පච්චයානුලොමවණ්ණනා අට්ඨකථා
පච්චයානුලොමවණ්ණනා
පච්චයානුලොමවණ්ණනා
එවං අනුලොමපට්ඨානාදීසු තිකපට්ඨානාදිවසෙන චතුවීසතිසමන්තපට්ඨානසමොධානෙ පට්ඨානමහාපකරණෙ යෙ තිකාදයො නිස්සාය නිද්දිට්ඨත්තා එතං තිකපට්ඨානං, දුකපට්ඨානං…පෙ… දුකදුකපට්ඨානන්ති වුත්තං. තෙ අනාමසිත්වා යෙසං පච්චයානං වසෙන තෙ තිකාදයො විභත්තා, තෙ පච්චයෙ එව තාව ඉමිනා මාතිකානික්ඛෙපපච්චයවිභඞ්ගසඞ්ඛාතෙන වාරෙන උද්දෙසතො ච නිද්දෙසතො ච දස්සෙත්වා, ඉදානි යෙ තිකාදයො නිස්සාය නිද්දිට්ඨත්තා එතං තිකපට්ඨානං, දුකපට්ඨානං…පෙ… දුකදුකපට්ඨානන්ති වුත්තං. තෙ තිකාදයො ඉමෙසං පච්චයානං වසෙන විත්ථාරෙත්වා දස්සෙතුං එකෙකං තිකදුකං නිස්සාය සත්තහි මහාවාරෙහි දෙසනා කතා. තෙසං ඉමානි නාමානි – පටිච්චවාරො, සහජාතවාරො, පච්චයවාරො, නිස්සයවාරො, සංසට්ඨවාරො, සම්පයුත්තවාරො, පඤ්හාවාරොති.
මෙසේ අනුලෝම පට්ඨාන ආදියෙහි තික පට්ඨාන ආදි වශයෙන් සූවිසි සියළු ප්‍රත්‍ය සමෝධාන පට්ඨාන මහා ප්‍රකරණයෙහි යම් තිකාදියක් නිසා නිර්දේශිත මේ තික පට්ඨානය, දුක පට්ඨානය...........දුක දුක පට්ඨානං යයි කියන ලදි. ඒවා ආමර්ශනය නොකොට යම් ප්‍රත්‍යයන්ගේ වශයෙන් ඒ තිකාදිය බෙදන ලදි. ඒ පච්චයම මේ මාතෘකා තබන පච්චය විභංග සංඛ්‍යාත වාරයෙන් උද්දේශ වශයෙන් ද නිද්දේස වශයෙන් ද දක්වා දැන් යම් තිකාදියක් නිසා දක්වන ලද මේ තික පට්ඨානය, දුක පට්ඨානය.....දුක දුක පට්ඨානයයි කියන ලදි. ඒ තිකාදිය මේ පච්චයන්ගේ වශයෙන් විස්තර කොට දැක්වීමට එක එක තික දුක නිසා සත්මහා වාරයකින් දේශනා කරන ලදි. ඒවායේ නම් මෙසේය. පටිච්ච වාරය, සහජාත වාරය, පච්චය වාරය, නිස්සය වාරය, සංසට්ඨ වාරය, සම්පයුත්ත වාරය, පඤ්හා වාරය යනුවෙනි.
තත්ථ “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො”ති එවං පටිච්චාභිධානවසෙන වුත්තො පටිච්චවාරො නාම. කුසලං ධම්මං සහජාතො කුසලො ධම්මො”ති එවං සහජාතාභිධානවසෙන වුත්තො සහජාතවාරො නාම. සො පුරිමෙන පටිච්චවාරෙන අත්ථතො නින්නානාකරණො. පටිච්චාභිධානවසෙන බුජ්ඣනකානං වසෙන පන පඨමො වුත්තො, සහජාතාභිධානවසෙන බුජ්ඣනකානං වසෙන දුතියො. ද්වීසුපි චෙතෙසු රූපාරූපධම්මවසෙන පච්චයා චෙව පච්චයුප්පන්නධම්මා ච වෙදිතබ්බා. තෙ ච ඛො සහජාතාව, න පුරෙජාතපච්ඡාජාතා ලබ්භන්ති. “කුසලං ධම්මං පච්චයා කුසලො ධම්මො”ති එවං පච්චයාභිධානවසෙන වුත්තො පන පච්චයවාරො නාම. සොපි පුරිමවාරද්වයං විය රූපාරූපධම්මවසෙනෙව වෙදිතබ්බො. පච්චයො පනෙත්ථ පුරෙජාතොපි ලබ්භති. අයමස්ස පුරිමවාරද්වයතො විසෙසො. තදනන්තරො “කුසලං ධම්මං නිස්සාය කුසලො ධම්මො”ති එවං නිස්සයාභිධානවසෙන වුත්තො නිස්සයවාරො නාම. සො පුරිමෙන පච්චයවාරෙන අත්ථතො නින්නානාකරණො. පච්චයාභිධානවසෙන බුජ්ඣනකානං වසෙන පන පඨමො වුත්තො, නිස්සයාභිධානවසෙන බුජ්ඣනකානං වසෙන දුතියො. තතො පරං “කුසලං ධම්මං සංසට්ඨො කුසලො ධම්මො”ති එවං සංසට්ඨාභිධානවසෙන වුත්තො සංසට්ඨවාරො නාම. “කුසලං ධම්මං සම්පයුත්තො කුසලො ධම්මො”ති එවං සම්පයුත්තාභිධානවසෙන වුත්තො සම්පයුත්තවාරො නාම. සො පුරිමෙන සංසට්ඨවාරෙන අත්ථතො නින්නානාකරණො. සංසට්ඨාභිධානවසෙන බුජ්ඣනකානං වසෙන පන පඨමො වුත්තො, සම්පයුත්තාභිධානවසෙන දුතියො. ද්වීසුපි චෙතෙසු අරූපධම්මවසෙනෙව පච්චයා පච්චයුප්පන්නා ච වෙදිතබ්බා. සත්තමවාරෙ පන යස්මා “කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො”තිආදිනා නයෙන තෙ තෙ පඤ්හෙ උද්ධරිත්වා පුන “කුසලා හෙතූ සම්පයුත්තකානං ඛන්ධාන”න්තිආදිනා නයෙන සබ්බෙපි තෙ පඤ්හා නිජ්ජටා නිග්ගුම්බා ච කත්වා විභත්තා, තස්මා සො වාරො පඤ්හානං සාධුකං විභත්තත්තා පඤ්හාවාරොත්වෙව සඞ්ඛ්‍යං ගතො. රූපාරූපධම්මවසෙනෙව පනෙත්ථ පච්චයාපි පච්චයුප්පන්නාපි වෙදිතබ්බා.
එහි කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො යයි පටිච්ච නම් වශයෙන් කියන ලද්දේ පටිච්ච වාරයයි. කුසලං ධම්මං සහජාතො කුසලො ධම්මො යයි සහජාත නම් වශයෙන් කියන ලද්දේ සහජාත වාරයයි. එය පෙර පටිච්ච වාරය සමග අර්ථ වශයෙන් වෙනසක් නැත. පටිච්ච නම අවබෝධ කරන්නන්ගේ වශයෙන් පළමුව කියන ලදි. සහජාත නම අවබෝධ කරන්නන්ගේ වශයෙන් දෙවනුව කියන ලදි. දෙකේම චේතනාවල රූප අරූප ධර්ම වශයෙන් පච්චය මෙන්ම පච්චයුප්පන්නද දතයුතුය. ඒවා ද සහජාතමය. පුරේජාත පච්ඡාජාත නො ලැබේ. කුසලං ධම්මං පච්චයා කුසලො ධම්මො යයි මෙසේ පච්චය නම් වශයෙන් කියන ලද්දේ පච්චය වාරයයි. එයද පෙර වාර දෙක මෙන් රූප අරූප ධර්ම වශයෙන්ම දතයුතුය. මෙහි පච්චය වනාහි පුරේජාත ද ලබයි. පෙර දෙකට වඩා වෙනස මෙය වේ. ඉන් අනතුරුව කුසලං ධම්මං නිස්සාය කුසලො ධම්මො යයි මෙසේ නිස්සය නම් වශයෙන් කියන ලද්දේ නිස්සය වාරයයි. එය පෙර පච්චය වාරය සමග අර්ථයෙන් වෙනසක් නැත. පච්චය නම් වශයෙන් අවබෝධ කරන්නන්ට පළමුව කියන ලදි. නිස්සය නම් වශයෙන් අවබෝධ කරන්නන්ට දෙවනුව කියන ලදි. ඉනික්බිතිව කුසලං ධම්මං සංසට්ඨො කුසලො ධම්මො යයි මෙසේ සංසට්ඨ නම් වශයෙන් කියන ලද්දේ සංසට්ඨ වාරයයි. කුසලං ධම්මං සම්පයුත්තො කුසලො ධම්මො යයි මෙසේ සම්පයුත්ත නම් වශයෙන් කියන ලද්දේ සම්පයුත්ත වාරයි. එය පෙර සංසට්ඨ වාරයෙන් අර්ථ වශයෙන් වෙනස් නැත. සංසට්ඨ නම් වශයෙන් අවබෝධ කරන්නන්ට පළමුව කියන ලදි. සම්පයුත්ත නම් වශයෙන් අවබෝධ කරන්නන්ට දෙවනුව කියන ලදි. චේතනා දෙකේම අරූප ධර්ම වශයෙන් ම පච්චය පච්චයුප්පන්න ද දතයුතුය. සත්වන වාරයෙහි වනාහි යම්සේ කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතු පච්චයෙන පච්චයො යනාදි නයින් ඒ ඒ ප්‍රශ්න උපුටා නැවත කුසලා හෙතු සම්පයුත්තකානං යනාදි නයින් ඒ සියළු ප්‍රශ්න ගැට නැතිව අවුල් නැතිකොට බෙදන ලදි. එහෙයින් ඒ වාරය ප්රශ්නය මැනවින් බෙදන ලද බැවින් පඤ්හවාර සංඛ්‍යාවට ගියේය. මෙහි පච්චය ද පච්චයුප්පන්න ද රූපාරූප වශයෙන්ම දතයුතුය.
තත්ථ යො තාව එස සබ්බපඨමො පටිච්චවාරො නාම, සො උද්දෙසතො නිද්දෙසතො ච දුවිධො හොති. තත්ථ උද්දෙසවාරො පඨමො, පුච්ඡාවාරොතිපි වුච්චති. පණ්ණත්තිවාරොතිපි තස්සෙව නාමං. සො හි කුසලාදයො පටිච්ච කුසලාදීනං හෙතුපච්චයාදීනං වසෙන උද්දිට්ඨත්තා උද්දෙසවාරො, කුසලාදයො පටිච්ච හෙතුපච්චයාදිවසෙන කුසලාදීනං උප්පත්තියා පුච්ඡිතත්තා පුච්ඡාවාරො, කුසලාදයො පටිච්ච හෙතුපච්චයාදිවසෙන කුසලාදීනං උප්පත්තියා පඤ්ඤාපිතත්තා පණ්ණත්තිවාරොතිපි වුත්තො.
එහි යම් ඒ පටිච්ච වාරය සියල්ලට පළමුව උද්දේස නිද්දේස වශයෙන් එය ද්විධ වේ. එහි පළමුව උද්දේස වාරය පුච්ඡා වාරයයි ද කියයි. පණ්ණත්ති වාරයයි ද ඊටම නමකි. ඒ කුසලාදිය කුසලාදිය නිසා, හේතුප්‍රත්‍ය ආදීන්ගේ වශයෙන් උදෙසන ලද බැවින් උද්දේස වාර වේ. කුසලාදිය නිසා හේතුප්‍රත්‍යාදි වශයෙන් කුසලාදියේ උපත විමසන ලද බැවින් පුච්ඡාවාර වේ. කුසලාදිය නිසා හේතුප්‍රත්‍යාදි වශයෙන් කුසලාදි උපත පනවන ලද බැවින් පණ්ණත්ති වාරයයි කියන ලදි.
තත්ථ සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයාති පරිකප්පපුච්ඡා. අයඤ්හෙත්ථ අත්ථො – යො කුසලො ධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයා, කිං සො කුසලං ධම්මං පටිච්ච සියාති අථ වා කුසලං ධම්මං පටිච්ච යො කුසලො ධම්මො උප්පජ්ජෙය්ය, සො හෙතුපච්චයා සියාති අයමෙත්ථ අත්ථො. තත්ථ පටීති සදිසත්ථෙ වත්තති. සදිසපුග්ගලො හි පටිපුග්ගලො, සදිසභාගො ච පටිභාගොති වුච්චති. ඉච්චාති ගමනුස්සුක්කවචනමෙතං. උභයං එකතො කත්වා පටිච්චාති පටිගන්ත්වා සහුප්පත්තිසඞ්ඛාතෙන සදිසභාවෙන පත්වා, තෙන සද්ධිං එකතො උප්පත්තිභාවං උපගන්ත්වාති වුත්තං හොති. කුසලො ධම්මොති එවං සහුප්පත්තිභාවෙන කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයාති පුච්ඡති. අථ වා පටිච්චාති පච්චයං කත්වා. තං පන පච්චයකරණං පුරෙජාතෙපි පච්චයෙ ලබ්භති සහජාතෙපි. ඉධ සහජාතං අධිප්පෙතං. සියා කුසලං ධම්මං පටිච්ච අකුසලොතිආදීසුපි එසෙව නයො. තත්ථ කිඤ්චාපි සහජාතවසෙන කුසලං ධම්මං පටිච්ච අකුසලො නත්ථි, ඉමස්මිං පන පුච්ඡාවාරෙ යම්පි විස්සජ්ජියමානං අත්ථතො ලබ්භති, යම්පි න ලබ්භති, තං සබ්බං පුච්ඡාවසෙන උද්ධටං. පරතො පන විස්සජ්ජනෙ යං න ලබ්භති, තං පහාය යං ලබ්භති, තදෙව විස්සජ්ජිතං.
එහි සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්ය හෙතු පච්චයා යනු පරිකල්පන පුච්ඡාය. එහි අර්ථය මෙසේය. යම් කුසල ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් උපදින්නේ නම් එය කුසල ධර්මය නිසා වන්නේද? නොහොත් කුසල ධර්මය නිසා යම් කුසල ධර්මයක් උපදින්නේද එය හේතුප්‍රත්‍යයෙන් වන්නේදැයි මෙය මෙහි අර්ථයයි. එහි පටි යනු සමාන අර්ථයෙහි පවතී. සදිස පුග්ගලයා පටිපුග්ගලයාය. සදිස (සමාන) භාග පටිභාග යයි කියනු ලැබේ. ඉච්ඡා මෙය ගමන උද්‍යොග කරන වචනයකි. දෙක එකතුකොට පටිච්ච එකට ඉපදීම් සංඛ්‍යාත සමාන භාවයට පැමිණ එක් උත්පත්ති භාවයට පැමිණේ යයි කියන ලද්දේ වේ. කුසලො ධම්මො යයි මෙසේ එකට ඉපදීම් වශයෙන් කුසල ධර්ම නිසා කුසල ධර්ම උපදින්නේ යයි අසයි. එසේ නැතහොත් පටිච්චා යයි පච්චයකොට ඒ පච්චය කිරීම පුරේජාත ද සහජාතද පච්චය ලබයි. මෙහි සහජාත අදහස් කරයි. සියා කුසලං ධම්මං පටිච්ච අකුසලො ආදියෙහි ද මෙම නයමයි. එහි සහජාත වශයෙන් කුසල ධර්මය නිසා කිසි අකුසලයක් නැත. මේ පුච්ඡා වාරයෙහි වනාහි යමක් විසඳන්නේ අර්ථ වශයෙන් ලබයි. යමක් නොලැබේද, ඒ සියල්ල ප්‍රශ්න වශයෙන් උපුටන ලදි. අන්‍යයා වශයෙන් වනාහි විසඳීමෙහි යමක් නොලැබේද, එය හැර යමක් ලැබේද එයම විසඳන ලදි.
එවමෙත්ථ පුච්ඡානං අත්ථඤ්චෙව පුච්ඡාගතිඤ්ච ඤත්වා ඉදානි ගණනවසෙන පුච්ඡාපරිච්ඡෙදො වෙදිතබ්බො . එත්ථ හි “කුසලං ධම්මං පටිච්චා”ති කුසලපදං ආදිං කත්වා කුසලාකුසලාබ්යාකතන්තා තිස්සො පුච්ඡා, පුන තදෙවාදිං කත්වා කුසලාබ්යාකතාදිවසෙන දුකප්පභෙදන්තා තිස්සො, පුන තදෙවාදිං කත්වා තිකන්තා ච එකා, එවං කුසලං ධම්මං පටිච්චාති කුසලාදිකා සත්ත පුච්ඡා, තථා අකුසලාදිකා, තථා අබ්යාකතාදිකා, තථා කුසලාබ්යාකතාදිකා, අකුසලාබ්යාකතාදිකා, කුසලාකුසලාදිකා, කුසලාකුසලාබ්යාකතාදිකාති සබ්බාපි සත්තන්නං සත්තකානං වසෙන කුසලත්තිකං නිස්සාය හෙතුපච්චයෙ එකූනපඤ්ඤාසං පුච්ඡා.
මෙසේ මෙහි ඇසීම්වල තේරුමද ඇසීමේ ස්වභාවය ද දැන ගණන වශයෙන් පුච්ඡා පරිච්ඡේදය දතයුතුය. මෙහි වනාහි ‘කුසලං ධම්මං පටිච්ච’ යයි කුසල පදය මුල්කොට කුසල අකුසල අබ්‍යාකත තුන පුච්ඡා වේ. නැවත එයම මුල්කොට කුසල අබ්යාකතා වශයෙන් දුක ප්‍රභේද බැවින් තුන, නැවත එයම මුල්කොට තික අන්තකොට ඇති එකකි. මෙසේ කුසලං ධම්මං පටිච්චා කුසලය මුල්වූ ප්‍රශ්න හත. එසේම අකුසලය මුල්වූ. එසේම අබ්යාකතා මුල්වූ. එසේම කුසල අබ්යාකතා මුල්වූ. එසේම අකුසල අබ්යාකතා මුල්වූ. කුසල අකුසල ආදික, කුසල අකුසල අබ්යාකතාදික, සියල්ල සතක් වූ සත්තකයන්ගේ වශයෙන් කුසලතික නිසා හේතු පච්චයෙහි එකුන් පනස් ප්‍රශ්න ඇසීම්.
තත්ථ එකමූලකාවසානා නව, එකමූලදුකාවසානා නව, එකමූලතිකාවසානා තිස්සො, දුකමූලඑකාවසානා නව, දුකමූලදුකාවසානා නව, දුකමූලතිකාවසානා තිස්සො, තිකමූලඑකාවසානා තිස්සො, තිකමූලදුකාවසානා තිස්සො, තිකමූලතිකාවසානා එකාති එවමෙතා මූලවසෙනාපි වෙදිතබ්බා. යථා ච හෙතුපච්චයෙ එකූනපඤ්ඤාසං, ආරම්මණපච්චයාදීසුපි තථෙවාති සබ්බෙසුපි චතුවීසතියා පච්චයෙසු –
එහි එකක් මුල්කොට එකක් අවසන්කොට ඇති නවයක්, එකක් මුල්කොට දෙකක් අවසන් කොට නවයක්, එකක් මුල්කොට තුනක් අවසන්කොට තුනක්, දෙකක් මුල්කොට දෙකක් අවසන්කොට ඇති නවයක්, දෙකක් මුල්කොට තුනක් අවසන්කොට ඇති තුනක්, තුනක් මුල්කොට එකක් අවසන්කොට ඇති තුනක්, තුනක් මුල්කොට දෙකක් අවසන්කොට ඇති තුනක් තුනක් මුල්කොට තුනක් අවසන්කොට ඇති එකක් යයි මෙසේ මේවා මූල අවසාන වශයෙන් දතයුතුය. යම්සේ හේතුපච්චයෙහි එකුන්පනසක් ආරම්මණ පච්චයාදියෙහිද එසේම යයි සියළු සූවිසි ප්‍රත්‍යවල:-
සහස්සමෙකඤ්ච සතං, ඡසත්තති පුනාපරා; පුච්ඡා සම්පිණ්ඩිතා හොන්ති, නයම්හි එකමූලකෙ.
එක් මුල් නයෙහි පැන - දහස් එක්සිය සැත්තෑ යළි සයක් වන ලෙස - පිඬුකර ඇතැයි දන්නේ
තතො පරං හෙතුපච්චයා ආරම්මණපච්චයාති දුමූලකනයො ආරද්ධො. තත්ථ හෙතාරම්මණදුකො…පෙ… හෙතුඅවිගතදුකොති හෙතුපච්චයෙන සද්ධිං තෙවීසති දුකා හොන්ති. තෙසු හෙතුපච්චයෙ විය හෙතාරම්මණදුකෙපි එකූනපඤ්ඤාසං පුච්ඡා, තාසු පාළියං ද්වෙයෙව දස්සිතා. යථා ච හෙතාරම්මණදුකෙ එකූනපඤ්ඤාසං තථා හෙතාධිපතිදුකාදීසුපි. තත්ථ පඨමපුච්ඡාවසෙන හෙතාධිපතිදුකො, හෙතානන්තරදුකො, හෙතුසමනන්තරදුකොති පටිපාටියා තයො දුකෙ දස්සෙත්වා පරියොසානෙ හෙතුඅවිගතදුකො දස්සිතො, සෙසං සඞ්ඛිත්තං. පුච්ඡාපරිච්ඡෙදො පනෙත්ථ එවං වෙදිතබ්බො.
ඉන්පසු හෙතුපච්චයා ආරම්මණ පච්චයා යයි දෙමුල් නය ඇරඹී. එහි හේතු ආරම්මණ දෙක...... හේතු අවිගත දෙක යයි හේතු පච්චය සමග තෙවිසි දෙකක් (දුක) වේ. ඒවා අතරින් හේතු පච්චයෙහි මෙන් හේතු ආරම්මණ දුකයෙහි ද එකුන් පනස් පුච්ඡා (පැන) වේ. ඒවායෙහි පෙළ දෙකක්ම දක්වන ලදි. හේතු ආරම්මණ දුකයෙහි යම්සේ එකුන්පනස් වේද හේතු අධිපති දුකාදියෙහි ද එසේය. එහි පළමු පුච්ඡා වශයෙන් හේතු අධිපති දුක, හේතු අනන්තර දුක, හේතු සමනන්තර දුක යයි පිළිවෙලින් දුක තුනක් දක්වා අවසානයෙහි හේතුඅවිගත දුක දක්වන ලදි. සෙස්ස සංක්ෂිප්ත පුච්ඡා වේ. මෙහි පරිච්ඡේදය වනාහි මෙසේ දතයුතුය.
සහස්සමෙකඤ්ච සතං, සත්තවීසතිමෙව ච; දුකෙසු තෙවීසතියා, පුච්ඡා හොන්ති දුමූලකෙ.
දෙමුලෙහි පැන විසින් - දහස් එක්සිය සත් විසි ලෙස දුකවල තෙවිසි - වන බව සොඳින් දන්නේ
තතො පරං හෙතුපච්චයා ආරම්මණපච්චයා අධිපතිපච්චයාති තිමූලකනයො ආරද්ධො. තත්ථ හෙතාරම්මණදුකෙන සද්ධිං අධිපතිපච්චයාදීසු බාවීසතියා පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන බාවීසති තිකා හොන්ති. තෙසු පඨමපුච්ඡාවසෙන පඨමත්තිකඤ්ච දුතියත්තිකඤ්ච දස්සෙත්වා පරියොසානතිකො දස්සිතො, සෙසං සඞ්ඛිත්තං. යථා පන දුකෙසු, එවං තිකෙසුපි එකමෙකස්මිං තිකෙ එකූනපඤ්ඤාසං කත්වා සබ්බෙසුපි බාවීසතියා තිකෙසු –
ඉන්පසු හෙතු පච්චයා ආරම්මණ පච්චයා යයි තුන්මූලක නය අරඹන ලදි. එහි හේතු ආරම්මණ දුක සමග අධිපති පච්චයාදි දෙවිසි පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් දෙවිසි තිකයෙ (තුන)ක් වේ. ඒවායින් පළමු පුච්ඡා වශයෙන් පළමු තිකයද දෙවන තිකයද දක්වා අවසාන තිකය දක්වන ලදි. සෙස්ස සංක්ෂෙප කරන ලදි. දුකවල මෙන් තිකවලද එක් එක් තිකයෙහි එකුන් පනස්කොට සියළු දෙවිසි තිකවල
සහස්සමෙකං පුච්ඡානං, අට්ඨසත්තතිමෙව ච; පුච්ඡා ගණනතො හොන්ති, නයම්හි තිකමූලකෙ.
තුන් මුල් නයෙහි පැන - එක් දහස් අට සැත්තෑ වන ලෙසට ගණනින් - (සැක හැර දැනගත යෙහේ)
තතො පරං හෙතුපච්චයා ආරම්මණපච්චයා අධිපතිපච්චයා අනන්තරපච්චයාති චතුමූලකනයො ආරද්ධො. තත්ථ පඨමත්තිකෙන සද්ධිං අනන්තරපච්චයාදීසු එකවීසතියා පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන එකවීසති චතුක්කා හොන්ති. තෙසු ද්වෙ චතුක්කෙ දස්සෙත්වා සෙසං සඞ්ඛිත්තං. ඉධාපි එකමෙකස්මිං චතුක්කෙ එකූනපඤ්ඤාසං කත්වා සබ්බෙසුපි එකවීසතියා චතුක්කෙසු –
ඉන්පසුව හෙතුපච්චයා ආරම්මණ පච්චයා අධිපති පච්චයා අනන්තර පච්චයා යයි චතු මූලක නය අරඹන ලදි. එහි පළමු තික සමග අනන්තර පච්චයාදි එක්විසි පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් එක්විසි චතුක්ක වේ. ඒවායින් චතුක්ක දෙකක් දක්වා සෙස්ස සංක්ෂෙප කරන ලදි. මෙහිද එක එක චතුක්කයෙහි එකුන් පනසක් කොට සියළු එක්විසි චතුක්කවල-
සහස්සමෙකං පුච්ඡානං, එකූනතිංස පුනාපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයම්හි චතුමූලකෙ.
සිව්මුල්හි පැන නය - එක්දහස් එකුන් තිසක් වන ලෙසට ගණනින් - (සැකහැර දැනගත යෙහේ)
තතො පරං පඤ්චමූලකං ආදිං කත්වා යාව සබ්බමූලකා දෙසනා කතා, තං සබ්බං සඞ්ඛිපිත්වා හෙට්ඨා වුත්තඤ්ච උපරි වත්තබ්බඤ්ච එකතො කත්වා පාළියං “එකමූලකං, දුමූලකං, තිමූලකං, චතුමූලකං, පඤ්චමූලකං, සබ්බමූලකං අසම්මුය්හන්තෙන විත්ථාරෙතබ්බ”න්ති නයො දස්සිතො. තත්ථ එකමූලකාදීසු යං වත්තබ්බං, තං වුත්තමෙව. පඤ්චමූලකෙ පන පඨමචතුක්කෙන සද්ධිං සමනන්තරපච්චයාදීසු සමවීසතියා පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන සමවීසති පඤ්චකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
ඉනික්බිතිව පස්මුල් ආදිකොට සියළු මූලක දේශනා කරන ලදි. මත්තෙහි කිවයුතු සියල්ල සංක්ෂේප කොට යයි කියූ දෙය ද මත්තෙහි කිවයුත්ත ද එකතුකොට පෙළෙහි එක මූලකං දුක මූලකං තික මූලකං චතු මූලකං සබ්බ මූලකං අසම්මුය්හන්තෙන විත්ථාරෙ තබ්බං යන නය දක්වන ලදි. [missing trans] ඒවායෙහි එක එකෙහි එකුන් පනසක් කොට :-
සතානි නව පුච්ඡානං, අසීති ච පුනාපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයම්හි පඤ්චමූලකෙ.
පස්මුල් නයෙහි පැන - නවසියයකුදු වන යළි අසූවක් ගණනින් - වන බව (සොඳින් දන්නේ)
ඡමූලකෙ පඨමපඤ්චකෙන සද්ධිං සහජාතපච්චයාදීසු එකූනවීසතියා පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන එකූනවීසති ඡක්කා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
සමුල්හි පළමු පංචකය සමග සහජාත පච්චයාදි එකුන් විසි පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් එකුන්විසි ඡක්ක (සය) වේ. ඒවායෙහි එක එකෙහි එකුන් පනස් කොට :-
සතානි නව පුච්ඡානං, එකතිංස තතොපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයම්හි ඡක්කමූලකෙ.
සමුල්හි නය විසින් - නවසියයකුදු වන යළි එක් තිසක් ලෙස පැන - වන බව (සොඳින් දන්නේ)
සත්තමූලකෙ පඨමඡක්කෙන සද්ධිං අඤ්ඤමඤ්ඤපච්චයාදීසු අට්ඨාරසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන අට්ඨාරස සත්තකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
සත්මුල්හි පළමු ඡක්කය සමග අඤඤ්මඤ්ඤ පච්චයාදි අටළොස් පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් අටළොස් සත්තක වේ. ඒවායෙහි එක එකෙහි එකුන් පනස්කොට :-
සතානි අට්ඨ පුච්ඡානං, ද්වාසීති ච තතොපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයම්හි සත්තමූලකෙ.
සත්මුල්හි පැන නය - අටසියයකුදු වත යළි දෙවිස්සක් ගණනින් - වන බව (සොඳින් දන්නේ)
අට්ඨමූලකෙ පඨමසත්තකෙන සද්ධිං නිස්සයපච්චයාදීසු සත්තරසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන සත්තරස අට්ඨකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
අට්ඨ මූලකයෙහි පළමුවැනි සත්තකය සමග නිස්සය පච්චයාදි සතළොස් පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් සතළොස් අට්ඨක වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට :-
සතානි අට්ඨ පුච්ඡානං, තෙත්තිංසා ච තතොපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයම්හි අට්ඨමූලකෙ.
අටමුල් නයෙහි පැන - අටසිය තෙතිසක් ද වේ යයි ගණන් වසයෙන් - දැනගනු යෙහේ නිසැකව
නවමූලකෙ පඨමඅට්ඨකෙන සද්ධිං උපනිස්සයපච්චයාදීසු සොළසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන සොළස නවකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
නව මූලකයෙහි පළමුවන අට්ඨකය සමග උපනිස්සයපච්චයාදී සොළොස් පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් සොළොස් නවකයක් වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට :-
සතානි සත්ත පුච්ඡානං, චතුරාසීති තතොපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයම්හි නවමූලකෙ.
සත්සියක් පැනයත් යළි සූ අසූ වන්නේ විමසුම්හි ගණනින් - නව මුල්හි නය වන්නේ
දසමූලකෙ පඨමනවකෙන සද්ධිං පුරෙජාතපච්චයාදීසු පන්නරසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන පන්නරස දසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
දස මූලකයෙහි පළමුවන නවකය සමග පුරේජාත පච්චයාදි පසළොස් පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් පසළොස් දසකය වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට :-
සතානි සත්ත පුච්ඡානං, පඤ්චතිංස තතොපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයම්හි දසමූලකෙ.
සත්සියක් පැනයන් - යළි පන්තිස ද වේ විමසුම්හි ගණනින් - දසමුල්හි නය වන්නේ
එකාදසමූලකෙ පඨමදසකෙන සද්ධිං පච්ඡාජාතපච්චයාදීසු චුද්දසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන චුද්දස එකාදසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
එකොළොස් මූලකයෙහි පළමුවන දසකය සමග පච්ඡාජාත පච්චයාදි තුදුස් පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් තුදුස් ඒකාදසකයක් වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට :-
ඡ සතානි ච පුච්ඡානං, ඡළාසීති තතොපරා; නයම්හි පුච්ඡා ගණිතා, එකාදසකමූලකෙ.
එකොළොස් මුලෙහි පැන - සසියක් යළි සය ඇසූ විමසුම්හි ගණනින් - දැනගනු එම නයෙහි තතු
ද්වාදසමූලකෙ පඨමඑකාදසකෙන සද්ධිං ආසෙවනපච්චයාදීසු තෙරසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන තෙරස ද්වාදසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
දොළොස් මූලකයෙහි පළමුවන එකොළොස් ඒකකය සමග ආසේවන පච්චයාදි තෙළෙස් පච්චයෙහි එක එකේ යෙදුම් වශයෙන් තෙළෙස් ද්වාදසක වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට :-
ඡ සතානි ච පුච්ඡානං, සත්තතිංස තතොපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ ද්වාදසමූලකෙ.
දොළොස් මුල් පැන නය - සසියක් යළිදු සත් තිස් විමසුම්හි ගණනින් - දැනගනු නිසැකව යෙහේ
තෙරසමූලකෙ පඨමද්වාදසකෙන සද්ධිං කම්මපච්චයාදීසු ද්වාදසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන ද්වාදස තෙරසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
තෙළෙස් මූලකයෙහි පළමුවන දොළොස සමගින් කම්ම පච්චයාදි දොළොස් පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් දොළොස් තෙළෙස් වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට :-
සතානි පඤ්ච පුච්ඡානං, අට්ඨාසීති පුනාපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ තෙරසමූලකෙ.
තෙළෙස් මුල් නය පැන - පන්සිය යළි අට අසූ විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
චුද්දසමූලකෙ පඨමතෙරසකෙන සද්ධිං විපාකපච්චයාදීසු එකාදසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන එකාදස චුද්දසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
තුන් මූලකයෙහි පළමුවන තෙළෙස සමග විපාක පච්චයාදි එකොළොස් පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් එකොළොස් තුදුසක් වේ. ඒවායේ එක එකේ එකුන් පනසක් කොට :-
සතානි පඤ්ච පුච්ඡානං, තිංස චාථ නවාපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ චුද්දසමූලකෙ.
තුදුස් මුල් නය පැන - පන්සිය එකුන් සතළිස් විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
පන්නරසමූලකෙ පඨමචුද්දසකෙන සද්ධිං ආහාරපච්චයාදීසු දසසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන දස පන්නරසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
පසළොස් මූලකයෙහි පළමුවන තුදුස සමග ආහාර පච්චයාදි දස පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් දස පසළොස් වේ. ඒවායේ එක එකේ එකුන් පනසක් කොට :-
සතානි චත්තාරි පුච්ඡානං, නවුති ච තතොපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ පන්නරසමූලකෙ.
පසළොස් මුල් නයෙහි - පැන සාරසිය අනූ විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
සොළසමූලකෙ පඨමපන්නරසකෙන සද්ධිං ඉන්ද්රියපච්චයාදීසු නවසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන නව සොළසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
සොළොස් මූලකයෙහි පළමුවන පසළොස සමග ඉන්ද්රිය පච්චයාදි නව පච්චයවල එක එකේ යෙදීම් වශයෙන් නව සොළොස් වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට :-
සතානි චත්තාරි චත්තා-ලීසෙකා චෙව පුනාපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ සොළසමූලකෙ.
සොළොස් මුල් නය පැන - සාරිසය එක් සාළිස් විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
සත්තරසමූලකෙ පඨමසොළසකෙන සද්ධිං ඣානපච්චයාදීසු අට්ඨසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන අට්ඨ සත්තරසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
සතළොස් මූලකයෙහි පළමුවන සොළොස සමග ඣාන පච්චයාදි පච්චය අටෙහි එක එකේ යෙදීම් වශයෙන් අට සතළොස් වේ. ජවයේ එක එකෙහි එකුන් පනසක් කොට :-
සතානි තීණි පුච්ඡානං, නවුති ද්වෙ පුනාපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ සත්තරසමූලකෙ.
සතළොස් මුල් නයෙහි - තුන්සිය දෙයානූවක් විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
අට්ඨාරසමූලකෙ පඨමසත්තරසකෙන සද්ධිං මග්ගපච්චයාදීසු සත්තසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන සත්ත අට්ඨාරසකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
අටළොස් මූලකයෙහි පළමුවන සතළොස සමග මග්ග පච්චයාදි පච්චය සතෙහි එක එකේ යෙදීම් වශයෙන් සත අටළොස වේ. ඒවායේ එක එකේ එකුන් පනසක් කොට :-
සතානි තීණි පුච්ඡානං, තෙචත්තාරීසමෙව ච; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ අට්ඨාරසමූලකෙ.
අටළොස් මුල් නයෙහි - තුන්සිය තෙසාළිස් වේ විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
එකූනවීසතිමූලකෙ පඨමඅට්ඨාරසකෙන සද්ධිං සම්පයුත්තපච්චයාදීසු ඡසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන ඡ එකූනවීසතිකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
එකුන් විසි මූලකයෙහි පළමුවන අටළොස සමග සම්පයුත්ත පච්චයාදි පච්චය සයෙහි එක එකේ යෙදීම් වශයෙන් සය එකුන් විසි වේ. ඒවායේ එකිනෙකෙහි එකුන් පනසක් කොට :-
ද්වෙ සතා නවුති චෙව, චතස්සො ච පුනාපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ එකූනවීසතිකෙ.
එකුන් විසි මුල් නයෙ - දෙසිය අනූ සතරෙක් වේ විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
වීසතිමූලකෙ පඨමඑකූනවීසතිකෙන සද්ධිං විප්පයුත්තපච්චයාදීසු පඤ්චසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන පඤ්චවීසතිකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
විසි මූලකයෙහි පළමුවන එකුන් විස්ස සමග විප්පයුත්ත පච්චයාදි පච්චය පසෙහි එක එකේ යෙදීම් වශයෙන් පස් විස්තික වේ. ඒවායේ එකිනෙකෙහි එකුන් පනසක් කොට :-
ද්වෙ සතා හොන්ති පුච්ඡානං, චත්තාලීසා ච පඤ්ච ච; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ වීසතිමූලකෙ.
විසි මුල් නයෙහි පැන - දෙසිය පන්සාළිස් වේ විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
එකවීසතිමූලකෙ පඨමවීසතිකෙන සද්ධිං අත්ථිපච්චයාදීසු චතූසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන චත්තාරො එකවීසතිකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
එක්විසි මූලකයෙහි පළමු වීසතිකය සමග අත්ථි පච්චයාදි පච්චය සතරෙහි එක එකේ යෙදීම් වශයෙන් සතර එක් වීසතික වේ. ඒවායේ එකිනෙකෙහි එකුන් පනසක් කොට :-
සතං ඡනවුති චෙව, පුච්ඡා හොන්ති සම්පිණ්ඩිතා; ගණිතා ලක්ඛණඤ්ඤූහි, එකවීසතිකෙ නයෙ.
එක්විසි මුල් නයෙහි - පැන එක්සිය සයානූ විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
ද්වාවීසතිමූලකෙ පඨමඑකවීසතිකෙන සද්ධිං නත්ථිපච්චයාදීසු තීසු පච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන තයො ද්වාවීසතිකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
දෙවිසි මූලකයෙහි පළමු එක්විස්ස සමග නත්ථි පච්චයාදි පච්චය තුනෙහි එක එකේ යෙදීම් වශයෙන් තුන දෙවිස්ස වේ. ඒවායේ එකිනෙකෙහි එකුන් පනසක් කොට :-
චත්තාලීසාධිකං සතං, සත්ත චෙව පුනාපරා; පුච්ඡා ගණනතො හොන්ති, නයෙ ද්වාවීසතිමූලකෙ.
දෙවිසි මුල් පැන නයෙ - එක්සිය සත් සාළිසක් විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
තෙවීසතිමූලකෙ පඨමද්වාවීසතිකෙන සද්ධිං ද්වීසු විගතාවිගතපච්චයෙසු එකමෙකස්ස යොජනාවසෙන ද්වෙ තෙවීසතිකා හොන්ති. තෙසු එකමෙකස්මිං එකූනපඤ්ඤාසං කත්වා –
තෙවිසි මූලකයෙහි දෙවිස්ස සමග විගත අවිගත පච්චය දෙකෙහි එක එකේ යෙදීම් වශයෙන් දෙක තුන් විසි වේ. ඒවායේ එකිනෙකෙහි එකුන් පනසක් කොට :-
අට්ඨනවුතිමෙවිධ, පුච්ඡා ගණනතො මතා; නයම්හි තෙවීසතිමෙ, තෙවීසතිකමූලකෙ.
තුන්විසි මුල් නයෙහි - අටඅනූ පැන වන්නේ විමසුම්හි ගණනින් - වන බව දැනගනු යෙහේ
චතුවීසතිමූලකො පන සබ්බපච්චයානං සමොධානවසෙන වෙදිතබ්බො, තෙනෙව සබ්බමූලකොති වුත්තො. තත්ථ එකූනපඤ්ඤාසමෙව පුච්ඡා හොන්තීති සබ්බාපෙතා හෙතුපච්චයපදමෙව ගහෙත්වා එකමූලකාදීනං සබ්බමූලකපරියොසානානං වසෙන සත්ථාරා දෙවපරිසති විත්ථාරතො විභත්තා පුච්ඡා ඉධ සඞ්ඛෙපෙන දස්සිතා.
සූවිසි මූලකයෙහි වනාහි සියළු පච්චයන්ගේ එක්කාසු කිරීම්ක වශයෙන් දතයුතුය. එයින්ම සියළු මූලක යයි කියන ලදි. එහි එකුන් පනසක්ම විමසුම් වේ යයි මේ සියල්ලම හේතුපච්චය පදයම ගෙන ඒක මූලකාදීන්ගේ සියළු මූලක අවසානය වශයෙන් ශාස්තෲන් විසින් දේව පිරිසට විස්තර වශයෙන් බෙදන ලදි. මෙහි විමසුම් සංක්ෂෙපයෙන් දක්වන ලදි.
තාසං පන සබ්බාසම්පි අයං ගණනපිණ්ඩො – එකමූලකනයස්මිඤ්හි එකාදස සතානි ඡසත්තති ච පුච්ඡා ආගතා. හෙතුපච්චයනයෙ තෙනෙව මූලකෙන එකූනපඤ්ඤාසං කත්වා ඉමස්මිං හෙතුපච්චයමූලකෙ ගහෙතබ්බා, සෙසා සෙසපච්චයමූලකෙසු පක්ඛිපිතබ්බා. දුමූලකෙ සත්තවීසානි එකාදස සතානි, තිමූලකෙ සහස්සං අට්ඨසත්තති ච, චතුමූලකෙ සහස්සං එකූනතිංසඤ්ච, පඤ්චමූලකෙ අසීතාධිකානි නව සතානි, ඡමූලකෙ එකතිංසානි නව සතානි, සත්තමූලකෙ ද්වාසීතානි අට්ඨ සතානි, අට්ඨමූලකෙ තෙත්තිංසානි අට්ඨ සතානි, නවමූලකෙ චතුරාසීතානි සත්ත සතානි, දසමූලකෙ පඤ්චතිංසානි සත්ත සතානි, එකාදසමූලකෙ ඡාසීතානි ඡ සතානි, ද්වාදසමූලකෙ සත්තතිංසානි ඡ සතානි, තෙරසමූලකෙ අට්ඨාසීතානි පඤ්ච සතානි, චුද්දසමූලකෙ එකූනචත්තාලීසානි පඤ්ච සතානි, පන්නරසමූලකෙ නවුතානි චත්තාරි සතානි, සොළසමූලකෙ එකචත්තාලීසානි චත්තාරි සත්තානි, සත්තරසමූලකෙ ද්වානවුතානි තීණි සතානි, අට්ඨාරසමූලකෙ තෙචත්තාලීසානි තීණි සතානි, එකූනවීසතිමූලකෙ චතුනවුතානි ද්වෙ සතානි, වීසතිමූලකෙ පඤ්චචත්තාලීසානි ද්වෙ සතානි, එකවීසතිමූලකෙ ඡනවුතිසතං, ද්වාවීසතිමූලකෙ සත්තචත්තාලීසසතං, තෙවීසතිමූලකෙ අට්ඨනවුති, සබ්බමූලකෙ එකූනපඤ්ඤාසාති එවං හෙතුපදං ආදිං කත්වා විභත්තෙසු එකමූලකාදීසු –
ඒ සියල්ලේම ගණන පිඬුකොට මෙය දක්වයි. ඒක මූලක නයෙහි එක්දහස් එක්සිය හැත්තෑහයක් විමසුම් ආවේය. හේතු පච්චය නයෙහි එම මූලකයෙන්ම එකුන් පනසක් කොට මේ හේතුපච්චය මූලකයෙහි ගතයුතුය. සෙස්ස සෙසු පච්චය මූලකවල බහාතැබිය යුතුය. දූ මූලකයෙහි එක්දහස් එකසිය විසිහතකි. තිමූලකයෙහි එක්දහස් සැත්තෑ අටක් ද සිව් මූලකයෙහි එක්දහස් විසිනවයක් ද පංච මූලකයෙහි නවසිය අසූවක් ද සය මූලකයෙහි නවසිය තිස් එකක් ද සත්ත මූලකයෙහි අටසිය අසූදෙකක්ද අට්ඨ මූළකයෙහි අටසිය තිස්තුනක්ද නව මූලකයෙහි හත්සිය අසූහතරක්ද දසමූලකයෙහි හත්සිය තිස්පහක්ද එකොළොස්වන මූලකයෙහි හයසිය අසූහයක්ද දොළොස්වන මූලකයෙහි හයසිය තිස්හතක්ද තෙළෙස්වන මූලකයෙහි පන්සිය අසූඅටක්ද තුදුස්වන මූලකයෙහි පන්සිය තිස්නවයක්ද පසළොස්වන මූලකයෙහි හාරසිය අනූවක් ද සොළොස්වන මූලකයෙහි හාරසිය හතළිස් එකක්ද සතළොස්වන මූලකයෙහි තුන්වන අනූදෙකක්ද අටළොස්වන මූලකයෙහි තුන්සිය හතළිස් තුනක් ද එකුන්වීසති මූලකයෙහි දෙසිය අනූහතරක් ද විසිවන මූලකයෙහි දෙසිය හතළිස්පහක්ද එක්විසි මූලකයෙහි එකසිය අනූහයක් ද දෙවිසි මූලකයෙහි එකසිය හතළිස් හතක්ද තෙවිසි මූලකයෙහි අනූඅටක්ද සියළු මූලකයෙහි හතළිස් නවයක්දැයි මෙසේ හේතු පදය ආදිකොට බෙදන ලද ඒකමූලකාදියෙහි:-
චුද්දසෙව සහස්සානි, පුන සත්ත සතානි ච; පුච්ඡා හෙතුපදස්සෙව, එකමූලාදිභෙදතොති.
තුදුස් දහසක් සහ - යළි සත්සියයකින් යුතු විමසුම් හේතු පද - එක්මුල් ඈ බේදයෙන්
එවං හෙතුපච්චයං ආදිං කත්වා එකමූලකතො පට්ඨාය යාව සබ්බමූලකනයා පුච්ඡාභෙදං දස්සෙත්වා ඉදානි ආරම්මණපච්චයං ආදිං කත්වා දස්සෙතුං සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්ය ආරම්මණපච්චයා හෙතුපච්චයාතිආදිමාහ. තත්ථ ආරම්මණපච්චයා හෙතුපච්චයාති එත්තාවතා ආරම්මණපච්චයං ආදිං කත්වා හෙතුපච්චයපරියොසානො එකමූලකනයො දස්සිතො. තතො පරං ආරම්මණපච්චයා අධිපතිපච්චයාති දුකමූලකං ආරද්ධං. තත්ථ ඉමං පඨමදුකඤ්චෙව ආරම්මණාවිගතදුකඤ්ච දස්සෙත්වා සෙසං සඞ්ඛිත්තං. ආරම්මණපච්චයා හෙතුපච්චයාති අයං ඔසානදුකොපි න දස්සිතො. සචෙ පන කත්ථචි වාචනාමග්ගෙ සන්දිස්සති, ස්වෙව වාචනාමග්ගො ගහෙතබ්බො. තතො පරං ආරම්මණපච්චයවසෙන තිකමූලකාදයො අදස්සෙත්වාව අධිපතිපච්චයං ආදිං කත්වා එකකාදයො දස්සෙතුං අධිපතිපච්චයා, අනන්තරපච්චයා, සමනන්තරපච්චයා, සහජාතපච්චයා, අඤ්ඤමඤ්ඤපච්චයාති එත්තකමෙව වුත්තං, තං එකමූලකවසෙන වා සබ්බමූලකවසෙන වා වෙදිතබ්බං.
මෙසේ හේතුපච්චය ආදිකොට එක් මූලයේ සිට සබ්බමූල නය දක්වා විමසුම් බේද දක්වා දැන් ආරම්මණ පච්චය ආදිකොට දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්ය ආරම්මණ පච්චයා හෙතුපච්චයා යනාදිය කීහ. එහි ආරම්මණ පච්චයා හෙතුපච්චයා යයි මෙපමණකින් ආරම්මණ පච්චය ආදිකොට හේතුපච්චය අවසන්කොට ඒක මූලක නය දක්වන ලදි. ඉන්පසු ආරම්මණ පච්චයා අධිපති පච්චයා යයි දුක මූලක ආරම්භ කරන ලදි. එහි මෙම පළමු දුක මෙන්ම ආරම්මණ විගත දුක ද දක්වා සෙස්ස සංක්ෂෙප කරන ලදි. ආරම්මණ පච්චයා හෙතු පච්චයා යයි මේ අවසාන දුකද නො දක්වන ලදි. ඉදින් වනාහි කිසියම් වාචනා මාර්ගයක් දක්නා ලැබේ ද, ඒ වාචනා මගම ගතයුතුය. ඉන්පසු ආරම්මණ පච්චය වශයෙන් තික මූලකාදිය නොදක්වාම අධිපති පච්චය ආදිකොට ඒකක ආදිය දැක්වීමට අධිපති පච්චයා අනන්තර පච්චයා සමනන්තර පච්චයා සහජාත පච්චයා අඤ්ඤමඤ්ඤ පච්චයා යයි මෙපමණක්ම කියන ලදි. එය ඒක මූලක වශයෙන් හෝ සබ්බ මූලක වශයෙන් හෝ දතයුතුයි.
තතො පරං අවිගතපච්චයං ආදිං කත්වා දුමූලකමෙව දස්සෙතුං – අවිගතපච්චයා හෙතුපච්චයාතිආදි ආරද්ධං. තත්ථ අවිගතහෙතුදුකො, අවිගතාරම්මණදුකො, අවිගතාධිපතිදුකොති පටිපාටියා තයො දුකෙ වත්වා පරියොසානෙ ච අවිගතවිගතදුකො එකො දුකො දස්සිතො. තතො අවිගතපච්චයවසෙනෙව තිමූලකං දස්සෙතුං – “අවිගතපච්චයා හෙතුපච්චයා ආරම්මණපච්චයා, අවිගතපච්චයා හෙතුපච්චයා අධිපතිපච්චයා, අවිගතපච්චයා හෙතුපච්චයා අනන්තරපච්චයා”ති එවං පටිපාටියා තයො තිකෙ වත්වා “අවිගතපච්චයා හෙතුපච්චයා විගතපච්චයා”ති පරියොසානත්තිකො වුත්තො. තතො අවිගතපච්චයවසෙනෙව චතුමූලකං දස්සෙතුං “අවිගතපච්චයා හෙතුපච්චයා ආරම්මණපච්චයා අධිපතිපච්චයා, අවිගතපච්චයා හෙතුපච්චයා ආරම්මණපච්චයා අනන්තරපච්චයා”ති ද්වෙ චතුක්කෙ වත්වා “විගතපච්චයා”ති පදං උද්ධරිත්වා ඨපිතං, සෙසං සබ්බං සඞ්ඛිත්තං. තස්ස සඞ්ඛිත්තභාවං දස්සෙතුං “එකෙකස්ස පදස්ස එකමූලකං, දුමූලකං, තිමූලකං, සබ්බමූලකං අසම්මුය්හන්තෙන විත්ථාරෙතබ්බ”න්ති වුත්තං. තස්මා යථා හෙතුපච්චයං ආදිං කත්වා හෙතුආදිපදවසෙන එකමූලකෙ එකාදස පුච්ඡාසතානි ඡසත්තති ච පුච්ඡා…පෙ… සබ්බමූලකෙ එකූනපඤ්ඤාසං, එවං ආරම්මණපච්චයාදීසුපි එකමෙකං ආදිං කත්වා ආරම්මණාදිපදවසෙන එකමෙකස්ස පදස්ස එකමූලකෙ එකාදස පුච්ඡාසතානි ඡසත්තති ච පුච්ඡා…පෙ… සබ්බමූලකෙ එකූනපඤ්ඤාසාති එකෙකස්ස පදස්ස එකමූලකාදිභෙදෙ සත්තසතාධිකානි චුද්දස පුච්ඡා සහස්සානි හොන්ති. තාසං සබ්බෙසුපි චතුවීසතියා පච්චයෙසු අයං ගණනපරිච්ඡෙදො –
ඉන්පසු අවිගත පච්චය ආදිකොට දූමූලකම දැක්වීමට අවිගත පච්චයා හෙතු පච්චයා යනාදිය අරඹන ලදි. එහි අවිගතහෙතු දුක, අවිගත ආරම්මණ දුක, අවිගත අධිපති දුක, අවිගත විගත දුක යයි පිළිවෙලින් දුක තුනක් දක්වා අවසානයෙහි එක දුකක් දක්වන ලදි. එයින් අවිගත පච්චය වශයෙන් ම තිමූලකය දැක්වීමට අවිගත පච්චයා හෙතු පච්චයා ආරම්මණ පච්චයා, අවිගත පච්චයා හෙතු පච්චයා අධිපති පච්චයා, අවිගත පච්චයා හෙතු පච්චයා අනන්තර පච්චයා යයි මෙසේ පිළිවෙලින් තික තුනක් කියා අවිගත පච්චයා හෙතුපච්චයා විගත පච්චයා යයි අවසානයෙහි තික කියන ලදි. ඉක්බිති අවිගත පච්චය වශයෙන්ම චතු මූලකය දැක්වීමට අවිගත පච්චයා හෙතු පච්චයා ආරම්මණ පච්චයා අධිපති පච්චයා, අවිගත පච්චයා හෙතු පච්චයා ආරම්මණ පච්චයා අනන්තර පච්චයා යයි චතුක්ක දෙකක් කියා විගත පච්චයා යන පදය උදුරා තබන ලදි. සෙසු සියල්ල සංක්ෂේප කරන ලදි. එහි සංක්ෂේපභාවය දැක්වීමට එකෙකස්ස පදස්ස එකමූලං දූමූලං තිමූලං සබ්බමූලං අසම්මු යහන්තෙන විත්ථාරෙ තබ්බං යයි කියන ලදි. එහෙයින් හේතු පච්චය මුල්කොට හේතු ආදි පද වශයෙන් ඒක මූලකයෙහි එක්දහස් එක්සිය හැත්තෑ හයක් විමසුම්.........සබ්බ මූලකයෙහි එකුන් පනසක්, මෙසේ ආරම්මණ පච්චය ආදියෙහි ද එක එක මුල්කොට ආරම්මණ ආදි පස වශයෙන් එක එක පදයේ එක්දහස් එකසිය හැත්තෑහයක් ද විමසුම්...... සබ්බ මූලකයෙහි එකුන් පනසක්දැයි එක එක පදයේ ඒක මූලකාදි භේදයෙහි විමසුම් තුදුස් දහස් හැත්තෑහතක් වේ. ඒ සියලු සූවිසි පච්චයවලද මේ ගණන සීමා වේ.
ද්වාපඤ්ඤාසසහස්සාන-ට්ඨසතානි තීණි සතසහස්සානි; කුසලත්තිකස්ස පුච්ඡා, අනුලොමනයම්හි සුවිභත්තා.
දෙපනස් දහස් අට - සිය තුන් සියදහස් වන කුසලතික විමසුම් - අනුලොම් නයෙහි සුබෙදුම්
යථා ච කුසලත්තිකස්ස, එවං වෙදනාත්තිකාදීනම්පීති සබ්බෙසුපි ද්වාවීසතියා තිකෙසු –
කුසල තිකයේ මෙන්, මෙසේ වේදනා තික ආදියෙහි යයි සියළුම දෙවිසි තිකවල
එකසට්ඨිසහස්සානි, ඡ සතානි සත්තසත්තති; සතසහස්සානි පුච්ඡානං, තිකභෙදෙ පභෙදතො.
එක් සියදහස් සැට - එක් දහස් හයසිය සත් සැත්තෑ විමසුමක් - වෙනස් විසින් තිකෙහි බේ
සඞ්ඛිත්තා වාචනාමග්ගෙ.
මෙසේ වාචනා මාර්ගයෙහි සංක්ෂේප කරන ලදි.
දුකෙසු පන “සියා හෙතුං ධම්මං පටිච්ච හෙතුධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයා”ති එවං හෙතුං පටිච්ච හෙතු, හෙතුං පටිච්ච නහෙතු, හෙතුං පටිච්ච හෙතු ච නහෙතු ච, නහෙතුං පටිච්ච නහෙතු, නහෙතුං පටිච්ච හෙතු, නහෙතුං පටිච්ච හෙතු ච නහෙතු ච, හෙතුඤ්ච නහෙතුඤ්ච පටිච්ච හෙතු, හෙතුඤ්ච නහෙතුඤ්ච පටිච්ච නහෙතු, හෙතුඤ්ච නහෙතුඤ්ච පටිච්ච හෙතු ච නහෙතු චාති එකමෙකස්මිං දුකෙ හෙතුපච්චයාදීසු එකමෙකස්මිං පච්චයෙ නව පුච්ඡා හොන්ති. තාසු හෙතුපච්චයං ආදිං කත්වා එකමූලකෙ ද්වෙසතානි සොළස ච පුච්ඡා හොන්ති. තාසු හෙතුපච්චයස්සෙව අඤ්ඤෙන අසම්මිස්සා නව පුච්ඡා ගහෙතබ්බා, සෙසා අට්ඨ වාරෙන ගහිතා.
දුකවල - වනාහි හෙතුං ධම්මං පටිච්ච හෙතුධම්මො උප්පජ්ජෙය්ය හෙතු පච්චයා යයි මෙසේ වන්නේය. හෙතුං පටිච්ච හෙතු, හෙතුං පටිච්ච න හෙතු, හෙතුං පටිච්ච හෙතු ච න හෙතුච, න හෙතුං පටිච්ච න හෙතු, න හෙතුං පටිච්ච හෙතු, න හෙතුං පටිච්ච හෙතු ච න හෙතු ච, හෙතුඤ්ච න හෙතුඤ්ච පටිච්ච හෙතු, හෙතුඤ්ච න හෙතුඤ්ච පටිච්ච න හෙතු, හෙතුඤ්ච න හෙතුඤ්ච පටිච්ච හෙතු ච න හෙතුච යයි එක එක දුකෙහි හේතු පච්චය ආදියෙහි එක් එක් පච්චයෙහි විමසීම් නවයක් වේ. ඒවායෙහි හේතු පච්චය මුල්කොට ඒක මූලකයෙහි දෙසිය සොළොසක් විමසීම් වේ. ඒවායෙහි හේතු පච්චයේම අන්යයකින් අසම්මිශ්‍ර වූ විමසීම් නවය ගතයුතුය. සෙස්ස අටවාරයෙහි නොගන්නා ලදි. ඒ දුක මූලාදියෙහි තෙවිසි වාරයෙහි එක එක නවය අත්හැර සබ්බ මූලකය දක්වා මේ ගණන පිරිසිඳීමය.
තාසං දුකමූලකාදීසු තෙවීසතියා වාරෙසු එකෙකං නවකං අපනෙත්වා යාව සබ්බමූලකා අයං ගණනපරිච්ඡෙදො – දුකමූලකෙ තාව එකමූලකෙ දස්සිතෙසු ද්වීසු සොළසාධිකෙසු පුච්ඡාසතෙසු නව අපනෙත්වා ද්වෙසතානි සත්ත ච පුච්ඡා හොන්ති, තතො නව අපනෙත්වා තිමූලකෙ අට්ඨනවුතිසතං. එවං පුරිමපුරිමතො නව නව අපනෙත්වා චතුමූලකෙ එකූනනවුතිසතං, පඤ්චමූලකෙ අසීතිසතං, ඡමූලකෙ එකසත්තතිසතං, සත්තමූලකෙ ද්වාසට්ඨිසතං, අට්ඨමූලකෙ තෙපණ්ණාසසතං, නවමූලකෙ චතුචත්තාලීසසතං, දසමූලකෙ පඤ්චතිංසසතං, එකාදසමූලකෙ ඡබ්බීසසතං, ද්වාදසමූලකෙ සත්තරසාධිකසතං, තෙරසමූලකෙ අට්ඨාධිකසතං, චුද්දසමූලකෙ නවනවුති, පන්නරසමූලකෙ නවුති, සොළසමූලකෙ එකාසීති, සත්තරසමූලකෙ ද්වාසත්තති, අට්ඨාරසමූලකෙ තෙසට්ඨි, එකූනවීසතිමූලකෙ චතුපඤ්ඤාසං, වීසතිමූලකෙ පඤ්චචත්තාලීසං, එකවීසතිමූලකෙ ඡත්තිංසං, ද්වාවීසතිමූලකෙ සත්තවීස, තෙවීසතිමූලකෙ අට්ඨාරස, සබ්බමූලකෙ නවාති. යථා පනෙතානි හෙතුපච්චයවසෙන එකමූලකෙ සොළසාධිකානි ද්වෙ පුච්ඡාසතානි…පෙ… සබ්බමූලකෙ නව, එවං ආරම්මණපච්චයාදීසුපි එකමෙකං ආදිං කත්වා ආරම්මණාදිපදවසෙන එකෙකස්ස පදස්ස එකමූලකෙ සොළසාධිකානි ද්වෙ පුච්ඡාසතානි…පෙ… සබ්බමූලකෙ නවාති එකෙකස්ස පදස්ස එකමූලකාදිභෙදෙ ද්වෙ පුච්ඡා සහස්සානි සත්තසතානි ච පුච්ඡා හොන්ති. තාසං සබ්බෙසුපි චතුවීසතියා පච්චයෙසු අයං ගණනපරිච්ඡෙදො –
දුක මූලකයෙහි ඒක මූලකයෙහි දක්වන ලද දෙසිය සොළොසක් විමසීම්වල නවයක් අත්හැර දෙසියහතක් විමසීම් වේ. ඉක්බිති නවයක් අත්හැර තිමූලකයෙහි එකසිය අනූඅටක්, මෙසේ පළමු පළමුව නවය නවය අත්හැර චතු මූලකයෙහි එක්සිය අසූනවයක්, පඤ්ච මූලකයෙහි එකසිය අසූළුක්, සය මූලකයෙහි එකසිය සැත්තෑ එකක්, සත් මූලකයෙහි එකසිය හැටදෙකක්, අට මූලකයෙහි පනස් තුනක්, නව මූලකයෙහි එකසිය හතළිස් හතරක්, දස මූලකයෙහි එකසිය තිස්පහක්, ඒකාදස මූලකයෙහි එකසිය විසිහයක් දොළොස් මූලකයෙහි එකසිය දාහතක්, තෙළෙස් මූලකයෙහි එකසිය අටක්, තුදුස් මූලකයෙහි අනූනවයක්, පසළොස් මූලකයෙහි අනූවක්, සොළොස් මූලකයෙහි අසූ එකක්, සතළොස් මූලකයෙහි හැත්තෑදෙකක්, අටළොස් මූලකයෙහි හැටතුනක්, දසනව මූලකයෙහි පනස් හතරක්, විසි මූලකයෙහි හතළිස් පහක්, එක්විසි මූලකයෙහි තිස්හයක්, දෙවිසි මූලකයෙහි විසිහතක්, තෙවිසි මූලකයෙහි දහඅටක්, සබ්බ මූලකයෙහි නවයක් වේ. යම්සේ වනාහි මේවා හෙතු පච්චය වශයෙන් ඒක මූලකයෙහි විමසීම් දෙසිය සොළොසක්....... සබ්බ මූලකයෙහි නවයක්. ආරම්මණ පච්චයාදියෙහි ද මෙසේ එක එක මුල්කොට ආරම්මණ ආදි පද වශයෙන් එක එක පදයේ ඒක මූලකයෙහි විමසීම් දෙසිය සොළොසක්...... සබ්බ මූලකයෙහි නවයක් යයි එක එක පදයේ ඒක මූලකාදි භේදයෙහි විමසීම් දෙදහස් හත්සියයක් වේ. ඒ සියළු සූවිසි පච්චයවල මේ ගණන පිරිසිඳීමය.
චතුසට්ඨිසහස්සානි, පුන අට්ඨසතානි ච; පුච්ඡා හෙතුදුකස්සෙව, අනුලොමනයෙ මතා.
සූ සැට දහස් යළි - විමසුම් හේතු අටසිය දුකයටම වනබව - අනුලොම් සයෙහි දන්නේ
යථා ච හෙතුදුකස්ස, එවං සහෙතුකදුකාදීනම්පීති සබ්බස්මිම්පි දුකසතෙ –
හේතු දුකට මෙන්, මෙසේ සහේතුක දුකාදියෙහි දැයි සියළුම දුක සතෙහි
සට්ඨි සතසහස්සානි, චත්තාරි ච තතොපරං; අසීති ච සහස්සානි, පුච්ඡා දුකසතෙ විදූ.
සැට සියදහස් යළි - සසූ අසූ දහසක් වන දුක සතෙහි විමසුම් - වන බව දැනගනු යෙහේ
අයං තාව සුද්ධිකෙ තිකපට්ඨානෙ චෙව දුකපට්ඨානෙ ච පුච්ඡානං ගණනපරිච්ඡෙදො.
මේ සුද්ධික තික පට්ඨානයෙහි මෙන්ම දුක පට්ඨානයෙහි ද විමසුම්වල ගණන පිරිසිඳීමය.
යං පන තතො පරං ද්වාවීසති තිකෙ ගහෙත්වා දුකසතෙ පක්ඛිපිත්වා දුකතිකපට්ඨානං නාම දෙසිතං, තත්ථ “සියා හෙතුං කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයා”ති එවං ද්වාවීසතියා තිකෙසු එකෙකං තිකං දුකානං සතෙන සතෙන සද්ධිං යොජෙත්වා දස්සෙතබ්බානං පුච්ඡානං හෙට්ඨා වුත්තනයෙන සබ්බෙසං එකමූලකාදීනං වසෙන ගහෙත්වා පරිච්ඡෙදො වෙදිතබ්බො.
ඉන්පසු යමක් වනාහි දෙවිස්සෙහි ගෙන දුක සතෙහි බහා දුක තික පට්ඨාන නම් දේශිතය. එහි සියා හෙතුං කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප්පජ්ජෙය්ය හෙතු පච්චයා මෙසේ දෙවිසි තිකයෙහි එක එක තික දුකවල, සියය සියය සමග යොදා දක්වා තබන විමසුම්වල යට කියන ලද නයින් සියළු ඒක මූලකාදි වශයෙන් ගෙන පරිච්ඡේදය දතයුතුය.
යම්පි තතො පරං දුකසතං ගහෙත්වා ද්වාවීසතියා තිකෙසු පක්ඛිපිත්වා තිකදුකපට්ඨානං නාම දෙසිතං, තත්ථාපි “සියා කුසලං හෙතුං ධම්මං පටිච්ච කුසලො හෙතුධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයා”ති එවං දුකසතෙ එකෙකං දුකං ද්වාවීසතියා තිකෙහි සද්ධිං යොජෙත්වා දස්සෙතබ්බානං පුච්ඡානං හෙට්ඨා වුත්තනයෙන සබ්බෙසං එකමූලකාදීනං වසෙන ගහෙත්වා පරිච්ඡෙදො වෙදිතබ්බො.
ඉන්පසු යම් දුක සතයක් ගෙන දෙවිසි තිකයෙහි බහා තබා තික දුක පට්ඨානය නම් දේශිතය. එහිද සියා හෙතුං කුසලං ධම්මං පටිච්ච හෙතු කුසලො ධම්මො උප්පජ්ජෙය්ය හෙතු පච්චයා යයි මෙසේ දුක සතයෙහි එක එක දුක දෙවිසි තිකය සමග යොදා දැක්විය යුතු විමසීම්වල යට කියන ලද නයින් සියළු ඒක මූලකාදීන්ගේ වශයෙන් ගෙන පරිච්ඡේදය දතයුතුය.
යම්පි තතො පරං තිකෙ තිකෙසුයෙව පක්ඛිපිත්වා තිකතිකපට්ඨානං නාම දෙසිතං, තත්ථාපි “සියා කුසලං සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච කුසලො සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයා”ති එවං ද්වාවීසතියා තිකෙසු එකෙකං තිකං සෙසෙහි එකවීසතියා තිකෙහි සද්ධිං යොජෙත්වා දස්සෙතබ්බානං පුච්ඡානං හෙට්ඨා වුත්තනයෙන සබ්බෙසං එකමූලකාදීනං වසෙන ගහෙත්වා පරිච්ඡෙදො වෙදිතබ්බො.
ඉන්පසු තිකයන් තිකවලම බහා තික පට්ඨාන නම් දේශිතය. එහිද සියා කුසලං සුඛාය වෙදනාය සම්පයුත්තං ධම්මං පටිච්ච කුසලො සුඛාය වෙදනාය සම්පයුත්තො ධම්මො උප්පජ්ජෙය්ය හෙතු පච්චයා යයි මෙසේ දෙවිසි තිකවල එක එක තික සෙසු එක්විසි තික සමග යොදා දැක්විය යුතු විමසීම්වල යට කියන ලද නයින් සියළු ඒක මූලකාදීන්ගේ වශයෙන් ගෙන පිරිසිඳීම දතයුතුය.
යම්පි තතො පරං දුකෙ දුකෙසුයෙව පක්ඛිපිත්වා දුකදුකපට්ඨානං නාම දෙසිතං, තත්ථාපි “සියා හෙතුං සහෙතුකං ධම්මං පටිච්ච හෙතු සහෙතුකො ධම්මො උප්පජ්ජෙය්ය හෙතුපච්චයා”ති එවං දුකසතෙ එකෙකං දුකං සෙසෙහි නවනවුතියා දුකෙහි සද්ධිං යොජෙත්වා දස්සෙතබ්බානං පුච්ඡානං හෙට්ඨා වුත්තනයෙන සබ්බෙසං එකමූලකාදීනං වසෙන ගහෙත්වා පරිච්ඡෙදො වෙදිතබ්බො. තථාගතෙන හි සබ්බම්පෙතං පභෙදං දස්සෙත්වාව දෙවපරිසාය ධම්මො දෙසිතො, ධම්මසෙනාපතිස්ස පන තෙන “අජ්ජ ඉදඤ්චිදඤ්ච දෙසිත”න්ති සඞ්ඛිපිත්වා නයදස්සනමත්තෙනෙව දෙසනා අක්ඛාතා. ථෙරෙනාපි සඞ්ඛිපිත්වාව වාචනාමග්ගො පවත්තිතො, සො ථෙරෙන පවත්තිතනයෙනෙව සඞ්ගීතිකාලෙ සඞ්ගහං ආරොපිතො.
ඉන්පසු දුක දුකවල බහා දුක දුක පට්ඨාන නම් දේශිතය. එහි ද සියා හෙතුං සහෙතුකං ධම්මං පටිච්ච හෙතු සහෙතුකො ධම්මො උප්පජ්ජෙය්ය හෙතු පච්චයා යයි මෙසේ දුක සතෙහි එක එක දුක සෙසු අනූනවය දුක සමග යොදා දැක්විය යුතු විමසීම්වල යට කියන ලද නයින් සියළු ඒක මූලකාදීන්ගේ වශයෙන් ගෙන පිරිසිඳීම දතයුතුය. තථාගතයන් වහන්සේ විසින් මේ සියළු ප්‍රභේද දක්වා දෙව් පිරිසට ධර්මය දේශනා කරන ලදි. දම්සෙනෙවියන් වහන්සේ වනාහි එයින් අද මේ මේවාද දේශනා කරන ලදැයි සංක්ෂේප කොට නය දැක්වීම් පමණක්ම දේශනාව කියන ලදි. තෙරුන් වහන්සේ විසින් ද සංක්ෂේප කොටම වාචනා මාර්ගය පවත්වන ලදි. එය (වාචනා මන) තෙරුන් විසින් පවත්වන ලද නයින්ම සංගීති කාලයෙහි සංග්‍රහයට ආරෝපනය කරන ලදි.
තං පනස්ස සඞ්ඛෙපනයං දස්සෙතුං තිකඤ්ච පට්ඨානවරන්ති අයං ගාථා ඨපිතා. තස්සත්ථො – තිකඤ්ච පට්ඨානවරන්ති පවරං තිකපට්ඨානඤ්ච. දුකුත්තමන්ති උත්තමං සෙට්ඨං දුකපට්ඨානඤ්ච. දුකතිකඤ්චෙවාති දුකතිකපට්ඨානඤ්ච. තිකදුකඤ්චාති තිකදුකපට්ඨානඤ්ච. තිකතිකඤ්චෙවාති තිකතිකපට්ඨානඤ්ච. දුකදුකඤ්චාති දුකදුකපට්ඨානඤ්ච. ඡ අනුලොමම්හි නයා සුගම්භීරාති එතෙ තිකපට්ඨානාදයො සුට්ඨු ගම්භීරා ඡ නයා අනුලොමම්හි වෙදිතබ්බාති. තත්ථ ද්වෙ අනුලොමානි – ධම්මානුලොමඤ්ච පච්චයානුලොමඤ්ච. තත්ථ “කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො”ති එවං අභිධම්මමාතිකාපදෙහි සඞ්ගහිතානං ධම්මානං අනුලොමදෙසනාවසෙන පවත්තං ධම්මානුලොමං නාම. “හෙතුපච්චයා ආරම්මණපච්චයා”ති එවං චතුවීසතියා පච්චයානං අනුලොමදෙසනාවසෙන පවත්තං පච්චයානුලොමං නාම.
ඒ සංක්ෂේප නය දැක්වීමට, තිකඤ්ච පට්ඨාන වරං යන මේ ගාථාව තබන ලදි. එහි අර්ථය :- තිකඤ්ච පට්ඨාන වරං උතුම් තික පට්ඨානය ද, දුකුත්තමං උතුම් ශ්‍රේෂ්ඨ දුක පට්ඨානය ද දුක තිකඤ්චෙව යයි දුක තික පට්ඨානය ද, තික දුකඤ්ච තික දුක පට්ඨානය ද, තික තිකඤ්චෙව තික තික පට්ඨානයද දුක දුකඤ්ච දුක දුක පට්ඨානය ද ඡ අනුලොමම්හි නයා සුගම්භීර, මේ තික පට්ඨානාදිය මනාව ගැඹුරුය. අනුලෝමයෙහි නය සය දතයුතුය. එහි ධම්මානුලෝම පච්චයානුලෝම යයි අනුලෝම දෙකකි. එහි කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො යයි මෙසේ අභිධර්ම මාතෘකා පදවලින් සංග්‍රහ කරන ලද ධර්මය අනුලෝම දේශනා වශයෙන් පැවතියේ ධම්මානුලෝම නම් වේ. හේතු පච්චයා ආරම්මණ පච්චයා යයි මෙසේ සූවිසි ප්‍රත්‍යයන්ගේ අනුලෝම දේශනා වශයෙන් පැවතියේ පච්චයානුලෝම නම් වේ.
තත්ථ හෙට්ඨා අට්ඨකථායං “තිකඤ්ච පට්ඨානවරං…පෙ… ඡ අනුලොමම්හි නයා සුගම්භීරා”ති අයං ගාථා ධම්මානුලොමං සන්ධාය වුත්තා. ඉධ පන අයං ගාථා තස්මිං ධම්මානුලොමෙ පච්චයානුලොමං සන්ධාය වුත්තා. තස්මා “ඡ අනුලොමම්හි නයා සුගම්භීරා”ති අට්ඨකථාගාථාය ධම්මානුලොමෙ තිකපට්ඨානාදයො ඡ නයා සුගම්භීරාති එවමත්ථො වෙදිතබ්බො. ඉමස්මිං පනොකාසෙ “හෙතුපච්චයා ආරම්මණපච්චයා”ති එවං පවත්තෙ පච්චයානුලොමෙ එතෙ ධම්මානුලොමෙ තිකපට්ඨානාදයො “ඡ නයා සුගම්භීරා”ති එවමත්ථො වෙදිතබ්බො. තෙසු අනුලොමෙ තිකපට්ඨානෙ කුසලත්තිකමත්තස්සෙව වසෙන අයං ඉමස්මිං පටිච්චවාරස්ස පණ්ණත්තිවාරෙ සඞ්ඛිපිත්වා පුච්ඡාපභෙදො දස්සිතො. සෙසෙසු පන තිකෙසු සෙසපට්ඨානෙසු ච එකාපි පුච්ඡා න දස්සිතා. තතො පරෙසු පන සහජාතවාරාදීසු කුසලත්තිකස්සාපි වසෙන පුච්ඡං අනුද්ධරිත්වා ලබ්භමානකවසෙන විස්සජ්ජනමෙව දස්සිතං. “ඡ අනුලොමම්හි නයා සුගම්භීරා”ති වචනතො පන ඉමස්මිං පච්චයානුලොමෙ ඡපි එතෙ පට්ඨානනයා පුච්ඡාවසෙන උද්ධරිත්වා දස්සෙතබ්බා. පට්ඨානං වණ්ණයන්තානඤ්හි ආචරියානං භාරො එසොති.
එහි යට අටුවා කථාවෙහි තිකඤ්ච පට්ඨාන වරං...... ඡ අනුලොමම්හි නය සුගැඹුරු යයි මේ ගාථාව ධම්මානුලෝමය සඳහා කියන ලදි. මෙහි වනාහි මෙම ගාථාව ඒ ධම්මානුලෝමයෙහි පච්චයානුලෝමය සඳහා කියන ලදි. එහෙයින් අනුලෝම සයෙහි නය සුගැඹුරු යයි අටුවා ගාථාව ධම්මානුලෝමයෙහි තික පට්ඨානාදි නය සිය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය. මෙම අවකාශයෙහි වනාහි ‘හේතු පච්චයා ආරම්මණ පච්චයා’ යයි මෙසේ පැවති පච්චයානුලෝමයෙහි මේ ධම්මානුලෝමයේ තික පට්ඨානාදි නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය. ඒවා අතරෙන් අනුලෝම තික පට්ඨානයෙහි කුසලත්තික මාත්‍රය වශයෙන්ම මෙය මේ පටිච්ච වාරයේ පණ්ණත්ති වාරයෙහි සංක්ෂේප කොට විමසීම් භේදය දක්වන ලදි. සෙසු තිකවල සෙසු පට්ඨානවලද එකම විමසීමක්වත් නොදක්වන ලදි. එයින් පසුව වනාහි සහජාත වාරවල කුසලතිකයේ වශයෙන් විමසීම් නො උදුරා ලැබීම් වශයෙන් විසඳීමම දක්වන ලදි. ‘අනුලෝම සයෙහි නය සුගැඹුරු’ යයි වචනයෙන් වනාහි මෙම පච්චයානු ලෝමයෙහි මේ පට්ඨාන නය සය ද විමසීම් වශයෙන් උදුරා දැක්විය යුතුය. පට්ඨානය වර්ණනා කරන ආචාර්යවරුන්ට මෙය භාර වේ.