යෙදුමෙන් කියවන්න

පච‍්චයපච‍්චනීයවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පච‍්චයපච‍්චනීයවණ‍්ණනා

පච්චයපච්චනීයවණ්ණනා

ඉදානි පච‍්චනීයං හොති. තං දස‍්සෙතුං සියා කුසලං ධම‍්මං පටිච‍්ච කුසලො ධම‍්මො උප‍්පජ‍්ජෙය්‍ය න හෙතුපච‍්චයාතිආදි ආරද‍්ධං. තත්‍ථ අනුලොමපුච‍්ඡාහි සමප‍්පමාණොව පුච‍්ඡාපරිච‍්ඡෙදො. තෙනෙවෙත්‍ථ “යථා අනුලොමෙ හෙතුපච‍්චයො විත්‍ථාරිතො, එවං පච‍්චනීයෙපි නහෙතුපච‍්චයො විත්‍ථාරෙතබ‍්බො”ති වත්‍වා පුන පරියොසානෙ “යථා අනුලොමෙ එකෙකස‍්ස පදස‍්ස එකමූලකං, දුමූලකං, තිමූලකං, චතුමූලකං යාව තෙවීසතිමූලකං, එවං පච‍්චනීයෙපි විත්‍ථාරෙතබ‍්බ”න‍්ති වුත‍්තං. තෙවීසතිමූලකන‍්ති ඉදඤ‍්චෙත්‍ථ දුමූලකංයෙව සන්‍ධාය වුත‍්තං. පරියොසානෙ පන සබ‍්බමූලකං චතුවීසතිමූලකම‍්පි හොතියෙව. තං සබ‍්බං සඞ‍්ඛිත‍්තමෙවාති.

දැන් පච්චනීය වේ. එය දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය න හෙතු පච්චයා යනාදිය අරඹන ලදි. එහි අනුලෝම විමසීම්වලින් සමර්පණය කරන්නා වූ විමසීම් පිරිසිඳීමය. එහෙයින්ම මෙහි අනුලොමෙ හෙතුපච්චයො විත්‍ථාරිතො එවං පච්චනියෙපි න හෙතු පච්චයො විත්‍ථාරෙතබ්බො යයි කියා නැවත අවසානයෙහි යථා අනුලොමෙ එකෙකස්ස පදස්ස එකමූලං දුමූලං තිමූලං චතුමූලං යාව තෙවීසති මූලකං එවං පච්චනියෙපි විත්‍ථාරෙ ත්‍වං යයි කියන ලදි. තෙවිසි මූලකයෙහි මෙහි මෙය දුමූලකය සඳහාම කියන ලදි. අවසානයෙහි වනාහි සබ්බමූලක සූවිසි මූලකයද වේමය. ඒ සියල්ල සංක්‍ෂේපම වේ.

තිකඤ‍්ච පට‍්ඨානවරං…පෙ… ඡ පච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරාති එත්‍ථාපි ද‍්වෙ පච‍්චනීයානි – ධම‍්මපච‍්චනීයඤ‍්ච පච‍්චයපච‍්චනීයඤ‍්ච. තත්‍ථ “කුසලා ධම‍්මා”ති එවං අභිධම‍්මමාතිකාපදෙහි සඞ‍්ගහිතානං ධම‍්මානං “න කුසලං ධම‍්මං පටිච‍්ච න කුසලො ධම‍්මො”ති පච‍්චනීයදෙසනාවසෙන පවත‍්තං ධම‍්මපච‍්චනීයං නාම. “නහෙතුපච‍්චයා නාරම‍්මණපච‍්චයා”ති එවං චතුවීසතියා පච‍්චයානං පච‍්චනීයදෙසනාවසෙන පවත‍්තං පච‍්චයපච‍්චනීයං නාම. තත්‍ථ හෙට‍්ඨා අට‍්ඨකථායං “තිකඤ‍්ච පට‍්ඨානවරං…පෙ… ඡ පච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරා”ති අයං ගාථා ධම‍්මපච‍්චනීයං සන්‍ධාය වුත‍්තා. ඉධ පන අයං ගාථා ධම‍්මානුලොමෙයෙව පච‍්චයපච‍්චනීයං සන්‍ධාය වුත‍්තා. තස‍්මා “ඡ පච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරා”ති අට‍්ඨකථාගාථාය ධම‍්මපච‍්චනීයෙ තිකපට‍්ඨානාදයො ඡ නයා සුගම‍්භීරාති එවමත්‍ථො වෙදිතබ‍්බො. ඉමස‍්මිං පනොකාසෙ න හෙතුපච‍්චයා නාරම‍්මණපච‍්චයාති එවං පවත‍්තෙ පච‍්චයපච‍්චනීයෙ එතෙ ධම‍්මානුලොමෙයෙව තිකපට‍්ඨානාදයො ඡ නයා සුගම‍්භීරාති එවමත්‍ථො වෙදිතබ‍්බො.

තිකඤ්ච පට්ඨානවරං....... ඡ පච්චනියම්හි නයා සුගම්භිරා යයි මෙහි ද ධම්ම පච්චනිය ද පච්චය පච්චනි පච්චනිය දැයි දෙකක් වේ. එහි කුසලා ධම්මා යයි මෙසේ අභිධර්ම මාතෘකා පදවලින් සංගෘහිත වූ ධර්මයන්ගේ න කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො යයි පච්චනිය දේශනා වශයෙන් පැවතියේ ධම්ම පච්චනිය නම් වේ. න හෙතු පච්චයා නාරම්මණ පච්චයා යයි මෙසෙ සූවිසි පච්චයන්ගේ පච්චනිය දේශනා වශයෙන් පැවතියේ පච්චය පච්චනිය නම් වේ. එහි යට අටුවා කථාවේ තිකඤ්ච පට්ඨාන වරං.......ඡ පච්චනියම්හි නයා සුගම්භිරා මේ ගාථාව ධම්ම පච්චනිය සඳහා කියන ලදි. මෙහි වනාහි මේ ගාථාව ධම්මානුලෝමයෙහි මෙන්ම පච්චය පච්චනිය සඳහා කියන ලදි. එහෙයින් ‘පච්චනියේ නය සය සුගැඹුරු’ යයි අටුවා කථා ගාථාවෙහි ධම්ම පච්චනියෙහි තික පට්ඨානාදි නය සය සුගැඹුරු යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. මෙම ඕකාශයෙහි වනාහි ‘න හෙතු පච්චයා නාරම්මණ පච්චයා’ යයි මෙසේ පැවති පච්චය පච්චනීය මේවා ධම්මානුලෝමයෙහි ම තික පට්ඨානාදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය.

තෙසු අනුලොමතිකපට‍්ඨානෙයෙව කුසලත‍්තිකමත‍්තස‍්ස වසෙන අයං ඉමස‍්මිං පටිච‍්චවාරස‍්ස පණ‍්ණත‍්තිවාරෙ සඞ‍්ඛිපිත්‍වා පුච‍්ඡාපභෙදො දස‍්සිතො. සෙසෙසු පන තිකෙසු සෙසපට‍්ඨානෙසු ච එකාපි පුච‍්ඡා න දස‍්සිතා. තතො පරෙසු පන සහජාතවාරාදීසු කුසලත‍්තිකස‍්සාපි වසෙන පුච‍්ඡං අනුද‍්ධරිත්‍වා ලබ‍්භමානකවසෙන විස‍්සජ‍්ජනමෙව දස‍්සිතං. “ඡ පච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරා”ති වචනතො පන ඉමස‍්මිං පච‍්චයපච‍්චනීයෙ ඡපි එතෙ පට‍්ඨානනයා පුච‍්ඡාවසෙන උද‍්ධරිත්‍වා දස‍්සෙතබ‍්බා. පට‍්ඨානං වණ‍්ණයන‍්තානඤ‍්හි ආචරියානං භාරො එසොති.

ඒවා අතරෙහි අනුලෝම තික පට්ඨානයෙහිම කුසලත්තික මාත්‍ර වශයෙන් මෙය මේ පටිච්ච වාරයේ පණ්ණත්ති වාරයෙහි සංක්‍ෂෙප කොට විමසීම් ප්‍රභේද දක්වන ලදි. සෙසු තිකවලද වනාහි සෙසු පට්ඨානවලද එකම විමසීමක්වත් නො දක්වන ලදි. ඉන්පසු සහජාත වාරවල කුසලත්තිකයේ වශයෙන් විමසීම් නො උදුරා ලැබීම් වශයෙන් විසඳීමම දක්වන ලදි. ‘පච්චනිය නය සය සුගැඹුරු’ යයි වචනයෙන් මේ පච්චය පච්චනියෙහි මේ පට්ඨාන නය සයද විමසීම් වශයෙන් උදුරා දැක්විය යුතුය. පට්ඨානය වර්ණනා කරන්නා වූ ආචාර්යවරයන්ට එය භාර වේ.

අනුලොමපච‍්චනීයවණ‍්ණනා

අනුලොමපච්චනීයවණ්ණනා

ඉදානි අනුලොමපච‍්චනීයං හොති. තං දස‍්සෙතුං සියා කුසලං ධම‍්මං පටිච‍්ච කුසලො ධම‍්මො උප‍්පජ‍්ජෙය්‍ය හෙතුපච‍්චයා නආරම‍්මණපච‍්චයාතිආදි ආරද‍්ධං. තත්‍ථ “හෙතුපච‍්චයා නආරම‍්මණපච‍්චයා…පෙ… හෙතුපච‍්චයා නඅවිගතපච‍්චයා”ති හෙතුපදස‍්ස සෙසෙසු තෙවීසතියා පච‍්චයෙසු එකෙකෙන සද‍්ධිං යොජනාවසෙන හෙතුපදාදිකෙ එකමූලකෙ තෙවීසති අනුලොමපච‍්චනීයානි. තෙසු එකෙකස‍්මිං එකූනපඤ‍්ඤාසං කත්‍වා සත‍්තවීසාධිකානි එකාදස පුච‍්ඡාසතානි හොන‍්ති. දුමූලකෙ පන හෙතාරම‍්මණපදානං සෙසෙසු ද‍්වාවීසතියා පච‍්චයෙසු එකෙකෙන සද‍්ධිං යොජනාවසෙන ද‍්වාවීසති අනුලොමපච‍්චනීයානීති එවං අනුලොමෙ වුත‍්තෙසු සබ‍්බෙසු එකමූලකාදීසු එකෙකං පදං පරිහාපෙත්‍වා අවසෙසානං වසෙන පුච‍්ඡාගණනා වෙදිතබ‍්බා. එකමූලකාදීසු චෙත්‍ථ යා පුච‍්ඡා පාළියං ආගතා, යා ච න ආගතා, තා සබ‍්බා හෙට‍්ඨා වුත‍්තනයානුසාරෙනෙව වෙදිතබ‍්බා.

දැන් අනුලෝම පච්චනිය වේ. එය දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය හෙතුපච්චයා න ආරම්මණ පච්චයා යනාදිය අරඹන ලදි. එහි හෙතුපච්චයා න ආරම්මණ පච්චයා........හෙතු පච්චයා න අධිපති පච්චයා යයි හේතු පදයේ සෙසු තෙවිසි පච්චයවල එක එක සමග යෙදීම් වශයෙන් හේතු පද ආදි ඒකමූලකයෙහි තෙවිසි අනුලෝම පච්චය වේ. ඒවායේ එක එකෙහි එකුන් පනසක් කොට එක්දහස් එකසිය විසිහතක් විමසීම් වේ. දුමූලකයෙහි වනාහි හේතුආරම්මණ පදයන්ගේ සෙසු දෙවිසි පච්චයවල එක එක සමග යෙදීම් වශයෙන් දෙවිසි අනුලෝම පච්චනීය වේ. මෙසේ අනුලෝමයෙහි කියන ලද සියළු ඒකමූලකාදියෙහි එක එක පදය පිරිහෙළා අවසේස වූවන්ගේ වශයෙන් විමසීම් ගණන දතයුතුය. මෙහි ඒක මූලකාදියෙහි යම් විමසීමක් පෙළෙහි ආවා වූ හෝ නො ආවා වූ හෝ ඒ සියල්ල යට කියන ලද අනුසාරයෙන් දතයුතුය.

තිකඤ‍්ච පට‍්ඨානවරං…පෙ… ඡ අනුලොමපච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරාති එත්‍ථ පන හෙට‍්ඨා වුත‍්තනයෙනෙව ද‍්වෙ අනුලොමපච‍්චනීයානි – ධම‍්මානුලොමපච‍්චනීයං පච‍්චයානුලොමපච‍්චනීයඤ‍්ච. තත්‍ථ “කුසලා ධම‍්මා”ති එවං අභිධම‍්මමාතිකාපදෙහි සඞ‍්ගහිතානං ධම‍්මානං “කුසලං ධම‍්මං පටිච‍්ච න කුසලො ධම‍්මො”ති අනුලොමපච‍්චනීයදෙසනාවසෙන පවත‍්තං ධම‍්මානුලොමපච‍්චනීයං නාම. “හෙතුපච‍්චයා නආරම‍්මණපච‍්චයා”ති එවං චතුවීසතියා පච‍්චයෙසු ලබ‍්භමානපදානං අනුලොමපච‍්චනීයදෙසනාවසෙන පවත‍්තං පච‍්චයානුලොමපච‍්චනීයං නාම. තත්‍ථ හෙට‍්ඨා අට‍්ඨකථායං “තිකඤ‍්ච පට‍්ඨානවරං…පෙ… ඡ අනුලොමපච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරා”ති අයං ගාථා ධම‍්මානුලොමපච‍්චනීයං සන්‍ධාය වුත‍්තා. ඉධ පන අයං ගාථා ධම‍්මානුලොමෙයෙව පච‍්චයානුලොමපච‍්චනීයං සන්‍ධාය වුත‍්තා. තස‍්මා “ඡ අනුලොමපච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරා”ති අට‍්ඨකථාගාථාය ධම‍්මානුලොමපච‍්චනීයෙ තිකපට‍්ඨානාදයො ඡ නයා සුගම‍්භීරාති එවමත්‍ථො වෙදිතබ‍්බො. ඉමස‍්මිං පනොකාසෙ හෙතුපච‍්චයා නාරම‍්මණපච‍්චයාති එවං පවත‍්තෙ පච‍්චයානුලොමපච‍්චනීයෙ එතෙ ධම‍්මානුලොමෙයෙව තිකපට‍්ඨානාදයො ඡ නයා සුගම‍්භීරාති එවමත්‍ථො වෙදිතබ‍්බො.

තිකඤ්ච පට්ඨාන වරං..........ඡ අනුලෝම පච්චනීයම්හි නයා සුගම්භිරා මෙහි වනාහි යට කියන ලද නයින්ම අනුලෝම පච්චනීය දෙක:- ධම්මානුලෝමපච්චනීය, පච්චයානුලෝමපච්චනීය ද වේ. එහි ‘කුසලා ධම්මා’ යයි මෙහි අභිධම්ම මාතෘකා පදවලින් සංගෘහීත ධර්මයන්ගේ කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො යයි අනුලෝමපච්චනීය දේශනා වශයෙන් පවතින්නේ ධම්මානුලෝමපච්චනීය නම් වේ. හෙතු පච්චයා න ආරම්මණ පච්චයා යයි මෙසේ සූවිසි පච්චයවල ලබන පදයන්ගේ අනුලෝම පච්චනීය දේශනා වශයෙන් පච්චයානුලෝමපච්චනීය නම් වේ. එහි යට අට්ඨකථාවේ තිකඤ්ච පට්ඨානවරං........ඡ අනුලෝමපච්චනීයම්හි නයා සුගම්භිරා මේ ගාථාව ධම්මානුලෝමපච්චනීය සඳහා කියන ලදි. මෙහි වනාහි මේ ගාථාව ධම්මානුලෝමයෙහි ම පච්චයානුලෝමපච්චනීය සඳහා කියන ලදි. එහෙයින් ඡ අනුලෝමපච්චනීයම්හි නයා සුගම්භිරා යයි අටුවා ගාථාව ධම්මානුලෝමපච්චනීයෙහි තිකපට්ඨානාදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය. මේ ඕකාසයෙහි වනාහි ‘හේතු පච්චයා නාරම්මණ පච්චයා’ යයි මෙසේ පවත්නා පච්චයානුලෝම පච්චනීයෙහි මේවා ධම්මානුලෝමයෙහි ම තික පට්ඨානාදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය.

තෙසු අනුලොමෙ තිකපට‍්ඨානෙයෙව කුසලත‍්තිකමත‍්තස‍්ස වසෙන අයං ඉමස‍්මිං පටිච‍්චවාරස‍්ස පණ‍්ණත‍්තිවාරෙ සඞ‍්ඛිපිත්‍වා පුච‍්ඡාපභෙදො දස‍්සිතො. සෙසෙසු පන තිකෙසු සෙසපට‍්ඨානෙසු ච එකාපි පුච‍්ඡා න දස‍්සිතා. තතො පරෙසු පන සහජාතවාරාදීසු කුසලත‍්තිකස‍්සාපි වසෙන පුච‍්ඡං අනුද‍්ධරිත්‍වා ලබ‍්භමානකවසෙන විස‍්සජ‍්ජනමෙව දස‍්සිතං. “ඡ අනුලොමපච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරා”ති වචනතො පන ඉමස‍්මිං පච‍්චයානුලොමපච‍්චනීයෙ ඡපි එතෙ පට‍්ඨානනයා පුච‍්ඡාවසෙන උද‍්ධරිත්‍වා දස‍්සෙතබ‍්බා. පට‍්ඨානං වණ‍්ණයන‍්තානඤ‍්හි ආචරියානං භාරො එසොති.

ඒවා අතර අනුලෝම තික පට්ඨානයෙහිම කුසලත්තික මාත්‍ර වශයෙන් මෙය පටිච්ච වාරයේ පණ්ණත්ති වාරයෙහි සංක්‍ෂේප කොට විමසීම් ප්‍රභේදය දක්වන ලදි. සෙසු තිකවල සෙසු පට්ඨානවලද එකද විමසුමක් නොදක්වන ලදි. ඉන්පසුව සහජාත වාරාදියෙහි කුසලත්තික වශයෙන් විමසීම් නො උදුරා ලැබීම් වශයෙන් විසඳුමම දක්වන ලදි. ‘අනුලෝමපච්චනීය නය සය සුගැඹුරු’ යයි වචනයෙන් මේ පච්චනියානුලෝමපච්චනීයෙහි මේ පට්ඨාන නය සයද විමසීම් වශයෙන් උදුරා දැක්විය යුතුය. පට්ඨානය වර්ණනා කරන්නා වූ ආචාර්යවරයන්ට මෙය භාරය.

පච‍්චනීයානුලොමවණ‍්ණනා

පච්චනීයානුලොමවණ්ණනා

ඉදානි පච‍්චනීයානුලොමං හොති. තං දස‍්සෙතුං සියා කුසලං ධම‍්මං පටිච‍්ච කුසලො ධම‍්මො උප‍්පජ‍්ජෙය්‍ය නහෙතුපච‍්චයා ආරම‍්මණපච‍්චයාතිආදි ආරද‍්ධං. තත්‍ථ අනුලොමපච‍්චනීයපුච‍්ඡාහි සමප‍්පමාණො එව පුච‍්ඡාපරිච‍්ඡෙදො. එකමූලකාදීසු චෙත්‍ථ යා පුච‍්ඡා පාළියං ආගතා, යා ච න ආගතා, තා සබ‍්බා හෙට‍්ඨා වුත‍්තනයානුසාරෙනෙව වෙදිතබ‍්බා.

දැන් පච්චනියානුලෝමය වේ. එය දැක්වීමට සියා කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජෙය්‍ය න හෙතුපච්චයා යනාදි අරඹන ලදි. එහි අනුලෝම පච්චනීය විමසුම්වලින් සමර්පණය කරනු ලබන විමසීම් පිරිසිඳීය. මෙහි ඒකමූලකාදී යම් විමසුමක් නො ආවේද ඒ සියල්ල යට කියන ලද නය අනුසාරයෙන්ම දතයුතුය.

තිකඤ‍්ච පට‍්ඨානවරං…පෙ… ඡ පච‍්චනීයානුලොමම‍්හි නයා සුගම‍්භීරාති එත්‍ථාපි හෙට‍්ඨා වුත‍්තනයෙනෙව ද‍්වෙ පච‍්චයානුලොමානි – ධම‍්මපච‍්චනීයානුලොමං පච‍්චයපච‍්චනීයානුලොමඤ‍්ච. තත්‍ථ “කුසලා ධම‍්මා”ති එවං අභිධම‍්මමාතිකාපදෙහි සඞ‍්ගහිතානං ධම‍්මානං “නකුසලං ධම‍්මං පටිච‍්ච කුසලො ධම‍්මො”ති පච‍්චනීයානුලොමදෙසනාවසෙන පවත‍්තං ධම‍්මපච‍්චනීයානුලොමං නාම. “නහෙතුපච‍්චයා ආරම‍්මණපච‍්චයා”ති එවං චතුවීසතියා පච‍්චයෙසු ලබ‍්භමානපදානං පච‍්චයපච‍්චනීයානුලොමදෙසනාවසෙන පවත‍්තං පච‍්චයපච‍්චනීයානුලොමං නාම. තත්‍ථ හෙට‍්ඨා අට‍්ඨකථායං “තිකඤ‍්ච පට‍්ඨානවරං…පෙ… ඡ පච‍්චනීයානුලොමම‍්හි නයා සුගම‍්භීරා”ති අයං ගාථා ධම‍්මපච‍්චනීයානුලොමං සන්‍ධාය වුත‍්තා. ඉධ පන අයං ගාථා ධම‍්මානුලොමෙයෙව පච‍්චයපච‍්චනීයානුලොමං සන්‍ධාය වුත‍්තා. තස‍්මා “ඡ පච‍්චනීයානුලොමම‍්හි නයා සුගම‍්භීරා”ති අට‍්ඨකථාය ධම‍්මපච‍්චනීයානුලොමෙ තිකපට‍්ඨානාදයො ඡ නයා සුගම‍්භීරාති එවමත්‍ථො වෙදිතබ‍්බො. ඉමස‍්මිං පනොකාසෙ නහෙතුපච‍්චයා ආරම‍්මණපච‍්චයාති එවං පවත‍්තෙ පච‍්චයපච‍්චනීයානුලොමෙ එතෙ ධම‍්මානුලොමෙයෙව තිකපට‍්ඨානාදයො ඡ නයා සුගම‍්භීරාති එවමත්‍ථො වෙදිතබ‍්බො.

තිකඤ්ච පට්ඨානවාරං........ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භිරො මෙහි ද ධම්ම පච්චනීයානුලෝමය පච්චයපච්චනීයානුලෝමය යන පච්චනීයානුලෝම දෙක යට කියන ලද නයින්ම වේ. එහි ‘කුසලා ධම්මා’ යයි මෙසේ අභිධර්ම මාතෘකා පදවලින් සංගෘහීත ධර්මවල න කුසලං ධම්මං න කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො යයි පච්චනීයානුලෝම දේශනා වශයෙන් පැවතියේ ධම්මපච්චනීයානුලෝම නම් වේ. න හෙතු පච්චයා ආරම්මණ පච්චයා යයි සූවිසි ප්‍රත්‍යවල ලැබෙන පදයන්ගේ පච්චයපච්චනීයානුලෝම දේශනා වශයෙන් පැවතියේ පච්චය පච්චනීලෝම නම් වේ. එහි යට අටුවාවෙහි ‘තිකඤ්ච පට්ඨානවරං.......ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භිරා’ යන මේ ගාථාව ධම්මපච්චනීයානුලෝමය සඳහා කියන ලදි. මෙහි වනාහි මේ ගාථාව ධම්මානුලෝමයෙහිම පච්චයපච්චනීයානුලෝමය සඳහා කියන ලදි. එහෙයින් ‘පච්චනීයානුලෝම නය සය සුගැඹුරු’ යයි අටුවා කථාවේ ධම්මපච්චනීයානුලෝමයෙහි තික පට්ඨාන ආදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය. මෙම ඕකාසයෙහි ‘න හෙතුපච්චයා ආරම්මණ පච්චයා’ යයි මෙසේ පැවති පච්චය පච්චනීයලෝමයෙහි මෙම ධම්මානුලෝමයෙහිම තික පට්ඨාන ආදිය නය සය සුගැඹුරු යයි මෙසේ අර්ථය දතයුතුය.

තෙසු අනුලොමතිකපට‍්ඨානෙයෙව කුසලත‍්තිකමත‍්තස‍්සපි වසෙන අයං ඉමස‍්මිං පටිච‍්චවාරස‍්ස පණ‍්ණත‍්තිවාරෙ සඞ‍්ඛිපිත්‍වා පුච‍්ඡාපභෙදො දස‍්සිතො. සෙසෙසු පන තිකෙසු සෙසපට‍්ඨානෙසු ච එකාපි පුච‍්ඡා න දස‍්සිතා. තතො පරෙසු පන සහජාතවාරාදීසු කුසලත‍්තිකස‍්සපි වසෙන පුච‍්ඡං අනුද‍්ධරිත්‍වා ලබ‍්භමානකවසෙන විස‍්සජ‍්ජනමෙව දස‍්සිතං. “ඡ පච‍්චනීයානුලොමම‍්හි නයා සුගම‍්භීරා”ති වචනතො පන ඉමස‍්මිං පච‍්චයපච‍්චනීයානුලොමෙ ඡපි එතෙ පට‍්ඨානනයා පුච‍්ඡාවසෙන උද‍්ධරිත්‍වා දස‍්සෙතබ‍්බා. පට‍්ඨානං වණ‍්ණයන‍්තානඤ‍්හි ආචරියානං භාරො එසොති.

ඒවායින් අනුලෝම පට්ඨානයෙහිම කුසලත්තිකය පමණක්ම වශයෙන් මෙය මෙම පටිච්ච වාරයේ පණ්ණත්ති වාරයෙහි හකුළුවා විමසීම් ප්‍රභේද දක්වන ලදි. සෙසු තිකවල සහ සෙසු පට්ඨානවල ද එකම විමසීමක්වත් නො දක්වන ලදි. ඉන්පසු වනාහි සහජාතවාරාදියෙහි කුසලත්තික වශයෙන් ම විමසීම නො උදුරා ලැබීම් වශයෙන් විසඳීමම දක්වන ලදි. ‘ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භිරා’ යන වචනයෙන් මෙම පච්චයපච්චනීයානුලෝමයෙහි මේ පට්ඨාන නය සය විමසීම් වශයෙන් උදුරා දැක්විය යුතුය. පට්ඨානය වර්ණනා කරන්නා වූ ආචාර්යවරුන්ට මෙය භාර වේ.

පුච‍්ඡාවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

පණ්ණත්තිවාර වර්ණනාව නිමි.