යෙදුමෙන් කියවන්න

3. මහාකස‍්සපත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

3. මහාකස‍්සපත්‍ථෙරඅපදානවණ‍්ණනා

3. මහාකාශ්‍යප ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරස‍්ස භගවතොත්‍යාදිකං ආයස‍්මතො මහාකස‍්සපත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤසම‍්භාරානි උපචිනන‍්තො පදුමුත‍්තරභගවතො කාලෙ හංසවතීනගරෙ වෙදෙහො නාම අසීතිකොටිවිභවො කුටුම‍්බිකො අහොසි. සො බුද‍්ධමාමකො, ධම‍්මමාමකො, සඞ‍්ඝමාමකො, උපාසකො හුත්‍වා විහරන‍්තො එකස‍්මිං උපොසථදිවසෙ පාතොව සුභොජනං භුඤ‍්ජිත්‍වා උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය ගන්‍ධපුප‍්ඵාදීනි ගහෙත්‍වා විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං පූජෙත්‍වා වන්‍දිත්‍වා එකමන‍්තං නිසීදි.

පදුමුත්තර යනු බුදුරදුන්ගේ ද, ආයුෂ්මත් මහාකස්සප තෙරුන්ගේ ද චරිතයයි. මෙයද පෙර බුදුවරුන් විෂයෙහි කරන ලද අධිකාරි ඇත්තේ ඒ ඒ භවයෙහි විපර්යාස වශයෙන් උපනිශ්‍ර වූ පින් ද, පුණ්‍ය සංසාර ධර්මයන් ද, රැස් කරන්නේ පදුමුත්තර භගවත්හුගේ කාලයේ හංසවත නුවර වේදේහ නම් අසූ කෙලක් ධනය ඇති කෙළෙඹියෙකු විය. හෙතෙම බුද්ධමාමක, ධර්මමාමක, සංඝමාමක උපාසකයකු වී වාසය කරන්නේ, එක් උපෝසථ දිනයක උදෑසනම රස ආහාර වළඳා, උපෝසථ අංග අධිෂ්ඨානකොට සුවඳ මල් ආදිය රැගෙන විහාරයට ගොස් [missing trans]

තස‍්මිඤ‍්ච ඛණෙ සත්‍ථා මහානිසභත්‍ථෙරං නාම තතියසාවකං “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධුතවාදානං යදිදං නිසභො”ති එතදග‍්ගෙ ඨපෙසි. උපාසකො තං සුත්‍වා පසන‍්නො ධම‍්මකථාවසානෙ මහාජනෙ උට‍්ඨාය ගතෙ සත්‍ථාරං වන්‍දිත්‍වා “ස‍්වෙ, භන‍්තෙ, මය‍්හං භික‍්ඛං අධිවාසෙථා”ති නිමන‍්තෙසි. “මහා ඛො, උපාසක, භික‍්ඛුසඞ‍්ඝො”ති. “කිත‍්තකො, භන‍්තෙ”ති? “අට‍්ඨසට‍්ඨිභික‍්ඛුසතසහස‍්ස”න‍්ති. “භන‍්තෙ, එකං සාමණෙරම‍්පි විහාරෙ අසෙසෙත්‍වා මය‍්හං භික‍්ඛං ගණ‍්හථා”ති. සත්‍ථා අධිවාසෙසි. උපාසකො සත්‍ථු අධිවාසනං ඤත්‍වා ගෙහං ගන‍්ත්‍වා මහාදානං සජ‍්ජෙත්‍වා පුනදිවසෙ සත්‍ථු කාලං ආරොචාපෙසි. සත්‍ථා පත‍්තචීවරමාදාය භික‍්ඛුසඞ‍්ඝපරිවුතො උපාසකස‍්ස ඝරං ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තාසනෙ නිසින‍්නො දක‍්ඛිණොදකාවසානෙ යාගුආදීනි සම‍්පටිච‍්ඡන‍්තො භත‍්තවිස‍්සග‍්ගං අකාසි. උපාසකොපි සත්‍ථු සන‍්තිකෙ නිසීදි.

ශාස්තෲන් වහන්සේ, නිසභ නම් තෙරුන් තෙවෙනි ශ්‍රාවක කොට, “මහණෙනි මගේ ශ්‍රාවක භික්‍ෂු සංඝයා අතර ධුත සමාදානයේ නිසභ තෙරුන් අග්‍ර යයි” ප්‍රමුඛස්ථානයේ තැබූ සේක. උපාසකයා ඒ අසා පැහැදුණේ, ධර්ම කථාව අවසානයේ මහජනයා නැගිට ගිය කල්හි ශාස්තෲන් වහන්සේ වැඳ, “ස්වාමීනි; හෙට මගේ දානය ඉවසනු මැනැවැයි” ඇරයුම් කළෝය. සැට අටදහස් භික්‍ෂූන් සමග, ස්වාමීනි එක් සාමණේරයකුදු විහාරයේ නොතබා සියල්ලෝ මගේ දානය පිළිගනිවු’ යයි කීවේය. බුදුරදුන් ඉවසා වදාළ සේක උපාසකයා, බුදුරදුන් ඉවසා වදාළ බව දැන ගෙට ගොස් මහාදානයට සරසවා ‘දෙවන දිනයේ බුදුරදුන්ට කාලය දැන්වූ සේක බුදුරදුන් පා සිවුරුගෙන භික්‍ෂු සංඝයා පිරිවරා උපාසකගේ ගෙදරට ගොස් පනවන ලද ආසනයේ වැඩ හුන්නේ දක්‍ෂිණාව අවසානයේ කැඳ ආදිය පිළිගන්වන්නේ, බත නිමාවට පත් කළේය. උපාසකයාද ශාස්තෲන් සමීපයේ හුන්නේය.

තස‍්මිං අන‍්තරෙ මහානිසභත්‍ථෙරො පිණ‍්ඩාය චරන‍්තො තමෙව වීථිං පටිපජ‍්ජි. උපාසකො දිස‍්වා උට‍්ඨාය ගන‍්ත්‍වා ථෙරං වන්‍දිත්‍වා “පත‍්තං, භන‍්තෙ, දෙථා”ති ආහ. ථෙරො පත‍්තං අදාසි. “භන‍්තෙ, ඉධෙව පවිසථ, සත්‍ථාපි ගෙහෙ නිසින‍්නො”ති. “න වට‍්ටිස‍්සති, උපාසකා”ති. සො ථෙරස‍්ස පත‍්තං ගහෙත්‍වා පිණ‍්ඩපාතස‍්ස පූරෙත්‍වා අදාසි. තතො ථෙරං අනුගන‍්ත්‍වා නිවත‍්තො සත්‍ථු සන‍්තිකෙ නිසීදිත්‍වා එවමාහ – “මහානිසභත්‍ථෙරො, භන‍්තෙ, ‘සත්‍ථාපි ගෙහෙ නිසින‍්නො’ති වුත‍්තෙපි පවිසිතුං න ඉච‍්ඡි. අත්‍ථි නු ඛො එතස‍්ස තුම‍්හාකං ගුණෙහි අතිරෙකගුණො”ති? බුද‍්ධානඤ‍්ච වණ‍්ණමච‍්ඡෙරං නාම නත්‍ථි, තස‍්මා සත්‍ථා එවමාහ – “උපාසක, මයං භික‍්ඛං ආගමයමානා ගෙහෙ නිසීදාම, සො භික‍්ඛු න එවං නිසීදිත්‍වා භික‍්ඛං උදික‍්ඛති. මයං ගාමන‍්තසෙනාසනෙ වසාම, සො අරඤ‍්ඤෙයෙව වසති. මයං ඡන‍්නෙ වසාම, සො අබ‍්භොකාසෙයෙව වසතී”ති භගවා “අයඤ‍්ච අයඤ‍්චෙතස‍්ස ගුණො”ති මහාසමුද‍්දං පූරයමානො විය තස‍්ස ගුණං කථෙසි.

එසමයෙහි මහා නිසභ තෙරුන් පිඬු පිණිස හැසිරෙන්නේ එම වීථියටම පිළිපන්නේය. උපාසකයා දැක නැගිට ගොස් තෙරුන් වැඳ, “ස්වාමීනි; පාත්‍රය දෙනු මැනැවැ”යි කීවේය. තෙරුන් පාත්‍රය දුන් සේක. “ස්වාමීනි; මෙතැනටම වඩිනු මැනැවි. ශාස්තෲන් වහන්සේ ද ගෙදර වැඩ සිටිති. උපාසකය නොවටින්නේය. ඔහු තෙරුන්ගේ පාත්‍රය රැගෙන පිණ්ඩපාතය පුරවා උන්වහන්සේට දුන්නේය. ඉක්බිති තෙරුන් ටික දුරක් ගොස් නතරවූයේ, බුදුරදුන් සමීපයේ හිඳ මෙසේ කීවේය. ‘මහානිසභ’ තෙරුන්ද, ස්වාමීනි ගෙදර වැඩ සිටින්නේ යයි කී කල්හි, පිවිසීමට නොකැමැති වෙයි. උන්වහන්සේට ඔබවහන්සේට වඩා වැඩි ගුණයක් ඇද්දේ බුදුවරුන්ගේ වර්ණයෙහි මසුරුකමක් නම් නැත. එහෙයින් ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක. උපාසකය; අපි භික්‍ෂාවගමන කාලයේ ගෙදර වැඩ සිටිමු. ඒ භික්‍ෂුව එසේ වැඩ නොසිට භික්‍ෂාව පිළිගනියි. අපි ගම් සෙනසුනේ වාසය කරමු. උන්වහන්සේ අරණ්‍යයේ වාසය කරති. භාග්‍යවත්හු මේ මේ දේ ඔහුගේ ගුණ යයි, මහා සමුද්‍රය පුරවන්නාක් මෙන් ඔහුගේ ගුණ දැක්වූ සේක.

උපාසකොපි පකතියා ජලමානදීපො තෙලෙන ආසිත‍්තො විය සුට‍්ඨුතරං පසන‍්නො හුත්‍වා චින‍්තෙසි – “කිං මය‍්හං අඤ‍්ඤාය සම‍්පත‍්තියා, යංනූනාහං අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ ධුතවාදානං අග‍්ගභාවත්‍ථාය පත්‍ථනං කරිස‍්සාමී”ති. සො පුනපි සත්‍ථාරං නිමන‍්තෙත්‍වා තෙනෙව නියාමෙන සත‍්ත දිවසෙ මහාදානං දත්‍වා සත‍්තමෙ දිවසෙ බුද‍්ධප‍්පමුඛස‍්ස මහාභික‍්ඛුසඞ‍්ඝස‍්ස තිචීවරානි දත්‍වා සත්‍ථු පාදමූලෙ නිපජ‍්ජිත්‍වා එවමාහ – “යං මෙ, භන‍්තෙ, සත‍්ත දිවසෙ දානං දෙන‍්තස‍්ස මෙත‍්තං කායකම‍්මං මෙත‍්තං වචීකම‍්මං මෙත‍්තං මනොකම‍්මං පච‍්චුපට‍්ඨිතං, ඉමිනාහං න අඤ‍්ඤං දෙවසම‍්පත‍්තිං වා සක‍්කමාරබ්‍රහ‍්මසම‍්පත‍්තිං වා පත්‍ථෙමි, ඉදං පන මෙ කම‍්මං අනාගතෙ එකස‍්ස බුද‍්ධස‍්ස සන‍්තිකෙ මහානිසභත්‍ථෙරෙන පත‍්තට‍්ඨානන‍්තරං පාපුණනත්‍ථාය තෙරසධුතඞ‍්ගධරානං අග‍්ගභාවස‍්ස අධිකාරො හොතූ”ති. සත්‍ථා “මහන‍්තං ඨානං ඉමිනා පත්‍ථිතං, සමිජ‍්ඣිස‍්සති නු ඛො, නො”ති ඔලොකෙන‍්තො සමිජ‍්ඣනභාවං දිස‍්වා ආහ – “මනාපං තෙ ඨානං පත්‍ථිතං, අනාගතෙ සතසහස‍්සකප‍්පාවසානෙ ගොතමො නාම බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති, තස‍්ස ත්‍වං තතියසාවකො මහාකස‍්සපත්‍ථෙරො නාම භවිස‍්සසී”ති බ්‍යාකාසි. තං සුත්‍වා උපාසකො “බුද‍්ධානං ද‍්වෙ කථා නාම නත්‍ථී”ති පුනදිවසෙ පත‍්තබ‍්බං විය තං සම‍්පත‍්තිං අමඤ‍්ඤිත්‍ථ. සො යාවතායුකං දානං දත්‍වා සීලං සමාදාය රක‍්ඛිත්‍වා නානප‍්පකාරං පුඤ‍්ඤකම‍්මං කත්‍වා කාලංකත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්ති.

උපාසකයා ද, ස්වභාවයෙන්ම දිළිසෙන ඇවිලෙන පහනට තෙල් ඉසින්නාක් මෙන් මැනවින් පැහැදුණේ වී, මෙසේ සිතුවේය. මගේ වෙනත් සම්පතක් කුමටද? මම අනාගතයේ එක් බුදුවරයෙකුගේ සමීපයේ ධුතංගධාරීන් අතර අග්‍ර තනතුර ප්‍රාර්ථනා කරන්නෙමි. උන්වහන්සේ යළිත් බුදුරදුන් නැමැද ඒ අයුරින්ම දින හතක් මහ දන්දී, සත්වෙනි දිනයේ බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට චීවර පූජාකොට, ශාස්තෲපාද මූලයේ වැඩහිඳ මෙසේ කීය. “යම් බඳු මා විසින් සත් දවසක් දන්දෙනු ලබන්නේ, මෛත්‍රි කායකර්මයද, මෛත්‍රී වචී ධර්මද, මෛත්‍රී මනෝ කර්මද, පිහිටුවන ලදිමි. මේ අයුරින් මම වෙනත් දේව සම්පත්තියක් හෝ ශක්‍ර මාර බ්‍රහ්ම සැපතක් හෝ ප්‍රාර්ථනා නොකරමි. මේ මගෙ ප්‍රාර්ථනාව අනාගතයේ එක් බුදුවරයෙකු සමීපයේ මහානිසභ තෙරුන් විසින් ප්‍රාර්ථනා කරන ලද තනතුරට පැමිණෙනු පිණිස ධුතංගධාරීන් අතර අග්‍ර තනතුර ලැබේවා යනුයි. “ශාස්තෲන් වහන්සේ, මහත් වූ මේ ප්‍රාර්ථනාව සමෘද්ධ වන්නේද නැද්දැයි, බලන්නේ, සමෘද්ධ වන බව දැන මෙසේ කීය. “ඔබගේ ප්‍රාර්ථනාව තනතුර මනාපය. අනාගතයේ කල්ප ලක්‍ෂයක් අවසානයේ ගෝතම නම් බුදුරදුන් උපදින්නාහ. ඔබ උන්වහන්සේගේ තෙවෙනි ශ්‍රාවක වූ මහා කස්සප නම් තෙරුන් වහන්සේ යයි විවරණ දුන් සේක. ඒ අසා උපාසකයා බුදුවරුන්ගේ කථා දෙකක් නම් නැත. දෙවෙනි දිනයේ ප්‍රාර්ථනා කළ දෙයක් මෙන් ඒ සම්පත් දැනගත්තේය. හෙතෙම ආයු ඇති පරිදි දන් දී සිල්රැක නොයෙක් ආකාර පින්කම්කොට කලුරිය කොට දෙව්ලොව උපන්නේය.

තතො පට‍්ඨාය දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තිං අනුභවන‍්තො ඉතො එකනවුතිකප‍්පෙ විපස‍්සිසම‍්මාසම‍්බුද‍්ධෙ බන්‍ධුමතීනගරං උපනිස‍්සාය ඛෙමෙ මිගදායෙ විහරන‍්තෙ දෙවලොකා චවිත්‍වා අඤ‍්ඤතරස‍්මිං පරිජිණ‍්ණබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්ති. තස‍්මිඤ‍්ච කාලෙ විපස‍්සී භගවා සත‍්තමෙ සංවච‍්ඡරෙ ධම‍්මං කථෙසි, මහන‍්තං කොලාහලං අහොසි. සකලජම‍්බුදීපෙ දෙවතා “සත්‍ථා ධම‍්මං කථෙස‍්සතී”ති ආරොචෙසුං. බ්‍රාහ‍්මණො තං සාසනං අස‍්සොසි. තස‍්ස නිවාසනසාටකො එකොයෙව, තථා බ්‍රාහ‍්මණියා. පාරුපනං පන ද‍්වින‍්නම‍්පි එකමෙව. සො සකලනගරෙ “එකසාටකබ්‍රාහ‍්මණො”ති පඤ‍්ඤායි . සො බ්‍රාහ‍්මණො කෙනචිදෙව කිච‍්චෙන බ්‍රාහ‍්මණානං සන‍්නිපාතෙ සති බ්‍රාහ‍්මණිං ගෙහෙ ඨපෙත්‍වා සයං තං වත්‍ථං පාරුපිත්‍වා ගච‍්ඡති, බ්‍රාහ‍්මණීනං සන‍්නිපාතෙ සති සයං ගෙහෙ අච‍්ඡති, බ්‍රාහ‍්මණී තං වත්‍ථං පාරුපිත්‍වා ගච‍්ඡති. තස‍්මිං පන දිවසෙ සො බ්‍රාහ‍්මණිං ආහ – “භොති, කිං ත්‍වං රත‍්තිං ධම‍්මං සුණිස‍්සසි, උදාහු දිවා”ති? “සාමි, අහං මාතුගාමො භීරුකජාතිකා රත‍්තිං සොතුං න සක‍්කොමි, දිවා සොස‍්සාමී”ති තං බ්‍රාහ‍්මණං ගෙහෙ ඨපෙත්‍වා තං වත්‍ථං පාරුපිත්‍වා උපාසිකාහි සද‍්ධිං විහාරං ගන‍්ත්‍වා සත්‍ථාරං වන්‍දිත්‍වා එකමන‍්තං නිසින‍්නා ධම‍්මං සුත්‍වා උපාසිකාහි සද‍්ධිං අගමාසි. අථ බ්‍රාහ‍්මණො තං ගෙහෙ ඨපෙත්‍වා තං වත්‍ථං පාරුපිත්‍වා විහාරං ගතො.

එතැන් පටන් දෙව් මිනිසුන් අතර සම්පත් අනුභව කරමින් මෙයින් කල්ප අනූ එකක් මත්තෙහි විපස්සී සම්බුදුරදුන් බන්ධුමතී නගරය ඇසුරුකොට ක්‍ෂේම වූ මිගදායේ වාසය කරන්නේ, දෙව්ලොවෙන් චුතව එක්තරා වැහැරීගිය බ්‍රාහ්මණ කුලයෙක උපන්නේය. එකල විපස්සී බුදුරදුන් සත්වෙනි අවුරුද්දේ ධර්ම දේශනා කළ සේක. මහත් කෝලාහලද විය. සියලු දඹදිව දේවතාවෝ “බුදුරදුන් දහම් දේශනා කරන සේකැ”යි දැනුම් දුන්හ. බ්‍රාහ්මණයා ඒ අස්න ඉවසීය. ඔහු පළඳින එකම සළුව විය. බැමිණියද එසේමය. දෙදෙනාටම එකම පොරෝනයක් විය. ඔහු මුළු නගරයේ ඒකසාටක බ්‍රාහ්මණයා යයි ප්‍රකට විය. ඒ බමුණා කිසියම් ක්‍රියාවක් සඳහා බ්‍රාහ්මණයන් අතර යන්නේ නම් බැමිණිය ගෙදර නවතා තෙමේ ඒ වස්ත්‍රය පොරවා ගෙන යයි. බැමිණිය එසේ යන කල්හි තෙමේ ගෙදර සිටියි. බැමිණිය ඒ වස්ත්‍රය පොරවා ගෙන යයි. එදවස හෙතෙම බැමිණියට කීවේය; පින්වතිය, කිම නුඹ රාත්‍රියේ බණ අසන්නීද? නැතහොත් දවල් කාලයේද? ස්වාමිය; මම ස්ත්‍රියකි. රාත්‍රියේ බණ ඇසීමට නොහැකි වෙමි දවල් අසන්නෙමි. ඇය බමුණා ගෙදර තබා වස්ත්‍රය පොරවාගෙන උපාසිකාවන් සමග විහාරයට ගොස් ශාස්තෲන් වැඳ එකත්පසක හුන්නී බණ අසා උපාසිකාවන් සමග ආවාය. ඉක්බිති බමුණා, ඇය, ගෙදර තබා, ඒ වස්ත්‍රය පොරවාගෙන විහාරයට ගියේය.

තස‍්මිඤ‍්ච සමයෙ සත්‍ථා පරිසමජ‍්ඣෙ අලඞ‍්කතධම‍්මාසනෙ නිසින‍්නො චිත‍්තබීජනිං ගහෙත්‍වා ආකාසගඞ‍්ගං ඔතාරෙන‍්තො විය සිනෙරුං මන්‍ථං කත්‍වා සාගරං නිම‍්මන්‍ථෙන‍්තො විය ච ධම‍්මකථං කථෙසි. බ්‍රාහ‍්මණස‍්ස පරිසපරියන‍්තෙන නිසින‍්නස‍්ස ධම‍්මං සුණන‍්තස‍්ස පඨමයාමෙයෙව සකලසරීරං පූරයමානා පඤ‍්චවණ‍්ණා පීති උප‍්පජ‍්ජි. සො පාරුතවත්‍ථං සඞ‍්ඝරිත්‍වා “දසබලස‍්ස දස‍්සාමී”ති චින‍්තෙසි. අථස‍්ස ආදීනවසහස‍්සං දස‍්සයමානං මච‍්ඡෙරං උප‍්පජ‍්ජි. සො “බ්‍රාහ‍්මණියා තුය‍්හඤ‍්ච එකමෙව වත්‍ථං, අඤ‍්ඤං කිඤ‍්චි පාරුපනං නාම නත්‍ථි, අපාරුපිත්‍වා බහි විචරිතුං න සක‍්කොමී”ති සබ‍්බථාපි අදාතුකාමො අහොසි. අථස‍්ස නික‍්ඛන‍්තෙ පඨමෙ මජ‍්ඣිමයාමෙති තථෙව පීති උප‍්පජ‍්ජි. සො තථෙව චින‍්තෙත්‍වා තථෙව අදාතුකාමො අහොසි. අථස‍්ස මජ‍්ඣිමෙ යාමෙ නික‍්ඛන‍්තෙ පච‍්ඡිමයාමෙපි තථෙව පීති උප‍්පජ‍්ජි. තදා සො මච‍්ඡෙරං ජිනිත්‍වා වත්‍ථං සඞ‍්ඝරිත්‍වා සත්‍ථු පාදමූලෙ ඨපෙසි. තතො වාමහත්‍ථං ආභුජිත්‍වා දක‍්ඛිණෙන හත්‍ථෙන අප‍්ඵොටෙත්‍වා “ජිතං මෙ, ජිතං මෙ”ති තික‍්ඛත‍්තුං නදි.

ඒ වේලාවේ බුදුරද පිරිස මැද අලංකාර වූ ධර්මාසනයේ වැඩ හුන්නේ විසිතුරු විජිනිපත ගෙන අහස් ගඟෙන් බසින්නාක් මෙන් සිනේරු පව්වේ සිට සාගරයට කිමිදෙන්නාක් මෙන් බණ කථා වදාළ සේක. බ්‍රාහ්මණයාට පිරිස කෙළවර හුන්නේ බණ අසනවිට පළමු යාමයේදීම මුළු සිරුරට පුරවනු ලබන්නාක් මෙන් පස්වනක් ප්‍රීතිය හටගත්තේය. ඔහු පොරවන ලද වස්ත්‍රය ඉවතට ගෙන දසබලවූ බුදුරදුන්ට දෙන්නෙමි’යි සිතුවේය. ඉක්බිති ඔහුට එහි ආදීනව දහසක් පෙනෙන්නේ මසුරුකම හටගත්තේය. ‘බැමිණියටද ඔබටද එකම වස්ත්‍රයකි. අන්කිසි පොරෝනාවකුදු නැත. නොපොරවා පිටත නික්ම යාමද නොහැකි වෙයි. සියලු අයුරින් නොදෙනු කැමැත්ත විය. ඉක්බිති ඔහුට පළමු යාමය මධ්‍යම යාමද නික්මෙන කල්හිද ප්‍රීතිය උපන්නේය. ඔහු ‘මරණය හෝ වේවා! නොමැරීම හෝ වේවා! පසුව දැනගන්නෙමි’ එදින හෙතෙම මසුරුකම දිනා වස්ත්‍රය ඉවතට ගෙන ශාස්තෲ පාදමූලයේ තැබීය. ඉක්බිති වම් අතින් වහගෙන දකුණු අතේ හකුළුවාගෙන මා විසින් දිනන ලදි. මට නදිය තරණය කිරීමට දිනන ලදි.

තස‍්මිං සමයෙ බන්‍ධුමා රාජා ධම‍්මාසනස‍්ස පච‍්ඡතො අන‍්තොසාණියං නිසින‍්නො ධම‍්මං සුණාති. රඤ‍්ඤො ච නාම “ජිතං මෙ”ති සද‍්දො අමනාපො හොති. රාජා පුරිසං ආණාපෙසි “ගච‍්ඡ, භණෙ, එතං පුච‍්ඡ – ‘කිං සො වදතී’”ති? බ්‍රාහ‍්මණො තෙනාගන‍්ත්‍වා පුච‍්ඡිතො “අවසෙසා හත්‍ථියානාදීනි ආරුය‍්හ අසිචම‍්මාදීනි ගහෙත්‍වා පරසෙනං ජිනන‍්ති, න තං අච‍්ඡරියං. අහං පන පච‍්ඡතො ආගච‍්ඡන‍්තස‍්ස කූටගොණස‍්ස මුග‍්ගරෙන සීසං භින්‍දිත්‍වා තං පලාපෙන‍්තො විය මච‍්ඡෙරචිත‍්තං ජිනිත්‍වා පාරුතවත්‍ථං දසබලස‍්ස අදාසිං, තං මෙ ජිතං මච‍්ඡෙරං අච‍්ඡරිය”න‍්ති ආහ. සො ආගන‍්ත්‍වා තං පවත‍්තිං රඤ‍්ඤො ආරොචෙසි. රාජා “අම‍්හෙ, භණෙ, දසබලස‍්ස අනුරූපං න ජානාම, බ්‍රාහ‍්මණො ජානාතී”ති තස‍්ස පසීදිත්‍වා වත්‍ථයුගං පෙසෙසි. තං දිස‍්වා බ්‍රාහ‍්මණො චින‍්තෙසි – “රාජා මය‍්හං තුණ‍්හී නිසින‍්නස‍්ස පඨමං කිඤ‍්චි අදත්‍වා සත්‍ථු ගුණෙ කථෙන‍්තස‍්ස අදාසි, සත්‍ථු ගුණෙ පටිච‍්ච ඉදං උප‍්පන‍්නං, සත්‍ථුයෙව අනුච‍්ඡවික”න‍්ති තම‍්පි වත්‍ථයුගං දසබලස‍්ස අදාසි. රාජා “කිං බ්‍රාහ‍්මණෙන කත”න‍්ති පුච‍්ඡිත්‍වා “තම‍්පි තෙන වත්‍ථයුගං තථාගතස‍්සෙව දින‍්න”න‍්ති සුත්‍වා අඤ‍්ඤානිපි ද‍්වෙ වත්‍ථයුගානි පෙසෙසි, සො තානිපි සත්‍ථු අදාසි. පුන රාජා ‘අඤ‍්ඤානිපි චත‍්තාරී’ති එවං වත්‍වා යාව එවං ද‍්වත‍්තිංස වත්‍ථයුගානි පෙසෙසි. අථ බ්‍රාහ‍්මණො “ඉදං වඩ‍්ඪෙත්‍වා වඩ‍්ඪෙත්‍වා ගහණං විය හොතී”ති අත‍්තනො අත්‍ථාය එකං, බ්‍රාහ‍්මණියා එකන‍්ති ද‍්වෙ වත්‍ථයුගානි ගහෙත්‍වා, තිංස යුගානි තථාගතස‍්සෙව අදාසි. තතො පට‍්ඨාය ච සො සත්‍ථු විස‍්සාසිකො ජාතො.

එසමයේ බන්ධුමා රජු ධර්මාසනයෙන් පසුපස කෙළවර සිටින්නේ බණ අසයි. රජුගේ මා දිනන ලදී යන ශබ්දයට අමනාප වෙයි. රජු මිනිසකුට අණ කළේය. බොල යව! මෙය විචාරව. ඔහු කුමක් කියයිද. බමුණා එතැනට ගොස් විචාරණ ලද්දේ, අවශේෂ ඇත් යානාදියට නැග කඩු සම් ආදිය ගෙන සතුරු සේනාව දිනත්. එය ආශ්චර්යයක් නොවේ. මම වනාහි පසුව එන්නවුන් කුළු ගොනාගේ හිස මුගුරෙන් බිඳ පලන්නාක් මෙන්, මසුරු සිත් දිනා පොරවන ලද වස්ත්‍රය බුදුරදුන්ට දුන්නෙමි. එවිට මට දිනන ලද මසුරුකම ආශ්චර්යයක් යයි’ කීවේය. ඔහු ගොස් ඒ පුවත රජුට දැන්වීය. රජු “බොල; අප විසින් දසබලයන්ට, සුදුසු දෙය නොදනිමු. බමුණා දනියි යයි ඔහුට පැහැදී, වස්ත්‍ර යුගලයක් යැවීය. එය දැක බමුණා සිතුවේය. “රජු මගේ නිශ්ශබ්දව සිටින විට පළමුව කිසිවක් නොදී, ශාස්තෲ ගුණ කියන්නාට දුන්නේය. ශාස්තෲ ගුණ නිසා මෙය හටගත්තේය. ශාස්තෲන් වහන්සේටම සුදුසු වන්නේය. ඒ වස්ත්‍ර යුග්මයද, බුදුරදුන්ට දුන්නේය. රජු, බමුණා විසින් කුමක් කරන ලද්දේදැයි අසා, වෙනත් වස්ත්‍ර යුගලයක්ද යැවීය. ඔහු ඒවාද බුදුරදුන්ට දුන්නේය. රජු, බමුණා විසින් කුමක් කරන ලද්දේදැයි අසා, වෙනත් වස්ත්‍ර යුගලයක්ද යැවීය. ඔහු ඒවාද බුදුරදුන්ට දුන්නේය. නැවත රජු වෙනත් සතරක්ද, මෙසේ වැඩිකොට තිස්දෙකක් දක්වා වස්ත්‍ර යුගල යැවීය. ඉක්බිති බමුණා “මෙය වැඩිකොට වැඩිකොට ගත්තාක් මෙන් වෙයි” යයි තමන්ට වැඩපිණිස, එකක් බැමිණියටද, එකක් තමන්ට දැයි දෙකක් වස්ත්‍ර යුගල ගෙන තිස් යුගලයක් බුදුරදුන්ට දුන්නේය. එතැන් පටන් හෙතෙම බුදුරදුන්ගේ විශ්වාසවන්ත බව හටගත්තේය.

අථ තං රාජා එකදිවසං සීතසමයෙ සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තං දිස‍්වා සතසහස‍්සග‍්ඝනකං අත‍්තනො පාරුතං රත‍්තකම‍්බලං දත්‍වා ආහ – “ඉතො පට‍්ඨාය ඉමං පාරුපිත්‍වා ධම‍්මං සුණාහී”ති. සො “කිං මෙ ඉමිනා කම‍්බලෙන ඉමස‍්මිං පූතිකායෙ උපනීතෙනා”ති චින‍්තෙත්‍වා අන‍්තොගන්‍ධකුටියං තථාගතස‍්ස මඤ‍්චස‍්ස උපරි විතානං කත්‍වා අගමාසි. අථෙකදිවසං රාජා පාතොව විහාරං ගන‍්ත්‍වා අන‍්තොගන්‍ධකුටියං සත්‍ථු සන‍්තිකෙ නිසීදි. තස‍්මිං ඛණෙ ඡබ‍්බණ‍්ණා බුද‍්ධරස‍්මියො කම‍්බලෙ පටිහඤ‍්ඤන‍්ති, කම‍්බලො අතිවිය විරොචිත්‍ථ. රාජා උල‍්ලොකෙන‍්තො සඤ‍්ජානිත්‍වා ආහ – “අම‍්හාකං, භන‍්තෙ, එස කම‍්බලො, අම‍්හෙහි එකසාටකබ්‍රාහ‍්මණස‍්ස දින‍්නො”ති. “තුම‍්හෙහි, මහාරාජ, බ්‍රාහ‍්මණො පූජිතො, බ්‍රාහ‍්මණෙන මයං පූජිතා”ති. රාජා “බ්‍රාහ‍්මණො යුත‍්තං අඤ‍්ඤාසි, න මය”න‍්ති පසීදිත්‍වා යං මනුස‍්සානං උපකාරභූතං, තං සබ‍්බං අට‍්ඨට‍්ඨකං කත්‍වා සබ‍්බට‍්ඨකං නාම දානං දත්‍වා පුරොහිතට‍්ඨානෙ ඨපෙසි. සොපි “අට‍්ඨට‍්ඨකං නාම චතුසට‍්ඨි හොතී”ති චතුසට‍්ඨිසලාකභත‍්තානි උපට‍්ඨපෙත්‍වා යාවජීවං දානං දත්‍වා සීලං රක‍්ඛිත්‍වා තතො චුතො සග‍්ගෙ නිබ‍්බත‍්ති.

ඉක්බිති ඒ රජ තෙම එක දවසක් සීත කාලයේ බුදුරදුන් සමීපයේ බණ අසන්නා වූ ලක්‍ෂයක් පමණ තමන්ගේ රතු කම්බිලිය පොරවා සිටිනු දැක කීවේය “මෙතැන් පටන් මෙය පොරවාගෙන බණ අසනු” හෙතෙම, මට රතු කම්බිලියෙන් මේ කුණුකය පෙරවීමෙන් කුමන ඵලයක් දැයි සිතා ඇතුළත ගඳ කිළියේ තථාගතයන්ගේ ඇඳ මත්තෙහි වියනක් කොට ගියේය. ඉක්බිති එක්දිනක් රජු උදෑසනම විහාරයට ගොස් ඇතුළත ගඳකිළියෙහි බුදුරදුන්ගේ සමීපයේ හුන්නේය. එසමයේ සවණක් බුදුරැස් කම්බිලියේ ප්‍රතිරාව නැංවෙති. කම්බිලිය අතිශයින් බබළයි. රජු බලන්නේ, දැනගෙන මෙසේ කීවේය. “ස්වාමීනි, මේ අපගේ කම්බිලියයි. අප විසින් ඒකසාටක බමුණාට දෙන ලද්දකි.” “මහරජ; නුඹලා විසින්ද, බ්‍රාහ්මණයා පුදන ලද්දේය. බමුණා විසින් මා පුදන ලදි. රජු “බමුණාං” සුදුස්සක් දන්නා ලදි. අපි නොවේ යයි පැහැදී යම් මිනිසුන්ට උපකරණයක් වේද, සියල්ල අටපරිදි කොට ‘සබ්බට්ක’ නම් දානය දී, පුරෝහිත තනතුරේ තැබීය. ඔහුද, අට්ඨට්ටක යනු සැටහතරක් වේයයි, සැටහතරක් සලාක බත් පිළියෙල කරවා, දිවි ඇති තෙක් දන් දී, සිල් රැක, ඉන් චුතව දෙව්ලොව උපන්නේය.

පුන තතො චුතො ඉමස‍්මිං කප‍්පෙ භගවතො කොණාගමනස‍්ස භගවතො කස‍්සපස‍්ස චාති ද‍්වින‍්නං අන‍්තරෙ බාරාණසියං කුටුම‍්බියකුලෙ නිබ‍්බත‍්තො. සො වඩ‍්ඪිමන්‍වාය ඝරාවාසං වසන‍්තො එකදිවසං අරඤ‍්ඤෙ ජඞ‍්ඝවිහාරං විචරති. තස‍්මිඤ‍්ච සමයෙ පච‍්චෙකබුද‍්ධො නදීතීරෙ චීවරකම‍්මං කරොන‍්තො අනුවාතෙ අප‍්පහොන‍්තෙ සඞ‍්ඝරිත්‍වා ඨපෙතුමාරද‍්ධො. සො තං දිස‍්වා “කස‍්මා, භන‍්තෙ, සඞ‍්ඝරිත්‍වා ඨපෙථා”ති ආහ. “අනුවාතො නප‍්පහොතී”ති. “ඉමිනා, භන‍්තෙ, කරොථා”ති උත‍්තරිසාටකං දත්‍වා “නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මෙ කාචි හානි මා හොතූ”ති පත්‍ථනං අකාසි.

නැවත එතැනින් චුතව මේ කල්පයෙහි භාග්‍යවත් කෝණාගමන බුදුරදුන්ගේද, භාග්‍යවත් කස්සප බුදුරදුන්ද දෙදෙනා අතර බරණැස කෙළෙඹි කුලයක උපන්නේ, වැඩිවිය පැමිණ ගෘහවාසයේ වසන්නේ, එක් දවසක් ආරණ්‍යයේ සක්මන්මළුවේ හැසිරුණේය. එසමයේ පසේබුදුවරයකු ගංතෙර සිවුරුකම් කරන්නේ, සිවුරුපටිය ඉවත් කිරීමට සූදානම් වෙමින් සිටියේය. “සිවුරු පටිය නොහොබිණේද, ස්වාමීනි; මෙයින් කරවුයයි උතුරු සළුවද, උපනුපන් ආත්ම භාවය මට කිසියම් හානියක් නොවේවා”යි ප්‍රාර්ථනා කළේය.

ඝරෙපිස‍්ස භගිනියා සද‍්ධිං භරියාය කලහං කරොන‍්තියා පච‍්චෙකබුද‍්ධො පිණ‍්ඩාය පාවිසි. අථස‍්ස භගිනී පච‍්චෙකබුද‍්ධස‍්ස පිණ‍්ඩපාතං දත්‍වා තස‍්ස භරියං සන්‍ධාය – “එවරූපං බාලං යොජනසතෙ පරිවජ‍්ජෙය්‍ය”න‍්ති පත්‍ථනං ඨපෙසි. සා ගෙහඞ‍්ගණෙ ඨිතා සුත්‍වා “ඉමාය දින‍්නභත‍්තං එස මා භුඤ‍්ජතූ”ති පත‍්තං ගහෙත්‍වා භත‍්තං ඡඩ‍්ඩෙත්‍වා කලලස‍්ස පූරෙත්‍වා අදාසි. ඉතරා දිස‍්වා “බාලෙ, මං තාව අක‍්කොස වා පහර වා, එවරූපස‍්ස පන ද‍්වෙ අසඞ‍්ඛ්‍යෙය්‍යානි පූරිතපාරමිස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස පත‍්තතො භත‍්තං ඡඩ‍්ඩෙත්‍වා කලලං දාතුං න යුත‍්ත”න‍්ති ආහ. අථස‍්ස භරියාය පටිසඞ‍්ඛානං උප‍්පජ‍්ජි. සා “තිට‍්ඨථ, භන‍්තෙ”ති කලලං ඡඩ‍්ඩෙත්‍වා පත‍්තං ධොවිත්‍වා ගන්‍ධචුණ‍්ණෙන උබ‍්බට‍්ටෙත්‍වා පණීතභත‍්තස‍්ස චතුමධුරස‍්ස ච පූරෙත්‍වා උපරි ආසිත‍්තෙන පදුමගබ‍්භවණ‍්ණෙන සප‍්පිනා විජ‍්ජොතමානං පත‍්තං පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා “යථා අයං පිණ‍්ඩපාතො ඔභාසජාතො, එවං ඔභාසජාතං මෙ සරීරං හොතූ”ති පත්‍ථනං අකාසි. පච‍්චෙකබුද‍්ධො අනුමොදිත්‍වා ආකාසං පක‍්ඛන්‍දි. තෙපි ද‍්වෙ ජායම‍්පතිකා යාවතායුකං ඨත්‍වා තතො චුතා සග‍්ගෙ නිබ‍්බත‍්තිංසු. පුන තතො චවිත්‍වා උපාසකො කස‍්සපසම‍්මාසම‍්බුද‍්ධකාලෙ බාරාණසියං අසීතිකොටිවිභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්ති, ඉතරාපි තාදිසස‍්සෙව සෙට‍්ඨිනො ධීතා හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස වයප‍්පත‍්තස‍්ස තමෙව සෙට‍්ඨිධීතරං ආනයිංසු. තස‍්සා පුබ‍්බෙ අනිට‍්ඨවිපාකස‍්ස පාපකම‍්මස‍්ස ආනුභාවෙන පතිකුලං පවිට‍්ඨමත‍්තාය උම‍්මාරන‍්තරතො පට‍්ඨාය සකලං ගෙහං උග‍්ඝාටිතවච‍්චකූපො විය දුග‍්ගන්‍ධං ජාතං. කුමාරො “කස‍්සායං ගන්‍ධො”ති පුච‍්ඡිත්‍වා “සෙට‍්ඨිකඤ‍්ඤායා”ති සුත්‍වා “නීහරථ න”න‍්ති තස‍්සායෙව කුලඝරං පෙසෙසි. සා තෙනෙව නීහාරෙන සත‍්තසු ඨානෙසු පටිනිවත‍්ති.

ඔහුගේ ගෙදර නැගණිය සමග බිරිඳ කෝලාහල කරන්නී, පසේබුදුරද පිඬු පිණිස පිවිසි සේක. ඉක්බිති ඔහුගේ නැගණිය පසේ බුදුරදුන්ට පිණ්ඩපාතය දී, ඔහුගේ බිරිඳ සඳහා මෙබඳු ආකාර බාලයන් යොදුන් සියගණනින් දුරුකළ යුතු වන්නේයයි ප්‍රාර්ථනා කළාය. ඇය ගෙදර මිදුලේ සිටියේ, එය අසා, මෑ විසින් දෙන ලද බත නොවළඳවායි, පාත්‍රය ගෙන බත් ඉවත්කොට, මඩ පුරවා දුන්නේය. අනෙකා දැක, “බාල තැනැත්තිය; මට අක්‍රෝෂ කොට හෝ පහරදීම හෝ මෙබඳු ආකාර වැඩ අසංඛ්‍ය දෙකක් පුරණ ලද පාරමී ඇත්තේ පසේබුදු කෙනෙකුගේ පාත්‍රයෙන් බත් ඉවත්කොට මඩ පුරවා දීමට නුසුදුසු” යයි කීවාය. ඉක්බිති ඔහුගේ බිරිඳට කළකිරීමක් ඉපදුණි. ඇය; “ස්වාමීනි, පොඩ්ඩක් සිටින්නැ”යි, මඩ ඉවත්කොට, පාත්‍රය සෝදා, සුවඳ සුණුවලින් පිරිමැද. ප්‍රණීත බතට චතුමධුර පුරවා මත්තෙහි පියුම් ගැබක වර්ණයෙන් යුතුව ඉසින ලද ගිතෙලින් බබළන්නා වූ පාත්‍රය, පසේ බුදුරදුන්ගේ අතේ තබා යම්සේ මේ පිණ්ඩපාතය බබළන්නේ වේද, මෙසේ මගේ ශරීරයද බබළවා’යි ප්‍රාර්ථනා කළාය. පසේ බුදුරදුන් අනුමෝදනාකොට අහසට පැන නැංගේය. ඒ යුවල දිවි ඇතිතෙක් සිට, ඉන් චුතව ස්වර්ගයේ උපන්හ. යළි එතැනින් චුතව, උපාසකව, කස්සප බුදුරදුන්ගේ කාලයේ බරණැස් නුවර අසූකෙළක් ධනසම්පත් ඇති කුලයක උපන්නේය අනෙකාද එබඳු ආකාර සිටුවරයෙකුගේ දියණියක වී උපන්නීය. ඔහු වැඩිවිය පැමිණි කල්හි සිටු දියණියක රැගෙන ආහ. ඇගේ පෙර අනිටු විපාකදායක පාපකර්මයේ ආනුභාවයෙන් පතිකුලයක පිවිසෙන්නාවූ කල, එළිපත්තේ පටන්, මුළුගෙයම උදුරන ලද වැසිකිළියක මෙන් දුගඳක් හටගත්හ. කුමරු “මේ කවර ගඳක් දැයි විචාරා, සිටු කන්‍යාවියකගේ යයි අසා, බැහැර කරවු, ඇය ඇගේ ගෙදරටම බැහැර කරවු! යයි, කුලගෙදරට යැවීය. ඇය එසේ බැහැර කරන්නේ ස්ථාන හතක නතරවූවාය.

තෙන සමයෙන කස‍්සපදසබලො පරිනිබ‍්බායි. තස‍්ස සතසහසග‍්ඝනිකාහි සුවණ‍්ණිට‍්ඨකාහි යොජනුබ‍්බෙධං චෙතියං ආරභිංසු. තස‍්මිං චෙතියෙ කරියමානෙ සා සෙට‍්ඨිධීතා චින‍්තෙසි – “අහං සත‍්තසු ඨානෙසු පටිනිවත‍්තා, කිං මෙ ජීවිතෙනා”ති අත‍්තනො ආභරණභණ‍්ඩං භඤ‍්ජාපෙත්‍වා සුවණ‍්ණිට‍්ඨකං කාරෙසි රතනායතං විදත්‍ථිවිත්‍ථිණ‍්ණං චතුරඞ‍්ගුලුබ‍්බෙධං. තතො හරිතාලමනොසිලාපිණ‍්ඩං ගහෙත්‍වා අට‍්ඨ උප‍්පලපුප‍්ඵහත්‍ථකෙ ආදාය චෙතියකරණට‍්ඨානං ගතා. තස‍්මිඤ‍්ච ඛණෙ එකා ඉට‍්ඨකාපන‍්ති පරික‍්ඛිපිත්‍වා ආගච‍්ඡමානා ඝටනිට‍්ඨකාය ඌනා හොති. සෙට‍්ඨිධීතා වඩ‍්ඪකිං ආහ “ඉමං මෙ ඉට‍්ඨකං එත්‍ථ ඨපෙථා”ති. “අම‍්ම භද‍්දකෙ, කාලෙ ආගතාසි, සයමෙව ඨපෙහී”ති. සා ආරුය‍්හ තෙලෙන හරිතාලමනොසිලාපිණ‍්ඩං යොජෙත්‍වා තෙන බන්‍ධනෙන ඉට‍්ඨකං පතිට‍්ඨපෙත්‍වා උපරි අට‍්ඨහි උප‍්පලපුප‍්ඵහත්‍ථකෙහි පූජං කත්‍වා වන්‍දිත්‍වා “නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ මෙ කායතො චන්‍දනගන්‍ධො වායතු, මුඛතො උප‍්පලගන්‍ධො”ති පත්‍ථනං කත්‍වා චෙතියං වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා ගෙහං අගමාසි.

එසමයේ කස්සප බුදුරදුන් පිරිනිවන්පෑ සේක. ඔහුගේ දහසක් අනර්ඝ වූ රන්වන් වූ යොදුන් අටක් උසවූ දාගැබක් සෑදීමට පටන් ගත්හ. ඒ චෛත්‍යය කරවන කල්හි ඒ සිටු දියණිය සිතුවාය. මම ස්ථාන හතක පෙරළා නැවතී සිට, කිමෙක්ද මගේ මේ ජීවිතය. තමන්ගේ ආභරණාදිය ගලවා දමා රන්වන් අටැස් කොටුවක් කරවූවාය. රියනක් පළල, වියනකුත් අඟල් සතරක් උසවූ එසේම හරිතවර්ණ මනෝහිරියැල් පිඬක් ගෙන පිපුණු උපුල්මල් අටක් අතට ගෙන චෛත්‍යය කරවන ස්ථානයට ගියාය. එකෙණෙහි එක් ගඩොල් උලු වටකොට පැමිණෙන්නාවූ ගැටීම් අඩු කරයි. සිටු දියණිය වඩුවාට කීවාය. මේ මගේ ගඩොල මෙහි තබාවා! දරුව, යහපත් කාලය පැමිණ තිබේ. තෙමේම තබවා ඇය නැග තෙල්වලින් කොල මනෝහිරියල් පිඬට යොදා, ඒ බැම්මෙන් ගඩොල බැඳ, මත්තෙහි උපුල් මල් අටමිටකින් පුදා, වැඳ, උපනුපන් ආත්මභාවයක මගේ ශරීරයෙන් සඳුන් සුවඳ හමාවා! මුඛයෙන් මානෙල් මල්සුවඳ වේවා’යි ප්‍රාර්ථනා කොට දාගැබට වැඳ ප්‍රදක්‍ෂිණා කොට ගෙට ගියාය.

තස‍්මිංයෙව ඛණෙ සා යස‍්ස සෙට‍්ඨිපුත‍්තස‍්ස පඨමං ගෙහං නීතා, තස‍්ස තං ආරබ‍්භ සති උදපාදි. නගරෙපි නක‍්ඛත‍්තං සඞ‍්ඝුට‍්ඨං හොති. සො උපට‍්ඨාකෙ ආහ “ඉධ ආනීතා සෙට‍්ඨිධීතා කුහි”න‍්ති? “කුලගෙහෙ, සාමී”ති. “ආනෙථ නං, නක‍්ඛත‍්තං කීළිස‍්සාමී”ති. තෙ ගන‍්ත්‍වා තං වන්‍දිත්‍වා ඨිතා. “කිං, තාතා, ආගතත්‍ථා”ති තාය පුට‍්ඨා තස‍්සා තං පවත‍්තිං ආචික‍්ඛිංසු. “තාතා, මයා ආභරණභණ‍්ඩෙහි චෙතියං පූජිතං, ආභරණං මෙ නත්‍ථී”ති. තෙ ගන‍්ත්‍වා සෙට‍්ඨිපුත‍්තස‍්ස ආරොචෙසුං. “ආනෙථ නං, පිළන්‍ධනං ලභිස‍්සතී”ති. තෙ තං ආනයිංසු. තස‍්සා සහ ගෙහපවෙසනෙන සකලගෙහං චන්‍දනගන්‍ධො චෙව උප‍්පලගන්‍ධො ච වායි. සෙට‍්ඨිපුත‍්තො තං පුච‍්ඡි – “භද‍්දෙ, තව සරීරතො පඨමං දුග‍්ගන්‍ධො වායි, ඉදානි පන තෙ සරීරතො චන්‍දනගන්‍ධො, මුඛතො උප‍්පලගන්‍ධො වායති, කිමෙත”න‍්ති? සා ආදිතො පට‍්ඨාය අත‍්තනා කතකම‍්මං ආරොචෙසි. සෙට‍්ඨිපුත‍්තො “නිය්‍යානිකං වත බුද‍්ධසාසන”න‍්ති පසීදිත්‍වා යොජනිකං සුවණ‍්ණචෙතියං කම‍්බලකඤ‍්චුකෙන පටිච‍්ඡාදෙත්‍වා තත්‍ථ තත්‍ථ රථචක‍්කපමාණෙහි සුවණ‍්ණපදුමෙහි අලඞ‍්කරි. තෙසං ද‍්වාදසහත්‍ථා ඔලම‍්බකා හොන‍්ති.

එකෙණෙහි, යස කුලපුත්‍රයන්ගේ පළමු පළමු ගෙදරට එළඹියාය. ඔහුට එය අරබයා සිහිය පහළ විය. නගරයේද නැකැත්කෙළි හටගත්තේ වෙයි. ඔහු උපස්ථායකට කීවේය. “එදා මෙහි රැගෙන ආවා වූ කුලදුවණිය කොහිද?” “ස්වාමීනි, කුල ගෙදරයි.” “ඇය රැගෙන එවු. නැකැත් ක්‍රීඩාව කරන්නෙමි.” ඔවුහු ගොස්, ඇයට වැඳ, “දියණියනි; දරුවා කුමක් නිසා ආවේද?” ඇගෙන් විචාරණ ලදුව, ඇයට ඒ පුවත කීවාහුය “පියාණනි, මා විසින් ආභරණ භාණ්ඩවලින් චෛත්‍යය පුදන ලදි. මට ආභරණ නැත. ඔවුහු ගොස්, සිටුපුත්‍රයාට දැන්වූහ. ඇය රැගෙන එවු. පළඳනා ලැබෙන්නේ යයි ඔවුහු ඇය රැගෙන ආහ. ඇය ගෙට පිවිසෙන කල්හි මුළු ගෙදරම සඳුන් සුවඳද, මානෙල් සුවඳද හැමුවාය. සිටුපුත්‍රයා ඇගෙන් විචාළේය. සොඳුර, ඔබගේ ශරීරයෙන් පළමුව, දුර්ගන්ධය හැමුවාය. දැන් ඔබේ සිරුරින් සඳුන් සුවඳද මුඛයෙන් මානෙල් සුවඳද හමයි. මේ කුමක් නිසාද? ඇය මුල පටන් තමන් විසින් කරන ලද කර්මය දැනුම් දුන්නාය. සිටු පුත්‍රයා, බුද්ධ ශාසනය ‘වෙනස් නොවේ යයි පැහැදී, යොදුනක් ප්‍රමාණයේ රන් දාගැබක්, කම්බිලි සැට්ටයකින් වසා, ඒ ඒ තැන රථචක්‍රයක ප්‍රමාණයේ රන් පියුම්වලින් අලංකාර කළෝය. ඒවා දොළොස් අතකින් එල්ලී සිටී.

සො තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චුතො සග‍්ගෙ නිබ‍්බත‍්තිත්‍වා, පුන තතො චවිත්‍වා බාරාණසිතො යොජනමත‍්තෙ ඨානෙ අඤ‍්ඤතරස‍්මිං අමච‍්චකුලෙ නිබ‍්බත‍්ති. භරියා පනස‍්ස දෙවලොකතො චවිත්‍වා රාජකුලෙ ජෙට‍්ඨරාජධීතා හුත්‍වා නිබ‍්බත‍්ති. තෙසු වයප‍්පත‍්තෙසු කුමාරස‍්ස වසනගාමෙ නක‍්ඛත‍්තං සඞ‍්ඝුට‍්ඨං. සො මාතරං ආහ – “අම‍්ම, සාටකං මෙ දෙහි, නක‍්ඛත‍්තං කීළිස‍්සාමී”ති. සා ධොතවත්‍ථං නීහරිත්‍වා අදාසි. “අම‍්ම, ථූලමිද”න‍්ති ආහ. සා අඤ‍්ඤං නීහරිත්‍වා අදාසි. සො තම‍්පි පටික‍්ඛිපි. අථ නං මාතා ආහ – “තාත, යාදිසෙ ගෙහෙ මයං ජාතා, නත්‍ථි නො ඉතො සුඛුමතරස‍්ස පටිලාභාය පුඤ‍්ඤ”න‍්ති. “තෙන හි ලභනට‍්ඨානං ගච‍්ඡාමි, අම‍්මා”ති. “පුත‍්ත, අහං අජ‍්ජෙව තුය‍්හං බාරාණසිනගරරජ‍්ජපටිලාභං ඉච‍්ඡාමී”ති. සො මාතරං වන්‍දිත්‍වා “ගච‍්ඡාමි, අම‍්මා”ති. “ගච‍්ඡ, තාතා”ති. සො පන පුඤ‍්ඤනියාමෙන නික‍්ඛමිත්‍වා බාරාණසිං ගන‍්ත්‍වා උය්‍යානෙ මඞ‍්ගලසිලාපට‍්ටෙ සසීසං පාරුපිත්‍වා නිපජ‍්ජි. සො ච බාරාණසිරඤ‍්ඤො කාලඞ‍්කතස‍්ස සත‍්තමො දිවසො හොති.

ඔහු එහි ආයුෂ ඇති පරිදි සිට එතැනින් චුතව දෙව්ලොව උපදී, නැවත, එතැනින් චුතව දෙව්ලොව උපදී, නැවත, එතැනින් චුතව බරණැසින් යොදුනක් පමණ තැන එක්තරා ඇමති කුලයක උපන්නේය. ඔහුගේ බිරිඳ ද දෙව්ලොවින් චුතව රාජකුලයේ ජ්‍යෙෂ්ඨ රාජ දියණියක වී උපන්නීය. ඔවුන් වැඩිවිය පැමිණි කල්හි, කුමරු වසන ගම නැකැත් කෙළිය හටගත්තේය. ඔහු මවට කීවේය; “මෑණියනි, මට සළුවක් දෙන්න. නැකැත්කෙළිය කරන්නෙමි. ඇය සෝදන ලද වස්ත්‍රයක් ගෙනවුත් දුන්නේය. ‘මෑණියනි, මෙය ඉතා කුඩාය කීවාය. ඇය අනෙකක් ගෙනවුත් දුන්නේය. ඔහු එයද ප්‍රතික්‍ෂෙප කළේය. ඉක්බිති හේ මවට කීවාය. පියාණනි, ගෙදර තිබුණු දෙයක් මා විසින් දෙන ලදි. අපට මෙය සියුමැලි වූ පුණ්‍ය ප්‍රතිලාභයකි. එබැවින් එය ලැබෙන තැනකට යමි මෑණියනි යයි කීවේය. පුත්‍රය; මම අද ඔබව බරණැස් නගරයේ රාජ්‍ය ප්‍රතිලාභය කැමති වෙමි ඔහු මවට වැඳ මෑණියනි; යමි; කීවේය. “දරුව යව, ඔහු පුණ්‍ය මහිමයෙන් නික්ම බරණැසට ගොස් උයනේ මඟුල් ගල්තලාවේ හිස සහිතව පොරවාගෙන හොත්තේය.

අමච‍්චා රඤ‍්ඤො සරීරකිච‍්චං කත්‍වා රාජඞ‍්ගණෙ නිසීදිත්‍වා මන‍්තයිංසු – “රඤ‍්ඤො එකා ධීතාව අත්‍ථි, පුත‍්තො නත්‍ථි, අරාජකං රජ‍්ජං නස‍්සිස‍්සති, කො රාජා භවිතුං අරහතී”ති? “ත්‍වං හොහි, ත්‍වං හොහී”ති. පුරොහිතො ආහ – “බහුං ඔලොකෙතුං න වට‍්ටති, ඵුස‍්සරථං විස‍්සජ‍්ජෙස‍්සාමා”ති. තෙ කුමුදවණ‍්ණෙ චත‍්තාරො සින්‍ධවෙ යොජෙත්‍වා පඤ‍්චවිධරාජකකුධභණ‍්ඩං සෙතච‍්ඡත‍්තඤ‍්ච තස‍්මිං ඨපෙත්‍වා රථං විස‍්සජ‍්ජෙත්‍වා පච‍්ඡතො තූරියානි පග‍්ගණ‍්හාපෙසුං. රථො පාචීනද‍්වාරෙන නික‍්ඛමිත්‍වා උය්‍යානාභිමුඛො අගමාසි. “පරිචයෙන උය්‍යානාභිමුඛො ගච‍්ඡති, නිවත‍්තෙමා”ති කෙචි ආහංසු. පුරොහිතො “මා නිවත‍්තයිත්‍ථා”ති ආහ. රථො ගන‍්ත්‍වා කුමාරං පදක‍්ඛිණං කත්‍වා ආරුහනසජ‍්ජො හුත්‍වා අට‍්ඨාසි. පුරොහිතො පාරුපනකණ‍්ණං අපනෙත්‍වා පාදතලානි ඔලොකෙන‍්තො “තිට‍්ඨතු අයං දීපො, ද‍්විසහස‍්සපරිත‍්තදීපවාරෙසු චතූසු මහාදීපෙසු එස රජ‍්ජං කාරෙතුං යුත‍්තො”ති වත්‍වා “තූරියානි පග‍්ගණ‍්හථා”ති තික‍්ඛත‍්තුං තූරියානි පග‍්ගණ‍්හාපෙති.

ඒ බරණැස් රජුගේ කළුරිය කිරීමෙන් සත්වෙනි දිනය වෙයි. ‘ඇමතියෝ රජුගේ ශරීර කටයුතු කොට, රජ මිදුලේ රැස්වී සාකච්ඡා කළහ. රජුගේ එකම දියණියක ඇත. පුතකු නැත. ආරාජික රාජ්‍යය නැසෙන්නේය. කවරකු රජ වීමට සුදුසුද, නුඹ වෙන්න. ඔබ රජ වෙන්නැයි, පුරෝහිතයා කීවේය. ‘බොහෝ දෙයක් බැලීමට නොවටී. මංගල රථය සරසවන්නෙමු. ඔවුහු කුමුදුවර්ණ වූ සතර සෛන්ධවයන් යොදවා පස්වැදෑරුම් රාජ කකුධ භාණ්ඩද, සුදු කුඩයක්ද එහි තබා, රථය සකසවා, පසුව තූර්යවාදක වාදනය කළහ. රථය නැගෙනහිර දොරටුවෙන්න නික්ම උයනට අභිමුඛව ගියේය. එය නවත්වමුයි කිසිවකු කීහ. පුරෝහිතයා එය නොනවත්වවු! යයි කීවේය. රථය ගොස් කුමරු ප්‍රදක්‍ෂිණා කොට අලංකාරව නැගී සිටියේය. පුරෝහිතයාද පොරවන ලද කණ ඉවත්කොට පාද තලය බලමින් මේ දිවයින පවතීවා! දෙදහසක් පිරිවර දිවයින්ද සතර මහද්වීපවලද මෙතම රාජ්‍යය කරවීමට සුදුසුයයි පවසා, තූර්යානද කරවු යයි, තුන්වරක් තූර්යනාද කරවූහ.

අථ කුමාරො මුඛං විවරිත්‍වා ඔලොකෙන‍්තො “කෙන කම‍්මෙන ආගතත්‍ථා”ති ආහ. “දෙව, තුම‍්හාකං රජ‍්ජං පාපුණාතී”ති. “රාජා වො කහ”න‍්ති? “දෙවත‍්තං ගතො, සාමී”ති. “කති දිවසා අතික‍්කන‍්තා”ති ? “අජ‍්ජ සත‍්තමො දිවසො”ති. “පුත‍්තො වා ධීතා වා නත්‍ථී”ති? “ධීතා අත්‍ථි, දෙව, පුත‍්තො නත්‍ථී”ති. “තෙන හි කරිස‍්සාමි රජ‍්ජ”න‍්ති. තෙ තාවදෙව අභිසෙකමණ‍්ඩපං කාරෙත්‍වා රාජධීතරං සබ‍්බාලඞ‍්කාරෙහි අලඞ‍්කරිත්‍වා උය්‍යානං ආනෙත්‍වා කුමාරස‍්ස අභිසෙකං අකංසු. අථස‍්ස කතාභිසෙකස‍්ස සතසහස‍්සග‍්ඝනකං වත්‍ථං උපනයිංසු. සො “කිමිදං, තාතා”ති ආහ. “නිවාසනවත්‍ථං, දෙවා”ති. “නනු, තාතා, ථූල”න‍්ති? “මනුස‍්සපරිභොගවත්‍ථෙසු ඉතො මුදුතරං නත්‍ථි, දෙවා”ති. “තුම‍්හාකං රාජා එවරූපං නිවාසෙසී”ති? “ආම, දෙවා”ති. “න මඤ‍්ඤෙ පුඤ‍්ඤවා තුම‍්හාකං රාජා”ති “සුවණ‍්ණභිඞ‍්ගාරං ආහරථ, ලභිස‍්සාමි වත්‍ථ”න‍්ති සුවණ‍්ණභිඞ‍්ගාරං ආහරාපෙත්‍වා උට‍්ඨාය හත්‍ථෙ ධොවිත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා හත්‍ථෙන උදකං ගහෙත්‍වා පුරත්‍ථිමදිසායං අබ‍්භුක‍්කිරි. ඝනපථවිං භින්‍දිත්‍වා අට‍්ඨ කප‍්පරුක‍්ඛා උට‍්ඨහිංසු. පුන උදකං ගහෙත්‍වා දක‍්ඛිණපච‍්ඡිමඋත‍්තරදිසායන‍්ති එවං චතූසු දිසාසු අබ‍්භුක‍්කිරි. සබ‍්බදිසාසු අට‍්ඨඅට‍්ඨකං කත්‍වා ද‍්වත‍්තිංස කප‍්පරුක‍්ඛා උට‍්ඨහිංසු. සො එකං දිබ‍්බදුස‍්සං නිවාසෙත්‍වා එකං පාරුපිත්‍වා “නන්‍දරඤ‍්ඤො විජිතෙ සුත‍්තකන‍්තිකා ඉත්‍ථියො ‘මා සුත‍්තං කන‍්තිංසූ’ති එවං භෙරිං චරාපෙථා”ති වත්‍වා ඡත‍්තං උස‍්සාපෙත්‍වා අලඞ‍්කතපටියත‍්තො හත්‍ථික‍්ඛන්‍ධවරගතො නගරං පවිසිත්‍වා පාසාදං අභිරුය‍්හ මහාසම‍්පත‍්තිං අනුභවි.

ඉක්බිති කුමරු මුව විවර කොට බලන්නේ, “කවර කර්මයකින් මෙහි ආවේදැ”යි කීවේය. “දේවයනි; ඔබගේ රාජ්‍යයට පැමිණියේ” යයි, රජු තොප කොහේද? ස්වාමීනි, දේව ආත්මයක දින කීපයක් ඉක්මවත්ද අද සත්වෙනි දිනයයි. පුතෙකු හෝ දුවණියක නැද්ද? දේවයන් වහන්ස දියණියක ඇත. පුතකු නැත. එසේ වීනම් රාජ්‍යය කරන්නෙමි. ඔවුහු එකෙණෙහි, අභිෂේක මණ්ඩපයේම කරවා, රාජ දියණිය සියලු අලංකාරවලින් අලංකාරකොට උයනට රැගෙන ගොස්, කුමරුගේ අභිෂේකය කළහ. ඉක්බිති ඔහුගේ කරන ලද අභිෂේකය ඇත්තේ ලක්‍ෂයක් අගනා වස්ත්‍රයක් පිරිනැමූහ. ඔහු මේ කිමෙක්ද පියාණනි කීවේය. දේවයන් වහන්ස; පොරවන වස්ත්‍රයකි. පියාණනි; මහත් නොවේද? මිනිසුන් පරිභෝග කරන වස්තුවල මීට වඩා සියුම් බවක් නැත රජතුමනි, නුඹලා පින් කැමැත්තෝ නොසිතයි. රත්රන් කෙණ්ඩිය රැගෙන එව්. වස්ත්‍රයක් ලබන්නෙමි. රත්රන් කෙණ්ඩිය ගෙන්වාගෙන නැගී සිටි අත් සෝදා මුඛ පිරිසිදුකොට අතින් ජලය ගෙන පෙරදිග දිශාවට වත්කළේය. ඝන පොළොව බිඳී කල්ප වෘක්‍ෂ අටක් පැන නැංගාහ. නැවත ජලය ගෙන දකුණු, උතුරු නැගෙනහිර දිශාවන්හි මෙසේ සතර දිශාවල වත්කළේය. ඔහු එක් දිව්‍ය වස්ත්‍රයක් හැඳ එකක් පොරවා නන්දිය රජුගේ රාජ්‍යයෙහි නූල් කටින්නාවූ එම ස්ත්‍රීහු නූල් නොකටීවුමාවායි, මෙසේ බෙරහඬ නංවාලුවායි පවසා කොඩියක් ඔසවා අලංකාරයෝ කරන ලද ඇතුන් පිරිවරන ලද්දේ, නගරයට පිවිස ප්‍රාසාදයට නැග මහත් සම්පත් අනුභව කළෝය.

එවං ගච‍්ඡන‍්තෙ කාලෙ දෙවී රඤ‍්ඤො සම‍්පත‍්තිං දිස‍්වා “අහො වත තපස‍්සී”ති කාරුඤ‍්ඤාකාරං දස‍්සෙසි. “කිමිදං, දෙවී”ති පුට‍්ඨා “අතිමහතී, දෙව, තෙ සම‍්පත‍්ති, අතීතෙ බුද‍්ධානං සද‍්දහිත්‍වා කතකල්‍යාණස‍්ස ඵලං, ඉදානි අනාගතස‍්ස පච‍්චයං පුඤ‍්ඤං න කරොථා”ති ආහ. කස‍්ස දස‍්සාම, සීලවන‍්තො නත්‍ථීති. “අසුඤ‍්ඤො, දෙව, ජම‍්බුදීපො අරහන‍්තෙහි; තුම‍්හෙ, දෙව, දානං සජ‍්ජෙථ, අහං අරහන‍්තෙ ලච‍්ඡාමී”ති ආහ. පුනදිවසෙ රාජා පාචීනද‍්වාරෙ දානං සජ‍්ජාපෙසි. දෙවී පාතොව උපොසථඞ‍්ගානි අධිට‍්ඨාය උපරිපාසාදෙ පුරත්‍ථාභිමුඛා උරෙන නිපජ‍්ජිත්‍වා “සචෙ එතිස‍්සාය දිසාය අරහන‍්තො අත්‍ථි, ස‍්වෙ ආගන‍්ත්‍වා අම‍්හාකං භික‍්ඛං ගණ‍්හන‍්තූ”ති ආහ. තස‍්සං දිසායං අරහන‍්තො නාහෙසුං, තං සක‍්කාරං කපණයාචකානං අදංසු.

මෙසේ කාලය ගෙවීයන්නේ දේවිය, රජුගේ සම්පත් දැක, ‘අහෝ ඒකාන්තයෙන් තපස් ඇත්තිය’ යයි කරුණාවන්ත බව දැක්වීය. දේවිය මේ කිමෙක්දැයි විචාරන ලදුව දේවයන් වහන්ස ඔබගේ සම්පත් ඉතාම මහත්ය. අනිත් බුදුවරුන් අදහා කරන ලද යහපත් ඵල ඇත්තේ දැන් අනාගතය උදෙසා පින් නොකරවු’දැයි කීවේය. කවරෙකුට පෙන්වන්නෙමුද? සිල්වත්හු නොමැත දේවයන් වහන්ස, ජම්බුද්වීපය රහතුන් කෙරෙහි ශූන්‍යයි. දේවයන් වහන්ස, නුඹලා දාන පිළියෙල කරවු. මම රහතුන් ලබමියි කීවේය. දෙවන දිනයේ රජතුමා නැගෙනහිර දොරටුවේ දානයක් පිළියෙල කරවීය. දේවිය උදෑසනින්ම උපෝසථ සීලය අධිෂ්ඨානකොට ප්‍රාසාද මතුයෙහි, ඉදිරියට මුහුණලා උරහිසින් හොවා, ‘ඉදින් මේ දිශාවේ රහතුන් ඇත්ද? හෙට පැමිණි අපගේ භික්‍ෂාව පිළිගනීවා! යනුවෙන් කීවේය. ඒ දිශාවේ රහතුන් නොවූහ. යාචකයන්ට සත්කාර කළහ.

පුනදිවසෙ දක‍්ඛිණද‍්වාරෙ සජ‍්ජෙත්‍වා තථෙව දක‍්ඛිණෙය්‍යං නාලත්‍ථ, පුනදිවසෙපි පච‍්ඡිමද‍්වාරෙ තථෙව. උත‍්තරද‍්වාරෙ සජ‍්ජිතදිවසෙන පන දෙවියා තථෙව නිමන‍්තෙන‍්තියා හිමවන‍්තෙ වසන‍්තානං පදුමවතියා පුත‍්තානං පඤ‍්චසතානං පච‍්චෙකබුද‍්ධානං ජෙට‍්ඨකො මහාපදුමපච‍්චෙකබුද‍්ධො භාතිකෙ ආමන‍්තෙසි – “මාරිසා, නන්‍දරාජා තුම‍්හෙ නිමන‍්තෙති, අධිවාසෙථ තස‍්සා”ති. තෙ අධිවාසෙත්‍වා පුනදිවසෙ අනොතත‍්තදහෙ මුඛං ධොවිත්‍වා ආකාසෙනාගන‍්ත්‍වා උත‍්තරද‍්වාරෙ ඔතරිංසු. මනුස‍්සා දිස‍්වා ගන‍්ත්‍වා “පඤ‍්චසතා, දෙව, පච‍්චෙකබුද‍්ධා ආගතා”ති රඤ‍්ඤො ආරොචෙසුං. රාජා සද‍්ධිං දෙවියා ගන‍්ත්‍වා වන්‍දිත්‍වා පච‍්චෙකබුද‍්ධෙ පාසාදං ආරොපෙත්‍වා තත්‍ර නෙසං දානං දත්‍වා භත‍්තකිච‍්චාවසානෙ රාජා සඞ‍්ඝත්‍ථෙරස‍්ස, දෙවී සඞ‍්ඝනවකස‍්ස පාදමූලෙ නිපතිත්‍වා “අය්‍යා, භන‍්තෙ, පච‍්චයෙහි න කිලමිස‍්සන‍්ති, මයඤ‍්ච පුඤ‍්ඤෙන න පරිහායිස‍්සාමී, අම‍්හාකං යාවජීවං ඉධ නිවාසාය පටිඤ‍්ඤං දෙථා”ති පටිඤ‍්ඤං කාරෙත්‍වා උය්‍යානෙ පඤ‍්ච පණ‍්ණසාලාසතානි, පඤ‍්ච චඞ‍්කමනසතානීති සබ‍්බාකාරෙන නිවාසනට‍්ඨානානි සම‍්පාදෙත්‍වා තත්‍ථ වසාපෙසුං.

දෙවැනි දිනයේ දක්‍ෂිණ දොරටුවේ සරසා එසේම දක්‍ෂිණාව නොලැබූහ. ඊළඟ දිනයේද එසේම විය. උතුරු දොරටුවේ පිළියෙල කළ දිනයේ දේවිය විසින් එසේම ඇරයුම් කොට හිමාලයෙන් වාසය කරන පදුමවතී ගේ පුත්‍රයන් වූ පන්සියයක් පසේ බුදුවරුන්ට ජ්‍යෙෂ්ඨ වූ මහාපදුම පසේබුදුරද සොයුරන්ට ආමන්ත්‍රණය කළහ. නිදුකාණනි, නන්දිය රජ ඔබට ආමන්ත්‍රණය කරයි. ඔහුගේ දානය ඉවසමු. ඔවුහු ඉවසා අනෝතප්ත විලෙන් මුව සෝදා අහසින් ගොස් උතුරු දොරටුවට බැස්සාහ. මිනිස්සු දැක ගොස් දේවයන් වහන්ස; පන්සියයක් පසේ බුදුවරු පැමිණියාහ යයි රජුට දැන්වූහ. රජු සමග දේවිය ගොස් වැඳ, පසේ බුදුවරුන් ප්‍රාසාදයට නංවා, එහි ඔවුන්ට දන් දී කරන ලද බත් කිස අවසානයේ රජු සංඝ තෙරුන්ගේද, දේවිය සංඝ නවකයන්ගේද පා මුල වැටී, ‘ස්වාමීනි, ආර්යයනි; ප්‍රත්‍යවලින් ක්ලාන්ත නොවන්නාහ. අපිද පිනෙන් නොපිරිහෙන්නෙමු. අපට දිවි ඇතිතෙක්, මෙහි වාසය පිණිස ප්‍රතිඥා දෙව’ යයි ප්‍රතිඥා කරවා, උයනේ පන්සියයක් පන්සල් පන්සියයක් සක්මළුද, සියලු ආකාරයෙන් වාසය කරන ස්ථාන සපයා, එහි වාසය කළහ.

එවං කාලෙ ගච‍්ඡන‍්තෙ රඤ‍්ඤො පච‍්චන‍්තෙ කුපිතෙ රාජා “අහං පච‍්චන‍්තං වූපසමෙතුං ගච‍්ඡාමි, ත්‍වං පච‍්චෙකබුද‍්ධෙසු මා පමජ‍්ජා”ති දෙවිං ඔවදිත්‍වා ගතො. තස‍්මිං අනාගතෙයෙව පච‍්චෙකබුද‍්ධානං ආයුසඞ‍්ඛාරා ඛීණා. මහාපදුමපච‍්චෙකබුද‍්ධො තියාමරත‍්තිං ඣානකීළං කීළිත්‍වා අරුණුග‍්ගමනසමයෙ ආලම‍්බනඵලකං ආලම‍්බිත්‍වා ඨිතකොව අනුපාදිසෙසාය නිබ‍්බානධාතුයා පරිනිබ‍්බායි. එතෙනුපායෙන සෙසාපීති සබ‍්බෙව පරිනිබ‍්බුතා. පුනදිවසෙ දෙවී පච‍්චෙකබුද‍්ධානං නිසීදනට‍්ඨානානි සජ‍්ජෙත්‍වා පුප‍්ඵානි විකිරිත්‍වා ධූපං වාසෙත්‍වා තෙසං ආගමනං ඔලොකෙන‍්තී නිසින‍්නා ආගමනං අදිස‍්වා පුරිසෙ පෙසෙසි – “ගච‍්ඡථ, තාතා, ජානාථ කිං අය්‍යානං අඵාසුක”න‍්ති? තෙ ගන‍්ත්‍වා මහාපදුමස‍්ස පණ‍්ණසාලාය ද‍්වාරං විවරිත්‍වා තත්‍ථ තං අපස‍්සන‍්තා චඞ‍්කමනං ගන‍්ත්‍වා ආලම‍්බනඵලකං නිස‍්සාය ඨිතං දිස‍්වා වන්‍දිත්‍වා “කාලො, භන‍්තෙ”ති ආහංසු. පරිනිබ‍්බුතසරීරං කිං කථෙස‍්සති, තෙ “නිද‍්දායති මඤ‍්ඤෙ”ති වත්‍වා පිට‍්ඨිපාදෙ හත්‍ථෙන පරාමසිත්‍වා පාදානං සීතලතාය චෙව ථද‍්ධතාය ච පරිනිබ‍්බුතභාවං ඤත්‍වා දුතියස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා තථෙව ඤත්‍වා පුන තතියස‍්සාති එවං සබ‍්බෙපි පරිනිබ‍්බුතභාවං ඤත්‍වා රාජකුලං ආගමිංසු. “කහං, තාතා, පච‍්චෙකබුද‍්ධා”ති පුට‍්ඨා “පරිනිබ‍්බුතා, දෙවී”ති ආහංසු. දෙවී කන්‍දන‍්තී රොදන‍්තී නික‍්ඛමිත්‍වා නාගරෙහි සද‍්ධිං තත්‍ථ ගන‍්ත්‍වා සාධුකීළිතං කාරෙත්‍වා පච‍්චෙකබුද‍්ධානං සරීරකිච‍්චං කාරෙත්‍වා ධාතුයො ගාහාපෙත්‍වා චෙතියං පතිට‍්ඨාපෙසි.

මෙසේ කාලය ඉක්මවායන කල්හි, රජුගේ අතවැසියා කිපුණෝය. රජ ‘මට’ අන්තේවාසිකයා සංසිඳවීමට යමි’ නුඹ පසේ බුදුවරුන් විෂයෙහි අප්‍රමාද වවු යයි දේවියට අවවාද දී ගියේය. ඔහු නොපැමිණි කල්හි, පසේ බුදුවරුන්ගේ ආයුසංස්කාර ක්‍ෂය වී මහාපදුම පසේ බුදුරද, තුන්යම් රාත්‍රියක් අවදි වී සිටියේම අනුපාදිශේෂ නිර්වාණධාතූන් පිරිනිවන් පෑ සේක. මේ අයුරින් සෙසු සියල්ලෝම පිරිනිවන් පෑහ. ඊළඟ දිනයේ දේවිය, පසේ බුදුවරුන් වැඩ හිඳිනා තැන සරසවා මල් විසුරුවා, දුම්ගෙයි වාසය කොට, ඔවුන්ගේ පැමිණීම බලමින් හුන්නේ එන බව දැක, මිනිසුන් යැවීය. ‘දරුවනි, යවු! දැනගෙන එවු, ආර්යයන්ට කුමන අපහසුවක්ද යනවග. ඔවුහු ගොස් මහාපදුම පසේ බුදුරදගේ පන්සලේ දොරටුව විවෘතකොට එහි උන්වහන්සේ නොදකින්නේ, සක්මනට ගොස් එල්ලෙන පුවරුව ඇසුරුකොට හිඳිනා බව දැක වැඳ, ‘ස්වාමීනි කාලය’ යයි කීහ. පිරිනිවන් පෑ ශරීරය කුමක් කථාකරන්නේද, ඔවුහු “නිදාගෙන ඇතැයි පවසා, පිටිපතුල අතින් පිරිමැද පාදයන්ගේ ශීතල බව දැන, ‘තදබවද දැන පිරිනිවන් පෑ බව දැන, රජගෙදරට ගියහ. “දරුවනි, පසේ බුදුවරු කොහේද ‘විචාරණ ලදුව දේවියනි; පිරිනිවන්පෑහ”යි කීවාහුය. දේවිය අඬන්නී, වැලපෙන්නී නික්ම ගොස්, නාගරිකයන් සමග එහි ගොස් යහපත් කිළියක් කරවා පසේබුදුවරුන්ගේ ආදාහන කටයුතුකොට, ධාතු ගෙන්වාගෙන චෛත්‍යයක් පිහිටුවීය.

රාජා පච‍්චන‍්තං වූපසමෙත්‍වා ආගතො පච‍්චුග‍්ගමනං ආගතං දෙවිං පුච‍්ඡි – “කිං, භද‍්දෙ, ත්‍වං පච‍්චෙකබුද‍්ධෙසු න පමජ‍්ජසි, නිරොගා ච අය්‍යා”ති? “පරිනිබ‍්බුතා, දෙවා”ති. තං සුත්‍වා රාජා චින‍්තෙසි – “එවරූපානම‍්පි පණ‍්ඩිතානං මරණං උප‍්පජ‍්ජති, අම‍්හාකං කුතො මොක‍්ඛා”ති? සො නගරං අපවිසිත්‍වා උය්‍යානමෙව ගන‍්ත්‍වා ජෙට‍්ඨපුත‍්තං පක‍්කොසාපෙත්‍වා තස‍්ස රජ‍්ජං නිය්‍යාතෙත්‍වා සයං සමණපබ‍්බජ‍්ජං පබ‍්බජි. දෙවීපි “රඤ‍්ඤෙ පබ‍්බජිතෙ අහං කිං කරිස‍්සාමී”ති තථෙව උය්‍යානෙ පබ‍්බජි. ද‍්වෙපි ඣානං භාවෙත්‍වා තතො චුතා බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්තිංසු.

රජු අතවැසියා සංසිඳවා පැමිණියේ, පෙරගමන් ආවාවූ, දේවියගෙන් විචාළේය. සොඳුර; කුමක්ද? නුඹ පසේ බුදුවරුන් විෂයෙහි ප්‍රමාද වූයෙහිද? “ආර්යයන් වහන්සේලා නිරෝගීද? දේවයන් වහන්ස පිරිනිවන්පෑහ. ඒ අසා රජු සිතුවේය. මෙබඳු ආකාර පණ්ඩිතයන්ටද මරණය උපදියි. අපට කවර මෝක්‍ෂයක්ද? ඔහු නගරයට නොපිවිස උයනටම ගොස් ජ්‍යෙෂ්ඨ පුත්‍රයා කැඳවා ඔහුට රාජ්‍යය පිළියෙලකොට දී, තෙමේ ශ්‍රමණ ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි විය. දේවියද, රජු පැවිදි වූ කල්හි මා කුමක් කරන්නෙම්ද? එසේම උයනට ගොස් පැවිදි වූවාය. දෙදෙනාම ධ්‍යාන වඩා ඉන් චුතව බ්‍රහ්මලෝකයේ උපන්නාහ.

තෙසු තත්‍ථෙව වසන‍්තෙසු අම‍්හාකං සත්‍ථා ලොකෙ උප‍්පජ‍්ජිත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කො අනුපුබ‍්බෙන රාජගහං පාපුණි. සත්‍ථරි තත්‍ථ පටිවසන‍්තෙ අයං පිප‍්පලිමාණවො මගධරට‍්ඨෙ මහාතිත්‍ථබ්‍රාහ‍්මණගාමෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස භරියාය කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තො. අයං භද‍්දකාපිලානී මද‍්දරට‍්ඨෙ සාගලනගරෙ කොසියගොත‍්තබ්‍රාහ‍්මණස‍්ස භරියාය කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තා. තෙසං අනුක‍්කමෙන වඩ‍්ඪමානානං පිප‍්පලිමාණවස‍්ස වීසතිමෙ, භද‍්දාය සොළසමෙ වයෙ සම‍්පත‍්තෙ මාතාපිතරො පුත‍්තං ඔලොකෙත්‍වා “තාත, ත්‍වං වයප‍්පත‍්තො, කුලවංසං පතිට‍්ඨපෙතුං යුත‍්තො”ති අතිවිය නිප‍්පීළියිංසු. මාණවො ආහ – “මය‍්හං සොතපථෙ එවරූපං කථං මා කථයිත්‍ථ, අහං යාව තුම‍්හෙ ධරථ, තාව පටිජග‍්ගිස‍්සාමි, තුම‍්හාකං අච‍්චයෙන නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමී”ති. තෙ කතිපාහං අතික‍්කමිත්‍වා පුන කථයිංසු. සොපි පුන පටික‍්ඛිපි. තතො පට‍්ඨාය මාතා නිරන‍්තරං කථෙතියෙව.

ඔවුහු එහි වාසය කරන කල්හි, අපගේ ශාස්තෲන් වහන්සේ ලොව ඉපිද, පවත්වන ලද උතුම් ධර්ම චක්‍රය ඇත්තේ අනුපිළිවෙලින් රජගහ නුවරට පිවිසි සේක. ශාස්තෲන් වහන්සේ එහි වාසය කරන කල්හි, මේ පිප්ඵලී මානවකයා මගධ රටේ මහාතිත්‍ථ බමුණුගම කපිල බ්‍රාහ්මණයාගේ බිරිඳගේ කුසෙහි උපන්නේය. මේ බිරිඳ කාපිලානි මද්ද රටේ සාගල නුවර කෝසියගොත්ත බ්‍රාහ්මණයාගේ බිරිඳගේ කුසෙහි උපන්නීය. ඔවුන් අනුපිළිවෙලින් වැඩෙනු ලබන්නේ, පිප්ඵලි මානවකයාට අවුරුදු විස්සේදී ද භද්‍රාවට සොළොස් වියේදී ද සපැමිණි කල්හි මව්පියෝ පුතු බලා, “දරුව නුඹ වැඩිමහලු වූයේ කුලවංශයේ පිහිටුවීම සුදුසු යයි, අතිශයින් නොපෙළවුද, මානවකයා කීවේය, “මගේ කණට ඇසෙන සේ මෙබඳු ආකාර කථා නොපවසවු” මම නුඹලාව දරන තාක් පෝෂණය කරන්නෙමි. නුඹලාට පසුව නික්ම පැවිදිවන්නෙමි” යනුවෙනි. ඔවුහු කීපදිනක් ඉක්ම ගොස් නැවත කීහ. ඔහුද යළිත් ප්‍රතික්ෂේප කළේය.

මාණවො “මාතරං සඤ‍්ඤාපෙස‍්සාමී”ති රත‍්තසුවණ‍්ණස‍්ස නික‍්ඛසහස‍්සං දත්‍වා සුවණ‍්ණකාරෙහි ඉත්‍ථිරූපකං කාරෙත්‍වා තස‍්ස මජ‍්ජනඝට‍්ටනාදිකම‍්මපරියොසානෙ තං රත‍්තවත්‍ථං නිවාසෙත්‍වා සුවණ‍්ණසම‍්පන‍්නෙහි පුප‍්ඵෙහි චෙව නානාලඞ‍්කාරෙහි ච අලඞ‍්කාරාපෙත්‍වා “අම‍්ම, එවරූපං ආරම‍්මණං ලභන‍්තො ගෙහෙ වසිස‍්සාමි, අලභන‍්තො න වසිස‍්සාමී”ති. පණ‍්ඩිතා බ්‍රාහ‍්මණී චින‍්තෙසි – “මය‍්හං පුත‍්තො පුඤ‍්ඤවා දින‍්නදානො කතාභිනීහාරො පුබ‍්බෙ පුඤ‍්ඤානි කරොන‍්තො න එකකොව අකාසි, අද‍්ධා එතෙන සහ කතපුඤ‍්ඤා සුවණ‍්ණරූපකපටිභාගා භවිස‍්සතී”ති. අට‍්ඨ බ්‍රාහ‍්මණෙ පක‍්කොසාපෙත්‍වා සබ‍්බභොගෙහි සන‍්තප‍්පෙත්‍වා සුවණ‍්ණරූපකං රථෙ ආරොපෙත්‍වා “ගච‍්ඡථ, තාතා, යත්‍ථ අම‍්හෙහි ජාතිගොත‍්තභොගාදිසමානකුලෙ එවරූපං දාරිකං පස‍්සථ, තත්‍ථ ඉදමෙව සුවණ‍්ණරූපකං සච‍්චාකාරං කත්‍වා දෙථා”ති උය්‍යොජෙසි.

එතැන් පටන් මම නිරතුරුව කියන්නේමය මානවකයා මවට හඟවන්නෙමියි රන්රුවන් දහසක් දී රන්කරුවන් ලවා ස්ත්‍රී රූපයක් කරවා, එහි මැදට ගැටීම් ආදි කර්මාන්ත අවසානයේ එය රතු වස්ත්‍රයකින් පොරවා, රත් මල් ගොඩකින්ද නොයෙක් අලංකාර වලින්ද, අලංකාර කොට “මෑණියනි, මෙබඳු ආකාර අරමුණක් ලබමින් ගෙදර වාසය කරන්නෙමි. නොලබන්නේනම් නොඉවසන්නෙමියි, කීය. පණ්ඩිත බැමිණිය මෙසේ සිතුවාය. “මගේ පුතා පුණ්‍යවන්තයෙකි. පරිත්‍යාගශීලී වේ. කරන ලද අභිනිහාර ඇත්තේ පෙර පින්කරමින් හුදකලාව නොවීය. ඒකාන්තයෙන් මේ සමග කරන ලද පින් ඇත්තේ රන්වන් ප්‍රතිලාභි වන්නේ යනුවෙනි. ඉක්බිති බමුණන් කැඳවා සියලු භෝගවලින් සතුටු කරවා රන්වන් රූපය රථයක තබා දරුවනි; යවු! යම් තැනෙක අප හා සමාන ජාති ගෝත්‍ර භවභෝග සම්පත් සහිත කුලයක මෙබඳු ආකාර දැරියක බලහුද? එහිදී, මේ රන්වන් රූපය සත්කාරකොට පැමිණෙවු! යනුවෙන් පිටත්කළේය.

තෙ “අම‍්හාකං නාම එතං කම‍්ම”න‍්ති නික‍්ඛමිත්‍වා “කත්‍ථ ලභිස‍්සාම, මද‍්දරට‍්ඨං නාම ඉත්‍ථාගාරං, මද‍්දරට‍්ඨං ගමිස‍්සාමා”ති මද‍්දරට‍්ඨෙ සාගලනගරං අගමංසු. අත්‍ථ තං සුවණ‍්ණරූපකං න‍්හානතිත්‍ථෙ ඨපෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අථ භද‍්දාය ධාතී භද‍්දං න‍්හාපෙත්‍වා අලඞ‍්කරිත්‍වා සයං න‍්හායිතුං උදකතිත්‍ථං ගන‍්ත්‍වා සුවණ‍්ණරූපකං දිස‍්වා “කිස‍්සායං අවිනීතා ඉධාගන‍්ත්‍වා ඨිතා”ති පිට‍්ඨිපස‍්සෙ පහරිත්‍වා සුවණ‍්ණරූපකං ඤත්‍වා “අය්‍යධීතා මෙති සඤ‍්ඤං උප‍්පාදෙසි, අයං පන අය්‍යධීතාය නිවාසනපටිග‍්ගහිතායපි අසදිසා”ති ආහ. අථ නං තෙ බ්‍රාහ‍්මණා “එවරූපා කිර තෙ සාමිධීතා”ති පුච‍්ඡිංසු. සා “ඉමාය සුවණ‍්ණපටිමාය සතගුණෙන සහස‍්සගුණෙන මය‍්හං අය්‍යධීතා අභිරූපතරා”, තථා හි “අප‍්පදීපෙපි ද‍්වාදසහත්‍ථෙ ගබ‍්භෙ නිසින‍්නා සරීරොභාසෙන තමං විධමතී”ති ආහ. “තෙන හි තස‍්සා මාතාපිතූනං සන‍්තිකං ගච‍්ඡාමා”ති සුවණ‍්ණරූපකං රථෙ ආරොපෙත්‍වා තං ධාතිං අනුගන‍්ත්‍වා කොසියගොත‍්තස‍්ස ඝරද‍්වාරෙ ඨත්‍වා ආගමනං ආරොචයිංසු.

ඔවුහු “අපට මෙය වැඩක්දැයි” නික්ම “කොහිදී ලබන්නෙම්ද? මද්දරට නම් ස්ත්‍රී ආකාරයකි. මද්දරට යන්නෙමු යි, සාගල නුවරට පැමිණියහ. එහිදී, ඒ රන්වන් රූපය නාන තොටුපොළේ තබා එකත්පසක හිඳගත්හ. ඉක්බිති භද්‍රා ද, කම්මව ද, නාම අලංකාරකොට තෙමේ නෑමට දියතොටුපොළට ගොස්, රන්වන් රූපය දැක, මේ කවර තැනැත්තියක්ද? අවිනීත තැනැත්තියකි. මෙහි අවුත් සිටින්නීයයි. පිට පැත්තට පහරදී රන්වන් රූපයක් බව දැන මැය දුවණියක් යන හැඟීම ඉපදවීමි. මේ වනාහි ආයි දූවරු වාසය කරන පෝෂණය කළ පෝෂණය කළයුතු අසමාන යයි කීවේය. ඉක්බිති ඔහුට ඒ බ්‍රාහ්මණයා, මෙබඳු ආකාර වූ ඒ ස්වාමි දියණිය විචාරන කල්හි, ඇය “මේ රන්වන් ප්‍රතිමාවට සියයක් ගුණයෙන් දහස් ගුණයෙන්, ලක්‍ෂයක් ගුණයෙන් යුතු මගේ දියණිය අතිශයින් මනා රූ ඇත්තීය. එසේම පහන් නොදමන කළ ද අත් දොළසක ගැබෙහි හුන්නා ශරීර ශෝභායෙන් අඳුර දුරු කරන්නී යයි කීවාය. “එසේ වී නම්, ඇගේ මව්පියන්ගේ සමීපයට යමු’යි රන්වන් රූපය රථයෙහි නංවා ඒ කිරීමම අනුව ගොස් කෝසිය ගෝත්‍රිකගේ ගෙදොර සිට, පැමිණීම දැක්වූහ.

බ්‍රාහ‍්මණො පටිසන්‍ථාරං කත්‍වා “කුතො ආගතත්‍ථා”ති පුච‍්ඡි. තෙ “මගධරට‍්ඨෙ මහාතිත්‍ථගාමෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස ඝරතො ඉමිනා නාම කාරණෙන ආගතම‍්හා”ති ආහංසු. “සාධු, තාතා, අම‍්හෙහි සමජාතිගොත‍්තවිභවො සො බ්‍රාහ‍්මණො, දස‍්සාම දාරික”න‍්ති පණ‍්ණාකාරං ගණ‍්හි. තෙ කපිලබ්‍රාහ‍්මණස‍්ස සාසනං පහිණිංසු – “ලද‍්ධා නො භද‍්දා නාම දාරිකා, කත‍්තබ‍්බං ජානාථා”ති. තං සාසනං සුත්‍වා පිප‍්පලිමාණවස‍්ස ආරොචයිංසු “ලද‍්ධා දාරිකා”ති. පිප‍්පලිමාණවො “අහං ‘න ලභිස‍්සන‍්තී’ති චින‍්තෙසිං, ඉමෙ ‘ලද‍්ධා’ති පෙසෙන‍්ති, අනත්‍ථිකො හුත්‍වා පණ‍්ණං පෙසෙස‍්සාමී”ති රහොගතො පණ‍්ණං ලිඛි “භද‍්දා අත‍්තනො ජාතිගොත‍්තභොගානුරූපං පතිං ලභතු, අහං නික‍්ඛමිත්‍වා පබ‍්බජිස‍්සාමි, මා පච‍්ඡා විප‍්පටිසාරිනී අහොසී”ති. භද‍්දාපි “අසුකස‍්ස කිර මං දාතුකාමා”ති සුත්‍වා රහොගතා පණ‍්ණං ලිඛි – “අය්‍යපුත‍්තො අත‍්තනො ජාතිගොත‍්තභොගානුරූපං දාරිකං ලභතු, අහං පබ‍්බජිස‍්සාමි, මා පච‍්ඡා විප‍්පටිසාරී භවාහී”ති. ද‍්වෙපි පණ‍්ණානි අන‍්තරාමග‍්ගෙ සමාගච‍්ඡිංසු. “ඉදං කස‍්ස පණ‍්ණ”න‍්ති? “පිප‍්පලිමාණවෙන භද‍්දාය පහිත”න‍්ති. “ඉදං කස‍්සා”ති? “භද‍්දාය පිප‍්පලිමාණවස‍්ස පහිත”න‍්ති ච වුත‍්තෙ තෙ ද‍්වෙපි වාචෙත්‍වා “පස‍්සථ දාරකානං කම‍්ම”න‍්ති ඵාලෙත්‍වා අරඤ‍්ඤෙ ඡඩ‍්ඩෙත්‍වා අඤ‍්ඤං තංසමානං පණ‍්ණං ලිඛිත්‍වා ඉතො එත‍්තො ච පෙසෙසුං. ඉති කුමාරස‍්ස කුමාරිකාය ච සදිසං පණ‍්ණං ලොකස‍්සාදරහිතමෙවාති අනිච‍්ඡමානානම‍්පි තෙසං ද‍්වින‍්නං සමාගමො අහොසි.

බමුණා විසින් පිළිසඳර කථාකොට “කොහේ සිට පැමිණියේ”දැයි විචාළේය. ඔවුහු මගධරට මහා තිත්ථග්‍රාමයේ කපිල බමුණාගේ ගෙදර සිට මෙනම් කරුණක් සඳහා ආවෝයයි කීය. දරුවනි; යහපති! අප හා සමාන ගෝත්‍ර සම්භවයකින් යුතු ඒ බ්‍රාහ්මණයා දකිමු, දරුව යයි පඬුරු ගත්තේය. ඔවුහු කපිල බමුණාට හස්නක් එවූහ. “අපගේ භද්දා නම් දැරිය ලබමු කළයුතු දේ දනිවු” යනුවෙනි. ඒ හස්න අසා පිප්ඵලි මානවකයාට සහ දැරිය ලබන ලදී. පිප්ඵලි මානවකයා, “මට නොලබන්නේ යයි සිතුවෙමි. මේ ලබන ලදද එවමි, අනර්ථ වී පඬුරු එවන්නෙමි. රහසිගතව හස්නක් ලිවීය. ‘භද්‍රා තමන්ගේ ජාති ගෝත්‍ර සම්පත්වලට අනුරූප වූ ස්වාමියකු ලබාවා! මම නික්ම ගොස් පැවිදි වන්නෙමි. පසුව විපර්යාස ඇත්තියක නොවේවා! භද්‍රා ද, අසවලාට මා දෙනු කැමැතිවේවා’යයි දැන රහසිගතව පඬුරු හස්නක් ලිවීය. “ආර්ය පුත්‍රයා තමන්ගේ ජාතිගෝත්‍ර පිරිස්වලට දැරියක ලබාවා මම පැවිදිවන්නෙමි. මා පසුව විපිළිසර වූවෙකු නොවේවා! පඬුරු වර්ග දෙකක් අතරමගදී හමුවූහ. මේ කවරකුගේ පඬුරුද, පිප්ඵලි මානවකයා විසින් භද්‍රාවට යවන ලදි. මේ කවරෙකුගේද? භද්‍රාවට පිප්ඵලිමානවක සිතින්, මේ දෙදෙනා විචාරා බලවු! දරුවන්ගේ ක්‍රියාව ඉරා අරණ්‍යයේ හැරදමා අනෙක් තැති ගන්වන හසුනක් ලියා, මේ වෙත යැවූහ. මෙසේ කුමරුගේ ද, කුමාරිකාවගේ ද, සමාන පඬුරු ලෝකයාගේ යහපත පිණිස පවතීවා! නොකැමැත්තේම ඒ දෙදෙනාගේ එක්වීම විය.

තංදිවසමෙව පිප‍්පලිමාණවොපි භද‍්දං එකං පුප‍්ඵදාමං ගණ‍්හාපෙසි. භද‍්දාපි තානි සයනමජ‍්ඣෙ ඨපෙසි. උභොපි භුත‍්තසායමාසා සයනං ආරුහිතුං ආරභිංසු. තෙසු මාණවො දක‍්ඛිණපස‍්සෙන සයනං ආරුහි, භද‍්දා වාමපස‍්සෙන අභිරුහිත්‍වා ආහ – “යස‍්ස පස‍්සෙ පුප‍්ඵානි මිලායන‍්ති, තස‍්ස රාගචිත‍්තං උප‍්පන‍්නන‍්ති විජානිස‍්සාම, ඉමං පුප‍්ඵදාමං න අල‍්ලීයිතබ‍්බ”න‍්ති. තෙ පන අඤ‍්ඤමඤ‍්ඤං සරීරසම‍්ඵස‍්සභයෙන සකලරත‍්තිං නිද‍්දං අනොක‍්කමන‍්තාව වීතිනාමෙසුං. දිවා පන හසිතමත‍්තම‍්පි නාකංසු. තෙ ලොකාමිසෙන අසංසට‍්ඨා යාව මාතාපිතරො ධරන‍්ති, තාව කුටුම‍්බං අවිචාරෙත්‍වා තෙසු කාලඞ‍්කතෙසු විචාරයිංසු. මහතී මාණවස‍්ස සම‍්පත‍්ති. එකදිවසං සරීරං උබ‍්බට‍්ටෙත්‍වා ඡඩ‍්ඩෙතබ‍්බං සුවණ‍්ණචුණ‍්ණං එව මගධනාළියා ද‍්වාදසනාළිමත‍්තං ලද‍්ධුං වට‍්ටති. යන‍්තබද‍්ධානි සට‍්ඨි මහාතළාකානි, කම‍්මන‍්තො ද‍්වාදසයොජනිකො, අනුරාධපුරප‍්පමාණා චුද‍්දසගාමා, චුද‍්දස හත්‍ථානීකානි, චුද‍්දස අස‍්සානීකානි, චුද‍්දස රථානීකානි.

එදවස පිප්ඵලි මානවකයාද, එක් මල්දමක් යැවීය. භද්‍රා ද, ඒවා යහන මත තබා දෙදෙනම පටිහරණය කරනු කැමැත්තේ, යහනට නැගීමට පටන් ගත්හ. ඔවුන් අතර මානවකයා දකුණු පැත්තෙන්, යහනට නැංගේය. භද්දා වම්පසිනි. ඔවුහු ඔවුනොවුන් ශරීර ස්පර්ශ කිරීමේ බියෙන් මුලු රාත්‍රියම නිදි නොලබන්නේම කල් යැවූහ. දවල් කාලයේ සිනා මාත්‍රාවක් නොකළහ. ඔවුහු ලෝක ආමිෂයෙන් නො ඇලුණ යම්තාක්ද මව්පියෝ දරත්ද ඒ කෙළෙඹියා බාරගෙන ඔවුන් කළුරිය කළ කල්හි විචාළහ. මානවකයාගේ සම්පත් අතිවිශාලය. එක දවසක් ශරීරය උගුලවා හැරදමා රන්කුඩුම මගධවැසියන්ට දොළොස් නැලියක් පමණ ලැබීමට වටීය. යන්ත්‍ර බඳනා ලද මහා පොකුණු හැටකි. කර්මාන්ත දොළොස් යොදුන් වේ. අනුරාධපුර ප්‍රමාණ ගම් දාහතරක් ද ඇතුන් දාහතක් පමණ ඇත. දාහතරක් අශ්වයෝද දාහතරක් රථයෝද වෙති.

සො එකදිවසං අලඞ‍්කතඅස‍්සං ආරුය‍්හ මහාජනපරිවුතො කම‍්මන‍්තට‍්ඨානං ගන‍්ත්‍වා ඛෙත‍්තකොටියං ඨිතො නඞ‍්ගලෙහි ඡින‍්නට‍්ඨානතො කාකාදයො සකුණෙ ගණ‍්ඩුප‍්පාදාදිකෙ පාණකෙ උද‍්ධරිත්‍වා ඛාදන‍්තෙ දිස‍්වා “තාතා, ඉමෙ කිං ඛාදන‍්තී”ති පුච‍්ඡි. “ගණ‍්ඩුප‍්පාදෙ, අය්‍යා”ති. “එතෙහි කතපාපං කස‍්ස හොතී”ති? “තුම‍්හාකං, අය්‍යා”ති. සො චින‍්තෙසි – “සචෙ එතෙහි කතපාපං මය‍්හං හොති, කිං මෙ කරිස‍්සති සත‍්තඅසීතිකොටිධනං, ද‍්වාදසයොජනකම‍්මන‍්තො කිං කරිස‍්සති, කිං යන‍්තබද‍්ධානි තළාකානි, කිං චුද‍්දස ගාමානි, සබ‍්බමෙතං භද‍්දාය කාපිලානියා නිය්‍යාතෙත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිස‍්සාමී”ති.

ඔහු ඉක්බිති එක් දවසක් අලංකාර කළ අශ්වයකු පිට නැගී, මහජනයා පිරිවරා කර්මාන්ත කරන තැනට ගොස්, ක්‍ෂේත්‍රය කෙළවර සිටියේ, නඟල් වලින් සිදුරු කරන (සාන) ලද තැන්වලින් කපුටු ආදීහු පක්‍ෂියෝ ගැඩිවිල් ආදි පණුවන් උදුරාගෙන කමින් සිටිනවා දැක “දරුවනි මොවුන් කුමක් අනුභව කරත්දැ”යි විචාළේය. ආර්යයනි! ගැඩිවිල් ආදීන්ය. “මොවුන් විසින් කරන ලද පාප කවරකුට වෙයිද?” “ආර්යයන් නුඹ වහන්සේ දනී” ඔහු සිතුවේය. “ඉදින් මොවුන් විසින් කරන ලද පාපය මට වෙයි. මා කුමක් කරන්නේද? අසූ හත්කෙළක් ධනය ඇත්තේ, දොළොස් යොදුන් කර්මාන්ත කුමක් කරන්නේද? යන්ත්‍ර බඳනා ලද නඟුල්වලින් කිම ගම් දාහතරින් කිම? මේ සියල්ල භද්‍රා කපිලාදීන්ට පවරා දී නික්මගොස් පැවිදි වන්නෙමි.

භද‍්දා කාපිලානී තස‍්මිං ඛණෙ අන‍්තරවත්‍ථුස‍්මිං තයො තිලකුම‍්භෙ පත්‍ථරිත්‍වා ධාතීහි පරිවුතා නිසින‍්නා කාකෙ තිලපාණකෙ ඛාදමානෙ දිස‍්වා “අම‍්මා, කිං ඉමෙ ඛාදන‍්තී”ති පුච‍්ඡි. “පාණකෙ, අය්‍යෙ”ති. “අකුසලං කස‍්ස හොතී”ති? “තුම‍්හාකං, අය්‍යෙ”ති. සා චින‍්තෙසි – “මය‍්හං චතුහත්‍ථං වත්‍ථං නාළිකොදනමත‍්තඤ‍්ච ලද‍්ධුං වට‍්ටති, යදි පනෙතං එතෙහි කතං අකුසලං මය‍්හං හොති, භවසහස‍්සෙනපි වට‍්ටතො සීසං උක‍්ඛිපිතුං න සක‍්කා, අය්‍යපුත‍්තෙ ආගතමත‍්තෙයෙව සබ‍්බං තස‍්ස නිය්‍යාතෙත්‍වා නික‍්ඛම‍්ම පබ‍්බජිස‍්සාමී”ති.

භද්‍රා කපිලයෝ එකෙණෙහි වෙනත් පැත්තක තල කළ තුනක් අතුරා, කිරිමව්වරුන් විසින් පිරිවරා හුන්නා, කපුටන් තලවල සිටින පණුවන් කන ආකාරය දැක මෑණිවරුනි, මොවුහු කිමක් කත්දැයි විචාළේය. ආර්යයනි, පණුවන් කවරකුගේ අකුශලයක් වේද? ආර්යයනි, නුඹලාගේය. ඇය සිතුවාය. මගෙ අතපය සතරට නැලියේ බත් පතක්වත් ලබන්නට වටී. ඉදින් මොවුන් විසින් කරන ලද අකුසල මම භව සංසාර දහසකිනුදු මෙබදු වටයක් හිස එසවීමට නොහැකීය. ආර්ය පුත්‍රයා ආපු විගසම සියල්ල ඔහුට පවරා දී නික්ම පැවිදි වන්නෙමි.

මාණවො ආගන‍්ත්‍වා න‍්හත්‍වා පාසාදං ආරුය‍්හ මහාරහෙ පල‍්ලඞ‍්කෙ නිසීදි, අථස‍්ස චක‍්කවත‍්තිනො අනුච‍්ඡවිකභොජනං උපනයිංසු. ද‍්වෙපි භුඤ‍්ජිත්‍වා පරිජනෙ නික‍්ඛන‍්තෙ රහොගතා ඵාසුකට‍්ඨානෙ නිසීදිංසු. තතො මාණවො භද‍්දං ආහ – “භද‍්දෙ, ඉමං ඝරං ආගච‍්ඡන‍්තී කිත‍්තකං ධනමාහරසී”ති? “පඤ‍්චපණ‍්ණාස සකටසහස‍්සානි, අය්‍යා”ති. “සබ‍්බං තං, යා ච ඉමස‍්මිං ඝරෙ සත‍්තාසීති කොටියො යන‍්තබද‍්ධානි සට‍්ඨි තළාකානීති එවමාදිභෙදා සම‍්පත‍්ති අත්‍ථි, තං සබ‍්බං තුය‍්හෙව නිය්‍යාතෙමී”ති. “තුම‍්හෙ පන කුහිං ගච‍්ඡථ, අය්‍යා”ති? “අහං පබ‍්බජිස‍්සාමී”ති. “අය්‍ය, අහම‍්පි තුම‍්හාකං ආගමනං ඔලොකයමානා නිසින‍්නා, අහම‍්පි පබ‍්බජිස‍්සාමී”ති. තෙසං ආදිත‍්තපණ‍්ණකුටි විය තයො භවා උපට‍්ඨහන‍්ති. තෙ “පබ‍්බජිස‍්සාමා”ති වත්‍වා අන‍්තරාපණතො කාසායරසපීතානි චීවරානි මත‍්තිකාපත‍්තෙ ච ආහරාපෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං කෙසෙ ඔහාරෙත්‍වා “යෙ ලොකෙ අරහන‍්තො අත්‍ථි, තෙ උද‍්දිස‍්ස අම‍්හාකං පබ‍්බජ‍්ජා”ති පබ‍්බජිත්‍වා ථවිකාසු පත‍්තෙ පක‍්ඛිපිත්‍වා අංසෙ ලග‍්ගෙත්‍වා පාසාදතො ඔතරිංසු. ගෙහෙ දාසෙසු ච කම‍්මකාරෙසු ච න කොචි සඤ‍්ජානි.

මාණවකයා පැමිණ ප්‍රාසාදයට නැග මාහැඟි පලඟේ හුන්නේය. ඉක්බිති ඔහුට සක්විති රජකුට උචිතව ආහාරපාන සැපයූහ. දෙදෙනා අනුභව කොට පිරිවර ජනතාව නික්ම යන කල්හි රහසිගතව පහසු තැනක හිඳගත්හ. ඉක්බිති මානවකයා භද්‍රාට මෙසේ කීවේය. “සොඳුර; මේ ගෙදරට පැමිණෙමි කොපමණ ධනය ගෙනාවේද? ආර්යයනි, පනස් පන්දහසක් ගැල් පුරවාගෙන ආවෙමි.” “මේ සියල්ල, මේ ගෙදර අසූහාර කෝටියක් යන්ත්‍ර බඳනා ලද ධනයද, සැටක් පමණ පොකුණු ආදි මෙබඳු ආකාර සම්පත් ඇත. ඒ සියල්ල ඔබටම පවරාදෙමි.” “ආර්යයනි; ඔබතුමා කොහි යන්නද?” “මම පැවිදිවන්නෙමි” “ආර්යයනි; මමත් ඔබගේ පැමිණීම බලමින් හුන්නේ, මමත් පැවිදිවන්නෙමි. ඔවුහු අපට ඇවිලගත් පන්සල් කුටි මෙන් තුන් භවය උපස්ථාන කරමින් පැවිදි වන්නෙමුයි පවසා අනතුරුව කෂාය වර්ණ කහපාට සිවුරුද මැටි පාත්‍රද ගෙන්වාගෙන ඔවුනොවුන් කෙස් බහා තබා ‘ලෝකයේ යම් රහත් කෙනෙක් වෙත්ද? ඔවුන් උදෙසා අපගේ ප්‍රවෘජ්‍යාව යයි පැවිදි වී පසුම්බිවල පාත්‍ර ඔබා, උරහිසේ එල්ලාගෙන ප්‍රාසාදයෙන් බැසගත් ගෙදර දාසයන් හෝ කම්කරුවන් හෝ කිසිවකු නොදනී.

අථ නෙ බ්‍රාහ‍්මණගාමතො නික‍්ඛමිත්‍වා දාසගාමද‍්වාරෙන ගච‍්ඡන‍්තෙ ආකප‍්පකුතවසෙන දාසගාමවාසිනො සඤ‍්ජානිංසු. තෙ රොදන‍්තා පාදෙසු පතිත්‍වා “කිං අම‍්හෙ අනාථෙ කරොථ, අය්‍යා”ති ආහංසු. “මයං, භණෙ, ‘තයො භවා ආදිත‍්තපණ‍්ණසාලා වියා’ති පබ‍්බජිම‍්හ, සචෙ තුම‍්හෙසු එකෙකං භුජිස‍්සං කරොම, වස‍්සසතම‍්පි නප‍්පහොති. තුම‍්හෙව තුම‍්හාකං සීසං ධොවිත්‍වා භුජිස‍්සා හුත්‍වා ජීවථා”ති වත්‍වා තෙසං රොදන‍්තානංයෙව පක‍්කමිංසු.

ඉක්බිති ඔවුහු බ්‍රාහ්මණගමින් නික්ම දාසගම් දොරටුවට යන්නේ ආකල්ප සම්පත් වලින් දාසගාමවාසීහු හඳුනාගත්හ. ඔවුහු අඬමින් පාමුල වැටී “ආර්යයන් කුමක් නිසා අපව අනාථ කළෝද?” කීහ. “බොල! අපි භව තැනක පටන් ගිනිගත් පන්සලක මෙන් සිට පැවිදි වුණෙමු. නුඹලා අතර වෙන වෙනම දාසකම් කරමු. සියක් වසක් නොපවතියි. නුඹලා නුඹලාගේ හිස් සෝදා දාසයෝ වී, ජීවත් වවු! යනුවෙන් පවසා ඔවුන් හඬද්දීම නික්ම ගියහ.

ථෙරො පුරතො ගච‍්ඡන‍්තො නිවත‍්තිත්‍වා ඔලොකෙන‍්තො චින‍්තෙසි – “අයං භද‍්දා කාපිලානී සකලජම‍්බුදීපග‍්ඝනිකා ඉත්‍ථී මය‍්හං පච‍්ඡතො ආගච‍්ඡති, ඨානං ඛො පනෙතං විජ‍්ජති, යං කොචිදෙව එවං චින‍්තෙය්‍ය ‘ඉමෙ පබ‍්බජිතාපි විනා භවිතුං න සක‍්කොන‍්ති, අනනුච‍්ඡවිකං කරොන‍්තී’ති. එවං කොචි පාපකෙන මනසා පදූසෙත්‍වා අපායපූරකො භවෙය්‍ය, ඉමං පහාය මයා ගන‍්තුං වට‍්ටතී”ති චිත‍්තං උප‍්පාදෙත්‍වා පුරතො ගච‍්ඡන‍්තො ද‍්වෙධාපථං දිස‍්වා තස‍්ස මත්‍ථකෙ අට‍්ඨාසි. භද‍්දාපි ආගන‍්ත්‍වා වන්‍දිත්‍වා අට‍්ඨාසි. අථ නං ආහ – “භද‍්දෙ, තාදිසිං ඉත්‍ථිං මම පච‍්ඡතො ආගච‍්ඡන‍්තිං දිස‍්වා ‘ඉමෙ පබ‍්බජිතාපි විනා භවිතුං න සක‍්කොන‍්තී’ති අම‍්හෙසු පදුට‍්ඨචිත‍්තො මහාජනො අපායපූරකො භවෙය්‍ය. ඉමස‍්මිං ද‍්වෙධාපථෙ ත්‍වං එතං ගණ‍්හ, අහං එකෙන ගමිස‍්සාමී”ති. “ආම, අය්‍ය, මාතුගාමො ‘පබ‍්බජිතානං පලිබොධො, පබ‍්බජිතාපි විනා න භවන‍්තී’ති අම‍්හාකං දොසං දස‍්සෙය්‍යු”න‍්ති තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං කත්‍වා චතූසු ඨානෙසු පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං පග‍්ගය‍්හ “සතසහස‍්සකප‍්පපමාණෙ අද‍්ධානෙ කතො මිත‍්තසන්‍ථවො අජ‍්ජ භිජ‍්ජති, තුම‍්හෙව දක‍්ඛිණා නාම, තුම‍්හාකං දක‍්ඛිණමග‍්ගො වට‍්ටති, මයං මාතුගාමා නාම වාමජාතිකා, අම‍්හාකං වාමමග‍්ගො වට‍්ටතී”ති වන්‍දිත්‍වා මග‍්ගං පටිපජ‍්ජි. තෙසං ද‍්වෙධාභූතකාලෙ අයං මහාපථවී “අහං චක‍්කවාළසිනෙරුපබ‍්බතාදයො ධාරෙතුං සක‍්කොන‍්තීපි තුම‍්හාකං ගුණෙ ධාරෙතුං න සක‍්කොමී”ති වදන‍්තී විය විරවමානා අකම‍්පිත්‍ථ. ආකාසෙ අසනිසද‍්දො විය පවත‍්ති, චක‍්කවාළපබ‍්බතො උන‍්නාදි.

මානවකයා පෙරටුව යන්නේ, නැවතී බලා සිටිමින් මෙසේ සිතුවේය. මේ භද්‍රකාපිලාවරු සියලු දඹදිව අග්‍රගණ්‍ය ස්ත්‍රියක් වූවා මට පිටුපසින් පැමිණෙයි. නියම තැන විද්‍යමාන වේ. යම් කිසිවකු මෙසේ සිතන්නේය. “මොවුහු පැවිදිවීමෙන් තොරව වන්නට නොහැකිවෙත් නුසුදුස්සක් කරත්” යනුවෙනි. මෙසේ කිසිවකු පාපක මනසින් සිත් දූෂ්‍ය කොට අපාය අභිමුඛ වන්නේය. මෙය මා හැර යන්නට වටීයයි, සිත උපදවා, ඉදිරියෙන් යන්නේ, මාර්ගයේ දෙමංසලක් දැක ඔහුගේ සිතට අදහසක් ආවේය. භද්‍රාවනි; අවුත් වැඳ සිටියහ. ඉක්බිති ඇයට කීවේය. භද්‍රාවනි; ඔබ වැනි ස්ත්‍රියක මා පසුපසින් පැමිණෙන්නේ දැක මේ පැවිදිවීම තොරව ජීවත්වීමට නොහැකිවන්නේ යයි අප කෙරෙහි නරක සිතින් මහජනයා අපායගාමී වන්නේය. මේ ස්ථානයේ මාර්ග දෙකක් ඇත. නුඹ එකක යන්න. මම එකකින් යන්නෙමි. “ආර්යයනි එසේය. ස්ත්‍රිය පැවිද්දන්ට උවදුරකි. පැවිදිවීම හැර වෙනත් දෙයක් නොවෙත්. අපගේ දෝෂ දකින්නේය. තෙවරක් ප්‍රදක්‍ෂිණා කොට සතර තැනක පසඟ පිහිටුවා වැඳ නිය දහය එක එකතුවන සේ ඇඳිලි බැඳ ලක්‍ෂවාරයක් පමන කරන ලද සංසාර මාර්ගයේ වූ මිත්‍ර සන්ධානය අද බිඳේ. නුඹලාට දක්‍ෂිණාහි නම් නුඹට දක්‍ෂිණ මාර්ගය වටී. අපි මාගමයි. වම් ජාතිහු වෙති. අපට වම් මාර්ගය වටී යයි වැඳ මාර්ගයට පිළිපන්නාය. ඔවුන් දෙපරිදි බෙදුනු කල්හි මම සක්වල මහමෙර පර්වතාදිය දැරීමට හැකිවන්නේ නමුත් නුඹලාගේ ගුණ දරන්නට නොහැකිවෙමියි කියන්නාක් මෙන් ගොරවමින් කම්පා වූහ. අහසේ හෙණ හඬ මෙන් පැවතුණි. චක්‍රවාට පර්වතය මහ හඬින් ගුගුළේය.

සම‍්මාසම‍්බුද‍්ධොපි වෙළුවනමහාවිහාරෙ කුටියං නිසින‍්නො පථවීකම‍්පනසද‍්දං සුත්‍වා “කිස‍්ස නු ඛො පථවී කම‍්පතී”ති ආවජ‍්ජෙන‍්තො “පිප‍්පලිමාණවො ච භද‍්දා ච කාපිලානී මං උද‍්දිස‍්ස අප‍්පමෙය්‍යං සම‍්පත‍්තිං පහාය පබ‍්බජිතා, තෙසං වියොගට‍්ඨානෙ උභින‍්නං ගුණබලෙන අයං පථවීකම‍්පො ජාතො, මයාපි එතෙසං සඞ‍්ගහං කාතුං වට‍්ටතී”ති ගන්‍ධකුටිතො නික‍්ඛම‍්ම සයමෙව පත‍්තචීවරමාදාය අසීතිමහාථෙරෙසු කඤ‍්චි අනාපුච‍්ඡා තිගාවුතමග‍්ගං පච‍්චුග‍්ගමනං කත්‍වා රාජගහස‍්ස ච නාලන්‍දාය ච අන‍්තරෙ බහුපුත‍්තනිග්‍රොධමූලෙ පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා නිසීදි. නිසින‍්නො පන අඤ‍්ඤතරපංසුකූලිකො විය අනිසීදිත්‍වා බුද‍්ධවෙසං ගහෙත්‍වා අසීතිහත්‍ථා බුද‍්ධරංසියො විස‍්සජ‍්ජෙන‍්තො නිසීදි. ඉති තස‍්මිං ඛණෙ පණ‍්ණච‍්ඡත‍්තසකටචක‍්කකූටාගාරාදිප‍්පමාණා බුද‍්ධරංසියො ඉතො චිතො ච විප‍්ඵරන‍්තියො විධාවන‍්තියො චන්‍දසහස‍්සසූරියසහස‍්සඋග‍්ගමනකාලං විය කුරුමානා තං වනන‍්තරං එකොභාසං අකංසු. ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණසිරියා සමුජ‍්ජලතාරාගණෙන විය ගගනං, සුපුප‍්ඵිතකමලකුවලයෙන විය සලිලං වනන‍්තරං විරොචිත්‍ථ. නිග්‍රොධරුක‍්ඛස‍්ස ඛන්‍ධො පකතියා සෙතො හොති, පත‍්තානි නීලානි පක‍්කානි රත‍්තානි. තස‍්මිං පන දිවසෙ සබ‍්බො නිග්‍රොධො සුවණ‍්ණවණ‍්ණොව අහොසි.

සම්මා සම්බුදුරදුන් වේළුවන මහා විහාරයේ ගඳකිළියේ වැඩ වාසය කරන්නේ පොළොව කම්පාවන ශබ්දය අසා, කුමකට පොළොව කම්පා වූයේදැයි ආවර්ජනා කරන්නේ, පිප්ඵලි මානවකයා ද, භද්‍රා කාපිලානි ද, මා උදෙසා අප්‍රමාණ සම්පත් හැරදමා පැවිදි වූහ. ඔවුන් දෙදෙනාගේ වෙන්වීම නිසා දෙදෙනාගේ ගුණ බලයෙන් මේ පොළොව කම්පා විය. මා විසින්ද ඔවුන්ට සංග්‍රහ කිරීම වටී යයි, ගඳකිළියෙන් නික්ම තෙමේම පාසිවුරු රැගෙන අසූ මහා තෙරුන් විෂයෙහි කිසිවක් නොවිචාරා තුන් ගව්වක් පමණ පෙරගමන් කොට රජගහනුවරත් නාලන්දාවත් අතර බහුපුත්‍ර නම් නුගරුක් මුල පළඟක් බැඳ වැඩසිටිනේ වැඩ සිටින්නේද, එක්තරා පාංශු කූලිකයකු මෙන් වැඩ නොසිට බුදුවෙස්ගෙන රියනක් අඳුරට අතින් බුදුරැස් විහිදුවමින් වැඩ සිටිසේක. මෙසේ එකෙණෙහි, කරත්ත රෝදයක ගරාදි ප්‍රමාණයකට පැතිරුණු බුදුරැස්, ඔබමොබ පැන නගිමින් දුවමින් සඳහිරු දහස බැගින් එසවන කාලයක මෙන් කරමින් ඒ වනන්තරය ඒකාලෝක කළහ. දෙතිස් මහ පුරුෂ ලක්‍ෂණ ශ්‍රියාවෙන්ද, බබළන තාරකා සමූහය මෙන්ද, අහස මනාව පිපුණු නෙලුම්විලක මෙන් ජලයෙන් පිරි, වනන්තරය බබළයි. නුගරුකේ කඳ ස්වභාවයෙන්ම සුදුපාට වෙයි. පත්‍ර නිල්පාටය. පැසුණු රතුපාට. එදවස සියලු නුගගස් රන්වන්පාටින් විය.

මහාකස‍්සපත්‍ථෙරො තං දිස‍්වා “අයං අම‍්හාකං සත්‍ථා භවිස‍්සති, ඉමං අහං උද‍්දිස‍්ස පබ‍්බජිතො”ති දිට‍්ඨට‍්ඨානතො පට‍්ඨාය ඔනතො ගන‍්ත්‍වා තීසු ඨානෙසු වන්‍දිත්‍වා “සත්‍ථා මෙ, භන‍්තෙ, භගවා, සාවකොහමස‍්මි, සත්‍ථා මෙ, භන‍්තෙ, භගවා, සාවකොහමස‍්මී”ති (සං· නි· 2.154) ආහ. අථ නං භගවා ආහ – “කස‍්සප, සචෙ ත්‍වං ඉමං නිපච‍්චකාරං මහාපථවියා කරෙය්‍යාසි, සාපි ධාරෙතුං න සක‍්කුණෙය්‍ය. තථාගතස‍්ස පන එවං ගුණමහන‍්තතං ජානතා තයා කතො නිපච‍්චකාරො මය‍්හං ලොමම‍්පි චාලෙතුං න සක‍්කොති. නිසීද, කස‍්සප, දායජ‍්ජං තෙ දස‍්සාමී”ති. අථස‍්ස භගවා තීහි ඔවාදෙහි උපසම‍්පදං අදාසි. දත්‍වා ච බහුපුත‍්තනිග්‍රොධමූලතො නික‍්ඛමිත්‍වා ථෙරං පච‍්ඡාසමණං කත්‍වා මග‍්ගං පටිපජ‍්ජි. සත්‍ථු සරීරං ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණවිචිත‍්තං, මහාකස‍්සපස‍්ස සත‍්තමහාපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතං, සො කඤ‍්චනනාවාය පච‍්ඡාබද‍්ධො විය සත්‍ථු පදානුපදිකං අනුගඤ‍්ඡි. සත්‍ථා ථොකං මග‍්ගං ගන‍්ත්‍වා මග‍්ගා ඔක‍්කම‍්ම අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසජ‍්ජාකාරං දස‍්සෙසි. ථෙරො “සත්‍ථා නිසීදිතුකාමො”ති ඤත්‍වා අත‍්තනො පටපිලොතිකං සඞ‍්ඝාටිං චතුග‍්ගුණං කත්‍වා පඤ‍්ඤපෙසි.

මහාකස්සප තෙරුන් එය දැක “මේ අපගේ ශාස්තෲන් වන්නේයයි, මේ මම උදෙසා පැවිදි වූයේයයි” දුටුතැන් පටන් බැතිබරව සිට තුන් තැනක වැඳ, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස; මාගේ ශාස්තෲහුගේ ශ්‍රාවකයකු වෙමියි කීවේය. ඉක්බිති ඔහුට බුදුරදුන් වදාළහ. කස්සප; ඉදින් නුඹ, මේ නියම අයුරින් මහපොළොව කරන්නේද, එය දරන්නට නොහැකි වන්නේ නම්, තථාගතයන්ගේ මෙසේ මහත් වූ ගුණ ගැන දැනගනිමු. ඔබ විසින් කරන ලද සම්මාන මගේ ලෝමයකුදු සෙලවීමට නොහැකි වෙයි. වැඩ සිටින්නා කස්සපයනි; ඔබට දායාද දෙන්නෙමි. ඉක්බිති බුදුරදුන් අවවාද තුනෙකින් උපසම්පදාව දුන්නේය. දී බහුපුත්‍රක නුගරුක් මුලේන නික්ම තෙරුන්ට පසු ශ්‍රමණයා කොට මාර්ගයට පිළිපන්නේය. බුදුරදුන්ගේ ශරීරය දෙතිස් මහ පුරුෂ ලක්‍ෂණවලින් විසිතුරුය. මහා කස්සප තෙරුන්ගේ මහා පුරුෂ ලක්‍ෂණ හතකින් අලංකෘතය. උන්වහන්සේ රත්රන් නැවක පසුපස බඳනා ලද්දාක් මෙන් බුදුරදුන්ගේ පියවර අනුව ගමන් කරති. ශාස්තෲන් වහන්සේ ස්වල්ප දුරක ගොස් මාර්ගයෙන් ඉවත්ව, එක්තරා ගසක් මුල වැඩහිඳිනු කැමැත්තේ යයි දැන තමන්ගේ පට වස්ත්‍රයෙන් කළ සඟල සිවුර හතරට නමා පැනවීය.

සත්‍ථා තත්‍ථ නිසීදිත්‍වා හත්‍ථෙන චීවරං පරිමජ‍්ජන‍්තො “මුදුකා ඛො ත්‍යායං, කස‍්සප, පටපිලොතිකා සඞ‍්ඝාටී”ති ආහ (සං· නි· 2.154). සො “සත්‍ථා මෙ සඞ‍්ඝාටියා මුදුභාවං කථෙසි, පාරුපිතුකාමො භවිස‍්සතී”ති ඤත්‍වා “පාරුපතු, භන‍්තෙ, භගවා සඞ‍්ඝාටි”න‍්ති ආහ. “කිං ත්‍වං පාරුපිස‍්සසි, කස‍්සපා”ති? “තුම‍්හාකං නිවාසනං ලභන‍්තො පාරුපිස‍්සාමි, භන‍්තෙ”ති. “කිං පන ත්‍වං, කස‍්සප, ඉමං පරිභොගජිණ‍්ණං පංසුකූලං ධාරෙතුං සක‍්ඛිස‍්සසි, මයා හි ඉමස‍්ස පංසුකූලස‍්ස ගහිතදිවසෙ උදකපරියන‍්තං කත්‍වා මහාපථවී කම‍්පි, ඉමං බුද‍්ධපරිභොගජිණ‍්ණචීවරං නාම න සක‍්කා පරිත‍්තගුණෙන ධාරෙතුං, පටිබලෙනෙවිදං පටිපත‍්තිපූරණසමත්‍ථෙන ජාතිපංසුකූලිකෙන ධාරෙතුං වට‍්ටතී”ති වත්‍වා ථෙරෙන සද‍්ධිං චීවරං පරිවත‍්තෙසි.

බුදුරදුන් එහි වැඩහිඳ අතින් සිවුර පිරිමදිමින්, “කස්සපය මේ ඉතා මෘදුය” යි වදාළහ. පොරවනු කැමැත්තේය යයි දැන ස්වාමීනි; භාග්‍යවතුන් වහන්ස! සඟල සිවුර පොරවාවා” යයි කීවේය. “නුඹ කුමක් පොරවන්නේද කස්සපය?” නුඹ වහන්සේගේ නිවස්නට ලැබෙන දෙයක් පොරවන්නෙමි ස්වාමීනි. කස්සපය, කිම නුඹ මේ පරිභෝග කළ දිරාගිය පාංශුකූලය දැරීමට හැකිවන්නෙහිද? මා විසින් මේ පාංශුකූල වස්ත්‍රය ගන්නා ලද දිනයේ සමුද්‍රය කෙළවර කොට මහ පොළොව කම්පා විය. [missing trans]

එවං චීවරං පරිවත‍්තෙත්‍වා ථෙරස‍්ස චීවරං භගවා පාරුපි, සත්‍ථු චීවරං ථෙරො. තස‍්මිං ඛණෙ අචෙතනාපි අයං මහාපථවී “දුක‍්කරං, භන‍්තෙ, අකත්‍ථ, අත‍්තනො පාරුතචීවරං සාවකෙන පරිවත‍්තිතපුබ‍්බං නාම නාහොසි, අහං තුම‍්හාකං ගුණං ධාරෙතුං න සක‍්කොමී”ති වදන‍්තී විය උදකපරියන‍්තං කත්‍වා කම‍්පි. ථෙරොපි “ලද‍්ධං මෙ බුද‍්ධානං පරිභොගචීවරං, කිං මෙ ඉදානි උත‍්තරි කත‍්තබ‍්බ”න‍්ති උන‍්නතිං අකත්‍වා සත්‍ථු සන‍්තිකෙයෙව තෙරස ධුතගුණෙ සමාදාය සත‍්තදිවසමත‍්තං පුථුජ‍්ජනො අහොසි. අට‍්ඨමෙ දිවසෙ සහ පටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණි. අථ නං සත්‍ථා “කස‍්සපො, භික‍්ඛවෙ, චන්‍දූපමො කුලානි උපසඞ‍්කමති, අපකස‍්සෙව කායං අපකස‍්ස චිත‍්තං නිච‍්චනවකො කුලෙසු අප‍්පගබ‍්භො”ති (සං· නි· 2.146) එවමාදිනා පසංසිත්‍වා අපරභාගෙ අරියගණමජ‍්ඣෙ නිසින‍්නො “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං ධුතවාදානං යදිදං මහාකස‍්සපො”ති (අ· නි· 1.188, 191) ධුතවාදානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

[missing trans] මෙය බුදුන් පරිභෝග කළ චීවරය ලබන ලදැයි, දැන් මා උතුම් විය යුතුයයි උඩඟු බවක් නොකොට, බුදුරදුන්ගේ සමීපයේම තෙලෙස් ධුතාංග ගුණ සමාදන් වී, දින හතක් පමණ පෘථජ්ජනව විය. අටවෙනි දිනයේ සිවු පිළිසිඹියා සමග රහත් ඵලයට පත්විය. ඉක්බිති උන්වහන්සේට ශාස්තෲන් වහන්සේ “මහණෙනි කස්සප, චන්‍ද්‍රයා උපමා කොට ඇති කුලයක අල්ප ගැබ් ඇත්තේ මේ ආදි අයුරින් ප්‍රශංසා කොට සවස්කාලයේ ආර්ය සමූහයා මැද හුන්නේ, “මගේ ශ්‍රාවකයින් අතර ධුතංග සමාදානයේ මහකස්සප තෙරුන් අග්‍රයයි, ධුතවාදනයේ අග්‍රශ්‍රාවක තනතුරේ තැබූහ.

එවං භගවතා එතදග‍්ගට‍්ඨානෙ ඨපිතො ආයස‍්මා මහාකස‍්සපො මහාසාවකභාවං පත‍්තො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙනං පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතොතිආදිමාහ. තත්‍ථ පදුමුත‍්තරස‍්සාති තස‍්ස කිර භගවතො මාතුකුච‍්ඡිතො නික‍්ඛමනකාලතො පට‍්ඨාය පාදානං නික‍්ඛෙපනසමයෙ අක‍්කන‍්තක‍්කන‍්තපාදෙ සතසහස‍්සපත‍්තා පදුමා පථවිං භින්‍දිත්‍වා උට‍්ඨහිංසු. තස‍්මාස‍්ස තං නාමං අහොසි. සකලසත‍්තනිකායෙසු එකෙකෙන සතසතපුඤ‍්ඤෙ කතෙ තස‍්ස පුඤ‍්ඤස‍්ස සතගුණපුඤ‍්ඤානං කතත‍්තා භගවතොති අත්‍ථො. ලොකජෙට‍්ඨස‍්ස තාදිනොති සත‍්තලොකස‍්ස පධානභූතස‍්ස ඉට‍්ඨානිට‍්ඨෙසු අකම‍්පියභාවං පත‍්තත‍්තා තාදිනො. නිබ‍්බුතෙ ලොකනාථම‍්හීති සත‍්තලොකස‍්ස පටිසරණභූතෙ භගවති ඛන්‍ධපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතෙ, අදස‍්සනං ගතෙති අත්‍ථො. පූජං කුබ‍්බන‍්ති සන්‍ථුනොති සදෙවකස‍්ස ලොකස‍්ස සාසනතො “සත්‍ථා”ති ලද‍්ධනාමස‍්ස භගවතො සාධුකීළං කීළන‍්තා පූජං කරොන‍්තීති සම‍්බන්‍ධො.

මෙසේ භගවත්හු විසින් අග්‍රස්ථානයේ තබන ලද ආයුෂ්මත් මහා කස්සප තෙරුන් මහා ශ්‍රාවක බවට පැමිණේ. තමන්ගේ පෙර කර්‍ම සිහිපත් කොට, සොම්නස් වශයෙන් පෙර චරිතාපදාන ප්‍රකාශ කරන්නේ ‘පදුමුත්තරස්ස භගවතො’ ආදිය කීහ. එහි පදුමුත්තරස්ස යනු ඒ භාග්‍යවතුන් මව්කුසින් නික්මෙන කාලයේ පටන් අපදානය නික්මෙන කාලයට පියවර තබන පාසාම ලක්‍ෂයක් පියුම් පත් පොළොව බිඳගෙන නැගී සිටියහ. එහෙයින් උන්වහන්සේට එම නම විය. සියලු සත්ත්ව කොට්ඨාසවල එකකු විසින් සියක් සියක් පින්කම් කළ කල්හි උන්වහන්සේගේ පිනේ සත්පුරුෂ ගුණය නිසා පිංකම් කළ බැවින් භගවතො යන අර්ථයයි. ලොක ජෙට්ඨස්ස තාදිනො යනු සත්වලෝකය ප්‍රධාන කොට ඇත්තේ, ඉෂ්ට අනිෂ්ට දේවල් කෙරෙහි අකම්පිත බව ප්‍රකට කළ බැවින් තාදිතො නම් වේ. නිබ්බුත ලොක නාථම්හි යනු සර්ව ලෝකයට පිළිසරණ වූ භාග්‍යවතුන් වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑ කල්හි නොපෙනීමට ගියේය යන අර්ථයයි. පූජං කුබ්බන්ති සත්‍ථුනො යනු සදේවකලෝකයෝ ඇලෙන බැවින් සත්ථා යන නාමය ලබන ලද්දේ, භාග්‍යවතුන් යහපත් ක්‍රීඩා කරන්නේ පූජා කරන්නේ යන සම්බන්ධයයි.

අග‍්ගිං චිනන‍්තී ජනතාති ජනසමූහා ආළාහනත්‍ථාය අග‍්ගිං චිනන‍්තා රාසිං කරොන‍්තා ආසමන‍්තතො මොදිතා සන‍්තුට‍්ඨා පකාරෙන මොදිතා සන‍්තුට‍්ඨා පූජං කරොන‍්තීති සම‍්බන්‍ධො. තෙසු සංවෙගජාතෙසූති තෙසු ජනසමූහෙසු සංවෙගප‍්පත‍්තෙසු උත්‍රාසං ලභන‍්තෙසු මෙ මය‍්හං පීති හාසො උදපජ‍්ජථ පාතුභවීති අත්‍ථො.

අග්ගිංචිනන්ති ජනතා යනු ජන සමූහයා ආදාහන පූජාව පිණිස, ගිනි දල්වන්නා, රැස් කරන්නේ මැදහත් වූ සතුටින් යුතුව සන්තෝෂය මුඛ්‍ය කාරණා වශයෙන් ගෙන ප්‍රමුඛව සතුටු පූජා කරත් යන සම්බන්ධයයි. තෙසු සංවෙග ජාතෙසු යන ඒ ජන සමූහයා අතර සංවේග හටගත් කල්හි තැති ගැනීමට පත් කල්හි, මේ මගේ ප්‍රීති සතුට උදපප්පථ පහළවේ යන අර්ථයයි.

ඤාතිමිත‍්තෙ සමානෙත්‍වාති මම බන්‍ධුසහායෙ සමානෙත්‍වා රාසිං කත්‍වා. මහාවීරො භගවා පරිනිබ‍්බුතො අදස‍්සනං අගමාසීති ඉදං වචනං අබ්‍රවිං කථෙසින‍්ති සම‍්බන්‍ධො. හන්‍ද පූජං කරොමසෙති හන්‍දාති වොස‍්සග‍්ගත්‍ථෙ නිපාතො, තෙන කාරණෙන මයං සබ‍්බෙ සමාගතා පූජං කරොමාති අත්‍ථො. සෙති නිපාතො.

ඤාති මිත්තෙ සමානෙත්වා යනු ඤාති සමූහයා සමානකොට රැස්කොට මහාවීරො භාග්‍යවතුන් වහන්සේ පරිනිබ්බුතො, නොපෙනීමට ගියේ යනුයි. ඉදං වචනං අබ්‍රවිං කීවෙමි යන සම්බන්ධයයි. හන්‍ද පූජං කරොමසෙ යනු හන්‍ද යනු වචනයේ අග අර්ථයට නිපාත පදයයි. ඒ කාරණයෙන් අපි රැස්වී පූජා කරමු යන අර්ථයයි. සෙ යනු නිපාත පදයකි.

සාධූති තෙ පටිස‍්සුත්‍වාති තෙ මම ඤාතිමිත‍්තා සාධු ඉති සුන්‍දරං භද‍්දකං ඉති පටිසුණිත්‍වා මම වචනං සම‍්පටිඡිත්‍වා මෙ මය‍්හං භිය්‍යො අතිරෙකං හාසං පීතිං ජනිංසු උප‍්පාදෙසුන‍්ති අත්‍ථො.

සාධුති තෙ පටිස්සුත්‍වා යනු ඒ මගේ ඤාති මිත්‍රයො යහපත් යයි, දැන මගේ වචනය අසා පිළිගෙන, මෙ මගේ භිය්‍යො අතිරේක හාසං ප්‍රීතිය ජනිංසු ඉපදවූහ යන අර්ථයයි.

තතො අත‍්තනො කතපුඤ‍්ඤසඤ‍්චයං දස‍්සෙන‍්තො බුද‍්ධස‍්මිං ලොකනාථම‍්හීතිආදිමාහ. සතහත්‍ථං උග‍්ගතං උබ‍්බිද‍්ධං දියඩ‍්ඪහත්‍ථසතං විත්‍ථතං, විමානං නභසි ආකාසෙ උග‍්ගතං අග‍්ඝියං, සුකතං සුන්‍දරාකාරෙන කතං, කත්‍වා කාරෙත්‍වා ච පුඤ‍්ඤසඤ‍්චයං පුඤ‍්ඤරාසිං කාහාසිං අකාසින‍්ති සම‍්බන්‍ධො.

ඉක්බිති තමා විසින් කරන ලද පුණ්‍ය සම්භාර ධර්මය පෙන්වමින්, බුද්ධස්මිං ලොකනාථම්හි යන ආදිය කීහ. සියගණන් අත් උඩ ඔසවයා කලකිරීමට සංවේගයට පත්වූයේ යනුයි. සමුග්ගතං පැතිරුණු විමානය අහස් තලයේ පහළවූවකි. අග්සියං සුකතං සුන්දර ආකාරයෙන් කරන ලද කත්‍වා කරවාද, පුඤ්ඤසඤ්චයං පින්රාහිය කාහාසිං කළෙමි යන සම්බන්ධයයි.

කත්‍වාන අග‍්ඝියං තත්‍ථාති තස‍්මිං චෙතියපූජනට‍්ඨානෙ තාලපන‍්තීහි තාලපාළීහි චිත‍්තිතං සොභිතං අග‍්ඝියං කත්‍වාන කාරෙත්‍වා ච සකං චිත‍්තං අත‍්තනො චිත‍්තං පසාදෙත්‍වා චෙතියං පූජයුත‍්තමන‍්ති උත‍්තමං බුද‍්ධධාතුනිධාපිතං චෙතියං පූජයින‍්ති සම‍්බන්‍ධො.

කත්‍වාත අග්සියං තත්‍වා යනු ඒ චෛත්‍ය පූජා ස්ථානයේ තල්පෙළ විසින් චිත්තිතං යහපත් වූ මා හැඟිලෙස කරන ලද සොඳුරු විලාසයෙන් කළ කත්‍වාන කරවා සකං චිත්තං තමන්ගේ සිත පසාදෙත්‍වා චෙතියං පූජයුත්තමං යනු උත්තම බුද්ධධාතු නිධන්කරන ලද චෛත්‍යයට පූජා කළෙමි යන සම්බන්ධයයි.

තස‍්ස චෙතියස‍්ස මහිමං දස‍්සෙන‍්තො අග‍්ගික‍්ඛන්‍ධොවාතිආදිමාහ. තත්‍ථ අග‍්ගික‍්ඛන්‍ධොවාති ආකාසෙ ජලමානො අග‍්ගික‍්ඛන්‍ධොව අග‍්ගිරාසි ඉව තං චෙතියං සත‍්තහි රතනෙහි ජලති ඵුල‍්ලිතො විකසිතපුප‍්ඵො සාලරුක‍්ඛරාජා ඉව ආකාසෙ ඉන්‍දලට‍්ඨීව ඉන්‍දධනු ඉව ච චතුද‍්දිසා චතූසු දිසාසු ඔභාසති විජ‍්ජොතතීති සම‍්බන්‍ධො.

ඒ චෛත්‍යයේ මහිමය පෙන්වමින් “අග්ගික්ඛන්ධොවා” යන ආදිය කීවේය. එහි අග්ගික්ඛන්‍ධොවා යනු අහසේ දිළිසෙන්නා වූ ගිනිගොඩක් මෙන් ගිනි රැසක් මෙන් ඒ දාගැබ සත්රුවනක්, ජලති දිළිසෙයි චුල්ලිතො පිපුණු මල් සල්රුක් රජකු මෙන් ආකාසේ ඉන්‍දලට්ඨිව දේදුන්නක් මෙන්, සතර දිශාවල ඔභාසති බබළයි යන සම්බන්ධයයි.

තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වාති තස‍්මිං ජොතමානධාතුගබ‍්භම‍්හි චිත‍්තං මනං පසාදෙත්‍වා සොමනස‍්සං කත්‍වා තෙන චිත‍්තප‍්පසාදෙන බහුං අනෙකප‍්පකාරං කුසලං පුඤ‍්ඤං කත්‍වාන “ධාතුගබ‍්භෙ ච සාසනෙ ච එත‍්තකානි පුඤ‍්ඤානි මයා කතානී”ති එවං පුඤ‍්ඤකම‍්මං සරිත්‍වාන කාලංකත්‍වා තිදසං තාවතිංසභවනං සුත‍්තප‍්පබුද‍්ධො විය අහං උපපජ‍්ජිං ජාතොති සම‍්බන්‍ධො.

තත්‍ථ චිත්තං පසාදෙත්‍වා යනු එහි බබළන ධාතුගර්භයෙහි චිත්ත සිත පසාදෙත්‍වා සොම්නස් කොට ඒ චිත්තප්‍රසාදයන බහුං නොයෙක් ආකාර කුසල පින් කොට ධාතු ගර්භයේද ශාසනයේද, මෙපමණ වූ පින්කම් මා විසින් කරන ලද්දේ යනුයි. මෙසේ පුඤ්ඤකම්මං සරිත්‍වා පින්කම් සිහිකොට කළුරිය කොට තිදසං තව්තිසභවනයට නිදා පිබිදියෙකු මෙන් අහං උප්පජ්ජිං මට උපන්නෙමි යන සම්බන්ධයයි.

අත‍්තනො උප‍්පන‍්නදෙවලොකෙ ලද‍්ධසම‍්පත‍්තිං දස‍්සෙන‍්තො සහස‍්සයුත‍්තන‍්තිආදිමාහ. තත්‍ථ හයවාහිං සින්‍ධවසහස‍්සයොජිතං දිබ‍්බරථං අධිට‍්ඨිතො. සත‍්තහි භූමීහි සං සුට‍්ඨු උග‍්ගතං උබ‍්බිද‍්ධං උච‍්චං මය‍්හං භවනං විමානං අහොසීති අත්‍ථො.

තමන් උපන් දිව්‍යලෝකයේ ලබන ලද සම්පත් ප්‍රකාශ කරමින් “සහස්සයුත්තං” යන ආදිය කීවේය. එහි හයවාහිං සෛන්ධව අශ්වයන් දහසක් යොදන ලද දිව්‍යරථය අධිට්ඨිතො භූමි සතකින් මැනවින් කොට උඩට එසවූ උස්වූ මගේ භවන විමානය විය යන අර්ථයයි.

තස‍්මිං විමානෙ සබ‍්බසොවණ‍්ණමයා සකලසොවණ‍්ණමයානි කූටාගාරසහස‍්සානි අහුං අහෙසුන‍්ති අත්‍ථො. සකතෙජෙන අත‍්තනො ආනුභාවෙන සබ‍්බා දස දිසා පභාසයං ඔභාසෙන‍්තානි ජලන‍්ති විජ‍්ජොතන‍්තීති සම‍්බන්‍ධො.

ඒ විමානයේ, සබ්බසොවණ්ණ මයා සම්පූර්ණයෙන් ස්වර්ණමය වූ කූටාගාර සහස්සාන කුමාගාර දහසක් වූහ යන අර්ථයයි. සකතෙජෙන තමන්ගේ ආනුභාවයෙන්, සබ්බදසදිසා විභාසයං බබළන්නේ ජලන්ති විද්‍යමාන වෙත් බබළත් යන සම්බන්ධයයි.

තස‍්මිං මය‍්හං පාතුභූතවිමානෙ අඤ‍්ඤෙපි නිය්‍යූහා පමුඛසාලායො සන‍්ති විජ‍්ජන‍්ති. කිං භූතා? ලොහිතඞ‍්ගමයා රත‍්තමණිමයා තදා තෙපි නිය්‍යූහා චතස‍්සො දිසා ආභාය පභාය ජොතන‍්තීති සම‍්බන්‍ධො.

එහි මගේ විමානය පහළ වූයේ යනුයි. අඤ්ඤෙපි නිය්‍යුභා ප්‍රධාන ශාලාවෙන් සන්නි විද්‍යමාන වෙති. ලොහිතංකමය රුවන් මණිමයා සැම කල්හි තෙපි සතර දිශාවල පැතිරි ආභාය ප්‍රභාවෙන් ජොතෙත්ති බබළත් යන සම්බන්ධය.

සබ‍්බෙ දෙවෙ සකලඡදෙවලොකෙ දෙවෙ අභිභොමි අභිභවාමි. කස‍්ස ඵලන‍්ති චෙ? මයා කතස‍්ස පුඤ‍්ඤකම‍්මස‍්ස ඉදං ඵලන‍්ති අත්‍ථො.

සබ්බෙ දෙවෙ - සියලු සදිව්‍යලෝකවල දෙවිවරුන් අභිහොමි අභිබවා යමි. කවරකුගේ ඵලයක්ද, මා විසින් කරන ලද්දකි. පුණ්‍යකර්ම යාගෙ මෙයද ඵලයකි යන අර්ථයයි.

තතො මනුස‍්සසම‍්පත‍්තිං දස‍්සෙන‍්තො සට‍්ඨිකප‍්පසහස‍්සම‍්හීතිආදිමාහ. තත්‍ථ ඉතො කප‍්පතො හෙට‍්ඨා සට‍්ඨිසහස‍්සකප‍්පමත්‍ථකෙ චාතුරන‍්තො චතුමහාදීපවන‍්තො විජිතාවී සබ‍්බං පච‍්චත්‍ථිකං විජිතවන‍්තො අහං උබ‍්බිද‍්ධො නාම චක‍්කවත‍්තී රාජා හුත්‍වා පථවිං ආවසිං රජ‍්ජං කාරෙසින‍්ති සම‍්බන්‍ධො.

ඉක්බිති මනුෂ්‍ය සම්පත්තිය දක්වමින්, “සට්ඨිකප්ප සහස්සම්හි” යනාදිය කීවේය. එහි මේ කල්පයෙන් යට, සැටදහස් කල්පයට මත්තෙහි, චාතුරන්තො සිවු මහාද්වීප ආශ්‍රිතව, විජිතාවී සියලු ප්‍රත්‍යන්ත ජයගත්තා වූ මම, උට්ඨියො එනම් සක්විතිරජව, පථවිං ආවසිං රාජ්‍යය කළෙමි යන සම්බන්ධයයි.

තථෙව භද‍්දකෙ කප‍්පෙති පඤ‍්චබුද‍්ධපටිමණ‍්ඩිතත‍්තා භද‍්දකෙ නාම කප‍්පෙ. තිංසක‍්ඛත‍්තුං තිංසජාතියා චතුදීපම‍්හි ඉස‍්සරො පධානො චක‍්කරතනාදීහි සත‍්තහි රතනෙහි සම‍්පන‍්නො සමඞ‍්ගීභූතො සකකම‍්මාභිරද‍්ධො අත‍්තනො කම‍්මෙ දස රාජධම‍්මෙ අභිරද‍්ධො අල‍්ලීනො චක‍්කවත‍්තී රාජා අම‍්හී අහොසින‍්ති සම‍්බන්‍ධො. අත‍්තනො චක‍්කවත‍්තිකාලෙ අනුභූතසම‍්පත‍්තිං දස‍්සෙන‍්තො “තත්‍ථාපි භවනං මය‍්හ”න‍්තිආදිමාහ. තත්‍ථ තස‍්මිං චක‍්කවත‍්තිරජ‍්ජම‍්හි මය‍්හං භවනං මම පාසාදං ඉන්‍දලට‍්ඨීව උග‍්ගතං ආකාසෙ ඨිතවිජ‍්ජොතමානා විජ‍්ජුල‍්ලතා ඉව උග‍්ගතං සත‍්තභූමිකාදිභෙදෙහි උච‍්චං ආයාමතො දීඝතො ච උච‍්චතො ච චතුවීසතියොජනං විත්‍ථාරතො ද‍්වාදසයොජනං අහොසීති සම‍්බන්‍ධො. සබ‍්බෙසං ජනානං මනං අල‍්ලීනභාවෙන රම‍්මණං නාම නගරං අහොසීති අත්‍ථො. දළ‍්හෙහි ද‍්වාදසහත්‍ථෙහි වා තිංසහත්‍ථෙහි වා උච‍්චෙහි පාකාරතොරණෙහි සම‍්පන‍්නන‍්ති දස‍්සෙති.

තත්‍ථෙවභද්දකෙ කප්පෙ යනු පසේ බුදුවරුන්ගෙන් සැරසූ, භද්දකෙ එනම්, කප්පෙ තිංසක්ඛත්තුං තිස් ජාතියකින් චතුදිපම්හි ඉස්සරො ප්‍රධාන චක්‍රරත්නය ආදි කොට ඇති සප්ත රත්නවලින් සම්පන්න වූ, ඇසුරු කළාවූ, සක්කකම්මාභිරද්ධො තමන්ගේ ක්‍රියාවේදී දස රාජ ධර්මයන්හි ඇලි, ඇලී, චක්කවත්තිරාජා අම්හ වූයෙමි යනුයි. තමන්ගේ චක්‍රවර්ති රාජ්‍ය කාලයේ හේතු සම්පත් දක්වමින් “තත්‍ථාපි භවතං මය්හං” යනාදිය කීවේය. තත්‍ථ ඒ චක්‍රවර්ති රාජ්‍යයෙහි මයිහං භවනං මගේ භවන ඉන්‍දලට්ඨිවඋග්ගතං අහසේ පිහිටි, බබළන්නා වූ විදුලියමෙන් උස්වූ සත්මහල් ප්‍රාසාදයක් සේ උස, ආයාමතො දීර්ඝවූ ද උස් වූද, විසිහතර යොදුන් පළල, දොළොස යොදුනක් විය යන සම්බන්ධයයි. සියලු ජනතාවගේ මනස ඇලී තිබෙන බැවින් රම්මක නම් නගරය විය යන අර්ථයයි. දැඩි වූ දොළොස් රියන් හෝ තිස් රියන් උස් වූ ප්‍රාකාර තොරණවලින් සම්බන්ධව පෙනෙයි.

තදඩ‍්ඪකං තතො අඩ‍්ඪකං අඩ‍්ඪතියසතයොජනන‍්ති අත්‍ථො. පක‍්ඛිත‍්තා පණ‍්ණවීසතීති වීසතිආපණපක‍්ඛිත‍්තං නිරන‍්තරං වීථිපරිච‍්ඡෙදන‍්ති අත්‍ථො. බ්‍රාහ‍්මඤ‍්ඤකුලසම‍්භූතොති බ්‍රාහ‍්මණකුලෙ සුජාතො. සෙසං වුත‍්තනයත‍්තා සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

තදඩ්ඪකං අතුරුව අඩක් අර්ධ අඩ යොදුනක් යන අර්ථයයි. පක්ඛිත්තා පණවිසති විස්සක් වෙළඳසැල් බහන ලද, නිරතුරුව විවර කළ වීථි ඇත්තේ යන අර්ථයයි. බ්‍රහ්මඤ්ඤ කුල සහභුතො යනු බ්‍රාහ්මණ කුලයේ සුජාතව, සෙස්ස කියන ලද පරිදි දතයුත්තේමය.

මහාකස‍්සපත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

මහා කස්සපථෙරා අපදාන අටුවාවයි.