යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා

සූත්‍රාන්ත භාජනීය වර්ණනාව

ඉදානි තදනන‍්තරෙ ධාතුවිභඞ‍්ගෙ සබ‍්බා ධාතුයො ඡහි ඡහි ධාතූහි සඞ‍්ඛිපිත්‍වා තීහි ඡක‍්කෙහි සුත‍්තන‍්තභාජනීයං දස‍්සෙන‍්තො ඡ ධාතුයොතිආදිමාහ. තත්‍ථ ඡාති ගණනපරිච‍්ඡෙදො. ධාතුයොති පරිච‍්ඡින‍්නධම‍්මනිදස‍්සනං. පථවීධාතූතිආදීසු ධාත්‍වට‍්ඨො නාම සභාවට‍්ඨො, සභාවට‍්ඨො නාම සුඤ‍්ඤතට‍්ඨො, සුඤ‍්ඤතට‍්ඨො නාම නිස‍්සත‍්තට‍්ඨොති එවං සභාවසුඤ‍්ඤතනිස‍්සත‍්තට‍්ඨෙන පථවීයෙව ධාතු පථවීධාතු. ආපොධාතුආදීසුපි එසෙව නයො. එවමෙත්‍ථ පදසමාසං විදිත්‍වා එවමත්‍ථො වෙදිතබ‍්බො – පථවීධාතූති පතිට‍්ඨානධාතු. ආපොධාතූති ආබන්‍ධනධාතු. තෙජොධාතූති පරිපාචනධාතු. වායොධාතූති විත්‍ථම‍්භනධාතු. ආකාසධාතූති අසම‍්ඵුට‍්ඨධාතු. විඤ‍්ඤාණධාතූති විජානනධාතු.

ධාතු විභංගයෙහි සියළු ධාතු, ධාතු සය හකුළුවා ඡක්ක ත්‍රිකයක් සූත්‍රාන්ත භාජනියෙහි දක්වන්නේ ඡ ධාතුයො ආදිය කීහ. ඡ යනු ගණන දැක්වීමය. ධාතුයො සීමිත ගණන අයත් ධර්ම දැක්වීමය. පඨවි ධාතු ආදියෙහි ධාතු අර්ථය ස්වභාව අර්ථයි. ස්වභාව අර්ථය නම් ශූන්‍ය අර්ථයයි. ශූන්‍ය අර්ථය නම් ආත්මයක් නැත යන අර්ථයයි. මෙසේ ස්වභාව ශූන්‍ය අනාත්ම අර්ථයෙන් පෘථිවි ධාතුව පඨවි ධාතු වේ. ආපෝ ධාතු ආදියෙහි ද මෙම නයයි. මෙසේ මෙහි පද සමාසය දැන මෙසේ අර්ථ දතයුතුය. පඨවි ධාතු යනු පෘථිවියට ආධාර වන ධාතු වේ. ආපෝ ධාතු සම්බන්ධය ඇතිකරන ධාතු වේ. තේජෝ ධාතු මේරීමට සලස්වන ධාතු වේ. වායෝ ධාතු පුම්බවන ධාතු වේ. ආකාස ධාතු ස්පර්ශ නොකළ ධාතු වේ. විඤ්ඤාණ ධාතු දැනගන්නා ධාතු වේ.

පථවීධාතුද‍්වයන‍්ති පථවීධාතු ද‍්වෙ අයං. අයං පථවීධාතු නාම න එකා එව අජ‍්ඣත‍්තිකබාහිරභෙදෙන පන ද‍්වෙ ධාතුයො එවාති අත්‍ථො. තෙනෙවාහ – “අත්‍ථි අජ‍්ඣත‍්තිකා අත්‍ථි බාහිරා”ති. තත්‍ථ අජ‍්ඣත‍්තිකාති සත‍්තසන‍්තානපරියාපන‍්නා නියකජ‍්ඣත‍්තා. බාහිරාති සඞ‍්ඛාරසන‍්තානපරියාපන‍්නා අනින්‍ද්‍රියබද‍්ධා. අජ‍්ඣත‍්තං පච‍්චත‍්තන‍්ති උභයම‍්පෙතං නියකජ‍්ඣත‍්තාධිවචනමෙව. ඉදානි තං සභාවාකාරතො දස‍්සෙතුං කක‍්ඛළන‍්තිආදි වුත‍්තං. තත්‍ථ කක‍්ඛළන‍්ති ථද‍්ධං. ඛරිගතන‍්ති ඵරුසං. කක‍්ඛළත‍්තන‍්ති කක‍්ඛළභාවො. කක‍්ඛළභාවොති කක‍්ඛළසභාවො. අජ‍්ඣත‍්තං උපාදින‍්නන‍්ති නියකජ‍්ඣත‍්තසඞ‍්ඛාතං උපාදින‍්නං. උපාදින‍්නං නාම සරීරට‍්ඨකං. සරීරට‍්ඨකඤ‍්හි කම‍්මසමුට‍්ඨානං වා හොතු මා වා, තං සන්‍ධාය උපාදින‍්නම‍්පි අත්‍ථි අනුපාදින‍්නම‍්පි; ආදින‍්නග‍්ගහිතපරාමට‍්ඨවසෙන පන සබ‍්බම‍්පෙතං උපාදින‍්නමෙවාති දස‍්සෙතුං “අජ‍්ඣත‍්තං උපාදින‍්න”න‍්ති ආහ.

පඨවි ධාතු ද්වයං මේ පඨවි ධාතු දෙකය. මේ පඨවි ධාතු නම් එකක් නොව අජ්ඣත්තික බාහිර භේදයෙන් දෙකක් වේ යන අර්ථයි. එහෙයින් කීහ:- “අත්ථි අජ්ඣත්තිකා අත්ථි බාහිරා”ති. එහි අජ්ඣත්තික යනු සත්ව සන්තානය ඇතුළත් ස්වකීය ආධ්‍යාත්මය වේ. බාහිරා යනු සංස්කාර සන්තානය ඇතුළත් ඉන්‍ද්‍රියබද්ධ නොවූ. අජ්ඣත්ත පච්චත්තං මේ දෙකම ස්වකීය අජ්ඣත්තයට පර්යාය වචනයි. දැන් එය ස්වභාව ආකාරයෙන් දැක්වීමට කක්ඛලං ආදිය කියන ලදි. එහි කක්ඛළං යනු තදබවයි. ඛරිගතං යනු රළුය. කක්ඛළත්තං රළු බවේ ස්වභාවය. කක්ඛළභාවො රළු ස්වභාවය. අජ්ඣත්තං උපාදින්නං යනු ස්වකීය අජ්ඣත්තයයි කියන ලද උපාදින්නය. උපාදින්න නම් ශරීරයෙහි පිහිටි, කර්මයෙන් හටගත් හෝ නැති ශරීරයෙහි පිහිටි. ඒ නිසා උපාදින්න ඇත. අනුපාදින්නද ඇත. සිතින් දැඩිව ගන්නා ලද වශයෙන් දැක්වීමට මේ සියල්ල උපාදින්නයයි දැක්වීමට අජ්ඣත්තං උපාදින්න යයි කීහ.

ඉදානි තමෙව පථවීධාතුං වත්‍ථුවසෙන දස‍්සෙතුං සෙය්‍යථිදං කෙසා ලොමාතිආදි වුත‍්තං. තත්‍ථ සෙය්‍යථිදන‍්ති නිපාතො. තස‍්සත්‍ථො – යා සා අජ‍්ඣත‍්තිකා පථවීධාතු සා කතමා? යං වා අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛළං නාම තං කතමන‍්ති? කෙසා ලොමාතිආදි තස‍්සා අජ‍්ඣත‍්තිකාය පථවීධාතුයා වත්‍ථුවසෙන පභෙදදස‍්සනං. ඉදං වුත‍්තං හොති – කෙසා නාම අජ‍්ඣත‍්තා උපාදින‍්නා සරීරට‍්ඨකා කක‍්ඛළත‍්තලක‍්ඛණා ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො. ලොමා නාම…පෙ… කරීසං නාම. ඉධ පන අවුත‍්තම‍්පි පටිසම‍්භිදාමග‍්ගෙ (පටි· ම· 1.4) පාළිආරුළ‍්හං මත්‍ථලුඞ‍්ගං ආහරිත්‍වා මත්‍ථලුඞ‍්ගං නාම අජ‍්ඣත‍්තං උපාදින‍්නං සරීරට‍්ඨකං කක‍්ඛළත‍්තලක‍්ඛණං ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො. පරතො ආපොධාතුආදීනං නිද‍්දෙසෙ පිත‍්තාදීසුපි එසෙව නයො.

දැන් එම පඨවි ධාතුව වස්තු වශයෙන් දැක්වීමට සෙය්‍යථීදං කෙසා ලොමා යනාදිය කියන ලදි. එහි සෙය්‍යථීදං යනු නිපාතයකි. යම් ඒ අජ්ඣත්තික පඨවි ධාතු ඒ කවරේද? යම් ඒ අධ්‍යාත්ම වෙන්වූ කැකුළු වූ ඒ කවරේද? කෙසා ලොමා ආදිය ඒ අජ්ඣත්තික පඨවි ධාතුවේ වස්තු වශයෙන් මේ ප්‍රභේද දැකීම කියන ලදි. කෙස් නම් තමාගේ යයි සිතාගත් ශරීරයෙහි පිහිටි කැකුළු බව ඇති ලක්‍ෂණ වේ. එය මේ ශරීරයේ වෙන්වූ කොටසකි. ලොම් නම්......... මල නමි. මෙහි නොකියන ලද පටිසම්භිදා මාර්ගයෙහි පෙලට නගනලද හිස්මොලය අධ්‍යාත්මිකයයි ගන්නා ලද ශරීරයේ පිහිටි කැකුළු ලක්‍ෂණ ඇති මේ ශරීරයෙහි වෙන්ව පිහිටි කොටසකි. පසුව වූ ආපෝ ධාතු ආදි නිද්දේසයෙහි පිත්තාදියද මෙම නයයි.

ඉමිනා කිං දස‍්සිතං හොති? ධාතුමනසිකාරො. ඉමස‍්මිං පන ධාතුමනසිකාරෙ කම‍්මං කත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා උත‍්තමත්‍ථං අරහත‍්තං පාපුණිතුකාමෙන කිං කත‍්තබ‍්බං? චතුපාරිසුද‍්ධිසීලං සොධෙතබ‍්බං. සීලවතො හි කම‍්මට‍්ඨානභාවනා ඉජ‍්ඣති. තස‍්ස සොධනවිධානං විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. විසුද‍්ධසීලෙන පන සීලෙ පතිට‍්ඨාය දස පුබ‍්බපලිබොධා ඡින්‍දිතබ‍්බා. තෙසම‍්පි ඡින්‍දනවිධානං විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ඡින‍්නපලිබොධෙන ධාතුමනසිකාරකම‍්මට‍්ඨානං උග‍්ගණ‍්හිතබ‍්බං. ආචරියෙනාපි ධාතුමනසිකාරකම‍්මට‍්ඨානං උග‍්ගණ‍්හාපෙන‍්තෙන සත‍්තවිධං උග‍්ගහකොසල‍්ලං දසවිධඤ‍්ච මනසිකාරකොසල‍්ලං ආචික‍්ඛිතබ‍්බං. අන‍්තෙවාසිකෙනාපි ආචරියස‍්ස සන‍්තිකෙ බහුවාරෙ සජ‍්ඣායං කත්‍වා නිජ‍්ජටං පගුණං කම‍්මට‍්ඨානං කාතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං අට‍්ඨකථායං – “ආදිකම‍්මිකෙන භික‍්ඛුනා ජරාමරණා මුච‍්චිතුකාමෙන සත‍්තහාකාරෙහි උග‍්ගහකොසල‍්ලං ඉච‍්ඡිතබ‍්බං, දසහාකාරෙහි මනසිකාරකොසල‍්ලං ඉච‍්ඡිතබ‍්බ”න‍්ති.

මෙයින් කුමක් දක්වන ලදද? ධාතු මෙනෙහි කිරීමයි. මේ ධාතු මෙනෙහි කිරීමේ යෙදී විදර්ශනාව පිහිටුවා උත්තම වූ අර්හත්භාවයට පැමිණෙනු කැමැත්තා විසින් කුමක් කළයුතුද? සිව්පිරිසිදු සිල් පිරිසිදු කළයුතුය. සිල්වත් වීමෙන් කමටහන් භාවනා සාර්ථක වේ. පිරිසිදුවන පිළිවෙල විසුද්ධි මාර්ගයෙහි කියන ලද ක්‍රමය අනුව දැනගත යුතුය. විසුද්ධ ශීලයෙන් සීලයෙහි පිහිටා පූර්ව පළිබෝධ දහය සිඳදැමිය යුතුය. ඒවා සිඳදමන ක්‍රමය විසුද්ධි මාර්ගයෙහි කීනයින් දතයුතුය. සිඳින ලද පළිබෝධ ඇත්තා ධාතු මෙනෙහි කිරීමේ කර්මස්ථානය උගත යුතුය. ආචාර්යයන් වහන්සේ විසින්ද ධාතු මෙනෙහි කිරීමේ කර්මස්ථානය උගන්වන්නේ සප්තවිධ උද්ග්‍රහ දක්‍ෂතා දසාකාර මෙනෙහි කිරීමේ දක්‍ෂතා දැක්විය යුතුය. අන්තේවාසිකයාද ආචාර්යයන් වහන්සේ සමීපයෙහි බොහෝ වාරයක් සජ්ඣායනා කොට කර්මස්ථානය අවුල් රහිතව ප්‍රගුණ කළ යුතුය. ජරා මරණයෙන් මිදෙනු කැමති ආදිකම්මික භික්‍ෂුව සත් ආකාරයකින් ඉගෙනීමේ දක්‍ෂතා කැමතිවිය යුතුය.

තත්‍ථ වචසා, මනසා, වණ‍්ණතො, සණ‍්ඨානතො, දිසතො, ඔකාසතො, පරිච‍්ඡෙදතොති ඉමෙහි සත‍්තහාකාරෙහි ඉමස‍්මිං ධාතුමනසිකාරකම‍්මට‍්ඨානෙ ‘උග‍්ගහකොසල‍්ලං’ ඉච‍්ඡිතබ‍්බං. අනුපුබ‍්බතො, නාතිසීඝතො, නාතිසණිකතො, වික‍්ඛෙපපටිබාහනතො , පණ‍්ණත‍්තිසමතික‍්කමතො, අනුපුබ‍්බමුඤ‍්චනතො, ලක‍්ඛණතො, තයො ච සුත‍්තන‍්තාති ඉමෙහි දසහාකාරෙහි ‘මනසිකාරකොසල‍්ලං’ ඉච‍්ඡිතබ‍්බං. තදුභයම‍්පි පරතො සතිපට‍්ඨානවිභඞ‍්ගෙ ආවි භවිස‍්සති.

එහි වචනයෙන් මනසින් වර්ණයෙන් සටහනින් දිසාවෙන් අවකාශයෙන් වෙන්කිරීමෙන් යන මේ සත් ආකාරයෙන් මෙම ධාතු මනසිකාරයෙහි කුසලතා ඇතිකර ගතයුතුය. අනුපිළිවෙලින් ඉක්මන් නොවීමෙන් පමා නොවීමෙන් නොකැළඹීමෙන් පැනවීම් ඉක්මවීමෙන් අනුපූර්ව මිදීමෙන් ලක්‍ෂණයෙන් තුන් සූත්‍රාන්තයෙන් යන දස ආකාරයෙන් මෙනෙහි කිරීමේ කුසලතා ලබාගත යුතුය. ඒ දෙකම සතිපට්ඨාන විභංගයෙහි පසුව එන්නේය.

එවං උග‍්ගහිතකම‍්මට‍්ඨානෙන පන විසුද‍්ධිමග‍්ගෙ වුත‍්තෙ අට‍්ඨාරස සෙනාසනදොසෙ වජ‍්ජෙත්‍වා පඤ‍්චඞ‍්ගසමන‍්නාගතෙ සෙනාසනෙ වසන‍්තෙන අත‍්තනාපි පඤ‍්චහි පධානියඞ‍්ගෙහි සමන‍්නාගතෙන පච‍්ඡාභත‍්තං පිණ‍්ඩපාතපටික‍්කන‍්තෙන විවිත‍්තොකාසගතෙන කම‍්මට‍්ඨානං මනසිකාතබ‍්බං. මනසිකරොන‍්තෙන ච වණ‍්ණසණ‍්ඨානදිසොකාසපරිච‍්ඡෙදවසෙන කෙසාදීසු එකෙකකොට‍්ඨාසං මනසිකරිත්‍වා අවසානෙ එවං මනසිකාරො පවත‍්තෙතබ‍්බො – ඉමෙ කෙසා නාම සීසකටාහපලිවෙඨනචම‍්මෙ ජාතා. තත්‍ථ යථා වම‍්මිකමත්‍ථකෙ ජාතෙසු කුණ‍්ඨතිණෙසු න වම‍්මිකමත්‍ථකො ජානාති ‘මයි කුණ‍්ඨතිණානි ජාතානී’ති, නාපි කුණ‍්ඨතිණානි ජානන‍්ති ‘මයං වම‍්මිකමත්‍ථකෙ ජාතානී’ති, එවමෙව න සීසකටාහපලිවෙඨනචම‍්මං ජානාති ‘මයි කෙසා ජාතා’ති, නාපි කෙසා ජානන‍්ති ‘මයං සීසකටාහපලිවෙඨනචම‍්මෙ ජාතා’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති කෙසා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

මෙසේ කර්මස්ථානය ඉගෙනීමෙන් විසුද්ධි මාර්ගයෙහි කියනලද අටළොස් සේනාසන දොස් හැර අංග පහකින් යුත් සෙනසුනේ වෙසෙමින් තමාගේ පස්ආකාර වීර්යයෙන් යුක්තව පිඬුසිඟා වැළඳීමෙන් පසුව, විවේකයට සෙනසුනට ගොස් කමටහන මෙනෙහි කළ යුතුය. මෙනෙහි කරන්නේ වර්ණ සටහන් දිසා අවකාශ පරිච්ඡේද වශයෙන් නොව කේසාදියෙහි එක එක කොටස් මෙනෙහි කොට අවසානයෙහි මෙනෙහි කිරීම පවත්වා ගතයුතුය. මෙම කෙස් නම් ඔලුකටුව වෙළන සමෙහි හටගත්තේය. හුඹස් මුදුනේ හටගත් කුන්ථ තණකොළ, තමා මත ඒවා හටගත්තේ යිය හුඹස් මුදුන නොදනී. හුඹස් මුදුනේ හටගත්තෙමු යයි තණකොළ නොදනී. එසේම හිස්කටුව වෙළන සම මා කෙරෙහි කෙස් හටගත්තේ යයි නොදනී. අපි ඔලකටුව වෙළන සමෙහි හටගත්තෙමු යයි කෙස් නොදනී. මේ ධර්ම ඔවුනොවුන් පරිහරණය කරන දේ පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂා රහිතය. කෙස් නම් මේ ශරීරයෙහි වෙන්වූ කොටසකි. චේතනා රහිතය. අව්‍යාකෘතය. ශූන්‍යය. අනාත්මය. තදවූ පඨවි ධාතුව වේ.

ලොමා සරීරවෙඨනචම‍්මෙ ජාතා. තත්‍ථ යථා සුඤ‍්ඤගාමට‍්ඨානෙ ජාතෙසු දබ‍්බතිණෙසු න සුඤ‍්ඤගාමට‍්ඨානං ජානාති ‘මයි දබ‍්බතිණානි ජාතානී’ති, නාපි දබ‍්බතිණානි ජානන‍්ති ‘මයං සුඤ‍්ඤගාමට‍්ඨානෙ ජාතානී’ති, එවමෙව න සරීරවෙඨනචම‍්මං ජානාති ‘මයි ලොමා ජාතා’ති, නාපි ලොමා ජානන‍්ති ‘මයං සරීරවෙඨනචම‍්මෙ ජාතා’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති ලොමා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

ලොම් ශරීරය වෙළන සමෙහි හටගත්තේය. එහි ජනශූන්‍ය ගමක හටගත් දබ්බතණ, අපි ජනශූන්‍ය ගමක හටගත්තෙමු යයි නොදනී. එසේම ශරීරය වෙළන සම මා කෙරෙහි ලොම් හටගත්තේ යයි නොදනී. මේ ධර්ම ඔවුනොවුන් පරිහරණය කරන දේ පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂා රහිතය. ලොම් නම් මේ ශරීරයෙහි වෙන්වූ කොටසකි. චේතනා රහිතය. අව්‍යාකෘතය. ශූන්‍යය. අනාත්මය. තදවූ පඨවි ධාතුවය.

නඛා අඞ‍්ගුලීනං අග‍්ගෙසු ජාතා. තත්‍ථ යථා කුමාරකෙසු දණ‍්ඩකෙහි මධුකට‍්ඨිකෙ විජ‍්ඣිත්‍වා කීළන‍්තෙසු න දණ‍්ඩකා ජානන‍්ති ‘අම‍්හෙසු මධුකට‍්ඨිකා ඨපිතා’ති, නාපි මධුකට‍්ඨිකා ජානන‍්ති ‘මයං දණ‍්ඩකෙසු ඨපිතා’ති, එවමෙව න අඞ‍්ගුලියො ජානන‍්ති ‘අම‍්හාකං අග‍්ගෙසු නඛා ජාතා’ති, නාපි නඛා ජානන‍්ති ‘මයං අඞ‍්ගුලීනං අග‍්ගෙසු ජාතා’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති නඛා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

නිය ඇඟිලි අග හටගත්තේය. ළමයි දඬුවලින් මීඇට විද සෙල්ලම් කරති. අප කෙරෙහි මීඇට තිබුණේ යයි දඬු නොදනී. අපි දඬු මත තබන ලද්දෙමු යයි මීඇට නොදනී. එසේම අපේ අග නිය හටගත්තේ යයි ඇඟිලි නොදනී. අපි ඇඟිලි අග හටගත්තෙමුයි නිය නොදනී. මේ ධර්මයෝ ඔවුනොවුන් ආභෝග ප්‍රත්‍යවෙක්‍ෂා රහිතයහ. නිය නම් මේ ශරීරයේ වෙන්වූ කොටසකි. චේතනා රහිතය. අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය. තදවූ පඨවි ධාතුවකි.

දන‍්තා හනුකට‍්ඨිකෙසු ජාතා. තත්‍ථ යථා වඩ‍්ඪකීහි පාසාණඋදුක‍්ඛලෙසු කෙනචිදෙව සිලෙසජාතෙන බන්‍ධිත්‍වා ඨපිතථම‍්භෙසු න උදුක‍්ඛලානි ජානන‍්ති ‘අම‍්හෙසු ථම‍්භා ඨිතා’ති, නාපි ථම‍්භා ජානන‍්ති ‘මයං උදුක‍්ඛලෙසු ඨිතා’ති, එවමෙව න හනුකට‍්ඨිකා ජානන‍්ති ‘අම‍්හෙසු දන‍්තා ජාතා’ති , නාපි දන‍්තා ජානන‍්ති ‘මයං හනුකට‍්ඨිකෙසු ජාතා’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති දන‍්තා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

දත් හකුඇටවල හටගත්තේය. වඩුවන් විසින් ගල්වංගෙඩි ටැඹක බැඳ තබන ලදි. අපි ටැඹෙහි සිටිමුයි වංගෙඩි නොදනී. මම වංගෙඩි සහ සිටිමියි ටැඹ නොදනී. එමෙන්ම අපගෙන් දත් හටගත්තේ යයි හකුඇට නොදනී. අපි හකුඇටවලින් හටගත්තෙමුයි දත් නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ආබෝග රහිතය. දත් නම් මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුවය.

තචො සකලසරීරං පරියොනන්‍ධිත්‍වා ඨිතො. තත්‍ථ යථා අල‍්ලගොචම‍්මපරියොනද‍්ධාය මහාවීණාය න මහාවීණා ජානාති ‘අහං අල‍්ලගොචම‍්මෙන පරියොනද‍්ධා’ති, නාපි අල‍්ලගොචම‍්මං ජානාති ‘මයා මහාවීණා පරියොද‍්ධා’ති, එවමෙව න සරීරං ජානාති ‘අහං තචෙන පරියොනද‍්ධ’න‍්ති, නාපි තචො ජානාති ‘මයා සරීරං පරියොනද‍්ධන‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති තචො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

සම ශරීරය හාත්පස වසා සිටියේය. එහි යම් සේ නොවියලි ගව සමින් වසනලද වීණාවක් වේ. මම නොවියලි ගවසමින් වසන ලදිමියි වීණාව නොදනී, මවිසින් වීණාව වසන ලදැයි ගවසම නොදනී. එසේම මම සමින් වසන ලදිමියි ශරීරය නොදනී. මවිසින් ශරීරය වසන ලදැයි සම නොදනී. මේ ධර්මයෝ ඔවුනොවුන් ආබෝග ප්‍රත්‍යවේක්‍ෂා රහිතය. සම නම් මේ ශරීරයේ වෙන්වූ කොටසකි. චේතනා රහිතය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුව වේ.

මංසං අට‍්ඨිසඞ‍්ඝාටං අනුලිම‍්පිත්‍වා ඨිතං. තත්‍ථ යථා මහාමත‍්තිකාය ලිත‍්තාය භිත‍්තියා න භිත‍්ති ජානාති ‘අහං මහාමත‍්තිකාය ලිත‍්තා’ති, නාපි මහාමත‍්තිකා ජානාති ‘මයා මහාභිත‍්ති ලිත‍්තා’ති, එවමෙව න අට‍්ඨිසඞ‍්ඝාටො ජානාති ‘අහං නවමංසපෙසිසතප‍්පභෙදෙන මංසෙන ලිත‍්තො’ති, නාපි මංසං ජානාති ‘මයා අට‍්ඨිසඞ‍්ඝාටො ලිත‍්තො’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති මංසං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

මාංස ඇටකූඩුව ආලේප කොට සිටී. මැටිවලින් ආලේප කළ බිත්තියක් වේ. මැටිවලින් ආලේප කරනු ලදිමියි බිත්තිය නොදනී. මවිසින් බිත්තිය ආලේප කරන ලදැයි මැටි නොදනී. එසේම මාංසයෙන් ආලේප කරන ලදිමියි අස්ථි පංජරය නොදනී. මවිසින් අස්ථි පංජරය ආලේප කරන ලදැයි මාංස නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. මාංස නම් මේ සිරුරේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුව වේ.

න‍්හාරු සරීරබ‍්භන‍්තරෙ අට‍්ඨීනි ආබන්‍ධමානා ඨිතා. තත්‍ථ යථා වල‍්ලීහි විනද‍්ධෙසු කුට‍්ටදාරූසු න කුට‍්ටදාරූනි ජානන‍්ති ‘මයං වල‍්ලීහි විනද‍්ධානී’ති, නාපි වල‍්ලියො ජානන‍්ති ‘අම‍්හෙහි කුට‍්ටදාරූනි විනද‍්ධානී’ති, එවමෙව න අට‍්ඨීනි ජානන‍්ති ‘මයං න‍්හාරූහි ආබද‍්ධානී’ති, නාපි න‍්හාරූ ජානන‍්ති ‘අම‍්හෙහි අට‍්ඨීනි ආබද‍්ධානී’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති න‍්හාරු නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

නහර ශරීරය තුළ ඇට බඳිමින් සිටී. වැල්වලින් බිත්ති දැව වෙළුකල්හි වැල්වලින් වෙළන ලදිමියි වරිච්චිය නොදනී. වරිච්චිය වෙලන ලදැයි වැල් නොදනී. නහරවලින් බඳින ලදිමියි ඇට නොදනී. ඇට බඳින ලදැයි නහර නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. නහර නම් මේ සිරුරේ වෙන්වූ කොටසකි. අචේතනය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුව වේ.

අට‍්ඨීසු පණ‍්හිකට‍්ඨි ගොප‍්ඵකට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. ගොප‍්ඵකට‍්ඨි ජඞ‍්ඝට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. ජඞ‍්ඝට‍්ඨි ඌරුට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. ඌරුට‍්ඨි කටිට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං . කටිට‍්ඨි පිට‍්ඨිකණ‍්ටකං උක‍්ඛිපිත්‍වා ඨිතං. පිට‍්ඨිකණ‍්ටකො ගීවට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතො. ගීවට‍්ඨි සීසට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතං. සීසට‍්ඨි ගීවට‍්ඨිකෙ පතිට‍්ඨිතං. ගීවට‍්ඨි පිට‍්ඨිකණ‍්ටකෙ පතිට‍්ඨිතං. පිට‍්ඨිකණ‍්ටකො කටිට‍්ඨිම‍්හි පතිට‍්ඨිතො. කටිට‍්ඨි ඌරුට‍්ඨිකෙ පතිට‍්ඨිතං. ඌරුට‍්ඨි ජඞ‍්ඝට‍්ඨිකෙ පතිට‍්ඨිතං. ජඞ‍්ඝට‍්ඨි ගොප‍්ඵකට‍්ඨිකෙ පතිට‍්ඨිතං. ගොප‍්ඵකට‍්ඨි පණ‍්හිකට‍්ඨිකෙ පතිට‍්ඨිතං.

ඇටවල පතුලේ ඇට ගොප් ඇට ඔසවා සිටී. ගොප්ඇට කෙණ්ඩා ඇට ඔසවා සිටී. කෙණ්ඩා ඇට කලවා ඇටද කලවා ඇට තුනටිය ඇටද තුනටිය ඇට කොඳුඇටද කොඳුඇට බෙල්ලේ ඇටද බෙල්ලේ ඇට හිසේ ඇටද ඔසවා සිටී. හිසේ ඇට බෙල්ලේ ඇට මතු පිහිටියේය. බෙල්ලේ ඇට කොඳුඇට මතද කොඳුඇට තුනටියේ ඇට මතද තුනටියේ ඇට කලවා ඇට මතද කලවා ඇට කෙණ්ඩා ඇට මතද කෙණ්ඩා ඇට ගොප් ඇට මතද ගොප් ඇට පතුලේ ඇට මතද පිහිටියේය.

තත්‍ථ යථා ඉට‍්ඨකදාරුගොමයාදිසඤ‍්චයෙසු න හෙට‍්ඨිමා හෙට‍්ඨිමා ජානන‍්ති ‘මයං උපරිමෙ උපරිමෙ උක‍්ඛිපිත්‍වා ඨිතා’ති, නාපි උපරිමා උපරිමා ජානන‍්ති ‘මයං හෙට‍්ඨිමෙසු හෙට‍්ඨිමෙසු පතිට‍්ඨිතා’ති, එවමෙව න පණ‍්හිකට‍්ඨි ජානාති ‘අහං ගොප‍්ඵකට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිත’න‍්ති, න ගොප‍්ඵකට‍්ඨි ජානාති ‘අහං ජඞ‍්ඝට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිත’න‍්ති, න ජඞ‍්ඝට‍්ඨි ජානාති ‘අහං ඌරුට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිත’න‍්ති, න ඌරුට‍්ඨි ජානාති ‘අහං කටිට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිත’න‍්ති, න කටිට‍්ඨි ජානාති ‘අහං පිට‍්ඨිකණ‍්ටකං උක‍්ඛිපිත්‍වා ඨිත’න‍්ති, න පිට‍්ඨිකණ‍්ටකො ජානාති ‘අහං ගීවට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිතො’ති, න ගීවට‍්ඨි ජානාති ‘අහං සීසට‍්ඨිං උක‍්ඛිපිත්‍වා ඨිත’න‍්ති, න සීසට‍්ඨි ජානාති ‘අහං ගීවට‍්ඨිම‍්හි පතිට‍්ඨිත’න‍්ති, න ගීවට‍්ඨි ජානාති ‘අහං පිට‍්ඨිකණ‍්ටකෙ පතිට‍්ඨිත’න‍්ති, න පිට‍්ඨිකණ‍්ටකො ජානාති ‘අහං කටිට‍්ඨිම‍්හි පතිට‍්ඨිතො’ති, න කටිට‍්ඨි ජානාති ‘අහං ඌරුට‍්ඨිම‍්හි පතිට‍්ඨිත’න‍්ති, න ඌරුට‍්ඨි ජානාති ‘අහං ජඞ‍්ඝට‍්ඨිම‍්හි පතිට‍්ඨිත’න‍්ති, න ජඞ‍්ඝට‍්ඨි ජානාති ‘අහං ගොප‍්ඵකට‍්ඨිම‍්හි පතිට‍්ඨිත’න‍්ති, න ගොප‍්ඵකට‍්ඨි ජානාති ‘අහං පණ‍්හිකට‍්ඨිම‍්හි පතිට‍්ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අට‍්ඨි නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

උළු ගඩොල් දැව ගොම ආදිය රැස්කිරීමේදී උඩ උඩ ඒවා ඔසවා සිටිමුයි යට යට ඒවා නොදනී. යට යට ඒවා මත සිටිමුයි උඩ උඩ ඒවා නොදනී. ගොප් ඇට ඔසවා සිටිතියි පතුලේ ඇට නොදනී. කෙන්ඩා ඇට ඔසවා සිටිතියි ගොප් ඇට නොදනී. කලවා ඇට ඔසවා සිටිතියි කෙණ්ඩා ඇට නොදනී. තුනටි ඇට ඔසවා සිටිතියි කලවා ඇට නොදනී. කොඳු ඇට ඔසවා සිටිතියි තුනටිය ඇට නොදනී. බෙල්ලේ ඇට ඔසවා සිටිතියි කොඳුඇට නොදනී. හිසේ ඇට ඔසවා සිටිතියි තුනටිය ඇට නොදනී. බෙල්ලේ ඇට ඔසවා සිටිතියි කොඳුඇට නොදනී. කොඳුඇට මත පිහිටියෙමියි බෙල්ලේ ඇට නොදනී. තුනටිය ඇට මත පිහිටියෙමියි කොඳුඇට නොදනී. කලවා ඇට මත පිහිටියෙමියි තුනටිය ඇට නොදනී. කෙණ්ඩා ඇට මත පිහිටියෙමියි කලවා ඇට නොදනී. ගොප් ඇට මත පිහිටියෙමියි කෙණ්ඩා ඇට නොදනී. පතුලේ ඇට මත පිහිටියෙමියි ගොප් ඇට නොදනී. මේ ධර්මයෝ ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතයහ. ඇට නම් මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතු වේ.

අට‍්ඨිමිඤ‍්ජං තෙසං තෙසං අට‍්ඨීනං අබ‍්භන‍්තරෙ ඨිතං. තත්‍ථ යථා වෙළුපබ‍්බාදීනං අන‍්තො පක‍්ඛිත‍්තෙසු සින‍්නවෙත‍්තග‍්ගාදීසු න වෙළුපබ‍්බාදීනි ජානන‍්ති ‘අම‍්හෙසු වෙත‍්තග‍්ගාදීනි පක‍්ඛිත‍්තානී’ති, නාපි වෙත‍්තග‍්ගාදීනි ජානන‍්ති ‘මයං වෙළුපබ‍්බාදීසු ඨිතානීති, එවමෙව න අට‍්ඨීනි ජානන‍්ති ‘අම‍්හාකං අන‍්තො අට‍්ඨිමිඤ‍්ජං ඨිත’න‍්ති, නාපි අට‍්ඨිමිඤ‍්ජං ජානාති ‘අහං අට‍්ඨීනං අන‍්තො ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අට‍්ඨිමිඤ‍්ජං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

ඇටමිදුළු ඒ ඒ ඇටවල අභ්‍යන්තරයේ පිහිටියේය. හුණ පර්ව ඇතුළත බහාලන ලද වේවැල් කරටි ආදිය ඇතිකල්හි අප ඇතුලේ වේවැල් කරටි ඇතැයි හුණ පර්ව නොදනී. හුණ පර්ව ඇතුලේ බහාලන ලද බව වේවැල් කරටි නොදනී. ඇතුළේ ඇටමිදුළු ඇතැයි ඇට නොදනී. ඇට ඇතුළේ සිටිමියි ඇටමිදුළු නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. ඇටමිදුලු නම් මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුවේ.

වක‍්කං ගලවාටකතො නික‍්ඛන‍්තෙන එකමූලෙන ථොකං ගන‍්ත්‍වා ද‍්විධා භින‍්නෙන ථූලන‍්හාරුනා විනිබද‍්ධං හුත්‍වා හදයමංසං පරික‍්ඛිපිත්‍වා ඨිතං. තත්‍ථ යථා වණ‍්ටුපනිබද‍්ධෙ අම‍්බඵලද‍්වයෙ න වණ‍්ටං ජානාති ‘මයා අම‍්බඵලද‍්වයං උපනිබද‍්ධ’න‍්ති, නාපි අම‍්බඵලද‍්වයං ජානාති ‘අහං වණ‍්ටෙන උපනිබද‍්ධ’න‍්ති, එවමෙව න ථූලන‍්හාරු ජානාති ‘මයා වක‍්කං උපනිබද‍්ධ’න‍්ති, නාපි වක‍්කං ජානාති ‘අහං ථූලන‍්හාරුනා උපනිබද‍්ධ’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති වක‍්කං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

වකුගඩුව ගලවළුවෙන් නික්මී එක් මුලකින් ටිකක් ගොස් දෙකට බෙදී ලොකු නහරයෙන් බැඳී හෘදය මාංසය වටකොට සිටියේය. එක නැට්ටෙන් බැඳුණු අඹගෙඩි දෙකක් අඹගෙඩි බඳින ලදැයි නැට්ට නොදනී. නැට්ටෙන් බඳින ලදැයි අඹ නොදනී. වකුගඩුව බඳින ලදැයි මහනහරය නොදනී. මහනහරයෙන් බඳින ලදැයි වකුගඩුව නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. වකුගඩුව නම් ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදගති ඇති පඨවි ධාතුව වේ.

හදයං සරීරබ‍්භන‍්තරෙ උරට‍්ඨිපඤ‍්ජරමජ‍්ඣං නිස‍්සාය ඨිතං. තත්‍ථ යථා ජිණ‍්ණසන්‍දමානිකපඤ‍්ජරබ‍්භන‍්තරං නිස‍්සාය ඨපිතාය මංසපෙසියා න ජිණ‍්ණසන්‍දමානිකපඤ‍්ජරබ‍්භන‍්තරං ජානාති ‘මං නිස‍්සාය මංසපෙසි ඨපිතා’ති, නාපි මංසපෙසි ජානාති ‘අහං ජිණ‍්ණසන්‍දමානිකපඤ‍්ජරබ‍්භන‍්තරං නිස‍්සාය ඨිතා’ති, එවමෙව න උරට‍්ඨිපඤ‍්ජරබ‍්භන‍්තරං ජානාති ‘මං නිස‍්සාය හදයං ඨිත’න‍්ති, නාපි හදයං ජානාති ‘අහං උරට‍්ඨිපඤ‍්ජරබ‍්භන‍්තරං නිස‍්සාය ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති හදයං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

හෘදය සිරුර ඇතුළේ උරකුහරය මැද ඇසුරුකර සිටියේය. රිය තට්ටුව තුළ තබනලද මස්වැදැල්ල රිය තට්ටුව තුළ ඇතැයි නොදනී. රිය තට්ටුවේ ඇතැයි රිය තට්ටුව නොදනී. එසේම උරකුහරය ඇසුරුකර ඇතැයි පපුමස නොදනී. හෘදය තමා තුළ ඇතැයි උරකුහරය නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. හෘදය මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතු වේ.

යකනං අන‍්තොසරීරෙ ද‍්වින‍්නං ථනානං අබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං නිස‍්සාය ඨිතං. තත්‍ථ යථා උක‍්ඛලිකපාලපස‍්සම‍්හි ලග‍්ගෙ යමකමංසපිණ‍්ඩෙ න උක‍්ඛලිකපාලපස‍්සං ජානාති ‘මයි යමකමංසපිණ‍්ඩො ලග‍්ගො’ති, නාපි යමකමංසපිණ‍්ඩො ජානාති ‘අහං උක‍්ඛලිකපාලපස‍්සෙ ලග‍්ගො’ති, එවමෙව න ථනානං අබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං ජානාති ‘මං නිස‍්සාය යකනං ඨිත’න‍්ති, නාපි යකනං ජානාති ‘අහං ථනානං අබ‍්භන‍්තරෙ දක‍්ඛිණපස‍්සං නිස‍්සාය ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති යකනං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

අක්මාව ශරීරය තුළ තනදෙක ඇතුළත දකුණුපස ඇසුරු කර සිටී. ගැලිකබල පසෙහි ඇළුණු මස්පිඬු දෙක ඇතැයි හැලිකබල නොදනී. හැලිකබලේ ඇළුණේ යයි මස්පිඬු නොදනී. එසේම තම ඇතුළත අක්මාව ඇතැයි තන නොදනී. තන තුළ පිහිටියේයයි අක්මාව නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. අක්මාව මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතු වේ.

කිලොමකෙසු පටිච‍්ඡන‍්නකිලොමකං හදයඤ‍්ච වක‍්කඤ‍්ච පරිවාරෙත්‍වා ඨිතං, අපටිච‍්ඡන‍්නකිලොමකං සකලසරීරෙ චම‍්මස‍්ස හෙට‍්ඨතො මංසං පරියොනන්‍ධිත්‍වා ඨිතං. තත්‍ථ යථා පිලොතිකපලිවෙඨිතෙ මංසෙ න මංසං ජානාති ‘අහං පිලොතිකාය පලිවෙඨිත’න‍්ති, නාපි පිලොතිකා ජානාති ‘මයා මංසං පලිවෙඨිත’න‍්ති, එවමෙව න වක‍්කහදයානි සකලසරීරෙ මංසඤ‍්ච ජානාති ‘අහං කිලොමකෙන පටිච‍්ඡන‍්න’න‍්ති, නාපි කිලොමකං ජානාති ‘මයා වක‍්කහදයානි සකලසරීරෙ මංසඤ‍්ච පටිච‍්ඡන‍්න’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති කිලොමකං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

වැසුණු දලබුව හෘදය වස්තුව සහ වකුගඩුව පිරිවරා සිටී. නොවැසුණු දලබුව සියළු ශරීරයෙහි සමින් යට මස වෙළාගෙන සිටී. රෙදිකැබැල්ලෙන් මස් වෙළූවිට රෙදි කැබැල්ලෙන් වෙළන ලදැයි මස් නොදනී, මස් වෙළන ලදැයි රෙදි කැබැල්ල නොදනී. වකුගඩුව හා හෘදය තමා වසන ලදැයි දලබුව නොදනී. දලබුවෙන් වැසුනේ යයි වකුගඩුව හා හෘදය නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. දලබුව මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුව වේ.

පිහකං හදයස‍්ස වාමපස‍්සෙ උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතං. තත්‍ථ යථා කොට‍්ඨකමත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතාය ගොමයපිණ‍්ඩියා න කොට‍්ඨකමත්‍ථකපස‍්සං ජානාති ‘ගොමයපිණ‍්ඩි මං නිස‍්සාය ඨිතා’ති, නාපි ගොමයපිණ‍්ඩි ජානාති ‘අහං කොට‍්ඨකමත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිතා’ති, එවමෙව න උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං ජානාති ‘පිහකං මං නිස‍්සාය ඨිත’න‍්ති, නාපි පිහකං ජානාති ‘අහං උදරපටලස‍්ස මත්‍ථකපස‍්සං නිස‍්සාය ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති පිහකං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

බඩදිව හෘදයේ වම්පස උදරපටලය මත පසෙක සිටී. කොටුව මත පසෙක ගොමපිඩ තිබේ. ගොමපිඩ තමා මත ඇතැයි කොටුව නොදනී. කොටුව මත තමා සිටී යයි ගොමපිඩ නොදනී. බඩදිව මා නිසා සිටියේ යයි බඩදිව නොදනී. බඩදිව සිටියේ යයි උදර පටලය නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. බඩදිව මේ ශරීරයේ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තද පඨවි ධාතු වේ.

පප‍්ඵාසං සරීරබ‍්භන‍්තරෙ ද‍්වින‍්නං ථනානං අබ‍්භන‍්තරෙ හදයඤ‍්ච යකනඤ‍්ච උපරිඡාදෙත්‍වා ඔලම‍්බන‍්තං ඨිතං. තත්‍ථ යථා ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරෙ ඔලම‍්බමානෙ සකුණකුලාවකෙ න ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරං ජානාති ‘මයි සකුණකුලාවකො ඔලම‍්බමානො ඨිතො’ති, නාපි සකුණකුලාවකො ජානාති ‘අහං ජිණ‍්ණකොට‍්ඨබ‍්භන‍්තරෙ ඔලම‍්බමානො ඨිතො’ති , එවමෙව න සරීරබ‍්භන‍්තරං ජානාති ‘මයි පප‍්ඵාසං ඔලම‍්බමානං ඨිත’න‍්ති, නාපි පප‍්ඵාසං ජානාති ‘අහං එවරූපෙ සරීරබ‍්භන‍්තරෙ ඔලම‍්බමානං ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති පප‍්ඵාසං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

පපුව සිරුර තුළ තන දෙක අතර හෘදය වස්තුව සහ අක්මාව මත්තෙහි එල්බෙමින් පවතී. එහි දිරූ කොටුවක පක්‍ෂි කූඩුවක් එල්ලෙමින් ඇත. පක්‍ෂි කූඩුව ඇතැයි කොටුව නොදනී. කොටුවේ එල්ලෙමින් ඇතැයි කූඩුව නොදනී. පපුව එල්බෙමින් ඇතැයි සිරුර නොදනී. සිරුර තුළ එල්බෙමින් ඇතැයි පපුව නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. පපුව මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තද පඨවි ධාතු වේ.

අන‍්තං ගලවාටකතො කරීසමග‍්ගපරියන‍්තෙ සරීරබ‍්භන‍්තරෙ ඨිතං. තත්‍ථ යථා ලොහිතදොණිකාය ඔභුජිත්‍වා ඨපිතෙ ඡින‍්නසීසධමනිකළෙවරෙ න ලොහිතදොණි ජානාති ‘මයි ධමනිකළෙවරං ඨිත’න‍්ති, නාපි ධමනිකළෙවරං ජානාති ‘අහං ලොහිතදොණිකායං ඨිත’න‍්ති, එවමෙව න සරීරබ‍්භන‍්තරං ජානාති ‘මයි අන‍්තං ඨිත’න‍්ති, නාපි අන‍්තං ජානාති ‘අහං සරීරබ‍්භන‍්තරෙ ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අන‍්තං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

බඩවැල ගලවළුවේ සිට මලමාර්ගය අවසන්කොට සිරුර තුළ ඇත. එහි ඔරුවක තැබූ සිඳුනු හිස්නහර කලේබරයක් ඇත. නහරය ඇතැයි ලේ ඔරුව නොදනී. ඔරුවේ ඇතැයි නහරය නොදනී. බඩවැල තමා කෙරෙහි ඇතැයි සිරුර නොදනී. සිරුරේ ඇතැයි බඩවැල නොදනී. මේවා ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. බඩවැල සිරුරේ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තද පඨවි ධාතුව වේ.

අන‍්තගුණං අන‍්තන‍්තරෙ එකවීසති අන‍්තභොගෙ බන්‍ධිත්‍වා ඨිතං. තත්‍ථ යථා පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං සිබ‍්බෙත්‍වා ඨිතෙසු රජ‍්ජුකෙසු න පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං ජානාති ‘රජ‍්ජුකා මං සිබ‍්බෙත්‍වා ඨිතා’ති, නාපි රජ‍්ජුකා ජානන‍්ති ‘මයං පාදපුඤ‍්ඡනරජ‍්ජුමණ‍්ඩලකං සිබ‍්බෙත්‍වා ඨිතා’ති, එවමෙව න අන‍්තං ජානාති ‘අන‍්තගුණං මං ආබන්‍ධිත්‍වා ඨිත’න‍්ති, නාපි අන‍්තගුණං ජානාති ‘අහං අන‍්තං බන්‍ධිත්‍වා ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අන‍්තගුණං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

කුඩා බඩවැල එක්විසි අතුණුබහන් බැඳ අතරෙහි සිටී. පාපිස්න ලණුවලින් වසා ඇත. ලණුවලින් වසා ඇතැයි පාපිස්න නොදනී. පාපිස්න වසන ලදැයි ලණු නොදනී. බැඳ ඇතැයි කුඩා බඩවැල නොදනී. බැඳී ඇතැයි බඩවැල නොදනී. මේවා ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. කුඩා බඩවැල ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුව වේ.

උදරියං උදරෙ ඨිතං අසිතපීතඛායිතසායිතං. තත්‍ථ යථා සුවානදොණියං ඨිතෙ සුවානවමථුම‍්හි න සුවානදොණි ජානාති ‘මයි සුවානවමථු ඨිතො’ති, නාපි සුවානවමථු ජානාති ‘අහං සුවානදොණියං ඨිතො’ති, එවමෙව න උදරං ජානාති ‘මයි උදරියං ඨිත’න‍්ති, නාපි උදරියං ජානාති ‘අහං උදරෙ ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති උදරියං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

නොපැසුණ අහර කා බී රස බැලු ආහාර උදරයෙහි ඇත. බලු ඔරුවක ඇති වමනය බලු වමනය ඇතැයි බලු ඔරුව නොදනී. බලු වමනය ඔරුවේ ඇතැයි වමනය නොදනී. මම උදරයෙහි සිටිමියි නොපැසුණු ආහාර නොදනී. නොපැසුණු ආහාර උදරයෙහි ඇතැයි උදරය නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. නොපැසුණ ආහාර මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුව වේ.

කරීසං පක‍්කාසයසඞ‍්ඛාතෙ අට‍්ඨඞ‍්ගුලවෙළුපබ‍්බසදිසෙ අන‍්තපරියොසානෙ ඨිතං. තත්‍ථ යථා වෙළුපබ‍්බෙ ඔමද‍්දිත්‍වා පක‍්ඛිත‍්තාය සණ‍්හපණ‍්ඩුමත‍්තිකාය න වෙළුපබ‍්බං ජානාති ‘මයි පණ‍්ඩුමත‍්තිකා ඨිතා’ති, නාපි පණ‍්ඩුමත‍්තිකා ජානාති ‘අහං වෙළුපබ‍්බෙ ඨිතා’ති, එවමෙව න පක‍්කාසයො ජානාති ‘මයි කරීසං ඨිත’න‍්ති, නාපි කරීසං ජානාති ‘අහං පක‍්කාසයෙ ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති කරීසං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

මල ඇලදිව යයි කියන ලද අටඟුල් උණපුරුක් හා සමාන බඩවැල අවසානයෙහි සිටී. එහි උණ පුරුක් මිරිකා බහාලන ලද සිනිඳු පඬුපැහැ මැටි ඇත. මා කෙරෙහි සිනිඳු පඬුපැහැ මැටි ඇතැයි උණපුරුක නොදනී. මම උණපුරුකෙහි සිටිමියි මැටි නොදනී. මා කෙරෙහි මල ඇතැයි පක්වාසය නොදනී. පක්වාසයෙහි ඇතැයි මල නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. මල මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතු වේ.

මත්‍ථලුඞ‍්ගං සීසකටාහබ‍්භන‍්තරෙ ඨිතං. තත්‍ථ යථා පුරාණලාබුකටාහෙ පක‍්ඛිත‍්තාය පිට‍්ඨපිණ‍්ඩියා න ලාබුකටාහං ජානාති ‘මයි පිට‍්ඨපිණ‍්ඩි ඨිතා’ති, නාපි පිට‍්ඨපිණ‍්ඩි ජානාති ‘අහං ලාබුකටාහෙ ඨිතා’ති, එවමෙව න සීසකටාහබ‍්භන‍්තරං ජානාති ‘මයි මත්‍ථලුඞ‍්ගං ඨිත’න‍්ති, නාපි මත්‍ථලුඞ‍්ගං ජානාති ‘අහං සීසකටාහබ‍්භන‍්තරෙ ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති මත්‍ථලුඞ‍්ගං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො ථද‍්ධො පථවීධාතූති.

හිස්මොලය හිස්කබල ඇතුළේ තිබේ. එහි පැරණි ලබු කබලක බහාලන ලද පිටිපිඬු ඇත. මා කෙරෙහි පිටිපිඬු ඇතැයි ලබුකබල නොදනී. තමා ලබුකබල තුළ ඇතැයි පිටිපිඬු නොදනී. මම හිස්කබල තුළ සිටිමියි හිස්මොළය නොදනී. මා තුළ හිස් මොළය ඇතැයි හිස්කබල නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. හිස්මොළය මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, තදවූ පඨවි ධාතුව වේ.

යං වා පනඤ‍්ඤම‍්පීති ඉමිනා ආපොකොට‍්ඨාසාදීසු තීසු අනුගතං පථවීධාතුං ලක‍්ඛණවසෙන යෙවාපනකං පථවිං කත්‍වා දස‍්සෙති.

යංවා පනඤ්ඤම්පි මේ ආපෝ කොටස් තුනෙහි අනුගත පඨවි ධාතු ලක්‍ෂණ වශයෙන් සෙසු ධර්ම පඨවි ලෙස දැක්වීය.

බාහිරපථවීධාතුනිද‍්දෙසෙ අයොති කාළලොහං. ලොහන‍්ති ජාතිලොහං, විජාතිලොහං, කිත‍්තිමලොහං, පිසාචලොහන‍්ති චතුබ‍්බිධං. තත්‍ථ අයො, සජ‍්ඣු, සුවණ‍්ණං, තිපු, සීසං, තම‍්බලොහං, වෙකන‍්තකන‍්ති ඉමානි සත‍්ත ජාතිලොහානි නාම. නාගනාසිකලොහං විජාතිලොහං නාම. කංසලොහං, වට‍්ටලොහං, ආරකූටන‍්ති තීණි කිත‍්තිමලොහානි නාම. මොරක‍්ඛකං, පුථුකං, මලිනකං, චපලකං, සෙලකං, ආටකං, භල‍්ලකං, දූසිලොහන‍්ති අට‍්ඨ පිසාචලොහානි නාම. තෙසු පඤ‍්ච ජාතිලොහානි පාළියං විසුං වුත‍්තානෙව. තම‍්බලොහං, වෙකන‍්තකලොහන‍්ති ඉමෙහි පන ද‍්වීහි ජාතිලොහෙහි සද‍්ධිං සෙසං සබ‍්බම‍්පි ඉධ ලොහන‍්ති වෙදිතබ‍්බං.

බාහිර පඨවි ධාතු නිද්දේසයෙහි අයො යනු කලු ලොහයයි. ලොහං යනු ජාති, විජාත, කිත්තිම, පිසාච යයි සතරාකාරය. යකඩ, රිදී, රන්, ඊයම්, සුදු, කළු ඊයම්, තඹ වේකන්ත යන සත ජාති ලෝහයයි. නයි නසන ලෝහය විජාති ලෝහයයි. රන් වට පිත්තල තුණ කිත්තිම ලෝහ වේ. මොරක්ඛක, පුථුක, මලිනක, චපලක, සෙලක, ආටක, තල්ලක, දුසි යන අට පිසාච ලෝහ නම් වේ. ඒවා අතර ජාති ලෝහ පහ පෙලෙහි වෙන්කොට දක්වා ඇත. තඹ වෙන්තක ජාති ලෝහ සමග මෙහි සියල්ල ලෝහ යයි දතයුතුය.

තිපූති සෙතතිපු. සීසන‍්ති කාළතිපු. සජ‍්ඣූති රජතං. මුත‍්තාති සාමුද‍්දිකමුත‍්තා. මණීති ඨපෙත්‍වා පාළිආගතෙ වෙළුරියාදයො සෙසො ජොතිරසාදිභෙදො සබ‍්බොපි මණි. වෙළුරියොති වංසවණ‍්ණමණි. සඞ‍්ඛොති සාමුද‍්දිකසඞ‍්ඛො. සිලාති කාළසිලා, පණ‍්ඩුසිලා, සෙතසිලාතිආදිභෙදා සබ‍්බාපි සිලා. පවාළන‍්ති පවාළමෙව. රජතන‍්ති කහාපණො. ජාතරූපන‍්ති සුවණ‍්ණං. ලොහිතඞ‍්කොති රත‍්තමණි. මසාරගල‍්ලන‍්ති කබරමණි. තිණාදීසු බහිසාරා අන‍්තමසො නාළිකෙරාදයොපි තිණං නාම. අන‍්තොසාරං අන‍්තමසො දාරුඛණ‍්ඩම‍්පි කට‍්ඨං නාම. සක‍්ඛරාති මුග‍්ගමත‍්තතො යාව මුට‍්ඨිප‍්පමාණා මරුම‍්බා සක‍්ඛරා නාම. මුග‍්ගමත‍්තතො පන හෙට‍්ඨා වාලිකාති වුච‍්චති. කඨලන‍්ති යං කිඤ‍්චි කපාලං. භූමීති පථවී. පාසාණොති අන‍්තොමුට‍්ඨියං අසණ‍්ඨහනතො පට‍්ඨාය හත්‍ථිප‍්පමාණං අසම‍්පත‍්තො පාසාණො නාම. හත්‍ථිප‍්පමාණතො පට‍්ඨාය පන උපරි පබ‍්බතො නාම. යං වා පනාති ඉමිනා තාලට‍්ඨි-නාළිකෙර-ඵලාදිභෙදං සෙසපථවිං ගණ‍්හාති. යා ච අජ‍්ඣත‍්තිකා පථවීධාතු යා ච බාහිරාති ඉමිනා ද‍්වෙපි පථවීධාතුයො කක‍්ඛළට‍්ඨෙන ලක‍්ඛණතො එකා පථවීධාතු එවාති දස‍්සෙති.

තිපු යනු සුදු ඊයම්ය. සීස යනු කළු ඊයම්ය. සජ්ඣ යනු රිදීය. මුත්තා මුහුදු මුතු වේ. මණි පෙලෙහි ආ වෙළුරියාදිය හැර සෙසු ජෝති ගිනිගල් රසාදි සියල්ල මණි වේ. වෙළුරිය යනු වෙරළුමිණිය (උණ ගස් වර්ණයෙන් යුත් නිසා) වේ. සංඛ මුහුදු හක්. සිලා කළු පඬු සුදු ආදී බේදවලින් යුත් සියළුම ගල් අයත් වේ. පචාල ප්‍රචාලම වේ. රජතං කහවණු වේ. ජාතරූපං ස්වර්ණ වේ. ලොහිතංක රතුමැණික් වේ. මසාරගල්ලං මිශ්‍ර වර්ණ යුත් මැණික් තෘණාදියෙහි පිටත කොවුල ඇති යටත් පිරිසෙයින් පොල් ආදියද තෘණ වේ. ඇතුළත කොවුල් දර කෑල්ලක්ද කාෂ්ට නම් වේ. සක්ඛර මුංඇට ප්‍රමාණයේ සිට මිටින් ගතහැකි පමණවූ බොරළුකැට වේ. මුග්ග මත්තයෙන් යනු යට වැලි යයි කියන ලදි. කඨලං යනු කිසියම් කපාල වේ. භූමි-පඨවි ද වේ. පාසාණො මිටතුළ නොපිහිටන ප්‍රමාණයේ සිට ඇතුන් පමණ වූයේ අසම්පත්ත පාසාණ වේ. ඇතුන් ප්‍රමාණයේ සිට පර්වත දක්වාද පාසාණ වේ. යං වා පන මෙයින් තල්ඇට පොල්ගෙඩි භේදයෙන් සෙසු පඨවි ගනියි. අජ්ඣත්තික බාහිර පඨවි ධාතු දෙක කර්කශ අර්ථයෙන් හා ලක්‍ෂණයෙන් එකම පඨවි ධාතු යයි දක්වයි.

ආපොධාතුනිද‍්දෙසාදීසු හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. ආපො ආපොගතන‍්තිආදීසු ආබන්‍ධනවසෙන ආපො. තදෙව ආපොසභාවං ගතත‍්තා ආපොගතං නාම. ස‍්නෙහවසෙන ස‍්නෙහො. සොයෙව ස‍්නෙහසභාවං ගතත‍්තා ස‍්නෙහගතං නාම. බන්‍ධනත‍්තං රූපස‍්සාති අවිනිබ‍්භොගරූපස‍්ස බන්‍ධනභාවො. පිත‍්තං සෙම‍්හන‍්තිආදීනිපි වණ‍්ණසණ‍්ඨානදිසොකාසපරිච‍්ඡෙදවසෙන පරිග‍්ගහෙත්‍වා ධාතුවසෙනෙව මනසිකාතබ‍්බානි.

ආපෝ ධාතු නිද්දේසාදියද යට කියන ලද නයින්ම දතයුතුය. ආපො ආපොගතං ආදියෙහි බැඳීම් වශයෙන් ආපෝ වේ. එයම ආපෝ ස්වභාවයට ගියබැවින් සෙනග්ගාවගතං වේ. බන්‍ධනත්තං රූපස්ස වෙන්නොවූ රූපයේ බැඳීම් බවය. පිත්තංසෙම්හං ආදිය වර්ණය පිහිටීම දිසාව අවකාශය පිරිසිඳීම වශයෙන් විමසා ධාතු වශයෙන් මෙනෙහි කළයුතුය.

තත්‍රායං නයො – පිත‍්තෙසු හි අබද‍්ධපිත‍්තං ජීවිතින්‍ද්‍රියපටිබද‍්ධං සකලසරීරං බ්‍යාපෙත්‍වා ඨිතං, බද‍්ධපිත‍්තං පිත‍්තකොසකෙ ඨිතං. තත්‍ථ යථා පූවං බ්‍යාපෙත්‍වා ඨිතෙ තෙලෙ න පූවං ජානාති ‘තෙලං මං බ්‍යාපෙත්‍වා ඨිත’න‍්ති, නාපි තෙලං ජානාති ‘අහං පූවං බ්‍යාපෙත්‍වා ඨිත’න‍්ති, එවමෙව න සරීරං ජානාති ‘අබද‍්ධපිත‍්තං මං බ්‍යාපෙත්‍වා ඨිත’න‍්ති, නාපි අබද‍්ධපිත‍්තං ජානාති ‘අහං සරීරං බ්‍යාපෙත්‍වා ඨිත’න‍්ති. යථා ච වස‍්සොදකෙන පුණ‍්ණෙ කොසාතකීකොසකෙ න කොසාතකීකොසකො ජානාති ‘මයි වස‍්සොදකං ඨිත’න‍්ති, නාපි වස‍්සොදකං ජානාති ‘අහං කොසාතකීකොසකෙ ඨිත’න‍්ති, එවමෙව න පිත‍්තකොසකො ජානාති මයි බද‍්ධපිත‍්තං ඨිතන‍්ති, නාපි බද‍්ධපිත‍්තං ජානාති ‘අහං පිත‍්තකොසකෙ ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති පිත‍්තං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

මේ එහි පිළිවෙලයි. පිත්වල නොබැඳි පිත ජීවිතේන්‍ද්‍රිය හා බැඳී මුළු සිරුරෙහි පැතිර සිටී. බැඳුණු පිත පිත්කෝෂයෙහි සිටී. එහි තෙල කැවුමෙහි පැතිර තිබෙනවිට තෙල මා මුළුල්ලෙහි පැතිර ඇතැයි කැවුම නොදනී. කැවුමෙහි පැතිරී ඇතැයි තෙල නොදනී. එසේම නොබැඳි පිත මා මුළුල්ලෙහි පැතිරී ඇතැයි සිරුර නොදනී. සිරුර මුළුල්ලෙහි පැතිරී සිටිමියි පිත නොදනී. වැසිදියෙන් පිරුණු වැටකොලු කොපුව මෙන් වැසිදියෙන් පිරී ඇතැයි නොදනී. වැටකොලු කොපුව තුළ පිරී ඇතැයි වැසිදිය නොදනී. එසේම මා කෙරෙහි බැඳුණු පිත ඇතැයි පිත් කෝෂය නොදනී. පිත් කෝෂයෙහි ඇතැයි පිත නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. පිත නම් මේ සිරුරේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂයෙන් යුත් බැඳීම් ආකාර ඇති ආපෝ ධාතු වේ.

සෙම‍්හං එකපත්‍ථපූරප‍්පමාණං උදරපටලෙ ඨිතං. තත්‍ථ යථා උපරි සඤ‍්ජාතඵෙණපටලාය චන්‍දනිකාය න චන්‍දනිකා ජානාති ‘මයි ඵෙණපටලං ඨිත’න‍්ති, නාපි ඵෙණපටලං ජානාති ‘අහං චන්‍දනිකාය ඨිත’න‍්ති, එවමෙව න උදරපටලං ජානාති ‘මයි සෙම‍්හං ඨිත’න‍්ති, නාපි සෙම‍්හං ජානාති ‘අහං උදරපටලෙ ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති සෙම‍්හං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

සෙම පාත්‍රයක් පුරවන පමණ උදරපටලයෙහි ඇත. ගවරවලක හටගත් පෙණ පටලයක් ගවරවලේ ඇතැයි නොදනී. පෙණ පටලයක් ඇතැයි ගවරවල නොදනී. තමා කෙරෙහි සෙම ඇතැයි උදරපටලය නොදනී. උදර පටලයෙහි ඇතැයි සෙම නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. සෙම මේ ශරීරයෙහි වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂ සහිත වූ බැඳීම් ආකාර ආපෝ ධාතුව වේ.

පුබ‍්බො අනිබද‍්ධොකාසො, යත්‍ථ යත්‍ථෙව ඛාණුකණ‍්ටකප‍්පහරණඅග‍්ගිජාලාදීහි අභිහටෙ සරීරප‍්පදෙසෙ ලොහිතං සණ‍්ඨහිත්‍වා පච‍්චති, ගණ‍්ඩපීළකාදයො වා උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථ තත්‍ථෙව තිට‍්ඨති. තත්‍ථ යථා ඵරසුප‍්පහාරාදිවසෙන පග‍්ඝරිතනියාසෙ රුක‍්ඛෙ න රුක‍්ඛස‍්ස ඵරසුප‍්පහාරාදිප‍්පදෙසා ජානන‍්ති ‘අම‍්හෙසු නිය්‍යාසො ඨිතො’ති, නාපි නිය්‍යාසො ජානාති ‘අහං රුක‍්ඛස‍්ස ඵරසුප‍්පහාරාදිප‍්පදෙසෙසු ඨිතො’ති, එවමෙව න සරීරස‍්ස ඛාණුකණ‍්ටකාදීහි අභිහටප‍්පදෙසා ජානන‍්ති ‘අම‍්හෙසු පුබ‍්බො ඨිතො’ති, නාපි පුබ‍්බො ජානාති ‘අහං තෙසු පදෙසෙසු ඨිතො’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති පුබ‍්බො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

සැරව නොබැඳුණු අවකාසයයි. කණු කටු පැහැරීමෙන් හා ගිනිදළු වැදීමෙන් ශරීරයේ යම් යම් තැන්වල ලේ පිහිටා පැසේ. ගඩු පිලකාදිය ඇතිවේ. ඒ ඒ තැන පිහිටයි. එහි මැලියම් ඇති ගසක් පොරෝ පහර වැදුණු තැන මැලියම් ඇතැයි නොදනී. තමා ගසේ ඇතැයි මැලියම් නොදනී. කණු කටු ආදිය ඇනුණු තැන සැරව ඇතැයි ශරීරය නොදනී. තමා ශරීරයෙහි ඇතැයි සැරව නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. සැරව මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂයෙන් යුත් බැඳීම් ඇති ආපෝ ධාතු වේ.

ලොහිතෙසු සංසරණලොහිතං අබද‍්ධපිත‍්තං විය සකලසරීරං බ්‍යාපෙත්‍වා ඨිතං. සන‍්නිචිතලොහිතං යකනට‍්ඨානස‍්ස හෙට‍්ඨාභාගං පූරෙත්‍වා එකපත‍්තපූරණප‍්පමාණං වක‍්කහදයයකනපප‍්ඵාසානි තෙමෙන‍්තං ඨිතං. තත්‍ථ සංසරණලොහිතෙ අබද‍්ධපිත‍්තසදිසොව විනිච‍්ඡයො. ඉතරං පන යථා ජජ‍්ජරකපාලට‍්ඨෙ උදකෙ හෙට‍්ඨා ලෙඩ‍්ඩුඛණ‍්ඩානි තෙමයමානෙ න ලෙඩ‍්ඩුඛණ‍්ඩානි ජානන‍්ති ‘මයං උදකෙන තෙමියමානා ඨිතා’ති, නාපි උදකං ජානාති ‘අහං ලෙඩ‍්ඩුඛණ‍්ඩානි තෙමෙමී’ති, එවමෙව න යකනස‍්ස හෙට‍්ඨාභාගට‍්ඨානං වක‍්කාදීනි වා ජානන‍්ති ‘මයි ලොහිතං ඨිතං, අම‍්හෙ වා තෙමයමානං ඨිත’න‍්ති, නාපි ලොහිතං ජානාති ‘අහං යකනස‍්ස හෙට‍්ඨාභාගං පූරෙත්‍වා වක‍්කාදීනි තෙමයමානං ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති ලොහිතං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

ලෝහිතං අබද්ධ පිත මෙන් ලෙය සියළු ශරීරයෙහි පැතිරී ඇත. රැස්වුණු ලෙය අක්මාව යටපැත්ත පුරවා වකුගඩුව, හෘදය. අක්මාව, පපුව තෙමමින් පවතී. එහි සංසරණය වන ලෙයෙහි නොබැඳූ පිතෙහි මෙන්, දැරූ කබලක් දියයට මැටිකැට ආදිය තෙමමින් සිටී. ජලයෙන් තෙමෙමින් සිටී යයි මැටිකැට නොදනී. මැටිකැට තෙමනවා යයි ජලය නොදනී. එසේම වකුගඩුව අක්මාව ආදිය ලෙය ඇතැයි නොදනී. ඒවා තෙමමින් සිටිනවා යයි රුධිරය නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. රුධිරය මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂ සහිත බැඳීම් ඇති ආපෝ ධාතුව වේ.

සෙදො අග‍්ගිසන‍්තාපාදිකාලෙසු කෙසලොමකූපවිවරානි පූරෙත්‍වා තිට‍්ඨති චෙව පග‍්ඝරති ච. තත්‍ථ යථා උදකා අබ‍්බූළ‍්හමත‍්තෙසු භිසමුළාලකුමුදනාළකලාපෙසු න භිසාදිකලාපවිවරානි ජානන‍්ති ‘අම‍්හෙහි උදකං පග‍්ඝරතී’ති, නාපි භිසාදිකලාපවිවරෙහි පග‍්ඝරන‍්තං උදකං ජානාති ‘අහං භිසාදිකලාපවිවරෙහි පග‍්ඝරාමී’ති, එවමෙව න කෙසලොමකූපවිවරානි ජානන‍්ති ‘අම‍්හෙහි සෙදො පග‍්ඝරතී’ති, නාපි සෙදො ජානාති ‘අහං කෙසලොමකූපවිවරෙහි පග‍්ඝරාමී’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති සෙදො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

සෙදො දහඩිය ගින්නෙන් රත්වීම් ආදිය ඇතිවිට කෙස්, රෝමකූප, විවර පුරවා සිටීමද වැගිරීමද වේ. ජලයෙන් උදුරන ලද නෙළුම්අල දඬුවලින් ජලය වැගිරේ. ජලය වැගිරෙන බව නෙළුම්අල දඬු නොදනී. නෙළුම්දඬු අලවලින් වැගිරේ යයි ජලය නොදනී. එසේම දහඩිය වැගිරේ යයි කෙස් ලොම් විවර නොදනී. කෙස් ලොම් විවරවලින් වැගිරේ යයි දහඩිය නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. දහඩිය මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂ සහිත බැඳීම් ඇති ආපෝ ධාතු වේ.

මෙදො ථූලස‍්ස සකලසරීරං ඵරිත්‍වා කිසස‍්ස ජඞ‍්ඝමංසාදීනි නිස‍්සාය ඨිතො පත්‍ථින‍්නස‍්නෙහො. තත්‍ථ යථා හලිද‍්දිපිලොතිකපටිච‍්ඡන‍්නෙ මංසපුඤ‍්ජෙ න මංසපුඤ‍්ජො ජානාති ‘මං නිස‍්සාය හලිද‍්දිපිලොතිකා ඨිතා’ති, නාපි හලිද‍්දිපිලොතිකා ජානාති ‘අහං මංසපුඤ‍්ජං නිස‍්සාය ඨිතා’ති, එවමෙව න සකලසරීරෙ ජඞ‍්ඝාදීසු වා මංසං ජානාති ‘මං නිස‍්සාය මෙදො ඨිතො’ති, නාපි මෙදො ජානාති ‘අහං සකලසරීරෙ ජඞ‍්ඝාදීසු වා මංසං නිස‍්සාය ඨිතො’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති මෙදො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො පත්‍ථින‍්නස‍්නෙහො පත්‍ථින‍්නයූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

මෙදො තෙල ස්ථුල වූ සියළු සිරුරෙහි පැතිරී කෘශ වූ කෙණ්ඩා මාංශ ආදිය ඇසුරුකර ඇත. කහරෙදි කැබැල්ලකින් වැසූ මස්පිඬ කහරෙදි කැබැල්ලකින් වැසුවේ යයි නොදනී. මස්පිඬ වැසුවේ යයි කහරෙදි කැබැල්ල නොදනී. එසේම ශරීරය පුරා මේදය ඇතැයි ජංගාදිය නොදනී. සිරුර පුරා ඇතැයි මේදය නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා නොකරයි. මේදය සිරුරේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂ ඇති බැඳීම් සහිත ආපෝ ධාතුව වේ.

අස‍්සු යදා සඤ‍්ජායති තදා අක‍්ඛිකූපකෙ පූරෙත්‍වා තිට‍්ඨති වා පග‍්ඝරති වා. තත්‍ථ යථා උදකපුණ‍්ණෙසු තරුණතාලට‍්ඨිකූපකෙසු න තරුණතාලට‍්ඨිකූපකා ජානන‍්ති ‘අම‍්හෙසු උදකං ඨිත’න‍්ති, නාපි උදකං ජානාති ‘අහං තරුණතාලට‍්ඨිකූපකෙසු ඨිත’න‍්ති, එවමෙව න අක‍්ඛිකූපකා ජානන‍්ති ‘අම‍්හෙසු අස‍්සු ඨිත’න‍්ති, නාපි අස‍්සු ජානාති ‘අහං අක‍්ඛිකූපකෙසු ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති අස‍්සු නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

අස්සු කඳුළු හටගත්විට ඇස් පුරවා හෝ වැගිරෙමින් ඇත. තල් කුරුම්බැට්ටිවල වැහි ජලය පිරුණුවිට ජලය පිරී ඇතැයි කුරුම්බැට්ටි නොදනී. තමා කුරුම්බැට්ටිවල ඇතැයි ජලය නොදනී. එසේම කඳුළු ඇතැයි ඇස්වල නොදනී. ඇස් වලේ සිටිනවා යයි කඳුළු නොදනී, මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. කඳුළු මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂ සහිත බැඳීම් ඇති ආපෝ ධාතුවය.

වසා අග‍්ගිසන‍්තාපාදිකාලෙ හත්‍ථතලහත්‍ථපිට‍්ඨිපාදතලපාදපිට‍්ඨිනාසපුටනලාටඅංසකූටෙසු ඨිතවිලීනස‍්නෙහො. තත්‍ථ යථා පක‍්ඛිත‍්තතෙලෙ ආචාමෙ න ආචාමො ජානාති ‘මං තෙලං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිත’න‍්ති, නාපි තෙලං ජානාති ‘අහං ආචාමං අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිත’න‍්ති, එවමෙව න හත්‍ථතලාදිප‍්පදෙසො ජානාති ‘මං වසා අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතා’ති, නාපි වසා ජානාති ‘අහං හත්‍ථතලාදිප‍්පදෙසෙ අජ‍්ඣොත්‍ථරිත්‍වා ඨිතා’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති වසා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

වසා චුරුණු තෙලය. ගිනි ආදියෙන් තැවෙනවිට අතුල්පතුල් නාස් සිදුර නළල උරහිස්වල තිබෙන දියාරු තෙලකි. පැසුණු තෙලෙහි උතුරන තෙල උඩට නැගෙන බව නොදනී. තෙල උතුරනවා යයි පැසුණු තෙල නොදනී. එසේම චුරුණු තෙල තමා වසා ඇතැයි අතුල්පතුල් ආදිය නොදනී. අතුල්පතුල් ආදිය වසා සිටිනවා යයි චුරුණු තෙල නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. චුරුණු තෙල වෙන්වූ ශරීරයේ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, යුෂ ඇති බැඳීම් ආකාර ආපෝ ධාතුව වේ.

ඛෙළො තථාරූපෙ ඛෙළුප‍්පත‍්තිපච‍්චයෙ සති උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ජිව‍්හාය තිට‍්ඨති. තත්‍ථ යථා අබ‍්බොච‍්ඡින‍්නඋදකනිස‍්සන්‍දෙ නදීතීරකූපකෙ න කූපතලං ජානාති ‘මයි උදකං සන‍්තිට‍්ඨතී’ති, නාපි උදකං ජානාති ‘අහං කූපතලෙ සන‍්තිට‍්ඨාමී’ති , එවමෙව න ජිව‍්හාතලං ජානාති ‘මයි උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ඛෙළො ඨිතො’ති, නාපි ඛෙළො ජානාති ‘අහං උභොහි කපොලපස‍්සෙහි ඔරොහිත්‍වා ජිව‍්හාතලෙ ඨිතො’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති ඛෙළො නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

ඛෙලො කෙල ඉපදීමට හේතු ඇතිකල්හි දෙකොපලින් පහතට බැස දිවෙහි පවතී. ගංඉවුරේ වලක ජලයෙන් යුක්තයයි නොදනී. ඒ වලේ ඇතැයි එහි ජලය නොදනී. එසේම මා කෙරෙහි කෙල ඇතැයි දිව නොදනී. මම දිවේ සිටිමියි කෙල නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. තෙල මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂැති බැඳීම් සහිත ආපෝ ධාතු වේ.

සිඞ‍්ඝාණිකා යදා සඤ‍්ජායති තදා නාසාපුටෙ පූරෙත්‍වා තිට‍්ඨති වා පග‍්ඝරති වා. තත්‍ථ යථා පූතිදධිභරිතාය සිප‍්පිකාය න සිප‍්පිකා ජානාති ‘මයි පූතිදධි ඨිත’න‍්ති, නාපි පූතිදධි ජානාති ‘අහං සිප‍්පිකාය ඨිත’න‍්ති, එවමෙව න නාසාපුටා ජානන‍්ති ‘අම‍්හෙසු සිඞ‍්ඝාණිකා ඨිතා’ති, නාපි සිඞ‍්ඝාණිකා ජානාති ‘අහං නාසාපුටෙසු ඨිතා’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති සිඞ‍්ඝාණිකා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

සිංඝානිකා මුකුණුය (සොටු) හටගන්නාවිට නාස්පුඩු පුරවා සිටී. හෝ වැගිරේ. කුණු දීකිරිවලින් පිරුණු බෙල්ලා තමා කෙරෙහි කුණු දීකිරි ඇතැයි නොදනී. බෙල්ලාගේ සිටිමි යයි කුණු දීකිරි නොදනී. නාස් පුඩුවල සිටිමියි මුකුණු නොදනී. මුකුණු ඇතැයි නාස්පුඩු නොදනී. මේ ධර්ම ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. මුකුණු ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂ සහ බැඳීම් ඇති ආපෝ ධාතු වේ.

ලසිකා අට‍්ඨිකසන්‍ධීනං අබ‍්භඤ‍්ජනකිච‍්චං සාධයමානා අසීතිසතසන්‍ධීසු ඨිතා. තත්‍ථ යථා තෙලබ‍්භඤ‍්ජිතෙ අක‍්ඛෙ න අක‍්ඛො ජානාති ‘මං තෙලං අබ‍්භඤ‍්ජිත්‍වා ඨිත’න‍්ති, නාපි තෙලං ජානාති ‘අහං අක‍්ඛං අබ‍්භඤ‍්ජිත්‍වා ඨිත’න‍්ති, එවමෙව න අසීතිසතසන්‍ධයො ජානන‍්ති ‘ලසිකා අම‍්හෙ අබ‍්භඤ‍්ජිත්‍වා ඨිතා’ති, නාපි ලසිකා ජානාති ‘අහං අසීතිසතසන්‍ධයො අබ‍්භඤ‍්ජිත්‍වා ඨිතා’ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති ලසිකා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති.

ලසිකා සඳමිදුළු ඇට සන්ධිවල ගැල්වීම් කිස සිදුකරමින් අටදහසක් පමණ සන්ධිවල පවතී. ගැල්වූ අකුරෙහි (අක්‍ෂය) තෙල්ගල්වා ඇතැයි අලවංගුව නොදනී. අකුරෙහි තෙල් ගැල්වූයෙමියි තෙල් නොදනී. එසේම තෙල් ගල්වන ලදැයි අට දහසක් සන්ධි නොදනී. අටදහසක් සන්ධිවල ගැල්වීමියි සඳමිදුළු නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. සඳමිදුළු මේ ශරීරයේ වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂභූත වූ බැඳීම් ඇති ආපෝ ධාතු වේ.

මුත‍්තං වත්‍ථිස‍්ස අබ‍්භන‍්තරෙ ඨිතං. තත්‍ථ යථා චන්‍දනිකාය පක‍්ඛිත‍්තෙ අධොමුඛෙ රවණඝටෙ න රවණඝටො ජානාති ‘මයි චන්‍දනිකාරසො ඨිතො’ති, නාපි චන්‍දනිකාරසො ජානාති ‘අහං රවණඝටෙ ඨිතො’ති, එවමෙව න වත්‍ථි ජානාති ‘මයි මුත‍්තං ඨිත’න‍්ති, නාපි මුත‍්තං ජානාති ‘අහං වත්‍ථිම‍්හි ඨිත’න‍්ති. අඤ‍්ඤමඤ‍්ඤං ආභොගපච‍්චවෙක‍්ඛණරහිතා එතෙ ධම‍්මා. ඉති මුත‍්තං නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො යූසභූතො ආබන්‍ධනාකාරො ආපොධාතූති. යං වා පනාති අවසෙසෙසු තීසු කොට‍්ඨාසෙසු ආපොධාතුං සන්‍ධාය වුත‍්තං.

මුත්තං මුත්‍ර, වස්ති ඇතුළත පවතී. ගවරවලෙහි දැමූ රවන්කට්ට මුනින් අතට වැටේ. ගවරවල ජලයෙහි සිටීවා යයි රවන්කට්ට නොදනී. රවන්කට්ට ඇතිබව ගවරවල නොදනී. එසේම වස්තිය තුළ ඇතැයි මුත්‍ර නොදනී. තමා තුළ මුත්‍ර ඇතැයි වස්තිය නොදනී. මේ ධර්ම ඔවුනොවුන් ප්‍රත්‍යවෙක්‍ෂා රහිතය. මුත්‍ර මේ ශරීරයෙන් වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, යුෂ සහිත වූ ආපෝ ධාතුව වේ. යං වා පන ඉතිරි කොටස් තුනේ ආපෝ ධාතු සඳහා කියන ලදි.

බාහිරආපොධාතුනිද‍්දෙසෙ මූලං පටිච‍්ච නිබ‍්බත‍්තො රසො මූලරසො නාම. ඛන්‍ධරසාදීසුපි එසෙව නයො. ඛීරාදීනි පාකටානෙව. යථා පන භෙසජ‍්ජසික‍්ඛාපදෙ එවමිධ නියමො නත්‍ථි. යං කිඤ‍්චි ඛීරං ඛීරමෙව. සෙසෙසුපි එසෙව නයො. භුම‍්මානීති ආවාටාදීසු ඨිතඋදකානි. අන‍්තලික‍්ඛානීති පථවිං අප‍්පත‍්තානි වස‍්සොදකානි. යං වා පනාති හිමොදකකප‍්පවිනාසකඋදකපථවීසන්‍ධාරකඋදකාදීනි ඉධ යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨානි.

බාහිර ආපෝ ධාතු නිද්දේසයෙහි මූලය නිසා උපන් රසය මූලරසො වේ. ඛන්ධරසාදිය මෙම නයමයි. ඛීර ප්‍රකටය. භෙසජ්ජ සික්ඛාපදයෙහි මෙබඳු නියමයක් නැත. යම්කිසි කිරක් කිරීමය. සෙස්සද මෙසේය. අන්තලික්ඛානි පොළොවට නොපත් වැසි දියයි. භුම්මානි වලවල් ආදියෙහි පවතින ජලයයි. යං වා පන හිම ජලය, කල්ප විනාශ ජලය, පොළොව දරා සිටින ජලය මෙහි පර්යාය අර්ථයෙන් ගිණිය යුතුය.

තෙජොධාතුනිද‍්දෙසෙ තෙජනවසෙන තෙජො. තෙජොව තෙජොභාවං ගතත‍්තා තෙජොගතං. උස‍්මාති උණ‍්හාකාරො. උස‍්මාව උස‍්මාභාවං ගතත‍්තා උස‍්මාගතං. උසුමන‍්ති චණ‍්ඩඋසුමං. තදෙව උසුමභාවං ගතත‍්තා උසුමගතං. යෙන චාති යෙන තෙජොගතෙන කුප‍්පිතෙන. සන‍්තප‍්පතීති අයං කායො සන‍්තප‍්පති, එකාහිකජරාදිභාවෙන උසුමජාතො හොති. යෙන ච ජීරීයතීති යෙන අයං කායො ජීරීයති, ඉන්‍ද්‍රියවෙකල‍්ලතං බලපරික‍්ඛයං වලිපලිතාදිභාවඤ‍්ච පාපුණාති. යෙන ච පරිඩය‍්හතීති යෙන කුප‍්පිතෙන අයං කායො ඩය‍්හති, සො ච පුග‍්ගලො ‘ඩය‍්හාමි ඩය‍්හාමී’ති කන්‍දන‍්තො සතධොතසප‍්පිගොසීතචන්‍දනාදිලෙපනඤ‍්චෙව තාලවණ‍්ටවාතඤ‍්ච පච‍්චාසීසති. යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡතීති යෙනෙතං අසිතං වා ඔදනාදි, පීතං වා පානකාදි, ඛායිතං වා පිට‍්ඨඛජ‍්ජකාදි, සායිතං වා අම‍්බපක‍්කමධුඵාණිතාදි සම‍්මා පරිපාකං ගච‍්ඡති, රසාදිභාවෙන විවෙකං ගච‍්ඡතීති අත්‍ථො. එත්‍ථ ච පුරිමා තයො තෙජොධාතූ චතුසමුට‍්ඨානා, පච‍්ඡිමො කම‍්මසමුට‍්ඨානොව. අයං තාවෙත්‍ථ පදසංවණ‍්ණනා.

තේජෝ ධාතු නිද්දේසයෙහි තැවීම් වශයෙන් තේජෝ වේ. තේජෝම තේජෝභාවයට ගියේය. තේජෝ ගතං උසමා යනු උණුසුම් ආකාරයයි. උණුසුම්ම උස්මභායට ගියේය. උස්මාගතං උසුමං සැඩ උෂ්ණය. එයම උස්මභාවයට ගියබැවින් උසුමගතං විය. යෙන වා යන යමකින් උණුසුම්වී කිපුණු. සන්තප්පති යනු මෙය කය තවයි. එක්දිනක් පවත්නා ජරාදිබැවින් උෂ්ණ වේ. යෙන ච ජීරීයතී යනු යමකින් මේ සිරුර දිරාපත් කරයි. ඉන්‍ද්‍රිය විකලබව ශක්තිය පිරිහීම ඇඟ රැළිවැටීම හිසකෙස් පැසීම ආදි බවට පමුණුවයි. යෙන ච පරිඩය්හති යනු යමක් කිපීමෙන් මේ සිරුර දැවේ. ඒ පුද්ගලයාද දැවෙමි දැවෙමියි අඬමින් සියක්වර පිරිසිදු කළ ගිතෙල් රත්හඳුන් ආදි ආලේපද තල්වැට පවන් ද බලාපොරොත්තු වේ. යෙන ච අසිත පීත ඛායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති යමකින් මෙය බත් ආදි කන ලද හෝ පැන් ආදි බොනලද හෝ පිටි කැවුම් ආදි කඩාකන ලද හෝ අඹපැන් මීපැණි ආදි ලේහය කරන ලද හෝ මනාව දිරවීමට යයි. රසාදි විවේකයට යයි යන අර්ථයයි. මෙහි මුල් තුන තේජෝ ධාතු උපදවයි. අවසාන එක කර්මයෙන් හටගත්තේය. මේ එහි පද වර්ණනාවයි.

ඉදං පන මනසිකාරවිධානං – ඉධ භික‍්ඛු ‘යෙන සන‍්තප‍්පති, අයං ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො පරිපාචනාකාරො තෙජොධාතූ’ති මනසි කරොති; ‘යෙන ජීරීයති, යෙන පරිඩය‍්හති, යෙන අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡති, අයං ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො පරිපාචනාකාරො තෙජොධාතූ’ති මනසි කරොති. යං වා පනාති ඉමස‍්මිං සරීරෙ පාකතිකො එකො උතු අත්‍ථි, සො යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨො.

මෙය වනාහි මෙනෙහි කිරීමේ විධානයයි. මෙහි භික්‍ෂුව යමකින් තැවේද එය මේ ශරීරයෙන් වෙන්වූ දෙයකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, මේරීමට යන තේජෝ ධාතුවයි. මෙනෙහි කරයි. යමකින් දිරාද යමකින් තැවේද යමකින් කෑ බී දේ මනාව පරිණාමයට යයිද මෙය මේ ශරීරයෙන් වෙන්වූ කොටසකි. අචේතනිකය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, මේරීමට යන තේජෝ ධාතුව යයි මෙනෙහි කරයි. යං වා පන යනු මේ ශරීරයෙහි ප්‍රකෘතික වූ එක් සෘතුවක් ඇත. එය පර්යාය අර්ථයට පැමිණියේය.

බාහිරතෙජොධාතුනිද‍්දෙසෙ කට‍්ඨං පටිච‍්ච පජ‍්ජලිතො කට‍්ඨුපාදානො අග‍්ගි කට‍්ඨග‍්ගි නාම. සකලිකග‍්ගිආදීසුපි එසෙව නයො. සඞ‍්කාරග‍්ගීති කචවරං සංකඩ‍්ඪිත්‍වා ජාලාපිතො කචවරග‍්ගි. ඉන්‍දග‍්ගීති අසනිඅග‍්ගි. අග‍්ගිසන‍්තාපොති ජාලාය වා වීතච‍්චිකඞ‍්ගාරානං වා සන‍්තාපො. සූරියසන‍්තාපොති ආතපො. කට‍්ඨසන‍්නිචයසන‍්තාපොති කට‍්ඨරාසිට‍්ඨානෙ සන‍්තාපො. සෙසෙසුපි එසෙව නයො. යං වා පනාති පෙතග‍්ගි කප‍්පවිනාසග‍්ගි නිරයග‍්ගිආදයො ඉධ යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨා.

බාහිර තේජෝ ධාතු නිද්දේසයෙහි ගිනිකාෂ්ට නිසා ගිනි ඇවිලී කාෂ්ටද අල්වාගෙන නැගෙන ගින්න කට්ඨග්ගි නමි. සකලීකග්ගි ආදියෙහිද මෙම නයයි. සංකාරග්ගි යනු කසල එකතුකර දල්වන ලද ගින්නයි. ඉන්‍දග්ගි අකුණු ගිනිය. අග්ගිසන්තාපො ගිනිදැල්වලින් හෝ ගිනිඅඟුරුවලින් හෝ තැවීමය. සුරියසන්තාපො හිරුගේ තැවීම. කට්ඨසන්නිචය සන්තාපො කාෂ්ට සමූහය ඇති තාපය. සෙස්සෙහිද මෙම නයයි. යං වා පන ප්‍රේත ගිනි කල්ප විනාශ ගිනි නිරය ගිනි ආදිය මෙහි පර්යාය වශයෙන් පිවිසී ඇත.

වායොධාතුනිද‍්දෙසෙ වායනවසෙන වායො. වායොව වායොභාවං ගතත‍්තා වායොගතං. ථම‍්භිතත‍්තං රූපස‍්සාති අවිනිබ‍්භොගරූපස‍්ස ථම‍්භිතභාවො. උද‍්ධඞ‍්ගමා වාතාති උග‍්ගාරහික‍්කාදි පවත‍්තකා උද‍්ධං ආරොහනවාතා . අධොගමා වාතාති උච‍්චාරපස‍්සාවාදිනීහරණකා අධො ඔරොහනවාතා. කුච‍්ඡිසයා වාතාති අන‍්තානං බහිවාතා. කොට‍්ඨාසයා වාතාති අන‍්තානං අන‍්තොවාතා. අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතාති ධමනිජාලානුසාරෙන සකලසරීරෙ අඞ‍්ගමඞ‍්ගානි අනුසටා සමිඤ‍්ජනපසාරණාදිනිබ‍්බත‍්තකා වාතා. සත්‍ථකවාතාති සන්‍ධිබන්‍ධනානි කත‍්තරියා ඡින්‍දන‍්තා විය පවත‍්තවාතා. ඛුරකවාතාති ඛුරෙන විය හදයං ඵාලනවාතා. උප‍්පලකවාතාති හදයමංසමෙව උප‍්පාටනකවාතා. අස‍්සාසොති අන‍්තොපවිසනනාසිකාවතො. පස‍්සාසොති බහිනික‍්ඛමනනාසිකාවතො. එත්‍ථ ච පුරිමා සබ‍්බෙ චතුසමුට‍්ඨානා, අස‍්සාසපස‍්සාසා චිත‍්තසමුට‍්ඨානාව. අයමෙත්‍ථ පදවණ‍්ණනා.

වායෝ ධාතු නිද්දේසයෙහි හැමීම් වශයෙන් වායො වේ. වායුවම වායෝ භාවයට ගිය බැවින් වායොගතං වේ. ථම්භිතත්තං රූපස්ස වෙන් නොවූ රූපයෙන් එකට බැඳුණු බව. උද්ධංගමා වාතා රාමසැර ඉක්කා උඩට නගන වාතය. අධොගමා වාතා මල බැහැර කරවන යටට හරවන වාතය. කුච්ඡිසයා වාතා ඇතුළත වාතය. කොට්ඨසයා වාතා පිටත වාතය. අංගමංගානුසාරිනො වාතා නහරවැල් දැල ඇසුරෙන් මුළු සිරුරෙහි අංගයක් පාසා විසුරුවන හකුලන දිගහැරීම් කරන වායුව. සත්ථක වාතා හන්දි බැඳුම් කතුරකින් කපන්නාක් මෙන් පවතින වායුව. ඛුරක වාතා කරයෙන් මෙන් හෘදය පෙළන වායුව. උප්පලක වාතා හදමස උපුටන වායුව. අස්සාසො ඇතුළට පිවිසෙන නාසික වායුව. පස්සාසො පිටත නික්මෙන නාසික වායුව. මුලින් කී සියල්ල වායුවෙන් හටගත්තේය. ආශ්වාස ප්‍රශ්වාස සිතෙන් හටගත්තේය. මෙය මෙහි පද වර්ණනාවයි.

ඉදං පන මනසිකාරවිධානං – ඉධ භික‍්ඛු උද‍්ධඞ‍්ගමාදිභෙදෙ වාතෙ උද‍්ධඞ‍්ගමාදිවසෙන පරිග‍්ගහෙත්‍වා ‘උද‍්ධඞ‍්ගමා වාතා නාම ඉමස‍්මිං සරීරෙ පාටියෙක‍්කො කොට‍්ඨාසො අචෙතනො අබ්‍යාකතො සුඤ‍්ඤො නිස‍්සත‍්තො විත්‍ථම‍්භනාකාරො වායොධාතූ’ති මනසි කරොති. සෙසෙසුපි එසෙව නයො. යං වා පනාති සෙසෙ වායොකොට‍්ඨාසෙ අනුගතා වාතා ඉධ යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨා.

මෙය වනාහි මෙනෙහි කිරීමේ විධානයයි. මෙහි භික්‍ෂුව උද්ධංගමාදි බෙදීම් ඇති වායුව උද්ධංගමාදි වශයෙන් විමසා උද්ධංගම වායුව මේ ශරීරයෙහි වෙන්වූ කොටසකි. අචේතනය, අව්‍යාකෘතය, ශූන්‍යය, අනාත්මය, පුම්බවන ආකාර ඇති වායෝ ධාතුවයයි මෙනෙහි කරයි. සෙස්සද මෙම නයයි. යං වා පන සෙසු වායු කොටසෙහි ඇතුළත් වායුව මෙහි පිවිසේ.

බාහිරවායොධාතුනිද‍්දෙසෙ පුරත්‍ථිමා වාතාති පුරත්‍ථිමදිසතො ආගතා වාතා. පච‍්ඡිමුත‍්තරදක‍්ඛිණෙසුපි එසෙව නයො. සරජා වාතාති සහ රජෙන සරජා. අරජා වාතාති රජවිරහිතා සුද‍්ධා අරජා නාම. සීතාති සීතඋතුසමුට‍්ඨානා සීතවලාහකන‍්තරෙ සමුට‍්ඨිතා. උණ‍්හාති උණ‍්හඋතුසමුට‍්ඨානා උණ‍්හවලාහකන‍්තරෙ සමුට‍්ඨිතා. පරිත‍්තාති මන්‍දා තනුකවාතා. අධිමත‍්තාති බලවවාතා. කාළාති කාළවලාහකන‍්තරෙ සමුට‍්ඨිතා, යෙහි අබ‍්භාහතො ඡවිවණ‍්ණො කාළකො හොති. තෙසං එතං අධිවචනන‍්තිපි එකෙ. වෙරම‍්භවාතාති යොජනතො උපරි වායනවාතා. පක‍්ඛවාතාති අන‍්තමසො මක‍්ඛිකායපි පක‍්ඛායූහනසමුට‍්ඨිතා වාතා. සුපණ‍්ණවාතාති ගරුළවාතා. කාමඤ‍්ච ඉමෙපි පක‍්ඛවාතාව උස‍්සදවසෙන පන විසුං ගහිතා. තාලවණ‍්ටවාතාති තාලපණ‍්ණෙහි වා අඤ‍්ඤෙන වා කෙනචි මණ‍්ඩලසණ‍්ඨානෙන සමුට‍්ඨාපිතා වාතා. විධූපනවාතාති බීජනපත‍්තකෙන සමුට‍්ඨාපිතා වාතා. ඉමානි ච තාලවණ‍්ටවිධූපනානි අනුප‍්පන‍්නම‍්පි වාතං උප‍්පාදෙන‍්ති, උප‍්පන‍්නම‍්පි පරිවත‍්තෙන‍්ති. යං වා පනාති ඉධ පාළිආගතෙ ඨපෙත්‍වා සෙසවාතා යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨා.

බාහිර වායෝ ධාතු නිද්දේසයෙහි පුරත්ථිමා වාතා පෙරදිග දෙසින් එන වායුව. බටහිර උතුර දකුණද එසේය. සරජා වාතා දූවිලි සමග හමන වායුව. අරජා වාතා රජස් විරහිත පිරිසිදු වායුව. සීතා සීත සෘතුවෙන් හටගත් සීතල වලාකුළු අතර හටගත් වායුව. උණ්හා උණුසුම් සෘතුවෙන් හටගත් උණුසුම් වලාකුල් අතර හටගත් වායුව. පරිත්ත මදමරු අධිමත් බලවත් වායුව. කාළා කළුවලා අතර හටගත් වායුව. වෙරම්භ වාතා යොදුනක් උඩින හමන වායුව. පක්ඛ වාතා අඩු වශයෙන් මැස්සන්ගේද පියාපත් සැලීමෙන් වන වායුව සුපණ්ණ වාතා ගුරුළු පියාපතින් මෙයද පක්ඛවාතයයි කැමති වේ. උස්සන්න වශයෙන් වෙනම ගන්නා ලදි. තාලවණ්ට වාතා තල්වැටින් හෝ මෙවැනි වටකුරු දෙයකින් හටගන්වන වායුව. විධූපන වාතා විජිනිපතින් හටගන්වන වායුව මේ තලවැට විජිනිපත්වලින් හටගැන්වූ වායුව මේ තල්වැට විජිනිපත් නැතිවද උපදී. යං වා පන පෙලෙහි ආ දෙය හැර සෙසු වායු පර්යාය අර්ථයෙන් පිවිසියේය.

ආකාසධාතුනිද‍්දෙසෙ අප‍්පටිඝට‍්ටනට‍්ඨෙන න කස‍්සතීති ආකාසො. ආකාසොව ආකාසභාවං ගතත‍්තා ආකාසගතං. අඝට‍්ටනීයතාය අඝං. අඝමෙව අඝභාවං ගතත‍්තා අඝගතං . විවරොති අන‍්තරං. තදෙව විවරභාවං ගතත‍්තා විවරගතං. අසම‍්ඵුට‍්ඨං මංසලොහිතෙහීති මංසලොහිතෙහි නිස‍්සටං. කණ‍්ණච‍්ඡිද‍්දන‍්තිආදි පන තස‍්සෙව පභෙදදස‍්සනං. තත්‍ථ කණ‍්ණච‍්ඡිද‍්දන‍්ති කණ‍්ණස‍්මිං ඡිද‍්දං විවරං මංසලොහිතෙහි අසම‍්ඵුට‍්ඨොකාසො. සෙසෙසුපි එසෙව නයො. යෙනාති යෙන විවරෙන එතං අසිතාදිභෙදං අජ‍්ඣොහරණීයං අජ‍්ඣොහරති, අන‍්තො පවෙසෙති. යත්‍ථාති යස‍්මිං අන‍්තොඋදරපටලසඞ‍්ඛාතෙ ඔකාසෙ එතදෙව චතුබ‍්බිධං අජ‍්ඣොහරණීයං තිට‍්ඨති. යෙනාති යෙන විවරෙන සබ‍්බම‍්පෙතං විපක‍්කං කසටභාවං ආපන‍්නං නික‍්ඛමති, තං උදරපටලතො යාව කරීසමග‍්ගා විදත්‍ථිචතුරඞ‍්ගුලමත‍්තං ඡිද‍්දං මංසලොහිතෙහි අසම‍්ඵුට‍්ඨං නිස‍්සටං ආකාසධාතූති වෙදිතබ‍්බං. යං වා පනාති එත්‍ථ චම‍්මන‍්තරං මංසන‍්තරං න‍්හාරුන‍්තරං අට‍්ඨින‍්තරං ලොමන‍්තරන‍්ති ඉදං සබ‍්බං යෙවාපනකට‍්ඨානං පවිට‍්ඨං.

ආකාස ධාතු නිද්දේසයෙහි ප්‍රතිගැටුමකින් නොඅදීයයි ආකාස වේ. ආකාසයම ආකාසබවට ගියබැවින් ආකාසගතං වේ. අඝං අගසම අඝය, අඝභාවයට ගිය බැවින් අඝගතං වේ. විවරො අතරය එයම විවරබවට ගිය බැවින් විවරගතං වේ. අසමඵුට්ඨ මංසලොහිතෙහි යනු මල් ලේවලින් ඉවත් කළ, කන්සිදුරු ආදිය එහිම ප්‍රභේද දැක්වීමයි. එහි කණ්ණච්ඡිද්දං යනු කනෙහි සිදුරු විවර මස් ලේවලින් ස්පර්ශ නොකළ ආකාසය සෙස්සෙහිද මෙම නයයි. යෙන යම් විවරයකින්, මේ සියල්ල නොපැසූ කසට බවට පැමිණ නික්මෙයි. ඒ උදරපටලයට යාව වියතයි සතරඟුලක් වූ මල මගින් මස් ලේවලින් නොවැකි සිදුරක් ආකාස ධාතුව යයි දතයුතුය. යෙන යම් විවරයකින් මෙය කෑම ආදී බේදයෙහිය. ගිලිය යුතු දේ ගිලියි. ඇතුළත පිවිසවයි. යත්ථ යම් කෙළවරක උදරපටල සංඛ්‍යාත අවකාසයෙහි මෙහි සතරාකාර ගිලීමක් තිබේ. යං වා පන මෙහි සම් මස් නහර ඇට ලොම් අතර යන මේවා සියල්ල පර්යාය වශයෙන් පිහිටා ඇත.

බාහිරකආකාසධාතුනිද‍්දෙසෙ අසම‍්ඵුට‍්ඨං චතූහි මහාභූතෙහීති චතූහි මහාභූතෙහි නිස‍්සටං භිත‍්තිඡිද‍්දකවාටඡිද‍්දාදිකං වෙදිතබ‍්බං. ඉමිනා යස‍්මිං ආකාසෙ පරිකම‍්මං කරොන‍්තස‍්ස චතුක‍්කපඤ‍්චකජ‍්ඣානානි උප‍්පජ‍්ජන‍්ති තං කථිතං.

බාහිර වූ ආකාස ධාතු නිද්දේසයෙහි අසමවුට්ඨං චතූහි මහා භූතෙහි සතර මහාභූතවලින් ඉවත් කළ බිත්ති සිදුරු කවුළු සිදුරු ආදිය දතයුතුය. මෙයින් යම් අහසක පරිකර්ම භාවනා කරන්නහුට සතරවන පස්වන ධ්‍යාන උපදීයයි කියන ලදි.

විඤ‍්ඤාණධාතුනිද‍්දෙසෙ චක‍්ඛුවිඤ‍්ඤාණසඞ‍්ඛාතා ධාතු චක‍්ඛුවිඤ‍්ඤාණධාතු. සෙසාසුපි එසෙව නයො. ඉති ඉමාසු ඡසු ධාතූසු පරිග‍්ගහිතාසු අට‍්ඨාරස ධාතුයො පරිග‍්ගහිතාව හොන‍්ති. කථං? පථවීතෙජොවායොධාතුග‍්ගහණෙන තාව ඵොට‍්ඨබ‍්බධාතු ගහිතාව හොති, ආපොධාතුආකාසධාතුග‍්ගහණෙන ධම‍්මධාතු, විඤ‍්ඤාණධාතුග‍්ගහණෙන තස‍්සා පුරෙචාරිකපච‍්ඡාචාරිකත‍්තා මනොධාතු ගහිතාව හොති. චක‍්ඛුවිඤ‍්ඤාණධාතුආදයො සුත‍්තෙ ආගතා එව. සෙසා නව ආහරිත්‍වා දස‍්සෙතබ‍්බා . චක‍්ඛුවිඤ‍්ඤාණධාතුග‍්ගහණෙන හි තස‍්සා නිස‍්සයභූතා චක‍්ඛුධාතු, ආරම‍්මණභූතා රූපධාතු ච ගහිතාව හොන‍්ති. එවං සොතවිඤ‍්ඤාණධාතුආදිග‍්ගහණෙන සොතධාතුආදයොති අට‍්ඨාරසාපි ගහිතාව හොන‍්ති. තාසු දසහි ධාතූහි රූපපරිග‍්ගහො කථිතො හොති. සත‍්තහි අරූපපරිග‍්ගහො. ධම‍්මධාතුයා සියා රූපපරිග‍්ගහො, සියා අරූපපරිග‍්ගහො. ඉති අඩ‍්ඪෙකාදසහි ධාතූහි රූපපරිග‍්ගහො, අඩ‍්ඪට‍්ඨධාතූහි අරූපපරිග‍්ගහොති රූපාරූපපරිග‍්ගහො කථිතො හොති. රූපාරූපං පඤ‍්චක‍්ඛන්‍ධා. තං හොති දුක‍්ඛසච‍්චං. තංසමුට‍්ඨාපිකා පුරිමතණ‍්හා සමුදයසච‍්චං . උභින‍්නං අප‍්පවත‍්ති නිරොධසච‍්චං. තංපජානනො මග‍්ගො මග‍්ගසච‍්චන‍්ති ඉදං චතුසච‍්චකම‍්මට‍්ඨානං අට‍්ඨාරසධාතුවසෙන අභිනිවිට‍්ඨස‍්ස භික‍්ඛුනො යාව අරහත‍්තා මත්‍ථකං පාපෙත්‍වා නිගමනං කථිතන‍්ති වෙදිතබ‍්බං.

විඤ්ඤාණ ධාතු නිද්දේසයෙහි චක්ඛු විඤ්ඤාණ සංඛ්‍යාත ධාතු චක්ඛු විඤ්ඤාණ ධාතු වේ. සෙස්සද මෙසේය. මේ ධාතු හයෙහි ඇතුළත් වූ ධාතු ගත්විට අටළොස් ධාතුම ගත්තා වේ. කෙසේද? පඨවි, තේජෝ, වායෝ ධාතු ගැනීමෙන් ඵොට්ඨබ්බ ධාතුවද ගත්තේ වෙයි. ආපෝ ආකාස ධාතු ගැනීමෙන් ධම්ම ධාතුද විඤ්ඤාණ ධාතු ගැනීමෙන් ඊට පෙර හා පසු වූ බැවින් මනෝ ධාතුද ගත්තා වෙයි. චක්ඛු විඤ්ඤාණ ධාතු ආදිය සූත්‍රයෙහි ආවේමය. සෙසු නවය ගෙනහැර දැක්විය යුතුය. චක්ඛු විඤ්ඤාණ ධාතු ගැනීමෙන් එහි නිශ්‍රය වූ චක්ඛු ධාතු අරමුණ වන රූප ධාතුද ගත්තා වෙයි. මෙසේ සෝත විඤ්ඤාණ ධාතු ආදිය ගැනීමෙන් සෝත ධාතු ආදිය යන අටළොස් ධාතුම ගත්තා වෙයි. ඒවා අතර ධාතු දහයකින් රූපය ගන්නා ලදැයි කියන ලදි. ධාතු සතරක් අරූප පරිග්‍රහ වේ. ධම්ම ධාතුව රූපඅරූප දෙකම ගන්නේය. මෙසේ දහයමාරක් රූප පරිග්‍රහණය කර ඇතැයි කියන ලද්දේ වෙයි. ධාතු සතරක් අරූප පරිග්‍රහය. ධාතු අටහමාරක් අරූප පරිග්‍රහය. රූපාරූප පරිග්‍රහය කියන ලදි. රූපාරූප පංචස්කන්ධය එය දුක්ඛ සත්‍යය වේ. එය හටගන්වන ලද මුල් තෘෂ්ණාව සමුදය සත්‍ය වේ. දෙකම නොපැවැත්ම නිරෝධ සත්‍ය වේ. එය දැනගන්නා මග මාර්ග සත්‍ය වේ. මේ චතුරාර්ය සත්‍ය කර්මස්ථානයයි. අටළොස් ධාතු වශයෙන් පිවිස ගත් භික්‍ෂූන් වහන්සේට රහත්බව මුදුන් පමුණුවා නික්මයෑම කියන ලදැයි දතයුතුය.

ඉදානි දුතියඡක‍්කං දස‍්සෙන‍්තො අපරාපි ඡ ධාතුයොතිආදිමාහ. තත්‍ථ සුඛධාතු දුක‍්ඛධාතූති කායප‍්පසාදවත්‍ථුකානි සුඛදුක‍්ඛානි සප‍්පටිපක‍්ඛවසෙන යුගළකතො දස‍්සිතානි. සුඛඤ‍්හි දුක‍්ඛස‍්ස පටිපක‍්ඛො, දුක‍්ඛං සුඛස‍්ස. යත‍්තකං සුඛෙන ඵරිතට‍්ඨානං තත‍්තකං දුක‍්ඛං ඵරති. යත‍්තකං දුක‍්ඛෙන ඵරිතට‍්ඨානං තත‍්තකං සුඛං ඵරති. සොමනස‍්සධාතු දොමනස‍්සධාතූති ඉදම‍්පි තථෙව යුගළකං කතං. සොමනස‍්සඤ‍්හි දොමනස‍්සස‍්ස පටිපක‍්ඛො, දොමනස‍්සං සොමනස‍්සස‍්ස. යත‍්තකං සොමනස‍්සෙන ඵරිතට‍්ඨානං තත‍්තකං දොමනස‍්සං ඵරති. යත‍්තකං දොමනස‍්සෙන ඵරිතට‍්ඨානං තත‍්තකං සොමනස‍්සං ඵරති.

දැන් දෙවන සය දක්වන්නේ අපරාපි ඡ ධාතුයො යනාදිය කීහ. එහි සුඛධාතු දුක්ඛධාතු යයි කායප්‍රසාද වස්තු සැප දුක් හා ඊට ප්‍රතිපක්‍ෂ වශයෙන් යුගලයකින් දක්වන ලදි. සැප දුකට ප්‍රතිපක්‍ෂ වේ. දුක සැපයට ප්‍රතිපක්‍ෂ වේ. යම් පමණ සැප පැතිරී තිබේ නම් එපමණම දුක පැතිරේ. යම් පමණ දුක පැතිරේ නම් එපමණ සැප පැතිරේ. සොමනස්ස ධාතු දොමනස්ස ධාතු යයි මෙයද එවැනි යුගලයක් කරන ලදි. සොම්නසට දොම්නස ප්‍රතිපක්‍ෂය. දොම්නසට සොම්නස ප්‍රතිපක්‍ෂය. යම් පමණ සොම්නස පැතිරේ නම් එපමණ දොම්නස පැතිරේ. යම් පමණ දොම්නස පැතිරේ නම් එපමණ සොම්නස පැතිරේ.

උපෙක‍්ඛාධාතු අවිජ‍්ජාධාතූති ඉදං පන ද‍්වයං සරික‍්ඛකවසෙන යුගළකං කතං. උභයම‍්පි හෙතං අවිභූතත‍්තා සරික‍්ඛකං හොති. තත්‍ථ සුඛදුක‍්ඛධාතුග‍්ගහණෙන තං සම‍්පයුත‍්තා කායවිඤ‍්ඤාණධාතු, වත්‍ථුභූතා කායධාතු, ආරම‍්මණභූතා ඵොට‍්ඨබ‍්බධාතු ච ගහිතාව හොන‍්ති. සොමනස‍්සදොමනස‍්සධාතුග‍්ගහණෙන තං සම‍්පයුත‍්තා මනොවිඤ‍්ඤාණධාතු ගහිතා හොති. අවිජ‍්ජාධාතුග‍්ගහණෙන ධම‍්මධාතු ගහිතා. උපෙක‍්ඛාධාතුග‍්ගහණෙන චක‍්ඛුසොතඝානජිව‍්හාවිඤ‍්ඤාණධාතුමනොධාතුයො , තාසංයෙව වත්‍ථාරම‍්මණභූතා චක‍්ඛුධාතුරූපධාතුආදයො ච ගහිතාති එවං අට‍්ඨාරසපි ධාතුයො ගහිතාව හොන‍්ති. ඉදානි තාසු දසහි ධාතූහි රූපපරිග‍්ගහොතිආදි සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. එවම‍්පි එකස‍්ස භික‍්ඛුනො යාව අරහත‍්තා මත්‍ථකං පාපෙත්‍වා නිගමනං කථිතං හොතීති වෙදිතබ‍්බං. තත්‍ථ කතමා සුඛධාතු යං කායිකං සාතන‍්ති ආදීනි හෙට‍්ඨා වුත‍්තනයානෙව.

උපෙක්ඛා ධාතු අවිජ්ජා ධාතු මේ දෙකද සමාන වශයෙන් යුගලයක් කරන ලදි. දෙකම අප්‍රකට බැවින් සමානය. එහි සැපදුක් ධාතු ගැනීමෙන් ඒ හා යෙදුණු කාය විඤ්ඤාණ ධාතුවට වස්තුවූ කාය ධාතුද අරමුණු වූ ඵොට්ඨබ්බ ධාතුද ගන්නා ලද්දේ වේ. සොම්නස් දොම්නස් ධාතු ගැනීමෙන් ඒ හා යෙදුණු මනෝ විඤ්ඤාණ ධාතු ගත්තා වේ. අවිජ්ජා ධාතු ගැනීමෙන් ධම්මධාතු ගත්තා වේ. උපෙක්ඛා ධාතු ගැනීමෙන් චක්ඛු සෝත ඝාන ජිව්හා කාය විඤ්ඤාණ ධාතු මනෝධාතු ගත්තා වේ. කයම වස්තු අරමුණු වූ චක්ඛු ධාතු රූපධාතු ආදිය ගන්නා ලදැයි මෙසේ අටළොස් ධාතුම ගත්තා වේ. දැන් ඒවායෙහි දසධාතු විසින් රූප පරිග්‍රහ ආදිය සියල්ල අට කියන ලද නයින් දතයුතුය. මෙසේ එක් භික්‍ෂුවකගේ රහත්බව මුදුන් පමුණුවා නික්මයෑම කියන ලදැයි දතයුතුය. තත්ථ කතමා සුඛධාතු යං කායිකං සාතං ආදිය යට කියන ලද නයින්මය.

තතියඡක‍්කෙ කාමොති ද‍්වෙ කාමා – වත්‍ථුකාමො ච කිලෙසකාමො ච. තත්‍ථ කිලෙසකාමං සන්‍ධාය කාමපටිසංයුත‍්තා ධාතු කාමධාතු, කාමවිතක‍්කස‍්සෙතං නාමං. වත්‍ථුකාමං සන්‍ධාය කාමොයෙව ධාතු කාමධාතු, කාමාවචරධම‍්මානමෙතං නාමං. බ්‍යාපාදපටිසංයුත‍්තා ධාතු බ්‍යාපාදධාතු, බ්‍යාපාදවිතක‍්කස‍්සෙතං නාමං. බ්‍යාපාදොව ධාතු බ්‍යාපාදධාතු, දසආඝාතවත්‍ථුකස‍්ස පටිඝස‍්සෙතං නාමං. විහිංසා පටිසංයුත‍්තා ධාතු විහිංසාධාතු, විහිංසාවිතක‍්කස‍්සෙතං නාමං. විහිංසායෙව ධාතු විහිංසාධාතු, පරසත‍්තවිහෙසනස‍්සෙතං නාමං. අයං පන හෙට‍්ඨා අනාගතත‍්තා එවං අත්‍ථාදිවිභාගතො වෙදිතබ‍්බා – විහිංසන‍්ති එතාය සත‍්තෙ, විහිංසනං වා එතං සත‍්තානන‍්ති විහිංසා. සා විහෙඨනලක‍්ඛණා, කරුණාපටිපක‍්ඛලක‍්ඛණා වා; පරසන‍්තානෙ උබ‍්බෙගජනනරසා, සකසන‍්තානෙ කරුණාවිද‍්ධංසනරසා වා; දුක‍්ඛායතනපච‍්චුපට‍්ඨානා; පටිඝපදට‍්ඨානාති වෙදිතබ‍්බා. නෙක‍්ඛම‍්මං වුච‍්චති ලොභා නික‍්ඛන‍්තත‍්තා අලොභො, නීවරණෙහි නික‍්ඛන‍්තත‍්තා පඨමජ‍්ඣානං, සබ‍්බාකුසලෙහි නික‍්ඛන‍්තත‍්තා සබ‍්බකුසලං. නෙක‍්ඛම‍්මපටිසංයුත‍්තා ධාතු නෙක‍්ඛම‍්මධාතු, නෙක‍්ඛම‍්මවිතක‍්කස‍්සෙතං නාමං. නෙක‍්ඛම‍්මමෙව ධාතු නෙක‍්ඛම‍්මධාතු, සබ‍්බස‍්සාපි කුසලස‍්සෙතං නාමං. අබ්‍යාපාදපටිසංයුත‍්තා ධාතු අබ්‍යාපාදධාතු, අබ්‍යාපාදවිතක‍්කස‍්සෙතං නාමං. අබ්‍යාපාදොව ධාතු අබ්‍යාපාදධාතු, මෙත‍්තායෙතං නාමං. අවිහිංසාපටිසංයුත‍්තා ධාතු අවිහිංසාධාතු, අවිහිංසා විතක‍්කස‍්සෙතං නාමං. අවිහිංසාව ධාතු අවිහිංසාධාතු, කරුණායෙතං නාමං.

තුන්වන සයේ, කාමො වස්තු කාම ක්ලේස කාම යයි කාම වස්තු දෙකකි. එහි ක්ලේශ කාමය අරබයා කාම සම්බන්ධ වූ ධාතු කාමධාතු වේ. මෙය කාම සිතිවිල්ලට නමකි. වස්තු කාමය සඳහා කාමය වූ ධාතුව කාමධාතු වේ. මෙය කාමාවචර ධර්මයන්ට නමකි. ව්‍යාපාදය සඳහා වූ ධාතු ව්‍යාපාද ධාතු වේ. ව්‍යාපාද සිතිවිලිවලට නමකි. ව්‍යාපාදයම ධාතු ව්‍යාපාද ධාතු වේ. දස ආඝාත වස්තුවල ගැටීමට මෙය නමකි. හිංසාවෙන් යුක්ත ධාතු විහිංසා ධාතු වේ. හිංසා සිතිවිල්ලට නමකි. විහිංසාම ධාතු විහිංසාධාතු වේ. අන්‍ය සතුන්ට හිංසා කිරිමට මෙය නමකි. මෙය අතීත, අනාගත වශයෙන් අර්ථ විභාගය දතයුතුය. සතුන්ට හිංසා කරන්නේ මෙයින්ය. සතුන්ගේ හිංසනය මෙයය හෝ විහිංසා වේ. හිංසා කිරීම එහි ලක්‍ෂණයයි. කරුණාවට ප්‍රතිපක්‍ෂ ලක්‍ෂණය හෝ වේ. අනුන්ගේ සිතෙහි උද්වේගකර හැඟීම් ඇතිකිරීම එහි කෘත්‍යයයි. තම සිතෙහි කරුණාව විනාශ කිරීම හෝ රසයයි. දුක් පැමිණවීම වැටහෙන ආකාරයයි. ගැටීම පදස්ථානය හෝ පදනමයි. ලෝභයෙන් නික්මුණු අලෝභය නෙක්ඛම්ම යයි කියනු ලැබේ. නීවරණයන්ගෙන් නික්මීම ප්‍රථම ධ්‍යානයයි. සියළු අකුසලවලින් නික්මීම සියළු කුසල් වේ. නික්මීමේ සිතිවිලිවලින් යුක්තවීම නෙක්ඛම්ම ධාතු වේ. නික්මීමේ සිතිවිල්ලට නමකි. නික්මීම ධාතු වූයේ නෙක්ඛම්මධාතු වේ. සියළුම කුසල්වලට මෙය නමකි. අව්‍යාපාදයෙන් යුක්ත ධාතු අව්‍යාපාද ධාතු වේ. අව්‍යාපාද සිතිවිල්ලට නමකි. අව්‍යාපාදයම ධාතු වූයේ අව්‍යාපාද ධාතු වේ. මෙය මෛත්‍රියට නමකි. අවිහිංසාවෙන් යුක්ත වූ ධාතු අවිහිංසා ධාතු වේ. අවිහිංසා සිතිවිල්ලට නමකි මෙය. අවිහිංසාවම ධාතුවූයේ අවිහිංසාධාතු වේ. මෙය කරුණාවට නමික.

ඉදානි තමෙවත්‍ථං දස‍්සෙතුං තත්‍ථ කතමා කාමධාතූති පදභාජනං ආරද‍්ධං. තත්‍ථ පටිසංයුත‍්තොති සංපයොගවසෙන පටිසංයුත‍්තො. තක‍්කො විතක‍්කොතිආදීනි වුත‍්තත්‍ථානෙව. විහෙඨෙතීති බාධෙති, දුක‍්ඛාපෙති. හෙඨනාති පාණිප‍්පහාරාදීහි බාධනා, දුක‍්ඛුප‍්පාදනා. බලවහෙඨනා විහෙඨනා. හිංසන‍්ති එතායාති හිංසනා. බලවහිංසනා විහිංසනා. රොසනාති ඝට‍්ටනා. විරොසනාති බලවඝට‍්ටනා. සබ‍්බත්‍ථ වා ‘වි’ උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. උපහනන‍්ති එතෙනාති උපඝාතො, පරෙසං උපඝාතො පරූපඝාතො.

දැන් එම අර්ථයම දැක්වීමට තත්ථ කතමා කාමධාතු යයි පද විභාගය ඇරඹීය. එහි පටිසංයුත්තො යනු එකට යෙදීම් වශයෙන් සම්බන්ධ වීමය. තක්කො විතක්කො ආදිය කියන ලද ආකාරයෙන්මය. විහඨෙති යනු බාධා කරයි. දුකට පමුණුවයි. හෙඨනා යනු අතින් ගැසීම් ආදියෙන් බාධා කිරීම, දුක් ඉපදවීම. බලවත් වූ හෙඨනය විහෙඨනා වේ. මෙයින් හිංසා කෙරේ යනු හිංසනා වේ. බලවත් හිංසාව විහිංසනා වේ. ගැටීම රොසනා වේ. බලවත් ගැටීම විරොසනා වේ. වි උපසර්ගය සියළු තැන පදයේ අර්ථය දියුණු කරයි. නැසීම මෙයින් කෙරේ යනු උපඝාතයයි. අනුන් නැසීම පරූපඝාතො වේ.

මෙත‍්තායන‍්ති එතායාති මෙත‍්ති. මෙත‍්තායනාකාරො මෙත‍්තායනා. මෙත‍්තාය අයිතස‍්ස මෙත‍්තාසමඞ‍්ගිනො භාවො මෙත‍්තායිතත‍්තං. බ්‍යාපාදෙන විමුත‍්තස‍්ස චෙතසො විමුත‍්ති චෙතොවිමුත‍්ති. එත්‍ථ ච පුරිමෙහි තීහි උපචාරප‍්පත‍්තාපි අප‍්පනාපතාපි මෙත‍්තා කථිතා, පච‍්ඡිමෙන අප‍්පනාපත‍්තාව.

මෙයින් මෛත්‍රිය කෙරෙත්නුයි මෙත්ති වේ. මෛත්‍රී කරන ආකාරය මෙත්තායනා වේ. මෛත්‍රියෙන් යුක්තවූයේ මෛත්‍රීය සමග වූ බව මෙත්තායිතත්තං වේ. ව්‍යාපාදයෙන් වෙන්වුණු සිතේ විමුක්තිය චෙතොවිමුත්ති වේ. මෙහිද මුලින් කී තුනෙන්ද උපචාර අර්පණාවලට පැමිණියේ මෛත්‍රිය කියන ලදි. පසුව කියන්නේ අර්පණාවලට පැමිණි අයටය.

කරුණායන‍්ති එතායාති කරුණා. කරුණායනාකාරො කරුණායනා. කරුණාය අයිතස‍්ස කරුණාසමඞ‍්ගිනො භාවො කරුණායිතත‍්තං. විහිංසාය විමුත‍්තස‍්ස චෙතසො විමුත‍්ති චෙතොවිමුත‍්ති. ඉධාපි පුරිමනයෙනෙව උපචාරප‍්පනාභෙදො වෙදිතබ‍්බො. උභයත්‍ථාපි ච පරියොසානපදෙ මෙත‍්තාකරුණාති චෙතොවිමුත‍්තිවිසෙසනත්‍ථං වුත‍්තං.

මෙයින් කරුණාව කෙරේ යනු කරුණා වේ. කරුණාව කරන මාර්ගය කරුණායනා වේ. කරුණාවෙන් යුක්තවූ බව කරුණායිතත්තං වේ. විහිංසාවෙන් වෙන්වූ සිතේ මිදීම චෙතොවිමුත්ති වේ. මෙහිද පෙර පරිදිම උපචාර අර්පණා භේදය දතයුතුය. දෙතැනම අවසාන පදයෙහි මෙත්තා කරුණා යන චෙතො විමුත්තිය විසේසන කිරීම සඳහා කියන ලදි.

එත්‍ථ ච කාමවිතක‍්කො සත‍්තෙසුපි උප‍්පජ‍්ජති සඞ‍්ඛාරෙසුපි. උභයත්‍ථ උප‍්පන‍්නොපි කම‍්මපථභෙදොව. බ්‍යාපාදො පන සත‍්තෙසු උප‍්පන‍්නොයෙව කම‍්මපථං භින්‍දති, න ඉතරො. විහිංසායපි එසෙව නයො. එත්‍ථ ච දුවිධා කථා – සබ‍්බසඞ‍්ගාහිකා චෙව අසම‍්භින‍්නා ච. කාමධාතුග‍්ගහණෙන හි බ්‍යාපාදවිහිංසාධාතුයොපි ගහිතා. කාමධාතුයායෙව පන නීහරිත්‍වා නීහරිත්‍වා ද‍්වෙපි එතා දස‍්සිතාති. අයං තාවෙත්‍ථ සබ‍්බසඞ‍්ගාහිකකථා . ඨපෙත්‍වා පන බ්‍යාපාදවිහිංසාධාතුයො සෙසා සබ‍්බාපි කාමධාතු එවාති. අයං අසම‍්භින‍්නකථා නාම. නෙක‍්ඛම‍්මධාතුග‍්ගහණෙනාපි අබ්‍යාපාදඅවිහිංසාධාතුයො ගහිතායෙව. නෙක‍්ඛම‍්මධාතුතො පන නීහරිත්‍වා නීහරිත්‍වා තදුභයම‍්පි දස‍්සිතන‍්ති අයමෙත්‍ථාපි සබ‍්බසඞ‍්ගාහිකකථා. ඨපෙත්‍වා අබ්‍යාපාදඅවිහිංසාධාතුයො අවසෙසා නෙක‍්ඛම‍්මධාතූති අයං අසම‍්භින‍්නකථා නාම.

මෙහිද සත්ත්වයන් කෙරෙහිද සංස්කාරයන් කෙරෙහිද කාම සිතිවිලි උපදී. දෙතැනම උපන් සිතිවිලි කර්මපථයට පැමිණේ. ව්‍යාපාදය වනාහි සත්වයන් කෙරෙහි උපදිනවිට පමණක් කර්මපථ වේ. අනිකෙහි නොවේ. මෙහි නය විහිංසාවමය. මෙහිද අදහස් දෙකකි. සර්වසංග්‍රාහික සහ අසම්භින්න වශයෙනි. කාමධාතු ගැනීමෙන් ව්‍යාපාද විහිංසා ධාතුද ගන්නා ලදි. කාමධාතුවෙන් බැහැරකොට මේ දෙකම දක්වන ලදි. මෙය මෙහි සර්වසංග්‍රාහික අදහසය. ව්‍යාපාද විහිංසාධාතු හැර සෙසු සියල්ල කාමධාතුවමය යනු අසම්භින්න අදහසය. නෙක්ඛම්ම ධාතු ගැනීමෙන් අව්‍යාපාද අවිහිංසා ධාතු ගන්නා ලද්දේමය. කාමධාතුව බැහැරකොට මේ දෙකම දක්වන ලදි. මෙහිද මෙය සර්වසංග්‍රාහික මතයයි. අව්‍යාපාද අවිහිංසා ධාතු හැර සෙසු සියල්ල නෙක්ඛම්ම ධාතු යනු අසම්භින්න මතයයි.

ඉමාහි ච ඡහි ධාතූහි පරිග‍්ගහිතා හි අට‍්ඨාරස ධාතුයො පරිග‍්ගහිතාව හොන‍්ති. සබ‍්බාපි හි තා කාමධාතුතොව නීහරිත්‍වා නීහරිත්‍වා ලභාපෙතබ‍්බා අට‍්ඨාරස ධාතුයොව හොන‍්තීති තිණ‍්ණං ඡක‍්කානං වසෙන අට‍්ඨාරස හොන‍්ති. එවං පන අග‍්ගහෙත්‍වා එකෙකස‍්මිං ඡක‍්කෙ වුත‍්තනයෙන අට‍්ඨාරස අට‍්ඨාරස කත්‍වා සබ‍්බානිපි තානි අට‍්ඨාරසකානි එකජ‍්ඣං අභිසඞ‍්ඛිපිත්‍වා අට‍්ඨාරසෙව හොන‍්තීති වෙදිතබ‍්බා. ඉති ඉමස‍්මිං සුත‍්තන‍්තභාජනීයෙ සොළස ධාතුයො කාමාවචරා, ද‍්වෙ තෙභූමිකාති එවමෙත්‍ථ සම‍්මසනචාරොව කථිතොති වෙදිතබ‍්බො.

මේ ධාතු සය ගැනීමෙන් අටළොස් ධාතුම ගත්තා වේ. සයේ තුනක් වශයෙන් දහඅටක් වේ. මෙසේ නොගෙන එක එක සයෙහි කීනයින් දහඅට දහඅට කොට සියල්ල දහඅටකට එකට කැටිකොට දහඅටක්ම අවේයයි දතයුතුය. මෙසේ මේ සූත්‍රාන්ත භාජනියෙහි ධාතු දහසයක් කාමාවචරය. දෙකක් ත්‍රෛභූමිකයයි මෙසේ මෙහි සම්මර්ශන වාර කියනලදැයි දතයුතුය.

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා.