යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා

සූත්‍රාන්ත භාජනීය වර්ණනාව

ඉදානි තදනන‍්තරෙ ආයතනවිභඞ‍්ගනිද‍්දෙසෙ සුත‍්තන‍්තභාජනීයං තාව දස‍්සෙන‍්තො ද‍්වාදසායතනානි චක‍්ඛායතනං රූපායතනන‍්තිආදිමාහ. තත්‍ථ පාළිමුත‍්තකෙන තාව නයෙන –

ඉන් අනතුරුව ආයතන විභංග නිද්දේසයෙහි සූත්‍රාන්ත භාජනීය දක්වන්නේ ද්වාදසායතනානි චක්ඛායතනං රූපායතනං ආදිය කීහ. එහි පාලි මුක්තකයෙහි නය විසින්:-

අත්‍ථලක‍්ඛණතාවත්‍ව, කමසඞ‍්ඛෙපවිත්‍ථාරා; තථා දට‍්ඨබ‍්බතො චෙව, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

අරුත් ලකුණු විසින් - සැකවින් විතර විසිනා දැකගත යුතු එලෙස - විනිස දතයුතු මෙලෙසේ

තත්‍ථ විසෙසතො තාව චක‍්ඛතීති චක‍්ඛු; රූපං අස‍්සාදෙති, විභාවෙති චාති අත්‍ථො. රූපයතීති රූපං; වණ‍්ණවිකාරං ආපජ‍්ජමානං හදයඞ‍්ගතභාවං පකාසෙතීති අත්‍ථො. සුණාතීති සොතං. සප‍්පතීති සද‍්දො; උදාහරියතීති අත්‍ථො. ඝායතීති ඝානං. ගන්‍ධයතීති ගන්‍ධො; අත‍්තනො වත්‍ථුං සූචයතීති අත්‍ථො. ජීවිතං අව‍්හායතීති ජිව‍්හා. රසන‍්ති තං සත‍්තාති රසො; අස‍්සාදෙන‍්තීති අත්‍ථො. කුච‍්ඡිතානං සාසවධම‍්මානං ආයොති කායො. ආයොති උප‍්පත‍්තිදෙසො. ඵුසීයතීති ඵොට‍්ඨබ‍්බං. මනතීති මනො. අත‍්තනො ලක‍්ඛණං ධාරයන‍්තීති ධම‍්මා.

එහි විශේෂයෙන් චක්ඛතීති චක්ඛු රූපය ආශ්වාද කරයි ප්‍රකාශ කරයි යන අර්ථයයි. රූපයතීති රූපං වර්ණ විකාරයට පැමිණෙමින් හදවතට ගියබව ප්‍රකාශ කරතියි යන අර්ථයි. සුණාතීති සොතං ඇසීම සෝතයයි. සප්පතීති ගමන් කෙරේනුයි ශබ්ද වේ. ප්‍රකාශ කරයි යන අර්ථයයි ආඝ්‍රාණය කෙරේනුයි ඝාණං. ගඳ සුවඳ ගෙන දේ යනු ගන්ධො. තමාගේ වස්තු ප්‍රකාශ කරයි යන අර්ථයයි. ජීවිතය කැඳවයි යනු ජිව්හා ය. රස යනු එය තෘප්ත කිරීමයි. ආශ්වාද කෙරේ යන අර්ථයයි. පිළිකුල් වූ ආශ්‍රව ධර්මයන්ගේ පැමිණීම කාය වේ. ආය යනු ඉපදෙන පෙදෙසයි. ස්පර්ශ කෙරේනුයි ඵොට්ඨබ්බ. සිතානුයි මනො. තමාගේ ලක්‍ෂණ දරානුයි ධම්ම.

අවිසෙසතො පන ආයතනතො, ආයානං තනනතො, ආයතස‍්ස ච නයනතො ආයතනන‍්ති වෙදිතබ‍්බං. චක‍්ඛුරූපාදීසු හි තංතංද‍්වාරාරම‍්මණා චිත‍්තචෙතසිකා ධම‍්මා සෙන සෙන අනුභවනාදිනා කිච‍්චෙන ආයතන‍්ති උට‍්ඨහන‍්ති ඝට‍්ටෙන‍්ති වායමන‍්තීති වුත‍්තං හොති. තෙ ච පන ආයභූතෙ ධම‍්මෙ එතානි තනොන‍්ති විත්‍ථාරෙන‍්තීති වුත‍්තං හොති. ඉදඤ‍්ච අනමතග‍්ගෙ සංසාරෙ පවත‍්තං අතීව ආයතං සංසාරදුක‍්ඛං යාව න නිවත‍්තති තාව නයන‍්තෙව, පවත‍්තයන‍්තීති වුත‍්තං හොති. ඉති සබ‍්බෙපි මෙ ධම‍්මා ආයතනතො ආයානං තනනතො ආයතස‍්ස ච නයනතො ‘ආයතනං ආයතන’න‍්ති වුච‍්චන‍්ති.

අවිශේෂයෙන් ආයතනයෙන් ඉපදීම ඇතිකරන නිසා ඇතුළට පමුණුවන නිසා ආයතනයයි දතයුතුය. චක්‍ෂු රූපාදියෙහි ඒ ඒ ද්වාර අරමුණු වූ චිත්ත චෛතසික ධර්ම අනුභව කිරීම් ආදි කෘත්‍යයෙන් ආයතනයයි උපදී ගැටේ වෙහෙසේ යයි කියන ලද්දේ වෙයි. එය වනාහි එකතු වූ ධර්ම මෙයින් කෙරේනුයි විස්තර කෙරේනුයි කියන ලදි. මෙයද කෙළවරක් නැති සසරෙහි පවතින ඉතා පළල් වූ සසර දුක නවත්වන තුරු පමුණුවයි පවත්වයි කියන ලදි. මේ සියළු දහම් ආයතනයෙන් ඉපදීම් ලබන හෙයින් ආයතනයට පමුණුවන හෙයින් ආයතන ආයතනයයි කියනු ලැබේ.

අපිච නිවාසට‍්ඨානට‍්ඨෙන, ආකරට‍්ඨෙන, සමොසරණට‍්ඨානට‍්ඨෙන , සඤ‍්ජාතිදෙසට‍්ඨෙන, කාරණට‍්ඨෙන ච ආයතනං වෙදිතබ‍්බං. තථා හි ලොකෙ “ඉස‍්සරායතනං වාසුදෙවායතන”න‍්තිආදීසු නිවාසට‍්ඨානං ආයතනන‍්ති වුච‍්චති . “සුවණ‍්ණායතනං රජතායතන”න‍්තිආදීසු ආකරො. සාසනෙ පන “මනොරමෙ ආයතනෙ සෙවන‍්ති නං විහඞ‍්ගමා”තිආදීසු (අ· නි· 5.38) සමොසරණට‍්ඨානං. “දක‍්ඛිණාපථො ගුන‍්නං ආයතන”න‍්තිආදීසු සඤ‍්ජාතිදෙසො. “තත්‍ර තත්‍රෙව සක‍්ඛිභබ‍්බතං පාපුණාති සති සතිආයතනෙ”තිආදීසු (අ· නි· 5.23) කාරණං.

තවද නිවාස ආකර එක්තැන් කිරීම හටගැනීම දේසය හේතුව යන අර්ථවලින්ද ආයතන දතයුතුය. එසේම ලෝකයෙහි ඊශ්වරායතනය වාසුදේවායතනය යන ආදියෙහි නිවාස ස්ථාන ආයතනයයි කියනු ලැබේ. සුවණ්ණායතන රත්නායතන ආදියෙහි ආකරයයි. සාසනයෙහි මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විභංගමා ආදියෙහි ඒකරාශී වීම්ද දක්ඛිණාපථො ගුන්නං ආයතනං ආදියෙහි ඉපදීමේ දේශයද තත්‍ර තත්‍රෙව සක්ඛි භබ්බතං පාපුණාති සති සති ආයතනෙ ආදියෙහි හේතුවද [පාළි බලන්න]

චක‍්ඛුරූපාදීසු චාපි තෙ තෙ චිත‍්තචෙතසිකා ධම‍්මා නිවසන‍්ති තදායත‍්තවුත‍්තිතායාති චක‍්ඛාදයො නෙසං නිවාසනට‍්ඨානං. චක‍්ඛාදීසු ච තෙ ආකිණ‍්ණා තං නිස‍්සිතත‍්තා තදාරම‍්මණත‍්තා චාති චක‍්ඛාදයො නෙසං ආකරො. චක‍්ඛාදයො ච නෙසං සමොසරණට‍්ඨානං, තත්‍ථ තත්‍ථ වත්‍ථුද‍්වාරාරම‍්මණවසෙන සමොසරණතො. චක‍්ඛාදයො ච නෙසං සඤ‍්ජාතිදෙසො; තං නිස‍්සයාරම‍්මණභාවෙන තත්‍ථෙව උප‍්පත‍්තිතො. චක‍්ඛාදයො ච නෙසං කාරණං, තෙසං අභාවෙ අභාවතොති. ඉති නිවාසට‍්ඨානට‍්ඨෙන, ආකරට‍්ඨෙන, සමොසරණට‍්ඨානට‍්ඨෙන, සඤ‍්ජාතිදෙසට‍්ඨෙන, කාරණට‍්ඨෙනාති ඉමෙහි කාරණෙහි එතෙ ධම‍්මා ‘ආයතනං ආයතන’න‍්ති වුච‍්චන‍්ති. තස‍්මා යථාවුත‍්තෙනත්‍ථෙන චක‍්ඛු ච තං ආයතනඤ‍්චාති චක‍්ඛායතනං…පෙ… ධම‍්මා ච තෙ ආයතනඤ‍්චාති ධම‍්මායතනන‍්ති එවං තාවෙත්‍ථ ‘අත්‍ථතො’ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

චක්‍ෂු ආදියෙහි ඒ ඒ ධර්ම වෙසෙයි. ඒවාට අයත් වෘත්තියෙහි යෙදෙන නිසා චක්‍සු ආදිය ඒවායේ නිවස ස්ථාන වේ. චක්‍ෂු ආදියෙහි ඒ ධර්ම ගැවසීගත් බැවින් නිශ්‍රය හා අරමුණු වූ බැවින් චක්‍ෂු ආදිය ඒවායේ ආකර වේ. චක්‍ෂු ආදිය ඒවායේ එකතුවන තැන එහි වස්තු අරමුණු වශයෙන් එකතුවීමෙන් චක්‍ෂු ආදිය ඒවායේ ඉපදෙන දේශයයි. එය නිශ්‍රය අරමුණු බැවින් එහිම ඉපදීමෙන් ද චක්‍ෂු ආදිය ඒවායේ හේතුව වේ. ඒවායේ අභාවයෙන් අභාවයට පත්වේයයි මෙසේ නිවාස ස්ථාන ආකර එක්කාසුවීම ඉපදීම් දේශය හේතුව යන අර්ථවලින් මේ ධර්මායතන ආයතනයයි කියනු ලැබේ. එසේ හෙයින් කියන ලද අර්ථයෙන් ඇස ද ඒ ආයතන ද චක්ඛායතන වේ. ධර්මය ද ඒ ආයතනය ද ධම්මායතන වේ. මෙසේ අර්ථ වශයෙන් විනිස දතයුතුය.

‘ලක‍්ඛණතො’ති චක‍්ඛාදීනං ලක‍්ඛණතොපෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො. තානි ච පන නෙසං ලක‍්ඛණානි හෙට‍්ඨා රූපකණ‍්ඩනිද‍්දෙසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

ලක්‍ෂණ වශයෙන්ද චක්‍ෂු ආදීන්ගේ මෙහි ලක්‍ෂණ දතයුතු වේ. ඒවායෙහි ලක්‍ෂණ යට රූප කාණ්ඩ නිද්දේසයෙහි කියන ලද නයින් දතයුතුය.

‘තාවත්‍වතො’ති තාවභාවතො. ඉදං වුත‍්තං හොති – චක‍්ඛාදයොපි හි ධම‍්මා එව. එවං සති ධම‍්මායතනමිච‍්චෙව අවත්‍වා කස‍්මා ද‍්වාදසායතනානි වුත‍්තානීති චෙ? ඡ විඤ‍්ඤාණකායුප‍්පත‍්තිද‍්වාරාරම‍්මණවවත්‍ථානතො. ඉධ ඡන‍්නං විඤ‍්ඤාණකායානං ද‍්වාරභාවෙන ආරම‍්මණභාවෙන ච වවත්‍ථානතො අයමෙව තෙසං භෙදො හොතීති ද‍්වාදස වුත‍්තානි. චක‍්ඛුවිඤ‍්ඤාණවීථිපරියාපන‍්නස‍්ස හි විඤ‍්ඤාණකායස‍්ස චක‍්ඛායතනමෙව උප‍්පත‍්තිද‍්වාරං, රූපායතනමෙව චාරම‍්මණං . තථා ඉතරානි ඉතරෙසං. ඡට‍්ඨස‍්ස පන භවඞ‍්ගමනසඞ‍්ඛාතො මනායතනෙකදෙසොව උප‍්පත‍්තිද‍්වාරං, අසාධාරණඤ‍්ච ධම‍්මායතනං ආරම‍්මණන‍්ති . ඉති ඡන‍්නං විඤ‍්ඤාණකායානං උප‍්පත‍්තිද‍්වාරාරම‍්මණවවත්‍ථානතො ද‍්වාදස වුත‍්තානීති. එවමෙත්‍ථ ‘තාවත්‍වතො’ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

තාවත්වතො යනු ඒ තාක් වීම් වශයෙන් මෙය කියන ලද්දේ වෙයි. චක්‍ෂු ආදියද ධර්මයෝමය. මෙසේ ඇතිකල්හි ධර්මායතනයයි නොකියා කවර හෙයින් ද්වාදසායතනයයි කියන ලදද? විඤ්ඤාණ කාය සය උප්පත්ති ද්වාර අරමුණු වෙන් කිරීම් වශයෙනි. මෙහි විඤ්ඤාණ කාය සයේ ද්වාර ආරම්මණ භාවයෙන් වෙන් කිරීම් වශයෙන් මෙන්ම බෙදීම් දොළහක් වේයයි කියන ලදි. චක්ඛු විඤ්ඤාණ වීථියට ඇතුළත් චක්ඛු ආයතනයම චක්ඛු උත්පත්ති ද්වාරයයි. රූපායතනයම ද්වාර අරමුණයි. සෙසු ඒවාද එසේය. සවැන්නේ භවාංග මනස සංඛ්‍යාත මනෝ ආයතනයෙහි ඒක දේසයක්ම උත්පත්ති ද්වාරය වේ. ධර්මායතන අරමුණු අසාධාරණ වේ. මෙසේ විඤ්ඤාණ ආයතන සය උත්පත්ති ද්වාර අරමුණු වෙන්වීමෙන් දොළහක් යයි කියන ලදි.

‘කමතො’ති ඉධාපි පුබ‍්බෙ වුත‍්තෙසු උප‍්පත‍්තික‍්කමාදීසු දෙසනාක‍්කමොව යුජ‍්ජති. අජ‍්ඣත‍්තිකෙසු හි ආයතනෙසු සනිදස‍්සනසප‍්පටිඝවිසයත‍්තා චක‍්ඛායතනං පාකටන‍්ති පඨමං දෙසිතං. තතො අනිදස‍්සනසප‍්පටිඝවිසයානි සොතායතනාදීනි. අථ වා දස‍්සනානුත‍්තරියසවනානුත‍්තරියහෙතුභාවෙන බහූපකාරත‍්තා අජ‍්ඣත‍්තිකෙසු චක‍්ඛායතනසොතායතනානි පඨමං දෙසිතානි. තතො ඝානායතනාදීනි තීණි. පඤ‍්චන‍්නම‍්පි ගොචරවිසයත‍්තා අන‍්තෙ මනායතනං. චක‍්ඛාදීනං පන ගොචරත‍්තා තස‍්ස තස‍්ස අනන‍්තරානි බාහිරෙසු රූපායතනාදීනි. අපිච විඤ‍්ඤාණුප‍්පත‍්තිකාරණවවත්‍ථානතොපි අයමෙව තෙසං කමො වෙදිතබ‍්බො. වුත‍්තඤ‍්හෙතං “චක‍්ඛුඤ‍්ච පටිච‍්ච රූපෙ ච උප‍්පජ‍්ජති චක‍්ඛුවිඤ‍්ඤාණං…පෙ… මනඤ‍්ච පටිච‍්ච ධම‍්මෙ ච උප‍්පජ‍්ජති මනොවිඤ‍්ඤාණ”න‍්ති (ම· නි· 3.421) එවං ‘කමතො’පෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

කමතො යන මෙහිද පෙර කියන ලද උත්පත්ති ක්‍රමාදියෙහි දේශනා ක්‍රමයම යෙදේ. ආධ්‍යාත්ම ආයතනවල නිදර්ශන සහිත ගැටීම් සහිත විෂය බැවින් චක්ඛු ආයතනය ප්‍රකටයයි පළමුව දේශනා කරන ලදි. ඉක්බිතිව පෙන්විය නොහැකි ගැටීම් සහිත සෝතාදිය දේශනා කරන ලදි. නොහොත් දැකීමේ ඇසීමේ සෙටබව මුල්වීම හේතුකොටගෙන බොහෝ උපකාර වන බැවින් අජ්ඣත්ත චක්ඛු සොත ආයතන පළමුව දේශනා කරන ලදි. පසුව ඝාණ ආදී ආයතන තුන දේශනා කරන ලදි. ගෝචර විසය පහේ කෙළවර මනායතනයද චක්ඛු ආදීන්ගේ ගොදුරු බැවින් ඒ ඒ අතර රූපාදි ආයතනද දේශනා කරන ලදි. තවද විඤ්ඤාණය උත්පත්ති හේතු නියමයෙන්ද එසේ දේශනා කරන ලදි. මෙය ඒවායෙහි ක්‍රමයයි දතයුතුයයි කියන ලදි. ඇසද රූපයද නිසා චක්ඛු විඤ්ඤාණය උපදී, මනසද දහමද නිසා මනෝ විඤ්ඤාණය උපදීයයි මෙසේ ක්‍රම වශයෙන් මෙහි විනිස දතයුතුය.

‘සඞ‍්ඛෙපවිත්‍ථාරා’ති සඞ‍්ඛෙපතො හි මනායතනස‍්ස චෙව ධම‍්මායතනෙකදෙසස‍්ස ච නාමෙන, තදවසෙසානඤ‍්ච ආයතනානං රූපෙන සඞ‍්ගහිතත‍්තා ද‍්වාදසාපි ආයතනානි නාමරූපමත‍්තමෙව හොන‍්ති.

සංක්‍ෂෙපයෙන් මනායතනයද ධම්මායතනයෙන් එක් කොටසක්ද නාමයෙන් හා සෙසු ආයතන රූපයෙන් යුක්ත බැවින් දොළොස් ආයතන ද නාමරූප පමණක් වේ.

විත්‍ථාරතො පන අජ‍්ඣත‍්තිකෙසු තාව චක‍්ඛායතනං ජාතිවසෙන චක‍්ඛුපසාදමත‍්තමෙව, පච‍්චයගතිනිකායපුග‍්ගලභෙදතො පන අනන‍්තප‍්පභෙදං. තථා සොතායතනාදීනි චත‍්තාරි. මනායතනං තෙභූමකකුසලාකුසලවිපාකකිරියවිඤ‍්ඤාණභෙදෙන එකාසීතිප‍්පභෙදං, වත්‍ථුපටිපදාදිභෙදතො පන අනන‍්තප‍්පභෙදං. රූපගන්‍ධරසායතනානි සමුට‍්ඨානභෙදතො චතුප‍්පභෙදානි, සද‍්දායතනං ද‍්විප‍්පභෙදං. සභාගවිසභාගභෙදතො පන සබ‍්බානිපි අනන‍්තප‍්පභෙදානි. ඵොට‍්ඨබ‍්බායතනං පථවීධාතුතෙජොධාතුවායොධාතුවසෙන තිප‍්පභෙදං, සමුට‍්ඨානතො චතුප‍්පභෙදං, සභාගවිසභාගතො අනෙකප‍්පභෙදං. ධම‍්මායතනං තෙභූමකධම‍්මාරම‍්මණවසෙන අනෙකප‍්පභෙදන‍්ති. එවං සඞ‍්ඛෙපවිත්‍ථාරා විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

විස්තර වශයෙන් අධ්‍යාත්මික චක්ඛු ආයතනය ජාති වශයෙන් චක්‍ෂු ප්‍රසාද මාත්‍රයම වේ. ප්‍රත්‍යය ගති නිකාය පුද්ගල බෙදීම් වශයෙන් අනන්ත ප්‍රභේද ඇත. සෝත ආයතනාදි සතරෙහිද එසේය. මනායතනය ත්‍රෛභූමක කුසල අකුසල විපාක කිරිය විඤ්ඤාණ වශයෙන් අසූඑකක් භේද ඇත. වස්තු ප්‍රතිපදාදි අනන්ත භේද වේ. රූප ගන්ධ රස ආයතන හටගැනීමේ භේද සතරක් වේ. සද්දායතනය භේද දෙකකි. සභාග විසභාග භේදයෙන් සියල්ල අනන්ත භේද වේ. ඵොට්ඨබ්බ ආයතනය පඨවි තේජෝ වායෝ ධාතු වශයෙන් බෙදීම් තුනක් වේ. හටගැනීම් වශයෙන් බෙදීම් සතරක් වේ. සභාග විසභාග වශයෙන් බෙදීම් අනන්ත වේ. ධම්මායතනය ත්‍රෛභූමක ධර්ම අරමුණු වශයෙන් නොයෙක් බෙදීම් වේ. මෙසේ සංක්‍ෂේප විස්තර විනිස දතයුතුය.

‘දට‍්ඨබ‍්බතො’ති එත්‍ථ පන සබ‍්බානෙවෙතානි ආයතනානි අනාගමනතො අනිග‍්ගමනතො ච දට‍්ඨබ‍්බානි. න හි තානි පුබ‍්බෙ උදයා කුතොචි ආගච‍්ඡන‍්ති, නාපි උද‍්ධං වයා කුහිඤ‍්චි ගච‍්ඡන‍්ති; අථ ඛො පුබ‍්බෙ උදයා අප‍්පටිලද‍්ධසභාවානි, උද‍්ධං වයා පරිභින‍්නසභාවානි, පුබ‍්බන‍්තාපරන‍්තවෙමජ‍්ඣෙ පච‍්චයායත‍්තවුත‍්තිතාය අවසානි පවත‍්තන‍්ති. තස‍්මා අනාගමනතො අනිග‍්ගමනතො ච දට‍්ඨබ‍්බානි. තථා නිරීහතො අබ්‍යාපාරතො ච. න හි චක‍්ඛුරූපාදීනං එවං හොති – ‘අහො වත අම‍්හාකං සාමග‍්ගියා විඤ‍්ඤාණං නාම උප‍්පජ‍්ජෙය්‍යා’ති, න ච තානි විඤ‍්ඤාණුප‍්පාදනත්‍ථං ද‍්වාරභාවෙන වත්‍ථුභාවෙන ආරම‍්මණභාවෙන වා ඊහන‍්ති, න බ්‍යාපාරමාපජ‍්ජන‍්ති; අථ ඛො ධම‍්මතාවෙසා යං චක‍්ඛුරූපාදීනං සාමග‍්ගියං චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි සම‍්භවන‍්ති. තස‍්මා නිරීහතො අබ්‍යාපාරතො ච දට‍්ඨබ‍්බානි. අපිච අජ‍්ඣත‍්තිකානි සුඤ‍්ඤගාමො විය දට‍්ඨබ‍්බානි ධුවසුභසුඛත‍්තභාවවිරහිතත‍්තා, බාහිරානි ගාමඝාතකචොරා විය අජ‍්ඣත‍්තිකානං අභිඝාතකත‍්තා. වුත‍්තඤ‍්හෙතං – “චක‍්ඛු, භික‍්ඛවෙ, හඤ‍්ඤති මනාපාමනාපෙහි රූපෙහීති විත්‍ථාරො. අපිච අජ‍්ඣත‍්තිකානි ඡ පාණකා විය දට‍්ඨබ‍්බානි, බාහිරානි තෙසං ගොචරා වියාති. එවම‍්පෙත්‍ථ ‘දට‍්ඨබ‍්බතො’ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයොති.

දට්ඨබ්බතො යන මෙහි නොයෑමෙන් ද නොඒමෙන් ද දතයුතුය. ඒවා පෙර කොහෙන් පහළවී පැමිණියේද නොවේ. නිරුද්ධ වී කොහේ යනවාද නොවේ. ඒවා ඇතිවී කොහෙන් ආවාද නැතිවී කොහේ යනවාද නොවේ. පෙර පහළවී නොලැබූ ස්වභාවය ක්‍ෂයව බිඳුනු ස්වභාවය පෙරඅපර මැද ප්‍රත්‍යයේ පැවතීමේ ස්වභාවය අවසානයට පැමිණේ. එහෙයින් නොයෑම නොඒම වශයෙන් දතයුතුය. අකම්ප්‍ය හා අව්‍යාපාර වශයෙන්ද එසේය. චක්ඛු රූපාදිය එසේ නොවේ. අපගේ සමගියෙන් විඤ්ඤාණය නම් උපදින්නේය. විඤ්ඤාණයේ ඉපදීම පිණිස ඒවා වස්තු ද්වාර ආරම්මණභාවයෙන් විතර්ක නොකෙරේ. ව්‍යාපාරවලට නොපැමිණේ. චක්ඛු රූපාදියේ සමගියෙන් විඤ්ඤාණාදියෙහි පහළවීම ධර්මතාවකි. ඒ නිසා නිරුත්සාහ වශයෙන් හා අව්‍යාපාර වශයෙන් දතයුතුය. තවද අජ්ඣාතිකාදිය ස්ථිර සැප ආත්ම විරහිත හෙයින් ශූන්‍ය ගමක් මෙන් දැක්ක යුතුය. අජ්ඣත්තිකයන්ගේ ඝාතනයක් නැති බැවින් බාහිර රූපාදිය ගාම ඝාතක සොරෙකු මෙනි. මෙය කියන ලදි. “මහණෙනි, මනාප අමනාප රූපවලින් ඇස නසයි.” තවද අජ්ඣත්තික චක්ඛු ආදිය ප්‍රාණීන් සදෙනෙකු මෙන් දැකිය යුතුය. බාහිර රූපාදිය ඔවුන්ගේ ගොදුරු මෙනි. මෙසේ මෙහි දැකීමෙන් විනිස දතයුතුය.

ඉදානි තෙසං විපස‍්සිතබ‍්බාකාරං දස‍්සෙතුං චක‍්ඛුං අනිච‍්චන‍්තිආදි ආරද‍්ධං. තත්‍ථ චක‍්ඛු තාව හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චන‍්ති වෙදිතබ‍්බං. අපරෙහිපි චතූහි කාරණෙහි අනිච‍්චං – උප‍්පාදවයවන‍්තතො, විපරිණාමතො, තාවකාලිකතො, නිච‍්චපටික‍්ඛෙපතොති.

දැන් ඔවුන් දැකිය යුතු ආකාරය දැක්වීමට චක්ඛුං අනිච්චං ආදිය ඇරඹූහ. එහි ඇස පැවත අභාවයට යන අර්ථයෙන් අනිත්‍යයයි දතයුතුය. තවත් කරුණු සතරකින් අනිත්‍ය වේ. ඉපදීම, නැතිවීම, වෙනස්වීම, තාවකාලිකවීම, නිතර ප්‍රතික්‍ෂේප කිරීම යනුවෙනි.

තදෙව පටිපීළනට‍්ඨෙන දුක‍්ඛං. යස‍්මා වා එතං උප‍්පන‍්නං ඨිතිං පාපුණාති, ඨිතියං ජරාය කිලමති, ජරං පත්‍වා අවස‍්සං භිජ‍්ජති; තස‍්මා අභිණ‍්හසම‍්පටිපීළනතො, දුක‍්ඛමතො, දුක‍්ඛවත්‍ථුතො, සුඛපටික‍්ඛෙපතොති ඉමෙහි චතූහි කාරණෙහි දුක‍්ඛං.

එයම පෙරළීම් අර්ථයෙන් දුක් වේ. එය ඉපිද පැවතීම ජරාවෙන් පෙළයි. ජරාවට අවශ්‍යයෙන් බිඳේ. එනිසා නිතර පීඩනයෙන් දුකෙන් දුක් වස්තුවෙන් සැප අත්හැරවීමෙන් යන මේ කරුණු සතරින්ද දුක් වේ.

අවසවත‍්තනට‍්ඨෙන පන අනත‍්තා. යස‍්මා වා එතං උප‍්පන‍්නං ඨිතිං මා පාපුණාතු, ඨානප‍්පත‍්තං මා ජිරතු, ජරප‍්පතං මා භිජ‍්ජතූති ඉමෙසු තීසු ඨානෙසු කස‍්සචි වසවත‍්තිභාවො නත්‍ථි, සුඤ‍්ඤං තෙන වසවත‍්තනාකාරෙන; තස‍්මා සුඤ‍්ඤතො, අස‍්සාමිකතො, අකාමකාරියතො, අත‍්තපටික‍්ඛෙපතොති ඉමෙහි චතූහි කාරණෙහි අනත‍්තා.

වසඟ නොවී පවතින අර්ථයෙන් අනාත්ම වේ. මෙය ඉපදී ඨිතියට නොපැමිණේවායි ඨිතියට පැමිණ නොදිරාවයි ජරාවට පැමිණ නොබිඳේවායි තමා කැමති සේ පැවතීමක් නැත. ඒ වසඟව නොපවත්නා ආකාරයෙන් ශූන්‍ය වේ. එනිසා ශූන්‍යයෙන් අස්වාමික භාවයෙන් නොකැමති දේ කිරීමෙන් තමා ප්‍රතික්‍ෂෙප කිරීමෙන් යන මේ කරුණු සතරින් අනාත්ම වේ.

විභවගතිකතො , පුබ‍්බාපරවසෙන භවසඞ‍්කන‍්තිගමනතො, පකතිභාවවිජහනතො ච විපරිණාමධම‍්මං. ඉදං අනිච‍්චවෙවචනමෙව. රූපා අනිච‍්චාතිආදීසුපි එසෙව නයො. අපිචෙත්‍ථ ඨපෙත්‍වා චක‍්ඛුං තෙභූමකධම‍්මා අනිච‍්චා, නො චක‍්ඛු. චක‍්ඛු පන චක‍්ඛු චෙව අනිච‍්චඤ‍්ච. තථා සෙසධම‍්මා දුක‍්ඛා, නො චක‍්ඛු. චක‍්ඛු පන චක‍්ඛු චෙව දුක‍්ඛඤ‍්ච. සෙසධම‍්මා අනත‍්තා, නො චක‍්ඛු. චක‍්ඛු පන චක‍්ඛු චෙව අනත‍්තා චාති. රූපාදීසුපි එසෙව නයො.

භව විනාශයෙන් පෙරඅපර වශයෙන් භව සංක්‍රමණ ගමන වශයෙන් ප්‍රකෘතිභාවය අත්හැරීමෙන් වෙනස්වන ස්වභාවය ඇති මෙය අනිත්‍යයට පර්යාය වචනයකි. රූපය අනිත්‍යය ආදියෙහිද මෙය නියමයමයි. ඇස හැර ත්‍රෛභූමක ධර්ම අනිත්‍ය වේ. ඇස නොවේ. ඇස වනාහි ඇසම අනිත්‍ය වේ. එසේම සෙසු ධර්ම දුක් වේ. ඇස නොවේ. ඇස වනාහි ඇසම දුක් වේ. සෙසු ධර්ම අනාත්ම වේ. ඇස නොවේ. ඇස වනාහි ඇසම අනාත්ම වේ. රූපාදියෙහිද මෙම නයයි.

ඉමස‍්මිං පන සුත‍්තන‍්තභාජනීයෙ තථාගතෙන කිං දස‍්සිතන‍්ති? ද‍්වාදසන‍්නං ආයතනානං අනත‍්තලක‍්ඛණං. සම‍්මාසම‍්බුද‍්ධො හි අනත‍්තලක‍්ඛණං දස‍්සෙන‍්තො අනිච‍්චෙන වා දස‍්සෙති, දුක‍්ඛෙන වා, අනිච‍්චදුක‍්ඛෙහි වා. තත්‍ථ “චක‍්ඛු, අත‍්තාති යො වදෙය්‍ය, තං න උපපජ‍්ජති. චක‍්ඛුස‍්ස උප‍්පාදොපි වයොපි පඤ‍්ඤායති. යස‍්ස ඛො පන උප‍්පාදොපි වයොපි පඤ‍්ඤායති ‘අත‍්තා මෙ උප‍්පජ‍්ජති ච වෙති චා’ති ඉච‍්චස‍්ස එවමාගතං හොති. තස‍්මා තං න උපපජ‍්ජති – චක‍්ඛු අත‍්තාති යො වදෙය්‍ය ඉති චක‍්ඛු අනත‍්තා”ති (ම· නි· 3.422). ඉමස‍්මිං සුත‍්තෙ අනිච‍්චෙන අනත‍්තලක‍්ඛණං දස‍්සෙසි. “රූපං, භික‍්ඛවෙ, අනත‍්තා. රූපඤ‍්ච හිදං, භික‍්ඛවෙ, අත‍්තා අභවිස‍්ස, න යිදං රූපං ආබාධාය සංවත‍්තෙය්‍ය; ලබ‍්භෙථ ච රූපෙ – එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසීති. යස‍්මා ච ඛො, භික‍්ඛවෙ, රූපං අනත‍්තා තස‍්මා රූපං ආබාධාය සංවත‍්තති; න ච ලබ‍්භති රූපෙ – එවං මෙ රූපං හොතු, එවං මෙ රූපං මා අහොසී”ති (සං· නි· 3.59; මහාව· 20) ඉමස‍්මිං සුත‍්තෙ දුක‍්ඛෙන අනත‍්තලක‍්ඛණං දස‍්සෙසි. “රූපං, භික‍්ඛවෙ, අනිච‍්චං, යදනිච‍්චං තං දුක‍්ඛං, යං දුක‍්ඛං තදනත‍්තා, යදනත‍්තා තං නෙතං මම, නෙසොහමස‍්මි, න මෙසො අත‍්තා”තිආදීසු (සං· නි· 3.15) අනිච‍්චදුක‍්ඛෙහි අනත‍්තලක‍්ඛණං දස‍්සෙසි. කස‍්මා? අනිච‍්චදුක‍්ඛානං පාකටත‍්තා.

මේ සූත්‍රාන්ත භාජනියෙහි තථාගතයන් වහන්සේ කුමක් දක්වන සේක්ද? දොළොස් ආයතනයන්ගේ අනිත්‍ය ලක්‍ෂණයයි. සම්මා සම්බුදුන් වහන්සේ අනාත්ම ලක්‍ෂණය දක්වන්නේ අනිත්‍යයෙන් හෝ දක්වති. දුක්ඛයෙන් හෝ දක්වති. අනිත්‍ය හා දුක්ඛයෙන් හෝ දක්වති. එහි “මහණෙනි, ඇස ආත්මයයි යමෙක් කියයිද එය එසේ නොවේ. ඇසේ ඉපදීම හා අභාවයද පෙනේ. යමක ඉපදීමද අභාවයද පෙනේ නම් මගේ ආත්මය උපදීද නැද්දැයි හේ විපිලිසර බවට පත්වේ. එනිසා ආත්මය නූපදී.” මේ සූත්‍රයෙන් අනිත්‍යයෙන් අනාත්මය දැක්වූහ. “මහණෙනි, මේ රූපය අනාත්ම වේ. මහණෙනි, මේ රූපය ආත්ම වන්නේ නම් ආබාධ පිණිස නොපවතින්නේය. මේ රූපය මෙසේ වේ. මේ රූපය මෙසේ යයි ලැබෙන්නේද? නැත. මහණෙනි, රූපය අනාත්ම වේ. ඒ නිසා ආබාධ පිණිස පවතී. “මේ සූත්‍රයෙන් දුකෙන් ආත්ම ලක්‍ෂණ දැක්වූහ. “මහණෙනි, රූපය අනිත්‍ය වේ. යමක් අනිත්‍ය නම් එය දුක් වේ. යමක් දුක් නම් එය අනාත්ම වේ. යමක් අනාත්ම නම් එය මගේ එය මම නොවෙමි. එය මගේ ආත්මය නොවේ.” ආදියෙහි අනිත්‍ය හා දුක්ඛයෙන් අනාත්ම ලක්‍ෂණය දැක්වූහ. කුමක් හෙයින්ද? අනිත්‍ය දුක්ඛ ප්‍රකට බැවිනි.

හත්‍ථතො හි තට‍්ටකෙ වා සරකෙ වා කිස‍්මිඤ‍්චිදෙව වා පතිත්‍වා භින‍්නෙ ‘අහො අනිච‍්ච’න‍්ති වදන‍්ති. එවං අනිච‍්චං පාකටං නාම. අත‍්තභාවස‍්මිං පන ගණ‍්ඩපිළකාදීසු වා උට‍්ඨිතාසු ඛාණුකණ‍්ටකාදීහි වා විද‍්ධාසු ‘අහො දුක‍්ඛ’න‍්ති වදන‍්ති. එවං දුක‍්ඛං පාකටං නාම. අනත‍්තලක‍්ඛණං අපාකටං අන්‍ධකාරං අවිභූතං දුප‍්පටිවිජ‍්ඣං දුද‍්දීපනං දුප‍්පඤ‍්ඤාපනං . අනිච‍්චදුක‍්ඛලක‍්ඛණානි උප‍්පාදා වා තථාගතානං අනුප‍්පාදා වා පඤ‍්ඤායන‍්ති. අනත‍්තලක‍්ඛණං විනා බුද‍්ධුප‍්පාදා න පඤ‍්ඤායති, බුද‍්ධුප‍්පාදෙයෙව පඤ‍්ඤායති. මහිද‍්ධිකා හි මහානුභාවා තාපසපරිබ‍්බාජකා සරභඞ‍්ගසත්‍ථාරාදයොපි ‘අනිච‍්චං දුක‍්ඛ’න‍්ති වත‍්තුං සක‍්කොන‍්ති, ‘අනත‍්තා’ති වත‍්තුං න සක‍්කොන‍්ති. සචෙ හි තෙ සම‍්පත‍්තපරිසාය අනත‍්තාති වත‍්තුං සක‍්කුණෙය්‍යුං, සම‍්පත‍්තපරිසාය මග‍්ගඵලපටිවෙධො භවෙය්‍ය. අනත‍්තලක‍්ඛණපඤ‍්ඤාපනඤ‍්හි අඤ‍්ඤස‍්ස කස‍්සචි අවිසයො, සබ‍්බඤ‍්ඤුබුද‍්ධානමෙව විසයො. එවමෙතං අනත‍්තලක‍්ඛණං අපාකටං. තස‍්මා සත්‍ථා අනත‍්තලක‍්ඛණං දස‍්සෙන‍්තො අනිච‍්චෙන වා දස‍්සෙසි, දුක‍්ඛෙන වා, අනිච‍්චදුක‍්ඛෙහි වා. ඉධ පන තං අනිච‍්චදුක‍්ඛෙහි දස‍්සෙසීති වෙදිතබ‍්බං.

තැටියක් හෝ කෝප්පයක් හෝ කිසිදෙයක් අතින් ගිලිහී වැටුණුවිට අහෝ අනිත්‍යයයි කියති. මෙසේ අනිත්‍ය ප්‍රකටය. ශරීරයෙහි ගඩු බිබිලි නැගුණුවිට කනු කටු ඇනුණුවිට අහෝ දුකයයි කියති. මෙසේ දුක ප්‍රකටය. අනාත්ම ලක්‍ෂණය වනාහි අප්‍රකටය. අඳුරුය. අවිභූතය. දැනගැනීමට අපහසුය. දැක්වීමට අපහසුය. පැණවීමට අපහසුය. බුදුවරුන් නැත්නම් අනාත්ම ලක්‍ෂණය නොපෙනේ. බුද්ධෝත්පාදයෙහිම පෙනේ. මහත් සෘද්ධි ඇති මහත් ආනුභාව ඇති තාපස පරිබ්‍රාජකයෝද සරභංග ස්ථවිර ආදීහුද අනිත්‍ය දුක්ඛ දෙසීමට සමත් වෙති. අනාත්මය දෙසීමට අසමත් වෙති. පැමිණි පිරිසට අනාත්මය දේශනා කිරීමට ඔවුන්ට හැකි වේනම් පැමිණි පිරිසට මාර්ගඵල අවබෝධ වන්නේය. අනාත්ම ලක්‍ෂණය පැවසීම අන් කිසිවෙකුට විෂය නොවේ. සර්වඥ බුදුවරයන්ටම විෂය වේ. මෙසේ මේ අනාත්ම ලක්‍ෂණය අප්‍රකටය. ඒ නිසා ශාස්තෲන් වහන්සේ අනාත්ම ලක්‍ෂණය දක්වන්නේ අනිත්‍යයෙන් හෝ දුක්ඛයෙන් හෝ අනිත්‍ය හා දුක්ඛයෙන් හෝ දක්වතියි දැනගත යුතුය.

ඉමානි පන ලක‍්ඛණානි කිස‍්ස අමනසිකාරා අප‍්පටිවෙධා, කෙන පටිච‍්ඡන‍්නත‍්තා, න උපට‍්ඨහන‍්ති? අනිච‍්චලක‍්ඛණං තාව උදයබ‍්බයානං අමනසිකාරා අප‍්පටිවෙධා, සන‍්තතියා පටිච‍්ඡන‍්නත‍්තා, න උපට‍්ඨාති. දුක‍්ඛලක‍්ඛණං අභිණ‍්හසම‍්පටිපීළනස‍්ස අමනසිකාරා අප‍්පටිවෙධා, ඉරියාපථෙහි පටිච‍්ඡන‍්නත‍්තා, න උපට‍්ඨාති. අනත‍්තලක‍්ඛණං නානාධාතුවිනිබ‍්භොගස‍්ස අමනසිකාරා අප‍්පටිවෙධා, ඝනෙන පටිච‍්ඡන‍්නත‍්තා, න උපට‍්ඨාති. උදයබ‍්බයං පන පරිග‍්ගහෙත්‍වා සන‍්තතියා විකොපිතාය අනිච‍්චලක‍්ඛණං යාථාවසරසතො උපට‍්ඨාති. අභිණ‍්හසම‍්පටිපීළනං මනසිකත්‍වා ඉරියාපථෙ උග‍්ඝාටිතෙ දුක‍්ඛලක‍්ඛණං යාථාවසරසතො උපට‍්ඨාති. නානාධාතුයො විනිබ‍්භුජිත්‍වා ඝනවිනිබ‍්භොගෙ කතෙ අනත‍්තලක‍්ඛණං යාථාවසරසතො උපට‍්ඨාති.

මේ ලක්‍ෂණයෝ කුමක් මෙනෙහි නොකිරීමෙන් කුමක් ප්‍රතිවේධ නොකිරීමෙන් කුමකින් වැසී ඇති නිසා නොවැටහේද? අනිත්‍ය ලක්‍ෂණය උදය ව්‍යය මෙනෙහි නොකිරීමෙන් අනවබෝධයෙන් පරම්පරාවෙන් වැසී ඇති බැවින් නොවැටහේ. දුක්ඛ ලක්‍ෂණය නිතර පෙළීමෙන් මෙනෙහි නොකිරීමෙන් අනවබෝධයෙන් ඉරියව්වලින් වැසී ඇති බැවින් නොවැටහේ. උදය ව්‍යය විමසා පැවතීම කඩාබිඳ දැමීමෙන් අනිත්‍ය ලක්‍ෂණය යථාවකාශයෙන් වැටහේ. නිතර පීඩනය මෙනෙහි කිරීමෙන් ඉරියව් මාරු නොකරන කල්හි දුක්ඛ ලක්‍ෂණය යථාවකාශයෙන් වැටහේ. අනාත්ම ලක්‍ෂණය නොයෙක් ධාතු වෙන්වීමෙන් මෙනෙහි නොකිරීමෙන් අනවබෝධයෙන් සමූහයෙන් වැසී ඇති බැවින් නොවැටහේ. නොයෙක් ධාතු වෙන්කොට සමූහය වෙන්කළ කල්හි අනාත්ම ලක්‍ෂණය යථාවකාශයෙන් වැටහේ.

එත්‍ථ ච අනිච‍්චං අනිච‍්චලක‍්ඛණං, දුක‍්ඛං දුක‍්ඛලක‍්ඛණං, අනත‍්තා අනත‍්තලක‍්ඛණන‍්ති අයං විභාගො වෙදිතබ‍්බො. තත්‍ථ අනිච‍්චන‍්ති ඛන්‍ධපඤ‍්චකං. කස‍්මා? උප‍්පාදවයඤ‍්ඤථත‍්තභාවා, හුත්‍වා අභාවතො වා; උප‍්පාදවයඤ‍්ඤථත‍්තං අනිච‍්චලක‍්ඛණං, හුත්‍වා අභාවසඞ‍්ඛාතො ආකාරවිකාරො වා. “යදනිච‍්චං තං දුක‍්ඛ”න‍්ති වචනතො පන තදෙව ඛන්‍ධපඤ‍්චකං දුක‍්ඛං. කස‍්මා? අභිණ‍්හසම‍්පටිපීළනතො; අභිණ‍්හසම‍්පටිපීළනාකාරො දුක‍්ඛලක‍්ඛණං. “යං දුක‍්ඛං තං අනත‍්තා”ති පන වචනතො තදෙව ඛන්‍ධපඤ‍්චකං අනත‍්තා. කස‍්මා? අවසවත‍්තනතො; අවසවත‍්තනාකාරො අනත‍්තලක‍්ඛණං. ඉති අඤ‍්ඤදෙව අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා, අඤ‍්ඤානි අනිච‍්චදුක‍්ඛානත‍්තලක‍්ඛණානි. පඤ‍්චක‍්ඛන්‍ධා, ද‍්වාදසායතනානි, අට‍්ඨාරස ධාතුයොති ඉදඤ‍්හි සබ‍්බම‍්පි අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා නාම. වුත‍්තප‍්පකාරාකාරවිකාරා අනිච‍්චදුක‍්ඛානත‍්තලක‍්ඛණානීති.

අනිත්‍යය අනිත්‍ය ලක්‍ෂණය දුක දුක්ඛ ලක්‍ෂණය අනාත්මය අනත්ත ලක්‍ෂණය යන මෙම විභාගය දතයුතුය. එහි අනිත්‍ය යනු ස්කන්‍ධ පංචකයයි. කුමක් හෙයින්ද? ඉපද ව්‍යයයව අනන තත්ත්වයට පත්ව අභාවයට යෑමෙන් හෝ ආකාරය වෙනස්වීමෙන් හෝ යමක් අනිත්‍ය නම් එය දුක් යන වචනයෙන් ඒ ස්කන්ධ පංචකයම දුක් වේ. කුමක් හෙයින්ද? නිතර පෙළීමෙන් නිතර පෙළෙන ආකාරය දුක්ඛ ලක්‍ෂණයයි. යමක් දුක නම් එය අනාත්මය වේ යන වචනයෙන් ඒ පංචස්කන්ධයම අනාත්ම වේ. කවර හෙයින්ද? අවසඟ බැවින් අවසඟ වන ආකාරය අනාත්ම ලක්‍ෂණය වේ යන අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. අනිකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ. පංචස්කන්ධය, දොළොස් ආයතන, අටලොස් ධාතු යන මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වේ. කියන ලද ආකාරය වෙනස්වීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්‍ෂණ වේ.

සඞ‍්ඛෙපතො පනෙත්‍ථ දසායතනානි කාමාවචරානි, ද‍්වෙ තෙභූමකානි. සබ‍්බෙසුපි සම‍්මසනචාරො කථිතොති වෙදිතබ‍්බො.

මෙහි සංක්‍ෂෙපයෙන් ආයතන දහයක් කාමාවචරය. දෙකක් ත්‍රෛභූමකය. විමසා බලන සියළු වාර කියන ලදැයි දතයුතුය.

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා.

සූත්‍රාන්ත භාජනීයයි.