යෙදුමෙන් කියවන්න

14. චුද‍්දසමනයො විප‍්පයුත‍්තෙනසඞ‍්ගහිතාසඞ‍්ගහිතපදවණ‍්ණනා අට‍්ඨකථා

14. චුද‍්දසමනයො විප‍්පයුත‍්තෙනසඞ‍්ගහිතාසඞ‍්ගහිතපදවණ‍්ණනා

14. විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීතා’සඞ්ගෘහීත පද වර්ණනාව

ඉදානි විප‍්පයුත‍්තෙනසඞ‍්ගහිතාසඞ‍්ගහිතපදං භාජෙතුං රූපක‍්ඛන්‍ධෙනාතිආදි ආරද‍්ධං. තත්‍ථ යෙසං පදානං විප‍්පයොගො න රුහති, තානි ඉමස‍්මිං වාරෙ න ගහිතානි. කානි පන තානීති? ධම‍්මායතනාදීනි. ධම‍්මායතනස‍්ස හි ඛන්‍ධාදීසු එකෙනාපි විප‍්පයොගො න රුහති. ධම‍්මධාතුආදීසුපි එසෙව නයො. තෙසං ඉදමුද‍්දානං –

දැන් විප්‍රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද බෙදීමට රූපක්‍ඛන්‍ධෙන යනාදිය අරඹන ලදී. එහි යම් පදවල විප්‍රයෝගය නො නැගේද ඒවා මේ වාරයෙහි නොගන්නා ලදී. ඒවා වනාහි කුමන ඒවා ද? ධම්මායතනාදියයි. ස්කන්ධාදියෙහි ධම්මායතනයේ එකකින්වත් විප්‍රයෝගය නොනැගේ. ධම්ම දාතු ආදියෙහි ද මෙම නයම වේ. ඒවායෙහි උදානය.

“ධම‍්මායතනං ධම‍්මධාතු, ජීවිතින්‍ද්‍රියමෙව ච; නාමරූපපදඤ‍්චෙව, සළායතනමෙව ච.

දම් ආයතන දම් - දා ජීවිත ඉඳුරු යන නම් රූ පද ඇතිව - සය ආයතන සමගින්

“ජාතිආදිත‍්තයං එකං, පදං වීසතිමෙ තිකෙ; තිකාවසානිකං එකං, සත‍්ත චූළන‍්තරෙ පදා.

දෑ ජර මර තැනද - විසි තිකෙහි එක් පදයද අවසන් තිකෙහි එක - සුළු අතුරු සත්පද යන

“දසෙව ගොච‍්ඡකෙ හොන‍්ති, මහන‍්තරම‍්හි චුද‍්දස; ඡ පදානි තතො උද‍්ධං සබ‍්බානිපි සමාසතො; පදානි ච න ලබ‍්භන‍්ති, චත‍්තාලීසඤ‍්ච සත‍්ත චා”ති.

පොකුරෙහි දසය වේ - මහ අතුරු තුදුසය යන එයින් මතු ස පදය - එකතුවෙන් පද සියළුම සත් සාළිසක් දම් - නො ලැබෙයි (විනිස දන්නේ)

පරියොසානෙ ච – ධම‍්මායතනං ධම‍්මධාතූති ගාථාපි ඉමමෙවත්‍ථං දීපෙතුං වුත‍්තා. ඉමානි පන ඨපෙත්‍වා සෙසානි සබ‍්බානිපි ලබ‍්භන‍්ති. තෙසු ඛන්‍ධාදිවිභාගො වුත‍්තනයානුසාරෙනෙව වෙදිතබ‍්බොති.

අවසානයෙහි ද ධම්මායතනං ධම්මධාතු යන ගාථාව ද මෙම අර්ථයම දැක්වීමට කියන ලදී. මේවා හැර සෙසු සියල්ලම ලැබේ. ඒවායෙහි ස්කන්‍ධ විභාගය කියන ලද අනුසාරයෙන්ම දතයුතුය.

විප‍්පයුත‍්තෙනසඞ‍්ගහිතාසඞ‍්ගහිතපදවණ‍්ණනා.

විප්‍රයුක්තයෙන් සංගෘහීත අසංගෘහීත පද නිමා විය.