යෙදුමෙන් කියවන්න

උප‍්පාදනිරොධකාලසම‍්භෙදවාරො

සම්පූර්ණ පරිච්ඡේදය

1. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සතීති: පච‍්ඡිමචිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති, නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති. ඉතරෙසං චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣති, නිරුජ‍්ඣිස‍්සති චෙව උප‍්පජ‍්ජිස‍්සති ච.

1. යමක්හට සිත උපදී නම් නිරුද්ධ නො වේ නම් ඕහට සිත නිරුද්ධ වන්නෙ යැ, නූපදනෙ යැ යත්: පශ්චිම (චුති) චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඒ ක්‍ෂීණාස්‍රවයනට (චුති) චිත්තය (උත්පාදක්‍ෂණයට පැමිණි බැවින්) උපදී. (භඞ්ගයට නොපත් බැවින්) නිරුද්ධ නො වෙයි, (භඞ්ගයට පැමිණ) නිරුද්ධ වන්නෙ යැ, (අප්‍රාසන්‍ධික බැවින් අන් සිතක්) නූපදනෙ යැ. (ශෛක්‍ෂ්‍යාශෛක්‍ෂ්‍ය පෘථග්ජන) සෙස්සන්ගේ චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත (උත්පාදක්‍ෂණ සමඞ්ගිතායෙන්) උපදී, (භඞ්ගයට නොපත් බැවින්) නිරුද්ධ නො වෙයි, (භඞ්ගයට පැමිණ) නිරුද්ධ වන්නෙ මැ උපදනෙ ද වෙයි.

යස‍්ස වා පන චිත‍්තං නිරුජ‍්ඣිස‍්සති න උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.

තව ද යමක්හට සිත නිරුද්ධ වන්නෙ නම් නූපදනෙ නම් ඕහට සිත උපදියි, නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.

2. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සතීති: නො.

2. යමක්හට සිත නූපදී නම් නිරුද්ධ වේ නම් ඕහට සිත නිරුද්ධ නො වන්නෙ යැ, උපදනෙ යැ යත්: නො වේ.

යස‍්ස වා පන චිත‍්තං න නිරුජ‍්ඣිස‍්සති උප‍්පජ‍්ජිස‍්සති තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති නිරුජ‍්ඣතීති: නත්‍ථි.

තව ද යමක්හට සිත නිරුද්ධ නො වන්නෙ නම් උපදනෙ නම් ඕහට සිත නූපදියි නිරුද්ධ වෙයි යත්: නැති.

උප‍්පාදනිරොධකාලසම‍්භෙදවාරො.

උත්පාදනිරෝධකාලසම්භේදවාර යි.

3. යස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.

3. යමක්හට සිත උපදී නම් ඕහට සිත උපන යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං උප‍්පජ‍්ජතීති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පන‍්නං, නො ච තෙසං චිත‍්තං උප‍්පජ‍්ජති, චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පන‍්නඤ‍්චෙව උප‍්පජ‍්ජති ච.

තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත උපදී යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො ද උපදී, චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන්නේ ද උපදිමින් සිටුනෙ ද වෙයි.

4. යස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජති තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තෙසං චිත‍්තං න උප‍්පන‍්නං, නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජති න ච උප‍්පන‍්නං.

4. යමක්හට සිත නූපදී නම් ඕහට සිත නූපන යත්: චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත නූපදී, ඔවුනට සිත නො ද නූපන්නෙ යැ, නිරෝධ සමාපන්නයනට ද අසංඥසත්‍වයනට ද යන ඔවුනට සිත නො ද උපදී, නො ද උපන්නේ යැ.

යස‍්ස වා පන චිත‍්තං න උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තව ද යමක්හට සිත නූපන්නෙ නම් ඕහට සිත නූපදී යත්: එසේ යි.

උප‍්පාදුප‍්පන‍්නවාරො.

උත්පාදෝත්පන්නවාර යි.

5. යස‍්ස චිත‍්තං නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.

5. යමක්හට සිත නිරුද්ධ වේ නම් ඕහට සිත උපන යත්: එසේ යි.

යස‍්ස වා පන චිත‍්තං උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං නිරුජ‍්ඣතීති: චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පන‍්නං, නො ච තෙසං චිත‍්තං නිරුජ‍්ඣති. චිත‍්තස‍්ස භඞ‍්ගක‍්ඛණෙ තෙසං චිත‍්තං උප‍්පන‍්නඤ‍්චෙව නිරුජ‍්ඣති ච.

තව ද යමක්හට සිත උපනි නම් ඕහට සිත නිරුද්ධ වේ ද යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත උපන, ඔවුනට සිත නො ද නිරුද්ධ වෙයි, චිත්තයාගේ භඞ්ගක්‍ෂණයෙහි ඔවුනට සිත උපනි ද වේ නිරුද්ධ ද වේ.

6. යස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣති තස‍්ස චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: චිත‍්තස‍්ස උප‍්පාදක‍්ඛණෙ තෙසං චිත‍්තං න නිරුජ‍්ඣති, නො ච තෙසං චිත‍්තං න උප‍්පන‍්නං, නිරොධසමාපන‍්නානං අසඤ‍්ඤසත‍්තානං තෙසං චිත‍්තං න චෙව නිරුජ‍්ඣති න ච උප‍්පන‍්නං.

6. යමක්හට සිත නිරුද්ධ නො වේ නම් ඕහට සිත නො උපන යත්: චිත්තයාගේ උත්පාදක්‍ෂණයෙහි ඔවුනට සිත නිරුද්ධ නො වෙයි, ඔවුනට සිත නො ද නො උපන, නිරෝධයට සමවන්නවුනට ද අසංඥසත්‍වයනට දැයි ඔවුනට සිත නො ද නිරුද්ධ වේ නො ද උපනි.

යස‍්ස වා පන චිත‍්තං නා උප‍්පන‍්නං තස‍්ස චිත‍්තං න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.

තව ද යමක්හට සිත න උපනි නම් ඕහට සිත නිරුද්ධ නො වෙයි යත්: එසේ යි.

නිරොධුප‍්පන‍්නවාරො.

නිරෝධොත්පන්නවාර යි.