යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනියං

225. ද‍්වාදසායතනානි: චක‍්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව‍්හායතනං, කායායතනං, මනායතනං, රූපායතනං, සද‍්දායතනං, ගන්‍ධායතනං, රසායතනං, ඵොට‍්ඨබ‍්බායතනං, ධම‍්මායතනං.

225. ආයතන දොළොසෙක: චක්ඛායතන ය, රූපායතන ය, සෝතායතන ය, සද්දායතන ය, ඝානායතන ය, ගන්‍ධායතන ය, ජිව්හායතන ය, රසායතන ය, කායායතන ය, ඵොට්ඨබ්බායතන ය, මනායතන ය, ධම්මායතන යි.

226. තත්‍ථ කතමං චක‍්ඛායතනං, යං චක‍්ඛුං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො අත‍්තභාවපරියාපන‍්නො අනිදස‍්සනො සප‍්පටිඝො, යෙන චක‍්ඛුනා අනිදස‍්සනෙන සප‍්පටිඝෙන රූපං සනිදස‍්සනං සප‍්පටිඝං පස‍්සී වා පස‍්සති වා පස‍්සිස‍්සති වා පස‍්සෙ වා, චක‍්ඛුම‍්පෙතං චක‍්ඛායතනම‍්පෙතං චක‍්ඛුධාතුපෙසා චක‍්ඛුන්‍ද්‍රියම‍්පෙතං ලොකොපෙසො ද‍්වාරාපෙසා සමුද‍්දොපෙසො පණ‍්ඩරම‍්පෙතං ඛෙත‍්තම‍්පෙතං වත්‍ථුම‍්පෙතං නෙත‍්තම‍්පෙතං නයනම‍්පෙතං ඔරිමං තීරම‍්පෙතං සුඤ‍්ඤො ගාමොපෙසො ඉදං වුච‍්චති චක‍්ඛායතනං.

226. එහි චක්‍ෂුරායතනය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ (දර්‍ශනපරිණායකාර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛු නමුදු වෙයි, (සංජාතසමෝසරණාර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛායතන නමුදු වෙයි, (ශූන්‍යතාදි අර්‍ත්‍ථයෙන්) තෙල චක්ඛුධාතු නමුදු වෙයි, (දර්‍ශනලක්‍ෂණයෙහි ඉන්‍ද්‍රාර්‍ත්‍ථය කරවා නුයි) තෙල චක්‍ෂුරින්‍ද්‍රිය නමුදු වෙයි, (ලුජ්ජනපලුජ්ජනාර්‍ත්‍ථයෙන්) තෙල ලෝක නමුදු වෙයි, (වලඤ්ජනාර්‍ත්‍ථයෙන්) තෙල ද්වාර නමුදු වෙයි, (අපරිපූරණාර්‍ත්‍ථයෙන්) තෙල සමුද්ද නමුදු වෙයි, (පරිශුද්ධාර්‍ත්‍ථයෙන්) තෙල පණ්ඩර නමුදු වෙයි, (ස්පර්‍ශාදියෙන් උපදනා හෙයින්) තෙල ඛෙත්ත නමුදු වෙයි, (ඔවුනට ම ප්‍රතිෂ්ඨා වන හෙයින්) තෙල වත්‍ථු නමුදු වෙයි, (සමවිෂම දක්වමින් ආත්මභාවය පමුණුවානුයි) තෙල නෙත්ත නමුදු වෙයි, (ඒ අරුතින් ම) තෙල නයන නමුදු වෙයි, (සත්කායපර්‍ය්‍යාපන්නාර්‍ත්‍ථයෙන්‍) තෙල ඔරිමතීර නමුදු වෙයි, (බහුසාධාරණාර්‍ත්‍ථයෙන් අස්වාමිකාර්‍ත්‍ථයෙන්) තෙල සුඤ්ඤගාම නමුදු වේ. මේ චක්‍ෂුරායතනය යි කියනු ලැබේ.

227. තත්‍ථ කතමං සොතායතනං: යං සොතං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො අත‍්තභාවපරියාපන‍්නො අනිදස‍්සනො සප‍්පටිඝො, යෙන සොතෙන අනිදස‍්සනෙන සප‍්පටිඝෙන සද‍්දං අනිදස‍්සනං සප‍්පටිඝං සුණී වා සුණාති වා සුණිස‍්සති වා සුණෙ වා සොතම‍්පෙතං සොතායතනම‍්පෙතං සොතධාතුපෙසා සොතින්‍ද්‍රියම‍්පෙතං ලොකොපෙසො ද‍්වාරාපෙසා සමුද‍්දොපෙසො පණ‍්ඩරම‍්පෙතං ඛෙත‍්තම‍්පෙතං වත්‍ථුම‍්පෙතං ඔරිමං තීරම‍්පෙතං සුඤ‍්ඤො ගාමොපෙසො ඉදං වුච‍්චති සොතායතනං.

227. එහි ශ්‍රෝත්‍රායතනය කවරෙ යත්: යම් ශ්‍රෝත්‍රයෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ යම් ශ්‍රෝත්‍රයෙකින් අනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ ශබ්දය ඇසූයේ හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල (ශ්‍රෝත්‍රප්‍රසාදය) ශ්‍රෝත්‍ර නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රායතන නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රධාතු නමුදු වෙයි, තෙල ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නමුදු වෙයි, තෙල ලෝක නමුදු වෙයි, තෙල ද්වාර නමුදු වෙයි, තෙල සමුද්‍ර නමුදු වෙයි, තෙල පණ්ඩර නමුදු වෙයි, තෙල ඛෙත්ත නමුදු වෙයි, තෙල වාස්තු නමුදු වෙයි, තෙල ඔරිමතීර නමුදු වෙයි, තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ශ්‍රෝත්‍රායතනය යි කියනු ලැබේ.

228. තත්‍ථ කතමං ඝානායතනං: යං ඝානං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො අත‍්තභාවපරියාපන‍්නො අනිදස‍්සනො සප‍්පටිඝො, යෙන ඝානෙන අනිදස‍්සනෙන සප‍්පටිඝෙන ගන්‍ධං අනිදස‍්සනං සප‍්පටිඝං ඝායී වා ඝායති වා ඝායිස‍්සති වා ඝායෙ වා ඝානම‍්පෙතං ඝානායතනම‍්පෙතං ඝානධාතුපෙසා ඝානින්‍ද්‍රියම‍්පෙතං ලොකොපෙසො ද‍්වාරාපෙසා සමුද‍්දොපෙසො පණ‍්ඩරම‍්පෙතං ඛෙත‍්තම‍්පෙතං වත්‍ථුම‍්පෙතං ඔරිමං තීරම‍්පෙතං සුඤ‍්ඤො ගාමොපෙසො ඉදං වුච‍්චති ඝානායතනං.

228. එහි ඝ්‍රාණායතනය කවරෙ යත්: යම් ඝ්‍රාණයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න වූයේ අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ඝ්‍රාණයෙකින් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ගන්‍ධය ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල (ඝ්‍රාණප්‍රසාදය) ඝ්‍රාණ නමුදු තෙල ඝ්‍රාණායතන නමුදු තෙල ඝ්‍රාණධාතු නමුදු තෙල ඝ්‍රාණේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඝ්‍රාණායතනය යි කියනු ලැබේ.

229. තත්‍ථ කතමං ජිව‍්හායතනං: යා ජිව‍්හා චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො අත‍්තභාවපරියාපන‍්නො අනිදස‍්සනො සප‍්පටිඝො යාය ජිව‍්හාය අනිදස‍්සනාය සප‍්පටිඝාය රසං අනිදස‍්සනං සප‍්පටිඝං සායී වා සායති වා සායිස‍්සති වා සයෙවා ජිව‍්හාපෙසා ජිව‍්හායතනම‍්පෙතං ජිව‍්හාධාතු’පෙසා ජිව‍්හින්‍ද්‍රියම‍්පෙතං ලොකො’පෙසො ද‍්වාරා’පෙසා සමුද‍්දොපෙසො පණ‍්ඩරම‍්පෙතං ඛෙත‍්තම‍්පෙතං වත්‍ථුම‍්පෙතං ඔරිමං තීරම‍්පෙතං සුඤ‍්ඤො ගාමො’පෙසො, ඉදං වුච‍්චති ජිව‍්හායතනං.

229. ජිව්හායතනරූපය කවරෙ යත්: යම් ජිව්හාවක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න වූයේ අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් දිවෙකින් අනිදර්‍ශන සප්‍රතිඝ වූ රසය වින්දේ හෝ විඳී හෝ විඳින්නේ හෝ විඳින්නේ නම් හෝ තෙල (ජිව්හාප්‍රසාදය) ජිව්හා නමුදු තෙල ජිව්හායතන නමුදු තෙල ජිව්හාධාතු නමුදු තෙල ජිව්හේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ජිව්හායතනය යි කියනු ලැබේ.

230. තත්‍ථ කතමං කායායතනං: යො කායො චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො අත‍්තභාවපරියාපන‍්නො අනිදස‍්සනො සප‍්පටිඝො යෙන කායෙන අනිදස‍්සනෙන සප‍්පටිඝෙන ඵොට‍්ඨබ‍්බං අනිදස‍්සනං සප‍්පටිඝං ඵුසී වා ඵුසති වා ඵුසිස‍්සති වා ඵුසෙ වා කායොපෙසො කායායතනම‍්පෙතං කයාධාතුපෙසා කායින්‍ද්‍රියම‍්පෙතං ලොකො’පෙසා ද‍්වාරා’පෙසා සමුද‍්දොපෙසො පණ‍්ඩරම‍්පෙතං ඛෙත‍්තම‍්පෙතං වත්‍ථුම‍්පෙතං ඔරිමං තීරම‍්පෙතං සුඤ‍්ඤො ගාමො’පෙසො, ඉදං වුච‍්චති කායායතනං.

230. එහි කායායතනය කවරෙ යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ආත්මභාවපර්‍ය්‍යාපන්න අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් කයෙකින් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැසී හෝ පහසා හෝ පහසන්නේ හෝ පහසන්නේ නම් හෝ තෙල (කායප්‍රසාදය) කාය නමුදු තෙල කායායතන නමුදු තෙල කායධාතු නමුදු තෙල කායේන්‍ද්‍රිය නමුදු තෙල ලෝක නමුදු තෙල ද්වාර නමුදු තෙල සමුද්‍ර නමුදු තෙල පණ්ඩර නමුදු තෙල ක්‍ෂේත්‍ර නමුදු තෙල වාස්තු නමුදු තෙල ඔරිමතීර නමුදු තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායායතනය යි කියනු ලැබේ.

231. තත්‍ථ කතමං මනායතනං: එකවිධෙන මනායතනං: ඵස‍්සසම‍්පයුත‍්තං.

231. එහි මනායතනය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් මනායතනය වෙයි, ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.

දුවිධෙන මනායතනං: අත්‍ථි සහෙතුකං, අත්‍ථි අහෙතුකං.

ද්වීප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සහේතුක වූයෙක් ඇත, අහේතුක වූයෙක් ඇති.

තිවිධෙන මනායතනං: අත්‍ථි කුසලං අත්‍ථි අකුසලං අත්‍ථි අව්‍යාකතං.

ත්‍රිප්‍රකාරයෙකින් මනායතනය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.

චතුබ‍්බිධෙන මනායතනං: අත්‍ථි කාමාවචරං අත්‍ථි රූපාවචරං අත්‍ථි අරූපාවචරං අත්‍ථි අපරියාපන‍්නං.

චතුෂ්ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.

පඤ‍්චවිධෙන මනායතනං: අත්‍ථි සුඛින්‍ද්‍රියසම‍්පයුත‍්තං අත්‍ථි දුක‍්ඛින්‍ද්‍රියසම‍්පයුත‍්තං, අත්‍ථි සොමනස‍්සින්‍ද්‍රියසම‍්පයුත‍්තං, අත්‍ථි දොමනස‍්සින්‍ද්‍රියසම‍්පයුත‍්තං, අත්‍ථි උපෙක‍්ඛින්‍ද්‍රියසම‍්පයුත‍්තං.

පඤ්චප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සුඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.

ඡබ‍්බිධෙන මනායතනං: චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං ඝානවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණං කායවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණං, එවං ඡබ‍්බිධෙන මනායතනං.

ෂට්ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් මනායතනය වේ.

සත‍්තවිධෙන මනායතනං: චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං ඝානවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණං කායවිඤ‍්ඤාණං මනොධාතු මනොවිඤ‍්ඤාණධාතු. එවං සත‍්තවිධෙන මනායතනං.

සප්තප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් මනායතනය වේ.

අට‍්ඨවිධෙන මනායතනං: චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං අත්‍ථි සුඛසහගතං, අත්‍ථි දුක‍්ඛසහගතං මනොධාතු මනොවිඤ‍්ඤාණධාතු. එවං අට‍්ඨවිධෙන මනායතනං.

අෂ්ටප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් මනායතනය වේ.

නවවිධෙන මනායතනං: චක‍්ඛුවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං, මනොධාතු මනොවිඤ‍්ඤාණධාතු අත්‍ථි කුසලං අත්‍ථි අකුසලං, අත්‍ථි අව්‍යාකතං. එවං නවවිධෙන මනායතනං.

නවප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ... කායවිඥාන ය, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් මනායතනය වේ.

දසවිධෙන මනායතනං: චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං ඝානවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණං කායවිඤ‍්ඤාණං අත්‍ථි සුඛසහගතං, අත්‍ථි දුක‍්ඛසහගතං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු අත්‍ථි කුසලං, අත්‍ථි අකුසලං, අත්‍ථි අව්‍යාකතං. එවං දසවිධෙන මනායතනං.

දශප්‍රකාරයෙකින් මනායතනය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිව්හාවිඥාන ය, කායවිඥාන ය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් මනායතනය වේ.

232. එකවිධෙන මනායතනං: ඵස‍්සසම‍්පයුත‍්තං.

232. එක් ප්‍රකාරයෙකින් මනායතනය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.

දුවිධෙන මනායතනං: අත්‍ථි සහෙතුකං අත්‍ථි අහෙතුකං.

ද්විප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.

තිවිධෙන මනායතනං: අත්‍ථි සුඛාය වෙදනාය සම‍්පයුත‍්තං, අත්‍ථි දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තං. අත්‍ථි අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තං -පෙ- එවං බහුවිධෙන මනායතනං. ඉදං වුච‍්චති මනායතනං.

ත්‍රිප්‍රකාරයෙකින් මනායතනය වෙයි: සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂාවේදනාව හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති. ... මෙසේ බහුප්‍රකාරයෙන් මනායතනය වේ. මේ මනායතනය යි කියනු ලැබේ.

233. තත්‍ථ කතමං රූපායතනං: යං රූපං චතුන‍්නං මහාභූතානං උපාදාය වණ‍්ණනිභා සනිදස‍්සනං සප‍්පටිඝං නීලං පීතකං ලොහිතකං ඔදාතං කාළකං මඤ‍්ජෙට‍්ඨකං හරි හරිවණ‍්ණං අම‍්බඞ‍්කුරවණ‍්ණං දීඝං රස‍්සං අණුං ථූලං වට‍්ටං පරිමණ‍්ඩලං චතුරස‍්සං ඡළංසං අට‍්ඨංසං සොළසංසං නින‍්නං ථලං ඡායා ආතපො ආලොකො අන්‍ධකාරො අබ‍්භා මහිකා ධූමො රජො චන්‍දමණ‍්ඩලස‍්ස වණ‍්ණනිභා සුරියමණ‍්ඩලස‍්ස වණ‍්ණනිභා තාරක රූපානං වණ‍්ණනිභා ආදාසමණ‍්ඩලස‍්ස වණ‍්ණනිභා මණිසඞ‍්ඛමුත‍්තා වෙළුරියස‍්ස වණ‍්ණනිභා ජාතරූපරජතස‍්ස වණ‍්ණනිභා යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චතුන‍්නං මහාභූතානං උපාදාය වණ‍්ණනිභා සනිදස‍්සනං සප‍්පටිඝං යං රූපං සනිදස‍්සන සප‍්පටිඝං චක‍්ඛුනා අනිදස‍්සනෙන සප‍්පටිඝෙන පස‍්සී වා පස‍්සති වා පස‍්සිස‍්සති වා පස‍්සෙ වා රූපම‍්පෙතං රූපායතනම‍්පෙතං රූපධාතුපෙ’සා. ඉදං වුච‍්චති රූපායතනං.

233. එහි රූපායතනය කවරෙ යත්: යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ සනිදර්‍ශනසප්‍රතිඝ වූ නිල ය, කහවන, ලේපැහැ ය, සුදු ය, කළු ය, මඳට ය, සම්වන, නිල්තණපැහැ ය, අඹදලුපැහැ ය, උස් ය, මිටි ය, කුදු ය, මහත් ය, වට ය, පිරිමඬුලු ය, සිව්රැස් ය, සඇස් ය, අටැස් ය, සොළසැස් ය, වළ ය, ගොඩ ය, සෙවණ ය, අවු ය, එළි ය, අඳුරු ය, වලා ය, හිම ය, දුම් ය, රජස් ය, සඳමඬලෙහි පැහැ ය, හිරුමඬලෙහි පැහැ ය, තරුපැහැ ය, කැටපත්මඬලෙහි පැහැ ය, මිණි - සක් - මුතු - වෙරළුමිණිපැහැ ය, රන් - රිදීපැහැ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන යි කියන ලද සනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රූපයෙක් ඇද්ද, සනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රූපයක් සනිදර්‍ශනසප්‍රතිඝ වූ ඇසින් දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ තෙල (රූ සටහන) රූප නමුදු වෙයි, රූපායතන නමුදු වෙයි, රූපධාතු නමුදු වේ. මේ රූපායතනය යි කියනු ලැබේ.

234. තත්‍ථ කතමං සද‍්දායතනං: යො සද‍්දො චතුන‍්නං මහාභූතානං උපාදාය අනිදස‍්සනො සප‍්පටිඝො, භෙරිසද‍්දො, මුතිඞ‍්ගසද‍්දො, සඞ‍්ඛසද‍්දො පණවසද‍්දො, ගීතසද‍්දො, වාදිතසද‍්දො, සම‍්මසද‍්දො, පාණිසද‍්දො, සත‍්තානං නිග‍්ඝොසසද‍්දො, ධාතූනං සන‍්නිඝාතසද‍්දො, වාතසද‍්දො, උදකසද‍්දො, මනුස‍්සසද‍්දො, අමනුස‍්සසද‍්දො, යො වා පනඤ‍්ඤොපි අත්‍ථි සද‍්දො චතුන‍්නං මහාභූතානං උපාදාය අනිදස‍්සනො සප‍්පටිඝො, යං සද‍්දං අනිදස‍්සනං සප‍්පටිඝා සොතෙන අනිදස‍්සනෙන සප‍්පටිඝෙන සුණී වා සුණාති වා සුණිස‍්සති වා සුණෙ වා සද‍්දො’පෙසො සද‍්දායතනම‍්පෙතං සද‍්දධාතුපෙසා. ඉදං වුච‍්චති සද‍්දායතනං.

234. එහි ශබ්දායතනය කවරෙ යත්: යම් ශබ්දයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ ද, බෙරහඬ ය, මිහිඟුහඬ ය, සක්හඬ ය, පණාබෙරහඬ ය, ගීහඬ ය, වැයුම්හඬ ය, කස්තලහඬ ය, අත්තලහඬ ය, සත්ත්‍වයන්ගේ නිර්ඝෝෂ (අවියත්) හඬ ය, ධාතුන්ගේ උනුන් ගැටම්හඬ ය, සුළංහඬ ය, දියහඬ ය, මිනිස්හඬ ය, නොමිනිස් හඬ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ශබ්දයෙකුත් ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ශබ්දයෙකුත් අනිදර්‍ශනසප්‍රතිඝ වූ ශ්‍රෝත්‍රයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ තෙල ශබ්ද නමුදු වෙයි, තෙල ශබ්දායතන නමුදු වෙයි, තෙල ශබ්දධාතු නමුදු වේ. මේ ශබ්දායතනය යි කියනු ලැබේ.

235. තත්‍ථ කතමං ගන්‍ධායතනං: යො ගන්‍ධො චතුන‍්නං මහාභූතානං උපාදාය අනිදස‍්සනො සප‍්පටිඝො, මූලගන්‍ධො, සාරගන්‍ධො, තචගන්‍ධො පත‍්තගන්‍ධො, පුප‍්ඵගන්‍ධො ඵලගන්‍ධො ආමගන්‍ධො විස‍්සගන්‍ධො සුගන්‍ධො දුග‍්ගන්‍ධො යො වා පනඤ‍්ඤොපි අත්‍ථි ගන්‍ධො චතුන‍්නං මහාභූතානං උපාදාය අනිදස‍්සනො සප‍්පටිඝො, යං ගන්‍ධං අනිදස‍්සනං සප‍්පටිඝං ඝානෙන අනිදස‍්සනෙන සප‍්පටිඝෙන ඝායී වා ඝායති වා ඝායිස‍්සති වා ඝායෙ වා ගන්‍ධොපෙසො ගන්‍ධායතනම‍්පෙතං ගන්‍ධධාතුපෙසා, ඉදං වුච‍්චති ගන්‍ධායතනං.

235. එහි ගන්‍ධායතනය කවරෙ යත්: යම් ගන්‍ධයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ මුල්ගඳ ය, හරගඳ ය, පොතුගඳ ය, පත්ගඳ ය, මල්ගඳ ය, ඵලගඳ ය, අමුගඳ ය, කුණුගඳ ය, සුවඳ ය, දුගඳ ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ගන්‍ධයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම්ගන්‍ධයක් අනිදර්‍ශන සප්‍රතිඝ වූ ඝ්‍රාණයෙන් ඇසී හෝ අසා හෝ අසන්නේ හෝ අසන්නේ නම් හෝ ගඳ නමුදු තෙල ය, ගන්‍ධායතන නමුදු තෙල ය, ගන්‍ධධාතු නමුදු තෙල යි. මේ ගන්‍ධායතනය යි කියනු ලැබේ.

236. තත්‍ථ කතමං රසායතනං: යො රසො චතුන‍්නං මහාභූතානං උපාදාය අනිදස‍්සනො සප‍්පටිඝො මූලරසො ඛන්‍ධරසො තචරසො පත‍්තරසො පුප‍්ඵරසො ඵලරසො අම‍්බිලං මධුරං තිත‍්තකං කටුකං ලොණිකං ඛාරිකං ලපිලකං කසාවො සාදු අසාදු, යො වා පනඤ‍්ඤොපි අත්‍ථි රසො චතුන‍්නං මහාභූතානං උපාදාය අනිදස‍්සනො සප‍්පටිඝො යං රසං අනිදස‍්සනං සප‍්පටිඝං ජිව‍්හාය අනිදස‍්සනාය සප‍්පටිඝාය සායී වා සායති වා සාසිස‍්සති වා සායෙ වා රසොපෙසො රසායතනම‍්පෙතං රසධාතුපෙසා, ඉදං වුච‍්චති රසායතනං.

236. එහි රසායතනය කවරෙ යත්: යම් රසයෙක් සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූයේ මුල්රස ය, කඳරස ය, පොතුරස ය, පත්රස ය, මල්රස ය, ඵලරස ය, ඇඹුල් ය, මිහිරි ය, තිත්ත ය, කුළු ය, ලුණු ය, කර ය, ලපිල (දිවුලු ඈ කසටැඹුල) ය, මිහිරි ය, නො මිහිරි ය, යළි අන්‍ය වූ ද සතර මහාභූතයන් නිසා උපන් අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රසයෙක් හෝ ඇද්ද, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් රසයක් අනිදර්‍ශනසප්‍රතිඝ වූ දිවින් වින්දේ හෝ විඳී හෝ විඳින්නේ හෝ විඳින්නේ නම් හෝ තෙල රස නමුදු වෙයි, තෙල රසායතන නමුදු වෙයි, තෙල රසධාතු නමුදු වේ. මේ රසායතනය යි කියනු ලැබේ.

237. තත්‍ථ කතමං ඵොට‍්ඨබ‍්බාතනං: පඨවීධාතු තෙජොධාතු වායොධාතු කක‍්ඛලං මුදුකං සණ‍්හං ඵරුසං සුඛසම‍්ඵස‍්සං දුක‍්ඛසම‍්ඵස‍්සං ගරුකං ලහුකං යං ඵොට‍්ඨබ‍්බං අනිදස‍්සනං සප‍්පටිඝං කායෙන අනිදස‍්සනෙන සප‍්පටිඝෙන ඵුසී වා ඵුසති වා ඵුසිස‍්සති වා ඵුසෙ වා ඵොට‍්ඨබ‍්බො’පෙසො ඵොට‍්ඨබ‍්බායතනම‍්පෙතං ඵොට‍්ඨබ‍්බධාතුපෙසා, ඉදං වුච‍්චති ඵොට‍්ඨබ‍්බායතනං.

237. එහි ඵොට්ඨබ්බායතනය කවරෙ යත්: තද වූ මොළොක් වූ සිලුටු වූ රළු වූ සුවපහස් වූ දුක්පහස් වූ බර වූ නො බර වූ (කර්‍කශත්‍වලක්‍ෂණ වූ) පෘථිවිධාතු ය, (උෂ්ණත්‍ව ලක්‍ෂණ වූ) තේජෝධාතු ය, (විස්තම්භන ලක්‍ෂණ වූ) වායෝධාතු ය, අනිදර්‍ශනසප්‍රතිඝ වූ යම් ස්ප්‍රෂ්ටව්‍යයක් අනිදර්‍ශනසප්‍රතිඝ වූ කයින් පැහැසී හෝ පහසා හෝ පහස්නේ හෝ පහස්නේ නම් හෝ තෙල (පඨවි - ආපෝ - තේජෝධාතුව) ඵොට්ඨබ්බ නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බායතන නමුදු වෙයි, තෙල ඵොට්ඨබ්බධාතු නමුදු වේ, මේ ස්ප්‍රෂ්ටව්‍යායතනය යි කියනු ලැබේ.

238. තත්‍ථ කතමං ධම‍්මායතනං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, යං ච රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං අසඞ‍්ඛතා ච ධාතු.

238. එහි ධර්‍මායතනය කවරෙ යත්: වේදනාස්කන්‍ධය ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, අනිදර්‍ශන වූ අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, අසඞ්ඛතධාතුව දැයි.

තත්‍ථ කතමො වෙදනාක‍්ඛන්‍ධො: එකවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.

එහි වේදනාස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.

දුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො අත්‍ථි අහෙතුකො.

ද්වීප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.

තිවිධෙන වෙදනාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො අත්‍ථි අකුසලො අත්‍ථි අව්‍යාකතො -පෙ- එවං දසවිධෙන වෙදනාක‍්ඛන්‍ධො -පෙ- එවං බහුවිධෙන වෙදනාක‍්ඛන්‍ධො. අයං වුච‍්චති වෙදනාක‍්ඛන්‍ධො.

ත්‍රිප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් වේදනාස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් වේදනාස්කන්‍ධය වේ. මේ වේදනාස්කන්‍ධය යි කියනු ලැබේ.

තත්‍ථ කතමො සඤ‍්ඤාක‍්ඛන්‍ධො: එකවිධෙන සඤ‍්ඤාක‍්ඛන්‍ධො: ඵස‍්සසම‍්පයුත‍්තො.

එහි සංඥාස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.

දුවිධෙන සඤ‍්ඤාක‍්ඛන්‍ධො: අත්‍ථි සහෙතුකො අත්‍ථි අහෙතුකො.

ද්වීප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: සහේතුක වූයෙක් ඇත. අහේතුක වූයෙක් ඇති.

තිවිධෙන සඤ‍්ඤාක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො අත්‍ථි අකුසලො අත්‍ථි අව්‍යාකතො -පෙ- එවං දසවිධෙන සඤ‍්ඤාක‍්ඛන්‍ධො -පෙ- එවං බහුවිධෙන සඤ‍්ඤාක‍්ඛන්‍ධො. අයං වුච‍්චති සඤ‍්ඤාක‍්ඛන්‍ධො.

ත්‍රිප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වෙයි: කුසල් වූයෙක් ඇත, අකුසල් වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙකින් සංඥාස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් සංඥාස්කන්‍ධය වේ. මේ සංඥාස්කන්‍ධය යි කියනු ලැබේ.

තත්‍ථ කතමො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: එකවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: චිත‍්තසම‍්පයුත‍්තො.

එහි සංස්කාරස්කන්‍ධය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: චිත්තය හා සම්ප්‍රයුක්ත වූයේ යි.

දුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි හෙතු අත්‍ථි න හෙතු.

ද්විප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: හේතු වූයෙක් ඇත. හේතු නො වූයෙක් ඇති.

තිවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො: අත්‍ථි කුසලො අත්‍ථි අකුසලො අත්‍ථි අව්‍යාකතො -පෙ- එවං දසවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො -පෙ- එවං බහුවිධෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. අයං වුච‍්චති සඞ‍්ඛාරක‍්ඛන්‍ධො.

ත්‍රිප්‍රකාරයෙකින් සංස්කාරස්කන්‍ධය වෙයි: කුසල් වූයෙක් ඇත, අකුසල් වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. ... මෙසේ දශප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. ... මෙසේ බහුප්‍රකාරයෙන් සංස්කාරස්කන්‍ධය වේ. මේ සංස්කාරස්කන්‍ධය යි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං අනිදස‍්සන අප‍්පටිඝං ධම‍්මායතන පරියාපන‍්නං: ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං -පෙ- කබළිංකාරො ආහාරො. ඉදං වුච‍්චති රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං.

එහි ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශනඅප්‍රතිඝරූපය කවරෙ යත්: ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ... කවලීකාරාහාර යි. මේ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන අප්‍රතිඝ රූපය යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අසඞ‍්ඛතා ධාතු: රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො අයං වුච‍්චති අසඞ‍්ඛතා ධාතු, ඉදං වුච‍්චති ධම‍්මායතනං.

එහි අසංඛතධාතු කවරෙ යත්: රාගක්‍ෂය ය, දෝෂක්‍ෂය ය, මෝහක්‍ෂය යි. මේ අසංඛතධාතුය යි කියනු ලැබේ. මේ ධර්‍මායතනය යි කියනු ලැබේ.

අභිධම‍්මභාජනියං.

අභිධර්‍මභාජනීය යි.