යෙදුමෙන් කියවන්න

පච‍්චයනිද‍්දෙසපකිණ‍්ණකවිනිච‍්ඡයකථා අට‍්ඨකථා

පච‍්චයනිද‍්දෙසපකිණ‍්ණකවිනිච‍්ඡයකථා

පච්චයනිද්දෙසපකිණ්ණකවිනිච්ඡයකථා

ඉදානි එවං උද‍්දෙසනිද‍්දෙසතො දස‍්සිතෙසු ඉමෙසු චතුවීසතියා පච‍්චයෙසු ඤාණචාරස‍්ස විසදභාවත්‍ථං අනෙකධම‍්මානං එකපච‍්චයභාවතො, එකධම‍්මස‍්ස අනෙකපච‍්චයභාවතො, එකපච‍්චයස‍්ස අනෙකපච‍්චයභාවතො, පච‍්චයසභාගතො, පච‍්චයවිසභාගතො, යුගළකතො, ජනකාජනකතො, සබ‍්බට‍්ඨානිකාසබ‍්බට‍්ඨානිකතො, රූපං රූපස‍්සාතිආදිවිකප‍්පතො, භවභෙදතොති ඉමෙසං දසන‍්නං පදානං වසෙන පකිණ‍්ණකවිනිච‍්ඡයො වෙදිතබ‍්බො. තත්‍ථ අනෙකධම‍්මානං එකපච‍්චයභාවතොති එතෙසු හි ඨපෙත්‍වා කම‍්මපච‍්චයං අවසෙසෙසු තෙවීසතියා පච‍්චයෙසු අනෙකධම‍්මා එකතො පච‍්චයා හොන‍්ති. කම‍්මපච‍්චයො පන එකො චෙතනාධම‍්මොයෙවාති එවං තාවෙත්‍ථ අනෙකධම‍්මානං එකපච‍්චයභාවතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

දැන් මෙසේ උද්දේස නිද්දේස වශයෙන් දක්වන ලද මේ සූවිසි ප්‍රත්‍යවල ඤාණ වාරයේ විසදභාවය සඳහා :- අනේක ධර්මවල ඒක පච්චයභාවයෙන්, එක් ධර්මයක අනේක පච්චයභාවයෙන්, එක් පච්චයක අනේක පච්චයභාවයෙන්, පච්චය සභාගයෙන්, පච්චය විසභාගයෙන්, යුගළකයෙන්, ජනකා ජනකයෙන්, සබ්බට්ඨානික සබ්බට්ඨානිකයෙන්, රූපය රූපයට යනාදි විකල්පයෙන්, භව භේදයෙන් යයි මේ පද දහය වශයෙන් ප්‍රකීර්ණක විනිශ්චය දතයුතුය. එහි ‘අනේක ධම්මානං එක පච්චයභාවතො’ යයි මේවා අතරෙන් කම්ම පච්චය හැර අවසේස පච්චය විසිතුනේ අනේක ධර්ම එක පච්චයෙන් වේ. කම්ම පච්චය වනාහි එක් චේතනා ධර්මයම යයි මෙසේ එහි අනේක ධර්මවල එක් පච්චය භාව වශයෙන් විනිශ්චය දතයුතුය.

එකධම‍්මස‍්ස අනෙකපච‍්චයභාවතොති හෙතුපච‍්චයෙ තාව අමොහො එකො ධම‍්මො. සො පුරෙජාතකම‍්මාහාරඣානපච‍්චයොව න හොති, සෙසානං වීසතියා පච‍්චයානං වසෙන පච‍්චයො හොති. අලොභාදොසා ඉන්‍ද්‍රියමග‍්ගපච‍්චයාපි න හොන‍්ති, සෙසානං අට‍්ඨාරසන‍්නං පච‍්චයානං වසෙන පච‍්චයා හොන‍්ති. ලොභමොහා විපාකපච‍්චයාපි න හොන‍්ති, සෙසානං සත‍්තරසන‍්නං පච‍්චයානං වසෙන පච‍්චයා හොන‍්ති. දොසො අධිපතිපච‍්චයොපි න හොති, සෙසානං සොළසන‍්නං පච‍්චයානං වසෙන පච‍්චයො හොති. ආරම‍්මණපච‍්චයෙ රූපායතනං චක‍්ඛුවිඤ‍්ඤාණධාතුයා ආරම‍්මණපුරෙජාතඅත්‍ථිඅවිගතවසෙන චතුධා පච‍්චයො; තථා මනොධාතුයා අහෙතුකමනොවිඤ‍්ඤාණධාතුයා ච. සහෙතුකාය පන ආරම‍්මණාධිපතිආරම‍්මණූපනිස‍්සයවසෙනාපි පච‍්චයො හොති. ඉමිනා නයෙන සබ‍්බෙසං ආරම‍්මණපච‍්චයධම‍්මානං අනෙකපච‍්චයභාවො වෙදිතබ‍්බො.

‘එක ධම්මස්ස අනෙක පච්චයභාවතො’ හේතු පච්චයෙහි අමෝහය එක් ධර්මයකි. එය පුරෙජාත, කම්ම, ආහාර, ඣාන පච්චය නොවේ. සෙසු පච්චය විස්ස පච්චය වේ. අලෝභ අදෝස, ඉන්‍ද්‍රිය මග්ග පච්චය නොවේ. සෙසු පච්චය අටළොස පච්චය වේ. ලෝභ, මෝහ, විපාක පච්චය නොවේ. සෙසු පච්චය සතළොස් පච්චය වේ. දෝසය අධිපති පච්චය නොවේ. සෙසු පච්චය සොළොස් පච්චය වේ. ආරම්මණ පච්චයෙහි රූපායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවට ආරම්මණ පුරේජාත, අත්‍ථි, අවිගත වශයෙන් සතරාකාර පච්චය වේ. එසේම මනෝ ධාතුවට අහේතුක මනෝ විඤ්ඤාණ ධාතුවට ද, සහේතුකයට වනාහි ආරම්මණ අධිපති ආරම්මණ උපනිස්සය වශයෙන් ද පච්චය වේ. මෙම නයින් සියළු ආරම්මණ ධර්මයන්ට අනේක පච්චයභාවය දතයුතුය.

අධිපතිපච‍්චයෙ ආරම‍්මණාධිපතිනො ආරම‍්මණපච‍්චයෙ වුත‍්තනයෙනෙව අනෙකපච‍්චයභාවො වෙදිතබ‍්බො. සහජාතාධිපතීසු වීමංසා අමොහහෙතු විය වීසතිධා පච‍්චයො හොති. ඡන්‍දො හෙතුපුරෙජාතකම‍්මආහාරඉන්‍ද්‍රියඣානමග‍්ගපච‍්චයො න හොති, සෙසානං සත‍්තරසන‍්නං පච‍්චයානං වසෙන පච‍්චයො හොති. චිත‍්තං හෙතුපුරෙජාතකම‍්මඣානමග‍්ගපච‍්චයො න හොති, සෙසානං එකූනවීසතියා පච‍්චයානං වසෙන පච‍්චයො හොති. වීරියං හෙතුපුරෙජාතකම‍්මාහාරඣානපච‍්චයො න හොති, සෙසානං එකූනවීසතියා වසෙන පච‍්චයො හොති.

අධිපති පච්චයෙහි ආරම්මණ අධිපති ආරම්මණ පච්චයෙහි කියන ලද නයින්ම අනේක පච්චයභාවය දතයුතුය. සහජාත අධිපති කෙරෙහි වීමංස අමෝහ හේතු මෙන් විසි ආකාර පච්චය වේ. ඡන්‍දය, හේතු පුරේජාත, කම්ම, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග පච්චය නොවේ. සෙසු සතළොස් පච්චය වශයෙන් පච්චය වේ. සිත හේතු, පුරේජාත, කම්ම, ඣාන, මග්ග පච්චය නොවේ. සෙසු එකුන් විසි පච්චය වශයෙන් පච්චය වේ. විරිය හේතු, පුරේජාත, කම්ම, ආහාර, ඣාන පච්චය නොවේ. සෙසු එකුන් විසි වශයෙන් පච්චය වේ.

අනන‍්තරපච‍්චයෙ “චක‍්ඛුවිඤ‍්ඤාණධාතූ”තිආදිනා නයෙන වුත‍්තෙසු චතූසු ඛන්‍ධෙසු වෙදනාක‍්ඛන්‍ධො හෙතුපුරෙජාතකම‍්මාහාරමග‍්ගපච‍්චයො න හොති, සෙසානං එකූනවීසතියා වසෙන පච‍්චයො හොති. සඤ‍්ඤාක‍්ඛන්‍ධො ඉන්‍ද්‍රියඣානපච‍්චයොපි න හොති, සෙසානං සත‍්තරසන‍්නං වසෙන පච‍්චයො හොති. සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ හෙතූ හෙතුපච‍්චයෙ වුත‍්තනයෙන, ඡන්‍දවීරියානි අධිපතිපච‍්චයෙ වුත‍්තනයෙනෙව පච‍්චයා හොන‍්ති. ඵස‍්සො හෙතුපුරෙජාතකම‍්මඉන්‍ද්‍රියඣානමග‍්ගපච‍්චයො න හොති, සෙසානං අට‍්ඨාරසන‍්නං වසෙන පච‍්චයො හොති. චෙතනා හෙතුපුරෙජාතඉන්‍ද්‍රියඣානමග‍්ගපච‍්චයො න හොති. සෙසානං එකූනවීසතියා වසෙන පච‍්චයො හොති. විතක‍්කො හෙතුපුරෙජාතකම‍්මාහාරින්‍ද්‍රියපච‍්චයො න හොති, සෙසානං එකූනවීසතියා වසෙන පච‍්චයො හොති. විචාරො මග‍්ගපච‍්චයොපි න හොති, සෙසානං අට‍්ඨාරසන‍්නං වසෙන පච‍්චයො හොති. පීති තෙසඤ‍්ඤෙව වසෙන පච‍්චයො හොති. චිත‍්තෙකග‍්ගතා හෙතුපුරෙජාතකම‍්මාහාරපච‍්චයො න හොති, සෙසානං වීසතියා වසෙන පච‍්චයො හොති. සද‍්ධා හෙතුපුරෙජාතකම‍්මාහාරඣානමග‍්ගපච‍්චයො න හොති, සෙසානං අට‍්ඨාරසන‍්නං වසෙන පච‍්චයො හොති. සති තෙහි චෙව මග‍්ගපච‍්චයෙන චාති එකූනවීසතියා වසෙන පච‍්චයො හොති. ජීවිතින්‍ද්‍රියං සද‍්ධාය වුත‍්තානං අට‍්ඨාරසන‍්නං වසෙන පච‍්චයො හොති. හිරොත‍්තප‍්පං තතො ඉන්‍ද්‍රියපච‍්චයං අපනෙත්‍වා සෙසානං සත‍්තරසන‍්නං වසෙන පච‍්චයො හොති. තථා කායපස‍්සද‍්ධාදීනි යුගළකානි, යෙවාපනකෙසු අධිමොක‍්ඛමනසිකාරතත්‍රමජ‍්ඣත‍්තතා කරුණාමුදිතා ච. විරතියො පන තෙහි චෙව මග‍්ගපච‍්චයෙන චාති අට‍්ඨාරසධා පච‍්චයා හොන‍්ති. මිච‍්ඡාදිට‍්ඨි තතො විපාකපච‍්චයං අපනෙත්‍වා සත‍්තරසධා, මිච‍්ඡාවාචාකම‍්මන‍්තාජීවා තෙහි චෙව කම‍්මාහාරපච‍්චයෙහි චාති එකූනවීසතිධා. අහිරිකං අනොත‍්තප‍්පං මානො ථිනං මිද‍්ධං උද‍්ධච‍්චන‍්ති ඉමෙ හෙතුපුරෙජාතකම‍්මවිපාකාහාරින්‍ද්‍රියඣානමග‍්ගපච‍්චයා න හොන‍්ති, සෙසානං පන සොළසන‍්නං පච‍්චයානං වසෙන පච‍්චයා හොන‍්ති. විචිකිච‍්ඡාඉස‍්සාමච‍්ඡරියකුක‍්කුච‍්චානි තතො අධිපතිපච‍්චයං අපනෙත්‍වා පන‍්නරසධා විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස. අධිපතිපච‍්චයෙ වුත‍්තනයෙනෙව අනෙකපච‍්චයභාවො වෙදිතබ‍්බො. සමනන‍්තරපච‍්චයෙපි එසෙව නයො.

අනන්තර පච්චයෙහි ‘චක්ඛු විඤ්ඤාණ ධාතු’ යනාදි නයින් කියන ලද සතර ස්කන්ධවල වේදනා ස්කන්ධය, හේතු, පුරේජාත, කම්ම, ආහාර, මග්ග පච්චය නොවේ. සෙසු එකුන් වීසති වශයෙන් පච්චය වේ. සඤ්ඤා ඛන්‍ධය, ඉන්‍ද්‍රිය ඣාන පච්චය නොවේ. සෙසු සතළොස වශයෙන් පච්චය වේ. සංඛාර ඛන්‍ධයෙහි හේතු, හේතු පච්චයෙහි කියන ලද නයින්. ඡන්‍ද විරිය අධිපති පච්චයෙහි කියන ලද පච්චය වේ. ඵස්ස, හේතු පුරේජාත කම්ම ඉන්‍ද්‍රිය ඣාන මග්ග පච්චය නොවේ. සෙසු අටළොස වශයෙන් පච්චය වේ. චේතනා හේතු පුරේජාත ඉන්‍ද්‍රිය ඣාන මග්ග පච්චය නොවේ. සෙසු එකුන් විස්ස වශයෙන් පච්චය වේ. විතක්කය - හේතු පුරේජාත කම්ම ආහාර ඉන්‍ද්‍රිය පච්චය නොවේ. සෙසු එකුන් විස්ස වශයෙන් පච්චය වේ. විචාරය, මග්ග පච්චය ද නොවේ. සෙසු අටළොස වශයෙන් පච්චය වේ. පීති ඒවායේ වශයෙන්ම පච්චය වේ. චිත්තෙකග්ගතා - හේතු පුරේජාත කම්ම ආහාර පච්චය නොවේ. සෙසු විස්ස වශයෙන් පච්චය වේ. සද්ධා - හේතු පුරේජාත කම්ම ආහාර ඣාන පච්චයෝ නොවෙති. සෙසු අටළොස වශයෙන් පච්චය වේ. සතිය ඒවා සමග මග්ග පච්චය ද යුක්ත එකුන් විසි අයුරින් පච්චය වේ. ජීවිතේන්‍ද්‍රිය සද්ධාවෙහි කියන ලද අටළොස වශයෙන් පච්චය වේ. හිරි ඔත්තප්ප (ලජ්ජා භය) එයින් ඉන්‍ද්‍රිය පච්චය බැහැරකොට සෙසු සතළොස වශයෙන් පච්චය වේ. කාය පස්සාදි යුගලයද එසේය. යෙවාපන කයෙහි (තවත් අනිත් ධර්මවල) අධිමොක්ඛ මනසිකාර තත්‍රමජ්ඣත්තතා කරුණා මුදිතා ද විරති වනාහි ඒවා සමග මග්ග පච්චයෙන්දැයි අටළොස් ආහාර පච්චය වේ. මිච්ඡාදිට්ඨි - එයින් විපාක පච්චය හැර සතළොස් ආකාරයකින්. මිච්ඡා වාචා කම්මන්ත ආජීව - ඒවායින් ද කම්ම ආහාර පච්චයෙන්දැයි එකුන්විසි ආකාරයකින්. අහිරික, අනොත්තප්ප, මාන, ථීන, මිද්ධ, උද්ධච්ච යන මේවාට හේතු පුරේජාත කම්ම විපාක ආහාර ඉන්‍ද්‍රිය ඣාන මග්ග පච්චය නොවේ. සෙසු සොළොස් පච්චය වශයෙන් පච්චය වේ. විචිකිච්ඡා, ඉස්සා, මච්ඡරිය, කුක්කුච්ච යන මේවාට එයින් අධිපති පච්චය හැර පසළොස් ආකාරයෙන්. විඤ්ඤාණ ස්කන්ධයට අධිපති පච්චයෙහි කියන ලද නයින්ම අනේක පච්චයභාවය දතයුතුය. සමනන්තර පච්චයෙහි ද මෙම නයම වේ.

සහජාතපච‍්චයෙ චතූසු තාව ඛන්‍ධෙසු එකෙකස‍්ස ධම‍්මස‍්ස අනෙකපච‍්චයභාවො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. චත‍්තාරි මහාභූතානි ආරම‍්මණආරම‍්මණාධිපතිසහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයඋපනිස‍්සයපුරෙජාතඅත්‍ථිඅවිගතවසෙන නවධා පච‍්චයා හොන‍්ති. හදයවත්‍ථු තෙසඤ‍්චෙව විප‍්පයුත‍්තස‍්ස ච වසෙන දසධා පච‍්චයො හොති. අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයෙ අපුබ‍්බං නත්‍ථි. නිස‍්සයපච‍්චයෙ චක‍්ඛායතනාදීනි ආරම‍්මණආරම‍්මණාධිපතිනිස‍්සයඋපනිස‍්සයපුරෙජාතඉන්‍ද්‍රියවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතවසෙන නවධා පච‍්චයා හොන‍්ති. උපනිස‍්සයෙ අපුබ‍්බං නත්‍ථි. පුරෙජාතපච‍්චයෙ රූපසද‍්දගන්‍ධරසායතනානි ආරම‍්මණආරම‍්මණාධිපතිඋපනිස‍්සයපුරෙජාතඅත්‍ථිඅවිගතවසෙන ඡධා පච‍්චයා හොන‍්ති. එත‍්තකමෙවෙත්‍ථ අපුබ‍්බං. පච‍්ඡාජාතාදීසු අපුබ‍්බං නත්‍ථි. ආහාරපච‍්චයෙ කබළීකාරාහාරො ආරම‍්මණආරම‍්මණාධිපතිඋපනිස‍්සයආහාරඅත්‍ථිඅවිගතවසෙන ඡධා පච‍්චයො හොති. ඉන්‍ද්‍රියාදීසු අපුබ‍්බං නත්‍ථි. එවමෙත්‍ථ එකධම‍්මස‍්ස අනෙකපච‍්චයභාවතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

සහජාත පච්චයෙහි සතර ස්කන්ධවල එක එක ධර්මයට අනේක පච්චයභාවය කියන ලද නයින්ම දතයුතුය. සතර මහාභූත ආරම්මණ, ආරම්මණා අධිපති, සහජාත අඤ්ඤමඤ්ඤ, නිස්සය, උපනිස්සය, පුරේජාත අත්‍ථි අවිගත වශයෙන් නව ආකාරයට පච්චය වේ. හෘදය වස්තුව - ඒවායේද විප්පයුත්තයේද වශයෙන් දස ආකාරයට පච්චය වේ. අඤ්ඤමඤ්ඤ පච්චයෙහි පෙර නොවූවක් නැත. නිස්සය පච්චයෙහි චක්ඛායතන ආදි-ආරම්මණ, ආරම්මණාධිපති, උපනිස්සය පුරේජාත, අත්‍ථි, අවිගත වශයෙන් සයාකාරයකින් පච්චය වේ. මෙහි පෙර නොවූවක් මෙපමණය. පච්ඡා ජාතාදියෙහි අපුබ්බ නැත. ආහාර පච්චයෙහි කබළීකාර ආහාරය - ආරම්මණ, ආරම්මණාධිපති, උපනිස්සය ආහාර අත්‍ථි, අවිගත වශයෙන් පච්චය වේ. ඉන්‍ද්‍රියාදියෙහි අපුබ්බ නැත. මෙසේ මෙහි ඒක ධර්මයේ අනේක පච්චයභාව වශයෙන් ද විනිශ්චය දතයුතුය.

එකපච‍්චයස‍්ස අනෙකපච‍්චයභාවතොති හෙතුපච‍්චයාදීසු යස‍්ස කස‍්සචි එකස‍්ස පච‍්චයස‍්ස යෙනාකාරෙන යෙනත්‍ථෙන යො පච‍්චයුප‍්පන‍්නානං පච‍්චයො හොති, තං ආකාරං තං අත්‍ථං අවිජහිත්‍වාව අඤ‍්ඤෙහිපි යෙහාකාරෙහි යෙහි අත්‍ථෙහි සො තස‍්මිඤ‍්ඤෙව ඛණෙ තෙසං ධම‍්මානං අනෙකපච‍්චයභාවං ගච‍්ඡති, තතො අනෙකපච‍්චයභාවතො තස‍්ස විනිච‍්ඡයො වෙදිතබ‍්බොති අත්‍ථො. සෙය්‍යථිදං – අමොහො හෙතුපච‍්චයො, සො හෙතුපච‍්චයත‍්තං අවිජහන‍්තොව අධිපතිසහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකඉන්‍ද්‍රියමග‍්ගසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි එකාදසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. අලොභාදොසා තතො අධිපතිඉන්‍ද්‍රියමග‍්ගපච‍්චයෙ තයො අපනෙත්‍වා සෙසානං වසෙන අනෙකපච‍්චයභාවං ගච‍්ඡන‍්ති. ඉදං විපාකහෙතූසුයෙව ලබ‍්භති, කුසලකිරියෙසු පන විපාකපච‍්චයතා පරිහායති. ලොභදොසමොහා තෙ තයො විපාකඤ‍්චාති චත‍්තාරො අපනෙත්‍වා සෙසානං වසෙන අනෙකපච‍්චයභාවං ගච‍්ඡන‍්ති.

‘එක පච්චයස්ස අනෙක පච්චය භාවතො’ යයි හේතු පච්චයාදියෙහි යම්කිසි එක් පච්චයකට යම් අයුරකින් යම් අරුතකින් යම් පච්චයුප්පන්නයින්ගේ පච්චයක් වේද, ඒ අයුරු ඒ අරුත අත්නොහැරම අන්‍ය වූ යම් අයුරකින් යම් අරුතකින් එය එකෙණෙහිම ඒ ධර්මයන්ට අනේක පච්චයභාවයට යයි. එයින් අනේක පච්චයභාවයෙන් එහි විනිශ්චය දතයුතු යයි අර්ථය වේ. කෙසේද? අමෝහය හේතු පච්චයකි. එය හේතු පච්චය අර්ථය අත් නොහරින්නේම අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත වශයෙන් අන්‍ය වූ ද එකොළොස් අයුරකින් අනේක පච්චයභාවයට යයි. අලෝභ අදෝස ඒවායින් අධිපති ඉන්‍ද්‍රිය, මග්ග පච්චය යන තුන හැර සෙස්සන්ගේ වශයෙන් අනේක පච්චයභාවයට යයි. මෙය විපාක හේවලද ලැබේ. කුසල කිරියවල වනාහි විපාක පච්චයභාවය පිරිහෙයි. සෙස්සන්ගේ වශයෙන් අනේක පච්චයභාවයට යයි.

ආරම‍්මණපච‍්චයො තං ආරම‍්මණපච‍්චයත‍්තං අවිජහන‍්තංයෙව ආරම‍්මණාධිපතිනිස‍්සයඋපනිස‍්සයපුරෙජාතවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි සත‍්තහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. අයමෙත්‍ථ උක‍්කට‍්ඨපරිච‍්ඡෙදො, අරූපධම‍්මානං පන අතීතානාගතානං වා රූපධම‍්මානං ආරම‍්මණපච‍්චයභාවෙ සති ආරම‍්මණාධිපතිආරම‍්මණූපනිස‍්සයමත‍්තඤ‍්ඤෙව උත‍්තරි ලබ‍්භති. අධිපතිපච‍්චයෙ වීමංසා අමොහසදිසා. ඡන්‍දො අධිපතිපච‍්චයො අධිපතිපච‍්චයත‍්තං අවිජහන‍්තොව සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි අට‍්ඨහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. වීරියං තෙසඤ‍්චෙව ඉන්‍ද්‍රියමග‍්ගපච‍්චයානඤ‍්චාති ඉමෙසං වසෙන අපරෙහිපි දසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. චිත‍්තං තතො මග‍්ගපච‍්චයං අපනෙත්‍වා ආහාරපච‍්චයං පක‍්ඛිපිත්‍වා ඉමෙසං වසෙන අධිපතිපච‍්චයතො උත‍්තරි දසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. ආරම‍්මණාධිපතිනො පන හෙට‍්ඨා ආරම‍්මණපච‍්චයෙ වුත‍්තනයෙනෙව අනෙකපච‍්චයභාවො වෙදිතබ‍්බො.

ආරම්මණ පච්චය - ඒ ආරම්මණ පච්චයභාවය අත්නොහැරම ආරම්මණාධිපති, නිස්සය, උපනිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූ සත් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. මෙය මෙහි උත්කෘෂ්ඨ පරිච්ඡේදයයි. අරූප ධර්මයන්ගේ වනාහි අතීත අනාගතවල හෝ රූප ධර්මයන්ගේ ආරම්මණ පච්චය නැතිකල්හි ආරම්මණාධිපති ආරම්මණ උපනිස්සය පමණක්ම මතුවෙහි ලබයි. අධිපති පච්චයෙහි වීමංසය අමෝහයට සමානය. ඡන්‍දය, අධිපති පච්චය අධිපති පච්චයභාවය අත්නොහරින්නේම සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය, විපාක, සම්පයුත්ත, අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූ අට ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූ ද දස ආකාරයකින් අනේක පච්චය භාවයට යයි. සිත ඒවායින් මග්ග පච්චය ඉවත්කොට ආහාර පච්චය බහා මේවායේ වශයෙන් අධිපති පච්චයෙන් මත්තෙහි දස ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. ආරම්මණාධිපති වනාහි යට ආරම්මණ පච්චයෙහි කියන ලද නයින් අනේක පච්චයභාවය දතයුතුය.

අනන‍්තරසමනන‍්තරපච‍්චයා අනන‍්තරසමනන‍්තරපච‍්චයත‍්තං අවිජහන‍්තාව උපනිස‍්සයකම‍්මආසෙවනනත්‍ථිවිගතානං වසෙන අපරෙහිපි පඤ‍්චහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡන‍්ති. අරියමග‍්ගචෙතනායෙව චෙත්‍ථ කම‍්මපච‍්චයතං ලභති, න සෙසධම‍්මා. සහජාතපච‍්චයො සහජාතපච‍්චයත‍්තං අවිජහන‍්තොව හෙතුඅධිපතිඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයකම‍්මවිපාකආහාරඉන්‍ද්‍රියඣානමග‍්ගසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහි චුද‍්දසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. අයම‍්පි උක‍්කට‍්ඨපරිච‍්ඡෙදො වත්‍ථුසහජාතාදීනං පන වසෙනෙත්‍ථ හෙතුපච‍්චයාදීනං අභාවොපි වෙදිතබ‍්බො. අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයෙපි එසෙව නයො.

අනන්තර සමනන්තර පච්චය අනන්තර සමනන්තර පච්චයභාවය අත්නොහැරම උපනිස්සය, කම්ම, ආසේවන, නත්‍ථි, විගතයන්ගේ වශයෙන් අන්‍ය වූ පස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. ආර්ය මාර්ග චේතනාම මෙහි කම්ම පච්චයභාවය ලබයි. සෙසු ධර්ම නොවේ. සහජාත පච්චය - සහජාත පච්චයභාවය අත් නොහරින්නේම හේතු, අධිපති, අඤ්ඤමඤ්ඤ, නිස්සය කම්ම, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූ ද තුදුස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. මෙය ද උත්කෘෂ්ඨ පරිච්ඡේදයකි. වස්තු සහජාතාදීන්ගේ වනාහි වශයෙන් මෙහි හේතු පච්චයාදීන්ගේ අභාවයද දතයුතුය. අඤ්ඤමඤ්ඤ පච්චයෙහි ද මෙම නයම වේ.

නිස‍්සයපච‍්චයො නිස‍්සයපච‍්චයත‍්තං අවිජහන‍්තොව චතුවීසතියා පච‍්චයෙසු අත‍්තනො නිස‍්සයපච‍්චයත‍්තඤ‍්චෙව අනන‍්තරසමනන‍්තරපච‍්ඡාජාතආසෙවනනත්‍ථිවිගතපච‍්චයෙ ච ඡ අපනෙත්‍වා සෙසානං වසෙන අපරෙහිපි සත‍්තරසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. අයම‍්පි උක‍්කට‍්ඨපරිච‍්ඡෙදොව වත්‍ථුනිස‍්සයාදීනං පන වසෙනෙත්‍ථ හෙතුපච‍්චයාදීනං ආභාවොපි වෙදිතබ‍්බො.

නිස්සය පච්චය, නිස්සය පච්චයභාවය අත්නොහරින්නේ ම සූවිසි පච්චයවල තමාගේ නිස්සය පච්චය භාවය මෙන්ම අනන්තර, සමනන්තර, පච්ඡාජාත, ආසේවන, නත්‍ථි, විගතයද සය ඉවත්කොට සෙස්සන්ගේ වශයෙන් අන්‍ය වූද සතළොස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. මෙය ද උත්කෘෂ්ඨ පරිච්ඡේදයකි. වස්තු නිස්සයාදීන්ගේ වශයෙන් වනාහි මෙහි හේතු පච්චයාදීන්ගේ අභාවය දතයුතුය.

උපනිස‍්සයපච‍්චයෙ ආරම‍්මණූපනිස‍්සයො ආරම‍්මණාධිපතිසදිසො. අනන‍්තරූපනිස‍්සයො අනන‍්තරූපනිස‍්සයපච‍්චයත‍්තං අවිජහන‍්තොව අනන‍්තරසමනන‍්තරකම‍්මආසෙවනනත්‍ථිවිගතානං වසෙන අපරෙහිපි ඡහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. අරියමග‍්ගචෙතනායෙව චෙත්‍ථ කම‍්මපච‍්චයතං ලභති, න සෙසධම‍්මා. පකතූපනිස‍්සයො පකතූපනිස‍්සයොව. පුරෙජාතපච‍්චයො අත‍්තනො පුරෙජාතපච‍්චයත‍්තං අවිජහන‍්තොව ආරම‍්මණආරම‍්මණාධිපතිනිස‍්සයඋපනිස‍්සයඉන්‍ද්‍රියවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි අට‍්ඨහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. අයම‍්පි උක‍්කට‍්ඨනිද‍්දෙසොව ආරම‍්මණපුරෙජාතෙ පනෙත්‍ථ නිස‍්සයඉන්‍ද්‍රියවිප‍්පයුත‍්තපච‍්චයතා න ලබ‍්භති. ඉතො උත‍්තරිපි ලබ‍්භමානාලබ‍්භමානං වෙදිතබ‍්බං. පච‍්ඡාජාතපච‍්චයො අත‍්තනො පච‍්ඡාජාතපච‍්චයභාවං අවිජහන‍්තොව විප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි තීහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. ආසෙවනපච‍්චයො ආසෙවනපච‍්චයත‍්තං අවිජහන‍්තොව අනන‍්තරසමනන‍්තරඋපනිස‍්සයනත්‍ථිවිගතානං වසෙන අපරෙහිපි පඤ‍්චහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති.

උපනිස්සය පච්චයෙහි ආරම්මණ උපනිස්සය ආරම්මණාධිපති සමානය. අනන්තර උපනිස්සය අනන්තර උපනිස්සය පච්චයභාවය අත්නොහරින්නේම අනන්තර, සමනන්තර, කම්ම, ආසේවන, නත්‍ථි, විගතයන්ගේ වශයෙන් අන්‍ය වූ ද සයාකාරයකින් අනේක පච්චයභාවයට යයි. ආර්ය මාර්ග චේතනාම මෙහි කම්ම පච්චයභාවය ලබයි. සෙසු ධර්ම නොවේ. පකතූපනිස්සය පකතූපනිස්සයම. කම්ම පච්චය ද පුරෙජාත පච්චය තමාගේ පුරේජාත පච්චයභාවය අත්නොහැරම ආරම්මණ, ආරම්මණ අධිපති, නිස්සය, උපනිස්සය, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූ ද අට ආකාරයකින් අනේක පච්චයභාවය යයි මෙයද උත්කෘෂ්ඨ නිර්දේශයකි. මෙහි ආරම්මණ පුරේජාතයෙහි වනාහි නිස්සය ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, පච්චයභාවය නොලබයි. මෙයින් මතුවටද ලබන නොලබන බව දතයුතුය. පච්ඡාජාත පච්චය තමාගේ පච්ඡාජාත පච්චයභාවය අත්නොහැර විප්පයුත්ත, අත්‍ථි අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූ තුන් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. ආසේවන පච්චය ආසේවන පච්චයභාවය අත්නොහැරම අනන්තර, සමනන්තර, උපනිස්සය, නත්‍ථි, විගතයන්ගේ වශයෙන් අන්‍ය වූ පස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි.

කම‍්මපච‍්චයො කම‍්මපච‍්චයත‍්තං අවිජහන‍්තොව එකක‍්ඛණිකො තාව සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකආහාරසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි නවහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. නානාක‍්ඛණිකො උපනිස‍්සයඅනන‍්තරසමනන‍්තරනත්‍ථිවිගතානං වසෙන අපරෙහිපි පඤ‍්චහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. විපාකපච‍්චයො විපාකපච‍්චයත‍්තං අවිජහන‍්තොව හෙතුඅධිපතිසහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයකම‍්මආහාරඉන්‍ද්‍රියඣානමග‍්ගසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි චුද‍්දසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. ආහාරපච‍්චයෙ කබළීකාරො ආහාරො ආහාරපච‍්චයත‍්තං අවිජහන‍්තොව අත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි ද‍්වීහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. සෙසා තයො ආහාරපච‍්චයත‍්තං අවිජහන‍්තාව යථානුරූපං අධිපතිසහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයකම‍්මවිපාකඉන්‍ද්‍රියසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි එකාදසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡන‍්ති.

කම්ම පච්චය කම්ම පච්චයභාවය අත්නොහැරම ඒක ක්‍ෂණික සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූද නව ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. නානා ක්‍ෂණික උපනිස්සය, අනන්තර, සමනන්තර, නත්‍ථි, විගතයන්ගේ වශයෙන් අන්‍ය වූද පස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. විපාක පච්චය විපාක පච්චයභාවය අත්නොහැරම හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, ආහාර, ඉන්‍ද්‍රිය, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූද තුදුස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. ආහාර පච්චයෙහි කබලීකාර ආහාරය ආහාර පච්චයභාවය අත්නොහැරම අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූද දෙයාකාරයකින් අනේක පච්චයභාවයට යයි. සෙසු තුන් ආහාර පච්චයභාවය අත්නොහැර යථානුරූපව අධිපති, සහජාත, අඤඤ්මඤ්ඤ, නිස්සය, කම්ම, විපාක, ඉන්‍ද්‍රිය, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූද එකොළොස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි.

ඉන්‍ද්‍රියපච‍්චයෙ රූපිනො පඤ‍්චින්‍ද්‍රියා ඉන්‍ද්‍රියපච‍්චයත‍්තං අවිජහන‍්තාව නිස‍්සයපුරෙජාතවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි පඤ‍්චහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡන‍්ති. රූපජීවිතින්‍ද්‍රියම‍්පි ඉන්‍ද්‍රියපච‍්චයත‍්තං අවිජහන‍්තඤ‍්ඤෙව අත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි ද‍්වීහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. අරූපිනො ඉන්‍ද්‍රියානිපි යථානුරූපං ඉන්‍ද්‍රියපච‍්චයත‍්තං අවිජහන‍්තානෙව හෙතුඅධිපතිසහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකආහාරඣානමග‍්ගසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි තෙරසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡන‍්ති. ඣානපච‍්චයො ඣානපච‍්චයත‍්තං අවිජහන‍්තොව යථානුරූපං සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකඉන්‍ද්‍රියමග‍්ගසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි දසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. මග‍්ගපච‍්චයො මග‍්ගපච‍්චයත‍්තං අවිජහන‍්තොව යථානුරූපං ඣානපච‍්චයෙ වුත‍්තානං දසන‍්නං හෙතුඅධිපතීනඤ‍්චාති ඉමෙසං වසෙන අපරෙහිපි ද‍්වාදසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති.

ඉන්‍ද්‍රිය පච්චයෙහි රූපී පඤ්චඉන්‍ද්‍රිය ඉන්‍ද්‍රිය පච්චයභාවය අත්නොහැර නිස්සය, පුරේජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූද පස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. රූප ජීවිතේන්‍ද්‍රිය ද ඉන්‍ද්‍රිය පච්චයභාවය අත්නොහැරම අත්‍ථි, අවිගත වශයෙන් අන්‍ය වූද දෙයාකාරයකින් අනේක පච්චයභාවයට යයි. අරූපි ඉන්‍ද්‍රිය ද යථානුරූපව ඉන්‍ද්‍රිය පච්චයභාවය අත්නොහරින්නේම හේතු, අධිපති, සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ආහාර, ඣාන, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූද සොළොස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. ඣාන පච්චය ඣාන පච්චයභාවය අත්නොහරින්නේම යථානුරූපව සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, විපාක, ඉන්‍ද්‍රිය, මග්ග, සම්පයුත්ත, විප්පයුත්ත, අත්‍ථි අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූද දස ආකාරයකින් අනේක පච්චයභාවයට යයි. මග්ග පච්චය මග්ග පච්චයභාවය අත්නොහරින්නේම යථානුරූපව ඣාන පච්චයේ කියන ලද දහයේ හේතු අධිපතීන්ගේ වශයෙන් අන්‍ය වූ දොළොස් ආකාරයකින් අනේක පච්චයභාවයට යයි.

සම‍්පයුත‍්තපච‍්චයො සම‍්පයුත‍්තපච‍්චයත‍්තං අවිජහන‍්තොව යථානුරූපං හෙතුඅධිපතිසහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයකම‍්මවිපාකආහාරඉන්‍ද්‍රියඣානමග‍්ගඅත්‍ථිඅවිගතානං වසෙන අපරෙහිපි තෙරසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. විප‍්පයුත‍්තපච‍්චයො විප‍්පයුත‍්තපච‍්චයත‍්තං අවිජහන‍්තොව අනන‍්තරසමනන‍්තරආසෙවනසම‍්පයුත‍්තනත්‍ථිවිගතසඞ‍්ඛාතෙ ඡ පච‍්චයෙ අපනෙත්‍වා සෙසානං වසෙන යථානුරූපං අපරෙහිපි සත‍්තරසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. තත්‍ථ රූපස‍්ස ච අරූපස‍්ස ච පච‍්චයවිභාගො වෙදිතබ‍්බො. අත්‍ථිපච‍්චයො අත්‍ථිපච‍්චයත‍්තං අවිජහන‍්තොව අනන‍්තරසමනන‍්තරආසෙවනනත්‍ථිවිගතසඞ‍්ඛාතෙ පඤ‍්ච පච‍්චයෙ අපනෙත්‍වා සෙසානං වසෙන යථානුරූපං අපරෙහි අට‍්ඨාරසහාකාරෙහි අනෙකපච‍්චයභාවං ගච‍්ඡති. නත්‍ථිපච‍්චයවිගතපච‍්චයා අනන‍්තරපච‍්චයසදිසා . අවිගතපච‍්චයො අත්‍ථිපච‍්චයසදිසොයෙවාති එවමෙත්‍ථ එකපච‍්චයස‍්ස අනෙකපච‍්චයභාවතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

සම්පයුත්ත පච්චය, සම්පයුත්ත පච්චයභාවය අත්නොහරින්නේ යථානුරූපව හේතු, අධිපති, සහජපන, අඤ්ඤමඤ්ඤ, නිස්සය, කම්ම, විපාක, ආහාර, ඣාන, මග්ග, අත්‍ථි, අවිගතයන්ගේ වශයෙන් අන්‍ය වූද, තෙළෙස් ආකාරයෙන් අනේක පච්චයභාවයට යයි. විප්පයුත්ත පච්චය, විප්පයුත්ත පච්චයභාවය අත්නොහරින්නේ අනන්තර, සමනන්තර, ආසේවන, සම්පයුත්ත, නත්‍ථි, විගත සංඛ්‍යාත පච්චය සය ඉවත්කොට සෙස්සන්ගේ වශයෙන් යථානුරූපව අන්‍ය වූද සතළොස් ආකාරයෙන් අනේක පච්චයභාවයට යයි. එහි රූපයේද අරූපයේද පච්චය විභාගය දතයුතුයි. අත්‍ථි පච්චය අත්‍ථි පච්චයභාවය අත්නොහරින්නේ. අනන්තර, සමනන්තර, ආසේවන, විගත සංඛ්‍යාත පච්චය පහ බැහැරකොට සෙස්සන්ගේ වශයෙන් යථාරූපව අන්‍ය වූද අටළොස් ආකාරයෙන් අනේක පච්චයභාවයට යයි. නත්‍ථි පච්චය විගත පච්චය අනන්තර පච්චයට සමානය. අවිගත පච්චය අත්‍ථි පච්චයට සමාන වේමය. මෙසේ මෙහි එක් පච්චයකට අනේක පච්චය භාව වශයෙන් විනිශ්චය දතයුතුය.

පච‍්චයසභාගතොති එතෙසු හි චතුවීසතියා පච‍්චයෙසු අනන‍්තරසමනන‍්තරඅනන‍්තරූපනිස‍්සයආසෙවනනත්‍ථිවිගතා සභාගා, තථා ආරම‍්මණආරම‍්මණාධිපතිආරම‍්මණූපනිස‍්සයාති ඉමිනා උපායෙනෙත්‍ථ පච‍්චයසභාගතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘පච්චය සභාගතො’ යයි මේ සූවිසි පච්චයෙහි අනන්තර, සමනන්තර, අනන්තරරූපනිස්සය, ආසේවන, නත්‍ථි, විගත, සභාග යම්සේ ද එසේම ආරම්මණ, ආරම්මණාධිපති, ආරම්මණූපනිස්සය ද වේ. මෙම උපායෙන් මෙහි පච්චය සභාග වශයෙන් විනිශ්චය දතයුතුය.

පච‍්චයවිසභාගතොති පුරෙජාතපච‍්චයො පනෙත්‍ථ පච‍්ඡාජාතපච‍්චයෙන විසභාගො, තථා සම‍්පයුත‍්තපච‍්චයො විප‍්පයුත‍්තපච‍්චයෙන, අත්‍ථිපච‍්චයො නත්‍ථිපච‍්චයෙන, විගතපච‍්චයො අවිගතපච‍්චයෙනාති ඉමිනා උපායෙනෙත්‍ථ පච‍්චයවිසභාගතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘පච්චය විසභාගතො’ යයි පුරේජාත පච්චය වනාහි මෙහි පච්ඡාජාත පච්චය සමග විසභාග වේ. එසේ සම්පයුත්ත පච්චය විප්පයුත්ත පච්චය සමග, අත්‍ථි පච්චය නත්‍ථි පච්චය සමග, විගත පච්චය අවිගත පච්චය සමග මෙම උපායෙන් මෙහි පච්චය විසභාග වශයෙන් විනිශ්චය දතයුතුය.

යුගළකතොති එතෙසු ච අත්‍ථසරික‍්ඛතාය, සද‍්දසරික‍්ඛතාය, කාලපටිපක‍්ඛතාය, හෙතුඵලතාය, අඤ‍්ඤමඤ‍්ඤපටිපක‍්ඛතායාති ඉමෙහි කාරණෙහි යුගළකතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො. අනන‍්තරසමනන‍්තරා හි අත්‍ථසරික‍්ඛතාය එකං යුගළකං නාම; නිස‍්සයූපනිස‍්සයා සද‍්දසරික‍්ඛතාය, පුරෙජාතපච‍්ඡාජාතා කාලපටිපක‍්ඛතාය, කම‍්මපච‍්චයවිපාකපච‍්චයා හෙතුඵලතාය, සම‍්පයුත‍්තවිප‍්පයුත‍්තපච‍්චයා අඤ‍්ඤමඤ‍්ඤපටිපක‍්ඛතාය එකං යුගළකං නාම, තථා අත්‍ථිනත්‍ථිපච‍්චයා, විගතාවිගතපච‍්චයා චාති එවමෙත්‍ථ යුගළකතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො. ජනකාජනකතොති එතෙසු ච අනන‍්තරසමනන‍්තරානන‍්තරූපනිස‍්සයපකතූපනිස‍්සයාසෙවනපච‍්චයා නානාක‍්ඛණිකො, කම‍්මපච‍්චයො, නත්‍ථිවිගතපච‍්චයාති ඉමෙ පච‍්චයා ජනකායෙව, න අජනකා. පච‍්ඡාජාතපච‍්චයො කෙවලං උපත්‍ථම‍්භකොයෙව, න ජනකො. සෙසා ජනකා ච අජනකා ච උපත්‍ථම‍්භකා චාති අත්‍ථො. එවමෙත්‍ථ ජනකාජනකතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘යුගළකතො’ යයි මේවායෙහි ද අර්ථ සමාන බව ශබ්ද සමාන බව කාල ප්‍රතිපක්‍ෂභාවය, හේතුඵලභාවය, අඤ්ඤමඤ්ඤ ප්‍රතිපක්‍ෂ භාවය යයි මෙම කරුණුවලින් යුගළක වශයෙන් විනිශ්චය දතයුතුය. අනන්තර සමනන්තර අර්ථ සමාන බවට එක් යුගළකයක් නම් වේ. නිස්සය උපනිස්සය ශබ්ද සමාන බවට, පුරේජාත පච්ඡාජාත කාල ප්‍රතිපක්‍ෂ බවට, කම්ම පච්චය විපාක පච්චය හේතුඵල භාවයට, සම්පයුත්ත විප්පයුත්ත පච්චය ඔවුනොවුන් ප්‍රතිපක්‍ෂ බවට, එක් එක් යුගළක නම් වේ. එසේම අත්‍ථි නත්‍ථි පච්චය විගත අවිගත පච්චය යයි මෙසේ මෙහි යුගළක වශයෙන් ද විනිශ්චය වේ. ‘ජනකා ජනකතො’ යයි මේවායෙහි ද අනන්තර සමනන්තර අනන්තරූප නිස්සය පකතූපනිස්සය ආසේවන පච්චය නා නා ක්‍ෂණිකය, කම්ම පච්චය නත්‍ථි විගත පච්චය යන මේවා ජනක පච්චය වේ. අජනක නොවේ. පච්ඡාජාත පච්චය හුදෙක් උඵස්ථම්භකය. ජනක නොවේ. සෙසු පච්චය ජනක ද අජනක ද වේ. උපස්ථම්භකද වේ යන අර්ථයයි. මෙසේ මෙහි ජනක අජනක වශයෙන් ද විනිශ්චය දතයුතුය.

සබ‍්බට‍්ඨානිකාසබ‍්බට‍්ඨානිකතොති එතෙසු ච සහජාතනිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයා සබ‍්බට‍්ඨානිකා නාම, සබ‍්බෙසං සඞ‍්ඛතානං රූපාරූපධම‍්මානං ඨානභූතා කාරණභූතාති අත්‍ථො. එතෙහි විනා උප‍්පජ‍්ජමානො එකධම‍්මොපි නත්‍ථීති. ආරම‍්මණආරම‍්මණාධිපතිඅනන‍්තරසමනන‍්තරානන‍්තරූපනිස‍්සයපකතූපනිස‍්සයාසෙවනසම‍්පයුත‍්තනත්‍ථිවිගතපච‍්චයා අසබ‍්බට‍්ඨානිකා නාම. න සබ‍්බෙසං රූපාරූපධම‍්මානං ඨානභූතා, අරූපක‍්ඛන්‍ධානඤ‍්ඤෙව පන ඨානභූතා කාරණභූතාති අත්‍ථො. අරූපධම‍්මායෙව හි එතෙහි උප‍්පජ‍්ජන‍්ති, න රූපධම‍්මා. පුරෙජාතපච‍්ඡාජාතාපි අසබ‍්බට‍්ඨානිකා අරූපරූපානඤ‍්ඤෙව යථාක‍්කමෙන පච‍්චයභාවතො. වුත‍්තාවසෙසාපි එකච‍්චානං රූපාරූපධම‍්මානං උප‍්පත‍්තිහෙතුතො න සබ‍්බට‍්ඨානිකාති එවමෙත්‍ථ සබ‍්බට‍්ඨානිකා සබ‍්බට‍්ඨානිකතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘සබ්බට්ඨානිකාසබ්බට්ඨානිකතො’ මේවායෙහි ද සහජාත නිස්සය අත්‍ථි අවිගත පච්චය සබ්බඨානිකය. සියළු රූප අරූප ධර්මයන්ට ස්ථාන වූ කරුණු වූ යන අර්ථයයි. මේවායින් හැර උපදින එක් ධර්මයකුදු නැත. ආරම්මණ ආරම්මණ අධිපති අනන්තර සමනන්තර අනන්තර උපනිස්සය පකතූපනිස්සය ආසේවන සම්පයුත්ත නත්‍ථි විගත පච්චය අසබ්බඨානික නම් වේ. සියළු රූප අරූප ධර්මයන්ට ස්ථාන නොවේ. අරූප ස්කන්ධයන්ටම ස්ථාන වේ. කරුණු වේ යන අර්ථයයි. අරූප ධර්මවලම මේවා උපදියි. රූප ධර්මවල නොවේ. පුරේජාත පච්ඡාජාත පච්චය ද අසබ්බඨානිකය. අරූප රූපවලටම පිළිවෙලින් පච්චයවීමෙන් කියන ලද අවසේස ද රූප අරූප ධර්මයන්ට උත්පත්ති හේතුභාවයෙන් සබ්බඨානික නොවේයයි මෙසේ මෙහි සබ්බඨානික අසබ්බඨානික වශයෙන් ද විනිශ්චය දතයුතුය.

රූපං රූපස‍්සාතිආදිවිකප‍්පතොති එතෙසු ච චතුවීසතියා පච‍්චයෙසු එකපච‍්චයොපි එකන‍්තෙන රූපමෙව හුත්‍වා රූපස‍්සෙව පච‍්චයො නාම නත්‍ථි, එකන‍්තෙන පන රූපං හුත්‍වා අරූපස‍්සෙව පච‍්චයො නාම අත්‍ථි. කතරො පනෙසොති? පුරෙජාතපච‍්චයො. පුරෙජාතපච‍්චයො හි එකන‍්තෙන රූපමෙව හුත්‍වා අරූපස‍්සෙව පච‍්චයො හොති. එකන‍්තෙන රූපමෙව හුත්‍වා රූපාරූපස‍්සෙව පච‍්චයො නාමාතිපි නත්‍ථි, එකන‍්තෙන පන අරූපං හුත්‍වා අරූපස‍්සෙව පච‍්චයො නාම අත්‍ථි. කතරො පනෙසොති? අනන‍්තරසමනන‍්තරආසෙවනසම‍්පයුත‍්තනත්‍ථිවිගතවසෙන ඡබ‍්බිධො. සො හි සබ‍්බොපි එකන‍්තෙන අරූපමෙව හුත්‍වා අරූපස‍්සෙව පච‍්චයො හොති. එකන‍්තෙන අරූපමෙව හුත්‍වාපි එකන‍්තෙන රූපස‍්සෙව පච‍්චයො නාමාතිපි අත්‍ථි. කතරො පනෙසොති? පච‍්ඡාජාතපච‍්චයො. සො හි එකන‍්තෙන අරූපං හුත්‍වා රූපස‍්සෙව පච‍්චයො හොති; එකන‍්තෙන පන අරූපධම‍්මොව හුත්‍වා රූපාරූපානං පච‍්චයොපි අත්‍ථි. කතරො පනෙසොති? හෙතුකම‍්මවිපාකඣානමග‍්ගවසෙන පඤ‍්චවිධො. සො හි සබ‍්බොපි එකන‍්තෙන අරූපමෙව හුත්‍වා රූපධම‍්මානං අරූපධම‍්මානම‍්පි පච‍්චයො හොති. එකන‍්තෙන පන රූපාරූපමෙව හුත්‍වා රූපස‍්සෙව පච‍්චයො නාමාතිපි නත්‍ථි, අරූපස‍්සෙව පන හොති. කතරො පනෙසොති? ආරම‍්මණපච‍්චයො චෙව උපනිස‍්සයපච‍්චයො ච. ඉදඤ‍්හි ද‍්වයං එකන‍්තෙන රූපාරූපමෙව හුත්‍වා අරූපස‍්සෙව පච‍්චයො හොති. එකන‍්තෙන රූපාරූපමෙව හුත්‍වා පන රූපාරූපස‍්සෙව පච‍්චයො නාමාතිපි අත්‍ථි. කතරො පනෙසොති? අධිපතිසහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයආහාරඉන්‍ද්‍රියවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතවසෙන නවවිධො. සො හි සබ‍්බොපි එකන‍්තෙන රූපාරූපමෙව හුත්‍වා රූපාරූපස‍්සෙව පච‍්චයො හොතීති එවමෙත්‍ථ රූපං රූපස‍්සාතිආදිවිකප‍්පතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘රූපං රූපස්සාති ආදි විකප්පතො’ මේවායෙහි ද සූවිසි ප්‍රත්‍යවල එක පච්චයක් ද ඒකාන්තයෙන්ම රූපය වී රූපයටම පච්චයවීමක් නම් නැත. ඒකාන්තයෙන් ම රූපය වී අරූපයට පච්චයවීමක් නම් නැත. මෙය කවරේද යත්? පුරේජාත පච්චයයි. පුරේජාත පච්චය වනාහි ඒකාන්තයෙන්ම රූපය වී අරූපයට පච්චය වේ. ඒකාන්තයෙන් ම රූපය වී රූප අරූපවලට පච්චයවීමක් නම් නැත. ඒකාන්තයෙන්ම අරූපය වී අරූපයට පච්චයවීමක් ඇත. මෙය කවරේද? අනන්තර සමනන්තර ආසේවන සම්පයුත්ත නත්‍ථි විගත වශයෙන් සයාකාරය. ඒ සියල්ල ද ඒකාන්තයෙන් ම අරූපය වී අරූපයටම පච්චය වේ. ඒකාන්තයෙන්ම අරූපය වී ඒකාන්තයෙන්ම රූපයට පච්චයවීමක් ද ඇත. මෙය කවරේද? පච්ඡාජාත පච්චයයි. එය ඒකාන්තයෙන් අරූපය වී රූපයටම පච්චය වේ. ඒකාන්තයෙන් අරූප ධර්මයම රූප අරූපවලට පච්චයවීමක් ද ඇත. මෙය කවරේද? හේතු, කම්ම, විපාක, ඣාන, මග්ග වශයෙන් පංචවිධය. ඒ සියල්ල ඒකාන්තයෙන් අරූපම වී රූපධර්මවල ද අරූප ධර්මවල ද පච්චය වේ. ඒකාන්තයෙන් රූප රූප වී රූපයට පච්චයවීමක් නම් නැත. අරූපයටම පච්චයවීමක් ඇත. එය කවරේද? ආරම්මණ හා උපනිස්සය පච්චය. මේ දෙක ඒකාන්තයෙන් රූප අරූප වී රූප අරූප වී අරූපයටම පච්චය වේ. ඒකාන්තයෙන් රූප අරූප වී රූප අරූපවලට පච්චයවීමක් ද ඇත. මෙය කවරේද? අධිපති සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, ආහාර, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි, අවිගත වශයෙන් නව ආකාරය. ඒ සියල්ල ඒකාන්තයෙන් රූප අරූප වී රූප අරූපවලටම පච්චය වේයයි මෙසේ මෙහි රූපාරූපස්සති විකප්ප වශයෙන් ද විනිශ්චය දතයුතුය.

භවභෙදතොති ඉමෙසු පන චතුවීසතියා පච‍්චයෙසු පඤ‍්චවොකාරභවෙ තාව න කොචි පච‍්චයො න ලබ‍්භති නාම. චතුවොකාරභවෙ පන තයො පුරෙජාතපච‍්ඡාජාතවිප‍්පයුත‍්තපච‍්චයෙ අපනෙත්‍වා සෙසා එකවීසතිමෙව ලබ‍්භන‍්ති. එකවොකාරභවෙ සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයකම‍්මඉන්‍ද්‍රියඅත්‍ථිඅවිගතවසෙන සත‍්තෙව ලබ‍්භන‍්ති. බාහිරෙ පන අනින්‍ද්‍රියබද‍්ධරූපෙ සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයඅත්‍ථිඅවිගතවසෙන පඤ‍්චෙව ලබ‍්භන‍්තීති එවමෙත්‍ථ භවභෙදතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයොති.

‘භව භෙදතො’ සූවිසි පච්චයවල පංචවෝකාර භවයෙහි කිසි පච්චයක් නොලැබෙන්නේ නොවේ. චතුවෝකාර භවයෙහි පුරේජාත, පච්ඡාජාත විප්පයුත්ත හැර සෙසු එක්විසි පච්චය ලැබේ. ඒකවෝකාර භවයෙහි සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය කම්ම ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගත වශයෙන් සතක් ලැබේ. බාහිරයෙහි වනාහි ඉන්‍ද්‍රියබද්ධ නොවන රූපයෙහි සහජාත, අඤ්ඤමඤ්ඤ නිස්ස අත්‍ථි අවිගත වශයෙන් පහක්ම ලබයි යයි මෙසේ මෙහි භවභේද වශයෙන් ද විනිශ්චය දැනගත යුතුය.

පච‍්චයනිද‍්දෙසවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පච්චය නිද්දේස වාර වර්ණනාව නිමි.