6. සඞ්ඛාරයමකං අට්ඨකථා
6. සංඛාර යමක වර්ණනාව
පණ්ණත්තිවාරවණ්ණනා
පණ්ණත්තිවාර වර්ණනාව
ඉදානි තෙසඤ්ඤෙව මූලයමකෙ දෙසිතානං කුසලාදිධම්මානං ලබ්භමානවසෙන එකදෙසං සඞ්ගණ්හිත්වා සච්චයමකානන්තරං දෙසිතස්ස සඞ්ඛාරයමකස්ස වණ්ණනා හොති. තත්ථාපි හෙට්ඨා වුත්තනයෙනෙව පණ්ණත්තිවාරාදයො තයො මහාවාරා, අන්තරවාරාදයො ච අවසෙසපභෙදා වෙදිතබ්බා. අයං පනෙත්ථ විසෙසො – පණ්ණත්තිවාරෙ තාව යථා හෙට්ඨා ඛන්ධාදයො ධම්මෙ උද්දිසිත්වා “රූපං රූපක්ඛන්ධො; චක්ඛු චක්ඛායතනං; චක්ඛු චක්ඛුධාතු; දුක්ඛං දුක්ඛසච්ච”න්ති පදසොධනවාරො ආරද්ධො. තථා අනාරභිත්වා “අස්සාසපස්සාසා කායසඞ්ඛාරො”ති පඨමං තයොපි සඞ්ඛාරා විභජිත්වා දස්සිතා.
දැන් ඒ මූල යමකයෙහි ම දේශිත කුසලාදි ධර්මයන්ගේ ලැබීම් වශයෙන් ඒක දේශයක් සංග්‍රහකොට සච්ච යමකට අනතුරුව දේශනා කළ සංඛාර යමක වර්ණනාව වේ. එහි ද යට කියන ලද නයින්ම පණ්ණත්තිවාරාදි මහාවාර තුණ ද අන්තර වාරාදිය ද අවසේස ප්‍රභේද ද දතයුතුය. මෙය එහි විශේෂයකි. පණ්ණත්තිවාරයෙහි පළමුව යට යම්සේ ඛන්ධාදි ධර්ම උද්දේස කොට, රූපං රූපක්ඛන්ධො, චක්ඛු චක්ඛායතනං, චක්ඛු චක්ඛුධාතු, දුක්ඛං දුක්ඛසච්චං යයි පදසෝධන වාරය ආරම්භ කරන ලදි. එසේ ආරම්භ නොකොට අස්සාසපස්සායා කාය සංඛාරො යයි පළමුව සංඛාර තුනම බෙදා දක්වන ලදි.
තත්ථ කායස්ස සඞ්ඛාරො කායසඞ්ඛාරො. “අස්සාසපස්සාසා කායිකා, එතෙ ධම්මා කායප්පටිබද්ධා”ති (ම· නි· 1.463; සං· නි· 4.348 අත්ථතො සමානං) හි වචනතො කාරණභූතස්ස කරජකායස්ස ඵලභූතො එව සඞ්ඛාරොති කායසඞ්ඛාරො. අපරො නයො – සඞ්ඛරියතීති සඞ්ඛාරො. කෙන සඞ්ඛරියතීති? කායෙන. අයඤ්හි වාතො විය භස්තාය කරජකායෙන සඞ්ඛරියතීති. එවම්පි කායස්ස සඞ්ඛාරොති කායසඞ්ඛාරො. කායෙන කතො අස්සාසපස්සාසවාතොති අත්ථො. “පුබ්බෙව ඛො, ආවුසො විසාඛ, විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දති, තස්මා විතක්කවිචාරා වචීසඞ්ඛාරො”ති (ම· නි· 1.463; සං· නි· 4.348) වචනතො පන සඞ්ඛරොතීති සඞ්ඛාරො. කිං සඞ්ඛරොති? වචිං. වචියා සඞ්ඛාරොති වචීසඞ්ඛාරො. වචීභෙදසමුට්ඨාපකස්ස විතක්කවිචාරද්වයස්සෙතං නාමං. “සඤ්ඤා ච වෙදනා ච චෙතසිකා එතෙ ධම්මා චිත්තපටිබද්ධා”ති (ම· නි· 1.463; සං· නි· 4.348) වචනතොයෙව පන තතියපදෙපි සඞ්ඛරියතීති සඞ්ඛාරො. කෙන සඞ්ඛරියති? චිත්තෙන. කරණත්ථෙ සාමිවචනං කත්වා චිත්තස්ස සඞ්ඛාරොති චිත්තසඞ්ඛාරො. සබ්බෙසම්පි චිත්තසමුට්ඨානානං චෙතසිකධම්මානමෙතං අධිවචනං. විතක්කවිචාරානං පන වචීසඞ්ඛාරභාවෙන විසුං ගහිතත්තා “ඨපෙත්වා විතක්කවිචාරෙ”ති වුත්තං.
එහි කයේ සංඛාර කාය සංඛාර වේ. ආශ්වාස ප්‍රශ්වාස කායිකය. මේ ධර්ම කාය හා ප්‍රතිබද්ධ යයි වචන හෙයින් හේතු වූ කරජකායේ ඵල වූයේ සංඛාර යයි කාය සංඛාර වේ. තවද ක්‍රමයක්:- රැස් කෙරේය යනු සංඛාර වේ. කුමකින් රැස් කෙරේද? කයින්. මෙය භස්ත්රාවෙන් වායුව මෙන් කරජකයින් සංචේරීයති. මෙසේද කයේ සංඛාර කාය සංඛාර වේ. කයින් කළ ආශ්වාස ප්‍රශ්වාස වාතය යන අර්ථයයි. ඇවැත්නි විසාඛ, පෙරම විතර්ක කොට විචාරා පසුව වචනය බිඳී. එහෙයින් විතක්ක විචාර වචී සංඛාර යයි වචන හෙයින් සංඛාර යයි සංඛාර වේ. කුමක් පිළියෙල කරයිද? වචනය. වචනයෙන් පිළියෙල කෙරේ යනු වචීසංඛාර වේ. වචීභේදයෙන් හටගත් විතක්ක විචාර දෙකට මෙය නමකි. සඤ්ඤාවච චේතනාවද තෛසික වේ. මේ ධර්ම චිත්ත ප්‍රතිබද්ධ වේයයි වචනයෙන්ම වනාහි තුන්වන පදයෙහිද සංස්කරණය කෙරේනුයි සංඛාර වේ. කුමකින් සංස්කරණය කෙරේද? සිතින්. කරණාර්ථයෙනි. සාමි (ඡට්ඨි) වචනය කොට සිතේ සංඛාර චිත්ත සංඛාර වේ. සිතෙන් හටගන්නා සියළුම චෛතසික ධර්මවලට මෙය පර්යාය වචනයකි. විතක්ක විචාර වනාහි වචීසංඛාර භාවයෙන් වෙනම ගත් බැවින් විතර්කය හැර විචාරයෙහි යයි කියන ලදි.
ඉදානි කායො කායසඞ්ඛාරොති පදසොධනවාරො ආරද්ධො. තස්ස අනුලොමනයෙ තීණි, පටිලොමනයෙ තීණීති ඡ යමකානි. පදසොධනමූලචක්කවාරෙ එකෙකසඞ්ඛාරමූලකානි ද්වෙ ද්වෙ කත්වා අනුලොමනයෙ ඡ, පටිලොමනයෙ ඡාති ද්වාදස යමකානි. සුද්ධසඞ්ඛාරවාරෙ පන යථා සුද්ධඛන්ධවාරාදීසු “රූපං ඛන්ධො, ඛන්ධා රූපං; චක්ඛු ආයතනං, ආයතනා චක්ඛූ”තිආදිනා නයෙන යමකානි වුත්තානි. එවං “කායො සඞ්ඛාරො, සඞ්ඛාරා කායො”ති අවත්වා “කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො, වචීසඞ්ඛාරො කායසඞ්ඛාරො”තිආදිනා නයෙන කායසඞ්ඛාරමූලකානි ද්වෙ, වචීසඞ්ඛාරමූලකං එකන්ති අනුලොමෙ තීණි, පටිලොමෙ තීණීති සබ්බානිපි සුද්ධිකවාරෙ ඡ යමකානි වුත්තානි. කිං කාරණා? සුද්ධිකඑකෙකපදවසෙන අත්ථාභාවතො. යථා හි ඛන්ධයමකාදීසු රූපාදිවිසිට්ඨානං ඛන්ධානං චක්ඛාදිවිසිට්ඨානඤ්ච ආයතනාදීනං අධිප්පෙතත්තා “රූපං ඛන්ධො , ඛන්ධා රූපං, චක්ඛු ආයතනං, ආයතනා චක්ඛූ”ති සුද්ධිකඑකෙකපදවසෙන අත්ථො අත්ථි. එවමිධ “කායො සඞ්ඛාරො, සඞ්ඛාරා කායො”ති නත්ථි. කායසඞ්ඛාරොති පන ද්වීහිපි පදෙහි එකොව අත්ථො ලබ්භති. අස්සාසො වා පස්සාසො වාති සුද්ධිකඑකෙකපදවසෙන අත්ථාභාවතො “කායො සඞ්ඛාරො, සඞ්ඛාරා කායො”ති න වුත්තං. “කායො කායසඞ්ඛාරො”තිආදි පන වත්තබ්බං සියා. තම්පි කායවචීචිත්තපදෙහි ඉධ අධිප්පෙතානං සඞ්ඛාරානං අග්ගහිතත්තා න යුජ්ජති. සුද්ධසඞ්ඛාරවාරො හෙස. පදසොධනෙ පන විනාපි අත්ථෙන වචනං යුජ්ජතීති තත්ථ සො නයො ගහිතොව. ඉධ පන කායසඞ්ඛාරස්ස වචීසඞ්ඛාරාදීහි, වචීසඞ්ඛාරස්ස ච චිත්තසඞ්ඛාරාදීහි, චිත්තසඞ්ඛාරස්ස ච කායසඞ්ඛාරාදීහි, අඤ්ඤත්තා “කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො, වචීසඞ්ඛාරො, කායසඞ්ඛාරො”ති එකෙකසඞ්ඛාරමූලකානි ද්වෙ ද්වෙ කත්වා ඡ යමකානි යුජ්ජන්ති. තෙසු අග්ගහිතග්ගහණෙන තීණෙව ලබ්භන්ති. තස්මා තානෙව දස්සෙතුං අනුලොමනයෙ තීණි, පටිලොමනයෙ තීණීති ඡ යමකානි වුත්තානි. සුද්ධසඞ්ඛාරමූලචක්කවාරො පනෙත්ථ න ගහිතොති. එවං පණ්ණත්තිවාරස්ස උද්දෙසවාරො වෙදිතබ්බො.
දැන් කායො කායසංඛාරො යයි පදසොධනවාරය අරඹන ලදි. එහි අනුලෝම නයෙහි තුනකි. පටිලෝම නයෙහි තුනක් යයි යමක සයකි. පදසෝධන මූලචක්ක වාරයෙහි එක එක සංඛාර මූලකවල දෙක දෙක කොට අනුලෝම නයෙහි සයකි. පටිලෝම නයෙහි සය යයි යමක දොළොසක් වේ. සුද්ධ සංඛාර වාරයෙහි වනාහි සුද්ධ ඛන්ධවාරාදියෙහි මෙන් ‘රූපං ඛන්ධො ඛන්ධා රූපං චක්ඛු ආයතනං ආයතනා චක්ඛු’ යනාදි නයින් යමක කියන ලදි. මෙසේ කායො සංඛාරො, සංඛාරො කායො යයි නොකියා කාය සංඛාරො වචී සංඛාරො වචී සංඛාරො කාය සංඛාරො යනාදි නයින් කාය සංඛාර මූලක දෙකකි. වචීසංඛාර මූලක එකක් යයි අනුලෝමයේ තුනකි. පටිලෝමයේ තුනක් යයි සුද්ධික වාරයෙහි සියල්ල යමක හයක් කියන ලදි. කුමක් නිසාද? සුද්ධික එක් එක් පද වශයෙන් අර්ථ අභාවයෙන් ඛන්ධ යමකාදියෙහි මෙන් රූපාදි විශිෂ්ඨ ස්කන්ධයන්ගේ චක්ඛු ආදි විශිෂ්ඨ ආයතන ආදීන්ගේ අභිප්‍රේත බැවින් රූපං ඛන්ධො ඛන්ධා රූපං චක්ඛු ආයතනං ආයතනා චක්ඛු යයි සුද්ධික එක් එක් පද වශයෙන් අර්ථ ඇත. එසේම මෙහි කායො සංඛාරො, සංඛාරො කායො නැත. කාය සංඛාරො යයි පද දෙකම එක් අර්ථයක් ලබයි. ආශ්වාස හෝ ප්‍රශ්වාසය හෝ යයි සුද්ධික එක එක පද වශයෙන් අර්ථය අභාවයෙන් කායො සංඛාරො සංඛාරො කායො යයි නොකියන ලදි. කායො කායො සංඛාරො යයි ආදිය වනාහි කිවයුතු වන්නේ ය. එය ද කාය වචී චිත්ත පදවලින් මෙහි අදහස් වන සංඛාරයන්ගේ නො ගන්නා ලද බැවින් නොයෙදේ. මෙය සුද්ධ සංඛාරවාරය වේ. පදසෝධනයෙහි වනාහි අර්ථය හැර වචන යෙදේ යයි එහි ඒ නය ගන්නා ලදි. මෙහි වනාහි කාය සංඛාරයට වචී සංඛාරාදියෙන් වචී සංඛාරයට චිත්ත සංඛාරාදියෙන් චිත්ත සංඛාරයට කාය සංඛාරාදියෙන් අනිකක් බැවින් කාය සංඛාර වචී සංඛාර, වචී සංඛාර කාය සංඛාර යයි එක් එක් සංඛාර මූලකවල දෙක බැගින් යමක හයක් යෙදේ. ඒවායේ අගහිත ගහණයෙන් තුනක්ම ලැබේ. එහෙයින් ඒවාම දැක්වීමට අනුලෝම නයෙහි තුනක් ද පටිලෝම නයෙහි තුනක්දැයි යමක හයක් කියන ලදි. සුද්ධ සංඛාර මූලචක්කවාරය වනාහි නොගන්නා ලදි. මෙසේ පණ්ණත්ති වාරයේ උද්දේසවාරය දතයුතුය.
නිද්දෙසවාරෙ පනස්ස අනුලොමෙ තාව යස්මා න කායාදයොව කායසඞ්ඛාරාදීනං නාමං, තස්මා නොති පටිසෙධො කතො. පටිලොමෙ න කායො න කායසඞ්ඛාරොති යො න කායො සො කායසඞ්ඛාරොපි න හොතීති පුච්ඡති. කායසඞ්ඛාරො න කායො කායසඞ්ඛාරොති කායසඞ්ඛාරො කායො න හොති, කායසඞ්ඛාරොයෙව පනෙසොති අත්ථො. අවසෙසන්ති න කෙවලං සෙසසඞ්ඛාරද්වයමෙව. කායසඞ්ඛාරවිනිමුත්තං පන සෙසං සබ්බම්පි සඞ්ඛතාසඞ්ඛතපණ්ණත්තිභෙදං ධම්මජාතං නෙව කායො, න කායසඞ්ඛාරොති ඉමිනා උපායෙන සබ්බවිස්සජ්ජනෙසු අත්ථො වෙදිතබ්බොති.
මෙහි නිද්දේස වාරයෙහි වනාහි පළමුව අනුලෝමයෙහි යම්හෙයකින් කායාදිය කාය සංඛාරාදිය නම් නොවේ. එහෙයින් නො යයි ප්රතිසේධ කරන ලදි. පටිලෝමයෙහි න කායො න කාය සංඛාරො යයි යමක් කාය නොවේද, එය කාය සංඛාර නොවේදැයි අසයි. කාය සංඛාරො න කායො කාය සංඛාරො යයි කාය සංඛාර කාය නොවේ. එය කාය සංඛාරම වේයයි අර්ථය වේ. අවසෙසං හුදෙක් සෙසු සංඛාර දෙක නොවේ. කාය සංඛාර විනිර්මුක්තය වනාහි සෙසු සියළු සංඛත සංඛත පණ්ණත්ති භේද ධර්‍මජාතය කාය නොවේ. කාය සංඛාර නොවේ යයි මේ උපායෙන් සියළු විසඳුම්වල අර්ථය දතයුතුය.
පණ්ණත්තිවාරවණ්ණනා.
පණ්ණත්තිවාර වර්ණනාව නිමි.
පවත්තිවාරවණ්ණනා
පවත්තිවාර වර්ණනාව
පවත්තිවාරෙ පනෙත්ථ පච්චුප්පන්නකාලෙ පුග්ගලවාරස්ස අනුලොමනයෙ “යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති, තස්ස වචීසඞ්ඛාරො උප්පජ්ජතී”ති කායසඞ්ඛාරමූලකානි ද්වෙ, වචීසඞ්ඛාරමූලකං එකන්ති තීණෙව යමකානි ලබ්භන්ති; තානි ගහිතානෙව. තස්ස පටිලොමනයෙපි ඔකාසවාරාදීසුපි එසෙව නයො. එවමෙත්ථ සබ්බවාරෙසු තිණ්ණං තිණ්ණං යමකානං වසෙන යමකගණනා වෙදිතබ්බා.
මෙහි පවත්ති වාරයෙහි වනාහි වර්තමාන කාල පුග්ගවාර අනුලෝම නයෙහි යස්ස කාය සංඛාරො උප්පජ්ජති තස්ස වචී සංඛාරො උප්පජ්ජති යයි කාය සංඛාර මූලක දෙකකි. වචීසංඛාර මූලක එකකැයි යමක තුනක් ලබයි. ඒවා ගන්නා ලදි. එහි පටිලෝම නයෙහි ඔකාසවාරාදියෙහි ද මෙම නයම වේ. මෙසේ මෙහි සියළු වාරවල යමක තුන තුන වශයෙන් යමක ගණන දතයුතුය.
අත්ථවිනිච්ඡයෙ පනෙත්ථ ඉදං ලක්ඛණං – ඉමස්මිඤ්හි සඞ්ඛාරයමකෙ “අස්සාසපස්සාසානං උප්පාදක්ඛණෙ විතක්කවිචාරානං උප්පාදක්ඛණෙ”තිආදිවචනතො පච්චුප්පන්නාදිකාලභෙදො පවත්තිවසෙනාපි ගහෙතබ්බො, න චුතිපටිසන්ධිවසෙනෙව. “දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ තත්ථ කායසඞ්ඛාරො උප්පජ්ජතී”තිආදිවචනතො ච ඣානම්පි ඔකාසවසෙන ගහිතන්ති වෙදිතබ්බං. එවමෙත්ථ යං යං ලබ්භති, තස්ස තස්ස වසෙන අත්ථවිනිච්ඡයො වෙදිතබ්බො.
මෙහි අර්ථ විනිශ්චයෙහි වනාහි මේ ලක්ෂණය වේ. මේ සංඛාර යමකයෙහි අස්සාස පස්සාසානං උප්පාදක්ඛණෙ විතක්ක විචාරානං උප්පාදක්ඛණෙ යනාදි වචනයෙන් වර්තමාන ආදි කාලභේදය පැවතීම් වශයෙන් ද ගතයුතුය. චුති පටිසන්ධි වශයෙන් නොවේ. දුතියජ්ඣානෙ තතියජ්ඣානෙ තත්ථ කාය සංඛාරො උප්පජ්ජති ආදි වචන බැවින් ද ධ්‍යාන ද ඔකාස වශයෙන් ගන්නා ලදැයි දතයුතුය. මෙසේ මෙහි යමක් ලබාද ඒ ඒ වශයෙන් අර්ථ විනිශ්චය දතයුතුය.
තත්රිදං නයමුඛං – විනා විතක්කවිචාරෙහීති දුතියතතියජ්ඣානවසෙන වුත්තං. තෙසන්ති තෙසං දුතියතතියජ්ඣානසමඞ්ගීනං. කාමාවචරානන්ති කාමාවචරෙ උප්පන්නසත්තානං. රූපාවචරදෙවානං පන අස්සාසපස්සාසා නත්ථි. අරූපාවචරානං රූපමෙව නත්ථි. විනා අස්සාසපස්සාසෙහීති රූපාරූපභවෙසු නිබ්බත්තසත්තානං විතක්කවිචාරුප්පත්තිං සන්ධාය වුත්තං.
එහි නය මුඛය මෙසේය:- විනා විතක්ක විචාරෙහි දුතිය තතියජ්ඣාන වශයෙන් කියන ලදි. තෙසං ඒ දුතිය තතියජ්ඣාන සමග කාමාවචරානං යයි කාමාවචරයෙහි උපන් සත්ත්වයන්ගේ. රූපාවචර දෙවියන්ගේ වනාහි ආශ්වාස ප්‍රශ්වාස නැත. අරූපාවචරයන්ගේ රූපයම නැත. විනා අස්සාස පස්සාසෙහි යයි රූප අරූප භවවල උපන් සතුන්ගේ විතක්ක විචාර ඉපදීම සඳහා කියන ලදි.
පඨමජ්ඣානෙ කාමාවචරෙති කාමාවචරභූමියං උප්පන්නෙ පඨමජ්ඣානෙ. අඞ්ගමත්තවසෙන චෙත්ථ පඨමජ්ඣානං ගහෙතබ්බං, න අප්පනාවසෙනෙව. අනප්පනාපත්තෙපි හි සවිතක්කසවිචාරචිත්තෙ ඉදං සඞ්ඛාරද්වයං උප්පජ්ජතෙව.
පඨමජ්ඣානෙ කාමාවචරෙ යයි කාමාවචර භූමියෙහි උපන් ප්‍රථම ධ්‍යානයෙහි. මෙහි අංග පමණක් ප්‍රථමධ්‍යානය ගත යුතුය. අර්පණා වශයෙන් නොවේ. අර්පණාවට නොපැමිණියහු විසින්ද සවිතක්ක සවිචාර සිතේ මෙ සංඛාර දෙක උපදවනු ලැබේමය.
චිත්තස්ස භඞ්ගක්ඛණෙති ඉදං කායසඞ්ඛාරස්ස එකන්තචිත්තසමුට්ඨානත්තා වුත්තං. උප්පජ්ජමානමෙව හි චිත්තං රූපං වා අරූපං වා සමුට්ඨාපෙති, න භිජ්ජමානං.
චිත්තස්ස භංගක්ඛණෙ යන මේ කාය සංඛාර ඒකාන්ත චිත්ත සමුට්ඨානය බැවින් කියන ලද සිත උපදින්නේ, රූපය හෝ අරූපය හෝ උපදවයි. බිඳෙමින් නොවේ.
සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙති පටිසන්ධිතො දුතියෙ භවඞ්ගචිත්තෙ. කාමඤ්චෙතං පටිසන්ධිචිත්තෙපි වත්තමානෙ තෙසං තත්ථ නුප්පජ්ජිත්ථෙව. යාව පන අබ්බොකිණ්ණං විපාකචිත්තං වත්තති, තාව නුප්පජ්ජිත්ථෙව නාමාති දස්සනත්ථමෙතං වුත්තං. යස්ස වා ඣානස්ස විපාකචිත්තෙන තෙ නිබ්බත්තා, තං සතසොපි සහස්සසොපි උප්පජ්ජමානං පඨමචිත්තමෙව. විපාකචිත්තෙන පන විසදිසං භවනිකන්තියා ආවජ්ජනචිත්තං දුතියචිත්තං නාම. තං සන්ධායෙතං වුත්තන්ති වෙදිතබ්බං.
සුද්ධාවාසානං දුතියෙ චිත්තෙ වත්තමානෙ පටිසන්ධියෙන් දෙවන භවාංග සිතේ මෙය ඒකාන්තයෙන් පටිසන්ධි සිත ද පවතින කල්හි එහි නූපදියි. යම්තාක් අමිශ්‍ර විපාක සිත පවතීද ඒතාක් නූපදින්නේ නමැයි දැක්වීම සඳහා මෙය කියන ලදි. යම් ධ්‍යානයක විපාක සිතින් ඔව්හු ඉපදුනහ. එය සියයකින් ද දහසකින් ද ඉපදෙන්නේ පළමු සිතමය. විපාක සිතින් වනාහි විසදෘෂ වූ භව ආශාවෙන් ආවර්ජන සිත දෙවන සිත නම් වේ. එය සඳහා කියන ලදැයි දතයුතුය.
පච්ඡිමචිත්තසමඞ්ගීනන්ති සබ්බපච්ඡිමෙන අප්පටිසන්ධිකචිත්තෙන සමඞ්ගීභූතානං ඛීණාසවානං. අවිතක්කඅවිචාරං පච්ඡිමචිත්තන්ති රූපාවචරානං දුතියජ්ඣානිකාදිචුතිචිත්තවසෙන, අරූපාවචරානඤ්ච චතුත්ථජ්ඣානිකචුතිචිත්තවසෙනෙතං වුත්තං. තෙසන්ති තෙසං පච්ඡිමචිත්තසමඞ්ගීආදීනං.
පච්ඡිමචිත්ත සමංගිනං සියල්ලටම පසුව පටිසන්ධි නොවුන සිතින් යුක්ත වූ ක්ෂීණාශ්රවයන්ගේ. අවිතක්ක අවිචාර පච්ඡිම චිත්තං රූපාවචර ද්විතීය ධ්යානිකාදී චුති සිත වශයෙන් අරූපාවචරයින්ගේ චතුර්ථධ්යානික චුති සිත වශයෙන් මෙය කියන ලදි. තෙසං ඒ පශ්චිම සිතෙන් යුක්ත වූවන්ගේ.
යස්ස කායසඞ්ඛාරො නිරුජ්ඣති, තස්ස චිත්තසඞ්ඛාරො නිරුජ්ඣතීති එත්ථ නියමතො කායසඞ්ඛාරස්ස චිත්තසඞ්ඛාරෙන සද්ධිං එකක්ඛණෙ නිරුජ්ඣනතො ආමන්තාති පටිවචනං දින්නං. න චිත්තසඞ්ඛාරස්ස කායසඞ්ඛාරෙන සද්ධිං. කිං කාරණා? චිත්තසඞ්ඛාරො හි කායසඞ්ඛාරෙන විනාපි උප්පජ්ජති ච නිරුජ්ඣති ච. කායසඞ්ඛාරො පන චිත්තසමුට්ඨානො අස්සාසපස්සාසවාතො. චිත්තසමුට්ඨානරූපඤ්ච චිත්තස්ස උප්පාදක්ඛණෙ උප්පජ්ජිත්වා යාව අඤ්ඤානි සොළසචිත්තානි උප්පජ්ජන්ති, තාව තිට්ඨති. තෙසං සොළසන්නං සබ්බපච්ඡිමෙන සද්ධිං නිරුජ්ඣතීති යෙන චිත්තෙන සද්ධිං උප්පජ්ජති, තතො පට්ඨාය සත්තරසමෙන සද්ධිං නිරුජ්ඣති. න කස්සචි චිත්තස්ස උප්පාදක්ඛණෙ වා ඨිතික්ඛණෙ වා නිරුජ්ඣති, නාපි ඨිතික්ඛණෙ වා භඞ්ගක්ඛණෙ වා උප්පජ්ජති. එසා චිත්තසමුට්ඨානරූපස්ස ධම්මතාති නියමතො චිත්තසඞ්ඛාරෙන සද්ධිං එකක්ඛණෙ නිරුජ්ඣනතො ආමන්තාති වුත්තං. යං පන විභඞ්ගප්පකරණස්ස සීහළට්ඨකථායං “චිත්තසමුට්ඨානං රූපං සත්තරසමස්ස චිත්තස්ස උප්පාදක්ඛණෙ නිරුජ්ඣතී”ති වුත්තං, තං ඉමාය පාළියා විරූජ්ඣති. අට්ඨකථාතො ච පාළියෙව බලවතරාති පාළියං වුත්තමෙව පමාණං.
යස්ස කාය සංඛාරො නිරුජ්ඣති තස්ස චිත්ත සංඛාරො නිරුජ්ඣති මෙහි නියමයෙන් කාය සංඛාරයේ චිත්ත සංඛාරය සමග එක් ක්ෂණයෙහි නිරුද්ධ වීමෙන්. ආමන්තා යයි ප්‍රතිවචන දෙන ලදි. චිත්ත සංඛාරය කාය සංඛාරය සමග නිරුද්ධ නොවේ. කුමක් නිසාද? චිත්ත සංඛාරය වනාහි කාය සංඛාරය නැතුවද උපදී. නිරුද්ධ වේ. කාය සංඛාරය වනාහි සිතෙන් උපදවන ආශ්වාස ප්‍රශ්වාස වාතයෙන් යුක්ත වේ. චිත්ත සමුට්ඨාන රූප ද සිත උපදිනවිට ඉපදී අන් සොළොස් සිත් ඉපදෙන තුරු සිටී. ඒ සොළොස් සිත්වල සියල්ලට පසු සිත සමග නිරුද්ධ වේ. යම් සිතක් සම උපදීද එතැන් පටන් දාහත්වන සිත සමග නිරුද්ධ වේ. කිසි සිතක උප්පාද ක්ෂණයෙහි හෝ ඨිති ක්ෂණයෙහි නිරුද්ධ නොවේ. ඨිති ක්ෂණයෙහි හෝ භංග ක්ෂණයෙහි හෝ නූපදී. මෙය චිත්ත සමුට්ඨානික රූපවල ධර්මතාවයයි නියමයෙන් චිත්ත සංඛාර සමග ඒක ක්ෂණයෙහි නිරුද්ධවීමෙන් ආමත්තා යයි කියන ලදි. යම්සේ විභංගප්පකරණයේ සිංහල අටුවා කථාවෙහි සිතින් උපදවන රූප (චිත්ත සමුට්ඨානන රූප) දාහතරවන සිතේ උප්පාද ක්ෂණයෙහි නිරුද්ධ වේයයි කියන ලදි. එය මේ පෙළට විරුද්ධය. අටුවාවෙන් ද පෙළම බලවත් යයි පෙළෙහි කියන ලදමය. ප්‍රමාණ වේ.
යස්ස කායසඞ්ඛාරො උප්පජ්ජති, තස්ස වචීසඞ්ඛාරො නිරුජ්ඣතීති එත්ථ යස්මා කායසඞ්ඛාරො චිත්තස්ස උප්පාදක්ඛණෙ උප්පජ්ජති, න ච තස්මිං ඛණෙ විතක්කවිචාරා නිරුජ්ඣන්ති, තස්මා නොති පටිසෙධො කතොති. ඉමිනා නයමුඛෙන සබ්බත්ථ අත්ථවිනිච්ඡයො වෙදිතබ්බො. පරිඤ්ඤාවාරො පාකතිකොයෙවාති.
යස්ස කාය සංඛාරො උප්පජ්ජති තස්ස වචී සංඛාරො නිරුජ්ඣති මෙහි යම්හෙයකින් කාය සංඛාරය සිතේ උප්පාද ක්ෂණයෙහි උපදී. ඒ ක්ෂණයෙහි විතක්ක විචාර නිරුද්ධ නොවේ. එහෙයින් නො යයි ප්රතිසේධය කරන ලදි. මේ නය මුඛයෙන් සියළු තැන අර්ථ විනිශ්චය දතයුතුය. පරිඤ්ඤා වාරය මුලින් කියන ලද්ද සේය.
පවත්තිවාරවණ්ණනා.
සඞ්ඛාරයමකවණ්ණනා නිට්ඨිතා.
සංඛාර යමක වර්ණනාව නිමි.