2. සහජාතවාරවණ්ණනා අට්ඨකථා
2. සහජාතවාරවණ්ණනා
2. සහජාත වාර වර්ණනාව
සහජාතවාරෙ කුසලං ධම්මං සහජාතොති කුසලං ධම්මං පටිච්ච තෙන සහජාතො හුත්වාති අත්ථො. සෙසමෙත්ථ පටිච්චවාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. අවසානෙ පනස්ස “පටිච්චත්තං නාම සහජාතත්තං, සහජාතත්තං නාම පටිච්චත්ත”න්ති ඉදං උභින්නම්පි එතෙසං වාරානං අත්ථතො නින්නානාකරණභාවදස්සනත්ථං වුත්තං. අත්ථතො හි එතෙ ද්වෙපි නින්නානාකරණා. එවං සන්තෙපි අඤ්ඤමඤ්ඤස්ස අත්ථනියමනත්ථං වුත්තා. “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ චා”තිආදීසු හි අසහජාතම්පි පටිච්ච උප්පජ්ජතීති වුච්චති. සහජාතම්පි ච උපාදාරූපං භූතරූපස්ස පච්චයො න හොති. ඉති පටිච්චවාරෙන සහජාතපච්චයභාවං, සහජාතවාරෙන ච පටිච්චාති වුත්තස්ස සහජාතභාවං නියමෙතුං උභොපෙතෙ වුත්තා. අපිච තථා බුජ්ඣනකානං අජ්ඣාසයවසෙන දෙසනාවිලාසෙන නිරුත්තිපටිසම්භිදාප්පභෙදජානනවසෙන චාපි එතෙ උභොපි වුත්තාති.
සහජාත වාරයෙහි කුසලං ධම්මං සහජාතො යයි කුසල ධර්ම නිසා එයින් සහජාත වී යයි අර්ථය වේ. මෙහි සෙස්ස පටිච්ච වාරයෙහි කියන ලද නයින්ම දතයුතුය. අවසානයෙහි වනාහි පටිච්චට්ඨං නාම සහජාතට්ඨං සහජාතට්ඨං සහජාතට්ඨං නාම පටිච්චට්ඨං මේ දෙකම මේවායේ වාරවල අර්ථ වශයෙන් වෙනසක් නැති බව දැක්වීම සඳහා කියන ලදි. අර්ථ වශයෙන් මේ දෙකෙහිම වෙනසක් නැති බව පැවතුනද ඔවුනොවුන්ගේ අර්ථ නියාමය සඳහා කියන ලදි. ‘චක්ඛුඤ්ච පටිච්ච රූපෙච’ ආදියෙහි අසහජාතද නිසා උපදී යයි කියයි. සහජාතද උපාදාරූපය භූත රූපයට පච්චය නොවේ. මෙසේ පටිච්ච වාරයෙන් සහජාත පච්චයභාවය මේ දෙකෙහිම කියන ලදි. තවද එසේ අවබෝධ කරන්නන්ගේ අදහස් වශයෙන් දේශනා විලාසයෙන් නිරුක්ති පටිසම්භිදා ප්‍රභේද දැනීම් වශයෙන්දැයි මේ දෙකම කියන ලදි.
සහජාතවාරවණ්ණනා නිට්ඨිතා.
සහජාත වාර වර්ණනාව නිමි.
3. පච්චයවාරවණ්ණනා
3. පච්චය වාර වර්ණනාව
පච්චයවාරෙ කුසලං ධම්මං පච්චයාති කුසලධම්මෙ පතිට්ඨිතො හුත්වා කුසලං ධම්මං නිස්සයට්ඨෙන පච්චයං කත්වාති අත්ථො. කුසලං එකං ඛන්ධං පච්චයාති කුසලං එකං ඛන්ධං නිස්සයපච්චයං කත්වා තයො ඛන්ධා උප්පජ්ජන්ති හෙතුපච්චයාති වුත්තං හොති. ඉමිනාවුපායෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො. වත්ථුං පච්චයා විපාකාබ්‍යාකතා කිරියාබ්යාකතා ඛන්ධාති ඉදං පඤ්චවොකාරෙ පවත්තිවසෙන වුත්තං. පඤ්චවොකාරෙ පවත්තියඤ්හි ඛන්ධානං පුරෙජාතං වත්ථු නිස්සයපච්චයො හොති. පටිච්චට්ඨස්ස පන සහජාතට්ඨත්තා පටිච්චවාරෙ එස නයො න ලබ්භතීති පටිසන්ධියං සහජාතමෙව වත්ථුං සන්ධාය “වත්ථුං පටිච්ච ඛන්ධා”ති වුත්තං. කුසලං එකං ඛන්ධඤ්ච වත්ථුඤ්ච පච්චයා තයො ඛන්ධාතිආදීසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
පච්චය වාරයෙහි කුසලං ධම්මං පච්චයා කුසල ධර්මයෙහි පිහිටා කුසලා ධර්ම නිස්ස අර්ථයෙන් පච්චය කොට යන අර්ථයයි. කුසලං එකං ඛන්ධං පච්චයා කුසලය එක් ස්කන්ධයකට නිස්සය පච්චය කොට හේතු පච්චයෙන් ස්කන්ධ තුනක් උපදී යයි කියන ලද්දේ වේ. මෙම උපායෙන් සියළු පදවල අර්ථය දතයුතුය. වත්ථුං පච්චයා විපාකාබ්‍යාකතා කිරියාබ්යාකතා ඛන්ධා මෙය පංචවෝකාරයේ පැවතීම් වශයෙන් කියන ලදි. පංචවෝකාරයෙහි පවතින ස්කන්ධයන්ගේ පුරේජාතය වත්ථු නිස්සය පච්චය වේ. පටිච්ච අර්ථයෙහි වනාහි සහජාත අර්ථබව පටිච්ච වාරයෙහි මේ නය නොලැබේ යයි පටිසන්ධියෙහි සහජාතයම වත්ථු සඳහා වත්ථු ස්කන්ධ යයි කියන ලදි. කුසලං එකං ඛන්ධංච වත්ථුංච පච්චයා තයො ඛන්ධා යනාදියෙහි ද මෙම නයින්ම අර්ථය දතයුතුය.
අබ්යාකතං ධම්මං පච්චයා කුසලො ච අබ්යාකතො චාති කුසලාබ්යාකතානං හෙතුපච්චයවසෙන එකතො උප්පත්තිං සන්ධාය වුත්තං. කුසලුප්පත්තික්ඛණස්මිඤ්හි වත්ථුං නිස්සාය කුසලා ඛන්ධා, චිත්තසමුට්ඨානෙ ච මහාභූතෙ නිස්සාය චිත්තසමුට්ඨානං උපාදාරූපං හෙතුපච්චයවසෙන එකතො උප්පජ්ජති. ඉති පච්චයභූතස්ස අබ්‍යාකතස්ස නානත්තෙපි පච්චයුප්පන්නානං හෙතුපච්චයවසෙන එකතො උප්පත්තිං සන්ධායෙතං වුත්තන්ති වෙදිතබ්බං. අඤ්ඤෙසුපි එවරූපෙසු ඨානෙසු එසෙව නයො. එවං ඉමස්මිං හෙතුපච්චයෙ සහජාතඤ්ච පුරෙජාතඤ්ච නිස්සයට්ඨෙන පච්චයං කත්වා සත්තරස පඤ්හා විස්සජ්ජිතා. තත්ථ ඛන්ධා චෙව භූතා ච සහජාතවසෙන, වත්ථු සහජාතපුරෙජාතවසෙන ගහිතං. පටිච්චවාරෙ පන සහජාතවසෙන පච්චයො ලබ්භති, තස්මා තත්ථ නවෙව පඤ්හා විස්සජ්ජිතා. යෙ පනෙතෙ එත්ථ සත්තරස පඤ්හා විස්සජ්ජිතා, තෙසු එකාදිකෙ එකාවසානෙ විස්සජ්ජනෙ කුසලාදීසු එකපච්චයතො එකො පච්චයුප්පන්නො. එකාදිකෙ දුකාවසානෙ එකපච්චයතො නානාපච්චයුප්පන්නො. දුකාදිකෙ එකාවසානෙ නානාපච්චයතො එකො පච්චයුප්පන්නො. දුකාදිකෙ දුකාවසානෙ නානාපච්චයතො නානාපච්චයුප්පන්නො.
අබ්යාකතං ධම්මං පච්චයා කුසලො ච අබ්යාකතොච කුසල අබ්යාකතවල හේතුපච්චය වශයෙන් එකට උපත සඳහා කියන ලදි. කුසල උත්පත්ති ක්ෂණයෙහි වස්තුව නිසා කුසල ස්කන්ධ චිත්ත සමුට්ඨාන මහාභූතයන් නිසා චිත්ත සමුට්ඨාන උපාදා රූපය හේතුපච්චය වශයෙන් එකට උපදී. මෙසේ පච්චය භූත වූ අබ්‍යාකතයට නානත්ත ද පච්චයුප්පන්න සත්ත හේතුපච්චය වශයෙන් එකට උපත සඳහාම මෙය කියන ලදැයි දතයුතුය. අන්‍ය වූ මෙබඳු තැන්වල මෙම නයම වේ. මෙසේ මේ හේතුපච්චයෙහි සහජාත ද පුරේජාත ද නිස්සය අර්ථයෙන් පච්චය කොට ප්‍රශ්න දාහත විසඳන ලදි. එහි ස්කන්ධ ද භූත ද සහජාත වශයෙන්, වත්ථු සහජාත පුරේජාත වශයෙන් ගන්නා ලදි. පටිච්ච වාරයෙහි වනාහි සහජාත වශයෙන් පච්චය ලබයි. එහෙයින් එහි ප්‍රශ්න නවයම විසඳන ලදි. යමෙක් මෙහි මේ සතළොස් ප්‍රශ්න විසඳන ලදද ඒවායෙහි ඒකාදික ඒකාවසාන විසඳීමේ කුසලාදියෙහි ඒක පච්චය බැවින් එක් පච්චයුප්පන්නයෙක් වේ. ඒකාදික දුකාවසානයේ එක් පච්චයකින් නා නා පච්චයුප්පන්න වේ.
ආරම්මණපච්චයාදීසුපි ඉමිනාවුපායෙන පඤ්හාවිස්සජ්ජනප්පභෙදො වෙදිතබ්බො. යං පනෙතං ආරම්මණපච්චයෙ වත්ථුං පච්චයා ඛන්ධාති වුත්තං, තං පටිසන්ධික්ඛණෙ විපාකක්ඛන්ධෙයෙව සන්ධාය වුත්තං. චක්ඛුවිඤ්ඤාණාදීනි අබ්යාකතං නිස්සාය ආරම්මණපච්චයෙන උප්පජ්ජන්තානං පභෙදදස්සනත්ථං වුත්තානි. පුන වත්ථුං පච්චයාති පවත්තෙ විපාකකිරියාබ්යාකතානං උප්පත්තිදස්සනත්ථං වුත්තං. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං. එවං ඉමස්මිං ආරම්මණපච්චයෙ සහජාතඤ්ච පුරෙජාතඤ්ච පච්චයං කත්වා සත්ත පඤ්හා විස්සජ්ජිතා. තත්ථ ඛන්ධා සහජාතවසෙන, වත්ථු සහජාතපුරෙජාතවසෙන, චක්ඛායතනාදීනි පුරෙජාතවසෙනෙව ගහිතානි. පටිච්චවාරෙ පන සහජාතවසෙනෙව පච්චයො ලබ්භති. තස්මා තත්ථ තයොව පඤ්හා විස්සජ්ජිතා.
ආරම්මණ පච්චයාදියෙහි ද මෙම උපායෙන් ප්‍රශ්න විසඳුම් ප්‍රභේදය දතයුතුය. ආරම්මණ පච්චයෙහි ඒ මේ වත්ථුං පච්චයා ඛන්ධා යයි කියන ලදි. එය ප්රතිසන්ධි ක්ෂණයෙහි විපාක ස්කන්ධයම සඳහා කියන ලදි. චක්ඛු විඤ්ඤාණ ආදිය අබ්‍යාකත නිසා ආරම්මණ පච්චයෙන් උපදින්නන්ගේ ප්‍රභේද දැක්වීම සඳහා කියන ලදි. නැවත වත්ථුං පච්චයා යයි ප්රවෘත්ති විපාක කිරිය අබ්යාකතවල උත්පත්ති දැක්වීමට කියන ලදි. සෙස්ස පෙර නයින්ම දතයුතුය. මේ මේ ආරම්මණ පච්චයෙහි සහජාත ද පුරේජාත ද පච්චය කොට ප්‍රශ්න සත විසඳන ලදි. එහි ස්කන්ධ සහජාත වශයෙන් වත්ථු සහජාත පුරේජාත වශයෙන් චක්ඛායතනාදිය පුරේජාත වශයෙන්ම ගන්නා ලදි. පටිච්ච වාරයෙහි සහජාත වශයෙන්ම පච්චය ලබයි. එහෙයින් එහි ප්‍රශ්න තුනක්ම විසඳන ලදි.
අධිපතිපච්චයෙ විපාකාබ්‍යාකතං ලොකුත්තරමෙව වෙදිතබ්බං. අනන්තරසමනන්තරා රූපාභාවෙන ආරම්මණසදිසා. පරතො ආසෙවනනත්ථිවිගතෙසුපි එසෙව නයො.
අධිපති පච්චයෙහි විපාක අබ්‍යාකත ලෝකෝත්තරම දතයුතුය. අනන්තර සමනන්තර අරූපභාවයෙන් ආරම්මණය හා සමානය. පසුව ආසේවන නත්ථි විගතවලද මෙම නයම වේ.
සහජාතපච්චයෙ කටත්තාරූපං උපාදාරූපන්ති උපාදාරූපසඞ්ඛාතං කටත්තාරූපං. ඉදං අසඤ්ඤසත්තානඤ්ඤෙව රූපං සන්ධාය වුත්තං. චක්ඛායතනාදීනි පඤ්චවොකාරවසෙන වුත්තානි.
සහජාත පච්චයෙහි කටත්තා රූපං උපාදා රූපං යයි කියන ලද උපාදා රූප කටත්තා රූප වේ. මෙය අසඤ්ඤ සත්ත්වයින්ගේම රූපය සඳහා කියන ලදි. චක්ඛායතනාදිය පංචවෝකාර වශයෙන් කියන ලදි.
අඤ්ඤමඤ්ඤපච්චයෙ ච යථා ආරම්මණපච්චයා එවන්ති විස්සජ්ජනසමතං සන්ධාය වුත්තං. පච්චයුප්පන්නෙසු පන නානත්තං අත්ථි.
අඤ්ඤමඤ්ඤ පච්චයෙහිද යථා ආරම්මණ පච්චයා එවං විසඳීම් සමනය සඳහා කියන ලදි. පච්චයුප්පන්නවල වනාහි නා නා බවක් ඇත.
උපනිස්සයපච්චයෙ ආරම්මණපච්චයසදිසන්ති රූපාභාවතොපි විස්සජ්ජනසමතායපි වුත්තං.
උපනිස්සය පච්චයෙහි ආරම්මණ පච්චය සදිසං රූප අභාවයෙන් ද විසඳීම් සමතාව සඳහා කියන ලදි.
වත්ථුං පුරෙජාතපච්චයාතිආදීනං පටිච්චවාරෙ වුත්තනයෙනෙවත්ථො ගහෙතබ්බො.
වත්ථුං පුරෙජාත පච්චයා යනාදියේ පටිච්ච වාරයෙහි කියන ලද නයින්ම අර්ථය ගතයුතුය.
කම්මපච්චයෙ තීණීති කුසලං පච්චයා කුසලො අබ්යාකතො කුසලාබ්යාකතො චාති එවං තීණි වෙදිතබ්බානි. අකුසලෙපි එසෙව නයො.
කම්මපච්චයෙ තීණි කුසලය, අබ්‍යාකතය, කුසල අබ්‍යාකත යයි මෙසේ තුන දතයුතුය. අකුසලයෙහිද මෙම නයයි.
විප්පයුත්තපච්චයෙ ඛන්ධෙ විප්පයුත්තපච්චයාති ඛන්ධෙ නිස්සාය විප්පයුත්තපච්චයා උප්පජ්ජන්තීති අත්ථො. ඛන්ධා වත්ථුං විප්පයුත්තපච්චයාති ඛන්ධා වත්ථුං නිස්සාය විප්පයුත්තපච්චයා උප්පජ්ජන්තීති අත්ථො. සෙසං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
විප්පයුත්ත පච්චයෙහි ඛන්ධෙ විප්පයුත්ත පච්චයා ස්කන්ධයන් නිසා විප්පයුත්ත පච්චය උපදී යන අර්ථය වේ. ඛන්ධා වත්ථුං විප්පයුත්ත පච්චයා ස්කන්ධ වස්තුව නිසා විප්පයුත්ත පච්චය උපදී යන අර්ථයයි. සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
ඉදානි යථාලද්ධානි විස්සජ්ජනානි ගණනවසෙන දස්සෙතුං හෙතුයා සත්තරසාතිආදිමාහ. තත්ථ හෙතුයා සත්තරසාති කුසලෙන කුසලං, කුසලෙන අබ්යාකතං, කුසලෙන කුසලාබ්යාකතන්ති එවං කුසලවසෙන එකාදිකානි එකාවසානානි ද්වෙ, දුකාවසානං එකන්ති තීණි වුත්තානි හොන්ති, තථා අකුසලවසෙන. අබ්‍යාකතෙන අබ්යාකතං, තෙනෙව කුසලං, අකුසලං, කුසලාබ්යාකතං අකුසලාබ්යාකතඤ්ච; කුසලාබ්යාකතෙහි කුසලං, අබ්යාකතං, කුසලාබ්යාකතං; අකුසලාබ්යාකතෙහි අකුසලං, අබ්යාකතං, අකුසලාබ්යාකතන්ති එවං සත්තරස වෙදිතබ්බානි.
දැන් යම්සේ ලැබුණු විසඳුම් ගණන වශයෙන් දැක්වීමට හෙතුයා සත්තරසා යනාදිය කීහ. එහි ‘හෙතුයා සත්තරසා’ යනු කුසලයෙන් කුසලය, කුසලයෙන් අබ්‍යාකතය, කුසලයෙන් කුසල අබ්‍යාකත යයි මෙසේ කුසල වශයෙන් ඒකාදික ඒකාවසාන වේ. දෙකක් දුක අවසන් කොට එකක් යයි තුන කියන ලදි. එසේම අකුසල වශයෙන් අබ්‍යාකතයෙන් අබ්‍යාකත එයින් කුසලය, අකුසලය කුසල් අබ්‍යාකතය, අකුසල අබ්‍යාකතයෙන් අකුසලය අබ්‍යාකතය අකුසල අබ්‍යාකත යයි මෙසේ සතළොස දතයුතුය.
ආරම්මණෙ සත්තාති කුසලෙන කුසලං; අකුසලෙන අකුසලං, අබ්‍යාකතෙන අබ්යාකතං, කුසලං, අකුසලං; කුසලාබ්‍යාකතෙන කුසලං; අකුසලාබ්‍යාකතෙන අකුසලන්ති එවං සත්ත.
ආරම්මණෙ සත්ත යයි, කුසලෙන කුසලය, අකුසලෙන් අකුසලය, අබ්‍යාකතයෙන් අබ්‍යාකතය, කුසලය, අකුසලය, කුසල අබ්‍යාකතයෙන් කුසලය, අකුසල අබ්‍යාකතයෙන් අකුසලය යයි මෙසේ සත.
විපාකෙ එකන්ති අබ්‍යාකතෙන අබ්යාකතමෙව. එවමෙත්ථ සත්තරස, සත්ත, එකන්ති තයො වාරපරිච්ඡෙදා හොන්ති. තෙසු ද්වාදස සත්තරසකා, දස සත්තකා, එකං එකකන්ති තෙ සබ්බෙ සාධුකං සල්ලක්ඛෙත්වා පරතො දුකතිකාදිවසෙන පච්චයසංසන්දනෙ ඌනතරගණනස්ස වසෙන ගණනා වෙදිතබ්බා. සක්කා හි ඉමාය ගණනාය දුකමූලාදීසු වාරපරිච්ඡෙදෙ ජානිතුන්ති පුන “කුසලං ධම්මං පච්චයා කුසලො ධම්මො”ති අනාමසිත්වා ගණනවසෙනෙව වාරපරිච්ඡෙදං දස්සෙතුං හෙතුපච්චයා ආරම්මණෙ සත්තාතිආදි ආරද්ධං.
විපාකෙ එකං යයි අබ්‍යාකතයෙන් අබ්යාකතයම වේ. මෙසේ මෙහි සතළොස, සත, එක යයි වාර පරිච්ඡේද තුනක් වේ. ඒවායෙහි දොළොස, සතළොස, දස, සත ඒකක එක යයි ඒ සියල්ල මනාව සලකා පසුව දුක තිකාදි වශයෙන් පච්චය සැසඳීමේ ඌනතර ගණන වශයෙන් ගණන දතයුතුය. මේ ගණනින් දුක මූලදියෙහි වාර පරිච්ඡේද දැනගැනීමට හැකි වේයයි නැවත කුසලං ධම්මං පච්චයා කුසලො ධම්මො යයි ස්පර්ශ නොකොට ගණන වශයෙන් ම වාර පරිච්ඡේදය දැක්වීමට හෙතු පච්චයා ආරම්මණෙ සත්ත යනාදිය ඇරඹීය.
තත්ථ කුසලං ධම්මං පච්චයා කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා ආරම්මණපච්චයා. කුසලං එකං ඛන්ධං පච්චයා තයො ඛන්ධාති ඉමිනා නයෙන ආරම්මණෙ ලද්ධවිස්සජ්ජනානි විත්ථාරෙතබ්බානි. අයං තාව අනුලොමෙ නයො.
එහි කුසලං ධම්මං පච්චයා කුසලො ධම්මො උපදී. හේතු පච්චය ආරම්මණ පච්චය කුසලය එක් ස්කන්ධයකි. පච්චය ස්කන්ධ තුනකි යයි මෙම නයින් ආරම්මණයෙහි ලැබූ විසඳුම්ද විස්තර කළයුතුය. මේ අනුලෝමයෙහි නය වේ.
පච්චනීයෙ පන කුසලං න ලබ්භතීති අකුසලං ධම්මං පච්චයාති අකුසලමෙව ආදිං කත්වා විස්සජ්ජනං ආරද්ධං. තං යථාපාළිමෙව නිය්යාති. යඤ්හෙත්ථ වත්තබ්බං සියා, තං පටිච්චවාරස්ස පච්චනීයෙ වුත්තමෙව.
පච්චනීයෙහි වනාහි කුසලය නොලැබේ යයි අකුසලං ධම්මං පච්චයා යයි අකුසලම මුල්කොට විසඳුම ආරම්භ කරන ලදි. එය පෙළෙහි නියමයම වේ. මෙහි යමක් කිවයුතු වන්නේ නම් එය පටිච්චවාර පච්චනීයෙහි කියන ලද්දේමය.
යං පනෙතං පච්චනීයෙ ලද්ධවිස්සජ්ජනපරිච්ඡෙදං ගණනතො දස්සෙතුං නහෙතුයා චත්තාරීතිආදි වුත්තං, තත්ථ චත්තාරි, සත්තරස, සත්ත, පඤ්ච, තීණි, එකන්ති ඡ පරිච්ඡෙදා. තෙසං වසෙන දුකතිකාදීසු පච්චයසංසන්දනෙ ගණනා වෙදිතබ්බා. යො හි පච්චයො සත්තරස විස්සජ්ජනානි ලභති, තෙන සද්ධිං සදිසසංසන්දනෙ සත්තරස, ඌනතරසංසන්දනෙ සෙසා ඡපි පරිච්ඡෙදා ලබ්භන්ති. එවං සෙසෙසුපි අධිකපරිච්ඡෙදං ඨපෙත්වා සමසමා ඌනතරා ච ලබ්භන්තීති.
මේ පච්චනීයෙහි ලද විසඳුම් පරිච්ඡේද ගණනින් දැක්වීමට න හේතුයා චත්තාරි යනාදිය කියන ලදි. එහි සතර, සතළොස, සත, පහ, තුන, එක යයි පරිච්ඡේද හයකි. ඒවායේ වශයෙන් දුක තිකාදියෙහි පච්චය සැසඳීමෙන් ගණන දතයුතුය. යම පච්චයක් විසඳුම් සතළොසක් ලබයිද, එය සමග සමාන ඒවා සැසඳීමෙන් සතළොස, ඌනතර සැසඳීමෙන් සෙසු පරිච්ඡේද සය ලබයි. මෙසේ සෙස්සෙහි ද අධික පරිච්ඡේදය, සම සම ඒවා හැර ඌනතරම ලබයි.
එත්ථ ච අධිකතරා න ලබ්භන්තීති අයමෙත්ථ නියමො. සමසමා පන ඌනතරා ච අත්ථා විරොධෙ සති ලබ්භන්ති. තෙනෙත්ථ “නහෙතුපච්චයා නාරම්මණෙ එක”න්තිආදි වුත්තං. එත්ථ හි නහෙතුයා චතුන්නං, නාරම්මණෙ පඤ්චන්නං ආගතත්තා නහෙතුවසෙන චත්තාරීති වත්තබ්බං සියා, නාරම්මණෙන සද්ධිං ඝටිතත්තා පන ආරම්මණධම්මො විරුජ්ඣතීති අකුසලං ධම්මං පච්චයා අකුසලො ධම්මො, අබ්යාකතං ධම්මං පච්චයා අකුසලො, අකුසලඤ්ච අබ්යාකතඤ්ච ධම්මං පච්චයා අකුසලොති තීණි විස්සජ්ජනානි පරිහීනානි. අබ්යාකතං ධම්මං පච්චයා අබ්යාකතොති රූපවසෙන එකමෙව වුත්තං. එවං සබ්බත්ථ විරුද්ධාවිරුද්ධං ඤත්වා ලබ්භමානපරිච්ඡෙදො වෙදිතබ්බො. අපිචෙත්ථ ඉදං නයමත්තදස්සනං. නාධිපතියා චත්තාරීති නහෙතුයා ලද්ධානෙව. සෙසචතුක්කෙසුපි එසෙව නයො.
මෙහි ද අධිකතර නොලබයි. මෙහි මෙය නියමයයි. සම සම ඒවා වනාහි අරුත් විරෝධ ඇතිකල්හි ඌනතරව ද ලබයි. එයින් මෙහි න හෙතු පච්චයා නාරම්මණෙ එකං යනාදිය කියන ලදි. මෙහි න හෙතු මෙන් සතරක් නාරම්මණයෙන් පහක් ආ බැවින් නහේතු වශයෙන් සතරකැයි කිවයුතු වන්නේය. නාරම්මණය සමග ගැටුණු බැවින් ආරම්මණ ධර්මය නිරුද්ධ වේයයි අකුසලං ධම්මං පච්චයා අකුසලො ධම්මො අබ්යාකතං ධම්මං පච්චයා අකුසලො, අකුසලංච අබ්යාකතංච ධම්මං පච්චයා අකුසලො’ යයි විසඳුම් තුන පරිහීනය. අබ්යාකතං ධම්මං පච්චයා අබ්යාකතො රූප වශයෙන් එකක්ම කියන ලදි. මෙසේ සියළු තැන විරුද්ධ අවිරුද්ධ දැන ලැබෙන පරිච්ඡේද දතයුතුය. තවද මෙහි මෙම නය මාත්‍ර දර්ශනය, නාධිපතියා චත්තාරි න හේතුවෙන් ලද්දේමය. සෙසු සතරෙහි ද මෙම නය වේ.
නානන්තරෙ එකන්ති අහෙතුකචිත්තසමුට්ඨානස්ස චෙව සෙසරූපස්ස ච වසෙන අබ්‍යාකතෙන අබ්යාකතං. එවං සබ්බෙසු එකකෙසු යුජ්ජමානකරූපං ජානිතබ්බං. නපුරෙජාතෙ ද්වෙති ඉධාපි නහෙතුවසෙන චත්තාරීති වත්තබ්බං සියා, නපුරෙජාතෙන සද්ධිං ඝටිතත්තා පන අබ්යාකතං ධම්මං පච්චයා අකුසලො, අකුසලඤ්ච අබ්යාකතඤ්ච ධම්මං පච්චයා අකුසලොති වත්ථුපුරෙජාතවසෙන ද්වෙ විස්සජ්ජනානි පරිහීනානි. ආරුප්පෙ පන අහෙතුකමොහස්ස අහෙතුකකිරියස්ස ච වසෙන ද්වෙ වුත්තානි. නවිප්පයුත්තෙ ද්වෙති ආරුප්පෙ අහෙතුකාකුසලකිරියවසෙන ද්වෙ. නොනත්ථි නොවිගතෙසු එකන්ති සබ්බස්ස රූපස්ස වසෙන අබ්‍යාකතෙන අබ්යාකතං දට්ඨබ්බං. තිකාදීසු අපුබ්බං නත්ථි.
නානන්තරෙ එකං අහේතුක චිත්ත සමුට්ඨානයේ මෙන්ම සෙසු රූපයේ ද වශයෙන් අබ්‍යාකතයෙන් අබ්‍යාකතය වේ. මෙසේ සියළු ඒකකවල යෙදෙන රූපය දැනගත යුතුය. නපුරෙජාතෙ ද්වෙ මෙහි ද න හේතු වශයෙන් සතරකැයි කිවයුතුය. නපුරෙජාත සමග ගැටුණු බැවින් වනාහි ‘අබ්‍යාකත ධර්මය නිසා අකුසලය, අකුසලය ද අබ්‍යාකතය ද ධර්මය නිසා අකුසල’ යයි වස්තු පුරේජාත වශයෙන් විසඳුම් දෙක අඩු විය. ආරුප්පයෙහි වනාහි අහේතුක මෝහයේ ද අහේතුක කිරියේ ද වශයෙන් දෙකක් කියන ලදි. න විප්පයුත්තෙ ද්වෙ ආරුප්පයෙහි අහේතුක කුසල, කිරිය වශයෙන් දෙකකි. නො නත්ථි නො විගතෙසු එකං සියළු රූපයේ වශයෙන් අබ්‍යාකතයෙන් අබ්‍යාකතය දැකිය යුතුය. තිකාදියෙහි අපුබ්බ නැත.
නාරම්මණමූලකෙ පන නඅධිපතියා පඤ්චාති නාරම්මණෙ ලද්ධානෙව. නකම්මෙ එකන්ති එත්ථ චිත්තසමුට්ඨානඤ්ච කටත්තාරූපඤ්ච අග්ගහෙත්වා සෙසරූපවසෙන අබ්‍යාකතෙන අබ්යාකතං වෙදිතබ්බං.
නාරම්මණ මූලකයෙහි වනාහි පඤ්ච යයි නාරම්මණයෙහි ලැබුයේමය. න කම්මෙ එකං මෙහි චිත්ත සමුට්ඨාන ද කටත්තා රූපද නොගෙන සෙසු රූප වශයෙන් අබ්‍යාකතයෙන් අබ්‍යාකත යයි දතයුතුය.
නාධිපතිමූලකෙ නපුරෙජාතෙ සත්තාති නපුරෙජාතෙ ලද්ධානෙව. නපච්ඡාජාතෙ සත්තරසාති ඉමානිපි තත්ථ ලද්ධානි සත්තරසෙව. නානන්තරනසමනන්තරනඅඤ්ඤමඤ්ඤනඋපනිස්සයනසම්පයුත්තනොනත්ථිනොවිගතමූලකානි නාරම්මණමූලකසදිසානෙව. ඉමිනාව නයමත්තදස්සනෙන සබ්බත්ථ ආගතානාගතං ලබ්භමානාලබ්භමානඤ්ච වෙදිතබ්බන්ති.
නාධිපති මූලකයෙහි, න පුරෙජාතෙ සත්ත නපුරේජාතයෙහි ලද්දේමය. න පච්ඡාජාතෙ සත්තරස මෙය ද එහි සතළොස ලද්දේය. නානන්තර න සමනන්තර න අඤ්ඤමඤ්ඤ න උපනිස්සය න සම්පයුත්ත නො නත්ථි නො විගත මූලක නාරම්මණ මූලකය හා සමානය. මේ නයමත්ත දස්සනයෙන් සියළු තැන ආ නොආ ලැබෙන නොලැබෙන දේ දැනගත යුතුය.
පච්චනීයවණ්ණනා නිට්ඨිතා.
පච්චනීය නිමි.
ඉමිනායෙව පන ලක්ඛණෙන අනුලොමං පුරතො කත්වා අනුලොමපච්චනීයෙ පච්චනීයං පුරතො කත්වා පච්චනීයානුලොමෙ ච ගණනපරිච්ඡෙදො ආගතානාගතං ලබ්භමානාලබ්භමානඤ්ච වෙදිතබ්බන්ති.
මේ ලක්ෂණයෙන්ම අනුලෝමය පෙරටු කොට අනුලෝම පච්චනීයෙහි පච්චනීය පෙරටුකොට පච්චනීයානුලෝමයෙහි ද ගණන පරිච්ඡේදය පැමිණි නොපැමිණි ලැබීම් නොලැබීම් ද දතයුතුය.
පච්චයවාරවණ්ණනා නිට්ඨිතා.
පච්චය වාර වර්ණනාවය.
4. නිස්සයවාරවණ්ණනා
4. නිස්සය වාර වර්ණනාව
නිස්සයවාරෙ කුසලං ධම්මං නිස්සායාති කුසලං ධම්මං පතිට්ඨට්ඨෙන නිස්සයං කත්වාති අත්ථො. සෙසමෙත්ථ පච්චයවාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. අවසානෙ පනස්ස “පච්චයත්තං නාම නිස්සයත්තං, නිස්සයත්තං නාම පච්චයත්ත”න්ති ඉදං උභින්නම්පි එතෙසං වාරානං අත්ථතො නින්නානාකරණභාවදස්සනත්ථං වුත්තං. අත්ථතො හි එතෙපි පටිච්චසහජාතා විය නින්නානාකරණා. එවං සන්තෙපි අඤ්ඤමඤ්ඤස්ස අත්ථනියමනත්ථං වුත්තා. අවිජ්ජාපච්චයා සඞ්ඛාරාතිආදීසු හි අනිස්සාය වත්තමානං නානාක්ඛණිකම්පි “පච්චයා උප්පජ්ජතී”ති වුත්තං. අඤ්ඤමඤ්ඤං අල්ලීයිත්වා ඨිතකට්ඨාදීසු ච එකං එකස්ස නිස්සයපච්චයො න හොති, තථා උපාදාරූපං මහාභූතස්ස නිස්සයපච්චයො න හොතියෙව. ඉති පච්චයවාරෙන නිස්සයපච්චයභාවං නිස්සයවාරෙන ච පච්චයාති වුත්තස්ස සහජාතපුරෙජාතභාවං නියමෙතුං උභොපෙතෙ වුත්තා. අපිච තථා බුජ්ඣනකානං අජ්ඣාසයවසෙන දෙසනාවිලාසෙන නිරුත්තිපටිසම්භිදාපභෙදජානනවසෙන චාපි එතෙ උභොපි වුත්තාති.
නිස්සය වාරයෙහි කුසලං ධම්මං නිස්සයා කුසල ධර්ම පිහිටීම් අර්ථයෙන් නිස්සය කොට යන අර්ථයයි. මෙහි සෙස්ස පච්චය වාරයෙහි කියන ලද්ද අනුව දතයුතුය. අවසානයෙහි වනාහි පච්චයට්ඨං නාම නිස්සයට්ඨං නිස්සයට්ඨං නාම පච්චයට්ඨං යන මෙම දෙකම ඒවායේ වාරවල අර්ථ වශයෙන් වෙනසක් නැති බව දැක්වීමට කියන ලදි. අර්ථ වශයෙන් වෙනසක් නැති බව දැක්වීමට කියන ලදි. මෙසේ පැවතියද ඔවුනොවුන්ගේ අර්ථ නියාමය සඳහා කියන ලදි. ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ යනාදියෙහි අනිස්සයෙන් පවතින නා නා ක්ෂණික ද පච්චයෙන් උපදී යයි කියන ලදි. ඔවුනොවුන් ඇලී සිටි ස්ථානවල ද එකකට එකක් නිස්සය පච්චය නොවේ. එසේ උපාදා රූප මහාභූතවලට නිස්සය පච්චය නොවේ. මෙසේ පච්චය වාරයෙන් නිස්සය පච්චය භාවය නිස්සය වාරයෙන් ද පච්චය යයි කියන ලද්දේ සහජාත පුරේජාත භාවය පැමිණවීමට මේ දෙකම කියන ලදි. තවද එසේ අවබෝධ කරන්නන්ගේ අදහස් වශයෙන් දේශනා විලාසයෙන් නිරුක්ති ප්‍රතිසම්භිදා ප්‍රභේද දැනගැනීම් වශයෙන් යයි මේ දෙකම කියන ලදි.
නිස්සයවාරවණ්ණනා.
නිස්සය වාර වර්ණනාව නිමි.
5. සංසට්ඨවාරවණ්ණනා
5. සංසට්ඨවාර වර්ණනාව
සංසට්ඨවාරෙ කුසලං ධම්මං සංසට්ඨොති කුසලං ධම්මං එකුප්පාදාදිලක්ඛණෙන සම්පයොගට්ඨෙන පච්චයං කත්වාති අත්ථො. කුසලං එකං ඛන්ධං සංසට්ඨොති කුසලං එකං ඛන්ධං සම්පයුත්තපච්චයං කත්වා තයො ඛන්ධා උප්පජ්ජන්ති හෙතුපච්චයාති වුත්තං හොති. ඉමිනා උපායෙන සබ්බපදෙසු අත්ථො වෙදිතබ්බො. ඉමස්මිං පන හෙතුපච්චයෙ අරූපධම්මස්සෙව සම්පයොගට්ඨෙන පච්චයං කත්වා තයො පඤ්හා විස්සජ්ජිතා. යථා ච හෙතුපච්චයෙ, තථා ආරම්මණපච්චයාදීසුපි, කෙවලං විපාකපච්චයෙ එකමෙව විස්සජ්ජනං.
සංසට්ඨ වාරයෙහි කුසලං ධම්මං සංසට්ඨො කුසල ධර්ම ඒක උප්පාද ලක්ෂණයෙහි සම්ප්‍රයෝග අර්ථයෙන් පච්චය කොට යයි අර්ථය වේ. කුසලං එකං ඛන්ධං සංසට්ඨො කුසලය එක් ස්කන්ධයක් සම්ප්‍රයුක්ත පච්චය කොට ස්කන්ධ තුනක් උපදී. හේතු පච්චය යයි කියන ලදි. මේ උපායෙන් සියළු පදවල අර්ථය දතයුතුය. මේ හේතු පච්චයෙහි අරූප ධර්මයම සම්ප්‍රයෝග අර්ථයෙන් පච්චය කොට ප්‍රශ්න තුනක් විසඳන ලදි. හේතු පච්චයෙහි මෙන් ආරම්මණ පච්චයාදියෙහි ද කේවල වූ විපාක පච්චයෙහි එකම විසඳුමකි.
ඉදානි යථාලද්ධානි විස්සජ්ජනානි ගණනවසෙන දස්සෙතුං හෙතුයා තීණීතිආදි වුත්තං. තත්ථ සබ්බතිකෙසු කුසලෙන කුසලං, අකුසලෙන අකුසලං, අබ්‍යාකතෙන අබ්යාකතන්ති අයමෙව නියමො. එකකෙ පන අබ්‍යාකතෙන අබ්යාකතමෙව ලබ්භතීති එවමෙත්ථ බාවීසතියා පච්චයෙසු තීණි, විපාකෙ එකන්ති ද්වෙ පරිච්ඡෙදා. පච්ඡාජාතෙ අනුලොමං නත්ථි. තස්මා තීණි එකන්ති ඉමෙසඤ්ඤෙව වසෙන දුකතිකාදීසු පච්චයසංසන්දනෙ යත්ථ විපාකපච්චයො පවිසති; තත්ථ එකං, සෙසෙසු තීණීති එවං ගණනා වෙදිතබ්බා. සෙසමෙත්ථ අනුලොමෙ උත්තානත්ථමෙව.
දැන් ලැබූ විසඳීම් ගණන් වශයෙන් දැක්වීමට හෙතුයා තීණි යනාදිය කියන ලදි. එහි සියළු තිකවල කුසලෙන කුසලං, අකුසලෙන අකුසලං, අබ්‍යාකතෙන අබ්යාකතං යන මේ නියමයම වේ. ඒකකයෙහි වනාහි අබ්‍යාකතයෙන් අබ්යාකතම ලබයි. මෙසේ මෙහි දෙවිසි පච්චයේ තුන, විපාකයෙහි එක, පරිච්ඡේද දෙකකි. පච්ඡාජාතයෙහි අනුලෝම නැත. එහෙයින් තුන, එක යයි මේවායේ වශයෙන් දුක තිකවලද පච්චය සැසඳීමෙන් විපාක පච්චය පිවිසේ. එහි එක සෙස්සෙහි තුන යයි මෙසේ ගණන දතයුතුය. මෙහි සෙස්ස අනුලෝමයෙහි කියන ලද අර්ථම වේ.
පච්චනීයෙ පන කුසලං න ලබ්භතීති අකුසලමෙව ආදිං කත්වා විස්සජ්ජනං කතං, තං උත්තානත්ථමෙව.
පච්චනීයෙහි වනාහි කුසල නොලැබේ යයි අකුසලම මුල්කොට විසඳීම කරන ලදි. එය නොගැඹුරු අරුත් වේ.
යං පනෙත්ථ පච්චනීයෙ විස්සජ්ජනපරිච්ඡෙදං ගණනතො දස්සෙතුං නහෙතුයා ද්වෙතිආදි වුත්තං, තත්ථ ද්වෙ තීණි එකන්ති තයො පරිච්ඡෙදා. තෙසං වසෙන දුකතිකාදීසු පච්චයසංසන්දනෙ ගණනා වෙදිතබ්බා. ඉධාපි අධිකතරගණනානං ඌනතරගණනෙන සද්ධිං සංසන්දනෙ ඌනතරගණනමෙව ලබ්භති, සමගණනෙන සද්ධිං සමගණනං. යස්මා චෙත්ථ අරූපධම්මායෙව පච්චයුප්පන්නා, තස්මා නහෙතුනාධිපතිනපුරෙජාතනපච්ඡාජාතනාසෙවනනකම්මනවිපාකනඣානනමග්ගනවිප්පයුත්තවසෙන දසෙව පච්චයා පච්චනීකතො දස්සිතා, සෙසා චුද්දස න ලබ්භන්ති. යෙපි ලබ්භන්ති, තෙසුපි විපාකෙ පච්චයුප්පන්නෙ නකම්මනවිපාකා න ලබ්භන්ති.
මෙහි පච්චනීයෙහි යම් විසඳුම් පරිච්ඡේද ගණනින් දැක්වීමට න හෙතුයා ද්වෙ යනාදිය කියන ලදි. එහි දෙක තුන එක යයි පරිච්ඡේද තුනකි. ඒවායේ වශයෙන් දුක තිකාදියෙහි පච්චය සැසඳීමෙන් ඌනතර ගණනම ලබයි. සම ගණන සමග සම ගණන. යම්සේ මෙහි අරූප ධම්ම පච්චයුප්පන්න ද එහෙයින් න හෙතු, නාධිපති, න පුරෙජාත, න පච්ඡාජාත, නා සේවන, න කම්ම, න විපාක, නඣාන, නමග්ග, න විප්පයුත්ත වශයෙන් පච්චය දහයක්ම පච්චනීක වශයෙන් දක්වන ලදි. සෙසු තුදුස නොලබයි.
නහෙතුපච්චයා නාධිපතියා ද්වෙති නහෙතුයා ලද්ධං ද්වයමෙව. සෙසද්වයෙසුපි එසෙව නයො. නකම්මෙ එකන්ති අහෙතුකකිරියචෙතනං පච්චයුප්පන්නං කත්වා අබ්‍යාකතෙන අබ්යාකතං. නවිපාකෙ ද්වෙති අහෙතුකමොහකිරියවසෙන ද්වෙ. නඣානෙ එකන්ති අහෙතුකපඤ්චවිඤ්ඤාණවසෙන අබ්යාකතවිස්සජ්ජනං වෙදිතබ්බං. නමග්ගෙ එකන්ති අහෙතුකවිපාකකිරියවසෙන අබ්යාකතවිස්සජ්ජනං. ඉමිනාවුපායෙන සබ්බසංසන්දනෙසු අත්ථො වෙදිතබ්බොති.
න හෙතු පච්චයා නාධිපතියා ද්වෙ න හේතුවෙන් දෙකම ලැබී. සෙසු ද්වයවලද මෙම නය වේ. න කම්මෙ එකං අහේතුක කිරිය චේතනා පච්චයුප්පන්න කොට අබ්‍යාකතයෙන් අබ්‍යාකතය වේ. න විපාකෙ ද්වෙ අහේතුක මෝහ කිරිය වශයෙන් දෙකක්. න ඣානෙ එකං අහේතුක පඤ්චවිඤ්ඤාණ වශයෙන් අබ්‍යාකත විසඳුම දතයුතුය. න මග්ගෙ එකං අහේතුක විපාක කිරිය වශයෙන් අබ්‍යාකත විසඳුම. මේ උපායෙන් සියළු සැසඳීම්වල අර්ථය දතයුතුය.
පච්චනිය නිමි.
අනුලොමපච්චනීයෙ හෙට්ඨා වුත්තා නහෙතුආදයො දසෙව පච්චනීයතො ලබ්භන්ති, න සෙසා. යෙපි ලබ්භන්ති, තෙසු හෙතුම්හි අනුලොමතො ඨිතෙ ඣානමග්ගා පච්චනීයතො න ලබ්භන්තීති සබ්බං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
අනුලෝම පච්චනීයෙහි යට කී න හෙතු ආදිය පච්චනීයෙහි දහයක්ම ලබයි. සෙස්ස නොවේ. යමක් ලබයිද ඒවායෙහි හේතුවේ. අනුලෝම වශයෙන් සිටි ඣාන මාර්ග පච්චනීයෙන් නොලබා යයි සියල්ල යට කියන ලද නයින්ම දතයුතුය.
අනුලෝම පච්චනීය නිමි.
පච්චනීයානුලොමෙ නහෙතුපච්චයුප්පන්නෙසු අහෙතුකමොහොව ඣානමග්ගපච්චයං ලභති, සෙසා න ලභන්ති. නඣානපච්චයෙ අට්ඨාහෙතුකචිත්තානිපි. නකම්මපච්චයා නහෙතුපච්චයා නාධිපතිපච්චයා නපුරෙජාතපච්චයා ආරම්මණෙ එකන්ති ආරුප්පෙ අහෙතුකකිරියචෙතනාවසෙන අබ්‍යාකතෙන අබ්යාකතං. ඉමිනා උපායෙන යං ලබ්භති, යඤ්ච න ලබ්භති, තස්ස වසෙන සබ්බත්ථ ගණනා වෙදිතබ්බාති.
පච්චනීයානුලෝමයෙහි න හෙතු පච්චයුප්පන්නවල අහේතුක මෝහයම ඣාන මග්ග පච්චය ලබයි. සෙස්ස නො ලබයි. න ඣාන පච්චයෙහි අට අහේතුක සිත් ද. න කම්ම නහෙතු නාධිපති න පුරෙජාත පච්චයා ආරම්මණෙ එකං ආරුප්පයෙහි අහේතුක කිරිය චේතනා වශයෙන් අබ්‍යාකතයෙන් අබ්‍යාකත. මේ උපායෙන් යමක් ලබාද යමක් නොලබාද එය වශයෙන් සියළු තැන ගණන් දතයුතුය.
පච්චනීයානුලෝම නිමි.
සංසට්ඨවාරවණ්ණනා.
සංසට්ඨවාර වර්ණනාව නිමි.
6. සම්පයුත්තවාරවණ්ණනා
6. සම්ප්‍රයුක්ත වාර වර්ණනා
සම්පයුත්තවාරෙ කුසලං ධම්මං සම්පයුත්තොති කුසලං ධම්මං සම්පයුත්තපච්චයං කත්වාති අත්ථො. සෙසමෙත්ථ සංසට්ඨවාරෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. අවසානෙ පනස්ස “සංසට්ඨත්තං නාම සම්පයුත්තත්තං, සම්පයුත්තත්තං නාම සංසට්ඨත්ත”න්ති ඉදං උභින්නම්පි එතෙසං වාරානං අත්ථතො නින්නානාකරණභාවදස්සනත්ථං වුත්තං. අත්ථතො හි එතෙපි පටිච්චසහජාතා විය පච්චයනිස්සයා විය ච නින්නානාකරණා. එවං සන්තෙපි අඤ්ඤමඤ්ඤස්ස අත්ථනියමනත්ථං වුත්තා. “සංසට්ඨා යොජිතා හයා”තිආදීසු (ජා· 2.22.70) හි අසම්පයුත්තම්පි සංසට්ඨන්ති වුච්චති. “යා සා වීමංසා කොසජ්ජසහගතා කොසජ්ජසම්පයුත්තා”තිආදීසු (සං· නි· 5.832) අසංසට්ඨං වොකිණ්ණම්පි සම්පයුත්තන්ති. ඉති සංසට්ඨවාරෙන එකුප්පාදලක්ඛණස්ස සම්පයුත්තස්ස සංසට්ඨභාවං සම්පයුත්තවාරෙන ච සංසට්ඨස්ස එකුප්පාදාදිලක්ඛණස්ස සම්පයුත්තභාවං නියමෙතුං උභොපෙතෙ වුත්තා. අපිච තථා බුජ්ඣනකානං අජ්ඣාසයවසෙන දෙසනාවිලාසෙන නිරුත්තිපටිසම්භිදාපභෙදජානනවසෙන චාපි එතෙ උභොපි වුත්තාති.
සම්ප්‍රයුක්ත වාරයෙහි කුසලං ධම්මං සම්පයුත්තො කුසල ධර්මය සම්ප්‍රයුක්ත පච්චය කොට යන අර්ථයයි. මෙහි සෙස්ස සංසට්ඨ වාරයෙහි කියන ලද නයින් දතයුතුය. මෙහි අවසානයෙහි වනාහි සංසට්ඨං නාම සම්පයුත්තට්ඨං, සම්පයුත්තට්ඨං නාම සංසට්ඨං මෙය දෙකේම අර්ථ වශයෙන් මේ වාරවල වෙනසක් නැතිබව දැක්වීම සඳහා කියන ලදි. අර්ථ වශයෙන් පටිච්ච සහජාතයේ මෙන්ද නිස්සය පච්චයේ මෙන් ද යන මේවායේ වෙනසක් නැත. මෙසේ ඇති කල්හිද අඤ්ඤමඤ්ඤයේ අර්ථ නියමය සඳහා කියන ලදි. ‘සංසට්ඨා යොජිතා භයා’ යනාදියෙහි සම්ප්‍රයුක්ත නොවූ විටද සංසට්ඨ යයි කියන ලදි. යම් ඒ විමසීමක් ‘කොසජ්ජ සහගතා කොසජ්ජ සම්පයුත්තා’ යනාදියෙහි මෙය සම්පයුත්තට්ඨ නම් වේ. අසංසට්ඨ වූ ගැවසීගන්නා ලද්ද ද සම්පයුත්ත වේයයි සම්පයුත්ත වාරයෙන් ද සංසට්ඨයේ ඒක උප්පාද ලක්ෂණයේ සම්පයුත්තයේ සම්පයුත්තභාවය වෙන්කොට දැක්වීමට මේ දෙකම කියන ලදි. තවද අවබෝධ කරන අයගේ අදහස් වශයෙන් දේශනා විලාශයෙන් නිරුක්ති ප්‍රතිසම්භිදා ප්‍රභේද දැනගැනීම් වශයෙන්දැයි මේ දෙකම කියන ලදි.
සම්පයුත්තවාරවණ්ණනා.
සම්ප්‍රයුක්ත වාර වර්ණනා නිමි.
එතෙසු පන ඡසු වාරෙසු අත්ථි කොචි පච්චයො එකන්තං අනුලොමතො න තිට්ඨති, පච්චනීකතොව තිට්ඨති; අත්ථි එකන්තං පච්චනීකතො න තිට්ඨති, අනුලොමතොව තිට්ඨති; අත්ථි අනෙකන්තං අනුලොමතො චෙව තිට්ඨති, පච්චනීකතො චාති ඉදං පකිණ්ණකං වෙදිතබ්බං. තත්ථ පඨමො පඤ්හො පච්ඡාජාතස්ස, දුතියො මහාචතුක්කස්ස, තතියො යුජ්ජමානකානං සෙසානං වසෙන වෙදිතබ්බොති.
මේ වාර සයෙහි ඒකාන්තයෙන් අනුලෝම වශයෙන් නොසිටින කිසියම් පච්චය ඇත. ඒවා පච්චනීක වශයෙන් සිටී. පච්චනීක වශයෙන් නොසිටින අනුලෝම වශයෙන් සිටින පච්චය ද ඇත. ඒකාන්ත නොවන අනුලෝම වශයෙන් සහ පච්චනීක වශයෙන් ද සිටින පච්චය ද ඇත. මේ ප්රකීර්ණය දතයුතුය. එහි පළමුවන ප්රශ්නය පච්ඡාජාතයේ, දෙවැන්න මහා චතුක්කයේ තෙවැන්න යෙදෙන සෙසු ඒවායේ වශයෙන් දැනගත යුතුය.