යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අභිධම‍්මභාජනීයවණ‍්ණනා

අභිධර්ම භාජනීය වර්ණනාව

අභිධම‍්මභාජනීයෙ යථා හෙට‍්ඨා විපස‍්සකානං උපකාරත්‍ථාය “චක‍්ඛායතනං රූපායතන”න‍්ති යුගලතො ආයතනානි වුත‍්තානි, තථා අවත්‍වා අජ‍්ඣත‍්තිකබාහිරානං සබ‍්බාකාරතො සභාවදස‍්සනත්‍ථං “චක‍්ඛායතනං සොතායතන”න‍්ති එවං අජ‍්ඣත‍්තිකබාහිරවවත්‍ථානනයෙන වුත‍්තානි.

අභිධර්ම භාජනියෙහි යට කියන ලද සේ විදර්ශනා වඩන්නවුනට උපකාර පිණිස චක්ඛායතන රූපායතන යුගල වශයෙන් ආයතනයයි කියන ලදි. එසේ නොකියා අජ්ඣතීතික බාහිර සියළු ආකාරයෙන් ස්වභාවය දැක්වීම සඳහා චක්ඛායතන සෝතායතනයයි මෙසේ අජ්ඣත්තික බාහිර විභාග කිරීමේ නයින් කියන ලදි.

තෙසං නිද‍්දෙසවාරෙ තත්‍ථ කතමං චක‍්ඛායතනන‍්තිආදීනි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

ඔවුන්ගේ නිර්දේශ වාරයෙහි එහි චක්ඛායතනය කවරේදැයි ආදිය යට කියන ලද ක්‍රමයෙන් දතයුතුය.

යං පනෙතං ධම‍්මායතනනිද‍්දෙසෙ “තත්‍ථ කතමා අසඞ‍්ඛතා ධාතු? රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො”ති වුත‍්තං, තත්‍රායමත්‍ථො – අසඞ‍්ඛතා ධාතූති අසඞ‍්ඛතසභාවං නිබ‍්බානං. යස‍්මා පනෙතං ආගම‍්ම රාගාදයො ඛීයන‍්ති, තස‍්මා රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයොති වුත‍්තං. අයමෙත්‍ථ ආචරියානං සමානත්‍ථකථා.

මේ ධම්මායතන නිද්දේසයෙහි එහි අසංඛත ධාතු කවරේද? රාග ක්‍ෂයය ද්වේෂය ක්‍ෂයය මෝහ ක්‍ෂයය යයි කියන ලදි. එහි අර්ථය මෙසේය. අසංඛත ධාතු යනු අසංඛත ස්වභාව වූ නිවනය. රාගාදිය මෙයට පැමිණ ක්‍ෂය වේ. එහෙයින් රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය යයි කියන ලදි. මෙය ආචාර්යවරුන්ගේ සමානාර්ථ වූ කථාවය.

විතණ‍්ඩවාදී පනාහ – ‘පාටියෙක‍්කං නිබ‍්බානං නාම නත්‍ථි, කිලෙසක‍්ඛයොව නිබ‍්බාන’න‍්ති. ‘සුත‍්තං ආහරා’ති ච වුත‍්තෙ “නිබ‍්බානං නිබ‍්බානන‍්ති ඛො, ආවුසො සාරිපුත‍්ත, වුච‍්චති; කතමං නු ඛො, ආවුසො, නිබ‍්බානන‍්ති? යො ඛො, ආවුසො, රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො – ඉදං වුච‍්චති නිබ‍්බාන”න‍්ති එතං ජම‍්බුඛාදකසුත‍්තං ආහරිත්‍වා ‘ඉමිනා සුත‍්තෙන වෙදිතබ‍්බං පාටියෙක‍්කං නිබ‍්බානං නාම නත්‍ථි, කිලෙසක‍්ඛයොව නිබ‍්බාන’න‍්ති ආහ. සො වත‍්තබ‍්බො – ‘කිං පන යථා චෙතං සුත‍්තං තථා අත්‍ථො’ති? අද‍්ධා වක‍්ඛති – ‘ආම , නත්‍ථි සුත‍්තතො මුඤ‍්චිත්‍වා අත්‍ථො’ති. තතො වත‍්තබ‍්බො – ‘ඉදං තාව තෙ සුත‍්තං ආභතං; අනන‍්තරසුත‍්තං ආහරා’ති. අනන‍්තරසුත‍්තං නාම – “අරහත‍්තං අරහත‍්තන‍්ති, ආවුසො සාරිපුත‍්ත, වුච‍්චති; කතමං නු ඛො, ආවුසො, අරහත‍්තන‍්ති? යො ඛො, ආවුසො, රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො – ඉදං වුච‍්චති අරහත‍්ත”න‍්ති (සං· නි· 4.315) ඉදං තස‍්සෙවානන‍්තරං ආභතසුත‍්තං.

විතණ්ඩවාදීහු මෙසේ කීහ. වෙන් වෙන්වූ නිවනක් නැත. කෙලෙසුන් ක්‍ෂය කිරීමම නිවනයි. සූත්‍ර දක්වවයි කීකල්හි ඇවැත්නි, සාරිපුත්ත, නිවන නිවනයයි කියයි. ඇවැත්නි, නිවන කවරේද? ඇවැත්නි යමෙක් රාගක්‍ෂය දෝෂක්‍ෂය මෝහක්‍ෂය කෙරේද එය නිවනයි. මේ ජම්බුඛාදක සූත්‍රය ගෙනහැර දක්වා වෙන වෙන නිවනක් නැත. කෙලෙසුන් ක්‍ෂය කිරීමම නිවනයි කීය. කිම මේ සූත්‍රයේ යථා අර්ථයදැයි ඇසිය යුතුය. ඒකාන්තයෙන් එසේ යයි ද සූත්‍රය හැර අර්ථයක් නැතැයිද කියයි. ඉක්බිතිව මේ ඒ සූත්‍රයයි. ඊළඟ සූත්‍රය දක්වවයි කිවයුතුය. ඊළඟ සූත්‍රය නම් ඇවැත්නි, සාරිපුත්ත, රහත් රහත් යයි කියයි. ඇවැත්නි, රහත් නම් කවරේද? ඇවැත්නි, යමෙක් රාගක්‍ෂය, දෝසක්‍ෂය, මෝහක්‍ෂය කෙරේද එය රහත් යයි කියයි. මෙය ඊට අනතුරුව හැර දැක්වූ සූත්‍රයයි.

ඉමස‍්මිං පන නං ආභතෙ ආහංසු – ‘නිබ‍්බානං නාම ධම‍්මායතනපරියාපන‍්නො ධම‍්මො, අරහත‍්තං චත‍්තාරො ඛන්‍ධා. නිබ‍්බානං සච‍්ඡිකත්‍වා විහරන‍්තො ධම‍්මසෙනාපති නිබ‍්බානං පුච‍්ඡිතොපි අරහත‍්තං පුච‍්ඡිතොපි කිලෙසක‍්ඛයමෙව ආහ. කිං පන නිබ‍්බානඤ‍්ච අරහත‍්තඤ‍්ච එකං උදාහු නාන’න‍්ති? ‘එකං වා හොතු නානං වා. කො එත්‍ථ තයා අතිබහුං චුණ‍්ණීකරණං කරොන‍්තෙන අත්‍ථො’? ‘න ත්‍වං එකං නානං ජානාසීති. නනු ඤාතෙ සාධු හොතී’ති එවං පුනප‍්පුනං පුච‍්ඡිතො වඤ‍්චෙතුං අසක‍්කොන‍්තො ආහ – ‘රාගාදීනං ඛීණන‍්තෙ උප‍්පන‍්නත‍්තා අරහත‍්තං රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො’ති වුච‍්චතීති. තතො නං ආහංසු – ‘මහාකම‍්මං තෙ කතං. ලඤ‍්ජං දත්‍වාපි තං වදාපෙන‍්තො එතදෙව වදාපෙය්‍ය. යථෙව ච තෙ එතං විභජිත්‍වා කථිතං, එවං ඉදම‍්පි සල‍්ලක‍්ඛෙහි – නිබ‍්බානඤ‍්හි ආගම‍්ම රාගාදයො ඛීණාති නිබ‍්බානං රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයොති වුත‍්තං. තීණිපි හි එතානි නිබ‍්බානස‍්සෙව අධිවචනානී’ති.

මේ සූත්‍රයෙහි නිවන නම් ධම්මායතනයට ඇතුළත් ධර්මයයි. රහත් නම් සතර ස්කන්‍ධ යයි කීහ. නිවන සාක්‍ෂාත් කොට වෙසෙන ධම්මසේනාපති නිවන ඇසූවිටද රහත්වීම ඇසූවිටද කෙලෙසුන් ක්‍ෂය කිරීමයයි කීහ. කිම නිවනද රහත්වීමද එකමද? නැතහොත් වෙනස්ද? එකම හෝ වෙනස් හෝ වේවා. ඔබ විසින් බොහෝ සෙයින් සුණුකරන අර්ථය මෙහි කොහෙද? ඔබ එකම හෝ වෙනස්බව නොදනී. දැනගැනීම හොඳ නොවේදැයි නැවත නැවත ඇසූවිට වංචා කිරීමට නොහැකිව කීය. රාගාදිය ක්‍ෂීණ වූ කල්හි උපන් හෙයින් රහත්වීම රාගක්‍ෂය, දෝසක්‍ෂය, මෝහක්‍ෂය යයි කියනු ලැබේ. ඉක්බිති ඔබ විසින් මහා කර්මයක් කරන ලදි. අල්ලසක් දුන්නත් මෙයම කියන්නේ යයි ඔහුට කිවයුතුය. මෙය යථා පරිදි බෙදා ඔබ විසින් කියන ලදි. මෙසේ මෙයද සලකන්න. නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයි නිවන රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය යයි කියන ලදි. මේ වචන තුනම නිවනට සමාන වචන වේ.

සචෙ එවං වුත‍්තෙ සඤ‍්ඤත‍්තිං ගච‍්ඡති ඉච‍්චෙතං කුසලං; නො චෙ, බහුනිබ‍්බානතාය කාරෙතබ‍්බො. කථං? එවං තාව පුච‍්ඡිතබ‍්බො – ‘රාගක‍්ඛයො නාම රාගස‍්සෙව ඛයො උදාහු දොසමොහානම‍්පි? දොසක‍්ඛයො නාම දොසස‍්සෙව ඛයො උදාහු රාගමොහානම‍්පි? මොහක‍්ඛයො නාම මොහස‍්සෙව ඛයො උදාහු රාගදොසානම‍්පී’ති? අද‍්ධා වක‍්ඛති – ‘රාගක‍්ඛයො නාම රාගස‍්සෙව ඛයො, දොසක‍්ඛයො නාම දොසස‍්සෙව ඛයො, මොහක‍්ඛයො නාම මොහස‍්සෙව ඛයො’ති.

මෙසේ කීකල්හි අවබෝධ වේ නම් යෙහෙකි. එසේ නොවුවහොත් ඔහු නිවන් බව කරවිය යුතුය. කෙසේද? පළමුව මෙසේ ඇසිය යුතුය. රාගක්ඛය රාගයේ ක්‍ෂයවීමක්ද? නැතහොත් දෝස මෝහවල ක්‍ෂයවීමක්ද? දෝසක්ඛය දෝසයේ ක්‍ෂය වීමක්ද? නැතහොත් රාග මෝහවල ක්‍ෂය වීමක්ද? මෝහක්ඛය මෝහයේ ක්‍ෂය වීමක්ද? නැතහොත් රාග දෝෂවල ක්‍ෂය වීමක්ද? ඒකාන්තයෙන් කියයි. රාගක්ඛය රාගයේම ක්‍ෂයවීමයි. දෝසක්ඛය දෝසයේම ක්‍ෂයවීමයි. මෝහක්ඛය මෝහයේම ක්‍ෂයවීමයි.

තතො වත‍්තබ‍්බො – ‘තව වාදෙ රාගක‍්ඛයො එකං නිබ‍්බානං හොති, දොසක‍්ඛයො එකං, මොහක‍්ඛයො එකං; තිණ‍්ණං අකුසලමූලානං ඛයෙ තීණි නිබ‍්බානානි හොන‍්ති, චතුන‍්නං උපාදානානං ඛයෙ චත‍්තාරි, පඤ‍්චන‍්නං නීවරණානං ඛයෙ පඤ‍්ච, ඡන‍්නං තණ‍්හාකායානං ඛයෙ ඡ, සත‍්තන‍්නං අනුසයානං ඛයෙ සත‍්ත, අට‍්ඨන‍්නං මිච‍්ඡත‍්තානං ඛයෙ අට‍්ඨ, නවන‍්නං තණ‍්හාමූලකධම‍්මානං ඛයෙ නව, දසන‍්නං සංයොජනානං ඛයෙ දස, දියඩ‍්ඪකිලෙසසහස‍්සස‍්ස ඛයෙ පාටියෙක‍්කං පාටියෙක‍්කං නිබ‍්බානන‍්ති බහූනි නිබ‍්බානානි හොන‍්ති. නත්‍ථි පන තෙ නිබ‍්බානානං පමාණන‍්ති. එවං පන අග‍්ගහෙත්‍වා නිබ‍්බානං ආගම‍්ම රාගාදයො ඛීණාති එකමෙව නිබ‍්බානං රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයොති වුච‍්චති. තීණිපි හෙතානි නිබ‍්බානස‍්සෙව අධිවචනානීති ගණ‍්හ’.

ඉක්බිතිව කිවයුතුයි. ඔබේ වාදයෙහි රාගක්ඛය එක නිවනක් දෝසක්ඛය එක නිවනක් මෝහක්ඛය එකක්දැයි අකුසල මුල් තුන ක්‍ෂයවීමෙන් නිවන් තුනක් වේ. සතර උපාදාන ක්‍ෂය වීමෙන් සතරක්ද පංච නීවරණ ක්‍ෂයවීමෙන් පහක්ද සවැදෑරුම් තෘෂ්ණා කය ක්‍ෂයවීමෙන් සයක්ද අනුසය සත ක්‍ෂයවීමෙන් සතක්ද මිථ්‍යා අට ක්‍ෂයවීමෙන් අටක්ද තෘෂ්ණාමුල් නවය ක්‍ෂයවීමෙන් නවයක්ද සංයෝජන දහය ක්‍ෂයවීමෙන් දහයක්ද කෙලෙසුන් එක්දහස් පන්සියය ක්‍ෂයවීමෙන් වෙන් වෙන්වූ නිවන්දැයි බොහෝ නිවන් වේ. ඒ නිවන්වල ප්‍රමාණයක් නැත. මෙසේ නොගෙන නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයි එකම නිවන රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය යයි කියනු ලැබේ. මේ තුනම නිවනට සමාන වචන යයි ගන්න.

සචෙ පන එවං වුත‍්තෙපි න සල‍්ලක‍්ඛෙති, ඔළාරිකතාය කාරෙතබ‍්බො. කථං? ‘අන්‍ධබාලා හි අච‍්ඡදීපිමිගමක‍්කටාදයොපි කිලෙසපරියුට‍්ඨිතා වත්‍ථුං පටිසෙවන‍්ති. අථ නෙසං පටිසෙවනපරියන‍්තෙ කිලෙසො වූපසම‍්මති. තව වාදෙ අච‍්ඡදීපිමිගමක‍්කටාදයො නිබ‍්බානප‍්පත‍්තා නාම හොන‍්ති. ඔළාරිකං වත තෙ නිබ‍්බානං ථූලං, කණ‍්ණෙහි පිළන්‍ධිතුං න සක‍්කාති. එවං පන අග‍්ගහෙත්‍වා නිබ‍්බානං ආගම‍්ම රාගාදයො ඛීණාති එකමෙව නිබ‍්බානං රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයොති වුච‍්චති. තීණිපි හෙතානි නිබ‍්බානස‍්සෙව අධිවචනානීති ගණ‍්හ’.

මෙසේ කියන කල්හිද නොසලකා නම් ඕලාරික බව කරවිය යුතුය. කෙසේද? අඳබාලයෝ වලස්මුව වඳුරු ආදීහු කෙලෙස් නැගිවිට කාම වස්තු සේවනය කරති. සේවනය අවසානයේ කෙලෙසුන් සන්සිඳේ. ඔබේ වාදයෙහි වලස් දිවි මුව වඳුරු ආදීහු නිවනට පැමිණියෝ නම් වෙති. ඔබේ නිවන ඕලාරිකය. මහත් වූ නිසා කනේ පැළඳිය නොහැක. මෙසේ නොගෙන නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයි ද එකම නිවනට රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛ යයි කියනු ලැබේ. මේ තුනම නිවනේ සමාන වචනයයි ගන්න.

සචෙ පන එවං වුත‍්තෙපි න සල‍්ලක‍්ඛෙති, ගොත්‍රභුනාපි කාරෙතබ‍්බො. කථං? එවං තාව පුච‍්ඡිතබ‍්බො – ‘ත්‍වං ගොත්‍රභු නාම අත්‍ථීති වදෙසී’ති? ‘ආම වදාමී’ති. ‘ගොත්‍රභුක‍්ඛණෙ කිලෙසා ඛීණා, ඛීයන‍්ති, ඛීයිස‍්සන‍්තී’ති? න ඛීණා, න ඛීයන‍්ති; අපිච ඛො ඛීයිස‍්සන‍්තීති. ‘ගොත්‍රභු පන කිං ආරම‍්මණං කරොතී’ති? ‘නිබ‍්බානං’. ‘තව ගොත්‍රභුක‍්ඛණෙ කිලෙසා න ඛීණා, න ඛීයන‍්ති; අථ ඛො ඛීයිස‍්සන‍්ති. ත්‍වං අඛීණෙසුයෙව කිලෙසෙසු කිලෙසක‍්ඛයං නිබ‍්බානං පඤ‍්ඤපෙසි, අප‍්පහීනෙසු අනුසයෙසු අනුසයප‍්පහානං නිබ‍්බානං පඤ‍්ඤපෙසි. තං තෙ න සමෙති. එවං පන අග‍්ගහෙත්‍වා නිබ‍්බානං ආගම‍්ම රාගාදයො ඛීණාති එකමෙව නිබ‍්බානං රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයොති වුච‍්චති. තීණිපි හෙතානි නිබ‍්බානස‍්සෙව අධිවචනානීති ගණ‍්හ’.

මෙසේ කීවිටත් නොසලකා නම් ගෝත්‍රභුවෙන් කරවිය යුතුය. කෙසේද? මුලින් මෙසේ ඇසිය යුතුය. ගොත්‍රභූ ඇතැයි ඔබ කියයිද? ඔව් කියමි. ගොත්‍රභූ ක්‍ෂණයෙහි කෙලෙස් ක්‍ෂය වීද ක්‍ෂය වේද ක්‍ෂය වන්නේද? ක්‍ෂීණ වූයේ නොවේ ක්‍ෂීණ වෙයිද නොවේ. එසේ වුවත් ක්‍ෂීණ වන්නේය. ගොත්‍රභූ කුමක් අරමුණු කෙරේද? නිවන. ඔබේ ගොත්‍රභූ ක්‍ෂණයෙහි කෙලෙස් ක්‍ෂීණ වූයේ නොවේ. ක්‍ෂීණ වෙයිද නොවේ. ඉක්බිති ක්‍ෂය වන්නේය. ඔබ කෙලෙස් ක්‍ෂීණ නොවූ කල්හිම නිවන පනවයි. අනුසය ප්‍රහීන නොවූ කල්හි නිවන පනවයි. එය එයින් සමනය නොවේ. මෙසේ නොගෙන නිවනට පැමිණ රාගාදිය ක්‍ෂීණ වේයයිද එකම නිවන රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛයයි කියනු ලැබේ. මේ තුනම නිවනට සමාන වචනයයි ගන්න.

සචෙ පන එවං වුත‍්තෙපි න සල‍්ලක‍්ඛෙති, මග‍්ගෙන කාරෙතබ‍්බො. කථං? එවං තාව පුච‍්ඡිතබ‍්බො – ‘ත්‍වං මග‍්ගං නාම වදෙසී’ති? ‘ආම වදෙමී’ති. ‘මග‍්ගක‍්ඛණෙ කිලෙසා ඛීණා, ඛීයන‍්ති, ඛියිස‍්සන‍්තී’ති? ජානමානො වක‍්ඛති – ‘ඛීණාති වා ඛීයිස‍්සන‍්තීති වා වත‍්තුං න වට‍්ටති, ඛීයන‍්තීති වත‍්තුං වට‍්ටතී’ති. ‘යදි එවං, මග‍්ගස‍්ස කිලෙසක‍්ඛයං නිබ‍්බානං කතමං? මග‍්ගෙන ඛීයනකකිලෙසා කතමෙ? මග‍්ගො කතමං කිලෙසක‍්ඛයං නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා කතමෙ කිලෙසෙ ඛෙපෙති? තස‍්මා මා එවං ගණ‍්හ. නිබ‍්බානං පන ආගම‍්ම රාගාදයො ඛීණාති එකමෙව නිබ‍්බානං රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයොති වුච‍්චති. තීණිපි හෙතානි නිබ‍්බානස‍්සෙව අධිවචනානී’ති.

මෙසේ කීකල්හිත් නොසලකා නම් මාර්ගයෙන් කරවිය යුතුය. කෙසේද? පළමුව මෙසේ ඇසිය යුතුය. ඔබ මාර්ගය කියනවාද? ඔව් කියමි. මාර්ගක්‍ෂණයෙහි කෙලෙස් ක්‍ෂීණවීද ක්‍ෂීණ වෙයිද ක්‍ෂීණ වන්නේද? දන්නේ නම් කියයි. ක්‍ෂීණ වීයයි හෝ ක්‍ෂීණ වන්නේ යයි කීමට නොවටී. ක්‍ෂීණ වෙයි යනු කීමට වටී. මෙසේ මාර්ගයේ කෙලෙස් ක්‍ෂයවීම, නිවන කවරේද? මාර්ගයෙන් ක්‍ෂයවන කෙලෙස් කවරේද? මාර්ගය කවර කෙලෙස් ක්‍ෂයව නිවන අරමුණුකර කවර කෙලෙස් ක්‍ෂය කෙරේද? එනිසා මෙසේ නොගන්න. නිවනට පැමිණ රාගාදිය ක්‍ෂය වෙයි. එකම නිවනට රාගක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛයයි කියනු ලැබේ. මේ හේතු තුන නිවනෙහි පර්යාය වචන වේ.

එවං වුත‍්තෙ එවමාහ – ‘ත්‍වං ආගම‍්ම ආගම‍්මාති වදෙසී’ති? ‘ආම වදෙමී’ති. ‘ආගම‍්ම නාමාති ඉදං තෙ කුතො ලද‍්ධ’න‍්ති? ‘සුත‍්තතො ලද‍්ධ’න‍්ති . ‘ආහර සුත‍්ත’න‍්ති. “එවං අවිජ‍්ජා ච තණ‍්හා ච තං ආගම‍්ම, තම‍්හි ඛීණා, තම‍්හි භග‍්ගා, න ච කිඤ‍්චි කදාචී”ති. එවං වුත‍්තෙ පරවාදී තුණ‍්හීභාවං ආපන‍්නොති.

මෙසේ කීකල්හි මෙසේ කීය. ඔබ පැමිණ පැමිණේයයි කියයිද? එසේම කියමි. ආගම්ම නාමය ඔබට කොහෙන් ලැබුණේද? සූත්‍රයෙන් ලැබුණෙමි. සූත්‍රය දක්වන්න. මෙසේ අවිද්‍යාවට තෘෂ්ණාවට ඔහු පැමිණ එහි ක්‍ෂීණව එහි බිඳී කිසිදිනක කිසිවක් නොවීය. මෙසේ කීකල්හි පරවාදිය නිශ්ශබ්දතාවයට පැමිණේ.

ඉධාපි දසායතනානි කාමාවචරානි, ද‍්වෙ පන චතුභූමකානි ලොකියලොකුත‍්තරමිස‍්සකානීති වෙදිතබ‍්බානි.

මෙහිද ආයතන දහයක් කාමාවචරය. දෙකක් චතුභූමකය. ලෞකික ලෝකෝත්තර මිශ්‍ර යයි දතයුතුය.

අභිධම‍්මභාජනීයවණ‍්ණනා.

අභිධම්ම භාජනියයි.

පඤ‍්හාපුච‍්ඡකවණ‍්ණනා

ප්‍රශ්න විචාරක වර්ණනාව

ඉධාපි පඤ‍්හාපුච‍්ඡකෙ යං ලබ‍්භති යඤ‍්ච න ලබ‍්භති, තං සබ‍්බං පුච‍්ඡිත්‍වා ලබ‍්භමානවසෙනෙව විස‍්සජ‍්ජනං වුත‍්තං; න කෙවලඤ‍්ච ඉධ, සබ‍්බෙසුපි පඤ‍්හාපුච‍්ඡකෙසු එසෙව නයො. ඉධ පන දසන‍්නං ආයතනානං රූපභාවෙන අබ්‍යාකතතා වෙදිතබ‍්බා. ද‍්වින‍්නං ආයතනානං ඛන්‍ධවිභඞ‍්ගෙ චතුන‍්නං ඛන්‍ධානං විය කුසලාදිභාවො වෙදිතබ‍්බො. කෙවලඤ‍්හි චත‍්තාරො ඛන්‍ධා සප‍්පච‍්චයාව සඞ‍්ඛතාව ධම‍්මායතනං පන “සියා අප‍්පච‍්චයං, සියා අසඞ‍්ඛත”න‍්ති ආගතං. ආරම‍්මණත‍්තිකෙසු ච අනාරම‍්මණං සුඛුමරූපසඞ‍්ඛාතං ධම‍්මායතනං න-වත‍්තබ‍්බකොට‍්ඨාසං භජති. තඤ‍්ච ඛො අනාරම‍්මණත‍්තා න පරිත‍්තාදිභාවෙන නවත‍්තබ‍්බධම‍්මාරම‍්මණත‍්තාති අයමෙත්‍ථ විසෙසො. සෙසං තාදිසමෙව. ඉධාපි හි චත‍්තාරො ඛන්‍ධා විය ද‍්වායතනා පඤ‍්චපණ‍්ණාස කාමාවචරධම‍්මෙ ආරබ‍්භ රජ‍්ජන‍්තස‍්ස දුස‍්සන‍්තස‍්ස මුය‍්හන‍්තස‍්ස සංවරන‍්තස‍්ස සම‍්මසන‍්තස‍්ස පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස ච පරිත‍්තාරම‍්මණාති සබ‍්බං ඛන්‍ධෙසු වුත‍්තසදිසමෙවාති.

මෙහිද ප්‍රශ්න විචාරකයෙහි යමක් ලබයිද යමක් නොලබයිද ඒ සියල්ල විචාරා ලැබෙන ලෙසින්ම විසඳුම කියන ලදි. මෙහි පමණක් නොව සියළු ප්‍රශ්න විචාරීම්වල මෙම නයයි. මෙහි ආයතන දහය වනාහි රූප අභාවයෙන් අව්‍යාකෘත යයි දැනගත යුතුය. ආයතන දෙකේ (චක්ඛු රූප) ස්කන්ධ විභංගයෙහි ස්කන්ධ සතර මෙන් කුසලාදි බව දතයුතුය. හුදු ස්කන්ධ සතර ප්‍රත්‍ය සහිතද සංඛතද වේ. ධම්මායතනය ප්‍රත්‍ය රහිතද අසංඛතයට පැමිණියේද වන්නේය. ආරම්මණ ත්‍රිකයෙහි ද ආරම්මණ රහිත වූ සුඛුම රූපයයි කියන ලද ධම්මායතනය නොකිවයුතු කොටස භජනය කරයි. එයද අනාරම්මණ බැවින් අල්පාදි බැවින් ධම්මාරම්මණ බැවින් නොකිවයුතු වේ. මෙය මෙහි විශේෂයයි. සෙස්ස එලෙසමය. ස්කන්ධ සතර මෙන් මෙහිද දොළොස් ආයතන පස් පනස් කාමාවචර ධර්ම අරභයා ඇලෙන්නට ගැටෙන්නට මුළාවන්නට හික්මෙන්නට විමසන්නට පස් විකන්නාටද අල්පවූ අරමුණයයි සියල්ල ස්කන්ධවල කියන ලද සේය.

සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය ආයතනවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ දෙවන ආයතන විභංග නිද්දේසයයි.