යෙදුමෙන් කියවන්න

උප‍්පජ‍්ජමාන න නිරොධවාරො

සම්පූර්ණ පරිච්ඡේදය

67. යං චිත‍්තං උප‍්පජ‍්ජති තං චිත‍්තං න නිරුජ‍්ඣතීති: ආමන‍්තා.

67. යම් සිතෙක් උපදී නම් ඒ සිත නිරුද්ධ නො වේ ද යත්: එසේ යි.

යං වා පන චිත‍්තං න නිරුජ‍්ඣති තං චිත‍්තං උප‍්පජ‍්ජතීති, අතීතානාගතං චිත‍්තං න නිරුජ‍්ඣති, නො ච තං චිත‍්තං උප‍්පජ‍්ජති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣති චෙව උප‍්පජ‍්ජති ච.

තව ද යම් සිතෙක් නිරුද්ධ නො වේ නම් ඒ සිත උපදී ද යත්: අතීතානාගත වූ සිත නිරුද්ධ නො වෙයි, ඒ සිත නො ද උපදී. උත්පාදක්‍ෂණයෙහි සිත නො ද නිරුද්ධ වෙයි. උපදීම ද වේ.

68. යං චිත‍්තං න උප‍්පජ‍්ජති තං චිත‍්තං නිරුජ‍්ඣතීති: අතීතානාගතං චිත‍්තං න උප‍්පජ‍්ජති, නො ච තං චිත‍්තං නිරුජ‍්ඣති, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න උප‍්පජ‍්ජති චෙව නිරුජ‍්ඣති ච.

68. යම් සිතෙක් නො උපදී නම් ඒ සිත නිරුද්ධ වේ ද යත්: අතීතානාගත වූ සිත නො උපදී, ඒ සිත නො ද නිරුද්ධ වෙයි, භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදී නිරුද්ධ ද වේ.

යං වා පන චිත‍්තං නිරුජ‍්ඣති තං චිත‍්තං න උප‍්පජ‍්ජතීති: ආමන‍්තා.

තව ද යම් සිතෙක් නිරුද්ධ වේ නම් ඒ සිත නො උපදී ද යත්: එසේ යි.

උප‍්පජ‍්ජමාන න නිරොධවාරො.

උත්පද්‍යමාන න නිරෝධවාර යි.

69. යං චිත‍්තං උප‍්පජ‍්ජමානං තං චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.

69. යම් සිතෙක් උපදිමින් පවතී නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.

යං වා පන චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං උප‍්පජ‍්ජමානන‍්ති භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං, නො ච තං චිත‍්තං උප‍්පජ‍්ජමානං, උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං චෙව උප‍්පජ‍්ජමානඤ‍්ච.

තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත උපදිමින් පවතී ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි. ඒ සිත නො ද උපදිමින් පවතී, උත්පාදක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, උපදිමින් පවත්නේ ද වේ.

70. යං චිත‍්තං න උප‍්පජ‍්ජමානං තං චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං න උප‍්පජ‍්ජමානං, නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං, අතීතානාගතං චිත‍්තං න චෙව උප‍්පජ‍්ජමානං න ච උප‍්පන‍්නං.

70. යම් සිතෙක් උපදිමින් නො පවතී නම් ඒ සිත නො උපනි ද යත්: භඞ්ගක්‍ෂණයෙහි සිත නො උපදිමින් පවතී, ඒ සිත නො ද නො උපනි, අතීතානාගත වූ සිත නො ද උපදිමින් පවතී, නො ද උපනි.

යං වා පන චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න උප‍්පජ‍්ජමානන‍්ති: ආමන‍්තා.

තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නො උපදිමින් පවතී ද යත්: එසේ යි.

උප‍්පජ‍්ජමානුප‍්පන‍්නවාරො.

උත්පද්‍යමානෝත්පන්නවාර යි.

71. යං චිත‍්තං නිරුජ‍්ඣමානං තං චිත‍්තං උප‍්පන‍්නන‍්ති: ආමන‍්තා.

71. යම් සිතෙක් නිරුද්ධ වෙමින් පවතී නම් ඒ සිත උපනි ද යත්: එසේ යි.

යං වා පන චිත‍්තං උප‍්පන‍්නං තං චිත‍්තං නිරුජ‍්ඣමානන‍්ති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නං, නො ච තං චිත‍්තං නිරුජ‍්ඣමානං, භඞ‍්ගක‍්ඛණෙ චිත‍්තං උප‍්පන‍්නඤ‍්චෙව නිරුජ‍්ඣමානඤ‍්ච.

තව ද යම් සිතෙක් උපනි නම් ඒ සිත නිරුද්ධ වෙමින් පවතී ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත උපනි, ඒ සිත නො ද නිරුද්ධ වෙමින් පවතී, භඞ්ගක්‍ෂණයෙහි සිත උපනි ද වෙයි, නිරුද්ධ වෙමින් පවත්නේ ද වේ.

72. යං චිත‍්තං න නිරුජ‍්ඣමානං තං චිත‍්තං න උප‍්පන‍්නන‍්ති: උප‍්පාදක‍්ඛණෙ චිත‍්තං න නිරුජ‍්ඣමානං, නො ච තං චිත‍්තං න උප‍්පන‍්නං, අතීතානාගතං චිත‍්තං න චෙව නිරුජ‍්ඣමානං න ච උප‍්පන‍්නං.

72. යම් සිතෙක් නිරුද්ධ වෙමින් නො පවතී නම් ඒ සිත නො උපනි ද යත්: උත්පාදක්‍ෂණයෙහි සිත නිරුද්ධ වෙමින් නො පවතී, ඒ සිත නො ද නො උපනි. අතීතානාගත වූ සිත නො ද නිරුද්ධ වෙමින් නො පවති යි. නො උපනි ද වේ.

යං වා පන චිත‍්තං න උප‍්පන‍්නං තං චිත‍්තං න නිරුජ‍්ඣමානන‍්ති: ආමන‍්තා.

තව ද යම් සිතෙක් නො උපනි නම් ඒ සිත නිරුද්ධ වෙමින් නො පවතී ද යත්: එසේ යි.

නිරුජ‍්ඣමානුප‍්පන‍්නවාරො.

නිරුධ්‍යමානොත්පන්නවාර යි.