතුං න සක්ඛිස්සතී’ති පජානාති.
එසේම විපස්සනා පටන් ගන්නාවිටම යම් ආකාරයකින් විපස්සනාව ආරම්භ කරන ලදද මොහු රහත්බවට පැමිණෙන්නේය. මොහුට රහත්වීමට හැකි නොවන්නේය. මොහු අනාගාමී පමණක් වන්නේය. මොහු සකෘදාගාමී වන්නේය. මොහු සෝවාන් වන්නේය. මොහු මාර්ගයක් හෝ ඵලයක් හෝ සාක්ෂාත් කිරීමට හැකි නොවන්නේය. ලකුණු අරමුණු විපස්සනාවෙහි සිටිනේනේය. මොහු ප්‍රත්‍ය විමසීමෙහි සිටින්නේය. මොහු නාමරූප විමසීමෙහි සිටින්නේය. මොහු අරූප විමසීමෙහි සිටින්නේය. මොහු රූප විමසීමෙහි සිටින්නේය. මොහු මහාභූත පමණක් විමසයි. මොහු කිසිවක් සැලකීමට නොහැකි වේයයි දැනගනී.
කසිණපරිකම්මං කරොන්තෙසුපි ‘එතස්ස පරිකම්මමත්තමෙව භවිස්සති, නිමිත්තං උප්පාදෙතුං න සක්ඛිස්සති; එස පන නිමිත්තං උප්පාදෙතුං සක්ඛිස්සති, අප්පනං පාපෙතුං න සක්ඛිස්සති; එස අප්පනං පාපෙත්වා ඣානං පාදකං කත්වා විපස්සනං පට්ඨපෙත්වා අරහත්තං ගණ්හිස්සතී’ති පජානාතීති.
කසිණ පරිකර්ම කරන්නෝද මොහුට පරිකර්මය පමණක් වන්නේය. නිමිත්ත ඉපදීමට නොහැකි වන්නේය. මොහුට නිමිති ඉපදවීමට හැකි වන්නේය. අර්පණාවට පැමිණීමට නොහැකි වන්නේය. මොහු අර්පණාවට පැමිණ ධ්‍යාන පාදක කොට විපස්සනාව පටන්ගෙන රහත්භාවය ගන්නේ යයි දැනගනී.
තතියබලනිද්දෙසවණ්ණනා.
තතිය බල නිද්දේසයයි.
චතුත්ථබලනිද්දෙසො
සතරවන බල නිද්දේසය
චතුත්ථබලනිද්දෙසෙ ඛන්ධනානත්තන්ති ‘අයං රූපක්ඛන්ධො නාම…පෙ… අයං විඤ්ඤාණක්ඛන්ධො නාමා’ති එවං පඤ්චන්නං ඛන්ධානං නානාකරණං පජානාති. තෙසුපි ‘එකවිධෙන රූපක්ඛන්ධො…පෙ… එකාදසවිධෙන රූපක්ඛන්ධො. එකවිධෙන වෙදනාක්ඛන්ධො…පෙ… බහුවිධෙන වෙදනාක්ඛන්ධො…පෙ… එකවිධෙන සඤ්ඤාක්ඛන්ධො…පෙ… එකවිධෙන සඞ්ඛාරක්ඛන්ධො…පෙ… එකවිධෙන විඤ්ඤාණක්ඛන්ධො…පෙ… බහුවිධෙන විඤ්ඤාණක්ඛන්ධො’ති එවං එකෙකස්ස ඛන්‍ධස්ස නානත්තං පජානාති. ආයතනනානත්තන්ති ‘ඉදං චක්ඛායතනං නාම…පෙ… ඉදං ධම්මායතනං නාම. තත්ථ දසායතනා කාමාවචරා, ද්වෙ චතුභූමකා’ති එවං ආයතනනානත්තං පජානාති. ධාතුනානත්තන්ති ‘අයං චක්ඛුධාතු නාම…පෙ… අයං මනොවිඤ්ඤාණධාතු නාම. තත්ථ සොළස ධාතුයො කාමාවචරා, ද්වෙ චතුභූමකා’ති එවං ධාතුනානත්තං පජානාති.
සතරවන බල නිද්දේසයෙහි ඛන්ධනානත්තං යනු මේ රූපස්කන්ධය...... මේ විඤ්ඤාණ ස්කන්ධය නම් වේ. මෙසේ ස්කන්ධ පහේ නානා කරණය දැනගනී. ඒවා අතර ඒකවිධ වූ රූපස්කන්ධය........එකොළොස්විධ වූ රූප ස්කන්ධය ඒකවිධ වූ වේදනා ස්කන්ධය.......බොහෝ ආකාරයෙන් වේදනා ස්කන්ධය. ඒකවිධ වූ සංඥා ස්කන්ධය.......ඒකවිධ වූ සංඛාර ස්කන්ධය......ඒකවිධ වූ විඤ්ඤාණ ස්කන්ධය.....බහුවිධයෙන් විඤ්ඤාණ ස්කන්ධය, මෙසේ එක එක ස්කන්ධයාගේ නානත්තය දැනගනී. ආයතන නානත්තං යනු මෙය චක්ඛායතන නමි. මෙය ධම්මායතන නමි. එහි ආයතන දහයක් කාමාවචර, දෙකක් චතුභූමික යයි මෙසේ ආයතන නානත්වය දැනගනී. ධාතුනානත්තං මේ චක්ඛු ධාතු........මේ මනෝවිඤ්ඤාණ ධාතු නමි. එහි ධාතු සොළසක් කාමාවචර වේ. දෙකක් චතුභූමික වේ. මෙසේ ධාතු නානත්තය දැනගනී.
පුන අනෙකධාතුනානාධාතුලොකනානත්තන්ති ඉදං න කෙවලං උපාදින්නකසඞ්ඛාරලොකස්සෙව නානත්තං තථාගතො පජානාති, අනුපාදින්නකසඞ්ඛාරලොකස්සාපි නානත්තං තථාගතො පජානාතියෙවාති දස්සෙතුං ගහිතං. පච්චෙකබුද්ධා හි ද්වෙ ච අග්ගසාවකා උපාදින්නකසඞ්ඛාරලොකස්සාපි නානත්තං එකදෙසතොව ජානන්ති නො නිප්පදෙසතො, අනුපාදින්නකලොකස්ස පන නානත්තං න ජානන්ති. සබ්බඤ්ඤුබුද්ධො පන ‘ඉමාය නාම ධාතුයා උස්සන්නාය ඉමස්ස නාම රුක්ඛස්ස ඛන්ධො සෙතො හොති, ඉමස්ස කාළකො, ඉමස්ස මට්ටො; ඉමස්ස බහලත්තචො, ඉමස්ස තනුත්තචො; ඉමාය නාම ධාතුයා උස්සන්නාය ඉමස්ස රුක්ඛස්ස පත්තං වණ්ණසණ්ඨානාදිවසෙන එවරූපං නාම හොති; ඉමාය පන ධාතුයා උස්සන්නාය ඉමස්ස රුක්ඛස්ස පුප්ඵං නීලකං හොති, පීතකං, ලොහිතකං, ඔදාතං, සුගන්ධං , දුග්ගන්ධං හොති; ඉමාය නාම ධාතුයා උස්සන්නාය ඵලං ඛුද්දකං හොති, මහන්තං, දීඝං, රස්සං, වට්ටං, සුසණ්ඨානං, දුස්සණ්ඨානං, මට්ඨං, ඵරුසං, සුගන්ධං, දුග්ගන්ධං, මධුරං, තිත්තකං, අම්බිලං, කටුකං, කසාවං හොති; ඉමාය නාම ධාතුයා උස්සන්නාය ඉමස්ස රුක්ඛස්ස කණ්ටකො තිඛිණො හොති, අතිඛිණො, උජුකො, කුටිලො, තම්බො, කාළකො, නීලො, ඔදාතො හොතී’ති එවං අනුපාදින්නකසඞ්ඛාරලොකස්ස නානත්තං පජානාති. සබ්බඤ්ඤුබුද්ධානංයෙව හි එතං බලං, න අඤ්ඤෙසන්ති.
නැවත අනෙක ධාතු නානාධාතු ලෝකය මෙය කේවල නොවූ සංස්කාර ලෝකයයි ගන්නා ලද නානත්වය තථාගතයෝ දැනගනිති. නොගන්නා ලද සංඛාර ලෝකයෙහි නානත්වයද දැනගනිති. පසේ බුදුවරුද අගසව් දෙනමද ගන්නා ලද සංඛාර ලෝකයෙහි ඒක දේශයක් දැනගනිති. අනුපාදින්න ලෝකයෙහි නානත්තය නොදනිති. බුදුන් වහන්සේ වනාහි මේ නාමධාතුව උස්සන්න නියම නම් හිස් කඳ සුදුසු වේ. වේගයෙන් කළු වේ. මේ ගසේ මටය, මෙහි පොත්ත ඝනකම්ය. මෙය තුනීය. මෙනම් ධාතුවේ උස්සන්න බැවින් මේ ගසේ කොළ වර්ණ සටහන් වශයෙන් මෙබඳු රූපය. මේ ධාතුවේ උස්සන්න බැවින් මේ ගසේ මල් නිල්පාටය. කහපාටය. ලේ පාටය. සුදු පාටය. සුවඳය. දුගඳය වේ. මේ නම් ධාතුවේ උස්සන්න බැවින් ගෙඩි කුඩා වේ. මහත් වේ. දික් වේ. කෙටි වේ. වට වේ. මනා සටහන් වේ. නොමනා සටහන් වේ. සිනිඳු වේ. රළු වේ. සුවඳ දුගඳ මිහිරි තිත්ත ඇඹුල් කටුක (කුළු) කසට රස වේ. මේ නම් ධාතුවේ උස්සන්න බැවින් මේ ගසේ කටු තියුණුය. තියුණු නොවේය. සෘජුය. වකුටුය. තඹවන්ය. කළුය. නීලය. සුදු වේ යයි මෙසේ නොගන්නා ලද සංඛාර ලෝකයේ නානත්වය දැනගනිති. සර්වඥ බුදුවරුන්ගේම මේ බලය අනෙකෙකුට නැත.
චතුත්ථබලනිද්දෙසවණ්ණනා.
සතරවන බල නිද්දේසය
පඤ්චමබලනිද්දෙසො
පස්වන බල නිද්දේසය
පඤ්චමබලනිද්දෙසෙ හීනාධිමුත්තිකාති හීනජ්ඣාසයා. පණීතාධිමුත්තිකාති කල්යාණජ්ඣාසයා. සෙවන්තීති නිස්සයන්ති අල්ලීයන්ති. භජන්තීති උපසඞ්කමන්ති. පයිරුපාසන්තීති පුනප්පුනං උපසඞ්කමන්ති. සචෙ හි ආචරියුපජ්ඣායා න සීලවන්තො හොන්ති, සද්ධිවිහාරිකා සීලවන්තො හොන්ති, තෙ අත්තනො ආචරියුපජ්ඣායෙපි න උපසඞ්කමන්ති, අත්තනා සදිසෙ සාරුප්පභික්ඛූයෙව උපසඞ්කමන්ති. සචෙ ආචරියුපජ්ඣායා සාරුප්පභික්ඛූ, ඉතරෙ අසාරුප්පා, තෙපි න ආචරියුපජ්ඣායෙ උපසඞ්කමන්ති, අත්තනා සදිසෙ හීනාධිමුත්තිකෙ එව උපසඞ්කමන්ති.
පස්වන බල නිද්දේසයෙහි හීනාධිමුත්තිකා යනු හීන වූ අදහසින් පණීතාධිමුත්තිකා කලණ වූ අදහසින් සෙවන්ති ආශ්‍රය කරති. ඇලෙති. භජන්ති ළඟට පැමිණෙති. පයිරුපාසන්ති නැවත නැවත ළඟට පැමිණෙත්. ආචාර්ය උපාධ්‍යාය සිල්වත් නොවේ නම් සද්ධි විහාරිකයෝ සිල්වත් වෙති. ඔව්හු තමන්ගේ ආචාර්ය උපාධ්‍යායන් වෙත නොඑළඹෙති. තමා සමාන සරූප භික්ෂූන් වෙතම පැමිණෙති. ආචාර්ය උපාධ්‍යාය හා අනිත් භික්ෂූන් අසාරුප්ප නම් ඔව්හු ආචාර්ය උපාධ්‍යායන් වෙත නොපැමිණෙති. තමා සමාන හීනාධිමුක්තිකයන් වෙත එළඹෙති.
එවං උපසඞ්කමනං පන න කෙවලං එතරහෙව, අතීතානාගතෙපීති දස්සෙතුං අතීතම්පි අද්ධානන්තිආදිමාහ. තං උත්තානත්ථමෙව. ඉදං පන දුස්සීලානං දුස්සීලසෙවනමෙව, සීලවන්තානං සීලවන්තසෙවනමෙව, දුප්පඤ්ඤානං දුප්පඤ්ඤසෙවනමෙව, පඤ්ඤවන්තානං පඤ්ඤවන්තසෙවනමෙව කො නියාමෙතීති? අජ්ඣාසයධාතු නියාමෙති. සම්බහුලා කිර භික්ඛූ එකං ගාමං ගණභික්ඛාචාරං චරන්ති. මනුස්සා බහුභත්තං ආහරිත්වා පත්තානි පූරෙත්වා “තුම්හාකං යථාසභාගෙන පරිභුඤ්ඤථා”ති දත්වා උය්යොජෙසුං. භික්ඛූපි ආහංසු “ආවුසො, මනුස්සා ධාතුසංයුත්තකම්මෙ පයොජෙන්තී”ති. තිපිටකචූළාභයත්ථෙරොපි නාගදීපෙ චෙතියං වන්දනාය පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං ගච්ඡන්තො එකස්මිං ගාමෙ මනුස්සෙහි නිමන්තිතො. ථෙරෙන ච සද්ධිං එකො අසාරුප්පභික්ඛු අත්ථි. ධුරවිහාරෙපි එකො අසාරුප්පභික්ඛු අත්ථි. ද්වීසු භික්ඛුසඞ්ඝෙසු ගාමං ඔසරන්තෙසු තෙ උභොපි ජනා, කිඤ්චාපි ආගන්තුකෙන නෙවාසිකො නෙවාසිකෙන වා ආගන්තුකො න දිට්ඨපුබ්බො, එවං සන්තෙපි, එකතො හුත්වා හසිත්වා හසිත්වා කථයමානා එකමන්තං අට්ඨංසු. ථෙරො දිස්වා “සම්මාසම්බුද්ධෙන ජානිත්වා ධාතුසංයුත්තං කථිත”න්ති ආහ.
මෙසේ එළඹීම දැන් පමණක් නොව අතීත අනාගත දැක්වීමට අතීතම්පි අද්ධානං යනාදිය කීහ. එය ප්රකටය. මෙය වනාහි දුස්සීලයන්ගේ දුස්සීල සේවනයමය. සිල්වතුන්ගේ සිල්වත් සේවනයම වේ. මෝඩයින්ගේ මෝඩයින් සමාන සේවනය ප්‍රඥාවන්තයන් ප්‍රඥාවන්තයන් සමග සේවනය. මෙහි නියමය කුමක්ද? අදහස් නියාමයයි. බොහෝ භික්ෂූහු එක ගමකට සමූහව පිඬු පිණිස හැසිරෙති. මිනිස්සු බොහෝ බත් ගෙනවුත් පාත්‍ර පුරවා ඔබවහන්සේලා සුදුසු ලෙස කොටස් කරගෙන වළඳනු මැනවැයි දී පිටත් කළහ. භික්ෂූන් වහන්සේලාද ඇවැත්නි, මිනිස්සු ධාතු යුක්තවම යොදතිදැයි ඇසූහ. ත්‍රිපිටක චූලාභය ථෙරො ද නාගදීපයෙහි චේතිය වැඳීමට පන්සියයක් භික්ෂූන් සමග වඩින්නේ එක් ගමක මිනිසුන් විසින් ආරාධනා කරනු ලැබීය. තෙරුන් සමග එක් අසාරුප්ප භික්ෂුවක් ඇත. භික්ෂූන් දෙනමක් ගමට වඩින්නේ ඒ දෙදෙනාම කිසි ආගන්තුකයෙකු විසින් නේවාසිකයෙක්ද නේවාසිකයකු විසින් ආගන්තුකයෙක්ද නුදුටුවිරූය. මෙසේ ඇතිකල්හි එක්ව සිනාසී කථාකරමින් එක්තැනක සිටියහ. තෙරුන්වහන්සේ දැක සම්මා සම්බුද්ධයන් විසින් දැන ධාතු සංයුත්තය කියන ලදැයි කීහ.
එවං ‘අජ්ඣාසයධාතු නියාමෙතී’ති වත්වා ධාතුසංයුත්තෙන අයමෙවත්ථො දීපෙතබ්බො. ගිජ්ඣකූටපබ්බතස්මිඤ්හි ගිලානසෙය්යාය නිපන්නො භගවා ආරක්ඛණත්ථාය පරිවාරෙත්වා වසන්තෙසු සාරිපුත්තමොග්ගල්ලානාදීසු එකමෙකං අත්තනො අත්තනො පරිසාය සද්ධිං චඞ්කමන්තං ඔලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි “පස්සථ නො තුම්හෙ, භික්ඛවෙ, සාරිපුත්තං සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං චඞ්කමන්ත”න්ති? “එවං, භන්තෙ”ති. “සබ්බෙ ඛො එතෙ, භික්ඛවෙ, භික්ඛූ මහාපඤ්ඤා”ති (සං· නි· 2.99) සබ්බං විත්ථාරෙතබ්බන්ති.
මෙබඳු අදහස ධාතු නියාමය යයි කියා ධාතු සංයුත්තයෙන් මේ අර්ථයම දැක්විය යුතුය. ගිජ්ඣකූට පර්වතයෙහි ගිලන් සයනයෙන් වැදහොත් භාග්‍යවතුන් වහන්සේට ආරක්ෂාව පිණිස පිරිවරා සිටින සැරියුත් මුගලන් දෙනම කෙරෙහි තම තමාගේ පිරිස සමග සක්මන් කරන්නන් බලා භික්ෂූන් ඇමතූහ. මහණෙනි, බලන්න. සැරියුත් බොහෝ භික්ෂූන් සමග සක්මන් කරති. එසේය ස්වාමීනි, මහණෙනි, මේ සියළු භික්ෂූහු ප්‍රඥාවන්ත යයි සියල්ල විස්තර කළයුතු.
පඤ්චමබලනිද්දෙසවණ්ණනා.
පස්වන බල නිද්දේසයයි.
ඡට්ඨබලනිද්දෙසො
ඡට්ඨබල නිද්දේසය
ඡට්ඨබලනිද්දෙසෙ ආසයන්ති යත්ථ සත්තා ආසයන්ති නිවසන්ති, තං තෙසං නිවාසට්ඨානං දිට්ඨිගතං වා යථාභූතං ඤාණං වා. අනුසයන්ති අප්පහීනානුසයිතං කිලෙසං. චරිතන්ති කායාදීහි අභිසඞ්ඛතං කුසලාකුසලං. අධිමුත්තන්ති අජ්ඣාසයං. අප්පරජක්ඛෙතිආදීසු පඤ්ඤාමයෙ අක්ඛිම්හි අප්පං පරිත්තං රාගදොසමොහරජං එතෙසන්ති අප්පරජක්ඛා. තස්සෙව මහන්තතාය මහාරජක්ඛා. උභයෙනාපි මන්දකිලෙසෙ මහාකිලෙසෙ ච සත්තෙ දස්සෙති. යෙසං සද්ධාදීනි ඉන්ද්රියානි තික්ඛානි, තෙ තික්ඛින්ද්රියා. යෙසං තානි මුදූනි, තෙ මුදින්ද්රියා. යෙසං ආසයාදයො කොට්ඨාසා සුන්දරා, තෙ ස්වාකාරා. විපරීතා ද්වාකාරා. යෙ කථිතකාරණං සල්ලක්ඛෙන්ති, සුඛෙන සක්කා හොන්ති විඤ්ඤාපෙතුං, තෙ සුවිඤ්ඤාපයා. විපරීතා දුවිඤ්ඤාපයා. යෙ අරියමග්ගපටිවෙධස්ස අනුච්ඡවිකා උපනිස්සයසම්පන්නා, තෙ භබ්බා. විපරීතා අභබ්බා.
සවන බල නිද්දේසයෙහි ආසයං යම්තැනක සත්ත්වයා ආශ්‍රය කරත්ද වසත්ද එය ඔවුන්ගේ නිවස්නය දෘෂ්ටිගත වූ හෝ යථාර්ථ ඤාණයෙන් හෝ ඤාණංව. අනුසයං යනු අප්‍රහීණ වූ නිදිගත් කෙලෙස්. චරිතං කායාදියෙන් රැස්කරන ලද කුසල් අකුසල්. අධිමුත්තං. අදහස. අප්පරජක්ඛෙ ආදියෙහි ප්‍රඥාමය ඇසෙහි අල්ප වූ රා දොස් මෝහ දූවිලි. එහිම මහත්බව මහා රජක්ඛ වේ. දෙකෙන්ම මද කෙලෙස් ඇති වන මහ කෙලෙස් ඇති සත්ත්වයන් දක්වයි. යමෙකුගේ ශ්‍රද්ධාදි ඉන්ද්රියයන් තියුණු වේ නම් තිඛින්ද්රිය වේ. ඒවා මෘදු වේ නම් මුදුන්ද්‍රිය වේ. යමෙකුගේ ආශ්වාදි කොටස් සුන්දර නම් ස්වාකාර වේ. විපරීත නම් ද්වාකාර වේ. යමෙක් කියන ලද කරුණ සලකත්ද, පහසුවෙන් දැනගැනීමට හැකිවේද ඒවා සුචිඤ්ඤෙය්යා වේ. විපරීත නම් දුචිඤ්ඤෙය්යා වේ. යමක් ආර්ය මාර්ගයට ගැලපෙන උපනිශ්‍රය සම්පන්න වේද එම භබ්බ වේ. විපරීත ඒවා අභබ්බ වේ.
එවං ඡට්ඨබලස්ස මාතිකං ඨපෙත්වා ඉදානි යථාපටිපාටියා භාජෙන්තො කතමො ච සත්තානං ආසයොතිආදිමාහ. තත්ථ සස්සතො ලොකොතිආදීනං අත්ථො හෙට්ඨා නික්ඛෙපකණ්ඩවණ්ණනායං (ධ· ස· අට්ඨ· 1105) වුත්තොයෙව. ඉති භවදිට්ඨිසන්නිස්සිතා වාති එවං සස්සතදිට්ඨිං වා සන්නිස්සිතා. සස්සතදිට්ඨි හි එත්ථ භවදිට්ඨීති වුත්තා; උච්ඡෙදදිට්ඨි ච විභවදිට්ඨීති. සබ්බදිට්ඨීනඤ්හි සස්සතුච්ඡෙදදිට්ඨී හි සඞ්ගහිතත්තා සබ්බෙපි දිට්ඨිගතිකා සත්තා ඉමාව ද්වෙ දිට්ඨියො සන්නිස්සිතා හොන්ති. වුත්තම්පි චෙතං – “ද්වයසන්නිස්සිතො ඛො පනායං, කච්චාන, ලොකො යෙභුය්යෙන – අත්ථිතඤ්චෙව නත්ථිතඤ්චා”ති (සං· නි· 2.15). එත්ථ හි අත්ථිතාති සස්සතං, නත්ථිතාති උච්ඡෙදො. අයං තාව වට්ටසන්නිස්සිතානං පුථුජ්ජනසත්තානං ආසයො.
මෙසේ සවන බලයේ මාතෘකා තබා දැන් පිළිවෙලින් බෙදන්නේ කතමො ච සත්තානං ආසයො? යනාදිය කීහ. එහි සස්සතො ලොකො යනාදියේ අර්ථය යට නික්ඛෙප කාණ්ඩ වර්ණනාවේ කියන ලදි. මෙසේ භවදිට්ඨි සන්නිස්සිතා යනු මෙසේ ශාස්වත දෘෂ්ටියෙන් හෝ යුක්ත වූ. ශාස්වත දෘෂ්ටිය මෙහි භව දෘෂ්ටිය යයි කියන ලදි. උච්ඡේද දෘෂ්ටියද විභව දෘෂ්ටියද සියළු දෘෂ්ටි ශාස්වත උච්ඡේද දෘෂ්ටිවල සංග්‍රහ කරන ලද බැවින් මේ සියළු දෘෂ්ටිගතික සත්ත්වයෝ මේ දෘෂ්ටි දෙක ඇසුරු කරන ලද්දෝ වෙති. මෙය කියන ලදි. “කච්චානය ඇතැයි ද නැතැයි ද ලෝකයා දෙකක් ඇසුරු කොටම සලකත්. ඇත යනු ශාස්වතය. නැත යනු උච්ඡේදයයි. මෙය සසර නිශ්රිත පෘථග්ජන සත්වයන්ගේ ආසයයි.”
ඉදානි විවට්ටසන්නිස්සිතානං සුද්ධසත්තානං ආසයං දස්සෙතුං එතෙ වා පන උභො අන්තෙ අනුපගම්මාතිආදි වුත්තං. තත්ථ එතෙ වා පනාති එතෙයෙව. උභො අන්තෙති සස්සතුච්ඡෙදසඞ්ඛාතෙ ද්වෙ අන්තෙ. අනුපගම්මාති අනල්ලීයිත්වා. ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසූති ඉදප්පච්චයතාය චෙව පටිච්චසමුප්පන්නධම්මෙසු ච. අනුලොමිකා ඛන්තීති විපස්සනාඤාණං. යථාභූතං වා ඤාණන්ති මග්ගඤාණං. ඉදං වුත්තං හොති – යා පටිච්චසමුප්පාදෙ චෙව පටිච්චසමුප්පන්නධම්මෙසු ච එතෙ උභො සස්සතුච්ඡෙදඅන්තෙ අනුපගන්ත්වා විපස්සනා පටිලද්ධා, යඤ්ච තතො උත්තරිමග්ගඤාණං – අයං සත්තානං ආසයො, අයං වට්ටසන්නිස්සිතානඤ්ච විවට්ටසන්නිස්සිතානඤ්ච සබ්බෙසම්පි සත්තානං ආසයො, ඉදං වසනට්ඨානන්ති. අයං ආචරියානං සමානත්ථකථා.
දැන් සසර ඇසුරුකරන සුද්ධ සත්ත්වයන්ගේ ආසය දැක්වීමට එතෙ වා පන උභො අන්තෙ අනුපගම්ම ආදිය කියන ලදි. එහි එතෙ පනාති ඒවාම. උභො අන්තෙ සස්සත උච්ඡේද සංඛ්‍යාත අන්ත දෙකෙහි අනුපගම්ම - නොඇලී. ඉදප්පච්චයතා පටිච්ච සමුප්පන්න ධම්මේසු මේ සත්‍යයෙහි ද පටිච්ච සමුප්පන්න ධර්මයෙහිද අනුලොමිකා ඛත්ති විපස්සනා ඤාණය යථාභූතවො ඤාණ මාර්ග ඤාණය. මෙය කියන ලදි. “පටිච්ච සමුප්පාදයෙහි ද පටිච්ච සමුප්පන්න ධර්මයෙහිද මේ ශාස්වත උච්ඡේද අන්ත දෙකෙහි නොඇලී විපස්සනාව අවබෝධ කෙරේද එයින් මත්තෙහි මාර්ග ඤාණය. මෙය සත්ත්වයන්ගේ ආසය වේ. සසර ආශ්‍රියන් ද නිවන ආශ්‍රියන් ද සියලු සත්ත්වයන්ගේ ආසය වේ. මෙය වසන තැන යයි මේ ආචාර්යන්ගේ සමානාර්ථ කථාවයි.
විතණ්ඩවාදී පනාහ – ‘මග්ගො නාම වාසං විද්ධංසෙන්තො ගච්ඡති, නනු ත්වං මග්ගො වාසොති වදෙසී’ති? සො වත්තබ්බො ‘ත්වං අරියවාසභාණකො හොසි න හොසී’ති? සචෙ පන ‘න හොමී’ති වදති, ‘අභාණකතාය න ජානාසී’ති වත්තබ්බො. සචෙ ‘භාණකොස්මී’ති වදති, ‘සුත්තං ආහරා’ති වත්තබ්බො. සචෙ ආහරති, ඉච්චෙතං කුසලං; නො චෙ ආහරති සයං ආහරිතබ්බං – “දසයිමෙ, භික්ඛවෙ, අරියවාසා, යෙ අරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා”ති (අ· නි· 10.19). එතඤ්හි සුත්තං මග්ගස්ස වාසභාවං දීපෙති. තස්මා සුකථිතමෙවෙතන්ති. ඉදං පන භගවා සත්තානං ආසයං ජානන්තො ඉමෙසඤ්ච දිට්ඨිගතානං විපස්සනාඤාණමග්ගඤාණානං අප්පවත්තික්ඛණෙපි ජානාති එව. වුත්තම්පි චෙතං –
විතණ්ඩවාදීහු කීශ. මාර්ගය නම් වාසය විනාශ කරමින් යයි. ඔබ මාර්ගය වාසය යයි නොකීවෙහිද? හේ කිවයුතුයි. ඔබ අරියවාස භානකයෙක් වෙහිද? නොවෙහිද? ඉදින් වෙමියි කියයි. අභාණක බව නොදන්නෙහි යයි කිවයුතුය. ඉදින් භාණක වෙමියි කියයි නම් සූත්‍රය හැර දක්වයි කිවයුතුය. ඉදින් ගෙනහැර දක්වා නම් යෙහෙකි. නොදක්වන්නේ නම් තමා ගෙනහැර දැක්විය යුතුය. “දස ඉමෙ භික්ඛවෙ අරියවාසා යදරියා ආවසිංසු වා ආවසන්ති වා ආවසිස්සන්ති වා” මහණෙනි, ආර්යවාස දසයකි. යම්තැනක ආර්යයෝ විසූහුද වසතිද වසන්නෝ වෙත්ද මේ සූත්‍රය මාර්ගයේ හෝ ස්වභාවය දක්වයි. එහෙයින් මෙය මනාව කියන ලද්දේමය. මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයින්ගේ ආසය දන්නේ මේ දෘෂ්ටිගතිකයන්ගේ විපස්සනා ඤාණ මග්ග ඤාණ නොපැවති ක්ෂණයද දනිති. එය කියන ලදි.
“කාමං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො කාමගරුකො කාමාසයො කාමාධිමුත්තො’ති. නෙක්ඛම්මං සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො නෙක්ඛම්මගරුකො නෙක්ඛම්මාසයො නෙක්ඛම්මාධිමුත්තො’ති. බ්යාපාදං…පෙ… අබ්යාපාදං… ථිනමිද්ධං…පෙ… ආලොකසඤ්ඤං නෙක්ඛම්මං සෙවන්තඤ්ඤෙව ජානාති සෙවන්තඤ්ඤෙව ජානාති ‘අයං පුග්ගලො ආලොකසඤ්ඤාගරුකො ආලොකසඤ්ඤාසයො ආලොකසඤ්ඤාධිමුත්තො”ති (පටි· ම· 1.113).
“මේ පුද්ගලයා කාමගරුකය. කාම ආශ්‍රය. කාම අදහසින් යුතුය. නෙක්ඛම්ම සේවනය කරන්නෝද දනිති. මේ පුද්ගලයා නෙක්ඛම්ම ගරුකය. නෙක්ඛම්ම අදහසින් යුක්තය. ව්යාපාදං......අව්යාපාදං.....ථීනමිද්ධං......ආලෝකසඤ්ඤං සේවනය කරන්නාද දනිති. මේ පුද්ගලයා ආලෝකසංඥා ගරුකය. ආලෝක සංඥා ආශය. ආලෝක සංඥා අදහසින් යුක්තය.”
අනුසයනිද්දෙසෙ කාමරාගො ච සො අප්පහීනට්ඨෙන අනුසයො චාති කාමරාගානුසයො. සෙසපදෙසුපි එසෙව නයො. යං ලොකෙ පියරූපන්ති යං ඉමස්මිං ලොකෙ පියජාතිකං. සාතරූපන්ති සාතජාතිකං අස්සාදපදට්ඨානං ඉට්ඨාරම්මණං. එත්ථ සත්තානං රාගානුසයො අනුසෙතීති එතස්මිං ඉට්ඨාරම්මණෙ සත්තානං අප්පහීනට්ඨෙන රාගානුසයො අනුසෙති. යථා නාම උදකෙ නිමුග්ගස්ස හෙට්ඨා ච උපරි ච සමන්තභාගෙ ච උදකමෙව හොති, එවමෙව ඉට්ඨාරම්මණෙ රාගුප්පත්ති නාම සත්තානං ආචිණ්ණසමාචිණ්ණා. තථා අනිට්ඨාරම්මණෙ පටිඝුප්පත්ති. ඉති ඉමෙසු ද්වීසු ධම්මෙසූති එවං ඉමෙසු ද්වීසු කාමරාගපටිඝවන්තෙසු ඉට්ඨානිට්ඨාරම්මණධම්මෙසු. අවිජ්ජානුපතිතාති කාමරාගපටිඝසම්පයුත්තා හුත්වා ආරම්මණකරණවසෙන අවිජ්ජා අනුපතිතා. තදෙකට්ඨොති තාය අවිජ්ජාය සම්පයුත්තෙකට්ඨවසෙන එකට්ඨො. මානො ච දිට්ඨි ච විචිකිච්ඡා චාති නවවිධො මානො, ද්වාසට්ඨිවිධා දිට්ඨි, අට්ඨවත්‍ථුකා ච විචිකිච්ඡා. භවරාගානුසයො පනෙත්ථ කාමරාගානුසයෙනෙව සඞ්ගහිතොති වෙදිතබ්බො.
අනුසය නිද්දේසයෙහි කාමරාගයද එය අප්‍රහීණ වූ අර්ථයෙන් අනුසයද කාමරාගා අනුසය සෙසු පදවලද මෙම නයයි. යං ලොකෙ පියරූපං මේ ලෝකයෙහි ප්රියජානික වූ. සාතරූපං සැප ජාතික වූ. ආශ්වාදයට පදනම් වූ ඉෂ්ට අරමුණයි. එත්ථ සත්තපනං රාගානුසයො අනුසෙන්ති මේ ඉෂ්ට අරමුණෙහි සත්ත්වයින්ගේ ප්‍රහීණ නොවූ රාග අනුසය නිදයි. දියේ ගිලුනහුගේ යටද උඩ සියළු කොටස්ද ජලයෙහිම වේ. එසේම ඉටු අරමුණෙහි රාගය ඇතිවීම නම් සත්ත්වයින්ගේ (කාලයක් තිස්සේ පවතින්නකි) පුරුදු කරන ලද්දකි. එසේම අනිටු අරමුණෙහි පටිඝය ඉපදීම. ඉති ඉමේසු ද්වීසු. ධම්මේසු. මෙසේ මේ කාමරාග පටිඝ නම් ඉටු අනිටු අරමුණු ධර්මවල. අවිජ්ජානුපතීතා කාමරාග පටිඝ දෙකින් යුක්ත අරමුණු කිරීම් මානයෙන් අවිජ්ජාව ඇතිවීම. තදෙකට්ඨො ඒ අවිද්‍යාව යුක්ත අර්ථයෙන් මානො ච දිට්ඨි ච විචිකිච්ඡා ච මානය නවවිධය. දිට්ඨිය දොලොස් වැදෑරුම්ය. විචිකිච්ඡාව වස්තු අටක පවතී. භවරාගානුසයද මෙහි කාමරාග අනුසයේම ඇතුළත් කරන ලදැයි දතයුතුය.
චරිතනිද්දෙසෙ තෙරස චෙතනා පුඤ්ඤාභිසඞ්ඛාරො, ද්වාදස අපුඤ්ඤාභිසඞ්ඛාරො, චතස්සො ආනෙඤ්ජාභිසඞ්ඛාරො. තත්ථ කාමාවචරො පරිත්තභූමකො, ඉතරො මහාභූමකො. තීසුපි වා එතෙසු යො කොචි අප්පවිපාකො පරිත්තභූමකො, බහුවිපාකො මහාභූමකොති වෙදිතබ්බො.
චරිත නිද්දේසයෙහි පුඤ්ඤාභිසංඛාර චේතනා දහතුනය. අපුඤ්ඤාභි සංඛාර චේතනා දොළහය. අනෙඤ්ජාභි සංඛාර චේතනා හතරය. එහි කාමාවචර කුඩා භූමිකය. ඉතුරු ඒවා මහාභූමිකය. මේ තුනෙහි යම්කිසිවක අල්ප විපාක පරිත්ත භූමිකයෙහිය. බහු විපාක මහා භූමිකයෙහි යයි දතයුතුය.
අධිමුත්තිනිද්දෙසො හෙට්ඨා පකාසිතොව. කස්මා පනායං අධිමුත්ති හෙට්ඨා වුත්තාපි පුන ගහිතාති? අයඤ්හි හෙට්ඨා පාටියෙක්කං බලදස්සනවසෙන ගහිතා, ඉධ සත්තානං තික්ඛින්ද්රියමුදින්ද්රියභාවදස්සනත්ථං.
අධිමුත්ති නිද්දේසය යට ප්‍රකාශ කරන ලද පරිදිය. යටකියන ලද අධිමුත්ති නැවත ගත්තේ කුමක් නිසාද? මෙය යට වෙන වෙනම බල දැක්වීම වශයෙන් ගන්නා ලදි. මෙහි සත්ත්වයන්ගේ තියුණු මුදු ඉන්ද්රිය දැක්වීම සඳහාය.
මහාරජක්ඛනිද්දෙසෙ උස්සදගතානීති වෙපුල්ලගතානි. පහානක්කමවසෙන චෙස උප්පටිපාටියා නිද්දෙසො කතො.
මහා රජක්ඛ නිද්දේසයෙහි උස්සද ගතානි මහත්බවට ගිය. පහානක්රම වශයෙන් මෙය අපිළිවෙලට නිද්දේසය කරන ලදි.
අනුස්සදගතානීති අවෙපුල්ලගතානිං. තික්ඛින්ද්රියමුදින්ද්රියනිද්දෙසෙ උපනිස්සයඉන්ද්රියානි නාම කථිතානි. උප්පටිපාටියා නිද්දෙසෙ පනෙත්ථ පයොජනං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
අනුස්සදගතානී මහත්බවට නොගිය තික්ඛින්ද්රිය මුදින්ද්රිය නිද්දේසයෙහි උපනිශ්‍රය ඉන්ද්රිය කියන ලදි. මෙහි උප්පටිපාටියා නිද්දේසයෙහි ප්‍රයෝජන යට කියන ලද නයින්ම දතයුතුය.
තථා ද්වාකාරනිද්දෙසාදීසු පාපාසයාති අකුසලාසයා. පාපචරිතාති අපුඤ්ඤාභිසඞ්ඛාරපරිපූරකා. පාපාධිමුත්තිකාති සක්කායාභිරතා වට්ටජ්ඣාසයා.
ද්වාකාර නිද්දේසාදියේද එසේය. පාපාසය යනු අකුසල ආසය වේ. පාපචරිතා යනු අපුඤ්ඤාභිසංඛාර සම්පූර්ණ කළ අය. පාපාධිමුත්තිකා ස්වකීය කයෙහි ඇලුම් ඇති. සසර අදහසින්.
ස්වාකාරනිද්දෙසෙ යස්මා කල්යාණකො නාම අනුසයො නත්ථි, තස්මා කල්යාණානුසයාති න වුත්තං. සෙසං වුත්තවිපරියායෙන වෙදිතබ්බං.
ස්වාකාර නිද්දේසයෙහි කල්‍යාණ නම් අනුසයක් නැත්ද එහෙයින් කල්‍යාණ අනුසය යයි නොකියන ලදි. සෙස්ස කියන ලද විපරියාසයෙන් දතයුතු.
භබ්බාභබ්බනිද්දෙසෙ කම්මාවරණෙනාති පඤ්චවිධෙන ආනන්තරියකම්මෙන. කිලෙසාවරණෙනාති නියතමිච්ඡාදිට්ඨියා. විපාකාවරණෙනාති අහෙතුකපටිසන්ධියා. යස්මා පන දුහෙතුකානම්පි අරියමග්ගපටිවෙධො නත්ථි, තස්මා දුහෙතුකපටිසන්ධිපි විපාකාවරණමෙවාති වෙදිතබ්බා. අස්සද්ධාති බුද්ධාදීසු සද්ධාරහිතා. අච්ඡන්දිකාති කත්තුකම්යතාකුසලච්ඡන්දරහිතා. උත්තරකුරුකා මනුස්සා අච්ඡන්දිකට්ඨානං පවිට්ඨා. දුප්පඤ්ඤාති භවඞ්ගපඤ්ඤාය පරිහීනා. භවඞ්ගපඤ්ඤාය පන පරිපුණ්ණායපි යස්ස භවඞ්ගං ලොකුත්තරස්ස පාදකං න හොති, සො දුප්පඤ්ඤොයෙව නාම. අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තන්ති කුසලෙසු ධම්මෙසු සම්මත්තනියාමසඞ්ඛාතං මග්ගං ඔක්කමිතුං අභබ්බා.
භබ්බාභබ්බ නිද්දේසයෙහි කම්මාවරණෙන පඤ්චවිධ ආනන්තරිය කර්මයෙන්. කිලෙසාවරණෙන නියති මිථ්‍යාදෘෂ්ටියෙන් විපාකාවරණෙන අහේතුක ප්රතිසන්ධියෙන් අහේතුකයන් ආර්ය මාර්ග ප්රතිවේධයක් නැත. එනිසා දුහේතුක ප්රතිසන්ධියද විපාකාවරණය යයි දතයුතුය. අස්සද්ධා බුද්ධාදීන් කෙරෙහි ශ්‍රද්ධාව නැති බව අච්ඡන්දිකා කරනු කැමති කුසලයෙහි කැමැත්ත නැති. උතුරුකුරු මිනිස්සු අච්ඡින්දික නම් පවිටෝය. දුප්පඤ්ඤා භවංග ප්‍රඥාවෙන් හීන වූ. භවංග ප්‍රඥාව නම් භවංගය සම්පූර්ණ වුවත් ලෝකෝත්තරයට පාදක නොවේ නම් එය දුප්පඤ්ඤය. අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මතං කුසල ධර්මවල සම්මත නියාම සංඛ්‍යාත මාර්ගයට බැසගැනීමට යෝග්‍ය නැති.
න කම්මාවරණෙනාතිආදීනි වුත්තවිපරියායෙන වෙදිතබ්බානි. ඉදං ද්වින්නං ඤාණානං භාජනීයං – ඉන්ද්රියපරොපරියත්තිඤාණස්ස ච ආසයානුසයඤාණස්ස ච. එත්ථ හි ආසයානුසයඤාණෙන ඉන්ද්රියපරොපරියත්තිඤාණම්පි භාජිතං. ඉති ඉමානි ද්වෙ ඤාණානි එකතො හුත්වා එකං බලඤාණං නාම ජාතන්ති.
න කම්මාවරණො යනාදි කියන ලද දෙයම විපරීත වශයෙන් දතයුතුය. මෙය ඤාණ දෙකකට භාජනය වේ. ඉන්ද්රියපරොපරියත්ති ඤාණයද ආසයානුසය ඤාණයද මෙහි ආසයානුසය ඤාණයෙන් ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය බෙදන ලදි. මෙසේ මේ ඤාණ දෙක එකතු වී ඒකබල ඤාණයක් ඇතිවිය.
ඡට්ඨබලනිද්දෙසවණ්ණනා.
ඡට්ඨබල නිද්දේසය.
සත්තමබලනිද්දෙසො
සත්තබල නිද්දේසය
සත්තමබලනිද්දෙසෙ ඣායතීති ඣායී. චත්තාරො ඣායීති ඣායිනො චත්තාරො ජනා වුච්චන්ති. තත්ථ පඨමචතුක්කෙ තාව පඨමො සමාපත්තිලාභී සමානොයෙව ‘න ලාභීම්හී’ති, කම්මට්ඨානං සමානංයෙව ‘න කම්මට්ඨාන’න්ති සඤ්ඤී හොති. අයං අප්පගුණජ්ඣානලාභීති වෙදිතබ්බො. දුතියො සමාපත්තියා අලාභීයෙව ‘ලාභීම්හී’ති, අකම්මට්ඨානං සමානංයෙව ‘කම්මට්ඨාන’න්ති සඤ්ඤී හොති. අයං නිද්දාඣායී නාම. නිද්දායිත්වා පටිබුද්ධො එවං මඤ්ඤති. තතියො සමාපත්තිලාභී සමානො ‘සමාපත්තිලාභීම්හී’ති, කම්මට්ඨානමෙව සමානං ‘කම්මට්ඨාන’න්ති සඤ්ඤී හොති. අයං පගුණජ්ඣානලාභීති වෙදිතබ්බො. චතුත්ථො අලාභීයෙව ‘අලාභීම්හී’ති, අකම්මට්ඨානංයෙව ‘අකම්මට්ඨාන’න්ති සඤ්ඤී හොති. එවමෙත්ථ ද්වෙ ජනා අජ්ඣායිනොව ඣායීනං අන්තො පවිට්ඨත්තා ඣායීති වුත්තා.
සත්වන බල නිද්දේසයෙහි දවන්නා යනු ඣායී වේ. චත්තාරො ඣායී දවන සතර ජනයා යයි කියනු ලැබේ. එහි පළමුවන චතුෂ්කයෙහි පළමුවන සමාපත්ති ලාභියා වෙනම නොලාභිය කෙරෙහිද කමටහන සමානව කමටහන නැතැයි ද සංඥා ඇත්තා වේ. මෙය අල්පගුණ ධ්‍යානලාභියා යයි දතයුතුය. දෙවන සමාපත්ති අලාභියා මෙන්ම ලාභියා කෙරෙහිද කමටහනේ නැතිබව මෙන්ම කමටහනේ ඇති බව සංඥා ඇත්තා වේ. මොහු නිද්‍රා ඣ්යායී නම් වේ. නිදාසිට පිබිදෙන්නා මෙසේ සිතයි. තුන්වන සමාපත්ති ලාභියා සංඥාව සමාපත්ති ලාභියා කෙරෙහිද කමටහන මෙන්ම කමටහන් සංඥාවද වේ ප්‍රගුණ ධ්‍යානලාභියා යයි දතයුතුය. සතරවන අලාභියා මෙන්ම නොලැබීම් කෙරෙහිද කමටහනේ නොවේ මෙන්ම කමටහන වේ යයි සංඥා ඇත්තා වේ. මෙසේ මෙහි දෙදෙනෙක් ධ්‍යාන නොමැතිව ධ්‍යායීන් ඇතුළෙහි පිවිසුණු හෙයින් ධ්‍යායී යයි කියන ලදි.
දුතියචතුක්කෙ සසඞ්ඛාරෙන සප්පයොගෙන සමාධිපාරිබන්ධිකධම්මෙ වික්ඛම්භෙන්තො දන්ධං සමාපජ්ජති නාම. එකං ද්වෙ චිත්තවාරෙ ඨත්වා සහසා වුට්ඨහන්තා ඛිප්පං වුට්ඨහති නාම. සුඛෙනෙව පන සමාධිපාරිබන්ධිකධම්මෙ සොධෙන්තො ඛිප්පං සමාපජ්ජති නාම. යථාපරිච්ඡෙදෙන අවුට්ඨහිත්වා කාලං අතිනාමෙත්වා වුට්ඨහන්තො දන්ධං වුට්ඨාති නාම. ඉතරෙ ද්වෙපි ඉමිනාව නයෙන වෙදිතබ්බා. ඉමෙ චත්තාරොපි ජනා සමාපත්තිලාභිනොව.
දෙවන චතුෂ්කයෙහි සසංකාරයෙන් සප්‍රයෝගයෙන් සමාධිය සමග බැඳීම් සහිත ධර්මයන් (නීවරණ) විෂ්කම්භනය කරන්නේ දන්ධව සමවදී නමි. එකක් දෙකක් සිත් වාරවල සිට වහා නැගී සිටින්නේ වහා නැගී සිටී නමි. සමාධිය සමග බැඳි ධර්මයන් පහසුවෙන් පිරිසිදු කරන්නේ වහා සමවදී නමි. නියම කරගත් කාලයෙන් නොනැගිට කාලය ඉක්මවා නැගී සිටින්නේ දන්ධව නැගිටී නමි. අනිත් දෙදෙනාද මේ නයින්ම දතයුතුය. මේ සතරදෙනාම සමාපත්ති ලාභීන්ම වෙති.
තතියචතුක්කෙ ‘ඉදං ඣානං පඤ්චඞ්ගිකං, ඉදං චතුරඞ්ගික’න්ති එවං අඞ්ගවවත්ථානපරිච්ඡෙදෙ ඡෙකො සමාධිස්මිං සමාධිකුසලො නාම. නීවරණානි පන වික්ඛම්භෙත්වා චිත්තමඤ්ජූසාය චිත්තං ඨපෙතුං අඡෙකො නො සමාධිස්මිං සමාපත්තිකුසලො නාම. ඉතරෙපි තයො ඉමිනාව නයෙන වෙදිතබ්බා. ඉමෙපි චත්තාරො සමාපත්තිලාභිනොයෙව.
තුන්වන චතුෂ්කයෙහි මේ ධ්‍යානය අංග පසක් ඇත. මේ ධ්‍යානය අංග සතරක් ඇත යයි මෙසේ අංග මෙනෙහි කිරීමේ දක්ෂයා සමාධියෙහි සමාධි කුසලයා නම් වේ. නීවරණ විෂ්කම්භනය කොට සිත් පෙට්ටියෙහි සිත තැබීමට අදක්ෂයා සමාධියෙහි සමාපත්ති කුසලයෙක් නොවේ. ඉතිරි තුන්දෙනාද මෙනයින් දතයුතුය. මේ සතරදෙනා සමාපත්ති ලාභීහුමය.
ඉදානි යානි ඣානානි නිස්සාය ඉමෙ පුග්ගලා ‘ඣායී’ නාම ජාතා, තානි දස්සෙතුං චත්තාරි ඣානානීතිආදිමාහ. තත්ථ චත්තාරි ඣානානි තයො ච විමොක්ඛා අත්ථතො හෙට්ඨා ධම්මසඞ්ගහට්ඨකථායමෙව (ධ· ස· අට්ඨ· 160, 248) පකාසිතා. සෙසානම්පි විමොක්ඛට්ඨො තත්ථ වුත්තනයෙනෙව වෙදිතබ්බො. අපිචෙත්ථ පටිපාටියා සත්ත අප්පිතප්පිතක්ඛණෙ පච්චනීකධම්මෙහි විමුච්චනතො ච ආරම්මණෙ ච අධිමුච්චනතො විමොක්ඛො නාම. අට්ඨමො පන සබ්බසො සඤ්ඤාවෙදයිතෙහි විමුත්තත්තා අපගතවිමොක්ඛො නාම. සමාධීසු චතුක්කනයපඤ්චකනයෙසු පඨමජ්ඣානසමාධි සවිතක්කසවිචාරො නාම. පඤ්චකනයෙ දුතියජ්ඣානසමාධි අවිතක්කවිචාරමත්තසමාධි නාම. චතුක්කනයෙපි පඤ්චකනයෙපි උපරි තීසු ඣානෙසු සමාධි අවිතක්ක අවිචාරසමාධි නාම. සමාපත්තීසු හි පටිපාටියා අට්ඨන්නං සමාපත්තීනං ‘සමාධී’තිපි නාමං ‘සමාපත්තී’තිපි. කස්මා? චිත්තෙකග්ගතාසබ්භාවතො. නිරොධසමාපත්තියා තදභාවතො න සමාධීති නාමං.
දැන් යම් ධ්‍යාන නිසා මේ පුද්ගලයෝ ධ්‍යායී නම් වේද ඒවා දැක්වීමට චත්තාරො ඣානානි ආදිය කීහ. එහි ධ්‍යාන සතරද විමෝක්ෂ තුනද යන මේවායේ අර්ථ යට ධම්මසංගහ අර්ථ කථාවෙහි ප්‍රකාශ කරන ලදි. සෙස්සේද විමොක්ෂ අර්ථය කියන ලද පරිදිම දතයුතුය. තවද මෙහි පිළිවෙලින් සත අර්පණා වූ කෙණෙහි සතුරු ධර්මයන්ගෙන් මිදෙන නිසා විමොක්ඛ නම් වේ. අටවැන්නෙහි සියළුම සංඥා දැනීම්වලින් මිදුණු බැවින් අපගත වූ (බැහැර කළ) විමෝක්ඛ නම් වේ. සමාධිවල චතුක්ක පඤ්චක නයවල ප්‍රථමධ්‍යාන සමාධි සවිතක්ක සවිචාර නම් වේ. දෙවන ධ්‍යාන සමාධිය අවිතක්ක විචාරමත්ත සමාධිය නමි. චතුක්ක නයෙහිද පඤ්චක නයෙහිද මතු තුන් ධ්‍යානවල සමාපත්තිවල සමාධිය යයිද සමාපත්ති යයි නම් වේ. කුමක් හෙයින්ද? සිතේ එකඟකමේ ස්වභාවය හෙයිනි. නිරෝධ සමාපත්තියේ එය නොමැති හෙයින් සමාධි නම නොයෙදේ.
හානභාගියො ධම්මොති අප්පගුණෙහි පඨමජ්ඣානාදීහි වුට්ඨිතස්ස සඤ්ඤාමනසිකාරානං කාමාදිඅනුපක්ඛන්දනං. විසෙසභාගියො ධම්මොති පගුණෙහි පඨමජ්ඣානාදීහි වුට්ඨිතස්ස සඤ්ඤාමනසිකාරානං දුතියජ්ඣානාදිඅනුපක්ඛන්දනං. වොදානම්පි වුට්ඨානන්ති ඉමිනා පගුණවොදානං වුට්ඨානං නාම කථිතං. හෙට්ඨිමං හෙට්ඨිමඤ්හි පගුණජ්ඣානං උපරිමස්ස උපරිමස්ස පදට්ඨානං හොති. තස්මා වොදානම්පි වුට්ඨානන්ති වුත්තං. තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨානන්ති ඉමිනා භවඞ්ගවුට්ඨානං නාම කථිතං. භවඞ්ගෙන හි සබ්බජ්ඣානෙහි වුට්ඨානං හොති. නිරොධතො පන ඵලසමාපත්තියාව වුට්ඨහන්ති. ඉදං පාළිමුත්තකවුට්ඨානං නාමාති.
භානභාගියො ධම්මො යනු අල්ප ගුණයෙන් ප්‍රථම ධ්‍යානාදියෙන් නැගී සිටියහුගේ සංඥා මනසිකාරවල කාමාදිය ලුහුබැඳීම. විසෙසභාගියො ධම්මො ප්‍රගුණ වීමෙන් ප්‍රථම ධ්‍යාන ආදියෙන් නැගී සිටින්නාගේ සංඥා මනසිකාර දුතිය ධ්‍යානාදිය ලුහුබැඳීමය. වොදානම්පි වුට්ඨානං මේ ප්‍රගුණ වෝදනාය වුට්ඨාන නම් වේ. යට යට ප්‍රගුණ ධ්‍යාන උඩ උඩ ධ්‍යානවලට පාදක වේ. එනිසා වෝදානය වුට්ඨාන යයි කියන ලදි. තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨානං මෙයින් භවංග නැගිටීම කියන ලදි. භවංගයෙන්ම සියළු ධ්‍යානවලින් නැගිටීම සිදුවේ. නිරෝධයෙන් වනාහි ඵල සමාපත්තියෙන්ම නැගී සිටී. මෙය පෙල රහිත නැගිටීම නමි.
සත්තමබලනිද්දෙසවණ්ණනා.
සත්තබල නිද්දේසය.
අට්ඨමබලාදිනිද්දෙසො
අට්ඨබල ආදී නිද්දේස
අට්ඨමබලනිද්දෙසෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසන්තිආදි සබ්බම්පි විසුද්ධිමග්ගෙ විත්ථාරිතමෙව.
අටවන බල නිද්දේසයෙහි අනෙක විහිතං පුබ්බෙනිවාසං ආදි සියල්ල විසුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය.
නවමබලනිද්දෙසෙපි දිබ්බෙන චක්ඛුනාතිආදි සබ්බං තත්ථෙව විත්ථාරිතං.
නවබල නිද්දේසයෙහි ද දිබ්බෙන චක්ඛුනා ආදි සියල්ල එහිම විස්තර කරන ලදි.
නවමබලනිද්දෙසවණ්ණනා.
දසමබලනිද්දෙසො
දසමබල නිද්දේසය.
දසමබලනිද්දෙසෙ චෙතොවිමුත්තින්ති ඵලසමාධිං. පඤ්ඤාවිමුත්තින්ති ඵලඤාණං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙව. අයං තාවෙත්ථ ආචරියානං සමානත්ථකථා. පරවාදී පනාහ – “දසබලඤාණං නාම පාටියෙක්කං නත්ථි, සබ්බඤ්ඤුතඤාණස්සෙවායං පභෙදො”ති. තං න තථා දට්ඨබ්බං. අඤ්ඤමෙව හි දසබලඤාණං, අඤ්ඤං සබ්බඤ්ඤුතඤාණං. දසබලඤාණඤ්හි සකසකකිච්චමෙව ජානාති. සබ්බඤ්ඤුතඤාණං පන තම්පි තතො අවසෙසම්පි ජානාති. දසබලඤාණෙසුපි හි පඨමං කාරණාකාරණමෙව ජානාති, දුතියං කම්මන්තරවිපාකන්තරමෙව, තතියං කම්මපරිච්ඡෙදමෙව, චතුත්ථං ධාතුනානත්තකරණමෙව, පඤ්චමං සත්තානං අජ්ඣාසයාධිමුත්තිමෙව, ඡට්ඨං ඉන්ද්රියානං තික්ඛමුදුභාවමෙව, සත්තමං ඣානාදීහි සද්ධිං තෙසං සංකිලෙසාදිමෙව, අට්ඨමං පුබ්බෙනිවුත්ථඛන්ධසන්තතිමෙව, නවමං සත්තානං චුතිපටිසන්ධිමෙව, දසමං සච්චපරිච්ඡෙදමෙව. සබ්බඤ්ඤුතඤාණං පන එතෙහි ජානිතබ්බඤ්ච තතො උත්තරිතරඤ්ච පජානාති. එතෙසං පන කිච්චං න සබ්බං කරොති. තඤ්හි ඣානං හුත්වා අප්පෙතුං න සක්කොති, ඉද්ධි හුත්වා විකුබ්බිතුං න සක්කොති, මග්ගො හුත්වා කිලෙසෙ ඛෙපෙතුං න සක්කොති.
දසබල නිද්දේසයෙහි චෙතො විමුත්තිං ඵල සමාධිය. පඤ්ඤා විමුත්තිං ඵල ඤාණය. සෙසු සියල්ල ප්රකටය. මෙය ආචාර්යවරුන්ගේ සමාන අර්ථකථාවයි. පරවාදීහු කීහ. දසබල ඤාණය වෙන වෙනම නැත. මෙය සබ්බඤ්ඤුත ඤාණයේම ප්‍රභේදයකි. එය එසේ නොදත යුතුය. දසබල ඤාණ අනිකකි. සබ්බඤ්ඤුත ඤාණය අනිකකි. දසබල ඤාණය ස්වකීය ස්වකීය කෘත්‍යය දනී. සබ්බඤ්ඤුත ඤාණය එයද එයින් අවසේසයද දනී. දසබල ඤාණයෙහි පළමුවැන්න හේතු පමණක් දනී. දෙවැන්න කම්මන්තර හා විපාකන්තර තෙවැන්න. කර්ම පිරිසිඳීමද සතරවැන්න ධාතු නානත්වයද පස්වැන්න. සත්ත්වයින්ගේ අදහස් සය. ඉන්ද්රිය තියුණු මුදුබව හත අට. පෙර විසූ ස්කන්ධ පරම්පරාව ධ්‍යානාදිය සමග ඒවායේ කිලිටි පිරිසිදු බව නවය. චුති පටිසන්ධි දහය. සත්‍ය පිරිසිඳීම. සබ්බඤ්ඤුත ඤාණය මේවායේ දැනුමද ඒවාට ඉහළින් ඇති දේද දනී. මේවායේ කෘත්‍ය සියල්ලම නොකරයි. එහි ධ්‍යානයට පැමිණ අර්පණා කළ නොහැකිය. සෘද්ධිය වී මවාපෑම කළ නොහැකිය. මාර්ගය වී කෙලෙස් ක්ෂය කළ නොහැකිය.
අපිච පරවාදී එවං පුච්ඡිතබ්බො – “දසබලඤාණං නාම එතං සවිතක්කසවිචාරං, අවිතක්කවිචාරමත්තං, අවිතක්කාවිචාරං, කාමාවචරං, රූපාවචරං, අරූපාවචරං, ලොකියං, ලොකුත්තර”න්ති? ජානන්තො “පටිපාටියා සත්ත ඤාණානි සවිතක්කසවිචාරානී”ති වක්ඛති; තතො “පරානි ද්වෙ ඤාණානි අවිතක්කාවිචාරානී”ති වක්ඛති; “ආසවක්ඛයඤාණං සියා සවිතක්කසවිචාරං, සියා අවිතක්කවිචාරමත්තං, සියා අවිතක්කවිචාර”න්ති වක්ඛති. තථා “පටිපාටියා සත්ත කාමාවචරානි, තතො ද්වෙ රූපාවචරානි, අවසානෙ එකං ලොකුත්තර”න්ති වක්ඛති; “සබ්බඤ්ඤුතඤාණං පන සවිතක්කසවිචාරමෙව, කාමාවචරමෙව, ලොකියමෙවා”ති වක්ඛති. ඉති අඤ්ඤදෙව දසබලඤාණං, අඤ්ඤං සබ්බඤ්ඤුතඤාණන්ති.
තවද පරවාදීන්ගෙන් මෙසේ විචාළ යුතුය. “දසබල ඤාණය නම් මේ සවිතක්ක සවිචාර, අවිතක්ක විචාරමත්ත අවිතක්ක අවිචාර, කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෞකික, ලෝකෝත්තර” යයි දන්නා පිළිවෙලින් ඤාණ හත සවිතක්ක සවිචාරයයි කියයි. ඉන්පසුව එන ඤාණ දෙක අවිතක්ක අවිචාර යයි කියයි. ආසවක්ඛය ඤාණය සවිතක්ක සවිචාරද අවිතක්ක විචාර මත්තද අවිතක්ක අවිචාරද කියයි. එසේම පිළිවෙලින් කාමාවචර හත රූපාවචර දෙක අවසානයෙහි ලෝකෝත්තර එකක් යයි කියයි. සබ්බඤ්ඤුත ඤාණය සවිතක්ක සවිචාරමයද ලෞකික මය යයිද කියයි. මෙසේ දසබල ඤාණය අනිකකි. සබ්බඤ්ඤුත ඤාණය අනිකකි.
සම්මොහවිනොදනියා විභඞ්ගට්ඨකථාය ඤාණවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දහසය වන ඤාණ විභංග නිද්දේසයයි.