යෙදුමෙන් කියවන්න

පච‍්චනීයුද‍්ධාරවණ‍්ණනා අට‍්ඨකථා

පච‍්චනීයුද‍්ධාරවණ‍්ණනා

පච්ච යුද්ධාර වර්ණනාව

ඉදානි පච‍්චනීයං හොති. තත්‍ථ යථා පටිච‍්ච වාරාදීසු “අකුසලං ධම‍්මං පටිච‍්ච අකුසලො ධම‍්මො උප‍්පජ‍්ජති නහෙතුපච‍්චයා”තිආදිනා නයෙන ලබ‍්භමානා පඤ‍්හා ලබ‍්භමානානං පච‍්චයානං වසෙන සරූපතොව විත්‍ථාරිතා. එවං අවිත්‍ථාරෙත්‍වා එකෙන ලක‍්ඛණෙන සඞ‍්ඛෙපතො පච‍්චනීයං දස‍්සෙතුං ධම‍්මසඞ‍්ගාහකෙහි කුසලො ධම‍්මො කුසලස‍්ස ධම‍්මස‍්ස ආරම‍්මණපච‍්චයෙන පච‍්චයොතිආදිනා නයෙන අනුලොමතො කුසලාදීනං පච‍්චයා උද‍්ධටා. තෙ ච ඛො පච‍්චයා සමූහවසෙන, නො එකෙකපච‍්චයවසෙනෙව; තස‍්මා යෙ යත්‍ථ සමූහතො දස‍්සිතා, තෙ විභජිත්‍වා වෙදිතබ‍්බා. සබ‍්බෙපි හි ඉමෙ චතුවීසති පච‍්චයා අට‍්ඨසු පච‍්චයෙසු සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. කතරෙසු අට‍්ඨසු? ආරම‍්මණෙ, සහජාතෙ, උපනිස‍්සයෙ, පුරෙජාතෙ, පච‍්ඡාජාතෙ, කම‍්මෙ, ආහාරෙ, ඉන්‍ද්‍රියෙති. කථං? ඨපෙත්‍වා හි ඉමෙ අට‍්ඨ පච‍්චයෙ සෙසෙසු සොළසසු හෙතුපච‍්චයො අඤ‍්ඤමඤ‍්ඤවිපාකඣානමග‍්ගසම‍්පයුත‍්තපච‍්චයොති ඉමෙ ඡ පච‍්චයා එකන‍්තෙන සහජාතා හුත්‍වා සහජාතානඤ‍්ඤෙව පච‍්චයභාවතො සහජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. අනන‍්තරපච‍්චයො සමනන‍්තරආසෙවනනත්‍ථිවිගතපච‍්චයොති ඉමෙ පන පඤ‍්ච උප‍්පජ‍්ජිත්‍වා නිරුද‍්ධා අත‍්තනො අනන‍්තරං උප‍්පජ‍්ජමානානඤ‍්ඤෙව පච‍්චයභාවතො අනන‍්තරූපනිස‍්සයලක‍්ඛණෙන උපනිස‍්සයෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. නිස‍්සයපච‍්චයො සහජාතපුරෙජාතභෙදතො දුවිධො. තත්‍ථ සහජාතනිස‍්සයො සහජාතානඤ‍්ඤෙව නිස‍්සයපච‍්චයභාවතො සහජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡති, පුරෙජාතනිස‍්සයො පුරෙජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡති.

දැන් පච්චනීය වේ. එහි යම්සේ පටිච්ච වාරාදියෙහි ‘අකුසල ධර්ම නිසා අකුසල ධර්මය උපදී. හේතු පච්චය නොවේ’ යනාදි නයින් ලැබෙන ප්‍රශ්න ලැබෙන පච්චයන්ගේ වශයෙන් ස්වරූපයෙන්ම විස්තර කරන ලදි. මෙසේ විස්තර නොකොට එක් ලක්‍ෂණයකින් සංක්‍ෂේප වශයෙන් දැක්වීමට ධම්ම සංගණියෙහි කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො යනාදි නයින් අනුලෝම වශයෙන් කුසලාදීන්ගේ පච්චය උපුටන ලදි. ඒ පච්චයෝද සමූහ වශයෙනි. එක එක පච්චය වශයෙන් නොවේ. එහෙයින් යමක් යම්තැන සමූහ වශයෙන් දක්වන ලදද ඒවාද බෙදා දතයුතුය. මේ සියළු සූවිසි පච්චයෝ පච්චය අටක සංග්‍රහ වේ. කුමන අටකද? ආරම්මණයෙහි, සහජාතයෙහි, උපනිස්සයෙහි, පුරෙජාතයෙහි, පච්ඡාජාතයෙහි, කම්මයෙහි, ආහාරයෙහි, ඉන්‍ද්‍රියෙහි. කෙසේද? මේ පච්චය අට හැර සෙසු සොළොසෙහි හේතු පච්චය, අඤ්ඤමඤ්ඤ, විපාක, ඣාන, මග්ග, සම්පයුත්ත පච්චය යයි මේ පච්චය හය ඒකාන්තයෙන් සහජාත වී සහජාතයන්ගේම පච්චය භාවයෙන් සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. අනන්තර පච්චය, සමනන්තර, ආසේවන, නත්‍ති විගත පච්චයො යයි මේ පහ වනාහි ඉපදී නිරුද්ධව තමාගේ අනතුරුව උපදිනු ලබන්නේම පච්චය භාවයෙන් අනන්තර උපනිස්සය ලක්‍ෂණයෙන් උපනිස්සයෙහි සංග්‍රහ වේ. නිස්සය පච්චය, සහජාත පුරෙජාත භේදයෙන් ද්විධ වේ. එහි සහජාත නිස්සය සහජාතයෙන්ම නිස්සය පච්චයභාවයෙන් සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. පුරෙජාත නිස්සය පුරෙජාත පච්චයෙහි සංග්‍රහ වේ.

අධිපතිපච‍්චයොපි සහජාතාධිපතිආරම‍්මණාධිපතිවසෙන දුවිධො. තත්‍ථ සහජාතාධිපති සහජාතානංයෙව අධිපතිපච‍්චයභාවතො සහජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡති. ආරම‍්මණාධිපති ආරම‍්මණූපනිස‍්සයො හොතියෙවාති ආරම‍්මණූපනිස‍්සයලක‍්ඛණෙන උපනිස‍්සයපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡති. විප‍්පයුත‍්තපච‍්චයො සහජාතපුරෙජාතපච‍්ඡාජාතභෙදතො තිවිධො. තත්‍ථ සහජාතවිප‍්පයුත‍්තො සහජාතානඤ‍්ඤෙව විප‍්පයුත‍්තපච‍්චයභාවතො සහජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡති. පුරෙජාතවිප‍්පයුත‍්තො පුරෙ උප‍්පජ‍්ජිත්‍වා පච‍්ඡා උප‍්පජ‍්ජමානානං පච‍්චයභාවතො පුරෙජාතෙ සඞ‍්ගහිතො. පච‍්ඡාජාතවිප‍්පයුත‍්තො පච‍්ඡා උප‍්පජ‍්ජිත්‍වා පුරෙ උප‍්පන‍්නානං උපත්‍ථම‍්භනවසෙන පච‍්චයභාවතො පච‍්ඡාජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡති. අත්‍ථිපච‍්චයඅවිගතපච‍්චයා සහජාතපුරෙජාතපච‍්ඡාජාතආහාරින්‍ද්‍රියානඤ‍්චෙව අත්‍ථිඅවිගතෙසු ච එකෙකස‍්ස වසෙන ඡහි භෙදෙහි ඨිතා. තත්‍ථ සහජාතඅත්‍ථිඅවිගතා සහජාතානඤ‍්ඤෙව අත්‍ථිඅවිගතපච‍්චයභාවතො. සහජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. පුරෙජාතා පුරෙ උප‍්පජ‍්ජිත්‍වා පච‍්ඡා උප‍්පජ‍්ජමානානං පච‍්චයභාවතො පුරෙජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. පච‍්ඡාජාතා පච‍්ඡා උප‍්පජ‍්ජිත්‍වා පුරෙ උප‍්පන‍්නානං උපත්‍ථම‍්භනවසෙන පච‍්චයභාවතො පච‍්ඡාජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. ආහාරභූතා කබළීකාරාහාරපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. ඉන්‍ද්‍රියභූතා රූපජීවිතින්‍ද්‍රියපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්තීති එවං ඉමෙ සොළස පච‍්චයා ඉමෙසු අට‍්ඨසු පච‍්චයෙසු සඞ‍්ගහං ගච‍්ඡන‍්තීති වෙදිතබ‍්බා.

අධිපති පච්චය ද සහජාත අධිපති ආරම්මණ අධිපති වශයෙන් ද්විධය. එහි සහජාතාධිපති සහජාතයන්ගේම අධිපතිභාවයෙන් සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. ආරම්මණාධිපති ආරම්මණ උපනිස්සය වේයයි ආරම්මණ උපනිස්සය ලක්‍ෂණයෙන් උපනිස්සය පච්චයේ සංග්‍රහ වේ. විප්පයුත්ත පච්චය සහජාත පුරෙජාත පච්ඡාජාත භේදයෙන් ත්‍රිවිධ වේ. එහි සහජාත විප්පයුත්ත සහජාතයන්ගේම විප්පයුත්ත පච්චයභාවයෙන් සහජාත පච්චයේ සංග්‍රහ වේ. පුරෙජාත විප්පයුත්ත පෙර ඉපදී පසුව උපදින්නට පච්චයභාවයෙන් පුරෙජාතයෙහි සංග්‍රහ විය. පච්ඡාජාත විප්පයුත්ත පසුව ඉපදී පෙර උපන් අයට උපස්ථම්භන වශයෙන් පච්චයභාවයෙන් පච්ඡාජාත පච්චයෙහි සංග්‍රහ වේ. අත්‍ථි පච්චය අවිගත පච්චය සහජාත පුරෙජාත පච්ඡාජාත ආහාර ඉන්‍ද්‍රියන්ගේ ද අත්‍ථි අවිගතවලද එක එකේ වශයෙන් භේද හයකින් සිටියේය. එහි සහජාත අත්‍ථි අවිගත සහජාතයන්ගේම අත්‍ථි අවිගත පච්චයභාවයෙන් සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. පුරෙජාත පෙර ඉපදී පසුව උපදිනු ලබන්නන්ට පච්චයභාවයෙන් පුරෙජාත පච්චයෙහි සංග්‍රහ වේ. පච්ඡාජාත පසුව ඉපදී පෙර උපන්නාට උපස්ථම්භන වශයෙන් පච්චයභාවයෙන් පච්ඡාජාත පච්චයෙහි සංග්‍රහ වේ. ආහාර කබලීකාර ආහාර පච්චයෙහි සංග්‍රහ වේ. ඉන්‍ද්‍රිය රූප ජීවිතේන්‍ද්‍රිය පච්චයෙහි සංග්‍රහ වේ. මෙසේ මේ සොළොස් පච්චය මේ පච්චය අටෙහි සංග්‍රහ වේයයි දතයුතුය.

ඉමෙසම‍්පි පන අට‍්ඨන‍්නං පච‍්චයානං අඤ‍්ඤමඤ‍්ඤං සඞ‍්ගහො අත්‍ථියෙව. ආදිතො නිද‍්දිට‍්ඨො හි ආරම‍්මණපච‍්චයො අධිපතිඅනධිපතිභෙදෙන දුවිධො. තත්‍ථ අධිපතිභූතො ආරම‍්මණූපනිස‍්සයලක‍්ඛණෙන උපනිස‍්සයෙ සඞ‍්ගහං ගච‍්ඡති. අනධිපතිභූතො සුද‍්ධො ආරම‍්මණපච‍්චයොව. කම‍්මපච‍්චයොපි සහජාතනානාක‍්ඛණිකවසෙන දුවිධො. තත්‍ථ සහජාතකම‍්මං අත‍්තනා සහජාතානඤ‍්ඤෙව කම‍්මපච‍්චයභාවතො සහජාතෙයෙව සඞ‍්ගහං ගච‍්ඡති. නානාක‍්ඛණිකකම‍්මං බලවදුබ‍්බලවසෙන දුවිධං. තත්‍ථ බලවකම‍්මං විපාකධම‍්මානං උපනිස‍්සයොව හුත්‍වා පච‍්චයො හොතීති උපනිස‍්සයෙ සඞ‍්ගහං ගච‍්ඡති. බලවම‍්පි පන රූපානං දුබ‍්බලඤ‍්ච අරූපානං නානාක‍්ඛණිකකම‍්මපච‍්චයෙනෙව පච‍්චයො. ආහාරපච‍්චයොපි රූපාරූපතො දුවිධො. තත්‍ථ අරූපාහාරො අත‍්තනා සහජාතානඤ‍්ඤෙව පච‍්චයො හොතීති සහජාතපච‍්චයෙ සඞ‍්ගහං ගච‍්ඡති. රූපාහාරො සහජාතපුරෙජාතපච‍්ඡාජාතානං පච‍්චයො න හොති. අත‍්තනො පන උප‍්පාදක‍්ඛණං අතික‍්කමිත්‍වා ඨිතිප‍්පත‍්තො ආහාරපච‍්චයතං සාධෙතීති ආහාරපච‍්චයොව හොති. ඉන්‍ද්‍රියපච‍්චයොපි රූපාරූපතො දුවිධො. තත්‍ථ අරූපින්‍ද්‍රියපච‍්චයො අත‍්තනා සහජාතානඤ‍්ඤෙව ඉන්‍ද්‍රියපච‍්චයතං සාධෙතීති සහජාතෙයෙව සඞ‍්ගහං ගච‍්ඡති. රූපින්‍ද්‍රියපච‍්චයො පන අජ‍්ඣත‍්තබහිද‍්ධාභෙදතො දුවිධො. තත්‍ථ අජ‍්ඣත‍්තං ඉන්‍ද්‍රියපච‍්චයො පුරෙ උප‍්පජ‍්ජිත්‍වා පච‍්ඡා උප‍්පජ‍්ජමානානං සසම‍්පයුත‍්තධම‍්මානං චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං ඉන්‍ද්‍රියපච‍්චයො හොතීති පුරෙජාතෙයෙව සඞ‍්ගහං ගච‍්ඡති. බාහිරො ඉන්‍ද්‍රියපච‍්චයො නාම රූපජීවිතින්‍ද්‍රියං, තං සහජාතානං පච‍්චයො හොන‍්තම‍්පි අනුපාලනමත‍්තවසෙනෙව හොති, න ජනකවසෙනාති ඉන්‍ද්‍රියපච‍්චයොව හොති. එවං ඉමෙ අට‍්ඨ පච‍්චයා අඤ‍්ඤමඤ‍්ඤම‍්පි සඞ‍්ගහං ගච‍්ඡන‍්තීති වෙදිතබ‍්බා. අයං තාව අට‍්ඨසු පච‍්චයෙසු අවසෙසානං සොළසන‍්නඤ‍්චෙව තෙසංයෙව ච අට‍්ඨන‍්නං අඤ‍්ඤමඤ‍්ඤවසෙන සඞ‍්ගහනයො.

මේ පච්චය අටේ අන්‍යොන්‍ය සංග්‍රහ ද ඇත්තේය. මුලින් දැක්වූ ආරම්මණ පච්චය අධිපති අනධිපති භේදයෙන් ද්විධය. එහි අධිපති වූ ආරම්මණ උපනිස්සය ලක්‍ෂණයෙන් උපනිස්සයෙහි සංග්‍රහ වේ. අනධිපති සුද්ධ ආරම්මණ පච්චය වේ. කම්ම පච්චය ද සහජාත නා නා ක්‍ෂණික වශයෙන් ද්විධ වේ. තම සහජාතයන්ගේම කම්ම පච්චයභාවයෙන් සහජාතයෙහි ම සංග්‍රහ වේ. නා නා ක්‍ෂණික කම්මය බලවත් දුබල වශයෙන් ද්විධය. එහි බලවත් කර්මය විපාක ධර්මයන්ගේ උපනිස්සයව පච්චය වේයයි උපනිස්සය පච්චයෙහි සංග්‍රහ වේ. බලවත් රූපයන්ගේ දුබල වූ අරූපයන්ගේ නා නා ක්‍ෂණික කම්ම පච්චයෙන්ම පච්චය වේ. ආහාර පච්චයද රූප අරූප වශයෙන් ද්විධය. එහි අරූපාහාරය තම සහජාතයන්ගේ ම පච්චය වේ යයි සහජාත පච්චයෙහි සංග්‍රහ වේ. රූපාහාරය සහජාත පුරෙජාත පච්ඡාජාතයන්ගේ පච්චය නොවේ. තමාගේ වනාහි උප්පාද ක්‍ෂණය ඉක්මවා ඨිතියට පැමිණ ආහාර පච්චයභාවය සාදන්නේ යයි ආහාර පච්චය වේ. ඉන්‍ද්‍රිය පච්චය ද රූප අරූප වශයෙන් ද්විධය. අරූප ඉන්‍ද්‍රිය පච්චය තම සහජාතයන්ගේම ඉන්‍ද්‍රිය පච්චයභාවය සාදන්නේ යයි සහජාතයෙහිම සංග්‍රහ වේ. රූප ඉන්‍ද්‍රිය පච්චය වනාහි අජ්ඣත්ත බාහිර භේදයෙන් ද්විවිධය. එහි අජ්ඣත්ත ඉන්‍ද්‍රිය පච්චය පෙර ඉපදී පසුව උපදිනු ලබන්නන්ට සසම්ප්‍රයුත්ත ධර්මයන්ගේ චක්ඛු විඤ්ඤාණාදියට ඉන්‍ද්‍රිය පච්චය වේ යයි පුරෙජාතයෙහි ම සංග්‍රහ වේ. බාහිර ඉන්‍ද්‍රිය පච්චය නම් රූප ජීවිතේන්‍ද්‍රිය වේ. එහි සහජාතයන්ගේ පච්චය වේ යයි අනුපාලන මාත්‍ර වශයෙන් ම වේ. ජනක වශයෙන් නොවේ. ඉන්‍ද්‍රිය පච්චය වේ. මෙසේ මේ පච්චය අට ඔවුනොවුන් කෙරෙහි සංග්‍රහයට යයි. මේ පච්චය අටෙහි අවසේස සොළොසෙහිම එ්වායේම අට අන්‍යොන්‍ය වශයෙන් සංග්‍රහ නය.

ඉදානි ඉමෙසං අට‍්ඨන‍්නං පච‍්චයානං එකෙකස‍්මිං චතුවීසතියාපි පච‍්චයෙසු යෙ යෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති, තෙ තෙ වෙදිතබ‍්බා. තත්‍ථ අට‍්ඨන‍්නං තාව සබ‍්බපඨමෙ ආරම‍්මණපච‍්චයෙ ආරම‍්මණපච‍්චයොව සඞ‍්ගහං ගච‍්ඡති, න සෙසා තෙවීසති. දුතියෙ සහජාතපච‍්චයෙ හෙතුපච‍්චයො සහජාතාධිපතිපච‍්චයො සහජාතපච‍්චයො අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයො සහජාතනිස‍්සයපච‍්චයො සහජාතකම‍්මපච‍්චයො විපාකපච‍්චයො සහජාතආහාරපච‍්චයො සහජාතඉන්‍ද්‍රියපච‍්චයො ඣානපච‍්චයො මග‍්ගපච‍්චයො සම‍්පයුත‍්තපච‍්චයො සහජාතවිප‍්පයුත‍්තපච‍්චයො සහජාතත්‍ථිපච‍්චයො සහජාතාවිගතපච‍්චයොති ඉමෙ පන‍්නරස පච‍්චයා සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. තතියෙ උපනිස‍්සයපච‍්චයෙ අධිපතිභූතො ආරම‍්මණපච‍්චයො ආරම‍්මණභූතො අධිපතිපච‍්චයො අනන‍්තරසමනන‍්තරඋපනිස‍්සයආසෙවනපච‍්චයා නානාක‍්ඛණිකො බලවකම‍්මපච‍්චයො නත්‍ථිපච‍්චයො විගතපච‍්චයොති ඉමෙ නව පච‍්චයා සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. චතුත්‍ථෙ පුරෙජාතපච‍්චයෙ පුරෙජාතනිස‍්සයපච‍්චයො පුරෙජාතපච‍්චයො පුරෙජාතින්‍ද්‍රියපච‍්චයො පුරෙජාතවිප‍්පයුත‍්තපච‍්චයො පුරෙජාතත්‍ථිපච‍්චයො පුරෙජාතාවිගතපච‍්චයොති ඉමෙ ඡ පච‍්චයා සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. පඤ‍්චමෙ පච‍්ඡාජාතපච‍්චයෙ පච‍්ඡාජාතපච‍්චයො පච‍්ඡාජාතවිප‍්පයුත‍්තපච‍්චයො පච‍්ඡාජාතත්‍ථිපච‍්චයො පච‍්ඡාජාතාවිගතපච‍්චයොති ඉමෙ චත‍්තාරො පච‍්චයා සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. ඡට‍්ඨෙ කම‍්මපච‍්චයෙ නානාක‍්ඛණිකකම‍්මපච‍්චයොව සඞ‍්ගහිතො. සත‍්තමෙ ආහාරපච‍්චයෙ කබළීකාරාහාරවසෙනෙව ආහාරපච‍්චයො ආහාරත්‍ථිපච‍්චයො ආහාරාවිගතපච‍්චයොති ඉමෙ තයො පච‍්චයා සඞ‍්ගහිතා. අට‍්ඨමෙ ඉන්‍ද්‍රියපච‍්චයෙ රූපජීවිතින්‍ද්‍රියපච‍්චයො ඉන්‍ද්‍රියත්‍ථිපච‍්චයො ඉන්‍ද්‍රියාවිගතපච‍්චයොති ඉමෙ තයො පච‍්චයා සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. එවං ඉමෙසං අට‍්ඨන‍්නං පච‍්චයානං එකෙකස‍්මිං ඉමෙ චිමෙ ච පච‍්චයා සඞ‍්ගහං ගතාති ඤත්‍වා යෙ යත්‍ථ සඞ‍්ගහං ගතා, තෙ තස‍්ස ගණනෙන ගහිතාව හොන‍්තීති වෙදිතබ‍්බා.

දැන් මේ පච්චය අටේ එක එකෙහි සූවිසි පච්චයවල යමක් යමක් සංග්‍රහයට යයිද ඒ ඒවා දතයුතුය. එහි අටේ සියල්ලට පළමුව ආරම්මණ පච්චයෙහි ආරම්මණ පච්චයම සංග්‍රහයට යයි. සෙසු තෙවිස්ස නොවේ. දෙවැන්නෙහි සහජාත පච්චයෙහි හේතු පච්චය, සහජාතාධිපති පච්චය, සහජාත පච්චය, අඤ්ඤමඤ්ඤ පච්චය, සහජාත නිස්සය පච්චය, සහජාත ඉන්‍ද්‍රිය පච්චය, ඣාන පච්චය, මග්ග පච්චය, සම්පයුත්ත පච්චය, සහජාත විප්පයුත්ත පච්චය, සහජාත අත්‍ථිපච්චය, සහජාත විගත පච්චය යයි මේ පසළොස් පච්චය සංග්‍රහ වේ. තෙවැන්නෙහි උපනිස්සය පච්චයෙහි අධිපති වූ ආරම්මණ පච්චය, ආරම්මණ වූ අධිපති පච්චය, අනන්තර, සමනන්තර, උපනිස්සය, ආසෙවන පච්චයා නා නා ක්‍ෂණික බලවත් කම්ම පච්චය, නත්‍ථි පච්චය, විගත පච්චය යයි මේ පච්චය නවය සංග්‍රහ වේ. සිව්වැන්නෙහි පුරෙජාත පච්චයෙහි පුරෙජාත නිස්සය පච්චය, පුරෙජාත ඉන්‍ද්‍රිය පච්චය, පුරෙජාත විප්පයුත්ත පච්චය, පුරෙජාත අත්‍ථි පච්චය, පුරෙජාත විගත පච්චය යයි මේ පච්චය හය සංග්‍රහ වේ. පස්වැන්නෙහි පච්ඡාජාත පච්චයෙහි පච්ඡාජාත පච්චය, පච්ඡාජාත විප්පයුත්ත පච්චය, පච්ඡාජාත අත්‍ථි පච්චය, පච්ඡාජාත විගත පච්චය යයි මේ පච්චය සතර සංග්‍රහ වේ. සවැන්නේ කම්ම පච්චයෙහි නා නා ක්‍ෂණික කම්ම පච්චයම සංග්‍රහ වේ. සත්වැන්නෙහි ආහාර පච්චයෙහි කබලීකාර ආහාර වශයෙන් ම ආහාර පච්චය, ආහාර අත්‍ථි පච්චය, ආහාර අවිගත පච්චය යයි මේ පච්චය තුන සංග්‍රහ වේ. අටවැන්නෙහි ඉන්‍ද්‍රිය පච්චයෙහි රූප ජීවිතේන්‍ද්‍රිය පච්චය, ඉන්‍ද්‍රිය අත්‍ථි පච්චය, ඉන්‍ද්‍රිය විගත පච්චය යයි මේ පච්චය තුන සංග්‍රහ වේ. මෙසේ මේ පච්චය අටේ එක එකෙහි මේ මේ පච්චය සංග්‍රහ වීයයි දැන යමක් යම්තැනක සංග්‍රහවීද ඒවා එහි ගණනින් ගන්නා ලදැයි දතයුතුය.

එවං සබ‍්බපච‍්චයසඞ‍්ගාහකානං ඉමෙසං අට‍්ඨන‍්නං පච‍්චයානං වසෙන එකූනපඤ‍්ඤාසාය පඤ‍්හෙසු ඉමස‍්මිං පච‍්චනීයෙ “කුසලො ධම‍්මො කුසලස‍්ස ධම‍්මස‍්ස ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො”තිආදයො ඉමෙ පන‍්නරස පඤ‍්හා උද‍්ධරිත්‍වා විස‍්සජ‍්ජිතා. තත්‍ථ කුසලො කුසලස‍්ස, කුසලො අකුසලස‍්ස, කුසලො අබ්‍යාකතස‍්ස, කුසලො කුසලාබ්‍යාකතස‍්සාති කුසලාදිකා චත‍්තාරො පඤ‍්හා; තථා අකුසලාදිකා; අබ්‍යාකතො පන අබ්‍යාකතස‍්ස, අබ්‍යාකතො කුසලස‍්ස, අබ්‍යාකතො අකුසලස‍්සාති අබ්‍යාකතාදිකා තයො; කුසලො ච අබ්‍යාකතො ච කුසලස‍්ස; තථා අබ්‍යාකතස‍්ස; අකුසලො ච අබ්‍යාකතො ච අකුසලස‍්ස; තථා අබ්‍යාකතස‍්සාති දුමූලකෙකාවසානා චත‍්තාරො හොන‍්ති. තෙසු පඨමෙ පඤ‍්හෙ යෙහි භවිතබ‍්බං, තෙ සබ‍්බෙ සඞ‍්ගහෙත්‍වා තයො පච‍්චයා වුත‍්තා. දුතියෙ ද‍්වෙ, තතියෙ පඤ‍්ච, චතුත්‍ථෙ එකොව පඤ‍්චමෙ තයො, ඡට‍්ඨෙ ද‍්වෙ, සත‍්තමෙ පඤ‍්ච, අට‍්ඨමෙ එකොව නවමෙ සත‍්ත, දසමෙ තයො, එකාදසමෙ තයො, ද‍්වාදසමෙ ද‍්වෙ, තෙරසමෙ චත‍්තාරො, චුද‍්දසමෙ ද‍්වෙ, පන‍්නරසමෙපි චත‍්තාරොව. තෙ “සහජාතපච‍්චයෙනා”ති අවත්‍වා “සහජාතං පච‍්ඡාජාත”න‍්ති වුත‍්තා. තත්‍ථ කාරණං පරතො වක‍්ඛාම.

මෙසේ සියළු පච්චය සංග්‍රහ වූ මේ පච්චය අට වශයෙන් එකුන් පනස් ප්‍රශ්නවල මේ පච්චනීයෙහි කුසලො ධම්මා කුසලස්ස ධම්මස්ස ආරම්මණ පච්චයෙන පච්චයො යනාදිය මේ පසළොස් ප්‍රශ්න උපුටා විසඳන ලදි. එහි කුසලය කුසලයට, කුසලය අකුසලයට, කුසලය අබ්‍යාකතයට, කුසලය කුසල අබ්‍යාකතයට යයි කුසලාදික සතර ප්‍රශ්න. එසේම අකුසලාදික. අබ්‍යාකතය වනාහි අබ්‍යාකතයට, අබ්‍යාකතය කුසලයට, අබ්‍යාකතය අකුසලයටදැයි අබ්‍යාකතාදිකය තුනකි. කුසලයද අබ්‍යාකතය අකුසලයටදැයි අබ්‍යාකතාදිකය තුනකි. කුසලයද අබ්‍යාකතයද කුසලයට, එසේම අබ්‍යාකතයට, අකුසලය ද අබ්‍යාකතයද අකුසලයට, එසේ අබ්‍යාකතයටදැයි දූමූලක ඒක අවසානයේ සතරක් වේ. ඒවායෙහි පළමු ප්‍රශ්නයෙහි යමකින් විය යුතුද ඒ සියල්ල සංග්‍රහකොට පච්චය තුන කියන ලදි. දෙවන දෙක, තෙවන පහ, සිව්වන එක, නවවන හත, දහවන තුන, එකොළොස්වන තුන, දොළොස්වන දෙක, තෙළෙස්වන සතර, තුදුස්වන දෙක, පසළොස්වන සතර, ඒවා සහජාත පච්චයෙන් යයි නොකියා සහජාත පච්ඡාජාත යයි කියන ලදි. එහි කාරණය පසුව කියමු.

සමාසතො පනෙත්‍ථ එකො ද‍්වෙ තයො චත‍්තාරො පඤ‍්ච සත‍්තාති ඡළෙව පච‍්චයපරිච‍්ඡෙදා හොන‍්ති. අයං පඤ‍්හාවාරස‍්ස පච‍්චනීයෙ උක‍්කට‍්ඨවසෙන පඤ‍්හාපරිච‍්ඡෙදො චෙව තෙ තෙ පච‍්චයෙ සඞ‍්ගහෙත්‍වා දස‍්සිතපච‍්චයපරිච‍්ඡෙදො ච. “න හෙතුපච‍්චයො”තිආදීසු හි චතුවීසතියාපි පච‍්චයපච‍්චනීයෙසු එකපච‍්චනීයෙපි ඉතො උද‍්ධං පඤ‍්හා වා පච‍්චයා වා න ලබ‍්භන‍්ති, හෙට‍්ඨා ලබ‍්භන‍්ති. තස‍්මා යෙසු පඤ‍්හෙසු “කුසලො ධම‍්මො කුසලස‍්ස ච අබ්‍යාකතස‍්ස ච ධම‍්මස‍්ස සහජාතපච‍්චයෙන පච‍්චයො”ති එවං එකොව පච‍්චයො ආගතො, තස‍්මිං පච‍්චයෙ පටික‍්ඛිත‍්තෙ තෙ පඤ‍්හා පරිහායන‍්ති. යස‍්මිං පන පඤ‍්හෙ “කුසලො ධම‍්මො අකුසලස‍්ස ධම‍්මස‍්ස ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයො”ති එවං ද‍්වෙ පච‍්චයා ආගතා. තත්‍ථ නාරම‍්මණපච‍්චයාති එවං එකස‍්මිං පච‍්චයෙ පටික‍්ඛිත‍්තෙපි ඉතරස‍්ස පච‍්චයස‍්ස වසෙන සො පඤ‍්හො ලබ‍්භතෙව. තෙසු පන ද‍්වීසුපි පච‍්චයෙසු පටික‍්ඛිත‍්තෙසු සො වාරො පච‍්ඡිජ‍්ජති. එවමෙව යෙසු පඤ‍්හෙසු තයො චත‍්තාරො පඤ‍්ච සත‍්ත වා ලබ‍්භන‍්ති, තෙසු ඨපෙත්‍වා පටික‍්ඛිත‍්තෙ පච‍්චයෙ අවසෙසානං වසෙන තෙ පඤ‍්හා ලබ‍්භන‍්තියෙව. සබ‍්බෙසු පන පච‍්චයෙසු පටික‍්ඛිත‍්තෙසු සබ‍්බෙපි තෙ වාරා පච‍්ඡිජ‍්ජන‍්තීති ඉදමෙව චෙත්‍ථ ලක‍්ඛණං. ඉමිනා ලක‍්ඛණෙන ආදිතො පට‍්ඨාය තෙසු තෙසු පඤ‍්හෙසු සඞ‍්ඛිපිත්‍වා වුත‍්තපච‍්චයානං පභෙදො ච තස‍්මිං තස‍්මිං පච‍්චනීයෙ තෙසං තෙසං පඤ‍්හානං පරිහානි ච වෙදිතබ‍්බා.

සමාස වහයෙන් එක, දෙක, තුන, හතර, පහ, හත යයි හයේම පච්චය පරිච්ඡේද වේ. මේ ප්‍රශ්න වාරය පච්චනීයෙහි උත්කෘෂ්ඨ වශයෙන් ප්‍රශ්න පරිච්ඡේද මෙන්ම ඒ ඒ පච්චයන් සංග්‍රහ කොට දක්වන ලද පච්චය පරිච්ඡේදයද, හේතු පච්චය නොවේ යයි යනාදියෙහි වනාහි සූවිසි පච්චය පච්චනීවල එක් පච්චනීයේ ද මෙයින් උඩ ප්‍රශ්න හෝ පච්චය හෝ නොලැබේ. යට ලැබේ. එහෙයින් මේ ප්‍රශ්නවල කුසලො ධම්මො කුසලස්ස ච අබ්‍යාකතස්ස ච ධම්මස්ස’ කුසල ධර්මය කුසලයට ද අබ්‍යාකත ධර්මයට ද සහජාත පච්චයෙන් පච්චය වේ යයි මෙසේ එක් පච්චයක් ආවේය. ඒ පච්චයෙහි ප්‍රතික්‍ෂේපයෙන් ඒ ප්‍රශ්න පිරිහේ. යම් ප්‍රශ්නයක ‘කුසල ධර්මය අකුසල ධර්මයට ආරම්මණ පච්චයෙන් පච්චය වේ. උපනිස්ස පච්චයෙන් පච්චය වේයයි මෙසේ පච්චය දෙකක් ආවේය. එහි ‘නාරම්මණ පච්චය’ යයි මෙසේ එක් පච්චයක් ප්‍රතික්‍ෂෙප කළද ඉතිරිය පච්චය වශයෙන් ඒ ප්‍රශ්නය ලබයි. ඒ පච්චය දෙකෙහි ප්‍රතික්‍ෂේප කළ කල්හි ඒ වාරය නවතී. මෙසේ යම් ප්‍රශ්නවල තුන සතර පහ හත හෝ ලබයි. ඒවා හැර ප්‍රතික්‍ෂේප කළ පච්චයන් අවසේසයන්ගේ වශයෙන් ඒ ප්‍රශ්න ලබයි. සියළු පච්චයවල ප්‍රතික්‍ෂේප කළ සියළු වාර නවතී. මෙයම මෙහි ලක්‍ෂණයයි. මේ ලක්‍ෂණයෙන් මුල පටන් ඒ ඒ ප්‍රශ්නවල හකුළුවා කියන ලද නයවල ප්‍රභේද ද ඒ ඒ පච්චනීයෙහි ඒ ඒ ප්‍රශ්නයන්ගේ පිරිහීමද දතයුතුය.

තත්‍රායං විත්‍ථාරකථා – පඨමපඤ‍්හෙ තාව තීහි පච‍්චයෙහි එකූනවීසති පච‍්චයා දස‍්සිතා. කථං? කුසලො හි කුසලස‍්ස පුරෙජාතපච‍්ඡාජාතවිපාකවිප‍්පයුත‍්තෙහෙව පච‍්චයො න හොති , සෙසෙහි වීසතියා හොති, තෙසු ආරම‍්මණපච‍්චයො එකොව සහජාතෙ පන සබ‍්බසඞ‍්ගාහිකවසෙන පන‍්නරස පච‍්චයා සඞ‍්ගහං ගච‍්ඡන‍්තීති වුත‍්තා. තෙසු හෙතුපච‍්චයෙ පටික‍්ඛිත‍්තෙ චුද‍්දස හොන‍්ති. කුසලො පන කුසලස‍්ස නෙව විපාකපච‍්චයො න, විප‍්පයුත‍්තපච‍්චයොති තෙ ද‍්වෙ අපනෙත්‍වා සෙසෙ ද‍්වාදස සන්‍ධාය සහජාතපච‍්චයෙන පච‍්චයොති වුත‍්තං. උපනිස‍්සයපච‍්චයෙපි සබ‍්බසඞ‍්ගාහිකවසෙන නව පච‍්චයා සඞ‍්ගහං ගච‍්ඡන‍්තීති වුත‍්තා. තෙසු අධිපතිභූතො ආරම‍්මණපච‍්චයො ආරම‍්මණභූතො ච අධිපතිපච‍්චයො ආරම‍්මණූපනිස‍්සයවසෙන උපනිස‍්සයමෙව අනුපවිට‍්ඨො. කුසලො පන කුසලස‍්ස නානාක‍්ඛණිකකම‍්මපච‍්චයො න හොතීති තං අපනෙත්‍වා සෙසෙ ඡ සන්‍ධාය උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයොති වුත‍්තං. එවං පඨමපඤ‍්හෙ තීහි පච‍්චයෙහි එකූනවීසතිපච‍්චයා දස‍්සිතාති වෙදිතබ‍්බා. තෙසු ඉමස‍්මිං හෙතුපච‍්චනීයෙ “කුසලො ධම‍්මො කුසලස‍්ස ධම‍්මස‍්ස නහෙතුපච‍්චයෙන පච‍්චයොති දානං දත්‍වා සීලං සමාදියිත්‍වා උපොසථකම‍්මං කත්‍වා තං පච‍්චවෙක‍්ඛති, පුබ‍්බෙ සුචිණ‍්ණානි පච‍්චවෙක‍්ඛතී”ති එවමාදිනා ආරම‍්මණපච‍්චයාදීසු වුත‍්තනයෙනෙව උද‍්ධරිත්‍වා පාළි දස‍්සෙතබ‍්බා.

එහි විස්තර කථාව මෙසේය. පළමු ප්‍රශ්නයෙහි පච්චය තුනකින් එකුන් විසි පච්චයන් දක්වන ලදි. කෙසේද? කුසලය කුසලයට පුරෙජාත පච්ඡාජාත විපාක විප්පයුත්ත පච්චය නොවේ. සෙසු විසි පච්චය වේ. ඒවායින් ආරම්මණ පච්චය තනිව. සහජාතයෙහි වනාහි සර්ව සංග්‍රාහික වශයෙන් පසළොස් පච්චය සංග්‍රහ වේයයි කියන ලදි. ඒවායින් හේතු පච්චයෙහි ප්‍රතික්‍ෂේප තුදුස වන්නේය. කුසලය වනාහි කුසලයට විපාක පච්ච නොවේ. විප්පයුත්ත පච්චය නොවේ. ඒ දෙක ඉවත්කර සෙසු දොළොස සඳහා සහජාත පච්චයෙන් පච්චය වේ යයි කියන ලදි. උපනිස්සය පච්චයෙහි ද සබ්බ සංගාහික වශයෙන් පච්චය නවයක් සංග්‍රහ වේයයි කියන ලදි. ඒවායින් අධිපතිභූත ආරම්මණ පච්චය ආරම්මණ භූත අධිපති පච්චය ආරම්මණ උපනිස්සය වශයෙන් උපනිස්සයේම පිවිසියේය. කුසලය වනාහි කුසලයට නා නා ක්‍ෂණික කම්ම පච්චය නොවේ යයි එය ඉවත්කර සෙසු හය සඳහා උපනිස්සය පච්චයෙන් පච්චය වේයයි කියන ලදි. මෙසේ පළමුවන ප්‍රශ්නයෙහි පච්චය තුනකින් එකුන් විසි පච්චය දක්වන ලදැයි දතයුතුය. ඒවායින් මේ හේතුපච්චනීයෙහි කුසලො ධම්මො කුසලස්ස ධම්මස්ස න හෙතු පච්චයෙන පච්චයො ‘දන් දී සිල් සමාදන් වී පෙහෙවස් කම් කොට එය නැවත සිහිකරයි. පෙර පිරිසිදුව පුරුදු කරන ලදැයි ප්‍රතික්‍ෂේප කරයි’ මේ ආදියෙන් ආරම්මණ පච්චයාදියෙහි කියන ලද නයින්ම උපුටා පෙළෙහි දැක්විය යුතුය.

ආරම‍්මණපච‍්චයෙ පන පටික‍්ඛිත‍්තෙ තස‍්ස විත්‍ථාරං අපනෙත්‍වා හෙතුපච‍්චයවිත්‍ථාරං පක‍්ඛිපිත්‍වා සායෙව පාළි දස‍්සෙතබ‍්බා, සෙසපච‍්චයපටික‍්ඛෙපෙසුපි එසෙව නයො. තස‍්මිං පන පච‍්චයෙ පටික‍්ඛිත‍්තෙ යෙ වාරා පරිහායන‍්ති, තෙ පරතො වක‍්ඛාම.

ආරම්මණ පච්චයෙහි වනාහි ප්‍රතික්‍ෂේප කළ එහි විස්තර හැර හේතුපච්චය විස්තර බහා එයම පෙළ දැක්විය යුතුය. සෙසු පච්චය ප්‍රතික්‍ෂේපවල ද මෙම නයම වේ. එහි වනාහි පච්චය ප්‍රතික්‍ෂේප කළ කල්හි යම් වාරයක් පිරිහේද එය පසුව කියමු.

දුතියපඤ‍්හෙ පන ද‍්වීහි පච‍්චයෙහි තයො පච‍්චයා දස‍්සිතා. කථං? කුසලො හි අකුසලස‍්ස අනන‍්තරාදිවසෙන පච‍්චයො න හොති. තස‍්මා තෙ අපනෙත්‍වා ආරම‍්මණූපනිස‍්සයවසෙන සඞ‍්ගහිතං ආරම‍්මණාධිපතිඤ‍්චෙව පකතූපනිස‍්සයඤ‍්ච සන්‍ධාය උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයොති වුත‍්තං. තස‍්මා සුද‍්ධො ආරම‍්මණපච‍්චයො ආරම‍්මණාධිපතිවසෙන අධිපතිපච‍්චයො උපනිස‍්සයපච‍්චයොති දුතියපඤ‍්හෙ ද‍්වීහි පච‍්චයෙහි ඉමෙ තයො පච‍්චයා දස‍්සිතාති වෙදිතබ‍්බා.

දෙවන ප්‍රශ්නයෙහි වනාහි පච්චය දෙකකින් පච්චය තුනක් දක්වන ලදි. කෙසේද? කුසලය අකුසලයට අනන්තරාදි වශයෙන් පච්ච නොවේ. එහෙයින් ඒවා ඉවත්කර ආරම්මණ උපනිස්සය වශයෙන් ආරම්මණාධිපතිද සංග්‍රහ කරන ලදි. ප්‍රකෘති උපනිස්සය සඳහා උපනිස්සය පච්චයෙන් පච්චය වේ යයි කියන ලදි. එහෙයින් සුද්ධ ආරම්මණ පච්චය ආරම්මණාධිපති වශයෙන් අධිපති පච්චය උපනිස්සය පච්චය යයි දෙවන ප්‍රශ්නයෙහි පච්චය දෙකකින් මේ පච්චය තුන දක්වන ලදැයි දතයුතුය.

තතියපඤ‍්හෙ පන පඤ‍්චහි පච‍්චයෙහි අට‍්ඨාරස පච‍්චයා දස‍්සිතා. කථං? කුසලො හි අබ්‍යාකතස‍්ස අඤ‍්ඤමඤ‍්ඤපුරෙජාතාසෙවනවිපාකසම‍්පයුත‍්තෙහියෙව පච‍්චයො න හොති, සෙසෙහි එකූනවීසතියා හොති. තෙසු ආරම‍්මණපච‍්චයො එකො. යස‍්මා පන කුසලො අබ්‍යාකතස‍්ස අඤ‍්ඤමඤ‍්ඤවිපාකසම‍්පයුත‍්තවසෙන පච‍්චයො න හොති, හෙතුපච‍්චයො පටික‍්ඛිත‍්තො, කම‍්මපච‍්චයො විසුං ගහිතො, තස‍්මා ඉමෙ පඤ‍්ච අපනෙත්‍වා සහජාතෙන දස පච‍්චයා දස‍්සිතා. උපනිස‍්සයෙන හෙට‍්ඨා වුත‍්තෙසු ඡසු ඨපෙත්‍වා ආසෙවනං සෙසා පඤ‍්ච. පච‍්ඡාජාතො එකොව තථා සහජාතනානාක‍්ඛණිකවසෙන දුවිධොපි කම‍්මපච‍්චයොති එවං තතියපඤ‍්හෙ පඤ‍්චහි පච‍්චයෙහි ඉමෙ අට‍්ඨාරස පච‍්චයා දස‍්සිතාති වෙදිතබ‍්බා.

තුන්වන ප්‍රශ්නයෙහි වනාහි පච්චය පහකින් පච්චය අටළොසක් දක්වන ලදි. කෙසේද? කුසලය අබ්‍යාකතයට අඤ්ඤමඤ්ඤ පුරෙජාත ආසේවන විපාක සම්පයුත්තවලින්ම පච්චය නොවේ. සෙසු එකුන් විස්සෙන් වේ. ඒවායින් ආරම්මණ පච්චය තනිව. යම්හෙයකින් වනාහි කුසලය අබ්‍යාකතයට අඤ්ඤමඤ්ඤ විපාක සම්පයුත්ත වශයෙන් පච්චය නොවේ. හේතු පච්චය ප්‍රතික්‍ෂිප්තය. කම්ම පච්චය වෙන්ව ගන්නා ලදි. එහෙයින් මේ පහ ඉවත්කර සහජාතයෙන් පච්චය දහයක් දක්වන ලදි. උපනිස්සයෙන් යට කියන ලද සය ආසේවන හැර සෙසු පහ පච්ඡාජාතය තනිව, එසේ සහජාත නා නා ක්‍ෂණික වශයෙන් ධම්ම පච්චය දෙක ද මෙසේ තුන්වන ප්‍රශ්නයෙහි පච්චය පහකින් මේ අටළොස් පච්චය දක්වන ලදි.

චතුත්‍ථපඤ‍්හෙ පන එකෙන පච‍්චයෙන දස. කථං? කුසලො හි කුසලාබ්‍යාකතස‍්ස සහජාතෙ වුත‍්තෙසු පන‍්නරසසු අඤ‍්ඤමඤ‍්ඤවිපාකසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තෙහි පච‍්චයො න හොති, හෙතුපච‍්චයො පටික‍්ඛිත‍්තො. ඉති ඉමෙ පඤ‍්ච අපනෙත්‍වා සෙසා දස පච‍්චයා එත්‍ථ එකෙන පච‍්චයෙන දස‍්සිතාති වෙදිතබ‍්බා.

සිව්වන ප්‍රශ්නයෙහි එක් පච්චයකින් වනාහි දහයක් කෙසේද? කුසලය කුසල අබ්‍යාකතයට සහජාතයෙහි කියන ලද පසළොසෙහි අඤ්ඤමඤ්ඤ විපාක සම්පයුත්ත විප්පයුත්තවලින් පච්චය නොවේ. හේතු පච්චය ප්‍රතික්‍ෂිපතය. මෙසේ මේ පහ ඉවත්කර සෙසු දහය මෙහි එක් පච්චයකින් දක්වන ලදැයි දතයුතුය.

යථා ච ඉමෙසු කුසලාදිකෙසු චතූසු, තථා අකුසලාදිකෙසුපි චතූසු පඤ‍්හෙසු තෙහි තෙහි පච‍්චයෙහි තෙ තෙයෙව පච‍්චයා දස‍්සිතාති වෙදිතබ‍්බා.

මේ කුසලාදික සතරෙහි යම්සේද එසේ අකුසලාදික ප්‍රශ්න සතරෙහි ඒ ඒ පච්චයවලින් ඒ ඒ පච්චය දක්වන ලදැයි දතයුතුය.

තතො පරානං අබ්‍යාකතාදීනං තිණ‍්ණං පඤ‍්හානං පඨමපඤ‍්හෙ සත‍්තහි පච‍්චයෙහි තෙවීසති පච‍්චයා දස‍්සිතා. කථං? අබ්‍යාකතො හි අබ්‍යාකතස‍්ස චතුවීසතියාපි පච‍්චයෙහි පච‍්චයො හොති. හෙතුපච‍්චයෙ පන පටික‍්ඛිත‍්තෙ තෙවීසති හොන‍්ති. තෙසු ආරම‍්මණපච‍්චයො එකොව. යස‍්මා පනෙත්‍ථ අසහජාතානම‍්පි සඞ‍්ගහණත්‍ථං ආහාරින්‍ද්‍රියපච‍්චයා විසුං ගහිතා. තස‍්මා ඉමෙ තයො අපනෙත්‍වා සහජාතෙන ද‍්වාදස පච‍්චයා දස‍්සිතා. උපනිස‍්සයෙන හෙට‍්ඨා වුත‍්තා ඡ, පුරෙජාතො එකොව තථා පච‍්ඡාජාතආහාරින්‍ද්‍රියපච‍්චයාති එවමෙත්‍ථ සත‍්තහි පච‍්චයෙහි ඉමෙ තෙවීසති පච‍්චයා දස‍්සිතාති වෙදිතබ‍්බා. දුතියෙ තීහි පච‍්චයෙහි ද‍්වාදස දස‍්සිතා. කථං? ආරම‍්මණපච‍්චයො එකො, උපනිස‍්සයෙන පන ආරම‍්මණූපනිස‍්සයවසෙන ආරම‍්මණාධිපතිඅනන‍්තරසමනන‍්තරනත්‍ථිවිගතඋපනිස‍්සයපච‍්චයොති ඡ දස‍්සිතා. පුරෙජාතෙන පුරෙජාතනිස‍්සයවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතා පඤ‍්චාති එවමෙත්‍ථ තීහි පච‍්චයෙහි ඉමෙ ද‍්වාදස පච‍්චයා දස‍්සිතාති වෙදිතබ‍්බා. තතියෙපි එසෙව නයො.

ඉක්බිති අබ්‍යාකතාදි ප්‍රශ්න තුනේ පළමුවන ප්‍රශ්නයෙහි පච්චය සතකින් පච්චය විසිතුනක් දක්වන ලදි. කෙසේද? අබ්‍යාකතයට සූවිසි පච්චයවලින් පච්චය වේ. හේතු පච්චය ප්‍රතික්‍ෂේප කළ කල්හි තෙවිස්සක් වේ. ඒවායින් ආරම්මණ පච්චය තනිව. යම්හෙයකින් මෙහි සහජාත නොවූවන්ගේ ද සංග්‍රහණය පිණිස ආහාර ඉන්‍ද්‍රිය පච්චය වෙනම ගන්නා ලදි. එහෙයින් මේ තුන ඉවත්කර සහජාතයෙන් පච්චය දොළොසක් දක්වන ලදි. උපනිස්සයෙන් යට කියන ලද සය. පුරේජාත එකක්ව. එසේ පච්ඡාජාත ආහාර ඉන්‍ද්‍රිය පච්චය යයි මෙසේ මෙහි පච්චය සතකින් මේ තෙවිසි පච්චය දක්වන ලදැයි දතයුතුය. දෙවැන්නෙහි පච්චය තුනකින් පච්චය දොළොසක් දක්වන ලදි. කෙසේද? ආරම්මණ පච්චය එකකි. උපනිස්සයෙන් වනාහි ආරම්මණ උපනිස්සය වශයෙන් ආරම්මණාධිපති අනන්තර සමනන්තර නත්‍ථි විගත උපනිස්සය පච්චයයි හය දක්වන ලදි. පුරෙජාතයෙන් පුරේජාත නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගත පහ යයි මෙසේ පච්චය තුනකින් මේ දොළොස් පච්චය දක්වන ලදැයි දතයුතුය. තුන්වැන්නෙහි ද මෙම නයම වේ.

තතො පරානං දුකමූලකානං චතුන‍්නං පඤ‍්හානං පඨමපඤ‍්හෙ “සහජාතපච‍්චයෙන පුරෙජාතපච‍්චයෙනා”ති අවත්‍වා “සහජාතං පුරෙජාත”න‍්ති වුත‍්තෙහි ද‍්වීහි නිස‍්සයඅත්‍ථිඅවිගතවසෙන තයො පච‍්චයා දස‍්සිතා. කුසලා හි ඛන්‍ධා වත්‍ථුනා සද‍්ධිං එකතො කුසලස‍්ස පච‍්චයභාවං සාධයමානා කිඤ‍්චාපි සහජාතා, සහජාතපච‍්චයා පන න හොන‍්ති වත්‍ථුමිස‍්සකත‍්තා . තස‍්මා තෙසං සහජාතානං නිස‍්සයඅත්‍ථිඅවිගතානං වසෙන සහජාතන‍්ති වුත‍්තං. වත්‍ථුම‍්හිපි එසෙව නයො. තම‍්පි හි කිඤ‍්චාපි පුරෙජාතං, ඛන්‍ධමිස‍්සකත‍්තා පන පුරෙජාතපච‍්චයො න හොති. කෙවලං පුරෙජාතානං නිස‍්සයාදීනං වසෙන පුරෙජාතන‍්ති වුත‍්තං.

ඉන්පසුව දුක මූලකයන්ගේ ප්‍රශ්න සතරේ පළමුවන ප්‍රශ්නයෙහි ‘සහජාත පච්චයෙන් පුරෙජාත පච්චයෙන්’ යයි නොකියා ‘සහජාත පුරෙජාත’ යයි දෙකක් කියන ලද බැවින් නිස්සය අත්‍ථි අවිගත වශයෙන් පච්චය තුනක් දක්වන ලදි. කුසල ඛන්‍ධ වස්තුව සමග එක්වීමෙන් කුසලයේ පච්චයභාවය සිදුකරමින් කිසියම් සහජාතද, සහජාත පච්චය වනාහි නොවේ. වස්තු මිශ්‍ර බැවිනි. එහෙයින් ඒ සහජාතයන්ගේ නිස්සය අත්‍ථි අවිගතයන්ගේ වශයෙන් සහජාත යයි කියන ලදි. වස්තුවද මෙම නයම වේ. එයද කිසියම් පුරෙජාත, ඛන්‍ධ මිශ්‍ර බැවින් වනාහි පුරෙජාත පච්චය නොවේ. කෙවල වූ පුරෙජාත නිස්සයාදීන්ගේ වශයෙන් පුරෙජාත යයි කියන ලදි.

දුතියපඤ‍්හෙ “සහජාතං පච‍්ඡාජාතං ආහාරං ඉන්‍ද්‍රිය”න‍්ති වුත‍්තෙහි චතූහිපි සහජාතනිස‍්සයඅත්‍ථිඅවිගතවසෙන චත‍්තාරො පච‍්චයා දස‍්සිතා. ඉමස‍්මිඤ‍්හි වාරෙ සහජාතපච‍්චයො ලබ‍්භති, පච‍්ඡාජාතපච‍්චයාදයො න ලබ‍්භන‍්ති. පච‍්ඡාජාතානං පන ආහාරින්‍ද්‍රියසඞ‍්ඛාතානඤ‍්ච අත්‍ථිඅවිගතානං වසෙනෙතං වුත‍්තං. කුසලා හි ඛන්‍ධා අබ්‍යාකතා ච මහාභූතා උපාදාරූපානං සහජාතපච‍්චයෙන නිස‍්සයපච‍්චයෙන අත්‍ථිඅවිගතපච‍්චයෙහීති චතුධා පච‍්චයා හොන‍්ති. පච‍්ඡාජාතා පන කුසලා තෙහියෙව භූතෙහි සද‍්ධිං තෙසඤ‍්ඤෙව උපාදාරූපානං අත්‍ථිඅවිගතවසෙන පච‍්චයො. කබළීකාරාහාරොපි පච‍්ඡාජාතෙහි කුසලෙහි සද‍්ධිං පුරෙජාතස‍්ස කායස‍්ස අත්‍ථිඅවිගතවසෙනෙව පච‍්චයො. රූපජීවිතින්‍ද්‍රියම‍්පි පච‍්ඡාජාතෙහි කුසලෙහි සද‍්ධිං කටත‍්තාරූපානං අත්‍ථිඅවිගතපච‍්චයෙනෙව පච‍්චයො. ඉති ඉමං චතුධා පච‍්චයභාවං සන්‍ධාය “සහජාතං පච‍්ඡාජාතං, ආහාරං ඉන්‍ද්‍රිය”න‍්ති ඉදං වුත‍්තං. පච‍්ඡාජාතාහාරින්‍ද්‍රියපච‍්චයා පනෙත්‍ථ න ලබ‍්භන‍්තියෙව. පරතො අකුසලමිස‍්සකපඤ‍්හාද‍්වයෙපි එසෙව නයොති. එවමෙත්‍ථ තෙසු තෙසු පඤ‍්හෙසු සඞ‍්ඛිපිත්‍වා වුත‍්තපච‍්චයානං පභෙදො වෙදිතබ‍්බො. තස‍්මිං තස‍්මිං පන පච‍්චයෙ තෙසං තෙසං පඤ‍්හානං පරිහානාපරිහානිං පරතො ආවිකරිස‍්සාමාති.

දෙවන ප්‍රශ්නයෙහි ‘සහජාත පච්ඡාජාත ආහාර ඉන්‍ද්‍රිය’ යයි කියන ලද සතරින් ද සහජාත නිස්සය අත්‍ථි අවිගත වශයෙන් පච්චය සතර දක්වන ලදි. මේ වාරයෙහි සහජාත පච්චය ලැබේ. පච්ඡාජාත පච්චයාදිය නො ලැබේ. පච්ඡාජාතයන්ගේ වනාහි ආහාර ඉන්‍ද්‍රිය සංඛ්‍යාත අත්‍ථි අවිගත වශයෙන් මෙය කියන ලදි. කුසල ඛන්‍ධ අබ්‍යාකතද මහාභූත උපාදා රූපයන්ගේ සහජාත පච්චයෙන් නිස්සය පච්චයෙන් අත්‍ථි අවිගත පච්චයවලින් සතරාකාර පච්චය වේ. පච්ඡාජාත වනාහි කුසල ඒ භූත සමග ඒවායේම උපාදා රූපයන්ගේ අත්‍ථි අවිගත වශයෙන් පච්චය වේ. කබලීකාර ආහාරයද පච්ඡාජාත කුසලය සමග පුරේජාත කයේ අත්‍ථි අවිගත වශයෙන්ම පච්චය වේ. රූප ජීවිතේන්‍ද්‍රිය ද පච්ඡාජාත කුසලය සමග කටත්තා රූපයන්ගේ අත්‍ථි අවිගත පච්චයෙන්ම පච්චය වේ. මෙසේ මෙම සතරාකාර පච්චයභාවය සඳහා ‘සහජාත පච්ඡාජාත ආහාර ඉන්‍ද්‍රියං’ යයි මෙය කියන ලදි. මෙහි පච්ඡාජාත ආහාර ඉන්‍ද්‍රිය පච්චය වනාහි නො ලැබේමය. පසුව අකුසල මිශ්‍ර ප්‍රශ්න දෙකේ ද මෙම නය වේ. මෙසේ මෙහි ඒ ඒ ප්‍රශ්නවල සංක්‍ෂේප කොට කියන ලද පච්චයන්ගේ ප්‍රභේද දතයුතුය. ඒ ඒ පච්චයෙහි ඒ ඒ ප්‍රශ්නවල පරිහානිය අපරිහානිය පසුව ප්‍රකට කරන්නෙමි.

පච‍්චනීයුද‍්ධාරස‍්ස අත්‍ථවණ‍්ණනා.

පච්ච යුද්ධාරස්ස අර්ථ වර්ණනා නිමි.