11. එකාදසමනයො සඞ්ගහිතෙනසම්පයුත්තවිප්පයුත්තපදවණ්ණනා අට්ඨකථා
11. එකාදසමනයො සඞ්ගහිතෙනසම්පයුත්තවිප්පයුත්තපදවණ්ණනා
11. සඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද වර්ණනාව
ඉදානි සඞ්ගහිතෙනසම්පයුත්තවිප්පයුත්තපදං භාජෙතුං සමුදයසච්චෙනාතිආදි ආරද්ධං. තත්ථ යෙ සඞ්ගහිතෙනසඞ්ගහිතපදනිද්දෙසෙ සමුදයසච්චාදයොව ධම්මා උද්ධටා, සබ්බපුච්ඡාසු තෙයෙව උද්ධටා. සදිසවිස්සජ්ජනානං පන එකතො ගහිතත්තා පදානි අඤ්ඤාය පටිපාටියා ආගතානි. තත්ථ යෙ ධම්මා පුච්ඡාය උද්ධටපදෙන ඛන්ධාදිසඞ්ගහෙන සඞ්ගහිතා, තෙසං යෙහි සම්පයොගො වා විප්පයොගො වා හොති, තෙසං වසෙන ඛන්ධාදිවිභාගො වෙදිතබ්බො.
දැන් සංගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද බෙදීමට සමුදය සච්චෙන යනාදිය අරඹන ලදී. එහි සංගෘහීත පද නිර්දේශයෙහි යම් සමුදය සත්‍යාදිය උදුරන ලද නම් සියළු ප්රශ්නවල ඒවායින්ම උදුරන ලදී. සමාන විසඳුම්වල වනාහි එකක් වශයෙන් ගන්නා ලද පද වෙනත් පටිපාටියකින් පැමිණි ඒවාය. එහි ධර්ම ප්‍රශ්නයෙන් උදුරන ලද පදයෙන් ස්කන්ධාදි සංග්‍රහයෙන් සංගෘහීතය. ඒවායේ යම් පදවලින් සම්ප්‍රයෝග හෝ විප්‍රයෝග වේ. ඔවුන්ගේ වශයෙන් ස්කන්ධාදි විභාගය දතයුතුය.
තත්රායං නයො – සමුදයසච්චෙන තාව සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා ධම්මා ඛන්ධාදිසඞ්ගහෙන සඞ්ගහිතා. තෙ ච සෙසෙහි තීහි ඛන්ධෙහි, එකෙන මනායතනෙන, සත්තහි විඤ්ඤාණධාතූහි, සඞ්ඛාරක්ඛන්ධෙ ධම්මායතනධම්මධාතූසු ච ඨපෙත්වා තණ්හං සෙසෙහි සම්පයුත්තත්තා කෙහිචි සම්පයුත්තා නාම. එකෙන පන රූපක්ඛන්ධෙන, දසහි රූපායතනෙහි, රූපධාතූහි ච විප්පයුත්තා, එකස්මිං ධම්මායතනෙ ධම්මධාතුයා ච, රූපනිබ්බානෙහි විප්පයුත්තත්තා කෙහිචි විප්පයුත්තා නාම. ඉමිනා උපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බොති.
මේ එහි නය වේ. පළමුව සමුදය සත්‍යයෙන් සංස්කාර ස්කන්ධය ඇතුළත් ධර්ම ස්කන්ධාදි සංග්‍රහයෙන් සංගෘහීතය. ඒවා ද ස්කන්ධ තුනෙන්, මනායතන එකකින් විඤ්ඤාණ ධාතු සතෙන් සංස්කාර ස්කන්ධයෙහි ධම්මායතන ධම්ම ධාතුවල ද තෘෂ්ණාව හැර සෙස්සෙන් සම්ප්‍රයුක්තය. කිසිවකින් සම්ප්‍රයුක්ත නමි. රූපස්කන්ධ එකකින් රූපායතන දහයකින් රූප ධාතුවලින් ද විප්‍රයුක්තය. එක් ධර්මායතනයෙහි ධර්ම ධාතුවේද රූප නිබ්බාණවලින් විප්‍රයුක්තය. කිසිවකින් විප්‍රයුක්ත නමි. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය.
සඞ්ගහිතෙනසම්පයුත්තවිප්පයුත්තපදවණ්ණනා.
සංගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිමා විය.