යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

අභිධම‍්මභාජනීයවණ‍්ණනා

අභිධර්ම භාජනීය වර්ණනාව

අභිධම‍්මභාජනීයෙ සරූපෙනෙව සබ‍්බාපි ධාතුයො දස‍්සෙන‍්තො අට‍්ඨාරස ධාතුයො – චක‍්ඛුධාතු රූපධාතූතිආදිමාහ. තත්‍ථ උද‍්දෙසවාරෙ තාව –

අභිධර්ම භාජනියෙහි ස්වරූපයෙන්ම සියළු ධාතු දක්වන්නාහු අටළොස් ධාතුවල චක්ඛුධාතු රූපධාතු යනාදිය කීහ. එහි උද්දේස වාරයෙහි එතෙක්:-

අත්‍ථතො ලක‍්ඛණාදිතො, කමතාවත්‍වසඞ‍්ඛතො; පච‍්චයා අථ දට‍්ඨබ‍්බා, වෙදිතබ‍්බො විනිච‍්ඡයො.

අරුත් ලකුණු විසින් - පිළිවෙල ගණන ලෙසිනා දැකිය යුතු පසයෙහි - විනිස දතයුතු වේමැයි

තත්‍ථ ‘අත්‍ථතො’ති චක‍්ඛතීති චක‍්ඛු. රූපයතීති රූපං. චක‍්ඛුස‍්ස විඤ‍්ඤාණං චක‍්ඛුවිඤ‍්ඤාණන‍්ති එවමාදිනා තාව නයෙන චක‍්ඛාදීනං විසෙසත්‍ථතො වෙදිතබ‍්බො විනිච‍්ඡයො. අවිසෙසෙන පන විදහති, ධීයතෙ, විධානං, විධීයතෙ එතාය, එත්‍ථ වා ධීයතීති ධාතු. ලොකියා හි ධාතුයො කාරණභාවෙන වවත්‍ථිතා හුත්‍වා සුවණ‍්ණරජතාදිධාතුයො විය සුවණ‍්ණරජතාදිං අනෙකප‍්පකාරං සංසාරදුක‍්ඛං විදහන‍්ති ; භාරහාරෙහි ච භාරො විය සත‍්තෙහි ධීයන‍්තෙ ධාරීයන‍්තෙති අත්‍ථො. දුක‍්ඛවිධානමත‍්තමෙව චෙතා අවසවත‍්තනතො. එතාහි ච කරණභූතාහි සංසාරදුක‍්ඛං සත‍්තෙහි අනුවිධීයති; තථාවිහිතඤ‍්චෙතං එතාස‍්වෙව ධීයති ඨපීයතීති අත්‍ථො. ඉති චක‍්ඛාදීසු එකෙකො ධම‍්මො යථාසම‍්භවං විදහති ධීයතෙතිආදිඅත්‍ථවසෙන ධාතූති වුච‍්චති.

එහි අර්ථ වශයෙන් බලන්නේ චක්ඛු වේ. වෙනස් වන්නේ රූප වේ. ඇසේ දැනීම චක්ඛු විඤ්ඤාණය වේ. මේ ආදි නයින් චක්ඛු ආදියේ වෙසෙස් අරුත් විනිස දැනගත යුතුය. අවිශේෂයෙන් වනාහි නියම කරයි. දරනු ලැබේ. විධානය මෙයින් කරනු ලැබේ. හෝ මෙහි දරයි යනු ධාතු වේ. ලෞකික වශයෙන් හේතුබවින් නියමකොට රන්රිදීධාතු මෙන් රන් රිදී ආදිය සසර දුක් නියම කරයි. භාරහාරවල භාරයක් මෙන් සත්ත්වයන් විසින් නියම කරනු ලැබේ. දරනු ලැබේ යන අර්ථ වේ. වසඟව නොපවත්නා හෙයින් මේවා දුක් නියම කිරීමක් පමණය. මෙය සසර දුක පිළියෙල කරනු ලැබේය එම දුක් දරනු ලැබේය තබනු ලැබේය යන අර්ථයි. මෙය චක්‍ෂු ආදී එක් එක් ධර්මයෙහි හටගත් අයුරු පෙන්වයි. දරනු ලැබේ ආදි අර්ථ වශයෙන් ධාතු යයි කියනු ලැබේ.

අපිච යථා තිත්‍ථියානං අත‍්තා නාම සභාවතො නත්‍ථි, න එවමෙතා. එතා පන අත‍්තනො සභාවං ධාරෙන‍්තීති ධාතුයො. යථා ච ලොකෙ විචිත‍්තා හරිතාලමනොසිලාදයො සිලාවයවා ධාතුයොති වුච‍්චන‍්ති, එවමෙතාපි ධාතුයො විය ධාතුයො. විචිත‍්තා හෙතා ඤාණඤෙය්‍යාවයවාති. යථා වා සරීරසඞ‍්ඛාතස‍්ස සමුදායස‍්ස අවයවභූතෙසු රසසොණිතාදීසු අඤ‍්ඤමඤ‍්ඤං විසභාගලක‍්ඛණපරිච‍්ඡින‍්නෙසු ධාතුසමඤ‍්ඤා, එවමෙතෙසුපි පඤ‍්චක‍්ඛන්‍ධසඞ‍්ඛාතස‍්ස අත‍්තභාවස‍්ස අවයවෙසු ධාතුසමඤ‍්ඤා වෙදිතබ‍්බා. අඤ‍්ඤමඤ‍්ඤවිසභාගලක‍්ඛණපරිච‍්ඡින‍්නා හෙතෙ චක‍්ඛාදයොති. අපිච ධාතූති නිජ‍්ජීවමත‍්තස‍්සෙතං අධිවචනං. තථා හි භගවා – “ඡ ධාතුරො අයං, භික‍්ඛු, පුරිසො”තිආදීසු (ම· නි· 3.343-344) ජීවසඤ‍්ඤාසමූහනත්‍ථං ධාතුදෙසනං අකාසීති. තස‍්මා යථාවුත‍්තෙනත්‍ථෙන චක‍්ඛු ච තං ධාතු චාති චක‍්ඛුධාතු …පෙ… මනොවිඤ‍්ඤාණඤ‍්ච තං ධාතු චාති මනොවිඤ‍්ඤාණධාතූති එවං තාවෙත්‍ථ අත්‍ථතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

තවද තීර්ථකයන්ගේ ආත්මය නම් කිසිවක් නැත. එය එසේ නොවේ. ඒවා වනාහි තමාගේ ස්වභාවය දරන නිසා ධාතුයයි කියනු ලැබේ. ලෝකයෙහි රන්සිරියල් රත්සිරියල් ආදිය ගල් අවයව නිසා ධාතු යයි කියනු ලැබේ. එසේ ඒවාද ධාතු මෙන් ධාතුය. නුවණින් දතයුතු අවයව නිසා ඒවා විචිත්‍රය. ශරීරය නම්වූ සමූහයේ රසලේ ආදියෙහි ඔවුනොවුන් විසභාග ලක්‍ෂණවලින් වෙන්කිරීම ධාතුයයි දතයුතුය. එසේම මේ පංචස්කන්ධ නම්වූ ආත්මභාවයේ අවයවවල ධාතු සංඥාව දතයුතුය. අන්‍යොන්‍ය විෂභාග ලක්‍ෂණවලින් චක්‍ෂු ආදිය වෙන්කර ඇතත් ධාතු යනු ජීවියෙක් නොවේ යන්නට පර්යාය වචනයකි. එසේම භාග්‍යවතුන් වහන්සේ “ඡ ධාතුකො අයං භික්ඛු පුරිසො” යනාදියෙහි ජීව සංඥාව ඉවත් කිරීමට ධාතු යන දේශනාව කළ සේක. එසේ හෙයින් කියන ලද අර්ථයෙන් ඇසද ඒ ධාතුවදැයි චක්ඛුධාතු.........මනෝවිඤ්ඤාණයද ඒ ධාතුවදැයි මනෝවිඤ්ඤාණධාතු යයි මෙහි අර්ථ වශයෙන් විනිස දතයුතුය.

‘ලක‍්ඛණාදිතො’ති චක‍්ඛාදීනං ලක‍්ඛණාදිතො පෙත්‍ථ වෙදිතබ‍්බො විනිච‍්ඡයො. තානි ච පන තෙසං ලක‍්ඛණාදීනි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

ලක්‍ෂණාදි වශයෙන් චක්‍ෂු ආදීන්ගේ ලක්‍ෂණ වශයෙන්ද මෙහි විනිස දතයුතු ඒවායේ ලක්‍ෂණාදිය යට කියනලද පරිදි දතයුතුය.

‘කමතො’ති ඉධාපි පුබ‍්බෙ වුත‍්තෙසු උප‍්පත‍්තික‍්කමාදීසු දෙසනාක‍්කමොව යුජ‍්ජති. සො ච පනායං හෙතුඵලානුපුබ‍්බවවත්‍ථානවසෙන වුත‍්තො. චක‍්ඛුධාතු රූපධාතූති ඉදඤ‍්හි ද‍්වයං හෙතු. චක‍්ඛුවිඤ‍්ඤාණධාතූති ඵලං. එවං සබ‍්බත්‍ථ කමතො වෙදිතබ‍්බො විනිච‍්ඡයො.

කම යන මෙහි පෙර කියනලද උත්පත්ති ක්‍රම සහ දේශනා ක්‍රමද යෙදේ. භෙද වනාහි හේතුඵල අනුපූර්ව විභාග කිරීම් වශයෙන් කියන ලදි. චක්ඛුධාතු රූපධාතු යන මේ දෙක හේතුවය. චක්ඛු විඤ්ඤාණධාතු යනු ඵලයයි. මෙසේ පියවි තන්හි ක්‍රම වශයෙන් දතයුතුය.

‘තාවත්‍වතො’ති තාවභාවතො. ඉදං වුත‍්තං හොති – තෙසු තෙසු හි සුත‍්තාභිධම‍්මපදෙසෙසු ආභාධාතු, සුභධාතු, ආකාසානඤ‍්චායතනධාතු, විඤ‍්ඤාණඤ‍්චායතනධාතු, ආකිඤ‍්චඤ‍්ඤායතනධාතු , නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනධාතු, සඤ‍්ඤාවෙදයිතනිරොධධාතු, කාමධාතු, බ්‍යාපාදධාතු, විහිංසාධාතු, නෙක‍්ඛම‍්මධාතු, අබ්‍යාපාදධාතු, අවිහිංසාධාතු, සුඛධාතු, දුක‍්ඛධාතු, සොමනස‍්සධාතු, දොමනස‍්සධාතු, උපෙක‍්ඛාධාතු , අවිජ‍්ජාධාතු, ආරම‍්භධාතු, නික‍්කමධාතු, පරක‍්කමධාතු, හීනධාතු, මජ‍්ඣිමධාතු, පණීතධාතු, පථවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු, ආකාසධාතු, විඤ‍්ඤාණධාතු, සඞ‍්ඛතධාතු, අසඞ‍්ඛතධාතු, අනෙකධාතුනානාධාතුලොකොති එවමාදයො අඤ‍්ඤාපි ධාතුයො දිස‍්සන‍්ති.

තාවත්වතො යනු ඒතාක් ස්වභාව වහයෙන් ඒ ඒ සූත්‍ර අභිධර්ම පදවල මෙය කියන ලද්දේ වේ. ආලෝක ධාතු සුභධාතු ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන, සඤ්ඤාවෙදයිත නිරොධ, කාම, ව්‍යාපාද, විහිංස, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා, සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපෙක්ඛා, අවිජ්ජා, ආරම්භ, නික්ඛම, පරක්කම, හීන, මජ්ඣිම, පණීත, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ, අසංඛත, අනේක, නානාධාතු ලෝකය යයි මේ ආදි තවත් ධාතු පෙනේ.

එවං සති සබ‍්බාසං වසෙන පරිච‍්ඡෙදං අකත්‍වා කස‍්මා අට‍්ඨාරසාති අයමෙව පරිච‍්ඡෙදො කතොති චෙ? සභාවතො විජ‍්ජමානානං සබ‍්බධාතූනං තදන‍්තොගධත‍්තා. රූපධාතුයෙව හි ආභාධාතු. සුභධාතු පන රූපාදිප‍්පටිබද‍්ධා. කස‍්මා? සුභනිමිත‍්තත‍්තා. සුභනිමිත‍්තඤ‍්හි සුභධාතු. තඤ‍්ච රූපාදිවිනිමුත‍්තං න විජ‍්ජති, කුසලවිපාකාරම‍්මණා වා රූපාදයො එව සුභධාතූති රූපාදිමත‍්තමෙවෙසා. ආකාසානඤ‍්චායතනධාතුආදීසු චිත‍්තං මනොවිඤ‍්ඤාණධාතු. සෙසා ධම‍්මා ධම‍්මධාතු. සඤ‍්ඤාවෙදයිතනිරොධධාතු පන සභාවතො නත්‍ථි; ධාතුද‍්වයනිරොධමත‍්තමෙව හි සා. කාමධාතු ධම‍්මධාතුමත‍්තං වා හොති, යථාහ “තත්‍ථ කතමා කාමධාතු? කාමපටිසංයුත‍්තො තක‍්කො …පෙ… මිච‍්ඡාසඞ‍්කප‍්පො”ති; අට‍්ඨාරසපි ධාතුයො වා, යථාහ “හෙට‍්ඨතො අවීචිනිරයං පරියන‍්තං කත්‍වා උපරිතො පරනිම‍්මිතවසවත‍්තිදෙවෙ අන‍්තොකරිත්‍වා යං එතස‍්මිං අන‍්තරෙ එත්‍ථාවචරා එත්‍ථ පරියාපන‍්නා ඛන්‍ධධාතුආයතනා, රූපා, වෙදනා, සඤ‍්ඤා, සඞ‍්ඛාරා, විඤ‍්ඤාණං – අයං වුච‍්චති කාමධාතූ”ති. නෙක‍්ඛම‍්මධාතු ධම‍්මධාතු එව; “සබ‍්බෙපි කුසලා ධම‍්මා නෙක‍්ඛම‍්මධාතූ”ති වා වචනතො මනොවිඤ‍්ඤාණධාතුපි හොතියෙව. බ්‍යාපාදවිහිංසාඅබ්‍යාපාදඅවිහිංසාසුඛදුක‍්ඛසොමනස‍්සදොමනස‍්සුපෙක‍්ඛාඅවිජ‍්ජාආරම‍්භනික‍්කමපරක‍්කමධාතුයො ධම‍්මධාතුයෙව.

මෙසේ ඇතිකල්හි සියල්ල වශයෙන් සීමා නොකොට කුමක් හෙයින් අටළොස් යයි මෙයම සීමා කෙළේද? ස්වභාව වශයෙන් විද්‍යමාන සියළු ධාතු එහි අන්තර්ගත බැවින් එසේ සීමා කරන ලදි. ආභා සුභ ධාතු රූපධාතු හා සම්බන්ධය කුමක්ද? සුභ නිමිත්තෙහි සුභධාතු ඇත. එය රූපාදියෙන් වෙන්ව නොපවතී. කුසල විපාක අරමුණු හෝ රූපාදියම වේ. ආකාසානඤ්චායතනාදියෙහි සිත මනෝවිඤ්ඤාණධාතු වේ. සෙසු ධාතු ධම්මධාතු වේ. සඤ්ඤාවෙදයිතනිරොධධාතු ස්වභාවයෙන් නැත. එය වනාහි ධාතු දෙකක නිරෝධය පමණය. කාමධාතු ධම්මධාතු මාත්‍රයක් පමණක් හෝ වේ. එහි කාමධාතු කවරේද කාමයෙන් යුත් තර්කය.........වැරදි සංකල්පයකි. අටළොස්ධාතු හෝ යම්සේ කීවේද “අවීචි නිරය අවසන්කොට උඩින් පරනිර්මිත වසවර්ති කෙළවර කොට මේ අතරෙහි මෙහි අවසන්කොට ස්කන්ධ, ධාතු, ආයතන, රූප වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන මෙය කාමධාතු යයි කියනු ලැබේ. නෙක්ඛම්මධාතු ධම්මධාතුමය. සියළු කුසලකර්ම නෙක්ඛම්මධාතු හෝ යන වචනයෙන් එහි මනෝවිඤ්ඤාණධාතුද ඇත. ව්‍යාපාද විහිංසා අව්‍යාපාද අවිහිංසා සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස උපෙක්ඛා, අවිජ්ජා, ආරම්භ, නික්ඛම, පරක්කම ධාතු ධම්ම ධාතුමය.

හීනමජ‍්ඣිමපණීතධාතුයො අට‍්ඨාරසධාතුමත‍්තමෙව. හීනා හි චක‍්ඛාදයො හීනධාතු. මජ‍්ඣිමපණීතා චක‍්ඛාදයො මජ‍්ඣිමා චෙව පණීතා ච ධාතූ. නිප‍්පරියායෙන පන අකුසලා ධම‍්මධාතුමනොවිඤ‍්ඤාණධාතුයො හීනධාතු. ලොකියා කුසලාබ්‍යාකතා උභොපි චක‍්ඛුධාතුආදයො ච මජ‍්ඣිමධාතු. ලොකුත‍්තරා පන ධම‍්මධාතුමනොවිඤ‍්ඤාණධාතුයො පණීතධාතු. පථවීතෙජොවායොධාතුයො ඵොට‍්ඨබ‍්බධාතුයෙව. ආපොධාතු ආකාසධාතු ච ධම‍්මධාතුයෙව. විඤ‍්ඤාණධාතු චක‍්ඛුවිඤ‍්ඤාණාදිසත‍්තවිඤ‍්ඤාණධාතුසඞ‍්ඛෙපොයෙව. සත‍්තරස ධාතුයො ධම‍්මධාතුඑකදෙසො ච සඞ‍්ඛතධාතු. අසඞ‍්ඛතධාතු පන ධම‍්මධාතුඑකදෙසොව. අනෙකධාතුනානාධාතුලොකො පන අට‍්ඨාරසධාතුප‍්පභෙදමත‍්තමෙවාති. ඉති සභාවතො විජ‍්ජමානානං සබ‍්බධාතූනං තදන‍්තොගධත‍්තා අට‍්ඨාරසෙව වුත‍්තාති.

හීන මජ්ඣිම පණීත ධාතු අටළොස් ධාතු මාත්‍රයකි. හීනවූ චක්ඛු ආදිය හීනධාතු වේ. මජ්ඣිම පණීත චක්ඛු ආදිය මජ්ඣිම පණීත ධාතු වේ. නිෂ්පර්යාය වශයෙන් අකුසල ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු හීනධාතු වේ. ලෞකික කුසල අව්‍යාකෘත දෙකද චක්ඛුධාතු ආදියද මජ්ඣිම ධාතු වේ. ලෝකෝත්තර ධම්මධාතු මනෝවිඤ්ඤාණධාතු ප්‍රණීත ධාතු වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතුද ඵොට්ඨබ්බ ආකාස ධාතුද ධම්මධාතුම වේ. විඤ්ඤාණධාතු චක්ඛුවිඤ්ඤාණාදි සත් විඤ්ඤාණ ධාතු සංක්‍ෂෙපයෙන්ම, ධාතු දාහත, ධම්මධාතුවේ ඒකදේසයක් වූ සංඛත ධාතු, ධම්මධාතුවේ ඒකදේසයක් වූ අසංඛත ධාතු, අනේධාතු, නානාධාතු ලෝකය අටළොස්ධාතු මාත්‍රයක්ම යයි ස්වභාවයෙන් ඇති සියළු ධාතු ඊට ඇතුළත් නිසා ධාතු දහඅටක් යයි කියන ලදි.

අපිච විජානනසභාවෙ විඤ‍්ඤාණෙ ජීවසඤ‍්ඤීනං ජීවසඤ‍්ඤාසමූහනත්‍ථම‍්පි අට‍්ඨාරසෙව වුත‍්තා . සන‍්ති හි සත‍්තා විජානනසභාවෙ විඤ‍්ඤාණෙ ජීවසඤ‍්ඤිනො. තෙසං චක‍්ඛුසොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණමනොවිඤ‍්ඤාණධාතුභෙදෙන තස‍්සා අනෙකත‍්තං, චක‍්ඛුරූපාදිපච‍්චයායත‍්තවුත‍්තිතාය අනිච‍්චතඤ‍්ච පකාසෙත්‍වා දීඝරත‍්තානුසයිතං ජීවසඤ‍්ඤං සමූහනිතුකාමෙන භගවතා අට‍්ඨාරස ධාතුයො පකාසිතා. කිඤ‍්ච භිය්‍යො? තථා වෙනෙය්‍යජ‍්ඣාසයවසෙන; යෙ ච ඉමාය නාතිසඞ‍්ඛෙපවිත්‍ථාරාය දෙසනාය වෙනෙය්‍යා සත‍්තා, තදජ‍්ඣාසයවසෙන ච අට‍්ඨාරසෙව පකාසිතා.

තවද විශේෂ දැනීම් ස්වභාව විඤ්ඤාණයෙහි ජීව සංඥා ඇත්තන්ගේ ජීවසංඥාව උදුරා දැමීම සඳහාද ධාතු දහඅටක් කියන ලදි. දැනගැනීම් ස්වභාව විඤ්ඤාණයෙහි ජීවසංඥා සත්ත්වයෝ වෙති. ඔවුන්ගේ චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණධාතු භේදයෙන් එහි නොයෙක් චක්‍ෂුරාදි ප්‍රත්‍යයට අයත් පැවැත්ම හෙයින් අනිත්‍ය බවද ප්‍රකාශකොට දීර්ඝ කාලයක් නිදාසිටි ජීව සංඥාව ඉවත්කරනු කැමති භාග්‍යවතුන් වහන්සේ අටළොස් ධාතු ප්‍රකාශ කළහ.

සඞ‍්ඛෙපවිත්‍ථාරනයෙන තථා තථා හි, ධම‍්මං පකාසයති එස යථා යථාස‍්ස; සද‍්ධම‍්මතෙජවිහතං විලයං ඛණෙන, වෙනෙය්‍යසත‍්තහදයෙසු තමො පයාතීති.

කෙටි විතර නයනුව - දහම් පවසන ලද්දේ විනෙදන හද අඳුර - සෙද වියැකේ මිලින වී

එවමෙත්‍ථ ‘තාවත්‍වතො’ වෙදිතබ‍්බො විනිච‍්ඡයො.

මෙසේ මෙහි තාවත් වශයෙන් විනිස දතයුතුය.

‘සඞ‍්ඛතො’ති චක‍්ඛුධාතු තාව ජාතිතො එකො ධම‍්මොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති චක‍්ඛුපසාදවසෙන. තථා සොතඝානජිව‍්හාකායරූපසද‍්දගන්‍ධරසධාතුයො සොතපසාදාදිවසෙන. ඵොට‍්ඨබ‍්බධාතු පන පථවීතෙජොවායොවසෙන තයො ධම‍්මාති සඞ‍්ඛං ගච‍්ඡති. චක‍්ඛුවිඤ‍්ඤාණධාතු කුසලාකුසලවිපාකවසෙන ද‍්වෙ ධම‍්මාති සඞ‍්ඛං ගච‍්ඡති. තථා සොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණධාතුයො. මනොධාතු පන පඤ‍්චද‍්වාරාවජ‍්ජනකුසලාකුසලවිපාකසම‍්පටිච‍්ඡනවසෙන තයො ධම‍්මාති සඞ‍්ඛං ගච‍්ඡති. ධම‍්මධාතු තිණ‍්ණං අරූපක‍්ඛන්‍ධානං, සොළසන‍්නං සුඛුමරූපානං, අසඞ‍්ඛතාය ච ධාතුයා වසෙන වීසතිධම‍්මාති සඞ‍්ඛං ගච‍්ඡති. මනොවිඤ‍්ඤාණධාතු සෙසකුසලාකුසලාබ්‍යාකතවිඤ‍්ඤාණවසෙන ඡසත‍්තතිධම‍්මාති සඞ‍්ඛං ගච‍්ඡතීති එවමෙත්‍ථ ‘සඞ‍්ඛතො’ වෙදිතබ‍්බො විනිච‍්ඡයො.

සංඛත වශයෙන් චක්ඛුධාතුව ජාති වශයෙන් චක්‍ෂුප්‍රසාද වශයෙන් එක ධර්ම කොටසකට වැටේ. සෝතපසාදාදි වශයෙන් සෝත ඝාන ජිව්හා කාය රූප සද්ද ගන්ධ රස ධාතුද එසේය. ඵොට්ඨබ්බධාතු පඨවි තේජෝ වායෝ වශයෙන් ධර්ම තුනක සංඛ්‍යාවට වැටේ. චක්ඛු විඤ්ඤාණධාතු කුසලාකුසල විපාක වශයෙන් ධර්ම දෙකක සංඛ්‍යාවට වැටේ. සෝත ඝාන ජිව්හා කාය විඤ්ඤාණධාතු ද එසේය. මනෝධාතු පඤ්චද්වාරාවජ්ජන කුසලාකුසල විපාක සම්පටිච්ඡන වශයෙන් ධර්ම තුනක සංඛ්‍යාවකි. ධම්මධාතුව අරූපස්කන්ධ තුන සුඛුමරූප දහසය අසංඛත ධාතුව වශයෙන් ධර්ම විස්සක සංඛ්‍යාවක් වේ. මනෝවිඤ්ඤාණධාතු සෙසු කුසලාකුසල අව්‍යාකෘත විඤ්ඤාණ වශයෙන් ධර්ම හැත්තෑ හයක සංඛ්‍යාවකි. මෙසේ මෙහි සංඛ්‍යා වශයෙන් විනිස දතයුතුය.

‘පච‍්චයා’ති චක‍්ඛුධාතුආදීනං චක‍්ඛුවිඤ‍්ඤාණධාතුආදීසු පච‍්චයතො වෙදිතබ‍්බො විනිච‍්ඡයො. සො පනෙතෙසං පච‍්චයභාවො නිද‍්දෙසවාරෙ ආවි භවිස‍්සති.

ප්‍රත්‍ය යන චක්ඛු ධාතු ආදීන්ගේ චක්ඛු විඤ්ඤාණධාතු ආදියෙහි විනිස දතයුතුය. මේවායේ ප්‍රත්‍යභාවය නිද්දේස වාරයෙහි එන්නේය.

‘දට‍්ඨබ‍්බා’ති දට‍්ඨබ‍්බතොපෙත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බොති අත්‍ථො. සබ‍්බා එව හි සඞ‍්ඛතා ධාතුයො පුබ‍්බන‍්තාපරන‍්තවිවිත‍්තතො, ධුවසුභසුඛත‍්තභාවසුඤ‍්ඤතො, පච‍්චයායත‍්තවුත‍්තිතො ච දට‍්ඨබ‍්බා. විසෙසතො පනෙත්‍ථ භෙරිතලං විය චක‍්ඛුධාතු දට‍්ඨබ‍්බා, දණ‍්ඩො විය රූපධාතු, සද‍්දො විය චක‍්ඛුවිඤ‍්ඤාණධාතු . තථා ආදාසතලං විය චක‍්ඛුධාතු, මුඛං විය රූපධාතු, මුඛනිමිත‍්තං විය චක‍්ඛුවිඤ‍්ඤාණධාතු. අථ වා උච‍්ඡුතිලානි විය චක‍්ඛුධාතු, යන‍්තචක‍්කයට‍්ඨි විය රූපධාතු, උච‍්ඡුරසතෙලානි විය චක‍්ඛුවිඤ‍්ඤාණධාතු. තථා අධරාරණී විය චක‍්ඛුධාතු, උත‍්තරාරණී විය රූපධාතු, අග‍්ගි විය චක‍්ඛුවිඤ‍්ඤාණධාතු. එස නයො සොතධාතුආදීසුපි.

දට්ඨබ්බ යනු දට්ඨබ්බ වශයෙන් විනිස දතයුතුය. මේ සියළු සංඛත ධාතුවල පෙරපර වශයෙන් වෙන්වූ ස්ථිර සැප ආත්ම වශයෙන් ශූන්‍ය වූ ප්‍රත්‍යයට අයත් ස්වභාව යයි දතයුතුය. මෙහි විශේෂයෙක් නම් චක්ඛු ධාතුව බෙර ඇසක් මෙන් දැක්කයුතුය. රූපධාතුව ඊට තට්ටුකරන දණ්ඩක් මෙන්. චක්ඛුවිඤ්ඤාණ ධාතුව ඉන් නැගෙන ශබ්දය මෙනි. එසේම චක්ඛුධාතුව කණ්ණාඩියක් මෙනි. රූපධාතුව මුහුණ මෙනි. චක්ඛුවිඤ්ඤාණ ධාතුව මුහුණ නිමිත්ත මෙනි. චක්ඛුධාතුව උක් තල මෙනි. රූපධාතුව යන්ත්‍ර චක්‍රයේ යෂ්ටිය මෙනි. චක්ඛුවිඤ්ඤාණධාතුව උක්පැණි හා තෙල් මෙනි. එසේම චක්ඛුධාතුව යට අරණිය මෙනි. රූපධාතු උඩ අරණිය මෙනි.

මනොධාතු පන යථාසම‍්භවතො චක‍්ඛුවිඤ‍්ඤාණධාතුආදීනං පුරෙචරානුචරා විය දට‍්ඨබ‍්බා. ධම‍්මධාතුයා වෙදනාක‍්ඛන්‍ධො සල‍්ලමිව සූලමිව ච දට‍්ඨබ‍්බො ; සඤ‍්ඤාසඞ‍්ඛාරක‍්ඛන්‍ධා වෙදනාසල‍්ලසූලයොගා ආතුරා විය; පුථුජ‍්ජනානං වා සඤ‍්ඤා ආසාදුක‍්ඛජනනතො රිත‍්තමුට‍්ඨි විය, අයථාභුච‍්චනිමිත‍්තග‍්ගාහකතො වනමිගො විය; සඞ‍්ඛාරා පටිසන්‍ධියං පක‍්ඛිපනතො අඞ‍්ගාරකාසුයං ඛිපනකපුරිසො විය, ජාතිදුක‍්ඛානුබන්‍ධනතො රාජපුරිසානුබන්‍ධචොරා විය, සබ‍්බානත්‍ථාවහස‍්ස ඛන්‍ධසන‍්තානස‍්ස හෙතුතො විසරුක‍්ඛබීජානි විය; රූපං නානාවිධූපද‍්දවනිමිත‍්තතො ඛුරචක‍්කං විය දට‍්ඨබ‍්බං.

චක්ඛුවිඤ්ඤාණ ධාතුව ආදියේ පෙර පසු හැසිරීම මෙන් දතයුතුය. ධම්මධාතුවේ වේදනා ස්කන්ධය ඊය මෙන් උල මෙන් දතයුතුය. සඤ්ඤා සංඛාර ස්කන්ධ ඊට උල ඇනුණු ආතුරයා මෙන්ද සඤ්ඤාව ආසා දුක් ඉපදවීමෙන් හිස් මිටක් මෙන්ද අයථාකාර නිමිති ගැනීමෙන් වන මුවකු මෙන්ද සංස්කාරය පටිසන්ධි ඇතිකරන බැවින් ගිනිඅඟුරු වලක බහාලන පුරුෂයකු මෙන්ද දුකින් අනුබඳනා හෙයින් රාජපුරුෂයින් ලුහුබඳින සොරකු මෙන් සියළු අනර්ථ ගෙනදෙන ස්කන්ධ සන්තාන හේතුවෙන් විෂවෘක්‍ෂ බීජයන් මෙන්ද රූපය විවිධ උපද්‍රවවල නිමිති හෙයින් ක්‍ෂුර චක්‍රයක් මෙන් දැක්කයුතුය.

අසඞ‍්ඛතා පන ධාතු අමතතො සන‍්තතො ඛෙමතො ච දට‍්ඨබ‍්බා. කස‍්මා? සබ‍්බානත්‍ථපටිපක‍්ඛභූතත‍්තා. මනොවිඤ‍්ඤාණධාතු ගහිතාරම‍්මණං මුඤ‍්චිත්‍වාපි අඤ‍්ඤං ගහෙත්‍වාව පවතනතො වනමක‍්කටො විය, දුද‍්දමනතො අස‍්සඛළුඞ‍්කො විය, යත්‍ථකාමනිපාතිතො වෙහාසං ඛිත‍්තදණ‍්ඩො විය, ලොභදොසාදිනානප‍්පකාරකිලෙසයොගතො රඞ‍්ගනටො විය දට‍්ඨබ‍්බොති.

අසංඛතධාතු අමෘතය මෙන් ශාන්තිය මෙන් අභය ස්ථානයක් මෙන්ද දතයුතුය. කුමක් නිසාද? සියළු අනර්ථවලට ප්‍රතිපක්‍ෂ බැවිනි. මනෝවිඤ්ඤාණ ධාතුව ගත් අරමුණ හැර වෙනකක් ගෙන පවත්වන බැවින් වන වඳුරකු මෙන්ද දුර්දමනය වූ වල් අසකු මෙන්ද අහසට දැමූ දණ්ඩක් කැමති සේ පතිත වන්නාක් මෙන් ලෝභ දෝසාදි නා නා ප්‍රකාර කෙලෙස් බැඳීම්වලින් නටන නළුවකු මෙන් දතයුතුය.

නිද‍්දෙසවාරෙ චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ චාති ඉදඤ‍්ච ද‍්වයං පටිච‍්ච අඤ‍්ඤඤ‍්ච කිරියාමනොධාතුඤ‍්චෙව සම‍්පයුත‍්තඛන්‍ධත‍්තයඤ‍්චාති අත්‍ථො. චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා හි චක‍්ඛු නිස‍්සයපච‍්චයො හොති, රූපං ආරම‍්මණපච‍්චයො, කිරියමනොධාතු විගතපච‍්චයො, තයො අරූපක‍්ඛන්‍ධා සහජාතපච‍්චයො. තස‍්මා එසා චක‍්ඛුවිඤ‍්ඤාණධාතු ඉමෙ චත‍්තාරො පටිච‍්ච උප‍්පජ‍්ජති නාම. සොතඤ‍්ච පටිච‍්චාතිආදීසුපි එසෙව නයො.

නිද්දේස වාරයෙහි චක්ඛුඤ්ච පටිච්ච රූපෙච මෙයද දෙකක් නිසා අනිකක්ද කිරිය මනෝ ධාතුවද ස්කන්ධ තුනද යන අර්ථයෙනි. චක්ඛු විඤ්ඤාණ ධාතුවේ ඇස නිශ්‍රය ප්‍රත්‍ය වේ. රූපය ආරම්මණ ප්‍රත්‍ය වේ. කිරිය මනෝධාතුව විගත ප්‍රත්‍ය වේ. අරූප ස්කන්ධ තුන සහජාත ප්‍රත්‍ය වේ. එනිසා මේ චක්ඛුවිඤ්ඤාණ ධාතුව මේ ප්‍රත්‍ය සතර නිසා උපදී. සොතඤ්ච පටිච්චාති ආදියෙහිද මෙම නයයි.

නිරුද‍්ධසමනන‍්තරාති නිරුද‍්ධාය සමනන‍්තරා. තජ‍්ජා මනොධාතූති තස‍්මිං ආරම‍්මණෙ ජාතා කුසලාකුසලවිපාකතො දුවිධා මනොධාතු සම‍්පටිච‍්ඡනකිච‍්චා. සබ‍්බධම‍්මෙසු වා පන පඨමසමන‍්නාහාරොති එතෙසු චක‍්ඛුවිඤ‍්ඤාණාදීසු සබ‍්බධම‍්මෙසු උප‍්පජ‍්ජමානෙසු පඨමසමන‍්නාහාරො; චක‍්ඛුවිඤ‍්ඤාණධාතුආදීනං වා ආරම‍්මණසඞ‍්ඛාතෙසු සබ‍්බධම‍්මෙසු පඨමසමන‍්නාහාරොති අයමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. එතෙන පඤ‍්චද‍්වාරාවජ‍්ජනකිච‍්චා කිරියමනොධාතු ගහිතාති වෙදිතබ‍්බා.

නිරුද්ධ සමනන්තරාති පැවැත්ම නැවතුණු පසු. තජ්ජාමනොධාතු ඒ අරමුණෙහි ඇතිවූ කුසලා කුසල විපාක වශයෙන් දෙයාකාර මනෝධාතු සම්පටිච්ඡන කෘත්‍යය. සබ්බධම්මෙසු වා පන පඨම සමන්නාහාරො මේ චක්ඛුවිඤ්ඤාණාදි සියළු ධර්ම උපදින කාලයෙහි පළමු එකඟ කිරීමයි. චක්ඛුවිඤ්ඤාණ ධාතු ආදීන්ගේ හෝ අරමුණු සංඛ්‍යාත සියළු ධර්මවල පළමුවන යොමු කිරීමය යන මේ අර්ථය ගතයුතුය. මේවායින් පංචද්වාරාවජ්ජන කෘත්‍ය කිරියමනෝධාතු ගන්නාලදැයි දතයුතුය.

මනොධාතුයාපි උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධසමනන‍්තරාති එත්‍ථ පි-කාරො සම‍්පිණ‍්ඩනත්‍ථො. තස‍්මා මනොධාතුයාපි මනොවිඤ‍්ඤාණධාතුයාපීති අයමෙත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. තෙන යා ච විපාකමනොධාතුයා උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධාය සමනන‍්තරා උප‍්පජ‍්ජති සන‍්තීරණකිච‍්චා විපාකමනොවිඤ‍්ඤාණධාතු, යා ච තස‍්සා උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධාය සමනන‍්තරා උප‍්පජ‍්ජති වොට‍්ඨබ‍්බනකිච‍්චා කිරියමනොවිඤ‍්ඤාණධාතු, යා ච තස‍්සා උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධාය සමනන‍්තරා උප‍්පජ‍්ජති ජවනකිච‍්චා මනොවිඤ‍්ඤාණධාතු – තා සබ‍්බාපි කථිතා හොතීති වෙදිතබ‍්බා. මනඤ‍්ච පටිච‍්චාති භවඞ‍්ගමනං. ධම‍්මෙ චාති චතුභූමිකධම‍්මාරම‍්මණං. උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණන‍්ති සහාවජ‍්ජනකං ජවනං නිබ‍්බත‍්තති.

මනෝධාතුයාපි උප්පජ්ජිත්වා නිරුද්ධසමන්තරාති මෙහි ‘පි’ කාරය සම්පිණ්ඩනාර්ථයයි. එහෙයින් මනෝධාතුවද මනෝවිඤ්ඤාණධාතුව යයි මෙහි අර්ථයයි දතයුතුය. එහෙයින් විපාක මනෝධාතුව ඉපදී නිරුද්ධ වූ පසු සන්තීරණ කෘත්‍ය කරන විපාක මනෝවිඤ්ඤාණ ධාතු උපදී. එය නිරුද්ධ වීමෙන් සමනන්තරව වොත්ථපන කෘත්‍ය සිදුකරන කිරියමනෝවිඤ්ඤාණ ධාතුවද ඉපදී නිරුද්ධ වීමෙන් සමනන්තරව ජවන කෘත්‍ය සිදුකරන මනෝ විඤ්ඤාණ ධාතුවද ඉපදී නිරුද්ධ වේ යයි ඒ සියල්ල කියනලදැයි දතයුතුය. මනඤ්ච පටිච්ච භවාංග මනසයි. ධම්මෙ යනු චතුභූමික ධම්මාරම්මණයයි. උප්පජ්ජති මනෝවිඤ්ඤාණං යනු ආවර්ජනය සමග ජවනය ඉපදීමය.

ඉමස‍්මිං පන ඨානෙ හත්‍ථෙ ගහිතපඤ‍්හං නාම ගණ‍්හිංසු. මහාධම‍්මරක‍්ඛිතත්‍ථෙරො කිර නාම දීඝභාණකාභයත්‍ථෙරං හත්‍ථෙ ගහෙත්‍වා ආහ – ‘පටිච‍්චාති නාම ආගතට‍්ඨානෙ ආවජ‍්ජනං විසුං න කාතබ‍්බං, භවඞ‍්ගනිස‍්සිතකමෙව කාතබ‍්බ’න‍්ති. තස‍්මා ඉධ මනොති සහාවජ‍්ජනකං භවඞ‍්ගං. මනොවිඤ‍්ඤාණන‍්ති ජවනමනොවිඤ‍්ඤාණං. ඉමස‍්මිං පන අභිධම‍්මභාජනීයෙ සොළස ධාතුයො කාමාවචරා, ද‍්වෙ චතුභූමිකා ලොකියලොකුත‍්තරමිස‍්සකා කථිතාති.

මේ ස්ථානයෙහි අතගෙන කී ප්‍රශ්නයක් විය. මහා ධම්මරක්ඛිත තෙරුන් වහන්සේ දීඝභානක අභය තෙරුන්ගේ අත ගෙන මෙසේ කීහ. පටිච්ච යයි ආ තැන ආවර්ජනය වෙන් නොකළ යුතුය. භවාංග නිශ්‍රිතයම කළයුතුය. එහෙයින් මෙහි මනස යනු ආවර්ජනා සහිත භවාංග යයි. මනෝවිඤ්ඤාණ යනු ජවන මනෝවිඤ්ඤාණ යයි. මේ අභිධර්ම භාජනියෙහි සෝළසධාතු කාමාවචරය. දෙකක් ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි.

අභිධම‍්මභාජනීයවණ‍්ණනා.

අභිධර්ම භාජනීයයි.