5. සච්චයමකං අට්ඨකථා
5. සත්‍ය යමක වර්ණනාව
පණ්ණත්තිවාරවණ්ණනා
පණ්ණත්තිවාරවණ්ණනා
ඉදානි තෙයෙව මූලයමකෙ දෙසිතෙ කුසලාදිධම්මෙ සච්චවසෙන සඞ්ගණ්හිත්වා ධාතුයමකානන්තරං දෙසිතස්ස සච්චයමකස්ස වණ්ණනා හොති. තත්ථාපි හෙට්ඨා වුත්තනයෙනෙව පණ්ණත්තිවාරාදයො තයො මහාවාරා අන්තරවාරාදයො ච අවසෙසප්පභෙදා වෙදිතබ්බා. පණ්ණත්තිවාරෙ පනෙත්ථ චතුන්නං සච්චානං වසෙන පදසොධනවාරො, පදසොධනමූලචක්කවාරො, සුද්ධසච්චවාරො, සුද්ධසච්චමූලචක්කවාරොති ඉමෙසු චතූසු වාරෙසු යමකගණනා වෙදිතබ්බා.
දැන් ඒ මූලයමකයෙහි ම දේශනා කරන ලද කුසලාදි ධර්මයන් සත්‍ය වශයෙන් සංග්‍රහකොට ධාතු යමකයට අනතුරුව දේශනා කරන ලද සත්‍ය යමක වර්ණනාව වේ. එහි ද යට කියන ලද නයින්ම පණ්ණත්ති වාරාදි මහාවාර තුන, අන්තරවාරාදි වූ අවසේස ප්‍රභේදද දතයුතුය. මෙහි පණ්ණත්තිවාරයෙහි වනාහි චතුර් සත්‍ය වශයෙන් පදසෝධන වාරය, පදසෝධන මූල චක්කවාරය, සුද්ධ චක්කවාරය, සුද්ධ සච්චමූලචක්කවාරය යයි මේ සතර වාරයෙහි යමක ගණන දතයුතුය.
පණ්ණත්තිවාරනිද්දෙසෙ පන අවසෙසං දුක්ඛසච්චන්ති දුක්ඛවෙදනාය චෙව තණ්හාය ච විනිමුත්තා තෙභූමකධම්මා වෙදිතබ්බා. අවසෙසො සමුදයොති සච්චවිභඞ්ගෙ නිද්දිට්ඨකාමාවචරකුසලාදිභෙදො දුක්ඛසච්චස්ස පච්චයො. අවසෙසො නිරොධොති තදඞ්ගවික්ඛම්භනසමුච්ඡෙදපටිපස්සද්ධිනිරොධො චෙව ඛණභඞ්ගනිරොධො ච. අවසෙසො මග්ගොති “තස්මිං ඛො පන සමයෙ පඤ්චඞ්ගිකො මග්ගො හොති, අට්ඨඞ්ගිකො මග්ගො, මිච්ඡාමග්ගො, ජඞ්ඝමග්ගො, සකටමග්ගො”ති එවමාදිකො.
පණ්ණත්ති වාර නිද්දේසයෙහි වනාහි අවසෙසං දුක්ඛසච්චං දුක්ඛ වේදනාවෙන් මෙන්ම තෘෂ්ණාවෙන් ද විනිර්මුක්ත වූ ත්‍රෛභූමක ධර්ම දතයුතුය. අවසෙසො සමුදයො සත්‍ය විභංගයෙහි නිර්දිෂ්ඨ කාමාවචර කුසලාදි භේද වූ දුක්ඛ සත්‍යයට ප්‍රත්‍ය වේ. අවසෙසො නිරොධො තදංග වික්ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිරෝධය ද ක්ෂණ භංගුර නිරෝධය ද. අවසෙසො මග්ගො ඒ සමයෙහි පංචංගික මාර්ගය වේ. අට්ඨංගික මාර්ගය, මිථ්‍යා මාර්ගය, අඩිපාර, කරත්ත පාර යනාදිය වේ.
පණ්ණත්තිවාරවණ්ණනා.
පවත්තිවාරවණ්ණනා
පවත්තිවාරවණ්ණනා
පවත්තිවාරෙ පනෙත්ථ පච්චුප්පන්නකාලෙ පුග්ගලවාරස්ස අනුලොමනයෙ “යස්ස දුක්ඛසච්චං උප්පජ්ජති, තස්ස සමුදයසච්චං උප්පජ්ජති; යස්ස වා පන සමුදයසච්චං උප්පජ්ජති, තස්ස දුක්ඛසච්චං උප්පජ්ජතී”ති දුක්ඛසච්චමූලකෙහි තීහි, සමුදයසච්චමූලකෙහි ද්වීහි, නිරොධසච්චමූලකෙන එකෙනාති ලබ්භමානඤ්ච අලබ්භමානඤ්ච ගහෙත්වා පාළිවසෙන ඡහි යමකෙහි භවිතබ්බං. තෙසු යස්මා නිරොධස්ස නෙව උප්පාදො, න නිරොධො යුජ්ජති, තස්මා දුක්ඛසච්චමූලකානි සමුදයසච්චමග්ගසච්චෙහි සද්ධිං ද්වෙ, සමුදයසච්චමූලකං මග්ගසච්චෙන සද්ධිං එකන්ති තීණි යමකානි ආගතානි. තස්ස පටිලොමනයෙපි ඔකාසවාරාදීසුපි එසෙව නයො. එවමෙත්ථ සබ්බවාරෙසු තිණ්ණං තිණ්ණං යමකානං වසෙන යමකගණනා වෙදිතබ්බා. අත්ථවිනිච්ඡයෙ පනෙත්ථ ඉදං ලක්ඛණං – ඉමස්ස හි සච්චයමකස්ස පවත්තිවාරෙ නිරොධසච්චං තාව න ලබ්භතෙව. සෙසෙසු පන තීසු සමුදයසච්චමග්ගසච්චානි එකන්තෙන පවත්තියංයෙව ලබ්භන්ති. දුක්ඛසච්චං චුතිපටිසන්ධීසුපි පවත්තෙපි ලබ්භති. පච්චුප්පන්නාදයො පන තයො කාලා චුතිපටිසන්ධීනම්පි පවත්තියාපි වසෙන ලබ්භන්ති. එවමෙත්ථ යං යං ලබ්භති, තස්ස තස්ස වසෙන අත්ථවිනිච්ඡයො වෙදිතබ්බො.
මෙහි පවත්ති වාරයෙහි වනාහි වර්තමාන කාල පුග්ගල වාර අනුලෝම නයෙහි යමෙකුට දුක්ඛ සත්‍යය ඇතිවේද, ඔහුට සමුදය සත්‍යය උපදී. යමෙකුට වනාහි සමුදය සත්‍යය උපදීද ඔහුට දුක්ඛ සත්‍යය උපදී. දුක්ඛ සච්ච මූලකයෙහි තුනකින් සමුදය සත්‍යය මූලකයන් දෙකකින් නිරෝධ සත්‍ය මූලකයෙන් එකකින් ලැබෙන ඒවාද නොලැබෙන ඒවාද ගෙන පෙළ වශයෙන් යමක හයකින් විය යුතුය. ඒවායෙහි නිරෝධයට උප්පාදාය නැත. නිරෝධය නොයෙදේ. එහෙයින් දුක්ඛ සත්යමූලක, සමුදය සත්‍ය මාර්ග සත්‍ය සමගින් දෙකක් ද සමුදය සත්‍ය මූලක මාර්ග සත්‍ය සමග එකකැයි යමක තුනක් ආයේය. එහි පටිලෝම නයෙහි ඕකාස වාරාදියෙහි ද මෙම නයම වේ. මෙසේ මෙහි සියළු වාරවල යමක තුන තුන වශයෙන් යමක ගණන දතයුතුය. මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ ලක්ෂණය සච්ච යමකයේ පවත්ති වාරයෙහි නිරෝධ සත්‍ය තවම නොලැබේ. සෙසු ඒවායේ වනාහි සමුදය සච්ච මග්ග සච්චවල එ්කාන්තයෙන් ම පැවතීමම ලබයි. දුක්ඛ සත්‍යය චුතිපටිසන්ධිවල ද පැවතීමේ ද ලබයි. වර්තමානාදි තුන් කාල චුතිපටිසන්ධිවල ද පැවතීම් වශයෙන් ලබයි. මෙසේ මෙහි යමක් ලබයිද ඒ අනුව අර්ථ විනිශ්චය දතයුතුය.
තත්රිදං නයමුඛං – සබ්බෙසං උපපජ්ජන්තානන්ති අන්තමසො සුද්ධාවාසානම්පි. තෙපි හි දුක්ඛසච්චෙනෙව උපපජ්ජන්ති. තණ්හාවිප්පයුත්තචිත්තස්සාති ඉදං දුක්ඛසච්චසමුදයසච්චෙසු එකකොට්ඨාසස්ස උප්පත්තිදස්සනත්ථං වුත්තං. තස්මා පඤ්චවොකාරවසෙනෙව ගහෙතබ්බං. චතුවොකාරෙ පන තණ්හාවිප්පයුත්තස්ස ඵලසමාපත්තිචිත්තස්ස උප්පාදක්ඛණෙ එකම්පි සච්චං නුප්පජ්ජති. ඉදං ඉධ න ගහෙතබ්බං. තෙසං දුක්ඛසච්චඤ්චාති තස්මිඤ්හි ඛණෙ තණ්හං ඨපෙත්වා සෙසං දුක්ඛසච්චං නාම හොතීති සන්ධායෙතං වුත්තං. මග්ගස්ස උප්පාදක්ඛණෙපි එසෙව නයො. තත්ථ පන රූපමෙව දුක්ඛසච්චං නාම. සෙසා මග්ගසම්පයුත්තකා ධම්මා සච්චවිනිමුත්තා. තෙනෙව කාරණෙන “අරූපෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං උප්පජ්ජති, නො ච තෙසං දුක්ඛසච්චං උප්පජ්ජතී”ති වුත්තං. සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ තණ්හාවිප්පයුත්තචිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථාති තෙසං තස්මිං උපපත්තික්ඛණෙ තණ්හාවිප්පයුත්තචිත්තුප්පත්තික්ඛණෙ චාති එවමෙත්ථ ඛණවසෙන ඔකාසො වෙදිතබ්බො. අඤ්ඤෙසුපි එවරූපෙසු එසෙව නයො. අනභිසමෙතාවීනන්ති චතුසච්චපටිවෙධසඞ්ඛාතං අභිසමයං අප්පත්තසත්තානං. අභිසමෙතාවීනන්ති අභිසමිතසච්චානන්ති. ඉමිනා නයමුඛෙන සබ්බත්ථ අත්ථවිනිච්ඡයො වෙදිතබ්බො.
එහි නයමුඛය මෙසේය. සබ්බෙසං උපපජ්ජන්තානං යටත් පිරිසෙයින් සුද්ධාවාසවල ද ඔව්හු ද දුක්ඛ සත්‍යයෙන් ම උපදිති. තණ්හා විප්පයුත්ත චිත්තස්ස මෙය දුක්ඛ සත්‍යය සමුදය සත්යවල එක් කොටසක උත්පත්ති දැක්වීම සඳහා කියන ලදි. එහෙයින් පංචවෝකාර වශයෙන් ගතයුතුය. සතර වෝකාරයෙහි වනාහි තෘෂ්ණා විප්‍රයුක්ත ඵලසමාපත්ති සිතේ උපන් කෙණෙහි එකම සත්යකුදු නූපදී. මෙය මෙහි නොගත යුතුය. තෙසං දුක්ඛසච්චං එකෙණෙහි තෘෂ්ණාව හැර සෙසු දුක්ඛ සත්‍යය නම් වේයයි සඳහා කියන ලදි. මාර්ගයට ද උපන් කෙණෙහි මෙම නය වේ. එහි වනාහි රූපයම දුක්ඛ සත්‍ය වේ. සෙසු මාර්ග සම්ප්‍රයුක්ත ධර්ම සත්‍යය විනිර්මුක්තය. ඒ කාරණයෙන්ම ආරුප්පෙ මග්ගස්ස උප්පාදක්ඛණෙ තෙසං මග්ගසච්චං උප්පජ්ජති, නො ච තෙසං දුක්ඛ සච්චං උප්පජ්ජතීති වුත්තං, සබ්බෙසං උපපජ්ජන්තානං පවත්තෙ තණ්හා විප්පයුත්ත චිත්තස්ස උප්පාදක්ඛණෙ තෙසං තත්ථ ඔවුන්ගේ උපන් ක්ෂණයෙහි තෘෂ්ණා විප්‍රයුක්ත සිත උපන් කෙණෙහිම මෙසේ මෙහි ක්ෂණ වශයෙන් දතයුතුය. මෙබඳු ස්වරූප වූ වෙන තැන්වලද මෙම නයම වේ. අනභිසමෙතාවීනං චතුස්සත්‍ය ප්‍රතිවෙධ සංඛ්‍යාත අභිසමයට නොපත් සත්ත්වයන්ගේ. අභිසමෙතාවීනං අවබෝධ කළ සත්‍යය. මෙම නය මුඛයෙන් සියළු තැන අර්ථ විනිශ්චය දතයුතුය.
පවත්තිවාරවණ්ණනා.
පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤාවාරවණ්ණනා
පරිඤ්ඤාවාරෙ පන ඤාතපරිඤ්ඤා, තීරණපරිඤ්ඤා, පහානපරිඤ්ඤාති තිස්සොපෙත්ථ පරිඤ්ඤායො ලබ්භන්ති. යස්මා ච ලොකුත්තරධම්මෙසු පරිඤ්ඤා නාම නත්ථි; තස්මා ඉධ ද්වෙ සච්චානි ගහිතානි. තත්ථ දුක්ඛසච්චං පරිජානාතීති ඤාතතීරණපරිඤ්ඤාවසෙනෙව වුත්තං. සමුදයසච්චං පජහතීති ඤාතපහානපරිඤ්ඤාවසෙන. ඉති ඉමාසං පරිඤ්ඤානං වසෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බොති.
පරිඤ්ඤා වාරයෙහි වනාහි ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාන පරිඤ්ඤා යයි මෙහි පරිඤ්ඤා තුනක් ලබයි. ලෝකෝත්තර ධර්මවල පරිඤ්ඤා නම් නැත. එහෙයින් මෙහි සත්‍ය දෙකක් ගන්නා ලදි. එහි දුක්ඛ සච්චං පරිජානාති ඤාත තීරණ පරිඤ්ඤා වශයෙන් කියන ලදි. සමුදය සච්චං පජහති ඤාත පහාන පරිඤ්ඤා වශයෙනි. මෙසේ මේ පරිඤ්ඤා වශයෙන් සියළු පදවල අර්ථය දතයුතුය.
පරිඤ්ඤාවාරවණ්ණනා.
සච්චයමකවණ්ණනා නිට්ඨිතා.
සච්ච යමක වර්ණනාව නිමි.