6. පරිඤ‍්ඤාවාරො
6. පරිඤ‍්ඤාවාරො
6. පරිඥාවාරය
30. යො දුක‍්ඛසච‍්චං පරිජානාති, සො සමුදයසච‍්චං පජහතීති: ආමන‍්තා. යො වා පන සමුදයසච‍්චං පජහති, සො දුක‍්ඛ සච‍්චං පරිජානාතීති: ආමන‍්තා.
30. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදය සත්‍යය දුරු කෙරේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙරේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: එසේ යි.
යො දුක‍්ඛසච‍්චං න පරිජානාති සො සමුදයසච‍්චං න පජහතීති: ආමන‍්තා. යො වා පන සමුදයසච‍්චං න පජහති සො දුක‍්ඛසච‍්චං න පරිජානාතීති: ආමන‍්තා.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙරේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙරේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: එසේ යි.
පච‍්චුප‍්පන‍්නවාරො.
ප්‍රත්‍යුත්පන්නවාර යි.
31. යො දුක‍්ඛසච‍්චං පරිජානිත්‍ථ සො සමුදයසච‍්චං පජහිත්‍ථාති: ආමන‍්තා. යො වා පන සමුදයසච‍්චං පජහිත්‍ථ සො දුක‍්ඛසච‍්චං පරිජානිත්‍ථාති: ආමන‍්තා.
31. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කෙළේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ ද යත්: එසේ යි.
යො දුක‍්ඛසච‍්චං න පරිජානිත්‍ථ සො සමුදයසච‍්චං න පජහිත්‍ථාති: ආමන‍්තා. යො වා පන සමුදයසච‍්චං න පජහිත්‍ථ සො දුක‍්ඛසච‍්චං න පරිජානිත්‍ථාති: ආමන‍්තා.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ ද යත්: එසේ යි.
අතීතවාරො.
අතීතවාර යි.
32. යො දුක‍්ඛසච‍්චං පරිජානිස‍්සති සො සමුදයසච‍්චං පජහිස‍්සතීති: ආමන‍්තා. යො වා පන සමුදයසච‍්චං පජහිස‍්සති සො දුක‍්ඛසච‍්චං පරිජානිස‍්සතීති: ආමන‍්තා.
32. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දන්නේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දන්නේ ද යත්: එසේ යි.
යො දුක‍්ඛසච‍්චං න පරිජානිස‍්සති සො සමුදයසච‍්චං න පජහිස‍්සතීති: ආමන‍්තා. යො වා පන සමුදයසච‍්චං න පජහිස‍්සති සො දුක‍්ඛසච‍්චං න පරිජානිස‍්සතීති: ආමන‍්තා.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දන්නේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: එසේ යි. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දන්නේ ද යත්: එසේ යි.
අනාගතවාරො.
අනාගතවාර යි.
33. යො දුක‍්ඛසච‍්චං පරිජානාති සො සමුදයසච‍්චං පජහිත්‍ථාති: නො. යො වා පන සමුදයසච‍්චං පජහිත්‍ථ සො දුක‍්ඛසච‍්චං පරිජානාතීති: නො
33. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කෙළේ ද යත්: නැති. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: නැති.
යො දුක‍්ඛසච‍්චං න පරිජානාති සො සමුදයසච‍්චං න පජහිත්‍ථාති: අරහා දුක‍්ඛසච‍්චං න පරිජානාති, නො ච සමුදයසච‍්චං න පජහිත්‍ථ. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා දුක‍්ඛසච‍්චඤ‍්ච න පරිජානන‍්ති, සමුදයසච‍්චඤ‍්ච න පජහිත්‍ථ. යො වා පන සමුදයසච‍්චං න පජහිත්‍ථ සො දුක‍්ඛසච‍්චං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී සමුදයසච‍්චං න පජහිත්‍ථ, නො ච දුක‍්ඛසච‍්චං න පරිජානාති. අග‍්ගමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අරහන‍්තඤ‍්ච ඨපෙත්‍වා අවසෙසා පුග‍්ගලා සමුදයසච‍්චඤ‍්ච න පජහිත්‍ථ, දුක‍්ඛසච‍්චඤ‍්ච න පරිජානන‍්ති.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ද යත්: අර්‍හත් තෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී, සමුදයසත්‍යය නො ද දුරු නො කෙළේ යි. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා සෙසු පුද්ගලයෝ දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය ද දුරු නො කළාහු ය. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කෙළේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී (පුද්ගල) තෙම සමුදයසත්‍යය දුරු නො කෙළේ ය, දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දනී. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද රහතුන් ද තබා සෙසු පුද්ගලයෝ සමුදයසත්‍යය ද දුරු නො කළාහු ය, දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්.
පච‍්චුප‍්පන‍්නාතීතවාරො.
ප්‍රත්‍යුත්පන්නාතීතවාර යි.
34. යො දුක‍්ඛසච‍්චං පරිජානාති සො සමුදයසච‍්චං පජහිස‍්සතීති නො. යො වා පන සමුදයසච‍්චං පජහිස‍්සති සො දුක‍්ඛසච‍්චං පරිජානාතීති: නො.
34. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: නැති. තවද යමෙක් සමුදයසත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දනී ද යත්: නැති.
යො දුක‍්ඛසච‍්චං න පරිජානාති සො සමුදයසච‍්චං න පජහිස‍්සතීති: යෙ මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ දුක‍්ඛසච‍්චං න පරිජානන‍්ති, නො ච සමුදයසච‍්චං න පජහිස‍්සන‍්ති. අරහා, යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ දුක‍්ඛසච‍්චඤ‍්ච න පරිජානන‍්ති, සමුදයසච‍්චඤ‍්ච න පජහිස‍්සන‍්ති, යො වා පන සමුදයසච‍්චං න පජහිස‍්සති සො දුක‍්ඛසච‍්චං න පරිජානාතීති: අග‍්ගමග‍්ගසමඞ‍්ගී සමුදයසච‍්චං න පජහිස‍්සති, නො ච දුක‍්ඛසච‍්චං න පරිජානාති. අරහා, යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ සමුදයසච‍්චඤ‍්ච න පජහිස‍්සන‍්ති, දුක‍්ඛසච‍්චඤ‍්ච න පරිජානන‍්ති.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුහු දුඃඛසත්‍යය පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය නො ද දුරු නො කරන්නාහු ය. අර්‍හත් තෙමේ ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්, සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. තවද යමෙක් සමුදයසත්‍ය දුරු නොකරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දනී ද යත්: අග්‍රමාර්‍ගසමඞ්ගී තෙමේ සමුදයසත්‍යය දුරු නො කරන්නේ ය. දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දනී. අර්‍හත් තෙමේ ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දනිත්.
පච‍්චුප‍්පන‍්නාගතවාරො.
ප්‍රත්‍යුත්පන්නානාගතවාර යි.
35. යො දුක‍්ඛසච‍්චං පරිජානිත්‍ථ සො සමුදයසච‍්චං පජහිස‍්සතීති: නො. යො වා පන සමුදයසච‍්චං පජහිස‍්සති සො දුක‍්ඛසච‍්චං පරිජානිත්‍ථාති: නො.
35. යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු කරන්නේ ද යත්: නැති. තවද යමෙක් සමුදය සත්‍යය දුරු කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ දත්තේ ද යත්: නැති.
යො දුක‍්ඛසච‍්චං න පරිජානිත්‍ථ සො සමුදයසච‍්චං න පජහිස‍්සතීති: යෙ මග‍්ගං පටිලභිස‍්සන‍්ති තෙ දුක‍්ඛසච‍්චං න පරිජානිත්‍ථ, නො ච තෙ සමුදයසච‍්චං න පජහිස‍්සන‍්ති. අග‍්ගමග‍්ගසමඞ‍්ගී, යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ දුක‍්ඛසච‍්චඤ‍්ච න පරිජානිත්‍ථ, සමුදයසච‍්චඤ‍්ච න පජහිස‍්සන‍්ති. යො වා පන සමුදයසච‍්චං න පජහිස‍්සති සො දුක‍්ඛසච‍්චං න පරිජානිත්‍ථාති, අරහා සමුදයසච‍්චං න පජහිස‍්සති, නො ච දුක‍්ඛසච‍්චං න පරිජානිත්‍ථ. අග‍්ගමග‍්ගසමඞ‍්ගී, යෙ ච පුථුජ‍්ජනා මග‍්ගං න පටිලභිස‍්සන‍්ති තෙ සමුදයසච‍්චඤ‍්ච න පජහිස‍්සන‍්ති, දුක‍්ඛසච‍්චඤ‍්ච න පරිජානිත්‍ථ.
යමෙක් දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ නම් හෙතෙම සමුදයසත්‍යය දුරු නො කරන්නේ ද යත්: යම් කෙනෙක් මාර්‍ගය පිළිලබන්නාහු නම් ඔවුහු දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්හ, ඔවුහු සමුදයසත්‍යය නො ද දුරු නො කරන්නාහු ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දත්හ, සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය. තවද යමෙක් සමුදයසත්‍යය දුරු නො කරන්නේ නම් හෙතෙම දුඃඛසත්‍යය පිරිසිඳ නො දත්තේ ද යත්: අර්‍හත් තෙමේ සමුදයසත්‍යය දුරු නො කරන්නේ ය, දුඃඛසත්‍යය නො ද පිරිසිඳ නො දත්තේ ය. අග්‍රමාර්‍ගසමඞ්ගියා ද යම් ද පෘථග්ජන කෙනෙක් මාර්‍ගය නො පිළිලබන්නාහු නම් ඔවුහු ද සමුදයසත්‍යය ද දුරු නො කරන්නාහු ය, දුඃඛසත්‍යය ද පිරිසිඳ නො දත්හ.
අතීතානාගතවාරො.
අතීතානාගතවාර යි.
පරිඤ‍්ඤාවාරො නිට‍්ඨිතො.
පරිඥාවාර නිමි.
සච‍්චයමකං නිට‍්ඨිතං.
සච්චයමක නිමි.