දුතියබලනිද්දෙසො අට්ඨකථා
දුතියබලනිද්දෙසො
දුතිය බල නිද්දේසය
දුතියබලනිද්දෙසෙ ගතිසම්පත්තිපටිබාළ්හානීති ගතිසම්පත්තියා පටිබාහිතානි නිවාරිතානි පටිසෙධිතානි. සෙසපදෙසුපි එසෙව නයො. එත්ථ ච ගතිසම්පත්තීති සම්පන්නා ගති දෙවලොකො ච මනුස්සලොකො ච. ගතිවිපත්තීති විපන්නා ගති චත්තාරො අපායා. උපධිසම්පත්තීති අත්තභාවසමිද්ධි. උපධිවිපත්තීති හීනඅත්තභාවතා. කාලසම්පත්තීති සුරාජසුමනුස්සකාලසඞ්ඛාතො සම්පන්නකාලො. කාලවිපත්තීති දුරාජදුමනුස්සකාලසඞ්ඛාතො විපන්නකාලො. පයොගසම්පත්තීති සම්මාපයොගො. පයොගවිපත්තීති මිච්ඡාපයොගො.
දෙවන බල නිද්දේසයෙහි ගතිසම්පත්ති පටිබාල්හානි ගති සම්පත්තිය පිළිබැහී, වැළැක්වීය. සෙසු පදවලද මෙම නයයි. මෙහිද ගති සම්පත්ති ගති සම්පත්ති නම් දෙව්ලොව ද මිනිස් ලොවද වේ. ගතිවිපත්ති සදොස් ගති නම් සතර අපායයි. උපධි සම්පත්ති ආත්මභාවය සම්පූර්ණ වීම උපධිවිපත්ති හීන ආත්මභාව කාල සම්පත්ති යහපත් පාලකයින් මිනිසුන් ඇති කාලය යනුයි කාලවිපත්ති දුෂ්ට පාලකයින් මිනිසුන් සිටින කාලය. පයෝග සම්පත්ති සම්‍යක් ප්‍රයෝග. පයෝග විපත්ති වැරදි ප්‍රයෝග.
තත්ථ එකච්චස්ස බහූනි පාපකම්මානි හොන්ති. තානි ගතිවිපත්තියං ඨිතස්ස විපච්චෙය්යුං. සො පන එකෙන කල්යාණකම්මෙන ගතිසම්පත්තියං දෙවෙසු වා මනුස්සෙසු වා නිබ්බත්තො. තාදිසෙ ච ඨානෙ අකුසලස්ස වාරො නත්ථි, එකන්තං කුසලස්සෙව වාරොති. එවමස්ස තානි කම්මානි ගතිසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්තීති පජානාති.
එහි සමහරකට බොහෝ පව්කම් ඇත. ඒවා උපධි විපත්තියෙන් ඔබ පැසෙන්නේය. හේ වනාහි එකම යහපත් ක්‍රියාවකින් ගති සමාපත්තිය ලැබ දෙව්ලොව හෝ මිනිස්ලොව උපන්නේය. එබඳු ස්ථානයෙහි අකුසලය වැළැක්වීමක් නැත. ඒකාන්තයෙන් කුසලය වළක්වයි. එබඳු කර්ම මේවාය. ප්‍රබල ගති සම්පත්වලට විරුද්ධ වන්නේ නැතැයි දතයුතුය.
අපරස්සාපි බහූනි පාපකම්මානි හොන්ති. තානි උපධිවිපත්තියං ඨිතස්ස විපච්චෙය්යුං. සො පන එකෙන කල්යාණකම්මෙන උපධිසම්පත්තියං ඨිතො සුසණ්ඨිතඞ්ගපච්චඞ්ගො අභිරූපො දස්සනීයො බ්රහ්මවච්ඡසදිසො. සචෙපි දාසියා කුච්ඡිස්මිං දාසජාතො හොති ‘එවරූපො අත්තභාවො කිලිට්ඨකම්මස්ස නානුච්ඡවිකො’ති හත්ථිමෙණ්ඩඅස්සබන්ධකගොපාලකකම්මාදීනි තං න කාරෙන්ති; සුඛුමවත්ථානි නිවාසාපෙත්වා භණ්ඩාගාරිකට්ඨානාදීසු ඨපෙන්ති. සචෙ ඉත්ථී හොති, හත්ථිභත්තපචනාදීනි න කාරෙන්ති; වත්ථාලඞ්කාරං දත්වා සයනපාලිකං වා නං කරොන්ති, සොමදෙවි විය වල්ලභට්ඨානෙ වා ඨපෙන්ති. භාතිකරාජකාලෙ කිර ගොමංසඛාදකෙ බහුජනෙ ගහෙත්වා රඤ්ඤො දස්සෙසුං. තෙ ‘දණ්ඩං දාතුං සක්කොථා’ති පුට්ඨා ‘න සක්කොමා’ති වදිංසු. අථ නෙ රාජඞ්ගණෙ සොධකෙ අකංසු. තෙසං එකා ධීතා අභිරූපා දස්සනීයා පාසාදිකා. තං දිස්වා රාජා අන්තෙපුරං අභිනෙත්වා වල්ලභට්ඨානෙ ඨපෙසි. සෙසඤාතකාපි තස්සා ආනුභාවෙන සුඛං ජීවිංසු. තාදිසස්මිඤ්හි අත්තභාවෙ පාපකම්මානිපි විපාකං දාතුං න සක්කොන්ති. එවං උපධිසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්තීති පජානාති.
අනෙකෙකුටද බොහෝ පව්කම් ඇත. ඒවා උපධි විපත්තියට හේතුවී පැසෙන්නේය. හේ වනාහි එකම යහපත් ක්‍රියාවකින් උපධි සම්පත්තියෙහි සිටියේ මනාව පිහිටි අඟපසඟ මනාරූ දර්ශනය බ්‍රහ්ම පුත්‍රයකු මෙනි. එසේ වුවත් දාසියකගේ කුසෙහි දාස පුත්‍රයෙක් වේ. මෙබඳු වූ ආත්ම භාවය කිලිටි කරවීම සුදුසු නොවේයයි ඇත් පල අසුන් බැඳීම් ගවපල් ආදි කර්මාන්ත නොකරයි. සියුම් වත් හැඳ පෙරවා භාණ්ඩාගාරික ස්ථානාදියෙහි තබයි. ස්ත්‍රියක් නම් බත්පිසීම් ආදිය නොකරවති. අලංකාර වස්ත්‍ර ආදිය දී නිද ගේ පාලිකා හෝ කරති. සෝමා දේවිය මෙන් ස්වාමි ස්ථානයෙහි හෝ තබයි. භාතික රජතුමාගේ කාලයෙහි ගවමස් කන බොහෝ දෙනා ගෙන රජතුමාට පෙන්වූහ. ඔව්හු දඬුවම් දීමට හැකි වුවදැයි විචාරන ලදුව නොහැකි වෙමුයි කීවාහුය. ඉක්බිති ඔවුන් රාජංගනය සුද්ධ කිරීමෙහි කළහ. ඔවුන්ගේ එක් දුවක් අභිරූපය. දැකුම්කළුය. පැහැපත්ය. රජ ඇය දැක අන්තඃපුරයට පමුණුවා වල්ලභ ස්ථානයෙහි තැබීය. ඇගේ ආනුභාවයෙන් සෙසු නෑයෝද සැපසේ ජීවත් වූහ. එබඳු වූ ආත්ම භාවවලද පාපකර්ම විපාක දීමට නොහැකි වේ. මෙසේ උපධි සම්පත්ති වැළැක්වුවත් විපාක නොදේයැයි දැනගනී.
එකස්ස බහූනි පාපකම්මානි හොන්ති. තානි කාලවිපත්තියං ඨිතස්ස විපච්චෙය්යුං. සො පන එකෙන කල්යාණකම්මෙන පඨමකප්පිකානං වා චක්කවත්තිරඤ්ඤො වා බුද්ධානං වා උප්පත්තිසමයෙ සුරාජසුමනුස්සකාලෙ නිබ්බත්තො. තාදිසෙ ච කාලෙ නිබ්බත්තස්ස අකුසලස්ස විපාකං දාතුං ඔකාසො නත්ථි, එකන්තං කුසලස්සෙව ඔකාසොති. එවං කාලසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්තීති පජානාති.
ඇතමෙකුට බොහෝ පව්කම් ඇත. ඒවා කාල විපත්තිය පැමිණවිට විපාක දෙයි. ඒවා එකම යහපත් ක්‍රියාවකින් පළමු කල්පයෙහි හෝ සක්විති රජුගේ හෝ බුදුරදුන්ගේ හෝ උත්පත්ති කාලයේ හෝ යහපත් රජුන් මිනිසුන් ඇති කාලයේ හෝ උපදී. එබඳු කාලයේ උපන්නහුට අකුසල විපාක දීමට අවකාසයක් නැත. ඒකාන්තයෙන් කුසලයට අවකාශ ඇත. මෙසේ කාල සම්පත්තිය වැළැක්වුවත් විපාක නොදේ යයි දැන ගනී.
අපරස්සාපි බහූනි පාපකම්මානි හොන්ති. තානි පයොගවිපත්තියං ඨිතස්ස විපච්චෙය්යුං. සො පන එකෙන කල්යාණකම්මෙන පයොගසම්පත්තියං ඨිතො පාණාතිපාතාදීහි විරතො කායවචීමනොසුචරිතානි පූරෙති. තාදිසෙ ඨානෙ අකුසලස්ස විපච්චනොකාසො නත්ථි, එකන්තං කුසලස්සෙව ඔකාසොති. එවං පයොගසම්පත්තිපටිබාළ්හානි න විපච්චන්තීති පජානාති.
තව එකෙකුට මෙයින් පව්කම් ඇත. ඒවා පයෝග විපත්ති කාලයෙහි විපාක දේ. එය එක කලන ක්‍රියාවකින් ප්‍රයෝග සම්පත්තියේ පිහිටියේ පාණාතිපාතාදියෙන් වෙන් වූයේ කාය වචී මනෝ සුචරිත පුරති. එබඳු ස්ථානයෙහි අකුසලයට විපාක දීමට අවකාස නැත. ඒකාන්තයෙන් කුසලයම අවකාශ ඇත. මෙසේ ප්‍රයෝග සම්පත්තියට බාධා ඇතිවුවත් විපාක නොදේයයි දැනගනී,
අපරස්සාපි බහූනි පාපකම්මානි හොන්ති. තානි ගතිසම්පත්තියං ඨිතස්ස න විපච්චෙය්යුං. සො පනෙකෙන පාපකම්මෙන ගතිවිපත්තියංයෙව නිබ්බත්තො. තත්ථස්ස තානි කම්මානි උපගන්ත්වා වාරෙන වාරෙන විපාකං දෙන්ති – කාලෙන නිරයෙ නිබ්බත්තාපෙන්ති, කාලෙන තිරච්ඡානයොනියං, කාලෙන පෙත්තිවිසයෙ, කාලෙන අසුරකායෙ, දීඝෙනාපි අද්ධුනා අපායතො සීසං උක්ඛිපිතුං න දෙන්ති. එවං ගතිසම්පත්තිපටිබාහිතත්තා විපාකං දාතුං අසක්කොන්තානි ගතිවිපත්තිං ආගම්ම විපච්චන්තීති පජානාති.
තව කෙනෙකුට බොහෝ පව්කම් ඇත. ඒවා ගති සම්පත්තිය පැවති කල විපාක නොදෙයි. එය එක පව්කමකින් ගති විපත්තිය උපන්නේය. එහි ඒ පව්කම පැමිණ වරින්වර විපාක දෙයි. කාලයක් නිරයේ උපදවයි. කලක තිරිසන් යෝනියෙහි කලෙක ප්‍රේත විෂයෙහි කලෙක අසුරකයෙහි බොහෝ කාලයක් අපායෙන් හිස එසවීමට නොදේ. මෙසේ ගති සම්පත් වැළැක්වූ බැවින් විපාක දීමට නොහැක්කේ ගති විපත් පැමිණ විපාක දේයයි දැනගනී.
අපරස්සාපි බහූනි පාපකම්මානි හොන්ති. තානි උපධිසම්පත්තියං ඨිතස්ස න විපච්චෙය්යුං . සො පන එකෙන පාපකම්මෙන උපධිවිපත්තියංයෙව පතිට්ඨිතො දුබ්බණ්ණො දුරූපො දුස්සණ්ඨිතො බීභච්ඡො පිසාචසදිසො. සො සචෙ දාසියා කුච්ඡියං දාසජාතො ‘ඉමානි එතස්ස අනුච්ඡවිකානී’ති සබ්බානි නං කිලිට්ඨකම්මානි කාරෙන්ති අන්තමසො පුප්ඵඡඩ්ඩකකම්මං උපාදාය. සචෙ ඉත්ථී හොති ‘ඉමානි එතිස්සා අනුච්ඡවිකානී’ති සබ්බානි නං හත්ථිභත්තපචනාදීනි කිලිට්ඨකම්මානි කාරෙන්ති. කුලගෙහෙ ජාතම්පි බලිං සාධයමානා රාජපුරිසා ‘ගෙහදාසී’ති සඤ්ඤං කත්වා බන්ධිත්වා ගච්ඡන්ති, කොතලවාපීගාමෙ මහාකුටුම්බිකස්ස ඝරණී විය. එවං උපධිසම්පත්තිපටිබාහිතත්තා විපාකං දාතුං අසක්කොන්තානි උපධිවිපත්තිං ආගම්ම විපච්චන්තීති පජානාති.
තව කෙනෙකුට පව්කම් බොහෝ ඇත. ඒවා උපධි සම්පත්ති කාලයෙහි විපාක නොදේ. හේ එක පව්කමකින් උපධි විපත්තියෙහි සිටියේ දුර්වර්ණ අවලස්සන පිළිකුල් පිසාචයකු සමානය. හේ දාසිකුසක දාසයෙක්ව ඉපිද මේ නුසුදුසු සියල්ල ඔහු කිලිටිකම් කරවයි. යටත් පිරිසෙයින් මල බැහැර කිරීම් ආදිය කරවයි. ස්ත්‍රියක නම් මේ නුසුදුසු සියළු ඇත්බත් පිසීම් ආදි කිලිටි කර්ම කරවයි. කුලගෙයක ඉපදුනත් බලි සාදමින් රාජපුරුෂයෝ ගෙදර දාසි යයි සංඥාකොට බැඳ යති. කොතලවාසී ගම මහ කෙළෙඹියාගේ ගෘහණිය මෙනි. මෙසේ උපධි සම්පත් වැළැක්වූ බැවින් විපාක දීමට නොහැකි විය. උපධි විපත් පැමිණ විපාක දුන්නේ යයි දැනගනී.
අපරස්සාපි බහූනි පාපකම්මානි හොන්ති. තානි කාලසම්පත්තියං නිබ්බාතස්ස න විපච්චෙය්යුං. සො පන එකෙන පාපකම්මෙන කාලවිපත්තියං දුරාජදුමනුස්සකාලෙ කසටෙ නිරොජෙ දසවස්සායුකකාලෙ නිබ්බත්තො, යදා පඤ්ච ගොරසා පච්ඡිජ්ජන්ති, කුද්රූසකං අග්ගභොජනං හොති. කිඤ්චාපි මනුස්සලොකෙ නිබ්බත්තො, මිගපසුසරික්ඛජීවිකො පන හොති. එවරූපෙ කාලෙ කුසලස්ස විපච්චනොකාසො නත්ථි, එකන්තං අකුසලස්සෙව හොති. එවං කාලසම්පත්තිපටිබාහිතත්තා විපාකං දාතුං අසක්කොන්තානි කාලවිපත්තිං ආගම්ම විපච්චන්තීති පජානාති.
තව කෙනෙකුට බොහෝ පව්කම් ඇත. ඒවා කාල සම්පත්තිය පැමිණිවිට විපාක නොදෙයි. හේ එක් පව්කමකින් කාල විපත්ති කාලයේ දෘෂ්ටි පාලකයින් මිනිසුන් සිටින කාලයේ නිසරු ඕජස් නැති දසවස් ආයු කාලයෙහි උපදී. පස්ගෝරස විනාශ වේ. කුරහන් අගබොජුන වේ. මිනිස්ලොව කිසිවෙක් ඉපදුනොත් මෘග ගව සමාන ජීවිත වේ. මෙබඳු කාලයක කුසලයට විපාක දීමට අවකාශ නැත. ඒකාන්තයෙන් අකුසලයට විපාකදීමට අවකාශ ඇත. මෙසේ කාල සම්පත්තිය වැළැක්වූ බැවින් විපාක දීමට නොහැකිව කාල විපත්තිය පැමිණ විපාක දේයයි දැනගනී.
අපරස්සාපි බහූනි පාපකම්මානි හොන්ති. තානි පයොගසම්පත්තියං ඨිතස්ස න විපච්චෙය්යුං. සො පන පයොගවිපත්තියං ඨිතො පාණාතිපාතාදීනි දස අකුසලකම්මානි කරොති. තමෙනං සහොඩ්ඪං ගහෙත්වා රඤ්ඤො දස්සෙන්ති. රාජා බහූකම්මකාරණානි කාරෙත්වා ඝාතාපෙති. එවං පයොගසම්පත්තිපටිබාහිතත්තා විපාකං දාතුං අසක්කොන්තානි පයොගවිපත්තිං ආගම්ම විපච්චන්තීති පජානාති. එවං චතූහි සම්පත්තීහි පටිබාහිතං පාපකම්මං විපාකං අදත්වා චතස්සො විපත්තියො ආගම්ම දෙති.
තව කෙනෙකුට බොහෝ පව්කම් ඇත. ප්‍රයෝග සම්පත්තිය පැමිණි කාලයේ විපාක නොදෙයි. හේ ප්‍රයෝග සම්පත්තියේ සිට පාණාතිපාතාදි දස කුසල පව්කම් කරයි. ඔහු සොරබඩු සමග අල්ලාගෙන රජුට දක්වති. රජ බොහෝ වධදී මැරවීය. මෙසේ ප්‍රයෝග සම්පත් වැළැක්වූ හෙයින් ප්‍රයෝග විපත් පැමිණ විපාක දේයයි දැනගනී. මෙසේ සතර සම්පත්වලින් වැළැක්වූ පව්කම් විපාක නොදී සතර විපත් පැමිණ දෙයි.
යථා හි කොචිදෙව පුරිසො කෙනචිදෙව කම්මෙන රාජානං ආරාධෙය්ය. අථස්ස රාජා ඨානන්තරං දත්වා ජනපදං දදෙය්ය. සො තං සම්මා පරිභුඤ්ජිතුං අසක්කොන්තො මක්කටෙන ගහිතභත්තපුටං විය භින්දෙය්ය; යස්ස යං යානං වා වාහනං වා දාසං වා දාසිං වා ආරාමං වා වත්ථුං වා සම්පන්නරූපං පස්සති, සබ්බං බලක්කාරෙන ගණ්හෙය්ය. මනුස්සා ‘රාජවල්ලභො’ති කිඤ්චි වත්තුං න සක්කුණෙය්යුං. සො අඤ්ඤස්ස වල්ලභතරස්ස රාජමහාමත්තස්ස විරුජ්ඣෙය්ය. සො තං ගහෙත්වා සුපොථිතං පොථාපෙත්වා භූමිං පිට්ඨියා ඝංසාපෙන්තො නික්කඩ්ඪාපෙත්වා රාජානං උපසඞ්කමිත්වා ‘අසුකො නාම තෙ , දෙව, ජනපදං භින්දතී’ති ගණ්හාපෙය්ය. රාජා බන්ධනාගාරෙ බන්ධාපෙත්වා ‘අසුකෙන නාම කස්ස කිං අවහට’න්ති නගරෙ භෙරිං චරාපෙය්ය. මනුස්සා ආගන්ත්වා ‘මය්හං ඉදං ගහිතං, මය්හං ඉදං ගහිත’න්ති විරවසහස්සං උට්ඨාපෙය්යුං. රාජා භිය්‍යොසො මත්තාය කුද්ධො නානප්පකාරෙන තං බන්ධනාගාරෙ කිලමෙත්වා ඝාතාපෙත්වා ‘ගච්ඡථ නං සුසානෙ ඡඩ්ඩෙත්වා සඞ්ඛලිකා ආහරථා’ති වදෙය්ය. එවංසම්පදමිදං දට්ඨබ්බං.
යම්සේ කිසියම් පුරුෂයෙක් කිසියම් ක්‍රියාවකින් රජු සතුටු කරන්නේය. ඉක්බිති රජු ඔහුට තනතුරක් දී ගම්වරයක් දෙන්නේය. හේ එය හොඳින් පරිභෝජනය කිරීමට නොහැකි වන්නේ වඳුරකු ගත් බත් පිඬක් මෙන් බිඳගන්නේය. යමෙකුගේ යම් යානාවක් හෝ වාහනයක් හෝ දාසයකු හෝ දාසියක හෝ උයනක් හෝ වස්තුවක් හෝ ලස්සන යයි බලන හැමදෙයක්ම බලහත්කාරයෙන් ගන්නේය. මිනිස්සු රාජ විශ්වාසය ඇත්තෙකැයි කිසිවක් කීමට නොහැකි වන්නාහ. හේ රජුගේ වඩාත් විශ්වාසය දිනාගත් ඇමතිවරයෙකුට විරුද්ධ වන්නේය. හෙතෙම ඔහු අල්වා තළා පෙළා බිමදිගට ඇදගෙන රජු වෙත එළඹ දේවයන් වහන්ස, අසවල් ජනපදයේ විනාශ කරන නිසා අල්ලා ගත්තේය. රජ බන්ධනාගාරයෙහි බඳවා අසවලාගෙන් කාට කුමන අපහසුවක් වී දැයි නගරයෙහි අණ බෙර හැසිරවී. මිනිස්සු පැමිණ මගේ මේක ගත්තේය. මගේ මෙය ගත්තේ යයි හඬ දහසක් නැගූහ. රජ බොහෝසෙයින් කිපී බන්ධනාගාරයේ ඔහු නොයෙක් ආකාරයෙන් වෙහෙස කරවා ඝාතනය කරවා ඔහු සුසානයෙහි දමා මාංචු ගෙනෙවයි කියන්නේය. මෙසේ සම්බන්ධය දතයුතුය.
තස්ස හි පුරිසස්ස හි කෙනචිදෙව කම්මෙන රාජානං ආරාධෙත්වා ඨානන්තරං ලද්ධකාලො විය පුථුජ්ජනස්සාපි කෙනචිදෙව පුඤ්ඤකම්මෙන සග්ගෙ නිබ්බත්තකාලො. තස්මිං ජනපදං භින්දිත්වා මනුස්සානං සන්තකං ගණ්හන්තෙ කස්සචි කිඤ්චි වත්තුං අවිසහනකාලො විය ඉමස්මිම්පි සග්ගෙ නිබ්බත්තෙ අකුසලස්ස විපච්චනොකාසං අලභනකාලො. තස්ස එකදිවසං එකස්මිං රාජවල්ලභතරෙ විරජ්ඣිත්වා තෙන කුද්ධෙන නං පොථාපෙත්වා රඤ්ඤො ආරොචෙත්වා බන්ධනාගාරෙ බන්ධාපිතකාලො විය ඉමස්ස සග්ගතො චවිත්වා නිරයෙ නිබ්බත්තකාලො. මනුස්සානං ‘මය්හං ඉදං ගහිතං, මය්හං ඉදං ගහිත’න්ති විරවකාලො විය තස්මිං නිරයෙ නිබ්බත්තෙ සබ්බාකුසලකම්මානං සන්නිපතිත්වා ගහණකාලො. සුසානෙ ඡඩ්ඩෙත්වා සඞ්ඛලිකානං ආහරණකාලො විය එකෙකස්මිං කම්මෙ ඛීණෙ ඉතරස්ස ඉතරස්ස විපාකෙන නිරයතො සීසං අනුක්ඛිපිත්වා සකලකප්පං නිරයම්හි පච්චනකාලො. කප්පට්ඨිතිකකම්මඤ්හි කත්වා එකකප්පං නිරයම්හි පච්චනකසත්තා නෙව එකො, න ද්වෙ, න සතං, න සහස්සං. එවං පච්චනකසත්තා කිර ගණනපථං වීතිවත්තා.
කිසියම් ක්‍රියාවකින් රජු පහදවා ඒ පුරුෂයාගේ තනතුර ලැබූ කාලය මෙන් කිසියම් පිනකින් දෙව්ලොව උපන් කාලය. ඒ ජනපදය බිඳ මිනිසුන්ගේ වස්තුව පැහැරගන්නා විට කිසිවකුටත් එය කීමට නොහැකි කාලය මෙන් මේ දෙව්ලොව උපන් කල්හි අකුසලයට විපාක නොදිය හැකි කාලය. එක්දිනක් ඔහු රජුගේ විශ්වාසය වැඩියෙන් ලබාගත් ඇමතියාට විරුද්ධ වී ඔහු විසින් කෝපයෙන් ඔහුට තළාපෙළා රජු ඉදිරියට පමුණුවා බන්ධනාගාරයෙහි බැඳවූ කාලය මෙන් මොහු දෙව්ලොවින් චුතව නිරයෙහි උපන් කාලය මිනිසුන් මගින් මෙය ගත්තේයයි කෑගසන කාලය මෙන් ඔහු නිරයේ උපන් කල සියළු අකුසල කර්ම එක්රැස් වී තිබෙන කාලය සුසානයෙහි හැරදමා මාංචු ගෙනඑන කාලය මෙන් එක එක කර්මය ගෙවී ඉතිරි ඒවායේ විපාකයෙන් නිරයටම ගියේ වැටී සියළු කාලයේම නිරයෙහි විපාක දෙන කාලය, කල්පයක් සිටින කර්ම කොට එක් කල්පයක් නිරයෙහි විපාක විඳින සත්ත්වයෝ එකෙක් දෙන්නෙක් සීයක් දහසක් නොව මෙසේ විපාක ලබන සතුන්ගේ ගණන සීමාවක් නැත.
අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි ගතිවිපත්තිපටිබාළ්හානි න විපච්චන්තීතිආදීසුපි එවං යොජනා වෙදිතබ්බා. ඉධෙකච්චස්ස බහූනි කල්යාණකම්මානි හොන්ති. තානි ගතිසම්පත්තියං ඨිතස්ස විපච්චෙයුං. සො පන එකෙන පාපකම්මෙන ගතිවිපත්තියං නිරයෙ වා අසුරකායෙ වා නිබ්බත්තො. තාදිසෙ ච ඨානෙ කුසලං විපාකං දාතුං න සක්කොති, එකන්තං අකුසලමෙව සක්කොතීති. එවමස්ස තානි කම්මානි ගතිවිපත්තිපටිබාළ්හානි න විපච්චන්තීති පජානාති.
අත්ථෙකච්චානි කල්‍යාණානි කම්ම සමාදානාති ගති විපත්ති පටිබාළ්හානි න විපච්චන්ති යනාදියෙහි ද මෙසේ දතයුතුය. මෙහි ඇතමෙකුට බොහෝ කලණ කර්ම ඇත. ඒවා ගති සම්පත්ති කාලයේ විපාක දෙයි. හේ එක් පව්කමකින් ගති විපත්තියට පැමිණ නිරයේ හෝ අසුරකායේ හෝ උපදී. එබඳු ස්ථානයෙහි කුසල විපාක දීමට නොහැකිය. ඒකාන්තයෙන් අකුසලවලට හැකි වේ. මෙසේ ඔහුට ඒ කර්ම ගති විපත් විසින් වළකාලන නිසා විපාක දීමට නොහැකි වේයයි දැනගනී.
අපරස්සාපි බහූනි කල්යාණකම්මානි හොන්ති. තානි උපධිසම්පත්තියං ඨිතස්ස විපච්චෙය්යුං. සො පන එකෙන පාපකම්මෙන උපධිවිපත්තියං පතිට්ඨිතො දුබ්බණ්ණො හොති පිසාචසදිසො. සො සචෙපි රාජකුලෙ නිබ්බත්තො පිතුඅච්චයෙන ‘කිං ඉමස්ස නිස්සිරීකස්ස රජ්ජෙනා’ති රජ්ජං න ලභති. සෙනාපතිගෙහාදීසු නිබ්බත්තොපි සෙනාපතිට්ඨානාදීනි න ලභති.
තව කෙනෙකුට බොහෝ කල්‍යාණ කර්ම ඇත. ඒවා උපධි සම්පත්ති කාලයේ විපාක දෙයි. හේ එක් පව්කමකින් උපධි විපත්තියේ පිහිටියේ දුර්වර්ණ වේ. පිසාචයකු වෙයි. හේ රාජකුලයෙහි උපන්නේ නම් පියා ඇවෑමෙන් කිම වේ නිශ්රික රාජ්‍යයෙන් යයි රාජ්‍යය නොලබයි. සෙනවි ගෙවල්වල උපන්නේ නම් සෙනෙවි තනතුරු සිටු තනතුරු නොලබයි.
ඉමස්ස පනත්ථස්සාවිභාවත්ථං දීපරාජවත්ථු කථෙතබ්බං – රාජා කිර පුත්තෙ ජාතෙ දෙවියා පසීදිත්වා වරං අදාසි. සා වරං ගහෙත්වා ඨපෙසි. කුමාරො සත්තට්ඨවස්සකාලෙව රාජඞ්ගණෙ කුක්කුටෙ යුජ්ඣාපෙසි. එකො කුක්කුටො උප්පතිත්වා කුමාරස්ස අක්ඛීනි භින්දි. කුමාරමාතා දෙවී පුත්තස්ස පන්නරසසොළසවස්සකාලෙ ‘රජ්ජං වාරෙස්සාමී’ති රාජානං උපසඞ්කමිත්වා ආහ – “දෙව, තුම්හෙහි කුමාරස්ස ජාතකාලෙ වරො දින්නො. මයා සො ගහෙත්වා ඨපිතො; ඉදානි නං ගණ්හාමී”ති. “සාධු, දෙවි, ගණ්හාහී”ති. “මයා, දෙව, තුම්හාකං සන්තිකා කිඤ්චි අලද්ධං නාම නත්ථි . ඉදානි පන මම පුත්තස්ස රජ්ජං වාරෙමී”ති. “දෙවි, තව පුත්තො අඞ්ගවිකලො. න සක්කා තස්ස රජ්ජං දාතු”න්ති . “තුම්හෙ මය්හං රුච්චනකවරං අදාතුං අසක්කොන්තා කස්මා වරං අදත්ථා”ති? රාජා අතිවිය නිප්පීළියමානො “න සක්කා තුය්හං පුත්තස්ස සකලලඞ්කාදීපෙ රජ්ජං දාතුං; නාගදීපෙ පන ඡත්තං අස්සාපෙත්වා වසතූ”ති නාගදීපං පෙසෙසි. සො දීපරාජා නාම අහොසි. සචෙ චක්ඛුවිකලො නාභවිස්සා තියොජනසතිකෙ සකලතම්බපණ්ණිදීපෙ සබ්බසම්පත්තිපරිවාරං රජ්ජං අලභිස්සා. එවං උපධිවිපත්තිපටිබාළ්හානි න විපච්චන්තීති පජානාති.
මේ අර්ථය ප්‍රකට කිරීම සඳහා දීපරාජ වස්තුව කිවයුතුය. රජතුමා පුතුන් ලැබූ කල පැහැදී දේවියට වරයක් දුන්නේය. මේ වරය ගෙන තැබුවාය. කුමරා සත අට වයස් කාලයෙහි රජ අංගතයෙහි කුකුලන් කෙටවීය. එක් කුකුළෙක් උඩ පැන කුමරාගේ ඇස් බින්දේය. කුමරාගේ මව පුතාට පහලව දහසය වයස් කාලයෙහි රජය ඉල්ලන්නෙමියි රජු ළඟට පැමිණ කීවාය. දේවයන් වහන්ස! ඔබතුමා විසින් කුමාරයා ඉපදුණු වෙලාවෙහි වරයක් දෙන ලදි. මවිසින් එය ගෙන තබන ලදි. දැන් එය ගනිමි. හොඳයි දේවිය, ගන්න. දේවයන් වහන්ස, ම විසින් ඔබවහන්සේගෙන් නොලැබූ දෙයක් නම් නැත. දැන් වනාහි මගේ පුතාට රජය ඉල්ලමි. දේවිය, ඔබේ පුතා අංගවිකලය. ඔහුට රජය දීමට හැකි නොවේ. මට රුචි වරයක් දිය නොහැකිනම් වරයක් දුන්නේ ඇයි? රජු අතිශයින් වෙහෙසට පත්වන්නේ සියළු ලංකාදීපයෙහි රාජ්‍යය ඔබේ පුතාට දියහැකි නොවේ. නාගදීපයෙහි සත් ඔසවා වසවයි නාගදීපයට යැවීය. හේ දීපරජ යයි වීය. ඇස් විකල නොවූයේ නම් යොදුන් තුන්සියයක් වූ සියළු තම්බපණ්ණි දීපයෙහි සියළු සම්පත් පිරිවරා රාජ්‍යය ලබාදුන්නේය. මෙසේ උපධි විපත් බාධක වී විපාක නොදේ යයි දැන ගනී.
අපරස්සාපි බහූනි කල්යාණකම්මානි හොන්ති. තානි කාලසම්පත්තියං ඨිතස්ස විපච්චෙය්යුං. සො පන එකෙන පාපකම්මෙන කාලවිපත්තියං දුරාජදුමනුස්සකාලෙ කසටෙ නිරොජෙ අප්පායුකෙ ගතිකොටිකෙ නිබ්බත්තො. තාදිසෙ ච කාලෙ කල්යාණකම්මං විපාකං දාතුං න සක්කොතීති. එවං කාලවිපත්තිපටිබාළ්හානි න විපච්චන්තීති පජානාති.
තව කෙනෙකුට බොහෝ කලණ කම් ඇත. ඒවා කල සම්පත්තියේදී විපාක දෙන්නේය. හේ වනාහි එක් පවුකමකින් කාල විපත්තිය වී දුෂ්ටරාජ දුෂ්ට මිනිසුන් ඇති කාලයෙහි ඉපිද නිසරු ඕජස් රහිත අල්පායුෂ ඇති ගති කෙළවර උපන්නේය. එබඳු කාලයෙහි කල්‍යාණ කර්ම විපාක දීමට නොහැකි වේ. කාල විපත්තියෙන් වළක්වන නිසා විපාක නොදේ යයි දැනගනී.
අපරස්සාපි බහූනි කල්යාණකම්මානි හොන්ති. තානි පයොගසම්පත්තියං ඨිතස්ස විපච්චෙය්යුං. අයං පන පයොගවිපත්තියං ඨිතො පාණං හන්ති…පෙ… සබ්බං දුස්සීල්යං පූරෙති. තථා තෙන සද්ධිං සමජාතිකානිපි කුලානි ආවාහවිවාහං න කරොන්ති; ‘ඉත්ථිධුත්තො සුරාධුත්තො අක්ඛධුත්තො අයං පාපපුරිසො’ති ආරකා පරිවජ්ජෙන්ති. කල්යාණකම්මානි විපච්චිතුං න සක්කොන්ති. එවං පයොගවිපත්තිපටිබාළ්හානි න විපච්චන්තීති පජානාති. එවං චතස්සො සම්පත්තියො ආගම්ම විපාකදායකං කල්යාණකම්මං චතූහි විපත්තීහි පටිබාහිතත්තා න විපච්චති.
තව කෙනෙකුට බොහෝ කල්‍යාණ කර්ම තිබේ. ඒවා ප්‍රයෝග සම්පත්තියේදී විපාක දෙයි. මේ තැනැත්තා ප්‍රයෝග සම්පත්තියෙහි සිටියේ සතුන් මරයි. සියළු අකුසල් කරයි. ඔහු සමග සමාන ජාතියේ සිටි අයද ආවාහ විවාහ නොකරති. ස්ත්‍රී ධූර්තය සූදුවෙහි ඇළුනේය. සුරාවෙහි ධූර්තය මේ තෙමේ පව්කාරයෙකැයි දුරින්ම දුරුකරති. ඔහුට කල්‍යාණ කර්ම විපාක දීමට නොහැකි වේ. මෙසේ ප්‍රයෝග විපත් බාධා කරන නිසා විපාක නොදේ යයි දැනගනී. මෙසේ සතර සම්පත් පැමිණ විපාක දායක වූ කල්‍යාණ කර්ම සතර විපත්වලින් බැහැර කරන ලද හෙයින් විපාක නොදේ.
අපරස්සාපි බහූනි කල්යාණකම්මානි හොන්ති. තානි ගතිවිපත්තියං ඨිතස්ස න විපච්චෙය්යුං. සො පන එකෙන කල්යාණකම්මෙන ගතිසම්පත්තියංයෙව නිබ්බත්තො. තත්ථස්ස තානි කම්මානි උපගන්ත්වා වාරෙන වාරෙන විපාකං දෙන්ති – කාලෙන මනුස්සලොකෙ නිබ්බත්තාපෙන්ති, කාලෙන දෙවලොකෙ. එවං ගතිවිපත්තිපටිබාහිතත්තා විපාකං දාතුං අසක්කොන්තානි ගතිමම්පත්තිං ආගම්ම විපච්චන්තීති පජානාති.
තව කෙනෙකුට බොහෝ කල්‍යාණ කර්ම ඇත. ඒවා ගති විපත්තියෙහි සිටින්නාට විපාක නොදේ. හේ වනාහි එක් කල්‍යාණ කර්මයකින් ගති සම්පත්තියෙහි උපන්නේ එහි ඔහුට ඒ කර්ම පැමිණ වරින්වර විපාක දේ. කලෙක මිනිස් ලොවද කලෙක දෙව් ලොවද උපදවයි. මෙසේ ගති විපත්ති වළකන ලද හෙයින් විපාක දීමට නොහැකි වේ. ගති සම්පත්තිය පැමිණ විපාක දේ යයි දැනගනී.
අපරස්සාපි බහූනි කල්යාණකම්මානි හොන්ති. තානි උපධිවිපත්තියං ඨිතස්ස න විපච්චෙය්යුං. සො පන එකෙන කල්යාණකම්මෙන උපධිසම්පත්තියංයෙව පතිට්ඨිතො අභිරූපො දස්සනීයො පාසාදිකො බ්රහ්මවච්ඡසදිසො. තස්ස උපධිසම්පත්තියං ඨිතත්තා කල්යාණකම්මානි විපාකං දෙන්ති. සචෙ රාජකුලෙ නිබ්බත්තති අඤ්ඤෙසු ජෙට්ඨකභාතිකෙසු සන්තෙසුපි ‘එතස්ස අත්තභාවො සමිද්ධො, එතස්ස ඡත්තෙ උස්සාපිතෙ ලොකස්ස ඵාසු භවිස්සතී’ති තමෙව රජ්ජෙ අභිසිඤ්චන්ති. උපරාජගෙහාදීසු නිබ්බත්තො පිතුඅච්චයෙන ඔපරජ්ජං, සෙනාපතිට්ඨානං, භණ්ඩාගාරිකට්ඨානං, සෙට්ඨිට්ඨානං ලභති. එවං උපධිවිපත්තිපටිබාහිතත්තා විපාකං දාතුං අසක්කොන්තානි උපධිසම්පත්තිං ආගම්ම විපච්චන්තීති පජානාති.
තව කෙනෙකුට බොහෝ කල්‍යාණ කර්ම ඇත. ඒවා උපධි විපත්තියෙහි සිටියහුට විපාක නොදේ. හේ එක් කල්‍යාණ කර්මයකින් උපධි සම්පත්තියෙහිම පිහිටියේ අභිරූප දර්ශනීයය. පැහැපත්ය. බ්‍රහ්ම පුත්‍රයකු සමානය. ඔහු උපධි සම්පත්තියෙහි සිටින ලද බැවින් කල්‍යාණ කර්ම විපාක දෙයි. රජ කුලයෙහි උපන්නේ නම් අනිත් දෙටු සොයුරන් සිටියත් මොහුගේ ආත්මභාවය සමෘද්ධය. මොහුට සත්ලැඟූ කල ලෝකයාට පහසුවක් වන්නේ යයි ඔහුම රජයෙහි අභිෂේක කරවති. උපරාජ ගෙවල්වල ඉපදුනේ නම් පියා ඇවෑමෙන් උප රජකමෙහි සෙන්පති තනතුර භාණ්ඩාගාරික තනතුර සිටු තනතුර ලබයි. මෙසේ උපධි විපත්තිය පිළිබැහූ නිසා විපාක දීමට නොහැකි වේ. උපධි සම්පත්තිය පැමිණ විපාක දෙන්නේ යයි දැනගනී.
අපරස්සාපි බහූනි කල්යාණකම්මානි හොන්ති. තානි කාලවිපත්තියං ඨිතස්ස න විපච්චෙය්යුං. සො පන එකෙන කල්යාණකම්මෙන කාලසම්පත්තියං නිබ්බත්තො සුරාජසුමනුස්සකාලෙ. තාදිසාය කාලසමිද්ධියා නිබ්බත්තස්ස කල්යාණකම්මං විපාකං දෙති.
තව කෙනෙකුට බොහෝ කලණකම් ඇත. ඒවා කාලවිපත්තියේ සිටින්නාට විපාක නොදේ. හේ එක් කලණ කර්මයකින් කාල සම්පත්තියේ උපන්නේ යහපත් රජුන් මිනිසුන් සිටින කාලයකය. එබඳු කාල සමෘද්ධියෙන් උපන්නාට කල්‍යාණ කර්ම විපාක දෙයි.
තත්රිදං මහාසොණත්ථෙරස්ස වත්ථු කථෙතබ්බං – බ්රාහ්මණතිස්සභයෙ කිර චිත්තලපබ්බතෙ ද්වාදස භික්ඛුසහස්සානිං පටිවසන්ති. තථා තිස්සමහාවිහාරෙ. ද්වීසුපි මහාවිහාරෙසු තිණ්ණං වස්සානං වට්ටං එකරත්තමෙව මහාමූසිකායො ඛාදිත්වා ථුසමත්තමෙව ඨපෙසුං. චිත්තලපබ්බතෙ භික්ඛුසඞ්ඝො ‘තිස්සමහාවිහාරෙ වට්ටං වත්තිස්සති, තත්ථ ගන්ත්වා වසිස්සාමා’ති විහාරතො නික්ඛමි. තිස්සමහාවිහාරෙපි භික්ඛුසඞ්ඝො ‘චිත්තලපබ්බතෙ වට්ටං වත්තිස්සති, තත්ථ ගන්ත්වා වසිස්සාමා’ති විහාරතො නික්ඛමි. උභතොපි එකිස්සා ගම්භීරකන්දරාය තීරෙ සමාගතා පුච්ඡිත්වා වට්ටස්ස ඛීණභාවං ඤත්වා ‘තත්ථ ගන්ත්වා කිං කරිස්සාමා’ති චතුවීසති භික්ඛුසහස්සානි ගම්භීරකන්දරවනං පවිසිත්වා නිසීදිත්වා නිසින්නනීහාරෙනෙව අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායිංසු. පච්ඡා භයෙ වූපසන්තෙ භික්ඛුසඞ්ඝො සක්කං දෙවරාජානං ගහෙත්වා ධාතුයො සංහරිත්වා චෙතියං අකාසි.
මෙහි මහාසෝණ තෙරුන්ගේ කථාව කිවයුතුය. බ්‍රාහ්මණතිස්ස භය පැවති කාලයේ සිතුල්පව්වේ දොළොස් දහසක් භික්ෂූන් වහන්සේලා වැඩසිටිති. එබඳු භික්ෂූන් වහන්සේලා පිරිසක් තිස්ස මහා විහාරයෙහිද සිටිති. විහාර දෙකේම තුන් වර්ෂයකින් සෑහුණු ධාන්‍ය මහා මීයෝ පැමිණ එක් රැයකින්ම කා පොතු පමණක් ඉතිරි කළහ. සිතුල්පව්වේ භික්ෂූහු තිස්ස මහා විහාරයෙහි ධාන්‍ය ඇතැයි එහි ගොස් වසමු යයි විහාරයෙන් නික්මුණහ. තිස්ස මහා විහාරයෙහි භික්ෂූහුද සිතුල්පව්වේ ධාන්‍ය ඇතැයි එහි ගොස් වසමු යයි විහාරයෙන් නික්මුණහ. දෙගොල්ලන්ම එක් ගැඹුරු නදී තීරයකට පැමිණියාහුය. විචාරා ධාන්‍ය ක්ෂීණ බව දැන එහි ගොස් කුමක් කරමුදැයි භික්ෂූන් විසිහතර දහසම ගැඹුරු කන්දර වනයට වැඩ හිඳගෙන හිඳිමින් ආහාර නැතුවම අනුපාදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑහ. බිය නැතිවූ කල්හි භික්ෂු සංඝයා වහන්සේ ශක්‍ර දිව්රාජයා ගෙන ධාතු එක්තැන් කොට චෛත්‍යයක් කළහ.
බ්රාහ්මණතිස්සචොරොපි ජනපදං විද්ධංසෙසි. සඞ්ඝො සන්නිපතිත්වා මන්තෙත්වා “චොරං පටිබාහතූ”ති සක්කසන්තිකං අට්ඨ ථෙරෙ පෙසෙසි. සක්කො දෙවරාජා “මයා, භන්තෙ, උප්පන්නො චොරො න සක්කා පටිබාහිතුං. සඞ්ඝො පරසමුද්දං ගච්ඡතු. අහං සමුද්දාරක්ඛං කරිස්සාමී”ති. සඞ්ඝො සබ්බදිසාහි නාගදීපං ගන්ත්වා ජම්බුකොලපට්ටනෙ තිභූමිකං මහාඋළුම්පං බන්ධාපෙසි. එකා භූමිකා උදකෙ ඔසීදි. එකිස්සා භික්ඛුසඞ්ඝො නිසින්නො. එකිස්සා පත්තචීවරානි ඨපයිංසු. සංයුත්තභාණකචූළසීවත්ථෙරො, ඉසිදත්තත්ථෙරො, මහාසොණත්ථෙරොති තයො ථෙරා තාසං පරිසානං පාමොක්ඛා. තෙසු ද්වෙ ථෙරා මහාසොණත්ථෙරං ආහංසු – “ආවුසො මහාසොණ, අභිරුහ මහාඋළුම්ප”න්ති. “තුම්හෙ පන, භන්තෙ”ති? “ආවුසො, උදකෙ මරණම්පි ථලෙ මරණම්පි එකමෙව . න මයං ගමිස්සාම. තං නිස්සාය පන අනාගතෙ සාසනස්ස පවෙණී ඨස්සති. ගච්ඡ ත්වං, ආවුසො”ති. “නාහං, භන්තෙ, තුම්හෙසු අගච්ඡන්තෙසු ගමිස්සාමී”ති යාවතතියං කථෙත්වාපි ථෙරං ආරොපෙතුං අසක්කොන්තා නිවත්තිංසු.
බ්රහ්මණතිස්ස සොරාද ජනපදය විනාශ කෙළේය. සංඝයා රැස්වී කතාකර සොරා පළවා හරින්නැයි ශක්‍රයා සමීපයට තෙරුන් අටනමක් යැවූහ. සක්දෙව් රජ ස්වාමීන් වහන්ස, උපන් සොරා මට වැළැක්විය නොහැක. සංඝයා පාර සමුද්දයට වඩිනු මැනවි. මම මුහුදු ආරක්ෂාව කරමි. සංඝයා සියළු දිසාවලින් නාගදීපයට වැඩ දඹකොළ පටුනෙහි මහල් තුනක් ඇති මහා පහුරක් බැන්දවුහ. එක් මහලක් ජලයේ ගිලුනේය. එක් මහලක සංඝයා සිටියහ. එක් මහලක පාත්‍ර සිවුරු තැබ්බවූහ. සංයුත්ත භාණක චූලසීව තෙර ඉසිදත්ත තෙර මහාසෝණ තෙර යයි තෙරුන් තිදෙනා ඒ පිරිසේ ප්‍රධාන වූහ. ඔවුනතුරෙන් තෙරුන් දෙනමක් මහාසෝණ තෙරුන්ට කීහ. ඇවැත්නි, මහාසෝණ මහා පහුරට නැගෙන්න. ස්වාමීනි, ඔබවහන්සේලා, ඇවැත්නි දියේ මරණයත් ගොඩ මරණයත් එකමය. අපි නොයන්නෙමු. ඔබ නිසා අනාගතයෙහි සාසක ප්‍රවේණිය සිටින්නේය. ඇවැත්නි, ඔබ යන්න. ස්වාමීනි ඔබවහන්සේලා නොයනවා නම් මම නොයමි. තුන්වර දක්වා කියාත් තෙරුන් නැංවීමට නොහැකිව නැවතුනහ.
අථ චූළසීවත්ථෙරො ඉසිදත්තත්ථෙරං ආහ – “ආවුසො ඉසිදත්ත, අනාගතෙ මහාසොණත්ථෙරං නිස්සාය සාසනපවෙණී ඨස්සති; මා ඛො තං හත්ථතො විස්සජ්ජෙහී”ති. “තුම්හෙ පන, භන්තෙ”ති? “අහං මහාචෙතියං වන්දිස්සාමී”ති ද්වෙ ථෙරෙ අනුසාසිත්වා අනුපුබ්බෙන චාරිකං චරන්තො මහාවිහාරං සම්පාපුණි. තස්මිං සමයෙ මහාවිහාරො සුඤ්ඤො. චෙතියඞ්ගණෙ එරණ්ඩා ජාතා. චෙතියං ගච්ඡෙහි පරිවාරිතං, සෙවාලෙන පරියොනද්ධං. ථෙරො ධරමානකබුද්ධස්ස නිපච්චාකාරං දස්සෙන්තො විය මහාචෙතියං වන්දිත්වා පච්ඡිමදිසාය සාලං පවිසිත්වා ඔලොකෙන්තො ‘එවරූපස්ස නාම ලාභග්ගයසග්ගප්පත්තස්ස සරීරධාතුචෙතියට්ඨානං අනාථං ජාත’න්ති චින්තයමානො නිසීදි.
ඉක්බිතිව චූලසීව හිමි ඉසිදත්ත තෙරුන්ට කීය. ඇවැත්නි, ඉසිදත්ත අනාගතයෙහි මහාසෝණ තෙරුන් නිසා සාසන ප්‍රවේණිය සිටින්නේය. උන්වහන්සේ අතින් අතහැරෙන්න දෙන්න එපා. ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ, මම මහසෑය වඳින්න යමි. තෙරුන් දෙදෙනාට අනුශාසනා කොට පිළිවෙලින් චාරිකාවේ හැසිරෙන්නේ මහා විහාරයට පැමිණියේය. එසමයෙහි මහවෙහෙර ශූන්‍ය විය. සෑමලුවෙහි එරඬු ගස් පැලවී ඇත. සෑය ගස්වලින් වටකරන ලද්දේ දියසෙවෙලවලින් පිරී ඇත. තෙරුන් ජීවමාන බුදුන් ඉදිරියෙහි වැඳවැටෙන ආකාරයෙන් මෙන් මහසෑය වැඳ පැසුළු රැයෙහි සෑ මලුවට පිවිස බලන්නේ මෙබඳු වූ ලාභ කීර්තියෙන් අග පැමිණි ශරීර ධාතු සෑය තබන තැන අනාථභාවයට පැමිණෙන්නේ යයි සිතමින් වැඩඋන්නේය.
අථ අවිදූරෙ රුක්ඛෙ අධිවත්ථා දෙවතා අද්ධිකමනුස්සරූපෙන තණ්ඩුලනාළිඤ්ච ගුළපිණ්ඩඤ්ච ආදාය ථෙරස්ස සන්තිකං ගන්ත්වා “කත්ථ ගච්ඡථ, භන්තෙ”ති? “අහං දක්ඛිණදිසං, උපාසකා”ති. “අහම්පි තත්ථෙව ගන්තුකාමො, සහ ගච්ඡාම, භන්තෙ”ති. “අහං දුබ්බලො; තව ගතියා ගන්තුං න සක්ඛිස්සාමි; ත්වං පුරතො ගච්ඡ, උපාසකා”ති. “අහම්පි තුම්හාකං ගතියා ගමිස්සාමී”ති ථෙරස්ස පත්තචීවරං අග්ගහෙසි. තිස්සවාපිපාළිං ආරුළ්හකාලෙ ච පත්තං ආහරාපෙත්වා පානකං කත්වා අදාසි. ථෙරස්ස පීතමත්තෙයෙව බලමත්තා සණ්ඨාති. දෙවතා පථවිං සඞ්ඛිපිත්වා වෙණුනදීසන්තිකෙ එකං ඡඩ්ඩිතවිහාරං පත්වා ථෙරස්ස වසනට්ඨානං පටිජග්ගිත්වා අදාසි.
නුදුරු ගසෙහි අධිගෘහිත දෙවියා මගියෙකුගේ වේශයෙන් හාල් නැලියක්ද හකුරු මුලක්ද ගෙන තෙරුන් සමීපයට ගොස් ස්වාමීන් වහන්ස, කොහාටද වඩින්නේ? උපාසකය, දකුණු දිසාවටය. මමත් එහාට යනවා. ස්වාමීනි එකට යමු. මම දුර්වලයි. ඔබේ වේගයෙන් යන්න අමාරුයි. උපාසකය, ඔබ ඉස්සරවෙලා යන්න. මමත් ඔබේ ගමනෙන් එන්නෙමැයි තෙරුන් වහන්සේගේ පාත්‍රා සිවුරු ගත්තේය. තිසාවැව බැම්මට නැගුණු වේලාවෙහි පාත්‍රය ගෙන පානයක් සකස්කොට පිළිගැන්වීය. තෙරුන් වහන්සේට එය පානය කළ සැනින් බලමාත්රයක් ඇතිවිය. දේවතාවා පොළොව හකුළුවා වේණු නදිය සමීපයෙහි අත්හැර දැමූ විහාරයකට පැමිණ තෙරුන් වහන්සේට වසන තැනක් පිළියෙල කර දුන්නේය.
පුනදිවසෙ ථෙරෙන මුඛෙ ධොවිතමත්තෙ යාගුං පචිත්වා අදාසි; යාගුං පීතස්ස භත්තං පචිත්වා උපනාමෙසි. ථෙරො “තුය්හං ඨපෙහි, උපාසකා”ති පත්තං හත්ථෙන පිදහි. “අහං න දූරං ගමිස්සාමී”ති දෙවතා ථෙරස්සෙව පත්තෙ භත්තං පක්ඛිපිත්වා කතභත්තකිච්චස්ස ථෙරස්ස පත්තචීවරමාදාය මග්ගං පටිපන්නා පථවිං සඞ්ඛිපිත්වා ජජ්ජරනදීසන්තිකං නෙත්වා “භන්තෙ, එතං පණ්ණඛාදකමනුස්සානං වසනට්ඨානං, ධූමො පඤ්ඤායති. අහං පුරතො ගමිස්සාමී”ති ථෙරං වන්දිත්වා අත්තනො භවනං අගමාසි. ථෙරො සබ්බම්පි භයකාලං පණ්ණඛාදකමනුස්සෙ නිස්සාය වසි.
දෙවන දිනයෙහි තෙරුන් මුව දෙවූ කෙණෙහි කැඳ පිස දුන්නේය. කැඳ වැළඳූ පසු බත් පිස පිළිගැන්වීය. තෙර උපාසකය, ඔබට තබා ගන්නැයි අතින් පාත්‍රය වැළඳූහ. මම දුර නොයමියි දෙවියා තෙරුන් වහන්සේගේම පාත්‍රයෙහි බත් බහා කරන ලද බත්කිස ඇති තෙරුන්ගේ පා සිවුරු ගෙන ගමන්මගට පිවිසියේ පොළොව හකුළුවා දැදුරුඔය සමීපයට පමුණුවා ස්වාමීන් වහන්ස, මෙය කොළකා මිනිසුන් වසන තැනක් යයි දුමෙන් පෙනේ. මම ඉස්සරවෙලා යන්නම් කියා තෙරුන් වැඳ තමාගේ භවනයටම ගියේය. තෙරුන් වහන්සේ සියළුම බිය කාලය කොළ කා මිනිසුන් නිසා විසූහ.
ඉසිදත්තත්ථෙරොපි අනුපුබ්බෙන චාරිකං චරන්තො අළජනපදං සම්පාපුණි. තත්ථ මනුස්සා නාතිපක්කානි මධුකඵලානි භින්දිත්වා අට්ඨිං ආදාය තචං ඡඩ්ඩෙත්වා අගමංසු. ථෙරො “ආවුසො මහාසොණ, භික්ඛාහාරො පඤ්ඤායතී”ති වත්වා පත්තචීවරං ආහරාපෙත්වා චීවරං පාරුපිත්වා පත්තං නීහරිත්වා අට්ඨාසි. තරුණදාරකා ථෙරං ඨිතං දිස්වා ‘ඉමිනා කොචි අත්ථො භවිස්සතී’ති වාලුකං පුඤ්ඡිත්වා මධුකඵලත්තචං පත්තෙ පක්ඛිපිත්වා අදංසු; ථෙරා පරිභුඤ්ජිංසු. සත්තාහමත්තං සොයෙව ආහාරො අහොසි.
ඉසිදත්ත තෙරුන් වහන්සේද පිළිවෙලින් චාරිකාවෙහි යෙදෙන්නේ අළ ජනපදයට පැමිණියහ. එහි මිනිස්සු නොපැසුණු මීඵල බිඳ ඇට ගෙන ලෙලි දමා ගියහ. තෙර ඇවැත්නි, මහාසෝණ, භික්ෂාහාරයක් පෙනේයයි කියා පාසිවුරු ගෙන්වා සිවුර පොරවා පාත්‍රය ගෙන සිටියේය. තරුණ ළමයි තෙරුන් සිටි බව දැක මෙයින් කිසියම් අර්ථයක් වන්නේ යයි වැලි පිස මී ලෙලි පාත්‍රයෙහි බහා දුන්හ. තෙර වැළඳූහ. සත්දවසක් ඒ ආහාරය පමණක් විය.
අනුපුබ්බෙන චොරියස්සරං සම්පාපුණිංසු. මනුස්සා කුමුදානි ගහෙත්වා කුමුදනාලෙ ඡඩ්ඩෙත්වා අගමංසු. ථෙරො “ආවුසො මහාසොණ, භික්ඛාහාරො පඤ්ඤායතී”ති වත්වා පත්තචීවරං ආහරාපෙත්වා චීවරං පාරුපිත්වා පත්තං නීහරිත්වා අට්ඨාසි. ගාමදාරකා කුමුදනාලෙ සොධෙත්වා පත්තෙ පක්ඛිපිත්වා අදංසු; ථෙරා පරිභුඤ්ජිංසු. සත්තාහමත්තං සොව ආහාරො අහොසි.
පිළිවෙලින් චොරිය විල ළඟට පැමිණියහ. මිනිස්සු නෙලුම් ගෙන නෙලුම්දඬු දමා ගියහ. තෙර ඇවැත්නි, මහාසෝණ, භික්ෂාහාරයක් පෙනේ යයි කියා පාසිවුරු ගෙන්වාගෙන සිවුර පොරවා පාත්‍රය ගෙන සිටියහ. ගම්දරුවෝ නෙලුම්දඬු සෝදා පාත්‍රයෙහි බහා දුන්හ. තෙර වැළඳූහ. ඒ ආහාරය සත්දවසකට සෑහුනේය.
අනුපුබ්බෙන චරන්තා පණ්ණඛාදකමනුස්සානං වසනට්ඨානෙ එකං ගාමද්වාරං සම්පාපුණිංසු. තත්ථ එකිස්සා දාරිකාය මාතාපිතරො අරඤ්ඤං ගච්ඡන්තා “සචෙ කොචි අය්යො ආගච්ඡති, කත්ථචි ගන්තුං මා අදාසි; අය්යස්ස වසනට්ඨානං ආචික්ඛෙය්යාසි, අම්මා”ති ආහංසු. සා ථෙරෙ දිස්වා පත්තං ගහෙත්වා නිසීදාපෙසි. ගෙහෙ ධඤ්ඤජාති නාම නත්ථි. වාසිං පන ගහෙත්වා ගුඤ්ජචොචරුක්ඛත්තචං ගුඤ්ජලතාපත්තෙහි සද්ධිං එකතො කොට්ටෙත්වා තයො පිණ්ඩෙ කත්වා එකං ඉසිදත්තත්ථෙරස්ස එකං මහාසොණත්ථෙරස්ස පත්තෙ ඨපෙත්වා ‘අතිරෙකපිණ්ඩං ඉසිදත්තත්ථෙරස්ස පත්තෙ ඨපෙස්සාමී’ති හත්ථං පසාරෙසි. හත්ථො පරිවත්තිත්වා මහාසොණත්ථෙරස්ස පත්තෙ පතිට්ඨාපෙසි. ඉසිදත්තත්ථෙරො ‘බ්රාහ්මණතිස්සභයෙ ගුඤ්ජචොචපිණ්ඩෙ විපාකදායකකම්මං දෙසකාලසම්පදාය කීවපමාණං විපාකං දස්සතී’ති ආහ. තෙ තං පරිභුඤ්ජිත්වා වසනට්ඨානං අගමංසු. සාපි අරඤ්ඤතො ආගතානං මාතාපිතූනං ආචික්ඛි “ද්වෙ ථෙරා ආගතා. තෙසං මෙ වසනට්ඨානං ආචික්ඛිත”න්ති. තෙ උභොපි ථෙරානං සන්තිකං ගන්ත්වා වන්දිත්වා “භන්තෙ, යං මයං ලභාම, තෙන තුම්හෙ පටිජග්ගිස්සාම; ඉධෙව වසථා”ති පටිඤ්ඤං ගණ්හිංසු. ථෙරාපි සබ්බභයකාලං තෙ උපනිස්සාය වසිංසු.
පිළිවෙලින් යන්නේ කොළ කන මිනිසුන් වසන එක් ගම්දොරකට වැඩියහ. එහි එක් දැරියකගේ මාපියෝ වනයට යන්නේ කවුරුහරි ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩියොත් කොහෙවත් වඩින්න දෙන්න එපා. ආර්යයන් වහන්සේට වසන තැනක් කියන්න. දරුව යයි කීහ. ඕ තෙරවරුන් දැක පාත්‍රය ගෙන වඩා හිඳුවීය. ගෙයි ධාන්‍ය ජාති නැත. වෑය ගෙන හුනිද මද රුක් පොතුද හුනිද වැල්කොළ සමග එකට කොටා පිඬු තුනක් කොට එකක් ඉසිදත්ත තෙරුන්ටද එකක් මහාසෝණ තෙරුන්ගේ පාත්‍රයෙහි තබා ඉතිරි පිඬු ඉසිදත්ත තෙරුන්ගේ පාත්‍රයෙහි තබමියි අත දිග හැරියේය. අත පෙරලී මහාසෝණ තෙරුන් වහන්සේගේ පාත්‍රයෙහි සිටියේය. ඉසිදත්ත තෙරහු බ්‍රාහ්මණ තිස්ස භයෙහි හුනිද මද පිඬු විපාක දායක කර්මය දෙස කාල සම්ප්රදාය කොපමණ විපාක පෙන්වත්දැයි කීය. ඔව්හු එය වළඳා වසන තැනට වැඩියහ. ඕ ද වනයෙන් ආ මව්පියන්ට තෙරුන් දෙනමක් වැඩි බවත් උන්වහන්සේලා වසන තැන කී බවත් දැන්වීය. ඒ දෙදෙනාම තෙරුන් සමීපයට ගොස් වැඳ ස්වාමීන් වහන්ස, අපට ලැබෙන දෙයකින් ඔබවහන්සේලා පිළිදැගුම් කරමු. මෙහිම වසනු මැනවැයි පිළිණ ගත්හ. තෙරුන් වහන්සේලා ද සියළු බිය කාලය ඔවුන් නිසා විසූහ.
බ්රාහ්මණතිස්සචොරෙ මතෙ පිතුමහාරාජා ඡත්තං උස්සාපෙසි. ‘භයං වූපසන්තං, ජනපදො සම්පුණ්ණො’ති සුත්වා පරසමුද්දතො භික්ඛුසඞ්ඝො නාවාය මහාතිත්ථපට්ටනෙ ඔරුය්හ ‘මහාසොණත්ථෙරො කහං වසතී’ති පුච්ඡිත්වා ථෙරස්ස සන්තිකං අගමාසි. ථෙරො පඤ්චසතභික්ඛුපරිවාරො කාලකගාමෙ මණ්ඩලාරාමවිහාරං සම්පාපුණි. තස්මිං සමයෙ කාලකගාමෙ සත්තමත්තානි කුලසතානි පටිවසන්ති. රත්තිභාගෙ දෙවතා ආහිණ්ඩිත්වා “මහාසොණත්ථෙරො පඤ්චභික්ඛුසතපරිවාරො මණ්ඩලාරාමවිහාරං පත්තො. එකෙකො නවහත්ථසාටකෙන සද්ධිං එකෙකකහාපණග්ඝනකං පිණ්ඩපාතං දෙතූ”ති මනුස්සෙ අවොචුං. පුනදිවසෙ ච ථෙරා කාලකගාමං පිණ්ඩාය පවිසිංසු. මනුස්සා නිසීදාපෙත්වා යාගුං අදංසු. මණ්ඩලාරාමවාසී තිස්සභූතිත්ථෙරො සඞ්ඝත්ථෙරො හුත්වා නිසීදි. එකො මහාඋපාසකො තං වන්දිත්වා “භන්තෙ, මහාසොණත්ථෙරො නාම කතරො”ති පුච්ඡි. තෙන සමයෙන ථෙරො නවකො හොති පරියන්තෙ නිසින්නො. ථෙරො හත්ථං පසාරෙත්වා “මහාසොණො නාම එස, උපාසකා”ති ආහ. උපාසකො තං වන්දිත්වා පත්තං ගණ්හාති. ථෙරො න දෙති. තිස්සභූතිත්ථෙරො “ආවුසො සොණ, යථා ත්වං න ජානාසි, මයම්පි එවමෙව න ජානාම; පුඤ්ඤවන්තානං දෙවතා පරිපාචෙන්ති; පත්තං දෙහි, සබ්රහ්මචාරීනං සඞ්ගහං කරොහී”ති ආහ. ථෙරො පත්තං අදාසි. මහාඋපාසකො පත්තං ආදාය ගන්ත්වා කහාපණග්ඝනකස්ස පිණ්ඩපාතස්ස පූරෙත්වා නවහත්ථසාටකං ආධාරකං කත්වා ආහරිත්වා ථෙරස්ස හත්ථෙ ඨපෙසි; අපරොපි උපාසකො ථෙරස්සාති සත්ත සාටකසතානි සත්ත ච පිණ්ඩපාතසතානි ථෙරස්සෙව අදංසු.
බමුණු තිස් සොරා මළ කල්හි පිතුමහ රජ සත් නැගීය. බිය සංසිඳිනි. ජනපදය සම්පූර්ණ වීයයි අසා පර සමුද්‍රයෙන් භික්ඛු සංඝයා වහන්සේ නැවකින් පැමිණ මාතොට පටුනෙහි ගොඩබැස මහාසෝණ තෙරුන් කොහි වැඩසිටිනවා දැයි විචාරා තෙරුන් වහන්සේ වෙත පැමිණියහ. තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා කළුගමුවේ මණ්ඩලාරාම විහාරයට වැඩියහ. ඒ කාලයේ කලුගමුවේ පවුල් හත්සියයක් පමණ වාසය කළහ. රාත්‍රී භාගයෙහි දෙවියෝ ඇවිද, මහාසෝණ තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා මණ්ඩලාරාම විහාරයට පැමිණ සිටිති. එක් එක් නමට නවරියන් වස්ත්‍රයක් සමග එක් එක් කහවනුවක් වටිනා පිණ්ඩපාතය පිළිගන්වන්නැයි මිනිසුන්ට කීහ. දෙවන දිනයෙහි තෙරුන් වහන්සේ කලුගමුවට පිඬු පිණිස වැඩියහ. මිනිස්සු තෙරුන් වඩා හිඳුවා කැඳ පිළිගැන්වූහ. මණ්ඩලාරාමවාසී තිස්සභූති තෙරුන් වහන්සේ සංඝනායක ස්ථවිරයන් වහන්සේ ලෙස වැඩසිටියහ. එක් උපාසකයෙක් උන්වහන්සේට වැඳ ස්වාමීන් වහන්ස, මහාසෝණ ස්වාමීන් වහන්සේ කවුදැයි ඇසීය. ඒ කාලයේ තෙරුන් වහන්සේ නවකයෙකි. ඒ නිසා කෙළවර වැඩසිටියහ. තෙරුන් වහන්සේ අත දිගුකර මහාසෝණ නම් මෙන්න මෙයා උපාසක උන්නැහේ යයි කීහ. උපාසකතුමා උන්වහන්සේට වැඳ පාත්‍රය ගත්තේය. ස්ථවිරයෝ නොදෙති. තිස්සභූති ථෙරො ඇවැත්නි, සෝණ ඔබ යම්සේ දනී නම් අපිත් එසේම දනිමු. පින්වතුන් දෙවියෝ අභිවෘද්ධියට පමුණුවති. පාත්‍රය මුදව. සබ්‍රහ්මචාරීන්ට සංග්‍රහ කරන්නැයි කීහ. තෙරහු පාත්‍රය දුන්හ. මහා උපාසකතුමා පාත්‍රය ගෙන ගොස් කහවනුවක් අගනා පිණ්ඩපාතය පුරවා නවරියන් වස්ත්‍රය ආධාරකය කොට ගෙනවුත් තෙරුන් වහන්සේගේ අතෙහි තැබීය. අනිත් උපාසකවරුද සත්සියයක් වස්ත්‍ර සමග සත්සියක් පිණ්ඩපාත දානය තෙරුන්වහන්සේටම පිළිගැන්වූහ.
ථෙරො භික්ඛුසඞ්ඝස්ස සංවිභාගං කත්වා අනුපුබ්බෙන මහාවිහාරං පාපුණිත්වා මුඛං ධොවිත්වා මහාබොධිං වන්දිත්වා මහාචෙතියං වන්දිත්වා ථූපාරාමෙ ඨිතො චීවරං පාරුපිත්වා භික්ඛුසඞ්ඝපරිවාරො දක්ඛිණද්වාරෙන නගරං පවිසිත්වා ද්වාරතො යාව වළඤ්ජනකසාලා එතස්මිං අන්තරෙ සට්ඨිකහාපණග්ඝනකං පිණ්ඩපාතං ලභි. තතො පට්ඨාය පන සක්කාරස්ස පමාණං නත්ථි. එවං කාලවිපත්තියං මධුකඵලත්තචොපි කුමුදනාළිපි දුල්ලභා ජාතා. කාලසම්පත්තියං එවරූපො මහාලාභො උදපාදි.
තෙරුන් වහන්සේ භික්ඛු සංඝයා සමග බෙදාගෙන පිළිවෙලින් මහා විහාරයට පැමිණ මුව සෝදා මහබෝ මහසෑ වැඳ ථූපාරාමයෙහි සිට සිවුරු පොරවා භික්ඛු සංඝයා පිරිවරා දකුණු දොරටුවෙන් නගරයට පිවිස දොරටුවේ සිට වළඳන සාලාව දක්වා අතරෙහි කහවනු සැටක් අගනා පිණ්ඩපාතය ලැබූහ. එතැන්සිට සත්කාරවල ප්‍රමාණයක් නොවීය. මෙසේ කාල විපත්තියෙහි මී ලෙලි නෙළුම්දඬු පවා දුර්ලභ විය. කාල සම්පත්තියේදී මෙබඳු වූ මහාලාභ පහළ විය.
වත්තබ්බකනිග්රොධත්ථෙරස්සාපි සාමණෙරකාලෙ බ්රාහ්මණතිස්සභයං උදපාදි. සාමණෙරො ච උපජ්ඣායො චස්ස පරසමුද්දං නාගමිංසු; ‘පණ්ණඛාදකමනුස්සෙ උපනිස්සාය වසිස්සාමා’ති පච්චන්තාභිමුඛා අහෙසුං. සාමණෙරො සත්තාහමත්තං අනාහාරො හුත්වා එකස්මිං ගාමට්ඨානෙ තාලරුක්ඛෙ තාලපක්කං දිස්වා උපජ්ඣායං ආහ – “භන්තෙ, ථොකං ආගමෙථ; තාලපක්කං පාතෙස්සාමී”ති. “දුබ්බලොසි ත්වං, සාමණෙර, මා අභිරුහී”ති. “අභිරුහිස්සාමි, භන්තෙ”ති ඛුද්දකවාසිං ගහෙත්වා තාලං ආරුය්හ තාලපිණ්ඩං ඡින්දිතුං ආරභි. වාසිඵලං නික්ඛමිත්වා භූමියං පති.
[missing trans] සාමණේරයන් වහන්සේ නමක්ද උන්වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේද පරතීරයට නොවැඩියහ. කොළ කා ජීවත්වන මිනිසුන් ඇසුරුකොට වාසය කරන්නෙමු යයි ප්රත්යන්තය බලා වැඩියහ. සාමණේරයන් වහන්සේ සත්දිනක් අනාහාරව සිට එක් ගමක තල්ගසක තල්ගෙඩි දැක උපාධ්‍යායන් වහන්සේට කීහ. “ස්වාමීන් වහන්ස, ටිකක් මෙහාට වඩින්න. තල්ගෙඩි කඩමි” යි සාමණේරය, ඔබ දුර්වලයි. නගින්න එපා. ස්වාමීනි නගිමියි කුඩා වෑයක් ගෙන තල්ගසට නැග තල්පිඬු සිඳීමට ඇරඹීය. වෑතලය නික්මී බිම වැටුණේය.
ථෙරො චින්තෙසි “අයං කිලන්තොව රුක්ඛං ආරුළ්හො; කිං නු ඛො ඉදානි කරිස්සතී”ති සාමණෙරො තාලපණ්ණං ඵාලෙත්වා ඵාලෙත්වා වාසිදණ්ඩකෙ බන්ධිත්වා ඝට්ටෙන්තො ඝට්ටෙන්තො භූමියං පාතෙත්වා “භන්තෙ, සාධු වතස්ස සචෙ වාසිඵලං එත්ථ පවෙසෙය්යාථා”ති ආහ. ථෙරො ‘උපායසම්පන්නො සාමණෙරො’ති වාසිඵලං පවෙසෙත්වා අදාසි. සො වාසිං උක්ඛිපිත්වා තාලඵලානි පාතෙසි. ථෙරො වාසිං පාතාපෙත්වා පවට්ටිත්වා ගතං තාලඵලං භින්දිත්වා සාමණෙරං ඔතිණ්ණකාලෙ ආහ “සාමණෙර, ත්වං දුබ්බලො, ඉදං තාව ඛාදාහී”ති. “නාහං, භන්තෙ, තුම්හෙහි අඛාදිතෙ ඛාදිස්සාමී”ති වාසිං ගහෙත්වා තාලඵලානි භින්දිත්වා පත්තං නීහරිත්වා තාලමිඤ්ජං පක්ඛිපිත්වා ථෙරස්ස දත්වා සයං ඛාදි. යාව තාලඵලානි අහෙසුං, තාව තත්ථෙව වසිත්වා ඵලෙසු ඛීණෙසු අනුපුබ්බෙන පණ්ණඛාදකමනුස්සානං වසනට්ඨානෙ එකං ඡඩ්ඩිතවිහාරං පවිසිංසු. සාමණෙරො ථෙරස්ස වසනට්ඨානං පටිජග්ගි. ථෙරො සාමණෙරස්ස ඔවාදං දත්වා විහාරං පාවිසි. සාමණෙරො ‘අනායතනෙ නට්ඨානං අත්තභාවානං පමාණං නත්ථි, බුද්ධානං උපට්ඨානං කරිස්සාමී’ති චෙතියඞ්ගණං ගන්ත්වා අප්පහරිතං කරොති; සත්තාහමත්තං නිරාහාරතාය පවෙධමානො පතිත්වා නිපන්නකොව තිණානි උද්ධරති. එකච්චෙ ච මනුස්සා අරඤ්ඤෙ චරන්තා මධුං ලභිත්වා දාරූනි චෙව සාකපණ්ණඤ්ච ගහෙත්වා තිණචලනසඤ්ඤාය ‘මිගො නු ඛො එසො’ති සාමණෙරස්ස සන්තිකං ගන්ත්වා “කිං කරොසි, සාමණෙරා”ති ආහංසු. “තිණගණ්ඨිං ගණ්හාමි, උපාසකා”ති. “අඤ්ඤොපි කොචි අත්ථි, භන්තෙ”ති? “ආම, උපාසකා, උපජ්ඣායො මෙ අන්තොගබ්භෙ”ති. “මහාථෙරස්ස දත්වා ඛාදෙය්යාසි, භන්තෙ”ති සාමණෙරස්ස මධුං දත්වා අත්තනො වසනට්ඨානං ආචික්ඛිත්වා “මයං සාඛාභඞ්ගං කරොන්තා ගමිස්සාම. එතාය සඤ්ඤාය ථෙරං ගහෙත්වා ආගච්ඡෙය්යාසි, අය්යා”ති වත්වා අගමංසු.
මෙයා ක්ලාන්තයෙන්ම ගසට නැගුනේය. දැන් කුමක් කරන්නේ දැයි මහතෙර සිතීය. සාමණේරයෝ තල්පත්රයක් ඉරා වෑ මිටෙහි බැඳ ගැටෙමින් පොළවට පාත්කොට ස්වාමීන් වහන්ස, වෑ තලය මෙහි ප්‍රවේශ කෙරුවොත් හොඳයයි කීහ. සාමණේරයන් උපාය සම්පන්න යයි වෑතලය ප්‍රවේශකර දුන්හ. හේ වෑය ඔසවා තල්ගෙඩි හෙළීය. තෙරුන් වහන්සේ වෑය බාවාගෙන පෙරළී ගිය තල්ගෙඩි සිඳ සාමණේරයන් බැස්සවිට සාමණේරය ඔබ දුර්වලය. මෙය කන්න කීය. ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ නොවළඳා මම නොකමියි වෑය ගෙන තල්ගෙඩි බිඳ පාත්‍රය ගෙන තල්මද බහා තෙරුන්වහන්සේට දී තමාද අනුභව කළේය. තල්ගෙඩි තිබෙනතුරු එහිම වැඩසිට තල්ගෙඩි ඉවරවූ පසු කොළ කා ජීවත්වන මිනිසුන් වසන තැන අත්හැර දමන ලද එක් විහාරයකට පිවිසුනහ. සාමණේරයන් වහන්සේ වැඩසිටීමට තැනක් පිළියෙල කළහ. තෙරුන් වහන්සේ සාමණේරයන්ට අවවාද දී විහාරයට පිවිසියහ. සාමණේරයන් අස්ථානයේ නටුවා වූ ආත්මභාවවල ප්‍රමාණයක් නැත. බුදුන්ට උපස්ථාන කරමියි සෑමලුවට ගොස් තණ උදලු ගායි. සත්දිනක් පමණ නිරාහාර නිසා වෙවුලමින් වැටී හොත්තේම තණ උගුල්ලයි. ඇතැම් මිනිස්සු වනයේ හැසිරෙමින් පැණි ලැබ දරද අතුකොළද ගෙන තෘණ සෙලවෙන සංඥාවෙන් මේ මුවෙකැයි සාමණේරයන් ළඟට පැමිණ සාමණේරයන් වහන්ස, කුමක් කරන්නේදැයි ඇසූහ. උපාසකවරුනි, තණකොල ගැට ගනිමි. ස්වාමීන් වහන්ස, තව කවුරුහරි ඉන්නවද? ඔව් උපාසකවරුනි, මගේ උපාධ්‍යායන් වහන්සේ ඇතුළු ගැබෙහි. මහතෙරුන් වහන්සේට දී වළඳනු මැනවැයි කියා මීපැණි පිළිගන්වා ඔවුන් වසන ස්ථානය කියා අපි කොල අතු කඩ කඩා යන්නෙමු. ආර්යයෙනි, ඒ ලකුණෙන් මහතෙරුන් සමග එනු මැනවැයි කියා ගියහ.
සාමණෙරො මධුං ගහෙත්වා ථෙරස්ස සන්තිකං ගන්ත්වා බහි ඨත්වා “වන්දාමි, භන්තෙ”ති ආහ. ථෙරො ‘සාමණෙරො ජිඝච්ඡාය අනුඩය්හමානො ආගතො භවිස්සතී’ති තුණ්හී අහොසි. සො පුනපි “වන්දාමි, භන්තෙ”ති ආහ. “කස්මා, සාමණෙර, දුබ්බලභික්ඛූනං සුඛෙන නිපජ්ජිතුං න දෙසී”ති? “ද්වාරං විවරිතුං සාරුප්පං, භන්තෙ”ති? ථෙරො උට්ඨහිත්වා ද්වාරං විවරිත්වා “කිං තෙ, සාමණෙර, ලද්ධං”ති ආහ. මනුස්සෙහි මධු දින්නං, ඛාදිතුං සාරුප්පං, භන්තෙ”ති? “සාමණෙර, එවමෙව ඛාදිතුං කිලමිස්සාම, පානකං කත්වා පිවිස්සාමා”ති. සාමණෙරො පානකං කත්වා අදාසි. අථ නං ථෙරො “මනුස්සානං වසනට්ඨානං පුච්ඡසි, සාමණෙරා”ති ආහ. සයමෙව ආචික්ඛිංසු, භන්තෙ”ති. “සාමණෙර, පාතොව ගච්ඡන්තා කිලමිස්සාම; අජ්ජෙව ගමිස්සාමා”ති පත්තචීවරං ගණ්හාපෙත්වා නික්ඛමි. තෙ ගන්ත්වා මනුස්සානං වසනට්ඨානස්ස අවිදූරෙ නිපජ්ජිංසු.
සාමණේර තෙමේ මීපැණි ගෙන තෙරුන් සමීපයට පැමිණ පිටත සිට ස්වාමීන් වහන්සේ වඳිමියි කීය. තෙරහු සාමණේර තෙමේ බඩගින්නෙන් දැවෙමින් ආවේ යයි සිතා නිශ්ශබ්ද විය. හේ නැවත ස්වාමීනි වැඩෙයි කීය. සාමණේරය දුර්වල භික්ෂූන්ට සුවසේ නිදාගන්ට නොදෙන්නේද? ස්වාමීනි දොර අරින්න සුදුසු දෙයකැයි කීය. තෙරහු නැගිට දොරහැර සාමණේර ඔබ කුමක් ලැබුවේද? මිනිසුන් මීපැණි දුන්නා කෑමට ස්වාමීනි. සුදුසුයි ස්වාමීනි. සාමණේරය, එසේ කෑමෙන් ක්ලාන්ත වෙයි. පානයක් හදාගෙන බොමු. සාමණේර පානයක් කොට පිළිගැන්වූ. ඉක්බිති සාමණේර මිනිසුන් සිටින තැන ඇසුවෙහිද? ස්වාමීනි ඔවුන්මයි කිව්වේ. සාමණේර පාන්දරම යෑමෙන් ක්ලාන්ත වේ. අදම යමුයි පාසිවුරු ගෙන්වාගෙන නික්මුණහ. ඔව්හු ගොස් මිනිසුන් වසන තැනට නුදුරෙහි නිදාගත්හ.
සාමණෙරො රත්තිභාගෙ චින්තෙසි – ‘මයා පබ්බජිතකාලතො පට්ඨාය ගාමන්තෙ අරුණං නාම න උට්ඨාපිතපුබ්බ’න්ති. සො පත්තං ගහෙත්වා අරුණං උට්ඨාපෙතුං අරඤ්ඤං අගමාසි. මහාථෙරො සාමණෙරං නිපන්නට්ඨානෙ අපස්සන්තො ‘මනුස්සඛාදකෙහි ගහිතො භවිස්සතී’ති චින්තෙසි. සාමණෙරො අරඤ්ඤෙ අරුණං උට්ඨාපෙත්වා පත්තෙන උදකඤ්ච දන්තකට්ඨඤ්ච ගහෙත්වා ආගමි. “සාමණෙර, කුහිං ගතොසි? මහල්ලකභික්ඛූනං තෙ විතක්කො උප්පාදිතො; දණ්ඩකම්මං ආහරා”ති. “ආහරිස්සාමි, භන්තෙ”ති. ථෙරො මුඛං ධොවිත්වා චීවරං පාරුපි. උභොපි මනුස්සානං වසනට්ඨානං අගමංසු. මනුස්සාපි අත්තනො පරිභොගං කන්දමූලඵලපණ්ණං අදංසු. ථෙරොපි පරිභුඤ්ජිත්වා විහාරං අගමාසි. සාමණෙරො උදකං ආහරිත්වා “පාදෙ ධොවාමි, භන්තෙ”ති ආහ. “සාමණෙර, ත්වං රත්තිං කුහිං ගතො? අම්හාකං විතක්කං උප්පාදෙසී”ති. “භන්තෙ, ගාමන්තෙ මෙ අරුණං න උට්ඨාපිතපුබ්බං; අරුණුට්ඨාපනත්ථාය අරඤ්ඤං අගමාසි”න්ති. “සාමණෙර, න තුය්හං දණ්ඩකම්මං අනුච්ඡවිකං අම්හාකමෙව අනුච්ඡවික”න්ති වත්වා ථෙරො තස්මිංයෙව ඨානෙ වසි; සාමණෙරස්ස ච සඤ්ඤං අදාසි “මයං තාව මහල්ලකා; ‘ඉදං නාම භවිස්සතී’ති න සක්කා ජානිතුං. තුවං අත්තානං රක්ඛෙය්යාසී”ති. ථෙරො කිර අනාගාමී. තං අපරභාගෙ මනුස්සඛාදකා ඛාදිංසු. සාමණෙරො අත්තානං රක්ඛිත්වා භයෙ වූපසන්තෙ තථාරූපෙ ඨානෙ උපජ්ඣං ගාහාපෙත්වා උපසම්පන්නො බුද්ධවචනං උග්ගහෙත්වා තිපිටකධරො හුත්වා වත්තබ්බකනිග්රොධත්ථෙරො නාම ජාතො.
මම පැවිදි වූදා පටන් ගම් කෙළවරක අරුණ නොනැගුවෙමි යයි සාමණේරයෝ සිතූහ. හේ පාත්‍රය ගෙන අරුණ නැගීමට වනයට පිවිසියේය. මහ තෙර සාමණේරයන් හොත් තැන නොදැක මිනිසුන් කන්නන් ගන්නා ලදැයි සිතූහ. සාමණේරයෝ වනයෙහි අරුණ නගා පාත්‍රයෙන් ජලයද දැහැටිද ගෙන පැමිණියහ. සාමණේරය, කොහෙද ගියේ? ඔබ මහළු භික්ෂූන්ට විතර්ක ඉපදවීය. දඬුවම් අරගන්න. ස්වාමීනි, ගන්නෙමි. තෙරහු මුව දොවා සිවුර පෙරවූහ. දෙදෙනාම මිනිසුන් වඩින තැනට පැමිණියහ. මිනිස්සුද තමන් අනුභව කරන කඳ මුල් ගෙඩි කොළ පිළිගැන්වූහ. ථෙරහුද වළඳා විහාරයට ගියහ. සාමණේර ජලය ගෙන ස්වාමීනි පා දෝවනය කරමියි කීය. සාමණේර රෑ ඔබ කොහෙද ගියේ. අපට විතර්ක ඉපදවීය. ස්වාමීනි, ගම් කෙළවර මම අරුණ නොනැගූවිරීමි. අරුණ නැගීමට වනයට ගියෙමි. සාමණේර ඔබට දඬුවම සුදුසු නොවේ. මටයි සුදුසු කියා තෙර ඒ ස්ථානයේම විසූහ. මහතෙර මම මහළුයි. මොනව වෙනවද කියා සිතාගන්ට බැහැ යයි ඔබ රැකෙන්නේ යයි සාමණේරයන්ට ඉඟි කළහ. තෙර අනාගාමීය. පසුකලක මිනිසුන් කන්නෝ කෑහ. සාමණේර තෙමේ තමා රැක භය සංසිඳුණු පසු එබඳු තැන උපාධ්‍යායන් ගෙන උපසම්පන්නව බුද්ධ වචනය ඉගෙන ත්‍රිපිටක ධර්ම වත්තබ්බක නිග්‍රෝධ තෙර නම් විය.
පිතුමහාරාජා රජ්ජං පටිපජ්ජි. පරසමුද්දා ආගතාගතා භික්ඛූ “කහං වත්තබ්බකනිග්රොධත්ථෙරො, කහං වත්තබ්බකනිග්රොධත්ථෙරො”ති පුච්ඡිත්වා තස්ස සන්තිකං අගමංසු. මහාභික්ඛුසඞ්ඝො ථෙරං පරිවාරෙසි. සො මහාභික්ඛුසඞ්ඝපරිවුතො අනුපුබ්බෙන මහාවිහාරං පත්වා මහාබොධිං මහාචෙතියං ථූපාරාමඤ්ච වන්දිත්වා නගරං පායාසි. යාව දක්ඛිණද්වාරා ගච්ඡන්තස්සෙව නවසු ඨානෙසු තිචීවරං උපපජ්ජි; අන්තොනගරං පවිට්ඨකාලතො පට්ඨාය මහාසක්කාරො උප්පජ්ජි. ඉති කාලවිපත්තියං තාලඵලකන්දමූලපණ්ණම්පි දුල්ලභං ජාතං. කාලසම්පත්තියං එවරූපො මහාලාභො උප්පන්නොති. එවං කාලවිපත්තිපටිබාහිතත්තා විපාකං දාතුං අසක්කොන්තානි කාලසම්පත්තිං ආගම්ම විපච්චන්තීති පජානාති.
පිතු මහරජ රජයට පැමිණියේය. පිටරටින් පැමිණි භික්ෂූහු වත්තබ්බක නිග්රොධ තෙරුන් කොහිදැයි විචාරා උන්වහන්සේ සමීපයට පැමිණියහ. මහා භික්ෂු සංඝයා තෙරුන් පිරිවැරූහ. උන්වහන්සේ මහබික් සඟන පිරිවරන ලද්දේ පිළිවෙලින් මහා විහාරයට පැමිණ මහා බෝධිය මහසෑය ථූපාරාමය වැඳ නගරයට පිවිසියහ. දකුණු දොරටුව වෙත යන්නේ තුන්සිවුරු ලැබුණේය. ඇතුළු නුවරට පිවිසි තැන් පටන් බොහෝ සත්කාර ලැබුණේය. මෙසේ කාල විපත්තියෙහි තල්ගෙඩි කඳ මුල් කොළද දුර්ලභය. කාල සම්පත්තියෙහි මෙබඳු වූ මහාලාභ උපන්නේ යයි මෙසේ කාල විපත්ති වළකන ලද බැවින් විපාක දීමට නොහැකි යයි කාල සම්පත්තිය පැමිණ විපාක දෙන්නේ යයි දැනගනී.
අපරස්සාපි බහූනි කල්යාණකම්මානි හොන්ති. තානි පයොගවිපත්තියං ඨිතස්ස න විපච්චෙය්යුං. සො පන එකෙන කල්යාණකම්මෙන සම්මාපයොගෙ පතිට්ඨිතො තීණි සුචරිතානි පූරෙති, පඤ්චසීලං දසසීලං රක්ඛති. කාලසම්පත්තියං නිබ්බත්තස්ස රාජානො සබ්බාලඞ්කාරපතිමණ්ඩිතා රාජකඤ්ඤායො ‘එතස්ස අනුච්ඡවිකා’ති පෙසෙන්ති, යානවාහනමණිසුවණ්ණරජතාදිභෙදං තං තං පණ්ණාකාරං ‘එතස්ස අනුච්ඡවික’න්ති පෙසෙන්ති .
තව අයට බොහෝ කල්‍යාණ කර්ම ඇත. ඒවා ප්‍රයෝග විපත්තියේ සිටින්නාට විපාක නොදේ. හේ එක් කල්‍යාණ කර්මයකින් සම්‍යක් ප්‍රයෝගයෙහි පිහිටියේ ත්‍රිවිධ සුචරිත පුරයි. පන්සිල් දසසිල් රකියි. කාල සම්පත්තියෙහි උපදින්නාට රජවරු සියළු අලංකාරයෙන් සැරහූ රාජ කන්‍යාවන් මොහුට සුදුසු යයි එවති. යාන වාහන මැණික් රුවන් රිදී ආදි රත්න මොහුට සුදුසුයි පඬුරු එවති.
පබ්බජ්ජූපගතොපි මහායසො හොති මහානුභාවො. තත්රිදං වත්ථු – කූටකණ්ණරාජා කිර ගිරිගාමකණ්ණවාසිකං චූළසුධම්මත්ථෙරං මමායති. සො උප්පලවාපියං වසමානො ථෙරං පක්කොසාපෙසි. ථෙරො ආගන්ත්වා මාලාරාමවිහාරෙ වසති. රාජා ථෙරස්ස මාතරං පුච්ඡි – “කිං ථෙරො පියායතී”ති? “කන්දං මහාරාජා”ති. රාජා කන්දං ගාහාපෙත්වා විහාරං ගන්ත්වා ථෙරස්ස දදමානො මුඛං උල්ලොකෙතුං නාසක්ඛි. සො නික්ඛමිත්වා ච බහිපරිවෙණෙ දෙවිං පුච්ඡි – “කීදිසො ථෙරො”ති? “ත්වං පුරිසො හුත්වා උල්ලොකෙතුං න සක්කොසි; අහං කථං සක්ඛිස්සාමි? නාහං ජානාමි කීදිසො”ති. රාජා ‘මම රට්ඨෙ බලිකාරගහපතිපුත්තං උල්ලොකෙතුං න විසහාමි. මහන්තං වත භො බුද්ධසාසනං නාමා’ති අප්ඵොටෙසි. තිපිටකචූළනාගත්ථෙරම්පි මමායති. තස්ස අඞ්ගුලියං එකා පිළකා උට්ඨහි. රාජා ‘ථෙරං පස්සිස්සාමී’ති විහාරං ගන්ත්වා බලවපෙමෙන අඞ්ගුලිං මුඛෙන ගණ්හි. අන්තොමුඛෙයෙව පිළකා භින්නා, පුබ්බලොහිතං අනුට්ඨුභිත්වා ථෙරෙ සිනෙහෙන අමතං විය අජ්ඣොහරි. සොයෙව ථෙරො අපරභාගෙ මරණමඤ්චෙ නිපජ්ජි. රාජා ගන්ත්වා අසුචිකපල්ලකං සීසෙ ඨපෙත්වා ‘ධම්මසකටස්ස අක්ඛො භිජ්ජති අක්ඛො භිජ්ජතී’ති පරිදෙවමානො විචරි. පථවිස්සරස්ස අසුචිකපල්ලකං සීසෙන උක්ඛිපිත්වා විචරණං නාම කස්ස ගතමග්ගො? සම්මාපයොගස්ස ගතමග්ගොති. එවං පයොගවිපත්තිපටිබාහිතත්තා විපාකං දාතුං අසක්කොන්තානි පයොගසම්පත්තිං ආගම්ම විපච්චන්තීති පජානාති. එවං චතූහි විපත්තීහි පටිබාහිතං කල්යාණකම්මං විපාකං අදත්වා චතස්සො සම්පත්තියො ආගම්ම දෙති.
පැවිදි වූ විට මහා යසස් මහානුභාව වේ. ඒ සඳහා මේ කථා වස්තුවයි. කූටකණ්ණ රජුට ගිරිගාමකණ්ණ වාසී චූළ සුධම්ම තෙර ප්‍රිය වේ. හෙතෙම උපුල් වැවේ වසන්නේ තෙරුන් කැඳවීය. තෙරහු පැමිණ පුෂ්පාරාම විහාරයෙහි වසති. රජ තෙරුන්ගේ මව ඇසීය. තෙර කිම කැමති වේද? මහරජ, කඳ යයි. රජ කඳ ගෙන්වාගෙන විහාරයට ගොස් තෙරුන්ට දෙන්නේ මුහුණ බැලීමට නොහැකි විය. හේ නික්මී පිරිවෙන පිට සිටි දේවියගෙන් ඇසීය. තෙරුන් කෙබඳුද? ඔබ පිරිමියෙක්ව බැලීමට නොහැකි වූයෙහිද? මම කොහොම හැකිවෙම්ද? කොහොමද කියා මම දන්නෙ නැහැ. මගේ රටේ බලිකාරයගේ පුතා බැලීමට නොහැකි වෙයි. බුදුසසුන් මහත්යස අපොලාපීය. ත්‍රිපිටක චූලනාග තෙරුන්ටද ප්‍රිය කරයි. උන්වහන්සේගේ ඇඟිල්ලෙහි එක් පිළාවක් නැගුනේය. රජ තෙරුන් බලමියි විහාරයට ගොස් බලවත් ප්‍රේමයෙන් ඇඟිල්ල මුවෙන් ගත්තේය. මුවෙහිම පිළාව බිඳුණේය. සැරව ලේ කාරා නොදමා තෙරුන් කෙරේ ස්නේහයෙන් ගිල්ලේය. ඒ තෙරුන් වහන්සේම පසුකාලයේ මරණ මංචකයෙහි හොත්තාහ. රජ ගොස් අසූචි කබල හිසේ තබා ධර්ම චක්‍රයේ අක්ෂය (අකුර) බිඳුනේය. ධර්ම චක්‍රයේ අක්ෂය බිඳුනේ යයි වැළපෙමින් හැසුරුණේය. පෘථිවීශ්වරයා අසූචි කබල හිසේ තබාගෙන හැසිරීම නම් කවරෙකුගේ මාර්ගයක්ද? සම්‍යක් ප්‍රයෝගයෙන් ගත් මාර්ගය යයි මෙසේ ප්‍රයෝග විපත් වළකන ලද හෙයින් විපාක දීමට නොහැකි වේය. ප්‍රයෝග සම්පත් පැමිණ විපාක දෙන්නේ යයි දැනගනී. මෙසේ විපත් වළකන ලද කල්‍යාණ කර්ම විපාක නොදී සතර සම්පත් පැමිණ විපාක දෙයි.
තත්රිදං භූතමත්ථං කත්වා ඔපම්මං – එකො කිර මහාරාජා එකස්ස අමච්චස්ස අප්පමත්තෙන කුජ්ඣිත්වා තං බන්ධනාගාරෙ බන්ධාපෙසි. තස්ස ඤාතකා රඤ්ඤො කුද්ධභාවං ඤත්වා කිඤ්චි අවත්වා චණ්ඩකොපෙ විගතෙ රාජානං තස්ස නිරපරාධභාවං ජානාපෙසුං. රාජා මුඤ්චිත්වා තස්ස ඨානන්තරං පටිපාකතිකං අකාසි. අථස්ස තතො තතො ආගච්ඡන්තානං පණ්ණාකාරානං පමාණං නාහොසි. මනුස්සා සම්පටිච්ඡිතුං නාසක්ඛිංසු. තත්ථ රඤ්ඤො අප්පමත්තකෙන කුජ්ඣිත්වා තස්ස බන්ධනාගාරෙ බන්ධාපිතකාලො විය පුථුජ්ජනස්ස නිරයෙ නිබ්බත්තකාලො. අථස්ස ඤාතකෙහි රාජානං සඤ්ඤාපෙත්වා ඨානන්තරස්ස පටිපාකතිකකරණකාලො විය තස්ස සග්ගෙ නිබ්බත්තකාලො. පණ්ණාකාරං සම්පටිච්ඡිතුං අසමත්ථකාලො විය චතස්සො සම්පත්තියො ආගම්ම කල්යාණකම්මානං දෙවලොකතො මනුස්සලොකං, මනුස්සලොකතො දෙවලොකන්ති එවං සුඛට්ඨානතො සුඛට්ඨානමෙව නෙත්වා කප්පසතසහස්සම්පි සුඛවිපාකං දත්වා නිබ්බානසම්පාපනං වෙදිතබ්බං.
මෙය විය හැකි සේ කොට උපමාවකි. එක් මහරජ කෙනෙක් එක් ඇමතියකු කෙරෙහි බලවත් සේ කිපී ඔහු දඟ ගෙයි ලා බැන්දවීය. ඔහුගේ ඥාතීහු රජ කිපිබව දැන කිසිවක් නොකියා සැඩ කෝපය පහවූ විට රජුට ඔහුගේ නිදොස්බව දැන්වූහ. රජු ඔහු නිදහස්කොට තනතුරේ නැවත පිහිටුවීය. ඉක්බිති ඔහුට ඒ ඒ පැතිවලින් පැමිණි පඬුරුවල ප්‍රමාණයක් නොවීය. මිනිස්සු ඒවා පිළිගැනීමට නොහැකි වූහ. එහි රජ බොහෝසෙයින් කිපී ඔහු බන්ධනාගාරයෙහි බැන්දවූ කාලය මෙන් පෘථග්ජනයා නිරයේ උපන් කාලය. ඉක්බිති ඔහුගේ නෑයින් රජුට කරුණු කියා තනතුර ප්‍රකෘතිමත් කරන කාලය මෙන් ඔහු දෙව්ලොව උපන් කාලය පඬුරු පිළිගැනීමට අසමත් වූ කාලය මෙන් සිව් සම්පත් පැමිණ කල්‍යාණ කර්ම හේතුවෙන් දෙව්ලොවින් මිනිස්ලොවට මිනිස් ලොවින් දෙව්ලොවට යයි මෙසේ සැපතින් සැපතටම පමුණුවා කල්ප ලක්ෂයක් සැප විපාක දී නිවනට පැමිණවීම දතයුතුය.
එවං තාව පාළිවසෙනෙව දුතියං බලං දීපෙත්වා පුන “අහොසි කම්මං අහොසි කම්මවිපාකො”ති (පටි· ම· 1.234) ඉමිනා පටිසම්භිදානයෙනාපි දීපෙතබ්බං. තත්ථ ‘අහොසි කම්ම’න්ති අතීතෙ ආයූහිතං කම්මං අතීතෙයෙව අහොසි. යෙන පන අතීතෙ විපාකො දින්නො, තං සන්ධාය ‘අහොසි කම්මවිපාකො’ති වුත්තං. දිට්ඨධම්මවෙදනීයාදීසු පන බහූසුපි ආයූහිතෙසු එකං දිට්ඨධම්මවෙදනීයං විපාකං දෙති, සෙසානි අවිපාකානි. එකං උපපජ්ජවෙදනීයං පටිසන්ධිං ආකඩ්ඪති, සෙසානි අවිපාකානි. එකෙනානන්තරියෙන නිරයෙ උපපජ්ජති, සෙසානි අවිපාකානි. අට්ඨසු සමාපත්තීසු එකාය බ්රහ්මලොකෙ නිබ්බත්තති, සෙසා අවිපාකා. ඉදං සන්ධාය ‘නාහොසි කම්මවිපාකො’ති වුත්තං. යො පන බහුම්පි කුසලාකුසලං කම්මං කත්වා කල්යාණමිත්තං නිස්සාය අරහත්තං පාපුණාති, එතස්ස කම්මවිපාකො ‘නාහොසි’ නාම. යං අතීතෙ ආයූහිතං එතරහි විපාකං දෙති තං ‘අහොසි කම්මං අත්ථි කම්මවිපාකො’ නාම. යං පුරිමනයෙනෙව අවිපාකතං ආපජ්ජති තං ‘අහොසි කම්මං නත්ථි කම්මවිපාකො’ නාම. යං අතීතෙ ආයූහිතං අනාගතෙ විපාකං දස්සති තං ‘අහොසි කම්මං භවිස්සති කම්මවිපාකො’ නාම. යං පුරිමනයෙන අවිපාකතං ආපජ්ජිස්සති තං ‘අහොසි කම්මං න භවිස්සති කම්මවිපාකො’ නාම.
මෙසේ පෙල වශයෙන් දෙවන බලය දක්වා නැවත අහෝසි කිරීම හා අහෝසි කර්ම විපාක යන මේ පටිසම්භිදානයෙන්ම දැක්විය යුතුය. එය අහෝසි කම්ම යනු අතීතයෙහි රැස්කරන ලද කර්මයයි. අතීතයෙහිම විය. යමකින් අතීතයෙහි විපාක දෙන ලද නම් එය උදෙසා අහෝසි කම්ම විපාකයයි කියන ලදි. දිට්ඨධම්ම වේදනාදියෙහි වනාහි බොහෝසෙයින් රැස්කරන ලද්දෙහි එකක් දිට්ඨධම්ම වේදනීය වශයෙන් විපාක දෙයි. සෙසු ඒවා අවිපාකය. එකක් උපපජ්ජවේදනීය වශයෙන් අදියි. සෙස්ස අවිපාකය. එකකින් ආනන්තරිය නිරයේ උපදියි. සෙස්ස අවිපාකය. මේ සඳහා කම්ම විපාක නොවේ යයි කියන ලදි. යමෙක් බොහෝ කුසලාකුසල කර්මකොට කල්‍යාණ මිත්‍රයකු නිසා අරහත් බවට පැමිණේද? මොහුට කර්ම විපාක නොවීය නම් වේ. අතීතයෙහි යමක් රැස්කරන ලද නම් දැන් විපාක දෙයි. ඒ අහෝසි කර්මයට විපාක ඇත. යමක් පෙර නයින්ම අවිපාක බවට පැමිණේද එය අහෝසි කර්මයකි. කර්ම විපාක නැත. යමක් අතීතයෙහි රැස්කොට අනාගතයෙහි විපාක දක්වන්නේද එය අහෝසිකම්ම අනාගතයේ කම්මවිපාක නම් වන්නේය. යමක් පෙර නයින්ම අවිපාක බවට පැමිණෙන්නේද ඒ අහෝසි කර්මය අනාගතයෙහි කර්ම විපාක නොවන්නේය.
යං එතරහි ආයූහිතං එතරහියෙව විපාකං දෙති තං ‘අත්ථි කම්මං අත්ථි කම්මවිපාකො’ නාම. යං පුරිමනයෙනෙව අවිපාකතං ආපජ්ජති තං ‘අත්ථි කම්මං නත්ථි කම්මවිපාකො’ නාම. යං එතරහි ආයූහිතං අනාගතෙ විපාකං දස්සති තං ‘අත්ථි කම්මං භවිස්සති කම්මවිපාකො’ නාම. යං පුරිමනයෙනෙව අවිපාකතං ආපජ්ජිස්සති තං ‘අත්ථි කම්මං න භවිස්සති කම්මවිපාකො’ නාම.
යමක් දැන් රැස්කොට දැන් විපාක දේද එය අත්ථිකම්ම නම් වේ. අත්ථිකම්ම විපාක නම් වේ. යමක් පෙර නයින්ම අවිපාක බවට පැමිණේද? එය අත්ථි කර්මයකි. විපාක නැති නම් වේ. යමක් දැන් රැස්කොට අනාගතයෙහි විපාක දේද එය අත්ථිකම්ම වේ. කම්ම විපාක වන්නේය. යමක් පෙර මෙන් අවිපාක බවට පැමිණෙන්නේද එය අත්ථි කම්මයක් අනාගත කම්මවිපාක නැත.
යං සයම්පි අනාගතං, විපාකොපිස්ස අනාගතො තං ‘භවිස්සති කම්මං භවිස්සති කම්මවිපාකො’ නාම. යං සයං භවිස්සති, පුරිමනයෙනෙව අවිපාකතං ආපජ්ජිස්සති තං ‘භවිස්සති කම්මං න භවිස්සති කම්මවිපාකො’ නාම.
යමක් කම්ම අනාගත විපාක එය අනාගත කර්මයකි. අනාගත කම්ම විපාක වන්නේය. යමක් තමා පෙර පරිදි වන්නේය. අවිපාක බවට පැමිණේය එය අනාගත කර්මයකි. අනාගත කම්ම විපාක නොවේ.
ඉදං තථාගතස්සාති ඉදං සබ්බෙහිපි එතෙහි ආකාරෙහි තථාගතස්ස කම්මන්තරවිපාකන්තරජානනඤාණං අකම්පියට්ඨෙන දුතියබලං වෙදිතබ්බන්ති.
මෙය තථාගතයන් වහන්සේගේ මේ සියලු ආකාරයෙන් කම්මන්තර විපාකය දැනීම් නුවණ අකම්පිය අර්ථයෙන් දෙවන බලය දැනගත යුතුය.
දුතියබලනිද්දෙසවණ්ණනා.
දුතිය බල නිද්දේසය.