15. සමාපත්තිවග්ගො අට්ඨකථා
15. සමාපත්ති වර්ගය
2. 3. 15. 1
2. 3. 15. 1
පඤ්චමස්ස පඨමෙ සමාපත්තිකුසලතාති ආහාරසප්පායං උතුසප්පායං පරිග්ගණ්හිත්වා සමාපත්තිසමාපජ්ජනෙ ඡෙකතා. සමාපත්තිවුට්ඨානකුසලතාති යථාපරිච්ඡෙදෙන ගතෙ කාලෙ වියත්තො හුත්වා උට්ඨහන්තො වුට්ඨානකුසලො නාම හොති, එවං කුසලතා.
පස්වෙනි වර්ගයෙහි පළමුවෙනි සූත්‍රයෙහි සමාපත්තිකුසලතා යනු ආහාරයෙහි යෝග්‍යබව හා සෘතුන්හි යෝග්‍යබව සලකා සමවතට සමවැදීමේ දක්ෂතාවයි. සමාපත්තිවුට්ඨානකුසලතා යනු සීමා කිරීම් අනුව කාලය ගෙවීගියවිට ප්‍රකට බවට පැමිණ (සසංඥීව) සමවතින් නැගීසිටින්නේ වුට්ඨානකුසල නම්වෙයි. එබඳුවූ දක්ෂතාවයි.
දුතියෙ අජ්ජවන්ති උජුභාවො. මද්දවන්ති මුදුභාවො.
දෙවැන්නෙහි අජ්ජවං යනු සෘජු බවයි. මද්දවං යනු මෘදුබවයි.
තතියෙ ඛන්තීති අධිවාසනඛන්ති. සොරච්චන්ති සුසීල්යභාවෙන සුරතභාවො.
තෙවැන්නෙහි ඛන්ති යනු ඉවසීමේ ක්ෂාන්තියයි. සොරච්චං යනු මනාසිල්වත් බවින් සුරතබවයි.
චතුත්ථෙ සාඛල්යන්ති සණ්හවාචාවසෙන සම්මොදමානභාවො. පටිසන්ථාරොති ආමිසෙන වා ධම්මෙන වා පටිසන්ථරණං.
සිවුවැන්නෙහි සාකල්යං යනු මෘදු වචනවශයෙන් සතුටුවන බවයි. පටිසන්ථාරා යනු ආමිසයෙන් හෝ ධර්මයෙන් පවත්නා පිළිසඳරයි.
පඤ්චමෙ අවිහිංසාති කරුණාපුබ්බභාගො. සොචෙය්යන්ති සීලවසෙන සුචිභාවො. ඡට්ඨසත්තමානි උත්තානත්ථානෙව.
පස්වැන්නෙහි අවිහිංසා යනු කරුණාවෙහි පූර්වභාගයයි. සොචෙය්‍යං යනු ශීලවශයෙන් පිරිසිදුබවයි. සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේයි.
අට්ඨමෙ පටිසඞ්ඛානබලන්ති පච්චවෙක්ඛණබලං.
අටවැන්නෙහි පටිසංඛානබලං යනු ප්රත්යවේක්ෂා කිරීමේ බලයයි.
නවමෙ මුට්ඨස්සච්චෙ අකම්පනෙන සතියෙව සතිබලං. උද්ධච්චෙ අකම්පනෙන සමාධියෙව සමාධිබලං.
නවවැන්නෙහි මුළාවූ සත්‍යයෙහි නොසැලීමෙහි සිහියම සතිබලං නමි. නොසන්සුන් බවෙයි නොසැලීමෙන් සමාධියම සමාධිබලං නමි.
දසමෙ සමථොති චිත්තෙකග්ගතා. විපස්සනාති සඞ්ඛාරපරිග්ගාහකඤ්ඤාණං.
දසවැන්නෙහි සමථො යනු සිතෙහි එකඟබවයි. විපස්සනා යනු සංස්කාරයන් විමසාබැලීමේ නුවණයි.
එකාදසමෙ සීලවිපත්තීති දුස්සීල්යං. දිට්ඨිවිපත්තීති මිච්ඡාදිට්ඨි.
එකොළොස්වැන්නෙහි සීලවිපත්ති යනු දුසිල්වත්බවයි. දිට්ඨිවිපත්ති යනු මිත්ථ්යාදෘෂ්ටියයි.
ද්වාදසමෙ සීලසම්පදාති පරිපුණ්ණසීලතා. දිට්ඨිසම්පදාති සම්මාදිට්ඨිකභාවො. තෙන කම්මස්සකතසම්මාදිට්ඨි, ඣානසම්මාදිට්ඨි, විපස්සනාසම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨීති සබ්බාපි පඤ්චවිධා සම්මාදිට්ඨි සඞ්ගහිතා හොති.
දොළොස්වැන්නෙහි සීලසම්පදා යනු පිරිපුන් සිල් ඇති බවයි. දිට්ඨිසම්පදා යනු සමෘක්දෘෂ්ටිකබවයි. එයින් කම්මස්සකතා සම්මාදිට්ඨි, ක්‍ධානසම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ගසම්මාදිට්ඨි, ඵලසම්මාදිට්ඨි යන සියලු සම්‍යක් දෘෂ්ටින්ම සංග්‍රහ වූයේවෙයි.
තෙරසමෙ සීලවිසුද්ධීති විසුද්ධිසම්පාපකං සීලං. දිට්ඨිවිසුද්ධීති විසුද්ධිසම්පාපිකා චතුමග්ගසම්මාදිට්ඨි, පඤ්චවිධාපි වා සම්මාදිට්ඨි.
තෙළෙස් වැන්නෙහි සීලවිසුද්ධි යනු පිරිසුදුබවට පමුණුවන්නාවූ සීලයයි. දිට්ඨිවිසුද්ධි යනු විසුද්ධියට පමුණුවන්නාවූ සතරමාර්ග සමෘක් දෘෂ්ටියයි. පස්ආකාරවූ සමෘක්දෘෂ්ටියද වේ.
චුද්දසමෙ දිට්ඨිවිසුද්ධීති විසුද්ධිසම්පාපිකා සම්මාදිට්ඨියෙව. යථාදිට්ඨිස්ස ච පධානන්ති හෙට්ඨිමමග්ගසම්පයුත්තං වීරියං. තඤ්හි තස්සා දිට්ඨියා අනුරූපත්තා “යථාදිට්ඨිස්ස ච පධාන”න්ති වුත්තං.
තුදුස්වැන්නෙහි දිට්ඨිවිසුද්ධි යනු විසුද්ධියට පමුණුවන්නාවූ සමෘක්දෘෂ්ටියමයි. යථාදිට්ඨිස්ස ච පධානං යනු පහතින්ම පිහිටි මාර්ගයෙන් යුක්තවූ වීර්යයි. එය වනාහි ඒ දෘෂ්ටියට අනුරූප බැවින් යථා දිට්ඨිස්සච පධානං යනුවෙන් කියනලදී.
පන්නරසමෙ අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසූති අඤ්ඤත්ර අරහත්තමග්ගා කුසලෙසු ධම්මෙසු අසන්තුට්ඨිභාවො.
පසළොස් වැන්නෙහි අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මේසු යනු අරහත් මාර්ගය හැර කුසලධර්මයන්හි අසතුබවයි.
සොළසමෙ මුට්ඨස්සච්චන්ති මුට්ඨස්සතිභාවො. අසම්පජඤ්ඤන්ති අඤ්ඤාණභාවො.
සොළොස් වැන්නෙහි මුට්ඨසච්චං යනු මුළාවූ සිහි ඇතිබවයි. අසමප්ජඤ්ඤං යනු නොදන්නාබවයි.
සත්තරසමෙ අපිලාපනලක්ඛණා සති. සම්මා පජානනලක්ඛණං සම්පජඤ්ඤන්ති.
සතළොස් වැන්නෙහි නොඉල්පීම ලක්‍ෂණකොට ඇත්තේ සති නමි. මනාව දන්නාබව ලක්‍ෂණකොට ඇත්තේ සම්පජඤ්ඤං නමි.
සමාපත්තිවග්ගො පඤ්චමො.
තතියපණ්ණාසකං නිට්ඨිතං.
තෙවෙනි පණ්ණසකයයි.