යෙදුමෙන් කියවන්න

දසකමාතිකාවණ‍්ණනා අට‍්ඨකථා

දසකමාතිකාවණ‍්ණනා

දසකමාතිකාවණ්ණනා

දසකමාතිකා “දස තථාගතස‍්ස තථාගතබලානී”තිආදිනා එකෙනෙව දසකෙන නික‍්ඛිත‍්තා. තත්‍ථ දසාති ගණනපරිච‍්ඡෙදො. තථාගතස‍්සාති යථා විපස‍්සීආදයො පුබ‍්බකා ඉසයො ආගතා තථා ආගතස‍්ස; යථා ච තෙ ගතා තථා ගතස‍්ස. තථාගතබලානීති අඤ‍්ඤෙහි අසාධාරණානි තථාගතස‍්සෙව බලානි; යථා වා පුබ‍්බබුද‍්ධානං බලානි පුඤ‍්ඤුස‍්සයසම‍්පත‍්තියා ආගතානි තථා ආගතබලානීතිපි අත්‍ථො. තත්‍ථ දුවිධං තථාගතස‍්ස බලං – කායබලඤ‍්ච ඤාණබලඤ‍්ච. තෙසු කායබලං හත්‍ථිකුලානුසාරෙනෙව වෙදිතබ‍්බං. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

දස මාතෘකා තථාගතයන්ගේ තථාගත දසබල යනාදියෙන් දශක එකකින් තබන ලදි. එහි දස යනු දැක්වීමය. තථාගතස්ස යන යම්සේ විශේෂ ආදි පෙර බුදුවරු ආවාහු එසේ ආවා වූ, යම්සේ ගියාහුද එසේම යන නිසා තථාගතස්ස යනු වේ. තථාගත බල යනු අන්‍යයන්ට අසාධාරණ තථාගතයන් වහන්සේගේම බල. පෙර බුදුවරුන්ගේ බල මෙන් පුඤ්ඤ උපනිස්සය සම්පත්තියෙන් එසේ ආවා වූ ආගත බලයයිද අර්ථ වේ. කාය බල ඤාණ බල වශයෙන් තථාගතයන් වහන්සේගේ බල දෙකකි. ඒ දෙකින් කාය බලය ඇත් කුල අනුසාරයෙන්ම දතයුතුය. පුරාණයන් විසින් එනිසා කියන ලදි.

කාළාවකඤ‍්ච ගඞ‍්ගෙය්‍යං, පණ‍්ඩරං තම‍්බපිඞ‍්ගලං; ගන්‍ධමඞ‍්ගලහෙමඤ‍්ච, උපොසථඡද‍්දන‍්තිමෙ දසාති. –

කලුවක් ගගෙහි වන - පඬර තඹපිඟුවන් යන ගඳමඟල හෙමියුත් - පොහොතය සදත් දස ගජ කාලාවකඤ්ච ගංගෙය්‍යං පණ්ඩරං තම්බපිංගලං ගන්‍ධ මංගල හෙමඤ්ච උපොසථ ඡද්දන්තිමෙ දස

ඉමානි හි දස හත්‍ථිකුලානි.

මේ ඇත්කුල දහයයි.

තත්‍ථ ‘කාළාවක’න‍්ති පකතිහත්‍ථිකුලං දට‍්ඨබ‍්බං. යං දසන‍්නං පුරිසානං කායබලං තං එකස‍්ස කාළාවකහත්‍ථිනො. යං දසන‍්නං කාළාවකානං බලං තං එකස‍්ස ගඞ‍්ගෙයස‍්ස. යං දසන‍්නං ගඞ‍්ගෙය්‍යානං තං එකස‍්ස පණ‍්ඩරස‍්ස. යං දසන‍්නං පණ‍්ඩරානං තං එකස‍්ස තම‍්බස‍්ස. යං දසන‍්නං තම‍්බානං තං එකස‍්ස පිඞ‍්ගලස‍්ස. යං දසන‍්නං පිඞ‍්ගලානං තං එකස‍්ස ගන්‍ධහත්‍ථිනො. යං දසන‍්නං ගන්‍ධහත්‍ථීනං තං එකස‍්ස මඞ‍්ගලස‍්ස. යං දසන‍්නං මඞ‍්ගලානං තං එකස‍්ස හෙමවතස‍්ස. යං දසන‍්නං හෙමවතානං තං එකස‍්ස උපොසථස‍්ස. යං දසන‍්නං උපොසථානං තං එකස‍්ස ඡද‍්දන‍්තස‍්ස. යං දසන‍්නං ඡද‍්දන‍්තානං තං එකස‍්ස තථාගතස‍්ස. නාරායනසඞ‍්ඛාතබලන‍්තිපි ඉදමෙව වුච‍්චති. තදෙතං පකතිහත්‍ථීනං ගණනාය හත්‍ථිකොටිසහස‍්සානං, පුරිසගණනාය දසන‍්නං පුරිසකොටිසහස‍්සානං බලං හොති. ඉදං තාව තථාගතස‍්ස කායබලං.

එහි කාලාවක ප්‍රකෘති ඇත් කුලයය දතයුතුය. මිනිසුන් දසදෙනෙකුගේ කාය බලය කාලාවක එක ඇතෙකි. කාලාවක ඇතුන් දහයක කාය බලය ගංගෙය්‍ය එක ඇතෙකි. ගංගෙය්‍ය ඇතුන් දහයක බලය පණ්ඩර එක ඇතෙකි. පණ්ඩර ඇතුන් දහයක බලය තම්බපිංගල එක ඇතෙකි. තම්බපිංගල ඇතුන් දහයක බලය ගන්ධ එක ඇතෙකි. ගන්ධ ඇතුන් දහයක බලය මංගල එක ඇතෙකි. මංගල ඇතුන් දහයක බලය හේමවත එක ඇතෙකි. හේමවත ඇතුන් දහයක බලය උපොසථ එක ඇතෙකි. උපොසථ ඇතුන් දහයක බලය ඡද්දන්ත එක ඇතෙකි. ඡද්දන්ත ඇතුන් දහයක බලය එක් තථාගතයන් වහන්සේට ඇත. නාරායන බලය යයි මීටම කියනු ලැබේ. ඒ බලය ප්‍රකෘති ඇතුන්ගේ ගණනින් කෝටිදාහකි. මිනිසුන්ගේ ගණනින් එය දසකෝටි දහසකි. මෙය තථාගතයන් වහන්සේගේ කාය බලයයි.

ඤාණබලං පන ඉධ තාව පාළියං ආගතමෙව දසබලඤාණං. මහාසීහනාදෙ (ම· නි· 1.146 ආදයො) දසබලඤාණං, චතුවෙසාරජ‍්ජඤාණං, අට‍්ඨසු පරිසාසු අකම‍්පනඤාණං, චතුයොනිපරිච‍්ඡෙදකඤාණං, පඤ‍්චගතිපරිච‍්ඡෙදකඤාණං, සංයුත‍්තකෙ (සං· නි· 2.33-34) ආගතානි තෙසත‍්තති ඤාණානි, සත‍්තසත‍්තති ඤාණානීති එවං අඤ‍්ඤානිපි අනෙකානි ඤාණසහස‍්සානි – එතං ඤාණබලං නාම. ඉධාපි ඤාණබලමෙව අධිප‍්පෙතං ඤාණඤ‍්හි අකම‍්පියට‍්ඨෙන උපත්‍ථම‍්භකට‍්ඨෙන ච බලන‍්ති වුත‍්තං.

මෙහි ඤාණ බලය පෙලෙහි එන ලද්දේම වේ. දසබල ඤාණය මහා සීහනාද සූත්‍රයෙනි. දසබල ඤාණය, චතුවෙසාරජ්ජ ඤාණය, අට්ඨසු පරිසාසු අකම්පන ඤාණය, චතුයොනි පරිච්ඡේදක ඤාණය පඤ්චගති පරිච්ඡේදක ඤාණය. සංයුත්තකයේ ආවා වූ තෙසත්තති ඤාණගති සත්ත සත්තති ඤාණගති මෙසේ අන්‍ය වූද අනෙක ඤාණ සහස්සාති මෙය ඤාණබල නම් වේ. මෙහිද ඤාණබලම අදහස් කරයි. කම්පා නොවන අර්ථයෙන් ඤාණයද උපකාර කරන අර්ථයෙන් බලය ද කියන ලදි.

යෙහි බලෙහි සමන‍්නාගතොති යෙහි දසහි ඤාණබලෙහි උපෙතො සමුපෙතො. ආසභං ඨානන‍්ති සෙට‍්ඨට‍්ඨානං උත‍්තමට‍්ඨානං; ආසභා වා පුබ‍්බබුද‍්ධා, තෙසං ඨානන‍්ති අත්‍ථො. අපි ච ගවසතජෙට‍්ඨකො උසභො, ගවසහස‍්සජෙට‍්ඨකො වසභො; වජසතජෙට‍්ඨකො වා උසභො, වජසහස‍්සජෙට‍්ඨකො වසභො; සබ‍්බගවසෙට‍්ඨො සබ‍්බපරිස‍්සයසහො සෙතො පාසාදිකො මහාභාරවහො අසනිසතසද‍්දෙහිපි අකම‍්පනීයො නිසභො. සො ඉධ උසභොති අධිප‍්පෙතො. ඉදම‍්පි හි තස‍්ස පරියායවචනං. උසභස‍්ස ඉදන‍්ති ආසභං. ඨානන‍්ති චතූහි පාදෙහි පථවිං උප‍්පීළෙත්‍වා අචලට‍්ඨානං. ඉදං පන ආසභං වියාති ආසභං. යථෙව හි නිසභසඞ‍්ඛාතො උසභො උසභබලෙන සමන‍්නාගතො චතූහි පාදෙහි පථවිං උප‍්පීළෙත්‍වා අචලට‍්ඨානෙන තිට‍්ඨති, එවං තථාගතොපි දසහි තථාගතබලෙහි සමන‍්නාගතො චතූහි වෙසාරජ‍්ජපාදෙහි අට‍්ඨපරිසපථවිං උප‍්පීළෙත්‍වා සදෙවකෙ ලොකෙ කෙනචි පච‍්චත්‍ථිකෙන පච‍්චාමිත‍්තෙන අකම‍්පියො අචලට‍්ඨානෙන තිට‍්ඨති. එවං තිට‍්ඨමානො ච තං ආසභං ඨානං පටිජානාති, උපගච‍්ඡති, න පච‍්චක‍්ඛාති, අත‍්තනි ආරොපෙති. තෙන වුත‍්තං “ආසභං ඨානං පටිජානාතී”ති.

යෙහි බලෙහි සමන්නාගතො යම් ඤාණබල දහයකින් යුක්ත වූයේ. ආසභට්ඨානං ශ්‍රේෂ්ඨ ස්ථානය. උත්තම ස්ථානය ආසභා යනු පූර්ව බුදුවරයෝය. උන්වහන්සේලාගේ සමානය යන අර්ථයයි. තවද ගවයින් සියයකට නායක වූයේ උසභ වේ. ගවයින් දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ වසභො වේ. වප් සත ගවගාල් සියයකට දෙටු වූයේ උසභද ගාල් දහසකට දෙටු වූයේ වසභද වේ. සියළු ගවයින්ට ශ්‍රේෂ්ඨ වූ සියළු උවදුරු ඉවසන සුලු පහදවන මහත් බර උසුලන අකුණු සිය ගණන් ශබ්දවලිනුත් කම්පා නොවන්නේ නිසභ වේ. මෙහි උසභ අදහස් කරයි. මෙයද ඔහුගේ පර්යාය වචනයකි. උසභගේ වේය යනු ආසභ වේ. ඨානං සතර පයින් පොළොව පෙළා නොසෙල්වෙන සිටීම. මෙය වනාහි ආසභ මෙන් ආසභය. “නිසභ සංඛ්‍යාත උසභය. උසභ බලයෙන් යුත් සතර පයින් පොළොව පෙළා නොසෙල්වෙන තැන සිටය. මෙසේ තථාගතයන් වහන්සේද තථාගත බල දහයෙන් යුක්තව සතර වෙසරද පයින් අටපිරිස් පොළොව කළඹා දෙවියන් සහිත ලෝකයෙහි සතුරකු විසින් පසමිතුරකු විසින් කම්පාකළ නොහැකි නොසෙල්වෙන ස්ථානයෙහි වැඩසිටිති. මෙසේ වැඩසිටින්නේ ඒ ආසභ ස්ථානය දනිති. එළඹෙති. අත් නොහරිති. තමා කෙරෙහි ආපෝපනය කරගනිති. එහෙයින් කියන ලදි. ආසභණ්ඨානං පටිජානාති.

පරිසාසූති අට‍්ඨසු පරිසාසු. සීහනාදං නදතීති සෙට‍්ඨනාදං අභීතනාදං නදති, සීහනාදසදිසං වා නාදං නදති. අයමත්‍ථො සීහනාදසුත‍්තෙන දීපෙතබ‍්බො. යථා වා සීහො සහනතො ච හනනතො ච සීහොති වුච‍්චති, එවං තථාගතො ලොකධම‍්මානං සහනතො පරප‍්පවාදානඤ‍්ච හනනතො සීහොති වුච‍්චති. එවං වුත‍්තස‍්ස සීහස‍්ස නාදං සීහනාදං. තත්‍ථ යථා සීහො සීහබලෙන සමන‍්නාගතො සබ‍්බත්‍ථ විසාරදො විගතලොමහංසො සීහනාදං නදති, එවං තථාගතසීහොපි තථාගතබලෙහි සමන‍්නාගතො අට‍්ඨසු පරිසාසු විසාරදො විගතලොමහංසො “ඉති රූප”න‍්තිආදිනා නයෙන නානාවිධදෙසනාවිලාසසම‍්පන‍්නං සීහනාදං නදති. තෙන වුත‍්තං “පරිසාසු සීහනාදං නදතී”ති.

පරිසාසු යනු අට පිරිසයි. සීහනාදං නදති - ශ්‍රේෂ්ඨ නාදය. අභීත නාදය නාද කරති. සිංහනාදය සමාන නාදය නාදකරති. මේ අර්ථය සීහනාද සූත්‍රයෙන් දැක්විය යුතුය. සිංහයා ඉවසීමෙන්ද නැසීමෙන්ද සිංහයයි කියනු ලැබේ. (මෙසේ කියන සිංහයාගේ නාදය සිංහ නාදයයි.) මෙසේ තථාගයන් වහන්සේ ලෝක ධර්මයක් ඉවසන හෙයින් පරවාද නසන හෙයින් සිංහ යයි කියනු ලැබේ. එහි සිංහයා සිංහ බලයෙන් යුක්තව සැමතැනම විසාරදව ලෝමහංස දුරුකොට සිංහනාද කරයි. මෙසේ තථාගත සිංහයාද තථාගත බලයෙන් යුක්තව අටපිරිස්හි විසාරදව බිය නැතිව ඉති රූපං ආදි නයින් නා නා විධ දේශනා විලාශයෙන් යුක්තව සිංහනාද කරති. එහෙයින් කියන ලදි. පරිසාසු සීහ නාදං නදති,

බ්‍රහ‍්මචක‍්කං පවත‍්තෙතීති එත්‍ථ බ්‍රහ‍්මන‍්ති සෙට‍්ඨං උත‍්තමං විසුද‍්ධං. චක‍්කසද‍්දො ච පනායං –

බ්‍රහ්මචක්කං පවත්තෙති මෙහි බ්‍රහ්ම යනු ශ්‍රේෂ්ඨ උත්තම විසුද්ධි යන තේරුම් ඇත. චක්ක ශබ්දය වනාහි

සම‍්පත‍්තියං ලක‍්ඛණෙ ච, රථඞ‍්ගෙ ඉරියාපථෙ; දානෙ රතනධම‍්මූර, චක‍්කාදීසු ච දිස‍්සති; ධම‍්මචක‍්කෙ ඉධ මතො, තඤ‍්ච ද‍්වෙධා විභාවයෙ.

සම්පත ලකුණෙහි ද - රිය අඟෙහි ඉරියව්වේ දීම ද රුවන දම් - උරසක්හිද පෙනී යයි මෙහි දම්සක කැමති - එය දෙපරිදිව දක්වනු

“චත‍්තාරිමානි, භික‍්ඛවෙ, චක‍්කානි යෙහි සමන‍්නාගතානං දෙවමනුස‍්සාන”න‍්තිආදීසු (අ· නි· 4.31) හි අයං සම‍්පත‍්තියං දිස‍්සති. “හෙට‍්ඨා පාදතලෙසු චක‍්කානි ජාතානී”ති (දී· නි· 2.35) එත්‍ථ ලක‍්ඛණෙ. “චක‍්කංව වහතො පද”න‍්ති (ධ· ප· 1) එත්‍ථ රථඞ‍්ගෙ. “චතුචක‍්කං නවද‍්වාර”න‍්ති (සං· නි· 1.29) එත්‍ථ ඉරියාපථෙ. “දදං භුඤ‍්ජ මා ච පමාදො, චක‍්කං පවත‍්තය සබ‍්බපාණින”න‍්ති (ජා· 1.7.149) එත්‍ථ දානෙ. “දිබ‍්බං චක‍්කරතනං පාතුරහොසී”ති එත්‍ථ රතනචක‍්කෙ. “මයා පවත‍්තිතං චක‍්ක”න‍්ති (සු· නි· 562) එත්‍ථ ධම‍්මචක‍්කෙ. “ඉච‍්ඡාහතස‍්ස පොසස‍්ස චක‍්කං භමති මත්‍ථකෙ”ති (ජා· 1.1.104; 1.5.103) එත්‍ථ උරචක‍්කෙ. “ඛුරපරියන‍්තෙන චෙපි චක‍්කෙනා”ති (දී· නි· 1.166) එත්‍ථ පහරණචක‍්කෙ. “අසනිවිචක‍්ක”න‍්ති (දී· නි· 3.61; සං· නි· 2.162) එත්‍ථ අසනිමණ‍්ඩලෙ. ඉධ පනායං ධම‍්මචක‍්කෙ මතො.

“මහණෙනි, මේ සක් සතරකි. එයින් යුත් දෙවි මිනිසුන්” ආදියෙහි සම්පත්තිය පෙනේ. “යටිපා තලෙහි සක් ඉපදිණි” මෙහි ලකුණය. “සක මෙන් උසුලන්නේ පා” මෙහි රථ අංගය. “සිව්සක් ගවදොර” මෙහි ඉරියව්වය “දෙව වළඳව පමා නොවෙව. සියළු සත්නට සක් පවතී” මෙහි දානය. “දිව්‍ය සක්රුවන පහළවිය” මෙහි රුවන්, “මවිසින් පැවැත්වූ දම් සකෙහි” මෙහි දම්සකය. “කැමති යුත් පුරුෂයාගේ මුදුනැ සක ඔබයි” මෙහි උරසක්හි (උරචක්‍ර මාලාව) “ඛුර පිරියත්හිද සකින්” මෙහි පහර දීමෙහි ‘අසනි සක්” මෙහි අසනි මණ්ඩලයෙහි. මෙහි වනාහි දම්සකම අදහස් කරයි.

තං පන ධම‍්මචක‍්කං දුවිධං හොති – පටිවෙධඤාණඤ‍්ච දෙසනාඤාණඤ‍්ච. තත්‍ථ පඤ‍්ඤාපභාවිතං අත‍්තනො අරියඵලාවහං පටිවෙධඤාණං; කරුණාපභාවිතං සාවකානං අරියඵලාවහං දෙසනාඤාණං. තත්‍ථ පටිවෙධඤාණං උප‍්පජ‍්ජමානං උප‍්පන‍්නන‍්ති දුවිධං. තඤ‍්හි අභිනික‍්ඛමනතො යාව අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං , ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම; තුසිතභවනතො වා යාව මහාබොධිපල‍්ලඞ‍්කෙ අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං, ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම; දීපඞ‍්කරබ්‍යාකරණතො පට‍්ඨාය වා යාව අරහත‍්තමග‍්ගා උප‍්පජ‍්ජමානං , ඵලක‍්ඛණෙ උප‍්පන‍්නං නාම. දෙසනාඤාණම‍්පි පවත‍්තමානං පවත‍්තන‍්ති දුවිධං. තඤ‍්හි යාව අඤ‍්ඤාකොණ‍්ඩඤ‍්ඤස‍්ස සොතාපත‍්තිමග‍්ගා පවත‍්තමානං, ඵලක‍්ඛණෙ පවත‍්තං නාම. තෙසු පටිවෙධඤාණං ලොකුත‍්තරං, දෙසනාඤාණං ලොකියං. උභයම‍්පි පනෙතං අඤ‍්ඤෙහි අසාධාරණං බුද‍්ධානංයෙව ඔරසඤාණං.

පිළිවිදු නුවණ දෙසුම් නුවණ යයි ඒ දම්සක දෙපරිදිය. එහි ප්‍රඥාවෙන් බබළන තමාගේ අරියපල ගෙනදෙන්නේ පිළිවිදු නුවණය. (ප්‍රතිවේධ නුවණය) කරුණායෙන් බබළයි. සව්වන්ගේ අරියපල ගෙන දෙන්නේ දෙසුම් නුවණයි. එහි පිළිවිදු නුවණ අවස්ථා දෙකකදී උපදී. අබිනික්මනේ සිට රහත්මග තෙක් උපදින සහ රහත්ඵල ක්‍ෂණයෙහි උපදින යනුවෙනි. තුසිත භවනයේ සිට හෝ මහබෝ පලඟැ රහත්මග තෙක් හා රහත් ඵලයෙහි වශයෙන්ද දීපංකර විවරවන සිට රහත්මග තෙක් හා රහත්ඵල කෙණෙහි උපන් නුවණ. දෙසුම් නැණද දෙපරිදිය. අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමිගේ මග දක්වා ඇති දේසනා ඤාණය හා සෝවාන්ඵල ක්‍ෂණයෙහි පවතින දේශනා ඤාණය වශයෙනි. එහි පටිවෙධ ඤාණය ලෝකෝත්තරය. දෙසනා ඤාණය ලෞකිකය. උභය ඤාණයම අන්‍යයන්ට අසාධාරණය. බුදුවරුන්ගේම ඖරස ඤාණයකි.

ඉදානි යෙහි දසහි බලෙහි සමන‍්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, යානි ආදිතොව “දස තථාගතස‍්ස තථාගතබලානී”ති නික‍්ඛිත‍්තානි, තානි විත්‍ථාරතො දස‍්සෙතුං කතමානි දස? ඉධ තථාගතො ඨානඤ‍්ච ඨානතොතිආදිමාහ. තත්‍ථ ඨානඤ‍්ච ඨානතොති කාරණඤ‍්ච කාරණතො. කාරණඤ‍්හි යස‍්මා තත්‍ථ ඵලං තිට‍්ඨති තදායත‍්තවුත‍්තිතාය උප‍්පජ‍්ජති චෙව පවත‍්තති ච, තස‍්මා ඨානන‍්ති වුච‍්චති. තං භගවා “යෙ යෙ ධම‍්මා යෙසං යෙසං ධම‍්මානං හෙතූ පච‍්චයා උප‍්පාදාය තං තං ඨාන”න‍්ති ච ‘යෙ යෙ ධම‍්මා යෙසං යෙසං ධම‍්මානං න හෙතූ න පච‍්චයා උප‍්පාදාය තං තං අට‍්ඨාන’න‍්ති ච පජානන‍්තො ඨානඤ‍්ච ඨානතො අට‍්ඨානඤ‍්ච අට‍්ඨානතො යථාභූතං පජානාති. යම‍්පීති යෙන ඤාණෙන. ඉදම‍්පි තථාගතස‍්සාති ඉදම‍්පි ඨානාට‍්ඨානඤාණං තථාගතස‍්ස තථාගතබලං නාම හොතීති අත්‍ථො. එවං සබ‍්බපදෙසු යොජනා වෙදිතබ‍්බා.

දැන් දස බලයකින් යුත් තථාගතයන් වහන්සේ ආසභ ස්ථානය දනිති. මුලදීම දස තථාගතස්ස තථාගත බලානි යයි තබන ලද්ද විස්තර වශයෙන් දැක්වීමට කතමානි දස? ඉධ තථාගතො ඨානඤ්ච ඨානතොච ආදිය කීහ. එහි ඨානඤ්ච ඨානතො කරුණද කරුණ වශයෙන්, කාරණයෙහි එහි ඵලයක් සිටියි. ඊට අයත් වත්තතිය බැවින් උපදියි. එසේම පවතියි. එනිසා ස්ථානයයි කියනු ලැබේ. එය භාග්‍යවතුන් වහන්සේ යම් යම් ධර්ම ඒ ඒ ධර්මයන්ගේ හේතුඵල ගෙන සිටීයයි යම් යම් ධර්ම ඒ ඒ ධර්මයන්ගේ හේතුඵල ගෙන නොසිටී යයිද දන්නේ, ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨනතො යථාභූතං පජානාති, යම්පී යම් ඤාණයකින් ඉදම්පි තථාගතස්ස මේ ඨාන අට්ඨාන ඤාණයද තථාගතයන් වහන්සේගේ තථාගත බලං නම් වේයයි අර්ථය වේ. මෙසේ සියළු පදවල යෙදීම දතයුතුය.

කම‍්මසමාදානානන‍්ති සමාදියිත්‍වා කතානං කුසලාකුසලකම‍්මානං; කම‍්මමෙව වා කම‍්මසමාදානං. ඨානසො හෙතුසොති පච‍්චයතො චෙව හෙතුතො ච. තත්‍ථ ගතිඋපධිකාලපයොගා විපාකස‍්ස ඨානං, කම‍්මං හෙතු.

කම්ම සමාදානං සමාදන් වී කරන ලද කුසලාකුසල ධර්මයන්ගේ, කර්මයම හෝ කම්ම සමාදානං ඨානසො හෙතුසො ප්‍රත්‍යයෙන්ද හේතුවෙන්ද එහි ගති උපධි කාල පයෝග විපාකයට ස්ථාන වේ. කර්ම හේතුව.

සබ‍්බත්‍ථ ගාමිනින‍්ති සබ‍්බගතිගාමිනිඤ‍්ච අගතිගාමිනිඤ‍්ච. පටිපදන‍්ති මග‍්ගං. යථාභූතං පජානාතීති බහූසුපි මනුස‍්සෙසු එකමෙව පාණං ඝාතෙන‍්තෙසු ‘ඉමස‍්ස චෙතනා නිරයගාමිනී භවිස‍්සති, ඉමස‍්ස තිරච‍්ඡානයොනිගාමිනී’ති ඉමිනා නයෙන එකවත්‍ථුස‍්මිම‍්පි කුසලාකුසලචෙතනාසඞ‍්ඛාතානං පටිපත‍්තීනං අවිපරීතතො සභාවං පජානාති.

සබ්බත්‍ථ ගාමිනීං සියළු ගති අගතිවල යන පටිපදං මාර්ගය යථාභූතං පජානාති බොහෝ මිනිසුන් එකම සතෙකු ඝාතනයෙහි ද මේ චේතනාව නිරයගාමී වන්නේය. මේ තිරිසන් යෝනියට යෑම යන මෙම නයින් එක වස්තුවකද කුසලාකුසල චේතනා සංඛ්‍යාත පිළිවෙත වෙනස් නොවීමෙන් ස්වභාවය දනිති.

අනෙකධාතුන‍්ති චක‍්ඛුධාතුආදීහි කාමධාතුආදීහි වා ධාතූහි බහුධාතුං. නානාධාතුන‍්ති තාසංයෙව ධාතූනං විලක‍්ඛණතාය නානප‍්පකාරධාතුං. ලොකන‍්ති ඛන්‍ධායතනධාතුලොකං. යථාභූතං පජානාතීති තාසං තාසං ධාතූනං අවිපරීතතො සභාවං පටිවිජ‍්ඣති.

අනෙකධාතුං චක්ඛු ධාතු ආදියෙන් හෝ කාමධාතු ආදීන්ගේ බොහෝ ධාතුවලින් නා නා ධාතුං ඡ ධාතූන්ගේම වෙනස් වූ නොයෙක් ආකාර ධාතු. ලොකං ස්කන්ධ ආයතන ධාතු ලෝකය. යථාභූතං පජානාති ඒ ඒ ධාතූන්ගේ සත්‍ය ස්වභාවය අවබෝධ කරගනී.

නානාධිමුත‍්තිකතන‍්ති හීනාදීහි අධිමුත‍්තීහි නානාධිමුත‍්තිකභාවං.

නානාධිමුත්තිකතං හීනාදි අධිමුක්තිවලින් නොයෙක් අධි මුක්තිභාවය.

පරසත‍්තානන‍්ති පධානසත‍්තානං. පරපුග‍්ගලානන‍්ති තතො පරෙසං හීනසත‍්තානං; එකත්‍ථමෙව වා එතං පදද‍්වයං වෙනෙය්‍යවසෙන පන ද‍්වෙධා වුත‍්තං. ඉන්‍ද්‍රියපරොපරියත‍්තන‍්ති සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං පරභාවඤ‍්ච අපරභාවඤ‍්ච වුඩ‍්ඪිඤ‍්ච හානිඤ‍්චාති අත්‍ථො.

පරසත්තානං ප්‍රධාන සතුන්ගේ. පරපුග්ගලානං එයින් අන්‍ය වූ හීන සත්ත්වයින්ගේ මේ පද දෙක ඒකාර්ථ වුවත් අවබෝධ වන්නන්ගේ වශයෙන් දෙවිධියකට කියන ලදි. ඉන්‍ද්‍රියපරොපරියත්ති ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන්ගේ පරභවයද අපරභවයද වෘද්ධියද හානියද යන අර්ථය වේ.

ඣානවිමොක‍්ඛසමාධිසමාපත‍්තීනන‍්ති පඨමාදීනං චතුන‍්නං ඣානානං, “රූපී රූපානි පස‍්සතී”තිආදීනං අට‍්ඨන‍්නං විමොක‍්ඛානං, සවිතක‍්කසවිචාරාදීනං තිණ‍්ණං සමාධීනං, පඨමජ‍්ඣානසමාපත‍්තිආදීනඤ‍්ච නවන‍්නං අනුපුබ‍්බසමාපත‍්තීනං. සංකිලෙසන‍්ති හානභාගියධම‍්මං. වොදානන‍්ති විසෙසභාගියධම‍්මං. වුට‍්ඨානන‍්ති යෙන කාරණෙන ඣානාදීහි වුට‍්ඨහන‍්ති, තං කාරණං.

ඣාන විමොක්ඛ සමාධි සමාපත්තීනං යනු පළමුවන ආදි ධ්‍යාන සතරේ රූපීව රූප දකියි යන ආදි අෂ්ට විමොක්‍ෂයන්ගේ සවිත්තක සවිචාරාදී සමාධි තුනෙන් ප්‍රථම ධ්‍යාන සමාපත්ති ආදියේද නවයක් වූ අනුපූර්ව සමාපත්තිවල. සංකිලෙසං යනු පිරිහෙන දහම්ය. වොදානය විසේස භාගිය දහම්. වුට්ඨානං ධ්‍යානවලින් නැගිටින කරුණ

පුබ‍්බෙනිවාසානුස‍්සතින‍්ති පුබ‍්බෙ නිවුත්‍ථක‍්ඛන්‍ධානුස‍්සරණං.

පුබ්බෙනිවාසානුස්සති පෙර විසූ ස්කන්ධ සිහිකිරීම.

චුතූපපාතන‍්ති චුතිඤ‍්ච උපපාතඤ‍්ච.

චුතූපපාතං චුතියද ඉපදීමද

ආසවානං ඛයන‍්ති කාමාසවාදීනං ඛයසඞ‍්ඛාතං ආසවනිරොධං නිබ‍්බානං.

ආසවාණං ඛයං කාමාසවාදීන්ගේ ඛය සංඛ්‍යාත ආශ්‍රව නිරුද්ධවීම - නිවන.

ඉමානීති යානි හෙට‍්ඨා “දස තථාගතස‍්ස තථාගතබලානී”ති අවොච, ඉමානි තානීති අප‍්පනං කරොතීති. එවමෙත්‍ථ අනුපුබ‍්බපදවණ‍්ණනං ඤත්‍වා ඉදානි යස‍්මා තථාගතො පඨමංයෙව ඨානාට‍්ඨානඤාණෙන වෙනෙය්‍යසත‍්තානං ආසවක‍්ඛයාධිගමස‍්ස චෙව අනධිගමස‍්ස ච ඨානාට‍්ඨානභූතං කිලෙසාවරණාභාවං පස‍්සති, ලොකියසම‍්මාදිට‍්ඨිඨානදස‍්සනතො නියතමිච‍්ඡාදිට‍්ඨිඨානාභාවදස‍්සනතො ච. අථ නෙසං කම‍්මවිපාකඤාණෙන විපාකාවරණාභාවං පස‍්සති , තිහෙතුකපටිසන්‍ධිදස‍්සනතො. සබ‍්බත්‍ථගාමිනීපටිපදාඤාණෙන කම‍්මාවරණාභාවං පස‍්සති, ආනන‍්තරියකම‍්මාභාවදස‍්සනතො. එවං අනාවරණානං අනෙකධාතුනානාධාතුඤාණෙන අනුකූලධම‍්මදෙසනත්‍ථං චරියාවිසෙසං පස‍්සති, ධාතුවෙමත‍්තදස‍්සනතො. අථ නෙසං නානාධිමුත‍්තිකතාඤාණෙන අධිමුත‍්තිං පස‍්සති, පයොගං අනාදියිත්‍වාපි අධිමුත‍්තිවසෙන ධම‍්මදෙසනත්‍ථං. අථෙවං දිට‍්ඨාධිමුත‍්තීනං යථාසත‍්ති යථාබලං ධම‍්මං දෙසෙතුං ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණෙන ඉන්‍ද්‍රියපරොපරියත‍්තං පස‍්සති, සද‍්ධාදීනං තික‍්ඛමුදුභාවදස‍්සනතො. එවං පරිඤ‍්ඤාතින්‍ද්‍රියපරොපරියත‍්තාපි පනෙතෙ සචෙ දූරෙ හොන‍්ති, අථ ඣානාදිපරිඤ‍්ඤාණෙන ඣානාදීසු වසීභූතත‍්තා ඉද‍්ධිවිසෙසෙන ඛිප‍්පං උපගච‍්ඡති. උපගන‍්ත්‍වා ච නෙසං පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණෙන පුබ‍්බජාතිභාවනං, දිබ‍්බචක‍්ඛානුභාවතො පත‍්තබ‍්බෙන චෙතොපරියඤාණෙන සම‍්පත‍්තිචිත‍්තවිසෙසං පස‍්සන‍්තො ආසවක‍්ඛයඤාණානුභාවෙන ආසවක‍්ඛයගාමිනියා පටිපදාය විගතසම‍්මොහත‍්තා ආසවක‍්ඛයාය ධම‍්මං දෙසෙති. තස‍්මා ඉමිනා අනුක‍්කමෙන ඉමානි දසබලානි වුත‍්තානීති වෙදිතබ‍්බානි. අයං තාව මාතිකාය අත්‍ථවණ‍්ණනා.

ඉමානි යට තථාගතයන්ගේ බල දහයක් කීවේය. මේ ඒවා අර්පණා කිරීමයි. මෙසේ මෙහි පද වර්ණනාව අනුපූර්ව වශයෙන් දැන තථාගතයන් වහන්සේ පළමුව ඨානා ඨාන නුවණින් වෙනෙය්‍ය සතුන්ගේ නිවන අවබෝධ කිරීමට හා අවබෝධ නොකිරීමට ඨානා ඨානභූත වූ කෙලෙස් ආවරණභාවය බලති. ලෞකික සම්මාදිට්ඨි ස්ථාන දැකීමෙන් නියත මිච්ඡාදිට්ඨි ඨාන අභාවය දැකීමෙන්ද ඉක්බිති ඔවුන්ගේ කර්ම විපාක ඤාණයෙන් විපාකාවරණ භාවය බලයි. ත්‍රිහේතුක ප්‍රතිසන්ධි දැකීමෙන් සබ්බත්‍ථගාමිනී පටිපදා ඤාණයෙන් කම්මාවරණ භවය බලයි. ආනන්තරිය කම්ම අභාවය දැකීමෙන් මෙසේ අනාවරණ වූ අනෙකධාතු නානාධාතු ඤාණයෙන් අනුකූල ධර්ම දේශනාව සඳහා චර්යා විශේෂය බලති. ධාතු වෙනස දැකීමෙන් ඉක්බිති නානාධිමුත්තිකතා ඤාණයෙන් ඔවුන්ගේ අධිමුක්තිය බලති. ප්‍රයෝගය නොගෙනම අධිමුක්ති වශයෙන් දහම් දෙසීම ඉක්බිති මෙසේ දිට්ඨාධිමුක්තින්ගේ යථා බලය දහම් දෙසීමට ඉන්‍ද්‍රියපරොපරියත්ති ඤාණයෙන් ඉන්‍ද්‍රිය පරොපරියත්තිය බලති. ශ්‍රද්ධාදීන්ගේ තියුණු මුදු භාවය දැකීමෙන් මෙසේ පරිඤ්ඤාතින්‍ද්‍රියපරොපරියත්තාපි එය දුර වෙයි. මේ ඉක්බිති ධ්‍යානාදීන්ගේ පරිඤ්ඤාණයෙන් ධ්‍යානාදියෙන් වසීභූත වූ ඉද්ධි විශේෂයකින් වහා පැමිණේ. පැමිණද පුබ්බේනිවාසානුස්සති ඤාණයෙන් ඔවුන්ගේ පෙරජාති බව දිව ඇස් ආනුභාවයෙන් පැමිණෙමින් චේතෝපරිය ඤාණයෙන් සම්පත් විශේෂයක් දකින්නේ ආසවක්ඛය ඤාණය ආනුභාවයෙන් ආසවක්ඛය යයි ප්‍රතිපදාවකින් දුරුකරන ලද මෝහයෙන් නිවන පිණිස ධර්මය දේශනා කරති. එහෙයින් මේ අනුක්‍රමයෙන් මේ දසබල කියන ලදැයි දතයුතුය. මාතෘකාවේ අර්ථ වර්ණනාව.