යෙදුමෙන් කියවන්න

1. හෙතුපච‍්චයනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

1. හෙතුපච‍්චයනිද‍්දෙසවණ‍්ණනා

1. හේතු පච්චය නිද්දේසය

ඉදානි සබ‍්බෙපි තෙ පච‍්චයෙ උද‍්දිට‍්ඨපටිපාටියා නිද‍්දිසිත්‍වා දස‍්සෙතුං හෙතුපච‍්චයොති හෙතූ හෙතුසම‍්පයුත‍්තකානං ධම‍්මානං තංසමුට‍්ඨානානඤ‍්ච රූපානං හෙතුපච‍්චයෙන පච‍්චයොතිආදිමාහ. තත්‍ථ හෙතුපච‍්චයොති චතුවීසතියා පච‍්චයෙසු නික‍්ඛිත‍්තපටිපාටියා සබ‍්බපඨමං භාජෙතබ‍්බස‍්ස පදුද‍්ධාරො. සෙසපච‍්චයෙසුපි ඉමිනාව නයෙන පඨමං භාජෙතබ‍්බපදං උද‍්ධරිත්‍වා විස‍්සජ‍්ජනං කතන‍්ති වෙදිතබ‍්බං. අයං පනෙත්‍ථ සම‍්බන්‍ධො – යො පච‍්චයුද‍්දෙසෙ හෙතුපච‍්චයොති උද‍්දිට‍්ඨො, සො නිද‍්දෙසතො “හෙතූ හෙතුසම‍්පයුත‍්තකානං ධම‍්මානං තංසමුට‍්ඨානානඤ‍්ච රූපානං හෙතුපච‍්චයෙන පච‍්චයො”ති එවං වෙදිතබ‍්බො . ඉමිනා උපායෙන සබ‍්බපච‍්චයෙසු භාජෙතබ‍්බස‍්ස පදස‍්ස විස‍්සජ‍්ජනෙන සද‍්ධිං සම‍්බන්‍ධො වෙදිතබ‍්බො.

දැන් ඒ සියළු ප්‍රත්‍යයන් උද්දේස කළ පිළිවෙලින් නිද්දේස කොට දැක්වීමට හෙතුපච්චයොති හෙතු හෙතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානඤ්ච රූපානං හෙතු පච්චයෙන පච්චයො යනාදිය කීහ. එහි හෙතුපච්චයො සූවිසි ප්‍රත්‍යවල තැබූ පිළිවෙලින් සියල්ලට පළමු බෙදිය යුතු පදය උපුටා දැක්වීමය. සෙසු ප්‍රත්‍යවල ද මෙම නයින්ම පළමුව බෙදිය යුතු පදය උපුටා ම විසඳීම කරන ලදැයි දතයුතුය. මේ මෙහි සම්බන්ධය වේ. පච්චය උද්දේසයෙහි යමක් හේතුපච්චය යයි උදෙසන ලදි. එය නිද්දේසයෙන් හේතු හේතු සම්පයුත්ත ධර්මවලට ද එයින් උපන් රූප ධර්මවලට ද හේතු පච්චයෙන් පච්චය වේ යයි මෙසේ දතයුතුය. මෙම උපායෙන් සියලු පච්චයවල බෙදිය යුතු පදයේ විසඳීම සමග සම්බන්ධය දැනගත යුතුය.

ඉදානි හෙතූ හෙතුසම‍්පයුත‍්තකානන‍්ති එත්‍ථ “හෙතුසම‍්පයුත‍්තකාන”න‍්ති අවත්‍වා “හෙතූ හෙතුසම‍්පයුත‍්තකාන”න‍්ති කස‍්මා වුත‍්තන‍්ති? පච‍්චයස‍්ස චෙව පච‍්චයුප‍්පන‍්නානඤ‍්ච වවත්‍ථාපනතො. හෙතුසම‍්පයුත‍්තකානන‍්ති හි වුත‍්තෙ හෙතුනා සම‍්පයුත‍්තකානං හෙතුපච‍්චයෙන පච‍්චයොති අත්‍ථො භවෙය්‍ය. එවං සන‍්තෙ අසුකො නාම ධම‍්මො හෙතුපච‍්චයෙන පච‍්චයොති පච‍්චයවවත්‍ථානං න පඤ‍්ඤායෙය්‍ය. අථාපි හෙතුනා සම‍්පයුත‍්තකානං හෙතුසම‍්පයුත‍්තකානන‍්ති අත්‍ථං අග‍්ගහෙත්‍වාව යෙසං කෙසඤ‍්චි සම‍්පයුත‍්තකානං හෙතූ හෙතුපච‍්චයෙන පච‍්චයොති අත්‍ථො භවෙය්‍ය, එවං සන‍්තෙ හෙතුනා විප‍්පයුත‍්තා චක‍්ඛුවිඤ‍්ඤාණාදයොපි සම‍්පයුත‍්තකායෙව, හෙතුනා සම‍්පයුත‍්තා කුසලාදයොපි. තත්‍ථ අයං හෙතු අසුකස‍්ස නාම සම‍්පයුත‍්තකධම‍්මස‍්ස පච‍්චයොති පච‍්චයුප‍්පන‍්නවවත්‍ථානං න පඤ‍්ඤායෙය්‍ය. තස‍්මා පච‍්චයඤ‍්චෙව පච‍්චයුප‍්පන‍්නඤ‍්ච වවත්‍ථාපෙන‍්තො “හෙතූ හෙතුසම‍්පයුත‍්තකාන”න‍්ති ආහ. තස‍්සත්‍ථො – හෙතුසම‍්පයුත‍්තකානං කුසලාදිධම‍්මානං යො හෙතු සම‍්පයුත‍්තකො, සො හෙතුපච‍්චයෙන පච‍්චයොති. තත්‍රාපි “පච‍්චයො”ති අවත්‍වා “හෙතුපච‍්චයෙනා”ති වචනං හෙතුනො අඤ‍්ඤථා පච‍්චයභාවපටිසෙධනත්‍ථං. අයඤ‍්හි හෙතු හෙතුපච‍්චයෙනාපි පච‍්චයො හොති, සහජාතාදිපච‍්චයෙනාපි. තත්‍රාස‍්ස ය‍්වායං සහජාතාදිපච‍්චයවසෙන අඤ‍්ඤථාපි පච‍්චයභාවො, තස‍්ස පටිසෙධනත්‍ථං හෙතුපච‍්චයෙනාති වුත‍්තං. එවං සන‍්තෙපි “තංසම‍්පයුත‍්තකාන”න‍්ති අවත්‍වා කස‍්මා “හෙතුසම‍්පයුත‍්තකාන”න‍්ති වුත‍්තන‍්ති? නිද‍්දිසිතබ‍්බස‍්ස අපාකටත‍්තා. තංසම‍්පයුත‍්තකානන‍්ති හි වුත‍්තෙ යෙන තෙ තංසම‍්පයුත‍්තකා නාම හොන‍්ති , අයං නාම සොති නිද‍්දිසිතබ‍්බො අපාකටො. තස‍්ස අපාකටත‍්තා යෙන සම‍්පයුත‍්තා තෙ තංසම‍්පයුත‍්තකාති වුච‍්චන‍්ති, තං සරූපතොව දස‍්සෙතුං “හෙතුසම‍්පයුත‍්තකාන”න‍්ති වුත‍්තං.

දැන් හෙතු හෙතුසම්පයුත්තකානං යන මෙහි හේතුසම්පයුත්තකානං යයි නොකියා හෙතු හෙතුසම්පයුත්තකානං යයි කුමක් හෙයින් කියන ලදද? පච්චය මෙන්ම පච්චයෙන් උපන් දෙයද විස්තර කිරීම් වශයෙනි. හෙතුසම්පයුත්තකානං යයි කීකල්හි හේතුවෙන් සම්පයුක්ත වූවන්ට හේතු පච්චයෙන් පච්චය වේ යයි අර්ථ වන්නේය. මෙසේ ඇතිකල්හි අසවල් ධර්මය හේතුපච්චයෙන් පච්චය වේයයි පච්චය නියමය නො පෙනෙන්නේ ය. තව ද හේතුවෙන් සම්ප්‍රයුත්ත වූවන්ගේ හේතු සම්ප්‍රයුක්තයන්ගේ යයි අර්ථය නොගෙනම යම්කිසි සම්ප්‍රයුක්තයන්ට හේතු පච්චයෙන් පච්චය වේයයි අර්ථය වන්නේය. මෙසේ ඇතිකල්හි හේතුවෙන් විප්‍රයුක්ත චක්ඛු විඤ්ඤාණාදිය ද සම්ප්‍රයුක්තයන්මය. හේතුවෙන් සම්ප්‍රයුත්ත කුසලාදිය ද එසේය. එහි මේ හේතු අසවල් සම්ප්‍රයුක්ත ධර්මයට ප්‍රත්‍ය යයි පච්චයෙන් උපන් නියමය නො පැනෙන්නේ ය. එහෙයින් පච්චය ද පච්චය උප්පන්නය ද පැහැදිලි කරන්නේ හේතු හේතු සම්ප්‍රයුත්තකානං යයි කීය. එහි තේරුම හේතු සම්ප්‍රයුක්ත වූ කුසලාදි ධර්මවලට යම් හේතු සම්ප්‍රයුක්තයක් වේද, එය හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. එහිද පච්චයයි නොකියා හේතු පච්චයෙන් යයි වචනය හේතු වේ. අන්‍යථා පච්චයභාවය ප්‍රතිසේධ කිරීම සඳහා. මේ හේතු හේතු පච්චයෙන් ද පච්චය වේ. සහජාතාදි පච්චයෙන් ද පච්චය වේ. එහි යම් මේ සහජාතාදී පච්චයෙන් අන් ආකාරයකින් ද පච්චයභාවය වේ. එය ප්‍රතිසේධනය සඳහා හේතුපච්චයෙන් යයි කියන ලදි. මෙසේ ඇතිකල්හි ද එය සම්ප්‍රයුක්තකාන යයි නොකියා කුමක් හෙයින් හේතු සම්පයුත්තකානං යයි කියන ලද්දේද? නිද්දේස කළයුත්තේ අප්‍රකට බැවිනි. එය සම්පයුක්තකානං යයි කීකල්හි යමකින් එය සම්පයුත්තක නම් වේ. මේ එය යයි නිද්දේස කළයුත්ත අප්‍රකටය. එහි අප්‍රකට බැවින් යමකින් සම්පයුක්තය. එය සම්පයුත්තකා යයි කියති. එය ස්වරූපයෙන්ම දැක්වීමට හේතුසම්පයුත්තකානං යයි කියන ලදි.

තංසමුට‍්ඨානානන‍්ති එත්‍ථ පන නිද‍්දිසිතබ‍්බස‍්ස පාකටත‍්තා තං-ගහණං කතං. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – තෙ හෙතූ චෙව හෙතුසම‍්පයුත‍්තකා ච ධම‍්මා සමුට‍්ඨානං එතෙසන‍්ති තංසමුට‍්ඨානානි. තෙසං තංසමුට‍්ඨානානං, හෙතුතො චෙව හෙතුසම‍්පයුත‍්තධම‍්මෙහි ච නිබ‍්බත‍්තානන‍්ති අත්‍ථො. ඉමිනා චිත‍්තසමුට‍්ඨානරූපං ගණ‍්හාති . කිං පන තං චිත‍්තතො අඤ‍්ඤෙනපි සමුට‍්ඨාතීති? ආම, සමුට‍්ඨාති. සබ‍්බෙපි හි චිත‍්තචෙතසිකා එකතො හුත්‍වා රූපං සමුට‍්ඨාපෙන‍්ති. ලොකියධම‍්මදෙසනායං පන චිත‍්තස‍්ස අධිකභාවතො තථාවිධං රූපං චිත‍්තසමුට‍්ඨානන‍්ති වුච‍්චති. තෙනෙවාහ චිත‍්තචෙතසිකා ධම‍්මා චිත‍්තසමුට‍්ඨානානං රූපානං සහජාතපච‍්චයෙන පච‍්චයොති.

තං සමුට්ඨානං මෙහි නිදෙසිය යුත්ත ප්‍රකට බැවින් ‘තං’ ගැනීම කරන ලදි. මෙහි අර්ථය මෙසේය. ඒවා හේතු සහ හේතුසම්ප්‍රයුක්ත ධර්මද වේ. සමුට්ඨානා එතෙසං හටගැනීම මොවුන්ටය යනු තං සමුට්ඨානානි ඒ සමුට්ඨානයන්ගේ හේතුවෙන් මෙන්ම හේතුවලින් යුත් ධර්මවලින් ද නිපත්තන්ගේ යන අර්ථය වේ. මෙයින් චිත්ත සමුට්ඨාන රූප (සිතෙන් උපදින රූප) ගනියි. කිම එය වනාහි සිතින් ද අනිකකින් උපදී ද? ඔව් උපදී. සිය චිත්ත චෛතසික එකතුව රූප උපදවයි. ලෞකික ධර්ම දේශනාවල වනාහි සිතේ අධික භාවයෙන් එබඳු රූප චිත්ත සමුට්ඨානං යයි කියයි. එයින් කීහ:- චිත්ත චෛතසික ධර්ම චිත්ත සමුට්ඨාන රූපයන්ගේ සහජාත පච්චයෙන් පච්චය වේ යයි.

යදි එවං ඉධාපි “තංසමුට‍්ඨානාන”න‍්ති අවත්‍වා චිත‍්තසමුට‍්ඨානානන‍්ති කස‍්මා න වුත‍්තන‍්ති? අචිත‍්තසමුට‍්ඨානානම‍්පි සඞ‍්ගණ‍්හනතො. පඤ‍්හාවාරස‍්මිඤ‍්හි “පටිසන්‍ධික‍්ඛණෙ විපාකාබ්‍යාකතා හෙතූ සම‍්පයුත‍්තකානං ඛන්‍ධානං කටත‍්තා ච රූපානං හෙතුපච‍්චයෙන පච‍්චයොති ආගතං”. තස‍්ස සඞ‍්ගණ‍්හනත්‍ථං ඉධ චිත‍්තසමුට‍්ඨානානන‍්ති අවත්‍වා තංසමුට‍්ඨානානන‍්ති වුත‍්තං. තස‍්සත්‍ථො – චිත‍්තජරූපං අජනයමානාපි තෙ හෙතූ හෙතුසම‍්පයුත‍්තකා ධම‍්මා සහජාතාදිපච‍්චයවසෙන සමුට‍්ඨානං එතෙසන‍්ති තංසමුට‍්ඨානානි. තෙසං තංසමුට‍්ඨානානං පවත‍්තෙ චිත‍්තජානං පටිසන්‍ධියඤ‍්ච කටත‍්තාරූපානම‍්පි හෙතූ හෙතුපච‍්චයෙන පච‍්චයොති. ඉමිනා උපායෙන අඤ‍්ඤෙසුපි තංසමුට‍්ඨානානන‍්ති ආගතට‍්ඨානෙසු අත්‍ථො වෙදිතබ‍්බො.

ඉදින් මෙසේ මෙහි ද ‘තං සමුට්ඨානං’ යයි නොකියා චිත්ත සමුට්ඨානං යයි කුමක් හෙයින් කියන ලදද? අචිත්ත සමුට්ඨානද ගන්නා බැවිනි. ප්‍රශ්න වාරයෙහි පිළිසිඳුම් කෙණෙහි විපාක අව්‍යාකෘත හේතුසම්ප්‍රයුක්ත ස්කන්ධවලට කටත්ත රූපවලට ද හේතුපච්චයෙන් පච්චය වේයයි ආවේය. එය සංග්‍රහ කිරීම සඳහා මෙහි ‘චිත්ත සමුට්ඨානං’ යයි නොකියා ‘තං සමුට්ඨානං’ යයි කියන ලදි. එහි අර්ථය චිත්තජ රූප (සිතින් හටගන්නා රූප) නො උපදවන්නේ ද ඒ හේතු හේතුවලින් යුත් ධර්ම සහජාතාදි පච්චය වශයෙන් ඉපදවීම මොවුන්ට වේයයි තං සමුට්ඨානානි වේ. ඒවායේ ඒ සමුට්ඨාන පවතින කල්හි චිත්තජ පටිසන්‍ධියද කටත්තා රූපවලට ද හේතු හේතු පච්චයෙන් පච්චය වේ. මෙම උපායෙන් අනිත් තැන්වල ‘තං සමුට්ඨාන’ ආ තැන්වල අර්ථය දතයුතුය.

කස‍්මා පනායං හෙතු පටිසන්‍ධියමෙව කටත‍්තාරූපානං හෙතුපච‍්චයො හොති, න පවත‍්තෙති? පටිසන්‍ධියං කම‍්මජරූපානං චිත‍්තපටිබද‍්ධවුත‍්තිතාය. පටිසන්‍ධියඤ‍්හි කම‍්මජරූපානං චිත‍්තපටිබද‍්ධා පවත‍්ති, චිත‍්තවසෙන උප‍්පජ‍්ජන‍්ති චෙව තිට‍්ඨන‍්ති ච. තස‍්මිඤ‍්හි ඛණෙ චිත‍්තං චිත‍්තජරූපං ජනෙතුං න සක‍්කොති, තානිපි විනා චිත‍්තෙන උප‍්පජ‍්ජිතුං වා ඨාතුං වා න සක‍්කොන‍්ති. තෙනෙවාහ – “විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, තස‍්මිං පතිට‍්ඨිතෙ විඤ‍්ඤාණෙ නාමරූපස‍්ස අවක‍්කන‍්ති හොතී”ති (සං· නි· 2.39). පවත‍්තියං පන තෙසං චිත‍්තෙ විජ‍්ජමානෙපි කම‍්මපටිබද‍්ධාව පවත‍්ති, න චිත‍්තපටිබද‍්ධා. අවිජ‍්ජමානෙ චාපි චිත‍්තෙ නිරොධසමාපන‍්නානං උප‍්පජ‍්ජන‍්තියෙව.

එහෙයින් මේ හේතු පටිසන්‍ධියම කටත්ත රූපවලට හේතුපච්චය වේ. නොපවත්නා කල්හි පටිසන්‍ධියෙහි කම්මජ රූපයන්ගේ චිත්ත පටිබද්ධව පැවතීමෙන් පටිසන්ධියෙහි කම්ම රූප චිත්ත පටිබද්ධව පවතී. සිත් වශයෙන් ඉපදීම ද සිටීමද වේ. ඒ ක්‍ෂණයෙහි සිත චිත්තජ රූ ඉපදවීමට නොහැකි වේ. ඒවාද හැර සිතින් ඉපදවීමට හෝ සිටීමට හෝ නොහැකි වේ. එහෙයින්ම කීහ. ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ එය පිහිටි කල්හි විඤ්ඤාණයෙහි නාමරූප බැසගැන්ම වේ’ යයි පැවතීම වනාහි ඒවායේ සිත විද්‍යමාන වූ කල්හිද කම්ම පටිබද්ධවම පවතී. චිත්ත පටිබද්ධව නොවේ. සිත නොපවත්නා කල්හිද නිරෝධයට පැමිණෙන්නන්ගේ ඉපදීමය.

කස‍්මා පන පටිසන්‍ධික‍්ඛණෙ චිත‍්තං චිත‍්තජරූපං ජනෙතුං න සක‍්කොතීති? කම‍්මවෙගක‍්ඛිත‍්තතාය චෙව අප‍්පතිට‍්ඨිතවත්‍ථුතාය ච දුබ‍්බලත‍්තා. තඤ‍්හි තදා කම‍්මවෙගක‍්ඛිත‍්තං අපුරෙජාතවත්‍ථුකත‍්තා ච අප‍්පතිට‍්ඨිතවත්‍ථුකන‍්ති දුබ‍්බලං හොති. තස‍්මා පපාතෙ පතිතමත‍්තො පුරිසො කිඤ‍්චි සිප‍්පං කාතුං විය රූපං ජනෙතුං න සක‍්කොති; කම‍්මජරූපමෙව පනස‍්ස චිත‍්තසමුට‍්ඨානරූපට‍්ඨානෙ තිට‍්ඨති. තඤ‍්ච කම‍්මජරූපස‍්සෙව බීජට‍්ඨානෙ තිට‍්ඨති. කම‍්මං පනස‍්ස ඛෙත‍්තසදිසං, කිලෙසා ආපසදිසා. තස‍්මා සන‍්තෙපි ඛෙත‍්තෙ ආපෙ ච පඨමුප‍්පත‍්තියං බීජානුභාවෙන රුක‍්ඛුප‍්පත‍්ති විය පටිසන්‍ධික‍්ඛණෙ චිත‍්තානුභාවෙන රූපකායස‍්ස උප‍්පත‍්ති. බීජෙ පන විගතෙපි පථවීආපානුභාවෙන රුක‍්ඛස‍්ස උපරූපරි පවත‍්ති විය; විනා චිත‍්තෙන කම‍්මතොව කටත‍්තාරූපානං පවත‍්ති හොතීති වෙදිතබ‍්බා. වුත‍්තම‍්පි චෙතං – “කම‍්මං ඛෙත‍්තං විඤ‍්ඤාණං බීජං තණ‍්හා ස‍්නෙහො”ති (අ· නි· 3.77).

පටිසන්ධි ක්‍ෂණයෙහි සිත චිත්තජ රූප ඉපදවීමට නොහැකිවන්නේ කුමක් නිසාද? කර්ම වේගයෙන් බහා තැබීමද වස්තු තුන නොපිහිටීමද දුර්වල බැවිනි. එහි එකල්හි කර්ම වේගයෙන් තබන ලද පෙර නූපන් වස්තුක බවද නොපිහිටි වස්තු යයි දුර්වල වේ. එහෙයින් ප්‍රපාතයෙහි වැටෙන මිනිසෙක් කිසි ශිල්පයක් කිරීමට නොහැකි මෙන් රූප ඉපදවීමට නොහැකි වේ. කර්මජ රූපම චිත්ත සමුට්ඨාන රූප ස්ථානයෙහි සිටී. එය කර්මජ රූපවල බීජ ස්ථානයෙහි සිටියි. කර්මය වනාහි කුඹුර හා සමානය. කෙලෙස් ජනය මෙනි. එසේ ඇතිකල්හි කෙතෙහිද ජලයෙහි ද පළමු උපතෙහි බීජානුභාවයෙන් රුක් ඉපදීම මෙන් පටිසන්ධි ක්‍ෂණයෙහි චිත්තානුභාවයෙන් රූපකායේ උපත වේ. බීජය නැති කල්හිද පොළොව ජලය මේවායේ ආනුභාවයෙන් ගසේ මතු මත්තෙහි පැවැත්ම මෙන් සිත නැතිව කර්මයෙන්ම කටත්තා රූපයන්ගේ පැවැත්ම වේයයි දතයුතුය. එය කියන ලදි. කර්මය කෙතය. විඤ්ඤාණය බීජයයි. තෘෂ්ණාව ස්නේහයයි.

අයඤ‍්ච පනත්‍ථො ඔකාසවසෙනෙව ගහෙතබ‍්බො. තයො හි ඔකාසා – නාමොකාසො, රූපොකාසො, නාමරූපොකාසොති. තත්‍ථ අරූපභවො නාමොකාසො නාම. තත්‍ර හි හදයවත්‍ථුමත‍්තම‍්පි රූපපච‍්චයං විනා අරූපධම‍්මාව උප‍්පජ‍්ජන‍්ති. අසඤ‍්ඤභවො රූපොකාසො නාම. තත්‍ර හි පටිසන්‍ධිචිත‍්තමත‍්තම‍්පි අරූපපච‍්චයං විනා රූපධම‍්මාව උප‍්පජ‍්ජන‍්ති. පඤ‍්චවොකාරභවො නාමරූපොකාසො නාම. තත්‍ර හි වත්‍ථුරූපමත‍්තම‍්පි විනා පටිසන්‍ධියං අරූපධම‍්මා, පටිසන්‍ධිචිත‍්තඤ‍්ච විනා කම‍්මජාපි රූපධම‍්මා නුප‍්පජ‍්ජන‍්ති. යුගනද‍්ධාව රූපාරූපානං උප‍්පත‍්ති. යථා හි සස‍්සාමිකෙ සරාජකෙ ගෙහෙ සද‍්වාරපාලකෙ රාජාණත‍්තිං විනා පඨමප‍්පවෙසො නාම නත්‍ථි, අපරභාගෙ පන විනාපි ආණත‍්තිං පුරිමාණත‍්තිආනුභාවෙනෙව හොති, එවමෙව පඤ‍්චවොකාරෙ පටිසන්‍ධිවිඤ‍්ඤාණරාජස‍්ස සහජාතාදිපච‍්චයතං විනා රූපස‍්ස පටිසන්‍ධිවසෙන පඨමුප‍්පත‍්ති නාම නත්‍ථි. අපරභාගෙ පන විනාපි පටිසන්‍ධිවිඤ‍්ඤාණස‍්ස සහජාතාදිපච‍්චයානුභාවං පුරිමානුභාවවසෙන ලද‍්ධප‍්පවෙසස‍්ස කම‍්මතො පවත‍්ති හොති. අසඤ‍්ඤභවො පන යස‍්මා අරූපොකාසො න හොති, තස‍්මා තත්‍ථ විනාව අරූපපච‍්චයා අසඤ‍්ඤොකාසත‍්තා රූපං පවත‍්තති, අස‍්සාමිකෙ සුඤ‍්ඤගෙහෙ අත‍්තනො ගෙහෙ ච පුරිසස‍්ස පවෙසො විය. අරූපභවොපි යස‍්මා රූපොකාසො න හොති, තස‍්මා තත්‍ථ විනාව රූපපච‍්චයා අඤ‍්ඤොකාසත‍්තා අරූපධම‍්මා පවත‍්තන‍්ති. පඤ‍්චවොකාරභවො පන රූපාරූපොකාසොති නත්‍ථෙත්‍ථ අරූපපච‍්චයං විනා පටිසන්‍ධික‍්ඛණෙ රූපානං උප‍්පත‍්තීති. ඉති අයං හෙතු පටිසන්‍ධියමෙව කටත‍්තාරූපානං පච‍්චයො හොති, න පවත‍්තෙති.

මේ අර්ථය වනාහි ඕකාශ වශයෙන්ම ගතයුතුය. ඕකාශ තුනකි. නාම ඕකාස, රූප ඕකාස, නාමරූපොකාස යනුවෙනි. එහි අරූප භවය නාම ඕකාස වේ. එහි හෘදය වස්තු මාත්‍රයම රූප ප්‍රත්‍යය හැර අරූප ධර්මම උපදී. අසඤ්ඤභවය රූපොකාස නමි. එහි පටිසන්‍ධි සිත පමණක් අරූප ප්‍රත්‍ය හැර රූප ධර්මම උපදී. පංචවෝකාර භව නාමරූපෝකාස නමි. එහි වස්තු රූප පමණක් පටිසන්ධියෙන් තොරව අරූප ධර්ම පටිසන්ධි සිතද කර්මජ හැර රූප ධර්ම නූපදී. යුගනන්ධව රූප අරූප උපත. යම්සේ සස්වාමික සරාජ ගෙදර දොරටුපල්ලන් රජ අණ හැර ප්‍රථම ප්‍රවේශය නම් නැත. පසුකාලයේ වනාහි අණ හැරද පෙර අණෙහි ආනුභාවයෙන්ම වේ. එසේම පංචවෝකාර පටිසන්ධි විඤ්ඤාණ රජුගේ සහජාතාදි පච්චයභාව හැර රූපයට පටිසන්ධි වශයෙන් පළමු උපත නම් නැත. පසුව වනාහි පටිසන්ධි විඤ්ඤාණය නැතිව සහජාතාදි පච්චයානුභාවය පෙර ආනුභාව වශයෙන් ලැබූ ප්‍රවේශයේ කර්ම වශයෙන් පවතී. අසඤ්ඤ භවයෙහි වනාහි යම්හෙයකින් අරූප ඕකාශ නැත. එහෙයින් එහි අරූප ප්‍රත්‍ය හැරද අසඤ්ඤසත්‍වයේ රූප පවතී. අස්වාමික ශූන්‍ය ගෙදර තමාගේ ගෙයෙහිද පුරුෂයන්ගේ ප්‍රවේශය මෙන් අරූප භවයෙහි ද රූපඕකාශ නොවේ. එහෙයින් එහි රූපප්‍රත්‍ය නැතිව අන්‍ය ඕකාශයකින් අරූප ධර්ම පවතී. පංචවෝකාර භවය වනාහි රූප අරූප ඕකාශ එහි නැත. එහි අරූප ප්‍රත්‍ය හැර ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි රූපයන්ගේ උපත වේ. මෙසේ මෙය හේතු පටිසන්ධියම කටත්තා රූපවලට ප්‍රත්‍ය වේ. නො පවත්වයි.

නනු “හෙතූ සහජාතානං හෙතුපච‍්චයෙන පච‍්චයොති වුත‍්තෙ සබ‍්බොපි අයමත්‍ථො ගහිතො හොති, අථ කස‍්මා “හෙතුසම‍්පයුත‍්තකානං ධම‍්මානං තංසමුට‍්ඨානානඤ‍්ච රූපාන”න‍්ති ඉදං ගහිතන‍්ති? පවත‍්තියං කටත‍්තාරූපාදීනං පච‍්චයභාවපටිබාහනතො. එවඤ‍්හි සති යානි පවත‍්තියං හෙතුනා සහ එකක‍්ඛණෙ කටත‍්තාරූපානි චෙව උතුආහාරසමුට‍්ඨානානි ච ජායන‍්ති, තෙසම‍්පි හෙතූ හෙතුපච‍්චයොති ආපජ‍්ජෙය්‍ය, න ච සො තෙසං පච‍්චයො. තස‍්මා තෙසං පච‍්චයභාවස‍්ස පටිබාහනත්‍ථමෙතං ගහිතන‍්ති වෙදිතබ‍්බං.

හේතු සහජාතයන්ට හේතු පච්චයෙන් පච්චයයි කීකල්හි සියල්ලම මේ අර්ථය ගන්නා ලද්දේ නොවේද? ඉක්බිති කුමක් හෙයින් හේතු සම්ප්‍රයුක්ත ධර්මයන්ට එය උපදවන රූපයන් යයි මෙය ගන්නා ලද්දේද? පැවැත්මෙහි කටත්තා රූපාදීන්ට ප්‍රත්‍යභාවය ප්‍රතිබාහනය කිරීමෙන් මෙසේ ඇතිකල්හි යම් පැවැත්මෙහි හේතුව සමග ඒකක්‍ෂණයෙහි කටත්තා රූප මෙන්ම උතු ආහාර සමුට්ඨාන ද උපදී. ඒවායේ ද හේතු හේතුප්‍රත්‍ය යයි පැමිණෙන්නේය. එය ඒවාට ප්‍රත්‍ය නොවේ. එහෙයින් ඒවායේ ප්‍රත්‍යභාවයේ මෙය ප්‍රතිහානය පිණිස ගන්නා ලදැයි දතයුතුය.

ඉදානි “නානප‍්පකාරභෙදතො පච‍්චයුප‍්පන‍්නතො”ති ඉමෙසං පදානං වසෙනෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො. තෙසු නානප‍්පකාරභෙදතොති අයඤ‍්හි හෙතු නාම ජාතිතො කුසලාකුසලවිපාකකිරියභෙදතො චතුබ‍්බිධො. තත්‍ථ කුසලහෙතු භූමන‍්තරතො කාමාවචරාදිභෙදෙන චතුබ‍්බිධො, අකුසලහෙතු කාමාවචරොව විපාකහෙතු කාමාවචරාදිභෙදෙන චතුබ‍්බිධො, කිරියහෙතු කාමාවචරො රූපාවචරො අරූපාවචරොති තිවිධො. තත්‍ථ කාමාවචරකුසලහෙතු නාමතො අලොභාදිවසෙන තිවිධො. රූපාවචරාදිකුසලහෙතූසුපි එසෙව නයො. අකුසලහෙතු ලොභාදිවසෙන තිවිධො. විපාකකිරියහෙතූ පන අලොභාදිවසෙන තයො තයො හොන‍්ති. තංතංචිත‍්තසම‍්පයොගවසෙන පන තෙසං තෙසං හෙතූනං නානප‍්පකාරභෙදොයෙවාති එවං තාවෙත්‍ථ නානප‍්පකාරභෙදතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

දැන් නා නා ප්‍රකාර භේදයෙන් පච්චය උපන් හෙයින් යයි මේ පදයන්ගේ වශයෙන් මෙහි විනිශ්චය වේ. ඒවා අතරින් නා නා ප්‍රකාර භෙදතො යයි මෙහි හේතු නම් ජාතියෙන් කුසල අකුසල විපාක ක්‍රියා යයි භේද වශයෙන් සතරාකාරය. එහි කුසල හේතු භූමි වශයෙන් කාමාවචරාදි භේදයෙන් සතරාකාරය. අකුසල හේතු කාමාවචරද විපාක හේතු කාමාවචරාදි භේදයෙන් සතරවිධය. කිරිය හේතුවෙන් කාමාවචර රූපාවචර අරූපාවචර යයි තුන්ආකාරය. එහි කාමාවචර කුසල හේතු නාමයෙන් අලොභාදි වශයෙන් ත්‍රිවිධය. රූපාවචරාදි කුසල හේතුවල ද මෙම නය වේ. අකුසල හේතු ලෝභාදි වශයෙන් ත්‍රිවිධය. විපාක කිරිය හේතු වනාහි අලෝභාදි වශයෙන් තුන තුන වේ. ඒ ඒ චිත්ත සම්පයෝග වශයෙන් වනාහි ඒ ඒ හේතුන්ගේ නානා ප්‍රකාර භේද ඇතැයි මෙසේ මෙහි නා නා ප්‍රකාර භේද වශයෙන් විනිශ්චය දතයුතුය.

පච‍්චයුප‍්පන‍්නතොති ඉමිනා පච‍්චයෙන ඉමෙ ධම‍්මා උප‍්පජ‍්ජන‍්ති, ඉමෙසං නාම ධම‍්මානං අයං පච‍්චයොති එවම‍්පි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයොති අත්‍ථො. තත්‍ථ ඉමස‍්මිං තාව හෙතුපච‍්චයෙ කාමාවචරකුසලහෙතු කාමභවරූපභවෙසු අත‍්තනා සම‍්පයුත‍්තධම‍්මානඤ‍්චෙව චිත‍්තසමුට‍්ඨානරූපානඤ‍්ච හෙතුපච‍්චයො හොති, අරූපභවෙ සම‍්පයුත‍්තධම‍්මානංයෙව. රූපාවචරකුසලහෙතු කාමභවරූපභවෙසුයෙව සම‍්පයුත‍්තධම‍්මානඤ‍්චෙව චිත‍්තසමුට‍්ඨානරූපානඤ‍්ච හෙතුපච‍්චයො. අරූපාවචරකුසලහෙතු කාමාවචරකුසලහෙතුසදිසොව. තථා අපරියාපන‍්නකුසලහෙතු, තථා අකුසලහෙතු. කාමාවචරවිපාකහෙතු පන කාමභවස‍්මිංයෙව අත‍්තනා සම‍්පයුත‍්තධම‍්මානං, පටිසන්‍ධියං කටත‍්තාරූපානං, පවත‍්තෙ චිත‍්තසමුට‍්ඨානරූපානඤ‍්ච හෙතුපච‍්චයො. රූපාවචරවිපාකහෙතු රූපභවෙ වුත‍්තප‍්පකාරානඤ‍්ඤෙව හෙතුපච‍්චයො. අරූපාවචරවිපාකහෙතු අරූපභවෙ සම‍්පයුත‍්තකානඤ‍්ඤෙව හෙතුපච‍්චයො. අපරියාපන‍්නවිපාකහෙතු කාමභවරූපභවෙසු සම‍්පයුත‍්තකානඤ‍්චෙව චිත‍්තසමුට‍්ඨානරූපානඤ‍්ච අරූපභවෙ අරූපධම‍්මානඤ‍්ඤෙව හෙතුපච‍්චයො. කිරියහෙතූසු පන තෙභූමකෙසුපි කුසලහෙතුසදිසොව පච‍්චයොති. එවමෙත්‍ථ පච‍්චයුප‍්පන‍්නතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයොති.

‘පච්චයුප්පන්නතො’ යයි මේ පච්චයෙන් මේ ධර්මයෝ උපදිත්. මේ ධර්මයන්ගේ මේ ප්‍රත්‍ය යයි මෙසේ දැනගත යුතු විනිස යන අරුතයි. එහි මේ හේතු ප්‍රත්‍යයෙහි කාමාවචර කුසල හේතු කාමභව රූප භවවල තමා හා සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ චිත්ත සමුට්ඨාන රූපවලද හේතුපච්චය වේ. අරූප භවයෙහි සම්ප්‍රයුක්ත ධර්මවලද හේතු පච්චය වේ. රූපාවචර කුසල හෙතු, කාමභවවලම සම්ප්‍රයුක්ත ධර්මවල මෙන් චිත්ත සමුට්ඨාන රූපවලද හේතුපච්චය වේ. අරූපාවචර කුසල හේතු කාමාවචර කුසල හා සමානය. අපරියාපන්න කුසල හේතු ද එසේය. අකුසල හේතු ද එසේය. කාමාවචර විපාක හේතු වනාහි කාම භවයෙහි ම තමා විසින් සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ප්‍රතිසන්ධියෙහි කටත්තා රූප පවතින විට චිත්ත සමුට්ඨාන රූපවලට ද හේතුප්‍රත්‍ය වේ. රූපාවචර විපාක හේතු රූප භවයෙහි කියන ලද ආකාරයන්ටම හේතුප්‍රත්‍ය වේ. අරූපාවචර විපාක හේතු අරූප භවයෙහි සම්ප්‍රයුක්තයන්ම හේතුපච්චය වේ. අපරියාපන්න විපාක හේතු කාමභව රූප භවවල සම්ප්‍රයුක්තයන්ද චිත්ත සමුට්ඨාන රූපවලට ද හේතුපච්චය වේ. අරූප භවයෙහි අරූප ධර්මයන්ටම හේතුපච්චය වේ. කිරිය හේතුවල වනාහි ක්‍ෂෙත්‍රභූමිවලද කුසල හේතු හා සමානව ප්‍රත්‍ය වේ. මෙසේ මෙහි පච්චයුප්පන්න වශයෙන් ද විනිශ්චය දතයුතුය.

හෙතුපච‍්චයනිද‍්දෙසවණ‍්ණනා.

හේතුපච්චය නිද්දේසය නිමි.