පඤ්හාවාරස්ස ඝටනෙ අනුලොමගණනා අට්ඨකථා
පඤ්හාවාරස්ස ඝටනෙ අනුලොමගණනා
පඤ්හ වාරයෙහි ගැළපීමේ අනුලෝම ගණන
ඉදානෙත්ථ යථාලද්ධානි විස්සජ්ජනානි ගණනාවසෙන දස්සෙතුං හෙතුයා සත්තාතිආදි වුත්තං. තත්ථ සත්තාති කුසලෙන කුසලං, අබ්යාකතං, කුසලාබ්යාකතන්ති තීණි. තථා අකුසලෙන; අබ්‍යාකතෙන අබ්යාකතමෙවාති එවං සත්ත. ආරම්මණෙ නවාති එකමූලකඑකාවසානානි නව. අධිපතියා දසාති කුසලං කුසලස්ස සහජාතතො චෙව ආරම්මණතො ච; අකුසලස්ස ආරම්මණතොව අබ්‍යාකතස්ස සහජාතතො චෙව ආරම්මණතො ච; කුසලාබ්‍යාකතස්ස සහජාතතොවාති කුසලමූලකානි චත්තාරි. අකුසලං අකුසලස්ස සහජාතතො චෙව ආරම්මණතො ච; අබ්‍යාකතස්ස සහජාතතොව තථා අකුසලාබ්යාකතස්සාති අකුසලමූලකානි තීණි. අබ්යාකතො අබ්‍යාකතස්ස සහජාතතො චෙව ආරම්මණතො ච; කුසලස්ස ආරම්මණතොව තථා අකුසලස්සාති අබ්යාකතමූලකානි තීණීති එවං දස. එත්ථ පන ආරම්මණාධිපතිපි සත්තධා, සහජාතාධිපතිපි සත්තධාව ලබ්භති.
දැන් මෙහි ලැබූ විසඳුම් ගණන වශයෙන් දැක්වීමට හෙතුයා සත්ත යනාදිය දක්වන ලදි. එහි සත්ත යනු කුසලයෙන් කුසලය, අබ්‍යාකතය, කුසල අබ්‍යාකත යයි තුනකි. එසේම අකුසලයෙන්, අබ්‍යාකතයෙන් අබ්‍යාකත යයි සත වේ. ආරම්මණෙ නවා ඒක මූලක ඒක වසන යයි නවය, අධිපතියා දස කුසලය කුසලයට සහජාත මෙන්ම ආරම්මණ වශයෙන් ද අකුසලය ආරම්මණ වශයෙන් අබ්‍යාකතයට සහජාත වශයෙන් මෙන්ම ආරම්මණ වශයෙන් ද අබ්‍යාකතයට සහජාත වශයෙන් මෙන්ම ආරම්මණ වශයෙන් ද කුසල අබ්‍යාකතයට සහජාත වශයෙන්දැයි කුසල මූලක සතරකි. අකුසලය අකුසලයට සහජාත වශයෙන්, එසේ අකුසල අබ්යාකතයටදැයි අකුසල මූලක තුනකි. අබ්‍යාකතය අබ්‍යාකතයට සහජාතද ආරම්මණ වශයෙන්ද කුසලයට අරමුණු වශයෙන්ද එසේ අකුසලයටදැයි අබ්‍යාකත මූලක තුනකි. මෙසේ දහයකි. මෙහි වනාහි ආරම්මණ අධිපතිද සත් ආකාරයකින් ද සහජාත අධිපති ද සත් අයුරින්ම ලබයි.
අනන්තරෙ සත්තාති කුසලමූලකානි ද්වෙ, තථා අකුසලමූලකානි, අබ්යාකතමූලකානි තීණීති එවං සත්ත. සමනන්තරෙපි එතානෙව. සහජාතෙ නවාති කුසලමූලකානි තීණි, අකුසලමූලකානි තීණි, අබ්යාකතමූලකං එකං, තථා කුසලාබ්යාකතමූලකං, අකුසලාබ්යාකතමූලකඤ්චාති එවං නව. අඤ්ඤමඤ්ඤෙ තීණීති කුසලෙන කුසලං, අකුසලෙන අකුසලං , අබ්‍යාකතෙන අබ්යාකතන්ති එවං තීණි. නිස්සයෙ තෙරසාති සහජාතතොව කුසලමූලකානි තීණි, තථා අකුසලමූලකානි, තථා අබ්යාකතමූලකානි. එත්ථ පන පුරෙජාතම්පි ලබ්භති. අබ්යාකතඤ්හි අබ්‍යාකතස්ස සහජාතම්පි හොති පුරෙජාතම්පි; කුසලස්ස පුරෙජාතමෙව තථා අකුසලස්ස. පුන කුසලාබ්යාකතො සහජාතපුරෙජාතතො කුසලස්ස, සහජාතතොව අබ්‍යාකතස්ස, තථා අකුසලාබ්යාකතොති එවං තෙරස. උපනිස්සයෙ නවාති එකමූලකෙකාවසානා නව. තෙසං විභඞ්ගෙ තෙවීසති භෙදා දස්සිතා. තෙසු ආරම්මණූපනිස්සයෙ සත්ත, අනන්තරූපනිස්සයෙ සත්ත, පකතූපනිස්සයෙ නව හොන්ති. පුරෙජාතෙ තීණීති අබ්යාකතො අබ්‍යාකතස්ස, කුසලස්ස, අකුසලස්සාති එවං තීණි.
අනන්තරෙ සත්ත කුසල මූලක දෙක, අකුසල මූලක ද එසේය. අබ්‍යාකත මූලක තුන මෙසේ සතකි. සමනන්තරයෝද මේවාමය. සහජාතෙ නව කුසල මූලක තුන, අකුසල මූලක තුන, අබ්‍යාකත මූලක එක, එසේම කුසලබ්යාකත මූලක, අකුසලාබ්‍යාකත මූලකදැයි මෙසේ නවයක් වේ. අඤ්ඤමඤ්ඤෙ තීණි කුසලයෙන් කුසලය, අකුසලයෙන් අකුසලය, අබ්‍යාකතයෙන් අබ්යාකතයදැයි මෙසේ තුනක් වේ. නිස්සයෙ තෙරසානි සහජාතයෙන් කුසල මූලක තුන, එසේම අකුසල මූලක, අබ්‍යාකත මූලක එසේය. මෙහි පුරේජාත ද ලබයි. අබ්‍යාකතය අබ්‍යාකතයට සහජාතද වේ. පුරේජාතද වේ. කුසලයට පුරේජාතය. අකුසලයට ද එසේය. නැවත කුසලා බ්යාකතය සහජාත පුරේජාත වශයෙන් කුසලයට සහජාත වශයෙන් අබ්‍යාකතයට අකුසලා බ්යාකතයට එසේමයයි මෙසේ තෙළෙස වේ. උපනිස්ස නවා ඒක මූලකයෙහි ඒක අවසානයේ නවය, ඒවායෙහි විභංගයෙහි තෙවිසි භේදයක් දක්වන ලදි. ඒවායින් ආරම්මණ උපනිස්සයෙහි සත. අනන්තර උපනිස්සයෙහි සත ප්‍රකෘති උපනිස්සයෙහි නවය වේ. පුරෙජාතෙ තීණි අබ්‍යාකතය අබ්‍යාකතයට, කුසලය අබ්‍යාකතයට, අකුසලය අබ්‍යාකතයට යයි මෙසේ තුනක් වේ.
පච්ඡාජාතෙ තීණීති කුසලො අබ්‍යාකතස්ස, අකුසලො අබ්‍යාකතස්ස, අබ්යාකතො අබ්යාකතස්සාති එවං තීණි. ආසෙවනෙ තීණි අඤ්ඤමඤ්ඤසදිසානි. කම්මෙ සත්ත හෙතුසදිසානි. තත්ථ ද්වීසු විස්සජ්ජනෙසු නානාක්ඛණිකකම්මම්පි ආගතං, පඤ්චසු සහජාතමෙව. විපාකෙ එකං අබ්‍යාකතෙන අබ්යාකතං. ආහාරඉන්ද්රියඣානමග්ගෙසු සත්ත හෙතුසදිසානෙව. ඉන්ද්රියං පනෙත්ථ සහජාතපුරෙජාතවසෙන ආගතං. සම්පයුත්තෙ තීණි අඤ්ඤමඤ්ඤසදිසානි. විප්පයුත්තෙ පඤ්චාති සහජාතපච්ඡාජාතතො කුසලෙන අබ්යාකතං, අකුසලෙන අබ්යාකතං, සහජාතපුරෙජාතපච්ඡාජාතතො අබ්‍යාකතෙන අබ්යාකතං, වත්ථුපුරෙජාතතො අබ්‍යාකතෙන කුසලං, තථා අකුසලන්ති එකං කුසලමූලං, එකං අකුසලමූලං, තීණි අබ්යාකතමූලානීති එවං පඤ්ච.
ආසෙවනෙ තීණි අඤ්ඤමඤ්ඤයට සමානය. කම්මෙ සත්ත හේතුවලට සමානය. එහි විසඳුම් දෙකක නා නා ක්ෂණික කම්ම ද ආයේය. පහේ සහජාතමය. විපාකෙ එකං අබ්‍යාකතයෙන් අබ්‍යාකතය. ආහාර ඉන්ද්රිය ඣාන මග්ගෙසු සත්ත හේතු හා සමානය. මෙහි ඉන්ද්රිය වනාහි සහජාත පුරෙජාත වශයෙන් ආවේය. සම්පයුත්තෙ තීණි අඤ්ඤමඤ්ඤ හා සමානය. විප්පයුත්තෙ පඤ්ච සහජාත පච්ඡාජාත වශයෙන් කුසලයෙන් අබ්‍යාකතය අකුසලෙන් අබ්‍යාකතය සහජාත පුරෙජාත පච්ඡාජාතවලින් අබ්‍යාකතයෙන් අබ්‍යාකතය, වත්ථු පුරේජාතයෙන් අබ්යාකතයෝ කුසලය, එසේ අකුසලය යයි එක් කුසල මූලයකි. එක් අකුසල මූලයකි. අබ්‍යාකත මූල තුනකි. මෙසේ පහක් වේ.
අත්‍ථියා තෙරසාති සහජාතතො කුසලෙන කුසලං, සහජාතපච්ඡාජාතතො කුසලෙන අබ්යාකතං, සහජාතතොව කුසලෙන කුසලාබ්යාකතන්ති කුසලමූලානි තීණි, තථා අකුසලමූලානි, සහජාතපුරෙජාතපච්ඡාජාතාහාරින්ද්රියතො පන අබ්‍යාකතෙන අබ්යාකතං, වත්ථාරම්මණපුරෙජාතතො අබ්‍යාකතෙන කුසලං, තථා අකුසලං, සහජාතපුරෙජාතතො කුසලො ච අබ්යාකතො ච අකුසලස්ස; ස්වෙව අබ්‍යාකතස්ස සහජාතපච්ඡාජාතආහාරින්ද්රියතො සහජාතපුරෙජාතතො ච කුසලො ච අබ්යාකතො ච කුසලස්ස; ස්වෙව අබ්‍යාකතස්ස සහජාතපච්ඡාජාතආහාරින්ද්රියතොති එවං තෙරස. නත්ථිවිගතෙසු සත්ත අනන්තරසදිසානි. අවිගතෙ තෙරස අත්ථිසදිසානීති. එවමෙත්ථ සත්ත ගණනපරිච්ඡෙදා එකං තීණි පඤ්ච සත්ත නව දස තෙරසාති. තෙසු විපාකවසෙන එකමෙව එකකං, අඤ්ඤමඤ්ඤපුරෙජාතපච්ඡාජාතාසෙවනසම්පයුත්තවසෙන පඤ්ච තිකා, විප්පයුත්තවසෙන එකමෙව පඤ්චකං, හෙතුඅනන්තරසමනන්තරකම්මආහාරින්ද්රියඣානමග්ගනත්ථිවිගතවසෙන දස සත්තකා, ආරම්මණසහජාතඋපනිස්සයවසෙන තයො නවකා, අධිපතිවසෙන එකං දසකං, නිස්සයඅත්ථිඅවිගතවසෙන තයො තෙරසකාති එවං තස්මිං තස්මිං පච්චයෙ නිද්දිට්ඨවාරෙ ගණනවසෙන සාධුකං සල්ලක්ඛෙත්වා තෙසං වසෙන දුකතිකාදීසු පච්චයසංසන්දනෙ ගණනා වෙදිතබ්බා.
අත්‍ථියා තෙරස සහජාත කුසලයෙන් කුසලය, සහජාත පච්ඡාජාත කුසලයෙන් අබ්‍යාකතය, සහජාත කුසලයෙන් කුසලබ්යාකත යයි කුසල මූල තුනකි. එසේම අකුසල මූල, සහජාත පුරෙජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය වශයෙන් අබ්‍යාකතයෙන් අබ්‍යාකතය. වත්ථු ආරම්මණ පුරෙජාත වශයෙන් අබ්‍යාකතයෙන් කුසලය. එසේම අකුසලය. සහජාත පුරෙජාත වශයෙන් කුසලයද අබ්යාකතයද කුසලයට, ඒ අබ්‍යාකතයට, සහජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය වශයෙන් අකුසලයද අබ්යාකතයද අකුසලයට, ඒ අබ්‍යාකතයට සහජාත පච්ඡාජාත ආහාර ඉන්ද්රිය වශයෙන් මෙසේ තෙළෙස. නත්ථි විගතෙසු සත්ත අනන්තර හා සමානය. අවිගතෙ තෙරස අත්ථි හා සමානය. මෙසේ මෙහි සත ගණන පිරිසිඳීමය. එක, තුන, පහ, හත, නවය, දහය, දහතුන යයි වේ. ඒවායෙහි විපාක වශයෙන් එකම එකක්, අඤ්ඤමඤ්ඤ, පුරෙජාත පච්ඡාජාත ආසෙවන සම්පයුත්ත වශයෙන් පහේ තුන, විප්පයුත්ත වශයෙන් එකම පංචකයක්, හෙතු අනන්තර, සමනන්තර කම්ම ආහාර ඉන්ද්රිය ඣාන මග්ග නත්ථි විගත වශයෙන් දස සත්තක වේ. ආරම්මණ සහජාත උපනිස්සය වශයෙන් තුන නවක, අධිපති වශයෙන් එකක්, දසක, නිස්සය අත්ථි අවිගත වශයෙන් තුන තෙළෙස යයි මෙසේ එහි පච්චයන් නිද්දිට්ඨ වාරයෙහි ගණන් වශයෙන් මනාව සලකා ඒවායේ වශයෙන් දුක තිකාදියෙහි පච්චය සැසඳීමෙන් ගණන් දතයුතුය.
යෙ පන පච්චයා යෙසං පච්චයානං විසභාගා වා විරුද්ධා වා හොන්ති, තෙ තෙහි සද්ධිං න යොජෙතබ්බා. සෙය්යථිදං – හෙතුපච්චයස්ස තාව ආරම්මණානන්තරසමනන්තරූපනිස්සයපුරෙජාතපච්ඡාජාතකම්මාසෙවනාහාරඣානනත්ථිවිගතා අධිපතිපච්චයෙ ච ඨපෙත්වා වීමංසං සෙසාධිපතිනො විසභාගා, සහජාතාදයො සභාගා. කස්මා? තථා භාවාභාවතො. හෙතුපච්චයො හි යෙසං හෙතුපච්චයො හොති, තෙසං සහජාතාදිපච්චයොපි හොති, ආරම්මණාදිපච්චයො පන න හොතීති ආරම්මණාදයො තස්ස විසභාගා නාම. තස්මා සො තෙහි, තෙ වා තෙන සද්ධිං, න යොජෙතබ්බා. පුරෙජාතපච්ඡාජාතසම්පයුත්තවිප්පයුත්තඅත්ථිනත්ථිවිගතාවිගතා ච අඤ්ඤමඤ්ඤවිරුද්ධා, තෙපි අඤ්ඤමඤ්ඤං න යොජෙතබ්බා. තත්ථ අයොජනීයෙ වජ්ජෙත්වා යොජනීයෙහි යොගෙ යෙ වාරා ලබ්භන්ති, තෙ සඞ්ඛෙපතො දස්සෙතුං හෙතුපච්චයා අධිපතියා චත්තාරීතිආදි වුත්තං.
යම් ප්‍රත්‍යයෙන් යම් ප්රත්යයන්ට විෂභාග හෝ විරුද්ධ වෙත්ද ඒවා ඒවා සමග නොයෙදිය යුතුය. කෙසේද? හේතු පච්චයට ආරම්මණ අනන්තර සමනන්තර උපනිස්සය පුරෙජාත පච්ඡාජාත කම්ම ආසේවන ආහාර ඣාන නත්ථි විගත අධිපති පච්චයද හැර සෙසු අධිපති විසභාගය. සහජාත ආදිය සභාගය. කවර හෙයින්ද එසේ භාව භාව වශයෙන් හේතු පච්චය යමකට හේතු පච්චය වේද, ඒවා සහජාතාදි පච්චයද වේ. ආරම්මණ පච්චය වනාහි නොවේ යයි ආරම්මණාදිය ඊට විසභාග නම් වේ. එහෙයින් එය ඒවායින් ඒවා හෝ එය සමග නොයෙදිය යුතුය. පුරෙජාත පච්ඡාජාත සම්පයුත්ත විප්පයුත්ත අත්ථි නත්ථි විගත අවිගතද අඤ්ඤමඤ්ඤ විරුද්ධ වේ. ඒවා ද අඤ්ඤමඤ්ඤ නොයෙදිය යුතුය. එහි නොයෙදීම හැර යෙදිය යුතු යෝගයෙහි යමෙක් වාර ලබයිද ඒවා සංක්ෂේපයෙන් දැක්වීමට හෙතුපච්චයා අධිපතියා චත්තාරි යනාදිය කියන ලදි.
තත්ථ කිඤ්චාපි හෙතුපච්චයස්ස අධිපතිනා සංසන්දනෙ ඌනතරගණනවසෙන සත්තහි වාරෙහි භවිතබ්බං, යස්මා පන අධිපතීසු වීමංසාව හෙතුපච්චයො, න ඉතරෙ, තස්මා විසභාගෙ වජ්ජෙත්වා සභාගවසෙන “චත්තාරී”ති වුත්තං. තානි එවං වෙදිතබ්බානි – කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො අධිපතිපච්චයෙන පච්චයො; කුසලා වීමංසා සම්පයුත්තකානං ඛන්ධානං, කුසලො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො අධිපතිපච්චයෙන පච්චයො; කුසලා වීමංසා චිත්තසමුට්ඨානානං රූපානං, කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො අධිපතිපච්චයෙන පච්චයො; කුසලා වීමංසා සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානං, අබ්යාකතො ධම්මො අබ්‍යාකතස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො අධිපතිපච්චයෙන පච්චයො; විපාකාබ්‍යාකතා කිරියාබ්යාකතා වීමංසා සම්පයුත්තකානං ඛන්ධානං චිත්තසමුට්ඨානානඤ්ච රූපානන්ති. එත්ථ ච විපාකාබ්‍යාකතා ලොකුත්තරතොව ගහෙතබ්බා. ආරම්මණපච්චයඅනන්තරපච්චයාදයො පන විසභාගත්තා න යොජිතා. ඉමිනා උපායෙන සබ්බත්ථ ලබ්භමානඤ්ච අලබ්භමානඤ්ච ඤත්වා ලබ්භමානවසෙන වාරා උද්ධරිතබ්බා.
එහි කිසියම් හේතු පච්චයක අධිපති සමග සැසඳීමේ අඩු ගණන වශයෙන් සත් වාරයකින් විය යුතුය. යම්හෙයකින් අධිපති කෙරෙහි වීමංසයම හේතුපච්චය වේද, ඉතිරිය නොවේ. එහෙයින් විසභාගයන් හැර සභාග වශයෙන් සතරකැයි කියන ලදි. ඒවා මෙසේ දතයුතුය. කුසල ධර්මය කුසල ධර්මයට හේතු පච්චයෙන් පච්චය වේ. අධිපති පච්චයෙන් පච්චය වේ. කුසල වීමංසය සම්ප්‍රයුක්ත ස්කන්ධවල කුසල ධර්මය අබ්‍යාකත ධර්මයට හේතු පච්චයෙන් පච්චය වේ. අධිපති පච්චයෙන් පච්චය වේ. කුසල වීමංසය චිත්ත සමුට්ඨාන රූපයන්ගේ කුසල ධර්මය කුසලයට, අබ්‍යාකත ධර්මයට ද හේතු පච්චයෙන් පච්චය වේ. අධිපති පච්චයෙන් පච්චය වේ. කුසල වීමංස සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ගේ චිත්ත සමුට්ඨාන රූපයන්ගේ අව්‍යාකත ධර්මය අව්‍යාකත ධර්මයට හේතු පච්චයෙන් පච්චය වේ. අධිපති පච්චයෙන් පච්චය වේ. විපාක අබ්යාකතා කිරිය අබ්යාකතා වීමංස සම්ප්‍රයුක්ත ස්කන්ධයන්ගේ චිත්ත සමුට්ඨාන රූපවලට. මෙහි ද විපාක අබ්යාකතා ලෝකෝත්තර වශයෙන් ගතයුතුය. ආරම්මණ පච්චය අනන්තර පච්චයාදිය වනාහි විසභාග බැවින් නොයොදන ලදි. මේ උපායෙන් සියළු ලැබීම්ද නොලැබීම්ද දැන ලැබීම් වශයෙන් උපුටා දැක්විය යුතුය.
සහජාතෙ සත්තාති හෙතුයා ලද්ධානෙව. අඤ්ඤමඤ්ඤෙ තීණීති සුද්ධිකඅඤ්ඤමඤ්ඤෙ ලද්ධානෙව. නිස්සයෙ සත්තාති හෙතුයා ලද්ධානෙව. විපාකෙ එකන්ති සුද්ධිකවිපාකෙ ලද්ධමෙව. ඉන්ද්රියමග්ගෙසු චත්තාරීති හෙට්ඨා වුත්තනයානෙව . සම්පයුත්තෙ තීණීති සුද්ධිකසම්පයුත්තෙ ලද්ධානෙව. විප්පයුත්තෙ තීණීති කුසලාදිචිත්තසමුට්ඨානං රූපං පච්චයුප්පන්නං කත්වා වෙදිතබ්බානි. අත්ථිඅවිගතෙසු සත්තාති හෙතුයා ලද්ධානෙව.
සහජාතෙ සත්ත හේතුවෙන් ලැබුවේමය. අඤ්ඤමඤ්ඤ තීණි සුද්ධික අඤ්ඤමඤ්ඤයෙහි ලැබුවේමය. නිස්සයෙ සත්ත හේතුවෙන් ලැබුයේමය. විපාකෙ ඒකං සුද්ධ විපාකයෙහි ලැබුවේමය. ඉන්ද්රිය මග්ගෙසු චත්තාරි යට කියන ලද නයින්මය. සම්පයුත්තෙ තීණි සුද්ධික සම්පයුත්තයෙහි ලැබුවේමය. විප්පයුත්තෙ තීණි කුසලාදි චිත්ත සමුට්ඨාන රූප පච්චයුප්පන්න කොට දතයුතුය. අත්ථි අවිගතෙසු සත්ත හේතුවෙන් ලැබුයේමය.
එවං යෙහි අධිපතිපච්චයාදීහි එකාදසහි පච්චයෙහි සද්ධිං හෙතුපච්චයො යොජනං ලභති, තෙසං වසෙන දුමූලකනයෙ ගණනං දස්සෙත්වා ඉදානි තිමූලකාදීසු තස්ස දස්සනත්ථං ලක්ඛණං ඨපෙන්තො හෙතුසහජාතනිස්සයඅත්ථිඅවිගතන්ති සත්තාතිආදිමාහ. පොත්ථකෙසු පන නිස්සඋපනිස්සඅධිපාති එවං පරිහීනක්ඛරානි පච්චයනාමානි ලිඛන්ති, තං සඤ්ඤාකරණමත්තවසෙන ලිඛිතං. තස්මා තාදිසෙසු ඨානෙසු පරිපුණ්ණා පාළි කාතබ්බා. යං පනිදං ලක්ඛණං ඨපිතං, තෙන ඉදං දීපෙති – අයං හෙතුපච්චයො සහජාතාදීහි චතූහි සද්ධිං සංසන්දනෙ අත්තනො විභඞ්ගෙ ලද්ධානි සත්තෙව විස්සජ්ජනානි ලභති. සචෙ පනෙත්ථ අඤ්ඤමඤ්ඤපච්චයො පවිසති, අඤ්ඤමඤ්ඤෙ ලද්ධානි තීණි ලභති. සචෙ සම්පයුත්තපච්චයො පවිසති, තානෙව තීණි ලභති. සචෙ විප්පයුත්තපච්චයො පවිසති, හෙතුවිප්පයුත්තදුකෙ ලද්ධානි තීණි ලභති. සචෙ විපාකපච්චයො පවිසති, සබ්බෙහි විපාකසභාගෙහි සද්ධිං සංසන්දනෙ එවමෙව විස්සජ්ජනං ලභති. සචෙ පනෙත්ථ ඉන්ද්රියමග්ගපච්චයා පවිසන්ති, තෙහි සද්ධිං දුමූලකෙ ලද්ධානි චත්තාරියෙව ලභති. සචෙ තෙහි සද්ධිං අඤ්ඤමඤ්ඤපච්චයො පවිසති, හෙතාධිපතිදුකෙ දස්සිතෙසු චතූසු විස්සජ්ජනෙසු “කුසලො ධම්මො අබ්‍යාකතස්ස, කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස චා”ති ද්වෙ අපනෙත්වා සෙසානි ද්වෙ ලභති. සචෙපි තත්ථ සම්පයුත්තපච්චයො පවිසති, තානෙව ද්වෙ ලභති. සචෙ පන විප්පයුත්තපච්චයො පවිසති, ඉතරානි ද්වෙ ලභති. සචෙ පන තෙසු විපාකපච්චයො පවිසති, සබ්බත්ථ එකමෙව ලභති. අධිපතිනා පන සද්ධිං හෙතාධිපතිදුකතො ඌනතරගණනෙසු අප්පවිසන්තෙසු චත්තාරියෙව ලභති. ඌනතරගණනෙසු පවිසන්තෙසු තෙසං වසෙන ද්වෙ එකන්ති ලභති. එවං තෙසං තෙසං පච්චයානං සමායොගෙ ලබ්භමානං ගණනං විදිත්වා තිමූලකාදීසු ගණනා උද්ධරිතබ්බාති.
මෙසේ යම් අධිපති පච්චයාදි එකොළොස් පච්චයන් සමග හේතු පච්චය යෙදීම් ලබයි. ඔවුන්ගේ වශයෙන් දූමූලක නයෙහි ගණන දක්වා දැන් තිමූලකාදියෙහි එය දැක්වීම සඳහා ලක්ෂණ තබන්නේ හේතු සහජාත නිස්ස අත්ථි අවිගතං සත්ත යනාදිය කීහ. පොත්වල වනාහි නිස්සය උපනිස්සය අධිපති මේ ආදිය පිරිහුණු අකුරු පච්චය නම් ලියයි. එය සංඥාව සඳහා පමණක් ලියන ලදි. එහෙයින් එබඳු තැන්වල පරිපූර්ණ පෙළ කළයුතුය. යම් මේ ලක්ෂණය තබන ලදි. එයින් මෙය දක්වයි. මේ හේතුපච්චය සහජාතාදි සතර සමග සැසඳීමේ තමාගේ විභංගයෙහි ලැබූ සතම විසඳුම් ලබයි. ඉදින් මෙහි වනාහි අඤ්ඤමඤ්ඤ පච්චය පිවිසෙයි. අඤ්ඤමඤ්ඤ ලැබූ තුන ලබයි. ඉදින් සම්පයුත්ත පච්චය පිවිසේද ඒවාම තුන ලබයි. ඉදින් විපාක පච්චය පිවිසේද සියළු විපාක සභාගයන් සමග සැසඳීමේ එකම විසඳුම ලබයි. ඉදින් විප්පයුත්ත පච්චය පිවිසේද හේතු විප්පයුත්ත දුකයෙහි ලැබූ තුන ලබයි. ඉදින් මෙහි ඉන්ද්රිය මග්ග පච්ච පිවිසේද ඒවා සමග දූ මූලකයෙහි ලැබූ සතරම ලබයි. ඉදින් ඒවා සමග අඤ්ඤමඤ්ඤ පච්චය පිවිසේද හේතු අධිපති දුකෙහි දැක්වූ සතර විසඳුම්හි ‘කුසල ධර්මය අබ්යාකතට, කුසල ධර්මය කුසලයට, අබ්යාකතට හෝ’ යයි දෙකක් බැහැරකොට සෙසු දෙක ලබයි. ඉදින් යම් සම්පයුත්ත පච්චය පිවිසේද ඒ දෙක ලබයි. ඉදින් විප්පයුත්ත පච්චය පිවිසේද ඉතිරි දෙක ලබයි. ඉදින් වනාහි ඒවායෙහි විපාක පච්චය පිවිසේද සියළු තැන එකක්ම ලබයි. අධිපති සමග හේතු අධිපති දුක වශයෙන් ඌනතර ගණනෙහි නොපිවිසෙන්නේ සතරම ලබයි. ඌනතර ගණනෙහි පිවිසෙන ඔවුන්ගේ වශයෙන් දෙක එක ලබයි. මෙසේ ඒ ඒ පච්චයන්ගේ සමායෝගයෙහි ලැබෙන ගණන දැන තිමූලකාදියෙහි ගණන ඉපිටිය යුතුය.
එතෙසු පන ඝටනෙසු සබ්බපඨමානි චත්තාරි ඝටනානි සාමඤ්ඤතො නවන්නම්පි හෙතූනං වසෙන වුත්තානි අවිපාකානි. අබ්‍යාකතෙන අබ්යාකතවිස්සජ්ජනෙ පනෙත්ථ විපාකහෙතුපි ලබ්භති.
මේ ගැළපීම්වල පළමුව සතර ගැළවුම, සාමාන්‍යයෙන් නවයද හේතු වශයෙන් කියන ලද අවිපාක වේ. මෙහි අබ්‍යාකතයෙන් අබ්‍යාකත විසඳුමෙහි වනාහි විපාක හේතුවද ලබයි.
තතො පරානි පඤ්ච ඝටනානි විපාකහෙතුවසෙන වුත්තානි. තත්ථ සබ්බෙපි සහජාතවිපාකා චෙව විපාකසහජාතරූපා ච. තෙසු පඨමෙ ඝටනෙ විපාකා චෙව තංසමුට්ඨානරූපා ච ලබ්භන්ති, දුතියෙ විපාකා චෙව පටිසන්ධියඤ්ච වත්ථුරූපං. තතියෙ අරූපධම්මාව. චතුත්ථෙ විපාකචිත්තසමුට්ඨානරූපමෙව ලබ්භති. පඤ්චමෙ වත්ථුරූපමෙව.
ඉන්පසුව පස් ගැළපුම් විපාක හේතු වශයෙන් කියන ලදි. එහි සියළු සහජාත විපාකද විපාක සහජාත රූපද, ඒවායෙහි පළමු විපාක මෙන්ම ඒ සමුට්ඨාන රූපද ලබයි. දෙවැන්නෙහි විපාක මෙන්ම ප්රතිසන්ධිය ද වස්තු රූපය. තෙවැන්නෙහි අරූප ධර්මම සිව්වැන්නෙහි විපාක චිත්ත සමුට්ඨාන රූපම ලබයි. පස්වැන්නෙහි වස්තු රූපයම.
තතො පරානි පඤ්චදස ඝටනානි ඉන්ද්රියමග්ගයුත්තානි අමොහහෙතුවසෙන වුත්තානි. තත්ථ පඨමානි නව නිරාධිපතීනි, පච්ඡිමානි ඡ සාධිපතීනි. නිරාධිපතිකෙසුපි පඨමානි චත්තාරි සාමඤ්ඤතො සබ්බත්ථ අමොහවසෙන වුත්තානි, පච්ඡිමානි පඤ්ච විපාකාමොහවසෙන. තත්ථ නිරාධිපතිකෙසු පඨමෙ චත්තාරීති හෙට්ඨා හෙතාධිපතිදුකෙ දස්සිතානෙව. දුතියෙ චිත්තසමුට්ඨානරූපං පරිහායති. තතියෙ වත්ථුරූපං පරිහායති. චතුත්ථෙ කුසලො ධම්මො චිත්තසමුට්ඨානානං, අබ්යාකතො තංසමුට්ඨානානන්ති රූපමෙව ලබ්භති. තතො පරානි විපාකයුත්තානි පඤ්ච හෙට්ඨා වුත්තනයානෙව. සාධිපතිකෙසු පඨමානි තීණි ඝටනානි සාමඤ්ඤතො විපාකාවිපාකහෙතුවසෙන වුත්තානි. තෙසු පඨමෙ චත්තාරි වුත්තනයානෙව. දුතියෙ රූපං පරිහායති, තතියෙ අරූපං පරිහායති. තතො පරානි තීණි විපාකහෙතුවසෙන වුත්තානි. තෙසු පඨමෙ රූපාරූපං ලබ්භති, දුතියෙ අරූපමෙව, තතියෙ රූපමෙව. එවම්පි තෙසං තෙසං පච්චයානං සමායොගෙ ලබ්භමානං ගණනං විදිත්වා තිමූලකාදීසු ගණනා උද්ධරිතබ්බාති.
ඉන්පසු පසළොස්වන ගැළපීම්. ඉන්ද්රිය මග්ග යුත්ත අමෝහ හේතු වශයෙන් කියන ලදි. එහි පළමුවැන්න අධිපති හැර නවය, අවසානයේ අධිපති සහිත සය. නිරාධිපතිවලද පළමු සතර සමාන බැවින් සියළු තැන අමෝහ වශයෙන් කියන ලදි. අවසානයේ පංච විපාක මෝහ වශයෙන්. එහි නිරාධිපතිවල පළමුවැන්නෙහි චත්තාරි යට හේතු අධිපති දුකයෙහි දක්වන ලද්දේමය. දෙවැන්නෙහි චිත්ත සමුට්ඨාන රූප පිරිහෙයි. තෙවැන්නෙහි වස්තු රූපය පිරිහෙයි. සිව්වැන්නෙහි කුසල ධර්මය චිත්ත සමුට්ඨානයන්ගේ. අබ්‍යාකතය ඒ සමුට්ඨාන රූපයම ලබයි. ඉන්පසුව විපාක යුත් පහ යට කියන ලද නයින්ම. සාධිපතික පළමුවැන්නෙහි ගැළපුම් තුන සමාන බැවින් විපාක අවිපාක වශයෙන් කියන ලදි. ඒවායෙහි පළමු සතර කියන ලද නයින්ම දෙවැන්නෙහි රූප පිරිහෙයි. තෙවැන්නෙහි අරූප පිරිහෙයි. ඉන්පසු තුන විපාක හේතු වශයෙන් කියන ලදි. ඒවායෙහි පළමුවැන්නෙහි රූප අරූප ලබයි. දෙවැන්නෙහි අරූප පමණක්. තුන්වැන්නෙහි රූප පමණක්. මෙසේ ඒ ඒ පච්චයන්ගේ සමායෝගයෙහි ලැබෙන ගණන දැන තිමූලකාදියෙහි ගණන ඉදිරිය යුතුය.
හෙතුමූලකං නිට්ඨිතං.
හේතුමූලක නිමි.
ආරම්මණමූලකෙපි අධිපතිපච්චයාදයො සත්ත ආරම්මණෙන සභාගා, සෙසා සොළස විසභාගාති තෙ අයොජෙත්වා සත්තෙව යොජිතා. තෙසු අධිපතියා සත්තාති කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස, අකුසලස්ස ධම්මස්ස, අබ්යාකතස්සාති එවං කුසලමූලානි තීණි, අකුසලමූලං එකං, අබ්යාකතමූලානි තීණීති සත්ත. නිස්සයෙ තීණීති වත්ථුවසෙන අබ්යාකතමූලානෙව. උපනිස්සයෙ සත්ත හෙට්ඨිමානි එව. පුරෙජාතෙ තීණීති වත්ථාරම්මණවසෙන අබ්යාකතමූලානි. විප්පයුත්තෙ තීණීති වත්ථුවසෙනෙව. අත්ථිඅවිගතෙසු තීණීති වත්ථාරම්මණවසෙන. යථා පන හෙතුමූලකෙ ලක්ඛණදස්සනත්ථං ඝටනානි ඨපිතානි, තථා ආරම්මණමූලකාදීසුපි.
ආරම්මණ මූලකයෙහි ද අධිපති පච්චයාදි හත ආරම්මණ සභාගය. සෙසු සොළොස විසභාග යයි ඒවා නොයොදා හතම යොදන ලදි. ඒවායින් අධිපතියෙහි හත කුසල ධර්මය කුසල ධර්මයට, අකුසල ධර්මයට, අබ්යාකතයටදැයි මෙසේ කුසලමූල තුනය. අකුසල මූල එකය. අබ්‍යාකත මූල තුන යයි හත. නිස්සයෙ තීණි වස්තු වශයෙන් අබ්‍යාකත මූලමය. උපනිස්සයෙහි අඩු වශයෙන් හත. මෙසේ පුරෙජාතෙ තීණි වස්තු ආරම්මණ වශයෙන් අබ්‍යාකත මූල. විප්පයුත්ත තීණි - වස්තු වශයෙනි. අත්ථි අවිගතෙසු තීණි වස්තු ආරම්මණ වශයෙන්. [missing trans]
තත්ථ යානි තාව ඉමස්මිං ආරම්මණමූලකෙ පඤ්ච ඝටනානි ඨපිතානි. තත්ථ පඨමං ආරම්මණාධිපතිවසෙන සාධිපතිකං. තත්ථ සත්තාති ආරම්මණාධිපතිදුකෙ ලද්ධවිස්සජ්ජනානෙව. දුතියං නිරාධිපතිකං. තත්ථ තීණීති වත්ථාරම්මණවසෙන ආරම්මණවසෙනෙව වා අබ්යාකතමූලානි. තතියං නිස්සයෙන වුත්තං. තත්ථ තීණීති වත්ථුවසෙන අබ්යාකතමූලානි. චතුත්ථපඤ්චමානි සාධිපතිකානි. තෙසු චතුත්ථෙ එකන්ති වත්ථාරම්මණවසෙන ආරම්මණවසෙනෙව වා අබ්යාකතමූලං අකුසලං. පඤ්චමෙ එකන්ති නිස්සයතො අබ්යාකතමූලකං අකුසලං. එවමිධාපි ලබ්භමානවසෙන තිකාදීසු ගණනා වෙදිතබ්බා. තථා අධිපතිමූලකාදීසු. ආරම්මණඉන්ද්රියවිපාකවසෙන විත්ථාරයොජනං පන අවත්වා තත්ථ තත්ථ වත්තබ්බයුත්තකමෙව වදාමාති.
හේතු මූලකයෙහි ලක්ෂණ දැක්වීම සඳහා ගැළපීම් තබන ලදි. එහි පළමුවැන්න ආරම්මණ අධිපති වශයෙන් අධිපති සහිතය. එහි හතයයි ආරම්මණ අධිපති දුකයෙහි ලැබූ විසඳුම්මය. දෙවැන්නෙහි නිරාධිපතික වේ. එහි තීණි යයි වස්තු ආරම්මණ වශයෙන්, ආරම්මණ වශයෙන් හෝ අබ්‍යාකත මූල. තෙවැන්නෙහි නිස්සයෙන් කියන ලදි. එහි තීණි යනු වස්තු වශයෙන් අබ්‍යාකත මූල. සතර පස්වැනි අධිපති සහිතය. ඒවායෙහි සතරෙහි එකං යනු වස්තු ආරම්මණ වශයෙන් ආරම්මණ වශයෙන් හෝ අබ්‍යාකත මූලය අකුසලය. පස්වැන්නේ එකං යනු නිස්සයෙන් අබ්‍යාකත මූලය අකුසලය. මෙසේ මෙහි ලැබීම් වශයෙන් තිකාදියෙහි ගණන දතයුතුය. එසේම අධිපති මූලකාදියෙහි ආරම්මණ ඉන්ද්රිය විපාක වශයෙන් විස්තර යෙදීම නොකියා ඒ ඒ තැන කිවයුත්තම කියමු.
අධිපතිමූලකෙ සහජාතෙ සත්තාති සහජාතාධිපතිවසෙන කුසලමූලානි තීණි, අකුසලමූලානි තීණි, අබ්යාකතමූලං එකං. සහජාතෙන පන සද්ධිං ආරම්මණාධිපති, ආරම්මණාධිපතිනා ච සද්ධිං සහජාතං න ලබ්භති. අඤ්ඤමඤ්ඤෙ තීණීති සහජාතාධිපතිවසෙනෙව. නිස්සයෙ අට්ඨාති කුසලමූලානි තීණි, අකුසලමූලානි තීණි, අබ්යාකතමූලානි ද්වෙ. අබ්යාකතො හි අධිපති අබ්‍යාකතස්ස සහජාතතො චෙව ආරම්මණතො ච නිස්සයො හොති, අකුසලස්ස ආරම්මණතොව. කුසලස්ස පන උභයථාපි න හොතීති අබ්යාකතමූලානි ද්වෙයෙවාති එවං අට්ඨ. උපනිස්සයෙ සත්ත ආරම්මණසදිසානෙව. පුරෙජාතෙ එකන්ති අබ්යාකතාධිපති ආරම්මණවසෙන අකුසලස්ස. විපාකෙ එකං අබ්‍යාකතෙන අබ්යාකතං ලොකුත්තරං. ආහාරාදීසු සත්ත හෙට්ඨා එකමූලකෙ ලද්ධානෙව. විප්පයුත්තෙ චත්තාරීති කුසලෙන අබ්යාකතං, තථා අකුසලෙන, අබ්‍යාකතෙන අබ්යාකතඤ්ච කුසලඤ්ච. අත්ථිඅවිගතෙසු අට්ඨ නිස්සයසදිසානෙව.
අධිපති මූලකයෙහි සහජාතෙ සත්ත සහජාත අධිපති වශයෙන් කුසල් මුල් තුන, අකුසල් මුල් තුන, අබ්‍යාකත එක. සහජාතයෙන් වනාහි ආරම්මණ අධිපති ආරම්මණාධිපති සමග සහජාත නොලබයි. අඤ්ඤමඤ්ඤෙ තීණි සහජාත අධිපති වශයෙන්. නිස්සයෙ අට්ඨ කුසල මූල තුන, අකුසල මූල තුන, අබ්‍යාකත මූල දෙක. අබ්‍යාකතය අධිපති අබ්‍යාකතයට සහජාත වශයෙන් ආරම්මණ වශයෙන් නිස්සය වේ. අකුසලයට ආරම්මණ වශයෙන් කුසලයට වනාහි උභය වශයෙන් නොවේ යයි අබ්‍යාකත මූල දෙකම යයි මෙසේ අට උපනිස්සයෙහි සත ආරම්මණ සමානය. පුරෙජාතෙ එකං අබ්යාකතාධිපති ආරම්මණ වශයෙන් අකුසලයට. විපාකයෙහි එක අබ්‍යාකතයෙන් අබ්‍යාකතය. ලෝකුත්තරය. ආගාරාදියෙහි සත යට ඒකමූලකයෙහි ලැබුයේමය. විප්පයුත්තෙ චත්තාරි කුසලයෙන් අබ්‍යාකතය. එසේම අකුසලයෙන්, අබ්‍යාකතයෙන් අබ්යාකතද කුසලද. අවිගතයෙහි අට නිස්සය හා සමානය.
ඝටනානි පනෙත්ථ පටිපාටියා ආරම්මණාදීහි අයොජෙත්වා පඨමං අත්ථිඅවිගතෙහි යොජිතානි. කිං කාරණාති? උභයාධිපතිමිස්සකත්තා. තත්ථ පඨමෙ ඝටනෙ ආරම්මණාධිපතිවසෙන වත්ථාරම්මණං ලබ්භති , දුතියෙ නිස්සයවසෙන ගරුං කත්වා අස්සාදෙන්තස්ස වත්ථුමෙව, තතියෙ සහජාතාධිපතිවසෙන කුසලාදයො රූපානං, ආරම්මණාධිපතිවසෙන වත්ථු අකුසලස්ස. තතො පරානි තීණි ඝටනානි ආරම්මණාධිපතිවසෙන වුත්තානි. තත්ථ පඨමෙ සත්තාති හෙට්ඨා වුත්තානෙව. දුතියෙ එකන්ති පුරෙජාතානි වත්ථාරම්මණානි අකුසලස්ස. තතියෙ වත්ථුමෙව අකුසලස්ස. තතො පරානි තීණි ඝටනානි විපාකාවිපාකසාධාරණානි සහජාතාධිපතිවසෙන වුත්තානි. තත්ථ පඨමෙ රූපාරූපං ලබ්භති, දුතියෙ අරූපමෙව, තතියෙ රූපමෙව. තතො පරානි තීණි විපාකාධිපතිවසෙන වුත්තානි. තෙසුපි පඨමෙ රූපාරූපං ලබ්භති, දුතියෙ අරූපං, තතියෙ රූපමෙව. තතො පරානි ඡ ඝටනානි ආහාරින්ද්රියයුත්තානි චිත්තාධිපතිවසෙන වුත්තානි. තත්ථ තීණි අවිපාකානි, තීණි සවිපාකානි. තෙසු ගණනා පාකටායෙව. තතො පරානි ඡ ඝටනානි තථෙව විරියාධිපතිවසෙන වුත්තානි. නනු ච අධිපතිපටිපාටියා පඨමං විරියාධිපතිවසෙන වත්තබ්බානි සියුං, කස්මා තථා න වුත්තානීති? පරතො හෙතුවසෙන වුත්තඝටනෙහි සදිසත්තා. පරතො හි හෙතුවසෙන ඝටනානි අමොහස්ස වීමංසාධිපතිත්තා වීමංසාය ච සම්මාදිට්ඨිභාවතො මග්ගසම්පයුත්තානි. විරියම්පි ච සම්මාවායාමමිච්ඡාවායාමභාවෙන මග්ගොති තෙන සද්ධිං ඝටනානි පරතො හෙතුවසෙන වුත්තඝටනෙහි සදිසානීති පරිවත්තෙත්වා වුත්තානි. තෙසුපි ගණනා පාකටායෙව.
මෙහි ගැලපීම් වනාහි පිළිවෙලින් ආරම්මණාදියෙන් නොයොදා පළමුව අත්ථි අවිගතවලින් යොදන ලදි. කුමන කරුණක් නිසාද? අධිපති දෙකම මිශ්‍ර බැවිනි. එහි පළමුවැන්නෙහි ගැළපීමේ ආරම්මණ අධිපති වශයෙන් වස්තු ආරම්මණ ලබයි. දෙවැන්නෙහි නිස්සය වශයෙන් ගරුකොට ආශ්වාදනය කරන්නාට වස්තුවම වේ. තුන්වැන්නෙහි සහජාත අධිපති වශයෙන් කුසලාදි රූපයන්ගේ ආරම්මණාධිපති වශයෙන් වස්තු අකුසලයට. ඉන්පසුව ගැළපීම් තුන ආරම්මණාධිපති වශයෙන් කියන ලදි. එහි පඨමෙ සත්ත යට කියන ලද්දේමය. දෙවැන්නෙහි එකං පුරෙජාත වස්තු ආරම්මණ අකුසලයට. තෙවැන්නේ වස්තුවම අකුසලයට. ඉන්පසුව ගැළපීම් තුන විපාක අවිපාක සාධාරණ සහජාතාධිපති වශයෙන් කියන ලදි. ඒවායෙහි ද පළමුව රූප අරූප ලබයි. දෙවනුව අරූප. තෙවනුව රූපම. ඉන්පසු ගැළපුම් සය ආහාර ඉන්ද්රිය යුත් චිත්තාධිපති වශයෙන් කියන ලදි. එහි අවිපාක තුනය. සවිපාක තුනය. ඒවායෙහි ගණන ප්රකටය. ඉන්පසු ගැළපුම් සය එසේම විරියාධිපති වශයෙන් කියන ලදි. අධිපති පිළිවෙලින් පළමුව විරියාධිපති වශයෙන් කිවයුතු වන්නේ නොවේද? කුමක් හෙයින් එසේ නොකියන ලදද? පසුව හේතු වශයෙන් කියන ලද ගැළපීමෙන් සමාන බව නිසා. පසුව හේතු වශයෙන් ගැළපීම් අමෝහයේ වීමංසාධිපති බව වීමංසනයෙන් ද සම්මා දිට්ඨභාවයෙන් මාර්ග සම්ප්‍රයුක්ත වේ. විරියද සම්මා වායාම මිච්ඡා වායාම භාවයෙන් මාර්ගයයි එය සමග ගැලපීම් පරතො හේතු වශයෙන් කියන ලද ගැළපීම්වලින් සමාන යයි කියන ලදි. ඒවායෙහි ද ගණන ප්රකටය.
අනන්තරසමනන්තරමූලකෙසු සත්තාති කුසලො කුසලස්ස අබ්‍යාකතස්ස ච, තථා අකුසලො, අබ්යාකතො තිණ්ණන්නම්පීති එවං සත්ත. කම්මෙ එකන්ති කුසලා මග්ගචෙතනා අත්තනො විපාකාබ්යාකතස්ස. ඝටනානි පනෙතෙසු තීණි තීණියෙව. තානි බහුතරපටිපාටියා වුත්තානි.
[missing trans]
සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයමූලකෙසු යෙ යෙ දුකමූලකෙ පච්චයා වුත්තා තෙ තෙයෙව ආදිතො ඨිතෙන සභාගා. තස්මා දුකමූලකෙ ගණනං ඤත්වා යෙ උපරි පච්චයා ඝටිතා, තෙසු ඌනතරගණනස්ස වසෙන සබ්බඝටනෙසු ගණනා වෙදිතබ්බා. තත්ථ සහජාතමූලකෙ දස ඝටනානි. තෙසු පඤ්ච අවිපාකානි, පඤ්ච සවිපාකානි. තත්ථ අවිපාකෙසු තාව පඨමෙ කුසලො කුසලස්ස අබ්‍යාකතස්ස , කුසලාබ්‍යාකතස්ස, කුසලාබ්යාකතො අබ්යාකතස්සාති චත්තාරි, තථා අකුසලො, අබ්යාකතො අබ්යාකතස්සෙවාති එවං නව. තත්ථ කුසලාකුසලාදිකෙසු අට්ඨසු විස්සජ්ජනෙසු අරූපඤ්චෙව චිත්තසමුට්ඨානරූපඤ්ච ලබ්භති. අබ්යාකතෙ වත්ථුරූපම්පි. දුතියෙ ඝටනෙ අබ්යාකතවිස්සජ්ජනෙ රූපෙසු වත්ථුමෙව ලබ්භති, තතියෙ තීසුපි අරූපමෙව, චතුත්ථෙ චිත්තසමුට්ඨානරූපමෙව, පඤ්චමෙ පටිසන්ධියං වත්ථුනා සද්ධිං අරූපධම්මා. සවිපාකෙසු පඨමෙ විපාකා චෙව විපාකචිත්තසමුට්ඨානරූපඤ්ච, දුතියෙ විපාකා චෙව වත්ථුරූපඤ්ච, තතියෙ විපාකමෙව, චතුත්ථෙ විපාකචිත්තසමුට්ඨානමෙව, පඤ්චමෙ වත්ථුරූපමෙව ලබ්භති.
[missing trans] දැන යමක් ඉහළ පච්චය සමග ගැළපුනේද, ඒවායෙහි ඌනතර ගණනේ වශයෙන් සියළු ගැළපීම්වල ගණන දතයුතුය. එහි සහජාත මූලකයෙහි ගැලපීම් දහය. ඒවායින් පහක් අවිපාකය. පහක් සවිපාකය. එහි අවිපාකවල පළමුව කුසලය අකුසලයට, අබ්‍යාකතයට, කුසලාබ්යාකතයට, කුසලාබ්‍යාකතය අබ්යාකතයටදැයි සතර. එසේ අකුසලය, අබ්‍යාකතය. අබ්යාකතයටදැයි මෙසේ නවය. එහි කුසල අකුසල ආදියෙහි විසඳුම් අටෙහි අරූප මෙන්ම චිත්ත සමුට්ඨාන රූප ද ලැබේ. අබ්‍යාකතයෙහි වස්තු රූපයද දෙවනුව ගැළපීමේ අබ්‍යාකත විසඳුමේ රූපවල වස්තුවම ලබයි. තෙවනුව තුනෙහිද අරූපම වේ. සිව්වෙනුව චිත්ත සමුට්ඨාන රූපමය. පස්වෙනුව ප්රතිසන්ධියෙහි වස්තුව සමග අරූප ධර්ම. සවිපාකවල පළමුව විපාක මෙන් විපාක චිත්ත සමුට්ඨාන රූපද දෙවනුව විපාක මෙන්ම වස්තු රූපයද තෙවනුව විපාකයම සිව්වනුව විපාක චිත්ත සමුට්ඨානයම. පස්වනුව වස්තු රූපයම ලබයි.
අඤ්ඤමඤ්ඤමූලකෙ ඡ ඝටනානි. තෙසු පඨමානි තීණි අවිපාකානි, පච්ඡිමානි තීණි සවිපාකානි. තෙසු ගණනා පාකටායෙව.
අඤ්ඤමඤ්ඤ මූලකයෙහි ගැළපීම් සය. ඒවායෙහි පළමු තුන අවිපාකය. පැසුළු තුන සවිපාකය. ඒවායෙහි ගණන ප්රකටය.
නිස්සයමූලකෙ නිස්සයපච්චයා ආරම්මණෙ තීණීති වත්ථුං ආරම්මණං කත්වා පවත්තකුසලාදිවසෙන වෙදිතබ්බානි. උපනිස්සයෙ එකන්ති වත්ථුං ආරම්මණූපනිස්සයං කත්වා උප්පන්නාකුසලං. සෙසං දුමූලකෙ හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං.
නිස්සය මූලකයෙහි නිස්සය පච්චයා ආරම්මණො තීණි වස්තුව අරමුණ කොට පැවති කුසලාදි වශයෙන් දතයුතුය. උපනිස්සයෙ එකං වස්තු ආරම්මණ උපනිස්සය කොට උපන් කුසලය. සෙස්ස දුමූලකයෙහි යට කියන ලද නයින්ම දතයුතුය.
ඉමස්මිං පන නිස්සයපච්චයෙ වීසති ඝටනානි. තෙසු පුරිමානි ඡ ඝටනානි පුරෙජාතසහජාතවසෙන වුත්තානි, තතො චත්තාරි පුරෙජාතවසෙනෙව, තතො දස සහජාතවසෙනෙව. තත්ථ පඨමෙ ඝටනෙ තෙරසාති නිස්සයපච්චයවිභඞ්ගෙ වුත්තානෙව. දුතියෙ අට්ඨාති සහජාතාධිපතිවසෙන සත්ත, වත්ථුං ගරුං කත්වා අකුසලඤ්චාති අට්ඨ. තතියෙ සත්ත ඉන්ද්රියපච්චයෙ ලද්ධානෙව. චතුත්ථෙ පඤ්ච විප්පයුත්තෙ ලද්ධානි. පඤ්චමෙ චත්තාරීති කුසලාදීනි චිත්තසමුට්ඨානානං, වත්ථු ච අකුසලස්ස. ඡට්ඨෙ තීණීති කුසලාදීනි චිත්තසමුට්ඨානස්ස. පුරෙජාතවසෙන චතූසු පඨමෙ තීණීති වත්ථු කුසලාදීනං, චක්ඛාදීනි ච අබ්‍යාකතස්ස. දුතියෙ වත්ථුමෙව කුසලාදීනං. තතියෙ එකන්ති වත්ථු අකුසලස්ස. චතුත්ථෙ චක්ඛාදීනි විඤ්ඤාණපඤ්චකස්ස. සහජාතවසෙන දස සවිපාකාවිපාකවසෙන ද්විධා භින්දිත්වා සහජාතමූලකෙ වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
මේ නිස්සය පච්චයෙහි ගැළපීම් විස්සකි. ඒවායින් මුල් ගැළපීම් සය පුරේජාත සහජාත වශයෙන් කියන ලදි. එයින් සතරක් පුරෙජාත වශයෙන්ම එයින් දහයක් සහජාත වශයෙන්. එහි පළමු ගැළපීමේ තෙරසා යයි සහජාතාධිපති වශයෙන් සත, වස්තු ගරුකොට, අකුසලයද අට. තෙවැන්නෙහි සත ඉන්ද්රිය පච්චයෙහි ලැබුවේමය. සතරවැන්නෙහි විප්පයුත්ත පහක් ලැබීය. පඤ්චමෙ චත්තාරි කුසලාදිය චිත්ත සමුට්ඨානවල වස්තුව අකුසලයට. සයෙහි තීණි කුසලාදිය චිත්ත සමුට්ඨානයට. පුරෙජාත වශයෙන් සතරෙහි පළමුව තීණි වස්තු කුසලාදිය චක්ඛු ආදියද අබ්‍යාකතයට. දෙවනුව වස්තුවම කුසලාදියේ. තෙවනුව එකං වස්තු අකුසලයට. සිව්වෙනුව චක්ඛු ආදිය විඤ්ඤාණ පංචකයට, සහජාත වශයෙන් දහය සවිපාක අවිපාක වශයෙන් දෙකොටසට බෙදා සහජාත මූලකයෙහි කියන ලද නයින් දතයුතුය.
උපනිස්සයමූලකෙ ආරම්මණෙ සත්තාති ආරම්මණූපනිස්සයෙ ලද්ධානෙව. අධිපතියා සත්තාති තානෙව. අනන්තරසමනන්තරෙසු අනන්තරූපනිස්සයෙ ලද්ධානෙව. නිස්සයෙ එකන්ති වත්ථු අකුසලස්ස. පුරෙජාතෙ එකන්ති තස්සෙව වත්ථුං වා ආරම්මණං වා. ආසෙවනෙ තීණි අනන්තරූපනිස්සයවසෙන. කම්මෙ ද්වෙ පකතූපනිස්සයවසෙන. ලොකුත්තරකුසලචෙතනා පන අනන්තරූපනිස්සයොපි හොති. විප්පයුත්තෙ එකං ආරම්මණූපනිස්සයවසෙන, තථා අත්ථිඅවිගතෙසු. නත්ථිවිගතෙසු සත්ත අනන්තරසමානෙව.
උපනිස්සය මූලකයෙහි ආරම්මණො සත්ත ආරම්මණ උපනිස්සයෙහි ලැබුයේමය. අධිපතියා සත්ත ඒවාම. අනන්තර සමනන්තරවල අනන්තර උපනිස්සයෙහි ලැබුයේමය. නිස්සයෙ එකං වස්තු අකුසලයම. පුරෙජාතෙ එකං එයම වස්තුව හෝ අරමුණ හෝ. ආසේවනයෙහි තුන. අනන්තර උපනිස්සය වශයෙන් කර්මයෙහි දෙක ප්‍රකෘති උපනිස්සය වශයෙන්. ලෝකෝත්තර කුසල චේතනා වනාහි අනන්තර උපනිස්සයද වේ. විප්පයුත්තයෙහි එක ආරම්මණ උපනිස්සය වශයෙන්. එසේ අත්ථි අවිගතවල. නත්ථි විගතවල හත අනන්තර සමානය.
උපනිස්සයමූලකානි පන සත්ත ඝටනානි හොන්ති. තත්ථ පුරිමානි තීණි ආරම්මණූපනිස්සයවසෙන වුත්තානි. තත්ථ පඨමෙ සත්තාති කුසලො කුසලාදීනං, තථා අබ්යාකතො, අකුසලො අකුසලස්සෙවාති එවං සත්ත. දුතියෙ එකන්ති චක්ඛාදිඅබ්යාකතං අකුසලස්ස. තතියෙ වත්ථු අකුසලස්ස. තතො පරානි ද්වෙ අනන්තරූපනිස්සයවසෙන වුත්තානි. තෙසු ගණනා පාකටායෙව. තතො ද්වෙ අනන්තරපකතූපනිස්සයවසෙන වුත්තානි. තත්ථ පඨමෙ ලොකියකුසලාකුසලචෙතනාපච්චයභාවතො ගහෙතබ්බා, දුතියෙ ලොකුත්තරකුසලාව.
උපනිස්ස මූලක ගැළපීම් හතක් වේ. එහි පළමු තුන ආරම්මණ උපනිස්සය වශයෙන් කියන ලදි. එහි පළමුව සත්ත කුසලය කුසලාදියට, එසේම අබ්‍යාකතය, අකුසලය අකුසලයටදැයි මෙසේ හත. දෙවනුව එක චක්ඛාදි අබ්‍යාකතය අකුසලයට. වස්තු අකුසලයට. ඉන්පසු දෙක අනන්තර උපනිස්සය වශයෙන් කියන ලදි. ඒවායෙහි ගණන ප්‍රකටමය. එයින් දෙක අනන්තර ප්‍රකෘති උපනිස්සය වශයෙන් කියන ලදි. එහි පළමුව ලෞකික කුසල චේතනා පච්චය භාවයෙන් ගතයුතුය. දෙවනුව ලෝකෝත්තර කුසලම.
පුරෙජාතමූලකෙ ආරම්මණෙ තීණීති අබ්යාකතො කුසලාදීනං. අධිපතියා එකන්ති අබ්යාකතො අකුසලස්ස. සෙසෙසුපි එසෙව නයො. එත්ථ පන සත්ත ඝටනානි. තෙසු පඨමං වත්ථාරම්මණවසෙන වුත්තං, දුතියං වත්ථුවසෙනෙව, තතියං ආරම්මණවසෙන, චතුත්ථං වත්ථුස්ස ආරම්මණකාලවසෙන, පඤ්චමං ආරම්මණාධිපතිවසෙන, ඡට්ඨං වත්ථුනො ආරම්මණාධිපතිකාලවසෙන, සත්තමං චක්ඛාදිවසෙන.
පුරෙජාත මූලකයෙහි ආරම්මණෙ තීණි අබ්‍යාකතය කුසලාදියේ අධිපතියෙහි එකං අබ්‍යාකතය අකුසලයට. සෙස්සෙහි ද මෙම නයයි. මෙහි වනාහි ගැළපීම් සතකි. ඒවායෙහි පළමුවැන්න වස්තු ආරම්මණ වශයෙන් කියන ලදි. දෙවැන්න වස්තු වශයෙන්ම. තෙවැන්න ආරම්මණ වශයෙන්. සතර ආරම්මණ කාල වශයෙන්. පස්වැන්න ආරම්මණ අධිපති වශයෙන්. සවැන්න වස්තුවේ ආරම්මණාධිපති කාල වශයෙන්. සත්වැන්න චක්ඛු ආදි වශයෙන්.
පච්ඡාජාතමූලකෙ වීසති පච්චයා න යුජ්ජන්ති, තයොව යොජනං ලභන්ති. එකමෙවෙත්ථ ඝටනං, තං කායස්ස කුසලාදීනං වසෙන වෙදිතබ්බං. ආසෙවනමූලකෙපි එකමෙව ඝටනං.
පච්ඡාජාත මූලකයෙහි පච්චය විස්සක් නොයෙදේ. තුනක් යෙදේ. මෙහි එකක්ම ගැළපේ. එය කයෙහි කුසලාද වශයෙන් දතයුතුය. ආසේවන මූලකයෙහි ද එකක්ම ගැළපේ.
කම්මමූලකෙ අනන්තරෙ එකන්ති මග්ගචෙතනාවසෙන වුත්තං. අඤ්ඤමඤ්ඤෙ තීණීති එත්ථ පටිසන්ධියං වත්ථුපි ගහෙතබ්බං. උපනිස්සයෙ ද්වෙති අනන්තරපකතූපනිස්සයවසෙන හෙට්ඨා වුත්තානෙව. එවං සෙසානිපි හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බානි. එත්ථ පන එකාදස ඝටනානි. තත්ථ පඨමානි ද්වෙ පකතූපනිස්සයානන්තරූපනිස්සයවිභාගතො නානාක්ඛණිකකම්මවසෙන වුත්තානි. තතො පරානි චත්තාරි විපාකාවිපාකතො එකක්ඛණිකකම්මවසෙන වුත්තානි. තත්ථ පඨමෙ අරූපෙන සද්ධිං චිත්තසමුට්ඨානරූපං ලබ්භති, දුතියෙ අරූපෙන සද්ධිං වත්ථු, තතියෙ අරූපමෙව, චතුත්ථෙ චිත්තසමුට්ඨානරූපමෙව. පටිසන්ධියං පන කටත්තාරූපම්පි ලබ්භති. තතො පරානි පඤ්ච සවිපාකානි, තානි හෙට්ඨා වුත්තනයානෙව. විපාකමූලකෙ පඤ්ච ඝටානානි උත්තානත්ථානෙව.
කම්ම මූලකයෙහි අනන්තරෙ එකං මාර්ග චේතනා වශයෙන් කියන ලදි. අඤ්ඤමඤ්ඤෙ තීණි මෙහි ප්රතිසන්ධියෙහි වස්තුවද ගතයුතුය. උපනිස්සයෙ ද්වෙ අනන්තර ප්‍රකෘති උපනිස්සය වශයෙන් යට කියන ලද නයින්ම දතයුතුය. මෙහි වනාහි ගැළපීම් එකොළොසකි. එහි පළමු දෙක ප්‍රකෘති උපනිස්සය අනන්තර උපනිස්සය විභාග වශයෙන් නා නා ක්ෂණික කර්ම වශයෙන් කියන ලදි. ඉන්පසුව සතර විපාක අවිපාකයෙන් ඒක ක්ෂණික කර්ම වශයෙන් කියන ලදි. එහි පළමුවැන්න අරූපය සමග චිත්ත සමුට්ඨාන රූපය ලබයි. දෙවැන්න අරූපය සමග වස්තුව. තෙවැන්න අරූපයම. සතරවැන්න චිත්ත සමුට්ඨාන රූපයම. ප්රතිසන්ධියෙහි වනාහි කටත්තා රූපයද ලැබේ. ඉන්පසු සවිපාක පහ යට කියන ලද නයින්ම. විපාක මූලකයෙහි ගැළපීම් පහකි. අර්ථ පැහැදිලිය.
ආහාරමූලකෙ සත්තාතිආදීනි වුත්තනයානෙව. ඝටනානි පනෙත්ථ චතුත්තිංස. තෙසු පඨමානි පඤ්ච විපාකාවිපාකසාමඤ්ඤතො වුත්තානි. තත්ථ පඨමෙ චත්තාරොපි ආහාරා ලබ්භන්ති; දුතියෙ තයො අරූපාහාරාව. තතියෙ වත්ථුපි පච්චයුප්පන්නං හොති, චතුත්ථෙ තං පරිහායති. පඤ්චමෙ රූපමෙව පච්චයුප්පන්නං. තතො පරානි පඤ්ච සවිපාකඝටනානි, තානි හෙට්ඨා වුත්තනයානෙව. තතො පරානි නව ඝටනානි චෙතනාහාරවසෙන වුත්තානි. තතො පරානි නව නිරාධිපතිවිඤ්ඤාණාහාරවසෙන . තතො පරානි සාධිපතිවිඤ්ඤාණාහාරවසෙන ඡ ඝටනානි වුත්තානි. තත්ථ තීණි විපාකාවිපාකසාමඤ්ඤවසෙන වුත්තානි. තීණි විපාකවසෙනෙව. තත්ථ ලොකියානං විපාකානං අභාවතො වත්ථු පරිහායති.
ආහාර මූලකයෙහි හත ආදිය කියන ලදමය. මෙහි ගැළපීම් වනාහි තිස්හතරකි. ඒවායින් පළමුවැන්න විපාක සමානත්වයෙන් පහ කියන ලදි. එහි පළමු සතරද ආහාර ලබයි. දෙවැන්න අරූපාහාර තුන වේ. තෙවැන්න වස්තුවද පච්චයුප්පන්න වේ. ඉන්පසු පහ සවිපාක ගැළපීම්ය. ඒවා යට කියන ලද නයින්ම. ඉන්පසු ගැළපීම් චේතනාහාර වශයෙන් කියන ලදි. ඉන්පසුව නවය නිරාධිපති විඤ්ඤාණ ආහාර වශයෙන්. ඉන්පසුව සාධිපති විඤ්ඤාණ ආහාර වශයෙන් ගැළපීම් සිය කියන ලදි. එහි තුනක් විපාක සමානත්වයෙන් කියන ලදි. තුනක් විපාක වශයෙන්ම. එහි ලෞකික විපාක අභාවයෙන්ම වස්තු පිරිහෙයි.
ඉන්ද්රියමූලකෙ පුරෙජාතෙ එකන්ති චක්ඛුන්ද්රියාදීනං වසෙන අබ්‍යාකතෙන අබ්යාකතං. සෙසං දුමූලකං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං. ඝටනානි පනෙත්ථ ඡ සත්තති. තත්ථ පඨමෙ සබ්බානිපි ඉන්ද්රියානි පච්චයට්ඨෙන ලබ්භන්ති. දුතියෙ රූපජීවිතින්ද්රියං හායති. න හි තං නිස්සයො හොති. තතියෙ අරූපින්ද්රියානි රූපානං. චතුත්ථෙ චක්ඛාදීනි චක්ඛුවිඤ්ඤාණාදීනං. තතො පරානි නව ඝටනානි සහජාතඅරූපින්ද්රියවසෙන වුත්තානි, තතො නව මග්ගභූතානං ඉන්ද්රියානං වසෙන, තතො නව ඣානඞ්ගභූතානං, තතො නව ඣානමග්ගභූතානං, තතො නව මනින්ද්රියවසෙනෙව, තතො සාධිපතීනි ඡ, තතො වීරියවසෙන මග්ගසම්පයුත්තානි ඡ, තතො අමොහහෙතුවසෙන නිරාධිපතීනි නව, සාධිපතීනි ඡ. තෙසු සබ්බෙසු විපාකපච්චයෙන අයුත්තානි ච යුත්තානි ච හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
ඉන්ද්රිය මූලකයෙහි පුරෙජාත එකං චක්ඛු ඉන්ද්රියාදි වශයෙන් අබ්‍යාකතයෙන් අබ්‍යාකතය. සෙසු දූමූලක යට කියන ලද නයින් ම දතයුතුය. මෙහි ගැළපීම් වනාහි සැත්තෑහයකි. එහි පළමුවැන්නෙහි සියළු ඉන්ද්රිය පච්චය අර්ථයෙන් ලබයි. දෙවැන්නෙහි රූප ජීවිතේන්ද්රිය පිරිහෙයි. එහි නිස්සය නොවේ. තෙවැන්නෙහි අරූප ඉන්ද්රිය රූපයන්ගේ. සිව්වැන්නේ චක්ඛු ආදිය චක්ඛු විඤ්ඤාණාදියට. ඉන්පසු ගැළපීම් නවය සහජාත අරූප ඉන්ද්රිය වශයෙන් කියන ලදි. ඉක්බිති නවය මාර්ග වූ ඉන්ද්‍රියන්ගේ වශයෙන්. ඉක්බිති නවය ධ්‍යානාංග වීමෙන්. ඉක්බිති නවය ධ්‍යාන මාර්ගව. ඉක්බිති නවය මතින්ද්රිය වශයෙන්ම. ඉක්බිති සාධිපති සය. ඉන්පසු විරිය වශයෙන් මාර්ග සම්ප්‍රයුක්ත සය. ඉක්බිති අමෝහ හේතු වශයෙන් නිරාධිපති නවය, සාධිපති සය. ඒ සියල්ලෙහි විපාක පච්චයෙන් නොයෙදීම් ද යෙදීමද යට කියන ලද නයින්ම දතයුතුය.
ඣානමූලකෙපි දුමූලකං හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බං. ඝටනානි පනෙත්ථ ඡත්තිංස. තෙසු පඨමානි නව ඉන්ද්රියමග්ගභාවං අනාමසිත්වා සාධාරණඣානඞ්ගවසෙනෙව වුත්තානි. තතො පරානි නව ඉන්ද්රියභූතඣානඞ්ගවසෙන, තතො නව මග්ගභූතඣානඞ්ගවසෙන, තතො නව ඉන්ද්රියමග්ගභූතඣානඞ්ගවසෙන. චතූසුපි චෙතෙසු නවකෙසු ආදිතො චත්තාරි චත්තාරි විපාකාවිපාකසාධාරණානි. අවසානෙ පඤ්ච පඤ්ච විපාකානෙව, තානි හෙට්ඨා වුත්තනයානෙව.
ඣාන මූලකයෙහි ද දුමූලකය යට කියන ලද නයින් දතයුතුය. මෙහි ගැළපීම් තිස්හයකි. ඒවායින් පළමු නවය ඉන්ද්රිය මාර්ග භාවය ස්පර්ශ නොකොට සාධාරණ ඣානාංග වශයෙන්ම කියන ලදි. චේතනා සතරෙහි නවය. ඒවායෙහි සතර සතර විපාක අවිපාක සාධාරණ අවසානයෙහි පහ පහ විපාකම. ඒවා යට කියන ලද නයින්ම.
මග්ගමූලකෙපි දුමූලකං වුත්තනයෙනෙව වෙදිතබ්බං. ඝටනානි පනෙත්ථ සත්තපඤ්ඤාස. තෙසු පඨමානි නව ඉන්ද්රියඣානභාවං අනාමසිත්වා සුද්ධිකමග්ගවසෙනෙව වුත්තානි. තතො නව ඉන්ද්රියභූතමග්ගවසෙන, තතො නව ඣානභූතමග්ගවසෙන, තතො නව ඉන්ද්රියඣානභූතමග්ගවසෙන, තතො ඡ අධිපතිභූතමග්ගවසෙන, තතො නව නිරාධිපතිමග්ගහෙතුවසෙන, තතො ඡ සාධිපතිමග්ගහෙතුවසෙන, තත්ථ නවකෙසු පඤ්ච පඤ්ච ඡක්කෙසු තීණි තීණි විපාකානි. සෙසානි සාධාරණානි, තානි හෙට්ඨා වුත්තනයානෙව.
මග්ග මූලකයෙහි ද දූමූලකය කියන ලද නයින් දතයුතුය. මෙහි ගැළපීම් පනස් හතකි. ඒවායින් පළමු නවය ඉන්ද්රිය ධ්යානභාවය ස්පර්ශ නොකොට සුද්ධික මග්ග වශයෙන්ම කියන ලදි. ඉක්බිති නවය ඉන්ද්රිය මග්ග වශයෙන්. ඉක්බිති නවය ධ්‍යාන වූ මාර්ග වශයෙන්. ඉක්බිති නවය ඉන්ද්රිය ධ්‍යාන මාර්ග වශයෙන්. ඉක්බිති සය සාධිපති මාර්ග හේතු වශයෙන්. එහි නවකවල පහ පහද ඡක්කයෙහි තුන තුන විපාක වේ. සෙස්ස සාධාරණය. ඒවා යට කියන ලදි.
සම්පයුත්තමූලකෙ දුමූලකං උත්තානත්ථමෙව. එත්ථ පන ද්වෙයෙව ඝටනානි. තත්ථ එකං සාධාරණවසෙන, එකං විපාකවසෙන වුත්තං.
සම්පයුත්ත මූලකයෙහි දුමූලකය පැහැදිලි අරුත් වේ. මෙහි ගැළපීම් දෙකක්මය. එහි එක්ක සාධාරණ වශයෙන්. එකක් විපාක වශයෙන් කියන ලදි.
විප්පයුත්තමූලකෙපි දුමූලකං උත්තානත්ථමෙව. ඝටනානි පනෙත්ථ තෙරස. තත්ථ පඨමෙ පඤ්චාති කුසලො අබ්‍යාකතස්ස, තථා අකුසලො, අබ්යාකතො තිණ්ණන්නම්පි. එත්ථ ච ඉමෙ විප්පයුත්තාදයො සහජාතාපි හොන්ති, පච්ඡාජාතපුරෙජාතාපි. දුතියෙ පුරෙජාතසහජාතාව තතියෙ තෙයෙව අධිපතිවසෙන. තත්ථ කුසලො අබ්‍යාකතස්ස තථා අකුසලො, අබ්යාකතො පන අබ්‍යාකතස්ස ච ආරම්මණාධිපතිවසෙන අකුසලස්ස චාති එවං චත්තාරි. චතුත්ථෙ තීණීති කුසලාදීනි අබ්‍යාකතස්ස. ඉන්ද්රියානි පනෙත්ථ රූපානිපි අරූපානිපි. පඤ්චමෙ පච්චයා අරූපාව ඡට්ඨෙ වත්ථුවසෙන රූපාව සත්තමෙ කුසලාබ්යාකතානං විපස්සනාවසෙන, අකුසලස්ස අස්සාදනවසෙන වත්ථුමෙව. අට්ඨමෙ තදෙවාකුසලස්ස, නවමෙ චක්ඛාදීනි අබ්‍යාකතස්ස, දසමෙ කුසලාදයො චිත්තසමුට්ඨානානං, එකාදසමෙ පටිසන්ධියං වත්ථු ඛන්ධානං, ද්වාදසමෙ පටිසන්ධියං ඛන්ධා කටත්තාරූපානං, තෙරසමෙ පටිසන්ධියං ඛන්ධා වත්ථුස්ස.
විප්පයුත්ත මූලකයෙහි ද දූමූලක පැහැදිලි අරුත් වේ. මෙහි ගැළපීම් වනාහි තෙළෙසකි. පඨමෙ පඤ්ච කුසලය අබ්‍යාකතයට. අකුසලය එසේය. අබ්‍යාකතය තුනක්ද. මෙහි මේ විප්පයුත්තාදිය සහජාත ද වේ. පච්ඡාජාත පුරෙජාත ද වේ. දෙවැන්නේ පුරෙජාත සහජාතව. තෙවැන්නේ ඒවම අධිපති වශයෙන්. එහි කුසලය අබ්‍යාකතයට. එසේ අකුසලය. අබ්‍යාකතය වනාහි අබ්‍යාකතයට ද ආරම්මණාධිපති වශයෙන් අකුසලයටදැයි මෙසේ සතරකි. සිව්වැන්නේ තීණි යයි කුසලාදිය අබ්‍යාකතයට. මෙහි ඉන්ද්රිය වනාහි රූපද අරූපද වේ. පස්වැන්නේ පච්චය අරූපම. සවැන්නේ වස්තු වශයෙන් රූපම. සත්වැන්නේ කුසල අබ්යාකතවල විපස්සනා වශයෙන්. අකුසලයට ආශ්වාදන වශයෙන් වස්තුවම. අටවැන්නේ එම අකුසලයටම. නවවැන්නේ චක්ඛු ආදිය අබ්‍යාකතයට. දසවැන්නේ කුසලාදිය චිත්ත සමුට්ඨානවල. එකොළොස්වැන්නේ ප්රතිසන්ධියෙහි වස්තු ස්කන්ධවල. දොළොස්වැන්නේ ස්කන්ධ කටත්තා රූපවල. තෙළෙස්වැන්නේ ප්රතිසන්ධියෙහි ස්කන්ධ වස්තු වේ.
අත්ථිපච්චයමූලකෙ උපනිස්සයෙ එකන්ති ආරම්මණූපනිස්සයවසෙන අබ්යාකතං අකුසලස්ස. සෙසං දුමූලකෙ උත්තානමෙව. ඝටනානි පනෙත්ථ එකූනතිංස. තෙසු පඨමෙ අරූපවත්ථාරම්මණමහාභූතඉන්ද්රියාහාරානං වසෙන සහජාතපුරෙජාතපච්ඡාජාතපච්චයා ලබ්භන්ති. දුතියෙ පච්ඡාජාතකබළීකාරාහාරා න ලබ්භන්ති. පඨමදුතියඝටනානෙව අධිපතිනා සද්ධිං උපරි තතියචතුත්ථානි කතානි. පුන පඨමමෙව චතූහි ආහාරෙහි සද්ධිං පඤ්චමං, රූපින්ද්රියෙහි සද්ධිං ඡට්ඨං, රූපාරූපින්ද්රියෙහි සද්ධිං සත්තමං කතං. දුතියමෙව වා පන ඉන්ද්රියෙහි සද්ධිං සත්තමං කතං. පඨමදුතියානෙව විප්පයුත්තපච්චයෙන සද්ධිං අට්ඨමනවමානි. තෙසු නවමං අධිපතිනා සද්ධිං දසමං කතං. තතො එකාදසමෙ පච්චයවසෙන වත්ථු හායති. ද්වාදසමෙ අරූපධම්මායෙව පච්චයා, තෙරසමෙ වත්ථාරම්මණා, චුද්දසමෙ වත්ථුමෙව, පන්නරසමෙ ආරම්මණමෙව, සොළසමෙ වත්ථුමෙව ආරම්මණං, සත්තරසමෙ පන තදෙව ආරම්මණාධිපතිභාවෙන, අට්ඨාරසමෙපි තදෙව ආරම්මණූපනිස්සයවසෙන, එකූනවීසතිමෙ චක්ඛාදයොව පච්චයා. ඉමානි එකූනවීසති පකිණ්ණකඝටනානි නාම සහජාතං අග්ගහෙත්වා වුත්තානි. තතො පරානි දස සහජාතවසෙන වුත්තානි.
අත්ථි පච්චය මූලකයෙහි උපනිස්සයෙ එකං ආරම්මණ උපනිස්සය වශයෙන් අබ්‍යාකතය අකුසලයට. සෙසු දුමූලකය පැහැදිලිය. මෙහි ගැළපීම් වනාහි එකුන් තිසකි. ඒවායින් පළමුවැන්නේ අරූප වත්ථු ආරම්මණ මහාභූත ඉන්ද්රිය ආහාර වශයෙන් සහජාත පුරෙජාත පච්ඡාජාත පච්චය ලබයි. දෙවැන්නේ පච්ඡාජාත කබලීකාර ආහාර නොලබයි. පළමු දෙවන ගැළපීම්ම අධිපති සමග ඉහළ තතිය චතුත්ථ කරන ලදි. නැවත පළමුවන සතරෙන් ආහාරය සමග පස්වැන්න. රූප ඉන්ද්රිය සම සවැන්න. රූප අරූපි ඉන්ද්රිය සමග සත්වැන්න කරන ලදි. දෙවැන්නම හෝ ඉන්ද්‍රියන් සමග සත්වැන්න කරන ලදි. පළමු දෙවන විප්පයුත්ත පච්චය සමග අට නවය. ඒවායින් නවය අධිපති සමග දහවැන්න කරන ලදි. ඉක්බිති එකොළොස් වැන්නෙහි පච්චය වශයෙන් වස්තු පිරිහෙයි. දොළොස්වැන්නේ අරූප ධර්මම පච්චය වේ. තෙළෙස්වැන්නේ වස්තු ආරම්මණ. තුදුස්වැන්නේ වස්තුම. පසළොස්වැන්නේ ආරම්මණම. සොළොස්වැන්නේ වස්තුම ආරම්මණ වේ. සතළොස්වැන්නේ එයම ආරම්මණ අධිපති භාවයෙන් අටළොස් වැන්නේ එයම ආරම්මණ උපනිස්සය වශයෙන් එකුන් විස්සේ චක්ඛු ආදියම පච්චය වේ. මේ එකුන් විස්ස ප්රකීර්ණක ගැළපීම් නමි. සහජාත නොගෙන කියන ලදි. ඉන්පසු දහය සහජාත වශයෙන් කියන ලදි.
නත්ථිවිගතමූලකෙසු අනන්තරසමනන්තරමූලකෙසු විය උපනිස්සයාසෙවනකම්මවසෙන තීණියෙව ඝටනානි, අවිගතමූලකං අත්ථිමූලකසදිසමෙවාති.
නත්ථි විගත මූලකවල අනන්තර සමනන්තර මූලකවල මෙන් උපනිස්සය ආසේවන කම්ම වශයෙන් ගැළපීම් තුනක්ම වේ. අවිගත මූලකය අත්ථි මූලකය හා සමාන වේ.
යානි පනෙතානි ඉමස්මිං පඤ්හාවාරෙ ඝටනානි වුත්තානි, තානි සබ්බානිපි දුවිධානියෙව – පකිණ්ණකතො සහජාතතො ච. තත්ථ සබ්බෙසම්පි ආරම්මණමූලකාදීනං ආදිතො සහජාතං අග්ගහෙත්වා වුත්තානි පකිණ්ණකානි නාම. තානි ආරම්මණමූලකෙ පඤ්චපි, අධිපතිමූලකෙ ඡ, අනන්තරමූලකෙ තීණිපි, තථා සමනන්තරමූලකෙ, නිස්සයමූලකෙ දස, උපනිස්සයමූලකෙ සත්ත, පුරෙජාතමූලකෙ සත්ත, පච්ඡාජාතමූලකෙ එකමෙව, තථා ආසෙවනමූලකෙ, කම්මමූලකෙ ද්වෙ, ආහාරමූලකෙ එකං, ඉන්ද්රියමූලකෙ චත්තාරි, විප්පයුත්තමූලකෙ නව, අත්ථිමූලකෙ එකූනවීසති, නත්ථිමූලකෙ තීණිපි, තථාවිගතමූලකෙ. අවිගතමූලකෙ එකූනවීසතීති සබ්බානිපි සතඤ්චෙව තීණි ච හොන්ති. සහජාතනිස්සයභාවෙන පනෙතානි පකිණ්ණකානීති වුත්තානි.
මේ ප්‍රශ්න වාරයෙහි යම් මේ ගැළපීම් කියන ලදි. ඒවා සියල්ලම දෙයාකාර වේ. ප්රකීර්ණ වශයෙන් සහ සහජාත වශයෙනි. එහි සියළුම ආරම්මණ මූලකාදීන්ගේ මුලින් සහජාතය නොගෙන කියන ලද්දේ ප්රකීර්ණක නම් වේ. ඒවා ආරම්මණ මූලකයෙහි පහක්ද. අධිපති මූලකයෙහි හයක් අනන්තර මූලකයෙහි තුනක්, සමනන්තර මූලකයෙහි ද එසේය. නිස්සය මූලකයෙහි දහසයක්, තුනක්, සමනන්තර මූලකයෙහි ද එසේය. නිස්සය මූලකයෙහි දහයක්, උපනිස්සය මූලකයෙහි හතක්, පුරෙජාත මූලකයෙහි හතක්. පච්ඡාජාත මූලකයෙහි එකක්. එසේම ආසෙවන මූලකයෙහි කම්ම මූලකයෙහි දෙකක්. ආහාර මූලකයෙහි එකක්. ඉන්ද්රිය මූලකයේ සතරක්. විප්පයුත්ත මූලකයෙහි නවයක්. අත්ථි මූලකයෙහි එකුන් විස්සක්. නත්ථි මූලකයෙහි තුනක්. විගත මූලකයෙහි එසේම අවිගත මූලකයෙහි එකුන් විස්සක්. සියල්ල එක්සිය තුනක් වේ. සහජාත නිස්සය භාවයෙන් මේ ප්රකීර්ණක යයි කියනු ලැබේ.
යානි පන සහජාතං ලබ්භන්ති, තානි සහජාතඝටනානි නාමාති වුච්චන්ති. තානි ආරම්මණමූලකෙ අනන්තරසමනන්තරපුරෙජාතපච්ඡාජාතආසෙවනනත්ථිවිගතමූලකෙසු න ලබ්භන්ති. න හි තෙ පච්චයා සහජාතානං පච්චයා හොන්ති. යථා ච සහජාතානං න හොන්ති, තථා හෙතුසහජාතඅඤ්ඤමඤ්ඤවිපාකඣානමග්ගසම්පයුත්තපච්චයා. අසහජාතානන්ති හෙතුමූලකෙ සබ්බානි චතුවීසතිපි ඝටනානි සහජාතඝටනානෙව. තථා අධිපතිමූලකෙ චතුවීසති, සහජාතමූලකෙ දසපි, අඤ්ඤමඤ්ඤමූලකෙ ඡපි, නිස්සයමූලකෙ දස, කම්මමූලකෙ නව, විපාකමූලකෙ පඤ්චපි, ආහාරමූලකෙ තෙත්තිංස, ඉන්ද්රියමූලකෙ ද්වාසත්තති ඣානමූලකෙ ඡත්තිංසාපි, මග්ගමූලකෙ සත්තපඤ්ඤාසම්පි, සම්පයුත්තමූලකෙ ද්වෙපි, විප්පයුත්තමූලකෙ චත්තාරි, අත්ථිමූලකෙ දස, අවිගතමූලකෙ දසාති සබ්බානිපි තීණි සතානි ද්වාදස ච හොන්ති. ඉති පුරිමානි සතං තීණි ච ඉමානි ච ද්වාදසුත්තරානි තීණි සතානීති සබ්බානිපි පඤ්චදසාධිකානි චත්තාරි ඝටනසතානි පඤ්හාවාරෙ ආගතානි. තෙසු යෙ යෙ පච්චයධම්මා නාමවසෙන න පාකටා හුත්වා පඤ්ඤායන්ති, තෙපි හෙතුමූලකාදීනං නයානං ආදිතො විපාකාවිපාකසාමඤ්ඤතො වුත්තෙසු ඝටනෙසු දස්සෙතබ්බා. ද්වාදසෙව හි හෙතූ ඡ ආරම්මණා චත්තාරො අධිපතයො චත්තාරො ආහාරා වීසති ඉන්ද්රියානි සත්ත ඣානඞ්ගානි ද්වාදස මග්ගඞ්ගානීති එතෙ පච්චයධම්මා නාම. තෙසු යෙ යෙ ධම්මා එකන්තෙන කුසලා, එකන්තෙනෙව අකුසලා, එකන්තෙන කුසලවිපාකා, එකන්තෙනෙවාකුසලවිපාකා, එකන්තෙනෙව විපාකා, එකන්තෙනෙව අවිපාකා තෙ තෙ සාධුකං සල්ලක්ඛෙත්වා යෙ තත්ථ විපාකා, තෙ විපාකඝටනෙසු, යෙ අවිපාකා, තෙ අවිපාකඝටනෙසු යථායොගං යොජෙතබ්බාති.
යම් සහජාත ලබයිද ඒවා සහජාත ගැළපීම් නමැයි කියනු ලැබේ. ඒවා ආරම්මණ මූලකයෙහි අනන්තර සමනන්තර උපනිස්සය පුරෙජාත, පච්ඡාජාත ආසේවන නත්ථි විගත මූළකවල නො ලැබේ. ඒ පච්චයෝ සහජාතයන්ගේ පච්චය නොවේ. සහජාතයන්ගේ යම්සේ නොවේද එසේ හේතු සහජාත අඤ්ඤමඤ්ඤ විපාක ඣාන මග්ග සම්පයුත්ත පච්චයන්ගේ අසහජාතයයි හේතු මූලකයෙහි සියල්ල සූවිසි ගැළපුම් සහජාත ගැලපුම්ම වේ. එසේ අධිපති මූලකයෙහි ද සූවිස්සකි. සහජාත මූලකයෙහි දහයකි. අඤ්ඤමඤ්ඤ මූලකයෙහි සයකි. නිස්සය මූලකයේ දහයකි. කම්ම මූලකයෙහි නවයකි. විපාක මූලකයෙහි පහකි. ආහාර මූලකයෙහි තිස්තුනකි. ඉන්ද්රිය මූලකයෙහි සැත්තෑ දෙකකි. ඣාන මූලකයෙහි තිස්හයකි. මග්ග මූලකයෙහි පනස් හතකි. සම්පයුත්ත මූලකයෙහි දෙකකි. විප්පයුත්ත මූලකයෙහි සතරකි. අත්ථි මූලකයෙහි දහයකි. අවිගත මූලකයෙහි දහයකැයි සියල්ල තුන්සිය දොළොසක් වේ. මෙසේ පෙර එකසිය තුනද මේ තුන්සිය දොළහද සියල්ල හාරසිය පහළොවක් පඤ්හවාරයේ ආවේය. ඒවායෙහි යම් පච්චය ධර්මයක් නම් වශයෙන් ප්‍රකට නොවී පෙනේ. ඒවාද හේතු මූලකාදීන්ගේ නයේ මූල විපාක අවිපාක සමානත්වයෙන් කියන ලද ගැළපීම්වල දැක්විය යුතුය. හේතු දොළොසෙහි ද අරමුණු හයද, අධිපති හතර, ආහාර හතර ඉන්ද්රිය විස්ස ඣානංග සත, මාර්ගාංග දොළොසදැයි මේ පච්චය ධර්ම නම් වේ. ඒවායින් යම් ධර්මයක් ඒකාන්තයෙන් කුසලය. ඒකාන්තයෙන්ම අකුසලය. ඒකාන්තයෙන් කුසල විපාකය. ඒකාන්තයෙන්ම අකුසල විපාකය. ඒකාන්තයෙන් විපාකය. ඒකාන්තයෙන් අවිපාකය. ඒ ඒවා මනාව සලකා එහි යමක් විපාකද ඒවා විපාක ගැළපීම්වල යමක් අවිපාකද ඒවා අවිපාකවල ගැළපීම්වල සුදුසු පරිදි යෙදිය යුතුය.
පඤ්හාවාරස්ස ඝටනෙ අනුලොමගණනා.
පඤ්හ වාරයෙහි ගැළපීමේ අනුලෝම ගණන නිමි.