8: අට්ඨකනිද්දෙසවණ්ණනා අට්ඨකථා
(8:) අට්ඨකනිද්දෙසවණ්ණනා
(8:) අට්ඨකනිද්දෙසවණ්ණනා
අට්ඨකනිද්දෙසෙ කිලෙසායෙව කිලෙසවත්ථූනි. කුසීතවත්ථූනීති කුසීතස්ස අලසස්ස වත්ථූනි, පතිට්ඨා, කොසජ්ජකාරණානීති අත්ථො. කම්මං කාතබ්බං හොතීති චීවරවිචාරණාදිකම්මං කාතබ්බං හොති. න වීරියං ආරභතීති දුවිධම්පි වීරියං නාරභති. අප්පත්තස්සාති ඣානවිපස්සනාමග්ගඵලධම්මස්ස අප්පත්තස්ස පත්තියා. අනධිගතස්සාති තස්සෙව අනධිගතස්ස අධිගමත්ථාය. අසච්ඡිකතස්සාති තස්සෙව අසච්ඡිකතස්ස සච්ඡිකරණත්ථාය. ඉදං පඨමන්ති ‘ඉදං හන්දාහං නිපජ්ජාමී’ති එවං ඔසීදනං පඨමං කුසීතවත්ථු. ඉමිනා නයෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බො.
අට්ඨක නිද්දේසයෙහි කෙලෙස්ම කිලෙසවත්ථුති වේ. කුසීත වත්‍ථුති යනු කුසීතයාගේ අලසයාගේ වස්තු පිහිටීම. කුසීතවීමට හේතු යන අර්ථයයි. කම්මං කත්තබ්බං හොති යනු චීවර පිළියෙල කිරීම් ආදි කර්මාන්ත කළයුතු වේ. න විරියං ආරභති දෙයාකාර වීර්යම ආරම්භ නොකරයි. අප්පත්තස්සා යනු විපස්සනා මග්ග ඵල ධර්මවලට නොපැමිණි පැමිණි පිණිස අනධිගතස්ස එම අනධිගමයේ අධිගමය පිණිස. අසච්ඡිකතස්ස එහිම සාක්ෂාත් නොකළ දේ සාක්ෂාත් කරනු පිණිස. ඉදං පඨමං දැන් බැහැ මම නිදාගනිමි යයි මෙසේ පසුබැසීම පළමු කුසීත වස්තුවයි. මෙයින් සියළු තන්හි අර්ථය දතයුතුය.
මාසාචිතං මඤ්ඤෙති එත්ථ පන මාසාචිතං නාම තින්තමාසො; යථා තින්තමාසො ගරුකො හොති, එවං ගරුකොති අධිප්පායො. ගිලානා වුට්ඨිතො හොතීති ගිලානො හුත්වා පච්ඡා වුට්ඨිතො හොති.
මාසාචිතං මඤ්ඤෙ යනු මෙහි මාසාචිත නම් තෙත මාසයයි. යම්සේ තෙත මාසය ගරුක වේද මෙසේ ගරුක වේ යන අදහසයි. ගිලානාවුට්ඨිතො හොති ගිලන්ව සිට පසුව නැගිටීම වේ.
අට්ඨසු ලොකධම්මෙසූති එත්ථ ලොකස්ස ධම්මාති ලොකධම්මා. එතෙහි විමුත්තො නාම නත්ථි, බුද්ධානම්පි හොන්ති එව. තස්මා ‘ලොකධම්මා’ති වුච්චන්ති. පටිඝාතොති පටිහඤ්ඤනාකාරො. ලාභෙ සාරාගොති ‘අහං ලාභං ලභාමී’ති එවං ගෙහසිතසොමනස්සවසෙන උප්පන්නො සාරාගො; සො චිත්තං පටිහනති. අලාභෙ පටිවිරොධොති ‘අහං ලාභං න ලභාමී’ති දොමනස්සවසෙන උප්පන්නවිරොධො; සොපි චිත්තං පටිහනති. තස්මා ‘පටිඝාතො’ති වුත්තො. යසාදීසුපි ‘අහං මහාපරිවාරො, අහං අප්පපරිවාරො, අහං පසංසප්පත්තො, අහං ගරහප්පත්තො, අහං සුඛප්පත්තො, අහං දුක්ඛප්පතො’ති එවමෙතෙසං උප්පත්ති වෙදිතබ්බා. අනරියවොහාරාති අනරියානං වොහාරා.
අට්ඨසු ලෝකධම්මෙසු මෙහි ලෝකයේ ධර්ම ලෝකධම්මො මෙයින් මිදුනෙක් නම් නැත. බුදුවරුන්ටද වේ. එහෙයින් ලෝක ධර්ම යයි කියනු ලබත්. පටිඝාතො යනු නසන ආකාරයයි. ලාභෙ සාරාගො මම ලාබ ලබමියි මෙසේ ගෙහසිත සොම්නස් වශයෙන් උපන් රාගය. එය සිත නසයි. අලාභෙන පටි විරොධො මම ලාභ නොලබමියි දොම්නස් වශයෙන් උපන් විරෝධය. එයද සිත නසයි. එනිසා පටිඝාතො යයි කියන ලදි. යස ආදියෙහිද මම බොහෝ පිරිවර මම අඩු පිරිවර මම ප්‍රශංසාවට පැමිණ මම නින්දාවට පැමිණ මම සැපයට පැමිණ මම දුකට පැමිණ මෙසේ මේවායෙහි ඉපදීම දතයුතුය. අනරියවොහාරා අනාර්යන්ගේ ව්‍යවහාරයයි.
පුරිසදොසාති පුරිසානං දොසා. න සරාමීති ‘මයා එතස්ස කම්මස්ස කතට්ඨානං න සරාමි න සල්ලක්ඛෙමී’ති එවං අස්සතිභාවෙන නිබ්බෙඨෙති මොචෙති. චොදකංයෙව පටිප්ඵරතීති පටිවිරුද්ධො හුත්වා ඵරති, පටිභාණිතභාවෙන තිට්ඨති. කිං නු ඛො තුය්හන්ති ‘තුය්හං බාලස්ස අබ්යත්තස්ස භණිතෙන නාම කිං’ යො ත්වං නෙව වත්ථුනා ආපත්තිං, න චොදනං ජානාසී’ති දීපෙති; ‘ත්වං පි නාම එවං කිඤ්චි අජානන්තො භණිතබ්බං මඤ්ඤිස්සසී’ති අජ්ඣොත්ථරති. පච්චාරොපෙතීති ‘ත්වං පි ඛොසී’තිආදීනි වදන්තො පටිආරොපෙති. පටිකරොහීති දෙසනාගාමිනිං දෙසෙහි, වුට්ඨානගාමිනිතො වුට්ඨාහි තතො සුද්ධන්තෙ පතිට්ඨිතො අඤ්ඤං චොදෙස්සසී’ති දීපෙති.
පුරිසදොසා යනු පුරුෂයින්ගේ දොස් න සරාමි මම මොහු කළ දේ සිහි නොකරමි. නොසලකමි. මෙසේ නොමැතිවීමෙන් නොවෙළයි. මුදවයි. වොදකං යෙව පටිප්ඵරති විරුද්ධව සිට පතුරුවයි. නැවත කතා කිරීමෙන් සිටියි. කින්නුඛො තුය්හං යනු ඔබ වගේ බාලයකුගේ අව්යක්තයකුගේ බිණීමෙන් කිම? ඔබ ඇවතට නොපැමිණි චෝදනාව නොදන්නේදැයි දක්වයි. ඔබ කිසිවක් නොදන්නේ කිවයුතුද සිතන්නේ යයි මඩියි. පච්චාරොපෙති ඔබද කවුදැයි ආදිය කියන්නේ නැවත ආරෝපණය කරයි. පටිකරොහි දේසනාගාමිනිය දෙසන්න. වුට්ඨාන ගාමිනියෙන් නැගී සිටින්න. එයින් ඔබ සැපසේ පිහිටියේ අනිකක් චෝදනා කරන්න යයි දක්වයි.
අඤ්ඤෙනාඤ්ඤං පටිචරතීති අඤ්ඤෙන කාරණෙන වචනෙන වා අඤ්ඤං කාරණං වචනං වා පටිච්ඡාදෙති. ‘ආපත්තිං ආපන්නොසී’ති වුත්තො ‘කො ආපන්නො? කිං ආපන්නො? කථං ආපන්නො? කිස්මිං ආපන්නො? කං භණථ? කිං භණථා’ති වදති. ‘එවරූපං කිඤ්චි තයා දිට්ඨ’න්ති වුත්තෙ ‘න සුණාමී’ති සොතං වා උපනෙති. බහිද්ධා කථං අපනාමෙතීති ‘ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නොසී’ති පුට්ඨො ‘පාටලිපුත්තං ගතොම්හී’ති වත්වා පුන ‘තව පාටලිපුත්තගමනං න පුච්ඡාමා’ති වුත්තෙ ‘තතො රාජගහං ගතොම්හී’ති ‘රාජගහං වා යාහි, බ්රාහ්මණගෙහං වා; ආපත්තිං ආපන්නොසී’ති? ‘තත්ථ මෙ සූකරමංසං ලද්ධ’න්තිආදීනි වදන්තො කථං බහිද්ධා වික්ඛිපති. කොපන්ති කුපිතභාවං. දොසන්ති දුට්ඨභාවං. උභයම්පෙතං කොධස්සෙව නාමං. අප්පච්චයන්ති අසන්තුට්ඨාකාරං; දොමනස්සස්සෙතං නාමං. පාතුකරොතීති දස්සෙති පකාසෙති. බාහාවික්ඛෙපකං භණතීති බාහා වික්ඛිපිත්වා අලජ්ජිවචනං වදති. විහෙසෙතීති විහෙඨෙති බාධති. අනාදියිත්වාති චිත්තීකාරෙන අග්ගහෙත්වා අවජානිත්වා; අනාදරො හුත්වාති අත්ථො.
අඤ්ඤෙනඤ්ඤං පටිවිරති යනු අනිත් හේතුවකින් වචනයෙන් අනිත් හේතුවක් වචනයක් වසයි. ඇවතට පැමිණියෙහිදැයි කී කල්හි කවුද පැමිණියේ? කුමකටද පැමිණියේ? කෙසේද පැමිණියේ? කොහේදීද පැමිණියේ? කුමක්ද කියන්නෙ? යයි කියයි. මෙබඳු වූ යමක් ඔබ දකිනා ලද්දෙහිද කීමෙන් ඇසුනෙමි. කතා නොකරයි. බහිද්ධ කථං අපනාමෙති මෙබඳු නම් ඇවතට පැමිණියෙහිද විචාල කල පැලලුප් නුවර ගියෙමියි කියා නැවත ඔබේ පැලලුප් නුවර ගමන නොවිචාලෙමුයි කී කල්හි එයින් රජගහ ගියෙමියි රාජගහට හෝ යව, බ්‍රාහ්මණ ගෙයක හෝ ඇවතට පැමිණියෙහිද එහි මට ඌරුමස් ලැබුනේය ආදිය කියමින් කතාව බැහැරට විසුරුවයි. කොපං කිපි බව. දොසං දූෂිත බව මේ දෙකම ක්‍රෝධයට නම් වේ. අප්පච්චයං අසන්තෝෂ ආකාරය. මෙය දොම්නස වේ. පාතුකරොති දක්වයි. ප්‍රකාශ කරයි. බාහා වික්ඛෙපකං භණති අත් විසුකරමින් ලැජ්ජ නැති වචන කතා කරයි. විහෙසෙති වෙළයි. බාධා කරයි. අනාදියිත්වා ගෞරවයෙන් නොගෙන අවමන් කොට අනාදර කොට යන අර්ථයය.
අතිබාළ්හන්ති අතිදළ්හං අතිප්පමාණං. මයි බ්යාවටාති මයි බ්යාපාරං ආපන්නා. හීනායාවත්තිත්වාති හීනස්ස ගිහිභාවස්ස අත්ථාය ආවත්තිත්වා; ගිහී හුත්වාති අත්ථො. අත්තමනා හොථාති තුට්ඨචිත්තා හොථ, ‘මයා ලභිතබ්බං ලභථ, මයා වසිතබ්බට්ඨානෙ වසථ, ඵාසුවිහාරො වො මයා කතො’ති අධිප්පායෙන වදති.
අතිබාළ්හං ඉතා දැඩි, ප්‍රමාණයට වැඩි. මයිව්යාවටා මා කෙරෙහි ව්‍යාපාරයට පැමිණියා. හීනයාවත්තිත්වා හීන වූ ගිහිභාවය පිණිස පැමිණ ගිහියෙක් වී යන අර්ථයයි. අත්තමනා හොථා තුටු සිත් වන්න. මවිසින් ලැබිය යුතු දේ ලබව්. මවිසින් විසිය යුතු ස්ථානයෙහි වසවු. මා විසින් පහසු විහරණය කරන ලදැයි යන අදහසින් කියයි.
අසඤ්ඤීති පවත්තො වාදො අසඤ්ඤීවාදො; සො තෙසං අත්ථීති අසඤ්ඤීවාදා. රූපී අත්තාතිආදීසු ලාභිනො කසිණරූපං අත්තාති ගහෙත්වා රූපීති දිට්ඨි උප්පජ්ජති; අලාභිනො තක්කමත්තෙනෙව , ආජීවකානං විය. ලාභිනොයෙව ච පන අරූපසමාපත්තිනිමිත්තං අත්තාති ගහෙත්වා අරූපීති දිට්ඨි උප්පජ්ජති; අලාභිනො තක්කමත්තෙනෙව, නිගණ්ඨානං විය. අසඤ්ඤීභාවෙ පනෙත්ථ එකන්තෙනෙව කාරණං න පරියෙසිතබ්බං. දිට්ඨිගතිකො හි උම්මත්තකො විය යං වා තං වා ගණ්හාති. රූපී ච අරූපී චාති රූපාරූපමිස්සකගාහවසෙන වුත්තං. අයං දිට්ඨි රූපාවචරාරූපාවචරසමාපත්තිලාභිනොපි තක්කිකස්සාපි උප්පජ්ජති. නෙව රූපී නාරූපීති පන එකන්තතො තක්කිකදිට්ඨියෙව. අන්තවාති පරිත්තකසිණං අත්තතො ගණ්හන්තස්ස දිට්ඨි. අනන්තවාති අප්පමාණකසිණං. අන්තවා ච අනන්තවා චාති උද්ධමධො සපරියන්තං තිරියං අපරියන්තං කසිණං අත්තාති ගහෙත්වා උප්පන්නදිට්ඨි. නෙවන්තවා නානන්තවාති තක්කිකදිට්ඨියෙව. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
අසඤ්ඤී යයි පවතින වාදය අසඤ්ඤවාද වේ. එය ඔවුන්ට ඇත්තේය යන අර්ථයෙන් අසඤ්ඤීවාදා නම් වේ. රූපී අත්තා ආදියෙහි ලබන්නා කසිණ රූපය ආත්මයයි ගෙන රූපී යයි දෘෂ්ටි උපදවයි. අලාබියා තර්කය පමණකින්ම ආජීවකයින් මෙන් ලාභියාද අරූප සමාපත්ති නිමිත්තම ආත්ම යයි ගෙන අරූපී යයි දෘෂ්ටි උපදවයි. අලාභියා තර්කය පමණකින් නිගණ්ඨයන් මෙන් අසඤ්ඤී භාවයෙහි වනාහි මෙහි ඒකාන්ත හේතුව යයි නොසෙවිය යුතුය. දෘෂ්ටිගතිකයා පිස්සකු මෙන් මොනවාහරි ගනියි. රූපී ච අරූපී වා යනු රූපාරූප මිශ්රභාවයෙන් කියන ලදි. මේ දෘෂ්ටිය රූපාවචර අරූපාවචර සමාපත්ති ලාභීහුද තාර්කිකයෝද උපදවති. නෙවරූපී නාරූපී යනු ඒකාන්ත තර්ක දෘෂ්ටියකි. අත්තවා යන පරිත්ත කසිණය ආත්ම වශයෙන් ගන්නාගේ දෘෂ්ටියයි. අනන්තවා යනු අප්‍රමාණ කසිණයයි. අත්තවා ච අනන්තවා ච උඩ යට වටේ හරහ අපරියන්ත වූ කසිණය ආත්මයයි ගෙන උපන් දෘෂ්ටිය නෙවත්තවානානත්තවා යනු තාර්කික දෘෂ්ටියක්මය. සෙසු සියල්ල ප්රකටය.
අට්ඨකනිද්දෙසවණ්ණනා.
අට්ඨක නිද්දේසයයි.