යෙදුමෙන් කියවන්න

7. අනුසයයමකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

7. අනුසය යමක වර්ණනාව

පරිච‍්ඡෙදපරිච‍්ඡින‍්නුද‍්දෙසවාරවණ‍්ණනා

පරිච්ඡෙදපරිච්ඡින්නුද්දෙසවාරවණ්ණනා

ඉදානි තෙසඤ‍්ඤෙව මූලයමකෙ දෙසිතානං කුසලාදිධම‍්මානං ලබ‍්භමානවසෙන එකදෙසං සඞ‍්ගණ‍්හිත්‍වා සඞ‍්ඛාරයමකානන‍්තරං දෙසිතස‍්ස අනුසයයමකස‍්ස අත්‍ථවණ‍්ණනා හොති. තත්‍ථ පාළිවවත්‍ථානං තාව වෙදිතබ‍්බං – ඉමස‍්මිඤ‍්හි අනුසයයමකෙ ඛන්‍ධයමකාදීසු විය දෙසනං අකත්‍වා අඤ‍්ඤෙන නයෙන පාළිදෙසනා කතා. කථං? පඨමං තාව පරිච‍්ඡෙදතො, උද‍්දෙසතො, උප‍්පත‍්තිට‍්ඨානතොති තීහාකාරෙහි අනුසයෙ ගහාපෙතුං පරිච‍්ඡෙදවාරො, පරිච‍්ඡින‍්නුද‍්දෙසවාරො, උප‍්පත‍්තිට‍්ඨානවාරොති, තයො වාරා දෙසිතා. තතො සත‍්තන‍්නං මහාවාරානං වසෙන අනුසයෙ යොජෙත්‍වා යමකදෙසනා කතා. තත්‍ථ සත‍්තානුසයාති අයං “සත‍්තෙව, න තතො උද‍්ධං, න හෙට‍්ඨා”ති ගණනපරිච‍්ඡෙදෙන පරිච‍්ඡින්‍දිත්‍වා අනුසයානං දෙසිතත‍්තා පරිච‍්ඡෙදවාරො නාම. කාමරාගානුසයො…පෙ… අවිජ‍්ජානුසයොති අයං පරිච‍්ඡෙදවාරෙන පරිච‍්ඡින‍්නානං නාමමත‍්තං උද‍්දිසිත්‍වා “ඉමෙ නාම තෙ”ති දෙසිතත‍්තා පරිච‍්ඡින‍්නුද‍්දෙසවාරො නාම. කත්‍ථ කාමරාගානුසයො අනුසෙති…පෙ… එත්‍ථ අවිජ‍්ජානුසයො අනුසෙතීති අයං “ඉමෙසු නාම ඨානෙසු ඉමෙ අනුසයා අනුසෙන‍්ති”ති එවං තෙසංයෙව උප‍්පත‍්තිට‍්ඨානස‍්ස දෙසිතත‍්තා උප‍්පත‍්තිට‍්ඨානවාරො නාම.

දැන් ඒ මූල යමකයෙහි දේශනා කරන ලද කුසලාදි ධර්මයන්ගේ ලැබීම් වශයෙන් ඒක දේශයක් සංග්‍රහකොට සංඛාර යමකවලට අනතුරුව දේශනා කළ අනුශය යමකයේ අර්ථ වර්ණනාව වේ. එහි මුලින් පෙළෙහි නියමය දතයුතුය. මේ අනුශය යමකයෙහි ඛන්‍ධ යමකාදියෙහි මෙන් දේශනා නොකොට වෙනත් නයකින් පෙළෙහි දේශනාව කරන ලදි. කෙසේද? පළමුව පරිච්ඡේද වශයෙන්, උද්දේස වශයෙන්, උප්පත්ති ස්ථාන වශයෙන් යයි තුන් ආකාරයකින් අනුශයන් ගැන්වීමට පරිච්ඡේද වාරය, පරිච්ඡින්නුද්දෙසවාරය, උප්පත්තට්ඨානවාරය යයි වාර තුනක් දේශනා කරන ලදි. එයින් මහාවාර හතක් වශයෙන් අනුශයන් යොදා යමක දේශනාව කරන ලදි. [missing trans]

යෙසං පන සත‍්තන‍්නං මහාවාරානං වසෙන අනුසයෙ යොජෙත්‍වා යමකදෙසනා කතා, තෙසං ඉමානි නාමානි – අනුසයවාරො, සානුසයවාරො, පජහනවාරො, පරිඤ‍්ඤාවාරො, පහීනවාරො, උප‍්පජ‍්ජනවාරො ධාතුවාරොති. තෙසු පඨමො අනුසයවාරො. සො අනුලොමපටිලොමනයවසෙන දුවිධො හොති.

ඒවායින් මේ නම් අනුශය වාර, සානුශය වාර, පජහන වාර, පරිඤ්ඤා වාර පහීන වාර උඵ්පජ්ජනවාර, ධාතුවාරයයි වේ. ඒවායින් පළමුව අනුශය වාරය වේ. එය අනුලෝම පටිලෝම වශයෙන් ද්විධ වේ.

තත්‍ථ අනුලොමනයෙ “යස‍්ස අනුසෙති, යත්‍ථ අනුසෙති, යස‍්ස යත්‍ථ අනුසෙතී”ති පුග‍්ගලොකාසතදුභයවසෙන තයො අන‍්තරවාරා හොන‍්ති. තෙසු පඨමෙ පුග‍්ගලවාරෙ “යස‍්ස කාමරාගානුසයො අනුසෙති, තස‍්ස පටිඝානුසයො අනුසෙති; යස‍්ස වා පන පටිඝානුසයො අනුසෙති, තස‍්ස කාමරාගානුසයො අනුසෙති; යස‍්ස කාමරාගානුසයො අනුසෙති, තස‍්ස මානානුසයො, දිට‍්ඨානුසයො, විචිකිච‍්ඡානුසයො, භවරාගානුසයො, අවිජ‍්ජානුසයො අනුසෙති. යස‍්ස වා පන අවිජ‍්ජානුසයො අනුසෙති, තස‍්ස කාමරාගානුසයො අනුසෙතී”ති කාමරාගානුසයමූලකානි ඡ යමකානි. පුන අගහිතග‍්ගහණවසෙන පටිඝානුසයමූලකානි පඤ‍්ච, මානානුසයමූලකානි චත‍්තාරි, දිට‍්ඨානුසයමූලකානි තීණි, විචිකිච‍්ඡානුසයමූලකානි ද‍්වෙ, භවරාගානුසයමූලකං එකන‍්ති එවං සබ‍්බානිපි එකමූලකානි එකවීසති. පුන “යස‍්ස කාමරාගානුසයො ච පටිඝානුසයො ච අනුසෙන‍්තී”ති එවං ආගතානි දුකමූලකානි පඤ‍්ච, තිකමූලකානි චත‍්තාරි, චතුක‍්කමූලකානි තීණි, පඤ‍්චකමූලකානි ද‍්වෙ, ඡක‍්කමූලකං එකන‍්ති අපරානිපි පන‍්නරස හොන‍්ති. තානි පුරිමෙහි එකවීසතියා සද‍්ධිං ඡත‍්තිංසාති පුග‍්ගලවාරෙ ඡත‍්තිංස යමකානි. තථා ඔකාසවාරෙ, තථා පුග‍්ගලොකාසවාරෙති සබ‍්බානිපි අනුලොමනයෙ අට‍්ඨසතං යමකානි. තථා පටිලොමනයෙති අනුසයවාරෙ සොළසාධිකානි ද‍්වෙ යමකසතානි, තතො දිගුණා පුච‍්ඡා, තතො දිගුණා අත්‍ථා ච වෙදිතබ‍්බා. යථා චෙත්‍ථ, එවං සානුසයවාරො, පජහනවාරො, පරිඤ‍්ඤාවාරො, පහීනවාරො, උප‍්පජ‍්ජනවාරොති ඉමෙසම‍්පි පඤ‍්චන‍්නං වාරානං, එකෙකස‍්මිං යමකගණනා; යමකදිගුණා පුච‍්ඡා, පුච‍්ඡාදිගුණා ච අත්‍ථා වෙදිතබ‍්බා. අයං පනෙත්‍ථ පුරිමෙසු තීසු වාරෙසු විසෙසො. ඔකාසවාරෙ “යත්‍ථ තත්‍ථා”ති අවත්‍වා යතො තතොති නිස‍්සක‍්කවචනෙන දෙසනා කතා. සෙසං තාදිසමෙව.

එහි අනුලෝම නයෙහි ‘යස්ස අනුසෙති, යත්‍ථ අනුසෙති, යස්ස යත්‍ථ අනුසෙති’ යයි පුග්ගල ඕකාස ඒ දෙක වශයෙන් අන්තරවාර තුනක් වේ. ඒවායින් පළමුව පුග්ගල වාරයෙහි යමෙකුගේ කාමරාග අනුසය අත්නොහැර පවතී ද ඔහුගේ පටිඝානුසය ද අත්නොහැර පවතී. යමෙකුගේ වනාහි පටිඝ අනුසය අත්නොහැර පවතීද ඔහුගේ කාමරාග අනුසයද අත්නොහැර පවතී. යමෙකුගේ කාමරාග අනුසය අත්නොහැර පවතීද ඔහුගේ මාන අනුසය, දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, භවරාග අනුසය, අවිජ්ජා අනුසය අත්නොහැර පවතී. යමෙකුගේ වනාහි අවිජ්ජා අනුසය අත්නොහැර පවතීද ඔහුගේ කාමරාග අනුසය අත්නොහැර පවතී යයි කාමරාගානුසය මූලක යමක හයක් වේ. නැවත අගහිත ගහණ වශයෙන් පටිඝ අනුසය මූලක පහකි. මාන අනුසය මූලක සතරකි. දිට්ඨ අනුසය මූලක තුනකි. විචිකිච්ඡා අනුසය මූලක දෙකකි. භවරාග අනුසය මූලක එකක් යයි මෙසේ සියල්ල ඒක මූලක එක්විස්සක් වේ. නැවත යමෙකුට කාමරාග අනුසය ද පටිඝ අනුසය ද අත්නොහැර පවතීදැයි මෙසේ ආවා වූ දුක මූලක පහකි. තික මූලක හතරකි. චතුක්කමූලක තුනකි. පංචමූලක දෙකකි. ඡක්කමූලක එකකැයි තවත් පහළොවක් වේ. ඒවා පෙර එක්විස්ස සම තිස්හයක් වේ. පුග්ගල වාරයෙහි යමක තිස්හයක් වේ. එසේම ඕකාස වාරයෙහි ද, පුග්ගලොකාස වාරයෙහිදැයි අනුලෝම නයෙහි යමක සියල්ල එක්සිය අටක් වේ. පටිලෝම වාරයෙහි ද එසේ වේ. එසේ යමක දෙසිය දහසයක් වේ. එයින් දෙගුණය පුච්ඡා වේ. එයින් දෙගුණය අර්ථය වේයයි දතයුතුය. මෙහි යම්සේ මෙසේ සානුසය වාරය, පජහන වාරය, පරිඤ්ඤා වාරය, පහීන වාරය, උප්පජ්ජන වාරය යයි මේ පස්වාරයෙහි ද එක එකෙහි යමක ගණන, යමක දිගුණව පුච්ඡා, පුච්ඡා දිගුණව අර්ථ දතයුතුය. මෙහි මේ වනාහි පළමු තුන්වාරයෙහි විශේෂයකි. ඕකාස වාරයෙහි යත්‍ථ යත්‍ථ යයි නොකියා යතො තතො තතො යයි නිස්සක්ක (පංචමී) වචනයෙන් දේශනාව කරන ලදි. සෙස්ස ද එබඳු වේ.

යො පනායං සබ‍්බපච‍්ඡිමො ධාතුවාරො නාම, සො පුච‍්ඡාවාරො, විස‍්සජ‍්ජනාවාරොති ද‍්විධා ඨිතො. තස‍්ස පුච‍්ඡාවාරෙ කාමධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්සාති වත්‍වා “කාමධාතුං වා පන උපපජ‍්ජන‍්තස‍්ස කාමධාතුයා චුතස‍්සා”ති න වුත‍්තං. කිං කාරණා? අත්‍ථවිසෙසාභාවතො. ද‍්වෙපි හි එතා පුච‍්ඡා එකත්‍ථායෙව, තස‍්මා එකෙකස‍්මා යමකා එකෙකමෙව පුච‍්ඡං පුච‍්ඡිත්‍වා සබ‍්බපුච‍්ඡාවසානෙ පුච‍්ඡානුක‍්කමෙනෙව “කාමධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්තී”තිආදිනා නයෙන විස‍්සජ‍්ජනං කතං.

මේ සියල්ලට පසුව වූ ධාතුවාරය වේ. එය පුච්ඡාවාර විස්සජ්ජන වාර යයි ද්විධ වේ. ඒ පුච්ඡාවාරයෙහි කාමධාතුවෙන් චුත වූ කාමධාතුවේ උපදින්නකුට නේ යයි කියා, කාමධාතුවේ හෝ උපදින්නාට කාමධාතුවෙන් චුතවන්නා යයි නොකියන ලදි. කුමන කරුණක් නිසාද? අර්ථ විශේෂ අභාවයෙන් මේ පුච්ඡා දෙකම එකම අර්ථ වේ. එහෙයින් එක එකේ යමක එක එකේම ප්‍රශ්න අසා සියළු පුච්ඡා අවසානයෙහි පුච්ඡා අනුක්‍රමයෙන් ම කාමධාතුවෙන් චුත වූවහුගේ කාමධාතුවේ උපදින්නන්ගේ කිසිවෙකුගේ අනුසය සත අත්නොහැර පවතී යයි ආදි නයින් විසඳීම කරන ලදි.

තත්‍ථ “කාමධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස, රූපධාතුං, අරූපධාතුං, නකාමධාතුං, නරූපධාතුං නඅරූපධාතුං , උපපජ‍්ජන‍්තස‍්සා”ති ඡ සුද‍්ධිකපුච‍්ඡා; “නකාමධාතුං, නඅරූපධාතුං, නරූපධාතුං; නඅරූපධාතුං, නකාමධාතුං, නරූපධාතුං, උපපජ‍්ජන‍්තස‍්සා”ති තිස‍්සො මිස‍්සකා පුච‍්ඡා චාති කාමධාතුමූලකා නව අනුලොමපුච‍්ඡා හොන‍්ති. තථා රූපධාතුමූලකා නව, අරූපධාතුමූලකා නවාති සත‍්තවීසති අනුලොමපුච‍්ඡා හොන‍්ති. තථා නකාමධාතුනරූපධාතුනඅරූපධාතුමූලකා සත‍්තවීසති පටිලොමපුච‍්ඡා. පුන “නකාමධාතුයා, නඅරූපධාතුයා, නරූපධාතුයා, නඅරූපධාතුයා, නකාමධාතුයා, නඅරූපධාතුයා”ති සත‍්තවීසති දුකමූලකා පුච‍්ඡාති සබ‍්බාපි සම‍්පිණ‍්ඩිතා එකාසීති පුච‍්ඡා හොන‍්ති. තාසං වසෙනෙත්‍ථ විස‍්සජ‍්ජනං කතන‍්ති ඉදං ධාතුවාරෙ පාළිවවත්‍ථානං. එවං තාව සකලෙපි අනුසයයමකෙ පාළිවවත්‍ථානමෙතං වෙදිතබ‍්බං.

එහි කම් ධාතුවෙන් චුතවන්නාගේ කාමධාතුවේ උපදින්නාගේ රූපධාතුව, අරූපධාතුව, කාමධාතු නොවේ. රූපධාතු නොවේ. අරූපධාතු නොවේ. උපදින්නාගේ සුද්ධික පුච්ඡා සය, කාමධාතු නොවේ. අරූපධාතු නොවේ. රූපධාතු නොවේ. අරූපධාතු නොවේ. කාමධාතු නොවේ. රූපධාතු නොවේ. උපදින්නාගේ යයි තුනයි. මිශ්‍රක පුච්ඡා යයි කාමධාතු මූලක අනුලෝම පුච්ඡා නවයක් වේ. එසේම රූපධාතු මූලක නවයකි. අරූපධාතු මූලක නවයකැයි අනුලෝම පුච්ඡා විසිහතක් වේ. එසේම කාමධාතු නොවේ. රූපධාතු නොවේ. අරූපධාතු නොවේ. අරූපධාතු නොවන පටිලෝම පුච්ඡා විසිහතකි. නැවත කාමධාතු නොවේ. අරූපධාතු නොවේ. රූපධාතු නොවේ. අරූපධාතුවේ නොවේ. කාමධාතුවේ නොවේ. රූපධාතුවේ නොවේ යයි දුක මූලක පුච්ඡා විසිහතකි. සියල්ල පිඩු කළවිට පුච්ඡා අසූඑකක් වේ. ඒවායේ වශයෙන් මෙහි විසඳීම කරන ලදි. මෙය ධාතුවාරයෙහි පෙළෙහි නියමයයි. මෙසේ සියළුම අනුශය යමකයෙහි මේ පෙළෙහි නියමය දතයුතුය.

ආදිතො පට‍්ඨාය පනෙත්‍ථ යං යං අනුත‍්තානං, තත්‍ථ තත්‍ථ අයං විනිච‍්ඡයකථා – අනුසයාති කෙනට‍්ඨෙන අනුසයා? අනුසයනට‍්ඨෙන. කො එස අනුසයනට‍්ඨො නාමාති? අප‍්පහීනට‍්ඨො. එතෙ හි අප‍්පහීනට‍්ඨෙන තස‍්ස තස‍්ස සන‍්තානෙ අනුසෙන‍්ති නාම, තස‍්මා අනුසයාති වුච‍්චන‍්ති. අනුසෙන‍්තීති අනුරූපං කාරණං ලභිත්‍වා උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො. අථාපි සියා – අනුසයනට‍්ඨො නාම අප‍්පහීනාකාරො. අප‍්පහීනාකාරො ච උප‍්පජ‍්ජතීති වත‍්තුං න යුජ‍්ජති, තස‍්මා න අනුසයා උප‍්පජ‍්ජන‍්තීති . තත්‍රිදං පටිවචනං – අප‍්පහීනාකාරො අනුසයො, අනුසයොති පන අප‍්පහීනට‍්ඨෙන ථාමගතකිලෙසො වුච‍්චති. සො චිත‍්තසම‍්පයුත‍්තො සාරම‍්මණො සප‍්පච‍්චයට‍්ඨෙන සහෙතුකො එකන‍්තාකුසලො අතීතොපි හොති අනාගතොපි පච‍්චුප‍්පන‍්නොපි, තස‍්මා උප‍්පජ‍්ජතීති වත‍්තුං යුජ‍්ජති.

මුලසිට මෙහි යමක් නොකියන ලද නම් එහි මේ විනිශ්චය කථාවයි. අනුසයා කුමන අර්ථයකින් අනුශය වේද? ප්‍රහීන නොවූ අර්ථයෙන්. අප්‍රහීනාර්ථයෙන් මේවා ඒ ඒ සන්තාන අත්නොහැර පවතී. එහෙයින් අනුශයයි කියනු ලැබේ. අනුසෙන්ති අනුරූප කරුණක් ලැබ උපදී යන අර්ථයයි. තවද අනුශයාර්ථ නම් අප්‍රහීන ආකාර වන්නේය. අප්‍රහීන ආකාරයද ඉපදීම යයි කීමට නොයෙදේ. එහෙයින් අනුශය නූපදීද? ඊට ප්‍රතිවචන මෙසේය. අප්‍රහීනාකර අනුශය වනාහි අප්‍රහීන අර්ථයෙන් බලවත් වූ කෙලෙස් කියනු ලැබේ. එය සිත හා යුක්ත වූයේ අරමුණු සහිත වූයේ ප්‍රත්‍ය ලැබ සහේතුක වූ ඒකාන්ත කුසලයක් අතීතයේ විය. අනාගතයේද වේ. එහෙයින් උපදී යයි කීමට යෙදේ.

තත්‍රිදං පමාණං – අභිධම‍්මෙ තාව කථාවත්‍ථුස‍්මිං (කථා· 554 ආදයො) “අනුසයා අබ්‍යාකතා, අනුසයා අහෙතුකා, අනුසයා චිත‍්තවිප‍්පයුත‍්තා”ති සබ‍්බෙ වාදා පටිසෙධිතා. පටිසම‍්භිදාමග‍්ගෙ (පටි· ම· 3.21) “පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ පජහතී”ති පුච‍්ඡං කත්‍වා අනුසයානං පච‍්චුප‍්පන‍්නභාවස‍්ස අත්‍ථිතාය “ථාමගතානුසයං පජහතී”ති වුත‍්තං. ධම‍්මසඞ‍්ගහෙ පන මොහස‍්ස පදභාජනෙ “අවිජ‍්ජානුසයො අවිජ‍්ජාපරියුට‍්ඨානං අවිජ‍්ජාලඞ‍්ගී මොහො අකුසලමූලං, අයං තස‍්මිං සමයෙ මොහො හොතී”ති (ධ· ස· 390) අකුසලචිත‍්තෙන සද‍්ධිං අවිජ‍්ජානුසයස‍්ස උප‍්පන‍්නභාවො වුත‍්තො. ඉමස‍්මිංයෙව අනුසයයමකෙ සත‍්තන‍්නං මහාවාරානං අඤ‍්ඤතරස‍්මිං උප‍්පජ‍්ජනවාරෙ “යස‍්ස කාමරාගානුසයො උප‍්පජ‍්ජති, තස‍්ස පටිඝානුසයො උප‍්පජ‍්ජතී”තිආදි වුත‍්තං. තස‍්මා “අනුසෙන‍්තීති අනුරූපං කාරණං ලභිත්‍වා උප‍්පජ‍්ජන‍්තී”ති යං වුත‍්තං, තං ඉමිනා තන‍්තිප‍්පමාණෙන සුවුත‍්තන‍්ති වෙදිතබ‍්බං. යම‍්පි “චිත‍්තසම‍්පයුත‍්තො සාරම‍්මණො”තිආදි වුත‍්තං, තම‍්පි සුවුත‍්තමෙව. අනුසයො හි නාමෙස පරිනිප‍්ඵන‍්නො චිත‍්තසම‍්පයුත‍්තො අකුසලධම‍්මොති නිට‍්ඨමෙත්‍ථ ගන‍්තබ‍්බං. කාමරාගානුසයොතිආදීසු කාමරාගො ච සො අප‍්පහීනට‍්ඨෙන අනුසයො චාති කාමරාගානුසයො. සෙසපදෙසුපි එසෙව නයො.

එහි ප්‍රමාණය මෙසේය. අභිධර්මයෙහි කථා වස්තුවේ අනුශය කියන ලදි. අහේතුක අනුශය, චිත්ත විප්‍රයුක්ත අනුශය යයි සියළු වාද ප්‍රතිසේධිතය. පටිසම්භිදා මාර්ගයෙහි වර්තමානයෙහි කෙලෙසුන් දුරු කෙරේ යයි ප්‍රශ්න කොට අනුශය වර්තමානයේ ඇති බව බලවත් අනුශය දුරු කෙරේ යයි කියන ලදි. ධම්ම සංගණියේ මෝහ පදභාජනයෙහි අවිජ්ජා අනුශය අවිජ්ජා පරියුට්ඨානය (නැගිටීම) අවිජ්ජා ඇලීම මෝහය අකුසල මූලයකි. ඒ අවස්ථාවේ මේ මෝහය වේ යයි අකුසල සිත සමග අවිද්‍යානුශයේ උපන් බව කියන ලදි. මේ අනුශය යමකයෙහි සත්මහා වැර අතුරෙන් යමක උපන් වාරයෙහි යමෙකුට කාමරාග අනුශය උපදීද ඔහුට පටිඝානුසය උපදී යයි යනාදිය කියන ලදි. එහෙයින් අත්නොහරී යයි අනුරූප කාරණයක් ලැබ උපදී යයි යමක් කියන ලදද එය මේ පෙළෙහි ප්‍රමාණයෙන් මනාව කියන ලදැයි දතයුතුය. යමක් චිත්ත සම්ප්‍රයුක්ත ද අරමුණු සහිතයයි ආදිය කියන ලදි. අකුසල ධර්මය යයි මෙහි නිෂ්ඨාවට යා යුතුය. කාමරාගානුදොසයො යනාදියෙහි කාමරාගය ද එය අප්‍රහීන බැවින් අනුශය යයි කාමරාගානුසය වේ. සෙසු පදවලද මෙම නයයි.

පරිච‍්ඡෙදපරිච‍්ඡින‍්නුද‍්දෙසවාරවණ‍්ණනා.

උප‍්පත‍්තිට‍්ඨානවාරවණ‍්ණනා

උප්පත්තිට්ඨානවාරවණ්ණනා

ඉදානි තෙසං උප‍්පත‍්තිට‍්ඨානං පකාසෙතුං කත්‍ථ කාමරාගානුසයො අනුසෙතීතිආදිමාහ. තත්‍ථ කාමධාතුයා ද‍්වීසු වෙදනාසූති කාමාවචරභූමියං සුඛාය ච උපෙක‍්ඛාය චාති ද‍්වීසු වෙදනාසු. එත්‍ථ කාමරාගානුසයො අනුසෙතීති ඉමාසු ද‍්වීසු වෙදනාසු උප‍්පජ‍්ජති. සො පනෙස අකුසලවෙදනාසු සහජාතවසෙන ආරම‍්මණවසෙන චාති ද‍්වීහාකාරෙහි අනුසෙති. අකුසලාය සුඛාය වෙදනාය චෙව උපෙක‍්ඛාය වෙදනාය ච සහජාතොපි හුත්‍වා උප‍්පජ‍්ජති. තා වෙදනා ආරම‍්මණං කත්‍වාපි උප‍්පජ‍්ජතීති අත්‍ථො. අවසෙසා පන කාමාවචරකුසලවිපාකකිරියවෙදනා ආරම‍්මණමෙව කත්‍වා උප‍්පජ‍්ජති. කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අනුසයමානො චෙස තාහි වෙදනාහි සම‍්පයුත‍්තෙසු සඤ‍්ඤාසඞ‍්ඛාරවිඤ‍්ඤාණෙසුපි අනුසෙතියෙව. න හි සක‍්කා වෙදනාසු අනුසයමානෙන තංසම‍්පයුත‍්තෙහි සඤ‍්ඤාදීහි සද‍්ධිං අසහජාතෙන වා භවිතුං, තංසම‍්පයුත‍්තෙ වා සඤ‍්ඤාදයො ආරම‍්මණං අකත්‍වා උප‍්පජ‍්ජිතුං. එවං සන‍්තෙපි පන යස‍්මා ඉමා ද‍්වෙ වෙදනාව සාතසන‍්තසුඛත‍්තා අස‍්සාදට‍්ඨෙන කාමරාගානුසයස‍්ස උප‍්පත‍්තියා සෙසසම‍්පයුත‍්තධම‍්මෙසු පධානා, තස‍්මා “ද‍්වීසු වෙදනාසු එත්‍ථ කාමරාගානුසයො අනුසෙතී”ති වුත‍්තං, ඔළාරිකවසෙන හි බොධනෙය්‍යෙ සුඛං බොධෙතුන‍්ති.

දැන් ඒවායේ උත්පත්ති ස්ථාන පැවසීමට කාමරාග අනුසය කොහේ වැතිර සිටීද? යනාදිය කීහ. එහි කාමධාතුවෙහි වේදනා දෙකකය. කාමාවචර භූමියෙහි සැප සහ මැදහත් යන වේදනා දෙකෙහි. එත්‍ථ කාමරාගානුසයො අනුසෙති මෙම වේදනා දෙකෙහි උපදී. එය වනාහි මේ අකුසල වේදනාවල සහජාත වශයෙන් හා අරමුණු වශයෙන්දැයි දෙයාකාරයකින් අත්නොහැර පවතී. අකුසල්වල සැප වේදනාවේද මැදහත් වේදනාවේද එකට උපදී. ඒ වේදනා අරමුණු කොට උපදී යන අර්ථයයි. අවසේස කාමාවචර කුසල විපාක කිරිය වේදනා අරමුණු කොට උපදී. කාමධාතුවෙහි වේදනා දෙකක අත් නොහැර පවතින්නා වූ මෙය ඒ වේදනා හා සම්ප්‍රයුක්ත වූ සඤ්ඤා සංඛාර විඤ්ඤාණවලද අත්නොහැර පවතීමය. වේදනාවල අත්නොහැර පැවතීමෙන් එය හා යුක්ත වූ සංඥාදිය සමග සහජාත නොවී හෝ පැවතීමට නොහැකි වේ. එය හා යුක්ත වූ සංඥාදිය හෝ අරමුණු නොකොට ඉපදීමට නොහැකි වේ. මෙසේ ඇතිකල්හි වනාහි යම්හෙයකින් මේ වේදනා දෙකම මිහිරි අන්ත සැප අන්ත ආශ්වාදන අර්ථයෙන් කාමරාග අප්‍රාසයේ උපතින් සෙසු සම්ප්‍රයුක්ත ධර්මවල ප්‍රධාන වේ. එහෙයින් වේදනා දෙකෙහි කාමරාග අනුසය අත්නොහැර පවතී යයි කියන ලදි. ඕළාරික වශයෙන් අවබෝධ කළයුත්තන්ට පහසුවෙන් අවබෝධ කරවති.

නනු චෙස ආරම‍්මණවසෙන අනුසයමානො න කෙවලං ඉමාසු ද‍්වීසු වෙදනාසු චෙව වෙදනාසම‍්පයුත‍්තධම‍්මෙසු ච අනුසෙති, ඉට‍්ඨෙසු පන රූපාදීසුපි අනුසෙතියෙව. වුත‍්තම‍්පි චෙතං විභඞ‍්ගප‍්පකරණෙ (විභ· 816) “යං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථ සත‍්තානං කාමරාගානුසයො අනුසෙතී”ති ඉමස‍්මිම‍්පි පකරණෙ අනුසයවාරස‍්ස පටිලොමනයෙ වුත‍්තං. “යත්‍ථ කාමරාගානුසයො නානුසෙති තත්‍ථ දිට‍්ඨානුසයො නානුසෙතීති දුක‍්ඛාය වෙදනාය රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ කාමරාගානුසයො නානුසෙති, නො ච තත්‍ථ දිට‍්ඨානුසයො නානුසෙති. අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති, දිට‍්ඨානුසයො ච නානුසෙතී”ති. එත්‍ථ හි දුක‍්ඛවෙදනාය චෙව රූපධාතුආදීසු ච නානුසෙතීති වුත‍්තත‍්තා සසම‍්පයුත‍්තධම‍්මං දුක‍්ඛවෙදනං සඔකාසෙ රූපාරූපාවචරධම‍්මෙ නව ච, ලොකුත‍්තරධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසෙසු රූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බෙසු අනුසෙතීති වුත‍්තං හොති. තං ඉධ කස‍්මා න වුත‍්තන‍්ති? අනොළාරිකත‍්තා. හෙට‍්ඨා වුත‍්තනයෙන හි වෙදනානඤ‍්ඤෙව ඔළාරිකත‍්තා ඉමෙසං පන අනොළාරිකත‍්තා එතෙසු රූපාදීසු අනුසෙතීති න වුත‍්තං, අත්‍ථතො පන ලබ‍්භති. තස‍්මා එතෙසුපි කාමරාගානුසයො අනුසෙතියෙවාති වෙදිතබ‍්බො. න හි සත්‍ථා සබ‍්බං සබ‍්බත්‍ථ කථෙති. බොධනෙය්‍යසත‍්තානං පන වසෙන කත්‍ථචි යං ලබ‍්භති, තං සබ‍්බං කථෙති, කත්‍ථචි න කථෙති. තථා හි අනෙන කත්‍ථචි දිට‍්ඨානුසයො අනුසෙතීති පුච‍්ඡිත්‍වා “සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසු ධම‍්මෙසු එත්‍ථ දිට‍්ඨානුසයො අනුසෙතී”ති යං ලබ‍්භති තං සබ‍්බං කථිතං. අපරස‍්මිං ඨානෙ විස‍්සජ‍්ජන‍්තෙන “රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අනුසෙන‍්ති, කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච කාමරාගානුසයො ච මානානුසයො ච දිට‍්ඨානුසයො ච අනුසෙන‍්ති, දුක‍්ඛාය වෙදනාය එත්‍ථ විචිකිච‍්ඡානුසයො ච පටිඝානුසයො ච දිට‍්ඨානුසයො ච අවිජ‍්ජානුසයො ච අනුසෙන‍්තී”ති යං ලබ‍්භති තං සබ‍්බං අකථෙත්‍වා රූපධාතුඅරූපධාතූහි සද‍්ධිං තිස‍්සො වෙදනාව කථිතා. වෙදනාසම‍්පයුත‍්තා පන අරූපධම‍්මා, සබ‍්බඤ‍්ච රූපං න කථිතං. කිඤ‍්චාපි න කථිතං, දිට‍්ඨානුසයො පනෙත්‍ථ අනුසෙතියෙව. එවමෙව කිඤ‍්චාපි ඉධ රූපාදිඉට‍්ඨාරම‍්මණං න කථිතං, කාමරාගානුසයො පනෙත්‍ථ අනුසෙතියෙවාති. එවං තාව කාමරාගානුසයස‍්ස අනුසයනට‍්ඨානං වෙදිතබ‍්බං.

මෙය අරමුණු වශයෙන් අත්නොහැර පවතින්නේ හුදෙක් මේ වේදනා දෙකෙහි ද වේදනා සම්ප්‍රයුක්ත ධර්මවල ද අත්නොහැර පවතී. ඉෂ්ට රූපාදියෙහි ද අත්නොහැර පවතීමය. විභංග ප්‍රකරණයෙහි මෙය කියන ලදි. ‘ලෝකයෙහි ප්‍රිය රූප වූ මිහිරි රූප වූ යමක් වේද, එහි සත්ත්වයින්ගේ කාමරාග අනුශය අත්නොහැර පවතී. මේ ප්‍රකරණයෙහි ම අනුශයවාර පටිලෝම නයෙහි කියන ලද:- යම්තැනක කාමරාග අනුශය අත්හැර පවතීද එතැන දිට්ඨ අනුශය අත්හැර පවතී. දුක් වේදනාවෙන් රූපධාතුවේ අරූප ධාතුවේ යන මෙහි ද කාමරාග අනුශය අත්හැර පවතී. දිට්ඨානුශයද එහි නොපවතී. අපරියාපත්ත වශයෙන් මෙහි කාමරාග අනුශය ද නොපවතී. දිට්ඨානුශයද නොපවතී යයි මෙහි දුක්ඛ වේදනාවද රූපධාතු ආදියෙහි නොපවතී යයි කියන ලද බැවින් සම්ප්‍රයුක්ත ධර්ම වූ දුක්ඛ වේදනාව ඕකාස සහිත වූ රූපාවචර ධර්මයෙන්ද ලෝකෝත්තර ධර්මය හැර අවසේස රූප සද්දගන්ධ රස ස්පර්ශවල පවතී යයි කියන ලද්දේ වේ. එය මෙහි කුමක්හෙයින් නොකියන ලදද? ඕලාරික නොවන බැවිනි. යට කියන ලද නයින් වේදනාවම ඕළාරික බැවින් මෙයද ඕළාරික නොවේ. මේ රූපාදියෙහි පවතීයයි නොකියන ලදි. අර්ථ වශයෙන් වනාහි ලබයි. එහෙයින් මේවායෙහි ද කාමරාග අනුශය පවතී යයි දතයුතුය. ශාස්තෲන් වහන්සේ සියල්ල සියළු තැන නො වදාළහ. අවබෝධ කළහැකි සත්ත්වයින්ගේ වශයෙන් කිසිතැනක යමක් ලබයි නම් ඒ සියල්ල වදාරති. කිසිතැනක නොවදාරති. එසේම මෙයින් දිට්ඨානුශය පවතීදැයි අසා සත්කාය ඇතුළත් සියළු ධර්මවල දිට්ඨානුශය පවතී යයි යමක් ලබාද ඒ සියල්ල වෙනත් තැනක විසඳමින් වදාරන ලදි. රූපධාතු අරූපධාතු යන මෙහි විචිකිච්ඡා අනුශයද මාන අනුශයද දිට්ඨ අනුශයද පවතී. කාමධාතුවේ වේදනා දෙකෙහිද ඉහත කී අනුශයන් පවතී. දුක්ඛ වේදනාවෙහි විචිකිච්ඡා අනුශය, පටිඝ අනුශය, දිට්ඨ අනුශය පවතී යයි යමක් ලබාද ඒ සියල්ල නොකියා රූපධාතු අරූප ධාතු සමග වේදනා තුන කියන ලදි. වේදනා සම්ප්‍රයුක්ත වනාහි අරූප ධර්ම සියල්ලද රූපයද නොකියන ලදි. කිසිවක් නොකියන ලදි. දිට්ඨ අනුශය මෙහි පවතී. එසේම රූපාදි ඉටු අරමුණෙහි කිසිවක් නොකියන ලදි. කාමරාග අනුශය මෙහි පවතීමය. මෙසේ කාමරාග අනුශයේ පවතින තැන් දතයුතුය.

පටිඝානුසයස‍්ස පන “දුක‍්ඛාය වෙදනායා”ති වචනතො ද‍්වෙ දොමනස‍්සවෙදනා කායවිඤ‍්ඤාණසම‍්පයුත‍්තා දුක‍්ඛවෙදනාති තිස‍්සො වෙදනා අනුසයනට‍්ඨානං. සො පනෙස දොමනස‍්සවෙදනාසු සහජාතවසෙන ආරම‍්මණවසෙන චාති ද‍්වීහාකාරෙහි අනුසෙති. අවසෙසදුක‍්ඛවෙදනාය පන ආරම‍්මණවසෙනෙව අනුසෙති. තාසු වෙදනාසු අනුසයමානො චෙස තාහි සම‍්පයුත‍්තෙසු සඤ‍්ඤාක‍්ඛන්‍ධාදීසුපි අනුසෙතියෙව. යාය හි වෙදනාය එස සහජාතො, තංසම‍්පයුත‍්තෙහි සඤ‍්ඤාදීහිපි සහජාතොව. යා ච වෙදනා ආරම‍්මණං කරොති, තාහි සම‍්පයුත‍්තෙ සඤ‍්ඤාදයොපි කරොතියෙව. එවං සන‍්තෙපි පන යස‍්මා දුක‍්ඛවෙදනාව අසාතදුක‍්ඛවෙදයිතත‍්තා නිරස‍්සාදට‍්ඨෙන පටිඝානුසයස‍්ස උප‍්පත‍්තියා සෙසසම‍්පයුත‍්තධම‍්මෙසු අධිකා; තස‍්මා “දුක‍්ඛාය වෙදනාය එත්‍ථ පටිඝානුසයො අනුසෙතී”ති වුත‍්තං, ඔළාරිකවසෙන හි බොධනෙය්‍යෙ සුඛං බොධෙතුන‍්ති.

පටිඝ අනුශය වනාහි දුක් වේදනාවේ වචනයෙන් දොම්නස් වේදනා දෙක, කාය විඤ්ඤාණ සම්ප්‍රයුක්ත දුක් වේදනාව යයි වේදනාව තුනෙහි පවතී. එය වනාහි මේ දොම්නස් වේදනා දෙකෙහි සහජාත වශයෙන් හා අරමුණු වශයෙන් යන දෙයාකාරයකින් පවතී. සෙසු දුක්වේදනාවල අරමුණු වශයෙන් පවතී. ඒ වේදනාවල පවතින්නේ ඒවා සමග සම්ප්‍රයුක්ත සංඥා ස්කන්ධාදියෙහි ද පවතීමය. යම් වේදනාවක් සමග මෙය සහජාත ද එය හා සම්ප්‍රයුක්ත සංඥාදියෙහි ද සහජාත වේ. යම් වේදනාවක් අරමුණු කෙරේ නම් එය හා සම්ප්‍රයුක්ත සංඥා ආදියද අරමුණු කෙරේ. මෙසේ පවතින කල්හි යම් දුක් වේදනාවක් අමිහිරි දුක් වේදනාදියක් බැවින් ආශ්වාද නොවන අර්ථයෙන් පටිඝ අනුශයේ ඉපදීමෙන් සෙසු සම්ප්‍රයුක්ත ධර්මවල අධිකව යෙදේ. එහෙයින් දුක්වේදනාවේ පටිඝ අනුශය පවතීයයි කියන ලදි. ඕළාරික වශයෙන් අවබෝධ කරන්නන්ට පහසුවෙන් අවබෝධ කරවීම සඳහාය.

නනු චෙස ආරම‍්මණවසෙන අනුසයමානො න කෙවලං දුක‍්ඛවෙදනාය චෙව තංසම‍්පයුත‍්තධම‍්මෙසු ච අනුසෙති, අනිට‍්ඨෙසු පන රූපාදීසුපි අනුසෙතියෙව? වුත‍්තම‍්පි චෙතං විභඞ‍්ගප‍්පකරණෙ (විභ· 816) “යං ලොකෙ අප‍්පියරූපං අසාතරූපං, එත්‍ථ සත‍්තානං පටිඝානුසයො අනුසෙතී”ති ඉමස‍්මිම‍්පි පකරණෙ අනුසයවාරස‍්ස පටිලොමනයෙ වුත‍්තං – “කාමධාතුයා ද‍්වීසු වෙදනාසු එත්‍ථ පටිඝානුසයො නානුසෙති, නො ච තත්‍ථ කාමරාගානුසයො නානුසෙති. රූපධාතුයා අරූපධාතුයා අපරියාපන‍්නෙ එත්‍ථ පටිඝානුසයො ච නානුසෙති, කාමරාගානුසයො ච නානුසෙතී”ති. එත්‍ථ හි ද‍්වීසු කාමාවචරවෙදනාසු චෙව රූපධාතුආදීසු ච නානුසෙතීති වුත‍්තත‍්තා සසම‍්පයුත‍්තධම‍්මා ද‍්වෙ වෙදනා සඔකාසෙ රූපාරූපාවචරධම‍්මෙ නව ච, ලොකුත‍්තරධම‍්මෙ ඨපෙත්‍වා අවසෙසෙසු රූපාදීසු අනුසෙතීති වුත‍්තං හොති . තං ඉධ කස‍්මා න වුත‍්තන‍්ති? අනොළාරිකත‍්තා. හෙට‍්ඨා වුත‍්තනයෙන හි දුක‍්ඛවෙදනාය එව ඔළාරිකත‍්තා ඉමෙසං පන අනොළාරිකත‍්තා එතෙසු රූපාදීසු අනුසෙතීති න වුත‍්තං. අත්‍ථතො පන ලබ‍්භති, තස‍්මා එතෙසුපි පටිඝානුසයො අනුසෙතියෙවාති වෙදිතබ‍්බො.

මේ දුක්වේදනාවල සහ එම සම්ප්‍රයුක්ත ධර්මවල පමණක් නොව අරමුණු වශයෙන් නොපවතින්නේ ද? අනිෂ්ට රූපාදියෙහි ද පවතීමය. විභංග ප්‍රකරණයෙහි කියන ලදි. ලෝකයෙහි යම් අප්‍රිය වූ අමිහිරි වූ රූපයක් වේද එහි සත්ත්වයින්ගේ පටිඝ අනුශය පවතී. මේ ප්‍රකරණයෙහිම අනුශය වාරයේ පටිලෝම නයෙහි කියන ලදි. කාමධාතුවේ වේදනා දෙකක පටිඝ අනුශය නොපවතී. එහි කාමරාග අනුශයද නොපවතී. එහි කාමාවචර වේදනාවල මෙන්ම රූපධාතුවල ද යන දෙකෙහි නොපවතී යයි කියන ලද බැවින් සම්ප්‍රයුක්ත ධර්ම සහිත වේදනා දෙක ඕකාශයෙහි රූපාවචර අරූපාවචර ධර්ම නවය ද ලෝකෝත්තර ධර්මය හැර අවසේස රූපාදියෙහි පවතී යයි කියන ලද්දේ වේ. එය මෙහි කුමක් නිසා නොකියන ලදද? ඕළාරික නොවන බැවිනි. යට කියන ලද නයින් දුක් වේදනාවම ඕළාරික බැවින් මේවායේ වනාහි ඕළාරික නොවන බැවින් මේ රූපාදියෙහි පවතීම යයි දතයුතුය.

කිං පන ඉතරා ද‍්වෙ වෙදනා ඉට‍්ඨාරම‍්මණං වා පටිඝස‍්ස ආරම‍්මණං න හොන‍්තීති? නො න හොන‍්ති. පරිහීනජ‍්ඣානස‍්ස විප‍්පටිසාරවසෙන සසම‍්පයුත‍්තධම‍්මා තා වෙදනා ආරබ‍්භ දොමනස‍්සං උප‍්පජ‍්ජති. ඉට‍්ඨාරම‍්මණස‍්ස ච පටිලද‍්ධස‍්ස විපරිණාමං වා අප‍්පටිලද‍්ධස‍්ස අප‍්පටිලාභං වා සමනුස‍්සරතොපි දොමනස‍්සං උප‍්පජ‍්ජති. දොමනස‍්සමත‍්තමෙව පන තං හොති, න පටිඝානුසයො. පටිඝානුසයො හි අනිට‍්ඨාරම‍්මණෙ පටිහඤ‍්ඤනවසෙන උප‍්පන‍්නො ථාමගතො කිලෙසො, තස‍්මා එත්‍ථ දොමනස‍්සෙන සද‍්ධිං පටිඝො උප‍්පන‍්නොපි අත‍්තනො පටිඝකිච‍්චං අකරණභාවෙන එව පටිඝානුසයො න හොති අබ‍්බොහාරිකත‍්තං ගච‍්ඡති. යථා හි පාණාතිපාතචෙතනාය සද‍්ධිං උප‍්පන‍්නොපි බ්‍යාපාදො මනොකම‍්මං නාම න හොති අබ‍්බොහාරිකත‍්තං ගච‍්ඡති, එවං පටිඝානුසයො න හොති, අබ‍්බොහාරිකත‍්තං ගච‍්ඡති. වුත‍්තම‍්පි චෙතං එකච‍්චං ඉට‍්ඨාරම‍්මණං නෙක‍්ඛම‍්මසිතම‍්පි වා දොමනස‍්සං සන්‍ධාය “යං එවරූපං දොමනස‍්සං පටිඝං තෙන පජහති න තත්‍ථ පටිඝානුසයො අනුසෙතී”ති (ම· නි· 1.465). එවං පටිඝානුසයස‍්ස අනුසයනට‍්ඨානං වෙදිතබ‍්බං.

ඉතිරි වේදනා දෙක ඉටු අරමුණ හෝ පටිඝයේ අරමුණ කිම නොවේද? නොවන්නේ නොවේ. පිරිහුණු ධ්‍යානයේ විපිළිසර වශයෙන් සම්ප්‍රයුක්ත ධර්ම වූ ඒ වේදනා අරභයා දොම්නස උපදී. ඉටු අරමුණේ ද ලැබූ විපරිණාමය හෝ නොලද අලාභයේ හෝ සිහිකරන්නාට දොම්නස උපදී. එය දොම්නස් මාත්‍රයක් පමණක් වේ. පටිඝ අනුශය නොවේ. පටිඝානුශය වනාහි අනිටු අරමුණෙහි හැපීම් වශයෙන් උපන්නේ බලවත් වූ ක්ලේශයකි. එහෙයින් මෙහි දොම්නස සමග පටිඝය උපන්නේ ද තමාගේ පටිඝ කිස නොකරන බැවින්ම පටිඝ අනුශය නොවේ. අව්‍යවහාර බවට පැමිණේ. පාණාතිපාත චේතනාව සමග උපන් ව්‍යාපාදය මනෝකර්ම නම් නොවන්නා සේ අව්‍යවහාරයට පැමිණේ. මෙසේ පටිඝානුශය නොවේ. අව්‍යවහාර බවම යයි. මෙය කියන ලදි. එක් ඉටු අරමුණක් නෙක්ඛම්ම සිතද හෝ දොම්නස සඳහා ‘යම් එබඳු වූ දොම්නස් පටිඝය එයින් දුරු කෙරේ, එහි පටිඝ අනුශය නොවේ’ යයි මෙසේ පටිඝානුශයේ අනුශය නැතිවීම දතයුතුය.

මානානුසයස‍්ස පන “කාමධාතුයා ද‍්වීසු වෙදනාසූ”තිආදිවචනතො ද‍්වෙ කාමාවචරවෙදනා රූපාරූපධාතුයො චාති ඉදං තිවිධං අනුසයනට‍්ඨානං. තස‍්ස අකුසලාසු වෙදනාසු කාමරාගානුසයස‍්ස විය සහජාතානුසයතා වෙදිතබ‍්බා. සසම‍්පයුත‍්තධම‍්මාසු පන සබ‍්බාසුපි කාමාවචරාසු සුඛඅදුක‍්ඛමසුඛවෙදනාසු රූපාරූපධාතූසු ච ආරම‍්මණවසෙනෙව අනුසෙති. අනුසයවාරස‍්ස පන පටිලොමනයෙ “දුක‍්ඛාය වෙදනාය අපරියාපන‍්නෙ එත්‍ථ කාමරාගානුසයො ච නානුසෙති, මානානුසයො ච නානුසෙතී”ති වුත‍්තත‍්තා ඨපෙත්‍වා දුක‍්ඛවෙදනඤ‍්චෙව නවවිධං ලොකුත‍්තරධම‍්මඤ‍්ච සෙසරූපාරූපධම‍්මෙසුපි අයං අනුසෙතියෙවාති. එවං මානානුසයස‍්ස අනුසයනට‍්ඨානං වෙදිතබ‍්බං.

මානානුශය වනාහි කාමධාතුවේ වේදනා දෙකක යයි ආදි වචනයෙන් කාමාවචර වේදනා දෙකය. රූපධාතුව යයි මේ ස්ථාන තුන අනුශය ස්ථාන වේ. ඒ අකුසල වේදනාවල කාම රාගානුශය මෙන් සහජාත අනුශය බව දතයුතුය. සම්ප්‍රයුක්ත ධර්මවල වනාහි සියළු කාමාවචර සැප දුක් උපේක්‍ෂා වේදනාවල රූපාරූප ධාතුවලද අරමුණු වශයෙන් පවතී. අනුශය වාර පටිලෝම නයෙහි දුක් වේදනාවට ඇතුළත් නොවූ එහි කාමරාග අනුශයද මානානුශය ද නොපවතී යයි කියූ බැවින් නවවිධ දුක් වේදනාවද ලෝකෝත්තර ධර්මයද හැර සෙසු රූපාරූප ධර්මවලද මෙය පවතීමය. මෙසේ මානානුශයේ අනුශය ස්ථාන දතයුතුය.

දිට‍්ඨානුසයවිචිකිච‍්ඡානුසයා පන කෙවලං ලොකුත‍්තරධම‍්මෙස‍්වෙව නානුසෙන‍්ති. තෙභූමකෙසු පන සබ‍්බෙසුපි අනුසෙන‍්තියෙව. තෙන වුත‍්තං – “සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසු ධම‍්මෙසු එත්‍ථ දිට‍්ඨානුසයො අනුසෙති, එත්‍ථ විචිකිච‍්ඡානුසයො අනුසෙතී”ති. තත්‍ථ සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසූති සංසාරවට‍්ටනිස‍්සිතට‍්ඨෙන සක‍්කායපරියාපන‍්නෙසු සබ‍්බධම‍්මෙසූති අත්‍ථො. තත්‍ථ පනෙතෙ පඤ‍්චසු චිත‍්තුප‍්පාදෙසු සහජාතානුසයනවසෙන අනුසෙන‍්ති. තෙ වා පන පඤ‍්ච චිත‍්තුප‍්පාදෙ අඤ‍්ඤෙ වා තෙභූමකධම‍්මෙ ආරබ‍්භ පවත‍්තිකාලෙ ආරම‍්මණානුසයනවසෙන අනුසෙන‍්තීති. එවං දිට‍්ඨානුසයවිචිකිච‍්ඡානුසයානං අනුසයනට‍්ඨානං වෙදිතබ‍්බං.

දිට්ඨානුශය විචිකිච්ඡානුසය වනාහි හුදෙක් ලෝකෝත්තර ධර්මවල නොපවතී. ත්‍රෛභූමක සියල්ලෙහි වනාහි පවතීමය. එයින් කියන ලදි. ‘සියළු සක්කායවල ඇතුළත් ධර්මවල දිට්ඨානුසය පවතී. විචිකිච්ඡානුසයද පවතී. එහි සබ්බකාය පරියාපන්නෙසු සසරවට නිශ්‍රිතාර්ථයෙන් සක්කාය ඇතුළත් සියළු ධර්මවල යයි අර්ථය වේ. එහි වනාහි මේ පස් චිත්තුප්පාදවල සහජාත අනුශය වශයෙන් පවතී. ඒවා වනාහි චිත්තුප්පාද පසෙහි අන්‍ය වූ හෝ ත්‍රෛභූමක ධර්ම අරභයා පවතින කාලයෙහි අරමුණු අනුශය වශයෙන් පවතී. මෙසේ දිට්ඨානුසය විචිකිච්ඡානුසයවල පවතින සඳහා දතයුතුය.

භවරාගානුසයො පන කිඤ‍්චාපි දිට‍්ඨිවිප‍්පයුත‍්තෙසු චතූසු චිත‍්තෙසු උප‍්පජ‍්ජනතො සහජාතානුසයනවසෙන “කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අනුසෙතී”ති වත‍්තබ‍්බො භවෙය්‍ය. කාමධාතුයං පනෙස ද‍්වීහි වෙදනාහි සද‍්ධිං උප‍්පජ‍්ජමානොපි රූපාරූපාවචරධම‍්මමෙව පටිලභති. කාමධාතුයා පරියාපන‍්නං එකධම‍්මම‍්පි ආරම‍්මණං න කරොති, තස‍්මා ආරම‍්මණානුසයනවසෙන නියමං කත්‍වා “රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ භවරාගානුසයො අනුසෙතී”ති වුත‍්තං. අපිච රාගො නාමෙස කාමරාගභවරාගවසෙන දුවිධො. තත්‍ථ කාමරාගො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අනුසෙතීති වුත‍්තො. සචෙ පන භවරාගොපි කාමරාගො විය එවං වුච‍්චෙය්‍ය, කාමරාගෙන සද‍්ධිං දෙසනා සංකිණ‍්ණා විය භවෙය්‍යාති රාගකිලෙසං ද‍්විධා භින්‍දිත්‍වා කාමරාගතො භවරාගස‍්ස විසෙසදස‍්සනත්‍ථම‍්පි එවං දෙසනා කතාති. එවං භවරාගානුසයස‍්ස අනුසයනට‍්ඨානං වෙදිතබ‍්බං.

භවරාග අනුසය වනාහි දිට්ඨිවිප්පයුත්ත සතර සිත්වල ඉපදීමෙන් සහජාත අනුසය වශයෙන් කාමධාතුවේ වේදනා දෙකෙහි පවතී යයි කිවයුතු වන්නේය. කාමධාතුවෙහි වනාහි මේ වේදනා දෙක සමාන උපදින්නේ ද රූපාරූප ධර්මම ලබයි. කාමධාතුවට ඇතුළත් එකම ධර්මයකුදු අරමුණු නොකරයි. එහෙයින් අරමුණු නොකරයි. එහෙයින් අරමුණු අනුශය වශයෙන් නියමකොට රූපධාතුවෙහි අරූප ධාතුවෙහි භවරාග අනුශය පවතී යයි කියන ලදි. තවද මෙම රාගය නම් කාමරාග භවරාග වශයෙන් ද්විධය. එහි කාමරාගය කාමධාතුවේ. වේදනා දෙකෙහි පවතී යයි කියන ලදි. ඉදින් භවරාගයද කාමරාගය මෙන් මෙසේ කියන්නේය. කාමරාගය සමග දේශනා සංකීර්ණ මෙන් වන්නේ යයි රාග ක්ලේශය දෙකට බෙදී කාමරාගයෙන් භවරාගයට විශේෂ දර්ශනාර්ථයක්ද මෙසේ දේශනා කරන ලදි. මෙසේ භවරාගානුසයේ අනුශය ස්ථානය දතයුතුය.

අවිජ‍්ජානුසයො පන සබ‍්බෙසුපි තෙභූමකධම‍්මෙසු අනුසෙති. තෙන වුත‍්තං “සබ‍්බසක‍්කායපරියාපන‍්නෙසු ධම‍්මෙසු එත්‍ථ අවිජ‍්ජානුසයො අනුසෙතී”ති. තස‍්ස ද‍්වාදසසු චිත‍්තුප‍්පාදෙසු සහජාතානුසයතා වෙදිතබ‍්බා. ආරම‍්මණකරණවසෙන පන න කිඤ‍්චි තෙභූමකධම‍්මං ආරබ‍්භ න පවත‍්තතීති. එවං අවිජ‍්ජානුසයස‍්ස අනුසයනට‍්ඨානං වෙදිතබ‍්බං. අයං තාව පරිච‍්ඡෙදවාරපරිච‍්ඡින‍්නුද‍්දෙසවාරඋප‍්පත‍්තිට‍්ඨානවාරෙසු විනිච‍්ඡයකථා.

අවිජ්ජානුසය සියළු ත්‍රෛභූමක ධර්මවල පවතී. එයින් කියන ලදි. ‘සියළු සක්කායවලට ඇතුළත් ධර්මවල යන මෙහි අවිජ්ජා අනුසය පවතී’ යයි දොළොස් චිත්තුප්පාදවල සහජාත අනුසය බව දතයුතුය. අරමුණු කිරීම් වශයෙන් වනාහි කිසිදු ත්‍රෛභූමක ධර්මයක් අරභයා නොපවතී. මෙසේ අවිජ්ජා අනුසයේ අනුසය (පවතින) ස්ථාන දතයුතුය. මේ පරිච්ඡේද වාර, පරිච්ඡින්නුද්දෙසවාර, උප්පත්තිට්ඨානවාර විනිශ්චය කළ විස්තර වේ.

උප‍්පත‍්තිට‍්ඨානවාරවණ‍්ණනා.

මහාවාරො

මහා වාර

අනුසයවාරවණ‍්ණනා

අනුසයවාර වර්ණනාව

සත‍්තන‍්නං පන මහාවාරානං පඨමෙ අනුසයවාරෙ යස‍්ස කාමරාගානුසයො අනුසෙති, තස‍්ස පටිඝානුසයො අනුසෙතීති එත්‍ථ යදෙතං “ආමන‍්තා”ති පටිවචනං දින‍්නං, තං දුද‍්දින‍්නං විය ඛායති. කස‍්මා? කාමරාගපටිඝානං එකක‍්ඛණෙ අනුප‍්පත‍්තිතො. යථා හි “යස‍්ස මනායතනං උප‍්පජ‍්ජති, තස‍්ස ධම‍්මායතනං උප‍්පජ‍්ජතීති ‘ආමන‍්තා’, අස‍්සාසපස‍්සාසානං උප‍්පාදක‍්ඛණෙ තෙසං කායසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජති, වචීසඞ‍්ඛාරො ච උප‍්පජ‍්ජතී”තිආදීසු මනායතනධම‍්මායතනානි කායසඞ‍්ඛාරවචීසඞ‍්ඛාරා ච එකක‍්ඛණෙ උප‍්පජ‍්ජන‍්ති, න තථා කාමරාගපටිඝා. කාමරාගො හි අට‍්ඨසු ලොභසහගතචිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති. පටිඝො ද‍්වීසු දොමනස‍්සසහගතෙසූති, නත්‍ථි නෙසං එකක‍්ඛණෙ උප‍්පත‍්ති; තස‍්මා එත්‍ථ ‘නො’ති පටිසෙධො කත‍්තබ‍්බො සියා. තං අකත්‍වා පන ‘ආමන‍්තා’ති පටිවචනස‍්ස දින‍්නත‍්තා හෙට‍්ඨායමකෙසු විය එත්‍ථ ඛණපච‍්චුප‍්පන‍්නවසෙන වත‍්තමානවොහාරං අග‍්ගහෙත්‍වා අඤ‍්ඤථා ගහෙතබ‍්බො.

සත්මහා වාරවල වනාහි පළමු අනුශය වාරයෙහි යමෙකුගේ කාමරාග අනුශය පවතීද ඔහුගේ පටිඝානුසය පවතී යයි ප්‍රතිවචන දෙන ලදි. එය වැරදියට දෙන ලදැයි හැඟේ. කුමක් හෙයින්ද? කාමරාග පටිඝයන්ගේ ඒකක්‍ෂණයෙහි නො උපදින බැවින්. යමෙකුගේ මනායතනය උපදී නම් ඔහුගේ ධම්මායතනය උපදීද එසේය. ආශ්වාස ප්‍රශ්වාසවල උපන් කෙරෙන ඔවුන්ගේ කාය සංඛාරය ද උපදී. වචී සංඛාරය ද උපදී යනාදියෙහි මනායතන ධම්මායතන කාය සංඛාර වචී සංඛාර ද එක් ක්‍ෂණයෙහි උපදී. කාමරාග පටිඝ එසේ නොවේ. කාමරාගය ලෝභසහගත සිත් අටෙහි උපදී. පටිඝය දොම්නස් සිත් දෙකෙහි උපදී. ඒවායේ ඒකක්‍ෂණයෙහි ඉපදීමක් නැත. එහෙයින් මෙහි ‘නො’ යයි ප්‍රතිශේධ කළයුතු වන්නේය. එය නොකොට වනාහි ‘ආමන්තා’ යයි ප්‍රතිවචන දුන් බැවින් යට යමකයෙහි මෙන් මෙහි ක්‍ෂණ වර්තමාන වශයෙන් වර්තමාන ව්‍යවහාරය නොගෙන වෙන ආකාරයකින් ගතයුතුය.

කථං? අප‍්පහීනවසෙන. අප‍්පහීනතඤ‍්හි සන්‍ධාය අයං “අනුසෙතී”ති වත‍්තමානවොහාරො වුත‍්තො, න ඛණපච‍්චුප‍්පන‍්නතං. යස‍්මා ච අප‍්පහීනතං සන්‍ධාය වුත‍්තො, තස‍්මා “යස‍්ස කාමරාගානුසයො අනුසෙති, තස‍්ස පටිඝානුසයො අනුසෙතී”ති පුච‍්ඡාය යස‍්ස කාමරාගානුසයො අප‍්පහීනො, න අනුප‍්පත‍්තිධම‍්මතං ආපාදිතො, තස‍්ස පටිඝානුසයොපි අප‍්පහීනොති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. යස‍්මා ච තෙසු යස‍්සෙකො අප‍්පහීනො, තස‍්ස ඉතරොපි අප‍්පහීනොව හොති, තස‍්මා “ආමන‍්තා”ති වුත‍්තං. යදි එවං, යං උපරි උප‍්පජ‍්ජනවාරෙ ‘යස‍්ස කාමරාගානුසයො උප‍්පජ‍්ජති, තස‍්ස පටිඝානුසයො උප‍්පජ‍්ජතී’ති පුච‍්ඡිත්‍වා ‘ආමන‍්තා’ති වුත‍්තං; තත්‍ථ කථං අත්‍ථො ගහෙතබ‍්බොති? තත්‍ථාපි අප‍්පහීනවසෙනෙව උප‍්පත‍්තිපච‍්චයෙ සති උප‍්පත‍්තියා අනිවාරිතවසෙන වා. යථා හි චිත‍්තකම‍්මාදීනි ආරභිත්‍වා අපරිනිට‍්ඨිතකම‍්මන‍්තා චිත‍්තකාරාදයො තෙසං කම‍්මන‍්තානං අකරණක‍්ඛණෙපි මිත‍්තසුහජ‍්ජාදීහි දිට‍්ඨදිට‍්ඨට‍්ඨානෙ “ඉමෙසු දිවසෙසු කිං කරොථා”ති වුත‍්තා, “චිත‍්තකම‍්මං කරොම, කට‍්ඨකම‍්මං කරොමා”ති වදන‍්ති. තෙ කිඤ‍්චාපි තස‍්මිං ඛණෙ න කරොන‍්ති අවිච‍්ඡින‍්නකම‍්මන‍්තත‍්තා පන කතඛණඤ‍්ච කත‍්තබ‍්බඛණඤ‍්ච උපාදාය කරොන‍්තියෙව නාම හොන‍්ති. එවමෙව යම‍්හි සන‍්තානෙ අනුසයා අප‍්පහීනා, යම‍්හි වා පන නෙසං සන‍්තානෙ උප‍්පත‍්තිපච‍්චයෙ සති උප‍්පත‍්ති අනිවාරිතා, තත්‍ථ අනුප‍්පජ‍්ජනක‍්ඛණෙපි උප‍්පන‍්නපුබ‍්බඤ‍්චෙව කාලන‍්තරෙ උප‍්පජ‍්ජනකඤ‍්ච උපාදාය යස‍්ස කාමරාගානුසයො උප‍්පජ‍්ජති, තස‍්ස පටිඝානුසයො උප‍්පජ‍්ජතියෙව නාමාති එවමත්‍ථො වෙදිතබ‍්බො. ඉතො පරෙසුපි එවරූපෙසු විස‍්සජ‍්ජනෙසු එසෙව නයො. නො ච තස‍්සාති ඉදං අනාගාමිස‍්ස කාමරාගබ්‍යාපාදානං අනවසෙසතො පහීනත‍්තා වුත‍්තං. තිණ‍්ණං පුග‍්ගලානන‍්ති පුථුජ‍්ජනසොතාපන‍්නසකදාගාමීනං. ද‍්වින‍්නං පුග‍්ගලානන‍්ති සොතාපන‍්නසකදාගාමීනං. පරතොපි එවරූපෙසු ඨානෙසු එසෙව නයො.

කෙසේද? අප්‍රහීන වශයෙන්. අප්‍රහීන බව සඳහා මෙය පවතී යයි වර්තමාන ව්‍යවහාරයෙහි කියන ලදි. ක්‍ෂණ පච්චුප්පන්න භාවයෙන් නොවේ. යම්හෙයකින් අප්‍රහීන බව සඳහා කියන ලදි. එහෙයින් යමෙකුගේ කාමරාග අනුසය පවතීද ඔහුගේ පටිඝානුසය පවතීදැයි ඇසීමෙන් යමෙකුගේ කාමරාග අනුසය අප්‍රහීන වූයේ අනුප්ප්‍රාප්ති ධර්මතා ඉදිරිපත් නොවේ. ඔහුගේ පටිඝානුසයද අප්‍රහීන යයි මෙසේ අර්ථ වේයයි දැකිය යුතුය. යම්හෙයකින් ඒවායින් යමෙකුගේ එකක් අප්‍රහීනද ඔහුගේ ඉතිරි ඒවාද අප්‍රහීනම වේ. එහෙයින් ‘ආමන්තා’ යයි කියන ලදි. ඉදින් මෙසේ යමක් ඉහළ උපදින වාරයේ යමෙකුගේ කාමරාග අනුසය උපදීද ඔහුගේ පටිඝානුසය උපදීදැයි අසා ‘ආමන්තා’ යයි කියන ලදි. එහි අර්ථය කෙසේ ගතයුතු වේද? එහි ද අප්‍රහීන වශයෙන් ම උත්පත්ති ප්‍රත්‍යය ඇතිකල්හි උපතින් නො වැළැක්වීම් වශයෙන් හෝ. චිත්ත කර්මාදිය අරඹා නිමානොවූ කර්මාන්ත ඇත්තේ චිත්‍ර කාරාදීහු ඒ කර්මාන්තවල නොකරන ක්‍ෂණයෙහි ද මිතුරු සුහදයන් විසින් දුටු දුටු තැන්වල මේ දවස්වල කුමක් කරවුදැයි කියන ලදි. චිත්‍ර කර්මය කරමු. වඩුවැඩ කරමු යයි කියති. ඔව්හු ඒ අවස්ථාවේ (කළණයේ) කිසිවක් නොකරති. අවිච්ඡින්න කර්මාන්තභාවය වනාහි කළ ක්‍ෂණය ද කළයුතු කළණයද ගෙන කෙරෙතිම යයි වේ. එසේම යමෙකුගේ සන්තානයෙහි අනුසයෝ අප්‍රහීන ද යමෙකුගේ වනාහි හෝ ඔහුගේ සන්තානයෙහි උත්පත්ති ප්‍රත්‍ය ඇතිකල්හි උපත නොවළක්වන ලදි. එහි නූපදින ක්‍ෂණයෙහි ද ඉපදීමෙන් පෙරද කාල අතරෙහි ඉපදීමද ගෙන යමෙකුගේ කාමරාගානුසය උපදීද ඔහුගේ පටිඝානුසය ඉපදීම වේයයි මෙසේ අර්ථය දතයුතුය. මෙයින් පසුවද මෙබඳු වූ විසඳුම්වල මෙම නයම වේ. නො ච තස්ස මෙය අනාගාමීහුගේ කාමරාග ව්‍යාපාදවල ඉතිරි නැතිව ප්‍රහීන බව කියන ලදි. තිණ්ණං පුග්ගලානං පුථුක්ජන, සෝවාන්, සකදාගාමි. ද්වින්නං පුග්ගලානං සෝවාන් සකදාගාමි දෙදෙනා පසුවද මෙබඳු රූප තැන්වල මෙම නයම වේ.

ඔකාසවාරස‍්ස පඨමදුතියපුච‍්ඡාසු යස‍්මා කාමරාගානුසයො කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අනුසෙති, පටිඝානුසයො දුක‍්ඛවෙදනාය; තස‍්මා ‘නො’ති පටිසෙධො කතො. තතියපුච‍්ඡායං උභින‍්නම‍්පි කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අනුසයනතො ‘ආමන‍්තා’ති පටිවචනං දින‍්නං. රූපධාතුඅරූපධාතුයා පන මානානුසයස‍්ස කාමරාගානුසයෙන සද‍්ධිං අසාධාරණං උප‍්පත‍්තිට‍්ඨානං. තස‍්මා නො ච තත්‍ථ කාමරාගානුසයොති වුත‍්තං. ඉමිනා නයෙන සබ‍්බෙසං උප‍්පත‍්තිට‍්ඨානවාරං ඔලොකෙත්‍වා සාධාරණාසාධාරණං උප‍්පත‍්තිට‍්ඨානං වෙදිතබ‍්බං.

ඕකාස වාරයේ පළමු දෙවන පුච්ඡාවල යම්සේ කාමරාගානුසය කාමධාතුවේ (ලෝකයේ) වේදනා දෙකක පවතී. පටිඝානුසය දුක්වේදනාවේ. එහෙයින් ‘නො’ යයි ප්‍රතිසේධ කරන ලදි. තුන්වන පුච්ඡාවෙහි දෙකද කාමධාතුවේ වේදනා දෙකෙහි පැවතීමෙන්. ආමත්තා යයි ප්‍රතිවචනය දෙන ලදි. රූපධාතු අරූප ධාතු වනාහි මාන අනුසයේ කාමරාග අනුසය සමග අසාධාරණ උත්පත්ති ස්ථාන වේ. එහෙයින් නො ච තත්‍ථ කාමරාගානුසයො යයි කියන ලදි. මෙම නයින් සියල්ලේ උත්පත්ති ස්ථාන වාරය බලා සාධාරණ අසාධාරණ උත්පත්ති ස්ථාන දතයුතුය.

දුකමූලකපුච‍්ඡායං යස‍්මා කාමරාගපටිඝානුසයා නාපි එකස‍්මිං ඨානෙ උප‍්පජ‍්ජන‍්ති, න එකං ධම‍්මං ආරම‍්මණං කරොන‍්ති, තස‍්මා නත්‍ථීති පටික‍්ඛෙපො කතො. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො. යස‍්මිං ඉමෙ ද‍්වෙ අනුසයා අනුසයෙය්‍යුං, තං ඨානමෙව නත්‍ථි. තස‍්මා “කත්‍ථ මානානුසයො අනුසෙතී”ති අයං පුච‍්ඡා අපුච‍්ඡායෙවාති. අඤ‍්ඤෙසුපි එවරූපෙසු එසෙව නයො.

දුක මූලක පුච්ඡාවෙහි යම්හෙයකින් කාමරාග පටිඝානුසය එක එක තැන්වල නූපදී. එක ධර්මයක් අරමුණු නො කරයි. එහෙයින් නත්‍ථි යයි ප්‍රතික්‍ෂෙප කරන ලදි. එහි අදහස් මෙසේය. යම්සේ මේ අනුසය දෙක පවතින්නේ නම් ඒ ස්ථානයම නැත. එහෙයින් මාන අනුසය පවතී යයි මේ පුච්ඡා අපුච්ඡා වේමය. (ඇසීමක් නොවේ යන අර්ථයයි.) අනිත් මෙබඳු රූප තැන්වල මෙම නයම වේ.

පුග‍්ගලොකාසවාරෙ චතුන‍්නන‍්ති පුථුජ‍්ජනසොතාපන‍්නසකදාගාමිඅනාගාමීනං.

පුග්ගල ඔකාස වාරයෙහි චතුන්නං පෘථග්ජන, සෝවාන්, සකදාගාමි, අනාගාමි

පටිලොමනයෙ යස‍්ස කාමරාගානුසයො නානුසෙතීති අයං පුච‍්ඡා අනාගාමිං ගහෙත්‍වා පුච‍්ඡති.

පටිලෝම නයෙහි යස්ස කාමරාගානුසයො නානුසෙති මේ පුච්ඡාව අනාගාමියා ගෙන අසයි.

ද‍්වින‍්නං පුග‍්ගලානං සබ‍්බත්‍ථ කාමරාගානුසයො නානුසෙතීති අනාගාමිඅරහන‍්තානං. කාමධාතුයා තීසු වෙදනාසූති ච වෙදනාග‍්ගහණෙන වෙදනාසම‍්පයුත‍්තකානම‍්පි තෙසං වත්‍ථාරම‍්මණානම‍්පීති සබ‍්බෙසම‍්පි කාමාවචරධම‍්මානං ගහණං වෙදිතබ‍්බං. අයං අනුසයවාරෙ විනිච‍්ඡයකථා.

ද්වින්නං පුග්ගලානං සබ්බත්‍ථ කාමරාගානුසයො නානුස්සති අනාගාමි, අරහතුන්ගේ. කාමධාතුයා තීසු වෙදනාසු වේදනාව ගැනීමෙන් වේදනා සම්ප්‍රයුක්තයන්ගේ ද ඒවායේ වස්තු අරමුණු ද යන සියළු කාමාවචර ධර්මවල ගැනීම දතයුතුය.

අනුසයවාරවණ‍්ණනා.

මේ අනුසයවාර විනිශ්චය කථා නිමි.

සානුසයවාරවණ‍්ණනා

සානුසයවාරවණ්ණනා

සානුසයවාරෙ පන යො කාමරාගානුසයෙන සානුසයොති යථා එකන‍්තරිකජරාදිරොගෙන ආබාධිකො යාව තම‍්හා රොගා න මුච‍්චති, තාව තස‍්ස රොගස‍්ස අනුප‍්පත‍්තික‍්ඛණෙපි සරොගොයෙව නාම හොති. එවං සසංකිලෙසස‍්ස වට‍්ටගාමිසත‍්තස‍්ස යාව අරියමග‍්ගෙන අනුසයා සමුග‍්ඝාතං න ගච‍්ඡන‍්ති, තාව තෙසං අනුසයානං අනුප‍්පත‍්තික‍්ඛණෙපි සානුසයොයෙව නාම හොති. එවරූපං සානුසයතං සන්‍ධාය ‘ආමන‍්තා’ති වුත‍්තං. සෙසමෙත්‍ථ අනුසයවාරසදිසමෙව.

සානුසය වාරයෙහි වනාහි කාමරාගානුසයෙන සානුසයො යයි යම්සේ ඒකන්තරික ජරාදි රෝගයෙන් ආබාධිතව යම්තාක් ඒ රෝගයෙන් නොමිදේ ද ඒතාක් ඔහුගේ රෝගයේ අනුප්පත්ති ක්‍ෂණයෙහි ද රෝග සහිත වූයේ නම් වේ. මෙසේ කෙලෙස් සහිත වූ සසරගාමි සත්ත්වයාගේ ආර්ය මාර්ගයෙන් අනුසය ඉවත්කරන තුරු ඒ අනුසයන්ගේ උප්පත්ති ක්‍ෂණයෙහි ද සානුසයම නම් වේ. මෙබඳු රූප වූ සානුසය බව සඳහා ආමන්තා යයි කියන ලදි. මෙහි සෙස්ස අනුසයවාර හා සමාන වේ.

ඔකාසවාරෙ පන “රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ මානානුසයෙන සානුසයො”ති වුත‍්තෙ තාසු ධාතූසු පුග‍්ගලස‍්ස සානුසයතා පඤ‍්ඤායෙය්‍ය, අනුසයස‍්ස උප‍්පත‍්තිට‍්ඨානං න පඤ‍්ඤායෙය්‍ය. අනුසයස‍්ස ච උප‍්පත‍්තිට‍්ඨානදස‍්සනත්‍ථං අයං වාරො ආරද‍්ධො, තස‍්මා තතො මානානුසයෙන සානුසයොති වුත‍්තං. එවඤ‍්හි සති තතො ධාතුද‍්වයතො උප‍්පන‍්නෙන මානානුසයෙන සානුසයොති අනුසයස‍්ස උප‍්පත‍්තිට‍්ඨානං දස‍්සිතං හොති. ඉමස‍්ස පන පඤ‍්හස‍්ස අත්‍ථෙ අවුත‍්තෙ ආදිපඤ‍්හස‍්ස අත්‍ථො පාකටො න හොතීති පඨමං න වුත‍්තො, තස‍්මා සො එවං වෙදිතබ‍්බො. යතො කාමරාගානුසයෙනාති යතො උප‍්පන‍්නෙන කාමරාගානුසයෙන සානුසයො, කිං සො තතො උප‍්පන‍්නෙන පටිඝානුසයෙනපි සානුසයොති? යස‍්මා පනෙතෙ ද‍්වෙ එකස‍්මා ඨානා නුප‍්පජ‍්ජන‍්ති; තස‍්මා “නො”ති පටිසෙධො කතො. අරහා සබ‍්බත්‍ථාති අරහා සබ‍්බධම‍්මෙසු උප‍්පජ‍්ජනකෙන කෙනචි අනුසයෙන නිරානුසයොති. ඉමිනා අත්‍ථවසෙන නිප‍්පදෙසට‍්ඨානෙසු භුම‍්මවචනමෙව කතන‍්ති. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථවිනිච‍්ඡයො වෙදිතබ‍්බොති.

ඔකාස වාරයෙහි වනාහි රූපධාතුයා අරූපධාතුයා එත්‍ථ මානානුසයෙන සානුසයො යයි කියන ලද්දේ ඒ ධාතුවල පුද්ගලයාගේ අනුසය සහිත බව පෙනෙන්නේය. අනුසයේ උත්පත්ති ස්ථානය නො පෙනෙන්නේය. අනුසයේ උත්පත්ති ස්ථානය දැකීම සඳහා මේ වාරය අරඹන ලදි. එහෙයින් එයින් මානානුසයෙන සානුසයො යයි කියන ලදි. මෙසේ ඇතිකල්හි ඒ ධාතු දෙකින් උපන් මාන අනුසයෙන් සානුසය යයි අනුසයේ උපන් ස්ථානය දක්වන ලද්දේ වේ. මේ ප්‍රශ්නයේ අර්ථය නොකියන ලද කල්හි මුල් ප්‍රශ්නයේ අර්ථය ප්‍රකට නොවේ යයි පළමුව නොකියන ලදි. එහෙයින් එය මෙසේ දතයුතුය. යතො කාමරාගානුසයෙන යමකින් උපන් කාමරාගානුසයෙන් සානුසය වේ. කිම එය එයින් උපන් පටිඝ අනුසයෙන් ද සානුසය වේද? යම්හෙයකින් ඒ දෙක එකම තැනින් නූපදී. එහෙයින් නො යයි ප්‍රතිසෙධ කරන ලදි. අරහා සබ්බත්‍ථා සුදුසු සියළු ධර්මවල උපදින්නා විසින් කිසියම් අනුසයෙන් නිරනුසය වේ. මෙයින් අර්ථ වශයෙන් සියළු තැන්වල සත්තමී විභත්තියම යොදන ලදි. මෙම උපායෙන් සියළු අර්ථ විනිශ්චය දතයුතුය.

සානුසයවාරවණ‍්ණනා.

සානුසය වාර කථා නිමි.

පජහනවාරවණ‍්ණනා

පජහනවාරවණ්ණනා

පජහනවාරෙ පජහතීති තෙන තෙන මග‍්ගෙන පහානපරිඤ‍්ඤාවසෙන පජහති, ආයතිං අනුප‍්පත‍්තිධම‍්මතං ආපාදෙති. ආමන‍්තාති අනාගාමීමග‍්ගට‍්ඨං සන්‍ධාය පටිවචනං. තදෙකට‍්ඨං පජහතීති පහානෙකට‍්ඨතං සන්‍ධාය වුත‍්තං. නොති අරහත‍්තමග‍්ගට‍්ඨං සන්‍ධාය පටිසෙධො.

දුරුකරන වාරයෙහි පජහති ඒ ඒ මගින් ප්‍රහාන පරිඤ්ඤා වශයෙන් දුරුකරයි. ඉදිරියේ අනුත්පත්ති ධර්මතාවට පමුණුවයි. ආමන්තා යයි අනාගාමි මාර්ගස්ථයා සඳහා ප්‍රතිවචනයයි. තදෙකට්ඨං පජහති ප්‍රහානයෙහි කාෂ්ඨභාවය සඳහා කියන ලදි. නො යයි අරහත් මාර්ගස්ථාන සඳහා ප්‍රතිසේධය.

යතො කාමරාගානුසයං පජහතීති යතො උප‍්පජ‍්ජනකං කාමරාගානුසයං පජහතීති අත්‍ථො. අට‍්ඨමකොති අරහත‍්තඵලට‍්ඨතො පට‍්ඨාය පච‍්චොරොහනගණනාය ගණියමානො සොතාපත‍්තිමග‍්ගට‍්ඨො අට‍්ඨමකො නාම. දක‍්ඛිණෙය්‍යගණනාය හි අරහා අග‍්ගදක‍්ඛිණෙය්‍යත‍්තා පඨමො, අරහත‍්තමග‍්ගට‍්ඨො දුතියො, අනාගාමී තතියො…පෙ… සොතාපත‍්තිමග‍්ගට‍්ඨො අට‍්ඨමො. සො ඉධ “අට‍්ඨමකො”ති වුත‍්තො. නාමසඤ‍්ඤායෙව වා එසා තස‍්සාති. අනාගාමිමග‍්ගසමඞ‍්ගිඤ‍්ච අට‍්ඨමකඤ‍්ච ඨපෙත්‍වා අවසෙසාති සද‍්ධිං පුථුජ‍්ජනෙන සෙක‍්ඛාසෙක‍්ඛා. තෙසු හි පුථුජ‍්ජනො පහානපරිඤ‍්ඤාය අභාවෙන නප‍්පජහති. සෙසා තෙසං අනුසයානං පහීනත‍්තා. ද‍්වින‍්නං මග‍්ගසමඞ‍්ගීනන‍්ති ද‍්වෙ මග‍්ගසමඞ‍්ගිනො ඨපෙත්‍වාති අත්‍ථො. ඉමිනා නයෙන සබ‍්බත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බොති.

යතො කාමරාග අනුසයං පජහති යමකින් ඉපදෙන කාමරාග අනුසය දුරුකරයි යන අර්ථය වේ. අට්ඨමකො අරහත් ඵලයේ සිට ප්‍රති ආරෝහන ගණනින් ගණන් ගන්නේ සෝවාන් මාර්ගස්ථයා අට්ඨමකු නම් වේ. දක්‍ෂණෙය්‍ය ගණනින් රහතන් වහන්සේ අග්‍ර දක්ඛිණෙය්‍ය බැවින් පළමුවැන්නාය. අරහත්ත මාර්ගස්ථයා දෙවැන්නාය. අනාගාමි තුන්වැන්නාය. සෝවාන් මාර්ගස්ථයා අටවැන්නාය. හේ මෙහි අට්ඨමකයයි කියන ලදි. ඔහුට මේ නාම සංඥාවක් වේ. අනාගාමි මග්ග සමංගිඤ්ච අට්ඨමකඤ්ච ඨපෙත්‍වා අවසෙසා යයි පෘථග්ජනයා සමග සේක අසේකයෝ. ඔවුනතුරෙන් පෘථග්ජනයා ප්‍රහාන පරිඤ්ඤාව නොමැති වීමෙන් දුරු නොකරයි. සෙස්සෝ ඔවුන්ගේ අනුශායවල ප්‍රහීන බැවින්. ද්වින්නං මග්ග සමංගිනං යුක්ත වූ මාර්ග දෙක හැර යන අර්ථයයි. මෙම නයින් සියලු තැන විනිශ්චය දතයුතුය.

පජහනවාරවණ‍්ණනා.

පජහනවාර කථා නිමි.

පරිඤ‍්ඤාවාරවණ‍්ණනා

පරිඤ්ඤාවාරවණ්ණනා

පරිඤ‍්ඤාවාරෙ පරිජානාතීති තීහි පරිඤ‍්ඤාහි පරිජානාති. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයමෙව. අයම‍්පි හි වාරො පජහනවාරො විය මග‍්ගට‍්ඨානඤ‍්ඤෙව වසෙන විස‍්සජ‍්ජිතොති.

පරිඤ්ඤාවාරයෙහි පරිජානාති යයි පරිඤ්ඤා තුනකින් දැනගනී. මෙහි සෙස්ස යට කියන ලද නයම වේ. මෙම වාරය ද වනාහි පජහන වාරය මෙන් මාර්ග ස්ථාන වශයෙන් ම විසඳන ලදි.

පරිඤ‍්ඤාවාරවණ‍්ණනා.

පරිඤ්ඤාවාර කථා නිමි.

පහීනවාරවණ‍්ණනා

පහීනවාරවණ්ණනා

පහීනවාරෙ ඵලට‍්ඨවසෙනෙව දෙසනා ආරද‍්ධා. අනාගාමිස‍්ස හි උභොපෙතෙ අනුසයා පහීනා, තස‍්මා “ආමන‍්තා”ති වුත‍්තං.

ප්‍රහීන වාරයෙහි ඵලස්ථ වශයෙන් ම දේශනාව අරඹන ලදි. අනාගාමියාට මේ අනුශය දෙකම ප්‍රහීනය. එහෙයින් ආමන්තා යයි කියන ලදි.

ඔකාසවාරෙ යත්‍ථ කාමරාගානුසයො පහීනො තත්‍ථ පටිඝානුසයො පහීනොති පුච‍්ඡිත්‍වා න වත‍්තබ‍්බො පහීනොති වා අප‍්පහීනොති වාති වුත‍්තං තං කස‍්මාති? උප‍්පත‍්තිට‍්ඨානස‍්ස අසාධාරණත‍්තා. අඤ‍්ඤං හි කාමරාගානුසයස‍්ස උප‍්පත‍්තිට‍්ඨානං, අඤ‍්ඤං පටිඝානුසයස‍්ස. අභාවිතමග‍්ගස‍්ස ච යත්‍ථ අනුසයො උප‍්පජ‍්ජති, මග‍්ගෙ භාවිතෙ තත්‍ථෙව සො පහීනො නාම හොති . තත්‍ථ යස‍්මා නෙව කාමරාගානුසයට‍්ඨානෙ පටිඝානුසයො උප‍්පජ‍්ජති, න පටිඝානුසයට‍්ඨානෙ කාමරාගානුසයො, තස‍්මා තත්‍ථ සො පහීනොති වා අප‍්පහීනොති වා න වත‍්තබ‍්බො. සො හි යස‍්මිං අත‍්තනො උප‍්පත‍්තිට‍්ඨානෙ කාමරාගානුසයො පහීනො, තස‍්මිං අප‍්පහීනත‍්තා තත්‍ථ පහීනොති න වත‍්තබ‍්බො. යං කාමරාගානුසයස‍්ස උප‍්පත‍්තිට‍්ඨානං, තස‍්මිං අට‍්ඨිතත‍්තා තත්‍ථ අප‍්පහීනොති න වත‍්තබ‍්බො.

ඕකාස වාරයෙහි යත්‍ථ කාමරාගානුසයො පහීනො තත්‍ථ පටිඝානුසයො පහීනොති පුච්ඡිත්‍වා න වත්තබ්බො පහීනොති වා අප්පහීනොති වා යයි කියන ලදි. එය කුමක් නිසාද? උපන් ස්ථානයේ අසාධාරණ බැවිනි. කාමරාගානුසයේ උපන් තැන අන් තැනකය. පටිඝානුසයේ අන්තැනකය. අභාවිත මාර්ගයේ ද යම්තැන අනුසය උපදී. එහිම භාවිත මාර්ගයෙහි එය ප්‍රහීන නම් වේ. එහි යම්හෙයකින් කාමරාග අනුසය ස්ථානයෙහි පටිඝානුසය නො උපදී. පටිඝ අනුසය ස්ථානයෙහි කාමරාගානුසය නූපදී. එහෙයින් එහි එය ප්‍රහීන හෝ අප්‍රහීන හෝ යයි නොකිව යුතුය. එය තමාගේ උපන් ස්ථානයෙහි කාමරාග අනුසය ප්‍රහීන වේ. එහි අප්‍රහීන බැවින් එහි ප්‍රහීන යයි නොකිව යුතුය.

යත්‍ථ කාමරාගානුසයො පහීනො, තත්‍ථ මානානුසයො පහීනොති එත්‍ථ පන සාධාරණට‍්ඨානං සන්‍ධාය ආමන‍්තාති වුත‍්තං. කාමරාගානුසයො හි කාමධාතුයා ද‍්වීසු වෙදනාසු අනුසෙති. මානානුසයො තාසු චෙව රූපාරූපධාතූසු ච. සො ඨපෙත්‍වා අසාධාරණට‍්ඨානං සාධාරණට‍්ඨානෙ තෙන සද‍්ධිං පහීනො නාම හොති. තස‍්මා ‘ආමන‍්තා’ති වුත‍්තං. ඉමිනා නයෙන සබ‍්බස‍්මිම‍්පි ඔකාසවාරෙ පහීනතා ච නවත‍්තබ‍්බතා ච වෙදිතබ‍්බා. ‘නත්‍ථී’ති ආගතට‍්ඨානෙසු පන හෙට‍්ඨා වුත‍්තසදිසොව විනිච‍්ඡයො. පුග‍්ගලොකාසවාරො, ඔකාසවාරගතිකොයෙව.

කාමරාගානුසයේ උපන් ස්ථානය යම්තැනක ද එහි සිටි බැවින් එහි අප්‍රහීන යයි නොකිව යුතුය. යත්‍ථ කාමරාගානුසයො පහීනො තත්‍ථ මානානුසයො පහීනොති මෙහි වනාහි සාධාරණ ස්ථානයන් සඳහා ආමන්තා යයි කියන ලදි. කාමරාගානුසය වනාහි කාම ධාතුවේ වේදනා දෙකක පවතී. මානානුසය ඒවායෙහි මෙන්ම රූපාරූප ධාතුවල (රූප අරූප ලෝක) ද පවතී. එය අසාධාරණ ස්ථාන හැර සාධාරණ ස්ථානයේ එය සමග ප්‍රහීන වේ. එහෙයින් ආමන්තා යයි කියන ලදි. මෙම නයින් සියළු ඕකාස වාරයෙහි ප්‍රහීන බවද නොකිව යුතු බවද දතයුතුය. නත්‍ථි යයි ආ තැන්වල වනාහි යට කියන ලද සමානව විනිශ්චය වේ. පුග්ගලොකාසවාරය ඔකාසවාර ගතිකම වේ.

පටිලොමනයෙ යස‍්ස කාමරාගානුසයො අප‍්පහීනොති පුථුජ‍්ජනසොතාපන‍්නසකදාගාමිවසෙන පුච‍්ඡති. කිඤ‍්චාපි හි ඉමෙ ද‍්වෙ අනුසයා පුථුජ‍්ජනතො පට‍්ඨාය යාව අනාගාමිමග‍්ගට‍්ඨා ඡන‍්නං පුග‍්ගලානං අප‍්පහීනා. ඉධ පන පරතො “තිණ‍්ණං පුග‍්ගලානං ද‍්වින‍්නං පුග‍්ගලාන”න‍්තිආදිවචනතො මග‍්ගට‍්ඨා අනධිප‍්පෙතා, තස‍්මා පුථුජ‍්ජනසොතාපන‍්නසකදාගාමිනොව සන්‍ධාය ‘ආමන‍්තා’ති වුත‍්තං. ද‍්වින‍්නං පුග‍්ගලානන‍්ති සොතාපන‍්නසකදාගාමීනං. ඉමිනා නයෙන පුග‍්ගලවාරෙ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

පටිලෝම නයෙහි යස්ස කාමරාගානුසයො අප්පහීනො පුථුජ්ජන, සෝතාපන්න, සකදාගාමි වශයෙන් අසයි. මේ අනුසය දෙකම පෘථග්ජනයාගේ සිට අනාගාමි මාර්ගස්ථයා දක්වා පුද්ගලයන් සදෙනාගේ අප්‍රහීනය. මෙහි වනාහි අන්‍ය වූ ‘පුද්ගලයන් තිදෙනාගේ, පුද්ගලයන් දෙදෙනාගේ’ යන ආදි වචනයෙන් මාර්ගස්ථයා අදහස් නො කෙරේ. එහෙයින් පෘථග්ජන සෝවාන් සකදාගාමින් සඳහා ආමන්තා යයි කියන ලදි. ද්වින්නං පුග්ගලානං සෝවාන් සකදාගාමි දෙදෙනාගේ මෙම නයින් පුද්ගල වාරයෙහි විනිශ්චය දතයුතුය.

ඔකාසවාරපුග‍්ගලොකාසවාරා පන හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බාති.

ඔකාසවාර පුග්ගලොකාසවාර වනාහි යට කියන ලද නයින්ම දතයුතුය.

පහීනවාරවණ‍්ණනා.

පහීන වාර කථා නිමි.

උප‍්පජ‍්ජනවාරවණ‍්ණනා

උප්පජ්ජනවාරවණ්ණනා

උප‍්පජ‍්ජනවාරො අනුසයවාරසදිසොයෙව.

උප්පජ්ජනවාරය අනුසය වාරය හා සමාන වේමය.

ධාතුපුච‍්ඡාවාරවණ‍්ණනා

ධාතුපුච්ඡාවාරවණ්ණනා

ධාතුවාරස‍්ස පුච‍්ඡාවාරෙ තාව කති අනුසයා අනුසෙන‍්තීති කති අනුසයා සන‍්තානං අනුගතා හුත්‍වා සයන‍්ති. කති අනුසයා නානුසෙන‍්තීති කති අනුසයා සන‍්තානං න අනුගතා හුත්‍වා සයන‍්ති. කති අනුසයා භඞ‍්ගාති කති අනුසයා අනුසෙන‍්ති නානුසෙන‍්තීති එවං විභජිතබ‍්බාති අත්‍ථො. සෙසමෙත්‍ථ යං වත‍්තබ‍්බං සියා, තං හෙට‍්ඨා පාළිවවත්‍ථානෙ වුත‍්තමෙව.

ධාතුවාරයේ පුච්ඡාවාරයෙහි කති අනුසයා අනුසෙන්ති අනුසය කීයක් සත්ත්වයින්ට අනුගතව පවතීද කති අනුසයා නානුසෙන්ති අනුසය කීයක් සත්ත්වයින්ට අනුගත නැතිව නොපවතීද, කති අනුසයා භංගාති අනුසය කීයක් පවතීද, නොපවතීදැයි මෙසේ බෙදිය යුතුය යන අර්ථය වේ. මෙහි කිවයුතු සෙසු යමක් වේ නම් එය යට පෙළ නියමයෙහි කියන ලදමය.

ධාතුවිස‍්සජ‍්ජනාවාරවණ‍්ණනා

ධාතුවිස්සජ්ජනාවාරවණ්ණනා

නිද‍්දෙසවාරෙ පනස‍්ස කස‍්සචි සත‍්ත අනුසයා අනුසෙන‍්තීති පුථුජ‍්ජනවසෙන වුත‍්තං. කස‍්සචි පඤ‍්චාති සොතාපන‍්නසකදාගාමිවසෙන වුත‍්තං. තෙසඤ‍්හි දිට‍්ඨානුසයො ච විචිකිච‍්ඡානුසයො ච පහීනාති පඤ‍්චෙව අනුසෙන‍්ති. තත්‍ථ යථා අනුසයවාරෙ “අනුසෙන‍්තී”ති පදස‍්ස උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො ගහිතො, එවමිධ න ගහෙතබ‍්බො. කස‍්මා? තස‍්මිං ඛණෙ අනුප‍්පජ‍්ජනතො. කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස හි විපාකචිත‍්තඤ‍්චෙව කම‍්මසමුට‍්ඨානරූපඤ‍්ච උප‍්පජ‍්ජති, අකුසලචිත‍්තං නත්‍ථි. අනුසයා ච අකුසලචිත‍්තක‍්ඛණෙ උප‍්පජ‍්ජන‍්ති, න විපාකචිත‍්තක‍්ඛණෙති තස‍්මිං ඛණෙ අනුප‍්පජ‍්ජනතො තථා අත්‍ථො න ගහෙතබ‍්බො. කථං පන ගහෙතබ‍්බොති? යථා ලබ‍්භති තථා ගහෙතබ‍්බො. කථඤ‍්ච ලබ‍්භති? අප‍්පහීනට‍්ඨෙන. යථා හි රාගදොසමොහානං අප‍්පහීනත‍්තා. කුසලාබ්‍යාකතචිත‍්තසමඞ‍්ගී පුග‍්ගලො “සරාගො සදොසො සමොහො”ති වුච‍්චති, එවං මග‍්ගභාවනාය අප‍්පහීනත‍්තා පටිසන්‍ධික‍්ඛණෙපි තස‍්ස තස‍්ස පුග‍්ගලස‍්ස තෙ තෙ අනුසයා අනුසෙන‍්තීති වුච‍්චන‍්ති. න කෙවලඤ‍්ච වුච‍්චන‍්ති, අප‍්පහීනත‍්තා පන තෙ අනුසෙන‍්තියෙව නාමාති වෙදිතබ‍්බා.

නිද්දේස වාරයේ වනාහි කස්සචි සත්ත අනුසයා අනුසෙන්ති යයි පෘථග්ජන වශයෙන් කියන ලදි. කස්සචි පඤ්චාති යයි සොතාපන්න සකදාගාමි වශයෙන් කියන ලදි. ඔවුන්ගේ වනාහි දිට්ඨ අනුසය සහ විචිකිච්ඡා අනුසය ප්‍රහීන යයි පහක්ම පවතී. එහි යම්සේ අනුසය වාරයෙහි පවතී යයි යන පදයේ උපදී යයි යන අර්ථය ගන්නා ලදි. මෙසේ මෙහි නොගත යුතුය. කුමක් හෙයින්ද? ඒ ක්‍ෂණයෙහි නූපදීම් වශයෙනි. කාමධාතුවේ උපදින්නාට විපාක සිත මෙන්ම කම්ම සමුට්ඨාන රූපද උපදී. අකුසල සිත නැත. අනුසය ද අකුසල චිත්ත ක්‍ෂණයෙහි උපදී. විපාක චිත්තක්‍ෂණයෙහි නොවේ යයි ඒ ක්‍ෂණයෙහි නො ඉපදීම් වශයෙන් එසේ අර්ථ නොගත යුතුය. කෙසේ නම් ගතයුතුද? යම්සේ ලබයිද එසේ ගතයුතුය. කෙසේ ලබයිද? අප්‍රහීනාර්ථයෙන්. යම්සේ ලබයිද එසේ ගතයුතුය. කෙසේ ලබයිද? අප්‍රහීනාර්ථයෙන්. යම්සේ රාග දෝස මෝහ අප්‍රහීන බව. කුසල අබ්‍යාකත චිත්ත සමංගි පුද්ගලයා රාග සහිත දෝස සහිත මෝහ සහිත යයි කියනු ලැබේ. මෙසේ මාර්ග භාවනාවෙන් අප්‍රහීන වූ බැවින් ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි ඒ ඒ පුද්ගලයන්ට ඒ ඒ අනුසයෝ පවතිත් යයි කියති. කේවලව නො කියති. අප්‍රහීන බැවින් ඒවා පවතී යයි දතයුතුය.

අනුසයා භඞ‍්ගා නත්‍ථීති යස‍්ස හි යො අනුසෙති, සො අනුසෙතියෙව; යො නානුසෙති, සො නානුසෙතියෙව. අයං අනුසෙති ච නානුසෙති ච, අයං සියා අනුසෙති සියා නානුසෙතීති, එවං විභජිතබ‍්බො අනුසයො නාම නත්‍ථි. රූපධාතුං උපපජ‍්ජන‍්තස‍්ස කස‍්සචි තයොති අනාගාමිවසෙන වුත‍්තං. තස‍්ස හි කාමරාගපටිඝදිට‍්ඨිවිචිකිච‍්ඡානුසයා චත‍්තාරොපි අනවසෙසතො පහීනා. ඉතරෙ තයොව අප‍්පහීනා. තෙන වුත‍්තං – “කස‍්සචි තයො අනුසයා අනුසෙන‍්තී”ති.

අනුසයා භංගානං යයි යමෙකුගේ යම් අනුසයක් පවතීද එය පවතීමය. යම් අනුසයක් නොපවතීද එය නොපවතීමය. මෙය පවතීද නොපවතීද, මෙය පවතින්නේය. නොපවතින්නේ යයි මෙසේ බෙදිය යුතු අනුසය නම් නැත. රූප ධාතුං උප්පජ්ජන්තස්ස කස්සචි තයො යයි අනාගාමි වශයෙන් කියන ලදි. ඔහුගේ වනාහි කාමරාග පටිඝ දිට්ඨි විචිකිච්ඡා අනුසය සතර ද ප්‍රහීන විය. ඉතිරි තුන අප්‍රහීනය. එයින් කියන ලදි. කිසිවෙකුගේ අනුසය තුනක් පවතී.

න කාමධාතුන‍්ති කාමධාතුයා පටිසිද‍්ධත‍්තා සෙසා ද‍්වෙ ධාතුයො උපපජ‍්ජන‍්තස‍්සාති අත්‍ථො. සත‍්තෙ වාති යස‍්මා අරියසාවකස‍්ස රූපධාතුයා චුතස‍්ස කාමධාතුයං උපපත‍්ති නාම නත්‍ථි, පුථුජ‍්ජනස‍්සෙව හොති, තස‍්මා සත‍්තෙවාති නියමෙත්‍වා වුත‍්තං. “අරූපධාතුයා චුතස‍්ස කාමධාතුං උපපජ‍්ජන‍්තස‍්ස සත‍්තෙවා”ති එත්‍ථාපි එසෙව නයො. රූපධාතුයා උපපත‍්ති නත්‍ථීති කස‍්මා නත්‍ථි? උපපත‍්තිනිප‍්ඵාදකස‍්ස රූපාවචරජ‍්ඣානස‍්ස අභාවා. සො හි සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා තං ධාතුං උපපන‍්නොති නාස‍්ස තත්‍ථ රූපාවචරජ‍්ඣානං අත්‍ථි. තදභාවා රූපධාතුයං උපපත‍්ති නත්‍ථීති වෙදිතබ‍්බා. අරූපධාතුයා චුතස‍්ස න කාමධාතුන‍්ති එත්‍ථ අරූපධාතුයෙව අධිප‍්පෙතා. ඉමිනා නයෙන සබ‍්බවිස‍්සජ‍්ජනෙසු අත්‍ථො වෙදිතබ‍්බොති.

න කාමධාතුං යයි කාමධාතුවෙන් ප්‍රතිසෙධ බැවින් සෙසු ධාතු දෙකේ උපන්නාගේ යයි අර්ථ වේ. සත්තෙව යයි යම් ආර්ය ශ්‍රාවකයෙකුගේ රූපධාතුවෙන් චුතව කාමධාතුවේ උපතක් නම් නැත. පෘථග්ජනයාටම වේ. එහෙයින් සත්තෙ වා යයි නියමකොට කියන ලදි. අරූප ධාතුයා චුතස්ස කාමධාතුං උප්පජ්ජන්තස්ස සත්තෙවා යයි මෙහිද එම නයම වේ. රූපධාතුයා උප්පත්ති නත්‍ථි යයි කුමක් හෙයින් නැත්ද? උපත නිෂ්පාදකයාගේ රූපාවචර ධ්‍යානයේ අභාවය නිසා. හේ සියළු ආකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමණය ඒ ධාතුවේ උපන්නේ යයි ඔහුට රූපාවචර ධ්‍යානයක් නැත. එය නොමැති වීමෙන් රූපධාතුවේ උපත් නැතැයි දතයුතුය. අරූප ධාතුයා චූතස්ස න කාමධාතුං මෙහි අරූපධාතුම අදහස් කරයි. මෙම නයින් සියළු විසඳුම්වල අර්ථ දතයුතුය.

ධාතුවාරවණ‍්ණනා.

ධාතුවාර කථා නිමි.

අනුසයයමකවණ‍්ණනා නිට‍්ඨිතා.

අනුසය යමක වර්ණනාව සමාප්තයි.