12. ද්වාදසමනයො සම්පයුත්තෙනසඞ්ගහිතාසඞ්ගහිතපදවණ්ණනා අට්ඨකථා
12. ද්වාදසමනයො සම්පයුත්තෙනසඞ්ගහිතාසඞ්ගහිතපදවණ්ණනා
12. සම්ප්රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද වර්ණනාව
ඉදානි සම්පයුත්තෙනසඞ්ගහිතාසඞ්ගහිතපදං භාජෙතුං වෙදනාක්ඛන්ධෙනාතිආදි ආරද්ධං. තත්ථ යෙ සම්පයුත්තෙනසම්පයුත්තපදනිද්දෙසෙ වෙදනාක්ඛන්ධාදයො ධම්මා උද්ධටා, සබ්බපුච්ඡාසු තෙයෙව උද්ධටා. තත්ථ යෙ ධම්මා පුච්ඡාය උද්ධටපදෙන සම්පයුත්තා, තෙසං යෙහි සඞ්ගහො වා අසඞ්ගහො වා හොති, තෙසං වසෙන ඛන්ධාදිභෙදො වෙදිතබ්බො.
දැන් සම්ප්රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද බෙදීමට වෙදනක්ඛන්ධෙන යනාදිය ආරම්භ කරන ලදී. එහි සම්ප්රයුක්තයෙන් සම්ප්රයුක්ත පද නිර්දේශයෙහි වේදනා ස්කන්ධාදි යම් ධර්ම උදුරන ලදද සියළු ප්රශ්නවල ඒවාම උදුරන ලදී. එහි ප්රශ්නයෙන් උදුරන පදයෙන් යම් ධර්ම සම්ප්රයුක්ත වේ. ඒවායේම සංග්රහය හෝ අසංග්රහය වේ. ඒවායෙහි වසයෙන්ම ස්කන්ධාදි භේදය දතයුතුය.
තත්රායං නයො – වෙදනාක්ඛන්ධො හි සඤ්ඤාදීහි සම්පයුත්තො. තෙ සඤ්ඤාදයො තීහි සඤ්ඤාදික්ඛන්ධෙහි, ද්වීහි ධම්මායතනමනායතනෙහි, ධම්මධාතුයා චෙව, සත්තහි ච විඤ්ඤාණධාතූහීති අට්ඨහි ධාතූහි සඞ්ගහිතා, සෙසාහි ඛන්ධායතනධාතූහි අසඞ්ගහිතා. ඉමිනා උපායෙන සබ්බත්ථ අත්ථො වෙදිතබ්බොති.
එය නය මෙසේය. වේදනා ස්කන්ධය සංඥාදියෙන් සම්ප්රයුක්තය. ඒ සංඥාදිය, සංඥාදි ස්කන්ධ තුනෙන් ධම්මායතන දෙකෙන් මනායතනවලින් ධම්ම ධාතුවෙන් ද විඥාන ධාතු සතෙන්දැයි ධාතු අටකින් සංගෘහීතය. සෙසු ස්කන්ධ ආයතන ධාතුවලින් අසංගෘහීතය. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය.
සම්පයුත්තෙනසඞ්ගහිතාසඞ්ගහිතපදවණ්ණනා.
සම්ප්රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද නිමා විය.