සුත‍්තන‍්තභාජනියං
255. ඡධාතුයො: පඨවීධාතු, අපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ‍්ඤාණධාතු.
255. ධාතූහු සදෙනෙකි: පඨවිධාතු ය, ආපෝධාතු ය, තේජෝධාතු ය, වායෝධාතු ය, ආකාසධාතු ය, විඤ්ඤාණධාතු යි.
256. තත්‍ථ කතමා පඨවීධාතු: පඨවීධාතු ද‍්වයං: අත්‍ථි අජ‍්ඣත‍්තිකා, අත්‍ථි බාහිරා.
256. එහි පඨවිධාතු කවර යත්: පෘථිවිධාතු දෙ කොටසෙකි: අධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
තත්‍ථ කතමා අජ‍්ඣත‍්තිකා පඨවීධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛලං ඛරිගතං කක‍්ඛළත‍්තං කක‍්ඛළභාවො අජ‍්ඣත‍්තං උපාදින‍්නං, සෙය්‍යථීදං: කෙසා ලොමා නඛා දන‍්තා තචො මංසං නහාරු අට‍්ඨි අට‍්ඨිමිඤ‍්ජා චක‍්කං හදයං යකනං කිලොමකං පිහකං පප‍්ඵාසං අන‍්තං අන‍්තගුණං උදරියං කරීසං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං කක‍්ඛලං ඛරිගතං කක‍්ඛළත‍්තං කක‍්ඛළභාවො අජ‍්ඣත‍්තං උපාදින‍්නං. අයං වුච‍්චති අජ‍්ඣත‍්තිකා පඨවීධාතු.
එහි ආධ්‍යාත්මික පෘථිවිධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ (තමා කෙරෙහි පිහිටි) කර්‍කශ වූ පරුෂ වූ කර්‍කශභාවය ඇති කර්‍කශස්වභාව ඇති අධ්‍යාත්ම වූ උපාදින්න (ශරීරස්ථ) වූ යම් කොටසෙක් ඇද්ද, ඒ මෙසේ ය: කෙස් ලොම් නිය දත් සිවි මස් නහර ඇට ඇටමිදුළු වකුගඩු හදවත් අක්මා දලබු බඩදිව පපුමස අතුණු අතුණුබහන නො පැසුණුඅහර පැසුණුඅහර ය. අන්‍ය වූ ද අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ දත වූ රළු වූ තදබව ඇති තදසැහැවි ඇති අධ්‍යාත්ම වූ ශරීරස්ථ වූ යම් කොටසෙක් හෝ ඇද්ද, මේ ආධ්‍යාත්මිකපෘථිවිධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා බාහිරා පඨවීධාතු: යං බාහිරං කක‍්ඛලං ඛරිගතං කක‍්ඛළත‍්තං කක‍්ඛළභාවො බහිද‍්ධා අනුපාදින‍්නං, සෙය්‍යථීදං: අයො ලොහං තිපු සීසං සජ‍්ඣු මුත‍්තා මණි වෙළුරියො සඞ‍්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ‍්කො මසාරගල‍්ලං තිණං කට‍්ඨං සක‍්ඛරං කඨලං භූමි පාසාණො පබ‍්බතො යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි බාහිරං කක‍්ඛලං ඛරිගතං කක‍්ඛළත‍්තං කක‍්ඛළභාවො බහිද‍්ධා අනුපාදින‍්නං. අයං වුච‍්චති බාහිරා පඨවීධාතු.
එහි බාහිර වූ පෘථිවිධාතු කවර යත්: කර්‍කශ වූ රළු වූ රළුබව ඇති රළුසැහැවි ඇති බාහ්‍ය වූ අනුපාදින්න වූ යම් බාහිර කොටසෙක් වේ ද, ඒ මෙසේ ය: යකඩ ලොහො හෙළතුඹු කළුතුඹු රිදී මුතු මැණික් වෙරළුමිණි සක් සල පබළ කහවන රන් රත්මිණි මැසිරිගල් තණ දඬුකඩ කැට කැබිලිති පොළෝ පහණ පවු ය, අන්‍ය වූ ද බාහිර වූ කර්‍කශ වූ රළු වූ කැකුළුබවට ගිය බාහිර වූ අනුපාදින්න වූ යමක් හෝ ඇද්ද, මේ බාහිරපෘථිවිධාතු යි කියනු ලැබේ.
යා ච අජ‍්ඣත‍්තිකා පඨවීධාතු යා ච බාහිරා පඨවීධාතු තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤූහිත්‍වා අභිසඞ‍්ඛිපිත්‍වා අයං වුච‍්චති පඨවීධාතු.
යම් ආධ්‍යාත්මිකපෘථිවිධාතුවකුත් වේ ද යම් බාහිරපෘථිවිධාතුවකුත් වේ ද එය එක් රැස් කොට හකුළුවා මේ පෘථිවිධාතු යි කියනු ලැබේ.
257. තත්‍ථ කතමා අපොධාතු: ආපොධාතු ද‍්වයං: අත්‍ථි අජ‍්ඣත‍්තිකා, අත්‍ථි බාහිරා.
257. එහි ආපෝධාතු කවර යත්: ආපෝධාතු දෙකොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
තත්‍ථ කතමා අජ‍්ඣත‍්තිකා ආපොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආපො ආපොගතං ස‍්නෙහො ස‍්නෙහගතං බන්‍ධනත‍්තං රූපස‍්ස අජ‍්ඣත‍්තං උපාදින‍්නං, සෙය්‍යථීදං: පිත‍්තං සෙම‍්හං පුබ‍්බො ලොහිතං සෙදො මෙදො අස‍්සු වසා ඛෙළො සිඞ‍්ඝානිකා ලසිකා මුත‍්තං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං අපො අපොගතං ස‍්නෙහො ස‍්නෙහගතං බන්‍ධනත‍්තං රූපස‍්ස අජ‍්ඣත‍්තං උපාදින‍්නං. අයං වුච‍්චති අජ‍්ඣත‍්තිකා ආපොධාතු.
එහි අධ්‍යාත්මිකආපෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ භූතරූපයාගේ බන්‍ධනභාවයෙක් වේ ද, ඒ මෙසේ ය: පිත ය සෙම ය. සැරව ය ලෙහෙය සෝදිය ය මේදස් ය කඳුළු ය වුරුණුතෙල ය කෙළ ය. සොටු ය සඳමිදුලු ය මූ ය, යළි අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් සිනෙහගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ ආධ්‍යාත්මික ආපෝධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා බාහිරා ආපොධාතු: යං බාහිරං ආපො අපොගතං සිනෙහො සිනෙහගතං බන්‍ධනත‍්තං රූපස‍්ස බහිද‍්ධා අනුපාදින‍්නං, සෙය්‍යථීදං: මූලරසො ඛන්‍ධරසො තචරසො පත‍්තරසො පුප‍්ඵරසො ඵලරසො, ඛීරං දධි සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං භුම‍්මානි වා උදකානි අන‍්තළික‍්ඛානි වා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි බාහිරං අපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්‍ධනත‍්තං රූපස‍්ස බහිද‍්ධා අනුපාදින‍්නං. අයං වුච‍්චති බාහිරා ආපොධාතු.
එහි බාහිර ආපෝධාතු කවර යත්: බාහිර වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් බාහිර වූ අනුපාදින්න (ශරීරස්ථ නො වූ) රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද ඒ මෙසේ ය: මුල්රස ය කඳරස ය පොතුරස ය පත්රස ය මල්රස ය පලරස ය, කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය (තල ආදි) තෙල් ය මිහි ය පැණි ය භූමිස්ථ වූ හෝ ආකාශස්ථ වූ හෝ දිය ය, යලි අන්‍ය වූ ද බාහිර වූ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ බාහිර ආපෝධාතු යි කියනු ලැබේ.
යා ච අජ‍්ඣත‍්තිකා ආපොධාතු යා ච බාහිරා ආපොධාතු තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤූහිත්‍වා අභිසංඛිපිත්‍වා, අයං වුච‍්චති ආපොධාතු.
යම් ආධ්‍යාත්මික අබ්ධාතුවකුත් යම් බාහිර අබ්ධාතුවකුත් වේ ද එය එක්රැස් කොට හකුළුවා මේ ආපෝධාතු යි කියනු ලැබේ.
258. තත්‍ථ කතමා තෙජොධාතු: තෙජොධාතු ද‍්වයං: අත්‍ථි අජ‍්ඣත‍්තිකා, අත්‍ථි බාහිරා.
258. එහි තේජෝධාතු කවර යත්: තේජෝධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
තත්‍ථ කතමා අජ‍්ඣත‍්තිකා තෙජොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උස‍්මා උස‍්මාගතං උසුමං උසුමගතං අජ‍්ඣත‍්තං උපාදින‍්නං, සෙය්‍යථීදං: යෙන ච සන‍්තප‍්පති යෙන ච ජීරීයති, යෙන ච පරිඩය‍්හති, යෙන ච අසිතපීතඛායිතසායිතං සම‍්මා පරිණාමං ගච‍්ඡති, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං තෙජො තෙජොගතං උස‍්මා උස‍්මාගතං උසුමං උසුමගතං අජ‍්ඣත‍්තං උපාදින‍්නං, අයං වුච‍්චති අජ‍්ඣත‍්තිකා තෙජොධාතු.
එහි ආධ්‍යාත්මිකතේජෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් තේජසෙක් තේජෝගතයෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් බලවත් උණුසුමෙක් බලවත් උණුසුම් බවෙක් අධ්‍යාත්ම වූ උපාදින්නයෙක් වේ ද, ඒ මෙසේ ය: යම් තේජසකින් තැවේ ද යමෙකින් දිරායේ ද යමෙකින් දැවේ ද වැළඳු පී කෑ රසවිඳි දැය මැනැවින් පැසීමට යේ ද, යලි අන්‍ය වූ හෝ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ තේජසෙක් තේජෝගතයෙක් හුණුඅයුරෙක් හුණු බවෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් අධ්‍යාත්ම වූ උපාදින්නයෙක් වේ ද, මේ ආධ්‍යාත්මික වූ තේජෝධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා බාහිරා තෙජො ධාතු: යං බාහිරං තෙජො තෙජොගතං උස‍්මා උස‍්මාගතං උසුමං උසුමගතං බහිද‍්ධා අනුපාදින‍්නං, සෙය්‍යථීදං: කට‍්ඨග‍්ගි සකලිකග‍්ගි තිණග‍්ගි ගොමයග‍්ගි ථුසග‍්ගි සඞ‍්කාරග‍්ගි ඉන්‍දග‍්ගි අග‍්ගිසන‍්තාපො සුරියසන‍්තාපො කට‍්ඨසන‍්නිචයසන‍්තාපො තිණසන‍්තිචයසන‍්තාපො ධඤ‍්ඤසන‍්නිචයසන‍්තාපො භණ‍්ඩසන‍්නිචයසන‍්තාපො, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි බාහිරං තෙජො තෙජොගතං උස‍්මා උස‍්මාගතං උසුමා උසුමගතං බහිද‍්ධා අනුපාදින‍්නං. අයං වුච‍්චති බාහිරා තෙජොධාතු.
එහි බාහිර තේජෝධාතු කවර යත්: බාහිර වූ යම් තේජසෙක් තේජෝගතයෙක් උණු අයුරෙක් උණු බවෙක් උණුසුම් අයුරෙක් උණුසුම් බවෙක් බාහිර වූ අනුපාදින්නයෙක් වේ ද, ඒ මෙසේ ය: දරගිනි ය පතුරුගිනි ය තණගිනි ය ගොමවැරැටිගිනි ය දහවියා ගිනි ය කසළගිනි ය සෙනගිනි ය ගිනිතැවුලි ය හිරුතැවුලි ය දඬුරැසෙහි තැවුලි ය තණ රැසෙහි තැවුලි ය ධාන්‍යරැසෙහි තැවුලි ය භාණ්ඩ රැසෙහි තැවුලි ය, තවද අන්‍ය වූත් බාහිර වූ තේජසෙක් තේජෝගතයෙක් උස්මායෙක් උස්මාගතයෙක් උසුමයෙක් උසුමගතයෙක් බාහිර වූ අනුපාදින්න වූයෙක් ඇද්ද, මේ බාහිරතේජෝධාතු යි කියනු ලැබේ.
යා ච අජ‍්ඣත‍්තිකා තෙජොධාතු යා ච බාහිරා තෙජොධාතු තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤූහිත්‍වා අභිසංඛිපිත්‍වා අයං වුච‍්චති තෙජොධාතු.
යම් ආධ්‍යාත්මිකතේජෝධාතුවකුත් වේ ද යම් බාහිරතේජෝධාතුවකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ තේජෝධාතු යි කියනු ලැබේ.
259. තත්‍ථ කතමා වායොධාතු: වායොධාතු ද‍්වයං: අත්‍ථි අජ‍්ඣත‍්තිකා, අත්‍ථි බාහිරා,
259. එහි වායෝධාතු කවර යත්: වායෝධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
තත්‍ථ කතමා අජ‍්ඣත‍්තිකා වායොධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං ථම‍්භිතත‍්තං රූපස‍්ස අජ‍්ඣත‍්තං උපාදින‍්නං, සෙය්‍යථීදං: උද‍්ධඞ‍්ගමා වාතා, අධොගමා වාතා, කුච‍්ඡිසයා වාතා කොට‍්ඨසයා වාතා අඞ‍්ගමඞ‍්ගානුසාරිනො වාතා, සත්‍ථක වාතා, ඛුරක වාතා උප‍්පලක වාතා, අස‍්සාසො, පස‍්සාසො, ඉති වා යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං වායො වායොගතං ථම‍්භිතත‍්තං රූපස‍්ස අජ‍්ඣත‍්තං උපාදින‍්නං. අයං වුච‍්චති අජ‍්ඣත‍්තිකා වායොධාතු.
එහි ආධ්‍යාත්මිකවායෝධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් වායුවෙක් වායෝගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ පිරුණු බවෙක් වේ ද ඒ මෙසේ ය: ඌර්‍ධවඞ්ගමවාත ය අධෝගමවාත ය කුසෙහි වූ වාත ය අතුණු තුළ වූ වාත ය අඟපසෙහි හැසිරෙන වාත ය (සඳබහන් සිඳින) ශස්ත්‍රකවාත ය (හදවත පළන) ක්‍ෂුරක වාත ය (හදමස් උපුරන) උත්පාටකවාත ය ආශ්වාස ය ප්‍රශ්වාස ය මෙසේ වූ හෝ යලි අන්‍ය වූ හෝ අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ වායුවෙක් වායෝගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ රූපයාගේ යම් පිරුණු බවෙක් ඇද්ද, මේ අධ්‍යාත්මිකවායෝධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා බාහිරා වායොධාතු: යං බාහිරං වායො වායොගතං ථම‍්භිතත‍්තං රූපස‍්ස බහිද‍්ධා අනුපාදින‍්නං, සෙය්‍යථීදං: පුරත්‍ථිමා වාතා, පච‍්ඡිමා වාතා, උත‍්තරා වාතා, දක‍්ඛිණා වාතා, සරජා වාතා, අරජා වාතා, සීතා වාතා, උණ‍්හා වාතා, පරිත‍්තා වාතා, අධිමත‍්තා වාතා, කාළවාතා, වෙරම‍්බවාතා පක‍්ඛවාතා සුපණ‍්ණවාතා තාලවණටවාතා විධූපනවාතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි බාහිරං වායො වායොගතං ථම‍්භිතත‍්තං රූපස‍්ස බහිද‍්ධා අනුපාදින‍්නං, අයං වුච‍්චති බාහිරා වායො ධාතු.
එහි බාහිරවායෝධාතු කවර යත්: බාහිර වූ යම් වායුවෙක් වායෝගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ පිරුණු බවෙක් වේ ද, ඒ මෙසේ ය: පෙරදිගින් හැමූ වාත ය, පැළදිගින් හැමූ වාත ය උතුරුදිගින් හැමූ වාතය දකුණුදිගින් හැමූ වාත ය රජස් සහිත වාත ය රජස් රහිත වාත ය සිහිල් වාත ය හුණු වාත ය මඳ වාත ය සැඬසුළඟ ය වැසිසුළඟ ය වේරම්බවාත ය පියාපත්සුළඟ ය ගරුඬවාත ය තල්වැටසුළඟ ය විජිනිසුළඟ ය යලි අන්‍ය වූ ද බාහිර වූ වායුවෙක් වායෝගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ රූපයාගේ යම් පිරුණු බවෙක් හෝ ඇද්ද, මේ බාහිරවායෝධාතු යි කියනු ලැබේ.
යා ච අජ‍්ඣත‍්තිකා වායොධාතු යා ච බාහිරා වායොධාතු තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤූහිත්‍වා අභිසංඛිපිත්‍වා අයං වුච‍්චති වායොධාතු.
යම් ආධ්‍යාත්මික වූ වායෝධාතුයෙකුත් වේ ද යම් බාහිර වූ වායෝධාතුයෙකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ වායෝධාතු යි කියනු ලැබේ.
260. තත්‍ථ කතමා ආකාසධාතු: ආකාසධාතු ද‍්වයං: අත්‍ථි අජ‍්ඣත‍්තිකා, අත්‍ථි බාහිරා,
260. එහි ආකාසධාතු කවර යත්: ආකාසධාතු දෙ කොටසෙකි: ආධ්‍යාත්මික වූයෙක් ඇත, බාහිර වූයෙක් ඇති.
තත්‍ථ කතමා අජ‍්ඣත‍්තිකා ආකාසධාතු: යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං, අසම‍්ඵුට‍්ඨං මංසලොහිතෙහි අජ‍්ඣත‍්තං උපාදින‍්නං, සෙය්‍යථීදං: කණ‍්ණච‍්ඡිද‍්දං නාසච‍්ඡිද‍්දං මුඛද‍්වාරං යෙන ච අසිතපීතඛායිතසායිතං අජ‍්ඣොහරතී, යත්‍ථ ච අසිතපීතඛායිතසායිතං සන‍්තිට‍්ඨති, යෙන ච අසිතපීතඛායිතසායිතං අධොභාගං නික‍්ඛමති, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං. ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම‍්ඵුට‍්ඨං මංසලොහිතෙහි අජ‍්ඣත‍්තං උපාදින‍්නං, අයං වුච‍්චති අජ‍්ඣත‍්තිකා ආකාසධාතු.
එහි ආධ්‍යාත්මිකආකාශධාතු කවර යත්: අධ්‍යාත්ම වූ ප්‍රත්‍යාත්ම වූ යම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටෙන බැවින්) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ මස්ලෙහෙයින් නො පහස්නා ලදුයෙක් වේ ද, ඒ මෙසේ ය: කන්සිදුරු ය නැහැසිදුරු ය මුවදොර ය, යම් විවරයෙකින් අසිතපීතඛායිත සායිතය පරගල කෙරේ ද යම් තැනෙක අසිතපීතඛායිතසායිතය රැස්ව සිටී ද යම් විවරයෙකින් අසිතපීතඛායිතසායිතය අධෝභාගයට නික්මේ ද යලි අන්‍ය වූ ද ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් අධ්‍යාත්ම වූ උපාදින්න වූ මස් ලෙහෙයින් යම් නො පහස්නා ලදුයෙක් ඇද්ද, මේ ආධ්‍යාත්මිකආකාශධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා බාහිරා ආකාසධාතු: යං බාහිරං ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම‍්ඵුට‍්ඨං චතූහි මහාභූතෙහි බහිද‍්ධා අනුපාදින‍්නං, අයං වුච‍්චති බාහිරා ආකාසධාතු.
එහි බාහිරආකාශධාතු කවර යත්: බාහිර වූ යම් ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් බාහිර වූ අනුපාදින්න වූ සතරමහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ බාහිරආකාශධතු යි කියනු ලැබේ.
යා ච අජ‍්ඣත‍්තිකා ආකාසධාතු යා ච බාහිරා ආකාසධාතු තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤූහිත්‍වා අභිසඞ‍්ඛිපිත්‍වා, අයං වුච‍්චති ආකාසධාතු.
යම් ආධ්‍යාත්මික වූ ආකාශධාතුයෙකුත් වේ ද යම් බාහිර වූ ආකාශධාතුයෙකුත් වේ ද ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා මේ ආකාශධාතු යි කියනු ලැබේ.
261. තත්‍ථ කතමා විඤ‍්ඤාණධාතු, චක‍්ඛුවිඤ‍්ඤාණධාතු, සොතවිඤ‍්ඤාණධාතු, ඝානවිඤ‍්ඤාණධාතු, ජිව‍්හාවිඤ‍්ඤාණධාතු, කායවිඤ‍්ඤාණධාතු, මනොවිඤ‍්ඤාණධාතු, අයං වුච‍්චති විඤ‍්ඤාණධාතු.
261. එහි විඤ්ඤාණධාතු කවර යත්: චක්‍ෂුර්විඥානධාතු ය ශ්‍රෝත්‍රවිඥානධාතු ය ඝ්‍රාණවිඥානධාතු ය ජිහ්වාවිඥානධාතු ය කායවිඥානධාතු ය මනෝවිඥානධාතු යි. මේ විඤ්ඤාණධාතු යි කියනු ලැබේ.
ඉමා ඡධාතුයො.
මේ ෂට්ධාතු යි.
262. අපරාපි ඡ ධාතුයො: සුඛධාතු, දුක‍්ඛධාතු, සොමනස‍්සධාතු, දොමනස‍්සධාතු, උපෙක‍්ඛාධාතු, අවිජ‍්ජාධාතු.
262. අන්‍ය වූ ද ධාතූහු සදෙනෙකි: සුඛධාතු ය, දුක්ඛධාතු ය, සෝමනස්සධාතු ය, දෝමනස්සධාතු ය, උපෙක්ඛාධාතු ය, අවිජ්ජාධාතු යි.
තත්‍ථ කතමා සුඛධාතු: යං කායිකං සාතං කායිකං සුඛං කායසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති සුඛධාතු.
එහි සුඛධාතු කවර යත්: යම් කායික වූ මිහිරෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් මිහිරිවූ සුව වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සුඛධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා දුක‍්ඛධාතු: යං කායිකං අසාතං කායිකං දුක‍්ඛං කායසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, අයං වුච‍්චති දුක‍්ඛධාතු.
එහි දුඃඛධාතු කවර යත්: යම් කායික වූ අමිහිරෙක් කායිකදුඃඛයෙක් කාපහසින් උපන් අමිහිරි වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් අමිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද මේ දුඃඛධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සොමනස‍්සධාතු: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති සොමනස‍්සධාතු.
එහි සෝමනස්සධාතු කවර යත්: යම් චෛතසික වූ මිහිරෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛ වේදනාවක් වේ ද, මේ සෝමනස්සධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා දොමනස‍්සධාතු: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, අයං වුච‍්චති දොමනස‍්සධාතු.
එහි දෝමනස්සධාතු කවර යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනාවක් වේ ද, මේ දෝමනස්සධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා උපෙක‍්ඛාධාතු: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතො සම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං වුච‍්චති උපෙක‍්ඛාධාතු.
එහි උපේක්‍ෂාධාතු කවර යත්: යම් චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුක්ඛමසුඛවේදනාවක් වේ ද, මේ උපේක්‍ෂාධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා අවිජ‍්ජාධාතු: යං අඤ‍්ඤාණං අදස‍්සනං අනභිසමයො අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො අසඞ‍්ගාහනා අපරියොගාහනා අසමපෙක‍්ඛනා අපච‍්චවෙක‍්ඛනා අපච‍්චක‍්ඛකම‍්මං දුම‍්මෙජ‍්ඣං බාල්‍යං අසම‍්පජඤ‍්ඤං මොහො පමොහො සම‍්මොහො අවිජ‍්ජා අවිජ‍්ජොඝො අවිජ‍්ජායොගො අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජාධාතු.
එහි අවිජ්ජාධාතු කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසංග්‍රාහණයෙක් හාත්පසින් නො බැසැගැන්මෙක් සම ව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් අපවිත්‍ර බවෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සංඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යාධාතු යි කියනු ලැබේ.
ඉමා ඡ ධාතුයො.
මේ ෂට්ධාතූහු යි.
263. අපරාපි ඡධාතුයො: කාමධාතු, ව්‍යාපාදධාතු, විහිංසාධාතු, නෙක‍්ඛම‍්මධාතු, අව්‍යාපාදධාතු, අවිහිංසාධාතු.
263. අන්‍ය වූ ද ධාතූහු සදෙනෙකි: කාමධාතු ය, ව්‍යාපාදධාතු ය, විහිංසාධාතු ය, නෙක්ඛම්මධාතු ය, අව්‍යාපාදධාතු ය, අවිහිංසාධාතු යි.
තත්‍ථ කතමා කාමධාතු: කාමපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො සංකප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා මිච‍්ඡාසංකප‍්පො, අයං වුච‍්චති කාමධාතු, හෙට‍්ඨතො අවීචීනිරයං පරියන‍්තං කත්‍වා උපරිතො පරනිම‍්මිතවසවත‍්ති දෙවෙ අන‍්තො කරිත්‍වා යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා ඛන්‍ධධාතුආයතනා රූපා වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා විඤ‍්ඤාණං, අයං වුච‍්චති කාමධාතු.
එහි කාමධාතු කවර යත්: කාමප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් බලවත් අර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙන් මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ කාමධාතු යි කියනු ලැබේ. යටින් අවීචිනිරය හිම් කොට මත්තෙහි පරනිර්මිතවශවර්තිදෙවියන් ඇතුළු කොට මෙඅතුරෙහි මෙහි බැසැගෙන සිටින මෙහි ඇතුළු වූ යම් ස්කන්‍ධධාතු ආයතන කෙනෙක් වෙත් ද, රූප - වේදනා - සංඥා - සංස්කාර - විඥානයෙක් වේ ද, මේ කාමධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා ව්‍යාපාද ධාතු: ව්‍යාපාදපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- මිච‍්ඡාසංකප‍්පො, අයං වුච‍්චති ව්‍යාපාදධාතු. දසසු වා ආඝාතවත්‍ථුසු චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස ව්‍යාපත‍්ති මනොපදොසො කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං ව්‍යාපත‍්ති ව්‍යාපජ‍්ජනා ව්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති ව්‍යාපාදධාතු.
එහි ව්‍යාපාදධාතු කවර යත්: ව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ ව්‍යාපාදධාතු යි කියනු ලැබේ. දශආඝාතවස්තුයෙහි හෝ චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපරීත බවෙක් චිත්තයාගේ ප්‍රදෝෂයෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් ක්‍රැද්ධ බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීතයෙක් විපරීතාකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක් අසුරෝපයෙක් (නො පිරිපුන් වචන ඇති බවෙක්) චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ව්‍යාපාදධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා විහිංසා ධාතු: විහිංසා පටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- මිච‍්ඡාසංකප‍්පො, අයං වුච‍්චති විහිංසාධාතු. ඉධෙකච‍්චො පාණිනා වා ලෙඩ‍්ඩුනා වා දණ‍්ඩෙන වා සත්‍ථෙන වා රජ‍්ජුයා වා අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා සත‍්තෙ විහෙඨෙති, යා එවරූපා හෙඨනා විහෙඨනා හිංසනා විහිංසනා රොසනා විරොසනා පරූපඝතො, අයං වුච‍්චති විහිංසාධාතු.
එහි විහිංසාධාතු කවර යත්: විහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … මිථ්‍යාසංකල්පයෙක් වේ ද, මේ විහිංසාධාතු යි කියනු ලැබේ. මෙහි එකෙක් අතින් හෝ කැටින් හෝ දඬියෙන් හෝ සැතින් හෝ රැහැනින් හෝ එක්තරඑක්තරයෙකින් හෝ සතුන් පෙළාද, මෙ බඳු වූ යම් පෙළීමෙක් වෙසෙසින් පෙළීමෙක් හිංසායෙක් විහිංසායෙක් ගැටීමෙක් වෙසෙසින් ගැටීමෙක් මෙරමාහට හිංසායෙක් වේ ද, මේ විහිංසාධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා නෙක‍්ඛම‍්මධාතු: නෙක‍්ඛම‍්මපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- සම‍්මාසංකප‍්පො, අයං වුච‍්චති නෙක‍්ඛම‍්මධාතු. සබ‍්බෙපි කුසලා ධම‍්මා නෙක‍්ඛම‍්මධාතු.
එහි නෙක්ඛම්මධාතු කවර යත්: නෛෂ්ක්‍රම්‍යප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ නෙක්ඛම්මධාතු යි කියනු ලැබේ. සියලු ම කුශලධර්‍මයෝ නෙක්ඛම්මධාතු යි.
තත්‍ථ කතමා අව්‍යාපාදධාතු: අව්‍යාපාදපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො -පෙ- සම‍්මාසංකප‍්පො, අයං වුච‍්චති අව්‍යාපාදධාතු. යා සත‍්තෙසු මෙත‍්ති මෙත‍්තායනා මෙත‍්තායිතත‍්තං මෙත‍්තා චෙතොවිමුත‍්ති, අයං වුච‍්චති අව්‍යාපාදධාතු.
එහි අව්‍යාපාදධාතු කවර යත්: අව්‍යාපාදප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් … සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ අව්‍යාපාදධාතු යි කියනු ලැබේ. සත්ත්‍වයන් විෂයෙහි යම් මෛත්‍රියක් මෙත් වඩන අයුරෙක් මෙත් වැඩූ බවෙක් මෛත්‍රීචිත්තවිමුක්තියෙක් වේ ද, මේ අව්‍යාපාදධාතු යි කියනු ලැබේ.
තත්‍ථ කතමා අවිහිංසාධාතු: අවිහිංසාපටිසංයුත‍්තො තක‍්කො විතක‍්කො සංකප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා සම‍්මාසංකප‍්පො අයං වුච‍්චති අවිහිංසාධාතු. යා සත‍්තෙසු කරුණා කරුණායනා කරුණායිතත‍්තං කරුණාචෙතොවිමුත‍්ති, අයං වුච‍්චති අවිහිංසාධාතු.
එහි අවිහිංසාධාතු කවර යත්: අවිහිංසාප්‍රතිසංයුක්ත වූ තර්‍කයෙක් විතර්‍කයෙක් සංකල්පයෙක් අර්‍පණයෙක් ව්‍යර්‍පණයෙක් (අරමුණෙහි) සිත පිහිටුවීමෙක් සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ අවිහිංසාධාතු යි කියනු ලැබේ. සත්ත්‍වයන් විෂයයෙහි යම් කරුණායෙක් කරුණාඅයුරෙක් කරුණා ඇති බවෙක් කරුණාචිත්තවිමුක්තියෙක් වේ ද, මේ අවිහිංසාධාතු යි කියනු ලැබේ.
ඉමා ඡ ධාතුයො.
මේ ෂඩ්ධාතු යි.
ඉති ඉමානි තීණි ඡක‍්කානි, තදෙකජ‍්ඣං අභිසඤ‍්ඤූහිත්‍වා අභිසංඛිපිත්‍වා අට‍්ඨාරස ධාතුයො හොන‍්ති.
මෙසේ මේ තුන් ෂට්කයෝ ය, ඒ සියල්ල එක්රැස් කොට හකුළුවා අටළොස් ධාතූහු වෙත්.