යෙදුමෙන් කියවන්න

4. අනුරුද‍්ධත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

4. අනුරුද‍්ධත්‍ථෙරඅපදානවණ‍්ණනා

4. අනුරුද්ධ ථේර අපදාන වර්ණනාව

සුමෙධං භගවන‍්තාහන‍්තිආදිකං ආයස‍්මතො අනුරුද‍්ධත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ කුටුම‍්බිකකුලෙ නිබ‍්බත‍්ති. වයප‍්පත‍්තො එකදිවසං විහාරං ගන‍්ත්‍වා සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරා එකං භික‍්ඛුං දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයම‍්පි තං දානං පත්‍ථෙත්‍වා සතසහස‍්සභික‍්ඛුපරිවාරස‍්ස භගවතො සත‍්තාහං මහාදානං පවත‍්තෙත්‍වා සත‍්තමෙ දිවසෙ භගවතො භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච උත‍්තමානි වත්‍ථානි දත්‍වා පණිධානං අකාසි. සත්‍ථාපිස‍්ස අනන‍්තරායෙන සමිජ‍්ඣනභාවං දිස‍්වා “අනාගතෙ ගොතමස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනෙ දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගො භවිස‍්සතී”ති බ්‍යාකාසි. සොපි තත්‍ථ පුඤ‍්ඤානි කරොන‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ සත‍්තයොජනිකෙ කනකථූපෙ බහුකංසපාතියො දීපරුක‍්ඛෙහි දීපකපල‍්ලිකාහි ච “දිබ‍්බචක‍්ඛුඤාණස‍්ස උපනිස‍්සයො හොතූ”ති උළාරං දීපපූජං අකාසි. එවං යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ බාරාණසියං කුටුම‍්බිකගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ නිට‍්ඨිතෙ යොජනිකෙ කනකථූපෙ බහුකංසපාතියො සප‍්පිමණ‍්ඩස‍්ස පූරෙත්‍වා මජ‍්ඣෙ ච එකෙකං ගුළපිණ‍්ඩං ඨපෙත්‍වා මුඛවට‍්ටියා මුඛවට‍්ටිං ඵුසාපෙන‍්තො චෙතියං පරික‍්ඛිපාපෙසි. අත‍්තනා ගහිතකංසපාතිං සප‍්පිමණ‍්ඩස‍්ස පූරෙත්‍වා සහස‍්සවට‍්ටියො ජාලාපෙත්‍වා සීසෙ ඨපෙත්‍වා සබ‍්බරත‍්තිං චෙතියං අනුපරියායි.

සුමේධ භගවන්තාහං යන ආදිය ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ චරිතයයි. මෙයද පෙර බුදුවරුන් විෂයෙහි කරන ලද ආධිකාර ඇත්තේ, ඒ ඒ භවයේ පින්කම් රැස්කෙරෙන්නේ පදුමුත්තර භාග්‍යවතුන්ගේ කාලයේ බොහෝ සම්පත් ඇති කෙළෙඹි කුලයක උපන්නේය. වැඩිවිය පැමිණ, එක් දිනක් විහාරයට ගොස් ශාස්තෲ සමීපයේ බණ අසමින් බුදුරදුන් විසින් එක් භික්‍ෂුවක් දිව්‍ය චක්‍ෂුධර භික්‍ෂූන් අතර අග්‍ර තනතුරේ තබනවා දැක තමා ඒ තනතුර ප්‍රාර්ථනා කොට ලක්‍ෂයක් භික්‍ෂූන් පිරිවරා බුදුරදුන්ට සත් දිනක් මහදන් පවත්වා, සත්වෙනි දිනයේ භගවත්හු හට හා භික්‍ෂු සංඝයාට උත්තම වස්ත්‍ර දන්දී ප්‍රාර්ථනාව කළේය. ශාස්තෲන් වහන්සේද, ඔහුගේ අනතුරුව පැතුම සමෘද්ධ වන බව දැක ‘අනාගතයේ ගෞතම සම්මා සම්බුදුරදුන්ගේ ශාසනයේ, දිවැස් ඇති භික්‍ෂූන්ගේ අග්‍ර තනතුර, වන්නේ යයි විවරණ කළසේක. ඔහුද එහිදී පින් කරන්නේ බුදුරදුන් පිරිනිවන්පෑ කල්හි, සත් යොදුනක් දුර ස්වර්ණ ථූපයක බොහෝ රන් පේළිවලින් යුතු පහන් රුක්වලින්, පහන් පැල්වලින්ද යුතුව “දිබ්බචක්ඛු ඤාණය පහළ වේවා” යයි උදාර වූ ප්‍රදීප පූජාවක් කළේය. මෙසේ දිවි ඇති තෙක්, පින්කම්කොට, දෙව්මිනිස් ලෝකවල සැරිසරන්නේ, කස්සප බුදුරදුන්ගේ කාලයේ බරණැස කෙළෙඹි නිවස ඉපදී, ප්‍රඥාවන්ත වූයේ, ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පා කල්හි, නිමවූ කල යොදුනක රන්ථූපයක් බොහෝ ස්වර්ණ පහන්වල ගිතෙල් පුරවා, මැද වෙන වෙනම උක්සකුරු බෝලය බැගින් තබා, මුවෙන් මුව පහන්වැටි ස්පර්ශ කරමින්, චෛත්‍යය වටකොට තැබීය. තමා විසින් ගන්නා ලද, රන් පහන්වල ගිතෙල් පුරවා දහසක් පහන් තිරවලින් දල්වා හිසේ තබා, මුළු රාත්‍රියම චෛත්‍යය වටා සැරිසැරීය.

එවං තස‍්මිම‍්පි අත‍්තභාවෙ යාවජීවං කුසලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා තත්‍ථ යාවතායුකං ඨත්‍වා තතො චුතො අනුප‍්පන‍්නෙ බුද‍්ධෙ බාරාණසියංයෙව දුග‍්ගතකුලෙ නිබ‍්බත‍්ති, “අන‍්නභාරො”තිස‍්ස නාමං අහොසි. සො සුමනසෙට‍්ඨිස‍්ස නාම ගෙහෙ කම‍්මං කරොන‍්තො ජීවති. එකදිවසං සො උපරිට‍්ඨං නාම පච‍්චෙකබුද‍්ධං නිරොධසමාපත‍්තිතො වුට‍්ඨාය ගන්‍ධමාදනපබ‍්බතතො ආකාසෙනාගන‍්ත්‍වා බාරාණසීනගරද‍්වාරෙ ඔතරිත්‍වා චීවරං පාරුපිත්‍වා නගරෙ පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පසන‍්නමානසො පත‍්තං ගහෙත්‍වා අත‍්තනො අත්‍ථාය ඨපිතං භාගභත‍්තං පත‍්තෙ පක‍්ඛිපිත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස දාතුකාමො ආරභි. භරියාපිස‍්ස අත‍්තනො භාගභත‍්තඤ‍්ච තත්‍ථෙව පක‍්ඛිපි. සො තං නෙත්‍වා පච‍්චෙකබුද‍්ධස‍්ස හත්‍ථෙ ඨපෙසි. පච‍්චෙකබුද‍්ධො තං ගහෙත්‍වා අනුමොදනං කත්‍වා පක‍්කාමි. තං දිවසං සුමනසෙට‍්ඨිස‍්ස ඡත‍්තෙ අධිවත්‍ථා දෙවතා – “අහො දානං, පරමදානං, උපරිට‍්ඨෙ සුප‍්පතිට‍්ඨිත”න‍්ති මහාසද‍්දෙන අනුමොදි. තං සුත්‍වා සුමනසෙට‍්ඨි – “එවං දෙවතාය අනුමොදිතං ඉදමෙව උත‍්තමදාන”න‍්ති චින‍්තෙත්‍වා තත්‍ථ පත‍්තිං යාචි. අන‍්නභාරො පන තස‍්ස පත‍්තිං අදාසි. තෙන පසන‍්නචිත‍්තො සුමනසෙට‍්ඨි තස‍්ස සහස‍්සං දත්‍වා “ඉතො පට‍්ඨාය තුය‍්හං සහත්‍ථෙන කම‍්මකරණකිච‍්චං නත්‍ථි, පතිරූපං ගෙහං කත්‍වා නිච‍්චං වසාහී”ති ආහ.

මෙසේ ඔහු ඒ ආත්මභාවයේ දිවි ඇතිතෙක් කුසල කර්මකොට දෙව්ලොව ඉපිද, එහි ආයුෂ ඇති පරිදි සිට ඉන් චුතව බුදුරදුන් උපන් කල්හි, බරණැසම දුප්පත් කුලයක උපන්නේය. අන්නභාරතිස්ස යයි නම් විය. හෙතෙම සුමන නම් සිටුතුමාගේ ගෙදර වැඩකරමින් ජීවත් වෙයි. එක දවසක් හෙතෙම උපරිට්ඨ නම් පසේබුදුරද, නිරෝධ සමවතින් නැගිට ගන්ධමාදන පර්වතයෙන් අහසින්ම අවුත් බරණැස නගර මැදට බැස, සිවුර පොරවා, නගරයේ පිඬු පිණිස හැසිරෙනු දැක, ප්‍රසන්න මනසින් පාත්‍රය ගෙන තමන් සඳහා තබන ලද, බත් කොටස, පාත්‍රයට දමා, පසේ බුදුරදුන්ට දීමට පටන් ගත්තේය. ඔහුගේ බිරිඳද තමාගේ බත් කොටසද දැමීය. ඔහු එය රැගෙන ගොස්, පසේ බුදුරදුන්ගේ අතේ තැබීය. පසේ බුදුරද එය ගෙන. අනුමෝදනාකොට පෙරළා ගියේය. එදවස සුමන සිටුතුමාගේ කුඩයට අධිපති දේවතාවා “අහො දානං පරමදානං උපරිට්ඨෙ සුප්පතිට්ඨිතං” යනුවෙන් මහා ශබ්දයෙන් අනුමෝදනාව අසා, සුමන සිටුතුමා මෙසේ දේවතාවට අනුමෝදන් කිරීමට මෙයම උතුම් දානය යයි සිතා පාත්‍රය ඉල්ලීය. අන්නභාර ඔහුට පාත්‍රය දුන්නේය. ඉන් පැහැදුණු සිත් ඇති සුමන සිටු ඔහුට දහසක් දී, මෙතැන් පටන්, ඔබට අර්ථයෙන් ක්‍රියා කිරීමේ වැඩක් නැත. සුදුසු වාසයට ගැලපෙන ගෙයක් කොට, නිතර වාසය කරවයි කීවේය.

යස‍්මා නිරොධසමාපත‍්තිතො වුට‍්ඨිතස‍්ස පච‍්චෙකබුද‍්ධස‍්ස දින‍්නපිණ‍්ඩපාතො තං දිවසමෙව උළාරවිපාකො හොති, තස‍්මා සුමනසෙට‍්ඨි රඤ‍්ඤො සන‍්තිකං ගච‍්ඡන‍්තො තං ගහෙත්‍වා අගමාසි. රාජා පන තං ආදරවසෙන ඔලොකෙසි. සෙට‍්ඨි – “මහාරාජ, අයං ඔලොකෙතබ‍්බයුත‍්තොයෙවා”ති වත්‍වා තදා තෙන කතකම‍්මං අත‍්තනාපිස‍්ස සහස‍්සදින‍්නභාවඤ‍්ච කථෙසි. තං සුත්‍වා රාජා තස‍්ස තුස‍්සිත්‍වා සහස‍්සං දත්‍වා “අසුකස‍්මිං ඨානෙ ගෙහං කත්‍වා වසාහී”ති ගෙහට‍්ඨානමස‍්ස ආණාපෙසි. තස‍්ස තං ඨානං සොධාපෙන‍්තස‍්ස මහන‍්තා මහන‍්තා නිධිකුම‍්භියො උට‍්ඨහිංසු. සො තා දිස‍්වා රඤ‍්ඤො ආරොචෙසි. රාජා සබ‍්බං ධනං උද‍්ධරාපෙත්‍වා රාසිකතං දිස‍්වා – “එත‍්තකං ධනං ඉමස‍්මිං නගරෙ කස‍්ස ගෙහෙ අත්‍ථී”ති පුච‍්ඡි. “න කස‍්සචි, දෙවා”ති. “තෙන හි අයං අන‍්නභාරො ඉමස‍්මිං නගරෙ මහාධනසෙට‍්ඨි නාම හොතූ”ති තං දිවසමෙව තස‍්ස සෙට‍්ඨිඡත‍්තං උස‍්සාපෙසි.

යම්හෙයකින් නිරෝධ සමාපත්තියෙන් නැගිටි පසේබුදුරදුන්ට දෙන ලද පිණ්ඩපාතය එදවසම උදාර විපාක ගෙන දෙයි. එහෙයින් සුමන සිටු රජුගේ සමීපයට යන්නේ ඔහු රැගෙන ගියේය. රජු වනාහි ඔහු දෙස සාදරයෙන් බැලීය. සිටුතුමා, “මහරජතුමනි, මෙතෙම “බැලිය යුත්තෙකැයි” පවසා එදින ඔහු විසින් කරන ලද කර්මය තමා විසින් ඔහුට දහසක් දුන් බව කීවේය. ඒ අසා, රජු ඔහුට සතුටු වී, දහසක් දී, අසවල් තැන, ගෙයක්කොට වාසය කරවයි. ඔහුට ගෙට යාමට අණ කළේය. ඔහුගේ ඒ ස්ථානය සෝදා පිරිසිදු කළ කල්හි මහත් වූ ධනය පිරවූ කලගෙඩි පහළ වූහ. ඔහු එය දැක රජුට දැන්වීය. රජු සියළු ධනය උදුරාගෙන රැස්කොට “මෙපමණ ධනය මේ නගරයේ කවර ගෙදරට අත්දැයි ඇසීය. දේවයන් වහන්ස, කිසිවකුට නැත. එසේ වී නම් අන්නභාර මේ නගරයේ මහා ධන සිටු නම් වේවා’යි, එදවසම ඔහුට සිටු කුඩය එසවීය.

සො සෙට‍්ඨි හුත්‍වා යාවජීවං කල්‍යාණකම‍්මං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තො, දීඝරත‍්තං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා අම‍්හාකං භගවතො උප‍්පජ‍්ජනකකාලෙ කපිලවත්‍ථුනගරෙ සුක‍්කොදනසක‍්කස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්ස ජාතස‍්ස අනුරුද‍්ධොති නාමං අකංසු. සො මහානාමසක‍්කස‍්ස කනිට‍්ඨභාතා භගවතො චූළපිතු පුත‍්තො පරමසුඛුමාලො මහාපුඤ‍්ඤො අහොසි. සුවණ‍්ණපාතියංයෙව චස‍්ස භත‍්තං උප‍්පජ‍්ජි. අථස‍්ස මාතා එකදිවසං “මම පුත‍්තො නත්‍ථීති පදං න ජානාති, තං ජානාපෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා එකං සුවණ‍්ණපාතිං තුච‍්ඡකංයෙව අඤ‍්ඤාය සුවණ‍්ණපාතියා පිදහිත්‍වා තස‍්ස පෙසෙසි, අන‍්තරාමග‍්ගෙ දෙවතා තං, දිබ‍්බපූවෙහි පූරෙසුං. එවං මහාපුඤ‍්ඤො තිණ‍්ණං උතූනං අනුච‍්ඡවිකෙසු තීසු පාසාදෙසු අලඞ‍්කතනාටකිත්‍ථීහි පරිවුතො දෙවො විය මහාසම‍්පත‍්තිං අනුභවි.

ඒ සිටුතුමා දිවි ඇති තෙක්, යහපත් වැඩ කොට දෙව්ලොව උපන්නේ, දීර්ඝ කාලයක් දෙව්මිනිස් ලොවවල සැරිසරා අපගේ බුදුරදුන් උපන් කල්හි, කපිලවස්තු නගරයේ සුක්කොදන නම් ගෙදර පිළිසිඳ ගත්තේය. ඔහු උපන් කල්හි අනුරුද්ධ යයි නම් කළහ. ඔහු මහානාම සක්විතිගේ කනිෂ්ට සොයුරු, බුදුරදුන්ගේ සුළුපියා වූ පුතු වූයේ ඉතාම සියුමැලිය. මහත් පින් ඇත්තෙකි. රත්රන් භාජනයකම ඔහුට බත ඉපදවීය. ඉක්බිති ඔහුගේ මව එක දවසක් “මගේ පුතා නැතැයි” පියවරක් නොදනියි. ඔහු ගැන දැනගන්නෙමියි, සිතා එක් රජු වර්ණ සැළියක් හිස්බව දැන, රන් පියනින් වසා, ඔහුට යැවීය. අතරමග දේවතාවෝ එය දිව්‍ය කැවුම්වලින් පිරවූහ. මෙසේ මහපිනැති, සෘතු තුනට ගැලපෙන ප්‍රාසාදවල ලස්සන නාටිකාංගනාවන් පිරිවරාගෙන දෙවියකු මෙන් මහා සම්පත් වින්දේය.

අම‍්හාකම‍්පි බොධිසත‍්තො තස‍්මිං සමයෙ තුසිතපුරා චවිත්‍වා සුද‍්ධොදනමහාරාජස‍්ස අග‍්ගමහෙසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්තිත්‍වා අනුක‍්කමෙන වුද‍්ධිප‍්පත‍්තො එකූනතිංස වස‍්සානි අගාරමජ‍්ඣෙ වසිත්‍වා මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා අනුක‍්කමෙන පටිවිද‍්ධසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණො බොධිමණ‍්ඩෙ සත‍්තසත‍්තාහං වීතිනාමෙත්‍වා ඉසිපතනෙ මිගදායෙ ධම‍්මචක‍්කං පවත‍්තෙත්‍වා ලොකානුග‍්ගහං කරොන‍්තො රාජගහං ගන‍්ත්‍වා වෙළුවනෙ විහාසි. තදා සුද‍්ධොදනමහාරාජා – “පුත‍්තො කිර මෙ රාජගහං අනුප‍්පත‍්තො; ගච‍්ඡථ, භණෙ, මම පුත‍්තං ආනෙථා”ති සහස‍්සසහස‍්සපරිවාරෙ දස අමච‍්චෙ පෙසෙසි. තෙ සබ‍්බෙ එහිභික‍්ඛුපබ‍්බජ‍්ජාය පබ‍්බජිංසු. තෙසු උදායිත්‍ථෙරෙන චාරිකාගමනං ආයාචිතො භගවා වීසතිසහස‍්සඛීණාසවපරිවුතො රාජගහතො නික‍්ඛමිත්‍වා කපිලවත්‍ථුපුරං ගන‍්ත්‍වා ඤාතිසමාගමෙ අනෙකානි පාටිහාරියානි දස‍්සෙත්‍වා පාටිහාරියවිචිත‍්තං ධම‍්මදෙසනං කථෙත්‍වා මහාජනං අමතපානං පායෙත්‍වා දුතියදිවසෙ පත‍්තචීවරමාදාය නගරද‍්වාරෙ ඨත්‍වා “කිං නු ඛො කුලනගරං ආගතානං සබ‍්බබුද‍්ධානං ආචිණ‍්ණ”න‍්ති ආවජ‍්ජමානො “සපදානං පිණ‍්ඩාය චරණං ආචිණ‍්ණ”න‍්ති ඤත්‍වා සපදානං පිණ‍්ඩාය චරති. රාජා “පුත‍්තො තෙ පිණ‍්ඩාය චරතී”ති සුත්‍වා තුරිතතුරිතො ආගන‍්ත්‍වා අන‍්තරවීථියං ධම‍්මං සුත්‍වා අත‍්තනො නිවෙසනං පවෙසෙත්‍වා මහන‍්තං සක‍්කාරසම‍්මානං අකාසි. භගවා තත්‍ථ කත‍්තබ‍්බං ඤාතිසඞ‍්ගහං කත්‍වා රාහුලකුමාරං පබ‍්බාජෙත්‍වා නචිරස‍්සෙව කපිලවත්‍ථුනගරතො මල‍්ලරට‍්ඨෙ චාරිකං චරමානො අනුපියම‍්බවනං පාපුණි.

අපගේ බෝසත්හුද, එසමයේ තුසිත පුරයෙන් චුතව, සුද්ධෝදන මහරජුගේ අගමෙහෙසියගේ කුසෙහි ඉපිද, පිළිවෙලින් වැඩෙන්නේ එකුන්තිස් වසක් (29) ගිහිගෙය මැද වාසයකොට මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්ම අනුපිළිවෙලින් අවබෝධ කළ සර්වඥතා ඥානය ඇත්තේ, බෝධිමූලයේ සත්සතියක් කල්යවා, ඉසිපතන මිගදායේ ධර්මචක්‍රය පවත්වා, ලොවට අනුග්‍රහ කරමින්, රජගහනුවරට ගොස් වේළුවනයේ වැඩසිටි සේක. බොල යවු. මගේ පුතා රැගෙන එවු යයි, දසදහසක් පිරිවරද ඇමතියන් දහසක්ද යැවීය. ඒ සියල්ලෝ ඒහිභික්‍ෂුභාවයෙන් පැවිදි වූහ. ඔවුන් අතර උදායි තෙරුන් විසින්, චාරිකාගමනට ඉල්ලන ලද්දේ, බුදුරදුන් විසිදහසක් මහරහතුන් පිරිවරා රජගහනුවරින් නික්ම කපිලවස්තුවට ගොස් ඤාති සමාගම්ම නොයෙක් ආකාර පෙළහරයෙන් පෙළහරට විචිත්‍ර වූ ධර්මදේශනාවක් කොට මහජනයාට අමෘතපානය පොවා, දෙවන දිනයේ, පාසිවුරු රැගෙන, නුවර දොරටුවේ සිට කිම, කුල නගරයට පිවිසියා වූ සියළු බුදුවරුන්ට සමාන ක්‍රියාවකැයි ආවර්ජනා කරන්නේ, පිළිවෙලින් පිඬු පිණිස හැසිරෙයි. රජු ඔබේ පුතා පිඬු පිණිස හැසිරේයයි අසා, ඉක්මනට ඉක්මනට අවුත් අතුරු වීථියකදී බණ අසා තමන්ගේ මන්දිරයට පැමිණ මහත් වූ සත්කාර සම්මාන කළේය. බුදුරදුන් එහිදී කළයුතු ඤාති සංග්‍රහකොට, රාහුල කුමරු පැවිදිකොට, නොබෝකලක් කපිලවස්තු නගරයෙන්, මල්ල රටෙහි චාරිකා කරන්නේ අනුපිය අඹවනයට පිවිසි සේක.

තස‍්මිං සමයෙ සුද‍්ධොදනමහාරාජා සාකියගණං සන‍්නිපාතෙත්‍වා ආහ – “සචෙ මම පුත‍්තො අගාරං අජ‍්ඣාවසිස‍්ස, රාජා අභවිස‍්ස චක‍්කවත‍්තී සත‍්තරතනසම‍්පන‍්නො ඛත‍්තියගණපරිවාරො, නත‍්තාපි මෙ රාහුලකුමාරො ඛත‍්තියගණෙන සද‍්ධිං තං පරිවාරෙත්‍වා අචරිස‍්ස, තුම‍්හෙපි එතමත්‍ථං ජානාථ. ඉදානි පන මම පුත‍්තො බුද‍්ධො ජාතො, ඛත‍්තියාවාස‍්ස පරිවාරා හොන‍්තු, තුම‍්හෙ එකෙකකුලතො එකෙකං දාරකං දෙථා”ති. එවං වුත‍්තෙ එකප‍්පහාරෙනෙව ද‍්වෙඅසීතිසහස‍්සඛත‍්තියකුමාරා පබ‍්බජිංසු.

එසමයේ සුද්ධෝදන මහරජු ශාක්‍යපුත්‍රයා රැස්කොට කීවේය. ඉදින් මගේ පුතා ගිහිගෙය වාසය කළේ නම්, චක්‍රවර්ති රජ වන්නේය. ක්‍ෂත්‍රිය සේනාව පිරිවරා සත්රුවන් සම්පන්නද විවන්නේය. මුණුබුරු වූ මගේ රාහුල කුමරුද ක්‍ෂත්‍රිය සේනාව සමග ඔහු පිරිවරා වසන්නේය. නුඹලා මේ කරුණ දැනගනිවු. දැන් වනාහි මගේ පුතා බුදුවිය. ඔහුට ක්‍ෂත්‍රියයෝ පිරිවර වෙත්වා. නුඹලා එක එක කුලයෙන් එක එක දරුවා බැගින් දෙවු යයි මෙසේ කී කල්හි, එකපහරින්ම අසූදෙකක් ක්‍ෂත්‍රිය කුමාරයෝ පැවිදි වූහ.

තස‍්මිං සමයෙ මහානාමො සක‍්කො කුටුම‍්බසාමිකො, සො අත‍්තනො කනිට‍්ඨං අනුරුද‍්ධං සක‍්කං උපසඞ‍්කමිත්‍වා එතදවොච – “එතරහි, තාත අනුරුද‍්ධ, අභිඤ‍්ඤාතා අභිඤ‍්ඤාතා සක්‍යකුමාරා භගවන‍්තං පබ‍්බජිතං අනුපබ‍්බජන‍්ති, අම‍්හාකඤ‍්ච කුලා නත්‍ථි කොචි අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො, තෙන හි ත්‍වං වා පබ‍්බජාහි, අහං වා පබ‍්බජිස‍්සාමී”ති. තං සුත්‍වා අනුරුද‍්ධො ඝරාවාසෙ රුචිං අකත්‍වා අත‍්තසත‍්තමො අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතො. තස‍්ස පබ‍්බජ‍්ජානුක‍්කමො සඞ‍්ඝභෙදකක‍්ඛන්‍ධකෙ (චූළව· 330 ආදයො) ආගතොයෙව. එවං අනුපියං ගන‍්ත්‍වා පබ‍්බජිතෙසු පන තෙසු තස‍්මිංයෙව අන‍්තොවස‍්සෙ භද‍්දියත්‍ථෙරො අරහත‍්තං පාපුණි, අනුරුද‍්ධත්‍ථෙරො දිබ‍්බචක‍්ඛුං නිබ‍්බත‍්තෙසි, දෙවදත‍්තො අට‍්ඨ සමාපත‍්තියො නිබ‍්බත‍්තෙසි, ආනන්‍දත්‍ථෙරො සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි, භගුත්‍ථෙරො ච කිමිලත්‍ථෙරො ච පච‍්ඡා අරහත‍්තං පාපුණිංසු. තෙසං සබ‍්බෙසම‍්පි ථෙරානං අත‍්තනො අත‍්තනො ආගතට‍්ඨානෙසු පුබ‍්බපත්‍ථනාභිනීහාරො ආවි භවිස‍්සති. අයං අනුරුද‍්ධත්‍ථෙරො ධම‍්මසෙනාපතිස‍්ස සන‍්තිකෙ කම‍්මට‍්ඨානං ගහෙත්‍වා චෙතියරට‍්ඨෙ පාචීනවංසදායං ගන‍්ත්‍වා සමණධම‍්මං කරොන‍්තො සත‍්ත මහාපුරිසවිතක‍්කෙ විතක‍්කෙසි, අට‍්ඨමෙ කිලමති. සත්‍ථා “අනුරුද‍්ධො අට‍්ඨමෙ මහාපුරිසවිතක‍්කෙ කිලමතී”ති ඤත්‍වා “තස‍්ස සඞ‍්කප‍්පං පූරෙස‍්සාමී”ති තත්‍ථ ගන‍්ත්‍වා පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නො අට‍්ඨමං මහාපුරිසවිතක‍්කං පූරෙත්‍වා චතුපච‍්චයසන‍්තොසභාවනාරාමපටිමණ‍්ඩිතං මහාඅරියවංසපටිපදං කථෙත්‍වා ආකාසෙ උප‍්පතිත්‍වා භෙසකලාවනමෙව ගතො.

එසමයෙහි මහා ශාක්‍ය කෙළෙඹි ස්වාමියා ඔහු තමාගේ කනිටු, අනුරුද්ධ ශාක්‍යයා වෙත එළඹ මෙසේ කීවේය. “දරුව අනුරුද්ධ, පැවිදිව භාග්‍යවතුන් වෙනුවෙන් අනුව පැවිදි වවු. ශාක්‍ය කුමාරවරු මැනවින් අවබෝධ කරන්නාහ. අනගාරික ගිහිගෙයින් නික්ම පැවිදි වූ කෙනෙකු අපගේ කුලයෙත් නැත. එසේ හෙයින් නුඹ හෝ පැවිදි වෙව. මම හෝ පැවිදි වන්නෙමියි ඒ අසා, අනුරුද්ධ ගෘහවාසයේ රුචිය නොකොට තමන් සත්වෙනිව ගිහිගෙයින් අනගාරික ප්‍රවෘජ්‍යාවට පත්විය. ඔහුගේ පළමු පැවිදිවීමේ අනුපිළිවෙළකව සංඝභේදක ඛන්ධකයේ පැවසෙන පරිද්දෙනි. මෙසේ අනුපිය අඹවනයට ගොස් පැවිදි විය. ඔවුන් අතර ඔහුට ඇතුල් වසා භද්දිය තෙරුන් රහත් බවට පත්විය. අනුරුද්ධ තෙරුන් දිව්‍ය චක්‍ෂුර් ඥානය ඉපදවීය. දේවදත්ත අෂ්ට සමාපත්ති ඉපදවීය. ආනන්ද තෙර සෝවාන් ඵලයේ පිහිටි සේක. භගු, කිම්බිල තෙරවරු පසුව අර්හත් ඵලයට පැමිණියහ. ඒ සියළුම තෙරවරුන් තම තමන් ආවා වූ ස්ථානවල පෙර ප්‍රාර්ථනා බලයෙන් අභිනීහාර සිදුකර ගත්හ. මේ අනුරුද්ධ මහතෙරුන් ධර්ම සේනාපති සමීපයේ කමටහන් ගෙන චේතිය රට ප්‍රාචීන වංශයට ගොස් මහණදම් කරමින්, සත්මහා පුරුෂ ලකුණ මෙනෙහි කළෝය. අටවැන්නේදී ක්ලාන්ත වෙයි. ශාස්තෲන් වහන්සේ, අනුරුද්ධ තෙර අටවැනි මහා පුරුෂ ලක්‍ෂණයේදී ක්ලාන්ත වන බව දැන උන්වහන්සේගේ සංකල්පය පුරවන්නෙමියි එහි ගොස් පනවන ලද උතුම් බුද්ධාසනයේ වැඩහුන්නේ, අටවෙනි මහාපුරුෂ විතර්කය පුරවා සිවුපසයේ සන්තෝෂභාවයෙන් සරසන ලද අරියවංස ප්‍රතිපදාව පවසා ආකාශයට පැන නැග භේෂකලා වනයටම ගියේය.

ථෙරො තථාගතෙ ගතමත‍්තෙයෙව තෙවිජ‍්ජො මහාඛීණාසවො හුත්‍වා “සත්‍ථා මය‍්හං මනං ජානිත්‍වා ආගන‍්ත්‍වා අට‍්ඨමං මහාපුරිසවිතක‍්කං පූරෙත්‍වා අදාසි, සො ච මෙ මනොරථො මත්‍ථකං පත‍්තො”ති බුද‍්ධානං ධම‍්මදෙසනං අත‍්තනො ච පටිවෙධධම‍්මං ආරබ‍්භ ඉමා උදානගාථා අභාසි –

තෙරුන් තථාගතයන් වහන්සේ ගියකල්හි ත්‍රිපාද පාපත් මහාක්‍ෂීණාශ්‍රවයකු වී, “බුදුරදුන් මගේ මනස දැන අවුත් අටවෙනි මහාපුරුෂ විතර්කය පුරවා දුන් සේක. උන්වහන්සේද මගේ මනදොළ මස්තකප්‍රාප්ත වූයේ යයි, බුදුවරුන්ගේ ධර්මදේශනාව තමන්ගේද ප්‍රතිවේධ ධර්මය අරබයා මේ උදාන ගාථා කීහ –

“මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, සත්‍ථා ලොකෙ අනුත‍්තරො; මනොමයෙන කායෙන, ඉද‍්ධියා උපසඞ‍්කමි.

“ලොවට අනුත්තර ශාස්තෲහු මගේ සංකල්පය දැන මනෝමය සිරුරින් සෘද්ධියෙන් මා වෙත එළඹි සේක.

“යදා මෙ අහු සඞ‍්කප‍්පො, තතො උත‍්තරි දෙසයි; නිප‍්පපඤ‍්චරතො බුද‍්ධො, නිප‍්පපඤ‍්චමදෙසයි.

යම්සේ සංකල්පනාවක් වූවහුද, එයට පිළිතුරු දේශනා කළ සේක. ප්‍රපංචයන්ගෙන් තොර බුදුරදුන් නිෂ්ප්‍රපංචය පිණිස ධර්ම දේශනා කළ සේක.

“තස‍්සාහං ධම‍්මමඤ‍්ඤාය, විහාසිං සාසනෙ රතො; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. (ථෙරගා· 901-903);

මම උන්වහන්සේගේ ධර්මය දැන ශාසනයේ ඇලී වාසය කළෙමි. ත්‍රිවිද්‍යා සාක්ෂාත් කරගත්තේ බුද්ධ ශාසනයේ.

අථ නං අපරභාගෙ සත්‍ථා ජෙතවනෙ මහාවිහාරෙ විහරන‍්තො “දිබ‍්බචක‍්ඛුකානං භික‍්ඛූනං අනුරුද‍්ධො අග‍්ගො”ති (අ· නි· 1.192) අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

ඉක්බිති උන්වහන්සේ සවස් කාලයේ ශාස්තෲන් වහන්සේ ජේතවනයේ වැඩවාසය කරන්නේ, දිවැස්ලාභී භික්‍ෂූන් අතර අනුරුද්ධ තෙරුන් අග්‍රයයි අග තනතුරේ තැබූ සේක.

එවං සො භගවතො සන‍්තිකා දිබ‍්බචක‍්ඛුකානං අග‍්ගට‍්ඨානං ලභිත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සුමෙධං භගවන‍්තාහන‍්තිආදිමාහ. තත්‍ථ සුන්‍දරා උපට‍්ඨාපනපඤ‍්ඤා මග‍්ගඵලපඤ‍්ඤා විපස‍්සනාපඤ‍්ඤා චතුපටිසම‍්භිදාදිසඞ‍්ඛාතා මෙධා යස‍්ස භගවතො සො සුමෙධො, තං සුමෙධං භාග්‍යසම‍්පන‍්නත‍්තා භගවන‍්තං ලොකස‍්ස ජෙට‍්ඨං සෙට‍්ඨං පධානභූතං සංසාරතො පඨමං නිග‍්ගතං නරානං ආසභං පුරෙචාරිකං වූපකට‍්ඨං විවෙකභූතං ගණසඞ‍්ගණිකාරාමතො අපගතං විහරන‍්තං අහං අද‍්දසන‍්ති සම‍්බන්‍ධො.

මෙසේ උන්වහන්සේ බුදුරදුන් සමීපයේ දිවැස්ලාභීන්ගේ අග තනතුර ලබා තමන්ගේ පෙර කර්ම සිහිපත් කොට සතුටින් යුතුව තමන්ගේ පෙර කර්ම සිහිපත් කරන්නේ සුමෙධං භගවන්තානං ආදිය කීහ. එහි සුන්දර උපස්ථානයෙන්ද, ප්‍රඥාවෙන් මාර්ගඵල ප්‍රඥාවට පත් විදර්ශනා ප්‍රඥාව සිවු පිළිසිඹියාපත් සංස්කාර ධර්මයන් ගැඹුරු නුවණින් දකින, යම් භගවත්හු කෙනෙක් වේද, ඒ සුමේධයන්ය. භාග්‍ය සම්පන්න බැවින් භගවන්තං වේ. ලෝකයට ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ, ප්‍රධාන, සංසාරයෙන් පළමුවෙන් නික්මුණු මිනිසුන්ට ශ්‍රේෂ්ඨ ගුරු ව වූපකට්ඨා විවේකී වූ සමූහයේ ඇලීගැලීමෙන් වෙන්වී වාසය කරන මම දුටුවෙමි යන සම්බන්ධයි.

සබ‍්බධම‍්මානං සයමෙව බුද‍්ධත‍්තා සම‍්බුද‍්ධං, උපගන‍්ත්‍වාන සමීපං ගන‍්ත්‍වාති අත්‍ථො. අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වානාති දසඞ‍්ගුලිපුටං මුද‍්ධනි කත්‍වාති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙව.

සියළුම ධර්මයන් තෙමේම අවබෝධ කරගත් බැවින් සම්බුද්ධ නමි. උපගන්ත්‍වාන සමීපයට පැමිණ යන අර්ථයයි. අඤ්ජලිං විග්ගහෙත්‍වාන යනු දසඟිලි බැඳ මුදුනේ තබා යන අර්ථයයි. සෙස්ස ඉහත සඳහන් පරිද්දෙනි.

දිවා රත‍්තිඤ‍්ච පස‍්සාමීති තදා දෙවලොකෙ ච මනුස‍්සලොකෙ ච උප‍්පන‍්නකාලෙ මංසචක‍්ඛුනා සමන‍්තතො යොජනං පස‍්සාමීති අත්‍ථො.

දිවාරත්තිං පස්සාමි යනු එකල දිව්‍ය ලෝකයේද, මනුෂ්‍ය ලෝකයේද, උපන් කල්හි, මසැසින් යුක්ත වූයේ හාත්පස යොදුනක් බලමියි යන අර්ථයි.

සහස‍්සලොකං ඤාණෙනාති පඤ‍්ඤාචක‍්ඛුනා සහස‍්සචක‍්කවාළං පස‍්සාමීති අත්‍ථො. සත්‍ථු සාසනෙති ඉදානි ගොතමස‍්ස භගවතො සාසනෙ. දීපදානස‍්ස දීපපූජාය ඉදං ඵලං, ඉමිනා ඵලෙන දිබ‍්බචක‍්ඛුං අනුප‍්පත‍්තො පටිලද‍්ධො උප‍්පාදෙසින‍්ති අත්‍ථො.

සහස්සලොකං ඤාණෙන යනු ප්‍රඥා ඇසින්, දහසක් සක්වළ බලමි යන අර්ථයයි. සත්‍ථු සාසනෙ යනු දැන් ගෞතම භාග්‍යවතුන්ගේ දීපදානස්ස. පහන් පූජාවෙන්, ඉදං ඵලං මේ ඵලයෙන් දිබ්බචක්ඛුං අනුප්පත්තො දිවැස් ලබන ලද්දේ, උපදවා ගත්තෙමි යන අර්ථයි.

අනුරුද‍්ධත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

අනුරුද්ධ තෙරුන්ගේ අපදාන අට්ඨ කථාවයි.