පඨමබලනිද්දෙසො අට්ඨකථා
පඨමබලනිද්දෙසො
පඨම බල නිද්දේසය
දසවිධෙන ඤාණවත්ථුනිද්දෙසෙ අට්ඨානන්ති හෙතුපටික්ඛෙපො. අනවකාසොති පච්චයපටික්ඛෙපො. උභයෙනාපි කාරණමෙව පටික්ඛිපති. කාරණඤ්හි තදායත්තවුත්තිතාය අත්තනො ඵලස්ස ඨානන්ති ච අවකාසොති ච වුච්චති. යන්ති යෙන කාරණෙන. දිට්ඨිසම්පන්නොති මග්ගදිට්ඨියා සම්පන්නො සොතාපන්නො අරියසාවකො. කඤ්චි සඞ්ඛාරන්ති චතුභූමකෙසු සඞ්ඛතසඞ්ඛාරෙසු කඤ්චි එකං සඞ්ඛාරම්පි. නිච්චතො උපගච්ඡෙය්යාති නිච්චොති ගණ්හෙය්ය. නෙතං ඨානං විජ්ජතීති එතං කාරණං නත්ථි, න උපලබ්භති. යං පුථුජ්ජනොති යෙන කාරණෙන පුථුජ්ජනො. ඨානමෙතං විජ්ජතීති එතං කාරණං අත්ථි; සස්සතදිට්ඨියා හි සො තෙභූමකෙසු සඞ්ඛාරෙසු කඤ්චි සඞ්ඛාරං නිච්චතො ගණ්හෙය්යාති අත්ථො. චතුත්ථභූමකසඞ්ඛාරො පන තෙජුස්සදත්තා දිවසං සන්තත්තො අයොගුළො විය මක්ඛිකානං දිට්ඨියා වා අඤ්ඤෙසං වා අකුසලානං ආරම්මණං න හොති. ඉමිනා නයෙන කඤ්චි සඞ්ඛාරං සුඛතොතිආදීසුපි අත්ථො වෙදිතබ්බො. සුඛතො උපගච්ඡෙය්යාති “එකන්තසුඛී අත්තා හොති අරොගො පරම්මරණා”ති (ම· නි· 3.21) එවං අත්තදිට්ඨිවසෙන සුඛතො ගාහං සන්ධායෙතං වුත්තං. දිට්ඨිවිප්පයුත්තචිත්තෙන පන අරියසාවකො පරිළාහාභිභූතො පරිළාහවූපසමත්ථං, මත්තහත්ථීපරිතාසිතො විය, සුචිකාමො පොක්ඛබ්රාහ්මණො ගූථං කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡති. අත්තවාදෙ කසිණාදිපණ්ණත්තිසඞ්ගහත්ථං සඞ්ඛාරන්ති අවත්වා කඤ්චි ධම්මන්ති වුත්තං. ඉධාපි අරියසාවකස්ස චතුභූමකවසෙන පරිච්ඡෙදො වෙදිතබ්බො, පුථුජ්ජනස්ස තෙභූමකවසෙන; සබ්බවාරෙසු වා අරියසාවකස්සාපි තෙභූමකවසෙනෙව පරිච්ඡෙදො වට්ටති. යං යඤ්හි පුථුජ්ජනො ගණ්හාති, තතො තතො අරියසාවකො ගාහං විනිවෙඨෙති. පුථුජ්ජනො හි යං යං නිච්චං සුඛං අත්තාති ගණ්හාති, තං තං අරියසාවකො අනිච්චං දුක්ඛං අනත්තාති ගණ්හන්තො ගාහං විනිවෙඨෙති.
දස ආකාරයකින් ඤාණවත්ථු නිද්දේසයෙහි අට්ඨානං හේතු ප්රතික්ෂේපය. අනවකාසො යනු ප්‍රත්‍ය ප්රතික්ෂේපයයි. දෙකින්ම හේතුව ප්‍රතික්ෂේප කරයි. හේතුවෙහි ඊට අයත් පැවතුම් ඇති බැවින් තමාගේ ඵලයට හේතුව යයිද ප්රත්යයයිද කියනු ලැබේ. යං යම් කරුණිකන්. දිට්ඨි සම්පන්නො යනු මාර්ගය දැකීමෙන් යුත් සෝවාන් ආර්ය ශ්රාවකයා. කිඤ්ච සංඛාරං චතුභූමිවල සංඛත සංස්කාරයන් අතරෙහි කිසියම් එක් සංස්කාරයක් ද. නිච්චතො උපගච්ඡෙය්ය නිත්‍ය වශයෙන් ගන්නේය. නෙතං ඨානං විජ්ජති මේ කරුණ නැත. නොලැබේ. යං පුථුජ්ජනො යම් කරුණකින් පෘථග්ජන වූ. ඨානමෙතං විජ්ජති මේ කරුණ ඇත. සාස්වත දෘෂ්ටියෙන් හේ ත්‍රෛභූමක සංස්කාරවල කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේය යන අර්ථයයි. චතුභූමික සංස්කාර තේජෝ ධාතුව අධික බැවින් දවස තැවුණේ යකඩ ගුලියක් මෙන් මැස්සෙකුගේ දැකීම හෝ අන්‍ය වූ හෝ අකුසලයන්ගේ අරමුණක් නොවේ. මෙම නයින් කිඤ්චි සංඛාරං සුඛතො ආදියෙහි අර්ථය දතයුතුය. සුඛතො උපගච්ඡෙය්ය මරණයෙන් පසුද ආත්මය ඒකාන්තයෙන් සුවපත් වේ. අරෝග වේ. මෙසේ ආත්ම දෘෂ්ටි වශයෙන් සැප වශයෙන් ගැනීම සඳහා මෙය කියන ලදි. ආර්ය ශ්රාවකයා දෘෂ්ටි විප්‍රයුක්ත සිතින් දැවීමෙන් මඩනා ලද්දේ දැවීම සංසිඳවීමේ සමත් මත් ඇතුන්ගෙන් ත්‍රාසයට පත්වූවා මෙන් පිරිසිදු කැමති පොක්ඛර බ්‍රාහ්මණයා අසූචිය මෙන් කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගනියි. ආත්ම වාදයෙහි කසිණාදි පැනවීම් සංග්‍රහයක් සංස්කාර යයි නොකියා කිඤ්චි ධම්මං යයි කියන ලදි. මෙහි ආර්ය ශ්‍රාවකයාගේ චතුභූමක වශයෙන් සීමාව දතයුතුය. පෘථග්ජනයා ත්‍රෛභූමික වශයෙන් සියළු වාරයන්හි හෝ ආර්ය ශ්‍රාවකයාටද ත්‍රෛභූමික වශයෙන්ම සීමාව වටී. යඤ්හි යම් පෘථග්ජනයෙක් ගනී. එයින් ආර්ය ශ්රාවකයා ගැනීම බැඳුමෙන් ඉවත් කරයි. පෘථග්ජනයා යමෙක් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගනී. ආර්ය ශ්රාවකයා එය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගනිමින් ග්‍රහණ වෙළුම් අත්හරියි.
මාතරන්තිආදීසු ජනිකාව මාතා. මනුස්සභූතොව ඛීණාසවො අරහාති අධිප්පෙතො. කිං පන අරියසාවකො අඤ්ඤං ජීවිතා වොරොපෙය්යාති? එතම්පි අට්ඨානං. සචෙපි භවන්තරගතං අරියසාවකං අත්තනො අරියසාවකභාවං අජානන්තම්පි කොචි එවං වදෙය්ය – ‘ඉමං කුන්ථකිපිල්ලිකං ජීවිතා වොරොපෙත්වා සකලචක්කවාළගබ්භෙ චක්කවත්තිරජ්ජං පටිපජ්ජාහී’ති, නෙව සො තං ජීවිතා වොරොපෙය්ය. අථ වාපි නං එවං වදෙය්යුං – ‘සචෙ ඉමං න ඝාතෙස්සසි, සීසං තෙ ඡින්දිස්සාමා’ති, සීසමෙවස්ස ඡින්දෙය්‍යුං, නෙව සො තං ඝාතෙය්ය. පුථුජ්ජනභාවස්ස පන මහාසාවජ්ජභාවදස්සනත්ථං අරියසාවකස්ස ච බලදීපනත්ථමෙතං වුත්තං. අයඤ්හෙත්ථ අධිප්පායො – සාවජ්ජො පුථුජ්ජනභාවො, යත්ර හි නාම පුථුජ්ජනො මාතුඝාතාදීනිපි ආනන්තරියානි කරිස්සති. මහාබලො අරියසාවකො; සො එතානි කම්මානි න කරොතීති.
මාතරං යනාදියෙහි මව ජනිකාය. පියා ජනනේය. මනුෂ්‍ය වූ ඛීණාසව රහතන් වහන්සේ අදහස් කරන ලදි. ආර්ය ශ්රාවකයා අන්‍යයාගේ ජීවිතය හානි කරන්නේද? මෙය නොවේ. භවන්තරගතවූ තමාගේ ආර්ය ශ්‍රාවක බව නොදැනද කිසිවෙක් මෙසේ කිපෙන්නේය. මේ කුහුඹුවා මරා සියළු සක්වල ගැබෙහි චක්‍රවර්ති රාජ්‍යය පිළිගනුවයි කී කල්හිත් හේ ඌ නොමරන්නේය. එසේ නැතහොත් ඔහුට මෙසේ කියන්නේය. මූ මැරුවේ නැත්නම් ඔබේ හිස කපාදමමියි එසේ හිස කපන්නේ නමුත් හේ සතා නොමරන්නේය. පෘථග්ජන භාවයේ මහා සාවද්‍ය බව පෙන්වීම සඳහාද ආර්ය ශ්‍රාවකයාගේ බලය දැක්වීම සඳහාද මෙය කියන ලදි. මෙහි අදහස මෙසේය. සාවද්‍ය වූ පෘථග්ජනභාවය යම්තැනක පෘථග්ජනයා මව මැරීම ආදි ආනන්තරිය කර්ම කරන්නේය. මහා බලවත් වූද ආර්ය ශ්රාවකයා එවැනි කර්ම නොකරයි.
පදුට්ඨෙන චිත්තෙනාති දොසසම්පයුත්තෙන වධකචිත්තෙන. ලොහිතං උප්පාදෙය්යාති ජීවමානකසරීරෙ ඛුද්දකමක්ඛිකාය පිවනමත්තම්පි ලොහිතං උප්පාදෙය්ය. සඞ්ඝං භින්දෙය්යාති සමානසංවාසකං සමානසීමායං ඨිතං පඤ්චහි කාරණෙහි සඞ්ඝං භින්දෙය්ය, වුත්තඤ්හෙතං – “පඤ්චහුපාලි, ආකාරෙහි සඞ්ඝො භිජ්ජති – කම්මෙන, උද්දෙසෙන, වොහරන්තො, අනුස්සාවනෙන, සලාකග්ගාහෙනා”ති (පරි· 458).
දුට්ඨෙන චිත්තෙන දොසින් යුත් වධක හිතින්. ලොහිතං උප්පාදෙය්ය ජීවමාන ශරීරයෙහි කුඩා මැස්සකු බොන පමණ ලෙසත් සොලවයිද උපදවයි. සංඝං භින්දෙය්ය සමාන සංවාසක සමාන සීමාවෙහි සිටිය සංඝයා කරුණු පසකින් බිඳුවන්නේ: මෙය කියන ලදි. “පඤ්චහි උපාලී ආකාරෙහි සංඝසා භිජ්ජති කම්මෙන උද්දෙසෙන වොහරන්තො අනුසාසනෙන සලාකග්ගාහෙන”
තත්ථ ‘කම්මෙනා’ති අපලොකනාදීසු චතූසු කම්මෙසු අඤ්ඤතරෙන කම්මෙන. ‘උද්දෙසෙනා’ති පඤ්චසු පාතිමොක්ඛුද්දෙසෙසු අඤ්ඤතරෙන උද්දෙසෙන. ‘වොහරන්තො’ති කථයන්තො, තාහි තාහි උප්පත්තීහි ‘අධම්මං ධම්මො’තිආදීනි අට්ඨාරස භෙදකරවත්ථූනි දීපෙන්තො. ‘අනුස්සාවනෙනා’ති ‘නනු තුම්හෙ ජානාථ මය්හං උච්චාකුලා පබ්බජිතභාවං බහුස්සුතභාවඤ්ච! මාදිසො නාම උද්ධම්මං උබ්බිනයං සත්ථුසාසනං ගාහෙය්යාති චිත්තම්පි උප්පාදෙතුං තුම්හාකං න යුත්තං. කිං මය්හං අවීචි නීලුප්පලවනං විය සීතලො? කිමහං අපායතො න භායාමී’තිආදිනා නයෙන කණ්ණමූලෙ වචීභෙදං කත්වා අනුස්සාවනෙන . ‘සලාකග්ගාහෙනා’ති එවං අනුස්සාවෙත්වා තෙසං චිත්තං උපත්ථම්භෙත්වා අනිවත්තනධම්මෙ කත්වා “ගණ්හථ ඉමං සලාක”න්ති සලාකග්ගාහෙන. එත්ථ ච කම්මමෙව උද්දෙසො වා පමාණං වොහාරානුස්සාවනසලාකග්ගාහා පන පුබ්බභාගා. අට්ඨාරසවත්ථුදීපනවසෙන හි වොහරන්තෙන තත්ථ රුචිජනනත්ථං අනුස්සාවෙත්වා සලාකාය ගාහිතායපි අභින්නොව හොති සඞ්ඝො. යදා පන එවං චත්තාරො වා අතිරෙකා වා සලාකං ගාහෙත්වා ආවෙණිකං කම්මං වා උද්දෙසං වා කරොන්ති, තදා සඞ්ඝො භින්නො නාම හොති.
එහි කම්මෙන යනු අපලෝකනාදි සිව්වැදෑරුම් කර්ම අතුරෙන් එක්තරා කර්මයකින්. උද්දෙසෙන යනු පස්වැදෑරුම් ප්රාතිමෝක්ෂ උද්දේස අතරෙන් එක්තරා උද්දේසයකින් වොහරන්තො යනු කියමින් ඒ ඒ උපතින් අධර්මය ධර්ම යයි ආදි අට භේදකර වස්තු දක්වන්නේ, අනුසාවනෙන ඔබලා දන්නෙ නැද්ද මා උසස් කුලයෙන් පැවිදි වූ බව මාගේ බහුශ්‍රැත භාවය. මා වැනි කෙනෙකු ධර්මය අධර්මය විනය අවිනය කොට ශාස්තෲ ශාසනය ගන්නේද? එවැනි සිතකුදු ඉපදවීම ඔබලා යුතු නැතැයි ඇයි මට අවීචිය නිලුපුල් වනයක් මෙන් සීතලද? ඇයි මම අපායට බය නැද්ද? ආදි අයුරින් කන ළඟ වචන භේද කොට වෙනස් නොවන ලෙස කොට මේ සලාක ගනුවයි සලාක ගන්වාගෙන. මෙහිද කර්මයම උද්දේසයට ප්රමාණවත්ය. කතා කිරීමෙන් සලාක ගැන්වීම පූර්ව භාගය - අටලොස් වස්තු දැක්වීම් වශයෙන් කතා කරන්නා විසින් එහි රුචිය දැනවීම සඳහා අස්සවා සලාක ගැන්වීමෙන් ද සංඝයා නොබිඳුනේමය. මෙසේ සතරකින් හෝ අතිරේකයකින් හෝ සලාක ගන්වා ආවේණික කර්මය හෝ උද්දේස කර්මයක් හෝ කරති. එකල සංඝයා බිඳුනේ වේ.
එවං දිට්ඨිසම්පන්නො පුග්ගලො සඞ්ඝං භින්දෙය්යාති නෙතං ඨානං විජ්ජති. එත්තාවතා මාතුඝාතාදීනි පඤ්ච ආනන්තරියකම්මානි දස්සිතානි හොන්ති, යානි පුථුජ්ජනො කරොති, න අරියසාවකො. තෙසං ආවිභාවත්ථං –
මෙසේ දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් සංඝයා භේද කරන්නේය යන මෙය සිදු නොවේ. මෙපමණකින් මව මැරීම ආදී පඤ්චානන්තරිය කර්මය දක්වන ලදි. පෘථග්ජනයෙක් යමක් කරයිද එය ආර්ය ශ්රාවකයා නොකරයි. එය ප්‍රකට කිරීම් වශයෙන්
කම්මතො ද්වාරතො චෙව, කප්පට්ඨිතියතො තථා; පාකසාධාරණාදීහි, විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
කැමින් දොරකින් වන - කප් සිටින නියමෙක එන විවා යුතු සේ ලන - දැනගනු මැනවි විනිසය
තත්ථ ‘කම්මතො’ තාව – එත්ථ හි මනුස්සභූතස්සෙව මනුස්සභූතං මාතරං වා පිතරං වා අපි පරිවත්තලිඞ්ගං ජීවිතා වොරොපෙන්තස්ස කම්මං ආනන්තරියං හොති. තස්ස විපාකං පටිබාහිස්සාමී’ති සකලචක්කවාළං මහාචෙතියප්පමාණෙහි කඤ්චනථූපෙහි පූරෙත්වාපි, සකලචක්කවාළං පූරෙත්වා නිසින්නභික්ඛුසඞ්ඝස්ස මහාදානං දත්වාපි, බුද්ධස්ස භගවතො සඞ්ඝාටිකණ්ණං අමුඤ්චිත්වාව විචරිත්වාපි, කායස්ස භෙදා නිරයමෙව උපපජ්ජති. යො පන සයං මනුස්සභූතො තිරච්ඡානභූතං මාතරං වා පිතරං වා, සයං වා තිරච්ඡානභූතො මනුස්සභූතං, තිරච්ඡානභූතොයෙව වා තිරච්ඡානභූතං ජීවිතා වොරොපෙති, තස්ස කම්මං ආනන්තරියං න හොති, කම්මං පන භාරියං හොති, ආනන්තරියං ආහච්චෙව තිට්ඨති. මනුස්සජාතිකානං පන වසෙන අයං පඤ්හො කථිතො.
එහි පළමුව කම්මතො මෙහි මිනිසෙක්ම මිනිසකු වන ලිගු පෙරළියක් නැති මව හෝ පියා හෝ ජීවිතයෙන් තොරකරන කර්මය ආනන්තරිය වේ. එහි විපාකයෙන් වැළකෙමියි සියළු සක්වල මහසෑ පමණකින් රන්සෑවලින් පුරවන්නේද සියළු සක්වල පුරා වැඩහිඳිනා භික්ෂු සංඝයාට මහා දානයක් දෙන්නේද භගවත් බුදුන් වහන්සේගේ සිවුරු කොන අල්ලාගෙන හැසුරුණත් මැරී නිරයේම උපදී. තමා මිනිසෙක්ව තිරිසන් වූ මව හෝ පියා හෝ, තමා තිරිසන්ව මිනිස් මව හෝ පියා හෝ තමා තිරිසන් වූයේ තිරිසන් වූ මාපියන් ජීවිතයෙන් තොර කෙරේද? ඔහුගේ කර්මය ආනන්තරිය නොවේ. කර්මය බැරෑරුම්ය. ආනන්තරියේ හැපී සිටියි. මනුෂ්‍ය ජාතිකයන්ගේ වශයෙන් මේ ප්රශ්නය කියන ලදි.
එත්ථ එළකචතුක්කං, සඞ්ගාමචතුක්කං, චොරචතුක්කඤ්ච කථෙතබ්බං. ‘එළකං මාරෙමී’ති අභිසන්ධිනාපි හි එළකට්ඨානෙ ඨිතං මනුස්සො මනුස්සභූතං මාතරං වා පිතරං වා මාරෙන්තො ආනන්තරියං ඵුසති. එළකාභිසන්ධිනා පන මාතාපිතිඅභිසන්ධිනා වා එළකං මාරෙන්තො ආනන්තරියං න ඵුසති. මාතාපිතිඅභිසන්ධිනා මාතාපිතරො මාරෙන්තො ඵුසතෙව. එස නයො ඉතරස්මිම්පි චතුක්කද්වයෙ. යථා ච මාතාපිතූසු, එවං අරහන්තෙපි එතානි චතුක්කානි වෙදිතබ්බානි. මනුස්සඅරහන්තමෙව ච මාරෙත්වා ආනන්තරියං ඵුසති, න යක්ඛභූතං; කම්මං පන භාරියං ආනන්තරියසදිසමෙව. මනුස්සඅරහන්තස්ස ච පුථුජ්ජනකාලෙයෙව සත්ථප්පහාරෙ වා විසෙ වා දින්නෙපි යදි සො අරහත්තං පත්වා තෙනෙව මරති, අරහන්තඝාතො හොතියෙව. යං පන පුථුජ්ජනකාලෙ දින්නං දානං අරහත්තං පත්වා පරිභුඤ්ජති, පුථුජ්ජනස්සෙව තං දින්නං හොති. සෙසඅරියපුග්ගලෙ මාරෙන්තස්ස ආනන්තරියං නත්ථි, කම්මං පන භාරියං ආනන්තරියසදිසමෙව.
මෙහි ඵල චතුෂ්කය, සංගාම චතුෂ්කය, චොර චතුෂ්කයද කිවයුතුය. එළුවකු මරමියි අදහසින් ඒලක ස්ථානයෙහි සිටි මනුෂ්‍ය මව හෝ පියා හෝ මරන්නේ ආනන්තරිය කර්මය සිදුවේ. එළුවා මරමි යන අදහස් මව පියා මරමියි අදහසින් හෝ එළුවකු මරන්නේ ආනන්තරිය කර්මය නොවේ. මව්පියන් යන අදහසින් මව්පියන් මරන්නේ ආනන්තරිය කර්මය සිදුවේ. ඉතිරි චතුෂ්ක දෙකේද මෙම නයමයි. මව්පියන් හෝ රහතුන් ගැන මේ චතුෂ්ක දතයුතුය. මනුස්ස රහතන් කෙනෙක් මැරීමෙන් ආනන්තරිය සිදුවේ. යක්ෂ භූතයන් නිසා නොවේ. කර්මය බැරූරුම්ය. ආනන්තරියට සමානය. මනුස්ස වූ රහතන් වහන්සේට පෘථග්ජන කාලයේ ආයුධ පහරක් හෝ විසක් දී හෝ රහත් බවට පැමිණ එයින් මිය යන්නේ නම් අරහන්ත ඝාතනය වේ. පෘථග්ජන කාලයේ දුන් දනක් රහත් වී වැළඳුවොත් එය පෘථග්ජනයෙකුටම දුන්නා වේ. සෙසු ආර්ය පුද්ගලයන් මරන්නාට ආනන්තරිය සිදු නොවේ. කර්මය වනාහි ආනන්තරිය සමානව බරපතල වේ.
ලොහිතුප්පාදෙ තථාගතස්ස අභෙජ්ජකායතාය පරූපක්කමෙන චම්මච්ඡෙදං කත්වා ලොහිතපග්ඝරණං නාම නත්ථි. සරීරස්ස පන අන්තොයෙව එකස්මිං ඨානෙ ලොහිතං සමොසරති. දෙවදත්තෙන පටිවිද්ධසිලාතො භිජ්ජිත්වා ගතා සකලිකාපි තථාගතස්ස පාදන්තං පහරි. ඵරසුනා පහටො විය පාදො අන්තොලොහිතොයෙව අහොසි. තථා කරොන්තස්ස ආනන්තරියං හොති. ජීවකො පන තථාගතස්ස රුචියා සත්ථකෙන චම්මං ඡින්දිත්වා තම්හා ඨානා දුට්ඨලොහිතං නීහරිත්වා ඵාසුකමකාසි. තථා කරොන්තස්ස පුඤ්ඤකම්මමෙව හොති.
තථාගතයන් වහන්සේගේ ලේ සෙලවීමෙහි නොබිඳෙන කාය බව නිසා පරෝප ක්‍රමයකින් සම සිදුරුකොට ලේ වැගිරීමක් නම් නැත. ශරීරය ඇතුළතම එක් ස්ථානයක ලේ එකතු වේ. දෙව්දත් විසින් පෙරළූ ගලෙන් බිඳීගිය ගල් පතුරක් තථාගතයන්ගේ පාදයෙහි වැදුනේය. පොරොවන් කෙටුවා සේ පස් ඇතුළෙහි ලේ විය. එසේ කරන්නාට ආනන්තරිය වේ. ජීවක වෛද්‍යවරයා තථාගතයන්ගේ කැමැත්තෙන් සැතකින් සම සිදුරුකර එතැනින් නරක් වූ ලේ බැහැර කර පහසුව ඇති කළේය. එසේ කරන්නාට පින් කිරීමම වේ.
අථ යෙ ච පරිනිබ්බුතෙ තථාගතෙ චෙතියං භින්දන්ති, බොධිං ඡින්දන්ති, ධාතුම්හි උපක්කමන්ති, තෙසං කිං හොතීති? භාරියං කම්මං හොති ආනන්තරියසදිසං. සධාතුකං පන ථූපං වා පටිමං වා බාධයමානං බොධිසාඛඤ්ච ඡින්දිතුං වට්ටති. සචෙපි තත්ථ නිලීනා සකුණා චෙතියෙ වච්චං පාතෙන්ති, ඡින්දිතුං වට්ටතියෙව. පරිභොගචෙතියතො හි සරීරචෙතියං මහන්තතරං. චෙතියවත්ථුං භින්දිත්වා ගච්ඡන්තං බොධිමූලම්පි ඡින්දිත්වා හරිතුං වට්ටති. යා පන බොධිසාඛා බොධිඝරං බාධති, තං ගෙහරක්ඛණත්ථං ඡින්දිතුං න ලබ්භති. බොධිඅත්ථඤ්හි ගෙහං, න ගෙහත්ථාය බොධි. ආසනඝරෙපි එසෙව නයො. යස්මිං පන ආසනඝරෙ ධාතු නිහිතා හොති, තස්ස රක්ඛණත්ථාය බොධිසාඛං ඡින්දිතුං වට්ටති. බොධිජග්ගනත්ථං ඔජොහරණසාඛං වා පූතිට්ඨානං වා ඡින්දිතුං වට්ටතියෙව; සරීරපටිජග්ගනෙ විය පුඤ්ඤම්පි හොති.
තවද යමෙක් බුදුරදුන් පිරිනිවි කල්හි චෛත්‍යයක් බිඳියිද බෝධිය සිඳියිද ධාතුවලට පහර දෙයිද ඔවුන්ට කුමක් වේද? ආනන්තරිය පව සමාන බරපතල කර්මයක් සිදුවේ. සධාතුක ථූපයට හෝ ප්රතිමාවලට බාධා පමුණුවයි නම් බෝධි ශාඛා කැපීම වටී. එහි සැඟවුණු පක්ෂීහු සෑයට වර්චස් කරති නම් කැපිය යුතුමය. පරිභෝග චේතියට වඩා ශාරීරික චේතිය වඩා පූජාර්හ වේ. චේතිය වස්තුව බිඳිමින් දුවන බෝමුල් සිඳදැමීම වටී. බෝධි ශාඛාවක් බෝධිඝරයට බාධා කරයි නම් ඒ ගෙය ආරක්ෂා කිරීමට කැපීමට අවසර නැත. බෝධිය සඳහා ගෙය මිය ගෙය සඳහා බෝධිය නොවේ. ආසන ඝරයෙහිද මෙම නයයි. යම් ආසන ඝරයක ධාතු නිදන්කර ඇත්නම් එය රැකීමට බෝඅතු කැපීම වටී. බෝධිය රැකීමට යුෂය ගෙනයන ශාඛා හෝ නරක් වූ තැන් හෝ සිඳීමට වටී. සිරුර පිළිදැඟුමෙහි මෙන් පිනක්ද වේ.
සඞ්ඝභෙදෙ සීමට්ඨකසඞ්ඝෙ අසන්නිපතිතෙ විසුං පරිසං ගහෙත්වා කතවොහාරානුස්සාවනසලාකග්ගාහස්ස කම්මං වා කරොන්තස්ස උද්දෙසං වා උද්දිසන්තස්ස භෙදො ච හොති ආනන්තරියකම්මඤ්ච. සමග්ගසඤ්ඤාය පන වට්ටති. සමග්ගසඤ්ඤාය හි කරොන්තස්ස නෙව භෙදො හොති න ආනන්තරියකම්මං. තථා නවතො ඌනපරිසායං. සබ්බන්තිමෙන පන පරිච්ඡෙදෙන නවන්නං ජනානං යො සඞ්ඝං භින්දති, තස්ස ආනන්තරියකම්මං හොති. අනුවත්තකානං අධම්මවාදීනං මහාසාවජ්ජං කම්මං; ධම්මවාදිනො අනවජ්ජා. තත්ථ නවන්නමෙව සඞ්ඝභෙදෙ ඉදං සුත්තං – “එකතො, උපාලි, චත්තාරො හොන්ති, එකතො චත්තාරො, නවමො අනුස්සාවෙති සලාකං ගාහෙති – ‘අයං ධම්මො, අයං විනයො, ඉදං සත්ථුසාසනං, ඉදං ගණ්හථ, ඉදං රොචෙථා’ති. එවං ඛො, උපාලි, සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො ච. නවන්නං වා, උපාලි, අතිරෙකනවන්නං වා සඞ්ඝරාජි චෙව හොති සඞ්ඝභෙදො චා”ති (චූළව· 351).
සංඝ භේදයෙහි සීමසථ සංඝයා රැස් නොවූ කල්හි වෙන වෙන පිරිස් ගෙන කරන ලද කතා අනුසාවන සලාක ගැන්වීම් අනුව කර්ම කරන්නහුට උද්දේස හෝ උදෙසන්නන්ට සංඝභේදයද ආනන්තරිය කර්මයද වේ. සමගි සංඥාවෙන් නම් වටී. සමගි සඤ්ඤාවෙන් කරන්නාට බේදය හෝ ආනන්තරිය කර්මය හෝ නොවේ. නවයකින් අඩු පිරිසට නොවේ. අඩු තරමින් නවයකින් යුත් පිරිසකින් සංඝයා බිඳියිද ඔහුට ආනන්තරිය කර්මය වේ. අනුවත්තක අධම්මවාදීන්ට කර්මය මහා සාවද්‍ය වේ. ධර්මවාදීහු අනවජ්ජයහ. එහි සංඝ භේදයෙහි නවයක්ම යන බවට මේ සූත්‍රයයි. “උපාලි සතර දෙනෙක් එකතු වෙති. සතර දෙනෙක් එකතුව නවවැන්නෙක් අස්වයි. සලාක ගැන්වෙයි. මේ ධර්මය මේ විනය මෙය ශාස්තෲ ශාසනයයි. මෙය ගන්න මෙය රුචි කරන්න යයි. උපාලි, මෙසේ ඇති කල්හි සංඝ පංතියක් මෙන්ම සංඝ භේදයද වේ. උපාලි, නවයක් හෝ අතිරේක නවයක් හෝ සංඝාරාජි මෙන්ම සංඝ භේදයද වේ.”
එතෙසු ච පන පඤ්චසු සඞ්ඝභෙදො වචීකම්මං, සෙසානි කායකම්මානීති. එවං කම්මතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
මේ පසද සංඝභේදය වේ. වචී කර්මය සෙසු ඒවා කාය කර්මය. මෙසේ කර්ම වශයෙන් විනිශ්චය දතයුතුය.
‘ද්වාරතො’ති සබ්බානෙව චෙතානි කායද්වාරතොපි වචීද්වාරතොපි සමුට්ඨහන්ති. පුරිමානි පනෙත්ථ චත්තාරි ආණත්තිකවිජ්ජාමයපයොගවසෙන වචීද්වාරතො සමුට්ඨහිත්වාපි කායද්වාරමෙව පූරෙන්ති. සඞ්ඝභෙදො හත්ථමුද්දාය භෙදං කරොන්තස්ස කායද්වාරතො සමුට්ඨහිත්වාපි වචීද්වාරමෙව පූරෙතීති. එවමෙත්ථ ද්වාරතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
ද්වාරතො යනු සියළු සිත් කායද්වාරයෙන්ද වචී ද්වාරයෙන්ද හටගනිති. මෙහි මුලින් වනාහි ආණත්තික සතර විජ්ජාමය ප්‍රයෝග වශයෙන් වචී ද්වාරයෙන් හටගෙනද කාය ද්වාරයම පුරවයි. සංඝ භේදය හස්ත මුද්‍රාවෙන් කරන්නාට කාය ද්වාරයෙන් හටගෙන වචී ද්වාරය පුරවයි. මෙසේ මෙහි ද්වාර වශයෙන්ද විනිශ්චය දතයුතුය.
‘කප්පට්ඨිතියතො’ති සඞ්ඝභෙදොයෙව චෙත්ථ කප්පට්ඨිතියො. සණ්ඨහන්තෙ හි කප්පෙ කප්පවෙමජ්ඣෙ වා සඞ්ඝභෙදං කත්වා කප්පවිනාසෙයෙව මුච්චති. සචෙපි හි ‘ස්වෙ කප්පො විනස්සිස්සතී’ති අජ්ජ සඞ්ඝභෙදං කරොති, ස්වෙයෙව මුච්චති, එකදිවසමෙව නිරයෙ පච්චති. එවං කරණං පන නත්ථි. සෙසානි චත්තාරි කම්මානි ආනන්තරියානෙව හොන්ති, න කප්පට්ඨිතියානීති. එවමෙත්ථ කප්පට්ඨිතියතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
කප්පට්ඨිතියතො යනු මෙහි සංඝභේදයම කල්පයක් වටී. නැවත හටගන්නා කල්පයෙහි කල්පය මැද හෝ සංඝභේද කොට කල්ප විනාශයෙහි මිදේ. අද සංඝභේදය කොට හෙට කල්පය විනාශ වේ නම් හෙටම මිදේ. එක දවසක්ම නිරයෙහි පැසේ. මෙසේ වීමක් නොවේ. සෙසු කර්ම සතර ආනන්තරියම වේ. කප්පට්ඨිතිය නොවේ. මෙසේ මෙහි කල්ප ස්ථිති වශයෙන්ද විනිශ්චය දතයුතුය.
‘පාකතො’ති යෙන ච පඤ්චපෙතානි කම්මානි කතානි හොන්ති, තස්ස සඞ්ඝභෙදොයෙව පටිසන්ධිවසෙන විපච්චති. සෙසානි “අහොසි කම්මං නාහොසි කම්මවිපාකො”ති එවමාදීසු සඞ්ඛං ගච්ඡන්ති. සඞ්ඝභෙදාභාවෙ ලොහිතුප්පාදො, තදභාවෙ අරහන්තඝාතො, තදභාවෙ සචෙ පිතා සීලවා හොති, මාතා දුස්සීලා නො වා තථා සීලවතී, පිතුඝාතො පටිසන්ධිවසෙන විපච්චති. සචෙ මාතා මාතුඝාතො. ද්වීසුපි සීලෙන වා දුස්සීලෙන වා සමානෙසු මාතුඝාතොව පටිසන්ධිවසෙන විපච්චති; මාතා හි දුක්කරකාරිණී බහූපකාරා ච පුත්තානන්ති. එවමෙත්ථ පාකතොපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
විපාක වශයෙන් යමෙක් මේ කර්ම පහ කරන ලද්දේද? ඔහුට සංඝභේදයම පටිසන්ධි වශයෙන් විපාක දේ. සෙසු ඒවා අහෝසි කර්මද කර්ම විපාක නොවේදැයි සැකයට පැමිණෙති. සංඝ භේදය නැතිවිට ලෝහිතුප්පාදය ද එය නැතිවිට අරහන්ත ඝාතනයද එහි නැතිවිට වඩා සිල්වත් මව හෝ පියා පටිසන්ධි වශයෙන් පැසෙති. දෙදෙනාම සිල් සමාන නම් මාතු ඝාතනය බලවත් වේ. මව දුක් උසුලන්නීය. පුතාට බහූපකාරය. මෙසේ මෙහි විපාක වශයෙන් ද විනිශ්චය දතයුතුය.
‘සාධාරණාදීහී’ති පුරිමානි චත්තාරි සබ්බෙසම්පි ගහට්ඨපබ්බජිතානං සාධාරණානි. සඞ්ඝභෙදො පන “න ඛො, උපාලි, භික්ඛුනී සඞ්ඝං භින්දති, න සික්ඛමානා, න සාමණෙරො, න සාමණෙරී, න උපාසකො, න උපාසිකා සඞ්ඝං භින්දති. භික්ඛු ඛො, උපාලි, පකතත්තො සමානසංවාසකො සමානසීමායං ඨිතො සඞ්ඝං භින්දතී”ති (චූළව· 351) වචනතො වුත්තප්පකාරස්ස භික්ඛුනොව හොති, න අඤ්ඤස්ස; තස්මා අසාධාරණො. ආදිසද්දෙන සබ්බෙපෙතෙ දුක්ඛවෙදනාසහගතා දොසමොහසම්පයුත්තා චාති එවමෙත්ථ සාධාරණාදීහිපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො.
සාධාරණාදියෙහි මුල් හතර සියළුම ගිහි පැවිද්දන්ට සාධාරණය. සංඝභේදය වනාහි “උපාලි භික්ඛුණී සංඝයා නොබිඳයි. සික්ඛමානා නොවේ. සාමණේර සාමණේරි උපාසක උපාසිකා නොවේ. උපාලි භික්ෂුවම සංඝයා බිඳියි. ප්‍රකෘති වූ සමාන සංවාසක වූ සමාන සීමායෙහි සිටියේ භික්ෂුව සංඝයා බිඳියි.” ඒ වචන අනුව සංඝ භේදයට භික්ෂුවක් වේ. එහෙයින් අනිත් කෙනෙකුට අසාධාරණය. ආදි ශබ්දයෙන් මේ සියළු දුක්ඛ වේදනා සහගත දොම්නසින් යුතු යයි මෙසේ මෙහි සාධාරණාදියෙහි ද විනිශ්චය දතයුතුය.
අඤ්ඤං සත්ථාරන්ති ‘අයං මෙ සත්ථා සත්ථුකිච්චං කාතුං සමත්ථො’ති භවන්තරෙපි අඤ්ඤං තිත්ථකරං ‘අයං මෙ සත්ථා’ති එවං ගණ්හෙය්ය – නෙතං ඨානං විජ්ජතීති අත්ථො. අට්ඨමං භවං නිබ්බත්තෙය්යාති සබ්බමන්දපඤ්ඤොපි සත්තමං භවං අතික්කමිත්වා අට්ඨමං නිබ්බත්තෙය්ය – නෙතං ඨානං විජ්ජති . උත්තමකොටියා හි සත්තමං භවං සන්ධායෙවෙස “නියතො සම්බොධිපරායණො”ති වුත්තො. කිං පන තං නියාමෙති? කිං පුබ්බහෙතු නියාමෙති උදාහු පටිලද්ධමග්ගො උදාහු උපරි තයො මග්ගාති? සම්මාසම්බුද්ධෙන ගහිතං නාමමත්තමෙතං. පුග්ගලො පන නියතො නාම නත්ථි. “පුබ්බහෙතු නියාමෙතී”ති වුත්තෙ හි උපරි තිණ්ණං මග්ගානං උපනිස්සයො වුත්තො හොති, පඨමමග්ගස්ස උපනිස්සයාභාවො ආපජ්ජති. ඉච්චස්ස අහෙතු අප්පච්චයා නිබ්බත්තිං පාපුණාති. “පටිලද්ධමග්ගො නියාමෙතී”ති වුත්තෙ උපරි තයො මග්ගා අකිච්චකා හොන්ති, පඨමමග්ගොව සකිච්චකො, පඨමමග්ගෙනෙව කිලෙසෙ ඛෙපෙත්වා පරිනිබ්බායිතබ්බං හොති. “උපරි තයො මග්ගා නියාමෙන්තී”ති වුත්තෙ පඨමමග්ගො අකිච්චකො හොති, උපරි තයො මග්ගාව සකිච්චකා, පඨමමග්ගං අනිබ්බත්තෙත්වා උපරි තයො මග්ගා නිබ්බත්තෙතබ්බා හොන්ති, පඨමමග්ගෙන ච අනුප්පජ්ජිත්වාව කිලෙසා ඛෙපෙතබ්බා හොන්ති. තස්මා න අඤ්ඤො කොචි නියාමෙති, උපරි තිණ්ණං මග්ගානං විපස්සනාව නියාමෙති. සචෙ හි තෙසං විපස්සනා තික්ඛා සූරා හුත්වා වහති, එකංයෙව භවං නිබ්බත්තෙත්වා අරහත්තං පත්වා පරිනිබ්බාති. තතො මන්දතරපඤ්ඤො දුතියෙ වා තතියෙ වා චතුත්ථෙ වා පඤ්චමෙ වා ඡට්ඨෙ වා භවෙ අරහත්තං පත්වා පරිනිබ්බාති. සබ්බමන්දපඤ්ඤො සත්තමං භවං නිබ්බත්තෙත්වා අරහත්තං පාපුණාති, අට්ඨමෙ භවෙ පටිසන්ධි න හොති. ඉති සම්මාසම්බුද්ධෙන ගහිතං නාමමත්තමෙතං. සත්ථා හි බුද්ධතුලාය තුලෙත්වා සබ්බඤ්ඤුතඤාණෙන පරිච්ඡින්දිත්වා ‘අයං පුග්ගලො සබ්බමහාපඤ්ඤො තික්ඛවිපස්සකො එකමෙව භවං නිබ්බත්තෙත්වා අරහත්තං ගණ්හිස්සතී’ති ‘එකබීජී’ති නාමං අකාසි; ‘අයං පුග්ගලො දුතියං, තතියං, චතුත්ථං, පඤ්චමං, ඡට්ඨං භවං නිබ්බත්තෙත්වා අරහත්තං ගණ්හිස්සතී’ති ‘කොලංකොලො’ති නාමං අකාසි; ‘අයං පුග්ගලො සත්තමං භවං නිබ්බත්තෙත්වා අරහත්තං ගණ්හිස්සතී’ති ‘සත්තක්ඛත්තුපරමො’ති නාමං අකාසි.
අඤ්ඤං සත්ථාරං මගේ මේ ශාස්තෲන් වහන්සේ ශාස්තෲ කෘත්‍ය කිරීමට සමර්ථයයි භවාන්තරයෙහි ද අන්‍ය තීර්ථාංකරයකු මේ මගේ ශාස්තෲවරයා යයි මෙසේ ගන්නේය යන මෙය නොවේය යන අර්ථයයි. අට්ඨමං භවං නිබ්බත්තෙය්ය සියළු මඳ ප්‍රඥාවන්තයාද සත්වන භවය ඉක්මවා අටවන භවයෙහි උපදින්නේය. මෙය සිදු නොවේ. ඉහළම කෙළවරින් සත්වන භවය සඳහා මෙය නියමය වේ. නියතයෙන්ම සම්බෝධි පරායන වේයයි කියන ලදි. කුමක්ද ඒ නියමය? කිම පෙර හේතු නියාම? ලැබූ මාර්ගයද නැතහොත් ඉතිරි මාර්ග තුනද? සම්මා සම්බුදුන් ගන්නා ලද නාම මාත්‍රයකි මෙය. පුද්ගලයාට නියත නාමයක් නැත. පෙර හේතු නියාමයයි කී කල්හි ඉහළ මාර්ග තුන උපනිශ්‍රය වේයයි කියන ලදි. පළමුවන මාර්ගයට උපනිශ්‍රයක් නැතිව පැමිණෙයි. මෙසේ ඔහු අහේතු අප්පච්චයට ඉපදීමට පැමිණේ. ලැබූ මාර්ගය නියාමයයි කී කල්හි උපරි තුන් මාර්ගය අකිච්චක වේ. පළමුවන මාර්ගයම සකිච්චක වේ. පළමු මගින්ම කෙලෙසුන් ක්ෂයකොට පිරිනිවිය යුතුය. උපරි තුන් මාර්ගය නියාමයයි කීකල්හි පළමු මාර්ගය අකිච්චක වේ. උපරි මාර්ග තුනම සකිච්චක වේ. පළමු මග නොඉපදවා උපරි මාර්ග තුන ඉපදවිය යුතු වේ. පළමු මගින් නූපදවාම කෙලෙසුන් ක්ෂය කළ යුතුය. එහෙයින් අන්කිසි නියාමයක් නොව උපරි තුන් මාර්ගයේ විපස්සනාව නියමයෙනි. ඒ විපස්සනා කී ක්ෂණ වේද සූරවේද එක් භවයක් උපදවා රහත් බවට පැමිණ පිරිනිවීයයි. ඊට අඩු ප්‍රඥාවක් ඇත්තේ නම් දෙවන තුන්වෙනි සතරවෙනි පස්වෙනි භවවල රහත්බවට පමුණුවා පිරිනිවීයයි. සියල්ලෙන් මද ප්‍රඥාවන්තයා සත්වන භවයෙහි ඉපිද රහත්බවට පැමිණේ. අටවන භවයෙහි පටිසන්ධියක් නැත. මෙසේ සම්බුදුන් විනිස ගන්නා ලද නාමමාත්රයකි. මෙය, ශාස්තෲන් වහන්සේ බුද්ධ සමාන භවයේ ස්ථානකොට සර්වඥ ඥානයෙන් පිරිසිඳ මේ පුද්ගලයා සියල්ලෙන් මහාප්‍රාඥ වේ. තියුණු විපස්සිකයෙකි. එක භාවයක්ම ඉපිද රහත්බව ගන්නේ යයි ඒකබීජි යයි නමක් කළහ. මේ පුද්ගලයා දෙවන සතරවන පස්වන සවන භවයෙහි ඉපිද රහත්බව ගන්නේ යයි කොලං කොල යයි නමක් කළහ. මේ පුද්ගලයා සත්වන භාවයෙහි ඉපිද රහත්බව ගන්නේ යයි සත්තක්ඛත්තු පරම යයි නමක් කළහ.
කොචි පන පුග්ගලො සත්තන්නං භවානං නියතො නාම නත්ථි. අරියසාවකො පන යෙන කෙනචිපි ආකාරෙන මන්දපඤ්ඤො සමානො අට්ඨමං භවං අප්පත්වා අන්තරාව පරිනිබ්බාති. සක්කසදිසොපි වට්ටාභිරතො සත්තමංයෙව භවං ගච්ඡති. සත්තමෙ භවෙ සබ්බකාරෙන පමාදවිහාරිනොපි විපස්සනාඤාණං පරිපාකං ගච්ඡති. අප්පමත්තකෙපි ආරම්මණෙ නිබ්බින්දිත්වා නිබ්බුතිං පාපුණාති. සචෙපි හිස්ස සත්තමෙ භවෙ නිද්දං වා ඔක්කමන්තස්ස, පරම්මුඛං වා ගච්ඡන්තස්ස, පච්ඡතො ඨත්වා තිඛිණෙන අසිනා කොචිදෙව සීසං පාතෙය්ය, උදකෙ වා ඔසාදෙත්වා මාරෙය්ය, අසනි වා පනස්ස සීසෙ පතෙය්‍ය, එවරූපෙපි කාලෙ සප්පටිසන්ධිකා කාලංකිරියා නාම න හොති, අරහත්තං පත්වාව පරිනිබ්බාති. තෙන වුත්තං – “අට්ඨමං භවං නිබ්බත්තෙය්ය – නෙතං ඨානං විජ්ජතී”ති.
කිසි පුද්ගලයෙකුට සත්වන භවය නියත නැත. ආර්ය ශ්රාවකයා වනාහි යම් ආකාරයකින් මන්ද ප්රාඥයෙකු වුවත් අටවන භවයට නොපැමිණ අන්තරෙහිම පිරිනිවී යයි. චක්‍රයක් මෙන් පෙරළෙනුයේ සත්වන භවයටම යයි. සත්වන භාවයෙහි සියළු ආකාරයෙන් පමාද විහාරිකයාගේද විපස්සනා ඤාණය පරිපාකයට යයි අප්‍රමාදව අරමුණෙහි කලකිරී නිවීමට පැමිණෙයි. යම් හෙයකින් ඔහුගේ හත්වන භවයෙහි නිදාසිටින විට හෝ යනවිට පිටුපසින් පැමිණ තියුණු කඩුවකින් හිස කපා දමයිද දියේ ගිල්වයිද අකුණක් හෝ හිසේ කඩාවැටේද මෙබඳු කාලයෙහිද පටිසන්ධිය සහිත කාලක්‍රියාවක් නම් නැත. රහත්බවට පැමිණීම පිරිනිවන් පායි. එයින් කියන ලදි. “අට්ඨමං භවං උප්පජ්ජති නෙතං ඨානං විජ්ජති” අටවන භවයක උපදී යන මෙයි සිදු නොවේ.
එකිස්සා ලොකධාතුයාති දසසහස්සිලොකධාතුයා. තීණි හි ඛෙත්තානි – ජාතිඛෙත්තං, ආණාඛෙත්තං, විසයක්ඛෙත්තන්ති. තත්ථ ‘ජාතික්ඛෙත්තං’ නාම දසසහස්සිලොකධාතු. සා හි තථාගතස්ස මාතුකුච්ඡිඔක්කමනකාලෙ, නික්ඛමනකාලෙ, සම්බොධිකාලෙ, ධම්මචක්කපවත්තනෙ, ආයුසඞ්ඛාරවොස්සජ්ජනෙ, පරිනිබ්බානෙ ච කම්පති. කොටිසතසහස්සචක්කවාළං පන ‘ආණාඛෙත්තං’ නාම. ආටානාටියමොරපරිත්තධජග්ගපරිත්තරතනපරිත්තාදීනඤ්හි එත්ථ ආණා වත්තති. ‘විසයඛෙත්තස්ස’ පන පරිමාණං නත්ථි. බුද්ධානඤ්හි “යාවතකං ඤාණං තාවතකං ඤෙය්යං, යාවතකං ඤෙය්යං තාවතකං ඤාණං , ඤාණපරියන්තිකං ඤෙය්යං, ඤෙය්යපරියන්තිකං ඤාණ”න්ති (පටි· ම· 3.5) වචනතො අවිසයො නාම නත්ථි.
එකිස්සා ලෝකධාතුයා යනු දසදහසක් ලෝකධාතුවල. ජාති ආණා විසය වශයෙන් ක්ෂේත්‍ර තුනකි. එහි ජාති ක්ෂේත්‍ර නම් දසදහසක් ලෝකධාතු එදවනාහි තථාගතයන් වහන්සේ මව්කුසට පිවිසෙන කාලයෙහි කුසින් නික්මෙන කාලයෙහි බුද්ධත්වය ලබන කාලයෙහි දම්සක් පවත්වන අවස්ථාවේ ආයු සංඛාරය අත්හරින අවස්ථාවේ පරිනිර්වාණය සිදුවන අවස්ථාවේද කම්පා වෙයි. කෙළ ලක්ෂයක් සක්වල වනාහි ආණා ක්ෂේත්රයයි. ආටානාටිය මොර පිරිත ධජග්ග රතන පිරිත් ආදියෙහි අණ මෙහි පවතී. විෂය ක්ෂේත්රයට පරිමාණයක් (ප්‍රමාණයක්) නැත. බුදුවරුන්ගේ ඤාණය යම් ප්‍රමාණයක්ද එපමණ ඤෙය්‍ය (ඥෙය වස්තුව දතයුත්ත) වේ. ඥෙය වස්තුව යම්පමණ වේද එපමණම බුද්ධඤාණය වේ. ඤාණ කෙළවර ඥෙය්‍ය වේ. ඤෙය්‍ය කෙළවර කොට ඤාණයේ වේ. වචන බැවින් අවිසයක් නම් නැත.
ඉමෙසු පන තීසු ඛෙත්තෙසු, ඨපෙත්වා ඉමං චක්කවාළං, අඤ්ඤස්මිං චක්කවාළෙ බුද්ධා උප්පජ්ජන්තීති සුත්තං නත්ථි, න උප්පජ්ජන්තීති පන අත්ථි. තීණි පිටකානි – විනයපිටකං, සුත්තන්තපිටකං, අභිධම්මපිටකන්ති. තිස්සො සඞ්ගීතියො – මහාකස්සපත්ථෙරස්ස සඞ්ගීති, යසත්ථෙරස්ස සඞ්ගීති, මොග්ගලිපුත්තතිස්සත්ථෙරස්ස සඞ්ගීතීති. ඉමා තිස්සො සඞ්ගීතියො ආරුළ්හෙ තෙපිටකෙ බුද්ධවචනෙ ඉමං චක්කවාළං මුඤ්චිත්වා අඤ්ඤත්ථ බුද්ධා උප්පජ්ජන්තීති සුත්තං නත්ථි, නුප්පජ්ජන්තීති පන අත්ථි.
මේ ක්ෂේත්‍ර තුනෙහි මේ සක්වල හැර අනිත් සක්වලක බුදුවරයෝ උපදිති යයි සූත්‍රයක් නැත. නො උපදිති යයි ඇත. විනය සූත්‍ර අභිධර්ම පිටක තුනකි. සංගීති තුනෙකි. මහාකාශ්‍යප මහාථෙර සංගීති, යසථෙර සංගීති, මොග්ගලීපුත්තතිස්ස ථෙර සංගීති වේ. මේ සංගීති තුන ආරූඪ කළ ත්‍රිපිටක බුද්ධවචනයෙහි මේ සක්වල හැර අන්තැනක බුදුවරයෝ උපදිති යයි සූත්‍රයක් නැත. න උප්පජ්ජතී ති පන අත්ථි. නො උපදී යයි ඇත.
අපුබ්බං අචරිමන්ති අපුරෙ අපච්ඡා; එකතො නුප්පජ්ජන්ති, පුරෙ වා පච්ඡා වා උප්පජ්ජන්තීති වුත්තං හොති. තත්ථ බොධිපල්ලඞ්කෙ “බොධිං අප්පත්වා න උට්ඨහිස්සාමී”ති නිසින්නකාලතො පට්ඨාය යාව මාතුකුච්ඡිස්මිං පටිසන්ධිග්ගහණං තාව පුබ්බෙන්ති න වෙදිතබ්බං. බොධිසත්තස්ස හි පටිසන්ධිග්ගහණෙ දසසහස්සචක්කවාළකම්පනෙනෙව ජාතික්ඛෙත්තපරිග්ගහො කතො, අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති නිවාරිතා හොති. පරිනිබ්බානතො පට්ඨාය ච යාව සාසපමත්තාපි ධාතුයො තිට්ඨන්ති තාව පච්ඡාති න වෙදිතබ්බං. ධාතූසු හි ඨිතාසු බුද්ධා ඨිතාව හොන්ති. තස්මා එත්ථන්තරෙ අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති නිවාරිතාව හොති, ධාතුපරිනිබ්බානෙ පන ජාතෙ අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති න නිවාරිතා.
අපුබ්බං අචරිමං පෙර පසු නොවී එකතුව නූපදී. පෙර හෝ පසුව හෝ උපදිති යයි කියන ලද්දේ වේ. එහි බෝ පලඟෙහි බෝධියට නොපැමිණ නො නැගිටිමියයි හිඳි කාලයේ සිට මව්කුස පිළිසිඳ ගැනීම දක්වා පෙරයයි දතයුතුය. බෝසතුන්ගේ ප්රතිසන්ධි ග්රහණයෙහි දස දහසක් සක්වල කම්පනයෙන්ම ජාති ක්ෂේත්රය නියම කිරීම කරන ලදි. අනිත් බුදුවරයෙකුගේ ඉපදීම වළක්වන ලද්දේ වේ. පිරිනිවන් පෑමේ සිට අබලුවක් පමණ ධාතු තිබෙනතුරු ඒ තාක් පසු යයි දතයුතුය. ධාතු සිටියහොත් බුදුහු සිටියාහුමය. එහෙයින් මේ අතරෙහි අනිත් බුදුවරයෙකුගේ උත්පත්තිය වළක්වන ලද්දේ වෙයි. ධාතු පිරිනිවීම වූ කල්හි අනිත් බුදුවරයෙකුගේ ඉපදීම වළක්වන ලද්දේ නොවේ.
තීණි හි අන්තරධානානි නාම – පරියත්තිඅන්තරධානං, පටිවෙධඅන්තරධානං, පටිපත්තිඅන්තරධානන්ති. තත්ථ ‘පරියත්තී’ති තීණි පිටකානි; ‘පටිවෙධො’ති සච්චපටිවෙධො; ‘පටිපත්තී’ති පටිපදා. තත්ථ පටිවෙධො ච පටිපත්ති ච හොතිපි න හොතිපි. එකස්මිඤ්හි කාලෙ පටිවෙධකරා භික්ඛූ බහූ හොන්ති; ‘එස භික්ඛු පුථුජ්ජනො’ති අඞ්ගුලිං පසාරෙත්වා දස්සෙතබ්බො හොති. ඉමස්මිංයෙව දීපෙ එකවාරං කිර පුථුජ්ජනභික්ඛු නාම නාහොසි. පටිපත්තිපූරකාපි කදාචි බහූ හොන්ති, කදාචි අප්පා. ඉති පටිවෙධො ච පටිපත්ති ච හොතිපි න හොතිපි.
අතුරුදහන්වීම් තුනකි. පරියත්ති අන්තරධානය පටිවේධ අන්තරධානය පටිපත්ති අන්තරධානය යනුවෙනි. එහි පරියත්ති යනු තුන් පිටකය. පටිවේධ යනු සත්‍ය අවබෝධය පටිපත්ති යනු පිළිවෙත්ය. එහි පටිවේධයද පටිපත්තියද වේද නොවේද? එක් කලෙක ප්‍රතිවේධ කළ භික්ෂූහු බොහෝ වෙති. මේ භික්ෂූහු පෘථග්ජනයයි ඇඟිල්ල දිගුකර දැක්විය යුතු වේ. මේ ද්වීපයෙහිම එක් වාරයක පෘථග්ජන භික්ෂුවක් නම් නොවීය. පිළිවෙත් පුරන්නෝද කලෙක බොහෝ වෙති. කලෙක අඩු වෙති. මෙසේ පටිවේධයද පටිපත්තියද තිබුණද නැතත් ශාසනස්ථිතියට පරියත්තිය ප්‍රමාණ වේ.
සාසනට්ඨිතියා පන පරියත්තියෙව පමාණං. පණ්ඩිතො හි තෙපිටකං සුත්වා ද්වෙපි පූරෙති. යථා අම්හාකං බොධිසත්තො ආළාරස්ස සන්තිකෙ පඤ්චාභිඤ්ඤා සත්ත ච සමාපත්තියො නිබ්බත්තෙත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා පරිකම්මං පුච්ඡි, සො ‘න ජානාමී’ති ආහ; තතො උදකස්ස සන්තිකං ගන්ත්වා අධිගතවිසෙසං සංසන්දෙත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස පරිකම්මං පුච්ඡි; සො ආචික්ඛි; තස්ස වචනසමනන්තරමෙව මහාසත්තො තං සම්පාදෙසි; එවමෙව පඤ්ඤවා භික්ඛු පරියත්තිං සුත්වා ද්වෙපි පූරෙති. තස්මා පරියත්තියා ඨිතාය සාසනං ඨිතං හොති. යදා පන සා අන්තරධායති තදා පඨමං අභිධම්මපිටකං නස්සති. තත්ථ පට්ඨානං සබ්බපඨමං අන්තරධායති. අනුක්කමෙන පච්ඡා ධම්මසඞ්ගහො. තස්මිං අන්තරහිතෙ ඉතරෙසු ද්වීසු පිටකෙසු ඨිතෙසු සාසනං ඨිතමෙව හොති.
පණ්ඩිතයා ත්‍රිපිටකය අසා දෙවනුව පුරයි. අපගේ බෝධිසත්ත්වයෝ ආළාර සමීපයේ පඤ්චාභිඥා සහ සත් සමාපත්ති උපදවා නේවසඤ්ඤානාසඤ්ඤා සමාපත්තියට පරිකර්ම විචාළේය. හෙතෙම නොදනිමියි කීහ. ඉන්පසු උද්‍රක රාමපුත් වෙත ගොස් අවබෝධ කළ විශේෂ සසඳා නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පරිකර්ම විචාළේය. හෙතෙම කීවේය. ඔහු කියන අතරෙහිම බෝධිසත්ත්වයෝ එය සම්පාදනය කළහ. එසේම ප්‍රඥාවන්ත භික්ෂූහු පරියත්තිය අසා දෙකම සම්පූර්ණ කරති. එහෙයින් පරියත්තිය සිටිකලම ශාසනය පවතියි. යම්කලක එය (පරියත්තිය) අතුරුදහන් වේනම් එකල පළමුව අභිධර්ම පිටකය විනාශ වෙයි. එහි පට්ඨානය සියල්ලටම පළමුවෙන් අතුරුදහන් වේ. අනුක්රමයෙන් පසුව ධම්මසංගහ එය අතුරුදහන් වූ පසු ඉතිරි පිටක දෙක පැවති කල්හි ශාසනය පවතී.
තත්ථ සුත්තන්තපිටකෙ අන්තරධායමානෙ පඨමං අඞ්ගුත්තරනිකායො එකාදසකතො පට්ඨාය යාව එකකා අන්තරධායති. තදනන්තරං සංයුත්තනිකායො චක්කපෙය්යාලතො පට්ඨාය යාව ඔඝතරණා අන්තරධායති. තදනන්තරං මජ්ඣිමනිකායො ඉන්ද්රියභාවනතො පට්ඨාය යාව මූලපරියායා අන්තරධායති. තදනන්තරං දීඝනිකායො දසුත්තරතො පට්ඨාය යාව බ්‍රහ්මජාලා අන්තරධායති. එකිස්සාපි ද්වින්නම්පි ගාථානං පුච්ඡා අද්ධානං ගච්ඡති; සාසනං ධාරෙතුං න සක්කොති සභියපුච්ඡා (සු· නි· 515 ආදයො) විය ආළවකපුච්ඡා (සු· නි· 183 ආදයො; සං· නි· 1.246) විය ච. එතා කිර කස්සපබුද්ධකාලිකා අන්තරා සාසනං ධාරෙතුං නාසක්ඛිංසු.
එහි සූත්‍රාන්ත පිටකය අතුරුදහන් වන කාලයේ පළමුව අංගුත්තර නිකාය, ඒකාදසකයේ පටන් ඒකකය දක්වා අතුරුදන් වේ. ඉන් අනතුරුව සංයුත්ත නිකායට චක්ක පෙය්‍යාලයෙහි පටන් ඔඝතරණය දක්වා අතුරුදහන් වේ. අනතුරුව මජ්ඣිම නිකාය ඉන්ද්රිය භාවනාවේ සිට මූලපරියාය සූත්‍රය දක්වා අතුරුදහන් වේ. අනතුරුව දීඝනිකාය දසුත්තරයේ සිට බ්රහ්මජාලය දක්වා අතුරුදහන් වේ. ගාථා එකක් දෙකක් අසා මාර්ගයට යයි. ශාසනය දැරීමට හැකි නොවේ. සභිය පුච්ඡා ආලවක පුච්ඡ මෙන් කාශ්‍යප බුදුරදුන්ගේ කාලයේ ශාසනය දැරීමට නොහැකි වූහ.
ද්වීසු පන පිටකෙසු අන්තරහිතෙසුපි විනයපිටකෙ ඨිතෙ සාසනං තිට්ඨති. පරිවාරඛන්ධකෙසු අන්තරහිතෙසු උභතොවිභඞ්ගෙ ඨිතෙ ඨිතමෙව හොති. උභතොවිභඞ්ගෙ අන්තරහිතෙ මාතිකාය ඨිතායපි ඨිතමෙව හොති. මාතිකාය අන්තරහිතාය පාතිමොක්ඛපබ්බජ්ජාඋපසම්පදාසු ඨිතාසු සාසනං තිට්ඨති. ලිඞ්ගං අද්ධානං ගච්ඡති. සෙතවත්ථසමණවංසො පන කස්සපබුද්ධකාලතො පට්ඨාය සාසනං ධාරෙතුං නාසක්ඛි. පච්ඡිමකස්ස පන සච්චපටිවෙධතො පච්ඡිමකස්ස සීලභෙදතො ච පට්ඨාය සාසනං ඔසක්කිතං නාම හොති. තතො පට්ඨාය අඤ්ඤස්ස බුද්ධස්ස උප්පත්ති න වාරිතා.
පිටක දෙකක් අතුරුදහන් වූ කල්හිද විනය පිටකය පවතිනවිට ශාසනය පවතී. උභතෝ විභංගයද අතුරුදහන්ව මාතිකා තිබෙනවිට පවතීමය. මාතිකාවද අතුරුදන්ව පාතිමොක්ඛ පබ්බජ්ජා උපසම්පදා තිබෙනවිට ශාසනය පවතී. ලිංගය පාරට යයි. සුදුවත් ශ්‍රමණ වංශයෙ කාශ්‍යප බුදුන්ගේ කාලයේ සිට ශාසනය දැරීමට නොහැකි විය. පසුව සච්ච පටිවේධයෙන් පසුව සීල භේද සිට ශාසනය අවසන් වෙයි. එතැන් පටන් අනිත් බුදු කෙනෙකුන්ගේ උත්පත්තිය නොවැළැක්වේ.
තීණි පරිනිබ්බානානි නාම – කිලෙසපරිනිබ්බානං, ඛන්ධපරිනිබ්බානං, ධාතුපරිනිබ්බානන්ති. තත්ථ ‘කිලෙසපරිනිබ්බානං’ බොධිපල්ලඞ්කෙ අහොසි, ‘ඛන්ධපරිනිබ්බානං’ කුසිනාරායං, ‘ධාතුපරිනිබ්බානං’ අනාගතෙ භවිස්සති. සාසනස්ස කිර ඔසක්කනකාලෙ ඉමස්මිං තම්බපණ්ණිදීපෙ ධාතුයො සන්නිපතිත්වා මහාචෙතියං ගමිස්සන්ති, මහාචෙතියතො නාගදීපෙ රාජායතනචෙතියං, තතො මහාබොධිපල්ලඞ්කං ගමිස්සන්ති. නාගභවනතොපි දෙවලොකතොපි බ්රහ්මලොකතොපි ධාතුයො මහාබොධිපල්ලඞ්කමෙව ගමිස්සන්ති. සාසපමත්තාපි ධාතු න අන්තරා නස්සිස්සති. සබ්බා ධාතුයො මහාබොධිපල්ලඞ්කෙ රාසිභූතා සුවණ්ණක්ඛන්ධො විය එකඝනා හුත්වා ඡබ්බණ්ණරංසියො විස්සජ්ජෙස්සන්ති. තා දසසහස්සිලොකධාතුං ඵරිස්සන්ති. තතො දසසහස්සචක්කවාළදෙවතා සන්නිපතිත්වා “අජ්ජ සත්ථා පරිනිබ්බාති, අජ්ජ සාසනං ඔසක්කති, පච්ඡිමදස්සනං දානි ඉදං අම්හාක”න්ති දසබලස්ස පරිනිබ්බුතදිවසතො මහන්තතරං කාරුඤ්ඤං කරිස්සන්ති. ඨපෙත්වා අනාගාමිඛීණාසවෙ අවසෙසා සකභාවෙන සන්ධාරෙතුං න සක්ඛිස්සන්ති. ධාතූසු තෙජොධාතු උට්ඨහිත්වා යාව බ්රහ්මලොකා උග්ගච්ඡිස්සති. සාසපමත්තායපි ධාතුයා සති එකජාලාව භවිස්සති; ධාතූසු පරියාදානං ගතාසු පච්ඡිජ්ජිස්සති. එවං මහන්තං ආනුභාවං දස්සෙත්වා ධාතූසු අන්තරහිතාසු සාසනං අන්තරහිතං නාම හොති. යාව එවං න අන්තරධායති තාව අචරිමං නාම හොති. එවං අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං – නෙතං ඨානං විජ්ජති.
පිරිනිවීම් තුනකි. කිලෙස පරිනිබ්බාණ ඛන්ධ පරිනිබ්බාණ ධාතු පරිනිබ්බාණ එහි කෙලෙස් පිරිනිවීම බෝපලඟෙහි සිදුවිය. ස්කන්ධ පරිනිර්වාණය කුසිනාරා නුවරදී සිදුවිය. ධාතු පිරිනිවීම අනාගතයෙහි වන්නේය. සාසනය අවසන් වන කාලයේ මේ තම්බපණ්ණි දීපයෙහි ධාතු රැස්වී මහසෑය ළඟට යන්නේය. මහා චේතියේ සිට නාගදීපයේ රාජායතන චේතිය ළඟටද එතැනින් මහා බෝධි පල්ලංකයට යන්නේය. නාග භවනයෙන්ද දිව්‍ය ලෝකයෙන්ද බ්‍රහ්ම ලෝකයෙන්ද ධාතු මහබෝ පළඟටම යන්නේය. අබඇට තරම් ධාතුද අතරමග නොනසී. සියළු ධාතු මහබෝ පළඟේ රැස්ව රන්කඳක් මෙන් එකඝනව සවනක් රැස් විහිදුවයි. ඒවා දස දහසක් ලෝකධාතුවේ පැතිරෙන්නේය. ඉන්පසු දස දහසක් සක්වල දෙවියෝ රැස්වී ශාස්තෲන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අද ශාසනය අවසන් වේ. අවසාන දර්ශනය දැන් මේ අපගේ දශබලයන්ගේ පිරිනිවන් දවසෙන් මහත් වූ කරුණාව දක්වන්නේය. අනාගාමී ඛීණාශ්රවයින් හැර අවසෙස්සෝ ස්වකීය ස්වභාවයෙන් සිටීමට නොහැකි වෙත්. ධාතුවල තේජෝධාතු නැගී සිට බඹලොව දක්වා උඩට යයි. අබඇට සා ධාතු ඇතිකල්හි එකම ජාලාවක් වන්නේය. ධාතු අවසානයට ගියපසු සිඳී යන්නේය. මෙසේ මහා ආනුභාවයක් දක්වා ධාතු අතුරුදහන් වූ පසු ශාසනය අතුරුදහන් වූවා නම් වේ. යම්තාක් මෙසේ අතුරුදහන් නොවේද ඒ තාක් අචරිමං නාම වේ. මෙසේ අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං නෙතං ඨානං විජ්ජති.
කස්මා පන අපුබ්බං අචරිමං න උප්පජ්ජන්තීති? අනච්ඡරියත්තා. බුද්ධා හි අච්ඡරියමනුස්සා, යථාහ – “එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උපජ්ජමානො උප්පජ්ජති අච්ඡරියමනුස්සො. කතමො එකපුග්ගලො? තථාගතො, භික්ඛවෙ, අරහං සම්මාසම්බුද්ධො”ති (අ· නි· 1.172). යදි ච ද්වෙ වා චත්තාරො වා අට්ඨ වා සොළස වා එකතො උප්පජ්ජෙය්යුං, න අච්ඡරියා භවෙය්යුං. එකස්මිඤ්හි විහාරෙ ද්වින්නං චෙතියානම්පි ලාභසක්කාරො උළාරො න හොති, භික්ඛූපි බහුතාය න අච්ඡරියා ජාතා, එවං බුද්ධාපි භවෙය්යුං; තස්මා නුප්පජ්ජන්ති. දෙසනාය ච විසෙසාභාවතො. යඤ්හි සතිපට්ඨානාදිභෙදං ධම්මං එකො දෙසෙති, අඤ්ඤෙන උප්පජ්ජිත්වාපි සොව දෙසෙතබ්බො සියා. තතො අනච්ඡරියො සියා. එකස්මිං පන ධම්මං දෙසෙන්තෙ දෙසනාපි අච්ඡරියා හොති. විවාදභාවතො ච. බහූසු ච බුද්ධෙසු උප්පන්නෙසු බහූනං ආචරියානං අන්තෙවාසිකා විය ‘අම්හාකං බුද්ධො පාසාදිකො, අම්හාකං බුද්ධො මධුරස්සරො ලාභී පුඤ්ඤවා’ති විවදෙය්යුං; තස්මාපි එවං නුප්පජ්ජන්ති.
කුමක් හෙයින් පෙර පසු නොඋපදීද? ආශ්චර්යයක් නැති බැවින්. බුදුවරයෝ නම් ආශ්චර්ය මනුෂ්‍යයෝය. යම්සේ කීහ. “මහණෙනි, එක් පුද්ගලයෙක් ලෝකයේ උපදියි. ආශ්චර්ය මනුෂ්‍යයෙක් කවර නම් එක් පුද්ගලයෙක්ද? මහණෙනි, තථාගත වූ අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේය” යයි යම් හෙයකින් දෙදෙනෙක් හෝ සතර දෙනෙක් හෝ අටක් දහයක් හෝ එකට උපන්නාහු නම් ආශ්චර්ය නොවන්නාහුය. එක විහාරයක චෛත්‍ය දෙකක් නම් ලාභ සත්කාර උදාර නොවන්නේය. භික්ෂූන්ද බහුල වූවිට ආශ්චර්ය නොවන්නේය. මෙසේ බුදුවරයෝද වන්නාහ. එනිසා නූපදිති. සතිපට්ඨානාදි ධර්ම දේසනා එක් කෙනෙක් කරනවා නම් විශේෂයක් වේ. එක් ස්ථානයක ධර්මදේශනා කරනවා නම් ආශ්චර්ය වන්නේය. විවාදයටද භාජනය වන්නේය. බොහෝ බුදුවරුන් උපන් කල්හි බොහෝ ආචාර්යවරුන්ගේ අතවැසියන් මෙන් අපගේ බුදුරදුන් ප්රසාදිකය. අපගේ බුදුන් මධුරයෝය. ලැබෙනසුළුය. පින් ඇතියේ යයි විවාද කරන්නාහුයයි එනිසාද මෙසේ නූපදිති.
අපිචෙතං කාරණං මිලින්දරඤ්ඤා පුට්ඨෙන නාගසෙනත්ථෙරෙන විත්ථාරිතමෙව. වුත්තඤ්හි තත්ථ (මි· ප· 5.1.1) –
තවද මේ කාරණය මිලිඳු රජු විසින් විචාරන ලද්දේ නාගසේන හිමියන් විසින් විස්තර කරන ලදි. එහි කියන ලදි.
“භන්තෙ නාගසෙන, භාසිතම්පෙතං භගවතා – “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං – නෙතං ඨානං විජ්ජතී”ති (අ· නි· 1.277; ම· නි· 3.129). දෙසෙන්තා ච, භන්තෙ නාගසෙන, සබ්බෙපි තථාගතා සත්තතිංස බොධිපක්ඛියධම්මෙ දෙසෙන්ති, කථයමානා ච චත්තාරි අරියසච්චානි කථෙන්ති, සික්ඛාපෙන්තා ච තීසු සික්ඛාසු සික්ඛාපෙන්ති, අනුසාසමානා ච අප්පමාදපටිපත්තියං අනුසාසන්ති. යදි, භන්තෙ නාගසෙන, සබ්බෙසම්පි තථාගතානං එකා දෙසනා එකා කථා එකා සික්ඛා එකානුසිට්ඨි, කෙන කාරණෙන ද්වෙ තථාගතා එකක්ඛණෙ නුප්පජ්ජන්ති? එකෙනපි තාව බුද්ධුප්පාදෙන අයං ලොකො ඔභාසජාතො. යදි දුතියො බුද්ධො භවෙය්ය, ද්වින්නං පභාය අයං ලොකො භිය්‍යොසො මත්තාය ඔභාසජාතො භවෙය්ය. ඔවදන්තා ච ද්වෙ තථාගතා සුඛං ඔවදෙය්යුං, අනුසාසමානා ච සුඛං අනුසාසෙය්යුං. තත්ථ මෙ කාරණං දස්සෙහි යථාහං නිස්සංසයො භවෙය්ය”න්ති.
ස්වාමීන් වහන්ස, නාගසේන, භාග්‍යවතුන් විසින් මෙය කියන ලදි. මහණෙනි, එක ලෝක ධාතුවක් පෙර පසු නොවී බුදුවරු දෙදෙනෙක් උපදින්නාහුය. මෙය සිදු නොවේ. ස්වාමීන් වහන්ස, නාගසේන සියළු තථාගතවරු සත්තිස් බෝධි පාක්ෂික ධර්ම දේශනා කරති. චතුරාර්ය සත්‍ය දෙසති. ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මවති. අප්‍රමාද ප්‍රතිපත්තියෙන් අනුශාසනා කරති. ස්වාමීනි නාගසේන සියළු තථාගතයන්ගේ උද්දේස එකමය. කථා එකමය. සික්ඛා එකමය. අනුශාසනා එකමය. කුමන කරුණකින් තථාගත දෙදෙනෙක් එක කාලයේ පහළ නොවෙත්ද? එක බුදුවරයෙකුගෙන් මෙලොව ආලෝකයක් ඇතිවිය. බුදුවරු දෙදෙනෙක් උපදින්නාහු නම් ආලෝක දෙකක් ඇතිවී මේ ලෝකය බොහෝසෙයින් එළිය වැටෙන්නේය. බුදුවරු දෙදෙනෙකුට අවවාද දීමද පහසු වන්නේය. අනුශාසනාවද සැපසේ කරන්නේය. එහි මට කරුණු දක්වන්න. මට සැක නැති කරගැනීම පිණිස.
“අයං, මහාරාජ, දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී, එකස්සෙව තථාගතස්ස ගුණං ධාරෙති. යදි දුතියො බුද්ධො උප්පජ්ජෙය්ය, නායං දසසහස්සී ලොකධාතු ධාරෙය්ය, චලෙය්ය කම්පෙය්ය නමෙය්ය ඔනමෙය්ය විනමෙය්ය විකිරෙය්ය විධමෙය්ය විද්ධංසෙය්ය, න ඨානමුපගච්ඡෙය්ය.
මහරජතුමනි, මේ දසදහසක් සක්වල එකම බුදුවරයෙකු පමණක් දරන්නේය. එක බුදුවරයෙකුගේ ගුණ පමණක් දරන්නේය. බුදුවරු දෙදෙනෙක් උපදින්නේ නම් මේ දසදහසක් සක්වලට දැරීමට නොහැකි වන්නේය. සැලෙන්නේය. කම්පා වන්නේය. නැමෙන්නේය. පහත් වන්නේය. විශේෂයෙන් නැමෙන්නේය. විසිරෙන්නේය. විනාශ වන්නේය. කැඩීබිඳී යන්නේය. ස්ථානගත නොවන්නේය.
“යථා, මහාරාජ, නාවා එකපුරිසසන්ධාරණී භවෙය්ය, එකස්මිං පුරිසෙ අභිරූළ්හෙ සා නාවා සමුපාදිකා භවෙය්ය. අථ දුතියො පුරිසො ආගච්ඡෙය්ය තාදිසො ආයුනා වණ්ණෙන වයෙන පමාණෙන කිසථූලෙන සබ්බඞ්ගපච්චඞ්ගෙන. සො තං නාවං අභිරූහෙය්ය. අපිනු සා, මහාරාජ, නාවා ද්වින්නම්පි ධාරෙය්යා”ති? “න හි, භන්තෙ, චලෙය්ය කම්පෙය්ය නමෙය්ය ඔනමෙය්ය විනමෙය්ය විකිරෙය්ය විධමෙය්ය විද්ධංසෙය්ය, න ඨානමුපගච්ඡෙය්ය, ඔසීදෙය්ය උදකෙ”ති . “එවමෙව ඛො, මහාරාජ, අයං දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී එකස්සෙව තථාගතස්ස ගුණං ධාරෙති. යදි දුතියො බුද්ධො උප්පජ්ජෙය්ය, නායං දසසහස්සී ලොකධාතු ධාරෙය්ය, චලෙය්ය…පෙ… න ඨානමුපගච්ඡෙය්ය.
මහරජ, නැවක් එක් පුරුෂයකු පමණක් එගොඩ කිරීමට සමත් වන්නේය. එක් පුරුෂයකු පමණක් නැගුණුවිට ඒ නැව නිසල වන්නේය. තව පුරුෂයෙක් එන්නේය. ඔහුද වර්ණ හෝ ආයුෂ හෝව යසින් ප්‍රමාණයෙන් කෙට්ටු ස්ථුල යෙන් සියළු අඟපසඟවලින් පෙර පුරුෂයා මෙනි. හේ ඒ නැවට නැගෙන්නේය. මහරජ, ඒ නැව දෙන්නම දරන්නේද? නැත ස්වාමීනි. දරන්නේ නම් සැලෙන්නේය. කම්පා වන්නේය. පහත් වන්නේය. නැමෙන්නේය. විශේෂයෙන් සැලෙන්නේය. විසිරෙන්නේය. විනාශ වන්නේය. කැඩෙන්නේය. ස්ථානගත නොවන්නේය. එසේම මහරජ, එක බුදුවරයකු දරන මේ දස දහසක් ලෝකධාතුව එකම තථාගතයකුගේ ගුණ දරන්නේය. දෙවන බුදුවරයකු උපදින්නේ නම් මේ දස දහසක් ලෝකධාතුව නොදරන්නේය. සැලෙන්නේය........ ස්ථානය නොපෙනෙන්නේය.
“යථා වා පන, මහාරාජ, පුරිසො යාවදත්ථං භොජනං භුඤ්ජෙය්ය ඡාදෙන්තං යාවකණ්ඨමභිපූරයිත්වා. සො තතො පීණිතො පරිපුණ්ණො නිරන්තරො තන්දීගතො අනොනමිතදණ්ඩජාතො පුනදෙව තත්තකං භොජනං භුඤ්ජෙය්ය. අපිනු ඛො සො, මහාරාජ, පුරිසො සුඛිතො භවෙය්යා”ති? “න හි, භන්තෙ, සකිං භුත්තොව මරෙය්යා”ති. එවමෙව ඛො, මහාරාජ, අයං දසසහස්සී ලොකධාතු එකබුද්ධධාරණී…පෙ… න ඨානමුපගච්ඡෙය්යා”ති.
මහරජ, යම් පුරුෂයෙක් ඇති තරම් භෝජන අනුභව කරන්නේය. උගුර ළඟට එනතෙක් අනුභව කරන්නේය. හේ එමෙන් පනවන ලද්දේ පිරුනේ නිතර නිදිමත වූයේ නොනැමුණු දණ්ඩක් සේ කෙලින් සිටියේය. මහරජ, එපමණ භෝජන ගෙන අනුභව කොට මහරජ, ඒ පුරුෂයා සුවසේ සිටීද? නැත ස්වාමීනි, තවත් අනුභව කළොත් මැරෙන්නේයි. එසේම මහරජ, මේ දස දහසක් ලෝකධාතුව එකම බුදුවරයෙක් දරන්නේය...... (ස්ථානය) යන්නේය.
“කිං නු ඛො, භන්තෙ නාගසෙන, අතිධම්මභාරෙන පථවී චලතී”ති? “ඉධ, මහාරාජ, ද්වෙ සකටා රතනපරිපූරිතා භවෙය්යුං යාවස්මා මුඛසමා. එක සකටතො රතනං ගහෙත්වා එකම්හි සකටෙ ආකිරෙය්යුං. අපිනු තං, මහාරාජ, සකටං ද්වින්නම්පි සකටානං රතනං ධාරෙය්යා”ති? “න හි, භන්තෙ, නාභිපි තස්ස චලෙය්ය, අරාපි තස්ස භිජ්ජෙය්යුං, නෙමිපි තස්ස ඔපතෙය්ය, අක්ඛොපි තස්ස භිජ්ජෙය්යා”ති. “කින්නු ඛො, මහාරාජ, අතිරතනභාරෙන සකටං භිජ්ජතී”ති? “ආම, භන්තෙ”ති. “එවමෙව ඛො, මහාරාජ, අතිධම්මභාරෙන පථවී චලතීති.
ස්වාමීන් වහන්සේ, නාගසේන, අතිධර්ම භාරයෙන් පොළොව සැලේද? මහරජ, මෙහ රුවන් පිරවූ කරත්ත දෙකක් ඇත්නම් කොතගසා පුරවා ඇති රුවන් එක කරත්තයකින් ගෙන අනිත් කරත්තයේ පැටෙව්වොත් මහරජ, ඒ කරත්තය කරත්ත දෙකේම බර දරයිද? නැත ස්වාමීනි, එහි නාභිය සැලෙන්නේය. එහි ගරාදි කැඩෙන්නේය. එහි නේමිය පහළ වැටෙන්නේය. එහි අකුරද බිඳෙන්නේය. කිම මහරජ, අධික රුවන් පිරවූ කරත්තය බිඳෙන්නේද? එසේය ස්වාමීන් වහන්ස, එසේම මහරජ, අධික ධර්ම භාරයෙන් පොළොව සැලෙයි.
“අපිච, මහාරාජ, ඉමං කාරණං බුද්ධබලපරිදීපනාය ඔසාරිතං. අඤ්ඤම්පි තත්ථ පතිරූපං කාරණං සුණොහි යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ නුප්පජ්ජන්ති. යදි, මහාරාජ, ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං, පරිසාය විවාදො උප්පජ්ජෙය්ය – ‘තුම්හාකං බුද්ධො, අම්හාකං බුද්ධො’ති උභතොපක්ඛජාතා භවෙය්යුං. යථා, මහාරාජ, ද්වින්නං බලවාමච්චානං පරිසාය විවාදො උප්පජ්ජෙය්ය – ‘තුම්හාකං අමච්චො, අම්හාකං අමච්චො’ති උභතොපක්ඛජාතා හොන්ති; එවමෙව ඛො, මහාරාජ, යදි ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං, තෙසං පරිසාය විවාදො උප්පජ්ජෙය්ය – ‘තුම්හාකං බුද්ධො, අම්හාකං බුද්ධො’ති උභතොපක්ඛජාතා භවෙය්යුං. ඉදං තාව මහාරාජ එකං කාරණං යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ නුප්පජ්ජන්ති.
තවද මහරජ, මෙය බුද්ධබලය විස්තර කළ ඊට අනුරූප තවත් කරුණකි. එය අසන්න. බුදුවරු දෙදෙනෙක් එක කාලයෙහි නූපදින්නාහ. මහරජ, ඉපදෙන්නාහු නම් පිරිස අතර විවාද ඉපදෙන්නේය. ඔබලාගේ බුද්ධ අපගේ බුද්ධ කියා විවාද ඇතිවේ. පක්ෂ දෙකක් වන්නේය. මහරජ, යම්සේ බලවත් ඇමතිවරයෙකුගේ පිරිස අතර ඔබලාගේ ඇමති අපගේ ඇමති යයි විවාද ඇතිවී පක්ෂ දෙකක් වන්නේය. එසේම මහරජ, බුදුවරු දෙදෙනෙක් එක කාලය ඉපදුනොත් පිරිස අතර ඔබගේ බුදුන් අපගේ බුදුන් යයි විවාද ඇතිවී දෙකට බෙදෙන්නේය. මේ පළමු කාරණය අසන්න. බුදුවරු දෙදෙනෙක් එක් කාලයක නූපදින
“අපරම්පි උත්තරිං කාරණං සුණොහි යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ නුප්පජ්ජන්ති. යදි, මහාරාජ, ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ උප්පජ්ජෙය්යුං ‘අග්ගො බුද්ධො’ති යං වචනං තං මිච්ඡා භවෙය්ය, ‘ජෙට්ඨො බුද්ධො’ති ‘සෙට්ඨො බුද්ධො’ති ‘විසිට්ඨො බුද්ධො’ති ‘උත්තමො බුද්ධො’ති ‘පවරො බුද්ධො’ති ‘අසමො බුද්ධො’ති ‘අසමසමො බුද්ධො’ති ‘අප්පටිසමො බුද්ධො’ති ‘අප්පටිභාගී බුද්ධො’ති ‘අප්පටිපුග්ගලො බුද්ධො’ති යං වචනං තං මිච්ඡා භවෙය්ය. ඉදම්පි ඛො ත්වං, මහාරාජ, කාරණං තථතො සම්පටිච්ඡ යෙන කාරණෙන ද්වෙ සම්මාසම්බුද්ධා එකක්ඛණෙ නුප්පජ්ජන්ති.
තවද කරුණක් අසන්න. බුදුවරු දෙනමක් එකවර නූපදින කරුණ නම් එකවර ඉපදුනොත් අග්ගො බුද්ධො යන වචනය බොරු වන්නේය. ජෙට්ඨො සෙට්ඨො බුද්ධො යන වචන බොරු වන්නේය. ජෙට්ඨො බුද්ධො සෙට්ඨො බුද්ධො විසිට්ඨො බුද්ධො උත්තමො පවරො අසමො අසමසමො අප්පටිසමො අප්පටිභානො අප්පටි පුග්ගලො බුද්ධො යන වචන බොරු වන්නේය. මේ කරුණද මහරජ, බුදුවරු දෙදෙනෙක් එකවර නූපදීමට හේතු වේ.
“අපිච, මහාරාජ, බුද්ධානං භගවන්තානං සභාවපකති එසා යං එකොයෙව බුද්ධො ලොකෙ උප්පජ්ජති. කස්මා කාරණා? මහන්තත්තා සබ්බඤ්ඤුබුද්ධගුණානං. අඤ්ඤම්පි, මහාරාජ, යං ලොකෙ මහන්තං තං එකංයෙව හොති. පථවී, මහාරාජ, මහන්තා, සා එකායෙව; සාගරො මහන්තො, සො එකොයෙව; සිනෙරු ගිරිරාජා මහන්තො, සො එකොයෙව; ආකාසො මහන්තො, සො එකොයෙව; සක්කො මහන්තො, සො එකොයෙව; මහාබ්රහ්මා මහන්තො, සො එකොයෙව; තථාගතො අරහං සම්මාසම්බුද්ධො මහන්තො, සො එකොයෙව ලොකස්මිං. යත්ථ තෙ උප්පජ්ජන්ති තත්ථ අඤ්ඤෙසං ඔකාසො න හොති. තස්මා, මහාරාජ, තථාගතො අරහං සම්මාසම්බුද්ධො එකොයෙව ලොකෙ උප්පජ්ජතී”ති.
මහරජ, එක් බුදුවරයකු පමණක් එකවර පහළ වීම බුදුවරුන්ගේ ස්වභාව ප්රකෘතියක්මය. කවර හෙයින්ද? සර්වඥ ගුණ කරුණ මහත් නිසා තවද මහරජ, යමක් මහත්වයට පැමිණ ඇතිනම් ඒ එකක්මය. මහරජ, පොළොව මහත් තත්ත්වයට පැමිණ ඇත. ඒ එකක්මය. සාගරය, මහාමේරුව, ආකාශය මහත්වයට පැමිණ ඇත. ඒ එකක එකක්ම වේ. ශක්‍රයා මහත්වයට පැමිණ සිටී. එක්කෙනෙක්මය. බ්‍රහ්මයා මහත්වයට පැමිණ ඇත. එක්කෙනෙකි. එසේම තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ මහත්වයට පැමිණ සිටිති. එක්කෙනෙක්මය. යම්තැනක උපදී නම් එහි තවත් කෙනෙකුට අවකාස නැත. එනිසා තථාගත අර්හත් සම්මා සම්බුද්ධයන් වහන්සේ එක් කෙනෙක්ම ලෝකයේ උපදිති.
“සුකථිතො, භන්තෙ නාගසෙන, පඤ්හො ඔපම්මෙහි කාරණෙහී”ති (මි· ප· 5.1.1).
ස්වාමීන් වහන්ස නාගසේන ප්‍රශ්න උපමා කරුණුවලින් හොඳින් කියන ලදි.
එකිස්සා ලොකධාතුයාති එකස්මිං චක්කවාළෙ. හෙට්ඨා ඉමිනාව පදෙන දස චක්කවාළසහස්සානි ගහිතානි. තානිපි එකචක්කවාළෙනෙව පරිච්ඡින්දිතුං වට්ටන්ති. බුද්ධා හි උප්පජ්ජමානා ඉමස්මිංයෙව චක්කවාළෙ උප්පජ්ජන්ති; උප්පජ්ජනට්ඨානෙ පන වාරිතෙ ඉතො අඤ්ඤෙසු චක්කවාළෙසු න උප්පජ්ජන්තීති වාරිතමෙව හොති. අපුබ්බං අචරිමන්ති එත්ථ චක්කරතනපාතුභාවතො පුබ්බෙ පුබ්බං, තස්සෙව අන්තරධානතො පච්ඡා චරිමං. තත්ථ ද්විධා චක්කරතනස්ස අන්තරධානං හොති – චක්කවත්තිනො කාලකිරියාය වා පබ්බජ්ජාය වා. අන්තරධායමානඤ්ච පන තං කාලකිරියතො වා පබ්බජ්ජතො වා සත්තමෙ දිවසෙ අන්තරධායති. තතො පරං චක්කවත්තිනො පාතුභාවො අවාරිතො. කස්මා පන එකචක්කවාළෙ ද්වෙ චක්කවත්තිනො නුප්පජ්ජන්තීති? විවාදුපච්ඡෙදතො අනච්ඡරියභාවතො චක්කරතනස්ස මහානුභාවතො ච. ද්වීසු හි උප්පජ්ජන්තෙසු ‘අම්හාකං රාජා මහන්තො, අම්හාකං රාජා මහන්තො’ති විවාදො උප්පජ්ජෙය්ය. ‘එකස්මිං දීපෙ චක්කවත්තී, එකස්මිං දීපෙ චක්කවත්තී’ති ච අනච්ඡරියො භවෙය්ය. යො චායං චක්කරතනස්ස ද්විසහස්සදීපපරිවාරෙසු චතූසු මහාදීපෙසු ඉස්සරියානුප්පදානසමත්ථො මහානුභාවො, සො පරිහායෙය්ය. ඉති විවාදුපච්ඡෙදතො අනච්ඡරියභාවතො චක්කරතනස්ස මහානුභාවතො ච න එකචක්කවාළෙ ද්වෙ උප්පජ්ජන්ති.
එකිස්සා ලෝකධාතුයා යනු එක් සක්වලක යට මේ පදයෙන්ම දස දහසක් සක්වල ගන්නා ලදි. ඒවාද එක සක්වලකින් පිරිසිඳින්නට නොවටී. බුදුවරු මේ සක්වලෙහිම උපදිති. ඉපදීම වළක්වන ලද නමුත් මෙයින් අන්‍ය වූ සක්වලක නූපදිති. අපුබ්බං අචරිමං මෙහි සත්රුවන පහළ වීමෙන් පෙර පුබ්බ වේ. එහිම අතුරුදහන් වීමෙන් පසු චරිම වේ. එහි සත්රුවන දෙපරිද්දකින් අතුරුදහන් වන්නේය. සක්විති රජුගේ කාලක්‍රියාවෙන් හෝ පැවිදිවීමේ හෝ යන දෙකින් එය අතුරුදහන් වන්නේද කළුරිය කිරීමෙන් හෝ පැවිදි වීමෙන් හෝ සත්වන දිනයේය. ඉන්පසු සක්විතිවරුන්ගේ පහළවීම අවාරිතය. එක් සක්වලක් සක්විති රජවරුන් දෙදෙනෙකු නූපදින්නේ ඇයි? විවාදයට හේතුවන නිසාය. ආශ්චර්ය නොවන නිසාය. සත්රුවනේ මහානුභාව නිසායි. දෙදෙනෙකු උපන් කල්හි අපගේ රජ මහත්ය. අපගේ රජ මහත් යයි විවාද උපදින්නේය.
යං ඉත්ථො අරහං අස්ස සම්මාසම්බුද්ධොති එත්ථ තිට්ඨතු තාව සබ්බඤ්ඤුගුණෙ නිබ්බත්තෙත්වා ලොකත්තාරණසමත්ථො බුද්ධභාවො, පණිධානමත්තම්පි ඉත්ථියා න සම්පජ්ජති.
යං ඉත්ථි අරහං අස්ස සම්මා සම්බුද්ධො සර්වඥ ගුණ උපදවා ලෝකයා එතෙර කිරීමට සමත් බුද්ධානුභාවය තිබියේවා. ප්රාර්ථනාවටද ස්ත්‍රිය නොපැමිණේ.
“මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣතී”ති. (බු· වං· 2.59);
මිනිස් ලිඟු සම්පත - හේතු ද බුදුන් දැකුමද පැවිදි ගුණයුත් බව - දුරයද කැමතිවීමද යන කරුණු අටඟින් - “අභිනීහාර” සපිරේ
ඉමානි හි පණිධානසම්පත්තිකාරණානි. ඉති පණිධානම්පි සම්පාදෙතුං අසමත්ථාය ඉත්ථියා කුතො බුද්ධභාවොති “අට්ඨානමෙතං, අනවකාසො යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො”ති වුත්තං. සබ්බාකාරපරිපූරො වා පුඤ්ඤුස්සයො සබ්බාකාරපරිපූරමෙව අත්තභාවං නිබ්බත්තෙතීති පුරිසොව අරහං හොති සම්මාසම්බුද්ධො.
මෙම ප්රාණිධානසම්පත්ති කරුණු වේ. ප්රණිධානයද සම්පාදනය කිරීමට අසමත් ස්ත්‍රියට බුදුබවක් කොයින්ද, “මහණෙනි, යම් ස්ත්‍රියක් රහත්ව සම්මා සම්බුද්ධවීම යන මේ කරුණට අවකාස නැත්තේය. මෙය සිදු නොවේ” යයි කියන ලදි. සියළු ආකාරයෙන් සම්පූර්ණව හෝ පින් ඉතිරීමෙන් සම්පූර්ණ වූම හෝ ආත්ම භාවයක් ඇතිවී පුරුෂයාම රහත්ව සම්මා සම්බුද්ධ වේ. ස්ත්‍රිය නොවේ.
යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තීතිආදීසුපි යස්මා ඉත්ථියා කොසොහිතවත්ථගුය්හාදීනං අභාවෙන ලක්ඛණානි න පරිපූරෙන්ති, ඉත්ථිරතනභාවෙන සත්තරතනසමඞ්ගිතා න සම්පජ්ජති, සබ්බමනුස්සෙහි ච අධිකො අත්තභාවො න හොති, තස්මා “අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථී රාජා අස්ස චක්කවත්තී”ති වුත්තං. යස්මා ච සක්කත්තාදීනිපි තීණි ඨානානි උත්තමානි, ඉත්ථිලිඞ්ගඤ්ච හීනං , තස්මා තස්සා සක්කත්තාදීනිපි පටිසිද්ධානි. නනු ච යථා ඉත්ථිලිඞ්ගං එවං පුරිසලිඞ්ගම්පි බ්රහ්මලොකෙ නත්ථි, තස්මා “යං පුරිසො බ්රහ්මත්තං කාරෙය්ය – ඨානමෙතං විජ්ජතී”තිපි න වත්තබ්බං සියාති? නො න වත්තබ්බං. කස්මා? ඉධ පුරිසස්ස තත්ථ නිබ්බත්තනතො. බ්රහ්මත්තන්ති හි මහාබ්රහ්මත්තං අධිප්පෙතං. ඉත්ථී ච ඉධ ඣානං භාවෙත්වා කාලං කත්වා බ්රහ්මපාරිසජ්ජානං සහබ්යතං උපපජ්ජති, න මහාබ්රහ්මානං. පුරිසො පන තත්ථ න උප්පජ්ජතීති න වත්තබ්බො. සමානෙපි චෙත්ථ උභයලිඞ්ගාභාවෙ පුරිසසණ්ඨානාව බ්රහ්මානො, න ඉත්ථිසණ්ඨානා. තස්මා සුවුත්තමෙවෙතං.
“යම් ස්ත්‍රියක් සක්විති රජ වන්නේය. ආදියෙහි ස්ත්‍රියට කොසොහිත වත්ථගුය්හ ආදියේ නොවීමෙන් ලක්ෂණ සම්පූර්ණ නොවේ. ස්ත්රීරතන අභාවයෙන් සත් රතන සම්පූර්ණ නොවේ. සියළු මිනිසුන්ට වඩා අධික වූ ආත්මයක් නැත. එහෙයින් “යම් ස්ත්‍රියක් සක්විති රජ වන්නේය යන මෙය නොවේ, අවකාශ රහිතය” යයි කියන ලදි. ශක්රභාවාදි තුන උතුම්ය. ස්ත්‍රීලිංගය හීනය. එහෙයින් ඒ ශක්‍ර භවාදිය සිදු නොවේ. බ්‍රහ්ම ලෝකයෙහි ස්ත්‍රී ලිංගය මෙන් පුරුෂ ලිංගයද නැත. එහෙයින් යම් පුරුෂයෙක් බ්රහ්මත්තය සිදු කරන්නේය යන මෙය තිබේ යයිද නොකිවයුතු වන්නේද? නැත නොකිවයුතු වන්නේය. කුමක් නිසාද? මෙහි පුරුෂයෙකුට එහි ඉපදෙන බවෙන් බ්‍රහ්මදත්ත යයි මහා බ්‍රහ්ම බව අදහස් කරයි. ස්ත්‍රියද මෙහි ධ්‍යාන වඩා කලුරිය කොට බ්‍රහ්ම පාරිසජ්ජයේ සහවාසයේ උපදියි. මහා බ්රහ්මභාවයෙහි නොවේ. පුරුෂයෙක් එහි උපදින්නේ නැතැයි නොකිව යුතුය. මෙහි දෙදෙනාම සමානය. ඒ ලිංග අභාවයෙහි පුරිස් ලකුණු හෝ ඉතිරි ලකුණු බ්‍රහ්ම ලෝකයේ නැත. එහෙයින් මෙය මනාසේ කියන ලදි.
කායදුච්චරිතස්සාතිආදීසු යථා නිම්බබීජකොසාතකීබීජාදීනි මධුරං ඵලං න නිබ්බත්තෙන්ති, අසාතං අමධුරමෙව නිබ්බත්තෙන්ති, එවං කායදුච්චරිතාදීනි මධුරං විපාකං න නිබ්බත්තෙන්ති, අමධුරමෙව නිබ්බත්තෙන්ති. යථා ච උච්ඡුබීජසාලිබීජාදීනි මධුරං සාධුරසමෙව ඵලං නිබ්බත්තෙන්ති, න අසාතං කටුකං, එවං කායසුචරිතාදීනි මධුරමෙව විපාකං නිබ්බත්තෙන්ති, න අමධුරං. වුත්තම්පි චෙතං –
කාය දුච්චරිතස්ස - යනාදියෙහි යම්සේ කොසඹ බීජ කරවිල බීජාදිය මිහිරි ඵල නො උපදවයි. අමිහිරි අමධුරම උපදවයි. එසේම කාය දුශ්චරිත ආදිය මිහිරි විපාක නො උපදවයි. අමිහිරිම උපදවයි. උක් බීජ හාල් බීජාදිය මිහිරි වූ මිහිරි රසැති ඵලම උපදවයි. අමිහිරි කටුක නූපදවයි. එසේම කාය සුචරිතාදිය මිහිරි විපාකම උපදවයි. අමධුර නූපදවයි.
“යාදිසං වපතෙ බීජං, තාදිසං හරතෙ ඵලං; කල්‍යාණකාරී කල්‍යාණං, පාපකාරී ච පාපකන්ති. (සං· නි· 1.256);
වපුරන විලස බිජු - පල ලැබූමද එලෙසමය කළණාට යහපත - පවිටාට අයහපත වේ
තස්මා “අට්ඨානමෙතං අනවකාසො, යං කායදුච්චරිතස්සා”තිආදි වුත්තං.
එහෙයින් අට්ඨානමෙතං අනවකාසො යං කාය දුච්චරිතස්ස ආදිය කියන ලදි.
කායදුච්චරිතසමඞ්ගීතිආදීසු සමඞ්ගීති පඤ්චවිධා සමඞ්ගිතා – ආයූහනසමඞ්ගිතා, චෙතනාසමඞ්ගිතා, කම්මසමඞ්ගිතා, විපාකසමඞ්ගිතා, උපට්ඨානසමඞ්ගිතාති. තත්ථ කුසලාකුසලකම්මායූහනක්ඛණෙ ‘ආයූහනසමඞ්ගිතා’ වුච්චති. තථා ‘චෙතනාසමඞ්ගිතා’. යාව පන අරහත්තං න පාපුණන්ති තාව සබ්බෙපි සත්තා පුබ්බෙ උපචිතං විපාකාරහං කම්මං සන්ධාය කම්මසමඞ්ගිනොති වුච්චන්ති – එසා ‘කම්මසමඞ්ගිතා’. ‘විපාකසමඞ්ගිතා’ පන විපාකක්ඛණෙයෙව වෙදිතබ්බා. යාව පන සත්තා අරහත්තං න පාපුණන්ති තාව තෙසං තතො තතො චවිත්වා නිරයෙ තාව උප්පජ්ජමානානං අග්ගිජාලලොහකුම්භීආදීහි උපට්ඨානාකාරෙහි නිරයො, ගබ්භසෙය්යකත්තං ආපජ්ජමානානං මාතුකුච්ඡි, දෙවෙසු උප්පජ්ජමානානං කප්පරුක්ඛවිමානාදීහි උපට්ඨානාකාරෙහි දෙවලොකොති එවං උපපත්තිනිමිත්තං උපට්ඨාති. ඉති නෙසං ඉමිනා උප්පත්තිනිමිත්තූපට්ඨානෙන අපරිමුත්තත්තා ‘උපට්ඨානසමඞ්ගිතා’ නාම. සාව චලති, සෙසා නිච්චලා. නිරයෙ හි උපට්ඨිතෙපි දෙවලොකො උපට්ඨාති; දෙවලොකෙ උපට්ඨිතෙපි නිරයො උපට්ඨාති; මනුස්සලොකෙ උපට්ඨිතෙපි තිරච්ඡානයොනි උපට්ඨාති; තිරච්ඡානයොනියා ච උපට්ඨිතායපි මනුස්සලොකො උපට්ඨාතියෙව.
කාය දුච්චරිත සමංගි යනාදියෙහි සමංගි යනාදියෙහි සමංගි යනු පඤ්චවිධ යුක්ත වීමය. ආයුහත, චේතනා, කම්ම, විපාක, උපට්ඨාන යනුවෙනි. එහි කුසල අකුසල කර්ම රැස්කරන ක්ෂණයෙහි ආයුතනයෙන් යුක්ත වේ. චේතනාවෙන් යුක්ත වීමද එසේය. රහත් බවට පැමිණෙනතුරු සියළු සත්ත්වයන් පෙර රැස්කළ විපාකවලට සුදුසු කර්ම සඳහා කම්මා යූහන යයි කියනු ලැබේ. මෙය කම්ම සමංගිතාව වේ. විපාක සමංගිතාව විපාක ක්ෂණයෙහිම දතයුතුය. යම්තාක් සත්ත්වයා රහත් බවට නොපැමිණේද ඒ තාක් ඔවුන් එයින් චුතවී නිරයෙහි උපදින්නේ ගිනිදැල් ලොහොකුඹු ආදියෙන් වැටහෙන ආකාරයෙන් නිරයෙහිය. ගැබ් පිළිසිඳ ගැනීමට පැමිණෙන්නේ මව්කුස දේවයෝනිවල උපදින්නේ කල්පවෘක්ෂ විමානාදියෙන් වැටහෙන ආකාරය අනුව දෙව්ලොව යයි මෙසේ උපන් නිමිති වැටහේ. මේ නිමිති ඉපදීමෙන් නොමිදෙන නිසා උපට්ඨාන සමංගිතා වේ.
තත්රිදං වත්ථු – සොණගිරිපාදෙ කිර අචෙලවිහාරෙ සොණත්ථෙරො නාම එකො ධම්මකථිකො. තස්ස පිතා සුනඛවාජිකො නාම ලුද්දකො අහොසි. ථෙරො තං පටිබාහන්තොපි සංවරෙ ඨපෙතුං අසක්කොන්තො ‘මා නස්සි වරාකො’ති මහල්ලකකාලෙ අකාමකං පබ්බාජෙසි. තස්ස ගිලානසෙය්යාය නිපන්නස්ස නිරයො උපට්ඨාසි. සොණගිරිපාදතො මහන්තා මහන්තා සුනඛා ආගන්ත්වා ඛාදිතුකාමා විය සම්පරිවාරෙසුං. සො මහාභයභීතො “වාරෙහි, තාත සොණ! වාරෙහි, තාත සොණා”ති ආහ. “කිං මහාථෙරා”ති? “න පස්සසි, තාතා”ති තං පවත්තිං ආචික්ඛි. සොණත්ථෙරො ‘කථඤ්හි නාම මාදිසස්ස පිතා නිරයෙ නිබ්බත්තිස්සති, පතිට්ඨාහමස්ස භවිස්සාමී’ති සාමණෙරෙහි නානාපුප්ඵානි ආහරාපෙත්වා චෙතියඞ්ගණබොධියඞ්ගණෙසු මාලාසන්ථාරපූජඤ්ච ආසනපූජඤ්ච කාරෙත්වා පිතරං මඤ්චෙන චෙතියඞ්ගණං හරිත්වා මඤ්චෙ නිපජ්ජාපෙත්වා “අයං මෙ, මහාථෙර, පූජා තුම්හාකං අත්ථාය කතා; ‘අයං මෙ, භගවා, දුග්ගතපණ්ණාකාරො’ති වත්වා භගවන්තං වන්දිත්වා චිත්තං පසාදෙහී”ති ආහ. සො මහාථෙරො පූජං දිස්වා තථාකරොන්තො චිත්තං පසාදෙසි. තාවදෙවස්ස දෙවලොකො උපට්ඨාසි, නන්දවනචිත්තලතාවනමිස්සකවනඵාරුසකවනවිමානානි චෙව දෙවනාටකානි ච පරිවාරෙත්වා ඨිතානි විය අහෙසුං. සො “අපෙථ, සොණ! අපෙථ, සොණා”ති ආහ. “කිමිදං, මහාථෙරා”ති? “එතා තෙ, තාත, මාතරො ආගච්ඡන්තී”ති. ‘ථෙරො සග්ගො උපට්ඨිතො මහාථෙරස්සා’ති චින්තෙසි . එවං උපට්ඨානසමඞ්ගිතා චලතීති වෙදිතබ්බා. එතාසු සමඞ්ගිතාසු ඉධ ආයූහනචෙතනාකම්මසමඞ්ගිතාවසෙන “කායදුච්චරිතසමඞ්ගී”තිආදි වුත්තං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
ඒ සඳහා මේ වස්තුවයි. සෝණ ගිරිපාදයෙහි පිප්ඵලි විහාරයෙහි සෝණ ථෙර නම් එක් ධර්ම කථික හිමිනමක් විය. උන්වහන්සේගේ පියා සුනඛවාජික නම් වැද්දෙක් විය. ස්ථවිරයෝ ඔහු වළක්වන්නේ සංවරයෙහි තැබීමට නොහැකි වන්නේ වරාකය නොනැසේවයි මහළු කාලයෙහි පැවිදි කළේය. ඔහුට ගිලන්ව වැදහොත් කාලයේ නිරය වැටහුනේය. සෝණගිරි පාදයෙන් මහා සුනඛයෝ පැමිණ ඔහු කනු කැමතිව මෙන් වටකළහ. හේ මහත් බියට පැමිණ දරුව, සෝණ වළක්වන්න යයි කීහ. මහතෙර කුමක්ද? නොපෙනේ, පියාණෙනි. ඒ පුවත කීවේය. සොණ තෙර මා බඳුවූවකුගේ පියා කෙසේ නම් නිරයේ උපදින්නේ යයි මොහුට පිහිට වුව මැනවැයි සාමණේරවරුන් ලවා නොයෙක් මල් ගෙන්වාගෙන සෑමලු බෝමලුවල මල්මාලා පූජාද ආසන පූජාද කරවා පියා ඇඳෙන් සෑමලුවට පමුණුවා ඇඳෙහි හොවා මේ මහා ස්ථවිරයන් ඔබේ ප්‍රයෝජනය සඳහා පූජා කරන ලදි. මේ මගේ භාග්‍යවතුන් වහන්ස, දුප්ත් පඬුරුයි, කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ හිත පහදවා ගන්න යයි කීහ. හේ මහතෙර පූජා දැක එසේ කරන්නේ සිත පැහැදවීය. එකෙණෙහි ඔහුට දෙව්ලොව වැටහුණේය. නන්දන වනය චිත්‍රලතා වනය මිස්සක වන ඵාරුසක වන විමානද දෙව් නිළියන් පිරිවරා සිටිනවා මෙන් විය. හේ පහවෙව සෝණ, පහවෙව සෝණ කීය. කුමක්දැයි මහතෙර ඇසීය. මේ ඔබේ මව්වරු එතියි තෙර ස්වර්ග වැටහේ යයි සිතීය. උපට්ඨාන සමංගිතා සැලේ යයි දතයුතුය.
පඨමබලනිද්දෙසවණ්ණනා.
පඨම බල නිද්දේසයයි.