යෙදුමෙන් කියවන්න

පඤ‍්හාපුච‍්ඡකවණ‍්ණනා අට‍්ඨකථා

පඤ‍්හාපුච‍්ඡකවණ‍්ණනා

ප්‍රශ්න විචාරක වර්ණනාව

පඤ‍්හාපුච‍්ඡකෙ පාළිඅනුසාරෙනෙව චතුන‍්නං පටිසම‍්භිදානං කුසලාදිභාවො වෙදිතබ‍්බො. ආරම‍්මණත‍්තිකෙසු පන නිරුත‍්තිපටිසම‍්භිදා සද‍්දමෙව ආරම‍්මණං කරොතීති පරිත‍්තාරම‍්මණා. අත්‍ථපටිසම‍්භිදා කාමාවචරවිපාකකිරියසඞ‍්ඛාතඤ‍්චෙව පච‍්චයසමුප‍්පන‍්නඤ‍්ච අත්‍ථං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පරිත‍්තාරම‍්මණා; වුත‍්තප‍්පභෙදමෙව රූපාවචරාරූපාවචරං අත්‍ථං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස මහග‍්ගතාරම‍්මණා; ලොකුත‍්තරවිපාකත්‍ථඤ‍්චෙව පරමත්‍ථඤ‍්ච නිබ‍්බානං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අප‍්පමාණාරම‍්මණා. ධම‍්මපටිසම‍්භිදා කාමාවචරං කුසලධම‍්මං අකුසලධම‍්මං පච‍්චයධම‍්මඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පරිත‍්තාරම‍්මණා; රූපාවචරාරූපාවචරං කුසලං ධම‍්මං පච‍්චයධම‍්මඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස මහග‍්ගතාරම‍්මණා ; ලොකුත‍්තරං කුසලං ධම‍්මං පච‍්චයධම‍්මඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අප‍්පමාණාරම‍්මණා. පටිභානපටිසම‍්භිදා කාමාවචරකුසලවිපාකකිරියඤාණානි පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පරිත‍්තාරම‍්මණා; රූපාවචරාරූපාවචරානි කුසලවිපාකකිරියඤාණානි පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස තෙසං ආරම‍්මණානි විජානන‍්තස‍්ස මහග‍්ගතාරම‍්මණා; ලොකුත‍්තරානි කුසලවිපාකඤාණානි පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අප‍්පමාණාරම‍්මණා.

ප්‍රශ්න විචාරකයෙහි පෙල ඇසුරෙන්ම පටිසම්භිදා සතරේ කුසලාදි භාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි නිරුක්ති පටිසම්භිදාව ශබ්දයම අරමුණු කරයි. එය පරිත්තාරම්මණයකි. අත්‍ථපටිසම්භිදාව කාමාවචර විපාක කිරියද ප්‍රත්‍ය සමුත්පන්නයද ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට පරිත්තාරම්මණයකි. කියන ලද ප්‍රභේදයම රූපාවචර අරූපාවචර අත්‍ථ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට පරිත්තාරම්මණයකි. කියන ලද ප්‍රභේදයම රූපාවචර අරූපාවචර අත්‍ථ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට මහග්ගත අරමුණු වේ. ලෝකෝත්තර විපාකාර්ථයද පරමාර්ථයද නිවන ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අප්පමාණ අරමුණ වේ. ධම්ම පටිසම්භිදාව කාමාවචර කුසල දහම් අකුසල දහම් පච්චයද ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට පරිත්තාරම්මණ වේ. රූපාවචර අරූපාවචර කුසලදහම් පච්චය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට මහග්ගත අරමුණ වේ. ලෝකෝත්තර කුසලදහම් පච්චය දහම් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අප්පමාණ අරමුණ වේ. පටිභාන පටිසම්භිදාව කාමාවචර කුසල විපාක කිරිය ඤාණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට පරිත්තාරම්මණය වේ. රූපාවචර අරූපාවචර කුසල විපාක කිරිය ඤාණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට ඒ අරමුණු දැනගන්නාටද මහග්ගත අරමුණු වේ.

අත්‍ථපටිසම‍්භිදා සහජාතහෙතුවසෙන සියා මග‍්ගහෙතුකා, වීරියජෙට‍්ඨිකාය මග‍්ගභාවනාය සියා මග‍්ගාධිපති, ඡන්‍දචිත‍්තජෙට‍්ඨිකාය නවත‍්තබ‍්බා, ඵලකාලෙපි නවත‍්තබ‍්බා එව. ධම‍්මපටිසම‍්භිදා මග‍්ගං පච‍්චවෙක‍්ඛණකාලෙ මග‍්ගාරම‍්මණා, මග‍්ගං ගරුං කත්‍වා පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස ආරම‍්මණාධිපතිවසෙන මග‍්ගාධිපති. පටිභානපටිසම‍්භිදා මග‍්ගඤාණං පච‍්චවෙක‍්ඛණකාලෙ මග‍්ගාරම‍්මණා, මග‍්ගං ගරුං කත්‍වා පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස මග‍්ගාධිපති, සෙසඤාණං පඤ‍්චවෙක‍්ඛණකාලෙ නවත‍්තබ‍්බාරම‍්මණා. නිරුත‍්තිපටිසම‍්භිදා පච‍්චුප‍්පන‍්නමෙව සද‍්දං ආරම‍්මණං කරොතීති පච‍්චුප‍්පන‍්නාරම‍්මණා.

අත්‍ථපටිසම්භිදාව සහජාත හේතු වශයෙන් මාර්ගහේතුක වන්නේය. විරිය දෙටු මාර්ග භාවනාවෙන් මාර්ගාධිපති වන්නේය. ඡන්‍ද චිත්ත දෙටුවීමෙන් නොකිව හැකිය. ඵල කාලයෙහිද නොකිව හැකිය. ධම්මපටිසම්භිදාව මාර්ගය ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි මාර්ගය අරමුණු වේ. මාර්ගය ගරුකොට ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට මාර්ගාධිපති අරමුණු වේ. සෙසු ඤාණ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි නොකිව හැකි අරමුණකි. නිරුක්ති පටිසම්භිදාව වර්තමාන ශබ්දයම අරමුණු කරයි. එය වර්තමාන අරමුණකි.

අත්‍ථපටිසම‍්භිදා අතීතං විපාකත්‍ථං කිරියත්‍ථං පච‍්චයසමුප‍්පන‍්නඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අතීතාරම‍්මණා, අනාගතං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අනාගතාරම‍්මණා, පච‍්චුප‍්පන‍්නං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පච‍්චුප‍්පන‍්නාරම‍්මණා, ලොකුත‍්තරං පරමත්‍ථං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස නවත‍්තබ‍්බාරම‍්මණා. ධම‍්මපටිසම‍්භිදා අතීතං කුසලං අකුසලං පච‍්චයධම‍්මඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අතීතාරම‍්මණා, අනාගතං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අනාගතාරම‍්මණා, පච‍්චුප‍්පන‍්නං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පච‍්චුප‍්පන‍්නාරම‍්මණා. පටිභානපටිසම‍්භිදා අතීතං කුසලඤාණං විපාකඤාණං කිරියඤාණඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අතීතාරම‍්මණා, අනාගතං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අනාගතාරම‍්මණා, පච‍්චුප‍්පන‍්නං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පච‍්චුප‍්පන‍්නාරම‍්මණා.

අත්‍ථ පටිසම්භිදාව අතීත විපාකාර්ථ කිරිය අර්ථ ප්‍රත්‍යය සමුත්පන්න අර්ථයද ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අතීත අරමුණු වේ. අනාගතය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අනාගත අරමුණ වේ. වර්තමානය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට වර්තමාන අරමුණ වේ. ලෝකෝත්තර පරමාර්ථය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අරමුණ කිවහැකි නොවේ. ධම්මපටිසම්භිදා අතීත කුසල අකුසල පච්චය දහම් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අතීත අරමුණ වේ. අනාගතය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අනාගත අරමුණ වේ. වර්තමානය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට වර්තමාන අරමුණ වේ. පටිභාන පටිසම්භිදා අතීත කුසල විපාක කිරිය ඤාණ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අතීත අරමුණ මේ අනාගතය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අනාගත අරමුණ වේ. වර්තමානයේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට වර්තමාන අරමුණ වේ.

නිරුත‍්තිපටිසම‍්භිදා සද‍්දාරම‍්මණත‍්තා බහිද‍්ධාරම‍්මණා. ඉතරාසු තීසු අත්‍ථපටිසම‍්භිදා අජ‍්ඣත‍්තං විපාකත්‍ථං කිරියත්‍ථං පච‍්චයසමුප‍්පන‍්නඤ‍්ච පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අජ‍්ඣත‍්තාරම‍්මණා, බහිද‍්ධා පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස බහිද‍්ධාරම‍්මණා, අජ‍්ඣත‍්තබහිද‍්ධා පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා, පරමත්‍ථං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස බහිද‍්ධාරම‍්මණා එව. ධම‍්මපටිසම‍්භිදා අජ‍්ඣත‍්තං කුසලාකුසලං පච‍්චයධම‍්මං පච‍්චවෙක‍්ඛණකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණා, බහිද‍්ධා කුසලාකුසලං පච‍්චයධම‍්මං පච‍්චවෙක‍්ඛණකාලෙ බහිද‍්ධාරම‍්මණා, අජ‍්ඣත‍්තබහිද‍්ධා කුසලාකුසලං පච‍්චයධම‍්මං පච‍්චවෙක‍්ඛණකාලෙ අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා. පටිභානපටිසම‍්භිදා අජ‍්ඣත‍්තං කුසලවිපාකකිරියඤාණං පච‍්චවෙක‍්ඛණකාලෙ අජ‍්ඣත‍්තාරම‍්මණා, බහිද‍්ධා…පෙ… අජ‍්ඣත‍්තබහිද‍්ධා කුසලවිපාකකිරියඤාණං පච‍්චවෙක‍්ඛණකාලෙ අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණාති.

නිරුත්ති පටිසම්භිදාව ශබ්දාරම්මණ බැවින් බාහිර අරමුණ වේ. ඉතිරි තුන අත්‍ථ පටිසම්භිදාව අජ්ඣ විපාක කිරියඅර්ථ පච්චය සමුත්පන්නයද ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අධ්‍යාත්ම අරමුණ වේ. බාහිර ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට බාහිර අරමුණ වේ. අජ්ඣත්ත බහිද්ධා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට අධ්‍යාත්ම බාහිර අරමුණ වේ. පරමාර්ථ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට බාහිර අරමුණ වේ. ධම්ම පටිසම්භිදා අජ්ඣත්ත කුසල් අකුසල ප්‍රත්‍ය ධර්ම ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි අධ්‍යාත්ම අරමුණ වේ. බාහිර කුසල් අකුසල් ප්‍රත්‍යධර්ම ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි බාහිර අරමුණ වේ. අජ්ඣත්තා බහිද්ධා කුසල අකුසල පච්චය ධම්ම ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි අජ්ඣත්ත බහිද්ධ අරමුණ වේ. පටිභාන පටිසම්භිදා අජ්ඣත්ත කුසල විපාක කිරිය ඤාණ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි අධ්‍යාත්ම අරමුණ වේ. බාහිර කුසල විපාක කිරිය ඤාණ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි බාහිර අරමුණ වේ. අජ්ඣත්ත බහිද්ද කුසල විපාක කිරිය ඤාණ ප්‍රත්‍යවේක්‍ෂා කරන කාලයෙහි අධ්‍යාත්ම බාහිර අරමුණ වේ.

පඤ්හ පුච්ඡකය.

ඉධාපි තිස‍්සො පටිසම‍්භිදා ලොකියා; අත්‍ථපටිසම‍්භිදා ලොකියලොකුත‍්තරා. ඉමස‍්මිඤ‍්හි පටිසම‍්භිදාවිභඞ‍්ගෙ සම‍්මාසම‍්බුද‍්ධෙන තයොපි නයා ලොකියලොකුත‍්තරමිස‍්සකත‍්තා එකපරිච‍්ඡෙදාව කථිතා. තීසුපි හි එතාසු තිස‍්සො පටිසම‍්භිදා ලොකියා, අත්‍ථපටිසම‍්භිදා ලොකියලොකුත‍්තරාති. එවමයං පටිසම‍්භිදාවිභඞ‍්ගොපි තෙපරිවට‍්ටං නීහරිත්‍වාව භාජෙත්‍වා දස‍්සිතොති.

මෙහි පටිසම්භිදා තුන ලෞකිකය. අත්‍ථ පටිසම්භිදාව ලෞකික ලෝකෝත්තර දෙකම මිශ්‍රය. මේ පටිසම්භිදා විභංගයෙහි සම්මා සම්බුදුන් විසින් නය තුනද ලෞකික ලෝකෝත්තර මිශ්‍ර බැවින් එක් කොටසකින්ම කියන ලදි. මේ පටිසම්භිදා තුන ලෞකිකය. අත්‍ථ පටිසම්භිදාව ලෞකික ලෝකෝත්තරය. මෙසේ මේ පටිසම්භිදා විභංගයෙහිද තිපරි වෘත්තය ගෙනහැර බෙදා දක්වන ලදි.

සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය පටිසම‍්භිදාවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ පහළොස්වන පටිසම්භිදා විභංග නිද්දේසයයි.