යෙදුමෙන් කියවන්න

1. පටිච‍්චවාරවණ‍්ණනා අට‍්ඨකථා

1. පටිච‍්චවාරවණ‍්ණනා

1. පටිච්ච වාර වර්ණනාව

1. පච‍්චයානුලොමවණ‍්ණනා

1. පච්චයානුලෝම වර්ණනාව

1. (1:) විභඞ‍්ගවාරො

1. (1:) විභඞ්ගවාරො

ඉදානි යා එතා පණ‍්ණත‍්තිවාරෙ කුසලත‍්තිකං නිස‍්සාය හෙතුපච‍්චයාදිවසෙන එකූනපඤ‍්ඤාසං ආදිං කත්‍වා නයමත‍්තං දස‍්සෙන‍්තෙන අපරිමාණා පුච‍්ඡා දස‍්සිතා. තත්‍ථ කුසලාකුසලාදීනං සහුප‍්පත‍්තියා අභාවතො යා පුච‍්ඡා “කුසලං ධම‍්මං පටිච‍්ච අකුසලො ධම‍්මො උප‍්පජ‍්ජති හෙතුපච‍්චයා”ති එවං විස‍්සජ‍්ජනං න ලභන‍්ති. තා පහාය යා විස‍්සජ‍්ජනං ලභන‍්ති, තායෙව විස‍්සජ‍්ජෙතුං අයං කුසලං ධම‍්මං පටිච‍්ච කුසලො ධම‍්මො උප‍්පජ‍්ජති හෙතුපච‍්චයාතිආදිනා නයෙන පටිච‍්චවාරස‍්ස නිද‍්දෙසවාරො ආරද‍්ධො.

දැන් මේ පණ්ණත්ති වාරයෙහි කුසලත්තිකය නිසා හේතු පච්චයාදි වශයෙන් එකුන්පනස් ආදිකොට නය මාත්‍රය දක්වන්නාහු විසින් අප්‍රමාණ පුච්ඡාවක් (විමසීම්) දක්වන ලදි. එහි කුසල අකුසල ආදින්ගේ එකට ඉපදීමේ අභාවයෙන් යම් විමසීමක ‘කුසල ධර්ම නිසා හේතුප්‍රත්‍යයෙන් අකුසල ධර්ම ඉපදේ’ යයි මෙසේ විසඳුමක් නොලැබේ. එය හැර යම් විසඳුමක් ලැබේ ද එයම විසඳීමට මේ කුසලං ධම්මං පටිච්ච කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා යනාදි නයින් පටිච්චවාරයේ නිද්දේස වාරය අරඹන ලදි.

තත්‍ථ සියා – සචෙ ඉමා හෙතුපච‍්චයාදිවසෙන එකූනපඤ‍්ඤාසං පුච‍්ඡා සබ‍්බසො විස‍්සජ‍්ජනං න ලභන‍්ති, අථ කස‍්මා දස‍්සිතා? නනු යා ලභන‍්ති, තායෙව දස‍්සෙතබ‍්බාති? ආම, දස‍්සෙතබ‍්බා සියුං. තථා දස‍්සියමානා පන සබ‍්බෙසු තිකදුකපට‍්ඨානාදීසු එකෙකස‍්මිං තිකෙ, දුකෙ, දුකතිකෙ, තිකදුකෙ, තිකතිකෙ, දුකදුකෙ ච සඞ‍්ඛෙපං අකත්‍වා දස‍්සෙතබ‍්බායෙව භවෙය්‍යුං. කස‍්මා? යස‍්මා යා කුසලත‍්තිකෙ ලභන‍්ති, න තායෙව වෙදනාත‍්තිකාදීසු. ධම‍්මානුලොමපච‍්චනීයෙ ච තිකපට‍්ඨානෙ විතක‍්කත‍්තිකපීතිත‍්තිකානං විස‍්සජ‍්ජනෙ සබ‍්බාපෙතා විස‍්සජ‍්ජනං ලභන‍්ති, තස‍්මා උක‍්කට‍්ඨපරිච‍්ඡෙදෙන එකෙකස‍්මිං තිකෙ යත‍්තකාහි පුච‍්ඡාහි භවිතබ‍්බං සබ‍්බා කුසලත‍්තිකෙ දස‍්සිතා. එවං දස‍්සිතාසු හි යා තත්‍ථ විස‍්සජ‍්ජනං න ලභන‍්ති, තා පහාය යා ලභන‍්ති, තා වුච‍්චමානා සක‍්කා සුඛෙන විජානිතුන‍්ති සුඛෙන විජානනත්‍ථං සබ‍්බාපි කුසලත‍්තිකෙ දස‍්සිතා. යා පනෙත්‍ථ විස‍්සජ‍්ජනං න ලභන‍්ති, තා පහාය යා ලභන‍්ති, තායෙව විස‍්සජ‍්ජිතාති වෙදිතබ‍්බා.

එහි ඉදින් මේ හේතුපච්චයාදි වශයෙන් එකුන් පනසක් පුච්චා (විමසීම්) හැම අතින් විසඳුම නොලැබේ. ඉක්බිති කුමක් දක්වන ලදද? යමක් ලැබේ නම් එයම දැක්විය යුතුද? එසේම දැක්විය යුතු වේ. එසේ දක්වනු ලබන්නේ වනාහි සියළු තික දුක පට්ඨාන ආදියෙහි එක එක තිකයෙහි, දුකෙහි, දුක තිකයෙහි, තික දුකයෙහි, තික තිකෙහි, දුක දුකෙහි ද සංක්‍ෂේප නොකොට දැක්විය යුතුම වන්නාහ. කුමක් හෙයින්ද? යම්හෙයකින් යමක් කුසලත්තිකයෙහි ලබයිද එයම වෙදනාතත්තාදියෙහි ධම්මානුලෝම පච්චනීයෙහි ද තික පට්ඨානයෙහි විතක්ක තික පීති තිකයන්ගේ විසඳීමෙහි මේ සියළු විසඳීම නො ලබයි. එහෙයින් උත්කෘෂ්ඨ පරිච්ඡේදයෙන් එක එක තිකයෙහි යම් පමණ විමසීම් ප්‍රමාණයක් විය යුතුද, ඒ සියල්ල කුසලත්තිකයෙහි දක්වන ලදි. මෙසේ දක්වන ලද ඒවායෙහි යම් විසඳුමක් නො ලැබේ ද, එය හැර යමක් ලැබේද එය කියනු ලැබීමෙන් පහසුවෙන් දැන ගැනීමට හැකිවේද, පහසුවෙන් දැනගැනීම සඳහා සියල්ල කුසලත්තිකයෙහි දක්වන ලදි. යම් විසඳුමක් නොලැබේද, එය හැර යම් විසඳුමක් ලැබේද එයම විසඳුම යයි දතයුතුය.

තත්‍ථ කුසලං ධම‍්මං පටිච‍්චාති චතුභූමකකුසලධම‍්මෙසු වෙදනාක‍්ඛන්‍ධාදිභෙදං එකං ධම‍්මං පටිච‍්ච පටිගන‍්ත්‍වා සහුප‍්පත‍්තිසඞ‍්ඛාතෙන සදිසභාවෙන පත්‍වා, තෙන සද‍්ධිං එකතො උප‍්පත‍්තිභාවං උපගන‍්ත්‍වාති අත්‍ථො. කුසලො ධම‍්මොති චතුභූමකකුසලධම‍්මෙසුයෙව සඤ‍්ඤාක‍්ඛන්‍ධාදිභෙදො එකො ධම‍්මො. උප‍්පජ‍්ජතීති උප‍්පාදතො යාව නිරොධගමනා උද‍්ධං පජ‍්ජති, නිබ‍්බත‍්තතීතිපි අත්‍ථො . අත‍්තානං ලභති, උප‍්පාදාදයො තයොපි ඛණෙ පාපුණාතීති වුත‍්තං හොති. හෙතුපච‍්චයාති කුසලහෙතුනා හෙතුපච‍්චයභාවං සාධෙන‍්තෙන.

එහි කුසලං ධම්මං පටිච්ච යයි චතුභූමක කුසල ධර්මවල වේදනාදි ස්කන්ධ භෙද එක් ධර්මයක් නිසා පිළිගෙන එකට ඉපදීම් සංඛ්‍යාත සමාන භාවයට පැමිණ එය සමග පවතින බවට එළඹීම යයි අර්ථ වේ. කුසලො ධම්මො යනු චතුභූමක කුසල ධර්මවලම සංඥා ස්කන්ධාදි භේද එක් ධර්මයකි. උප්පජ්ජති ඉපදීමේ සිට නිරෝධ ගමන දක්වා යයි උපදියි යනු අර්ථයයි. ආත්ම ලබයි. ඉපදීම් ආදි ක්‍ෂණ තුනට පැමිණේ යයි කියන ලද්දේ වේ. හෙතු පච්චයා කුසල හේතුවෙන් හේතුභාවය සාදන්නා විසින්

එවං “උප‍්පජ‍්ජෙය්‍යා”ති පුච‍්ඡාය “උප‍්පජ‍්ජතී”ති විස‍්සජ‍්ජනං වත්‍වා ඉදානි යං ධම‍්මං පටිච‍්ච යො ධම‍්මො උප‍්පජ‍්ජති, තං ධම‍්මං ඛන්‍ධවසෙන දස‍්සෙතුං කුසලං එකං ඛන්‍ධන‍්තිආදිමාහ. තත්‍ථ එකන‍්ති වෙදනාදීසු චතූසු යංකිඤ‍්චි එකං. තයො ඛන්‍ධාති යො යො පච‍්චයභාවෙන ගහිතො, තං තං ඨපෙත්‍වා අවසෙසා තයො ඛන්‍ධා. තයො ඛන්‍ධෙති වෙදනාදීසු යො එකො ඛන්‍ධො උප‍්පජ‍්ජතීති ගහිතො, තං ඨපෙත්‍වා සෙසෙ තයො. ද‍්වෙ ඛන්‍ධෙති වෙදනාසඤ‍්ඤාදුකාදීසු ඡසු දුකෙසු යෙකෙචි ද‍්වෙ ඛන්‍ධෙ පටිච‍්ච. ද‍්වෙ ඛන්‍ධාති යෙ යෙ පච‍්චයභාවෙන ගහිතා, තෙ තෙ ඨපෙත්‍වා අවසෙසා ද‍්වෙ ඛන්‍ධා කුසලහෙතුනා හෙතුපච‍්චයභාවං සාධෙන‍්තෙන උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො.

මෙසේ උපදින්නේදැයි විමසීම සඳහා ‘උපදී’ යයි විසඳීම කියා දැන් යම් ධර්මයක් නිසා යම් ධර්මයක් උපදී. ඒ ධර්මය ස්කන්ධ වශයෙන් දැක්වීමට කුසලං එතං ඛන්‍ධං යනාදිය කීහ. එහි එකං වෙදනාදි සතරෙන් යම්කිසි එකක් තසො ඛන්‍ධා යමක් පච්චයභාවයෙන් ගන්නා ලදද එය හැර අවසේස ස්කන්ධ තුනය. තයො ඛන්‍ධෙ වේදනාදියෙහි යම් එක් ස්කන්ධයක් උපදී යයි ගන්නා ලදද එය හැර සෙසු තුන. ද්වෙ ඛන්‍ධෙ වේදනා සඤ්ඤාදි දුක සයෙහි යම් කිසිවක්. ද්වෙ ඛන්‍ධෙ පටිච්ච ද්වෙ ඛන්‍ධා යමක් යමක් පච්චයභාවයෙන් ගන්නා ලද නම් ඒ එය හැර අවසේස ස්කන්ධ දෙක කුසල හේතුවෙන් හේතුපච්චයභාවය සාදමින් උපදී යයි අර්ථ වේ.

යස‍්මා පන එකො ඛන්‍ධො එකස‍්සෙව ද‍්වින‍්නංයෙව වා, ද‍්වෙ වා පන එකස‍්සෙව පච‍්චයො නාම නත්‍ථි, තස‍්මා “එකං ඛන්‍ධං පටිච‍්ච එකො ඛන්‍ධො, එකං ඛන්‍ධං පටිච‍්ච ද‍්වෙ ඛන්‍ධා, ද‍්වෙ ඛන්‍ධෙ පටිච‍්ච එකො ඛන්‍ධො”ති න වුත‍්තං. කුසලං ධම‍්මං පටිච‍්ච අබ්‍යාකතො ධම‍්මො උප‍්පජ‍්ජතීතිආදීසුපි වුත‍්තනයෙනෙව අත්‍ථො වෙදිතබ‍්බො. චිත‍්තසමුට‍්ඨානං රූපන‍්ති ඉදං පටිච‍්චත්‍ථස‍්ස සහජාතත්‍ථත‍්තා යං කුසලෙන සහජාතඤ‍්චෙව හෙතුපච‍්චයඤ‍්ච ලභති, තං දස‍්සෙතුං වුත‍්තං. පරතොපි එවරූපෙසු ඨානෙසු අයමෙව නයො.

යම්හෙයකින් වනාහි එක් ස්කන්ධයක් එකක්ම, දෙකක්ම හෝ දෙකකට හෝ වනාහි එකක්ම පච්චය නම් නැත. එනිසා එක් ස්කන්ධයක් නිසා, එක් ස්කන්ධයකි. එක් ස්කන්ධයක් නිසා ස්කන්ධ දෙකකි. ස්කන්ධ දෙකක් නිසා එක් ස්කන්ධයකැයි නො කියන ලදි. කුසලං ධම්මං පටිච්ච අබ්‍යාකතො ධම්මො උප්පජ්ජති යනාදියෙහි ද කියන ලද නයින්ම අර්ථය දතයුතුය. චිත්ත සමුට්ඨාන රූපං මෙය පටිච්ච අර්ථයේ සහජාත අර්ථය බැවින් කුසලයකින් යම් සහජාතයද හේතුපච්චය ද ලබයි. එය දැක්වීමට කියන ලදි. පසුවද මෙබඳු ස්වරූප ඇති තැන්වල මෙම නයම වේ.

විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතන‍්ති එත්‍ථ හෙතුපච‍්චයාභාවතො අහෙතුකං, රූපෙන සද‍්ධිං අනුප‍්පත‍්තිතො ආරුප‍්පවිපාකඤ‍්ච න ගහෙතබ‍්බං. පටිසන්‍ධික‍්ඛණෙති කටත‍්තාරූපසඞ‍්ඛාතස‍්ස අබ්‍යාකතස‍්ස අබ්‍යාකතං පටිච‍්ච උප‍්පත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තං. විපාකාබ්‍යාකතන‍්ති තස‍්මිං ඛණෙ විජ‍්ජමානාබ්‍යාකතවසෙන වුත‍්තං. ඛන්‍ධෙ පටිච‍්ච වත්‍ථු, වත්‍ථුං පටිච‍්ච ඛන්‍ධාති ඉදං කටත‍්තාරූපග‍්ගහණෙන වත්‍ථුම‍්හි ගහිතෙපි වත්‍ථුං පටිච‍්ච ඛන්‍ධානං උප‍්පත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තං.

විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං මෙහි හේතුපච්චය අභාවයෙන් අහේතුක රූපය සමග අනුප්පත්තියෙන් ආරුප්ප විපාකය ද නොගත යුතුයි. පටිසන්‍ධික්ඛණෙ යයි කටත්තා රූප සංඛ්‍යාත අබ්‍යාකතයේ අබ්‍යාකතය නිසා උත්පත්තිය දැක්වීම සඳහා කියන ලදි. විපාකාබ්‍යාකතං ඒ ක්‍ෂණයෙහි විද්‍යමාන අබ්‍යාකත වශයෙන් කියන ලදි. ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු වත්‍ථුං පටිච්ච ඛන්‍ධා මෙය කටත්තා රූප ගැනීමෙන් වස්තු ගත්කල්හි වස්තු නිසා ස්කන්ධයන්ගේ උත්පත්ති දැක්වීමට කියන ලදි.

එකං මහාභූතන‍්තිආදි රූපාබ්‍යාකතං පටිච‍්ච රූපාබ්‍යාකතස‍්ස උප‍්පත‍්තිදස‍්සනත්‍ථං වුත‍්තං. එකං ඛන්‍ධන‍්තිආදීසු වුත‍්තනයෙනෙව පනෙත්‍ථ අත්‍ථයොජනා වෙදිතබ‍්බා. එවං රූපාබ්‍යාකතම‍්හි භූතෙ පටිච‍්ච භූතානං උප‍්පත‍්තිං වත්‍වා ඉදානි භූතෙ පටිච‍්ච උපාදාරූපානං උප‍්පත‍්තිං දස‍්සෙතුං මහාභූතෙ පටිච‍්ච චිත‍්තසමුට‍්ඨානන‍්තිආදි වුත‍්තං. එවං සන‍්තෙ උපාදාරූපන‍්ති එත‍්තකමෙව වත‍්තබ‍්බං, ඉතරද‍්වයං කස‍්මා වුත‍්තන‍්ති? මහාභූතෙපි පටිච‍්ච උප‍්පත‍්තිදස‍්සනත්‍ථං. යඤ‍්හි හෙට‍්ඨා “චිත‍්තසමුට‍්ඨානඤ‍්ච රූපං කටත‍්තා ච රූප”න‍්ති දස‍්සිතං, තං න කෙවලං ඛන්‍ධෙයෙව ච පටිච‍්ච උප‍්පජ‍්ජති, මහාභූතෙපි පන පටිච‍්ච උප‍්පජ‍්ජතීති දස‍්සනත්‍ථමිදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තත්‍ථ චිත‍්තසමුට‍්ඨානං පවත‍්තෙයෙව, කටත‍්තාරූපං පටිසන්‍ධියම‍්පි. උපාදාරූපන‍්ති තස‍්සෙව උභයස‍්ස විසෙසනං.

එකං මහාභූතං ආදි රූප අබ්‍යාකතය නිසා රූප අබ්‍යාකතයේ උත්පත්තිය දැක්වීම සඳහා කියන ලදි. එකං ඛන්‍ධං යනාදියෙහි කියන ලද නයින්ම මෙහි අර්ථ යෙදීම දතයුතුය. මෙසේ රූපාඛ්‍යාතයෙහි භූත නිසා භූතයන්ගේ උපත කියා දැන් භූත නිසා උපාදාය රූපයන්ගේ උත්පත්තිය දැක්වීමට මහාභූතයන් නිසා චිත්ත සමුට්ඨාන යනාදිය කියන ලදි. මෙසේ ඇති කල්හි උපාදාය රූප මෙපමණක්ම යයි කිවයුතුය. ඉතිරි දෙක කුමක් නිසා කියන ලදද? මහාභූතයන් නිසා උත්පත්තිය දැක්වීම සඳහා [missing trans] එහි චිත්ත සමුට්ඨානය පවතීමය. කටත්තා රූප පටිසන්ධියෙහිද, උපාදා රූපං ඒ දෙකටම විශේෂණ වේ.

කුසලෙ ඛන්‍ධෙ ච මහාභූතෙ ච පටිච‍්චාති එත්‍ථ චිත‍්තසමුට‍්ඨානාව මහාභූතා ගහිතා. චිත‍්තසමුට‍්ඨානං රූපන‍්ති එත්‍ථ පන භූතරූපම‍්පි උපාදාරූපම‍්පි ගහිතං. “එකං මහාභූතං පටිච‍්ච තයො මහාභූතා”තිආදිනා නයෙන හි භූතරූපම‍්පි ඛන්‍ධෙ ච මහාභූතෙ ච පටිච‍්ච උප‍්පජ‍්ජති. මහාභූතෙ පටිච‍්ච උපාදාරූපන‍්ති වුත‍්තනයෙන උපාදාරූපම‍්පි. අකුසලඤ‍්ච අබ්‍යාකතඤ‍්චාති පඤ‍්හාවිස‍්සජ‍්ජනෙසුපි එසෙව නයො. එවං හෙතුපච‍්චයෙ නව පුච‍්ඡා විස‍්සජ‍්ජිතා. එතායෙව හි එත්‍ථ ලබ‍්භන‍්ති, සෙසා චත‍්තාලීස මොඝපුච‍්ඡාති න විස‍්සජ‍්ජිතා. ඉමිනා උපායෙන ආරම‍්මණපච‍්චයාදීසුපි පුච‍්ඡාවිස‍්සජ‍්ජනානං අත්‍ථො වෙදිතබ‍්බො. තත්‍ථ තත්‍ථ පන විචාරෙතබ‍්බයුත‍්තකමෙව විචාරයිස‍්සාම.

කුසලෙ ඛන්‍ධෙ ච මහාභූතෙ ච පටිච්ච මෙහි චිත්ත සමුට්ඨානම මහාභූත ගන්නා ලදි. චිත්ත සමුට්ඨානං රූපං මෙහි වනාහි භූත රූපද උපාදා රූපද ගන්නා ලදි. එක් මහාභූතයක් නිසා මහාභූත තුනක් ආදි නයින් භූතරූප ද ස්කන්ධයන් ද මහාභූත ද නිසා උපදී. මහාභූතෙ පටිච්ච උපාදාන රූපං කියන ලද නයින් උපාදා රූපද. අකුසල ද අබ්‍යාකතදැයි ප්‍රශ්න විසඳීමෙහි ද මෙම නයම වේ. මෙසේ හේතුපච්චයෙහි පුච්ඡ නවයක් විසඳන ලදි. මේවා ම මෙහි ලැබේ. සෙසු සතලිස මොඝපුච්ඡා යයි නො විසඳන ලදි. මෙම උපායෙන් ආරම්මණ පච්චයාදියෙහි ද විමසීම් විසඳීම්වල අර්ථය දතයුතුය. ඒ ඒ තැන්වල විචාරිය යුත්තම විචාරන්නෙමු.

ආරම‍්මණපච‍්චයෙ තාව රූපස‍්ස ආරම‍්මණපච‍්චයවසෙන අනුප‍්පත‍්තිතො තාසු නවසු රූපමිස‍්සකා පහාය තිස‍්සොව පුච‍්ඡා විස‍්සජ‍්ජිතා. තෙනෙව ච කාරණෙන “වත්‍ථුං පටිච‍්ච ඛන්‍ධා”ති වත්‍වා “ඛන්‍ධෙ පටිච‍්ච වත්‍ථූ”ති න වුත‍්තං. න හි තං ආරම‍්මණපච‍්චයෙන උප‍්පජ‍්ජති.

ආරම්මණ පච්චයෙහි රූපයේ ආරම්මණ පච්චය වශයෙන් නූපන් හෙයින් ඒ නවයෙහි රූප මිශ්‍රක හැර විමසීම් තුනක් ම විසඳන ලදි. ඒ කරුණින් ම වත්‍ථුං පටිච්ච ඛන්‍ධා යයි කියා ‘ඛන්‍ධෙ පටිච්ච වත්‍ථුං’ යයි නොකියන ලදි. එය ආරම්මණ පච්චයෙන් නූපදී.

අධිපතිපච‍්චයෙ විපාකාබ්‍යාකතන‍්ති ලොකුත‍්තරමෙව සන්‍ධාය වුත‍්තං. තෙනෙවෙත්‍ථ “පටිසන්‍ධික‍්ඛණෙ”ති න ගහිතං. සෙසං හෙතුපච‍්චයසදිසමෙව.

අධිපති පච්චයෙහි විපාකාබ්‍යාකතං යයි ලෝකෝත්තරය ම සඳහා කියන ලදි. එහෙයින්ම මෙහි පටිසන්‍ධිඛණෙ යයි නොගන්නා ලදි. සෙස්ස හේතුපච්චය හා සමානය.

අනන‍්තරසමන‍්තරෙසුපි රූපං න ලබ‍්භතීති ආරම‍්මණපච‍්චයෙ විය තිස‍්සොව පුච‍්ඡා.

අනන්තර සමනන්තරවල ද රූප නො ලැබේ යයි ආරම්මණ පච්චයෙහි මෙන් පුච්ඡා තුනකි.

සහජාතපච‍්චයෙ පටිසන්‍ධික‍්ඛණෙති පඤ‍්චවොකාරෙ පටිසන්‍ධිවසෙන වුත‍්තං. හෙට‍්ඨා පන පච‍්චයවිභඞ‍්ගෙ “ඔක‍්කන‍්තික‍්ඛණෙ”ති ආගතං තම‍්පි ඉමිනා සද‍්ධිං අත්‍ථතො එකං, බ්‍යඤ‍්ජනමත‍්තමෙව හෙත්‍ථ නානන‍්ති. අපිච “තිණ‍්ණං සන‍්නිපාතා ගබ‍්භස‍්ස අවක‍්කන‍්ති හොතී”ති (ම· නි· 1.408) වචනතො ඔක‍්කන‍්තීති පඤ‍්චවොකාරපටිසන්‍ධියාවෙතං නාමං. පටිසන්‍ධීති සබ‍්බභවසාධාරණං. ඉධ පන “කටත‍්තා ච රූප”න‍්තිආදිවචනතො පඤ‍්චවොකාරපටිසන්‍ධියෙව අධිප‍්පෙතා. සා හි රූපස‍්සපි අරූපස‍්සපි පච‍්චයභාවඤ‍්චෙව පච‍්චයුප‍්පන‍්නභාවඤ‍්ච සඞ‍්ගණ‍්හාති, තස‍්මා පරිපුණ‍්ණවිස‍්සජ‍්ජනා හොතීති ගහිතා. බාහිරං එකං මහාභූතන‍්ති අනින්‍ද්‍රියබද‍්ධෙසු පථවීපාසාණාදීසු මහාභූතං සන්‍ධාය වුත‍්තං. පච‍්චයවිභඞ‍්ගවාරස‍්මිඤ‍්හි චත‍්තාරො මහාභූතාති අජ‍්ඣත‍්තිකඤ‍්ච බාහිරඤ‍්ච එකතො කත්‍වා ගහිතං. සඞ‍්ඛෙපදෙසනා හි සා. අයං පන විත්‍ථාරදෙසනා, තස‍්මා සබ‍්බං විභජිත්‍වා දස‍්සෙන‍්තො “බාහිරං එකං මහාභූත”න‍්තිආදිමාහ. අසඤ‍්ඤසත‍්තානං එකං මහාභූතං පටිච‍්චාති ද‍්විසන‍්තතිසමුට‍්ඨානභූතවසෙන වුත‍්තං. මහාභූතෙ පටිච‍්ච කටත‍්තාරූපන‍්ති ඉදං පන කම‍්මසමුට‍්ඨානවසෙනෙව වුත‍්තං. උපාදාරූපන‍්ති උතුසමුට‍්ඨානවසෙනෙව.

සහජාත පච්චයෙහි පටිසන්‍ධික්ඛණෙ යයි පංචවෝකාරයෙහි පටිසන්‍ධි වශයෙන් කියන ලදි. යට පච්චය විභංගයෙහි බැසගන්නා ක්‍ෂණයෙහි පැමිණි, එයද මේ සමග අර්ථ වශයෙන් එකය. බ්‍යඤ්ජන මාත්‍රයම මෙහි වෙනසයි. තවද ‘තිදෙනෙකුගේ එක්වීම ගැබේ පිළිසිඳ ගැන්ම වේ’ යයි වචනයෙන් ඔක්කන්ති යයි පංචවෝකාර ප්‍රතිසන්ධියම මෙ නම් වේ. පටිසන්‍ධිය සියළු භවවලට සාධාරණය. මෙහි වනාහි කටත්තා රූප යනාදි වචනයෙන් පංචවෝකාර පටිසන්ධියම අදහස් කෙරේ. එය රූපයෙහි ද අරූපයෙහි ද පච්චය භාවයම පච්චයුප්පන්න භාවයද සංග්‍රහ කරයි. එනිසා සම්පූර්ණ විසඳුම වේ යයි ගන්නා ලදි. බාහිරං එකං මහාභූතං අනින්‍ද්‍රියබද්ධ පෘථිවි පාසාණ ආදියෙහි මහාභූත සඳහා කියන ලදි. පච්චය විභංග වාරයෙහි චත්තාරො මහාභූතා අජ්ඣත්තික ද බාහිර ද එකක්කොට ගන්නා ලදි. එය සංක්‍ෂෙප දේශනාවෙහිය. මෙය වනාහි විස්තර දේශනාවය. එහෙයින් සියල්ල බෙදා දක්වන්නේ බාහිරං එකං මහා භූතං යනාදිය කීහ. අස්සසත්තානං එකං මහාභූතං පටිච්ච සන්තාන දෙකක සමුට්ඨාන භූත වශයෙන් ම කියන ලදි. මහාභූතෙ පටිච්ච කටත්තා රූපං යන මෙය වනාහි කම්ම සමුට්ඨාන වශයෙන්ම කියන ලදි. උපාදා රූපං උතු සමුට්ඨාන වශයෙන්ම.

අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයෙ ඛන්‍ධෙ පටිච‍්ච වත්‍ථු, වත්‍ථුං පටිච‍්ච ඛන්‍ධාති චතුන‍්නම‍්පි ඛන්‍ධානං එකතො වත්‍ථුනා අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයතං දස‍්සෙතුං වුත‍්තං.

අඤ්ඤමඤ්ඤ පච්චයෙහි ඛන්‍ධෙ පටිච්ච වත්‍ථු වත්‍ථුං පටිච්ච ඛන්‍ධා ස්කන්ධ සතරේම එකතුවෙන් වස්තුව මගින් අඤ්ඤමඤ්ඤ පච්චයභාවය දැක්වීමට කියන ලදි.

නිස‍්සයපච‍්චයෙ යස‍්මා පටිච‍්චත්‍ථො නාම සහජාතත්‍ථො, තස‍්මා යා හෙට‍්ඨා පච‍්චයවිභඞ‍්ගවාරෙ චක‍්ඛායතනාදීනං නිස‍්සයපච‍්චයතා දස‍්සිතා, න සා ගහිතා. චක‍්ඛායතනාදීනි හි පුරෙජාතානි හුත්‍වා පච‍්චයා හොන‍්ති, ඉධ සහජාතමෙව ලබ‍්භති. තෙනෙව වුත‍්තං – “නිස‍්සයපච‍්චයො සහජාතපච‍්චයසදිසො”ති.

නිස්සය පච්චයෙහි යම්සේ පටිච්ච අර්ථය නම් සහජාත අර්ථය වේ. එහෙයින් යමක් යට පච්චය විභංග වාරයෙහි චක්ඛායතනාදීන්ගේ නිස්සය පච්චයභාවය දක්වන ලදි. එය ගන්නා ලදි. චක්ඛායතනාදිය පුරේජාත වී පච්චය වේ. මෙහි සහජාතම ලබයි. එහෙයින් කියන ලදි. නිස්සය පච්චය සහජාත පච්ච සදිසො නිස්සය සහජාත හා සමානය.

උපනිස‍්සයපච‍්චයෙ රූපස‍්ස උපනිස‍්සයපච‍්චයාභාවා තීණෙව විස‍්සජ‍්ජනානි ලබ‍්භන‍්ති, තෙන වුත‍්තං “ආරම‍්මණපච‍්චයසදිස”න‍්ති. තත්‍ථ කිඤ‍්චාපි න සබ‍්බෙ කුසලාකුසලාබ්‍යාකතා ආරම‍්මණූපනිස‍්සයං ලභන‍්ති, යෙ පන ලභන‍්ති, තෙසං වසෙනෙතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

උපනිස්සය පච්චයෙහි රූපයට උපනිස්සය පච්චය අභාවයෙන් විසඳුම් තුනක්ම ලබයි. එයත් කියන ලදි. ආරම්මණ පච්චය සදිසං එහි සියළු කුසල අකුසල අබ්‍යාකතා ආරම්මණ උපනිස්සනය කිසිවක් නො ලබයි. යමක් ලබයිද ඔවුන්ගේ වශයෙන් මෙය කියන ලදැයි දතයුතුය.

පුරෙජාතපච‍්චයෙ වත්‍ථුං පුරෙජාතපච‍්චයාති වත්‍ථුං පටිච‍්ච වත්‍ථුනා පුරෙජාතපච‍්චයතං සාධෙන‍්තෙන උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො. විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධන‍්ති එත්‍ථ යං විපාකාබ්‍යාකතස‍්ස වත්‍ථු ඔක‍්කන‍්තික‍්ඛණෙ සහජාතපච‍්චයො හොති, තං පුරෙජාතපච‍්චයභාජනියත‍්තා ඉධ න ගහෙතබ‍්බං. යෙපි කුසලාදයො ආරුප‍්පෙ පුරෙජාතපච‍්චයං න ලභන‍්ති, තෙපි පුරෙජාතපච‍්චයභාජනියතොයෙව ඉධ න ගහෙතබ‍්බා. ආරම‍්මණං පන නියමතො පුරෙජාතපච‍්චයභාවං න ලභති. රූපායතනාදීනි හි චක‍්ඛුවිඤ‍්ඤාණාදීනංයෙව පුරෙජාතපච‍්චයතං සාධෙන‍්ති, මනොවිඤ‍්ඤාණධාතුයා අතීතානාගතානිපි ආරම‍්මණං හොන‍්තියෙව. තස‍්මා ඉධ න ගහිතං. ඛන්‍ධවසෙන හි අයං දෙසනා, න විඤ‍්ඤාණධාතුවසෙන. “විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධ”න‍්ති දෙසනාය ච සබ‍්බාපි විඤ‍්ඤාණධාතුයො ගහිතා, න චක‍්ඛුවිඤ‍්ඤාණධාතුආදයො එවාති.

පුරෙජාත පච්චයෙහි වත්‍ථුං පුරෙජාත පච්චයා වස්තුව නිසා වස්තුව විසින් පුරේජාත පච්චයභාවය සාදමින් උපදී යන අර්ථයයි. විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං මෙහි යම් විපාක අබ්‍යාකත වස්තුව පිළිසිඳගත් ක්‍ෂණයෙහි සහජාත පච්චය වේ. එය පුරේජාත පච්චය භාජනීය බැවින් මෙහි නොගත යුතුය. යම් කුසලාදිය ආරප්පයෙහි පුරෙජාත පච්චය නොලබාද ඒවා ද පුරේජාත පච්චයභාජනීයම වේ. මෙහි නොගත යුතුය. ආරම්මණය වනාහි නියමයෙන් පුරේජාත පච්චයභාවය නො ලබයි. රූපායතනාදිය චක්ඛු විඤ්ඤාණාදියේ ම පුරේජාත පච්චයභාවය සිදුකරයි. චක්ඛු විඤ්ඤාණ ධාතුවට අතීත අනාගත ද අරමුණු වේමය. එහෙයින් මෙහි නොගන්නා ලදි. මේ දේශනා ස්කන්ධ වශයෙනි. විඤ්ඤාණ ධාතු වශයෙන් නොවේ. විපාකාබ්‍යාකතං එකං ඛන්‍ධං යන දේශනාවට සියළු විඤ්ඤාණ ධාතු ගන්නා ලදි. චක්ඛු විඤ්ඤාණ ධාතුවම නොවේ.

පච‍්ඡාජාතො කුසලාකුසලානං පච‍්චයො න හොති, අබ්‍යාකතස‍්සපි උපත්‍ථම‍්භකොව න ජනකො, තස‍්මා “උප‍්පජ‍්ජති පච‍්ඡාජාතපච‍්චයා”ති එවං වත‍්තබ‍්බො එකධම‍්මොපි නත්‍ථීති පච‍්ඡාජාතපච‍්චයවසෙන විස‍්සජ‍්ජනං න කතං.

පච්ඡාජාතය කුසල අකුසලවලට පච්චය නොවේ. අබ්‍යාකතයට ද උපස්ථම්භක පමණකි. ජනක නොවේ. එහෙයින් ‘පච්ඡාජාත පච්චය උපදියි’ යන එක් ධර්මයක්වත් නැතැයි කිවයුතුය. පච්ඡාජාත පච්චය වශයෙන් විසඳුම් නොකරන ලදි.

ආසෙවනපච‍්චයෙ කාමං සබ‍්බා කිරියා ආසෙවනපච‍්චයං න ලභන‍්ති, ලබ‍්භමානවසෙන පන “කිරියාබ්‍යාකත”න‍්ති වුත‍්තං. තස‍්මා ජවනකිරියාවෙත්‍ථ ගහිතාති වෙදිතබ‍්බා.

ආසේවන පච්චයෙහි සියළු කිරියා ආසේවන පච්චය නොලබයි. ලැබීම් වශයෙන් වනාහි කිරිය අබ්‍යාකත යයි කියන ලදි. එහෙයින් ජවන කිරීම මෙහි ගන්නා ලදැයි දතයුතුය.

කම‍්මපච‍්චයෙ කුසලාකුසලෙසු එකක‍්ඛණිකො කම‍්මපච‍්චයො වෙදිතබ‍්බො, තථා කිරියාබ්‍යාකතෙ. විපාකාබ්‍යාකතෙ පන නානාක‍්ඛණිකොපි, තථා පටිසන්‍ධික‍්ඛණෙ මහාභූතානං. චිත‍්තසමුට‍්ඨානානං පන එකක‍්ඛණිකො. කටත‍්තාරූපානං නානාක‍්ඛණිකොව තථා අසඤ‍්ඤසත‍්තරූපානං. කටත‍්තාරූපං පනෙත්‍ථ ජීවිතින්‍ද්‍රියං. සෙසං න එකන‍්තතො කම‍්මසමුට‍්ඨානත‍්තා උපාදාරූපන‍්ති වුත‍්තං. එවං සන‍්තෙපි ඉධ කම‍්මසමුට‍්ඨානමෙව අධිප‍්පෙතං.

කම්ම පච්චයෙහි කුසල අකුසලවල ඒකක්‍ෂණික යයි දතයුතුය. කිරිය අබ්‍යාකතවල ද එසේය. විපාක අබ්‍යාකතවල නා නා ක්‍ෂණික වේ. ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි මහාභූතවල ද එසේය. චිත්ත සමුට්ඨානවල ඒක ක්‍ෂණිකය. කටත්තා රූපවල නා නා ක්‍ෂණිකය. අසඤ්ඤසත්ත රූපවලද එසේය. මෙහි කටත්තා රූපය වනාහි ජීවිතේන්‍ද්‍රිය වේ. සෙස්ස ඒකාන්ත නොවේ. කම්ම සමුට්ඨාන බව උපාදා රූපයයි කියන ලදි. මෙසේ ඇතිකල්හිද මෙහි කම්ම සමුට්ඨානයම අදහස් කරන ලදි.

විපාකපච‍්චයෙ කුසලාකුසලං කිරියඤ‍්ච න ලබ‍්භතීති අබ්‍යාකතවසෙනෙව විස‍්සජ‍්ජනං කතං. චිත‍්තසමුට‍්ඨානන‍්ති විපාකචිත‍්තසමුට‍්ඨානමෙව. කටත‍්තාරූපන‍්ති යථාලාභවසෙන ඉන්‍ද්‍රියරූපඤ‍්ච වත්‍ථුරූපඤ‍්ච. උපාදාරූපන‍්ති තදවසෙසං තස‍්මිං සමයෙ විජ‍්ජමානකං උපාදාරූපං.

විපාක පච්චයෙහි කුසල අකුසල කිරිය නො ලබයි යයි අබ්‍යාකත වශයෙන් විසඳීම කරන ලදි. චිත්ත සමුට්ඨානං යනු විපාක චිත්ත සමුට්ඨානයම වේ. කටත්තා රූපං ලැබෙන පරිදි ඉන්‍ද්‍රිය රූපය ද වස්තු රූපය ද වේ. උපාදා රූපං ඊට අවසේසව ඒ අවස්ථාවේ විද්‍යමාන උපාදා රූපය වේ.

ආහාරපච‍්චයෙ සබ‍්බෙසම‍්පි කුසලාදීනං ඛන්‍ධානං චිත‍්තසමුට‍්ඨානරූපස‍්ස ච අරූපාහාරවසෙන උප‍්පත‍්ති වෙදිතබ‍්බා, තථා පටිසන්‍ධික‍්ඛණෙ මහාභූතානං. චිත‍්තසමුට‍්ඨානන‍්ති භවඞ‍්ගාදිචිත‍්තසමුට‍්ඨානං. ආහාරසමුට‍්ඨානන‍්ති කබළීකාරාහාරසමුට‍්ඨානං . චිත‍්තසමුට‍්ඨානන‍්ති කුසලාකුසලචිත‍්තසමුට‍්ඨානමෙව. පච‍්චයවිභඞ‍්ගවාරෙ ආහාරපටිපාටියා පඨමං කබළීකාරො ආහාරො දස‍්සිතො, ඉධ පන කුසලං ධම‍්මන‍්ති පුච‍්ඡාවසෙන පඨමං අරූපාහාරා දස‍්සිතාති වෙදිතබ‍්බා.

ආහාර පච්චයෙහි සියළුම කුසලාදි ස්කන්ධයන්ගේ චිත්ත සමුට්ඨාන රූපයේද අරූප ආහාර වශයෙන් උපත දතයුතුය. ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි මහාභූතයන්ගේ ද එසේය. චිත්ත සමුට්ඨානං යනු භවංගාදි චිත්ත සමුට්ඨානයන්ගේ ආහාර සමුට්ඨානං කබලිංකාර ආහාරයෙන් උපදවන රූප. චිත්ත සමුට්ඨානං කුසල අකුසල සිතින් උපදවන රූප. පච්චය විභංග වාරයෙහි ආහාර පිළිවෙලින් කබලිංකාර ආහාරය දක්වන ලදි. මෙහි වනාහි කුසලං ධම්මං යයි පුච්ඡා වශයෙන් පළමුව අරූප ආහාර දක්වන ලදැයි දතයුතුය.

ඉන්‍ද්‍රියපච‍්චයෙ පච‍්චයවිභඞ‍්ගෙ ඉන්‍ද්‍රියපටිපාටියා පඨමං චක‍්ඛුන්‍ද්‍රියාදීනි දස‍්සිතානි, ඉධ පන කුසලාදිපුච‍්ඡාවසෙන පඨමං අරූපින්‍ද්‍රියානං පච‍්චයතා දස‍්සිතා. තත්‍ථ කුසලාදීසු යථාලාභවසෙන අරූපින්‍ද්‍රියා ගහෙතබ‍්බා. අසඤ‍්ඤසත‍්තානං භූතරූපෙසුපි ජීවිතින්‍ද්‍රියන‍්ති.

ඉන්‍ද්‍රිය පච්චයෙහි ද පච්චය විභංගයේ ඉන්‍ද්‍රිය පිළිවෙලින් චක්ඛු ඉන්‍ද්‍රියාදිය දක්වන ලදි. මෙහි වනාහි කුසලාදි පුච්ඡා වශයෙන් අරූප ඉන්‍ද්‍රියන්ගේ පච්චය බව දක්වන ලදි. එහි කුසලාදියෙහි ලැබෙන පරිද්දෙන් අරූප ඉන්‍ද්‍රිය ගතයුතුය. අසඤ්ඤ සත්තානයේ භූත රූපවලද ජීවිතේන්‍ද්‍රිය වේ.

ඣානමග‍්ගපච‍්චයෙසු හෙතුපච‍්චයසදිසමෙව විස‍්සජ‍්ජනං, තෙනෙවෙත්‍ථ “හෙතුපච‍්චයසදිස”න‍්ති වුත‍්තං.

ඣාන පච්චයවලද හේතුපච්චය හා විසඳීම සමානය. එහෙයින් මෙහි හෙතුපච්චය සදිසං යයි කියන ලදි.

සම‍්පයුත‍්තපච‍්චයෙ විස‍්සජ‍්ජනං ආරම‍්මණපච‍්චයගතිකං, තෙනෙවෙත්‍ථ “ආරම‍්මණපච‍්චයසදිස”න‍්ති වුත‍්තං.

සම්පයුත්ත පච්චයෙහි විසඳීම ආරම්මණ පච්චයට සමානය. එහෙයින්ම මෙහි ආරම්මණ පච්චය සදිසං යයි කියන ලදි.

විප‍්පයුත‍්තපච‍්චයෙ වත්‍ථුං විප‍්පයුත‍්තපච‍්චයාති වත්‍ථුං පටිච‍්ච විප‍්පයුත‍්තපච‍්චයා, වත්‍ථුනා විප‍්පයුත‍්තපච‍්චයතං සාධෙන‍්තෙන උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො. ඛන්‍ධෙ විප‍්පයුත‍්තපච‍්චයාති ඛන්‍ධෙ පටිච‍්ච විප‍්පයුත‍්තපච‍්චයා, ඛන්‍ධෙහි විප‍්පයුත‍්තපච‍්චයතං සාධෙන‍්තෙහි උප‍්පජ‍්ජතීති අත්‍ථො. ඛන්‍ධා වත්‍ථුං විප‍්පයුත‍්තපච‍්චයාති වත්‍ථුං පටිච‍්ච ඛන්‍ධා විප‍්පයුත‍්තපච‍්චයා. වත්‍ථුනා විප‍්පයුත‍්තපච‍්චයතං සාධෙන‍්තෙන උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො. චිත‍්තසමුට‍්ඨානරූපං ඛන්‍ධෙ විප‍්පයුත‍්තපච‍්චයාති ඛන්‍ධෙ පටිච‍්ච විප‍්පයුත‍්තපච‍්චයා චිත‍්තසමුට‍්ඨානං රූපං ඛන්‍ධෙහි විප‍්පයුත‍්තපච‍්චයතං සාධෙන‍්තෙහි උප‍්පජ‍්ජතීති අත්‍ථො. සෙසවිස‍්සජ‍්ජනෙසුපි වත්‍ථුං විප‍්පයුත‍්තපච‍්චයාතිආදීසුපි වුත‍්තනයෙනෙවත්‍ථො වෙදිතබ‍්බො. විපාකාබ්‍යාකතෙ චෙත්‍ථ වත්‍ථුග‍්ගහණෙන චක‍්ඛාදීනි සඞ‍්ගහිතබ‍්බානි. එකං මහාභූතන‍්තිආදි රූපාබ්‍යාකතස‍්ස පච‍්චයභාවං දස‍්සෙතුං වුත‍්තං. චිත‍්තසමුට‍්ඨානන‍්ති අබ්‍යාකතචිත‍්තසමුට‍්ඨානම‍්පි කුසලාකුසලචිත‍්තසමුට‍්ඨානම‍්පි.

විප්පයුත්ත පච්චයෙහි වත්‍ථුං විප්පයුත්ත පච්චයා යයි වස්තුව (හෘදය වස්තුව) නිසා විප්පයුත්ත පච්චය වේ. විප්පයුත්ත පච්චයභාවය වස්තුවෙන් සාදමින් උපදීයයි අර්ථය වේ. ඛන්‍ධෙ විප්පයුත්ත පච්චයා ඛන්‍ධ නිසා විප්පයුත්ත පච්චය වේ. ස්කන්ධවලින් විප්පයුත්ත පච්චයභාවය සාදමින් උපදී යයි අර්ථය වේ. ඛන්‍ධා වත්‍ථුං විප්පයුත්ත පච්චයා වස්තුව නිසා ස්කන්ධ විප්පයුත්ත පච්චය වේ. වස්තුව විසින් විප්පයුත්ත පච්චය බව සාදමින් උපදීයයි අර්ථය වේ. චිත්ත සමුට්ඨාන රූපං ඛන්‍ධෙ විප්පයුත්ත පච්චයා ස්කන්ධ නිසා විප්පයුත්ත පච්චය වේ. චිත්ත සමුට්ඨාන රූපය ස්කන්ධවලින් විප්පයුත්ත පච්චයභාවය සාදමින් උපදී යයි අර්ථය වේ. සෙසු විසඳීම්වලද වස්තුව විප්පයුත්ත පච්චයාදියෙහි ද කියන ලද නයින්ම අර්ථය දතයුතුය. මෙහි විපාක අබ්‍යාකත වස්තුව ගැනීමෙන් චක්ඛු ආදියෙන් සංග්‍රහ කළයුතුය. එක් මහා භූතයයි ආදිය රූප අබ්‍යාකතයට පච්චයභාවය දැක්වීමට කියන ලදි. චිත්ත සමුට්ඨානං අබ්‍යාකත චිත්ත සමුට්ඨානය ද කුසලාකුසල චිත්ත සමුට්ඨානය ද.

අත්‍ථිපච‍්චයෙ සබ‍්බං සහජාතපච‍්චයගතිකං. තෙනෙවෙත්‍ථ “සහජාතපච‍්චයසදිස”න‍්ති වුත‍්තං.

අත්‍ථි පච්චයෙහි සියළු සහජාත පච්චය ස්වභාවයයි. එහෙයින් සහජාත පච්චය සදිසං යයි කියන ලදි.

නත්‍ථිවිගතා ආරම‍්මණපච‍්චයගතිකා, අවිගතං සහජාතගතිකං. තෙනෙවෙත්‍ථ “ආරම‍්මණපච‍්චයසදිසං, සහජාතපච‍්චයසදිස”න‍්ති වුත‍්තං . ඉමෙ තෙවීසති පච‍්චයාති සඞ‍්ඛිපිත්‍වා දස‍්සිතානං වසෙනෙතං වුත‍්තං. විත්‍ථාරෙතබ‍්බාති යා පුච‍්ඡා විස‍්සජ‍්ජනං ලභන‍්ති, තාසං වසෙන විත්‍ථාරෙතබ‍්බා. අයං හෙතුපච‍්චයං ආදිං කත්‍වා එකමූලකෙ පච‍්චයානුලොමෙ පටිච‍්චවාරස‍්ස කුසලත‍්තිකවිස‍්සජ‍්ජනෙ අත්‍ථවණ‍්ණනා.

නත්‍ථි විගත ආරම්මණ පච්චය ස්වභාවය ඇත. අවිගතය සහජාත ස්වභාවය වේ. එහෙයින් මෙහි ආරම්මණ සදිසං, සහජාත පච්චය සදිසං යයි කියන ලදි. මේ තෙවිසි ප්‍රත්‍ය සංක්‍ෂෙප කර දැක්වීම් වශයෙන් මෙය කියන ලදි. විත්‍ථාරෙතබ්බා යම් විමසීමක් විසඳුම් ලබයිද ඒවායේ වශයෙන් විස්තර කළ යුතුය. මේ හේතුපච්චය ආදිකොට එක් මුල්හි පච්චයානුලෝමයෙහි පච්චය වාරයේ කුසලත්තික විසඳුමෙහි අර්ථ වර්ණනාව වේ.

1. (2:) සඞ‍්ඛ්‍යාවාරො

1. (2:) සඞ්ඛ්යාවාරො

ඉදානි යෙ එත්‍ථ හෙතුපච‍්චයාදීසු එකෙකස‍්මිං පච‍්චයෙ විස‍්සජ‍්ජනවාරා ලද‍්ධා, තෙ ගණනවසෙන දස‍්සෙතුං හෙතුයා නවාතිආදි ආරද‍්ධං. තත්‍ථ හෙතුයා නවාති හෙතුපච‍්චයෙ නව පුච‍්ඡාවිස‍්සජ‍්ජනවාරා හොන‍්ති. සෙය්‍යථිදං – කුසලෙන කුසලං, කුසලෙන අබ්‍යාකතං, කුසලෙන කුසලාබ්‍යාකතං; අකුසලෙන අකුසලං, අකුසලෙන අබ්‍යාකතං, අකුසලෙන අකුසලාබ්‍යාකතං, අබ්‍යාකතෙන අබ්‍යාකතං, කුසලාබ්‍යාකතෙන අබ්‍යාකතං, අකුසලාබ්‍යාකතෙන අබ්‍යාකතන‍්ති.

දැන් මෙහි හේතුපච්චයවල එක් එක් පච්චයෙහි විසඳුම්වාර ලැබීය. ඒවා ගණන් වශයෙන් දැක්වීමට හේතුයා නවා යනාදිය ඇරඹීය. එහි හෙතුයා නවා හේතුපච්චයේ විමසීම් (පුච්ඡා) නවයක් විසඳුම්වාර වේ. කෙසේද? කුසලයෙන් කුසල, කුසලයෙන් කුසල අබ්‍යාකත, කුසලයෙන් අබ්‍යාකත, අකුසලයෙන් අකුසල, අකුසලයෙන් අබ්‍යාකත, අකුසලයෙන් අකුසල අබ්‍යාකත, අබ්‍යාකතයෙන් අබ්‍යාකත, කුසලා බ්‍යාකතයෙන් අබ්‍යාකත, අකුසලා බ්‍යාකතයෙන් අබ්‍යාකත යයි වේ.

ආරම‍්මණෙ තීණීති කුසලෙන කුසලං, අකුසලෙන අකුසලං, අබ්‍යාකතෙන අබ්‍යාකතං. අධිපතියා නවාති හෙතුයා වුත‍්තසදිසාව. ද‍්වාදසසු හි පච‍්චයෙසු නව නවාති වුත‍්තං. සබ‍්බෙසුපි පුච‍්ඡාවිස‍්සජ‍්ජනානි හෙතුපච‍්චයසදිසානෙව. විභඞ‍්ගෙ පන අත්‍ථි විසෙසො. දසසු පච‍්චයෙසු තීණි තීණීති වුත‍්තං. සබ‍්බෙසුපි පුච‍්ඡාවිස‍්සජ‍්ජනානි ආරම‍්මණසදිසානෙව. විභඞ‍්ගෙ පන අත්‍ථි විසෙසො. අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයස‍්මිඤ‍්හි අබ්‍යාකතපදස‍්ස විස‍්සජ‍්ජනෙ රූපම‍්පි ලබ‍්භති, තථා පුරෙජාතපච‍්චයෙ. ආසෙවනපච‍්චයෙ විපාකානි චෙව වීථිචිත‍්තානි ච න ලබ‍්භන‍්ති. විපාකෙ එකන‍්ති අබ්‍යාකතමෙව. එවමෙත්‍ථ සඞ‍්ඛෙපතො නව තීණි එකන‍්ති, තිවිධොව වාරපරිච‍්ඡෙදො. විත්‍ථාරතො ද‍්වාදස නවකා, දස තිකා, එකං එකකන‍්ති සබ‍්බෙසුපි තෙවීසතියා පච‍්චයෙසු එකූනචත‍්තාලීසාධිකං වාරසතං හොති, එකූනචත‍්තාලීසාධිකඤ‍්ච පුච‍්ඡාසතං. එකූනචත‍්තාලීසාධිකං පුච‍්ඡාවිස‍්සජ‍්ජනසතන‍්තිපි තස‍්සෙව නාමං.

ආරම්මණෙ තීණි කුසලයෙන් කුසල, අකුසලයෙන් අකුසල, අබ්‍යාකතයෙන් අබ්‍යාකත, අධිපතියා නවා හෙතු පච්චයට සමානය. පච්චය දොළොසක නව නවා නවය නවයයි කියන ලදි. සියළු පුච්ඡා විස්සජ්ජන (විමසීම් විසඳුම්) හේතුපච්චයට සමාන වේ. විභංගයෙහි විශේෂයක් ඇත. පච්චය දහයක තීණි තීණි තුන තුන යයි කියන ලදි. සියළු පුච්ඡා විස්සජ්ජා ආරම්මණ පච්චයට සමාන වේ. විභංගයෙහි විශේෂයක් ඇත. අඤ්ඤමඤ්ඤ පච්චයෙහි අබ්‍යාකත පදයේ විසඳුමෙහි රූපයද ලබයි. පුරේජාත පච්චයෙහිද එසේය. ආසේවන පච්චයෙහි විපාක මෙන්ම වීථි සිත් ද නොලබයි. විපාකෙ එකං අබ්‍යාකත පමණකි. මෙසේ මෙහි සංක්‍ෂේපයෙන් නවය තුන එක යයි වාර පරිච්ඡේද තුනකි. විස්තර වශයෙන් දොළොස නවක දසතික එක යයි සියළු තෙවිසි පච්චයවල එකුන් සතළිසකට අධික වාරක හතක් වේ. එතැන් සතළිසකට අධික පුච්ඡා හතක්ද වේ. එකුන් සතළිසකට අධික පුච්ඡා විස්සජ්ජන සතක් යයිද ඊට නමකි.

එවං හෙතුපච‍්චයාදිකෙ එකමූලකෙ ගණනං දස‍්සෙත්‍වා ඉතො පරෙසු දුමූලකාදීසු විත්‍ථාරදෙසනං සඞ‍්ඛිපිත්‍වා එකමූලකෙ දස‍්සිතාය දෙසනාය ලබ‍්භමානගණනඤ‍්ඤෙව ආදාය වාරපරිච‍්ඡෙදං දස‍්සෙතුං දුමූලකෙ තාව හෙතුපච‍්චයා ආරම‍්මණෙ තීණීතිආදිමාහ. තත්‍රිදං ලක‍්ඛණං – බහුගණනොපි පච‍්චයො අබහුගණනෙන සද‍්ධිං යුත‍්තො තෙන සමානගණනොව හොති. තෙන වුත‍්තං “හෙතුපච‍්චයා ආරම‍්මණෙ තීණී”ති. හෙතුආරම‍්මණදුකෙ ආරම‍්මණෙ වුත‍්තානි තීණෙව විස‍්සජ‍්ජනානි ලබ‍්භන‍්තීති අත්‍ථො. සමානගණනො පන සමානගණනෙන සද‍්ධිං යුත‍්තො අපරිහීනගණනොව හොති. තෙන වුත‍්තං “හෙතුපච‍්චයා අධිපතියා නවා”ති. හෙතාධිපතිදුකෙ නවෙව විස‍්සජ‍්ජනානි ලබ‍්භන‍්තීති අත්‍ථො. විපාකෙ එකන‍්ති හෙතුවිපාකදුකෙ විපාකෙ වුත‍්තං එකමෙව විස‍්සජ‍්ජනං ලබ‍්භතීති එවං තාව දුමූලකෙ වාරපරිච‍්ඡෙදො වෙදිතබ‍්බො.

මෙසේ හෙතු පච්චයාදියෙහි ඒක මූලකයෙහි ගණන දක්වා මෙයින් පසු දුමූලකාදියෙහි විස්තර දේශනා හකුළුවා ඒක මූළකයෙහි දක්වන ලද දේශනාවේ ගණනම ගෙන වාර පරිච්ඡේද දැක්වීමට දුමූලකයෙහි හෙතු පච්චයා ආරම්මණෙ තීණි යනාදිය කීහ. එහි ලක්‍ෂණ මෙසේය. බොහෝ ගණනක් ඇති පච්චය අඩු ගණනක් ඇති පච්චය සමග යුක්තව සමාන ගණනක් වේ. එයින් කියන ලදි. හෙතු පච්චයා ආරම්මණෙ තීණි හේතුපච්චය ආරම්මණයෙහි තුනය. හේතු ආරම්මණ දුකයෙහි ආරම්මණයෙහි කියන ලද තුනම විසඳුම් ලබයි යන අර්ථය වේ. සමාන ගණන වනාහි සමාන ගණන සමග යෙදී අපරිහීන ගණනක්ම වේ. එයින් කියන ලදි. හෙතු පච්චයා අධිපතියා නවා හේතු අධිපති දුකයෙහි නවයක්ම විසඳුම් ලබයි යන අර්ථය වේ. විපාකෙ ඒකං හේතුවිපාක දුකයෙහි විපාකයෙහි කියන ලද විසඳුම් එකක්ම ලබයි. මෙසේ දූමූලකයෙහි වාර පරිච්ඡේදය දතයුතුය.

තිමූලකාදීසුපි ඉදමෙව ලක‍්ඛණං. තෙනෙවාහ – හෙතුපච‍්චයා ආරම‍්මණපච‍්චයා අධිපතියා තීණීති. හෙතාරම‍්මණාධිපති තිකෙ ආරම‍්මණෙ වුත‍්තානි තීණෙව විස‍්සජ‍්ජනානි ලබ‍්භන‍්තීති අත්‍ථො. එවං සබ‍්බත්‍ථ නයො නෙතබ‍්බො.

තිමූලකාදියෙහි ද මේ ලක්‍ෂණම වේ. එයින් කීහ. ‘හෙතුපච්චයා ආරම්මණ පච්චයා අධිපතියා තීණි’ හේතුආරම්මණ අධිපති තිකයෙහි ආරම්මණයෙහි කියන ලද විසඳුම් තුනම ලබයි යන අර්ථය වේ. මෙසේ සියළු නය පැමිණවිය යුතුය.

ද‍්වාදසමූලකෙ පන විපාකපච‍්චයො න ලබ‍්භති, තස‍්මා ආසෙවනපච‍්චයා කම‍්මෙ තීණීති වත්‍වා විපාකං අපරාමසිත්‍වා ආහාරෙ තීණීති වුත‍්තං. තෙරසමූලකාදීසුපි එසෙව නයො. තෙ පන සඞ‍්ඛිපිත්‍වා තෙවීසතිමූලකොවෙත්‍ථ දස‍්සිතො. සො දුවිධො හොති – සාසෙවනො වා සවිපාකො වා. තත්‍ථ පඨමං සාසෙවනො දස‍්සිතො, සො තීණෙව විස‍්සජ‍්ජනානි ලභති. තෙන වුත‍්තං “ආසෙවනපච‍්චයා අවිගතෙ තීණී”ති. සවිපාකො පන ආසෙවනං න ලභති, තස‍්මා තං පහාය විපාකවසෙන ගණනාය දස‍්සනත්‍ථං අනන‍්තරායෙව “හෙතුපච‍්චයා…පෙ… විපාකපච‍්චයා ආහාරෙ එක”න‍්ති එකං නයං දස‍්සෙත්‍වා පච‍්ඡා තෙවීසතිමූලකොව දස‍්සිතො. එතෙසු පන ද‍්වීසු තෙවීසතිමූලකෙසු කිඤ‍්චාපි එකස‍්මිං විපාකපච‍්චයො නත්‍ථි, එකස‍්මිං ආසෙවනපච‍්චයො, පච‍්ඡාජාතපච‍්චයො පන උභයත්‍ථාපි. රුළ‍්හීසද‍්දෙන පනෙතෙ තෙවීසතිමූලකාත්‍වෙව වෙදිතබ‍්බා. තෙසු සාසෙවනෙ ආසෙවනස‍්ස වසෙන සබ‍්බත්‍ථ තීණෙව විස‍්සජ‍්ජනානි, සවිපාකෙ විපාකපච‍්චයස‍්ස වසෙන එකමෙවාති අයං හෙතුපච‍්චයං ආදිං කත්‍වා එකමූලකාදීසු ගණනා.

දොළොස්වන මූලකයෙහි වනාහි විපාක පච්චය නොලබයි. එහෙයින් ආසෙවන පච්චයා කම්මෙ තීණි යයි කියා විපාකය පරාමර්ශනය නොකොට ආහාරෙ තීණි යයි කියන ලදි. තෙළෙස් මූලකාදියෙහි ද මෙම නයම වේ. ඒවා වනාහි හකුළුවා තෙවිසි මූලකය ද මෙහි දක්වන ලදි. එය ද්විධ වේ. සාසේවන හෝ සවිපාක හෝ යනුවෙනි. පළමුව සාසේවනය දක්වන ලදි. එය විසඳුම් තුනක්ම ලබයි. එයින් කියන ලදි. ආසෙවන පච්චයා අවිගතෙ තීණි සවිපාකය වනාහි ආසේවනය නො ලබයි. එහෙයින් එය හැර විපාක වශයෙන් ගණනින් දැක්වීමට අනතුරුවම හෙතුපච්චයා.........විපාක පච්චයා ආහාරෙ එකං යන එක් නයක් දක්වා පසුව තෙවිසි මූලකයම දක්වන ලදි. මෙම තෙවිසි මූලක දෙකෙහි එකක විපාක පච්චය නැත. එකක ආසෙවනපච්චය නැත. දෙකෙහිම පච්ඡාජාතපච්චය නැත. රූඪි වශයෙන් වනාහි මේවා තෙවිසි මූලක වශයෙන් දතයුතුය. ඒවායෙහි සාසේවන ආසේවන වශයෙන් සියළු තැන විසඳුම් තුනක්ම වේ. සවිපාකයෙහි විපාක පච්චය වශයෙන් එකක්ම වේ. මෙය හේතුපච්ච මුල්කොට ඇති ඒක මූලකාදියෙහි ගණනය.

යං පනෙතං හෙතුමූලකානන‍්තරං “ආරම‍්මණෙ ඨිතෙන සබ‍්බත්‍ථ තීණෙව පඤ‍්හා”ති වුත‍්තං, තං ආරම‍්මණපච‍්චයං ආදිං කත්‍වා එකමූලකෙපි දුමූලකාදීසුපි සබ‍්බත්‍ථ ආරම‍්මණපදෙ චෙව ආරම‍්මණෙන සද‍්ධිං සෙසපච‍්චයයොජනාසු ච යත්‍ථ නවහි භවිතබ‍්බං, තත්‍ථ තයොව පඤ‍්හා හොන‍්තීති දස‍්සනත්‍ථං වුත‍්තං. විපාකපදෙ පන විපාකපදෙන සද‍්ධිං සෙසපච‍්චයයොජනාසු ච එකොව පඤ‍්හො හොතීති. ඉති යං හෙට‍්ඨා අවොචුම‍්හ “බහුගණනොපි පච‍්චයො අබහුගණනෙන සද‍්ධිං යුත‍්තො තෙන සමානගණනො හොතී”ති, තං සුවුත‍්තමෙව.

මේ හේතුමූලකයට අනතුරුව ආරම්මණයෙහි සිටි සියළු තැන ප්‍රශ්න තුනක්ම කියන ලදි. එය ආරම්මණ පච්චය මුල්කොට ඒක මූලකයෙහි ද දූමූලකාදියෙහි ද යම්තැනක නවයකින් වියයුතු ද එහි ප්‍රශ්න තුනක් වේයයි දැක්වීමට කියන ලදි. විපාක පදයෙහි වනාහි විපාක පදය සමග සෙසු පච්චය යෝජනාවල ද එකම ප්‍රශ්නයක් වේයයි යට කියන ලදහ. බොහෝ ගණන් ඇති පච්චය බොහෝ ගණන සමග යෙදී එය හා සමාන ගණන වේයයි එය මනාව කියන ලද්දේමය.

ඉදානි යෙ ආරම‍්මණාදීනං පච‍්චයානං වසෙන එකමූලකාදයො දස‍්සෙතබ‍්බා, තෙසු එකමූලකො තාව හෙතුඑකමූලකෙනෙව සදිසොති එකස‍්මිම‍්පි පච‍්චයෙ න දස‍්සිතො. ආරම‍්මණපච‍්චයවසෙන පන දුමූලකෙ ගණනං දස‍්සෙතුං ආරම‍්මණපච‍්චයා හෙතුයා තීණි, අධිපතියා තීණි…පෙ… අවිගතෙ තීණීති වුත‍්තං. එත්‍ථ ච “ආරම‍්මණපච‍්චයා අධිපතියා තීණි…පෙ… අවිගතෙ තීණී”ති වත‍්තබ‍්බෙ යෙ හෙතුපච‍්චයාදයො පච‍්චයා බහුගණනා, තෙසං ඌනතරගණනෙහි ච සමානගණනෙහි ච සද‍්ධිං සංසන්‍දනෙ යා ගණනා ලබ‍්භති, තං දස‍්සෙතුං ආරම‍්මණපච‍්චයස‍්ස පුරිමභාගෙ ඨිතම‍්පි හෙතුපච‍්චයං පච‍්ඡිමභාගෙව ඨපෙත්‍වා “ආරම‍්මණපච‍්චයා හෙතුයා තීණී”ති වුත‍්තං. තෙනෙතං ආවි කරොති – ආරම‍්මණපච‍්චයො යෙන යෙන බහුතරගණනෙන වා සමානගණනෙන වා පච‍්චයෙන සද‍්ධිං දුකතිකාදිභෙදං ගච‍්ඡති, සබ‍්බත්‍ථ තීණෙව පඤ‍්හාවිස‍්සජ‍්ජනානි වෙදිතබ‍්බානි. විපාකපච‍්චයෙන පන සද‍්ධිං සංසන්‍දනෙ එකමෙව ලබ‍්භති, තං විපාකපච‍්චයාදිකාය ගණනාය ආවි භවිස‍්සතීති ඉධ න දස‍්සිතං. යා චෙසා දුමූලකෙ ගණනා දස‍්සිතා, තිමූලකාදීසුපි එසාව ගණනාති ආරම‍්මණපච‍්චයවසෙන තිමූලකාදයො න විත්‍ථාරිතා.

දැන් ආරම්මණ පච්චයන්ගේ වශයෙන් යම් ඒක මූලකාදිය දැක්විය යුතු වේ. ඒවායින් ඒකමූලකය හේතු ඒක මූලකය සමග සමානයයි එකම පච්චයකුදු නොදක්වන ලදි. ආරම්මණ පච්චය වශයෙන් දූමූලකයෙහි ගණන දැක්වීමට ආරම්මණ පච්චයා හෙතුයා තීණි අධිපතියා තීණි.......අවිගතෙ තීණි යයි කියන ලදි. මෙහි ද ආරම්මණ පච්චයා අධිපතියා තීණි......අවිගතෙ තීණි යයි කිවයුතු තැන හේතු පච්චයාදි පච්චය බොහෝ ගණනක්, ඒවාට අඩු ගණනකින්ද සමාන ගණනකින්ද සමග සැසඳීමෙන් යම් ගණනක් ලැබේද එය දැක්වීමට ආරම්මණ පච්චයේ පෙර භාගයේ සිටි හේතුපච්චය පසුභාගයෙහි තබා ආරම්මණ පච්චයා හේතුයා තීණි යයි කියන ලදි. එයින් මෙය ප්‍රකට කරයි. ආරම්මණ පච්චය යම් බහුතර ගණනින් හෝ සමාන ගණනින් හෝ පච්චය සමග දුක තිකාදි භේදයට යයි. ඒ සියළු තැන ප්‍රශ්න විසඳීම් තුනම යයි දතයුතුය. විපාක පච්චය සමග වනාහි සැසඳීමෙහි එකක්ම ලැබේ. එය විපාක පච්චය සමග ගණනින් ප්‍රකට වන්නේ යයි මෙහි නොදක්වන ලදි. දුමූලකයෙහි මේ ගණන දක්වන ලදි. තිමූලකාදියෙහි ද මේ ගණන් ආරම්මණ පච්චය වශයෙන් තිමූලකාදිය විස්තර නොකරන ලදි.

ඉදානි අධිපතිපච‍්චයාදිවසෙන දුමූලකාදීසු ගණනං දස‍්සෙතුං අධිපතිපච‍්චයා හෙතුයා නවාතිආදි වුත‍්තං. තත්‍ථාපි වුත‍්තනයෙනෙව පච‍්චයසන‍්නිවෙසො වෙදිතබ‍්බො. යථා ච අධිපතිපච‍්චයා හෙතුයා නව, එවං සෙසෙසුපි හෙතුනා සමානගණනාසු නවෙව. ඉති යො යො පච‍්චයො ආදිම‍්හි තිට‍්ඨති, තෙන තෙන සද‍්ධිං සමානගණනානං සංසන්‍දනෙ ආදිම‍්හි ඨිතස‍්ස වසෙන ගණනා හොති. තෙන පන සද‍්ධිං ඌනතරගණනානං සංසන්‍දනෙ ඌනතරගණනානංයෙව වසෙන ගණනා හොතීති වෙදිතබ‍්බො. යථා ච ආරම‍්මණපච‍්චයවසෙන එවං අධිපතිපච‍්චයවසෙනාපි තතො පරෙසං අනන‍්තරාදීනං වසෙනාපි තිමූලකාදයො න විත්‍ථාරිතා. තස‍්මා දුමූලකෙ දස‍්සිතගණනාවසෙනෙව සබ‍්බත්‍ථ සාධෙතබ‍්බා. තෙනෙව වුත‍්තං “එකෙකං පච‍්චයං මූලකං කාතුන සජ‍්ඣායමග‍්ගෙන ගණෙතබ‍්බා”ති.

දැන් අධිපති පච්චයාදි වහයෙන් දූමූලකාදියෙහි ගණන දැක්වීමට අධිපති පච්චයා හෙතුයා නවා යනාදිය කියන ලදි. එහිද කියන ලද නයින්ම පච්චය සන්නිවේශය දතයුතුය. අධිපති පච්චයේ හේතු නවය යම්සේද එසේම සෙසු ඒවායේද සමාන ගණන්වල හේතු නවයම වේ. මෙසේ යම් යම් පච්චය මුලින් සිටීද එය එය සමග සමාන ගණන් වලදී දැක්වීමෙහි මුලින් සිටි පච්චය අනුව ගණන වේ. ආරම්මණ පච්චය වශයෙන් යම්සේද අධිපති පච්චය වශයෙන් ද එසේය. එයින් පසු සමනන්තරාදීන්ගේ වශයෙන් ද තිමූලකාදිය විස්තර නොකරන ලදි. එහෙයින් දූමූලකයෙහි දක්වන ලද ගණන වශයෙන් ම සියළු තැන සෑදිය යුතුය. එහෙයින්ම කියන ලදි. එකෙකං පච්චයං මූලකං කාතූන සජ්ඣාය මග්ගෙන ගණෙතබ්බා එක එක පච්චය මුල්කොට සජ්ඣාය මාර්ගයෙන් ගිණිය යුතුය.

පච‍්චයානුලොමවණ‍්ණනා.

පච්චයානුලෝමය නිමි.

පටිච‍්චවාරො

2. පච‍්චයපච‍්චනීයවණ‍්ණනා

2. පච්චය පච්චනීය වර්ණනාව

පච‍්චයපච‍්චනීයං පන යස‍්මා කුසලපදෙ න ලබ‍්භති කුසලධම‍්මස‍්ස හෙතුපච‍්චයෙන විනා අනුප‍්පත‍්තිතො, තස‍්මා අකුසලං ධම‍්මං පටිච‍්චාතිආදි ආරද‍්ධං. තත්‍ථ නහෙතුපච‍්චයාති හෙතුපච‍්චයපටික‍්ඛෙපො හෙතුපච‍්චයං විනා අඤ‍්ඤෙන පච‍්චයෙන උප‍්පජ‍්ජතීති අත්‍ථො. විචිකිච‍්ඡාසහගතො උද‍්ධච‍්චසහගතො මොහොති අයඤ‍්හි සම‍්පයුත‍්තධම‍්මානඤ‍්චෙව චිත‍්තසමුට‍්ඨානරූපස‍්ස ච සයං හෙතුපච‍්චයො හොති, අඤ‍්ඤස‍්ස පන සම‍්පයුත‍්තහෙතුනො අභාවා න හෙතුපච‍්චයා උප‍්පජ‍්ජතීති ඨපෙත්‍වා හෙතුපච‍්චයං සෙසෙහි අත‍්තනො අනුරූපපච‍්චයෙහි උප‍්පජ‍්ජති. ඉමිනා නයෙන සබ‍්බපච‍්චයපටික‍්ඛෙපෙසු අත්‍ථො වෙදිතබ‍්බො. අහෙතුකං විපාකාබ්‍යාකතන‍්ති ඉදං රූපසමුට‍්ඨාපකවසෙනෙව වෙදිතබ‍්බං. අඤ‍්ඤෙසුපි එවරූපෙසු එසෙව නයො.

පච්චයපච්චනීය වනාහි කුසල පදයෙහි නොලබයි. හේතුපච්චය හැර කුසල ධර්මයේ නො ඉපදීමෙන්, එහෙයින් අකුසල ධම්මං පටිච්ච යනාදිය අරඹන ලදි. එහි න හෙතුපච්චයා හේතුපච්චය ප්‍රතික්‍ෂෙපය, හේතු පච්චය හැර වෙන ප්‍රත්‍යයකින් උපදී යයි අර්ථය වේ. විචිකිච්ඡා සහගතො උද්ධච්ච සහගතො මොහො මෙය සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ ද චිත්ත සමුට්ඨාන රූපයේ ද තමාම හේතුපච්චය වේ. අන්‍ය සම්ප්‍රයුක්ත හේතුවේ අභාවයෙන් හේතුපච්චයෙන් නූපදීයයි හේතුපච්චය හැර තමාගේ සෙසු අනුරූප පච්චයවලින් උපදී. මෙම නයින් සියළු පච්චය ප්‍රතික්‍ෂෙපවල අර්ථය දතයුතුය. අහෙතුකං විපාකාබ්‍යාකතං මෙය රූප සමුට්ඨාන වශයෙන්ම දතයුතුය. මෙය රූප සමුට්ඨාන වශයෙන්ම දතයුතුය. මෙබඳු අනන්‍ය ඒවායේද මෙම නයම වේ.

නඅධිපතිපච‍්චයෙ කාමං අධිපතිපි අත‍්තනා සද‍්ධිං දුතියස‍්ස අධිපතිනො අභාවා නඅධිපතිපච‍්චයං ලභති, යථා පන විචිකිච‍්ඡුද‍්ධච‍්චසහගතො මොහො අහෙතුකො, න තථා අධිපතයො එව නිරාධිපති. ඡන්‍දාදීසු පන අඤ‍්ඤතරං අධිපතිං අකත්‍වා කුසලාදීනං උප‍්පත‍්තිකාලෙ සබ‍්බෙපි කුසලාදයො නිරාධිපතිනො. තස‍්මා මොහං විය විසුං අධිපතිමත‍්තමෙව අනුද‍්ධරිත්‍වා සබ‍්බසඞ‍්ගාහිකවසෙන එසා “එකං ඛන්‍ධං පටිච‍්ච තයො ඛන්‍ධා”තිආදිකා දෙසනා කතාති වෙදිතබ‍්බා.

අධිපති පච්චයෙහි නොවේ. අධිපති ද තමා සමග දෙවැනි අධිපතියෙකුගේ අභාවයෙන් අධිපති පච්චය නොලබයි. යම්සේ වනාහි විචිකිච්ඡා, උද්ධච්ච සහගත මෝහය අහේතුකය. අධිපති එසේ නොවේ. නිරාධිපති ඡන්‍දාදියෙහි වනාහි අන්‍ය අධිපතියකු නොකොට කුසලාදියේ උත්පත්ති කාලයෙහි සියළු කුසලාදිය නිරාධිපති වේ. එහෙයින් මෝහය මෙන් වෙනම අධිපති පමණක්ම නොඋදුරා සර්ව සංග්‍රාහික වශයෙන් මෙය එකං ඛන්‍ධං පටිච්ච තයො ඛන්‍ධා යනාදි දේශනා කරන ලදැයි දතයුතුය.

නානන‍්තරනසමනන‍්තරෙසු නාරම‍්මණෙ විය රූපමෙව පච‍්චයුප‍්පන‍්නං. තෙන වුත‍්තං “නාරම‍්මණපච‍්චයසදිස”න‍්ති. සහජාතපච‍්චයො පරිහීනො. යථා චෙස, තථා නිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයාපි. කිං කාරණා? එතෙහි විනා කස‍්සචි අනුප‍්පත‍්තිතො. සහජාතනිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයෙපි හි පච‍්චක‍්ඛාය එකොපි රූපාරූපධම‍්මො නුප‍්පජ‍්ජති, තස‍්මා තෙ පරිහීනා.

අනන්තර සමනන්තරවල න ආරම්මණයෙහි මෙන් රූපයම පච්චයුප්පත්ත නොවේ. එයින් කියන ලදි. නා රම්මණ පච්චය සදිසං සහජාත පච්චය පරිහීනය. එය මෙන්ම නිස්සය අත්‍ථි අවිගත පච්චය ද එසේ වේ. කරුණු කිම? මේවායින් තොරව කිසිවක් නූපදින හෙයින්, සහජාත නිස්සය අත්‍ථි අවිගත පච්චයවලද ප්‍රත්‍යක්‍ෂයෙන් එක ද රූපාරූප ධර්මයක් නූපදී. එහෙයින් ඒවා පරිහීනය.

නඅඤ‍්ඤමඤ‍්ඤපච‍්චයවිභඞ‍්ගෙ පටිසන්‍ධික‍්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච‍්ච කටත‍්තාරූපන‍්ති හදයවත්‍ථුවජ‍්ජං වෙදිතබ‍්බං.

අඤ්ඤමඤ්ඤ පච්චය විභංගයෙහි පටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතෙ ඛන්‍ධෙ පටිච්ච කටත්තා රූපං හෘදය වස්තුව වර්ජිත නොවන බව දතයුතුය.

නඋපනිස‍්සයපච‍්චයවිභඞ‍්ගෙ රූපමෙව පච‍්චයුප‍්පන‍්නං, තඤ‍්හි උපනිස‍්සයං න ලභති. අරූපං පන කිඤ‍්චාපි ආරම‍්මණූපනිස‍්සයපකතූපනිස‍්සයෙ න ලභෙය්‍ය, අනන‍්තරූපනිස‍්සයමුත‍්තකං පන නත්‍ථි. තෙන වුත‍්තං “නාරම‍්මණපච‍්චයසදිස”න‍්ති.

උපනිස්සය විභංගයෙහි රූපයම පච්චයුප්පන්න නොවේ. එහි උපනිස්සය නො ලබයි. අරූපය වනාහි කිසිම ආරම්මණ උපනිස්සය පකතූපනිස්සය නො ලබන්නේ ය. අනන්තර උපනිස්සය මුක්තකය වනාහි නැත. එයින් කියන ලදි. නාරම්මණ පච්චය සදිසං

නපුරෙජාතෙ චිත‍්තසමුට‍්ඨානරූපන‍්ති පඤ‍්චවොකාරවසෙන වුත‍්තං.

න පුරේජාතයෙහි චිත්ත සමුට්ඨානා රූපං පංචවෝකාර වශයෙන් කියන ලදි.

නපච‍්ඡාජාතපච‍්චයාති එත්‍ථ සහජාතපුරෙජාතපච‍්චයා සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. තස‍්මා සහජාතපච‍්චයසදිසා එත්‍ථ පාළි, සා නඅධිපතිපච‍්චයෙ විත්‍ථාරිතාති ඉධ සඞ‍්ඛිත‍්තා. නාසෙවනපච‍්චයෙ කුසලාකුසලා පඨමජවනවසෙන වෙදිතබ‍්බා, තථා කිරියාබ්‍යාකතං. පාළි පන ඉධාපි නඅධිපතිපච‍්චයෙ විත්‍ථාරිතවසෙන වෙදිතබ‍්බා. තෙනෙවාහ – “නපච‍්ඡාජාතපච‍්චයම‍්පි නාසෙවනපච‍්චයම‍්පි නාධිපතිපච‍්චයසදිස”න‍්ති.

න පච්ඡාජාත පච්චයා මෙහි සහජාත පුරේජාත පච්චය සංග්‍රහයට යයි. එහෙයින් සහජාත පච්චය සමාන යයි මෙහි පෙළයි. එය න අධිපති පච්චයෙහි විස්තර කරන ලදැයි මෙහි සංක්‍ෂේප කරන ලදි. නාසේවන පච්චයේ කුසලාකුසල පළමුවන ජවනය වශයෙන් දතයුතුය. කිරිය අබ්‍යාකතද එසේය. පෙළ වනාහි මෙහි ද න අධිපති පච්චයෙහි විස්තර කළ ලෙසින් දතයුතුය. එහෙයින් කීහ. න පච්ඡාජාත පච්චයම්පි නාසෙවන පච්චයම්පි නාධිපති පච්චය සදිසං

නකම‍්මපච‍්චයෙ විපාකචෙතනා නානාක‍්ඛණිකකම‍්මපච‍්චයං ලභතීති න ගහිතා. නාහාරපච‍්චයෙ එකච‍්චං රූපමෙව පච‍්චයුප‍්පන‍්නං, තථා නඉන්‍ද්‍රියපච‍්චයෙ.

න කම්ම පච්චයෙහි විපාක චේතනා නා නා ක්‍ෂණික කම්ම පච්චය ලබා යයි නො ගන්නා ලදි. නාහාර පච්චයෙහි එකක් රූපයම පච්චයුප්පන්න වේ. ඉන්‍ද්‍රිය පච්චයෙහි ද එසේය.

නඣානපච‍්චයෙ පඤ‍්චවිඤ‍්ඤාණධම‍්මා චෙව එකච‍්චඤ‍්ච රූපං පච‍්චයුප‍්පන‍්නං. පඤ‍්චවිඤ‍්ඤාණස‍්මිඤ‍්හි වෙදනා ච චිත‍්තෙකග‍්ගතා ච දුබ‍්බලත‍්තා උපනිජ‍්ඣානලක‍්ඛණං න පාපුණන‍්තීති ඣානපච‍්චයෙ න ගහිතා.

න ඣාන පච්චයෙහි පඤ්ච විඤ්ඤාණ ධර්ම ද එක් රූපයක් ද පච්චයුප්පන්න වේ. පඤ්ච විඤ්ඤාණයෙහි වේදනාවද චිත්තෙකග්ගතාවද දුබල බැවින් උපනිජ්ඣාන ලක්‍ෂණය නොපැමිණේ යයි ඣාන පච්චයෙහි නොගන්නා ලදි.

නමග‍්ගපච‍්චයෙ අහෙතුකවිපාකකිරියඤ‍්චෙව එකච‍්චඤ‍්ච රූපං පච‍්චයුප‍්පන‍්නං. නසම‍්පයුත‍්තනොනත්‍ථිනොවිගතෙසු රූපමෙව පච‍්චයුප‍්පන‍්නං. තෙන වුත‍්තං “නාරම‍්මණපච‍්චයසදිස”න‍්ති.

නමග්ග පච්චයෙහි අහේතුක විපාක කිරියද එක් රූපයක්ද පච්චයුප්පන් වේ. න සම්පයුත්ත නො නත්‍ථි අවිගතවල රූපයම පච්චයුප්පන්න වේ. එයින් කියන ලදි. නා රම්මණ පච්චය සදිසං.

නහෙතුයා ද‍්වෙති එකමූලකගණනාය යථාපාළිමෙව නිය්‍යාති.

න හෙතුයා ද්වෙ යයි ඒකමූල ගණනය සඳහා පෙළෙහි වෙත පැමිණවීය.

දුමූලකෙ නහෙතුපච‍්චයා නාරම‍්මණෙ එකන‍්ති එත්‍ථ කිඤ‍්චාපි බහුගණනෙන සද‍්ධිං ඌනතරගණනස‍්ස සංසන්‍දනෙ ඌනතරගණනවසෙන නහෙතුයා විය ද‍්වීහි භවිතබ‍්බං. නාරම‍්මණවසෙන පන අරූපධම‍්මානං පරිහීනත‍්තා අබ්‍යාකතං පටිච‍්ච රූපාබ්‍යාකතස‍්ස උප‍්පත‍්තිං සන්‍ධාය “එක”න‍්ති වුත‍්තං . සබ‍්බෙසු එකකෙසුපි එසෙව නයො. ද‍්වෙති වුත‍්තට‍්ඨානෙ පන නහෙතුයා ලද‍්ධවසෙන වාරද‍්වයං වෙදිතබ‍්බං.

දූ මූලකයෙහි න හෙතුපච්චයා නාරම්මණෙ එකං මෙහි බහු ගණන සමග ඌනතර ගණනේ සැසඳීමේ ඌනතර ගණන වශයෙන් න හේතුව මෙන් දෙකකින් විය යුතුය. නාරම්මණ වශයෙන් වනාහි අරූප ධර්මයන්ගේ පරිහීන බැවින් අබ්‍යාකතය නිසා රූප අබ්‍යාකතයේ උපත සඳහා එකං යයි කියන ලදි. සියළු ඒකකවල ද මේ නයම වේ. දෙව යයි කියූ තැන්වල වනාහි නහේතුවෙන් ලත් වාර දෙක දතයුතුය.

තිමූලකාදීසු පන සබ‍්බෙසු නාරම‍්මණපච‍්චයස‍්ස අපරිහීනත‍්තා එකමෙව විස‍්සජ‍්ජනන‍්ති අයං පච‍්චනීයෙ නහෙතුපච‍්චයං ආදිං කත්‍වා එකමූලකාදීසු ගණනා.

තිමූලකාදියෙහි වනාහි සියළු නාරම්මණ පච්චය අපරිහීන බැවින් එකම විසඳුමක් වේ. මේ පච්චනීයෙහි නහේතු පච්චය මුල්කොට ඒකමූලකාදියෙහි ගණන වේ.

නාරම‍්මණපච‍්චයාදයො පන එකමූලකෙ තාව පුරිමෙන සදිසත‍්තා ඉධාපි න දස‍්සිතායෙව. නාරම‍්මණපච‍්චයවසෙන දුමූලකෙ නාරම‍්මණපච‍්චයා, නහෙතුයා එකන‍්ති නහෙතුදුමූලකෙ වුත‍්තමෙව. නාධිපතියා පඤ‍්චාති නාරම‍්මණපච‍්චයෙ ලද‍්ධවසෙන වෙදිතබ‍්බාති එවං සබ‍්බසංසන්‍දනෙසු ඌනතරගණනස‍්සෙව පච‍්චයස‍්ස වසෙන ගණනා වෙදිතබ‍්බා. යත්‍ථ යත්‍ථ ච නාරම‍්මණපච‍්චයො පවිසති, තත්‍ථ තත්‍ථ රූපමෙව පච‍්චයුප‍්පන‍්නං. නානන‍්තරනසමනන‍්තරනඅඤ‍්ඤමඤ‍්ඤනඋපනිස‍්සයනාහාරනඉන්‍ද්‍රියනසම‍්පයුත‍්තනොනත්‍ථිනොවිගතපච‍්චයානං පවිට‍්ඨට‍්ඨානෙපි එසෙව නයො. නාහාරනඉන්‍ද්‍රියනඣානනමග‍්ගපච‍්චයා සබ‍්බත්‍ථ සදිසවිස‍්සජ‍්ජනා. නසහජාතාදිචතුක‍්කං ඉධාපි පරිහීනමෙවාති ඉදමෙත්‍ථ ලක‍්ඛණං. ඉමිනා පන ලක‍්ඛණෙන සබ‍්බෙසු දුමූලකාදීසු “අයං පච‍්චයො මූලං, අයමෙත්‍ථ දුමූලකො, අයං තිමූලකො, අයං සබ‍්බමූලකො”ති සල‍්ලක‍්ඛෙත්‍වා ඌනතරගණනස‍්ස පච‍්චයස‍්ස වසෙන ගණනා වෙදිතබ‍්බාති.

නාරම්මණ පච්චය ආදිය වනාහි එක මූලකයෙහි පෙර මෙන් සමාන බැවින් මෙහිද දක්වන ලද්දේමය. නාරම්මණ පච්චය වශයෙන් දූ මූලකයෙහි නාරම්මණ පච්චයා හෙතුයා එකං යයි න හෙතු දූ මූලකයෙහි කියන ලද්දේමය. නාධිපතියා පඤ්ච නාරම්මණ පච්චයෙහි ලැබූ සේ දතයුතුය. මෙසේ සියළු සැසඳීම්වල ඌනතර ගණනේ පච්චය වශයෙන් ගණන දතයුතුය. යම් යම් තැනක නාරම්මණ පච්චය පිවිසේද ඒ ඒ තැන්වල රූපයම පච්චයුප්පන්න වේ. න අනන්තර, න සමනන්තර, න අඤ්ඤමඤ්ඤ, න උපනිස්සය, න ආහාර, න ඉන්‍ද්‍රිය, න සම්පයුත්ත, නො නත්‍ථි, නො විගත පච්චයන්ගේ පිවිසි තැන්වලද මෙම නයම වේ. න ආහාර, න ඉන්‍ද්‍රිය, න ඣාන, න මග්ග පච්චය සියළු තැන්වල සමාන විසඳීම් වේ. න සහජාතාදි සතර මෙහිම පරිහීනම වේ. මෙහි මේ ලක්‍ෂණ වේ. මෙම ලක්‍ෂණයෙන් සියළු දූ මූලවල මේ පච්චය මූල වේ. මෙය මෙහි දූ මූලක වේ. මෙය තිමූලක වේ. මෙය සබ්බමූලක වේ යයි සලකා ඌනතර ගණන පච්චයේ වශයෙන් ගණන දතයුතුය.

පච‍්චයපච‍්චනීයවණ‍්ණනා.

පච්චය පච්චනීය නිමි.

3. පච‍්චයානුලොමපච‍්චනීයවණ‍්ණනා

3. පච්චයානුලෝම පච්චනීය වර්ණනාව

ඉදානි අනුලොමපච‍්චනීයෙ ගණනං දස‍්සෙතුං හෙතුපච‍්චයා නාරම‍්මණෙ පඤ‍්චාතිආදි ආරද‍්ධං. තත්‍ථ හෙතාධිපතිමග‍්ගපච‍්චයෙසු අනුලොමතො ඨිතෙසු සහජාතාදයො චත‍්තාරො සබ‍්බට‍්ඨානිකපච‍්චයා, ආහාරින්‍ද්‍රියඣානමග‍්ගපච‍්චයා චත‍්තාරොති ඉමෙ අට‍්ඨ පච‍්චනීයතො න ලබ‍්භන‍්ති. හෙතුපච‍්චයාදිවසෙන හි උප‍්පජ‍්ජමානො ධම‍්මො ඉමෙ අට‍්ඨ පච‍්චයෙ අලභන‍්තො නාම නත්‍ථි. ආරම‍්මණඅනන‍්තරසමනන‍්තරඋපනිස‍්සයසම‍්පයුත‍්තනත්‍ථිවිගතපච‍්චයෙසු පන අනුලොමතො ඨිතෙසු අරූපට‍්ඨානිකා පච‍්චනීකතො න ලබ‍්භන‍්ති. න හි ආරම‍්මණපච‍්චයාදීහි උප‍්පජ‍්ජමානා අනන‍්තරසමනන‍්තරපච‍්චයාදයො න ලභන‍්ති. සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයකම‍්මාහාරින්‍ද්‍රියඅත්‍ථිඅවිගතපච‍්චයෙසු පන අනුලොමතො ඨිතෙසු චත‍්තාරො සබ‍්බට‍්ඨානිකායෙව, පච‍්චනීකතො න ලබ‍්භන‍්ති. එතෙසඤ‍්හි පච‍්චයානං වසෙන උප‍්පජ‍්ජමානො සබ‍්බට‍්ඨානිකෙ අලභන‍්තො නාම නත්‍ථි. පච‍්ඡාජාතපච‍්චයස‍්ස අනුලොමතො ඨානං නාම නත්‍ථි. එවං සෙසෙසු අනුලොමතො ඨිතෙසු යෙ ච ලබ‍්භන‍්ති, යෙ ච න ලබ‍්භන‍්ති, තෙ සල‍්ලක‍්ඛෙත්‍වා සබ‍්බෙසුපි දුමූලකාදීසු නයෙසු තෙසං තෙසං පච‍්චයානං සංසන්‍දනෙ ඌනතරගණනානංයෙව වසෙන ගණනා වෙදිතබ‍්බාති.

දැන් අනුලෝම පච්චනීය ගණන දැක්වීමට හෙතුපච්චයා නා රම්මණෙ පඤ්ච යනාදිය අරඹන ලදි. එහි හේතු අධිපති මග්ග පච්චයවල අනුලෝමයෙන් සිටි සහජාතාදි සතර සබ්බඨානික පච්චය ආහාර ඉන්‍ද්‍රිය ඣාන මග්ග පච්චය සතරදැයි මේ අට පච්චනීක වශයෙන් නො ලබයි. හේතු පච්චයාදි වශයෙන් උපදින ධර්ම මේ පච්චය අට නොලබන්නෝ නම් නැත්තාහ. ආරම්මණ අනන්තර සමනන්තර උපනිස්ස සම්පයුත්ත නත්‍ථි විගත පච්චයවල වනාහි අනුලෝම වශයෙන් සිටි අරූපට්ඨානික පච්චනීක වශයෙන් නොලබයි. ආරම්මණ පච්චයාදීන් උපදිනු ලබන අනන්තර සමනන්තර පච්චයාදිය නොලබන්නේ නොවේ. සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය කම්ම ආහාර ඉන්‍ද්‍රිය අත්‍ථි අවිගත පච්චයවල වනාහි අනුලෝමයෙන් සිටි සතර සබ්බඨානිකම පච්චනීක වශයෙන් නොලබයි. මේ පච්චයන්ගේ වශයෙන් උපදින සබ්බඨානිකයෙහි නොලබ්නනේ නම් නැත. පච්ඡාජාත පච්චයේ අනුලෝම වශයෙන් ස්ථානයක් නම් නැත. මෙසේ සෙසු ඒවාවල අනුලෝමයෙන් සිටි ලැබෙන ඒවාද නොලැබෙන ඒවාද සලකා සියළු දූ මූලක නයවල ඒ ඒ පච්චයන්ගේ සැසඳීමේ ඌනතර ගණනම වශයෙන් ගණන දතයුතුය.

පච‍්චයානුලොමපච‍්චනීයවණ‍්ණනා.

පච්චයානුලෝම පච්චනීය නිමි.

4. පච‍්චයපච‍්චනීයානුලොමවණ‍්ණනා

4. පච්චය පච්චනීයානුලෝම වර්ණනාව

ඉදානි පච‍්චනීයානුලොමෙ ගණනං දස‍්සෙතුං නහෙතුපච‍්චයා ආරම‍්මණෙ ද‍්වෙතිආදි ආරද‍්ධං. තත්‍ථ හෙතුම‍්හි පච‍්චනීකතො ඨිතෙ ඨපෙත්‍වා අධිපතිං අවසෙසා අනුලොමතො ලබ‍්භන‍්ති. පච‍්ඡාජාතො පන අනුලොමතො සබ‍්බත්‍ථෙව න ලබ‍්භති, යෙ නව පච‍්චයා “අරූපානඤ‍්ඤෙවා”ති වුත‍්තා, තෙසු පුරෙජාතඤ‍්ච ආසෙවනඤ‍්ච ඨපෙත්‍වා අවසෙසෙසු සත‍්තසු පච‍්චනීකතො ඨිතෙසු සෙසා අරූපට‍්ඨානිකා අනුලොමතො න ලබ‍්භන‍්ති. යො හි ආරම‍්මණාදීහි නුප‍්පජ‍්ජති, න සො අනන‍්තරාදයො ලභති. පටිසන්‍ධිවිපාකො පන පුරෙජාතතො, සබ‍්බවිපාකො ච සද‍්ධිං කිරියමනොධාතුයා ආසෙවනතො අනුප‍්පජ‍්ජමානොපි අනන‍්තරාදයො ලභති, තස‍්මා “පුරෙජාතඤ‍්ච ආසෙවනඤ‍්ච ඨපෙත්‍වා”ති වුත‍්තං.

දැන් පච්චනීයානුලෝමයෙහි ගණන දැක්වීමට න හෙතුපච්චයා ආරම්මණෙ ද්වෙ යනාදිය ඇරඹීය. එහි හේතුවෙහි පච්චනීකයෙන් සිටි අධිපති හැර සෙස්ස අනුලෝමයෙන් ලබයි. පච්ඡාජාතය වනාහි අනුලෝමයෙන් සියළු තැන්වල නො ලබයි. යම් නව පච්චයන් අරූපයෙහිම යයි කියන ලදි. ඒවායෙහි පුරේජාතයද ආසේවනය ද හැර අවසේස සතෙහි පච්චනීකයෙන් සිටි සෙසු අරූපඨානිකයෝ අනුලෝමයෙන් නොලබති. යමෙක් ආරම්මණාදියෙන් නූපදී. එය අනන්තරාදි නොලබයි. පටිසන්ධි විපාකය වනාහි පුරේජාතයෙන් සියළු විපාකද කිරිය මනෝධාතුව සමග ආසේවනයෙන් නූපදින්නේම අනන්තරාදිය ලබයි. එහෙයින් පුරේජාත පච්ඡාජාත ආසේවනයද හැර යයි කියන ලදි.

පුරෙජාතපච‍්ඡාජාතආසෙවනවිපාකවිප‍්පයුත‍්තෙසු පච‍්චනීකතො ඨිතෙසු එකං ඨපෙත්‍වා අවසෙසා අනුලොමතො ලබ‍්භන‍්ති. කම‍්මපච‍්චයෙ පච‍්චනීකතො ඨිතෙ ඨපෙත්‍වා විපාකපච‍්චයං අවසෙසා අනුලොමතො ලබ‍්භන‍්ති. ආහාරින්‍ද්‍රියෙසු පච‍්චනීකතො ඨිතෙසු ඨපෙත්‍වා සබ‍්බට‍්ඨානිකෙ චෙව අඤ‍්ඤමඤ‍්ඤකම‍්මාහාරින්‍ද්‍රියපච‍්චයෙ ච අවසෙසා අනුලොමතො න ලබ‍්භන‍්ති, ඉතරෙ යුජ‍්ජමානකවසෙන ලබ‍්භන‍්ති. ඣානපච‍්චයෙ පච‍්චනීකතො ඨිතෙ. හෙතාධිපතිආසෙවනමග‍්ගපච‍්චයා අනුලොමතො න ලබ‍්භන‍්ති. මග‍්ගපච‍්චයෙ පච‍්චනීකතො ඨිතෙ හෙතාධිපතිපච‍්චයා අනුලොමතො න ලබ‍්භන‍්ති. විප‍්පයුත‍්තපච‍්චයෙ පච‍්චනීකතො ඨිතෙ පුරෙජාතපච‍්චයං ඨපෙත්‍වා අවසෙසා අනුලොමතො ලබ‍්භන‍්ති. එවං තෙසු තෙසු පච‍්චයෙසු පච‍්චනීකතො ඨිතෙසු යෙ යෙ අනුලොමතො න ලබ‍්භන‍්ති, තෙ තෙ ඤත්‍වා තෙසං තෙසං පච‍්චයානං සංසන්‍දනෙ ඌනතරගණනානං වසෙන ගණනා වෙදිතබ‍්බා.

පුරේජාත පච්ඡාජාත ආසේවන විපාක විප්පයුත්තවල පච්චනීකයෙන් සිටි එක හැර අවසේස අනුලෝමයෙන් ලබයි. කම්ම පච්චයේ පච්චනීකයෙන් සිටි විපාක පච්චය හැර අවසේස අනුලෝමයෙන් ලබයි. ආහාර ඉන්‍ද්‍රියවල පච්චනීකයෙන් සිටි සබ්බඨානික මෙන්ම අඤ්ඤමඤ්ඤ කම්ම ආහාර ඉන්‍ද්‍රිය පච්චයන් හැර අවසේස පච්චය අනුලෝමයෙන් නො ලබයි. ඉතිරි ඒවා යෙදීම් වශයෙන් ලබයි. ඣාන පච්චයේ පච්චනීකයෙන් සිටි හේතු අධිපති ආසේවන මග්ග පච්චය අනුලෝමයෙන් නො ලබයි. මග්ග පච්චයේ පච්චනීකයෙන් සිටි හේතු අධිපති පච්චය අනුලෝමයෙන් නො ලබයි. විප්පයුත්ත පච්චයේ අනුලෝමයෙන් සිටි පුරේජාත පච්චය හැර අවසේස පච්චය අනුලෝමයෙන් ලබයි. මෙසේ ඒ ඒ පච්චයවල පච්චනීකයෙන් සිටි යම් යම් අනුලෝමයෙන් නො ලබයිද ඒ ඒවා දැන ඒ ඒ පච්චයන්ගේ සැසඳීමෙහි ඌනතර ගණන් මුල වශයෙන් ගණන් දතයුතුය.

දුමූලකාදීසු ච නයෙසු යං යං පච‍්චයං ආදිං කත්‍වා යෙ යෙ දුකාදයො දස‍්සිතා, තෙ තෙ ලබ‍්භමානාලබ‍්භමානපච‍්චයවසෙන යථා යථා දස‍්සිතා, තථා තථා සාධුකං සල‍්ලක‍්ඛෙතබ‍්බා. තත්‍ථ යං නහෙතුවසෙන දුමූලකාදයො නයෙ දස‍්සෙන‍්තෙන නහෙතුපච‍්චයා නාරම‍්මණපච‍්චයා…පෙ… නාසෙවනපච‍්චයාති වත්‍වා “යාව ආසෙවනා සබ‍්බං සදිස”න‍්ති වුත‍්තං. තස‍්ස, “නඅඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා සහජාතෙ එක”න‍්තිආදීහි සදිසතා වෙදිතබ‍්බා. යං පන “නකම‍්මෙ ගණිතෙ පඤ‍්ච ගණ‍්හාතී”ති සීහළභාසාය ලිඛිතං, තස‍්සත්‍ථො – නහෙතුපච‍්චයං ආදිං කත්‍වා නකම‍්මපච‍්චයාති එවං නකම‍්මපච‍්චයෙන ඝටිතෙ සහජාතෙ එකන‍්ති එවං දස‍්සිතා පඤ‍්චෙව පච‍්චයා අනුලොමතො ලබ‍්භන‍්ති, න අඤ‍්ඤෙති. එවං අඤ‍්ඤෙසුපි එවරූපෙසු ඨානෙසු බ්‍යඤ‍්ජනං අනාදියිත්‍වා අධිප‍්පෙතත්‍ථොයෙව ගහෙතබ‍්බො. එවරූපඤ‍්හි බ්‍යඤ‍්ජනං අත‍්තනො සඤ‍්ඤානිබන්‍ධනත්‍ථං පොරාණෙහි සකසකභාසාය ලිඛිතං.

දූ මූලකාදි නයවලද යම් යම් පච්චය මුල්කොට යම් යම් දුකාදිය දක්වන ලදි. ඒ ඒ ලැබෙන නොලැබෙන පච්චය වශයෙන් යම්සේ දක්වන ලදද එසේ මනාව සැලකිය යුතුය. එහි යමක් න හේතු වශයෙන් දූ මූලකාදි නයෙහි දක්වන්නේ න හෙතුපච්චයා නාරම්මණ පච්චයා නාසෙවන පච්චයා යයි කියා යාව ආසේවනා සබ්බං සදිසං යයි කියන ලදි. එහි න අඤ්ඤමඤ්ඤ පච්චය සහජාතයෙහි එකක් යයි ආදියෙන් සමාන බව දතයුතුය. යමක් වනාහි න කම්මෙ ගණිතෙ පඤ්ච පඤ්හාති යයි සිංහල භාෂාවෙන් ලියන ලදි. එහි අර්ථය නහේතු පච්චය මුල්කොට නකම්මපච්චය යයි මෙසේ න කම්ම පච්චයෙන් ගැටුණු සහජාතයෙහි එකක් යයි මෙසේ දක්වන ලද පච්චය පහම අනුලෝමයෙන් ලබයි. අනිකක් නොවේ. මෙසේ අන්‍ය වූද මෙබඳු වූ ස්ථානවල බ්‍යඤ්ජනය (අකුරු) නොගෙන අදහස් කළ අර්ථයම ගතයුතුය. මෙබඳු වූ බ්‍යඤ්ජන තමාගේ දැනගැනීම් අර්ථය සඳහා පුරාණයන් විසින් තම තමාගේ භාෂාවෙන් ලියන ලදි.

අපිච ඉමස‍්මිං පච‍්චනීයානුලොමෙ පච‍්චයුප‍්පන‍්නධම‍්මෙසුපි අත්‍ථි ධම‍්මො කම‍්මපච‍්චයං ලභති, න ඉන්‍ද්‍රියපච‍්චයං. සො අසඤ‍්ඤෙසු චෙව පඤ‍්චවොකාරෙ පවත‍්තෙ ච රූපජීවිතින්‍ද්‍රියවසෙන වෙදිතබ‍්බො. අත්‍ථි ධම‍්මො මග‍්ගපච‍්චයං ලභති, නහෙතුපච‍්චයං. සො විචිකිච‍්ඡුද‍්ධච‍්චසහජාතමොහවසෙන වෙදිතබ‍්බො. අත්‍ථි ධම‍්මො ඣානපච‍්චයං ලභති, නමග‍්ගපච‍්චයං. සො මනොධාතුඅහෙතුකමනොවිඤ‍්ඤාණධාතුවසෙන වෙදිතබ‍්බො. යත්‍ථ කටත‍්තාරූපානි නානාක‍්ඛණිකකම‍්මවසෙනෙව කම‍්මපච‍්චයං ලභන‍්ති, තත්‍ථ රූපධම‍්මා හෙතාධිපතිවිපාකින්‍ද්‍රියඣානමග‍්ගපච‍්චයෙ න ලභන‍්ති, සබ‍්බට‍්ඨානිකා පච‍්චනීයා න හොන‍්ති. අහෙතුකෙ අධිපතිපච‍්චයො නත්‍ථීති ඉමෙසම‍්පි පකිණ‍්ණකානං වසෙනෙත්‍ථ ගණනවාරො අසම‍්මොහතො වෙදිතබ‍්බො.

තව ද මේ පච්චනීයානුලෝමයෙහි පච්චයුප්පන්න ධර්මවලද අත්‍ථි ධර්මය කම්ම පච්චය ලබයි. ඉන්‍ද්‍රිය පච්චය නොවේ. එය අසඤ්ඤයෙහි මෙන්ම පංච වෝකාරයෙහි පවතින රූප ජීවිතේන්‍ද්‍රිය වශයෙන් දතයුතුය. අත්‍ථි ධර්මය මග්ග පච්චය ලබයි. හේතුපච්චය නොවේ. එය විචිකිච්ඡා උද්ධච්ච සහජාත මෝහ වශයෙන් දතයුතුය. අත්‍ථි ධර්මය ඣාන පච්චය ලබයි. මග්ග පච්චය නොවේ. එය මනෝධාතු අහේතුක මනෝ විඤ්ඤාණ ධාතු වශයෙන් දතයුතුය. යම්තැනක කටත්තා රූප නා නා ක්‍ෂණික කම්ම වසයෙන් ම කම්ම පච්චය ලබයි. එහි රූපධර්ම හේතු අධිපති විපාක ඉන්‍ද්‍රිය ඣාන මග්ග පච්චයන් නොලබයි. සබ්බඨානික පච්චනීය නොවේ. අහේතුකයෙහි අධිපති පච්චය නැතැයි මේවායේ ද ප්‍රකීර්ණක වශයෙන් මෙහි ගණන වාරය මුළා නොවීමෙන් දතයුතුය.

තත්‍රායං නයො – නහෙතුපච‍්චයා ආරම‍්මණෙ ද‍්වෙති එත්‍ථ තාව අහෙතුකමොහො චෙව අහෙතුකවිපාකකිරියා ච පච‍්චයුප‍්පන‍්නං, තස‍්මා අකුසලෙනාකුසලං, අබ්‍යාකතෙන අබ්‍යාකතං සන්‍ධායෙත්‍ථ ද‍්වෙති වුත‍්තං. සෙසෙසුපි එසෙව නයො. ආසෙවනෙ පන විපාකං න ලබ‍්භති, තථා කිරියමනොධාතු. තස‍්මා කිරියාහෙතුමනොවිඤ‍්ඤාණධාතුවසෙනෙත්‍ථ අබ්‍යාකතෙන අබ්‍යාකතං වෙදිතබ‍්බං. විපාකෙ එකන‍්ති අබ්‍යාකතෙන අබ්‍යාකතමෙව. මග‍්ගෙ එකන‍්ති අකුසලෙන අකුසලමෙව.

එහි නය මෙසේය. හෙතු පච්චයා ආරම්මණෙ ද්වෙ යයි මෙහි අහේතුක මෝහය මෙන්ම අහේතුක විපාක කිරිය ද පච්චයුප්පන්න වේ. එහෙයින් අකුසලයෙන් කුසලය අබ්‍යාකතයෙන් අබ්‍යාකතය සඳහා මෙහි ද්වෙ යයි කියන ලදි. සෙස්සෙහි ද මෙම නයම වේ. ආසේවන වනාහි විපාක නො ලබයි. කිරිය මනෝධාතුව ද එසේය. එහෙයින් කිරිය අහේතු මනෝවිඤ්ඤාණ ධාතු වශයෙන් මෙහි අබ්‍යාකතයෙන් අබ්‍යාකත දතයුතුය. විපාකෙ එකං යයි අබ්‍යාකතයෙන් අබ්‍යාකතම වේ. මග්ගෙ එකං අකුසලයෙන් අකුසලම වේ.

නාරම‍්මණමූලකෙ හෙතුයා පඤ‍්චාති රූපමෙව සන්‍ධාය වුත‍්තං. තඤ‍්හි කුසලං අකුසලං අබ්‍යාකතං කුසලාබ්‍යාකතං අකුසලාබ්‍යාකතඤ‍්චාති පඤ‍්ච කොට‍්ඨාසෙ පටිච‍්ච උප‍්පජ‍්ජති. සබ‍්බපඤ‍්චකෙසු එසෙව නයො. අඤ‍්ඤමඤ‍්ඤෙ එකන‍්ති භූතරූපානි චෙව වත්‍ථුඤ‍්ච සන්‍ධාය වුත‍්තං. තානි හි නාරම‍්මණපච‍්චයා අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා උප‍්පජ‍්ජන‍්ති. තිමූලකෙපි එසෙව නයො.

නාරම්මණ මූලකයෙහි හෙතුසා පඤ්ච රූපයම සඳහා කියන ලදි. එහි කුසලය, අකුසලය, අබ්‍යාකතය, කුසල අබ්‍යාකතය, අකුසල අබ්‍යාකත යයි කොටස් පහ නිසා උපදියි. සියළු පංචකයෙහි මෙම නය වේ. අඤ්ඤමඤ්ඤෙ එකං යයි භූත රූපවල මෙන්ම වස්තු රූපයද සඳහා කියන ලදි. ඒවා නාරම්මණ පච්චයේ අඤ්ඤමඤ්ඤ පච්චයේ උපදී. තිමූලකයෙහිද මෙම නය වේ.

නාධිපතිමූලකෙ හෙතුයා නවාති අනුලොමෙ හෙතුම‍්හි වුත‍්තානෙව. තීණීතිආදීනිපි හෙට‍්ඨා අනුලොමෙ වුත‍්තසදිසානෙව. තිමූලකෙ ද‍්වෙති හෙට‍්ඨා නහෙතුපච‍්චයා ආරම‍්මණෙ වුත‍්තසදිසානෙව.

නාධිපති මූලකයෙහි හෙතුයා නවා යයි අනුලෝම හේතුවෙහි කියන ලදි. තීණි යයි ආදියද යට අනුලෝමයෙහි කියන ලද්දට සමාන වේමය.

නපුරෙජාතමූලකෙ හෙතුයා සත‍්තාති හෙට‍්ඨා “ආරුප‍්පෙ කුසලං එකං ඛන්‍ධං පටිච‍්චා”තිආදිනා නයෙන පුරෙජාතෙ දස‍්සිතානෙව. සබ‍්බසත‍්තකෙසු එසෙව නයො. නකම‍්මමූලකෙ හෙතුයා තීණීතිආදීසු චෙතනාව පච‍්චයුප‍්පන‍්නා. තස‍්මා කුසලං අකුසලං අබ්‍යාකතඤ‍්ච පටිච‍්ච උප‍්පත‍්තිං සන්‍ධාය තීණීති වුත‍්තං. ඉමිනා නයෙන “එකං ද‍්වෙ තීණි පඤ‍්ච සත‍්ත නවා”ති ආගතට‍්ඨානෙසු ගණනා වෙදිතබ‍්බා. “චත‍්තාරි ඡ අට‍්ඨා”ති ඉමා පන තිස‍්සො ගණනා නත්‍ථෙවාති.

න පුරේජාත මූලකයෙහි හෙතුයා සත්තා යට ‘ආරුප්පෙ කුසලං එකං ඛන්‍ධං පටිච්ච’ යනාදි නයින් පුරේජාතයෙහි දක්වන ලදමය. සියළු සත්තකවල මේ නයම වේ. න කම්ම මූලකයෙහි හෙතුයා තීණි යනාදියෙහි චේතනාව පච්චයුප්පන්න වේ. එහෙයින් කුසලය අකුසලය අබ්‍යාකතය ද නිසා උපත සඳහා තීණි යයි කියන ලදි. මෙම නයින් එකං ද්වෙ තීණි පඤ්ච සත්ත නවා ආ තැන්වල ගණන දතයුතුය. සතර සය අට යන මේ තුනට ගණන් නැත්තේමය.

පච‍්චයපච‍්චනීයානුලොමවණ‍්ණනා.

පච්චය පච්චනීයානුලෝමය නිමි.

නිට‍්ඨිතා ච පටිච‍්චවාරස‍්ස අත්‍ථවණ‍්ණනා.

පටිච්ච වාරයේ අර්ථ වර්ණනාව නිමි.